Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ආගම හැරලු පමණින් අසිංහල වේද?

අතීත සිංහලයෙක්

අතීත සිංහලයෙක්

වසර පන්දහසකටත් අධික ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන මේ ලංකා ද්වීපයෙහි ප්‍රධාන ජාතිය වශයෙන් සිටින සිංහලයන් වන අප ජාතියක් වශයෙන් භේද බින්න කරවන සහ මුළු මහත් ජාතියම වඳකරවන උගුලකට හසුවී සිටින්නෙමු. මේ පිළිබඳව ජාතියක් වශයෙන් වගකීමකින් කටයුතු නොකරනවා නම් අනාගතයේදී සිංහල කියා ජාතියක් ඉතුරු නොවනු ඇත. Continue reading

මුස්ලිම් කාන්තාව පුරුෂයාගේ කාමාශාව දුරුකරන මැෂිමක්ද? KKK ට පිළිතුරු 2

කාන්තාව මැෂිමක්ද?

කාන්තාව මැෂිමක්ද?

ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට පුරුෂයාගේ කාමාශාව දුරුකරන මැෂිමක් හෙවත් යන්ත්‍රයක් ලෙස යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ කෙසේද? යන ලිපියට KKK යන නමින් අයෙකු පලකර තිබුණි. එම ප්‍රතිචාරය තරමක් දීර්ඝ එකකි. මේ අදහස තිබුණේ එම ප්‍රතිචාරයේ අවසාන කොටසෙයි. එම කොටස පලමුව ඔබගේ කියවීම සඳහා පහත සඳහන් කරමි. Continue reading

රන්ගිරි එෆ්.එම් ගුවන් විදුලිය තහනම් කළ යුතුයි-ඇමති රවුෆ් හකීම් පවසයි

රන්ගිරි එෆ්.එම්

රන්ගිරි එෆ්.එම්

පසුගිය සෙනසුරාදා රැස්වු පක්ෂ රැස්වීම තුලින් ගත් තීරණ මොනවාදැයි බීබීසී සංදේශය වැඩ සටහනට අදහස් දැක්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය පක්ෂයේ ස්ථාවරය ලෙස පවසා ඇත්තේ ආන්දෝලනාත්මක දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව අධිකරණයේ විමර්ශන තීන්දුවකට අනුව පමණක් ක්‍රියා කරන බවයි. මෙම ප්‍රශ්නය සම්බන්ධව පරිපාලනය විසින් දෙන තීරණ වලට සහයෝගය නොදෙන බැව්ද පවසන ලදී. Continue reading

මුස්ලිම් කාන්තාවන් යනු ළමයි හදන මැෂිමක්ද? KKK ට පිළිතුරු 1

දරුවන් යනු බරක්ද?

දරුවන් යනු බරක්ද?

ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට සලකන්නේ ළමයින් හදන මැෂිමක් හෙවත් යන්ත්‍රයක් ලෙස යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ කෙසේද? යන ලිපියට KKK යන නමින් අයෙකු පලකර තිබුණි. එම ප්‍රතිචාරය තරමක් දීර්ඝ එකකි. මේ අදහස තිබුණේ එම ප්‍රතිචාරයේ අවසාන කොටසෙයි. එම කොටස පලමුව ඔබගේ කියවීම සඳහා පහත සඳහන් කරමි. Continue reading

අසාත් සාලි බුදු පිළිම කැඩිය යුතුයි කී කථාව ඇත්තක්ද?

අසාත් සාලි මහතා

අසාත් සාලි මහතා

සියළුම අනවසර බුදු පිළිම පලමුවෙන් කැඩිය යුතු බවට කොලඹ මහනගර සභා මන්ත්‍රී අසාත් සාලි මහතා පැවසු බවට සඳහන් පෝස්ටරයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ සැරි සැරුවා. එම පෝස්ටරයේ ඉතාමත් පහත් ආකාරයෙන් අසාත් සාලි දේශපාලඥයාට බැන වැදී තිබුණු අතර “මේ සිහල බිමේ බුදු පිළිම වෙහෙර විහාර ගොඩ නගන්නට කිසිවෙකුගේ අවසර අවශ්‍ය නැති අතර ඒවා කඩා බිඳ දමන්නට කිසිදු බල්ලෙකුටවත් නොහැකි බැව්” පවසා තිබුණා. Continue reading

