ඉස්ලාමය විසින් මුස්ලිම් කාන්තාවන්ට සලකන්නේ ළමයින් හදන මැෂිමක් හෙවත් යන්ත්‍රයක් ලෙස යැයි සඳහන් ප්‍රතිචාරයක් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ව්‍යාභිචාරය වලකන්නේ කෙසේද? යන ලිපියට KKK යන නමින් අයෙකු පලකර තිබුණි. එම ප්‍රතිචාරය තරමක් දීර්ඝ එකකි. මේ අදහස තිබුණේ එම ප්‍රතිචාරයේ අවසාන කොටසෙයි. එම කොටස පලමුව ඔබගේ කියවීම සඳහා පහත සඳහන් කරමි.
උපුටා ගැනීම
අනෙක් එක තමයි හෙළ සංස්කෘතිය හැම විටම කාන්තාවට සම තැන දීලා තියෙන්නේ. මුස්ලිම් වරුන් වගේ දෙකේ කොළයට දාලා ස්ත්‍රීන්ට සලකන්නේ නෑ. හෙළයන්ගේ අම්මා ගෙදර බුදුන් වෙන විට මුස්ලිම් වරුන්ගේ අම්මා ළමයි හදන මැෂිමක්, පිරිමියගේ කාමාශාව දුරුකරන මැෂිමක්, ගෝණියකින් ඇග වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විදින චරිතයක් විතරයි. අන්තිමට ගල් ගසා මරා දමන්නෙත් ඇයවම තමයි.
උපුටා ගැනීම අවසන්
මෙම ප්‍රතිචාරයට පිළිතුරක් යවමින් මා ඔහු විසින් ලියු අනෙක් කරුණු වලට පිළිතුරු දුන් අතර, කාන්තාවකට වඩා ඉහලම ස්ථානය දී තිබෙන්නේ කුමණ ආගමේද යන්න ගැන සංවාදයක් සඳහා www.dawahcorner.net වෙබ් අඩවියට ගොස් ප්‍රතිචාරයක් දමන ලෙස ඉල්ලා සිටියෙමි. ඒ මන්දයත් මා අන්වර් මනතුංග බ්ලොග් අඩවිය පවත්වාගෙන යන්නේ ආගමික මාතෘකාවන් සාකච්ඡා කිරීමට නොවන බැවිනි. නමුත් අපේ KKK මිත්‍රයා එහි පැමිණියේ නැත. ඒ නිසා මට ඒ ගැන කථා කරන්නට අවකාශයක් නොවීය.
නමුත් ඒ ප්‍රතිචාරයේ පැවසෙන එක් අදහසක් එනම්, මුස්ලිම් කාන්තාවන් යනු ළමයි හදන මැෂිමක්ද? යන මාතෘකාවෙන් අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ලිපියක් ලිවීමට තීරණය කළෙමි. මා නැවත ඉල්ලා සිටින්නේ කිසියම් කෙනෙකුට ඉස්ලාම් දහමේ කාන්තාවට දී ඇති තත්වය ගැන සෑහීමකට පත් නොවන්නේ නම් ඒ ගැන www.dawahcorner.net වෙබ් අඩවියට පැමිණ ප්‍රතිචාරයක් දක්වන්න. එවිට ඔබට අනෙක් ආගම් සමග සන්සන්ධනය කර ඉස්ලාමයේ කාන්තාවන්ට දී තත්වය ගැන එම අඩවිය ඔබට මනා අවබෝධයක් අන්තර්ජාල ලිපියක් මගින් සතියක් ඇතුලත ලබා දෙනු ඇත.
මගේ පවුලේ දරුවන් හය දෙනෙකි. මගේ මව දරුවන් පස් දෙනෙකුගේ මවක් වන අතර තවත් දරුවෙක් හදාගන්නට ගත් බැවින් ගණන හයක් විය. නමුත් එකල මා අවට සිටි අනෙකුත් පවුල් වල දරුවන් සිටියේ එක්කෙනෙක් හෝ දෙදෙනෙකි. වැඩිම වුවහොත් තිදෙනෙකි. අපේ පවුල තරම් මදක් විශාල පවුලක් එකලද සොයා ගැනීම උගහට විය. සමහර අවස්ථාවල දරුවන් ගණන වැඩි බව ගැන අපේ අම්මා සමග සමහර කාන්තාවන් ප්‍රශ්න කරනු මා අසා ඇත. එම අවස්ථාවල අපේ අම්මා පවසන්නේ වැලේ ගෙඩි වැලට බරක් නොවන බවයි.
