Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මිහිකත හෝරාවට අභියෝගයක්

ගෝලීය උණුසුම වැඩිවීම අරබයා මිනිසුන් දැනුවත් කරවන වැඩ සටහනක් වන මිහිකත හෝරාව යෙදී තිබෙන්නේ අද දිනයේය. මෙයට සම්බන්ධ වැඩ සටහනක් ලංකාව තුලද අද මහනුවරදී ක්‍රියාත්මක කිරීමට යොදා ඇත. මෙම වැඩසටහනට ජනාධිපති තුමාද සහභාගී වන බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණි. එමෙන්ම අද දිනයේ මෙම මිහිකත හෝරාවට සම්බන්ධ වන ලෙස ආරාධනා කරමින් ජනපතිතුමාගේ නමින් ජංගම දුරකථන කෙටි පණිවුඩයක්ද ලැබුණි. නමුත් මෙම වැඩසටහන තවත් දිනයක් පමණක් වන කිසිදු ප්‍රායෝගිකත්වයක් නොමැති වඩසටහනක් බව මේ ලියුම් කරුගේ අදහසයි. Continue reading

ජංගම දුරකථන අලකලංචියක්

එකල මම පාසැල් සිසුවෙක්මි. ඒ ජංගම දුරකථන වසංගතයක් මෙන් රටවටේ පැතිරෙන යුගයයි. සුමේධ අපේ ගෙවල් ලඟ පදිංචිව සිටි අයෙකි. ගමකින් මෙහි පැමිණ සිටි මොහු මෝඩ පහේ පුද්ගලයෙක් වුවද දක්ෂ කැටයම් ශිල්පියෙකි. ඔහු සේවය කලේ දිවයිනේ නමගිය කුසලාන සහ සම්මාන නිශ්පාදනය කරන ආයතනයකයි. ඒ නිසා ඔහුගේ ආදායමද ඉහල තත්වයක විය. ජංගම දුරකථන පැමිණි මුල් කාලයේම ඔහුත් දුරකථනයක් මිලදී ගන්නා ලදී. ඔහු මිලදී ගත්තේ ගඩොල් බාගේ යනුවෙන් හැඳින්වුණු මොටරෝලා ෆෝන් එකකි. ඔහු මේ දුරකථනය ගත්පසු ගෙවල් ලඟ තවත් තරුණයෙක්ට ඇතිවුණේ පුදුම ඉරිසියාවකි. ඉරිසියාවෙන් පෙළුණු නිසා මොහුට කුමක් හෝ අංචියක් ඇදීමට තීරණය කරන ලදී. මේ අතර හිටපු ගමන් සුමේධට දුරකථන ඇමතුමක් ලැබිණි.   Continue reading

පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද?

මගේ මිතුරෙක් තමන් විසින් සොයා ගත් නව නිපැයුමක් සම්බන්ධව බුද්ධිමය අයිතිය හෙවත් පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට තීරණය කරන ලදී. මේ සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය ආයතනය ඔහු නොදැන සිටි අතර ඔහු අන්‍යජාතිකයෙක් නිසා සිංහල බස යන්තම් කථාකිරීමේ හැකියාවක් පමණක් විය. ඔහු මේ සඳහා ගියේ නීතීඥ වරයෙක් ළඟටයි. ඒ නීතීඥ වරයා තමන් මීට පෙරද කිහිපදෙනෙකුට පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට දායක වී ඇති බව ලියවිලි මගින් පෙන්වා මගේ මිතුරාටද ඔහුගේ සේවාව සැපයිය හැකි බැව් පවසා ඇත. මේ සඳහා නීතිඥ වරයා සිය ගාස්තුව වශයෙන් රුපියල් 25.000 ක මුදලක් ඉල්ලා ඇත. මගේ මිතුරා එය මට පැවසු අතර මම පේටන්ට් බලපත්‍රයක් ගන්නේ කුමණ රාජ්‍ය ආයතනයෙන්දැයි සොයා බැලුවෙමි. Continue reading

බාමියන් බුදු පිළිම විනාශ කිරීම සහ ඇමරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම අතර ඇති සම්බන්ධය.

