Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

Nolimit වස දැමූ ටොෆි බෙදනවා යැයි පච නිවුස් එකේ ඇත්ත නැත්ත

ඊයේ දින අප්‍රේල් 2 වෙනිදා සිංහල රාවය නමින් තිබෙන වෙබ් අඩවියේ සහ ෆේස්බුක් අවකාශයේ මුස්ලිම් ව්‍යාපාරික ආයතනයක් වන නෝලිමිට් ඉලක්ක කරගනිමින් මඩ පුවතක් ප්‍රචාරය කරන ලදී. ඇත්තටම ජාතිබේධ වාදීන් විසින් පසුගිය කාලයේ නෝලිමිට් ඉලක්ක කරගනිමින් අසත්‍ය ප්‍රචාර රැසක් සිදු කරන ලදී. ඔවුන්ගේ මේ සියළුම උත්සාහයන්හි අරමුණු වුයේ එම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානය සම්බන්ධ අසත්‍ය දේ ජනතාව අතර වපුරා ඉන් ජාතිබේධයක් නිර්මාණය කර සිංහල ජනතාව එම ව්‍යාපාරික ස්ථානය වෙත යෑම වැලැක්වීමයි. අළුත් අවුරුදු සමය ආරම්භයේම මොවුන් විසින් ජනතාවට නෝලිමිට් වර්ජනය කරන්න කිව්වද ජනතාව එය පිළිගත් වගක් පෙනෙන්නට නොතිබුණි. මේ නිසා ඔවුන් අවුරුදු සමයේ නෝලිමිට් යන සිංහල පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන මෙම ප්‍රචාරය සිදුකර ඇත. පහත සඳහන් වන්නේ සිංහල රාවය වෙබ් අඩවිය විසින් නෝලිමිට් අරබයා පලකල අසත්‍ය පුවතයි.

 

උපුටා ගැනීම

වස දැමූ ටොෆි නොමිලේ බෙදමින් ” Nolimit” සිංහල ජාතිය වඳකිරීමේ තැතක

APRIL 02, 2012   ADMIN   8 COMMENTS

මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන්ට, සිංහල ජාතිය වඳකිරීමෙ අරමුණින් ”ටොෆි” නොමිලේ බෙදන බව ඔබ දන්නවාද?

මේ දිනවල සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩා ළමුන් සඳහා මෙම ටොෆි වර්ගය කිසිසේත්ම සුදුසු නැති බව අන්තර්ජාලය පුරාවට දක්නට ලැබේ. වකුගඩු අවයවවල ආබාධ ඇතිවිය හැකි මෙම ඇසිඩ් වර්ගය ඇති ටොෆි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ කුමන අරමුණකින්ද?

සිංහලයාගේ ආදායම සූරගෙන දියුණුවෙන, Nolimit වැනි වෙළඳ ව්‍යාපාර මෙම වසර පටන් ගත්තේ අරාබියෙන් හා දෙමළ බසින් පමණක් දින දර්ශණයක් නිකුත් කරමිනි. එය සිහළුන්ගේ කනට ගැසීමක් වැනිය. සිංහලයින්ගේම අවුරුදු සමයේ නව පරපුර වනසන්නට ටොෆි කවන මේ පඩත්තරයන්ගේ ආයතන දියුණු කිරීමට සිංහලයින් තවමත් බැඳීසිටීම පුදුමයට හා කණගාටුවට කරුණකි …

https://www.facebook.com/photo.php?fbid=3493135404580&set=a.3487946634864.2157978.1157382671&type=3&theater

 

 

 

 

https://www.facebook.com/photo.php?fbid=3488001356232&set=a.3487946634864.2157978.1157382671&type=3&permPage=1

 

 

 

 

<<E296 – DL-Malic acid – infants and young children should avoid it>> (http://www.blueswami.com/e296-e385.html )

<<Pregnancy – Insufficient information is available on the use of MALIC ACID [EXCIPIENT] (E296) in pregnancy. Drugs can have harmful effects on the fetus at any stage of pregnancy. Experience with many drugs is limited. MALIC ACID [EXCIPIENT] (E296) should only be used if expected benefit outweighs possible risk >>  (http://216.122.144.54/cgi-bin/drugcgic/INGR?118264002+0#PREGNANCY )

උපුටා ගැනීම අවසන්

 

මෙම ටොෆි වර්ගය නෝලිමිට් ආයතනය විසින් මෙවර අවුරුදු සමයේ සිය පාරිභෝගිකයන් හට නොමිලේ දෙන දීමනාවකි. සාමාන්‍යයෙන් එම වෙලඳ ආයතනයට කුඩා දරුවෙක් ගොඩ වන්නේ  නම් එම දරුවාට බැළුම් බෝලයක් වැනි දේ ත්‍යාග කිරීම ඔවුන් සෑහෙන කලක් තිස්සේ කරගෙන යන ක්‍රියාවකි.

