රනිල්ගේ කුල විරෝධී සටනක් ගැන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසා සිටි බවක් මාධ්‍ය මගින් දැන ගන්නට ලැබුණා. කෙසේ වෙතත් මේ දවස් වල බාහු මහත්තයා යන්නේම රනිල් පිටිපස්සේ බව මාධ්‍ය වලට නිකුත් වන ෆොටෝ මගින් දැක ගන්නට පිළිවන්. බාහු විතරක් නෙමෙයි එයාගේ අනික් ගජයා වන වාසු සහෝදරයත් වෙනස් වෙලා දැන් ගොඩක් කල්.
මගේ නව යොවුන් කාලයේ ජනතා විමුක්ති පෙරමුණ අවිදරා සිටි බැවින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පිලිබඳ හරිහැටි අවබෝධ කරගැනීමට හැකියාවක් නොතිබුණි. කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය එකල පණ අදිමින් සිටි යුගයයි. අද නම් ඒවා මලවුන් අතරය. පොඩ්ඩක් හෝ රැඩිකල් මතවාදයක් දැරුවේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහ වාසුදේව නානායක්කාර මහතාත්ය. ඒකාලේ ඔවුන්ගේ රැස්වීම් බාහු වාසු ඔබ අමතයි යනුවෙන් පොස්ටර් සැම තැනම දක්නට තිබුණි.
එකල ඔවුන් විසින් ධනවාදී අර්ථ ක්‍රමය පට්ට ගසනු ලැබිණි. සමාජවාදය කෙරෙහි මගේ යම් හෝ නැඹුරුවක් ඇතිවුයේ නම් ඒ ඔවුන්ගේ කථා ඇසීමෙනි. නමුත් අද කවුරුන් හෝ ඒ බාහු සහ වාසුගේ කට ඇතුලෙන් අතදමා සම්පුර්ණයෙන් කණපිට පෙරළලාය. ඒක කළේ මොකාදැයි මම නොදනිමි. නමුත් ඒ දෙන්නා දැන් කියන සම්පූර්ණ නොපිට පෙරළු වදන් වලින් එය සිදුවී ඇති බැව් ඉතාමත් සක්සුදක්සේ පැහැදිලිය.
වාසු මහින්ද මහත්තයා පස්සේ ගොස් මුළු ආත්මයම අනාථ කරගෙන ඇත. වැරදි වැඩ කරන ආන්ඩුව රකින්නේ ඇයි? කියා දැන් එයාගෙන් අහන කොට එයා කියන්නේ මේ ආන්ඩුව වැටුනොත් එන්නේ යු.එන්.පී ආන්ඩුවක්. ඒ නිසා යු.එන්.පී ආන්ඩුවක් එනවාට වඩා මේ පාන්ඩුව රැකගැනීම හොඳයි කියායි. බාසා ඇමති වෙලා එයා දාන මේ බාසාව තමන්ගේ පට්ටම රැක ගන්න බව පැහැදිලිවම පෙනෙන්න තිබෙන කාරණාවක්.
අනෙක් පැත්තෙන් ඉතාමත් තදින් ප්‍රභාකරන්ගේ පස්සේ ගිය බාහු සහෝදරයාට දැන් රනිල් පස්සෙන් යන්නත් ඉස්පාසුවක් නැහැ වගෙයි. දැන් එයා කියන විදිහට රනිල් කියන්නේ කුලවාදයට සම්පූර්ණයෙන් එරෙහිවු අපේ කාලයේ කාඩ්බෝර්ඩ් වීරයෙක් කියලයි. කොහොම හරි යු.එන්.පී ආන්ඩුවක් ආවොත් බාහුට බාසා ඇමතිකම හම්බ වෙන එක ෂුවර්.
මේ දෙන්නාගේ මේ කඩේ යාම ප්‍රශ්නයක් මට නොවුනත් රෙදි නැතිව යාම එතරම් සුබදායක නැහැ. මෙවැනි වදනකින් මේ ලිපිය අවසන් කරන්නෙමි.
කෙනෙකු සමාජවාදී මතවාදයෙන් ධනවාදයට සංක්‍රමණය වේද, ඔහු අන් අයටද වඩා උග්‍ර ධනවාදියෙක් බවට පත්වේ.

upananda says:
mea aya redi adinne anit aya adina nisa vina HELUWA wasa ganeemata newey.