හාර ලක්ෂයකට ආසන්න ජනතාවක් වෙසෙන සහ වර්ග කිලෝමීටර් 298 ක භූ වපසරියක් සහිත මාල දිවයින එසේ හැඳින්වීමට හේතුව දුපත් රැසක් මාලයක් මෙන් සැකසී තිබීම බැව් පැවසේ. මාලදිවයින් ජනරජයේ ප්‍රධාන භාෂාව වන්නේ දිවෙහි බසයි. දිවෙහි බසින් මාල දිවයින් ජන රජය හඳුන්වන්නේ දිවෙහි රාජේය්ගේ ජුම්හෝරියා යනුවෙනි. දිවෙහි බස සිංහල හා ඉතාමත් සමානත්වයක් දක්වයි. එම රජයේ ප්‍රධාන දහම ඉස්ලාම් වන අතර එහි වැසියන් ඉස්ලාම් භක්තිකයන් විය යුතු බව එරට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් වේ. නමුත් ක්‍රිස්තියානි මිෂනාරි වරුන්ගේ වාර්තා අනුව එහි මුස්ලිම්වරු 99% ක්ද මුස්ලිම් නොවන්නන් 1 % ක්ද වෙසෙති.
ලොව ගොඩබිම් අතර මුහුදු මට්ටමින් ගත්කල මාලදිවයින යනු ඉතාමත් පහතින්ම පිහිටා ඇති භූමි ප්‍රදේශයකි. මේ නිසා ලොව ගෝලීය උශ්නත්වය වැඩිවන විට සිදුවන්නාවු සාගරයේ ජල මට්ටම ඉහල යාම තුලින් දිනක මාලදිවයින ලෝක සිතියමෙන් අතුගෑවෙනු ඇතැයි සැලකේ. මේ ගැන විශේෂ අවධානය යොමුකර ඇති වර්තමාන මාලදිවයින් ජනරජය ස්වයිරී මුලධන අරමුදල නමින් අරමුදලක් පිහිටුවා එම අරමුදල මගින් මතු දිනයක මාලදිවයින මුහුදට යට වුවහොත් එම රටේ ජනතාව පදිංචි කරවීමට භාවිත කිරීම සඳහා ලොව වෙනත් රට වලින් ඉඩම් ගැනීමට කටයුතු කරමින් පවතියි. මේ අනුව ඔවුන් ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව සහ මැදපෙරදිග රටවල ඉඩම් මිලදී ගැනීමට අවධානය යොමුකර ඇත.
අතීතයේ සිට මාලදිවයින ශ්‍රී ලංකාව සමග ඉතාමත් කිට්ටු සබඳතාවයක් පැවත ඇති අතර සමහර අතීත රාජාන්ඩු කාල වලදී ඔවුන්ගේ පාලකයන් විසින් මෙරට සිටි පාලකයන්ට බදු ගෙවා ඇති බැව්ද පැවසේ. සාගරයට යටවන රටක් වශයෙන් මාලදිවයින් වැසියන්ට ලොව ඕනෑම රටකට යෑමට වීසා පහසුකම් ලබා ගත හැකිමුත් වර්තමානයේද බොහෝ මාලදිවයින් වැසියන් ලොව අනෙක් රට වලට වඩා මෙරට රැඳී සිටීමට ප්‍රියතාවයක් දක්වති. එනිසා මාලදිවයින් වැසියන්ට ශ්‍රී ලංකාව යනු සිය දෙවන මව්බිමක් වැනිය.
මාලදිවයිනේ බොහෝ ප්‍රභූ වරුන් ලංකාවේ මුලික අධ්‍යාපනය හැදෑරූ අය වන අතර ඒ අය අතුරින් හිටපු ජනාධිපතිවරයෙක් වන මව්මුන් අබ්දුල් ගයුම් මෙරට ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි සිසුවෙකි. මෑතකාලීණ ජනපතිවරයෙක්ව සිටි මොහොමඩ් නෂීඩ් මැතිතුමාද ලංකාවේ අධ්‍යාපනය හදාල ඉතාමත් කිට්ටු හිතවතෙකි. අතීතයේදී මෙරට අධ්‍යාපනය ලැබු වත්මන් මාලදිවයින් නායකයන් බොහෝ දෙනෙකුට සිංහල බසද ඉතා චතුර ලෙස කථා කළ හැක.
