රාමලිංගම් අංකල් කුඩා කාලයේ අපේ ගෙවල් ළඟ පදිංචිව සිටි ද්‍රවිඩ ජාතිකයෙකි. ඇත්ත වශයෙන්ම ඔහු ද්‍රවිඩ ජාතිකයෙක් බව මා කුඩා කාලේ දැන ගත්තේද අසු තුනේ දෙමළ කෝලාහලය අවස්ථාවේදීයි. ඔහු ද්‍රවිඩ බව මා එතෙක් කල් නොදත්තේ ඔහු සැමවිටම කථා කළේ පැහැදිලි සිංහල නිසාත්, ඔහු විවාහ වී සිටියේ සිංහල කාන්තාවක නිසාත්, ඔහුගේ එකම පුත්‍රයාගේ නම සුමිත් නිසාත්ය. අනෙක් අතට ඔහුව හමුවන්නට කිසිදු ද්‍රවිඩ ඥාතියෙක් එනු මා කිසිදිනෙක නොදුටුවෙමි. Continue reading
Monthly Archives: January 2012
අයියෝ ජුලියා !!! අපටත් එසේ වෙයිද? (ඔස්ට්‍රේලියා අගමැතිනි ජුලියා ගිලාර්ඩ්ට ආදිවාසීන්ගෙන් ප්‍රහාරයක්)
ඔස්ට්‍රේලියාව වනාහී ලොව අනෙකුත් මහාද්වීපයන්ට සාපේක්ෂව හුදකලාව පිහිටි මහාද්වීපයකි. එහි ආදිවාසීන් වන ඇබෝරිජීන් වරුන් වසර දහස් ගණනක සිට එම රට තුල ජීවත් වුනු බවට සාක්ෂි සාධක එමට ඇත. විශේෂයෙන් හුදකලා රටක් වන එයට අතීතයේදී මිනිසුන් කෙළෙස සංක්‍රමණය වුයේද යන්න පවා ප්‍රශ්නාර්ථයකි. එලෙස වසර දහස් ගණනක් තමන් සිටි රටේ ඉතාමත් සුළුතරයක් බවට අද ඔවුන් පත්ව ඇත. මෙයට ප්‍රධාන හේතුව නම් වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ බහුතරය බවට පත්ව සිටින බටහිරින් පැමිණි සුදු ජාතිකයන් විසින් අතීතයේ ඔවුන් ඉතාමත් තාඩන පීඩන වලට ලක්කර ඔවුන්ව වහළුන් ලෙස තබාගෙන ඔවුන් ජාතියක් ලෙස වඳ කළ නිසාය. ඔස්ට්‍රේලියාවේ ඇබෝරිජීන් වරුන්ට සහ ඇමරිකාවේ ආදිවාසීන් වන රතු ඉන්දියානුවන්ටද අත්වුයේ එකම ඉරනමකි. අද ඔවුන් ඔවුන්ට අයිතිව තිබු රටේ සුළුතරයන් බවට පත්ව අතිශය ඛේදනීය ඉරනමකට පත්ව සිටිති.
දිවයින පුවත් පතේ ආගමික අන්තවාදයකට ඉඩ දෙමුද? ලිපියට පිළිතුරක්
දිවයින 2012 ජනවාරි මස 29 වැනි ඉරිදා සංග්‍රහයේ 10 වැනි සහ 11 වැනි පිටුවල ඉහත මාතෘකාව සහිත ලිපියක් චතුර පමුණුව නම් වු ලේඛකයාගේ නමින් පලවිය. ඔහු විසින් මෙම පුවත් පතේ දියග නම් වු විශේෂාංගය තුලද සල්මාන් රුෂ්ඩි ගැන තවත් ලිපියක් පලකර තිබුණු නමුදු ඉහත ප්‍රස්තුතය යටතේ ලියු ලිපිය තුලින් මුස්ලිම් සමාජයට සහ ඉස්ලාම් දහමට හානියක් සිදුවන බව පෙනුනු නිසා මෙම පිළිතුරු ලිපිය ලිවීමට තීරණය කළෙමි. Continue reading
කුඩු වලට ඇබ්බැහි වු බන්ධනාගාර රැඳවියන්ට කුඩු මත නැති කරන්න සිගරට් බීඩි අවශ්‍යමද?
