Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මධු කොලඹින් ගම්පහට පැනීමේ හෙයියම්මාරුව විමසුමක්!

මධුමාධව අරවින්ද

මධුමාධව අරවින්ද

හෙළ උරුමයේ පඩත්තර ජාතිවාදියෙක් වන මදුමාදව අරවින්ද ඓතිහාසික දේශපාලනික  තීන්දුවක් ගත්තා යැයි පවසමින් තම කොලඹ නගර සභා නාගරික මංත්‍රී ධුරයෙන් අස්වී ඇත. ඒ අන්කිසිවක් නිසා නොව කොලඹ නගරයෙන් ජාතිවාදය අවුස්සා දේශපාලනය කිරීමෙන් අනාගතයක් නොමැති කම දන්නා නිසාවෙනි. ජාතික හෙළ උරුමයට අවශ්‍ය කිනම් ප්‍රදේශයක වුවද එහි වෙසෙන සිංහල බෞද්ධයන් අතර අන්‍යාගම් සහ අන්‍ය ජාතීන් කෙරෙහි වෛරය පතුරවා ඉන් දේශපාලන වාසි ගැනීමයි. නමුත් කොලඹ එලෙස කිරීම අපහසු කටයුත්තක් වී ඇත.  Continue reading

කැසිනෝ සහ සිංහල බෞද්ධකම

කැසිනෝ සහ සිංහල බෞද්ධකම

කැසිනෝ සහ සිංහල බෞද්ධකම

කැසිනෝ ගැන පහුගිය කාලේ නැගුණ හා හුව දැන් සම්පුර්ණයෙන්ම නතර වෙලා තිබුණත් කැසිනෝව අපේ රටතුල එන්න එන්නම වර්ධනය වෙනවා. මෙතෙක් කලක් අපේ රටේ කැසිනෝව තිබුණේ නීත්‍යානුකූල නොමැති තත්වයකයි. ඒ නිසා කැසිනෝ සුදු අන්තුවෝ කලේ රජයට මුදල් ගෙවපු තාවකාලික ලදු පතක් තියාගෙන දේශපාලන හයියද සහිතව සුදුව පවත්වාගෙන යාමයි. ඒ අය දේශපාලන හයිය ගත්තේ මෙහෙමයි. මොවුන් මැතිවරණ වලදි ආන්ඩුපක්ෂයටත් උදව් කරනවා විපක්ෂයටත් උදව් කරනවා. ඒ නිසා මොන පක්ෂේ බලයට ආවත් ඔවුන්ට ප්‍රශ්නයක් නැහැ. Continue reading

මොරටු සරසවිය සහ නිකාබය

මොරටු සරසවිය සහ නිකාබය

මොරටු සරසවිය සහ නිකාබය

ෆාතිමා සහාර් විසින් රචිත මෙතන පළවූ ලිපියේ සිංහල අනුවර්තනයයි.
http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/ මොරටුව සරසවියේ වාස්තු විද්‍යා පීඨයේ පළමු වසර සිසුවියක වන මගේ නම ෆාතිමා සහාර් ය. විශ්වවිද්‍යාලයේ නිකාබ් තහනම නිසා පීඩාවට පත්ව සිටින සිසුවියන් තිදෙනාගෙන් කෙනෙක්මි. Continue reading

ගව ඝාතනය පිළිබඳ යථාර්ථය

ලාංකීය කිරිගොවියා වැට්ටවීමේ කුමන්ත්‍රණය

ලාංකීය කිරිගොවියා වැට්ටවීමේ කුමන්ත්‍රණය

බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් තම ජීවිතය පුජා කරමින් ඉල්ලීම් කිහිපයක් රජය හා රට ඉදිරියේ තැබූ සේක. උන්වහන්සේගේ ආදාහන උත්සවය ඇමතු බහුතරයක් විසින් රැස්ව සිටි පිරිස වෙත පවසා සිටි කරුණු අතුරින් වඩාත් වැදගත් තැනක් ගත්තේ  ගව ඝාතනයයි. මෙය ආගම්වාදී හා වර්ගවාදී දේශපාලනයට ද ඉතාම සංවේදී සටන් පාඨයක් බව අප සැවොම ඉතා හොඳින් දන්නා කරුණකි. මෑතකදී එක් කණ්ඩායමක් විසින් හලාල් මාතෘකාව පදනම් කරගෙන අති විශාල වාර්ගික පිළිකුලක් ඇති කරන්නට කටයුතු කරන ලදී. මෙහිදී වඩාත් කැපී පෙනුණු සාධකය වුයේ බුදු දහම හා සිංහල ජාතිය ආරක්ෂා කිරීම කඩතුරාවක් කරගෙන දහමේ නාමයෙන් මුසාවාදය වපුරා වාර්ගික කොටස් අතරේ වෛරය හා ක්‍රෝධය ඇති කොට තම ජන පදනම ගොඩ නගා ගැනීමට කටයුතු කිරීමයි. Continue reading

ඉස්ලාමයට අනුව කාන්තාවන් සුන්නත් කළ යුතුද?

