Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මොහාන් ලාල් ග්‍රේරු අභිනිෂ්ක්‍රමනය

අයවැය සමබර එකක් බැවින් තමන් අයවැයට පක්ෂව ඡන්දය දීමට තීරණය කර ඇති බැව් ප්‍රකාශ කළ මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා ආන්ඩු පක්ෂයට යන බව ඉතා පැහැදිලිය. මගේ අදහස නම් පුනර්භවයක් විශ්වාස නොකරන සියළුම විපක්ෂ මංත්‍රීවරු ආන්ඩු පක්ෂයට යායුතු බවයි. මන්ද අපේ රටේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවත මේ ආත්මයේ බලයට පත්වන බවක් පෙනෙන්නට නොමැති බැවිනි. අද විපක්ෂයේ සිටින්නට වලංගු එක්කෝ නායකත්වයට කෙළහලා ගෙන සිටින කෙනෙකි. නැත්නම් කාගේ හරි කොන්තරාත්තුවක් ඉෂ්ඨ කරන්න බාරගත් කෙනෙකි. එසේ නොමැතිව මොලේ ඇති කෙනෙක් එසේ සිටිනු ඇතැයි මා නම් විශ්වාස නොකරමි. Continue reading

අපේ අනන්‍යතාවය

පුංචි සන්දියේ ඉස්කෝලේ පාඩම් පොතක රුවල් නැවකින් පිරිසක් ගොඩබිමකට ඇවිත්, නුල් කටින කාන්තාවක් සමග කථාකරමින් සිටින පිංතූරයක්ද සහිතව පාඩමක් තිබුණි. අපේ අම්මා එම පාඩමෙන් මට ඉගැන්වුයේ, ඒ අපේ මුතුන්මිත්තන් ඉන්දියාවෙහි සිට මෙරටට ආ සැටි බවයි. එහිදී මා දැන ගත්තේ එකල අපේ රටේ හිටියේ යක්කු, නාගයෝ සහ රකුසෝ බවත්, නුල් කටිමින් සිටි කාන්තාව වනාහී කුවේණි නම් යක්ෂ කාන්තාවක් බවත්ය. එහෙත් කන්ඩායමේ නායකයා වන විජය කුමාරයා නුල් කටිමින් සිටි කාන්තාව වන කුවේණි සමග විවාහ වු බව එම කථාවෙහිම සඳහන් වේ.

Continue reading

ගබ්සාවට නවනීති ගෙන ඒම නුපන් බිළිඳුන්ගේ ශෝකාන්තයකි!!!!!

ගර්භනී වු මවකට ආබාධිත හෝ මන්දමානසික දරුවෙකු පිළිසිඳ ගෙන ඇති බව කලින් දැනගත් අවස්ථාවක, එම දරුගැබ ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය අවසරය ලබා දීම සඳහා නව නීති රීති සකස් කිරීමකට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය සාකච්ඡාවට බඳුන් වී ඇති බව කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශය මගින් වාර්තාවී ඇත. මේ පිළිබඳව මා ලිවීමට අදහස් කළේ දැනට පවතින නීතියේ හිඩැස් වලින් පනිමින් මෙපමණ විනාශයක් සිදු කරද්දී මෙම අභිනව නීති සැකසීමෙන් තවදුරටත් ව්‍යසනය උග්‍ර විය හැකි බැවිනි. Continue reading

ඔබටත් ආචාර්ය හෝ මහාචාර්ය පදවියක් අවශ්‍යද?

දිනක් මා හට දුරකථන ඇමතුමක් විය.

මහත්මයා මේ කථාකරන්නේ …….. පදනමෙන්, අප අසුවල් පුජකයාගෙන් (ඔහු මියගිය ප්‍රසිද්ධ පුජකයෙකුගේ නම පවසයි) තමයි ඔබ ගැන දැනගත්තේ. අපේ පදනම ඉන්දියාවේ ……… විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ වෙලා උපාධි වැසටහනක් කරනවා. අපි සාමාන්‍යයෙන් හැමෝටම උපාධි දෙන්නේ නැහැ. ඒ ගැන හොඳට හොයා බැලීමක් කරලා යහපත්, සමාජයට වැඩදායී සේවයක් කරපු අයට තමයි දෙ‍න්නේ යනුවෙන් පැවසීය. Continue reading