බුදු දහමේ අක්මුල් පිළිබඳව නොවිචාරා යම් යම් ගූඨ දේ තුලින් දහම ජනතාව වෙත ආකර්ශණය කරවීමට උත්සාහ දැරීම නුතන යුගයේ බොදුනු ජනතාව අතර ඉතාමත් සුලභව දක්නට ලැබේ. ඒ සඳහා බොහෝ විට යොදා ගන්නේ පරිකල්පනය කරන ලද යම් යම් කථාය. මේ කථාවන් දෙස කෙළින්ම බලන අයට සිතෙන්නේ බැලු බැල්මට එහි සත්‍ය බවකි.  නමුත් එහි ඇතුලත සත්‍ය දැනගැනීමට නම් අප අපගේ විචාර බුද්ධිය යොදවා ඒ පිළිබඳව විමසා බැලිය යුතුය. තලේබාන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදුපිළිම විනාශ කිරීමෙන් වසරක් තුල ඇමරිකාව විසින් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන ලදී යන්නද එවැනි පරිකල්පනයකි. එයින් පෙන්නුම් කරන්නට වලිකන්නේ ඇෆ්ගනිස්ථානයට අද මේ ව්‍යසනය ඇතිව තිබෙන්නේ බාමියන් බුදු පිළිම විනාශ කිරීමේ පාපකර්මය නිසා බවයි. Continue reading

තෙරේ මේරේ ගගේ පාවී කෙලියේ

මන් මෝහන් සිංග්

මන් මෝහන් සිංග්

ළඟදී ජිනීවා හි පැවති ඡන්දය ගැන ඇමති ඩලා මහත්තයා මාද්දිය වෙත කියා තිබුණේ ඉන්දියාවට ඕන උනේ ලංකාවට සහය දීමට උවත් ඒ ගොල්ලන්ගේ මන්ඩලේ කචල් වෙන්න ගිය නිසා එම අදහස අතඇරිය බවයි. අනේ! ඊට පස්සේ ඉන්දියාවේ අකමැති මනමෝහනත් ඒ වගේම ලියා එව්වා. Continue reading

මාතෘකාව ඕන එකක්! තහනම් වචනය අන්වර් මනතුංග

අද බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි වල සහ අන්තර්ජාල සංවාද සමාජ Discussion Forum වල මගේ අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ පලවන විවිධ ලිපි ගැන සංවාද ඇති වේ. අන්තර්ජාලයේ කොතැනක හෝ මගේ ලිපියක් හෝ අදහසක් ගැන සංවාදයක් ඇති වන විට මාව ඒ පිළිබඳව දැනුවත් කරන පිරිසක් ඇත. මා ඔවුන්ට මගේ හෘදයාංගම ප්‍රණාමය පලකරමි. නමුත් ඒ කිසිදු සංවාදයකට මා නොයමි. එයට එක් හේතුවක් නම් අධික කාර්යබහුලත්වයයි. අනෙක් ප්‍රධාන කරුණ නම් කිසියම් විෂයක් අරබයා මගේ ලිපියක් පලවීම යනු මගේ අදහස සමාජය වෙත ඉදිරිපත් කිරීමයි. මා විසින් යම් අදහසක් පලකළාට පසුව තවදුරටත් එය සනාථ කිරීමට වෙර දැරීම නොකළ යුත්තක් බවට මා සිතමි. මා විසින් යම් අදහසක් ඉදිරිපත් කළ පසු සිදුවිය යුත්තේ ඒ පිළිබඳව ජනතා සංවාදයයි. Continue reading

තොන්ඩමෑන් යනවා! නෑ යන්නේ නැහැ! පලයං! ඒත් යන්නේ නැහැ!

ආරුමුගම් තොන්ඩමන්

ආරුමුගම් තොන්ඩමන්

තොන්ඩමෑන් යනු ඉස්සර යු.එන්.පී කාලයේ රජුන් තනන්නා විය. දැන් ඉන්නේ එයාගේ මුණුපුරාළු. තොන්ඩමන්ලාගේ විශේෂ ලක්ෂණයක් නම් ආන්ඩුව සමග සුළු හෝ ප්‍රශ්ණයක් ඇතිවුයේ නම් වහා ඉවත් වීමේ ලිපි භාරදීමයි. නමුත් ඔවුන් ඉල්ලා අස්වීමේ ලිපි භාරදුන්නාට බලය නොමැතිව ටික දිනක් හෝ සිටිය නොහැකි බව ඉතිහාසය පුරා සනාථ වු කරුණකි. බලය නැත්නම් තොන්ඩා අනාථය. බලයට පත්වන සෑම රජයක්ම ඒ පිළිබඳව දනිති. නමුත් ඔවුන් කිසිවෙකු තොන්ඩාට කිසිවක් නොකරන්නේ කඳුකරයේ ඔහුට තිබෙන බලය ගැන දන්නා නිසාය. Continue reading