කාන්තාවන් සුන්නත් කිරීම

කාන්තාවන් සුන්නත් කිරීම

සුන්නාහ් යන අරාබි වදනට දියහැකි හොඳම යෙදුම නබි ආදර්ශයයි. නමුත් සිංහල බසින් සුන්නාහ් කියු පමණින් මතක් වෙන්නේ පුරුෂයින්ගේ ලිංගාග්‍ර චර්මඡේදනය හෙවත් අපේ බාෂාවෙන් සුන්නත්ය. මේ පිළිබඳව අපගේ බ්ලොගය මීට කලින් බොහෝ වර සංවාදකොට ඇත්තෙමු. නමුත් ඉස්ලාමයේ ස්ත්‍රී ලිංග චර්මඡේදනය නැතහොත් අංගඡේදනය සම්බන්ධව මේ දක්වා පැහැදිලි ලිපියක් සිංහල බසින් පලවී නොමැත. අප බ්ලොගයට නිරන්තර දායකත්වයක් දෙන ස්වාධීන විද්වතෙකු වන අබු ෆාතිමා මේ සම්බන්ධව මැනවින් විමර්ෂනයක් කර ලිපියක් අපවෙත එවා ඇත. පහත පලවන්නේ සංස්කරණය නොකළ ඒ ලිපියයි.   Continue reading

ලංකාවේ වහාබි මුස්ලිම් සහ සාම්ප්‍රදායික මුස්ලිම් අවුලක් තිබේද? 2 වන කොටස

සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාපති රිස්වි මුෆ්ති

සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාපති රිස්වි මුෆ්ති

මෙලෙස සොහොන් බිම් වල වත්පිළිවෙත් කරමින් ඉන් යහපත පැතු අය අතීතයේ මෙරට මුස්ලිම් සමාජය තුල බහුතරයක් සිටියද ඔවුන්ගෙන් බහුතරය ඉන් ඉවත්වී ඇත. මන්ද දහමෙහි පුනරුදයන් පැමිණි විට වැරදි මුලධර්මයන් පහවී ගිය නිසාවෙනි. විසිවන සියවස ආරම්භයත් සමගම මෙරටට ඉස්ලාමීය පුනරුද ව්‍යාපාරයන් කිහිපයක් පැමිණුනි. වත්මන් බෞද්ධ අන්තවාදීන්ගේ උත්සාහය මේ ඉස්ලාමීය පුනරුද ව්‍යාපාර වලට පහර දීමයි. ඔවුන් එමගින් බලාපොරොත්තු වන්නේ එම පුනරුද ව්‍යාපාර බිඳවැටී මුස්ලිම් සමාජය ප්‍රපාතයට ගෙන යෑමයි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඒ පුනරුද ව්‍යාපාර සම්බන්ධව ඔබව දැනුවත් කිරීමයි. Continue reading

ඉස්ලාමය හා සුෆි සංකල්පය

ඉස්ලාමය සහ සුෆි සංකල්පය

ඉස්ලාමය සහ සුෆි සංකල්පය

මුස්ලිම් නොවන්නන් විසින් මුස්ලිම් වරුන්ව සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන යන ප්‍රභේද දෙකට වෙන්කොට දැක්වීමේ පිළිවෙතක් අනුගමනය කරණ බව මාධ්‍යය මගින් අපට නිරතුරුව දකින්නට ලැබෙන්නකි. සාම්ප්‍රදායික නොවන්නන් “වහාබ් වාදය” අනුගමනය කරන්නන් ලෙසත් තවත් වරෙක “තව්හීඩ්” වාදීන් ලෙසත් දක්වා ඇති අතර ඔවුන් සියල්ල පොදුවේ අන්තවාදීන් බව ද මෙම වර්ගීකරණය කරන්නාවූ මුස්ලිම් නොවන්නන්ගේ මතය වී ඇත. සාම්ප්‍රදායික මුස්ලිම් වරුන් “සුෆි” පිළිවෙත අනුගමනය කරන්නන් ලෙසත් ඔවුන් මධ්‍යස්ත මතධාරීන් ලෙසත් සඳහන් කිරීම මෙම මුස්ලිම් නොවන්නන් ගේ වර්ගීකරණයට අනුව දැක්වේ. Continue reading

මාංශ දානය සඳහා ගන්නේ ස්වභාවිකව මියගිය සතුන්ගේ මාංශ ද?

