Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

දඹුල්ලේ මුස්ලිම් පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

සාමය කඩ කළ අය

සාමය කඩ කළ අය

වර්ෂ 1963 දී පමණ ආරම්භවු දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඊයේ අන්තවාදී පිරිසක් පැමිණ, එය කඩා දමා පල්ලියේ නැමදුමට පැමිණි පිරිස් එලවා දමා තිබේ. ඊයේ දින‍ය ජුම්මා හෙවත් සිකුරාදා නැමදුම සහිත දිනයක් වුවද මේ පිරිසට තම ජුම්මා නැමදුම කිරීමටද අවස්ථාවක් නොලැබී ඇත. මේ සිද්ධියෙන් පසුව ලාංකීය සිංහල සහ මුස්ලිම් සමාජයන් අතර මෙතෙක් තිබුණු සංහිඳියාව ඉතා දැඩි ලෙස අවධානමකට ලක්ව ඇත.

 

ඊයේ සිකුරාදා දහවල් දඹුල්ල මුස්ලිම් පල්ලිය තුල සිකුරාදා ජුම්මා දේශනයට මුස්ලිම් වරුන් පැමිණ සිටින අවස්ථාවේ ඉනාමළුවේ සුමංගල හිමි ඇතුළු පන්සීයයක පමණ පිරිසක් එතැනට පැමිණ ජුම්මා දේශණයට බාධා කරමින් පල්ලියේ කොටස් කඩා දමමින් කළහකාරී ලෙස හැසිරී ඇත.

 

මෙහිදී එතැන නැමදුම සඳහා පැමිණි මුස්ලිම් වරුන් ඉතාමත් භීතියට සහ සංත්‍රාසයට පත්වුයේ මේ අන්තවාදී පිරිස තමන්ට පහර දේ යන සැකයෙනි. මෙහිදී එම ස්ථානයට දැඩි පොලිස් සහ හමුදා ආරක්ෂාවක් ලබා දී තිබුණද ඔවුන් විසින් මෙම කළහකාරීන් අරබයා කිසිවක් සිදු නොකරන ලදී.

 

මෙහිදී ඉනාමළුවේ සුමංගල හිමියන් විසින් කියා ඇත්තේ දඹුළු විහාරය සතුව තිබී ආන්ඩුවට දුන් අක්කර 300 යේ ඉඩම් ප්‍රමාණයේ අනවසරයෙන් ආගමික සිද්ධස්ථාන ඉදිකරන බවත් මහා සංඝරත්නයේ ලේ රත් නොකරන ලෙසත් එහිමියන් අනතුරු අඟවා ඇත.

 

මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම සඳහා දඹුල්ලේ ඉඩම් කොටසක් ලබා දීමට අල්ලස් ලබා ගත්තේ යැයි කෙරෙන චෝදනාවට එරෙහිව නඩු පවරන බව සහ හෙන ඉල්ලන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. එම චෝදනාව කරනු ලැබුවේ පූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගල හිමියන් විසිනි. 

 

මේ අතර අද දින එනම් 21 දා අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා මෙම පල්ලිය තිබෙන ස්ථානයට පැමිණ නැවත විවෘත කර ඇත. 

 

පසුගිය ජිනීවා සිද්ධියේදී මෙරට සිංහල බෞද්ධ ජනතාව සමග සිටි එකම අන්‍ය ආගමිකයන් වන්නේ ලාංකීය මුස්ලිම් වරුන් පමණි. එහිදී දේශපාලන වාසි ලබන සමහර දේශපාලකයන් සහ පූජකයන් හැර සමස්ථ ලාංකීය දමිල ප්‍රජාවම සිටියේ ලංකාවට එරෙහි පාර්ශවයේය. ලාංකීය කිතුණුවන්ගේ දමිල පාර්ශවය සෘජුවම ලංකාවට එරෙහි පක්ෂයේ සිටි අතර සිංහල පාර්ශවය මුණිවත රකිමින් රට වෙනුවෙන් වු තම වගකීම පැහැර හරින ලදී. එමෙන්ම තම යටි අරමුණු ඉටුකරගනු පිණිස ලංකාව සමග සිටින රුසියාව සහ චීනය හැර ලංකාවට බහුතර සහය ලැබුණේ ලෝක මුස්ලිම් ප්‍රජාවගෙනි. ඒ සඳහා ලාංකීය මුස්ලිම් විද්වතුන් සහ ජනතාව දැවැන්ත කාර්ය භාරයක් ඉටු කරන ලදී. මම මේ ගැන හෙළයාගේ සැබෑ අසල්වාසියා කවුද? යන මගේ ලිපියෙන් හෙළිදරව් කළෙමි.

 

දඹුල්ල පල්ලියේ ඇතුලත දසුනක්

දඹුල්ල පල්ලියේ ඇතුලත දසුනක්

ජිනීවා සිද්ධි දාමයෙන් පසුව ලංකාවේ මුස්ලිම් සහ සිංහල ජනතාව අතර යම් සංහිඳියාවක් ඇති වුවද මේ තත්වය අන්තවාදීන්ට විසින් රිස්සුවේ නැත. මේ බව අන්තවාදී වෙබ් අඩවියක පලවු මුස්ලීමුන්ව බෙල්ලේ එල්ලා ගනිමින් ඇමරිකාවෙන් බේරීමට හැදීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීම. (Read more: http://sinhalabuddhist.com/2012/03/muslim-nations/#ixzz0HYUh0MFO
Under Creative Commons License: Attribution
නම් ලිපියෙන් දැක ගත හැක. ඉන්පසුව ඔවුන් සිදුකළේ අවුරුදු දිනවල මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයක් ලබන වෙලඳාමක් ගැන අසීමිත ඊර්ෂ්‍යාවක් ඇති වී එම ව්‍යාපාරික ස්ථානයට අභූත චෝදනාවක් නගමින් අන්තර්ජාලයේ ප්‍රචාරයක් නිකුත් කිරීමයි. මෙයද අසාර්ථක ප්‍රයත්නයක් වුයේ අප විසින් අන්තර්ජාලය තුල සත්‍ය හෙළිදරව් කිරීම නිසාවෙනි. බලන්න නෝලිමිට් ටොෆි අවුලේ සමාප්තිය ලිපිය.

 

දඹුල්ල පල්ලිය පිටතින් පෙනෙන ආකාරය

දඹුල්ල පල්ලිය පිටතින් පෙනෙන ආකාරය

නමුත් දැන් ඔවුන්ට කාලකන්නි සතුටක් ලබා ගත හැකි තත්වයක් උදා‍වී ඇත. ඒ වසර 50 කට ආසන්න කාලයක් දඹුල්ලේ තිබුණු මුස්ලිම් පල්ලියක් කඩා දැමීමට ඔවුන්ට හැකි වුණු නිසාය.

අන්තවාදී පෝස්ටර්

අන්තවාදී පෝස්ටර්

තවත් අන්තවාදී පෝස්ටරයක්

තවත් අන්තවාදී පෝස්ටරයක්

මේ තත්වය යටතේ මුස්ලිම් අප විසින් කුමක් කළ යුතුද? මේ තත්වය තුල මුස්ලිම් අප අපගේ සංයමය බිඳ ගත යුතු නැත. ඊයේ ඇතිවු සිද්ධිදාමය තුල මෙරට නීතිය හෑල්ලුවට ලක්වුවද අප තවදුරටත් නීතිය කෙරෙහි බලාපොරොත්තු තැබිය යුතුය. එසේ නීතියෙන් අපට සාධාරණයක් ඉටු නොවුනද අපට සැලෙන්නට අවශ්‍යතාවයක් නැත. මන්ද මුස්ලිම් අප විසින් විශ්වාස කරන්නේ මෙලොව යනු අපට තාවකාලික නවාතැනක් පමණක් බැවිනි.

පැරණි ඉදිකිරීම්

පැරණි ඉදිකිරීම්

මෙරට දේශපාලනඥයන් අප මුස්ලිම් සමාජයෙන් සිය ඡන්ද ප්‍රචාරයන්ට අවශ්‍ය සහය ලබා ගැනීමට ලං වුවද තීරණාත්මක අවස්ථා වලදී ඔවුන්ගේ සහය නොලැබෙන්නේ ඔවුන් සමහරෙක් තුලද අන්තවාදය සැඟවී තිබෙන නිසාත් බ‍ලලෝභය තුල තමන්ට ජනප්‍රසාදය අහිමි වේ යැයි බියක් පවතින බැවිනි. ඒ නිසා අපගේ සමාජය, දේපල සහ වත්කම් ආරක්ෂා කරගැනීමට සාමයට ලැදි සිංහල, දමිල සහ මුස්ලිම් පිරිස් වලින් සැදුම් ලත් සංවිධානයක් බිහිකර ගැනීම දැඩි අවශ්‍යතාවයක්ව ඇත. එවිට ලාංකීය දේශපාලකයන්ද එම බලවේගයට බිය වී සාධාරණය ඉටු කිරීමට පෙලගැසෙනු ඇත.

පල්ලිය ලග සිටි හමුදාව සාමය රැක්කාද?

පල්ලිය ලග සිටි හමුදාව සාමය රැක්කාද?

මොවුන් ආවේ සාමය රකින්නද?

මොවුන් ආවේ සාමය රකින්නද?

අප මේ අවස්ථාවේ රටේ තිබෙන තත්වය බටහිර ප්‍රජාව දැනුවත් කරමින් ‍රට තවත් අවුල් කිරීමට අවශ්‍ය නොමැති නමුදු මේ තත්වය පිළිබඳව ලෝක මුස්ලිම් රටවල් පමණක් පුද්ගලිකව දැනුවත් කරමින් රට තුල සාමය සහ සාධාරණත්වය ස්ථාපනය කිරීමට රජයෙන් ඉල්ලා සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමේ වරදක් මා නොදකිමි.  

උදේ පාන්දර පිපිරුණු පෙට්‍රල් බෝම්බය කාගේද?

උදේ පාන්දර පිපිරුණු පෙට්‍රල් බෝම්බය කාගේද?

  • Abu Arshad says:

    Insha Allah..Where’s our almighty asshole

    2012/04/21 at 4:42 PM
    • wassa says:

      who’s this pathetic loser ? remove this comment anver bro

      2012/04/22 at 2:59 AM
  • great says:

    මසාජිදය නැවතත් ඕපන් කරලා නේද.?

    2012/04/21 at 4:48 PM
    • Anver Manatunga says:

      ඔව් ඒ බවක් අද මාධ්‍ය මගින් වාර්තා කරලා තියෙනවා.

      2012/04/21 at 9:16 PM
  • sirikumara says:

    සිංහල බෞද්ධ‍යෙක් විදියට මට ලැජ්ජයි මේකට.මම සිරි කුමාර.මම ඊ නිව්ස් සයිට් එකේ මේ ගැන කොමෙන්ට් දැම්මා.මුස්ලිම්වරු මින් මත්තට කෙලෙහිගුන නොදන්න කාලකන්නි අපිට සහයෝගයක් නොදිය යුතුයි.මේක මුස්ලිම්වරුන්ට නොවේ ජනක බන්ඩාරට දක්වන විරෝධයක් වන අතරම දබුල්ලේ ගොවීන්ගෙ ප්‍රශ්න අමතක කරන්න බිල්ලෙක් මැවීමේ අවශ්‍යතාවය මත සිදු වූවක්.ජනක බන්ඩරයි සුමංගලයි අතර කේස් එකකට අහක ඉන්න මුස්ලිම්වරු පැටලුනා

    2012/04/21 at 5:50 PM
    • Chamith says:

      don,t use sinhala name. if you are brave muslim put comments on your own name

      2012/04/24 at 2:29 PM
    • A.Aziz-Bahrain says:

      Yes, very good that is the reason to attack the Mosque and unfortunately

      the Muslims hearts and minds were got hurt very badly…

      2012/05/16 at 11:37 PM
  • විද්‍යා චක්‍රවර්ති says:

    මෙම අන්තවාදී ක්‍රියා කිසි සේත් අනුමත කල නොහැක. මෙම ප්‍රශ්න නීති මාර්ගයෙන් විසදා ගත යුතුය.
    මෙවන් උසි ගැන්වීම් අතීතයේදී ද අපි දැක ඇත්තෙමු. ධර්ග නුවර, බේරුවල හොදම උද හරණ වේ.