වෙසක් පෝයට අමද්‍යප සතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමු

දුරලමු මත්ආශා සුරකිමු ලක්මාතා

දුරලමු මත්ආශා සුරකිමු ලක්මාතා

මෙවර වෙසක් පෝය නිමිත්තෙන් 2012 මැයි මස 03 වෙන දින සිට මැයි 09 දින දක්වා අමද්‍යප සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ මතින් තොර නිවහනක් යන තේමාව යටතේයි. මෙමගින් වෙසක් දිනයන් තුල ජනතාව මත්පැනින් ඈත් කිරීම රජයේ අරමුණ වන්නට ඇත. මා මේ ලිපිය ලියන්නේ ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමට ගතයුතු පියවරයන් මොනවාද? යන්න සාකච්ඡා කිරීමටයි. Continue reading

දඹුල්ල පල්ලි ප්‍රශ්නය සහ දවටගහ උද්ඝෝෂනය

දවටගහ උද්ඝෝෂනය

දවටගහ උද්ඝෝෂනය

ඊයේ සිකුරාදා දිනයේ දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව ලංකාවේ අනෙකුත් පල්ලි අභියස කළබල සිදුවේ යැයි දැඩි බියක් තිබුණි. මේ අරබයා කිසිදු උද්ඝෝෂණයකට නොයා සාමකාමීව ‍අල්ලාහ්ට ප්‍රාර්ථනා කරන්නැයි සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කලින්ම නිවේදනය කරන ලදී. මෙයට හේතුව වුයේ කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් මුස්ලිම් අය අතර සිට යම් කලබලයක් ඇති කරන්නට ඉඩ තිබුණු බැවිණි. Continue reading

ජයලත් ජයවර්ධන සහ දුප්පතා අතර වෙනස

වෛද්‍ය ජයලත් ජයවර්ධන

වෛද්‍ය ජයලත් ජයවර්ධන

විපක්ෂ මන්ත්‍රී සම්මාන මහාචාර්ය ජයලත් ජයවර්ථන මහතාට හෘදයාබාධයක් ඇති වී ඇතැයි වාර්ථාවේ. Heart Attack (හෘදයාබාධ) යනු ධනවතුන්ට පමණක් වැල‍දෙන රෝගයක් නොවේ ලාංකීය සාමාන්‍ය දුප්පතුන්ටද සෑදෙන ලෙඩකි. නමුත් දුප්පතා සහ ජයලත් ජයවර්ධන මහතා අතර වෙනසක් ඇත.

Continue reading

කොළඹ නගරයේ වාහන තදබදය වලකන්නේ කෙසේද?

වාහන තදබදය

වාහන තදබදය

රටක් දිනෙන් දින දියුණු වන විට ජනතාවගේ ආර්ථික මට්ටම යහපත් වේ. ජනතාවගේ ආර්ථිකය යහපත් වන විට ඔවුන් තමන්ගේ පහසුවට අවශ්‍ය කරන දේවල සපයා ගැනීමට පෙලඹීම සාමාන්‍ය දෙයකි. මෙහිදී බොහෝ දෙනෙක් තමන්ටම කියා ගෙයක් සාදා ගත් පසුව ඉන් අනතුරුව කරන්නේ වාහනයක් මිලට ගැනීමට උත්සාහ දැරීමයි. නමුත් එලෙස සියල්ලෝම වාහන මිලදී ගෙන ඒ සියල්ලම පාරට ගෙන එන විට මාර්ග වල තදබද ඇති වේ. මෙයට ඇති විකල්පය කුමක්ද? Continue reading