පාන් පිටි වෙනුවට හාල් පිටි පාන් සෑදීමේ මෝල් වැඩ පිළිවෙල

හාල් පිටි පාන්

හාල් පිටි පාන්

කාලයක් පාන්ගෙඩිය යනු ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු කරන මාධ්‍යයක් වුණා. ඒ කාලේ පාන් ගෙඩියට ආන්ඩුත් බයයි. පාන් ගෙඩියේ මිල අඩු කරනවා කියලා සමහරු ඡන්ද පොරොන්දු දීලා ඡන්දෙත් දිනුවා. හැබැයි දැන්නම් පාන්ගෙඩියේ හුලං බැහැලා. පාන් ගෙඩියට එදා කරන්න පුළුවන් දේවල් අද කරන්න බැහැ. නමුත් වර්තමානයේත් පාන්ගෙඩියේ මිල වැඩිවීම අර්බුධකාරී තත්වයක්. මෙයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ පාන්පිටි යනු පිටරටින් ආනයනය කරන ද්‍රව්‍යයක් වීමයි. මේ නිසා ලෝක වෙලඳපොලේ පිටි මිල ඉහල යන විට මෙහේ පාන් සහ අනෙකුත් බේකරි නිශ්පාදන වල මිල ඉහල යති. මේ තත්වයට තිබෙන විසඳුම ලෙස රජය කල්පනා කරන්නේ පාන්ගෙඩියේ පාන්පිටි වෙනුවට හාල්පිටි යොදා පාන් නිශ්පාදනය කිරීමට බේකරි හිමියන් උනන්දු කරවීමයි. නමුත් එය සාර්ථක වැඩපිළිවෙලක් නොවන බව මගේ අදහසයි. Continue reading

කොට්ටේ භික්ෂු දෙනම ඝාතනයේ පශ්චාත් සිද්ධි දාමය

පසුගිය දිනවල ගංගොඩවිල අධිකරණය ඉදිරිපිට සිද්ධීන් කිහිපයක් සිදුවිය. ඉන් පලමුවැන්න නම් කෝට්ටේ රජමහා විහාර වාසී භික්ෂු දෙනම ඝාතනය කළ සැකකරුවන් වෙනුවෙන් කථාකළ විත්තියේ නීතීඥ මහතාට ගුටිබැට සහ බුලත් කෙළ සංග්‍රහයක් ලැබීමයි. දෙවැන්න මේ අපරාධ කරුවන් දෙදෙනා තමන්ට ලබා දෙන මෙන් අධිකරණය ඉදිරියේ ඇතිවු ජනතා උද්ඝෝෂනයයි. තෙවැන්න විත්තියේ නීතීඥ වරයාට සිදුවුණු ප්‍රහාරයට වගකිවයුත්තන් අත් අඩංගුවට ගන්නා ලෙස එම උසාවියේ නීතීඥ වරුන්ගේ උද්ඝෝෂනයක් පැවැත්වීමයි. බැලූ බැල්මට මෙම නීතීඥයාට පහර දීම දැඩි අසාධාරණයක් ලෙස පෙනුනද මේ මිනී මැරුමෙන් අගතියට පත් පාර්ශවයට ඉදිරියේදී සිදුවන්නට යන අසාධාරණය පෙනී මෙම සිද්ධිය සිදුවන්නට ඇති බව මගේ අදහසයි. Continue reading

මිථ්‍යා දෘෂ්ටිකයා යනු කවරෙක්ද?

අන්තර්ජාල අඩවියක මා සමග කිසියම් ආගමික කරුණක් අරබයා ඇතිවු සංවාදයකදී ප්‍රතිවාදියා නිරුත්තර විය. එවිට ඔහු සනසන්නට ආ තව කෙනෙක් ලියා තිබුණේ අන්වර් මනතුංග යනු මිථ්‍යා දෘෂ්ටිකයෙක් නිසා ඔහු කියන කථා ගණන් ගන්නට එපා යනුවෙනි. ඔහු මට මිථ්‍යා දෘෂ්ටිකයෙක් යනුවෙන් පවසන ලද නිසා මිථ්‍යා දෘෂ්ටිකයා යන්නෙහි අරුත ගැන විග්‍රහයක් කිරීමට සිතුණි. Continue reading

ලෝක මුස්ලිම් බලවතුන් විසින් ලංකාවට දැක්වු සහයෝගයේ සුවිශේෂීත්වය

අද සමහරුන් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකා රජයට පක්ෂව ඡන්දය දුන් මුස්ලිම් රටවල් හෑල්ලු කිරීමටත් ඉන්දියාව අපට එරෙහිව ඡන්දය දීම සාධාරණීය කරණය කරන්නට උත්සාහ දරති. ඇත්තටම අපේ රටේ ඉන්නේ මොනතරම් නරුමයන්ද? බවට වැටහෙන්නේ මෙවැනි අවස්ථා වලදීය. ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වී දැනට දින කිහිපයකි. මේ දින කිහිපයේදීම තමන් වෙනුවෙන් ජිනීවා හි ඡන්දය දුන් අයව හෑල්ලු කිරීම මොන තරම් ගුණමකු කමක්ද? අනෙක් අතින් ඉන්දියාව විසින් අපගේ රටට ඔවුන්ගේ සහය අවශ්‍යම අවස්ථාවන් රැසකදී අපට එරෙහි වෙමින් කළ දේවල් මේසා ඉක්මණින් අමතක කිරීමට තරම් අපේ රටේ සම+හරක් කෙතරම් ධීනයෝද? Continue reading

ඇමෙරිකාවට රිද්දන්නේ කෙසේද?