පසුගියදා මැගසින් බන්ධනාගාරයේ ඇතිවු ගැටුම සම්බන්ධව තැබු පරීක්ෂණයේ ප්‍රථිඵල ගැන කථා කළ පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර පවසා සිටියේ තමන් කුඩු වලට ඇබ්බැහි වී සිට එකපාරටම එය අත්හැරීම අසීරු නිසා අඩුම ගණනේ සිගරට් සහ බීඩි වත් බන්ධනාගාරය තුලට ගෙන ඒමට අවසර දෙන ලෙසට එහි සිටින මත්කුඩු වලට ඇබ්බැහි වුවන් ඉල්ලා සිටි බවයි. Continue reading
රැකියාවක් සඳහා ගෘහ සේවිකාවක ලෙසින් මැදපෙරදිග යෑමේ (අ)සුභ සිහිනය
හොඳ ගෙයක් දොරක් හදා ගන්න බඩු මුට්ටු ටිකක් ගන්න මෙහේ ඉඳලා කුඹුරලා කවදාවත් කරගන්න බැහැ. කොහොම හරි රට ගිහිල්ලා කීයක් හරි හොයා ගෙන එන්නම වෙනවා.
මෙවැනි මානසිකත්වයක පසුවන අය අප රටේ දිලිඳු ජනතාව අතර බොහෝ සිටිනවා. මොකකට හරි පොලියට ගත්ත ණයක් ගෙවන්න බැරි වුනහම, ගෙදර පිරිමයාට හරි හමන් රස්සාවක් නැති වුනහම ඔවුන් කෙලින්ම තීරණය කරන්නේ ගෙදර බිරිඳ රට පටවා එම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමටයි. මේ සඳහා ඔවුන් කුමණ ඒජන්සියකට යායුතුදැයි බොහෝ විට දන්නේ නැත. නමුත් ගම්ගොඩේ මේවා හොඳට කර පලපුරුද්ද ඇති අය සිටිති. බැලූ බැල්මට පිට රට යන්න ඉන්න කෙනාට සපෝර්ට් එකට එන්න ඉදිරිපත් වෙන කෙනෙක් ලෙස පෙනුනද ඇත්තටම මෙයා සබ් Sub Agent කෙනෙකි. සබ් කෙනෙක් යනු ඒජන්සි වලට බිස්නස් අරන්දෙන දිවයින පුරා සිටින නියෝජිත වරුන්ය. මොවුන්ට ස්ථිර වේතනයක් නැත. තිබෙන්නේ කමිෂන්ය. කමිෂන් යනු එසේ මෙසේ කමිෂන් නොවේ. කෙනෙකු සවුදි යවනවා නම් රුපියල් 90,000/= කි. කුවේට් හෝ වෙනත් මැදපෙරදිග රටකට යවනවා නම් 70,000/= කි. හැබැයි මේ මුළු මුදලම ගන්න නම් අර කියන කාන්තාවට පාස්පෝර්ට් නැත්නම් එය අරන්දී, ඇය විදේශ සේවා එකේ පුහුණුව ලබා නැත්නම් එයද කරවාදී, බියුරෝ එකට ගෙවන මුදල් (රක්ෂණ) ගෙවා ඇයව එයාර්පොර්ට් ගෙනගොස් ඇතුලටම ඇරලවිය යුතුය. සබ් ට මුදල් ලැබෙන්නේ ඇය ඒ රටේ ඒජන්සියෙන් එයාර්පොර්ට් එකේදී භාරගත් බවට පණිවුඩයක් ලැබුණු පසුවය. නමුත් වැඩේ අතරතුර ඒජන්සි කරුගෙන් අත්තිකාරම් ලබා ගත හැක. Continue reading
ෆර්දාව ගලවා ඇතුළු වන්න
පසුගිය දිනක ඉස්ලාමීය පුවත් පතක ලිපියක් කියවන්නට ලැබුණි. එම ලිපියෙහි අන්තර්ගතය සමාජ සංවාදයකට හරවත් මාතෘකාවක් බැව් මා දුටු නිසා එය මෙම බ්ලොග් අඩවියේ පල කිරීමට තීරණය කළෙමි.