සී නිවුස් Comment රැළ සහ බලු මාධ්‍ය සම්ප්‍රදාය

කමෙන්ට් රැළේ කර්තව්‍ය

කමෙන්ට් රැළේ කර්තව්‍ය

ඉස්සර අපේ ගෙවල් පැත්තේ අංකල් කෙනෙක් හිටියා. එයාට අක්කර කිහිපයක වත්තක් තිබුණා. ඒ වත්තේ නැති දෙයක් නැහැ. පලතුරු ජාති සහ ගඩා ගෙඩි ඕන තරම් තිබුණා. මේ අංකල්ට හිටියේ එක දරුවයි. එයත් ඉගෙන ගන්නද ගිහින්ද කොහෙද රට හිටියේ. ඒ නිසා ගෙදර හිටියේ මහ දෙන්නා විතරයි. ඒ වත්තේ ගස්වල ගෙඩි පිරිලා තියෙන කොට අපිට බලාගෙන ඉන්න අමාරුයි. ගල් පාරක් හරි දෙන්න හිතෙනවා. එක ගලක් ගැහුවා නම් ගෙඩි කිහිපයක් බිම වැටෙන එක ෂුවර්. Continue reading

හෙට සිකුරාදා ජුම්මා නැමදුම සම්බන්ධව ජමියතුල් උලමා සහ මුස්ලිම් කවුන්සිල ඒකාබද්ධ නිවේදනය

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය

සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය

හෙට පැවැත්වෙන සිකුරාදා ජුම්මා නැමදුම සම්බන්ධයෙන් ඉස්ලාමීය විද්වතුන්ගේ සංගමය වන සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයත්, සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

දඹුල්ල අර්බුදය උදෙසා සාමකාමී විසඳුමක් උදෙසා දුආ (දෙවිඳුන්ගෙන්) ප්‍රාර්ථනා කරමු. Continue reading

දඹුලු පල්ලිය වෙනුවෙන් හෙට කලබල කරන්න එපා – දඹුල්ල පල්ලි නායකයන් ඉල්ලයි.

සාමය පතුරවමු

සාමය පතුරවමු

හෙට දිනය මුස්ලිම් වරුන්ගේ ජුම්මා දිනයක් හෙවත් සිකුරාදා නැමදුම් දිනයක් බැවින් හෙට දින සියළුම මුස්ලිම් වරුන් සිකුරාදා පල්ලි වලට යනු ඇත. මේ නිසා සිකුරාදා දින මුස්ලිම් පල්ලි ඉදිරිපිට නොයෙකුත් කලබල ඇති කරන්නට සමහරු මුස්ලිම් ජනතාව පෙලඹ වීමට මාන බලති. මේ ගැන ප්‍රකාශයක් කරන ආන්දෝලනාත්මක දඹුල්ල ඛයිරියා ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මන්ඩලය මෙසේ පවසා ඇත. Continue reading

අවධානම අභියස පිස්සු කෙළීම

අවධානම අභියස !!!

අවධානම අභියස !!!

පසුගිය ජිනීවාහි මානව හිමිකම් සිද්ධි දාමය හෙවත් නාඩගම අවසන් වී ගෙවී ඇත්තේ ඉතාමත් කෙටි කලකි. මෙහිදී අපට අපේ රටේ මානව හිමිකම් සම්බන්ධව තිබෙන තත්වය ඉහල නංවා ගැනීමට වසරක කාලයක් ලැබී ඇත. මේ කාලය යනු ඇත්තටම පරිවාස කාලයකි. මේ පරිවාස කාලය තුලදී අපේ රටේ මානව හිමිකම් තත්වයේ ගුණාත්මක වර්ධනයක් නොපෙන්වුව හොත් අපට විරුද්ධව ඊලඟ සමුළුවේදී අපේ රටට එරෙහිව චෝදනාවන් එල්ල වනු නියතය. මේ අප රට ඉදිරියේ ඇති අවධානමයි. මේ දිනවල රටතුල තිබෙන කැලඹීම අන්තර්ජාතිකව අපගේ ප්‍රතිරූපය කෙරෙහි කොතරම් බලපාන්නේද? Continue reading