    නමුත් කාලයත් සමග මේ දේවල් විසදී මුස්ලිම් සහ බොදුනුවන් නැවත එක්වන බව මගේ විශ්වාසයි.

    2012/04/21 at 6:19 PM
  • අබු සාහිර් says:

    අන්වර් සහෝදරයා ඔබේ කාලෝචිත ලිපි මාවිසින් ඉතා අගේ කරන්නේමි, සිංහල භාශාවෙන් මෙවැනි ලිපි තුලින් සැබේව වටහාදීම තුලින් රටේ සාමය උදේසා කටයුතු කිරිමට අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා.

    2012/04/21 at 6:41 PM
  • allha says:

    ane palayan anver yanna 1963 indala thibuna kiwwe ara mudukkuwada

    2012/04/21 at 6:54 PM
  • Naflan Ghany says:

    Boru Upakalpana mata redemin tawat war ekakata mage rata ada damamin Dolar budina Sinhala ravayata Dos nagamin enne me rate Sinhala bodakama hadwatinama daragat awrudu 30ka sapa lata yuddayen bata ke sri lankikayan visini.

    eda Gotama budu rajanan wahanse nalagiri ata damanaya kale hellaya bavita kirimen nowe. Angulimala damanaya kale hela asipata aragena nam novei. Ounta metri karamin oun nisi magata gat gotama budu rajanan wahansege magada Enamaluwe sumangala hamuduruwot sinhala rawayat me gaman karanne.

    Thambila netiverodi nam nitimaya kriyamargaya ganima pasekala bemat pudgalayan samagin gal mul polu atatiwa awanitiya me lak polawe tawa duratat raja karawannata utsaha karanne budun desu maga eya nisada?

    arakku tabarum nagarayen nagarayata hisa osawaddi, ganika madam hatu pipenna se bihi weddi eyin ekak ho watalimata bahu buta dodana me sinhala ravaya samata vela tiyanawada? tabarum valin saha ganika madamwalin bodadagamata ella wana balapemata wada agamika siddastanayakin ella wana balapema ehalada mahattayo!

    2012/04/21 at 10:36 PM
  • Sinhalayaaa.... says:

    අන්වර් මහත්තය… ඔයා දැනගන්න මේ රටේ බුදු දහම තිබ්බෙ අවුරුදු 1800 ට කලින් ඉඳන්. දඹුල්ලෙ තියෙන්නෙ රාජ මහා විහාරයක්. ඒක පටන් ගත්තෙ 1968 ට කලින් බව මතක තියා ගන්න. අපේ කූරගල පුදබිම අල්ල ගත්ත වගේ දඹුල්ල අල්ලගන්න දෙන්නෙ නැති වගත් මතක තියා ගන්න. මේකට comment කරල තියන සිරිකුමාර කියන්නෙත් තමුන් බව අපිට හොඳට තේරෙන බවත් මතක තියා ගන්න…

    2012/04/21 at 10:59 PM
    • Anver Manatunga says:

      දඹුල්ලේ තියෙන්නේ රජමහා විහාරයකි. ලංකාවට බුදු දහම පැමිණ ඇත්තේ වසර 2000කට කලිනි. ඒ සියල්ල මම පිළිගනිමි. නමුත් කිසියම් ගොඩනැගිල්ලක් පිළිබද ප්‍රශ්නයක් තිබෙනවා නම් එයට ක්‍රියා කළ යුතු පිළිවෙලක් ඇත. දඹුල්ලේ හාමුදුරුවන්ට එසේ කිරීම යුතු නැත. මේ සිද්ධියෙන් අපහාසයක් සිදුවන්නේ බුදු දහමටයි. රටේ නීතියක් තිබියදී කිසිවෙකුත් නීතිය අතට ගැනීම සුදුසු නැත. එසේ කළ හොත් ඒ තැනැත්තාගේ නීතිගරුක බව පිළිබදව ප්‍රශ්නයක් පැන නගී.

      මට මගේ අදහස් දක්වන්න වෙන අයගේ නම් ගන්න අවශ්‍ය නැහැ.

      2012/04/21 at 11:26 PM
  • බුවා says:

    අනාත්ම දහම පිළිපදිනා කෙනෙකුට දේශප්‍රේමියෙක් විය නොහැකි නේද?
    බුදු දහම යනු සාමකාමී දහමක් නොවන බවයි මගේ අදහස එනම් එය අනු ගමනය කරන්නන් තුල හික්මීමක් ඇති නොවන බැවිනි 1983 ,1989 ,….ඊයේ දඹුල්ලේ සිද්දිය තුලින් මෙය මනාවට පැහැදිලි වේ

    2012/04/21 at 11:52 PM
  • අම්මාර් says:

    මේක අනවසර ඉදිකිරීමක් නම් මේ සම්බන්දයෙන් නීති මාර්ගයෙන් ක්‍රියා කල යුතුය්. මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම කිසිසේත්ම අනුමැත කරන්ඩ බැ. විශේෂයෙන් අපි දැක්කා ප්‍රවෘත්ති වලට අර ඉහත කි ස්වාමින්වහන්සේ හැසිරුණ විදිය , තර්ජනාත්මකව කතා කරපු විදිය. එය ස්වාමින්වහන්සේ නමකට කිසිසේත්ම සුදුසු හැසිරීමක් නොවන බව මගේ අදහසය් . මට හැඟෙන විදියට මේ උත්සාහය හුදෙක්ම අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම කිරීමට පමණක් සීමාවී නෑ . මේක පිටිපස්සේ ජාතිවාදී කුමන්ත්‍රණයක් තියනවා .අනිත් අනවසර ඉදිකිරීම් වලට වඩා මෙහි ඇති මුස්ලිම් පල්ලිය කෙරෙහිත් , එහි සිදුවන ආගමික කටයුතු නැවැත්වීම කෙරෙති මොවුන්ගේ විශේෂ අවධානයක් ඇතිබව දර්ශන නැරඹීමේදී පෙනියනවා. මෙවන් ක්‍රියාවලින් වෙන්නේ ජාතිවාදී බලවේග තවතවත් ශක්තිමත් වීමය්. එය මේ රටට කිසිසේත් යෝග්‍ය නොවන බව සාමය අගයන සියලුදෙනාට වැටහෙනවා ඇති.

    මගේ අදහසනම් මෙවැනි සිදුවීම වලදී සිංහල සහෝදරයන් කල්පනාකාරීව , ජාතිවාදී උගුල්වල නොවැටී සිටිය යුතු බවය්. මුස්ලිම් සහෝරදයන් මේ අවස්ථාවේදී කලබල නොවී , කෝප නොවී ඉවසිලිමත්ව කටයුතු කලයුතුය්. ඉවසීම ඉස්ලාමයේ ඉතාම වැදගත් අංගයක්.

    තවද ඉවසීමෙන් හා සලාතය (ඉටුකිරීම) මගින් පිහිට පතනු. නියත වශයෙන්ම එය (සලාතය) කාශිඊන් (සිතේ අල්ලාහ් කෙරෙහි ඇති බිය බැතිමත්කම ක්‍රියාවෙන් හෙළි කරන අය)ට හැර (අන් අයට) අතිශයින්ම දුෂ්කර කාර්යයකි. අල් කුරාන් 2:45

    කාලය මත දිවුරමින්.නියත වශයෙන්ම මිනිසා අලාභයෙහිය.(එහෙත්) කවරෙකු, විශ්වාස කර, යහපත් ක්‍රියාවන්හි යෙදී සත්‍යය පිළිබඳ අන්‍යොන්‍ය උපදෙස් කරගත්, ඉවසීම පිළිබඳ අන්‍යොන්‍ය උපදෙස් කරගත් පුද්ගලයන් හැර. අල් කුරාන් 103 : 1,2,3

    එම නිසා මුස්ලිම් සහෝදරවරු ඉවසීමෙන් කටයුතු කරන්ඩ. අපිට අවශ්‍ය සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්ඩ. ජාතිවාදී අදහස් තියන සිංහල සහෝදරයොත් මේක තේරුම් ගනී කියල හිතනවා.

    2012/04/22 at 2:27 AM
  • Gura says:

    යම් කිසි අන්තාවාදයක් පවතී නම් එම අන්තවාදයෙන් විනාශ වන්නේ එම අන්තවාදීන් නියෝජනය කරන ප්‍රජාවම වේ…………

    අපි පොඩි රිකැප් එකක් ගමු………..
    අවුරුදු 30ක් අපේ රටේ තිබ්බ යුද්දේ අපි දින්නා… අපි කවුරුත් සතුටු උනා……. සාමයෙන් ටික දවසක් ගෙවුණා….. නමුත් දේශපාලන ලෝකයේ තිබ්බේ අළු යට ගිනි වගේ….. ඉස්සරහට එන්නේ හොද කාලයක් නොවන බව පරිණත් දේශපාලකයින් සියල්ලම දැනන් හිටියා…. ඒත් එක්කම අපේ විදේශ ජාලයට වඩා සියගුණයක් ඉදිරියෙන් සිටි කොටින්ගේ විදේශ ජාලය හොද හොද අඩව් ගොඩක්ම අලවලා තිබ්බා…………. අන්තිමේදී අපි ජත්‍යන්තරයේදි කොටින්ට පරාද උනා… (තාවකාලිකව හෝ )

    ඔය කාලය අතරතුර දේශපාලන ලෝකයෙන් පරිභාහිරව තවත් දේවල් සිද්ධ උනා…….. ග්‍රීස් යක්කු එන්න ගත්තා….. නේවි එකටත් (මුස්ලිම් අන්තවාදී ) ප්‍රහාරයක් එල්ල උනා….. එම කල්ලියක් විසින්ම රාජකාරිය කරන ලද පොලිස් නිලදරුවකු අමානුශිකව අමුඅමුවේ මරලා දැම්මා………. ඒත් එක්ක ම දෙහිවල පැත්තේ මුස්ලිම් පල්ලියක් (සිංහල අන්තවාදින් විසින්) විනාශ කලා………… ඒ කාලෙම අනුරාධපුර නගරයේ පූජා භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පන්සලක් වත් හදන්න දෙන්නේ නැති කොට පල්ලියක් හෝ ඒ හා සමාන නීතිවිරෝධි ස්මාරකයක් ගොඩ නැගෙමින් තිබ්බා……….. සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වූ එම ස්මාරකය චීවරදාරි පිරිස් සහ නැවත (සිංහල අන්තවාදින් විසින්) නැවත විනාශයට පත් උනා

    ඔය අස්සේ අලි මදිවට හරක් කියලා තෙල් මිලත් වැඩි උනා……… කොහෙමින් කොහොමහරි ඔය ප්‍රශ්ණෙටත් ආගමික මුහුණුවරක් එන්න ගත්තා… හලාවත පැත්තෙන්….. උද්ඝෝෂණ ලංකාවට අලුත් දේවල් නෙවෙයි…. උද්ඝෝෂණ වලදී සිදුවන අවසනාවන්ත ඝාතනත් අලුත් දේවල් නෙවෙයි…. නමුත් සැලසුම් සහගතව ඒකටත් අන්තාවාදී මුහුණුවරක් දෙන්න ඇතම්හු උත්සහ කලා…..

