Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

කූරගල මුස්ලිම් පුදබිමක්ද?

කූරගල ප්‍රදේශයේ ඓතිහාසික බෞද්ධ පුදබිමක් මුස්ලිම් වරුන් විසින් අල්ලාගෙන ඇතැයි යන හඬක් නැගෙන්නේ බොහෝ කාලයකට පෙර සිටයි. නමුත් එය වනයක්වු තුවාලයක් මෙන් සැරෙන් සැරේ පාරන තත්වයකට පත්ව ඇත. මගේ අදහස නම් මින් ගැටළු ඇති වන්නේ රටේ ආගමික සහජීවනයට නිසා මේ පිළිබඳව ඉතාමත් ඉක්මණින් විසඳුමක් ලබා ගත යුතුය යනුයි. මෙයට ආසන්නතම සිදුවීම ජාතික හෙලඋරුමය ප්‍රමුඛ පිරිසක් 2012 ජනවාරි මස 08 වන දින එහි වන්දනාවේ යෙදීමයි. එතුමන්ලා විසින් කළ දේ පිළිබඳ විවේචනයක් කිරීම මෙම ලිපියේ අරමුණ නොවන නිසා ඒ ගැන සඳහනක් නොකරමි.

 

ප්‍රථමයෙන් කූරගල ඇත්තටම මුස්ලිම් පුදබිමක්දැයි අප මඳක් විමසිය යුතුය. ඇත්ත වශයෙන්ම මුස්ලිම් වරුන් වන අපට ඇත්තේ නැමදුම් ස්ථාන මිස පුදබිම් නොවේ. මුස්ලිම් අපගේ නැමදුමේ කේන්ද්‍රස්ථානය වන සෞදි අරාබියාවේ තිබෙන කාබා නැමති සිද්ධස්ථානයද හිස් ගොඩනැගිල්ලක් පමණක් වන අතර එය වනාහී ලෝක මුස්ලිම් ප්‍රජාවේ නැමදුම් කේන්ද්‍රස්ථානය පමණි. එමෙන්ම මුස්ලිම් වරයෙකු ලෙස අපට හජ් වන්දනාවේ යෑම සඳහා ඉස්ලාමය විසින් අනුමත කර ඇත්තේ එක් ස්ථානයකට පමණි. එනම් මුස්ලිම් අපගේ මුලික වත්පිළිවෙත් පහෙන් එකක් වන හජ් වන්දනාව තුලදී සෞදි අරාබියේ මක්කාහ් නගරයට ගොස් ඉටුකරන වතාවත්ය.

 

මක්කාහ් හැර මුස්ලිම් අප හට වෙන විශේෂ නමදුම් ස්ථාන දෙකක් ඇත. ඒවා නම් සෞදි අරාබියාවේම තිබෙන මදීනා නගරයේ පිහිටි මස්ජිදුන් නබවි හා පලස්තීන ජෙරුසලමේ පිහිටි මස්ජිදුල් අක්සා යන ස්ථානයන්ය. මක්කාවෙහි පිහිටි කාබා සිද්ධස්ථානය ඇතුළුව මෙම ස්ථාන තුන හැරෙන්නට විශේෂ කුසලයන් අපේක්ෂාවෙන් නැමදුම සඳහා යෑමට වෙන කිසිම පුද බිමක් මුස්ලිම් වරුන්ට ලොව නොමැත. මුළු මිහිතලයේම (වැසිකිලි හා සොහොන් බිම් හැරෙන්නට) පිරිසිදුවූ ඕනෑම තැනක මුස්ලිම් වරුන්ට තමන්ගේ නැමදුම් කටයුතු කරගත හැකිය. ඉහත ස්ථාන තුන හැරෙන්නට අනිවාර්ය පංචකාල සලාතය (නැමදුම) තනිවම ඉටු නොකර ඕනෑම මස්ජිදයක (මුස්ලිම් පල්ලියක) සාමුහිකව ඉටුකිරීම තුලින් අතිරේක කුසල් ලැබෙන අතර අන් කිසිදු තැනක් විශේෂ තත්වයේ ලා සැලකීම ඉස්ලාමීය පිළිවෙත නොවේ.