ෆර්දාව ගලවා ඇතුළු වන්න
තාප්පයක තිබෙන දැන්වීමක සඳහන් වුයේ උපකාරක පන්ති පිලිබඳවයි. මගේ දරුවාද උපකාරක පන්තියකට දැමීමට තීරණය කර සිටි නිසා දරුවා එම පන්තියට දැමීම සඳහා ගියෙමි. එම පන්තිය පැවැත්වෙන්නේ ආගමික සිද්ධස්ථානයකය. එහි ඇතුළු වන ස්ථානයේම මෙලෙස සඳහන්ව තිබුණි. Continue reading
ලාංකීය මුස්ලිම් ජනතාව යා යුත්තේ 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් එහාටද? මෙහාටද?
ලාංකීය මුස්ලිම් සමාජය වනාහී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් නිසා ඉතා විශාල ලෙස බැටකෑ ජනවර්ගයකි. කිහිප අවස්ථාවකදීම මුස්ලිම් ගම්මාන වලට කඩා වැදුනු ත්‍රස්තවාදීන් විසින් සමුලඝාතනයන් සිදුකරන ලද අතර එක් අවස්ථාවකදී සමුලඝාතනයක් සිදුකළේ මස්ජිදයේ උදෑසන දේව නැමදුමේ සිටි මුස්ලිම් වරුන්වය. මෙලෙස ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වයට හසුවුනු ලාංකීය මුස්ලිම් වරුන්ට අනූව දශකයේදී හිටි ගමන් උතුරු නැගෙනහිර සියගම්බිම් දේපොල වස්තුව සියල්ල තබා පලා යන ලෙස කෘර එල්.ටී.ටී.ඊ ය විසින් නියෝග කරන ලදී. මේ නිසා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උන්හිටි තැන් සහ සිය දේපොල වස්තුව අහිමිව විශාල අසීරුතාවයන්ට මුහුණ දෙන්නට විය. Continue reading
කැබිතිගොල්ලෑවේ අතවරයට පත් විදුහල්පතිණිය විසින්ම පැමිණිල්ල සමථයකට පත්කර ගැනීමට ඉල්ලීම වැරදි පුර්වාදර්ශයක්
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පතිනියකට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් පසුගිය දිනක වාර්තා වුණා. උපවිදුහල්පති වරයා විසින් කිසියම් කාරණයක් නිසා විදුහල්පතිනියගේ නිවසට යනවිට ඇය කුඹුරට ගොස් ඇති බව සැලවී එහි ගොස් ඇත. එම ස්ථානයට ඔහු යන විට ඇය සිටියේ කුඹුරට වතුර හරවමින් බවට වාර්තාවී ඇත. සැකකාර උපවිදුහල්පති වරයා පාළු ස්ථානයකදී ඇයට අතවර කළ බව ඇය විසින් පොලීසියට පැමිණිලි කර ඇත. මෙහිදී පොලීසිය විසින් සැකකාර උපවිදුහල්පති වරයාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණි. Continue reading
ඉස්ලාම් පුජකයන්ගෙන් රජය සමාව ගත්තාද?
පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනාත්මක මාතෘකාවක් වුයේ මුස්ලිම් සංවිධානයකින් මෙරටට පැමිණි 161 දෙනෙක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නැවත පිටුවහල් වීමට නියෝග කිරීමයි. සමහර මාධ්‍යයන් තුලින් මුස්ලිම් සමාජයට ඉතාමත් නිර්දය ලෙස චෝදනා එල්ල කර තිබුණි. ඒවා නම්
රහසින්වත් වස්සෙක් විකුණමුද?
මේ කථාව අසන්නට ලැබුණේ සබරගමුව පලාතෙන්. එක්තරා පවුලක සිය ආදායම වුයේ කිරි ගවපට්ටියක් පවත්වාගෙන යෑමයි. දිනපතා කිරි වෙලඳාමෙන් දිවි සරිකරගන්නා ඔවුන්ට එම ආදායම සෑහුනේ එදිනෙදාට පමණි. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ තිදෙනෙකුම පාසැල් යන වයසේ සිටි නිසා වසර අවසානයේ දරුවන්ට පාසැල් පොත් නිල ඇඳුම් සපත්තු මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවිය. වෙනදාට ඔවුන් ඒ සඳහා කළේ වසරකට වරක් ගවපට්ටියේ සිටි වස්සෙක් විකුණා ඉන් ලැබෙන ආදායමෙන් එම වියදම් සපයා ගැනීමයි. Continue reading
ජොයිස් මේයර් සහ ඩිනෝ රිසෝ විදෙස් කිතුණු මිෂනාරීන් තම රැස්වීම් වලට ගාලු මුවදොර තෝරා ගත්තේ ඇයි?
