Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

වෝල්ස් ස්ට්‍රීට් සහ කොලඹ හත

ඇමරිකාවේ ධනවත් කුවේරයන් ගැන කථා කරනවා නම් නිතැතින්ම මතක් වන්නේ වෝල්ස්ට්‍රීට් හි පදිංචි මිනිසුන් ගැනයි. එම වීදියේ සිටින කුඩා පිරිසක් විසින් මුළු මහත් ඇමරිකාවේ ආර්ථිකයම හසුරුවන බව සිතෙන විටත් පුදුමාකාරය. එමෙන්ම මුළුමහත් ඇමරිකානු ආර්ථිකයෙන් වැඩිම කොටසක් බුදින්නේ මේ සුළුතරය යන්න ගැන සිතන විට ධනවාදය කෙතරම් රුදුරුද යැයි සිතේ. (නමුත් මේ ලියුම්කරු වනාහී ධනවාදී ආර්ථිකයේ ඵල බුදිමින් එය විවේචනය කරන්නාවු බංකොලොත් සමාජවාදියෙක් නම් නොවේ) මේ තත්වය අප  ලංකාව සමග සසඳනවා නම් වෝල් ස්ට්‍රීට් සමාන වන්නේ ලංකාවේ කොලඹ 7 හෙවත් කුරුඳුවත්තටය. Continue reading

එපා එපා මස් කරන්න කිරි දරුවාව

පසුගිය දිනක සිරස පුවත් තුලින් දැක්වුණු පුවතකට මගේ හදවත සංවේදී විය. ඒ උදේ සිට රෑවන තෙක් ධර්මය අසන්නට හැකි අප රටේ ආශ්චර්යය මෙයදැයි හැඟුණු හෙයිනි. ඔබේ කියවීම සඳහා එය පහත දක්වමි. Continue reading

නත්තල යනු කුමක්ද?

යේසුස් තුමන් (නබි ඊසා අලෛහිසලාම්) යනු මුස්ලිම් අපගේ පෙර මානව ශාස්තෘ වරයෙක් හෙවත් පෙර නබි වරයෙක් නිසා එතුමා මෙලොවට ඉපදීම අපටද ඉතා වැදගත්ය. එහෙත් ඇත්තටම නත්තල් දින එනම් දෙසැම්මබර් 25 වෙනිදින එතුමන් මෙලොව ජනිත වී නැති නිසා අපට නත්තල් දිනයෙන් ඇති වැඩක් නැත. කෙසේ වුවද මුස්ලිම් අප විසින් උපන් දිනයන් සමරන්නේද නැත. අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාගේ උපන් දිනය වන මිලාද් උන් නබි දිනයේ අප සැමරුම් කරන්නේද නැත. මා සිතන්නේ උපන් දින සැමරුම් යනු අපට බටහිරයෙන් ලැබුණු චාරිත්‍රයකි. Continue reading

මතට අත්පොත් තබන වෙරල සාද (බීච් පාටි)

අතීතයේ සුද්දන් විසින් මෙරට ජනතාව අතර සිගරට් ප්‍රචලිත කළේ කෙසේදැයි මගේ පියා වරක් පවසනු මා අසා ඇත. එකල ඔවුන් රටේ විවිධ ප්‍රදේශ වලට ගොස් ජනතාව අතර නොමිලේ සිගරට් බෙදා දී ඇත. ඒ වන විටත් සුරුට්ටු සහ බීඩි වැනි දුම්පානයන්ට ඇබ්බැහි වී සිටි පුද්ගලයන් මෙම නව දුම්පානයට පුරුදු වන්නට ඇත. කෙසේ වුවද එදා සුද්දාගෙන් නිකම් බිව් සිගරට් එක දිරවා ගත නොහී දැන් පරම්පරා ගණනාවක පටන් අප සුද්දාට නය ගෙවමින් සිටිමු. (මේ ලියුම්කරු වන මම එවැනි සිගරට් බොන පල් මෝඩයන්ගේ සමාජයට අයත් නොවන නමුදු අපත් ගෙවමින් සිටින්නේ එලෙස සිගරට් බොන්නන්ගේ කරුමයයි) පහත සඳහන් වන්නේ තවත් එවැනිවු ප්‍රයත්නයක්දැයි සිතේ. මෙවැනි දේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය සතු වගකීමක් වුවද අපේ රටේ කිසිදු මාධ්‍යයක් එවැනි දේ කරනු අප දැක නැත.     Continue reading