 

ශ්‍රී ලංකාවේ බහුතරයක් මුස්ලිම්වරු කූරගල වන්දනාවක නොයන අතර ඒ පිළිබඳ තැකීමක්ද නොකරති. එම ස්ථානයේ අතීත මුස්ලිම් වරයෙකුගේ සොහොනක් තිබෙනවා නම් එවැනි සොහොන් බැඳ නඩත්තු කිරීමද එම සොහොන් වලට වරින් වර ගොස් වතාවත් කිරීම හෝ ඒ සොහොනෙහි මියගොස් සිටින්නාගෙන් කිසිවක් අයැදීමද ඉස්ලාමය තුල සපුරා තහනම් වුවකි.

 

කූරගල සම්බන්ධයෙන් බෞද්ධ සහ මුස්ලිම් සමාජයේ විද්වත් කථිකාවක අවශ්‍යතාවය දැඩිව ඇත. මෙවැනි යහ සංවාදයක් තුලින් එළඹෙන විසඳුම් වලින් කිසිදු පාර්ශවයකට අගතියක් නොවනු ඇති බව මගේ විශ්වාසයයි.

 

  • සාබිත් says:

    පැහැදිලිවම (කබ්‍ර්) සොහොන් වන්දනවා ඉස්ලාමයේ ප්‍රතික්ශේප කර තිබෙනවා…ආගමට අලුතින් දේවල් එක් කරන්න යාම(පෞද්ගලික වාසි තකා) නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම..මේක ඉස්ලාමීය විදවතුන් ඉස්සරහට වෙලා අයින් කරන්න ඕන..රජය විසින් මේක අයින් කල යුතුයි කියලා තිරනය කලොත් මං අත් දෙකම උස්සලා සහයෝගය දෙනවා!

    2012/01/15 at 1:39 PM
    • muhammad says:

      සාබිත් මුස්ලිම් වරුන් මලමිනී අදහන්නේ නෙත එහෙත් උලමාවරුන්ත ගරු කරන්නෙමු

      2012/04/07 at 10:03 PM
  • අස්වර් says:

    හදිස්සි වෙලා මත ඉදිරිපත් කරන්න එපා. සොහොන් වන්දනාව වැරදි මාත් පිළිගන්නවා. ඒක කඩනවද නැද්ද කියන එක මුස්ලිම්වරැන් වන අපි බලා ගනිමු.

    2012/01/16 at 5:45 PM
  • හකීම් says:

    මේකෙ මුස්ලිම් ඉතිහාසය ගැන මම දන්නේ නැහැ. නමුත් මේක ගොඩනැගීමට ජේ ආර් ගේ කාලේ හිටපු දේශපාලකයෙක් මැදිහත් වුණා. ඇත්තටම මෙහි බෞද්ධ නටබුන් තිබෙනවා නම් මෙතැන ඔවුන්ට අයිති තැනක් බවට පැවසිය හැකියි. අනුන් සතු දේ බලෙන් ලබා ගැනීමට යාම ඉස්ලාමයට පටහැනියි.

    2012/01/16 at 10:43 PM
  • යසලාලකතිස්ස says:

    මෙතන ප්‍රශ්නය තියෙන්නෙ කුරගල මුස්ලිම් අය වන්දනාකරන එකක් ගැන නොවේ,මුස්ලිම් අයවලුන්විසින් බෞද්ද සිදස්තානයක් බලහත්කාරයෙන් අල්ලගෙන විනාශ කරන ප්‍රශ්නයයි, එතකොට ඔබ කතාකරන ආගමික සහජීවනයට මොකද වෙන්නෙ

    2012/01/22 at 11:58 PM
    • හකීම් says:

      ඉස්ලාමයට පටහැනි යම් වන්දනාවක් යමෙකු විසින් කරනවා නම් එතැනදී ඔවුන්ගේ මුස්ලිම් භාවය අහෝසි වේ. එතැන් පටන් ඔවුන් මුස්ලිම් නාමය දරන්නාවු මිනිසුන් කන්ඩායමක් මිස සැබෑ මුස්ලිම්වරු නොවේ.