මාර්කටිං මැනේජ්මන්ට් කෝස් එකෙන් බඩු විකිණීම

දිනක් මා කාර්යාලයේ සිටින විට කුඩා ගැහැණු ළමයෙකු තමන්ට උස්සන්නටත් බැරි බරක් සහිත බෑගයක් දමාගෙන මා ඉදිරියට පැමිණ කථාකළේ සර් අපි අහවල් මාර්කටිං ආයතනයේ මැනේජ්මන්ට් කෝස් එකක් කරන අය අපි ගාව බඩු වගයක් තියෙනවා පොඩ්ඩක් බලමුද? කියායි. මමද වික්ෂිප්තව ඕගොල්ලන් කරන්නේ මොනවා සම්බන්ධව මැනේජ්මන්ට් කෝස් එකක්දැයි ඇසුවෙමි. ඇයට තම කලමණාකරන පාඨමාලාවේ විෂය පථය කුමක්දැයි අවබෝධයක් නොවීය. ඉන්පසුව මැනේජ්මන්ට් කෝස් එකෙන් පස්සේ මොනවද කරන්නේ? යනුවෙන් තවත් ප්‍රශ්ණයක් ඇය වෙත නැගුවෙමි. එවිට ඇය පැවසුවේ කෝස් එක ඉවර වුනාම මේ ආයතනයේම ගෲප් එකක් සමග මැනේජර් කෙනෙක් බවට පත් කරන බවයි. Continue reading

එඩියුකේෂන් ප්ලෑන් විකිණීම

දිනක් මගේ නිවස වෙත පැමිණි කාන්තාවක් කාගේ දෝ නමක් පවසමින් ඔහු ඉන්නවාදැයි ඇසීය. නමුත් එවැනි කෙනෙක් මෙහි නැතැයි පැවසුවෙමි. එවිට මගේ ලඟ කුඩා දරුවෙක් සිටිනු දුටු ඇය සර් බබාට හොඳ එඩියුකේෂන් ප්ලෑන් එකක් තියෙනවා පොඩ්ඩක් බලමුදැයි ඇසීය. වික්ෂිප්තවු මම මගේ බබාට එඩියුකේෂන් ප්ලෑන් එකක් ඔයා දෙන්නේ කොහොමදැයි ඇසුවෙමි. එවිට ඇය සර් මේ ප්ලෑන් එකෙන් බබාගේ හයර් එඩියුකේෂන් එකට මුදල් ලැබෙනවා යනුවෙන් පවසන විට මෙයා එන්නේ මට ඉන්ෂුවරන්ස් එකක් විකුණන්න බව දැනගත්තෙමි. එවිට මම ඕක රක්ෂණයක් නේද? අපි ඉන්ෂුවරන්ස් ගන්නේ නැහැ යනුවෙන් පැවසීමි. නැහැ සර් මේක ඉන්ෂුවරන්ස් එකක් නෙවෙයි. මේක මුස්ලිම් අයත් ගොඩක් ඇරගෙන තියෙනවා යැයි මට නම් ලිස්ට් එකක් පෙන්වන්නට විය. Continue reading

අන්තර්ජාලයේ කුලියට ලිවීම සහ ලියුදේ විකිණීම

අන්තර්ජාලයෙන් මුදල් උපයන්න යන ශීර්ෂ පාඨයෙන් පුවත් පත් දැන්වීම් සහ වෙනත් බහුමාධ්‍ය දැන්වීම් බහුල ලෙස අපට දැකගන්නට තිබේ. මෙම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට අපට උපදෙස් දෙන ඔස්තාර්ලා එලෙස අන්තර්ජාලයෙන් කීයක් උපයාගෙන ඇත්දැයි කිසිවෙකු අසනවාදැයි මම නොදනිමි. මා දන්නා පරිදි අන්තර්ජාලයෙන් ශිෂ්ඨ ලෙස මුදල් ඉපැයීමට නම් නිර්මාණශීලීත්වයක්, තමන් ලියන විෂය පථය පිළිබඳ පෘථුල දැනුමක් සහ භාෂාව පිළිබඳ නිපුණත්වයක් අවශ්‍යය. එසේ නොමැති තැනැත්තන්ට ට්‍රික්ස් හෙවත් උපායන් යොදා ගැනීමට සිදුවෙයි. මේවා හුදෙක් සම්‍යක් උපායන් නොවෙයි. මේවායින් සිදුකරන්නේ පාඨකයාව ඇන්දවීමයි. කෙසේ හෝ පාඨකයා තමන්ගේ පිටුව වෙත යොමුකරවා ගැනීමට ප්‍රයෝග යෙදුවද එම පිටුවට පැමිණ වහා එය වසන පාඨකයා යන්නේ හිස් අතිනි. නමුත් මෙම ප්‍රයෝග වලින් මුදල් උපයන්නෝ බහුල වී ඇත. මේ අයට යම් මුදලක් අතට ලැබෙන බව සැබෑමුත් මෙම ලිපි කියවන පාඨකයා, මෙම පිටුවලින් ඉවත් වන්නේ රචකයාගේ මෑණියන්වද සිහිකරමිනි. Continue reading