වර්තමානයේ මාල දිවයිනේ නිවාස හිඟකම නිසා තිබෙන නිවෙස් වල වටිනාකම ඉතාමත් ඉහල ගොස් ඇත. මේ නිසා බොහෝ මාලදිවයින් වැසියන් කරන්නේ තම නිවෙස් විශාල මුදලකට කුලියට දී ලංකාවට පැමිණ එම මුදලින් නිවසක් කුලියට ගෙන, දරුවන්ද නඩත්තු කරමින් ජීවිතය ගත කිරීමයි. මේ නිසා වර්තමානයේ දෙහිවල, ගල්කිස්ස ප්‍රදේශයේ මාලදිවයින් වැසියන් බොහෝ පිරිසක් නිවාස කුලියට ගෙන වාසය කරති. එම රටේ ඉඩම් හිඟ වීමට තවත් හේතුවක් නම් සංචාරක හෝටල් වලට දුපත් විශාල ප්‍රමාණයක් දීර්ඝකාලීණව බදු දී තිබීමයි. මෙම සංචාරක හෝටල් හිමි සමාගම් මගින් එම දුපත් වල විශාල ගොඩ කිරීම් කරමින් වඩා ඉහලින් ඉදිකිරීම් සිදුකරන්නේ දිනක මාලදිවයින සාගරයට යටවුණද සංචාරක හෝටල් එසේ යට නොවීමටය.
යම්කිසි දිනක මාලදිවයින් වැසියන් සියළුම දෙනාට එම රට අහිමි වීම නියතය. අවසානයේ එරටෙහි උසින් ඉහළින් තිබෙන්නාවු සංචාරක හෝටල් පමණක් ඉතිරිවනු ඇත. එනම් සංචාරක සමාගම් විසින් පාලනය කරන්නාවු දුපත් කිහිපයක් පමණක් එහි ඉතිරි වනු ඇත. එසේ ඉතිරි වන දුපත් මොනවාදැයි සොයා බලා, එම දුපත් වෙනත් රටක හස්තයට යාමට ඉඩ නොදී, දැන් පටන් එම දුපත් වල සංචාරක කර්මාන්තයේ ආයෝජනයන් සිදු කිරීමට, මෙරට දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වා, මතු දිනක එම දුපත් අප රටේ බලපෑම යටතේ පැවතීමට කටයුතු සැලසීම, අප ශ්‍රී ලංකා රජයෙන් ගතයුතු උපාය මාර්ගික පියවරකි.
wathsala says:
මාල දිවයින සහ එහි වැසියන් අනාගතයේ මුහුදට යටවීම ඔබ අදහන අල්ලා දෙවියන්න්ගේ කැමැත්ත නම් අපි මොකටද ඒකට විරුද්ධ වෙන්නේ. ඒක හරියට මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අෂ්රොෆ් ගේ මෙලොව දිවිය අවසන් කළා වාගේ විමසිය යුතු කාරණයක්. මම නම් කියන්නේ ඒක උනේ බුදුන් වහන්සේගේ ඉල්ලීමෙන් සක්‍ර දෙවියන්ගේ අනින් මේ රට ආරක්ෂා කිරීමට පත් කල, විෂ්ණු දෙවියන්ගේ කැමැත්තෙන් උන වැඩක් කියයි. මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අෂ්රොෆ් ගේ මෙලොව දිවිය අවසන් වුයේ ඔබ අදහන අල්ලා දෙවියන්න්ගේ කැමැත්ත අනුව යයි පැවසීම හැර ඔබට කීමට වෙනත් අදහසක් තිබේද?