      ලංකාවේ සිටින මුස්ලිම් වරුන්ගෙන් 99%ක්ම මෙතැනට නොයන බව වගකීමෙන් ප්‍රකාශ කරමු.

      2012/01/23 at 2:50 AM
  • මුතූ says:

    ඇත්තම කියනවනම් මෙතන වෙලාතියෙන්නේ “බළලුන් ලවා කොස් ඇට බාව ගැනීමක්”.
    මෙන්න මේකයි කතාව…… ඇත්තටම ලංකාවේ ආන්ඩුවට තබ්ලීග් ජමාට් හෙකත් එක්ක හැප්පෙන්න කිස්ම හේතුවක් තිබුනේ නැහැ… ඉදිරියටත් එහෙම වෙන්න සාධාරණ හේතුවකුත් නැහැ.. ඒ තබ්ලීග් ජමාත් එකෙන් වෙන්නේ හොඳ දෙයක් මිසක් නරකක් නොවන නිසා… එයාලා කවදාවත් මුස්ලිම් නොවන අයට ඉස්ලාම් ආගම කියන්න පහදිලි කරන්න යන්නේ නැහැ… නමුත්… එයාලා ඉස්ලාම් ආගමේ නාමයෙන් කෙරෙන ඉස්ලාම් ආගමේ නැති දේවල් වලට තදින්ම විරුද්ධයි… එතනයි කතාව පටන්ගන්නේ… ලංකාවේ ඉන්නවා කට්ටියක් මුස්ලිම් පූජකයන්ගේ සොහොන් වන්දනාමාන කරන කොටසක්… ඒ අයගේ සංවිධානයේ නම තමයි (සංස්කාරක විසින් නම කපා හරින ලදි) මේවගේ නම් වලින් මේ අය හදුන්වනවා… මේ අය කරන්නේ මේ බෞද්ධ ලංකාවේ සිංහල බෞද්ධයන්ගේ විශේෂිතවූ ස්තානයන්වල තම කන්ධායමේ නායකයන්ගේ මාසිරුරු බූමදානය කර එම ස්තානයන් තමන්ගේ පූජනීය ස්තානයන් බවට හරවා එම ස්තානයන් අත්පත්කරඇනීමයි… මේ කල්ලියේ ප්‍රදාඅනම අයගෙන් කෙනෙක් තමටයි (සංස්කාරක විසින් නම කපා හරින ලදි)මෙයා තබ්ලීග් ජමාට් කියන කන්ඩායමත් එක්ක නයිවයිරයෙන් ඉන්න ප්‍රදානම හේතුව තමයි තබ්ලීග් අය සොහොන වන්දනාවට විරුද්ධ වීම… ඒ නිසා මෙයා ආන්ඩුව ලවා තබ්ලීග් අයව මට්ටු කරන්න හදන්නේ…(සංස්කාරක විසින් නම කපා හරින ලදි) මේතරම් දෙයක් කරන්න තරම් දරුනු වෙන්න ආසන්නම සිදුවීම තමයි අනුරාධ පුරයේ (‍සංස්කාරක විසින් නම කපා හරින ලදි) සොහොන්ගෙය සිංහල බෞද්ධ සංවිධානය කියන කන්ඩායමක් විසින් කඩා විනාශ කරදැමීම.. (සංස්කාරක විසින් නම කපා හරින ලදි) හිතුවා මේකට තබ්ලීග් ජමාත් අයගේ අනුබල දීමක් ඇති කියලා ආන්ඩුව ලව්ව තබ්ලීග් ජමත් කන්ඩායම රටින් පිරටකරන්න කුමන්ත්‍රනය කරීමට… මතක ඇති මේ ලඟදී දවසක් (සංස්කාරක විසින් නම කපා හරින ලදි) කියලා තිබුනා නැගෙනහිර පැත්තෙ “වහාබිසම්” කියලා කන්ඩායමක් ත්‍රස්තවාදී වැඩකරන්න හදනවා කියල කිව්වා… මම කියන්වා මේක කියවන මුස්ලිම් නොවන අයට පොඩ්ඩක් තබ්ලීග් ජමාත් සහ වහාබිසම් දෙක ගැන ඉන්ටර්නේ එකේ හොයන්න කියලා… (සංස්කාරක විසින් නම කපා හරින ලදි) ගේ ලනු කන්න කලින්.. (මෙම කමෙන්ට් එක සංස්කරණය කිරීමට සිදුවීම පිළිබදව කණගාටුව පළ කරමි. මෙම පාඨකයා විසින් ලියා එවු අදහස් ඔහුගේම බව කරුණාවෙන් සලකන්න. මෙයට සංස්කාරක)

