මේ දවස් වල face book එකේ අරාබි වරුන් කෑම කන දර්ශනයක් සහිත පිංතුරයක් ප්‍රචාරය වෙනවා. මේකත් Internet පාළුවෙක්ගේ වැඩක්. මම ඉන්ටර්නෙට් පාළුවන් ගැන ලියු ලිපිය බලන්න මේ Link එක ඔබන්න. (http://www.anvermanatunga.com/2012/05/29/internet/) මම නම් මේ වගේ කුණු කන්දල් ගැන ලියන්නත් කැමති නැහැ. බොහෝ දෙනෙක් මේ Link එක දාලා මගේ ලිපි වලට Comment වශයෙන් එවන්නේ ඔවුන්ට මුස්ලිම් වරුන් සමග තියෙන තරහ සමනය කරගන්න බව මම දන්නවා. නමුත් මට Comment එවලා ඒ වෛරය පිරිමහගන්න බැරි බව මම ඔවුන්ට පවසමි. Continue reading
Monthly Archives: May 2012
දුම්වැටියට එරෙහි වන්නට දුම්වැටි විරෝධී දිනයක් අවශ්‍යමද?
අත්හදා බලන්නටවත් කිසිදාක දුම්වැටියක් උරා නොමැති මට හැමදාම දුම්වැටි විරෝධී දිනයකි. දුම්වැටි වලට සහ ඒ පානය කරන්නන්ට විරෝධය දැක්වීම මම සෑම දිනකම කරමි. ආපන ශාලාවකදී හෝ බස් රථයක හෝ ඕනෑම ස්ථානයකදී මා ඉදිරියේ දුම්බොන කෙනෙක් වේ නම් මා දුම් නොබොන බැව් පවසා එතැනින් ඉවතට යන ලෙස පැවසීමට බිය නොවෙමි. මුස්ලිමෙකු වන්නට පෙරද මා එලෙස කළෙමි. නමුත් දැන් මා එසේ කරන විට බොහෝ දෙනෙක් ඉවතට යන්නේ මා දෙස තදින් ඔරවා ගෙනය. එයට හේතුව මම රැවුල වවාගත් මුස්ලිම් කෙනෙකු ලෙස ඔවුන්ට පෙනීම නිසා බව අත්දැකීමෙන් දනිමි. Continue reading
පාසැල් සිසුවියන්ගේ වස්තරේ 2 වන කොටස ගුරු පියෙක්ගේ අඬු කැඩීම
මා විසින් පාසැල් සිසුවියන්ගේ වස්ත්‍රය සම්බන්ධව ලියන ලද ලිපියකට සමහරු විරුද්ධව තර්ක ගෙනාවා. නමුත් එදා මා විසින් කී දෙය අද යථාර්තයක් බවට පත් වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ පසුගිය දිනක පාසැල් සිසුවියකට ඇඳුමේ සභ්‍යත්වය ගැන අවවාද කළ ගුරුවරයෙක්ට එම සිසුවියගේ පියා විසින් පහර දී තිබීමයි. අද දෙමව්පියන්ට තම දරුවන් අඳින පලඳින ආකාරයේ හරිවැරැද්ද නොතේරෙන තත්වයක් කරා පැමිණ ඇතැයි අපට මේ සිද්ධියෙන් සනාථ වේ. Continue reading
දුනේෂ් ගංකන්ද බීලා බයිට් එකට තිවාගේ නහය කාලා
දුනේෂ් ගංකන්ද කියන්නේ සමන් දෙයියන්ගේ අඩවියෙන් ආපු කෙනෙක්. නමුත් දැන් එයා වැඩියෙන් කැරකෙන්නේ සමන් දේවාලය පැත්තේ නෙමෙයි. කොලඹ තුල තිබෙන Night club අස්සෙයි. පහුගිය දවසක Night club එකක සිල් ගන්න ගිය එයාගේ අතින් තිවා කියන දමිල ව්‍යාපාරිකයෙක්ගේ නහයකුත් හැපිලා. ඇත්තටම මම අතින් කියලා කිව්වේ වැරදීමකින් හැපිලා තියෙන්නේ කටින් එනම් මුඛයෙන්. ඒ වෙලාවේ තිවාට හෙම්බිරිස්සාව නොතිබුණේ අවාසනාවකටයි. Continue reading