පිංඇඩ් දැමීම සහ දේශපාලන ඇඩ් දමා ගැනීම

බෞද්ධයෙකු නොවන නිසා මම පංසලක ඇතුලට යන්නේ කලාතුරකිනි. එහෙත් පසුගිය දිනෙක හිතවත් භිකෂුවක් හමුවීමට පංසලකට යෑමට සිදුවිය. පංසලේ ගේට්ටුව ලඟට යනවිටම මා දුටුයේ අසවල් මිය ගිය පුද්ගලයාට පිංපිණිස දුදරුවන් විසින් (ඔවුන්ගේ නමුත් සඳහන්ව ඇත) මෙම තොරණ ඉදිකර ඇති බවට පුවරුවකි. බෝධිය අසල රන් ගෑ වැටකි. එහි එය සෑදු තැනැත්තන්ගේ නම් සහිත පුවරුවක් තිබුණි. පහන් වැට, මල් ආසනය, චෛත්‍යය, බුදුගෙය යන සෑම තැනකම පුවරු වල ඒවා ලබාදුන් සහ ඉදිකිරීමට ආධාර කළ අයවළුන්ගේ නම් සඳහන් පුවරු දක්නට ලැබුණි. මම මේ සම්බන්ධව මා හිතවත් භික්ෂුවට පවසා ඉස්ලාමයේ නම් මෙලෙස තමන් විසින් ප්‍රධානය කළදේහි නම සඳහන් කරන්නාට, කිසිදු කුසලක් හිමි නොවන බව සඳහන්ව ඇතැයි පැවසුවෙමි. එවිට එතුමා පැවසුයේ ඒ අන්දමට තමන්ගේ නම් පුවරුවල දමා ගන්නට ඉඩ නොදෙනවා නම් කිසිදු උපකාරයක් ලබාගත නොහැකි වනු ඇති බවයි. එහෙත් අපගේ මුස්ලිම් පල්ලියකට පැමිණ ඒ පිළිබඳව සියැසින්ම දැක ගන්නා ලෙස මම එතුමාට ආරාධනා කළෙමි. Continue reading

පම්පෝරි ගැසීම

තමන් තුල නොමැති දෙයක් ඇත යැයි පෙන්වමින් අතිශයෝක්තියට නැගීම අප පම්පෝරි ගැසීම යනුවෙන් හඳුන්වමු. අප සමාජයේ බොහෝ දෙනෙකු මෙම පම්පෝරි ගැසීම සඳහා ඇබ්බැහි වී ඇත. මේ වගේ අයට දිනක් තුල එක් වතාවක්වත් පම්පෝරියක් ගසා ගන්නට නොහැකි වුනොත් එදාට නොකෑවාසේය. බොහෝවිට පම්පෝරි ගැසීමට රුචිකත්වය දක්වන්නේ වැඩක්පලක් කිරීමට අපහසු වයසක අය හෝ වැඩක් නොකර නිකම්ම සිටින්නාවු ඕනෑම වයසක නිකමුන්ය. නමුත් වැඩප‍ලෙහි කාර්ය බහුලවුවන්ද පම්පෝරි නොගසනවා නොවේ. Continue reading

රක්ෂන විකුණන්නේ නැති ලයිෆ් ඉන්ෂුවරන්ස් ඒජන්ට්ලා හෙවත් ජීවිත රක්ෂන නියෝජිතයන්

දිනක් මා බොහෝ කලකට පෙර හඳුනන පුද්ගලයෙකු මුණ ගැසුනි. ඔහු රක්ෂන නියෝජිතයෙක් විය. ඔහු මා දුටු පමණින් සුවදුක් විචාරා මගේ දුරකථන අංකය ලබා ගන්නා ලදී. මෙයා මේ ඉල්ලන්නේ කුමකටදැයි මා දන්නා නමුදු මගේ අංකය ලබා දුන්නෙමි. ගත වුයේ දින දෙකකි. ඔහු මට සිය කාර්යාල දුරකථන අංකයෙන් කෝල් කළේය. Continue reading