ශ්‍රී ලංකාව තුල ඉතාමත් සුළුතර ජනකොටසක් ලෙස සිටින ඉවැන්ජලිකල් කිතුණුවන් (ඔවුන්ගේම මුලාශ්‍රයන්ට අනුව ප්‍රතිශතය 1.2% කි. www.joshuaproject.net) සිටියද ඔවුන්ගේ මුදල් සහ උපාය ක්‍රමවේදයන් අතින් බලවත්ය. නිදසුනක් ලෙස පාර්ලිමේන්තුව තුල පවා ඔවුන්ගේ නියෝජනයක් ඇති කරගන්නට තරම් බලවත්ය. ලංකාවේ පවතින ප්‍රබලම මිෂනාරී සංවිධානයක මුලික නායකයෙක්ගේ පුත්‍රයෙක් පත්කල මන්ත්‍රී වරයෙක් ලෙසට පාර්ලිමේන්තුවේ සිටියි. මීට අමතරව මට දැනගන්නට ලැබුණු ආකාරයට හිටපු රූ රැජිනක සහ තවත් මන්ත්‍රී වරයෙක්ද සිටිති. Continue reading
තබ්ලීග් ජමාත් යනු අන්තවාදී ආගමික අදහස් පතුරවන සංවිධානයක්ද?
ලංකා සී නිවුස් වෙබ් අඩවිය විසින් 2012 ජනවාරි 22 දින ප.ව 1.27ට පලකරන ලද අන්තවාදී ආගම් පතුරුවමින් සිටි විදේශිකයන් 161ක් පිටුවහල් කෙරේ යන සිරස් තලයෙන් යුත් (http://lankacnews.com/sinhala/news/44131/) සහ හිරු එෆ් එම් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ 2012 ජනවාරි 22 ඉරිදා- පස්වරු 12:59 ට පලවු ආගම්වාදී විදේශිකයන් 161කට වැඩ වරදී (http://hirunews.lk/sinhala/26011) යන ප්‍රවෘත්තීන් කියවීමෙන් පසුව මට මෙම ලිපිය ලිවීමට සිත්විය.
මරන්නට සිටින කිරි එළදෙනුන් බේරා ගැනීමේ ප්‍රෝඩාව
අපේ රටේ නීතියේ හැටියට එළදෙනුන් මරන්නට නීතියෙන් තහනම්ය. එසේ නම් මරන්නට සිටින කිරි එළදෙනුන් බේරා ගත්තා යැයි පවසමින් මේ කරන්නාවු ප්‍රෝඩාව කුමක්දැයි මඳක් සොයා බලන්නට මම තීරණය කළෙමි. මම මේ කරුණු සොයා ගන්නා ලද්දේ මස්කඩ ව්‍යාපාරිකයන්ගෙන්මය. Continue reading
වහාබි යනු ආගමික ත්‍රස්තවාදයක්ද?
නැගෙනහිර පලාතේ වහාබි ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවට රජයට සම්බන්ධ මුස්ලිම් දේශපාලකයෙක් පවසා ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා වුණා. මේ පිළිබඳව මා විමසුමක් කළ විට දැන ගන්නට ලැබුණේ ඔහු විසින් එවැනි ප්‍රකාශයක් නොකල බවටයි. නමුත් ඒ වන විටත් මාධ්‍ය මගින් පලමු ප්‍රවෘත්තියට විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබු අතර පසුව ඔහු එවැනි ප්‍රකාශයක් නොකල බවට කළ ප්‍රකාශය පල කිරීමට තරම් ලංකාවේ කිසිදු මාධ්‍යයක් සදාචාර සම්පන්න වු බවක්ද නොපෙණිනි. කෙසේ වුවද මින් වහාබි ත්‍රස්තවාදයක් යනුවෙන් අළුත් වචනයක් අපේ ශබ්ද කෝෂයට ඇතුල් වී ඇති නිසා වහාබි වාදය හෙවත් Wahaabism යනු කුමක්දැයි මඳක් සොයා බලමු. Continue reading
කවුද මේ ඉරාන ජනාධිපති මහ්මුද් අහමද් නෙජාද්?