මාංශ දානය

මාංශ දානය

ඉස්ලාමයට අනුව ගව ඝාතනය පිංකමක්ද? යන මාතෘකාව යටතේ අන්වර් මනතුංග විසින් ලියු ලිපියකින් මාංශ දානය බුදු දහමට අනුව කුසල් ලැබෙන පුන්‍ය කර්මයක් බවට ප්‍රකාශ කර තිබුණි. අන්තවාදී වෙබ්අඩවි වලින් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ බුදු දහමෙහි මාංශ දානය පිණිස යොදා ගන්නේ මලසතුන්ගේ මාංශ බවයි.   ස්වභාවිකව මියගිය සතුන්ගේ මාංශ දානයක් ලෙස පිරිනැමූ අවස්ථා පිටකාගත තොරතුරු මගින් පෙන්වන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. එයට පටහැනි මරණයට පත් කරණ ලද සතුන්ගේ මාංශ දානමය කටයුත්තට යොදා ගත් අවස්ථා පිටකාගත තොරතුරු මගින් මුලාශ්‍ර සමග පහතින් ඉදිරිපත්කොට ඇත්තෙමු. Continue reading

ලංකාවේ වහාබි මුස්ලිම් සහ සාම්ප්‍රදායික මුස්ලිම් අවුලක් තිබේද? 1 වන කොටස

සම්ප්‍රදායික සහ වහාබි

සම්ප්‍රදායික සහ වහාබි

හලාල් විරෝධී පලමු සටන අවස්ථාවේදී ලංකාවේ මුස්ලිම් සමාජය දෙකඩ කිරීමට අන්තවාදී බෞද්ධ කල්ලි නොගත් උත්සාහයක් නැත. එවර ඔවුන්ට අවශ්‍ය වුනේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයට එරෙහිව මුස්ලිම් සමාජයෙන් කොටසක් නැගී සිටවීමයි. මේ සඳහා ඔවුන් තවත් ජමියතුල් උලමා සංවිධානයක්ද මාධ්‍ය කරළියට ගෙන එන ලදී. එහිදී එම ඊනියා උලමා සංවිධානයේ ලේකම් වරයා ඉස්ලාමීය විද්වතෙකු හෙවත් මව්ලවි වරයෙකු නොව හාෆිස් එනම් කුර්ආනය ආරාබි බසින් වනපොත් කළ අයෙකු පමණක් බව අප සොයා ගන්නා Continue reading

මම මුස්ලිම් ජනතාවගේ කකුල් දෙක අල්ලලා හෝදන්න ලෑස්තියි – අමාත්‍ය ගුණරත්න වීරකෝන්

අමාත්‍ය ගුණරත්න වීරකෝන්

අමාත්‍ය ගුණරත්න වීරකෝන්

අපේ රටේ සමහර භික්ෂූන් වහන්සේලා කරන්න හදන්නේ මේ රටේ අනාගතය යළිත් අඳුරු කිරීමයි. සිංහල, දෙමළ, මුස්ලිම් ගැටුමක් ඇති කරන්න පිරිසකට වුවමනා වෙලා තිබෙනවා යැයි නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ කරන්දෙණිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදීය. තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. Continue reading

කැසිනෝවට මං විරුද්ධ නෑ – උඩුවේ ධම්මාලෝක හිමිගේ ප්‍රකාශය විමසුමක්!