    2012/01/25 at 9:19 PM
  • ෂෆීක් says:

    වතාවක් දිනමිණ පුවත්පතේ ම දුටුවා කුරගලට පැමිණි ඉරාන ජාතින් හා අප රජයේ ඇමතිවරයන් ගැන ලිපියක්. එහි සදහන් ආකාරයට ඈත අතීතයේ කුරේෂා නම් ඉරාන රූමත් කාන්තාවක් අග බිසව කරගත් සිංහල රජකෙනෙක් ගැන. (අවාසනාවකට මට ඒ රජතුමාගේ නම අමතක විය) පහු කාලීනව එම දෙපලගේ පුතු ඉස්ලාම් බක්තිකයෙක් වී මරණින් පසු එම ස්ථානයේ ඉස්ලාම් අගමනුකුලව තැන්පත් කර ඇත. පසුව එම ස්ථානය ආගමික වතාවන් සිදු කිරීමට පටන් ගෙන එත. ඊට නුදුරින් ඇති තවද ප්‍රදේශයක ඔහුගේ මව වන කුරේෂා බිසවගේද දේහය තැන්පත් කර දෙවස්තනයක්ද ඉදිකර ඇත. එවකට පැමිණි ඉරාන රජයෙන්ද එම ප්‍රදේශය වැඩි දියුණු කිරීමට ප්‍රකාශනයක්ද කර ඇත.

    2012/03/20 at 9:46 PM
    • Anver Manatunga says:

      ඒ පිලිබදව විස්තර මම නොදනිමි. ඉස්ලාම් භක්තිකයෙක් තැන්පත් කළ තැනක් කියා කළ යුතු ආගමික වතාවත් ඉස්ලාමයේ නොමැත. කිසිකෙනෙකුගේ මල සිරුරක් තැන්පත් කර එම ස්ථානයේ දේවස්ථානයක් ඉදිකිරීම ඉස්ලාමය විසින් තහනම් කරන ලද දෙයකි.

      නමුත් එය පෞරාණික බෞද්ධ පුදබිමක් නම් ඒ පිළිබදව රජය විසින් සොයා බලා කටයුතු කළ යුතුය.

      2012/03/21 at 2:27 AM
      • Dev says:

        ඔබේ කතාව 100%ක් හරි!

        2012/04/08 at 10:59 AM
    • Dev says:

      ඔයා මෝඩ talk දෙන්නෙ නැතුව ඉන්න… ඉස්සෙල්ල ගිහින් තමන් අදහන ආගම ඉගෙනගෙන එන්න… මෙතන ගොඩක් හොඳ මුස්ලිම්වරු ඉන්නව… ඒ අයව චා නොකර පැත්තකට වෙලා ඉන්න… ඔයාලගෙ කුරෙශා හිට්යා කියල පැරනි නටඹුන් විනශ කරන එක හරිද??? ගොන් talk එපා යාලුවා…

      2012/04/08 at 11:04 AM
  • ෂෆීක් says:

    ඔබ හරි ඉස්ලාමයේ එවැන්නක් නොමැත. නමුත් සිදුවී ඇත්තේ එවැන්නකි මට හැගෙන ආකාරයට ඉරනයත් මෙයට සම්බන්ද බැවින් මෙය ෂියාවරුන්ට සම්බන්දකම් කියන තැනක්. කෙසේවෙතත් බෞද්ද සිද්දස්ථාන වලට යම්කිසි පරිහනයක් සිදුවෙනවානම් රජය මැදිහත්ව එය වැළැක්විය යුතුඉ.
    තවද එම පුවත දුටු මට හැගුනේ කොලඹ දවටගහා පල්ලිය වැනි ස්ථානයකි (සිහරම්)
    මේ ගැන තවද තොරතුරු ඇත්නම් දැනගැනීමට කැමති.