    අතිශය දේශපාලනික කරුණක් වන ජිනීවා යෝජනාවලත් ආගමික මුහුණුවරවල් ලැබෙන්න ගත්තා……… තව මුස්ලිම් අන්තවාදීන් විසින් සිංහල තරුණයන් දෙදෙනෙකු අමානුෂිකව මරලා දාලා තිබ්බා පල්ලියකට අනවසරෙන් ඇතුල් උනා කියලා……. ඒත් එක්කම ඒ වගේම කල්ලියක් විසින් තවත් සිංහල තරුණයකු මරලා තිබ්බා පලහිලව්වකට….. ඔය අස්සේ නෝලිමිට් එකත් කතාවට ලක් උනා…. අන්තිමට ටොෆියක් එෆ්.බී. එකේ ප්‍රධාන මතෘකාව බවට පත්වෙලාත් තිබ්බා……

    ඔය ජරමර අස්සේ මාර විදියට රටට, ආගමට, ජාතියට ආදරේ කරන පිරිසක් වෙබ්, එෆ්.බී. එකෙන් හිටිහැටියේ මතුවෙනවා…….. ඔවුන් දිවා රෑ නොබලා රට රකින්න කමෙන්ට් කරනවලූ….. ඉමේජ් හදනවලූ…. ස්ටෙටස් දානවලු……… තම්බින්ට, පර දෙමලුන්ට, සක්කිලි ක්‍රිස්තියානියන්ට මේ රටේ තැනක් නැහැ කියන එකයි සිංහලයා මොකෙට්ටවත් බය නැහැ කියලා වටේට ගේම කෝල් කරන එකයි ලූ වැඩේ…… ඕකටම අනිත් පැත්තෙන් තව පිරිසක් බිහි වෙනවා බුදුදහම සහ සිංහලයව අබිං පිරිසක්…. ඔවුන් කරන්නේ බුදුරුවට නිගාවෙන ඉමේජ් හදන එකයි, අන්තාවදී ලෙස ආගම් පැතිරවීමයි, සිංහලයට ගේමට කෝල් කිරීමයිලු………….(මෙම වෙබ් අඩවියේ ඇතැම් ලිපි මගින් ගේමට කෝල් කර ඇත….)
    වැඩේ කියන්නේ මේ දෙගොල්ලන්ගෙම ගෲප් වල විවෘතව කතා කරන පිරිස් බෑන්වෙනලූ……… එයලගේ මතය විතරලු….. අනිත් ඔක්කොම ද්‍රෝහියොලු……………

    දැන් බලමු රිකැප් එකේ වෙබ්, එෆ්.බී. සමරිය……..
    ගෲප් වර්ග දෙකක් තියෙනවා…. සිංහල අන්තාවාදි සහ මුස්ලිම් ක්‍රිස්තියානි අන්තවාදී………….
    මොකක් හරි ඉමෙජ් එකක් අන්තවාදී විස්තරයකුත් එක්ක එලියට එනවා… වැඩේ කියන්නේ ඒකටම සරිලන පිළිතුරු අන්තවාදී ලිපියක් එහා පැත්තෙනුත් එනවා……… දැන් ඕවා ශෙයාර් වෙනවා, උසිගැන්වීම් එනවා, මිනිස්සුට නැගිසිටින්න කියනවා… (මෙහි නැගිසිටීම ලෙස ඔවුන් දක්වන්නේ තම වැරදි නිවැරදි කරගැනීම නොව අනෙකාට එරෙහි වීමයි……. ) නමුත් මේ කණ්ඩායම් දෙකටම ලොකු ටෙන්ෂන් එකක් තිබ්බා…. ඒ තමයි එකම පිරිසක් පමණක් මේකට සම්බන්ද වෙලා තිබ්බ එක……. බහුතරයක් මේවා ගැන Don’t Care මතයක උන්න එක……

    දැන් රීකැප් එක ඉවරයි…… කෙලින්ම ප්‍රශ්නෙට යමු….. පසුගිය දින කිහිපයේ සිදුවූ ආසන්තම සිද්ධීන් කිහිපයක් නිසා කලින් කිව්ව බහුතරයෙන් පිරිසක් මේ කදවුරු වලට ඇතුල් වීමේ බලපෑමක් තියෙනවා…. (අන්තවාදී කදවුරු දෙකෙන් එකකට ) මේ ලිපිය ලියවෙන්නේ ඒනිසා………….

    රීකැප් එක බුද්ධියෙන් නැවත වතාවක් කියවන්න… මේව ඉබේ උනාද…? කවුරුහරි කරවනවද? ශ්‍රී මහා බෝධිය අසල ඉදිවූ ස්මාරකය….. පළමු වරද මුස්ලිම් පිරිසගේ…… අපේ රටේ සියලු ආගමිකයන්ට කිසිදු තහනමකින් තොරව නිදහසේ තම ආගම ඇදහිය හැක………… ඇතැම් අවස්ථාවලදී පවතින නීතියට පිටින්ද ඔවුන්ට ආගමික නිදහස ලැබී ඇත….. (මම පුද්ගලිකව එය අනුමත නොකරමි… උදා: බහු විවාහ……රටක නීතිය සැමට පොදුවිය යුතුය… ) රටේ ඕනෑම තැනක පල්ලියක් හෝ ස්මාරකයක් හදන්න අවසර තියෙද්දී පුරාවිද්‍යා වටිනාකමක් ඇති සංරක්ෂිත ප්‍රදේශයක් වන බොදුනුවන්ගේ මුදුන්මල්කඩක් වන ශ්‍රී මහා බොධිය අසලම ස්මාරකයක් හැදුවේ ඇයි…… ( කූරගල සිද්ධියද මේ හා සැසදේ…… ) ආගමික කතාව පැත්තකින් තියමු… මින් වන පුරවිද්‍යාත්මක හානිය…..? මා දන්නා විදියට ශ්‍රී මහා බෝධිය අසල ප්‍රදේශයේ අවුරුදු 5000 කට පෙර නගරක නටඹුන් තියෙනවා……. කැණීම නොකරන්නේ ඉන් වන හානිය ගණනය කල නොහැකි නිසා සහ ප්‍රග්ධනයක් නොමැති නිසා, ඒ පිළිබද වටිනාකමක් දේසපාලුවන්ට නැති නිසා……….
    කෙසේ හෝ වේවා එම ඉදිකිරීම සම්පූර්ණයෙන්ම අන්තාවදී සහ සිංහලයන්ව අපහසුතාවයට පත් කිරීමට (ගේමට කෝල් ) කරපු දෙයක්ම තමයි

    නමුත් එය අත්තනෝමතිකව කඩන්න සිවිල් ජනයාට අවසර දුන්නේ ඇයි… හිතන්න…. පල්ලියක් හෝ ස්මාරකයක් තියෙනවා… පොලිස් නිලධාරීන් පෝලිමට ඉන්නවා….. චීවර දාරින් සහ සිවිල් ජනයා ගිහින් පල්ලිය කඩනවා… ලස්සන ලස්සන ෆොටෝස් වදිනවා, නෙට් එක පුරා ඒවා යනවා…… මින් ලබා දෙන් චිත්‍රය කුමක්ද? අමතක කරන්න එපා උඩින් කිව්ව දේවල් රටක් විදියට අපි කොහොම තැනකද ඉන්නේ කියලා…. අපිට ගුලි දෙන්න බලං ඉන්නේ ලේසි පහසු කට්ටියක් නෙවෙයි… රෝ එක.. සී.අයි.ඒ එක………. ඒ අස්සේ බොර දියේ මාලු බාන මුස්ලිම් අන්තාවාදින් සිංහල අන්තවාදින් සහ එන්.ජි.ඕ. කාක්කෝ……..

    දඹුල්ලේ සිද්දියත් ඕකමයි…… එකම වෙනස එහි පළමු වරද සිංහලයාගේ වීමයි.. දේපල ඉඩම් විකිණීම නිති විරෝධියි… ඒකේ වරද අපේ………. තමන්ගේ ඉඩමක ඕනේ කුදයක් ගහගන්න එක නීතිවිරෝධී නැහැ… නමුත් පරණ ප්‍රශ්ණයමයි… ඇයි මෙතනම් ඕක කලේ…..? එතන තියෙන්නේ මුස්ලිම් අන්තවාදය….(ගේමට කෝල් ) ඊට පස්සේ පල්ලියට එල්ල වූ ප්‍රහාරය සහ පල්ලිය කඩා දැමීමට පියවර ගැනීම…………

    හරි මං දැන් කතාවක් කියන්න යන්නේ…….. මේ සිද්ධි මෙහෙම උනා… ඊයේ පල්ලියකට ගැහුවා…….. හෙටත් පල්ලියකට ගහයි… ඔහොම යනකොට පන්සලකට ගහනවා….. ආපහු පල්ලියකට ගහනවා… ඒකට Return එකට ඒ ගමේ පල්ලියට ගහනවා… දැන් පන්සල්, පල්ලි වලට ගහගෙන චූන් මදිලු…. දැන් මුහුණට මුහුණ…. දුටුතැන ගහනවා…. ඒකට කියන්නේ කෝලාහල කියලා……. ඔය මට්ටමේදී රජයක් අසරණයි……. මොකද දැන් නැගී සිටින්නේ ජනතාව….. පොදුජනතාව…. ඉතින් රජය බලං ඉන්නවා………. දැන් කෝලාහල වලදි මුස්ලිම් අන්තවාදින් සහ අනෙකුත් මුස්ලිම් අය අම්බානකට කනවා…. ඇයි අපේ බලය සංඛා‍යාතමකව වැඩියි…………….. දැන් තමයි මොලකාරයා ගේමට බහින්නේ…….ඒ තමයි ජාත්‍ය්න්තර කුපාඩියෝ ටික…

    උන් කරන්නේ පරදින පැත්තට උන්ගේ අවි ආයුධ දෙන එක… හොදම ඒවා දෙනවා…… නිකං දෙන්නේ…. පුහුණුවත් දෙනවා…….. දැන් වැඩේ දරුණුයි…. දැන් ඉන්නේ පොදු ජනතාව නෙවෙයි…. අවි දරාගත් ත්‍රස්තවාදීන්… එනපොට හොද නැහැ…….. දැන් සිද්ධ වෙනවා රජයට හමුදාව යොදවන්න…. ඒ කියන්නේ යුද්ධයක්…… කොටියාව නැති කරපු අපිට මේක මොක්කද…. එෆ්. බී වීරයෝ එහෙම කියයිලූ….. නමුත් කොටියට ගහද්දි අපිට පකිස්තානය, ඉරානය, වගෙ රටවල් ගොඩකින් කොන්දේසි විරහිතව උදව් කලා……. ආයුධ දුන්නා ණය දුන්නා සහන දුන්නා… නමුත් මෙදාට උනුත් කියන්නේ ඕකුන්ට ගහප්ල්ලා කියලම තමයි…… හරි දැන් ඔක්කොම හරි……… පාලුවෝ ටික රට පනියි……. එෆ්.බී වීරයෝ ටික හුරේ දායි….. අන්තාවාදීන් ආගම් පතුරවාවි………. හමුදාවේ කොල්ලෝ ටික මැරෙයි……………… මේක මගේ සිගිති මොලේට තේරුන ප්ලෑන් එකක් විතරයි……… වෙන්න තියෙන දේ මීට වඩා භයානක විය හැකියි…..