 

මෙවර පැමිණෙන පාරිබෝගිකයන්ට ටොෆි වර්ගයක් තෑගි කිරීමට ඔවුන් ටොෆි නිශ්පාදනය කරන්නාවු සමාගමකට ඇනවුම් කර ඇත. එම ඇනවුම පරිදි නෝලිමිට් ලාංඡනය සහිත ටොෆි වර්ගයක් නිර්මාණය කර ඇත්තේ සීමාසහිත උස්වත්ත කොන්ෆෙක්ෂනරීස් වර්ක් පුද්ගලික සමාගම Uswattha Confectioneries (Pvt) Ltd ය. මෙම ආයතනයේ සභාපති වරයා වන්නේ නිමල් පෙරේරා මහතායි. මෙම ආයතනය සම්පුර්ණයෙන්ම දේශීය සහ සිංහල අධ්‍යක්ෂක මන්ඩලයකින් සමන්විත ආයතනයකි.

 

නෝලිමිට් ආයතනය විසින් මෙම පුවත පලවු වහාම ඒ පිළිබඳව උස්වත්ත කන්ෆෙක්ෂනරීස් ආයතනය දැනුවත් කොට ඇති අතර ඔවුන් මේ පිළිබඳව පර්යේෂනයක් පවත්වමින් පවතී.

 

සාමාන්‍යයෙන් මෙම ටොෆී වර්ග නිශ්පාදනය කරන්නේ කිසියම් වට්ටෝරුවකටය. එම වට්ටෝරු වල ශරීරයට අහිතකර දේ තිබිය හැක. නමුත් ලංකාවේ තිබෙන බහුතරයක් ටොෆී වර්ග වල නම සහ නිශ්පාදන ආයතනය සඳහන්ව තිබුණද ඒවායේ අන්තර්ගත  වට්ටෝරුව කුමක්දැයි සඳහන්ව නැත. මේ නිසා අන්තර්ගත වට්ටෝරුව කුමක්දැයි සඳහන්වු නෝලිමිට් ටොෆියට වඩා අන්තර්ගතය සඳහන් නැති එම ටොෆි වර්ග භයානක නොවේද? 

 

අන්තර්ගතය සදහන් නොවන අනෙක් ටොෆි වර්ග

අන්තර්ගතය සදහන් නොවන අනෙක් ටොෆි වර්ග

  • Ibnu Mansoor says:

    සිංහල ජාතිය වඳ කරන නොලිමිට් ටොෆී බෙදීම.

    සිහල රාවය නමැති වෙබ් අඩවියේ හා මුහුණු පොතේ ප්‍රචාරය වෙමින් පවතින මෙම ප්‍රවෘතිය සුළු කොට තැකිය නොහැක. ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක ප්‍රසිද්ධ ලෙසම මෙම කටයුත්ත සිදු කෙරේ නම් එය කිසිවෙකුට නිහඬ නිරීක්ෂකයෙකු ලෙසට පත්වී අනිත් පැත්ත බලාගතහැකි ක්‍රියාවක් නොවේ. මෙම ප්‍රචාරයේ යෙදී සිටින්නන් සැබෑ දේශහිතෛෂීන්නම් වහාම ක්‍රියාත්මකවී නොලිමිට් අයිතිකරුවන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමට වහාම ඉදිරිපත්විය යුතුය.

    එවන් දෙයක් කළබවට කිසිම හෝඩුවාවක් නොමැත. එසේ නම් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න අප සැමට ප්‍රහේලිහාවක් ලෙස පෙනුනත් සත්‍ය තත්වය අවබෝධ කරගැනීම අපහසු ක්‍රියාවක් නොවේ. තිස් වසරක යුද්ධය අවසන් වීමෙන් පසු පරාජිත ත්‍රස්තවාදීන් ගේ අවශ්‍යතාවය වුයේ අළුතින් දිනාගත් සාමය විනාශ කොට නැවතත් රට අස්ථාවර කිරීමය. ජාත්‍යන්තරයද හවුල් කරගනිමින් ඔවුන් රටට එරෙහි කුමන්ත්‍රණකාරී කටයුතුවල යෙදී සිටිනබව අන්ධයෙකුටත් පැහැදිලිව පෙනෙන යථාර්තයකි. ජාත්‍යන්තර මෙම කුමන්ත්‍රණකාරී පෙරමුණේ ජාතික හවුල් කරුවන් ගේ අපේක්ෂාවද රට අස්ථාවර කොට නැවත ත්‍රස්තවාදීන්ට හිස ඔසවන්නට අවශ්‍ය පරිසරය සකස්කර දීමය.