    2012/03/21 at 12:59 PM
  • ෂෆීක් says:

    තවද එම ස්ථානයේ ඉස්ලාමයට පටහැනි දෙයක් සිදුවන්නේ නම් එය වැළකීමට පියවර ගැනීම වගකියයුත්තන් කල යුතු අතර පෞරාණික වස්තුන් සුරැකීම රජය විසින් කලයුතු වේ.

    2012/03/21 at 1:16 PM
  • sagara says:

    මේක බෞද්ධ පුදබිමක් බව නොදැන මුස්ලිම්වරු ඉදිරිපත්වෙලා හැදුවා කියලයි මට හිතෙන්නෙ.සාකච්ඡා මාර්ගයෙන් විසදගමු.මුස්ලිම් ඉදිකිරීම් කඩන්නෙ නැතිව විසදුමක් ලබා ගත්තොත් හොදයි.

    2012/04/01 at 10:01 AM
  • අම්මාර් says:

    අන්වර් කියූ පරිදි ඉස්ලාම් ආගමේ ප්‍රධාන සිද්දස්ථාන තියෙන්නේ 3 ක් පමණි. එය හැර වෙනත් ඕනෑම පිරිසිඳු ස්ථානයකදී ඔවුන්ට නමදුම් කළහැකි. මෙලස පැරණි සොහොන් ඇතිතැන් වලට ගොස් ඒවා නමදුම්කර ඒවා පුදබිම් කරගැනීම ඉස්ලාමයේ තහනම් දෙයක්. කුරගල පුදබිමක් කරගෙන එතන වන්දනාමාන කරන මුස්ලිම්වරු කරන්නේ ආගමට පටහැනි දෙයක්. මුස්ලිම් වරයෙකු ලෙස මෙය කීමට මම බයවෙන්න නැ .

    මෙහි පැරණි බෞද්ධ නටබුන් තිබෙනවානම් කලයුතු එකම දේ මෙය නැවත ඔහුන්ටම බාරදීමය් . මෙය සාකච්චා මාර්ගයෙන් ගැටුම් ඇතිනොවන අයුරන් කලයුතු දෙයක්.

    2012/04/05 at 6:02 PM
    • Dev says:

      ඔක්කොම මුස්ලිම්වරු ඔයාල වගේ බුද්දිමත් මිනිස්සු උනානම් මේ ලන්කාව තමයි ලොකෙන්ම 1!!!

      එහෙනම් මෙ කිසි ප්‍රශ්නයක් නෑ…

      2012/04/08 at 11:07 AM
  • nalaka gunawardena says:

    hariyata hari, muslim ayath ape sri lankikayan, muslim aye piligannawanam wena agame deewal walata karadara karanna apa kiyala eka thamai hari,katakarala prasna wisadagamu

    2012/04/08 at 12:50 PM
  • ෂෆීක් says:

    දෙව්, පටලවගන්න එපා මෙතන සදහන් වෙන්නේ පුවත් පතක සදහන් වුන දෙයක් පමණි.
    කුරගලට කෙදිනකවත් නොගිය මට එම පුවත් පතෙහි සදහන් නොදන්නා දෙයක් ගැන තවදුරටත් දැනගැනීමට රුචිකත්වයක් දක්වමින් එය මෙහි සදහන් කලෙමි.

    තවද එහි සදහන් ආකාරයට ආගමික වතාවන් සිදුකර ඇත්තේ එම සොහොනට නොව ඒ අසල දේවස්ථානයක් ඉදිකර යනවගඊ එහි සදහන් වුයේ.