    දැන් කතාව ඉවරයි… අවසානේට පේනවා ඇති මේ කිසිම දේකට සිංහල බොදුවන් සම්බන්ධ වෙලා නැහැ…. මුසල්මානුවන්ද ක්‍රිස්තියානි අනුගාමිකයන්ද මේ කිසිවකට සම්බන්ධ වෙලා නැහැ…. මේවා ඔක්කොම කලේ ඒ ඒ ප්‍රජාවේ ඉන්න අන්තාවාදින්…… ඔවුන් සිංහල නොවේ… මුස්ලිම්ද නොවේ……. ඔවුන් අන්තවාදින් පමණි…. දැන් පැහැදිලියි නියම කොටස් දෙක… අන්තාවාදින් සහ අන්තවාදි නොවන පිරිස්……….. සිංහල අන්තවාදින් සහ මුස්ලිම් අන්තවාදින් යන දෙපිරිසම එකම පැත්තේය… ඔවුන්ට අවශ්‍ය ඔබව ඔවුන්ගේ කදවුරට බදවාගැනීමයි……. සදුදා දිනයේ දඹුල්ලේ මුස්ලිම් පල්ලිය කඩනු ඇත….. අනවසර ඉදිකිරීමක් උවත් කොහේ තිබ්බත් තම ආගමික සිද්ධස්ථානයක් පොළවට සමතලා කිරිම එම ආගමිකෙයෙකුට දරාගත නොහැක… එමෙන්ම අමුමුවේ සිදිවූ තරුණයන්ගේ ඝාතන අපිටද දරා ගතනොහැක………………… අන්තාවාදින් නිසා දෙපිරසටම තදබල ලෙස කෙල වී ඇත….. නමුත් එම කඩා දැමීම සිංහල අන්තාවාදීන්ගේ ජයග්‍රහණයක් වනු ඇත……… නමුත් සිංහලයාට නම් එය අවමානයකි…….. එය ඉදිකිරීම මෙන්ම කඩාදැමීමද දෙකම වැරදිය….. නමුත් දැන් කරන්න දෙයක් නැත…දැන් අතීතය ගැන කතා කරලා වැඩක් නැත….

    කල යුතුය ඇත්තේ මින් ඉදිරියට මෙවැනි ක්‍රියා වැලැක්වීමයි……. දුටුතැන අන්තවාදීන් හෙලා දකින්න……………. වරද ඇත්තේ තමා තුළමය……….

    2012/04/22 at 6:55 AM
    • අබු සාහිර් says:

      සත්‍ය අදහසක් සහෝදරයා, ඹබගේ අදහස් රටපුරා පතුරැවන්න.

      2012/04/22 at 10:37 AM
  • Gura says:

    “”අප මේ අවස්ථාවේ රටේ තිබෙන තත්වය බටහිර ප්‍රජාව දැනුවත් කරමින් ‍රට තවත් අවුල් කිරීමට අවශ්‍ය නොමැති නමුදු මේ තත්වය පිළිබඳව ලෝක මුස්ලිම් රටවල් පමණක් පුද්ගලිකව දැනුවත් කරමින් රට තුල සාමය සහ සාධාරණත්වය ස්ථාපනය කිරීමට රජයෙන් ඉල්ලා සිටින ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමේ වරදක් මා නොදකිමි.”"
    දැනුවත් කිරීම හොදය……. නමුත් එක් සිද්ධියක් පමණක් පෙන්වා එය දැනුවත් කරනවද? නැත්නම් සකල ක්‍රියාවලියවම දැනුවත් කරනවද? මුස්ලිම් අන්තවාදින් විසින් සිදුකරන ලද දේවලුත් දැනුවත් කරනවද?…………
    කණගාටුය කියන්න එහෙව් වූ විවෘත දැනුවත් කිරීමත් මා නම් දැක්කේ නම් නැත……..
    සිංහල අන්තාවාදින්ගේ ක්‍රියා පමණි ඔබලා දැනුවත් කර තිබුණේ………..

    2012/04/22 at 7:40 AM
    • Anver Manatunga says:

      ආගමික දේශකයෙක් සහ ලේඛකයෙක් වශයෙන් මා විසින් කරන්නාවු දේ ඔබ නොදන්නා නිසා ‍ඔබ මෙලෙස පවසයි. මුස්ලිම් සමාජයෙන් සිදුවන වරද වලදීද මා සමාජය දැනුවත් කරමි. නිදසුනක් ලෙස මෙම බ්ලොග් අඩවියේ ඇති කූරගල මුස්ලිම් පුදබිමක්ද යන ලිපිය කියවන්න.

      2012/04/22 at 7:47 AM
  • sirikumara says:

    ප්‍රමාද වන හැම තත්පරයක්ම රටට හානියක්.හැම තත්පරයක්ම තීරනාත්මකයි.කළයුතු හොදම දෙය ලෝකයේ මුස්ලිම් රටවල් දැනුවත් කිරීමයි.මුස්ලිම් පාලකයන් හා හැකි තරම් ලොව පුරා මුස්ලිම් ජනතාව දැනුවත් කළ යුතුයි.ඒ අතරම මුස්ලිම් විරෝධී වෙබ් අඩවි වල පලවූදේ අරාබි හා ඉංග්‍රීසි භාෂා වලට පරිවර්තනය කර ලොව පුරා බෙදා හැරිය යුතුයි.පාකිස්ථනයේ සහාය නැතිනම් කොටි පරද්දන්න හම්බවෙන්නෙ නෑ.අපිට කෙලෙහිගුන කියලා දෙයක් නැති නිසා ප්‍රශ්නෙකුත් නෑ

    2012/04/22 at 8:11 AM
    • great says:

      denatamath news tika ghilla ette man itanne byw bayawenna epa AlLAH API samagay

      2012/04/22 at 12:08 PM
  • muni says:

    apa siyalu jathin sahajivanyen sitima bala sitinnata noheky aya prashna athikara owunge sanvidana shaktiyaia penwannata gannau uthsahaya lesa peniyaneya. Meweni ayage kriaya kalapapa Adirajiyawadinta udagedi dimata maga sallsaawana iniya balawega yan kriayaklapayan wimak dai saykayak pawathi . Apa ratah apa rajaya nayakaa athul siyalu sri lanka wasiyan awmanay wana kriyawan pitu dakinnata api siyalu jahin ekwannata kalaya elaba atha

    2012/04/22 at 8:12 AM
  • anver manathunga says:

    UMBALA HENA PADATHTHALA TALK NE DILA THIYENNE EKEK KIYANAWA BUDU DAHAMA PRJANDA KAREE LU ADO BUWA LOKETAMA TERROLIST LA HAMBAYO THAMAI. THAWA EKEK KIYANAWA PAKISTHANAYA YUDDEDI UDAW KARA LU HABAI U DANNA PAKISTHANAYA KIYANNE ARA WIDIHATA DAHAM PRACHARAYA MAGIN ATHI WU BAWUDDA RATAK HA ALLHA (NATHI EKA) GE LE PIPASITHA KADU WALIN MUSLIM WUNA KIYALA

    2012/04/22 at 9:52 AM
    • Anver Manatunga says:

      මගේ අනන්‍යතාවය රැගෙන නැවත ඔබ පැමිණියහොත් කමෙන්ට් පල නොකරමි.

      2012/04/22 at 2:52 PM
    • හෙළකොල්ලා says:

      අනුන්ගේ නම් වලින් Comment දාන ඔය මල්ලිගේ ජාතිය මොකද්ද, ඹයාට සිංහලවත් හරියට ලියාගන්න බැනේ

      2012/04/22 at 7:50 PM
  • shamith says:

    ape pansal asse palli ..balapitiyedi wage ape kollanta amanushika pahara ella karanne .puththalamedi una wage nirauda police niladarin maranne
    Boru grease yakku mawala anthawadi widiyata minissu kulappu karanne .
    Kuragala wage parana bodunu wihara allanne.
    Itin api mewa deka deka negenahira paththuwil peththata gyoth penewi muhudu maha wihareta karapu de.man hodata dannawa digawapiyata karanda hadapu de ,,,,
    sinhalayage iwaseematath simawak tiyanawa….ada weddi muslim anthawadaya sehenata hisa osawala ekata api wiruddai.katin witharak neme.

    2012/04/22 at 11:23 AM
  • shamith says:

    ?mr anwar manathunga.
    I appreciate u’r way of writting.and it doesn’t spread racisam at all.
    Dr brother we know many muslim love to live in peace.
    Brother also mind that when any organized attack on buddhisam is going place.cn we keep watching all these activities ?? ??
    It boils our blood

    2012/04/22 at 11:29 AM
  • Hello Lanka says:

    Oya Hamuduruvo ma Thama, Dambulla Ground Eka Hadanda Hoda Ganak Luxury Vahanayak Aragena Katavahagena Hitiye…

    2012/04/22 at 2:33 PM
  • Naushad says:

    The one and only religion in Sri lanka,which is spread through peacefull manner is Islam.other all religions are imposed by king or invaders.truth will prevail one day.then Islam will be victorious.we muslims never impose Islam at anyone.we need quality,not quantity.Allahu Akbar.(God is great).May Allah curse those invaders.

    2012/04/22 at 10:40 PM
    • Anver Manatunga says:

      මෙම අදහස මේ සහෝදරයාගේ පුද්ගලික මතය බව කරුණාවෙන් සලකන්න.

      2012/04/22 at 10:56 PM
  • Sanjeewa says:

    As a Christian i would like to point out that your comment on us being on sidelines on Geneva issue is not relevant to justify your cause. Why do you expect sympathy to your action in Dambulla by linking another religion and creating a false perception about another religion? is that what your new found religion taught or your hidden feeling on your former religion.

    2012/04/23 at 12:27 AM
    • Anver Manatunga says:

      මම කිසිම දහමකට ඇගිල්ල දිගු නොකලෙමි. ඔබ මා එසේ කළා යැයි කියනවා නම් කරුණා කර කමෙන්ට් එකට එම වාක්‍ය උපුටන්න. එවිට මම පිළිතුරු දෙන්නම්

      2012/04/23 at 7:13 AM
      • Sanjeewa says:

        ලාංකීය කිතුණුවන්ගේ දමිල පාර්ශවය සෘජුවම ලංකාවට එරෙහි පක්ෂයේ සිටි අතර සිංහල පාර්ශවය මුණිවත රකිමින් රට වෙනුවෙන් වු තම වගකීම පැහැර හරින ලදී. what is this then? how do you know Christians were silent? you didn’t read what Cardinal Malcom Ranjith released on be half of Catholic Church? You are boasting about Muslim countries helping us. They did it because they wanted to corner Israel on the same charges. nothing else. then why did some lesser known African countries took our side?

        2012/04/23 at 8:09 PM
        • Anver Manatunga says:

          ‍කාදිනල් මැල්කම් රංජිත් මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ බවට ඔබ කියන තර්කය හරි. නමුත් සියළුම දෙනා එම යෝජනාවට විපක්ෂව පාරට බසිද්දී පාරට ආවේ කතෝලික නොවන සුළුතර ඉවැන්ජලික නිකායන් කිහිපයක් පමණකි. ඉවැන්ජලික නිකායන්හිද ප්‍රධාන ඒවා වන පෙන්තකොස්ත නිකායන් ඉදිරියට පැමිණියේ නැත. මන්ද ඒ පාර්ශවයේ ප්‍රබලයන් වන්නේ විපක්ෂයේ සිටින ඉරාන් වික්‍රමරත්න සහ රෝසි සේනානායක බැවිනි.

          කතෝලික සභාවේ දමිල පාර්ශවය විසින් ජිනීවා යෝජනාවට සෘජුවම සහය දක්වද්දී කාදිනල් මැල්කම් රංජිත් පියතුමා ප්‍රකාශයක් පමණක් නිකුත් කිරීම හරිද?

          2012/04/23 at 8:21 PM
  • mohamed says:

    Pls read this carefully. http://lankaenews.com/Sinhala/news.php?id=19895

    2012/04/23 at 11:45 AM
    • Anver Manatunga says:

      මම මේක කියෙව්වා නමුත් අපට කා‍ගෙවත් පුද්ගලික දේවල් අවශ්‍ය නැහැ. ඇරත් මේ සයිට් එක ලංකාවේ බ්ලොක් කරපු එකක්.