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ඇමරිකාවට විරෝධය දැක්වීම් වස් ඇමරිකානු සන්නාම වර්ජනය කරන ලෙස ඉල්ලා සිටියේ සති කිහිපයකට ඉහතදීය. ඔහු මේ ප්‍රකාශය කළ පසුදාම මා විසින් අන්වර් මනතුංග බ්ලොග් අඩවියට අරාබියෙන් “ලාබෙට බා ගත්ත සටන් පාඨ කියන අපේ විමල් ඇමතිතුමා” යන උදෘතයෙන් ලිපියක් ලියමින් පවසා සිටියේ මෙය ඔහු විසින් මුස්ලිම් ලොවෙන් කොපි කරගත් ලාභදායී සටන් පාඨයක් බවයි. ඉන් පසුව රජයේ අමාත්‍ය වරුන් කිහිප දෙනෙකුම එම සංකල්පයට තදින් පහර දී තිබුණි. නමුත් විමල් ඇමතිතුමා විසින් ලංකාවේ මෙතරම් ඇමරිකාවට හිතවාදීන් සිටින බව තමන් නොදැන සිටි බව පවසා තිබුණි. ඔහුගේ අනුවණ සංකල්පයට විරුද්ධතාවය දැක්වු අපවැනි අය ඔහුගේ වාචාල මුඛය මුඛය මගින් නිර්ධය ලෙස පිටුදැක තිබුණි. වීරයෙක් මෙන් බොලඳ සංකල්පයක් ඉදිරිපත් කළ නිසා එය විවේචනය කිරීම හැර කිරීමට අන්කිසිවක් අප හට නොමැත. කෙසේ නමුදු ඇමෙරිකාවට රිදවන්නට අවශ්‍ය නම් කළ යුත්තේ කුමක්ද? යන්නටද අදහසක් දීමට මට සිත්විය. Continue reading

මනමෝහන තුමාගෙන් අපේ ජනපති තුමාට Love letter එකක්

මනමෝහන තුමා

මනමෝහන තුමා

ජිනීවාහිදී ලංකාවට පිටුපාමින් ඇමරිකාවට රෙදි නැතිවම කඩේ ගිය ඉන්දියාවේ මනමෝහන තුමා දැන් නැවත ලංකාවේ හිත දිනා ගැනීම පිණිස අපේ ජනපති තුමාට ඊයේ (මාර්තු 24දා) Love Letter එකක් එවා ඇති බවට CNN IBN වෙබ් අඩවිය විසින් වාර්තා කර ඇත. එම පුවතට අනුව ඉන්දියාව උත්සාහ දරා ඇත්තේ ඇමරිකාව ගෙන ආ යෝජනාව සමබර කිරීමට බව ඔහු එම ලිපියේ පවසා තිබෙනවා. Continue reading

හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද?

සැබෑ අසල්වැසියා කවුද? යන ප්‍රශ්නයට යේසුස් තුමා විසින් උපමාවකින් පිළිතුරු දුන් අවස්ථාවක් බයිබලයේ සඳහන් වෙයි. එම උපමා කථාවට අනුව මංපහරන්නන් විසින් අඩපණ කර මහමග දමා ගිය නිසා පාරේ යුදෙව්වා වැටී සිටියේය. මේ අසරණ යුදෙව්වා දැක තවත් ගරු කටයුතු යුදෙව්වන් දෙදෙනෙකුම අහක බලාගෙන එම මගින් ගියෝය. පසුව ඔහු ළඟට විත් ඔහුට පිහිට වුයේ යුදෙව්වන් විසින් පිළිකුල් කල ජනකොටසක් වු සමාරීය මිනිසෙකි. මෙයින් යේසුස්තුමා පෙන්වා දුන්නේ ඔබගේ දුකේදී ඔබට ලංව සිටින්නා ඔබගේ සැබෑ අසල්වැසියා බවයි. මේ කථාවේ ප්‍රකාරයටම ලාංකීය සිංහල සහෝදර සහෝදරියන්ටද තමන්ගේ සැබෑ අසල්වාසියා කවුද යන්න නිවැරදිව වටහා ගැනීමට සිදුවීමක් පසුගියදා සිදුවිය. ඒ පසුගිය ජිනීවා නාඩගම රඟදැක්වුණු අවස්ථාවේදීයි. Continue reading

සරසවි සිසුන් ගංජාකාරයෝද?

සරසවි සිසුන්ට හමුදා කඳවුරු තුලදී නායකත්ව පුහුණුවක් ලබා දීමට හේතුව, සරසවි වල නවක වදය තුරන් කිරීමට බව එය ඇරඹුණු කාලයේම සඳහන් විය. නමුත් දැන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ වෙනත් කථාවකි. ඔහුගේ මෙම කථාව මම ඇසුවේ ඊයේ (23දා) ස්වර්ණවාහිණියේ, ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශයේ, රට හදන තැන නම් විශේෂාංගයෙන්ය. මෙහිදී පාර්ලිමේන්තුව තුල ඇසුණු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පවසා ඇත. Continue reading

කුල බේධය අත්හරින්න බැරිද?

