Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

රන්ගිරි එෆ්.එම් ගුවන් විදුලිය තහනම් කළ යුතුයි-ඇමති රවුෆ් හකීම් පවසයි

රන්ගිරි එෆ්.එම්

රන්ගිරි එෆ්.එම්

පසුගිය සෙනසුරාදා රැස්වු පක්ෂ රැස්වීම තුලින් ගත් තීරණ මොනවාදැයි බීබීසී සංදේශය වැඩ සටහනට අදහස් දැක්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිය පක්ෂයේ ස්ථාවරය ලෙස පවසා ඇත්තේ ආන්දෝලනාත්මක දඹුල්ල මුස්ලිම් පල්ලිය සම්බන්ධව අධිකරණයේ විමර්ශන තීන්දුවකට අනුව පමණක් ක්‍රියා කරන බවයි. මෙම ප්‍රශ්නය සම්බන්ධව පරිපාලනය විසින් දෙන තීරණ වලට සහයෝගය නොදෙන බැව්ද පවසන ලදී.

 

පල්ලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා විසින් කරන ලද යෝජනාව වන මෙම මුස්ලිම් දේවස්ථානය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සම්බන්ධ යෝජනාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විරුද්ධ බවද අමාත්‍ය වරයා අවධාරණය කර ඇත. ‍‍එමෙන්ම ඔවුන්ගේ පක්ෂයේ ස්ථාවරය මෙම දඹුල්ල මුස්ලිම් පල්ලිය වෙනත් තැනකට ගෙන යාමට නොකළ යුත්තක් බවද අමාත්‍ය වරයා පවසා ඇත.

 

මෙහිදී රන්ගිරි එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවේ මාධ්‍ය භාවිතාව සම්බන්ධව අදහස් පලකල අමාත්‍ය වරයා පැවසුවේ එම නාලිකාවේ වැඩ සටහන් මගින් රටේ සහජීවනයට බාධා එල්ල වන බවත්, තමන්ද එම වැඩ සටහන් ශ්‍රවණය කළ බවත්, මෙම ගුවන් විදුලි මධ්‍යස්ථානය තහනම් කළ යුතු බැව් තමන්ට හැඟුණු බවත්ය.  

 

දඹුල්ල මුස්ලිම් පල්ලි සිද්ධියට අදාලව මුස්ලිම් කොන්ග්‍රසය ක්‍රියා කළ ආකාරය පිලිබඳව සමහර කොටස් කල කිරීමෙන් සිටින බවට මාධ්‍ය වේදියා නැගු ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍ය වරයා පැවසුවේ තමන්ගේ පක්ෂ නායකත්වය පිළිබඳව කිසිදු මතබේධයක් මතුව නොමැති බවයි.

 

මුලාශ්‍රය

 http://www.bbc.co.uk/sinhala/news/story/2012/04/120428_smc.shtml

 

Category: Uncategorized
  • tharu22 says:

    ඇමතිතුමාගෙම තර්කය අනුව එම ගුවන් විදුලි සේවය තහනම් කළ යුතු වන්නේද අධිකරණ තීන්දුවක් අනුව මිසක් දේශපාලන තීන්දුවක් අනුව නොවිය යුතුයි නේද?

    2012/04/30 at 3:21 AM
    • Anver Manatunga says:

      ඕනෑම දෙයක් අරබයා දේශපාලන තීන්දු තීරන ගැනීම ගැන මා එකග නැත. ඇමති තුමාගේ ප්‍රකාශයේද එවැන්නක් අඩංගුවී ඇති බව මා නොදුටිමි. ඔහුගේ ප්‍රකාශයේ ඔහුගේ වචන වලින්ම මේ ගැන පවසා තිබුනේ මෙසේය.
      “I personally listened to it and felt this radio station should be banned,”
      මම පුද්ගලිකවම එය ශ්‍රවනය කළා. මෙය තහනම් කළ යුතු එකක් බව එවිට මට හැගුනා.

      2012/04/30 at 5:54 AM
      • Amda says:

        එවිට මට හැගුනා kella Anwar ayya athin daalaa. LoL.. onna ooka thamay eththa ayyaa….

        2012/04/30 at 11:10 AM
        • Anver Manatunga says:

          ඔබ පවසන දෙය ‍හරියට පැහැදිලිව සිංහලෙන් ලියන්න. නැත්නම් ඉංග්‍රීසියෙන් ලියන්න. මම මේ පුවතට අදාල මුලාශ්‍රයද දමා ඇත. මම කිසිවක් අතින් දැම්මේ නම් මුලාශ්‍රය සදහන් කරයිද?

          2012/04/30 at 11:29 AM
  • tharu22 says:

    “should be banned” යන්නේ අර්ථය “තහනම් කල යුතුයි” යන්නයි.”මට හැගුනා” යනුවෙන් පරිවර්තනය කිරීමටනම් ඇමතිවරයා “in my opinion…” හෝ “I felt that…” හෝ ඒ හා සමාන දෙයක් කිව යුතුයි නේද?

    2012/04/30 at 7:45 AM
    • Anver Manatunga says:

      නැවත වාක්‍යයේ මුල කියවන්න
      I personally listened to it and felt

      2012/04/30 at 9:53 AM
  • Chamith says:

    according to the Anvar, when muslim people says something it’s always 100% correct ( no surprice, Anvar is muslim extremist like Alquda)

    when buddhsit says it always wrong and thousand mistakes ( true things)

    we can not expect 100% fairness, because this web belong to muslim.

    Every muslim are not terrorist
    but terrorist are muslims

    2012/04/30 at 8:53 AM
    • Anver Manatunga says:

      මම මුස්ලිම් සමාජය සැමවිටම හරි යැයි පවසා නැහැ. මේ නිවුස් එකත් මම පලකරලා තියෙන්නේ නිවුස් එකක් ලෙසයි. මගේ අදහස් එයට ගාවා නැහැ.

      2012/04/30 at 9:51 AM
  • Chamith says:

    tell me the incident that u have post that muslims are wrong?

    2012/04/30 at 11:38 AM
    • Anver Manatunga says:

      මම කිසිවිටෙක බොදුනු සමාජය වැරදි යැයි කියා නැත. කියා ඇත්තේ ඔවුන්ගෙන් සමහරෙක් කරන වැරදි ගැනයි. ඒ වගේම මුස්ලිම් සමාජය ගැනද එසේමය. බලන්න.

      දඹුල්ල පල්ලි ප්‍රශ්නය සහ දවටගහ උද්ඝෝෂනය
      http://www.anvermanatunga.com/2012/04/28/dawatagaha-protest/

      2012/04/30 at 12:25 PM
  • ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ says:

    ආගම් බේද ජාති බේද අවුස්සා මේරටේ බලයට ඒමට කැප කවන පරාජිත බංකොලොත් දේශපාලන පක්ෂවල යටි වුවමනාවල් ඉටු කරගැනීමට නොදැනුවත්වම තමන්ව පාවිච්චිවීමට ඉඩ නොතබන ලෙස හා මුස්ලිම් සහෝදරවරුන් සමඟ සමඟියෙන් ජීවත්වන ලෙස බහුතර සිංහල බෞද්ධ මහජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

    2012/05/06 at 4:11 PM

Your email address will not be published. Required fields are marked *

*