    මෙවන් අසත්‍ය තොරතුරු සපයමින් කිසිවක් පිළිබඳව සැක ඇතිකර නොගන්නා අහිංසක සිංහල හා බෞද්ධ ජනතාවගේ සිත් වෛරයෙන් හා ක්‍රෝධයෙන් දුෂ්‍ය කොට රටේ අස්ථාවරත්වයක් ඇති කරන්නට කටයුතු කරන්නාවූ මෙම ඊනියා දේශප්‍රේමීන් හඳුනාගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. කොටි ඩයස්පෝරාවට දර දිය අදිමින් බොරු ප්‍රචාර මගින් රටේ නොසුන්තාවයක් ඇතිකරවන්නට උත්සාහ කරන මෙම ද්‍රෝහීන් පිළිබඳව විමසිල්ලෙන් සිටීම ලාංකික සිංහල ද්‍රවිඩ මුස්ලිම් යන සියළු වාර්ගිකයින්ගේ වගකීමක් වන්නේය. විවිධ සිංහල හා බෞද්ධ නම්වලින් වෙබ් අඩවි පවත්වාගෙන යමින් මොවුන් කරන්නේ කොටි ඩයස්පෝරාවට වහල්කම් කිරීමය. සමහරවිට ජාත්‍යන්තරයෙන් ලැබෙන ඩොලරය මෙම ද්‍රෝහීන්ගේ පෝෂණය සලසන මාර්ගය විය හැක. එයට යටත් වුවන්ට රට නොව තමන් වැදු මවද පාවාදීම අසීරු කරුණක් නොවේ.

    ශ්‍රී ලාංකිකයිනි! බුදුදහම හා සිංහල ජාතිය කඩතුරාවක් කරගනිමින් රටේ වෛරය හා ක්‍රෝධය වපුරන්නට ඉදිරිපත් වී ඇති මෙම කොටි අදිසි හස්තයන් පිලිබඳ නිවැරදි අවබෝධයෙන් කටයුතු නොකළ හොත් ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් සාමය විනාශ වී ගොස් නැවතත් කොටින්ගේ කෘරකම් වලට මුහුණ පාන්නට සිදුවන කාලය ඈතක නොවන බව මොළය ඇති ඕනෑම අයෙකුට තේරුම කරගත හැකි කරුණකි. අවධියෙන් සිටිමු. දිනාගත් සාමය රැකගන්නට ලක් මවගේ සියළු දුවා දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු.

    ඉබ්නු මන්සූර්

    2012/04/03 at 5:22 PM
    • Dev says:

      ඔබ කියන දේ ඇත්ත කියල හිතමුකෝ… එතකොට නව දින දර්ශනය ගැන ඔබලා මොනවද කියන්නෙ???

      2012/04/08 at 2:39 AM
      • Anver Manatunga says:

        ඒක ගැන මම ආගම්බේද වාදීන් නොලිමිට් සමග ඇති අරෝව කුමක්ද යන මාතෘකාව ඇති ලිපියේ සදහන් කර ඇත.

        2012/04/08 at 4:54 AM
  • Ibnu Mansoor says:

    Committee on Toxicity of Chemicals in Food, Consumer
    Products and the Environment (http://cot.food.gov.uk/pdfs/acidsweets.pdf)

    7. Citric acid anhydrous and monohydrate (E330), malic acid (E296) and lactic acid (E270) and their salts are permitted food additives in the European Union. Conditions of use are “quantum satis” which means that no maximum levels are set, but the additive must be used in the food concerned in accordance with good manufacturing practice and must not be used at a level higher than is necessary to achieve intended purpose. These acids are also listed as GRAS (Generally Recognized as Safe) in the USA, where maximum concentrations are specified for malic acid in foods as served: hard candy 6.9%; processed fruits and fruit juices 3.5%; non-alcoholic beverages 3.4%; soft candy 3.0%; jams and jellies 2.6%; 0.7% in all other foods when used in accordance with good manufacturing practice.

    ඉහත උපුටා ගැනීම අනුව මලික් අම්ලය යුරෝපීය සංගමයේ රටවල්වල හා ඇමරිකානු එක්සත් ජනපදයේ අනුමත රසකාරකයකි. එය ආරක්ෂා සහිතව යෙදිය හැකි ප්‍රමාණයන්ද මෙහි විස්තර කොට ඇත. විශේෂයෙන්ම මලික් අම්ලය යෙදිය හැකි ප්‍රරමාණයන් පහත සඳහන් අයුරිනි.