උඩුවේ ධම්මාලෝක හිමි

උඩුවේ ධම්මාලෝක හිමි

කැසිනෝවට විරුද්ධව මතවාදයක් ලංකාව තුල නිර්මාණය වීමෙන් අනතුරුව කැසිනෝවට පක්ෂව මතවාදයක්ද කිහිප දෙනෙකු විසින් ගොඩ නංවන්නට තනන බවක් පෙනේ. මෙහි පෙරමුණ ගෙන සිටින්නේ ආංඩුවට සම්බන්ධ දේශපාලකයන් සහ ආංඩුව වෙනුවෙන් පෙනී සිටින සිවිල් ක්‍රියාකාරකයන්ය. ඔවුන්ට මේ අවස්ථාවේ අවශ්‍ය කර තිබෙන්නේ කැසිනෝවට පක්ෂ මතවාදයක් සමාජගත කර රජයට අවශ්‍ය ලෙස රටේ කැසිනෝ සුදුව ස්ථාපනය කර ගැනීමයි. Continue reading

සුද්දන්ගෙන් වාඩුව ගන්න කැසිනෝ සහ ගණිකා වුර්තිය!

පලාත් සභා මංත්‍රී අජිත් ප්‍රසන්න

පලාත් සභා මංත්‍රී අජිත් ප්‍රසන්න

කැසිනෝ සුදුව සඳහා බහුතර සිවිල් ජනතාවක් විරුද්ධතාවය ප්‍රකාශ කිරීම නිසා දැන් ජේම්ස් පැකර්ගේ සුදු ආයෝජනයෙන් සුභ අනාගතයක් බලාපොරොත්තු වෙච්චි අයට දැන් ලොකු අබග්ගයක්! මේ අබග්ගයට මුහුණ දීලා තියෙන ආංඩුවේ ලොකු උදවියගේ හාර්ට්බීට් එක ඒගොල්ලන්ගේ සෙරප්පු සුප් බොන බච්චොන්ටත් වැටහිලා. ඒ නිසා එක බච්චෙක් කියනවා මමත් ඇමරිකාවෙදී කැසිනෝ ගැහැව්වා ඒක හරී ස්වීට්!, තවකෙක් මම කොහොමත් එළිපිට සොමි ගන්න කෙනෙක්, ඒක කවුරුත් දන්නවා!, ඒවගේම තවත් පලා බච්චෙක්, සුද්දන්ගෙන් වාඩුව ගන්න කැසිනෝ සහ ගණිකා නීතිගත කළ යුතු යැයි කියා තිබෙනවා. මේ ඒ ගැන විමසුමක්. Continue reading

සරත් ෆොන්සේකා විකල්ප බලවේගය වෙයිද?

සරත් ෆොන්සේකා මහතා

සරත් ෆොන්සේකා මහතා

අන්වර් යන්නේ නැද්ද ෆොන්සේකා මහත්තයගේ සංවිධායක කමක් ගන්න? පහුගිය කාලේ එතුමට විරුද්ධව ලියලා දැන් කලිසමක් ඇඳගෙන එතුම ගාවට කොහොම යන්නද නේද? මේ මට කිසියම් අන්වර්ථ නමකින් පෙනී සිටින අයෙක් එවු පණිවිඩයක්. පලමුව කිව යුත්තේ මට දේශපාලකයන් පසුපස ගොස් තනතුරු ලබාගැනීමට තරම් අහේනියක් නොමැති බවයි. මම කලින් සරත් ෆොන්සේකා විවේචනය කළේ මන්ද? ඔහුට විකල්ප බලවේගය විය හැකිද? යන්න විමසීමට මෙම ලිපිය ලියමි. Continue reading

ගබ්සාව සහ ගණිකාව නීතිගත කළයුතු යැයි නිමල්කාගේ ප්‍රකාශය විමසුමක්!

නිමල්කා පෙරේරා

නිමල්කා පෙරේරා

සංචාරක කර්මාන්තය තුලින් කාන්තාවන් ලිංගික සේවයට අනුගත වන නිසා කාන්තාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගණිකා වෘත්තිය සහ ගබ්සාව නීතිගත කළයුතු යැයි නිදහසේ වේදිකාවේ සමකැඳවුම්කාරිණී සහ කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා නිමල්කා ප්‍රනාන්දු මහත්මිය පවසා ඇත. කාන්තා අයිතිවාසිකම් ගැන කථාකරන සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිණියකගේ මෙම ප්‍රකාශයේ යටිඅරමුණ කුමක්දැයි විමසීම මෙම ලිපියේ අරමුණයි. Continue reading

ඥානසාරගේ පොරටෝක් සහ හකීම් බොරුවට උඩුබුරලීම විමසුමක්!