සාමකාමී වන්නට ආගමෙන් දී ඇති දායකත්වය

චුලෝදර මහෝදර මැණික් පුටුව

චුලෝදර මහෝදර මැණික් පුටුව

බුදුරජාණන් වහන්සේ වරක් ලංකාවට වැඩියේ චුලෝදර සහ මහෝදර දෙමාල්ලන් අතර ඇතිවු මැණික් පුටුවක් අරබයා බැව් පැවසේ. ලංකාවට කිසිදු ශාස්තෘ වරයෙක් පැමිණ ඇතැයි මා විශ්වාස නොකරන නමුදු ඒ කථාවෙන් අපට ගතහැකි පාඩමක් ඇත. මේ කථාවේදී පැවසෙන්නේ මැණික් පුටුවක් අරබයා ඇති වන්නට ගිය මහා ව්‍යසනයක් බුදුරජාණන් වහන්සේ වැඩම කර විසඳූ බවයි. Continue reading

දඹුල්ල පල්ලි සිද්ධිය ගැන ඇමති ජනක බන්ඩාර කියන කථාව සහ තවත් කථා

අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන්

අමාත්‍ය ජනක බන්ඩාර තෙන්නකෝන්

මතබේධයට තුඩු දී ඇති දඹුල්ල මුස්ලිම් පල්ලිය පුජා භූමියෙන් පිටත පිහිටා ඇති එකක් බව ඇමති ජනක බන්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත. ඒ මහතා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ඒ මහතාගේ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඇමති ජනක බන්ඩාර තෙන්නකෝන් පැවසු සම්පුර්ණ කථාව පහත දැක්වේ. Continue reading

දඹුල්ලේ සිද්ධියෙන් මතුවන දේශද්‍රෝහීන් සහ කුමන්ත්‍රණ කරුවන්

ජාතික හෙළ උරුමය

ජාතික හෙළ උරුමය

පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනාත්මක සිද්ධියක් ඇති වුණි. එනම් වසර 49 ක් පමණ තිබුණු දඹුල්ලේ ඛයිරියා ජුම්මා පල්ලිය ඉවත් කරන ලෙස බෞද්ධ පාර්ශවයෙන් නැගුණු උද්ඝෝෂණයට එරෙහිව ලංකාවේ මුස්ලිම් පාර්ශවය විසින් සිය විරෝධතාවය ප්‍රකාශ කිරීමයි. මේ ඇතිවුණු සිද්ධිය අරබයා ජාතික හෙළඋරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් ප්‍රකාශයක් කර ඇත. මෙම ලිපිය එම ප්‍රකාශය සම්බන්ධවයි. Continue reading

යු.එන්.පී යෙන් මැයි දින ඩබලක් නිසා කම්කරුවන්ට ෂෝක්ද?

මැයි දිනය

මැයි දිනය

මේ සැරේ යු.එන්.පී යෙන් මැයි රැළි දෙකක් පවත්වන බැව් වාර්තා වේ. එකක් නිල වශයෙන් යාපනයේදී පැවැත්වෙන අතර අනෙක නිල නොවන මට්ටමින් කොලඹදී පැවැත්වේ. යාපනේ පැවැත්වෙන්නේ යු.එන්.පී යාවජීව නායක රනිල් මහත්තයාගේ මුලිකත්වයෙනි. නිලනොවන කොලඹ එක පැවැත්වෙන්නේ සජිත් බේබිගේ මුලිකත්වයෙනි. කෙසේ වෙතත් මේ පලහිලව් මැද්දේ මැයි දිනේ ගැන ලියන්න මටත් හිතුණි. Continue reading

ඇමති හිස්බුල්ලා පැවසුවේ අසත්‍ය යැයි මුස්ලිම් කවුන්සිලය පවසයි

හිස්බුල්ලා මහතා

හිස්බුල්ලා මහතා

නියෝජ්‍ය ඇමති හිස්බුල්ලා විසින් පසුගිය අප්‍රේල් මස 23 වැනිදා දඹුල්ලේදී පැවසු ප්‍රකාශයක් වන “දඹුල්ලේ මුස්ලිම් පල්ලියට හානි කළා යැයි කීම බොරුවක් බවත් තමාද එම ස්ථානය පරීක්ෂා කළ බවත් එය ජනතාව නොමග යැවීමක්” බවටත් ප්‍රකාශ කරන ලදී. නියෝජ්‍ය ඇමති වරයා විසින් එම ප්‍රකාශය කළේ මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ ඉනාමළුවේ සුමංගල හිමි අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මෙම ප්‍රකාශය සාවද්‍ය එකක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සහ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය ඒකාබද්ධ ප්‍රකාශයක් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර ඇත. Continue reading

