Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

දඹුල්ල පල්ලි ප්‍රශ්නය සහ දවටගහ උද්ඝෝෂනය

දවටගහ උද්ඝෝෂනය

දවටගහ උද්ඝෝෂනය

ඊයේ සිකුරාදා දිනයේ දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව ලංකාවේ අනෙකුත් පල්ලි අභියස කළබල සිදුවේ යැයි දැඩි බියක් තිබුණි. මේ අරබයා කිසිදු උද්ඝෝෂණයකට නොයා සාමකාමීව ‍අල්ලාහ්ට ප්‍රාර්ථනා කරන්නැයි සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කලින්ම නිවේදනය කරන ලදී. මෙයට හේතුව වුයේ කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසක් මුස්ලිම් අය අතර සිට යම් කලබලයක් ඇති කරන්නට ඉඩ තිබුණු බැවිණි.

 

නමුත් දඹුල්ල සිද්ධිය අරබයා ඊයේ (27 දා) ජුම්මා නැමදුමට පසුව කොලඹ දවටගහ පල්ලිය ඉදිරියේ උද්ඝෝෂණයක් පැවැත්විණි. මේ උද්ඝෝෂණයේදී විපක්ෂයට සම්බන්ධ දේශපාලකයන්ද රැස්ව සිටිනු අපට දක්නට ලැබුණි. මෙතැන උද්ඝෝෂණයක් තිබෙන බව ඔවුන් කල් තියාම දැන, නියමිත වේලා‍වට එතැනට පැමිණ ඇති බව පෙනෙන්නට තිබෙන කරුණකි. මෙහිදී විද්‍යුත් මාධ්‍යයන් විසින් ඔවුන්ගේ ඡායාරූප රැගෙන මාධ්‍යයන්හි දමා තිබුණි. නමුත් මෙතැන සිටියේ සාමාන්‍යයෙන් සිකුරාදා දිනට රැස්වන මුස්ලිම් ජනකායයි.  

දවටගහ පල්ලියේ ඉඩ මදිනිසා වෙනදාටත් මෙසේ නමදිති

දවටගහ පල්ලියේ ඉඩ මදිනිසා වෙනදාටත් මෙසේ නමදිති

මෙම උද්ඝෝෂනයට මුස්ලිම් සමාජයේ කිසිදු වගකිව යුතු සංවිධානයක් සහභාගී වී සිටිනු මා නම් නොදැක්කෙමි. සමහර විට ඉදිරියේදී සංවිධානයක් ගොඩනගා ගන්නට අදහසක් ඇති අය එහි සිටියාදැයි නොදන්නෙමි. අනෙක මුස්ලිම් සමාජයට උද්ඝෝෂනයක් කිරීමට අවශ්‍ය නම් එයට යොදා ගන්නේ දවටගහ පල්ලිය ඉදිරිපිට නොවන බවද කිව යුතුය.

 

මෙමගින් රටට සහ ලොවට දුන් පණිවිඩය කුමක්ද? රටට දුන් පණිවිඩය නම් මේ ප්‍රශ්නයට විපක්ෂය මැදිහත් වී ඇති බවයි. නමුත් ලොවට දුන් පණිවිඩය ලංකාවේ සිංහල මුස්ලිම් අය අතර ප්‍රශ්නයක් තිබෙන බව ලොවටම හඬ නගා පැවසීම නොවේද? මේ සිද්ධියට අදාල ඉනාමළුවේ සුමංගල හිමියන් හෝ අනෙක් අය ගැන ලෝක මාධ්‍යයන් දන්නේ නැත. ලෝක මාධ්‍යයන් දන්නේ ලංකාවේ සිංහල සහ මුස්ලිම් දෙපිරිසක් අතර පල්ලියක් සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව පමණි. ඊයේ උද්ඝෝෂනයෙන් සිදුවුයේ එය ජාත්‍යන්තරයට සනාථ කර පෙන්වීමයි.

 

කෙසේ වුවද මුස්ලිම් ජනතාව ලෙස මේ අවස්ථාවේ අප වඩාත් කල්පනාකාරී විය යුතුය. අ‍පගේ ප්‍රශ්න බෝට්ටුවක් ‍කරගෙන කිසිවෙකුට තමන්ගේ පුද්ගලික අරමුණු කරා එතෙර වීමට ඉඩ නොතැබිය යුතුය. වේදිකාවක් තනා ඒ වේදිකාවේ කථා කරන්නට විපක්ෂයට ඉඩ දෙන්නට මුස්ලිම් අපට රුදාවක් නැත. අපට ඇත්තේ මේ රජය සමග දේශපාලනික ප්‍රශ්නයක් නොවේ. මේ රජයේද වගකිව යුතු බොහෝ පිරිස් අප සමගය. ඒ අයට අපහසුවක් නොවන පරිදි අනෙක් අයවද දිනාගෙන ඉදිරියට යාම අපගේ අරමුණ විය යුතුයි.

