මෙය මට අපේ තාත්තා කියු කථාවකි. එකල අපේ තාත්තා හඳුණන ප්‍රදේශයේම සිංහල ව්‍යාපාරිකයෙක් සිටියේය. ඔහු ආගමෙන් බෞද්ධයෙකි. දිනක් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඔහු ඉන්දියාවට ගොස් පැමිණියේය. එකල බොහෝ අය ඉන්දියාවට යාමට පාවිච්චි කලේ නැව් ගමනාගමනයයි. මෙම ව්‍යාපාරිකයාද ඉන්දියාවට ගොස් පැමිණියේ නැව් මගිනි. ඔහු නැව වරායට ඇතුළු කරන විට එක් වරම දැක්කේ කොච්චිකඩේ (සාන්ත අන්තෝනි මුණිතුමාගේ) පල්ලියේ ඉහළින් ඇති කුරුසයයි.
ඔහු දැඩි බෞද්ධයෙකි. ඔහුට අනුව මෙය බෞද්ධ රටකි. ඒ නිසා වරායට ඇතුළු වෙත්ම පලමුවෙන් කුරුසයක් දර්ශනය වීම ඔහුට නොරිසි විය. කොලඹ පැමිණි වහා ඔහු මේ බව සිය මිතුරු රජයේ ඇමති වරයෙක්ට පැවසීය. ඔහුද නැව් මගින් ගොස් මෙහි සත්‍යතාවය වටහා ගත්තේය. මේ බැව් ඇමති වරයා විසින් රජයට දැන්වීමෙන් පසුව වරායේ අභියස චෛත්‍යයක් හෙවත් ස්ථූපයක් ඉදිකිරීමට තීරණය කෙරිණි. ඔවුන් විසින් පටන් ගත් මේ කටයුත්ත බොහෝ කලකට පසුව නිමවුයේ ජේ.ආර්. ජයවර්ධන රජයේ වරාය ඇමති වරයා ලෙස පත්වු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කාලයේයි.
කුරුසය යනු වර්තමානයේ කිතුණු සංකේතයක් වුවද ජේසුස් වහන්සේගේ කාලයේ මරණ දන්ඩනය ලැබු උදවිය මරා දැමීම උදෙසා පාවිච්චි කළ උපකරණයයි. වර්තමානයේ විදුලි පුටුව, එල්ලුම් ගස වැනි උපකරණ වලින් මරණීය දන්ඩනය කරනු ලබන නමුදු අතීතයේ අප රටේ ඒ සඳහා භාවිතා කරන ලද්දේ උල තැබීම, දංගෙඩියට තබා හිස ගසා දැමීම වැනි ක්‍රමවේදයන්ය. ජේසුස් වහන්සේගේ යුගයේ පලස්තීන ප්‍රදේශයේ මරණීය දන්ඩනය උදෙසා භාවිතා කරන ලද්දේ කුරුසයයි. කුරුසයෙහි එල්ලා මරණ ලද පලමු වැනියා ජේසුස් වහන්සේ නොවන අතර අවසානයාද ජේසුස් වහන්සේ නොවේ. ජේසුස් වහන්සේ සමගද සොරුන් දෙදෙනෙක් දෙපසින් කුරුසිපත් කරන ලද බැව් බයිබලයේ සඳහන් වේ. මෙනයින් බලන කල කිතුණුවන් වර්තමානයේ කුරුසය ආගමික ලාංඡනයක් කරගෙන සිටින නමුදු අතීතයේ එය එල්ලුම් ගස බව කාටත් වැටහෙන සත්‍යයකි.
ස්ථූපය වනාහී අතීතයේ හින්දු ජන සමාජයෙහි ප්‍රභූ වරයෙක් ආදාහනය කළ පසු ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ සොහොන් කොතයි. බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑ පසුව ආදාහනය කර එම භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප කරවු බැව් ඉතිහාසයේ සඳහන් වේ. මෙහිදී අප මතක තබා ගතයුතු කරුණක් නම් ස්ථූපයක භෂ්මාවශේෂ තැන්පත් කළ පලමුවන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ නොවන අතර අවසන් පුද්ගලයාද උන්වහන්සේ නොවේ. මේ අනුව ගත්කල ස්ථුපයක් යනු වත්මන් බොදුනුවන් විසින් පූජනීයව සලකන නමුදු අතීතයේ එය සොහොන් කොත් විශේෂයකි.