කුලබේධය වනාහී මිනිසාට අනවශ්‍ය සහ පිළිකුල් සහගත සංකල්පයකි. දියණු ලොව බොහෝ ආගම් කුලබේධය හෙලා දකියි. නමුත් ලොව තවම කුලබේධ සංකල්පය පවතී. කුලබේධය නිසා තවම බැටකන පිරිස් ලොව බොහෝ ස්ථාන වල ඇත. ඒ නිසා බටහිර රටවල් වල මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන කුලබේධය නැති කරන්නට වෙර දරන රාජ්‍ය නොවන සංවිධාන රැසක් ලොවතුල ක්‍රියාත්මක වේ. මේවා කෙතරම් ක්‍රියාත්මක වුවද ජනතාව අතරින් කුලබේධය දුරලීම අපහසු වී ඇත්තේ එය ජනවිඥ්ඥානය සමග ඉතා තදින් බද්ධ වී තිබීම නිසාය. කුල බේධය අප සමාජයෙන් තුරන් කරලීමට මට හැකි දායකත්වයක් ලබා දීම සඳහා මේ ලිපිය ලිවීමට සිත්විය. Continue reading

ඇත්තටම සක්කිලියා කියන්නේ කාටද?

අප සමාජය තුල කිසියම් කෙනෙකුට සක්කිලියා කියන්නේ පරිභව කරන අවස්ථාවකය. කිසියම් පුද්ගලයෙක් පහත් කිරීමට මෙම නම භාවිතා කෙරේ. නමුත් සක්කිලි යන්නෙහි සැබෑ අරුත කුමක්ද? මෙම ලිපියේ උත්සාහය මෙය සොයා බැලීමයි. වර්තමානය වන විට කුල ක්‍රමය අහෝසි වී ගියද බොහෝ දෙනෙක්ගේ සිත්තුල තවම වැඩවසම් මානසිකත්වය තිබෙන බව මෙතුලින් සනාථ වන බව මගේ අදහසයි. අද සමාජය තුල කිසියම් පුද්ගලයෙක් අනෙකාට වඩා තමා උසස්ය යන්න හඟවන්නට අනෙකාට සක්කිලියා කියතත් ඇත්ත වශයෙන්ම මෙලෙස කුලයක් ඇද කථා කිරීම ඔහුගේ පහත් බව පෙන්නුම් කිරීමක් මිස අනෙකක් නොවේ. Continue reading

අපරාධ රැල්ල මැඩීමට අරාබි නීතිය හොඳයිද? රජකාලේ දඬුවම් හොඳයිද?

සමහරු කියන්නේ ලංකාවට අරාබි නීතිය දමා තිබුණ නම් හොඳ බවයි. ඔවුන් පවසන්නේ හොරකම් කරන කොට අත කපනවා නම් අනාචාරකම් කරනකොට ගල් ගහලා මරනවා නම් ලංකාවේ මිනිසුන්ද ඉබේම යහපත් වනු ඇති බවයි. එමෙන්ම පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ රටේ වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල මැඩපැවැත්වීම සදහා රජ කාලේ දඩුවම් දිය යුතු බවත් රජකාලේ රජවරුන් නිසිදඩුවම් දුන් බැවින් අපරාධ අඩුවූ බවත් ඒ සදහා එල්ලුම්ගස යළිත් ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙහිදී මෙම මතිමතාන්තර දෙකෙහිම අන්තර්ගතය වන්නේ දැඩි දඬුවම් පවතිනවා නම් අපරාධකාරයන් අඩුවනු ඇති බවයි. Continue reading

අතරමැදි වෙලඳපොල මාෆියාවට කුමක් කළ යුතුද?

පසුගිය මාසයේ පුත්තලම ප්‍රදේශයේදී තක්කාලි ලොරියක් විසිකර දමනු දුටුවෙමි. මම වහා ගොස් ඔවුන්ගෙන් මේවා විසිකරන්නේ ඇයි? දැයි ඇසුවෙමි. එවිට ඔවුන් පැවසුවේ නොරොච්චෝල තොග වෙලඳ පොලේ තක්කාලි කිලෝවක තොග මිල කිලෝ එකකට රුපියල් 5 ක් වත් ගත නොහැකි බවයි. නමුත් ඊට කලින් දින මා තක්කාලි කිලෝවක් මිලදී ගෙන තිබුණේ කිලෝව 80 කටය. ගොවියාට තක්කාලි කිලෝව 5 ටවත් විකුණා ගැනීමට නොහැකි බැව් ඇසු මම වික්ෂිප්ත වුයෙමි. පසුව දැනගන්නට ලැබුණේ සිල්ලරට විකුණන වෙලෙන්දා ගොවියා විසින් දෙන මුදලට වඩා  400%ක් හෝ 500% ක් පමණ වඩා මිලකට අ‍ලෙවි කරන බවයි. Continue reading