මෙය ඇත්තටම අතීතයේ බොහෝ කාන්තාවන් පැවසු වදනකි. අතීතයේ අපේ ගම්බිම් වල සිටි අම්මලා දරුවන් රැසක් වැදූ අයයි. සාමාන්‍යයෙන් එක ගෙදරක දරුවන් දහ දෙනෙකු පමණ සිටි නිවෙස්ද ඇත. ඒ කාලයේ ආර්ථික ප්‍රශ්න අද තරම් සංකීර්ණ නොවු නිසා ඔවුන්ටද එය ප්‍රශ්නයක් නොවීය. නමුත් අපේ මේ KKK මිත්‍රයාගේ තියරියට අනුව ඒ ආච්චිලා ඔක්කොම දරුවන් හදපු මැෂින්ය. සමහර විට KKK මිත්‍රයාගේ ආච්චිද එසේ ළමයි ලෝඩ් ගණනක් වැදු මැෂිමක්ම විය හැක.
වර්තමානයේ මුස්ලිම් පවුල් වලද එතරම් දරුඵල සංඛ්‍යාවක් දක්නට නොමැත. දැන් සාමාන්‍ය සිංහල පවුලක දරුවන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකි. නමුත් මුස්ලිම් පවුලක නම් දෙදෙනෙකු හෝ තිදෙනෙකි. එය සිව්දෙනෙකු දක්වා යන්නේ ඉතාමත් කලාතුරකිනි. පස්දෙනෙකු වන්නේ ඊටත් කලාතුරකිනි. සමහර විට එයට ආර්ථික ප්‍රශ්න බලපානවා වන්නට පිළිවන. එසේවී නමුදු තවමත් මුස්ලිම් ජනතාව තමන්ට දරුවන් කිහිප දෙනෙක් හදා ගැනීම මහ බරක් ලෙස නොදකිති.
අද සාමාන්‍ය සිංහල කාන්තාවක් දරුවන් ලැබී වයස අවුරුදු 40 පැන්න පසු තමන්ගේ කුසට තවත් දරුවෙක් පිළිසිඳ ගැනීම ලැජ්ජාවක් මෙන් සලකන්නට පවා පෙලඹේ. මෙවැනි සමහර අය රහසින් ගබ්සා මධ්‍යස්ථාන වලට ගොස් ගබ්සා කරවා ගනිති. ඒ තමන්ගේ දරුවන් ලොකු මහත් වී තිබෙන විට තමන් ගර්භනී වීම ඔවුන්ට ලැජ්ජාවක් බැවිනි. ඇත්තටම මෙය අප තුල ඇති ආකල්පමය වරදකි. ඒ නිසා සිංහල අප තුල තිබෙන යම් දුර්වලතාවයකට අප විසින් වෙනත් ජාතියකට දොස් නගා පලක් නැත. අප විසින් කළ යුත්තේ අපගේ සමාජයේ මතිමතාන්තර වෙනස් කර ගැනීමයි.
අපේ KKK මිත්‍රයාගේ අනෙක් චෝදනාවන් වන
උපුටා ගැනීම
පිරිමියගේ කාමාශාව දුරුකරන මැෂිමක්, ගෝණියකින් ඇග වහගෙන අනුන්ගේ ආශාවන් නිසා තමන් දුක් විදින චරිතයක් විතරයි. අන්තිමට ගල් ගසා මරා දමන්නෙත් ඇයවම තමයි.
උපුටා ගැනීම අවසන්.
යන චෝදනාවන්ටද අන්වර් මනතුංග බ්ලොග් අවකාශයේ ඉදිරි ලිපි කිහිපයකින් ප්‍රතිචාර දක්වන්නට බලාපොරොත්තු වෙමි.
අනෙක් ලිපි
ෆර්දාව ගලවා ඇතුළු වන්න
පාසැල් සිසුවියන්ගේ වස්තරේ

shamil says:
people who thinks that, abaya is cell to a women, its wrong. the most of girls, women, wearing that abaya, coz they like it. i have relatives and friends, they are not forced to., sometimes muslim parents don’t like to let their daughter to wear a abaya. but do they argue with the parent and start to wear ( *true story).
so if u really think that, abaya girls are are suffering, pls go and talked to a girl and ask abt their opinion. do not spread wrong things without knowing about it.
also when u say muslim don’t start to tink about UAE arabs. muslims got their own responsibilities to fulfill. if some one did obeyed those, he is the real muslim
සාලිහා says:
යමිකිසි අගමක් ෙහා සංස්කෘතියක් ගැන කතා කිරීෙමිදි ඒ් පිළිබදව නිසි දැණුමක් තිබිය යුතුය.නමුත් තම තමන්ෙග් දහම ගැනවත් නිසි දැණුමක් නැතිව තවත් දහමක් හා සංස්කෘතියක් ගැන කතා කිරීම හා විෙවිචණය කිරීම අනුවණ ක්රියාවකි. නමුත් ෙබෘද්ධාගම ගත්කල කාන්තාවන් ගැන බුදුන්වහන්ෙස් මෙෙස් පවසනවා. සැමියාෙග් අවසරයක් ෙනාමැතිව අාරාමවලට යන්නාවූද,උයන්වලට යන්නාවූද, අනුන්ෙග් ෙගවල්වලට යන්නාවූද, මත්පැන් පානය කරන්නාවූද, වස්තර අලංකාරය නිරතවන්නාවූද, තමාග් අවයව දක්වමින් නිතර ෙදාරකඩ වෙෙසන්නාවූද, ගංගා සමීපයට යන්නාවූද,ජනල් කවුලුවලින් පිටත බලන්නාවූද නෑ ෙගවල්වලට තනියම යන්නාවූද ස්තිහු ෙමම කරැණු නවයන් සැමියාට වරද කරති.කරැණාකර බලන්න බුද්ධනීති සංග්රහය 78,79 වගන්තිය.ඔබ ඔෙබි දහම අමතකකර බටහිර අණුකරනය කරන සමාජයක් බිහිකර අැත. නමුත් අාගමික ශාස්තෘවරැන් ජනතාවගෙ සුබසිද්ධිය තකා ෙද්ශනාකල යහපත් ෙද් විකෘතිවි අැත.
