Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

බස් රථ වල කාන්තා හිංසනය

කාන්තා හිංසනයට දඬුවම වසර 5යි, බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව යනුවෙන් භාෂා තුනෙන්ම සඳහන් වන්නාවු ස්ටිකරයක් දැන් සමහර කොළඹ බස් රථ වල දක්නට ලැබේ. මෙම ස්ටිකරය මගින් කාන්තා හිංසනය සඳහා වන දඬුවම් ජනතාවට මතක් කර දීමෙන් බස් රථවල කාන්තා හිංසනය අඩු කිරීමට දරණ උත්සාහයක් බව පෙනෙයි. නමුත් මගේ අදහස නම් මෙම ප්‍රයත්නය ගඟට කැපු හිනි හා සමාන බවයි. ඒ මන්දයත් අප විසින් කිසියම් පිළිලයක් ඉවත් කරන්නේ නම් ඒ ඉවත් කළ යුත්තේ මුලින්ම මිස අගින් නොවන බැවිනි. ඒ නිසා බස් රථවල කාන්තා හිංසනය වලක් වන්නට නම් පලමුව ගුණාත්මක බස් සේවාවක් ඇති ක‍ළ යුතුය.  

 

බස් රථවල කාන්තා හිංසනයේ ප්‍රධාන පියවර තබනුයේම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියයි. ඒ මෙසේය. අද කාන්තාවක් අතරමගදී බසයකට නැගුන හොත් බොහෝ විට යන්නට සිදුවන්නේ හිටගෙනය. මෙහිදී කොන්දොස්තර වරයා මුලින් පේලි දෙකකට මගීන්ව සකසා ගනියි. එවිට අර කාන්තාවට හිඳගෙන යන තවත් කාන්තාවක් ලඟට ගොස් සිට ගැනීමට බැරිවුවහොත් සිදුවන්නේ වාඩිවී සිටින පුරුෂයෙක්ට ගෑවෙන නොගෑවෙන සේ සිට ගැනීමටයි. ඉන්පසුව කොන්දොස්තර වරයා එමපේලි දෙක මැද්දෙන් තවත් පේලියක් ඉදිරියට යවයි. එවිට අර කාන්තාව නතර වනුයේ පුරුෂයාගේ ඇඟ උඩය.

 

මෙම ජවනිකාවේ ඉතිරි හරිය භාර ගනුයේ මහාමාර්ග දෙපාර්තමේන්තුවයි. මහාමාර්ගවල ඇති දුර්වලතා නිසා බසය ඒ පැත්තට මේ පැත්තට වැනෙන කල අර කාන්තාවගේ හිරි ඔතප් සියල්ල වාඩිවී සිටින පුරුෂයාගේ නිරායාස ස්පර්ශය හමුවේ බිඳ වැටෙයි. මෙහිදී අර පුරුෂයා නැගිට කාන්තාවට තම ආසනය දුන්නා නම් එවැනි දෙයක් සිදුවීමේ සම්භාවිතාව අවමය. නමුත් අවාසනාවකට අපේ රටේ බොහෝ දෙනෙකුගේ අම්මලා එවැනි ශිෂ්ඨවු දරුවන් බිහිකර නැත.

  • mn thas says:

    අන්වර් සහෝධරයා මෙම පොස්ට් එකේ තිබෙන මාතෘකාව ඉතා හොඳ මාතෘකාවක් වේ.එම නිසා මෙම මාතෘකාව තවත් දීර්ගව පැහැදිලිව අලුත් පොස්ට් එකක් වශයෙන් පල කරන මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.Jazakallah…..

    2012/10/01 at 4:50 PM

Your email address will not be published. Required fields are marked *

*