සවුදි එම්බසිය ඇන්ජලා සෙනවිරත්නව රැකියාවෙන් දොට්ට දාලා

සවුදි අරාබියේ ලාංඡනය

සවුදි අරාබියේ ලාංඡනය

පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනාත්මක පුවතක් වුයේ ප්‍රසිද්ධ නිළියක වන ඇන්ජලා සෙනවිරත්න මහත්මියගේ නමට තැපෑලෙන් ලැබුණු පාර්සලයක හෂීස් නැමති ප්‍රබල මත්‍ද්‍රව්‍යයක් සඟවා තිබුණු බවයි. මෙම පාර්සලය ගැනීමට තැපැල් මධ්‍යස්ථානයට පැමිණි දෙදෙනාගෙන් කෙනෙක් සිද්ධිය අනාවරණය වී ඇති බැව් දැනගත් සැනින් පලා ගිය බවද වාර්තා වුණා. Continue reading

දඹුල්ල ප්‍රශ්නයේදී මුස්ලිම් දේශපාලන මතය කුමක්ද?

මුස්ලිම් දේශපාලක අදහස් මොනවාද?

මුස්ලිම් දේශපාලක අදහස් මොනවාද?

දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව මුස්ලිම් දේශපාලන පාර්ශව වල මතවාදය කුමක්දැයි විමසා බැලීමට අන්වර් මනතුංග බ්ලොග් අඩවිය තීරණය කළා මේ ඔවුන්ගේ අදහස් කිහිපයකි. දේශපාලකයන්ගේ අදහස් වැදගත් වන්නේ ඉන් සමාජයේ අදහස් පිළිබිඹු වන බැවිනි.   Continue reading

ලසිත් මාලිංග ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ප්‍රතික්ෂේප කිරීම හරිද?

ලසිත් මාලිංග

ලසිත් මාලිංග

ප්‍රවීණ පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ක්‍රිකට් කොන්ත්‍රාත්තුවේ මුදල සාමාන්‍ය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ලැබෙන මුදලින් 40% ක් නිසා ප්‍රතික්ෂේප කර ඇති බැව් ගොසිප් අඩවියක් වාර්තා කර ඇත.  මට මේ ලිපිය ලියන්නට හිතුනේ ඒ අරබයාය. Continue reading

ලිපි 200 කඩඉම පසුකරන අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

මේ දෙසිය වැනි ලිපියයි

මේ දෙසිය වැනි ලිපියයි

මා විසින් අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ආරම්භ කළේ ඔක්තෝබර් මස අගභාගයේදීයි. එහෙත් එය නිසිලෙස ක්‍රියාකාරී වූයේ ඔක්තෝබර් මස 30 වැනිදා සිටය. ඔබ මේ කියවන්නේ ‍අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ 200 වැනි ලිපියයි. එදා මෙදාතුර ලිපි 200ක් ලියමින් මා ආ මග මේ වන විට කිසියම් සංධිස්ථානයකට පැමිණ ඇත. මාගේ ලිපි තුලින් සමාජය දැනුවත් වුවාසේම ඔබ විසින් කරන ලද අදහස් දැක්වීම් හෙවත් කමෙන්ට් තුලින් මා ඉගෙන ගත් දේද බොහෝය.   Continue reading

ගබ්සා පනත සංශෝධනයට එරෙහි වීම කාදිනල් මග ගැනීමක්ද?