මාරියාවෙන් එහා මායාවක් නොකරන්න

අද යෞවන වියට එලඹෙන දරුවෙක් හට ඇති වන්නේ ඉතාමත් ඉක්මණින් මුදල් ඉපයීමේ පිපාසාවකි. මේ නිසා කෙටි කලකින් වැඩි මුදලක් උපයා ගැනීමේ අභිලාශයෙන් විවිධ දේ සඳහා ඔවුන් යොමු වෙති. විදෙස් ගතවීමද ඉන් එක් ක්‍රියාමාර්ගයකි. රටගොස් පැමිණි කෙනෙක් එහිදී උපයා ගත් සිය ධනය යොදවා ඉතාමත් ඉක්මණින් ධනවතෙක් වනු දකින අන්‍යයන්ටද හිතෙන්නේ තමන්ද මේ මාර්ගයට පිළිපන්නේ නම් මැනවි යනුවෙනි. අනෙක් අතට රැකියාවන් සඳහා විදෙස් ගතවීමට යාමේදී අද අවස්ථාවන් තිබෙන්නේ මැදපෙරදිග පමණි. නමුත් මැදපෙරදිග රැකියාවන්හි වැටුප් තලයන් තිබෙන්නේ ඉතා‍මත් පහල මට්ටමකය. මේ නිසා බොහෝ දෙනෙකු උත්සුක වන්නේ යුරෝපා රටකටම පිවිසෙන්නටය. ඒ මන්දයත් ඔවුන්ගේ ජීවන තලය උසස් මට්ටමක තිබෙන නිසා වැටුප්ද ඉතා ඉහල මට්ටමක තිබේ. නමුත් අද රැකියා‍වන් සඳහා යුරෝපා රටකට යෑම ඉතාමත් අසීරු කාර්යයකි. Continue reading

ලංකාවේ ගණිකාවන් නැත්නම් මිනිස්සු පිස්සන් වෙයිද?

පසුගිය දිනක ගොසිප් අඩවියක සඳහන් වුන ප්‍රවෘත්තියක දැක්වුණේ ලංකාවේ ගණිකාවන් නොසිටින්න මිනිසුන්ට ලෙඩ හැදී පිස්සන් විය හැකි බවට ප්‍රසිද්ධ නිලියක රූපවාහිනී සාකච්ඡාවකදී පවසා ඇති බවයි. මේ පුවත බලමින් සිටි මාහට පුටුවේ ඇති සැපවත් බව නිසාමදෝ එහෙමම නින්ද ගියා. Continue reading

රනිල් ආවත් කරු ආවත්…………….

අද වනවිට අපගේ විපක්ෂය අකර්මන්‍ය තත්වයට පත්ව ඇති බව සැවොම පිළිගන්නාවු සත්‍යයකි. ආන්ඩු පක්ෂය පවසන්නේ පවතින විපක්ෂය සැමවිටම ආන්ඩු විරෝධී බවත් හොඳ දේදී පවා සහයක් නොදෙන විපක්ෂයෙන් වැඩක් නොමැති බවත්ය. අනෙක් පැත්තෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ මෙවැනි විපක්ෂයකින් කවදාවත් ආන්ඩු බලය ලබා ගත නොහැකි බවයි. Continue reading