    ඝන පැණි රස කෑම hard candy 6.9%
    පිරිසැකසු පලතුරු හා පලතුරු යුෂ processed fruits and fruit juices 3.5%
    මද්‍යසාර රහිත සුමුදු පානයන් non-alcoholic beverages 3.4%
    මෘදු පැණි රස කෑම Soft candy 3.0%
    ජෑම් සහ ජෙලි වර්ග Jams and Jellies2.6%
    අන් සියලු ආහාර වර්ග යහ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරමින් All other foods with good manufacturing practice 0.7%

    ඉහත තොරතුරු අනුව අපේ කාඩ්බෝඩ් ජාතිහිතෛෂීන් කෙන්දක් අල්ලාගෙන කන්දක් මවා ජාතිවාදය ඇතිකොට කොටි ඩයස්පෝරාවේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්නට වලිකමින් සිටින බව ඕනෑම අයෙකුට පැහැදිලි කරුණකි. බැටළු හම් පොරවාගත් කොටි ඒජන්තවරුන්ව හඳුන්වාගෙන බුද්ධිමත්ව කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගනිමු.මෙම රසකාරකය ලංකාවේ නිෂ්පාදිත බොහෝ ආහාර වර්ග වල යොදා ඇති බව මෙම කාඩ්බෝඩ් වීරයෝ නොදන්නවා යැයි අපි නොසිතන්නෙමු. ඔවුන්ට අවශ්‍ය වන්නේ රටේ ජනයා මුලා කොට ජාති වාදය ඇතිකරවන්නටය. තමන් කන්නාවූ ජාත්‍යන්තරයෙන් ලැබෙන ඩොලරයට යුතුකම් ඉටුකරන්නට ඔවුන් බැදී ඇති බව හොඳා කාරව දන්නෙමු. බුදු දහම හා සිංහල ජාතිය මේ සඳහා යොදාගැනීම පිළිබඳවයි අපගේ කනගාටුව.ඇස්පිරීන් සරල හොඳ බෙහෙතකි. නමුත් එහි මාත්‍රය ඉක්මවා ගතහොත් මැරෙන්නට ඉඩ තිබෙනවා. කරුණාකර ඇස්පිරින් විකුණන හැම ෆාමසි යක්ම වසාදමන්නට කතා නොකරන්නේ මන්ද?

    ඉබ්නු මන්සූර්

    2012/04/04 at 1:49 PM
  • ෂෆීක් says:

    100% ට 100% ක් එකගඊ ඉබ්නු මන්සූර්,

    පසුගිය වතාවරණයත් සමග බලන කල බුද්දිමත් සේ පෙනුනත් හුදෙක් කුහක මෝඩ ජාතිවාදී මිනිස්සු (සමහර විට තම පෞද්ගලික වාසි තකා) මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් කර රට නැවතත් අනතුරේ දමන්න පෙලෙබෙති.

    තිස් වසරක තිබුණු අමිහිරි අද්දැකීමෙන් යලිදු හිස ඔසවන්න අර අදිනකොට මෙවැනි දේවල් වලින් නැවතත් පෙර තිබු ආකාරයටම කොහොලාල ඇති කර මතු පරපුරටද ඒ අත්දැකීමම අත් කරදෙන්න වලි කන්නේ ජාතික කුහකයෝය.

    අද පවතින තත්වය මත රට ගොඩ නැගීමට නම් අපි හැමෝම සමගි වී කටයුතු කරන අතර මෙවැනි ජාතික කුහකයන්ට නිසි දඩුවම් දිය යුථුඉ.

    තවද මේ කියන නොලිමිට් ආයතනයට සැබවින්ම ඔය කියන ආකාරයේ දෙයක් අවශ්‍ය වුවෙනම් මෙම ඇනවුම දේශීය සහ සිංහල අධ්‍යක්ෂක මන්ඩලයකින් සමන්විත උස්වත්ත කන්ෆෙක්ෂනරීස් ආයතනයට ලබා නොදී මෙවැනි ජඩ වැඩ කරන රහසිගත ආයතනයකට ලබා දෙන්න තිබුනා නොවේද?

    මෙතරම් දියුණු වකවානුවක සිටින අප පරිපුර්ණ මනසකින් හා බුද්දියෙන් ජීවත් වීම ඉතා වැදගත්.