කාදිනල් මැල්කම් රංජිත්

කාදිනල් මැල්කම් රංජිත්

මා මෙම ලිපිය ලිවීමට හේතුව එක්තරා රාජ්‍ය නොවන සංවිධානයකට අයත් වෙබ් අඩවියක් විසින් ගබ්සා පනතට එරෙහි වීම යනු කාදිනල් මග ගැනීමක් බවට ලිපියකින් පල කිරීම නිසාය. ගබ්සාවට එරෙහිව මා විසින් පලමු වරට මාධ්‍ය වෙත ලිපියක් ලියුවේ මීට වසර 5 කට පමණ ප්‍රථම ඉස්ලාමීය සඟරාවකටයි. මා එසේ ලිවීමට හේතු පාදක වුයේ මා දන්නා තරුණියක් ඇගේ අකමැත්තෙන් වුවද දෙපාර්ශවයේම දෙමව්පියන්ගෙන් ඇතිවු බලපෑම් නිසා ගබ්සාවකට ස්වකීය ස්වාමි පුරුෂයා විසින්ම රැගෙන ගිය බව ආරංචි වීම නිසාය. Continue reading

ව්‍යාභිචාරය වලකන්නේ කෙසේද?

ව්‍යාභිචාරය නීතියට ගෙනයාම සමාජ වගකීමකි

ව්‍යාභිචාරය නීතියට ගෙනයාම සමාජ වගකීමකි

තමන්ගේම දියණිය සමග වසර 7ක් දීග කෑ පියෙක් පසුගියදා අසුවී ඇත. මෙම දියණිය දැන් 15 හැවිරිදි වියේ පසුවෙයි. පසුගියදා පොලිසියට‍ ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු අරලගංවිල, ගල්තලාව, අඩි 3 ඇලපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ ගැන අදාළ දියණියගෙන් ද පොලිසිය ප්‍රශ්න කළ අවස්ථවේ ඇය විසින් පවසා ඇත්තේ,  වයස අවුරුදු 8 දී පමණ ප්‍රථම වතාවට සිය පියා වෙතින් තමා අපහරණයට ලක්වූ බවත්, එතැන් පටන් ඔහු සමග දිගටම අඹුසැමියන් ලෙස වසර 7 ක් ගතකිරීමට සිදුවූ බවත්ය. මේ සැකකරු පොලොන්නරුව අධිකරණයට ඉදිරිපත් කර ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. Continue reading

දඹුල්ලේ සිද්ධියෙන් උගත හැකි පාඩම් මොනවාද?

මුස්ලිම් ඇමතිවරු දඹුල්ලේදී

මුස්ලිම් ඇමතිවරු දඹුල්ලේදී

දඹුල්ලේ ඇතිවු සිද්ධියෙන් පසුව මා ඇමතු අපේ කිහිප දෙනෙක් අපි මේකට මොනවා හරි කරන්න ඕන කියා පවසන ලදී. නමුත් මා දකින්නේ මෙය වෙනස් ආකාරයකටයි. ඇත්තටම මේ සිද්ධියෙන් සිදුවුයේ කුමක්ද? මේ සිද්ධියට සම්බන්ධ යතිවරයාණන්ගේ චරිත ලක්ෂණ ඉතාමත් අලංකාර අන්දමින් මාධ්‍ය ඉදිරියේ නිරුවත් වීමයි. ඇත්තටම එහිමියන් කළේ උඩපැන තමන්ගේ හිසට ඉහලින් කෙල ගැසීමයි. දැන් ඒ කෙල සියල්ල සියල්ල වැටුණේ කොහේ දැයි දැන් සියල්ලෝම දන්නා කරුණකි. Continue reading

බාහු සහ වාසු – සුවා සහ හුබා වීම

බාහු සහ වාසු

බාහු සහ වාසු

රනිල්ගේ කුල විරෝධී සටනක් ගැන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසා සිටි බවක් මාධ්‍ය මගින් දැන ගන්නට ලැබු‍ණා. කෙසේ වෙතත් මේ දවස් වල බාහු මහත්තයා යන්නේම රනිල් පිටිපස්සේ බව මාධ්‍ය වලට නිකුත් වන ෆොටෝ මගින් දැක ගන්නට පිළිවන්. බාහු විතරක් නෙමෙයි එයාගේ අනික් ගජයා වන වාසු සහෝදරයත් වෙනස් වෙලා දැන් ගොඩක් කල්. Continue reading