Anver Manatunga says:
මාලදිවයිනේ වැසියන් අනාගතයේ මුහුදට යටවෙනවා කියන එක ගොන් කතාවක්. ඔවුන්ට අද තමන් හිටපු රටට වඩා හොද ස්ථාන වලට යන්න දෙවියන් කරුණාව දක්වා තිබෙනවා. නමුත් මාලදිවයින යටවන්නේ මිනිසා විසින් ස්වභාව ධර්මයට කළ වින නිසයි.
බුදුන් වහන්සේ සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලුවා කියන කථාව ගෙතු එකක්. ඕවා නියම බෞද්ධයන් පිළිගන්නේ නැහැ. පිලිගන්නේ ඔබවැනි මැටි බෞද්ධයන් පමණයි.
මුස්ලිම් සමාජයේ අපි විශ්වාස කරන්නේ අල්ලාහ් පමණයි. මා මැරුණත් එයින් මුස්ලිම් සමාජයට පාඩුවක් වෙන්න අල්ලාහ් ඉඩ තියන්නේ නැහැ.
wathsala says:
අන්වර් මහතා,
හරිම අවාසනාවක් තමයි ඔබට වෙලා තියෙන්නේ.ඔබට මහා වංසය කියවන්න ලැබිල නැහැ. මහා වංසයේ අවසාන පුස්තකය තිබුනේ පාලියෙන් ගෛගර් මහත්තයා ඒක ඉංග්‍රීසියට පෙරළුවා පාලි එකත් පල කලා . එම පාලි හා ඉංග්‍රීසි පොත් අනුව තමයි සින්හලෙන් මහාවංසය පාඨකයන්ට කියවන්න ලැබුනේ. බැරි වෙලාවත් ඉංග්‍රීසි පරිවර්තනය අනුව සින්හලෙන් මහාවංසය ලියන්න ඔබට ලැබුනා නම් මොනවා වෙන්න තිබුනාද? මහාවංසය ප්‍රබන්ධයක් කියන්නේ දෙමල ජාතිකයන් තමයි.මුස්ලිම් දහම අදහන දෙමල ජාතිකයන්ගෙන් පැවත එන ඔබ එහෙම නොකියන එක තමයි පුදුම.
Anver Manatunga says:
මහාවංශය යනු ආගමික කෝණයකින් ලියවුණු අතිශයෝක්තයද මුසු වු වංශ කථාවකි. එහි තිබෙන දේ ඒ සැටියෙන්ම ගන්නට මම මොඩයෙක් නොවෙමි. විදෙස් ඉතිහාසඥයන් පවා මහාවංශයේ යම් යම් තැන් වල ඇති පක්ෂග්‍රාහී බව ගැන මත පලකර ඇත.
චක්‍රයාගේ මල්ලි says:
@වත්සලා
Wathsala Says :”මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අෂ්රොෆ් ගේ මෙලොව දිවිය අවසන් කළා වාගේ විමසිය යුතු කාරණයක්. මම නම් කියන්නේ ඒක උනේ බුදුන් වහන්සේගේ ඉල්ලීමෙන් සක්‍ර දෙවියන්ගේ අනින් මේ රට ආරක්ෂා කිරීමට පත් කල, විෂ්ණු දෙවියන්ගේ කැමැත්තෙන් උන වැඩක් කියයි”
හා හා එහෙනම් බුදුන්වහන්සේටත් පාතාලේ සගයෝ හිටියාය් කොන්ත්‍රාතුව බාරදෙන්න? මොන හරුපෙද දොඩවන් නේ ?ඔයා කියන විදියට බුදුහාමුදුරුවෝ දේශපාලකයකුය් අනිත් දෙන්නා පාතාලේ චක්ගොලයෝ වගේනේ. ඇත්තටම ඔයාට මොලේ හොදනැද්ද බුදුහාමුදුරුවන්ට අපහාස කරන්න ?