ජාතිවාදී අයියලා! පුළුවන් නම් ඉන්දියාවේ නහය අල්ලන්න

මේ වන විට ඉන්දියාව අප රටට එරෙහිව ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මේ නිසා ඉන්දියාව අපේ ලොකු අයියා කියාගෙන ඉන්දියාවට දත නියවා ගෙන සිටි සමහර අයගේ දතකට පුට්ටු වී ඇත. ඉන්දියාව අපේ දෙවන මව්බිම මෙන් සලකා ඉන්දීය දෙවි වරුන්ට වැඳුම් පිඳුම් කරමින් ඉන්දීය සංස්කෘතියට ආවඩමින් සිටි අයගේ කටවල් වල මුඛවාඩම් බැඳී ඇති සෙයකි. ඇත්තටම අපේ රටට සිටින ළඟම සහ විශාලතම අසල්වැසියා ඉන්දියාවයි. ඉතිහාසය පුරා අතිවිශාල ඉන්දියාව විසින් ලංකාවට කරන ලද බලපෑම අතිමහත්ය. ඈත අතීතයේ සිට අප විසින් අපගේ අසල්වැසියා ගැන නිවැරදි තක්සේරුවක නොසිටි බව මගේ අදහසයි. Continue reading

පෙරළුනු පිට හොඳයි කියනවා

ලංකාව බංගලාදේශයට පැරදුණු එක කමක් නැතිළු

ඊයේ ලංකා ක්‍රිකට් කන්ඩායම බංගලාදේශ කන්ඩායම ඉදිරියේ පැරදුනා. මේක වාර්තා කරලා තිබුණු වෙබ් අඩවි  වලට ගොස් බැලු මම දුටුයේ. එහි සඳහන් අදහස් හෙවත් කමෙන්ට් කිහිපයකි. ඉන් එකක දැක්වුණේ ලංකාව පැරදුනාට දුක නමුත් සක්කිලි ඉන්දියාවට අවසන් මහ තරඟයට යාමට නොහැකි වීම ගැන සතුටු වන බවයි. අනෙක් කමෙන්ට් වලත් ඉන්දියාව අවසන් මහ තරඟයට නොයාම ගැන සතුටු කඳුළු වගුරා තිබුණි. සමහරු බංගලාදේශයට සහ පකිස්ථානයට සුභපතා තිබුණි. නමුත් මේ සියල්ල සිදුවීමට හේතුව නම් ඉන්දියාව විසින් ජිනීවා හිදී අපට එරෙහිව ඡන්දය පාවිච්චි කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. Continue reading

ඇමරිකාවට විරෝධය දැක්වීම සහ ඇමරිකානු භාන්ඩ වර්ජනය

ඇමරිකාවට විරෝධය දැක්වීමක් ලෙස ඇමරිකානු භාන්ඩ සහ සේවා වර්ජනය කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇමති තුමා පවසා දැන් දින කිහිපයකි. ඔහු මෙම සංකල්පය එළිදැක්වු සැනින් මා විසින් එය අරාබිකරයෙන් අහුලා ගත් සටන් පාඨයක් බව පැවසුයේ ඇත්තටම ඇමරිකාවට විරෝධය දක්වන්න නම් කළහැකි සහ කළයුතු දේවල් රැසක් තිබියදී ඔවුන් මේ කරන්න යන ක්‍රියාවේ බොලඳ බව මා කල් තියාම දුටු නිසාවෙනි. දේශපාලනික වශයෙන් අප විසින් කළ යුතුව තිබෙන්නේ ඇමරිකාවේ ඔළුව අතගා හොඳ ටොක්කක් ඇනීමට උත්සාහ දැරීම මිස සෘජුව ඇමරිකාවට සතුරෙක් ලෙස පෙනී සිටීම නොවේ. Continue reading

සුනාමියෙන් ගාල්ලේ බුදු පිළිමය ආරක්ෂා වීම ආශ්චර්යයක්ද?

