Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

සිංහලයේ ප්‍රභවය

සිංහලයේ ප්‍රභවය

පුංචි කාලයේ අසා තිබුණේ සිංහල අපගේ ආරම්භය විජය කුමාරයාගේ ආගමනයෙන් පසුව බවයි. එදා සිංහබාහු කථාව කියවන විට එහි කථා රසය ඉතාමත් ඉහලින් තිබුණද එය සත්‍යයක් නොවන බව පරිණත වයසට පැමිණි කල පසක් විය. මගේ අදහස නම් මෙම සංකල්පය පතුරවා ඇත්තේ සිංහල අපගේ අතීතය වලදමන්නට අවශ්‍යතාවය තිබුණු කෙනෙකුගෙන් විය හැකි බවයි.

එදා මෙදාතුර අද දක්වා අපට අපගේ සැබෑ ප්‍රභවය සොයා ගත නොහී ලතවෙමු. ලක් ඉතිහාසය වැලලීමේ කුමන්ත්‍රණයට මහාවංශ කතුවරයාද හසු වී ඇත්දැයි සැකයකි. අතීතයේ අප රටේ සිටියේ ගෝත්‍රිකයන්ය. ඔවුන් යක්ෂ, නාග, රාක්ෂස සහ දේව වශයෙන් වෙන්ව සිටියහ. මෙම සිව් ගෝත්‍රිකයන් හෙලයන් බවද, සිව් ගෝත්‍රික හෙලයන් සිව් හෙලය බවට පත් වී පසුව එය සිංහල වී ඇති බවට වන අදහසට මම ඉතාමත් එකඟ වෙමි.

අතීතයේ සිට අප රටට ඉන්දියාවෙන් එල්ල කරන ලද බලපෑම අසීමිතය. වර්තමානයේද අපට ඉන්දියාවෙන් ඇති වන බලපෑම් හමුවේ ඉතා සීරුවෙන් ගමන් කළ යුතු තත්වයකට පත් වී ඇත. නිදසුනක් ලෙස ලංකාවේ මෑතකදී අවසන් වුණු වාර්ගික අරගලයේ අක්මුල් දෙස බලන කලත් ඉන්දියාවේ බලපෑම විශාල ලෙස දක්නට ලැබේ. කෙසේ වුවද සිංහල අපේ ප්‍රභවය ගැන සොයා බැලීමට මීට වඩා අප උනන්දු විය යුතුය. මන්ද එමගින් අපගේ අනන්‍යතාවය ගැන නැවත සිතා බැලීමක් සිදුවන බැවිනි.

  • ravi says:

    Ethakota samaharu kiyanne snhayage le sambanda nisai sinha le kiyane kiyala e mona kathada?

    2012/12/29 at 7:30 PM

Your email address will not be published. Required fields are marked *

*