 

ආගමික අන්තවාදීන් විසින් අරඹන ලද මේ අර්බුධයට අපද අන්තවාදීන් සේ කටයුතු කරන්නේ නම් අප හා ඔවුන් අතර වෙනසක් නැත. නමුත් ලංකාවේ බහුතර මුස්ලිම් ජනතාවක් මේ සිද්ධියේදී ඉතාමත් සංයමයකින් කටයුතු කිරීම ඉතා පැසසිය යුතු කරුණකි. මේ තත්වය තවදුරටත් පවත්වාගෙන යමින් සිංහල මුස්ලිම් සබැඳියාව තවත් වර්ධනය කරගැනීමට හැකි වේවා! යන්න සාමය පතන සැමගේ ප්‍රාර්ථනාවයි.  

 

 

සබැදි අනෙක් ලිපි

දඹුල්ලේ සිද්ධියෙන් උගත හැකි පාඩම් මොනවාද?

අවධානම අභියස පිස්සු කෙළීම

සාමකාමී වන්නට ආගමෙන් දී ඇති දායකත්වය

දඹුල්ලේ මුස්ලිම් පල්ලිය කඩා දැමීම සහ පසු විපරම

 

හෙට සිකුරාදා ජුම්මා නැමදුම සම්බන්ධව ජමියතුල් උලමා සහ මුස්ලිම් කවුන්සිල ඒකාබද්ධ නිවේදනය

දඹුලු පල්ලිය වෙනුවෙන් හෙට කලබල කරන්න එපා – දඹුල්ල පල්ලි නායකයන් ඉල්ලයි.

 

 


  • Rizvi says:

    Well Said bro..

    2012/04/28 at 10:37 AM
  • upananda says:

    agam wala nama idiriyata dama anthawadeewa wadakarana sulu pirisak nisa agame garutwaya kelesey.ehet mea mohote lankawe MUSLIM janaya ewnnakata nopelaveema gana mage pranamaya.

    2012/04/28 at 11:09 AM
  • Dhanushka says:

    සහෝදරයා මම සිංහල බෞද්ධ අයෙකි. මම ඔබගේ ලිපි සැමදා කියවන අයෙකි… නමුත් කිසිදිනෙක ඔබගේ කිසිම ලිපියකට කමෙන්ට් එකක් නොදැම්මෙමි… නමුත් මේ අවස්ථාවේ එසේ කිරීමට නොහැකි විය… ලක්දිව සිංහල බෞද්ධ රටයි… සිංහල බෞද්ධයාට යෑමට වෙන රටක් නොමැත… එසේ කියා අන්‍ය ජනයා රටින් එලවිය යුතු නොවේ… ඔවුන් මේ සිංහල බෞද්ධ රටයැයි සිහියේ තබාගෙන කටයුතු කිරීම සෑහේ… අවසාන වශයෙන් කීමට ඇත්තේ රටේ සියලුම දෙනා ඔබ සිතන ආකරයට සිතුවානම් මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නැත…
    ස්තුතියි.

    2012/04/28 at 11:31 AM
    • Anver Manatunga says:

      ලංකාවේ දෙමළ අය ලාංකික දෙමළ අයයි. ඒ අයට වෙනම අනන්‍යතාවයක් ඇත. ඔවුන් ඉන්දියානු ද්‍රවිඩයන්ට වෙනස්ය. ලාංකික මුස්ලිම් වරුන් යනු තවත් අනන්‍යතාවයකි. ලාංකික මුස්ලිම් වරුන් මෙන් පිරිසක් මා ලොව වෙනත් කොහේවත් දැක නොමැත. මේ සැම හට වෙන්වු අනන්‍යතාවයන් ඇත. ලංකා‍ව යනු ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් අප සැමගේ රටයි. අප සැමට යන්න වෙනත් රටක් ලොව නැත. කළ යුත්තේ එකි‍නෙකාගේ සංස්කෘතීන් හදුනාගෙන සහජීවනයෙන් කටයුතු කිරීමයි.

      සැබවින්ම ලංකාව යනු ජෛව විවිධත්වයෙන් අනුන, විවිධවු භූ විෂමතාවයන්ගෙන් සමලංකෘත සහ විවිධ දේශගුණික තත්වයන්ගෙන් ආඪ්‍ය මනරම් භූමියකි. සිංහල, දෙමළ සහ මුස්ලිම් සංස්කෘතීන් කිහිපයක් තිබීම යනු එහි අලංකාරය තවත් වැඩි කරන්නකි. සිදුවිය යුත්තේ මේ සෑම දෙනෙක් එක්සත්ව එක්සිත්ව අනෙකා සමග සහජීවනයෙන් කටයුතු කිරීමයි. එවිට මේ රට වඩා මනරම් එකක් වනු ඇත.

