පසුගිය දින වල නෝලිමිට් වෙලඳ ආයතනයෙන් සිංහල කාන්තාවන් ඉලක්ක කරගෙන ජාතිය වඳ කිරීමට ටොෆි වර්ගයක් නොමිලේ ලබා දෙන කුමන්ත්ර ණයක් ඇති බවට අන්තර් ජාලයේ නොයෙක් වෙබ් අඩවි වල පුවත් පලවුණා. මේවා මුස්ලිම් වෙලඳ ආයතනයන් ඉලක්ක කරගෙන ජාතිවාදී සහ ආගම්වාදීන් විසින් ද්වේෂ සහගතව කරන චෝදනා බව අප හෙළි කළා. http://www.anvermanatunga.com/2012/04/03/sinhalaravaya/ බලන්න. නමුත් ඔවුන් විසින් තවදුරටත් ජාතිවාදී මඩ ප්රaහාර අත් නොහරියි. ඔවුන්ට අවශ්ය උත්සව සමයේ එම ආයතනයේ වෙලඳාම කඩා කප්පල් කිරීමයි. ඔවුන් විසින් ඊ 296 හෙවත් මැලික් අම්ලය ගැන කරන චෝදනාව ගැන අපගේ සහෝදර ලේඛකයෙක් වන ඉබ්නු මන්සුර්ගේ අදහස මෙසේයි.
Committee on Toxicity of Chemicals in Food, Consumer Products and the Environment (http://cot.food.gov.uk/pdfs/acidsweets.pdf)
7. Citric acid anhydrous and monohydrate (E330), malic acid (E296) and lactic acid (E270) and their salts are permitted food additives in the European Union. Conditions of use are “quantum satis” which means that no maximum levels are set, but the additive must be used in the food concerned in accordance with good manufacturing practice and must not be used at a level higher than is necessary to achieve intended purpose. These acids are also listed as GRAS (Generally Recognized as Safe) in the USA, where maximum concentrations are specified for malic acid in foods as served: hard candy 6.9%; processed fruits and fruit juices 3.5%; non-alcoholic beverages 3.4%; soft candy 3.0%; jams and jellies 2.6%; 0.7% in all other foods when used in accordance with good manufacturing practice.
ඉහත උපුටා ගැනීම අනුව මලික් අම්ලය යුරෝපීය සංගමයේ රටවල්වල හා ඇමරිකානු එක්සත් ජනපදයේ අනුමත රසකාරකයකි. එය ආරක්ෂා සහිතව යෙදිය හැකි ප්ර්මාණයන්ද මෙහි විස්තර කොට ඇත. විශේෂයෙන්ම මලික් අම්ලය යෙදිය හැකි ප්රරරමාණයන් පහත සඳහන් අයුරිනි.
ඝන පැණි රස කෑම hard candy 6.9%
පිරිසැකසු පලතුරු හා පලතුරු යුෂ processed fruits and fruit juices 3.5%
මද්යසසාර රහිත සුමුදු පානයන් non-alcoholic beverages 3.4%
මෘදු පැණි රස කෑම Soft candy 3.0%
ජෑම් සහ ජෙලි වර්ග Jams and Jellies2.6%
අන් සියලු ආහාර වර්ග යහ නිෂ්පාදන පිළිවෙත් අනුගමනය කරමින් All other foods with good manufacturing practice 0.7%
ඉහත තොරතුරු අනුව අපේ කාඩ්බෝඩ් ජාති හිතෛෂීන් කෙන්දක් අල්ලාගෙන කන්දක් මවා ජාතිවාදය ඇතිකොට කොටි ඩයස්පෝරාවේ අපේක්ෂාවන් මුදුන්පත් කරන්නට වලිකමින් සිටින බව ඕනෑම අයෙකුට පැහැදිලි කරුණකි. බැටළු හම් පොරවාගත් කොටි ඒජන්තවරුන්ව හඳුන්වාගෙන බුද්ධිමත්ව කටයුතු කරන්නට අධිෂ්ඨාන කරගනිමු. මෙම රසකාරකය ලංකාවේ නිෂ්පාදිත බොහෝ ආහාර වර්ග වල යොදා ඇති බව මෙම කාඩ්බෝඩ් වීරයෝ නොදන්නවා යැයි අපි නොසිතන්නෙමු. ඔවුන්ට අවශ්ය. වන්නේ රටේ ජනයා මුලා කොට ජාති වාදය ඇතිකරවන්නටය. තමන් කන්නාවූ ජාත්යොන්තරයෙන් ලැබෙන ඩොලරයට යුතුකම් ඉටුකරන්නට ඔවුන් බැදී ඇති බව හොඳා කාරව දන්නෙමු. අපගේ කනගාටුව බුදු දහම හා සිංහල ජාතිය මේ සඳහා යොදාගැනීම පිළිබඳවයි. ඇස්පිරීන් සරල හොඳ බෙහෙතකි. නමුත් එහි මාත්රාගව ඉක්මවා ගතහොත් මැරෙන්නට ඉඩ තිබෙනවා. කරුණාකර ඇස්පිරින් විකුණන හැම ෆාමසි යක්ම වසාදමන්නට කතා නොකරන්නේ මන්ද?