      2012/04/23 at 1:21 PM
  • FB says:

    MACHAN ANWAR,

    AI BAN MUSLIM AGAMA MEWAGE KROOOOORA DEWAL KIYADENNE…..
    MATA WARADILADA?
    MEWA BORUDA?

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රුස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න. http://quran.com/8/12

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රලම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රවස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය. http://quran.com/3/151

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්රාස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න. http://quran.com/8/60

    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191

    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්ය.යන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය. http://quran.com/4/141

    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්රයස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. http://quran.com/8/12

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්ය‍වශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්රාස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්රමස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න. http://quran.com/8/60

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු. http://quran.com/9/23

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්ය් වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්රිතස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29
    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්යායෙන් ගෙවිය යුතු බද්ද)

    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්යාවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73

    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්රගකාර ඔවුන්ට ස්වර්ගය හිමිය. http://quran.com/9/111

    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123

    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9

    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4

    2012/04/23 at 11:00 PM
    • Anver Manatunga says:

      මේක ඔයා හොයා ගත්ත එකක් නෙමෙයි. ඔයත් මේක කොපි කර ගත්ත එකක්. මම මේ ප්‍රශ්නයට බොහෝ වර පිළිතුරු දී තිබෙනවා. ඔබ නො 77 දෙමටගොඩ පාරේ තෆ්හීමුල් කුර්ආන් සිංහල පරිවර්තනයක් ගෙන මෙම පදයන්හි නිවැරදි අරුත් කියවා ගන්න. මේවා වෙබ් අඩවියේ ‍ලියන්න මට වෙලාවක් නැහැ. අනික ඒවා ලියන්න මේක ඉස්ලාම් වෙබ් අඩවියකුත් නෙමෙයි.

      2012/04/24 at 12:14 AM
  • upananda says:

    ane SADU,SADU…..INAMALUWE SUMANGALA utthamayata jayawewa.habay utumaneni meka mulu lokema dakka.oba wahanse mona taram DESAPREMEE BAUDDHA utumekda kiyala.JAYAWEWA…..

    2012/04/25 at 11:45 PM
  • Dhanushka says:

    අන්වර් සහෝදරයා ඔය කියන පල්ලිය ගූගල් මැප් තුල 2003 දී දැකිය නොහැක. එසේනම් එය 1963 ආරම්භ කලා යැයි පවසන්නේ කෙසේද? පහදන්න…
    ස්තුතියි

    2012/04/30 at 4:08 PM
    • Anver Manatunga says:

      ආගම් බේධ වාදීන්ට අවශ්‍ය මොනවා හෝ කර තමන්ගේ මතය සනාථ කරගන්නයි. මම ඔය මැප් එක ගැන එෆ් බී එකේ දැක්කා. මේ පල්ලිය ගැන අධිකරණයට ගිහින් අධිකරණයේ ඔය ගූගූල් මැප් එක පෙන්නන්න. එතකොට අධිකරණය ගූගුල් මැප් එකට අනුව ඒ ඉඩම දඹුල්ල විහාරයට ලබා දෙනු ඇත.

      මා පවසන්නේ මේ ගැන නීතිමය විසදුමකට එමු කියායි. නිවැරදි තීරණය දෙන්නට හැක්කේ අධිකරණයටයි.

      2012/04/30 at 4:14 PM
      • Abu Arshad says:

        Booruwata Sinhala theren nedda?

        “අන්වර් සහෝදරයා ඔය කියන පල්ලිය ගූගල් මැප් තුල 2003 දී දැකිය නොහැක. එසේනම් එය 1963 ආරම්භ කලා යැයි පවසන්නේ කෙසේද? පහදන්න…
        ස්තුතියි”

        2012/07/02 at 11:31 AM
        • Anver Manatunga says:

          ගූගුල් මැප් යනු අධිකරණයේ පිළිගත හැකි සාක්ෂියක් නොවේ. අධිකරණයේ පිළිගත හැකි සාක්ෂි එම පල්ලි භාරකාරයන් සතුව ඇත. පුළුවන් නම් නඩු දමා බලන්න.

          2012/07/02 at 1:22 PM
  • Brother says:

    මෙතන ලොකු වැරදි වැටහීමක් තියෙනවා ඔය පල්ලි ගැන අන්වර්, ඔවුන් හිතන්නේ ලොකු ‘කොත්, කුලුනු’ දාලා හදන ඒවා විතරයි පල්ලි කියලා. මම දැක්කා සුමංගල හාමුදුරුවෝත් කියනවා ‘මේක මඩුවක් වගේ කියලා’. සමහරක්විට ඔය Google Map එකට අහුවෙලාත් නැත්තේ ඕක හින්දාම වෙන්න ඇති.

    2012/04/30 at 4:36 PM
    • Anver Manatunga says:

      මෙතන මට තියෙන ප්‍රශ්නය මේකයි. මේ අය පල්ලිය ගැන සියළුම සාක්ෂි සහ සාධක ගැන කථා කරන්නේ අධිකරණයෙන් පිටතයි. ඔය තියෙන සාක්ෂි සාධක ඔක්කොම අරගෙන අධිකරණයට යන්න බැරි ඇයි?

      අනෙක ඔය ගූගුල් මැප් බලන එක අපේ විමල් ඇමති තුමාගේ ප්‍රතිපත්තියට විරුද්ධයි. එදා ගූගුල් වර්ජනය කරන්න කිවු ‍Face book සයිට් ඔක්කොම දැන් ගූගුල් මැප් ගැන කථා කරනවා.

      2012/04/30 at 8:47 PM
  • ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ says:

    සාමාන්යා තත්වයට වඩා වෙනස් තත්වයන්ට මුහුණපෑමට සිදුවූ පුද්ගලයින්ගේ අත්දැකීම් ඇසුරෙන් සිදු කළ විවිධ පර්යේෂණ මනෝවිද්යාම ක්ෂේූත්රනයේදී විස්තර වනුයේ අසාමාන්ය අත්දැකීම් (Abnormal Experience) යන විෂයය යටතේය.බොහෝවිට එබඳු වූ අසාමාන්යන අත්දැකීම් පර්යේෂණයට ලක් කිරීමේදී පර්යේෂකයින් මුහුණදෙන අසීරුතාවයක්වනුයේ සම්මත පර්යේෂණ ක්රරමවේද භාවිතාකර එබඳු අත්දැකීම් පිලිබඳ පර්යේෂණ කිරීමේ ඇති අපහසුතාවයයි.පර්යේෂණ උපකරණ, සිද්ධාන්ත ආදී සියළු දේ වඩාත් නැඹුරුතාවයක් දක්වනුයේ භෞතික අංශය වෙත බැවින් එබඳු භෞතික දේ ඇසුරුකළ සිද්ධාන්ත හා උපකරණවලින් අසාමාන්ය අත්දැකීම් විමර්ශනය කළනොහැකිවීම මෙම පර්යේෂකයින් මුහුණදෙන විශාලතම අසීරුතාවයයි.නිදසුනක් වශයෙන් අසාමාන්යම අත්දැකීම් වඩා සුබල ලෙස ඇතිවන ප්රවස්තුතයක් නම් කාලය පිලිබඳ ගැටළුවයි.සැබවින්ම කාලය යනු සැබවින්ම පවතින දෙයක් නොව මිනිසාගේ එක්තරා සංකල්පයක් පමණි.නමුදු මෙය පර්යේෂණාත්මක ලෙස ඔප්පු කළ නොහැකිය.ඒ පිලිබඳවද විවිධ පර්යේෂණ සිදුවී තිබේ.බොහෝ අසාමාන්ය් අත්දැකීම්වල මේ කාලය පිලිබඳ ගැටළුවට මුහුණදීමට සිදුවී ඇත.මන්ද එබඳු සිදුවීමකදී එක් අවස්ථාවකදී කාලය වේගවත්වන අතර තවත් අවස්ථාවකදී කාලය මන්දගාමීවන බව පෙනී යන බැවිනි.නිදසුනක් ලෙස කිසියම් ශල්ය් කර්මයක් කිරීම සඳහා නිර්වින්දනය කරන ලද රෝගියෙකුට එම ශල්යි කර්මයේ ඇති බරපතලකම නිසා මරණාසන්න අත්දැකීම් ඇතිවිය හැකිය.ඔහු මරණාසන්න අත්දැකීම් විඳින අතර ඇතැම් අවස්ථාවලදී පූර්ව භව වලදී ලැබූ අත්දැකීම් හා ඊළඟ භව වලදී ලැබියහැකි අත්දැකීම් පිළිබඳව සංජානනය වියහැකිය.සැබවින්ම ශල්යැකර්මයක සිදුකරන කාලසීමාවට සාපේක්ෂකව ඒ පුද්ගලයාට විඳගැනීමට ලැබෙන අසාමාන්යා අත්දැකීමක කාලසීමාව අඩු හෝ වැඩි වියහැකිය.නමුදු එහිදී ඔහුට දැනෙන්නේ තමා කාලයෙන් වියුක්තවූ බව හෝ කාලය එකතැන නතරව තිබූ බවකි.ඒ තත්වයට හේතුව කාලය සාපේක්ෂ සංකල්පයක් වීමයි.කාලය ඔහුගේ ඉනරික ය අනුභූතිය සමඟ බැඳී තිබූ දෙයකි.ඒ ඉන්රි ය අනුභූතිය ගිලිහෙත්ම කාලය යන සංකල්පය පිළිබඳ වූ හැඟීම්ද අනුක්ර‍මයෙන් දිය වී යනු දැනිය හැකිය.බොහෝවිට සිය අසාමාන්ය අත්දැකීම් සෙසු පිරිසට විස්තර කරන එබඳූ වූ අත්දැකීම් ලැබූවෙකුට මුහුණපෑමට සිදුවන විශාලතම අභියෝගය කාලය පිලිබඳ ලැබූ සිය වැටහීම අන්යවයන්හට එය පිළිගත හැකි ස්වරූපයෙන් විග්රලහකිරීමේ ගැටළුවයි.චුති පටිසන්ධි හා අන්තරාභව පිළිබඳ විවිධ ගැටළු ස්ථාන බුදුදහමේ විවිධ සම්ප්රලදායන් අතර ඇතිවී ඇත්තේද කාලය සංකල්පයක් බව නොතකා හැරීම නිසා ඇතිවූ විස්තර කිරීමේ අපහසුතාවය පිළිබඳ කිසිවෙකු නිසි අවධානයක් නොදැක්වීමයි.චුති පටිසන්ධි අන්තරා භව පිලිබඳ ස්ථවිරවාදී මතවාද හා වෙනත් බෞද්ධ සම්ප්ර්දාය වල මතවාදත්, බටහිර මනෝවිද්යාි ක්ෂේ්ත්රතයතුළ බෙහෙවින් ප්රවචලිතව ඇති මරණාසන්න අත්දැකීම් (Near Death Experience) හා මරණයෙන් පසු අත්දැකීම් (After Death Experience) ආදී කරුණු නිසි අයුරින් අධ්යrයනය කළහොත් කාලය වටහාගැනීමේ ඇති ගැටළුව පිළිබඳ නිවැරදිව තේරුම් ගත හැකිවනු ඇත.එකම දෙයක් විවිධ සම්ප්ර්දායන්හි විවිධ අයුරින් අර්ථකථනය කිරීමේදී හුදෙක් ඒ වචනවල පමණක්ම එල්ඹ සිටීම නිසා වෙනත් කෝණයකින් දැකගත හැකි වූ සත්යමයට සමීපවීමට අවශ්යඑ ඉඩකඩ ඇහිරී ඇති අයුරු මෙහිදී හොඳින්ම අවබෝධ කළ හැකිය.කාලය යනු සංකල්පයක් පමණක් නිසා කාලය එක් ස්ථානයකදී වේගවත්වද තවත් ස්ථානයකදී මන්දගාමීවද ඒ අතරතුර වූ පරාසය අතරද පවතිනබව වටහාගත යුතුය.සිත සමාධිගත අවස්ථාවල කාලය ගතවනු නොදැනීමට හේතුව හා ප්රිශ්න ගැටළු බහුල අවස්ථාවල කාලය ගතවීම පමාවී ඇතැයි හැඟීමට හේතුව මෙයයි.