රුපියල බාල්දු කිරීම

පසුගිය දිනවල රුපියල අවප්‍රමාණය කිරීම ගැන බොහෝ දෙනෙකු කථා කරනු අසන්නට ලැබුණා. සමහරු ආර්ථික විශේෂඥයන්සේ ඒ ගැන ගැඹුරු විග්‍රහයන් කළා. විපක්ෂය නම් කථා කළේ රුපියල බාල්දු කිරීම ගැන බාල්දු විදිහටමයි. ඒ අය කථා කළේ හරියට ඔවුන් කවදාවත්ම රුපියල බාල්දු කර නැති ගාණටයි. රුපියල අවප්‍රමාණය කිරීමේදී සෑම විටම විපක්ෂය එයට විරුද්ධව කථා කිරීමත් ආන්ඩු පක්ෂය එයට පක්ෂව කෙස් පැලෙන ආර්ථික විග්‍රහයන් කිරීමත් සාමාන්‍ය දෙයක්. Continue reading

යාපනේ බිස්නස් (ජන අරගල ව්‍යාපාරය)

සමහරු රස්සා කරන්න කැමති නැත. රස්සාවක් කළොත් ලැබෙන්නේ මාස් පඩියකි. ජීවන වියදමත් එක්ක බැළුවහම ඒක සොච්චමක්. අනික පඩි වැඩි වෙන්නෙත් අවුරුද්දකට සැරයක් නේ? ඒක නිසා මොකක් හෝ බිස්නස් එකකට ඔළුව දාගන්න සමහරු දඟලනවා. කොහෙන් හරි චාන්ස් එකක් වැදුනොත් ඉතිං ගොඩ තමයි.

Continue reading

බස් රථ වල කාන්තා හිංසනය

කාන්තා හිංසනයට දඬුවම වසර 5යි, බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව යනුවෙන් භාෂා තුනෙන්ම සඳහන් වන්නාවු ස්ටිකරයක් දැන් සමහර කොළඹ බස් රථ වල දක්නට ලැබේ. මෙම ස්ටිකරය මගින් කාන්තා හිංසනය සඳහා වන දඬුවම් ජනතාවට මතක් කර දීමෙන් බස් රථවල කාන්තා හිංසනය අඩු කිරීමට දරණ උත්සාහයක් බව පෙනෙයි. නමුත් මගේ අදහස නම් මෙම ප්‍රයත්නය ගඟට කැපු හිනි හා සමාන බවයි. ඒ මන්දයත් අප විසින් කිසියම් පිළිලයක් ඉවත් කරන්නේ නම් ඒ ඉවත් කළ යුත්තේ මුලින්ම මිස අගින් නොවන බැවිනි. ඒ නිසා බස් රථවල කාන්තා හිංසනය වලක් වන්නට නම් පලමුව ගුණාත්මක බස් සේවාවක් ඇති ක‍ළ යුතුය.   Continue reading

ගව ඝාතනය වැළකීමේ පනත ඡන්ද විමසීමට නොගෙන ඉවත දැමීම ජනතා ජයග්‍රහණයක්


ගව ඝාතනය ලංකාව තුල තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන ලද යෝජනාව විවාදයකට හෝ ඡන්ද විමසීමකට හෝ නොගෙන පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම ඇත්තෙන්ම ජනතා ජයග්‍රහණයකි. සමහරු පවසන්නේ මෙය සිදුකළේ මස්කඩ හිමියන්ගේ වුවමනාවට බවයි. නමුත් එය සක්සුදක්සේ සාවද්‍ය අදහසක් බව මෙම ලියුම්කරුගේ අදහසයි. ලංකාව තුල බහුතරය හින්දු සහ බෞද්ධ නිසා බහුතරයකගේ මතය ගවමස් වලට විරුද්ධව බවට ඔවුන් සාවද්‍ය මතයක් පැතිරවීමට ඔවුන් යත්ත දරති. ඇත්තෙන්ම එය අමුලික මුසාවකි. ශ්‍රී ලංකාවේ බහුතරය මාංශ ආහාර අනුභව කරන්නන් බව සියළුම සංඛ්‍යාලේඛන වලින් සනාථය. එමෙන්ම 60% වඩා ලාංකිකයන් ගවමස් අනුභව කරන්නන් බවද ලියුම්කරුගේ අදහසයි. එමනිසා බහුතරයේ අදහස ගව ඝාතනයට විරුද්ධවය යන්න කවුරුන් හෝ සාහසිකව ගෙතු මුසාවකි. Continue reading