බිස්කට් වෙලෙන්දෙකු ගත් හලාල් සහතිකය

බිස්කට් වෙලෙන්දෙකු ගත් හලාල් සහතිකය

දැන් අන්තවාදීන් සහ මධ්‍යස්ථවාදීන් යන දෙපැත්තම බලාසිටින්නේ හලාල් විරෝධී සටනට කුමක් වේද? යන්නයි. එදා වගේම අදත් ඥානසාර මීඩියා වලින් පොරටෝක් සහ කොරටොක් දැම්මද ජනතාව ඒ ගැන අවදි වන බවක් නොපෙනේ. ඒත් රවුෆ් හකීම් ටිකක් දඟලන බවක් පෙනේ. ඒ ඇත්තටම බොදුබලසේනාව නිසා නොව අසාත් සාලි නිසයි. දැන් අසාත් සාලි දේශපාලනය කරන්නේ හකීම්ගේ නිජබිම වන මහනුවර දිස්ත්‍රික්කයේය. ඒ නිසා මුස්ලිම් ජනතාව වෙනුවෙන් කථා නොකලොත් දැන් හකීම්ට මහනුවර අහිමි වන්නේය. Continue reading

හලාල් නැතිකළ හැකිද?

හලාල් නැතිකළ හැකිද?

හලාල් නැතිකළ හැකිද?

හලාල් වලට විරුද්ධව නව තරඟ වටයක් පටන්ගන්නේ ලංකාව තුල කැසිනෝ පිළිබඳව කුකුසක් පටන්ගත් අවදියකය. හලාල් පළමු වටය හමාර වන්නේ සිංහල දෙමල අලුත් අවුරුදු සමයේ ව්‍යාපාර කටයුතු අවසන් වීමත් සමගමය. ඒ හලාල් ගැන ගෝ.රා. විසින් බලාගන්නා බව පවසමිනි. මා සිතුවේ දෙවෙනි වටයක් අරම්භවන්නේ නැවත ඊළඟ season එකේදී, එනම් නත්තල් වෙළඳ සමයේදී බවයි. නමුත් රටේ අවාසනාවට මගදී රටතුලට මහාපරිමාණ කැසිනෝ ගෙන එම පිළිබඳව කතාබහක් පටන්ගත් බැවින් හදිස්සියේම දෙවන වටය පටන් ගන්නට සිදුවිය. Continue reading

කැසිනෝවට බොදු බල සේනාව විරුද්ධ නැති හේතුව කියයි

හලාල් එපා! කැසිනෝ?

හලාල් එපා! කැසිනෝ?

ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව බොදු බල සේනා සංවිධානයපාරට නොබහින්නේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් නිසා යයි දකුණු පළාත් සභා එජාප මන්ත‍්‍රී තෙන්නකෝන් නිලමේ  මහතා පැවසීය.මන්ත‍්‍රීවරයා මේ බව පැවසවේ දකුණු පළාත් සභාවේ 2014 වර්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිබද විවාදයට සහභාගී වෙමිනි. Continue reading

රජය කැසිනෝ නීතිගත කරයි! ලයිසන් එකට මිලියන100යි!

සුභ අනාගතයක්!

සුභ අනාගතයක්!

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කරන ලද ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ කැසිනෝ සහිත හෝටල් ඉදිකිරීමේ ගැසට් නිවේදනය නව සංශෝධන ඇතුළත් කොට නැවත මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වේ. නව පනත අනුව හෝටල් ව්‍යාපෘති ඉදි කිරීමේදී කැසිනෝ බලපත‍්‍ර නිකුත් කිරීමට රුපියල් මිලියන සියයක් සහ මුළු ආදායමෙන් සියයට 5ක් බදු ලෙස අය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. Continue reading

බොබසේ හලාල් විරෝධයට එරෙහිව සංඝයා වහන්සේලා පෙරට වඩියි!

ආගමික එකමුතුව

ආගමික එකමුතුව

ඇතැම් මූලධර්මවාදී සංවිධාන හලාල් විරෝධය යැයි කියමින් කි‍්‍රයාත්මක කළ වැඩසටහන් හේතුවෙන් මේ වන විට බටහිර හා මැදපෙරදිග රටවල් සමග ගෙන ගිය අපනයන කර්මාන්ත බිද වැටී ඇති බවත් ශ‍්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන්ට එම රටවලට යෑම වෙනුවෙන් වීසා ලබා ගැනීම පවා අසීරු වී ඇති බවත් ජාතික සමගිය සදහා වූ අන්තර් ආගමික එකමුතුව පවසති. Continue reading

හලාල් විරෝධී පලමු සටන පාවාදුන්නේ කවුරුන්දැයි විමසුමක්!