    2012/05/07 at 1:09 PM
  • Eshan Fernando says:

    machan catholika aya tamil ayata udaw kale ay? kiyala dannawada? dan sinhala bauddayo karana de oyalata therenawane yudde dinna dan anith agam tika elawala eyalage agama witharak thiyagena dharma rajyak karanna
    i…ahinsaka demala miniss marala ealam sankalpe wadduwe me bauddayo…man ahanne wena ratwal wala agamika nidahas tyanakota wena agam walata wadinnawath,bashawak nidahse katha karannawath barida?..man katha karanne sinhala matama lajjai

    2012/07/04 at 4:59 PM
  • aaa says:

    y muslums hate buddhists?

    2012/07/05 at 2:30 PM
    • Anver Manatunga says:

      මුස්ලිම් අපට මෙලොව කිසිදු මිනිසෙක් වෛරක්කාරයෙක් නොවේ.

      2012/07/05 at 3:45 PM
  • fathima says:

    apitath thibune ape paduwe maraganneka ohe balan inna. muslim ratawal lankawata chandaya dunne, rata thuladi rata wenuwen pagaman giye meka hamba purayak kirime yati aramuninlu.. mau ratata adaraya kirima muslim ape agamika wagakimak…nikarune ahinsaka demala janathawatath jathiwadaya athi kare meyala wennathi. ewata udau karapu pawa thamai dan gewanne

    2012/07/05 at 8:31 PM
  • ඩිලාන් says:

    obage kathawata ekagawemi..ath batahira ratawal witharak newe muslim ratwal walata wunath lankawe prashna pitata genayana ekata mama viruddai..rate abyanthara prashnayakata wena ratak gawa gaththoth prashna wedi wena eka misja adu weemak wen ne..kohoma wunath hemajathiyakama agamakama madhayastha pudgajayin sanwidanaya weema athyawashayai.. Gura type karapu ath deka raththaran walin purawanna watinawa aththatama siduwenne oya de thamai..
    samawenna sinhala akuren type nokeerima pilibadawa..eken kiyaweeme apahasuthawayak athiwenawanam newatha newathath samawa illami..4n eken godak singlish type karala convert karanna amarui..

    2012/07/05 at 10:37 PM
  • KAPILA says:

    NAMO THASSA BHAGAWATHO ARAHATHO SAMMA SAMBUDDHASSA!
    MEKA SINHALA BUDDHIST RATAI. SINHALA BAWDDAYATA JAYA WEWA!!!

    2012/07/07 at 2:38 PM
  • kalane malka says:

    fathima akke muslim rataval chandaya dunne aperatata adareta nove .muslim rataval siyallama vage usa akka tharaha nisa.danne nathi daval katha kiriman obalage danuma manvata pahadili venava.

    2012/07/20 at 2:00 AM
    • Anver Manatunga says:

      ඔබ ෆාතිමාට දැමු කමෙන්ට් එක මැදට පැන්න එකට සමාවෙන්න. අද මැදපෙරදිග තිබෙන රටවල තිබෙන්නේ ඇමරිකානු හිතවාදී පාලනයන්. ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් නැහැ. තියෙන්නේ ඇමරිකානු ආරක්ෂාවන් යටතේ වැඩඹෙන රාජාන්ඩු පාලනයන්. ඔවුන් ලංකාවට ඡන්දය දුන්නේ එසේ තිබියදීයි.

      2012/07/20 at 4:00 AM
  • kalane malka says:

    mr. anvar athakota oba kiyanane mada peradiga rataval us palanaya karanava kiyala.aka nisama thamai oun lankavata chandaya dunne.mokada ounta ovamana una us valata ounge akamaththa prakasa karannar.akai oun apata chandaya dunne.nathiva apata thiyana adareta novi. apage muthun miththan kiyapu upamavak mata mathak una.(miyak kadanne atha lavakanna novi)

    2012/07/23 at 5:10 PM
    • Anver Manatunga says:

      මැදපෙරදිග රටවල් අපේ රටට ඡන්දය දුන්නේ මෙහි දේශපාලකයන් ලංකාවේ මුස්ලිම් වරුන් සමග එහි ගොස් ඉල්ලා සිටි නිසයි.

      2012/07/23 at 9:36 PM
  • kalane malka says:

    mr anvar
    uputaganema…..muslim rataval chandaya dunne mehi sithina muslim palakayo ahi gosin chandaya illapu nisai.

    athakota anvar risana baraganna kopamana muslim palakaya giyada?ko thavama risana hirane.
    prasnvalata podilamai vage uththara dinna apa.oba desakayaknida..??????
    dan kiyanna apa aka savdi nethiya kiyala.a uththaraya nam mata apaaaaa.

    2012/07/24 at 9:05 PM
    • Anver Manatunga says:

      රිසානා සවුදි නීතිය අනුව වැරදි කළ කෙනෙක්. ඇයව නිදහස් කිරීමට සවුදි රජුට වුව අපහසුය. කෙසේ නමුත් අපගේ විදේශ අමාත්‍යවරයා මේ සදහා එහි ගියේ නැත.

      2012/07/24 at 10:34 PM
  • kalane malka says:

    athakota lankava us kiyana vidiyata mulu loketama tharjanayak.ahama thibelath oun apeta chandaya dunna.anvar obage uththara harima vihilu sahagathai.

    mr anvar risanava beraganna lankaven akama muslim nayakayek giyama nadda?mama nam hariyatama dannena.mama hithuve oba liyana vidiyata muslim jathiya harima sahayogayan jevath vinava kiyala.baluvama resanava baraganna lankavin akama muslim nayakayak vath gihin na.ath sinhala nayakayo jathibada athaharala risanava baraganna giya.mr anvar kiyana vidiyata kavda anthavadin,jathivadin.obama mata kiyanna mr anvar………

    2012/07/26 at 12:07 AM
    • Anver Manatunga says:

      athakota lankava us kiyana vidiyata mulu loketama tharjanayak.ahama thibelath oun apeta chandaya dunna.anvar obage uththara harima vihilu sahagathai.
      මෙතැන ඔබ thibelath oun apeta ඔවුන් යනුවෙන් හදුන්වන්නේ කාවද? මට පැහැදිලි මදි.

      අපේ රටේ මුස්ලිම් නායකයන්ට මුස්ලිම් නිසා ගොස් සවුදි බලධාරීන් හමුවන්නට බැහැ. අනෙක අපේ රටේ විදේශ රැකියා අමාත්‍යාංශය තියෙන්නේ සිංහල ඇමති වරයෙක් අතයි. එසේ තිබියදී මුස්ලිම් ඇමති වරයෙක්ට ගොස් ඒ ගැන කථා කරන්න බැහැ. එතකොට බල්ලගේ දේ බුරුවා කලා වගේ වැඩක් වෙනවා.

      අනෙක සවුදි නීතිය වෙනස් කරනවා නම් එය කළ හැක්කේ රජුට පමණයි. රජ කෙනෙක් හමුවන්නට යායුත්තේ රාජ්‍යතාන්ත්‍රිකවයි.

      2012/07/26 at 4:55 AM
  • Janaka Tennakoon says:

    මමත් සිංහල බෞද්ධයෙක්. හරිම කණගාටුයි. දඹුල්ල හන්දියේ හෝටලයකට ගොඩවෙලා කෑමක් කාලා නැති මිනිසසු තමා ඔය ඔක්කොම මෝඩකම් කරන්නේ. එහෙ හෝටල් වල හොඳ හරක් මස්, ගොන මස් විකුණන සිංහල බුද්ධයන්ට කිසිම ප්‍රශ්ණයක් නැහැ.

    2012/09/08 at 1:28 PM
  • නසීර් එම්.එන්.එම් says:

    දඹුල්ලේ පන්සල් පල්ලි අලකලංචියේ
    ඇත්ත කතාව කියවමු
    දිවයින විශේෂාංගය ඇසුරින්

    දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය වූ කලී පසු ගිය සති දෙක තුන තුළ අපේ රටේ ජනමාධ්‍යවල වැඩිපුරම කතාබහට ලක්‌වූ මාතෘකාව බව මා අමුතුවෙන් කිව යුතු නොවේ. ජනමාධ්‍ය තුළින් අපේ අවධානයට පළමුව යොමු වූයේ ඓතිහාසික රංගිරි දඹුලු ලෙන් විහාරය සහිත දඹුලු පුද බිමේ ඊට අයත් ඉඩමක දඹුලු විහාරය ඉදිරිපිටම මුස්‌ලිම් පල්ලියක්‌ හොර රහසේ ඉදිකොට ඇති බවට කී ආරංචියකටය.

    බැලු බැල්මටම ආරංචිය බරපතළය. ආගමට දහමට ආදරය කරන සිංහල බෞද්ධ සෑම සියලු කෙනෙක්‌ම කුපිත කරවන සුළුය. මේ මුස්‌ලිම් පල්ලියට විරෝධය පාන්නට ලංකාවාසී බෞද්ධ ජනතාවම පෙළගස්‌වන සුළු තරමටම පුවත ප්‍රබලය.

    කෙසේ හෝ සිංහල බෞද්ධ පිරිස්‌ තරමක්‌ රත්වී ගිහි පැවිදි විශාල පිරිසක්‌ වී දඹුලු විහාරාධිකාරිගේ පැත්ත ගෙන එකම එක පෙළට සිටගත්හ. මුස්‌ලිම් විරෝධී දඹුලු සටන ආරම්භ වූයේ ඒ අනුවය. දඹුලු විහාරාධිකාරිගේ අනුග්‍රහය හා නායකත්වය නොඅඩුව ලත් මේ බලවේගය පසුගිය 20 වැනිදා සිකුරාදා මෙම මුස්‌ලිම් පල්ලිය යෑයි හඳුන්වන ටකරන් ගොඩනැඟිල්ලට කඩා වදින්නේත්, ඊට විරෝධය පළකර වහාම මෙය ගලවා ඉවත් කර ගන්නා ලෙස බල කරන්නේත් බුද්ධියට නොව හැගීම්වලට පමණක්‌ මුල් තැනදී බව මැදිහත්ව ප්‍රශ්නය දෙස බලන ඕනෑම අයෙකුට පැහැදිලිය.

    දඹුලු විහාරාධිකාරිගේ මඟපෙන්වීම හා අනුග්‍රහය පිට මීට පෙර අපේ සිංහල බෞද්ධ බලවේග දඹුල්ලට ගොස්‌ හැඟීම්වලට මුල්තැන දී ආවේගශීලිව ක්‍රියාකළ අවස්‌ථා කිහිපයක්‌ මා මතකයට නැඟෙයි. ඒ අවස්‌ථාවන් කිහිපයකට මා ද සහභාගි වූයේ එවකට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු හැටියටය. ඉන් එක්‌ අවස්‌ථාවකි “කණ්‌ඩලම හෝටලය” නමින් සංචාරක හෝටලයක්‌ කණ්‌ඩලම වැව ඉස්‌මත්තේ ඉදිකරන්නට පටන් ගැනීම. එදා අපිව කණ්‌ඩලම හෝටලයට විරෝධය පාන්නට මෙහෙයවමින් (කඩේ යවමින්) පාලනාධිකාරිය කීවේ හෝටලය සාදා පළමු සංචාරකයා ඊට ඇතුළුවන අවස්‌ථාවේම තමන් හෝටලය ඉදිරිපිට ගිනි තබා ගන්නා බවය.