    2012/04/04 at 2:34 PM
  • sagara says:

    මුස්ලිම් විරෝධී වෙබ් හා බ්ලොග් පිටුපස ඇමරිකාව ඉන්නවා

    2012/04/05 at 10:42 PM
    • Anver Manatunga says:

      ඔවුන් පිටුපස බලවත් ලෙස ඉන්නෙ ඉන්දියාවයි. ඉන්දියාවට සහය දක්වන්නෙ ඇමරිකාවයි.

      2012/04/06 at 6:04 AM
      • Nimal Shantha says:

        ගොනෝ,,,,,

        මොක්කුවත් කාටවත්……..දෙන්නෙ නෑ. උඹලගේ වැරදි වලට එරෙහිව උන් ලියනවා විතරයි. සාධාරනව හිටියොත් ඒව නවතීවි

        2012/04/08 at 1:09 PM
        • Anver Manatunga says:

          ඔබගේ කමෙන්ට් එකේ ශිෂ්ඨ නැති වචනය කපා දැම්මා. ඔබගේ නම නිමල් ශාන්ත වුනාට ඇති නිමලයක්වත් ශාන්ත බවක්වත් පේන්න නැහැ. තවදුරටත් ජරා වචන කමෙන්ට් එව්වොත් දාන්නේ නැහැ.

          2012/04/08 at 1:27 PM
  • Helayaa says:

    This is bulshit.. nothing has proven..

    2012/04/06 at 7:28 PM
    • Nikashi says:

      True… there are many things happening in Sri lanka where we can’t stop one thing village girls bought to Karaoke clubs and night clubs no one is talking about this …

      Here the Innocent girls are misused a lot…

      without talking about a real disaster these guys are creating stories for nothing..

      Every adult should visit the Maharagama cancer hospital at least once in six month then they will realize the value of a life and will come to know about this world is not a permanent place to live….

      Don’t know anytime we might so try to live happy ..and help others always not only humans all creations.

      2012/04/09 at 5:39 PM
  • Nimal Shantha says:

    අපිත් මෑතක් වෙන තුරුම මුස්ලිම් කඩ වලට ගියා. අපිත් එක්ක මුස්ලිම් අය හිතවත්.

    නමුත්……….

    මේ……. අර්බුදය නිර්මාණය කරේ සිංහලයො නෙමෙයි තම්බිම තමයි. කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය, නැගෙනහිර විහාර, බාම්යන් පිළිම, බේරුවල සිද්ධිය, පස්සර සිද්ධිය, මාවනැල්ල සිද්ධිය, මාවතගම බොඩ් එක, මාලිගාවත්ත මුස්ලිම් පාතාලය, සාරියා ද මොකාද ගෙරි නීතිය, ආගම මගින් (අනුග්‍රහයෙන්) සිදුවන ගව ඝාතනය, නෝලිමිටි කැලැන්ඩර (තව ගොඩක් ඇත) යනාදී දේ මගින් උද්දච්ච සුලුතර මුස්ලිම් උන් ම තමයි සිංහලයා ප්‍රෙකෝප කරේ. දවසින් දවස අලුත් නිව්ස් දෙන්නෙත් උන්ම තමයි. මොකද අපි දුන්න ඇයි ඕකුන්ට ටොපී බෙදන්න කියලා. ඉදිරියට වත් බුදුදහමට, සිංහලයට කරන මේ විනාසය නතර වෙයි කියලා හිතනවා. එතෙක් පුද්ගලිකව මමත් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයට දායකත්වය දක්වනවා.

    මම හිතන්නනෙ සිංහලයා (හරියට) මේ දෙය කලොත් සමහර ප්‍රෙද්ශ වල මුස්ලිම් ව්‍යාපාර ගොඩක් වහන්නම වෙයි.

    අන්වර් ට හරි අනිත් මේ වෙබ් එකේ උන්ට හරි කරන්න තියෙන්නේ මුස්ලිම් අන්තවාදයට සුදුහුණු ගෑම වත්, අවුරුදු 2600ක බෞද්ධ උරැමය විනාස කිරීම සාධාරණිකරනයවත්, සිංහල මුස්ලිම් විවාහ සාධාරණිකරණය කිරීමවත් නොව ගෙරි තම්බින්ගෙ මෙම ක්‍රියා කලාප නතර කිරීමට පියවර ගැනීමයි. මෙහි ආරම්භය කූරගලයි. තොපේ වැඩපිලිවෙලවල් එසේම යා නම් අපද අපට හැකි පමණින් ඉස්ලාම් සහ මුස්ලිම් වරජනය කරමු.

    2012/04/08 at 1:05 PM
    • Anver Manatunga says:

      පට්ට ආගම්වාදීන්ගේ නරුම අදහස් වලින් ඔබ මොලය කුරුවල් කරගෙන ඇති හැඩයි. ඔබ ලියලා තියෙන අදහස් වල බෞද්ධ කමක් ගෑවිලාවත් නැහැ.