ගමේ එකා වටේ යවන අධිවේගය

මා පුද්ගලිකව විමල් වීරවංශ නම් වු පුද්ගලයාට ඇළුම් කරන්නෙකු නොවේ. (පවතින දේශපාලන රාමුව තුල සිටින සියල්ලන්ම පිළිකුල්ය) නමුත් පවතින රජයේ යම් පමණකට හෝ කොන්ද කෙළින් තියාගෙන සිටින කෙනෙකු ලෙස විමල් වීරවංශ නාමය පිළිගැනීමට සිදු‍ වේ. දක්ෂින අධිවේගී මාර්ගය ගැනද ඔහු සිය මතය සෘජුව පවසා ඇත. එනම් අධිවේගී මාර්ගය දෙපස ජනයාට එම මග නිසා සිදු වී ඇත්තේ සෙතක් වෙනුවට වටේ යාමට බවයි. Continue reading

රැහැයියකු නොවී එහෙයියෙකු වන්නැ

රැහැයියා වනාහී කුඩා සතෙකු වුවදැ නගන්නේ අමිරිහිරි හඬක්මයැ. එහෙයියෙකු නොවන්නාදැ එසේමයැ. කි‍නම් ස්වරයකින් හඬක් නගන්නේදැ ඒ අමිහිරි හඬක්මැ වන්නේයැ. නමුත් එහෙයියා එසේ නොවේයැ. නුගුණ/ දුගුණ දක්නේ වී නමුදු වයන්නේමැ ගුණමයැ. Continue reading

නත්තල් උත්සව වර්ජනය

ප්‍රේම් ළමා නිවාසයේ සිද්ධිය උඩ කාදිනල් තුමා රජයේ නත්තල් උත්සව වලට සහභාගී වීමෙන් වැලකෙන බවට ප්‍රකාශයක් කර තිබුණා. දැන් ඊලඟට අනුරාධපුරේ පියතුමෙකුත් ඊට සහයෝගය දෙන්න පටන් අරගෙන මෙහෙම යනකොට මේ පාර නත්තල සමරගන්නත් බැරි‍ වෙයිද දන්නැහැ. Continue reading

බිළිඳුන්ට මරණය හරකුන්ට ජීවිතය

දින කිහිපයක් මට අන්තර්ජාලයේ සැරිසරන්න බැරිවුණා. අද සැරිසරන කොට ටික දවසක් පරණ නිවුස් එකක් හමුවුණා. ඒ තමයිඃ

ලංකාවේ ගබ්සාව පිළිබඳ නීතිරීති ටිකක් ලිහිල් කරන්න යනවයි කියලා තිස්ස කරලියද්ද ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී ලඟදී දවසක් ප්‍රකාශ කරලා තිබුණා. ස්ත්‍රී දුෂණ සිදුවීම නිසා හටගන්නා අනවශ්‍ය දරු උපත් මෙන්ම ගණිකා සේවයේ නිරතවන්නියන්ගේ අනවශ්‍ය දරු උපත් ගබ්සා කිරීමට නීතියේ පවතින බාධා ඉවත්කරන්නට රජය සලකා බලා තිබෙන බවත්, ලංකාවේ ගබ්සා නීති වෙනස් කරන්නට නොව සංශෝධනයන් සිදුකරන්නට යන බවද ඔහු පවසා ඇත. (උපුටා ගැනීම අවසන්) Continue reading

පුටින් යලි පත්වීම යනු ඇමරිකාවට…………..