    එහෙත් සිරුරට ගිනි තබාගත් කෙනෙකු නැත. හෝටලය ඉදිව ඇත. ඒ පිළිබඳව කිසිවකුගේ විරෝධයක්‌ ද නැත.

    ඔය ආකාරයේම තවත් විරෝධයක්‌ දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණය ඉදිකරන අවස්‌ථාවේද පැන නැගුණු බව අපට මතකය. විරෝධය ආවේ පන්සලට අයත් ඉඩමක පිට්‌ටනිය තනනවාට පමණක්‌ නොව දඹුල්ලට ඉන් පැමිණෙන ක්‍රිකට්‌ සංස්‌කෘතියෙනුත් ඊට වහ වැටී ඇදි එන ක්‍රිකට්‌ ලෝලී සංචාරකයන් ගෙනුත් දඹුල්ලේ චිරාත් කාලයක්‌ සුරැකිව තිබූ සිංහල බෞද්ධ ගැමි සිංහල සංස්‌කෘතික උරුමය විනාශ වී යනවාය යන මතවාදය ඔස්‌සේය. එහෙත් ක්‍රිකට්‌ පිටියද අද ඉදිවී ඇත. විරෝධයක්‌ කිසිත් අද නැත. ඒ වෙනුවට දඹුලු ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයද දඹුලු උරුමයට හරස්‌ වූ බවක්‌ කියනු නොඇසුණි. එදා විරෝධය පාන්නට දත කට මැදගෙන දඹුලු ගිය අපි නිකම්ම සවුත්තු වීමු.

    මේ අයුරින් දඹුල්ලේ මුස්‌ලිම් පල්ලිය පිළිබඳ මා අනාගත වාක්‍ය කියන්න යන්නේ නැත. කාටත් හොරෙන්, වැඩි ප්‍රසිද්ධියක්‌ නැතිව බොහොම නිවී හැනහිල්ලේ පවත්වාගෙන ගිය දඹුල්ල දුප්පත් පල්ලියේ අනාගතය කෙබඳු වනු ඇත්දැයි චිත්‍රයක්‌ දැනටමත් ඔබ සිතේ ඇඳ ඇතිවාට සැකයක්‌ නැත.

    අතීත කතා අමතක කර අපි වර්තමානය දෙස එබී බලමු. මම පසුගිය සති අන්තයේ කාටත් නොකියා අප්‍රසිද්ධියේ දඹුල්ලට ගියේ තව මේ කතාවල ඇත්ත නැත්ත බලාගෙන සිද්ධියේ නියම විස්‌තරය විමසා බලන්නටය. එහිදී මම පළමුව වෙහෙසුණේ පන්සල් පල්ලි කතාන්දරවල අතීතය හාරා අවුස්‌සා බලන්නටය.

    රංගිරි දඹුලු රජමහා විහාරය කියා මේ රටේ සියලුම දෙනා හඳුනන්නේ දැනට අපි දඹුලු ගිය විට වන්දනාමාන කරන මහ පන්සලය. එහෙත් එතන එක විහාරයක්‌ නොව, සංඝ පරපුරවල් කිහිපයකට අයත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ වාසය කරන විහාරාරාම හතරක්‌ ඇති බව මා දැන ගත්තේ පසුගිය සති අන්තයේය. ඒ පන්සල් 4 ම යෝධ දඹුලුගල වටේ තැනින් තැන ස්‌ථානගත වී ඇති අයුරු ඔබට වටහාගත හැක.

    දඹුලු මහ විහාරය මුලින්ම ස්‌ථානගත වී ඇත්තේ වළගම්බා රජ දවස දඹුලු ගල මුදුනේ ඇති මහා ලෙන් රාජයා තුළය.

    වළගම්බා රජ යුද්ධයකින් පැරදී තැන තැන යමින් සැඟවෙන්නට තැනක්‌ සොයනා විට මේ ලෙන පෙන්වා ඇත්තේ අසල මූකලානයේ විසූ තිසා නම්වූ වැද්දෙකු බව ඉතිහාසය කියයි. වළගම්බා රජු විශ්මිත සැතපෙන පිළිමයක්‌ද සහිතව රංගිරි දඹුලු රජමහ විහාරය ඉදිකළේ පසු කලෙකය.

    ඒ සමගම රජු හරි අපූරු රාජකාරී පැවරීම් කීපයක්‌ද කරනු ලැබීය. මුලින්ම රංගිරි දඹුලු රජමහ විහාරයේ භාරකාරත්වය ජයමංගල සුමන නම් ලේනවල සඟ පරපුරට අයත් මහ තෙර නමකට පවරනු ලැබීය. උන්වහන්සේගේ ගෝලබාල පරපුරවල මහ සඟරුවනේ භාරකාරත්වයෙන් බොහෝ කාලයක්‌ දඹුලු විහාරය ආරක්‌ෂා වී ඇත්තේද ලේනවල සඟ පරපුරට අයත් පන්සලක්‌ ලෙසටය.

    ඒ සමගම දඹුලු ගලත් ඒ අවට ඉඩකඩම් සියල්ලත් අයිතිවන ලෙස රජු අක්‌කර 6000 ක්‌ පන්සලට පවරා දෙනු ලැබුවේය. තවත් අක්‌කර 12,000 ක්‌ පන්සලේ සේවාවන් කරන අවට ගම්වල පරම්පරාවලට පවරා දෙනු ලැබුවේ මහ අමුතුම අමුතු ක්‍රමයකටය ගල මත ඇති විශ්මිත සැතපෙන පිළිමය ළඟ සිට රජු ලෝකඩ තම්මැට්‌ටමක්‌ වාදනය කරවා ඒ ශබ්දය ඇසෙන මායිමේ ඇති සියලුම ගම් පන්සලට යටත් කර එම ගම්වල නායකයන් කැඳවනු ලැබුවේය. ගම් 12 ක නායකයෝ පැමිණ සිටියහ. රජු සැතපෙන පිළිමයේ අංග කොටස්‌ 12 කට බෙදා වෙන්කර ඒ එක අවයවයට ආවතේව කිරීම ඒ ඒ ගම්වලට නියම කළේය.

    නාසය ප්‍රදේශයේ තේවාව පැවරුණේ නාසාකුඹුර ගමටය. කන් දෙක ප්‍රදේශයේ තේවාව දෙකණ්‌ඩලමට හිමිවිය. බෙල්ල බෙලිගමුවටය. වැලමිට වැලිමිටියාවටය. උදර ප්‍රදේශය බඩගොටුව ගමටය. ඒ අයුරින් දෙපා දෝවනය ආදී රාජකාරි හිමි වූයේ දඹුළු ගල පාමුල ම ඇති පාදෙණිය ප්‍රදේශයේ ගම්මුන්ටය. අද වන විට මෙම මුස්‌ලිම් පල්ලි ප්‍රශ්නය නිර්මාණය වී ඇත්තේ පාදෙනිය ගම මූලික කරගෙන වීම විශේෂත්වයයි.

    මුලින්ම වළගම්බා රජු දඹුලු විහාරයේ රාජකාරිය හා භාරකාරත්වය පවරා දුන්නේ ලේනවල පරපුරට වුවද පසුකාලීනව විටින් විට පොතුහැර පරපුරේ මහා සංඝයාටද, ඊටත් පසුව නිකවැව පරපුරේÊමහ සඟරුවනට ද අයිතිය මාරුවී ගොස්‌ ඇති බව පෙනේ. එය ඉතා දීර්ඝ ඉතිහාසයක්‌ පුරා විහිදී යන වෙනමම කතාවකි. එය කීමට මෙය වෙලාව නොවන බව සිතමි.

    කෙසේ වෙතත් දඹුලු විහාරයේ මුල් අයිතිය හිමි ලේනවල පරපුර අද දඹුල්ලේ කිසි තැනක දක්‌නට නැත. අද ඇත්තේ ඉන්පසුව බලයට ආ පොතුහැර පරපුරටත් මේ දෙකටම ආගන්තුකව පසුව පැමිණ ලේනවල පරපුරේ අයිතිය භුක්‌ති විඳින නිකවැව පරපුරටත් අයිති පන්සල්ය. සිරි වළගම්බා පිරිවෙන හෙවත් මැද පන්සලත් ඊට යාබදව ඇති රන්ගිරි පායත් පොතුහැර පරපුරට අයත් පන්සල්ය. වර්තමානයේ දඹුලු විහාරයේ භාරකාරත්වය දරන ස්‌වාමීන් වහන්සේලා අයත් උයන්වත්ත රජමහා විහාරයත්, උයන්වත්ත පුරාණ විහාරයත්, නිකවැව පරපුරට අයිති පන්සල්ය. කෙසේ හෝ දඹුල්ලේ අයිතිය නිසා අද මේ පන්සල් කිහිපය අතර ඇත්තේ ද විරසකයකි. එම විරසකයද මෙබඳු අර්බුදකාරී අවස්‌ථාවල කැපී පෙනෙන බව කිව යුතුව පවතී.

    අස්‌ගිරි මහා සංඝ පාර්ශ්වයට දඹුලු විහාරයේ යතුරු කැරැල්ල හා භාරකාරත්වය හිමිවීමේ කතාවද වත්මන් විහාරාධිකාරි නිකවෙල පරපුරේ හිමිවරුන්ට විහාරාධිපතිත්වය හිමිවූ ආකාරය ද වෙනම කතාකළ යුතු රසවත් කතාය. එය අපි පසුව කතාබහ කරමු.

    දඹුලු විහාරයේ වර්තමාන භාරකාරත්වය සටන් වදිනුයේ අතීතයේ රජු විසින් පන්සලට පවරාදුන් ඉඩකඩම් වල හිමිකාරත්වය නැවත පන්සලට ගන්නටය. පන්සලට යටත් දැන් තිබෙන පූජා භූමිය තව තවත් ලොකු කර ගන්නටය.

    පූජා භූමි සංවර්ධන අමාත්‍යාංශය විසින් අද පූජා භූමියක්‌ ලෙස නම්කර ඇත්තේ දඹුලු විහාරය පිහිටි මුළු දඹුලු ගලම ආවරණය වන ප්‍රදේශයකි. ඒ සීමාව මාතලේ පාරේ ඉඳිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම පාර බෙදෙන හන්දිය දක්‌වා පැමිණ පාරෙන් අනිත් පැත්තට පැන ගල වටේ කැරකෙයි. දඹුලු විහාරයේ විහාරාධිකාරිත්වය ඉල්ලා සිටින්නේ මෙම සීමාව කණ්‌ඩලම හන්දියෙන් නොනැවතී තවදුරටත් දඹුල්ල දෙසට තානායම හන්දිය දක්‌වාම දික්‌කර දෙන ලෙසය.

    පූජා භූමියට ඉහත කී මුස්‌ලිම් පල්ලිය අයත් භූමි භාගය අයත් වන්නේ එසේ කණ්‌ඩලම හන්දියේ සිට තානායම් හන්දිය දක්‌වාම පූජා භූමිය දික්‌කළහොත් පමණි. එය එසේ වුවහොත් ව්‍යාපාරික ස්‌ථාන 37 ක්‌ සහිත පවුල් 79 කට අයත් ඉඩකඩම් හා ගෙවල් දොරවල් සියල්ල කඩා ඉවත් කළ යුතුව ඇත්තේ ඉහත කී මුස්‌ලිම් පල්ලිය ද සමගය.

