මා මෙම ලිපිය ලිවීමට හේතුව එක්තරා රාජ්‍ය නොවන සංවිධානයකට අයත් වෙබ් අඩවියක් විසින් ගබ්සා පනතට එරෙහි වීම යනු කාදිනල් මග ගැනීමක් බවට ලිපියකින් පල කිරීම නිසාය. ගබ්සාවට එරෙහිව මා විසින් පලමු වරට මාධ්‍ය වෙත ලිපියක් ලියුවේ මීට වසර 5 කට පමණ ප්‍රථම ඉස්ලාමීය සඟරාවකටයි. මා එසේ ලිවීමට හේතු පාදක වුයේ මා දන්නා තරුණියක් ඇගේ අකමැත්තෙන් වුවද දෙපාර්ශවයේම දෙමව්පියන්ගෙන් ඇතිවු බලපෑම් නිසා ගබ්සාවකට ස්වකීය ස්වාමි පුරුෂයා විසින්ම රැගෙන ගිය බව ආරංචි වීම නිසාය.
මා දන්නා පරිදි අප රටේ බොහෝ කාන්තාවන් සිය කළලය ගබ්සා කරගන්නේ කැමැත්තකින් නොවේ. නමුත් සමාජීය, ආර්ථික සහ පවුල් වල ඇති බලපෑම නිසා ඇය ගබ්සාව වෙත අකමැත්තෙන් හෝ කැමති වෙයි.
මෙහිදී කිව යුතු කරුණක් නම් කාන්තාවක් ගබ්සාවක් කර ගැනීම යනු ඉතා ලෙහෙසි දෙයක් නොවේ. මේ සඳහා ඇයට දැඩි වේදනාවක් සහ ජීවිත අවධානමක් දරන්නට සිදුවේ. සමහර ගබ්සා ස්ථාන වල මිය යාම් මාධ්‍ය මගින්ද වාර්තා වු අතර බොහෝ මරණයන් යට ගැසීමද සිදුවේ. විශේෂයෙන් නීතිවිරෝධී ගබ්සාවන් වලදී සිහි නැති නොකරන්නේ හදිසියේ ලෙඩාගේ සිහිය නාවොත් එය විශාල ප්‍රශ්නයක් වන බැවිනි. එමෙන්ම ගබ්සා සායනයක එක රෝගියෙක් විශාල වේලාවක් රඳවා ගැනීමෙන් එම ගබ්සා ස්ථානයේ රහසිගත බවට තර්ජනයක් වන අතර ගබ්සාවන්ට පැමිණි අනෙක් අයට ඉන් ප්‍රමාදයක්ද ඇති වේ.
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ආරම්භ කළ මුල් අවදියේම මම ගබ්සාවට එරෙහිව ලිපියක් පල කළෙමි. ඉන්පසුව රජය මගින් ගබ්සා නීතිය සංශෝධනය කිරීමට තීරණය වී ඇති බැව් දැනගත් මා එයට විරුද්ධව පලමු වෙඩි මුරය නිකුත් කළෙමි. ඉන්පසුව කතෝලික සභාවේ කාදිනල් තුමාද ගබ්සාවට එරෙහිව ප්‍රකාශයක් කර තිබෙනු මාධ්‍ය මගින් දුටුවෙමි. ඉන්පසුවද මම විසින් හෙළයාව වඳ කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි කරමින් ගබ්සාවද එහි එක් අංගයක් බැව් සඳහන් කරමින් නැවත ලිපියක් පල කළෙමි. ඊට පසුව බෞද්ධ අන්තවාදී වෙබ් අඩවියක්ද ඒ හා සමාන ලිපියක් පලකරමින් සිංහල ජාතිය වඳ කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙන බැව් ලියන ලදී.
මෙම ගබ්සා සංශෝධන පනතට මා එරෙහි වීමට ප්‍රධානතම කාරණය නම් මෙම ගබ්සා පනතට ඇතුල් කරන්න යන කරුණු තුනෙන් දෙකක්ම ඔවුන්ට වෙනත් ආකාරයකින් වලකන්නට හැකිව තිබියදී එය නොකර ඉන් ඇති වන ඵලය එනම් ගැබ් ගැනීම පමණක් වලකන්නට ඉදිරිපත් වීමයි. එම කරුණු දෙක නම්
- ව්‍යාභිචාරය නිසා උපදින ලේ ඥාතීන් අතර ලිංගික සම්බධතාවය නිසා ඇති වන දරු උපත්
- අවුරුදු 18 ට අඩු දූෂනය වුනු දැරියකට උපදින දරු උපත්
මේ කාරණා දෙකෙහිදීම රජය විසින් කළ යුත්තේ ව්‍යාභිචාරය සහ බාල වයස් දැරියන් දූෂනය වීම වැලැක්වෙන පරිදි දැඩි දඬුවම් සහිත නීති සම්පාදනය කිරීමයි. එහෙත් රජය විසින් මෙහිදී කිරීමට අදහස් කරන්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමකි. ලංකාව තුල ක්‍රියාත්මක වන බටහිර ගැති ඊනියා මානව හිමිකම් සංවිධාන වලටද මේ ගැන කිසිවක් පෙනෙන බවක් පෙනෙන්නට නැත.
මා විසින් ගබ්සා පනත සංශෝධනයට එරෙහි වුයේ කාදිනල් තුමාටද පලමුව බව වගකීමෙන් ප්‍රකාශ කරන අතර මේ ඊනියා ගබ්සා පනත සංශෝධනය වැලැක්වීමට එරෙහිව සිටින බලවේග අතර කතෝලිකයන් මෙන්ම ලංකාවේ සිටින අනෙකුත් සෑම ආගමික අයම සිටින බවද ප්‍රකාශ කරමි.
ගබ්සාවට එරෙහි අනෙක් ලිපි