නමුත් වර්ෂ අවුරැදු 1400ක ෙලා්ක ඉතිහාසය ගැන අධ්‍යනය කලෙ නමි සෑම අංශයෙන්ම කාන්තාවන්ට අාරක්ශාව නිදහස සහ අයිතිවාසිකම ලබාදී අැත්ෙත් ඉස්ලාමි මාර්ගෙයන් පමණයි යන්න ඔෙබි ඔය ෙමාටිට ෙමාළයට වැටහෙනවා අැත. කාන්තාවන් වන අප ඉතා අාදරෙයන් හා අාශාෙවන් අදින අෙප් අබායට අගවිරව ෙනාකරන්න. අෙනකුත් කාන්තාවන් ෙමන් පිරිමින් බලා රසවිදින අාකාරයට අඩනිරැවත්ව අදින්න කියලද ඔබ අපටත් කියන්ෙන්.
shamil says:
good comment sister, with source.
Amda says:
අද ලෝකයේ කාන්තාවන් දරුවන් සැදීම, පුරුෂයාට ලිංගික තෘප්තිය ලබාදීම කාර්යයන් ඉක්මවා දේශපාලන, ආර්ථික තනතුරු උසුලමින් සේවය කරයි. ෆේරියල් මැතිනිය, භුටෝ, කලීඩා සියා මැතිනිය උදාහරණ වේ. කුරානයේ යල්පිනූ මතවාද පසෙක ලා, ඉදිරි ගාමී ලෙස කටයුතු කිරීම අද කාන්තාවගේ වගකීමය්…
Mr. Who says:
Anver,
Why do you feel the need to respond to unsubstantiated accusations posed as questions? If you try to answer every single question blurted out by idiots, you are playing right in to their hands.
Anver Manatunga says:
මෙම kkk කියන පුද්ගලයා කිව්වේ ඔහුගේ අදහස් නෙමෙයි. අද අන්තර්ජාලයේ ඉන්න ආගමික අන්තවාදී වෙබ් අඩවි වල අදහස්. මොවුන් මෙවැනි මත සමාජය වෙත වපුරමින් සිටිනවා. නමුත් මේ මතවාද සැබෑදැයි තෝරා බේරා ගන්නට ජනතාවට ඉසිඹුවක් නැහැ. සමාජ ගත වී ඇති මෙවැනි යම් විෂම අදහස් දුටුවිට මා එය නිවැරදි කරන්නට උත්සාහ දරනවා. ඒ මේ පුද්ගලයා වෙත පිළිතුරක් ලෙස පෙනුනත් එය ඒ ආකාරයට සිතන සමාජයේ සැමටම පිළිතුරකි.
kanchana says:
මුස්ලිම් කාන්තාවන් පමණක් නොව මුස්ලිම් නොවන කාන්තාවන්ද අතීතයේ දරුවන් දුසිම් ගනනින් හැදූ මැෂින්ය. අද එය අඩුවී ඇත්තේ උපත් පාලන වල අභාෂය සහ ආර්ථික පහසුකම් අඩු නිසාවෙනි. එසේ නොවුනානම් වර්තමානයේද සියළුම කාන්තාවන් දරුවන් හදන මැෂින් වෙන්න ඉඩ තිබුනා. අදටත් කිසියම් කාන්තාවකට දරුවන් දුසිමක් හදන්න පුළුවන් නම් ඇය වීර කාන්තාවකි. ඇය කාටත් පහලට දමන්න බැරිය. එය ඇයගේ දක්ෂතාවයයි. අද එහෙම මවක් සිටියා නම් සම්මානයක් දිනා ගන්නත් තිබුනා.
fathima says:
man oya hiwalungema page ekaka dekka janadipathi daruwan wadiyen wadapu mawakta sammanayak denawa. eyala hadane wiwechanya karala muslim ayawa nathi karannai…musawadha kiya kiya karannema kapati wada. hamoma newei namuth owa minissu atharata giyama eyalata ewa prashnyak wela apen ahanawa.