    මම ප්‍රශ්නයට තුඩු දී ඇති පල්ලිය වෙතද ගියෙමි. එය කඩ දෙකක්‌ මැදින් වූ අඩි 3 ක පමණ ඉඩකින් ඇතුළට රිංගා ගිය විට හමුවන හිස්‌ ඉඩමක තැනූ ටකරන් මඩුවකි. එහි සිටියේ ජව්µර්දින් නම් මවුලවි තුමෙකි. ඔහු පැමිණ ඇත්තේ මීට මාස 3 කට ඉහතදී බැවින් මේ කිසි විස්‌තරයක්‌ දැන සිටියේ නැත. ඔහු කී එකම දෙය වනුයේ සිකුරාදා දහවල් පල්ලියේ දේව යාදින්න සඳහා දැන් මුස්‌ලිම් බැතිමතුන් 1200 ක්‌ පමණ පිරිසක්‌ සහභාගි වන බවය. ඉන් මේ ප්‍රදේශයේ පදිංචිකරුවන් ඇත්තේ ටික දෙනෙක්‌ බව කී ඔහු වැඩි දෙනෙක්‌ ආර්ථික මධ්‍යස්‌ථානයට එන මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, කන්තලේ ප්‍රදේශවලින් එන වෙළෙන්දෝ බවද කීවේය.

    අපට පොලිස්‌ ආරක්‌ෂාවේ කරදර වලින් බැහැරව එම පල්ලිය ඇතුලටම රැගෙන ගියේ දඹුල්ල මහ නගර සභාවේ මන්ත්‍රී වරයකු වන එච්. එම්. රූපසිංහ මහතාය. ඔහු අපට මෙසේ විස්‌තර කළේ පල්ලියේ අතීතය පිළිබඳවය.

    මේක අපි අතීත කාලේ ඉදලම තියන පල්ලියක්‌. පල්ලියක්‌ කිව්වට විශාල ගොඩනැඟිලි ගහලා දවසට තුන්හතර පාරක්‌ කෑ ගහලා ආගම කියවලා ලවුඩ්ස්‌ පීකර් දාල ලොකුවට කරන වැඩක්‌ නොවෙයි. බොහොම අහිංසක විදියටයි මේ මිනිස්‌සු මේ වැඩේ කරගෙන ගියේ. අපි මේ ගමේ හරි සුහදව හිටියා… උඹ නොදකින් කියා ගන්නේ නැහැ. මේ මිනිස්‌සු පන්සලටත් උදව් කරනවා. හාමුදුරුවෝ ඒක හොඳටම දන්නවා.

    කොහෙන්ද පන්සලට අයිති රාජකාරි ගමක මුස්‌ලිම් අයට ඉඩකඩම් මීට අවුරුදු 100 කට විතර කලින් සිංහල අය මුස්‌ලිම් අයට ඉඩම් විකුණලා. ඒ අනුව 1982 දී පූජා භූමිය සංවර්ධනය සඳහා ඉඩම් අත්පත් කරගන්නකොටත් පාදෙනියට අයිති මේ කොටසේ ගැසට්‌ වෙලා තිබුණෙ මුස්‌ලිම්වරුන් 8 දෙදෙනකුගේ නම් පවුල් 8 ක්‌ හිටියා. ඉතින් ඒ මිනිස්‌සු ළඟ ඔප්පු තිරප්පු තියෙනවා. අපිට ඒ මිනිස්‌සු එළවන්න බෑ.

    මේ උද්ඝෝෂණ වලට හුඟදෙනෙක්‌ ආවේ පිටින්. හුඟදෙනෙක්‌ දඹුල්ලේ අය නොවෙයි. ඒ අය මෙතන හැවිරිදි තත්ත්වය දන්නේ නැතිව ඇවිත් හාමුදුරුවරු එක්‌ක එකතු වෙලා මුස්‌ලිම් අයට තාඩන පීඩන කළේ ඇයි දෙයියනේ රාවය ගියේ දඹුල්ල පුදබිමේ මුස්‌ලිම් පල්ලියක්‌ අලුතෙන් හදලා කියලනේ.

    රූපසිංහ මන්ත්‍රීතුමාගේ කතාවෙන් පසුව අපට හමුවුණේ සෙයියද් යාසින් මොහොමඩ් අඡ්ජුවාන් නම් මුස්‌ලිම් බැතිමතෙකි.

    මේවා ලොකු දේවල් නොවෙයි මහත්තයො නියපොත්තෙන් කඩලා විසද ගන්න තිබුණ ප්‍රශ්න. අපි මෙතන මුස්‌ලිම් පවුල් කිහිපයක්‌ ජීවත් වෙන්නේ අද ඊයේ ඉදල නොවෙයි. අපේ තාත්තගේ තාත්තා එයාගේ තාත්තා ඉදල තියෙන්නේ මෙතන. අනිත් අතට අපේ ආගමෙන් නිසයි දෙයක්‌ නේ සිකුරාදාට ආගම අදහන එක. අපිට එදා ඉදල ඒකට පිට තැනක්‌ තිබුණේ නැහැ. මේ දඹුල්ලේ. එක්‌කෝ ගලේවෙලට යන්න ඕන නැත්නම් කැකිරාවට යන්න ඕන. එහෙම නැත්නම් කන්තලේ දක්‌වා යන්න ඕන මුස්‌ලිම් පල්ලියක්‌ හොයන්න. ඒ හැම තැනම හරි දුරයි.

    අන්තිමේ ඉස්‌සර ඉදලා අපේ අය කරලා තියෙන්නේ මෙතන පුංචි කාමරයක සිකුරාදාට එකතු වෙලා දෙවියෝ අදහපු එක. ඊට පස්‌සේ දිගටම ඕක සිදුවුණා. මේ මෑතක තමයි ආර්ථික මධ්‍යස්‌ථානයට එන මුස්‌ලිම් මුදලාලිලා නිසා සෙනඟ වැඩිවුණේ. එනිසා තමයි මෙතන ටිකක්‌ ලොකු කරලා ටකරන් වලින් ශාලාවක්‌ හැදුවේ. මේක අපි හැදුවේත් තාවකාලික ඕනෑම වෙලාවක ගලවගෙන යන්න බලාගෙන.

    ඇයි ඉතින් පාරට නොපෙනෙන අස්‌සේ තැනක මේක හදාගත්තේ.. හංගලා වගේ

    හංගලා නොවෙයි දෙයියනේ. මේ රූපේ මන්ත්‍රිතුමාලා, මේ පැත්තේ සිංහල අය කණ්‌ඩලම හන්දියේ අය මේක දන්නවා. හාමුදුරුවොත් දන්නවා. ඒත් ඉතින් මේ ඊයේ පෙරේදා හාමුදුරුවන්ට ඇස්‌ ඇරිලා තියෙන්නේ.

    මහත්තයෝ….. මේ කරපු වැඩේනේ වැරදි. පූජා භූමියට රජයෙන් මේ ඉඩම අයිති කරල නම් අපි මොනවා කරන්නද? අපිට ග්‍රාම සේවක ඇවිත් කියල වන්දියක්‌ දීල රාජකාරි කටයුතු කළා නම් අපි යනවා. ඔප්පු අවුරුදු 100 ක්‌ පරණයි කිය කිය අපි ඉන්නේ නැහැ. නමුත් එහෙම කිසි දෙයක්‌ නොකර හාමුදුරුවොත් එක්‌ක පිටින් මිනිස්‌සු ඇවිල්ලා යුද්දෙකට වගේ. කුණුහරුප කියාගෙන ඇවිත් අපේ පල්ලියේ දොර කඩලා බලෙන් ඇතුල් වෙලා කරපු විගඩම මොකක්‌ද? බලන්න මහත්තයා මේ සී ඩී එක. එකෙ තියෙනවා පොලු අරන් කුණු හරුප කියාගෙන එන හැටි. අපි ඔක්‌කොම ටේප් කළා. බලන්න අපේ හාමුදුරුවරු උනත් කතා කරන විදිහ. එහෙම හාමුදුරුවෝ කතා කරන එක හරිද? තව කියනවා මෙතනින් ආරම්භ කරලා ලංකාවෙම මුස්‌ලිම් පල්ලි කඩනවා කියලා එහෙම කියන එක හොඳ නෑ නේද?

    අඡ්පුවාන් එසේ අසන විට බෞද්ධාගමිකයකු ලෙස මටද කට උත්තර නැති වුණේ ඔහු ලබාදුන් සී. ඩී. පටයේ ඒ සියල්ල සටහන් වී ඇති නිසාය. ආවේගය කොයි තරම් නරකද කියා මට සිතුනේ එවිටය.

    මේ ප්‍රශ්නය ගැන අපි පොතුහැර පාර්ශ්වයේ ස්‌වාමීන් වහන්සේ නමකගෙන්ද අදහස්‌ විමසා සිටියෙමු. උන්වහන්සේ මේ ගැන වැඩිපුර කතා කළේ නැතත් මේ විහාරාම වල ඉතිහාසය හොදින් විස්‌තර කළහ. දඹුල රජ මහා විහාරයේ වතුර බින්දුව වැටෙන ප්‍රධාන ලෙන් විහාරය වන මහරාජ විහාරයේ යතුර හා අයිතිය තවම ඇත්තේ තමන් වහන්සේලාගේ පොතුහැර පාර්ශ්වයට බවත් තමන් වහන්සේලා වැඩ වාසය කරන්නේ අතීතයේ ගොංගාලගොඩ බණ්‌ඩාට මාතලේ කැරැල්ලට ඔටුනු පළදවා අභිෂේක කරවූ මැද පන්සලේ බවත් කියා සිටියහ.

    ඇතාබැඳිවැව උපාලි හිමි

    මම හිතන්නේ මේ ප්‍රශ්නය විසදගන්න අපේ කවුරු කවුරුත් මීට වඩා ඉවසලා බුද්ධිමත්ව කටයුතු කළා නම් තමයි වැඩිය හොඳ. වැඩි තණ්‌හාව විනාශයට මුල කියනවානේ. එහෙම යන්න හොඳ නැහැ. පූජා භූමියට අයිති ඉඩම් බලහත්කාරයෙන් කාටවත් ගන්න බැහැනේ. අපටත් බැහැ. මුස්‌ලිම් අයටත් බැහැ. විසදුම කියන තැන පෙනී පෙනී අපේ අය වැරදි පාරක ගිහින් කියලයි මම නම් හිතන්නේ. උපාලි හිමියෝ එසේ පවසා සිටියාය.

    කෙසේ වෙතත් මේ සියල්ලෙන් එක්‌දෙයක්‌ පැහැදිලිය. මුස්‌ලිම් වරුන්ගේ ව්‍යාප්තවාදය ගැන අපට රට හැම තැනම ප්‍රශ්න තිබේ. එහෙත් ඒ ප්‍රශ්න මෙතනට පටලවාගත යුතු නැත. මෙතන ප්‍රශ්න විසදා ගතයුත්තේ මෙතන පරිසරයේ සාධක අනුවය. ඒ සඳහා අවශ්‍ය වන්නේ බුද්ධිමත්ව ප්‍රශ්නය වටහා ගැනීමය. සිහිනුවනින් කටයුතු කිරීමය. අපේ අය සිතා හෝ නොසිතා අමතක කරදමා ඇත්තේද එයයි.

    බුලිත ප්‍රදීප් කුමාර
    උපුටා ගැනීම

    http://www.divaina.com/2012/05/06/feature17.html

    2012/11/17 at 12:42 PM
  • නසීර් එම්.එන්.එම් says:

    ඉහත දිවයින විශේෂාංගයෙන් පල වු ලිපිය වෙනමම පල කලානම් වටී

    2012/11/17 at 12:45 PM
    • Anver Manatunga says:

      වෙනමත් පලකරන්නම්!

      2012/11/17 at 12:49 PM
  • නසීර් එම්.එන්.එම් says:

    ජසකල්ලාහු කහ්හීර්…!!!!!

    2012/11/17 at 1:19 PM

Your email address will not be published. Required fields are marked *

*