      කෙසේ නමුත් වර්ජනය කිරීම ඔබගේ අයිතියක්. ඔබ වැනි අය බඩු නොගත්තාට ඒ අයට ප්‍රශ්නයක් ඇති නොවනු ඇති. මන්ද ඔබ වැනි අය මේ සමාජයේ සිටින්නේ ඉතාමත් සුළුතරයක් බැවිනි.

      2012/04/08 at 1:23 PM
      • Nimal Shantha says:

        එය හැබෑය. ඉන්නේ සුලු පිරිසකි. මම අදහස් කරන ආකාරයට මෙවැනි විවිධ සිද්ධීන් (සිදුවූ දෙය කෙසේ වෙතත්) ඉදිරියට සිදුවන දෙය මත මෙම පිරිස විශාල හෝ කුඩා විය හැක. ගින්නක් නැතිව දුමක් නොනගින්නා සේ මේ සිද්ධින් ඔබ සිතනා ආකාරයට 100%ක් ම බොරු යැයි සිතිය නොහැක. මෙසේ සිතනා පිරිස කුඩා වන්නේ නම් රටට, අප ජාතින් හා ආගම් අතර සමගියට වාසි වන අතර එසේ නොවන්නේ නම් එයට අවාසි වනු ඇත.

        ඔබගේ මෙම උත්සාහයෙන් මුස්ලිම් ජාතිකයන් නිසා සිංහලයන්ට වන අපහසුතා අඩුකිරීමටත් යොදාගත හැක්කේ නම් ඔවුන්ගේද ඇතිවෙමින් පවතින තත්වය ටික ටික අඩුවනු ඇත.

        ඇතිවෙමින් පවතින තත්වයට හොදම පිළිතුර නිවුස් අඩුකිරීම වේ

        2012/04/09 at 11:47 PM
      • Dev says:

        අන්වර් ඔබ හිතන්නෙ සුලු පිරිසක් කියලද? එසේනම් ඔබ වැරදිය.
        මමත් මගෙ සියලුම දෙනාත් දරනේ ඔහුගේ අදහසමයි.

        2012/04/19 at 2:52 PM
        • Dev says:

          සිංහල මුස්ලිම් කාගෙත් ඇගේ දුවන්නෙ එකම පාට ලේ. අපිට ඒක හොදට තේරෙනව.
          නමුත් මුස්ලිම්ලගෙන් එක දන්නෙ 1%ක් 2%ක් විතරයි. ඇපි මැරෙන වෙලාවට මේ ඔක්කොම දාල යනව.

          2012/04/19 at 2:57 PM
      • sinhalaya says:

        pala tambiyo yanno

        2012/07/08 at 11:30 PM
    • Dev says:

      නිමල් උඹේ කතාව හරියට හරි!

      2012/04/19 at 2:50 PM
    • john says:

      Ooh…! oyala wage mandha budhdhika hathara pas denek yannethi hindha, business full lost wela. kadawal tika wahala dhaanna yanawalu….

      2012/05/28 at 8:28 AM
    • SHAFRAS says:

      nimal Shantha sahodarayage comment eka balanakota mata kanagatui.thambila kiyana wachanaya pawichchi kalata dan nam thambilata taraha ennena na.mokada, thambila bihiune sinhala sthreengen yana itihasaya danna nisa.

      2012/07/31 at 11:11 AM
    • jahns tikkah says:

      owu hema prasnema muslimunge account ekata daapalla. prasnayak aawahama jaathiwaadee kannadiyen balana, ea anuwa katayuthu karanna minisunwa polambawana obala wage pahath maanasikathwayak ethi pudgalayan nisa samaajayata vena hondak ne, medaperadiga merate pradana aadaayam maargaya. rate janagahanayen hari adak jeewath wanne me aadaayamen. yam vidiakin ea ratawalwalla youddayak ethiwela okkotama lankawata enna unoth me jaathiwenge thel wealei.

      2012/08/28 at 11:54 PM
  • ෂෆීක් says:

    Exactly Nikashi,
    actually some of Sri Lankans organization in Kuwait (SOSK) plan to present Chemotherapy machine to Maharagama Cancer Hospital.
    This machine will be useful to reconstruct Chemotherapy drugs to be given to the children. 80% of kids suffering from cancer require Chemotherapy.
    The cost of the machine 2.5 million. And the machine available at Analytical instrument (PVT) LTD. And if anyone interested can participate.