හලාල් විරෝධී පලමු සටන පාවාදුන්නෝ

හලාල් විරෝධී පලමු සටන පාවාදුන්නෝ

හලාල් විරෝධී දෙවන සටන අරඹමින් ගලගොඩඅත්තේ ඥානසාර සඳහහන් කළේ හලාල් විරෝධී පලමු සටන ඇතැමුන් පාවාදී ඇති බවයි. මෙම ප්‍රකාශය ඇසුණු මට සිතුනේ පලමු හලාල් විරෝධී සටන පාවාදුන්නේ කවුරුන්දැයි විමසා බැලීමටයි. ඇත්තටම පලමු හලාල් විරෝධි සටන ඇරඹුයේ අප කවුරුත් දන්නා පරිදි බොදුබලසේනාවයි. පසුව ඒ ගැන තවත් අය ප්‍රකාශ නිකුත් කළද එම සටන ආරම්භයේ සිට පවත්වාගෙන ගියේ ඥානසාර ප්‍රමුඛ බොදුබල නඩය පමණි. Continue reading

නෝ හලාල් පාර්ට් 2 සහ කා මේනියාව හෙවත් රථගාය

කාමේනියාව හෙවත් රථගාය

කාමේනියාව හෙවත් රථගාය

නෝ හලාල් පාර්ට් 2 හෙවත් හලාල් විරෝධී දෙවන සටන දැන් ආරම්භ වී ඇත. එය ආරම්භයේදී දක්නට ලැබුණු සුවිශේෂී කරුණ නම් බොදුබලසේනාව විසින් සිය හලාල් විරෝධී පලමු සටන පරාජය වු බව පිළිගැනීමයි. මෙම දෙවන සටන ආරම්භය ගැන විමසා බැලු මට දක්නට ලැබුනේ මෙහි නායක ඇත්තන්ට දැනට වැලඳී තිබෙන මානසික රෝග එනම් සීනෝපෝබියාව සහ හිස්ටීරියාවට අමතරව තවත් හඳුනා නොගත් රෝගයක්ද වැලඳී ඇති බවයි. එයට කා මේනියාව හෙවත් රථගාය යනුවෙන් අපි නම් කරමු. Continue reading

කැසිනෝ දානයකට ගියැයි මාදුළුවාවේ සෝභිත හිමියන්ට මඩගැසීම විමසුමක්!

මාදුළුවාවේ සෝභිත හිමි

මාදුළුවාවේ සෝභිත හිමි

සමාජයට හානිකර භික්ෂු චරිතයන්ට සෘජුවම දැවැන්ත ලෙස පහර එල්ල කිරීම අන්වර් මනතුංග බ්ලොගය ආරම්භයේ සිටම අප සිදුකළෙමු. මෙය අන්වර් මනතුංග බ්ලොගය සිංහල භාෂිත අන්තර්ජාලය තුල කළ විප්ලවීය වෙනසකි. දැන් බොහෝ දෙනෙකු මේ නොබියව මේ මාවතට අවතීර්ණ වී ඇත. ඒ ගැන අප සතුටට පත්වෙමු. මෙහිදී අන්තවාදීන් අපට ගැසු මඩ නම් අන්වර් මනතුංග භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීමට සිය බ්ලොගය යොදා ගන්නා බවයි. නමුත් අන්වර් මනතුංග විසින් ගරු කරන භික්ෂුන් වහන්සේලාද එමට මේ සමාජය තුල සිටින බව ඔවුන් නොදනිති. Continue reading

ජාතික හෙළ උරුමය කැසිනෝ පනතට විරුද්ධ වෙන්නේ සද්භාවයෙන්ද?

ජාතික හෙළ උරුමය

ජාතික හෙළ උරුමය

රජය කරන හැම බලු වැඩකදීම මුණිවත රකිමින් ඩබල් ගේමක් ගෙනගිය ජාතික හෙළ උරුමයට මෙදාපාර ඒක කරන්න බැරි අවස්ථාවක් උදාවී ඇත. ඒ රජය විසින් කැසිනෝ සුදුව ප්‍රවර්ධනයට ගෙන එන පනතක් නිසාවෙනි. දැන් හෙළ උරුමයට උණු හින්ද බොන්නත් බැහැ කැඳ හින්ද අහක දාන්නත් බැරි වැඩක් සිදුවී ඇත. එයට හෙළ උරුමය අපුරු නූල් සුත්තරයක් ලෑස්ති කර ඇත. එනම් පාර්ලිමේන්තුවට මේ පනත ගෙන ආවිට එයට විරුද්ධ වීමයි. මේ ලිපිය වෙන්වන්නේ ඒ ගැන විමසා බැලීමටයි. Continue reading

ඉස්ලාමයට අනුව ගව ඝාතනය පිංකමක්ද?