ඉබ්නු මන්සූර්
මේ පිළිබද අපගේ අනෙක් ලිපිය

Piyal Ariyananda says:
මම බෞද්ධයෙක්… නමුත් මේ සමහර බෞද්ධයො හිතන්නෙ බලන්නෙ නැතිව කරන කියන දේ ගැන මටම ඇත්තෙ කළකිරීමක්…
රසායනඥයෙක් විදියට මමත් මේ ගැන ලියන්නයි හිටියෙ.. මැලික් අම්ලය තනිවත් පෙති වශයෙන් තියෙනවා… ඒකෙ තියෙන වාසි වැඩියි… ඒක වහලා සමහරු අතුරු ආබාධ ඉස්මතු කරලා ජාතිවාදය අවුස්සන්න කටයුතු කරනවා…
Anver Manatunga says:
ආගමික වශයෙන් අපට වෙනස් මතවාද තිබෙන්නට පුළුවන්. නමුත් මිනිසුන් වශයෙන් අප සත්‍යවාදී විය යුතුයි.
ඔබ වැනි කොන්ද පන ඇති සැබෑ බෞද්ධයන්ට මා ගරු කරනවා. ඇත්ත ඇති සැටියෙන් කී ඔබට මගේ ප්‍රණාමය!
Nikashi says:
Dear Priyal,
Please keep commenting to those who try to make another war here is Sri lanka. Can see more and more posts not related to Buddhism but they are trying to show they love Buddhism but never site a temple.
මාගේ හෘද සාක්ෂිය in facebook posting about toffees given by nolimit this is not only for this season the same was given to all for muslim festival as well.
Please help to stop these type of posts always try to comment your views it will help others to understand the reality.
We in sri lanka 70% buddhists 12% Tamils 8% muslims
out of 70% nearly 40% were not practicing the religion and they do all the bad dirty works.
But in the other total communitie is 30% out of that if we say half is doing bad things it’s less than 1% comparing to us.
So we have to correct us before to talk about others..
I don’t know how to explain these to our people in FB please help.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ says:
මම විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක්.මමත් මගේ බිරිදත් පාරම්පරිකව නියම සිංහල බෞද්ධ අය.හැමදාම අපි ඇදුම් ගන්නේ නෝලිමිට් ආයතනයෙන්.එයට හේතුව ලාබයට හොද ඇදුම් ලබාගත හැකි එකම ආයතනය නොලිමිට් ආයතනය වන නිසා.බොරැ කතා පතුරවා සිංහල බෞද්ධයින් කුපිත කරවීමට ප්‍රයත්න දරන බංකොලොත් ව්‍යාපාර තිබේ.එබදු අන්තවාදී අදහස් පතුරවන්නන්ගෙන් ප්‍රවේශම් වන ලෙස දන්වන අතර නොලිමිට් ආයතනයට සුබ පතමි. මගේ අංකය 0718064226
ෂෆීක් says:
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාණනි දුරකථන අංකයද සදහන් කර ඔබ පල කර ඇති අදහස බොහෝ අගෙඉ ඔබ හොද නිහතමානී එඩිතර පුද්ගලයෙක් බව පෙනේ.