    කෙසේ නමුත් පෞරාණික වස්තුන් විනාස නොකර සුරැකීම අප කාගේත් වගකීම වේ.

    2012/04/08 at 1:45 PM
  • ෂෆීක් says:

    අන්වර් සහෝදරයා, ඔබ ලබන හැම comment එකක්ම ලබන්නා පිළිවෙලට (දින පිළිවෙලට) සදහන් කරන්නේනම් අගෙඉ

    2012/04/08 at 2:30 PM
    • Anver Manatunga says:

      මට මේ සර්වර් එක දීපු පහසුකම් තමයි මේ තියෙන්නේ. ඔබ කිවුදේත් කරන්න උපරිම උත්සාහ ගන්නම්.

      2012/04/08 at 7:51 PM
  • ෂෆීක් says:

    Thanks.

    2012/04/09 at 12:09 PM
  • Mushtaq Farook says:

    අන්වර් සහෝදරයා මේ ප්‍රශ්නෙ ගැන මගෙනුත් මගේ හුඟක් බෞද්ධ යහළුවන් ප්‍රශ්න කලා… මමත් ඔවුන්ට කිවෙ ඔබ කියුදේමයි… අහම්බෙන් මේ බ්ලොග් එක දැක්කෙ… මම මෙහි ලින්ක් එක ඔවුන්ට යැව්වා කියවන්න කියා… එය මටත් පහසුවක්… බොහෝම ඉස්තූතියි යහළුවා.

    2012/04/11 at 2:10 PM
  • ෂෆීක් says:

    http://www.sundayobserver.lk/2009/08/02/spe07.asp

    2012/04/14 at 6:37 PM
    • Anver Manatunga says:

      ගලේ බන්ඩාර දෙවියන් ගැන ගවේෂනාත්මක ලිපියක් නුදුරේදීම බලාපොරොත්තු වන්න.

      2012/04/15 at 7:27 AM
      • Mahasona says:

        ඔබ තුමාට අල්ලාහ් දෙවියන් ගැන ගවේෂනාත්මක ලිපියක් දන්නා පුලුවන්ද?

        2012/06/25 at 8:02 PM
        • Anver Manatunga says:

          මේක ඉස්ලාම් වෙබ් අඩවියක් නොවේ.

          2012/06/25 at 8:47 PM
  • ෂෆීක් says:

    good.

    2012/04/15 at 11:01 AM
  • Ishak says:

    මෙම සොහොන් වන්දනය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ට සක්රමනය වූ දෙයක් .. මෙවැනි සොහොන් වන්දනා ගැන විශාල වශයෙන් ප්‍රසිද්ද ස්ථාන ඉන්දියාවේ සහ පකිස්ටනයේ තිබෙනවා
    නමුත් අද ලංකාවේ මුස්ලිම් වරුන් හුඟක් දෙනෙක් මෙහි සත්‍ය තේරුම් ගැනීම නිසා අද මේ දේවල් හුඟක් අභාවයට යමින් පවතින්නේ ..
    මට මතකයි පොඩි කලේ මරදාන සහ කොල්ලුපිටියේ පල්ලියක තියෙන මේ වගේ ස්ථානයකට මගේ ආච්චි සමග නිතර නිතර යාට්චාවන් සදහා පැමිණ තිබෙනවා,
    නමුත් අද එවැනි පිරිසක් දකින්න නැ කොටින්ම කොල්ලුපිටියේ තිබ්බ ස්ථානයට මම දන්නා තරමින් අද කවුරුවත් යන්නෙත් නැ හැබැයි මරදාන පල්ලියටනම් තවම කට්ටිය ටිකක් එනවා මුස්ලිම් ය විතරක් නෙමෙයි අන්‍ය ආගම් වල අයත් මරදාන පල්ලියට එනවා.