අලවි මව්ලානා

අලවි මව්ලානා

බස්නාහිර පලාත් ආංඩුකාර අලෙවි මව්ලානා මහතා විසින් කොලොන්නාව නගර සභාවේ සභාපති වෙත ලියන ලද ලිපියක් දැන් අන්තර්ජාලය පුරා සැරිසරමින් පවතියි. මෙයට හේතුව මෙම ලිපිය තුල හජ්ජි උත්සවය කාලය තුල කෙරෙන ගවඝාතණය පිං කමක් ලෙස දක්වා තිබීම හේතුවෙනි. ආන්ඩුකාර වරයාගේ මෙම ලිපිය සම්බන්ධව මටත් ගැටළු ඇත. මා සිතන්නේ මෙය ලියු තැනැත්තා එක්කෝ ඉස්ලාම් නොදනී. නැතිනම් සිංහල නොදනී. නැතහොත් මේ දෙකම හරි හැටි නොදනී යනුවෙනි. කෙසේ වුවද මා මේ ලිපිය ලියන්නේ ගවඝාතණය පිංකමක්ද යන්න ගැන විමසුමට පමණි. Continue reading

CHOGM ගැන මගේ අදහස!

පොදුරාජ්‍ය මංඩල රාජ්‍ය නායක සමුළුව

පොදුරාජ්‍ය මංඩල රාජ්‍ය නායක සමුළුව

අන්වර් හැමදෙයක් ගැනම ලියන එකේ CHOGM ගැනත් ලිව්වොත් හොඳයි. මේක මගේ සහෘද පාඨකයෙක් ලියා එවු ප්‍රතිචාරයක්. මම මෙච්චර කල් CHOGM ගැන මොකවත් ලිව්වේ නැත්තේ ඒක ගැන මට තියෙන්නේ අපුලක් නිසයි. මේක ඇත්තටම ඉස්සර සුද්දන් ලෝකය යටත් කරගෙන හිටපු එක නැවත සිහිගන්වන එකක්! ලෝක දියුණුවත් සමග වැහැරුණු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කඩමාල්ල නැවත දිගහැර චුන් එක ගන්න අවස්ථාවක්! මේකෙ උපත කවුරුත් දන්නවද දන්නේ නැහැ. ඇත්තටම මේකේ තිඹිරිගෙය White Man’s Club හෙවත් සුදු මිනිසුන්ගේ සංගමයයි.   Continue reading

මේ සමාජයේ ඉන්නෙම පණුවන්! – ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න

ජයලත් මනෝරත්න

ජයලත් මනෝරත්න

වත්මන් සමාජය තුළ වැඩියෙන්ම ඉන්නේ පණුවන් බවත් අපේ ජීවිතත් සමාජයත් කන පණුවන් ගැන ප්‍රවෘත්ති වලින් පවා නිතරම අපට අසන්නට ලැබෙන්නේ ඒ නිසා බවත් ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා මහරගම ප්‍රදේශයේ පැවති සාහිත්‍ය උත්සවයකදී පැවසීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද පවසයි. “පුෂ්කින්, ටොල්ස්ටෝයි, පියදෝර් ඩොස්ටොව්ස්කි යන ලොව මහා ගත්කතුවරයන් තිදෙනා ජීවිතය දැක්කේ ත‍්‍රිවිධාකාරයකිනුයි. Continue reading

පාඨක ඔබ සැමට ඊද් අල්-අදා ඊද් මුබාරක්!