විවෘත ආර්ථිකයේ අමානුෂික මුහුණුවර

ජේ.ආර් මහතා විසින් ආරම්භ කළ විවෘත හෙවත් හෙළුවැලි ආර්ථිකය නිසා අද මුළු රටම පත්ව ඇත්තේ ව්‍යසනයකටය. සැවොම උත්සාහ දරන්නේ කෙසේ හෝ මුදල් උපයන්නටය. මුදල් උපයන්නට මෙතරම් තරඟයක් ඇයි? එයට හේතුව නම් ජනතාවගේ අවශ්‍යතාවයන් වැඩි වීමයි. හැමෝටම අවශ්‍ය තමන්ට කියා ලස්සන ගෙයක්, වාහනයක් සහ අළුතින් අළුතින් වෙලඳපොලට එන නානාප්‍රකාර මඩුමුට්ටු ගන්න සල්ලි වෙති. මේ සඳහා පැරණි සාම්ප්‍රදායික රටාවෙන් මිදී අතිධාවනකාරී විය යුතුය. මේ සමාජ ක්‍රමයෙන් ජය ලබන්නේ එවැනිවුන්ය.

Continue reading

අපේ සිංහයාට මාලදිවයිනෙන් කළුතෙල් පාරක්

පසුගිය දිනවල ශ්‍රී ලංකාවෙන් මාලදිවයින වෙත කළ පරිත්‍යාගයක් වන සිංහ රූපයකට මාලදිවයින් විපක්ෂය වෙතින් දැඩි විරෝධතා එල්ල වුණා. මෙයට අමතරව පාකිස්ථානයෙන් ලැබුණු පරිත්‍යාගයක් වන අලිජින්නාගේ රුවකටද මොවුන් විරුද්ධ වුණා. Continue reading

බරක් හුසේන් ඔබාමාගේ කිඹුල් රක්‍ෂණය සහ වලපල්ලට යන ඇමරිකාවේ කිඹුල් තියරිය

දෙදින නිල සංචාරයක් සඳහා ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා 16 වෙනිදින ඕස්ටේ‍්‍රලියාවට ගිය බව වාර්තා වුණා. ඔබාමා යනු  ඕස්ටේ‍්‍රලියාවේ සංචාරයේ නිරත වන පස්වන ඇමරිකානු ජනාධිපතිවරයායි. ඇමරිකාවේ ජනාධිපති පිටරටවල් වලට යන එකෙන් මෙයාට ඇති රුදාව මොකක්දැයි දැන් ඔබට සිතෙනු ඇති. Continue reading

ආන්දෝලනාත්මක සෙනසුරු මාරුව

මට අපේ අම්මාගෙන් හැමදාම අහන්න අමතක වෙන කරුණක් ඇත. එනම් කෝ මගේ කේන්දරේ? යන්නයි. ඒ මගේ කේන්දරේ බලවා ගැනීමට නොව මම කිසිදාක කේන්දරයක් දැක නොමැති නිසාවෙනි. මම දන්න ජ්‍යෝතිශයක් නැත. දැන ගන්නට අවශ්‍යතාවයක්ද නැත. මොකද ඉස්සරහට වෙන්න තියෙන දේවල් කලින් දැනගෙන සිටීම මට නම් හරි වදයකි. Continue reading

බුදුනේ, ‍ජේසුනේ, අල්ලාහ් දෙවියනි ගීතය පිලිබඳවයි

පසුගිය දිනෙක මා බස් රියෙන් ගමන් කරනාවිට බස්රථයේ කැසට් යන්ත්‍රය වාදනය වෙමින් පැවතිනි. එහි වාදනය වු කැසට් පටය සංගීත සංදර්ශනයක පටිගත කිරීමකි. එහි ගීතයක් අවසන් වු පසුව ගායකයෙක් බුදුනේ, ‍ජේසුනේ, අල්ලාහ් දෙවියනී යැයි යටිගිරියෙන් කෑගසන්නට විය. මමද කලබල වී සවන් යොමුකලේ අපේ ගායකයාට කවුරුන් හෝ පොල්ලකින් වත් ගැසුවාදැයි සිතමිනි. මගේ සිතුවිලි වැරදි යැයි පසක් කරමින් ගායකයා විසින් සින්දුවක් අරඹා ඇත.

Continue reading

පිටිදුවේ සිරිධම්ම හිමියන් සමන්තබද්‍ර ලෙස නම් වෙනස් කර ගැනීම ථෙරවාදයෙන් මහායානයට සංක්‍රමණය වීමක්ද?