    කුරගල කියන්නේ මොන ආගමකට අයති වුනත් එය පුරා විද්‍යාත්මකව වටිනා ස්ථානයක් බව විවාදයක් නැ …එය ආරක්ෂා කිරීම මුළු ශ්‍රී ලන්කවසින්ගේම යුතුකමක් .
    මෙයට රජය විසින් මැතිහත් වී සකට්චාමය විසදුමකින් බේරා ගත යුතු ප්‍රශ්නයක් ..නැත්නම් මෙය හොද මාතෘකාවක් ජාතිවාදීන්ට තමන්ගේ ජාතිවාදී විෂ බීජ වැපිරවීමට.

    2012/04/19 at 6:54 PM
  • ඉෂාන් දුෂ්‍යන්ත says:

    කතාකරන මාතෘකාවට අදාල නොවුනත් දැඩි කුතුහලය නිසා මෙය ඇසීමට හිතුනි. මීට පෙර මුස්ලිම් ජාතිකයින්(?) විසින් පවත්වාගෙන යන බ්ලොග් සයිට් කිහිපයයකටම මාගේ ප්‍රශ්ණය යොමුකලද නිසි සෘජු පිළිතුරක් නොලැබිණි.

    මාගේ ගැටලුවනම් “මුස්ලිම්” යනු වෙනම ජාතියක් ලෙස සැලකීම කොතරම් සාර්ථකද යන්නයි? ලංකාවේ ප්‍රධාන ජාතින් තුන ලෙස පාසල් ළමුන්ට උගන්වන්නේ “සිංහල”, “දෙමළ” හා “මුස්ලිම්” ලෙසයි. මෙහිදී සිංහල හා දෙමළ ජාතින් 2ම කථාකරන භාෂාව අනුවත් මුස්ලිම් ජාතිය අදහන ආගම අනුවත් හදුන්වා දේ.

    මා ජීවත්වන ප්‍රදේශයේ (හම්බන්තොට) සිටින මුස්ලිම්වරු සැළකීමේදී ඔවුන්ගෙන් කොටසකගේ මවුභාෂාව දෙමළ භාෂාව වන අතර ඉතිරි අයගේ මවුභාෂාව සිංහල වේ.
    මෙම සිංහල භාෂාව කථාකරන මුස්ලිම්වරු අතර මෑතකදී සිංහලව සිට මුස්ලිම් ආගමට හැරුණු කිහිපදෙනෙක්ද සිටින අතර මාගේ ගැටලුවනම් ඔවුන්ගේ ජාතිය නිවැරිදි ලෙස කුමක්ද යන්නයි. මාහට මුස්ලිම් ආගම ඇදහු මිතුරියක්‌ සිටින අතර ඇය මීට වසරකට පමණ පෙර සිට අදහනුයේ කතෝලික ආගමයි. නමුත් ඇය තවමත් ලියකියවිලි වලට (සංගණනය වැනි) සපයනුයේ තම මුස්ලිම් තොරතුරුය. අප ජාතිය නිසි නිර්ණායකයක් මත සිට විග්‍රහ නොකිරීම මෙවැනි ගැටළුවක් ඇතිවීමට හේතුවක් නේද?

    අප බහුතරයක් ආගමක් අදහනුයේ එම ආගම ඇත්ත ලෙස අපවිසින්ම බුද්ධිය මෙහෙයවා වටහාගත් නිසා නොව, කුඩාකල අපගේ වැඩිහිටියන් අපව ඔවුන් අදහන ආගමම ඇදහීමට යොමුකළ නිසාය. නමුත් අප සමහරුන් වැඩිහිටියන් බවට පත්වීමේදී තම බුද්ධි මට්ටම හා කැමැත්ත අනුව වෙනත් ආගම් ඇදහීමට යොමු වේ. නමුත් මෙලෙස මුස්ලිම් ආගමට අලුතින් යොමුවන්නන් හට හෝ මුස්ලිම් ආගම අතහරින අය සම්බන්ධයෙන් මට ඇති කුතුහලයනම් එවිට ඔවුන්ගේ ජාතියත් වෙනස් වේද යන්නයි.