දඹුල්ලේ මුස්ලිම් පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

සාමය කඩ කළ අය

සාමය කඩ කළ අය

වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ, එය කඩා දමා පල්ලියේ නැමදුමට පැමිණි පිරිස් එලවා දමා තිබේ. ඊයේ දින‍ය ජුම්මා හෙවත් සිකුරාදා නැමදුම සහිත දිනයක් වුවද මේ පිරිසට තම ජුම්මා නැමදුම කිරීමටද අවස්ථාවක් නොලැබී ඇත. මේ සිද්ධියෙන් පසුව ලාංකීය සිංහල සහ මුස්ලිම් සමාජයන් අතර මෙතෙක් තිබුණු සංහිඳියාව ඉතා දැඩි ලෙස අවධානමකට ලක්ව ඇත. Continue reading

නූගත් නෝර්වේ ඝාතකයාගේ මෝඩ උත්සාහය

ඇන්ඩර්සන් බ්‍රෙවික්

ඇන්ඩර්සන් බ්‍රෙවික්

ඔස්ලෝ නුවර සමූල ඝාතණයක් සිදුකළ ඇන්ඩර්ස් බ්‍රෙයිවික් නැමැත්තාට එරෙහි නඩුව පසුගිය අප්‍රේල් 18 වැනිදා  පැවැත්වුණා. එහිදී ඔහු පැවසුවේ “දෙවන ලෝක යුද්ධයෙන් පසු විශිෂ්ටතම ප්‍රහාරය එල්ල කරේ තමන් බවයි. අල්-කායිඩා හා සන්නද්ධ ඉස්ලාමියන් ගැන අවසන් විනිශ්චයකට පැමිණ ඇති බවද මෙම ප්‍රහාරය එල්ල කරේ යහපත් චේතනාවෙන් නිසා තමන් නිදහස් කරන ලෙසද” ඔහු ඉල්ලා සිටියා. කෙසේ වුවද මෙම ඝාතණයේදී මිය ගියේ මුස්ලිම් වරුන් නොව සියල්ලන්ම අන්‍ය ආගමිකයන්ය.   Continue reading

මුස්ලිම් අපි ලොවට වදයක් නොව අපට වද දෙන අය ලොවට ඇණයකි

හෙළුව සහ වැස්ම

හෙළුව සහ වැස්ම

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන වෙල්ගම මුදළාලිගේ දිවයින පත්තරේ පසුගිය වසරේ 2011/08/28 දින මුස්ලිම් අපි ලෝකෙට වදයක්ද? (http://www.divaina.com/2011/08/28/nimna02.html) යන මාතෘකාවෙන් රෝහිත මුණසිංහ නැමැත්තෙක් ලිපියක් පලකර තිබුණා. එම ලිපිය පලවී මාස කිහිපයක් ගතවී ඇතත් නැවතත් එය අන්තර්ජාලයේ සංසරණය කරවන්නට අන්තවාදීන් කටයුතු කර තිබෙනවා. Continue reading

ගබ්සා පනත සංශෝධනයෙන් සිදුවන්නේ කුමක්ද?

නුපන් බිළිඳුන්ගේ ශෝකාන්තය

නුපන් බිළිඳුන්ගේ ශෝකාන්තය

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ලංකාවේ සිදුවන ගබ්සාවන් ගැන කථාකළේ අද සමහර ඉන්ටර්නෙට් ඔස්තාර්ලා මේ ගැන කථාබහ කරන්නට බොහෝ කලකට පෙරයි. නමුත් මේ වන විට ගබ්සාව ගැන සමාජ කතිකාවතක් එලඹිලා තිබෙනවා. එයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ රජය විසින් ගබ්සා නීතිය සං‍ශෝධනය කිරීමේ වෑයමක යෙදෙන බව මාධ්‍ය මගින් වාර්තා වීම නිසයි. මෙම ගබ්සා නීති සංශෝදනය මගින් කුමක්ද සිදුවේද? යන්න අප සොයා බැලිය යුතු කරුණකි. Continue reading