විසිවන සියවස අවසන සිය ප්‍රතිවාදී බලකඳවුර වු සෝවියට් රුසියාව නැත්තටම නැති කළ ඇමරිකාව ඉන්පසුව ලොව අසහාය පොලිස්කාරයා බවට පත්විය. එහෙත් ඇමරිකාවේ පැවැත්ම රඳා පවතින්නේ අනෙක් රටවල් සූරාකෑම මතය. ඒ නිසා එයට හොඳ ගුලක් වන ඉරාකය අවුස්සා ගත් ඇමරිකාව එය බුදින්නට ආරම්භ කළ විට ඇෆ්ගනිස්ථානයේද ඉල්ලමක් පහල විය. සෝවියට් දේශයත් නැති නිසා බය නැතිවම ඒ දෙසටත් අතපෙවු ඇමරිකාව දැන් පත්ව තිබෙන්නේ උහතෝකෝටික අර්බුදයකටය.    Continue reading

රාවණා තුලින් ඉතිහාසයේ එල්ලීමට තැත්දරන්නෝ

රාවණා යනු හෙල අපගේ ආදි පීතෘ කෙනෙකු බව කවුරුන් විශ්වාස නොකලද මම විශ්වාස කරමි. නමුත් එක එක ආගමික පාට කණ්ණාඩි ලාගත් අපේ රටේ ඉතිහාස කථා කාරයන්ට නම් රාවණ සංකල්පය අවිද්‍යාත්මකය. ඒ නිසා ඔවුන් ඒ ගැන මුනිවත රකිති. නොසොයති. මේ නිසා රාවණ පුරාවෘත්තයන්ගෙන් වැඩක් ගෙන තමන් හට කෙසේ හෝ අනන්‍යතාවයක් සාදාගැනීමට බෙදුම්වාදී ද්‍රවිඩයන් කිහිප වතාවක්ම උත්සාහ දරා ඇත. Continue reading

ඇඟ විකුණන්නියන් නිළියන් වීම සහ නිළියන් ඇඟ විකිණීම

පසුගිය කාලයේ ගණිකා වෘත්තියේ යෙදුනු බවට අසුවුණු කාන්තාවන් අතර ටෙලිනාට්‍ය සහ සිනමාවේ යම් කොටස් රඟපෑ කාන්තාවන්ද හසුවු බව මාධ්‍ය මගින් වාර්තා විය. මෙහිදී නිළියන් ගණිකාවන් නොවු බවත් ගණිකාවන් නිළියන් බවට පත්ව ඇති බවත් කලාවට සම්බන්ධ තවත් කාන්තාවක ප්‍රකාශ කළාය. කෙසේ නමුදු නිළියන් ගණිකාවන් වුවාද එසේත් නැතහොත් ගණිකාවන් නිළියන් වුවාද යන්න ගැන දන්නේ උඩ ඉන්න දෙවියන් සහ මේ දේවලට සම්බන්ධ කාන්තාවන්ගේ හෘදය සාක්ෂි පමණි. මෙම ලිපිය තුලින් මා අදහස් කරන්නේ ඔබගේ අවධානය වෙනත් කරුණක් කරා යොමු කිරීමටය. Continue reading