මේ දිනවල මැදපෙරදිග යුධ උණුසුම නැවත වැඩි වන්නට පටන්ගෙන තිබේ. ඒ ඉරානයට එරෙහිව සටනකට පිවිසීමට බටහිර බලවතුන් සහ ඉශ්‍රායෙලය සුදානම් වීමයි. නමුත් කෙසඟ සිරුරක් හිමි ඉරාන ජනාධිපති මහ්මුද් අහ්මද් නෙජාද් පවසන්නේ තමන් කිසි විටෙක යටත් නොවන බවයි. ඔවුන්ගේ යුධ ශක්තියේ අඩුවැඩි බව කෙසේදැයි යුද්ධයකදී අපට දැකගත හැකි වනු ඇත. මුළු මහත් ඇමරිකානු බල කඳවුරටම අභියෝග කරන ඉරාන ජනපති වරයාගේ වගතුග ගැන මඳක් විමසන්නට මට සිත් විය. Continue reading
කූරගල මුස්ලිම් පුදබිමක්ද?
කූරගල ප්‍රදේශයේ ඓතිහාසික බෞද්ධ පුදබිමක් මුස්ලිම් වරුන් විසින් අල්ලාගෙන ඇතැයි යන හඬක් නැගෙන්නේ බොහෝ කාලයකට පෙර සිටයි. නමුත් එය වනයක්වු තුවාලයක් මෙන් සැරෙන් සැරේ පාරන තත්වයකට පත්ව ඇත. මගේ අදහස නම් මින් ගැටළු ඇති වන්නේ රටේ ආගමික සහජීවනයට නිසා මේ පිළිබඳව ඉතාමත් ඉක්මණින් විසඳුමක් ලබා ගත යුතුය යනුයි. මෙයට ආසන්නතම සිදුවීම ජාතික හෙලඋරුමය ප්‍රමුඛ පිරිසක් 2012 ජනවාරි මස 08 වන දින එහි වන්දනාවේ යෙදීමයි. එතුමන්ලා විසින් කළ දේ පිළිබඳ විවේචනයක් කිරීම මෙම ලිපියේ අරමුණ නොවන නිසා ඒ ගැන සඳහනක් නොකරමි. Continue reading
බේබි ලන්තයේ බේබි දේශපාලනය
බේබි දේශපාලනය වනාහී බේබි ලන්තයට නිදහස ලැබුණු කාලයේ පටන් පැවත එන එකකි. නිදහස ලැබී ටික දොහකින් නායකබන්ඩාර තුමාට තමන්ට මේ කපේදී නායකසේනා තුමාගෙන් රජකම ගන්නට බැරිය යන්න තේරී වෙන අතක් බලා ගත්තත් වලකොතලා තුමා සිතා සිටියේ තමන්ට තිබු හිතවත් කම නිසා කෙසේ හෝ තමන්ට රජකම ලැබේ යැයි කියායි. නමුත් ඔහුටත් හොරෙන් නායකසේනා තුමා අන්තිම කැමැත්ත තමුන්ගේම බේබිට පවරා තිබු නිසා රජකම එවේලේ වලකොතලා තුමාට අහිමි විය. බේබි දේශපාලනය බේබි ලන්තයේ මුල්බැස ගත්තේ මින් පස්සේ බවයි පරණ ඈයින්ගේ කතාව. Continue reading
චේ මාර්කට් කිරීම සහ චේ භීතිකාව
චේ යන ආදරණීය නාමයෙන් ලොවම හදුන්වන අර්නස්ටෝ ඩි ගුවේරා යනු සමාජවාදය හෝ ධනවාදය පිළිගන්නාවු සැවොම ආදරය කරන්නාවු චරිතයක් බව නොකිවමනාය. ඒ මෙතරම් තම පුද්ගලික අරමුණු සියල්ල සමාජවාදය උදෙසා කැප කළ අන් චරිතයක් ලොව නොමැති තරම් නිසාය. මේ නිසා චේ යනු වෙලඳපොල තුල සැමදා මාර්කට් කළ හැකි උන්මාදයක් බවට පත් වී ඇත. සමාජවාදය උදෙසා සිය දිවියම කැප කළ මේ පුද්ගලයාගේ රුව අද විකිණෙන්නේ ධනවාදීන්ගේ වෙලඳ භාන්ඩයක් ලෙස බව අද චේ දන්නවා නම් ඔහුට කුමක් සිතේද? Continue reading