මේ අනුව බලන කල දැන් අපගේ කොලඹ වරායට කවුරුන් හෝ නැව් මගින් පැමිණිය හොත් ඔහුට පලමුවෙන් දර්ශනය වන්නේ එක්කෝ සොහොන් කොතකි. නැත්නම් එල්ලුම් ගසකි. එසේත් නැත්නම් මේ දෙකමය.

Ishak says:
සහෝදරයා අනෙක් ආගමිකයන්ගේ විශ්වාසයන්ට බලපෑම් කරන මෙවැනි ලිපි පල කිරීම යෝග්‍ය නොවන බව මගේ හැගීමයි.
මේ වකවානුවේ අපේ ආගමට නිගා කරන අයට මෙය හොඳ රුකුලක් වේවි ඔහුන්ගේ ක්‍රියාවන් සාධාරණය කිරීමට.
Anver Manatunga says:
මා කරන්නේ සැමගේ බුද්ධියට ආමන්ත්‍රණය කිරීමක්. ගැරහීම් නොකර විවේචනය කිරීමෙන් එම දහම් වලටද සිදුවන්නේ යහපතක්. ජනතාවගේ විචාර බුද්ධිය අවදි වන්නේ මෙවැනි ලිපි වලිනි.
අප විසින් මෙවැනි ලිපි පලකලත් නොකලත් ආගම්වාදීන් විසින් ඉස්ලාමයට පහර දෙනවා. මගේ ව්‍යායාමය ඔවුන්ගේ ක්‍රියාදාමයන් ව්‍යර්ථ කරන අතරම මගේ අනන්‍යතාවයෙන් යුතු ලිපි මගින් ජනතාව අවදි කිරීමයි.
ෂෆීක් says:
ඉෂාක් ඔබ හරි, ඇවිලෙන ගින්නට පිදුරු නොදා ඉමු.
Sam uk says:
මම හිතන්නේ නැහැ මෙම ලිපියේ කිසිම වරදක් තියනවා කියල
ඔහු ඇත්ත ලිය ඇත ඔබලා එය හරියට වටහාගන්න
ishan says:
කුරුසය යනු එල්ලුම් ගසකුත්, චෛත්‍ය යනු සොහොන් කොතක් යන්න සත්‍යයකි. නමුත් ඒවාට ජේසුස් වහන්සේ, බුදුන්වහන්සේ වැනි ලෝක පූජිත පුද්ගලයින් ගේ සම්බන්ධතාවයක් ලැබීමත් සමග තව දුරටත් නිකම්ම නිකම් එල්ලුම් ගසක් හෝ සොහොනක් නොවේ යැයි කීවොත් නිවැරදියි නේද?
Anver Manatunga says:
බුදුරජාණන් වහන්සේට චෛත්‍ය සමගත් ජේසුස් වහන්සේට කුරුසය සමගත් සම්බන්ධතාවයක් නැහැ. මේවා පසුකාලීණයන් විසින් ආගමික කරණය කරන ලද ඒවා
ishan says:
කොහොමද ඔබ කියන්නේ සම්බන්ධතාවයක් නැහැ කියල?
විද්‍යා චක්‍රවර්ති says:
ඔබ පැහැදිලිවම බෞද්ද සහ කිතුනු සංකේත වලට නිගරු කිරීමට උත්සහ ගෙන තිබෙනවා.
Anver Manatunga says:
මා කිසිදු ආගමික සංකේතයකට නිගරු නොකල බව මධ්‍යස්ථ සැමට පේනවා. මා පෙන්නා දුන් දේ හි අසත්‍යක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.
විද්‍යා චක්‍රවර්ති says:
මෙන්න පැහැදිලි කිරීම;
වාරය චෛත්‍ය = වාරය සැය = වාරය සොහොන
සොහොන් තිබෙන්නේ කනත්තේ නිසා පන්සලක් යනු කනත්තකි.
කුරුසය = එල්ලුම් ගහ
එල්ලුම් ගහ තිබෙන්නේ වධකාගාරයේ බැවින් කතෝලික හෝ ක්‍රිස්තියානි පල්ලිය යනු වධකා ගාරයකි.
මේ ඔබ කීමට උත්සහ කල යටි අරුතෛ. මිනිස් බුද්ධියක් ඇති සේම කෙනෙකුටම මෙය වැටහෙනු ඇත. මෙය ප්‍රතික්ෂේප කිරීමට ඔබට ඓතියක් ඇත.
නමුත් ඔබ අන්‍යාගම් වලට ගරු කරන්නෙක් නම් කල යුත්තේ, සිත රිදුනු අයගෙන් සමාව ගනීමෛ.