මාධ්‍යවේදී ඔස්තාර්ලාගෙන් ජනමාධ්‍යකරණ පාඨමාලා

දිනක් මගේ මිතුරෙකු එක්තරා තරුණයෙක් සමග පැමිණ පැවසුවේ “මෙයා ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙක් ඔයාගේ ගාව මෙයාට රස්සාවක් දෙන්න” කියායි. මමද ඒ තරුණයා සමග කථාකර පසුව මාතෘකාවක්  කියා ඒ ගැන ලිපියක් ලියා දෙන ලෙස ඉල්ලා සිටියෙමි. ඔහු ලිපියක් ලියාදුන් නමුදු එය පලකිරීමට කිසිලෙසකවත් නොහැකි එකකි. ඒ නිසා එම තරුණයාගේ හිත නොරිදා ඔහු පිටත් කළෙමි. නමුත් පසුව මට දැනගන්න ලැබුනේ මා ජනමාධ්‍ය පිළිබඳව කිසිදු ආයතනයකින් හදාල කෙනෙක් නොවන නිසා ජනමාධ්‍ය ඩිප්ලෝමාවක් හිමි ඔහු වැනි කෙනෙක් මගේ ආයතනයට සම්බන්ධ කරගැනීමට මා බියවු බව ඔහු කිහිප දෙනෙකුට පවසා ඇත. Continue reading

මත්පැන් දුම්බොනවුන්ට බයිට් වෙන රටවැසියෝ

බීමත්ව යන පුද්ගලයෙක් පාරේ යන කන්තාවකට අසභ්‍ය වචනයෙන් බැන වදියි. නමුත් අවට සිටියවුන් ඒ ගැන කිසිවක් නොකරති. ඌ බීලනේ! යැයි කියනු ඇත. නමුත් සිහිබුද්ධිය ඇති පුද්ගලයෙක් එවැනි දෙයක් කළ හොත් ඔහු ඉවරය. මේ අප සමාජය තුල බේබද්දෙකුට නිතැතින් ලැබී ඇති සමාජ වරප්‍රසාදයකි. අනෙක් අතින් මත්පැන් සහ දුම්බොන අය කරන්නේ තමන්ගේ පවුලේ අදායමෙන් විශාල ප්‍රමාණයක් තමන්ගේ පුද්ගලික විනෝදය තකා වියදම් කිරීමයි. එහිදී පවුලේ අනෙක් සාමාජිකයන්ගේ අයිතිවාසිකම් රැසක් මේ බේබදුකමට සහ දුමට ඇබ්බැහිය නිසා යටපත් වෙති. Continue reading

ජීවත් වීමේ කලාව නොදත් කලාකාරයෝ

ඒ මියගිය කලාකරුවෙකුගේ අවසන් කටයුතු සිදුවන මොහොතකි. අසල්වැසි ජනතාවට අමතරව පැමිණ සිටියෝ කොටස් දෙකකි. එක කොටසක් ඇති හැකි කලාබරයෝ වුහ. අනෙක් කොටස නම් නැතිබැරි කලාබරයෝය. මිනිය දෙස බලා ඇතිහැකි කලාබරයෝ මෙසේ කීහ. පව්! මිනිහා විනාස වෙන්න හේතුව බෝතලයයි. ඔය බේබදු කම නැත්නම් තවත් මිනිහා ජීවත් වෙනවා. එහෙත් නැතිබැරි කලාබරයෝ කීවේ වෙනත් කථාවකි. මේ මිනිහාව රැකගන්න අපේ රටේ වගකිවයුත්තන්ට බැරිවුණා. ඔක්කොම මිනිහගෙන් හම්බකර ගත්තා. පස්සේ මිනිහට බැරි වෙනකොට කවුරුත් හිටියේ නැහැ යනුවෙන් මැසිවිලිය. Continue reading