    2012/04/10 at 2:52 PM
  • Gamunu says:

    හරයක් නැති මුස්ලිම් අදහස් දුටු අපට මනතුන්ගයන්ගේ අදහස් වල යම් හරයක් ඇති බව පෙනී ගියත්, දිනෙන් දින ඇතිවන යම් යම් සිදුවීම් පිලිබදව සහ සීග්‍රයෙන් පැතිරෙන මුස්ලිම් මුස්ලිම් නගරකරණය මනතුන්ගයන්ගෙන් අදහස් විමසමි. ඒවගේම ඔබ උපතින් මුස්ලිම් නොවීම මේ වෙනසට හේතුව ලෙසද මම දකිමි.

    2012/04/19 at 6:02 PM
    • Anver Manatunga says:

      ප්‍රශ්නය වන්නේ නාගරික සිංහල ජනතාව සිය ඉඩම් විකුණමින් ඈත පලාත් වල පදිංචියට යාමයි. අපේ අයගේ වැරදි මූල්‍ය ප්‍රතිපත්ති නිසා එයාලගේ බිස්නස් වැටෙනවා. ඉන්පසුව ගෙවල් විකුණලා යනවා. මේකට තවත් ජාතියකට බැනලා වැඩක් නැහැ.

      අපි පුංචි කාලයේදීත් මෙවැනි සිදුවීමක් වුනා. ඒ කාලේ අපේ නගරයේ සිටි පරණ අය කඩ විකුණලා ඈත පලාත් වලට ගියා. අද එහි ඉන්නේ දකුණින් පැමිණි ව්‍යාපාරිකයන්. මේ ව්‍යාපාරිකයන්ගේ දරුවන්ගේ කාලේ එන විට ඔවුනුත් මේවා විකුණලා යයි.

      මේකට තවත් ආගමක අයට බැනලා වැඩක් නැහැ.

      2012/04/20 at 1:29 AM
      • john says:

        lassana pilithurak…..

        2012/05/28 at 8:20 AM
  • සුභාෂ් දිල්රුක් කන්නන්ගර says:

    මේ ටොෆි කතාව ගැන මගේ බ්ලොග් එකට ලිපියක් ලියන්න මම හිතාගෙන කරුණු එක් රැස් කරමින් උන්නේ. මමත් මේ ටොෆි එකක් අරගෙන ආව. තාමත් මගේ ලඟ තියෙනවා. මුදල් කවුන්ටරයේ සිටි තරුණයාගෙන ටොෆි එක ගැන මා ප්‍රශ්ණ කල විට උස්වත්ත ආයතනය ලබා දුන් සහතිකයේ පිටපතක් ඔහු මට බලන්න දුන්නා. මා එහි පිටපතක් ඉල්ලා සිටියත්, ඔවුන්ට එසේ ලබා නොදෙන ලෙස උපදෙස් දී ඇත්තේ ඒ සඳහා යම් නීතිමය ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින බැවිනි. නිමල් ශාන්ත මහතා වැනි අය ගැන මා ඉතා කණගාටු වෙමි. අනුන්ට දොස් තබනවාට වඩා ක්‍රියාවෙන් සාර්ථක ව්‍යාපාරයක් සිදු කරනවා නම් මැනවි. මා එතුමාගෙන් ඉල්ල සිටින්නේ ධර්මයේ හැසිරෙන්න යන්නයි.

    2012/05/07 at 6:52 AM
  • Eshan Fernando says:

    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-snc7/479808_419669858085617_894167725_n.jpg
    මෙවන් පාපතර වෙබ් පේජ නිර්මාණය කරන සිංහ හඬ,sorry.com වැනි නපුංසකයන්ට අසු නොවෙන්න සියලුම ජනතාව ඔවුන්ට විරුද්ධව නැගි සිටින්න

    2012/07/14 at 4:03 PM
  • M Thas says:

    අපගේ බෞද්ද සහෝදරයන් පොඩ්ඩක් හිතන්න.නොලිමිට් වැනි ආයතන වලට යන්නේ වැඩියෙන් මුස්ලිම් ජාතිය.ඔබලාට අද කොළඹ නොලිමිට් ආයතන වලට ගියොත් පෙනෙයි වැඩිය එහි බාන්ඩ මිල දී ගැනීමට යන්නේ මුස්ලිම් අපි ය.එසේනම් අපද වඳ වී යා යුතුය. එම නිසා මෙම Horry.com,නපුන්සක හිවල් හඬ වැනි අන්තවාදීන් ගේ ප්‍රචාරවලට නොරැවටෙන්න.අපි සැවොම ශ්‍රී ලාංකිකයන්.