    2012/05/09 at 2:41 PM
    • Anver Manatunga says:

      මුස්ලිම් කියා ජාතියක් ලොව කොහේවත් නොමැත. ලංකාවේ සිටින මුස්ලිම් ආගමිකයන් ජනවර්ග කිහිපයකට අයත්ය. බහුතරයක් ලංකා යෝනක සහ ලංකා මැලේ ජාතිකයන් වෙති. ඉතා සුළු වශයෙන් ද්‍රවිඩ හෝ සිංහල ජාතිකයන්ද සිටිති. කිසියම් සිංහල හෝ දමිල කෙනෙක් ඉස්ලාම් ආගම වැලද ගත්තද එමගින් ඔවුන්ගේ ජාතිය අහෝසි නොවේ. ඔවුන් තවදුරටත් ඒ ජාතියේමය. ආගම පමණක් වෙනස් වේ.

      2012/05/13 at 10:36 AM
  • Azmeer says:

    ඉන්දියාවේ ඉපදෙන්නා ඉන්දියන් ජාතිකයෙක්නම්, ඇමරිකාවේ ඉපදෙන්නා \ඇමරිකන් ජාතිකයෙක්නම්, ලන්කාවේ ඉපදුන මම ශ්‍රී ලාන්කික ජාතිකයෙක්.

    2012/06/23 at 9:08 AM
  • KHL says:

    Kuragala is an ancient Buddhist monastery no doubt about that. Countless archaeological experts has confirmed this. Although it was not properly excavated some archaeologists had visited the site and had documented what they saw jutting above the ground. They have reported that there were many “sel lipi” which were seen above ground (there may have been more but it wasn’t excavated) and numerous Buddhist relics such as remains of Buddha statues in almost every cave there, and also some small sthupas including at the top.

    Recent reports I have read show that almost all of the relics in the cave complex has been destroyed. Including the Buddha statues & sel lipi. Now the Muslims say that it was a place visited by some Mohammed Jilani fellow a long time ago. I tried to find any accounts for this but could not find any historical records confirming such a thing.

    Incidently I have a Muslim friend who told me that they they go on annual pilgrimage to kuragala as long as he remember’s (more than 15 years) and he conceded that the Muslims residing there has destroyed many Buddhist relics [he said that some Buddhist relics that was there when he was small has now been destroyed] , he accepted that it was wrong but said it was done because to create more suitable place of worship to Muslims.

    Prof.Senarath Paranavithana had done several walk through expeditions in the eastern province mainly in Jungle areas that are now cleared. He had said just by walking through the jungles and other unexcavated areas he encountered numerous Ancient Buddhist ruins, sel lipi and so on. He had said that if excavated it would provide a treasure trove of artifacts and knowledge about ancient times – unfortunately recent surveys has shown that much of those that Prof.Paranavithana had described has been destroyed by Guess who?? Muslims residing in those areas. The most famous instant being the Deegawapiya incident.

    My query is if you say that Muslim is a peaceful religion then why do Muslims destroy other religious artifacts and belongings??? This happens not only in Sri Lanka but in other countries as well. Why & What do Muslims want to achieve through this???

    2012/06/27 at 10:07 AM
    • Anver Manatunga says:

      කූරගල ගැන අප අප‍ගේ ස්ථාවරය පවසලා ඉවරයි. ඇත්තටම එයට ලංකාවේ මුස්ලිම් වරුන්ගෙන් බහුතරයක් යන්නේ නැහැ. දීඝවාපිය සහ මුහුදු මහා විහාරය ගැන ගවේෂනයක් කර මගේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

      2012/06/27 at 8:08 PM
  • ඩිලාන් says:

    minissu karanna one agam kare thiyagena gahaganna eka newe.. thamantath anuntath wedadhayi pudhgalayek wena eka..hema agam nayakayekma upadhes dheela thiyenne jeewithaya yahapath karaganna.. Agama mokakwunath eka thange jewithayata wedhagathnam eka jeewithayata ekathu karaganna ekai kalayuthu..

    2012/07/04 at 11:12 AM

Your email address will not be published. Required fields are marked *

*