Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ලිපි 200 කඩඉම පසුකරන අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

මේ දෙසිය වැනි ලිපියයි

මේ දෙසිය වැනි ලිපියයි

මා විසින් අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ආරම්භ කළේ ඔක්තෝබර් මස අගභාගයේදීයි. එහෙත් එය නිසිලෙස ක්‍රියාකාරී වූයේ ඔක්තෝබර් මස 30 වැනිදා සිටය. ඔබ මේ කියවන්නේ ‍අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ 200 වැනි ලිපියයි. එදා මෙදාතුර ලිපි 200ක් ලියමින් මා ආ මග මේ වන විට කිසියම් සංධිස්ථානයකට පැමිණ ඇත. මාගේ ලිපි තුලින් සමාජය දැනුවත් වුවාසේම ඔබ විසින් කරන ලද අදහස් දැක්වීම් හෙවත් කමෙන්ට් තුලින් මා ඉගෙන ගත් දේද බොහෝය.  

 

ජීවිතය යනු පාසලකි. අප එයින් උගත යුතුය. උගත් දේ ක්‍රියාවට නැංවිය යුතුය. නැවත යළි යළි ඉගෙන ගත යුතුය. ඉගෙනුම අවසන් වන්නේ නැත. ක්‍රියාවට නැංවීම අවසන් වන්නේද නැත. මරණය අප කරා හඹා එන තුරු අප සැවොම කරමින් සිටින්නේ මෙයයි. මේ අතර අප තුලින් සමාජයටද යම් යුතුකමක් ඉටු විය යුතුය. එනම් අප විසින් ඉගෙන ගන්නා දේ අන් අය වෙතද පත් කිරීමයි. මෙය ඉතා නිර්මාණශීලීව කළ යුතු එකකි. නැත්නම් අප කොපමණ වටිනා දෙයක් ලබා දුන්නද ජනතාවට එහි වටිනාකම හැ‍ගෙන්නේ නැත.  ජනතාව එහි වටිනාකම හඳුනා නොගත්තේ නම් අප කළ සියළුම ප්‍රයත්නයන් අසාර්ථක වන්නේය.

 

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය මුල් මාසය තුල කියෙව්වේ දෙසිය ගණනකි. නමුත් එහි බැලුම් Views ප්‍රමාණය එන්න එන්නම වැඩි විය. එහි වර්ධනයේ ප්‍රස්තාරයක්ද මේ සමග පෙන්වා ඇත. ඒ අනුව මේ වන විට මේ මාසයේ පමණක් බැලුම් 20,000 කට පමණ ආසන්න වී ඇත. එමෙන්ම අන්තර්ජාල වෙබ් අඩවි සමීක්ෂණයන්ට අනුව එහි තත්වය දිනෙන් දින වැඩි දියුණු විය. මගේ අරමුණ ලංකාවේ හොඳම වෙබ් අඩවි 500 තුලට මෙම බ්ලොග් අඩවිය ගෙන ඒමයි. දැනටමත් අප ඒ කරා ලඟා වෙමින් පවතියි. තනි පුද්ගලයෙක්ගේ බ්ලොග් අඩවියක් ලෙස අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව මා ඉතා නිහතමානීව සතුටු වෙමි. සියළු ප්‍රශංසා නැමදුම් මාගේ දෙවිඳුන්ටමය. 

 

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය මේ තාක් දුරකට සාර්ථක කර ගැනීමට අතහිත දුන් ඔබ සැමට මගේ ප්‍රණාමය පල කරමි.

 

 

මෙයට,‍

අන්වර් මනතුංග

 

අනෙක් ලිපි

මාතෘකාව ඕන එකක්! තහනම් වචනය අන්වර් මනතුංග

මම නොදන්න බ්ලොග් කලාව

පාඨක ඔබ සැමට තුතිමල්!!!

 

Category: Uncategorized
  • Arafath Shanas says:

    අල්හම්දුලිල්ලාහ්… ඔබගේ ප්‍රයන්තය මම ඉත සිතින් අගය කරමි. ඉතා වටිනා අදහස් කියවන්නට ලැබුණි. ඉදිරියටත් අපව දැනුවත් කරන්නට අල්ලාහ්ගේ පිහිට, මග පෙන්වීම හා ආශීර්වාදය සැමදා ලැබේවා

    2012/04/24 at 1:13 AM
  • asd says:

    Wish you all the best keep it up………..

    2012/04/24 at 1:29 AM
  • SWK says:

    I really like to read your valuable articles.. Keep up the good work.. May All mighty Allah bless you!!!

    2012/04/24 at 8:59 AM
  • Priyantha says:

    About 90 percent of Articles are really good. It does not mean the other 10 percent is bad they are also good but not as the other 90 percent. Any way please accept my heartiest wishes & keep up the good work going.Thank for educating us.

    2012/04/24 at 10:02 AM
    • Anver Manatunga says:

      ඔබගේ අදහසට ස්තූතියි

      2012/04/24 at 12:30 PM
  • සාබිත් says:

    සුභ පැතුම් සහෝදරයා!

    2012/04/24 at 11:34 AM
  • SirAj MallI says:

    එලකිරි සහෝ අල්ලාහ් ඔබට තව තවත් රහ්මත් කරත්වා….

    2012/04/25 at 3:11 PM
  • ජයශ්‍රී says:

    ලිපි 200 කඩඉම පසුකරන ඔබට ජයශ්‍රී බ්ලොග් අඩවියේ සුබ පැතුම්.
    http://manjulapora.blogspot.com/

    2012/04/28 at 5:49 PM
  • muni says:

    suba pathum sahodaraya, sri lankika janasamajaya apahat idiriye athi prashna sambandawa danuwath kirimak ha akinekage adahs betha gannata obe wennan gannau uthsahaya apa shri lankika sabdiyawata maga pada atha

    2012/04/29 at 8:57 PM
  • RIYAS says:

    සුභ පැතුමි. අල්ලාහ් දෙවියන්ගේ පිහිටෙන් ඔබගේ දෑත තව තවත් ශක්තිමත් වෙවා. අල්හමිදුලිල්ලාහ්!

    2013/02/23 at 12:56 PM

Your email address will not be published. Required fields are marked *

*