මට මේ ලිපිය ලියන්නට ප්‍රධානතම හේතුව වුයේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය සිවින් මාර්තු 18 වන දින පලකල “ආශ්චර්යයන් යනු මොනවා ද?” යන උදෘතයෙන් පලකල ලිපියට පිළිතුරක් වශයෙනි. මේ ලිපියේ අන්තර්ගතය දෙස බලන කල පෙනී යන්නේ බුදු දහම කෙරෙහි යම්කිසි ගූඨ විශ්වාසයක් ආරෝපනය කරවීම බව මගේ අදහසයි. නමුත් ඇත්තම තත්වය නම් මේ දවස් වල හිට් වෙන පුවත් වල ඇති දැඩි හිඟයයි. අන්තර්ජාල වෙබ් අඩවි පවත්වාගෙන යන අපවැනි අයට හිට් වෙන නිවුස් නැති වීම දැඩිව දැනේ. ලංකා සී නිවුස් වෙත එය දැඩිවම දැනෙන්නේ ඔවුන් පුවත් වෙබ් අඩවියක් නිසාවෙනි. ඒ නිසා ඔවුන්ට එම වෙබ් අඩවියට පාඨකයන් ග්‍රහණය කරගනිමින් රඳවා තබා ගැනීමට හිට් වෙන පුවත් වල අවශ්‍යතාවය අපට වඩා දැඩිව ඇත. ඒ වගේ පුවත් නොමැති අවස්ථා වලදී මෙවැනි ලිපි පලකර එමගින් සමාජ සංවාදයක් ගොඩනගා තම පාඨකයන් රඳවා තබා ගැනීමට වෙර දැරීම පුවත් වෙබ් අඩවි විසින් පුරුද්දක් වශයෙන් කරති. Continue reading

ලංකා සී නිවුස් හොට් නිවුස් නැති නිසා ක්‍රිස්තියානි ඒජන්තයන්ට කඩේ යයි.

මේ දිනවල ලංකා සී නිවුස් වෙබ් අඩවියට හිට් වෙන හොට් නිවුස් නැත. ඒ නිසා ඔවුන්ගේ පැරණි ජරා පුරුදු වලට නැවත ගොස් ඇත. ඒ අනෙක් ආගම් අපහාසයට ලක්වන පුවත් පලකර ඔවුන්ගේ ආගම්වාදී කමෙන්ට් කල්ලියෙන් ඒ ආගම් පට්ට ගස්සවා ගැනීමයි. ඔවුන් අද දින අළුයමද එවැනි පුවතක් පලකර ඇත. Continue reading

සජිත් ප්‍රේමදාස යාපනයේ ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට නොයයිද?

 අන්තර්ජාලය තුල නිර්පාක්ෂිකයෙක් ලෙස අනන්‍යතාවය ගොඩනගන්න කොතෙකුත් උත්සාහ දැරුවත් සෑම අවස්ථාවකම මට ආන්ඩු පක්ෂයේ එකෙක්, විපක්ෂයේ හෝ ජන අරගල කාරයෙක් කියා මාරුවෙන් මාරුවට කාඩ් ගැහෙනවා. මම මේ ලිපිය කියවන අය මම සජිත් වාදියෙක් හැටියට අළුත් කාඩ් එකක් ගහන්න බැරි නැහැ. නමුත් ගහන කාඩ් දිහා බලබලා මගේ ලිවීම වෙනස් කිරීම රුචි නොවන නිසා මේ ලිපිය ලියමි. යාපනයේ පවත් වන්නට යෙදෙන විපක්ෂයේ පොදු මැයි රැලියට ටී.එන්.ඒ හෙවත් ද්‍රවිඩ ජාතික සංධානය සහභාගී වන නිසා තමන් එය වර්ජනය කරන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබීම මේ ලිපියේ නිමිත්තයි. Continue reading

භාෂා ප්‍රශ්ණයට විසඳුම කුමක්ද?

භාෂාව නිසා ඔයාලාට වෙලා තියෙන එක අසාධාරණයක් ගැන මට කියන්න පුළුවන්ද? මම මගේ දමිළ මිත්‍රයෙක්ගෙන් ඇසුවේ මේ පිළිබඳව ඔහුගේ අදහස් දැන ගන්නයි. එවිට ඔහු ඇසුවේ

සිංහලෙන් ඇඩ්‍රස් එක ලියපු ලියුමක් ලංකාවේ ඕනම තැනකින් රෙජිස්ටර් පෝස්ට් එකේ තැපැල් කරන්න පුළුවන්. දෙමළෙන් එහෙම ලියලා තැපැල් කරන්න පුළුවන්ද?

මගේ දමිල මිතුරා ඇසු ප්‍රශ්ණයෙන් මම නිරුත්තර වුණා. ඇත්තටම ඒ වගේ ප්‍රශ්ණයක් ලංකාවේ තියෙන බව වත් මම දැන ගත්තේ ඒ වෙලේයි. Continue reading

වැදි ජනතාවට ආදී වාසීන් කියන ආදි වාසී විහිළුව දැන්වත් නවතමුද?