Anver Manatunga says:
මම මෙහිදී පෙන්වා දෙන්නට උත්සාහ කළ දෙය ඔබ තවම වටහා ගෙන නැහැ. එනම් බුදු රජාණන් වහන්සේගේ නිර්මල දහම සොයා එය අදහන්නන් අද ඉතාමත් අල්පය. සමහර විට එහෙම කෙනෙක් නැති වෙන්නටද පුළුවන. ජේසුස් වහන්න්සේගේ දහම අදහන අයටත් වී ඇත්තේ මේ සංසිද්ධියමයි.
බුදුරජාණන් වහන්සේගේ සැබෑ ඉගැන්වීම වත්මන් බුදු දහම පෙන්වන්නාවු දේ නොව පටිච්ච සමුපාදය හෙවත් චතුරාර්ය සත්‍යයයි.
ජේසුස් වහන්සේ දෙසුයේ මහා අණ එනම් ඔබගේ අසල්වැසියාට ප්‍රේම කරන්න සහ ඔබේ දෙවියන්ට ප්‍රේම කරන්න යනුයි.
මේ ශාස්තෘ වරුන් දෙදෙනාම කිසිදු ආගමික සංකේතයක් ලබා දුන්නේ නැත. මේ සියල්ල පැමිණියේ උන්වහන්සේලාගේ ඉගැන්වීම් පසුකාලීණව දහම් වශයෙන් සංවිධානය වීමේදීයි.
මුස්ලිම් සමාජයේ තිබෙන තරුව සහ අඩ සදද පසුකාලීණව ආ එකකි.
අප මේවායේ සැබෑ අරුත් වටහා ගෙන ඓතිහාසිකව සිදුවී ඇති වැරදි නිවැරදි කළ යුතුයි. එය තුලින් පිරිසිදු වන්නේ දහමයි. මා විසින් කළේ මිනිසුන්ගේ බුද්ධිය අවදී වීමට මං සැලසීමයි.
විද්‍යා චක්‍රවර්ති says:
බෞද්ධ හා කිතුනු සංකේත වලට සොහොන් කොත් සහ එල්ලුම් ගස් කියමින් අපහස කරන ඔබ එම වරදට සමව ගැනීමට ප්‍රතික්ෂේප කිරීම ඔබගේ අශිෂ්ට බව පිලිබිබු කිරීමකි.
ඔබ වැන්නකු අවුකන පිළිමය උඩ ඉද ගෙන මම වඩි උනේ ගලක් උඩ යි පවසුවොත් මම පුදුම නොවෙමි.
Anver Manatunga says:
මම අශිෂ්ඨයි කියා කියන්නේ ඔබයි. ඔබ මගේ ලිපි දෙස බලන්නේ විවෘත කෝණයකින් නෙමෙයි. එයට මට කිසිවක් කළ නොහැකියි.
ගයාන් පෙරේරා බවතු සබ්බ මංගලම් රැප් කරපු එකටත් මම ලිව්වා. ඒ ලිපිත් කියවා බලන්න.
විද්‍යා චක්‍රවර්ති says:
ඔබ අන්තර්ජාලයට ළදරුවෙක් බවෛ පෙනෙන්නේ.
ඔබ දහසක් හොද දේ පැවසුවත් ඔබ පවසන වැරදි දෙඉන තමෛ ඔබව මනින්නේ.
තමන් අතින් සිදුවෙන වරදට සමාව ගන්න තරම් ඔබ ශිෂ්ට සම්පන්න නැහැ. ඔබ අන්තවාදියෙක් කියා මම ඇතුළු පාඨකයන් පවසන්නේ එම නිසෛ.
Anver Manatunga says:
මගෙන් වැරැද්දක් සිදුවී නැහැ. ඔබට කුරුසියේ සහ චෛත්‍යයේ අතීතය ගැන කිසිදු දැනුමක් නැහැ.
විද්‍යා චක්‍රවර්ති says:
අන්තවදියෙකුගෙන් මීට වඩා ලොකු පාපොච්චාරණයක් පාඨකයන් බල පොරොත්තු වෙන්නේ නැහැ.
Anver Manatunga says:
මිනිසුන්ගේ ආශාව ජය ගැනීමයි. ඔබට මගේ තර්කය පිලිගන්නට බැරි ඔබ කිසියම් අන්තයක සිටින නිසයි. භෞතික වාදියෙක්ට නම් මෙහි සත්‍ය තේරේ. කෙසේ වුවද ඔබට ඇති නම් මින් නවතමි.