ඒ ඒ කාලේ දැන් මේ කාලේ

දැන් ඉරිදා පත්තරයක් මිලදී ගත්තොත් ඒකත් එක්ක නොමිලේ ලැබෙන අතිරේක බොහෝය. එක එක නළු නිළියන්ගේ ඕපාදුප සහ වෙනත් විශේෂාංග රැසක් මේවායේ දැක්නට ඇත. මීට අමතරව පරණ බංකොලොත් දේශපාලකයන්ට ඇති තරම් පම්පෝරි ගසන්නට අතිරේකයක් වෙනම ඇත. ලංකාදීප පත්තරේ නම් මේක දියත ලෙස නම්කර ඇත. දැන් දිවයිනේද දියග කියා වෙනම එකක් ඇත. අතීතයේ සිංහ පැටව් ලෙස සිට දැන් බංකොලොත්ව කිසිවක් කරගන්නට බැරි උදවියට මෙතැනට ඇවිත් පුරාජේරු පැවසිය හැක. එමෙන්ම අද ඉතා සාර්ථක වී සිටින සමහර දේශපාලකයන් අතීතයේ කොපමණ රැඩිකල්ද යන්න මෙම ආර්ටිකල් කියවන අයට සිතේ. Continue reading

වැඩවරපල්ලා, වැඩවරපල්ලා හොඳටම වැඩවරපල්ලා

මා කුඩා කාලයේ අප ප්‍රදේශයේ ඉංග්‍රීසි නමකින් හැඳින්වුන කර්මාන්ත ශාලාවක් විය. මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කර ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයෙක් වුවද අපේ කාලයේ මෙම ආයතනයේ හිමිකරුවා වුයේ සිංහල කෙනෙකි. පසුව ඔහුගෙන් දරුවන්ට එය උරුම විය. මේ දරුවන්ගේ පාලන කාලයේ කර්මාන්ත ශාලාව තුල වැඩවර්ජනයක් දියත් විය. එම වර්ජකයන්ගේ ඉල්ලීම් පාලනාධිකාරියට දීමට අපහසු බව පැවසීම නිසා එය අඛන්ඩ වැඩවර්ජනයක් දක්වා දික් විය. මාස කිහිපයකට පමණ පසුව එම කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් එය විකුණා සේවකයන්ට වන්දි ලබාදී කර්මාන්ත ශාලාව වසා දමන ලදී. දැන් එම ස්ථානයේ තිබෙන්නේ සාප්පු සංකීර්ණයකි. මෙම සිද්ධියෙන් එහි සිටි සේවකයන්ට යම්කිසි වන්දියක් හිමිවීම නිසා ඔවුන් ආර්ථිකව යම් ස්ථාවරත්වයකට පත්වෙන්නට ඇත. නමුත් ඔවුන්ගේ එම ක්‍රියාව නිසා රටේ නිශ්පාදන ධාරිතාවයට අගයක් එක්කලාවු කර්මාන්ත ශාලාවක් රටට අහිමි විය. ඔවුන්ගේ බඩ වියත සුරැකුනද අනාගතයේ දරුවන් රැසකගේ බඩ වියත රැකුමට එම ආයතනය අද නැත. Continue reading

දේශපාලනය දුෂ්‍ය කරන දුෂිත ඡන්දදායකයන්

පසුගිය දිනෙක අපේ රටේ දේශපාලඥයෙක් විසින් ඉතා වැදගත් ප්‍රකාශයක් කරන ලදී. එනම් දුෂිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවන්නේ ජනතාව බවයි. දේශපාලනඥයෙක් වුවද ඔහු කළ ප්‍රගකාශය සැබෑවක් බව මගේ අදහසයි. මේ රටේ සිටින දුෂිත පුද්ගලයන්, වංචා කාරයන්, ජාවාරම් කාරයන්, මැරයන් ඇතුළු සියළුම විෂමාචාරීන් පාර්ලිමේන්තුව සහ දේශපාලනය වෙතට ගෙන ඒම පිළිබඳව සම්පුර්ණ වැරදි කරුවා මෙරට ඡන්දදායකයාය. ජනතාව විසින් බුද්ධිමත්ව සිය ඡන්දයෙන් නිසි පුද්ගලයන් පමණක් බලයට පත්කළා නම් අද අපේ රටේ දේශපාලනය ඉතාමත් පුජනීය තත්වයක තිබෙනු ඇත. Continue reading