කොටින්ගේ මානව හිමිකම් රැක්කේ නැහැයි කියා ජාත්‍යන්තරේ කෑගහනවා මදිවාට දැන් අපේ දඹාන පැත්තේ වැදි ජනතාවත් ඔවුන්ගේ අයිතිවාසිකම් උදෙසා උද්ඝෝෂණය කරන්න පටන් අරන්ලු. පසුගියදා හෙන්නානිගල වනයේ දී තම වරිගයේ පුද්ගලයෙකුට වනජීවි නිලධාරීන් විසින් වෙඩි තබා මරා දැමීම හේතුවෙන් හෙන්නානිගල ප‍්‍රදේශයේ ජීවත් වන ආදිවාසි ජනතාව උද්ඝෝෂණයක මෙලෙස උද්ඝෝෂණයකට අර ඇඳලා තියෙනවා. ඔවුන් කියන්නේ තමන්ට වනයට ඇතුළු වන්නට අවසර පතකුත් ලබාදීලා තියෙද්දී තමන්ගේ එකෙක්ව වනජීවී එකෙන් මැරුවා කියලයි. මේ පිළිබඳව වැදිනායකයා වන වන්නිලා ඇත්තන් තමන්ගේ විරෝධය දක්වලා තියෙනවා. වැදි ජනතාව තම සිරිත් විරිත් ක්‍රියාත්මක කරන්නට යාමේදී තම වරිගයත් වනජීවී නිලධාරීන් අතර මෙම ගැටුම ඇති වී තිබෙන බව ඔහු පවසයි. Continue reading

මැදපෙරදිග සිරගතවු අපේ ලේ 01

මැද පෙරදිග සිරගතව සිටි සමහර අපගේ සහෝදර සහෝදරියන්ගේ කථාවන් කිහිපයක් ලියන්නට සිත්විය. ඒ මෙම කථා වලින් ඔබටද ගතයුතු එමට ඇති බව මට සිතුණු නිසාය. මා විසින් දැනගත් එම සත්‍ය කථාවන් නම්ගම් වෙනස් කරමින් ලියමි. මේ කථා මා‍ලාවෙන් අද මා ලියන්නේ මැදපෙරදිග රටක වසර පහක සිරදඬුවමක්, කස පහර 500ක් සහ රියාල් 50,000 ක වන්දියක් ගෙවීමට නියමවු අපේම සිංහල සහෝදරයෙක් ගැනයි. Continue reading

මම නොදන්න බ්ලොග් කලාව

මම අන්වර් මනතුංග බ්ලොග් අඩවිය පටන් අරන් මාස කිහිපයයි. මේ වෙනකොට එයට ලැබෙන ප්‍රතිචාර ගැන ඇත්තේ නිහතමානී සතුටක්. මාව දිරිගැන්වු සහ විවේචනය කළ සැමට ප්‍රණාමය පලකරමි. ලියන එක කාලයක් තිස්සේ කළාට බ්ලොග් කරණයට නම් මම ආධුනිකයෙක්. එයට හේතුව බ්ලොග් එකක ලිවීමට බොහෝ කලක් පෙරුම් පිරුවත් හේතුව කාර්ය බහුලත්වය නිසා නොහැකි වීමයි. මේ පාර ලියන්නට ඉස්සෙල්ලා මම අනෙකුත් බ්ලොග් කලාපයන්හි සංචාරයක් කරා. නානාප්‍රකාර බ්ලොග් අඩවි හමුවුණා. සමහර ඒවායේ ගහල තිබුණා කොපි කිරීම සම්පුර්ණයෙන් තහනම් කියලා. ඉතිං මම හොඳට විපරම් කරලා බැලුවා කොපි කරන්න මොනවද තියෙන්නේ කියලා. ඒ එක බ්ලොග් අඩවියකවත් ගන්න කියලා දෙයක් තිබුණේ නැහැ. සමහර විට ඒගොල්ලන් තමන්ගේ බ්ලොග් එකට අමුතු ගාම්භීරත්වයක් ආරූඪ කරගන්න එහෙම ලිවුවා වෙන්න පුළුවන්. Continue reading

ඇත්තටම හම්බයා කියන්නේ කාටද?

අන්වර් මනතුංග පහුගිය ලිපි කිහිපයකින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ට විරුද්ධව ආගම් වාදීන් විසින් එල්ල වාග් ප්‍රහාර වලට පිළිතුරු දුන්නා. මා විසින් ලියන ලද තම්බි සහ මරක්කල යන නාමයන් හැදුණු ආකාරයන් පිළිබඳ ලිපි ඉතාමත් ජනප්‍රිය වුණා. මේ ලිපිය ලියන්නේ තවත් එවැනිමවු පටබැඳි නාමයක තොරතුරු සොයා බැලීමටයි. එනම් මුස්ලිම් වරුන්ට හම්බයන් කියන්නේ ඇයි? කියන එකට හේතුව සොයා බැලීමටයි. මෙහිදී මා සොයාගත් පරිදි අතීතයේ ප්‍රධාන වශයෙන් හම්බයන් ලෙස හඳුන්වා තිබෙන්නේ මැලේ වරුන්ටය. එයට ඓතිහාසිකව හේතු දෙකක් ඇත. Continue reading