මෑතකදී ආරම්භවු පුවත්පතක් වන රන්දිව ඉරිදා පුවත්පත විසින් සිය පුවත් පත වෙනුවෙන් ප්‍රචාරණය වස් ඉතා ආන්දෝලනාත්මක උදෘතයන් රැගත් රූපවාහිනී දැන්වීම් පලකරන ලදී. එහි සඳහන් එක් උදෘතයක් නම් පිටිදුවේ සිරිධම්ම හිමි අපවත් විය යනුයි. මේ ගැන කුකුසක් ඇතිවු මම වහා එම පුවත් පත මිලදී ගතිමි. එහිදී මට කියවන්නට ලැබුනේ සිරිධම්ම හිමියන් මාර්ගඵලයන් වන සෝවාන් සහ සකෘදගාමී ඵලයන් ලබා ඇති බවත්, එතුමාගේ සිරිධම්ම යන තම පැවිදි නාමය අතහැර සමන්තබද්‍ර යන නාමය භාවිතා කරන බවත්ය. Continue reading

වම නොදන්න වමේ අවුල සහ අපි නොදන්න ලයිව්

ජවිපෙ අභ්‍යන්තරයේ පැන නැගී තිබෙන අර්බුදය අරබයා පැන නැගී ඇති සංවාදය හමුවේ අමාත්‍ය විමල් වීරවංශ විසින් දේශනයක් පැවැත්වීම වනාහී ක්‍රියාදාම චිත්‍රපටයකට විහිළු කාරයෙක් ඇතුලත් කිරීම වැනිය. එහෙත් විමල් වීරවංශ භූමිකාව ජවිපෙ තුල මෙම අර්බුදය ඇතිවීමට මුලික හේතුවක් බව නම් පිලිගත යුතු සත්‍යයකි. Continue reading

නිදහස් මාධ්‍යය, වෙබ් අඩවි ලියාපදිංචිය සහ වෙබ් අඩවි තහනම

ඉහත සඳහන් වන්නේ තුන්ඈදුතු එහෙත් ඉතා කලෝචිත මාතෘකා තුනකි. අද මාධ්‍ය මගින් අපට නිරන්තරයෙන් අසන්නට ලැබෙන කරුණක් නම් ආන්ඩුව විසින් මාධ්‍ය නිදහස වලපල්ලට යවන බවයි. ඒහා සම්බන්ධව සිද්ධිදාමයේ වඩා මෑතකම සිදුවීම් ලෙස වෙබ් අඩවි ලියාපදිංචිය සහ වෙබ් අඩවි කිහිපයක් වාරණයට ලක් කිරීම ඔවුන් හුවා දක්වති. අප මේ පිළිබදව කථා කිරීමේදී ප්‍රථමයෙන් නිදහස් මාධ්‍යය යන්න ගැන පුර්ණ ගවේෂනයක නියැලිය යුතුය.

Continue reading

බිලියන හතේ මුස්ලිම් දරුවා

බිලියන හතේ මුස්ලිම් දරුවා

ලෝක ජනගහණය බිලියන 07 සම්පුර්ණ වීම සිදුවූ ඔක්තෝබර් 30 දින මධ්‍යම රාත‍්‍රීයේ 12 පසු වී තත්පර 1ට කාසල් වීදීයේ මාතෘ ළමා රෝහලේදී දරුවන් දෙදෙනෙකු මෙලොව එළිය දුටුබව මුලින් වාර්තා වුනා. පසුව මෙම දරුවන් දෙදෙනාගෙන් මුලින්ම බිහිවුනේ සිංහල දැරියක් බවට මාධ්‍ය වෙත වාර්තා වුවද මෙම දරුවන් දෙදෙනාගෙන් මුලින්ම බිහිවුනේ මුස්ලිම් දරුවා බවට කසුකුසුවක් රෝහල් කාර්ය මන්ඩලය අතරේ යන බව ආරංචියි.  කෙසේ වුවත් මේ ගැන හරි විස්තර දන්නේ එදා රෝහල් සුතිකාගාරයේ සේවය කළ අය පමණි. මේ ගැන පරීක්ෂනයක් කරන්නට ගියහොත් නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා කැකිල්ලේ තීන්දුවක් ලැබෙන්නටද බැරි නැත. Continue reading

සරත් එන් සිල්වා කොයිබටද?

සරත් එන් සිල්වා කොයිබටද?

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා එම පදවියට පත්වු මුල් කාලයේදී වික්ටර් අයිවන් නම් ලේඛකයාට අයත් රාවය පුවත් පත දිගින් දිගටම හිටපු අගවිනිසුරු වරයාගේ චරිතය අලලා ඔහු හට පහර දෙන්නට විය. නමුත් එවකට හිටපු රජය ඒ ගැන කිසිවක් සිදු නොකරන ලදී. පසුකාලීනව ඒවා කෙමෙන් කෙමෙන් යටපත් වී යනු අපට දැක ගන්නට ලැබුණි. Continue reading