    2012/09/01 at 11:10 PM
  • ishaq says:

    Me inna tike hondata Indilla – Api Heta mareida kiyala danne na
    Oya Irisiyawa athaharapalla – Yana data mewa aragena yanna

    2012/11/01 at 5:43 PM
  • ishaq says:

    Kauru warjanaya kalath kauru monawa karath dewiyan denna sithuwada eka walakwanna mona balawegayakata wath ba. a wagema dewiyan deyak nodenna theeranaya kalada eya labadenna mona lokkektawath ba……….!

    2012/11/01 at 5:47 PM
  • sahoo says:

    යාලුවනේ අමාරුවෙන් හම්බකරලා දියුණු වුනු මිනිස්සු දිහා බලාගෙන සෙවල පෙර පෙර ඉන්න නැතුව උබලත් මහන්සි වෙලා හම්බ කරපල්ලා.. උබලට දියුණු වෙන්න බැරි එකට අනිත් මිනිස්සු පලි නැ යාළුවොනේ. ඕකට තමයි කොල්ලොනේ කියන්නේ නටන්න බැරි එවුන්ට පොලව ඇදයි කියල. පොඩි උන් වගේ මෝඩ චුඋන් දන්නේ නැතුව මහන්සි වෙලා හම්බ කරලා දියුණු වෙයල්ලා, මේ ජීවත් වන ටික කාලයේ හිතේ තියන කුහක කම්+ තන්හාව+ වෛරය නැති කරගෙන හැමෝම එක්කම ආශ්රය කරලා ලස්සනට ජීවත් වෙලා මැරිලා පලයල්ලා. ඔබ සැමට ජය!!

    2012/11/24 at 11:59 PM
  • sahoo says:

    anver bro whr z my commnt? it wasn’t good?

    2012/11/25 at 12:16 AM
  • සමන් says:

    මනතුංග සහෝ ගැන මට ආඩම්බරයක් හිතෙනව. ඔබගේ යහමගපෙන්වීමේ ව්‍යායාමය අති විශිෂ්ඨයි. අද අප රට ලජ්ජාවට පත්කරමින් ලෝකයේ නැති තරම් අපහාස හා අවලාද නගමින් සිංහල බෞද්ධවෙසින් මූණපොතේ පාදඩ ක්‍රියා කරන ජාතිවාදී අමනුෂ්‍යයන්ට ඔබගේ පිළිතුරැ ඉතාමත් කාලෝචිතය. සැබැවින්ම මේ සිරිලක මෙවන් අධම පාපතරයන් සිංහල බෞද්ධයන් යැයි කීම පවා බුදුදහමට නිගිවකි. මෙවන් අධම ම්ලෙච්ච පිරිස පසු පස සිටින අන්තවාදී ජාතිවාදී ජාතිද්‍රෝහීන් වැඩිකල් නොගොස් අනාවරණය වනු ඇත. එයින් ඇතිවිය හැත්කේ මේ රටට බලවත් කැළලකි. එය තේරැම් නොගත් බොදු බල සේනාව (මම හදුන්න්නේ පොදු බලු සේනාව සහ එයට අනුග්‍රහ දක්වන හුලංගෝස්තරයන්ද මෙසේ අපහාස කරමින් සිටිති. ඔවුන් සියල්ල නිරයේ දහනයවනු නියතය. සියයට 99ක් වූ අහිංසක සිංහලයින් මේ පාදඩ කාඩ්බෝඩි බෞද්ධයන්ගේ බොළද ප්‍රකාශවලට නොරැවටෙත්වා !!!!

    2013/01/26 at 4:45 PM
  • mohamed fawz says:

    sinhala sahodaryo salli tiyanava invest karanda bayayi egollange easy business poli,hama town eke gaththoth sinhala minissunge salli thiyanne muslim minissungava,oong sinhala minissunta denne bayai,ithing koheda halo sinhala business divunu venne,kowruth dannava muslim minnissu business eke daksai kiyala,lankave kello kollo hoda adum adinavatath samaharu kamthine vage,lankave hodama adumak ganda thiyanne koheda kiyala kalpana karandako you will understand,anika oonamakenek muslim kadetath sinhala kadetath visit karala balanda venasa therai.mama business karanne hodama towneka mage customers 100%sinhala minissu,

    2013/01/29 at 4:31 PM
  • A true Muslim says:

    Monawa kiyala kiyannada? me seramallage adahas balana kala mata ethiwanne.. dukak pamanai.,. mandayath eyalage adahas godak patui.. be somewhat broad mided boys.. we all are sri lankans.. Sri LAnka is a country blended with many religions ryt? so what?

    2013/05/03 at 6:13 PM

Your email address will not be published. Required fields are marked *

*