      2012/04/28 at 12:14 PM
  • erandi says:

    muslim ayata prashnayak mathu unama , kannalaw karanna , duka kiyanna loke muslim deshayan tibe.christian ayatath damila ayatath esemai.namuth sinhala apita wenne karabagena niwata widihata inna.mokada thawa sinhala deshayan netha.

    agamika sahajiwanaya muslim ayata wihilu sepayumak.manda kuranaye alla deyiyo arenna anek sewoma yakku.

    2012/04/28 at 1:49 PM
    • Anver Manatunga says:

      එරන්දි සොයුරිය,
      කුරානයේ අල්ලාහ් ඇරෙන්න අනෙක් සැවොම යක්කු. කියන එකට සාධක මොනවාද? ඔයා කුරාණය කියවා තිබෙනවාද?

      2012/04/28 at 3:04 PM
  • ජයශ්‍රී says:

    මගේ අදහසුත් බලන්න

    දෙමෙල්ලු තම්බි හැමදාම ගුටිකකා ඉන්නවනම් ජොලි
    දඹුල්ල ප්‍රදේශයේ නෛකශ්‍රීන් විරාජමාන ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මහා මුස්ලිම් විරෝධයක් පසුගියදා දක්නට ලැබුණි.ඇත්තෙන්ම එය ෆුල් ආතල් නිව්ස් එකක් විය.දේශපාලකයන් වරින්වර කරන විහිලු හා රඟපෑම් වලින් ආතල් ගැනීමට පුරුදුව සිටින අපට වෙනස්ම විදිහේ රගපෑමක් ඉදිරිපත් කල ස්වාමීන් වහන්සේලා ට ස්තුති කළ යුතුමය.ඇත්තෙන්ම හොට් නිව්ස් අහේනිය නිසා පැත්ත වැටී සිටි මාධ්‍ය මාෆියාව නව පනක් ලැබී පිබිද ආවේ රණ ගී ගයමිනි.
    මීට කලකට පෙර ඊනියා හම්බයන්ගේ තැන සිටියේ හැඩි දෙමෙල්ලුය.නැත්නම් සක්කිලි දෙමෙල්ලුය.ඉස්සර අපට ආතල් ගන්නට වුවමනා වුන විට දෙමෙල්ලුන්ට පහර දුන්නෙමු.දෙමෙල්ලු ගුටි කෑහ.හැමදාම දෙමෙල්ලු ගුටි කනු ඇතැයි සිතූ අපට ඇතිවුන ප්‍රීතිය නිම්හිම් නැතිවිය.අපට ජොලියක් ඇතිවුන විට දෙමල කඩ කැඩුවෙමු.හොදම උදාහරනය 1977 මැතිවරනයයි.දෙමල මුදලාලි මහන්සියෙන් අටවාගත් කඩේ අපි ජොලියට කඩමු.
    එක්තරා හමුදාපති වරයෙක් පුවත්පතකට කළ ප්‍රකාශයක් මට මතක් වේ.මම වැඩ කරන කාලෙ යාපනේ හරිම සාමකාමීයි.මෙහෙම තත්වයක් ඇතිවෙයි කියලා හිතුවෙවත් නෑ.හැබැයි 1971දි දකුනෙ ඇතිවුන දෙයක් උතුරෙත් ඇතිවෙයි කියලා කටකතා තිබුනා.බුද්ධි අංශවලටත් යම්යම් තොරතුරු ලැබිලා තිබුනා.දෙමල තරුනයො හමුදා කදවුරු වලට පහර දෙන කතාවකට මට හිනාව නවත්වගන්න බැරි වුනා.එම සම්මුඛ සාකච්ඡාවේ මාතෘකාව වුනේද දෙමල තරුනයො හමුදා කදවුරු වලට පහර දෙන කතාවකට මට හිනාව නවත්වගන්න බැරි වුනා යන්නයි”.දෙමෙල්ලු හැමදාම ගුටි නොකෑ බව අද අප දනිමු.
    සමහරුන්ට දැන් සියල්ල අමතකය.අප ජයගත්තේ පරාජය වීමට ඔන්න මෙන්න කියා තිබූ යුද්ධයකි.එදා ඇසුනු එක් ගීයක පද වැලක් දක්වමි”විශ්මයකි අප ලැබූ ජය සදා සමරමු මිනිසුනේ” යන්නයි.මෙය එක් ජාතියකට කළ ආරාධනාවක් නොවේ.සියලු මිනිසුන්ටය.

    http://manjulapora.blogspot.com/

    2012/04/28 at 5:50 PM

Your email address will not be published. Required fields are marked *

*