ඊද් අල්-අදා 2013

ඊද් අල්-අදා 2013

අන්වර් මනතුංග බ්ලොගයේ පාඨක සැමට ඊද් සුභපැතුම් ගෙන ඒමට මෙය අවස්ථාව කරගනිමි. වසර දහස් ගණනකට පෙර ඉබ්‍රාහීම් අලෛහිසලාම් නබිතුමාණන් විසින් අල්ලාහ් උදෙසා කළ උදාරතර කැප කිරීම සිහිගන්වන මෙම අවස්ථාවේ ඊද් සමරන ඔබ සැම මෙම අද දින අපගේ දේශය උදෙසා විශේෂයෙන් ප්‍රාර්ථනාවන් ඉටුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එමෙන්ම ලැබුවාවු ඊද් සතුට/ප්‍රීතිය ඔබේ අසල්වැසි මුස්ලිම් නොවන ජනතාව සමගද බෙදාගන්නා ලෙස ඉල්ලා සිටිමු. අල්ලාහ් ඔබ සැමට ආශිර්වාද කරත්වා! ඊද් මුබාරක්! Continue reading

උත්තරීතර මහා සමුළුවට තව දින 02යි!

අරෆා දිනය

අරෆා දිනය 

ලොව පුරා විසිරි පැතිරී සිටින ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම්වරු සිය ආගමික කර්තව්‍යයක් සඳහා එක් ස්ථානයක් කරා ගමන් කරමින් සිටින සුලභ දර්ශනය මේ මොහාතේ කොයි කවුරුත් දකිමින් සිටිති. ඔවුන් එසේ ගමන් කරමින් සිටින්නේ සෞදි අරාබියේ මක්කාහ් නගරය වෙතටය. මුළු ලොවම සුදානම් වෙමින් සිටින්නේ උත්තරීතර ඊද් අල්-අදා හෙවත් හජ් දිනය සමරන්නටය. අවුරුද්දක් අවුරුද්දක් පාසා මුළු ලොව ජීවත් වන සියලු මුස්ලිම්වරුන් විසින් ඔවුන්ට ප්‍රධාන වූ උත්සව දිනයන්ගෙන් එකක් ලෙස මෙම හජ් අවුරුදු දිනය සමරනු ලබන බව අපි දනිමු. Continue reading

අමාත්යධ මර්වින් සිල්වාගේ හිතමිතුරු හට් තිලක් පැහැර ගැනීම විමසුමක්!

ගරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා

ගරු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ළඟම හිතවතෙකු වන හට් තිලක් නැමැත්තා පැහැරගෙන ගොස් පසුව මුදාහැර ඇතැයි මාධ්‍ය මගින් වාර්තා විය. පසුව ඔහු පොලීසියට පවසා තිබුණේ පැහැරගත් අය තමන්ගෙන් කුඩු ව්‍යාපාර සම්බන්ධව ප්‍රශ්න කළ බවයි. ජනපති මහින්ද අල් ජසීරා මාධ්‍යට පවසා තිබුණ ආකාරයට නම් ලංකාවේ සුදුවෑන් පැහැර ගැනීමක් නැත. එතුමාගේ සොයා ගැනීමට අනුව සුදුවෑන් පැහැර ගැනීම යනු කොල්ලෝ සහ කෙල්ලො ලව් කරද්දී හෝටල් වලට පැනලා යන්නට කරන උපක්‍රමයකි. Continue reading

ආනන්ද විදුහල සම්බන්ධ මගේ ප්‍රතිචාරය පැහැදිලි කිරීමක්!

ආනන්ද විදුහල / සහිරා විදුහල

ආනන්ද විදුහල / සහිරා විදුහල

“අන්වරයෝ උඹ ආනන්දෙටත් ගේම ඉල්ලන්න පටන් අරන්ද? තෝ හැංගිලා ඉඳන් ලියන්නේ! එලියට ආව නම්!……” මේ එක්තරා අන්තවාදියෙකු එවු පුද්ගලික පණිවිඩයක්. මා ආනන්ද විදුහල සම්බන්ධව පැවසුයේ සාධාරණ ප්‍රකාශයකි. එනම් එය රජයෙන් නඩත්තු වල පාසලක් නිසා එහි භුක්තිය හිමිවිය යුත්තේ ඒ ප්‍රදේශයේ බදුගෙවන ජනතාවට බවයි. අතීතයේ ක්‍රිස්තියානින්ට අයත්ව තිබුණු පාසල් රැසක් රජයට පවරා ගැනීම නිසා බෞද්ධ කරණයට ලක්වු බව සැබෑවකි. ඒවා අතීතයේ ක්‍රිස්තියානි පාසල් බවට අප දන්නේ ඒවායෙහි නමින් පමණි. සමහර පාසල් වල නම් පවා වෙනස් කර ඇත. Continue reading