අල්ලස දූෂණය නිසා සිදුවන නස්පැත්තිය
මෑතකදී මා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන විට ව්‍යාපාරිකයෙක් වශයෙන් එම රටෙහි අතිසාර්ථකත්වය ලබා සිටින ශ්‍රී ලාංකිකයෙක් හමු විය. ඔහු මා සමග බොහෝ කුළුපග වුණු අතර ඔහු මෙරට හැර ගියේ අසු අට අසූ නමය භීෂණ යුගයේ බැව්ද පැවසීය. එකල තරුණයෙක් වශයෙන් හිස් අතින් ඒ රටට පාතැබු ඔහු අද දහසින් බැඳි පියළි මත යන්නට තරම් ධනවතෙකි. ඔහුත් සමග බෙහෙවින් මිත්‍රවු මා ඔහුගෙන් නැවත ලංකාවට එන්න අදහසක් නැත්දැයි විමසුවෙමි. එවිට ඔහු පැවසුවේ මා තෘෂ්ණිම්භූත කරවන ආකාරයේ පිළිතුරකි. එනම් Continue reading
කරන්න වැඩක් නැති ඉන්ටර්නෙට් පාළුවෝ
සමහරු Internet එකේ නිදියගෙන ඉන්නවද මන්දා. හැම තිස්සෙම Chat හෝ Comment කරගත්තු ගමන්. මේකත් එක්තරා මානසික ව්‍යාධියක්. නමුත් බේත් ගන්න තවම Dispensary යක් ලෝකේ කොහේවත් හදලා නැහැ. මම හිතන්නේ මේ Dispensary ය හදන්න ඕනත් Internet එක ඇතුලෙමයි. නැත්නම් එලියේ හැදුවොත් මුන් එකෙක්වත් බෙහෙත් ගන්න යන එකකුත් නැහැ. ඇයි එලියේ යන්න වෙලාවක් නැහැනේ? පිස්සො අල්ලලා පිස්සන් කොටුවට දාන හෝ පිස්සු බල්ලන් අල්ලලා බලු වෑන් වලට දානවා වගේ වැඩක් Internet එකෙත් පටන් ගත්ත නම් ඊටත් වඩා හොඳයි. Continue reading
ගුරුවරයෙක් විසින් සිසුසිසුවියන් 16 දෙනෙක් අපහරණය කිරීමේ පුවත
අද උදේ මට එකම පුවතක් ගැන සඳහන් කරලා වෙබ් කමෙන්ට්, ඊමේල් සහ එස්.එම්.එස් වලින් පැමිණියා. මමත් කුතුහලයෙන් ඒ පුවත බැලුවා. මාවනැල්ල පැත්තේ ගුරුවරයෙක් සිසුසිසුවියන් 16 දෙනෙක්ට අතවර කරලාලු. ඒ ගුරුවරයා මුස්ලිම් ජාතිකයෙක්ලු. Continue reading
මුස්ලිම් වරුන් සිය දෙවිඳුන් නමදින්න එපාද?
ලංකාවේ තැන තැන මුස්ලිම් පල්ලි ඉදි වෙනවා යැයි පවසමින් විවිධ ස්ථානය වල දැන් උද්ඝෝෂන ඇති වෙමින් පවතියි. මෙය දැන් එක්තරා රැල්ලක් සේ දක්නට හැකිය. ඇත්තටම මේ පිටුපස ඉන්නේ ආගමික අන්තවාදී සංවිධාන එකක් හෝ දෙකකි. අන්තර්ජාලයෙන් සොයා ගත් ආගමික අන්තවාදී රැලක් ඔවුන්ගේ යාවජීව සාමාජිකයන් බවට පත්ව ඇති බැව් පෙනේ. කිසියම් ස්ථානයක මුස්ලිම් වරුන්ට එරෙහිව උද්ඝෝෂනයක් ඇත්නම් මේ ගවරැළ නොවරදවා එතැනට යති. Continue reading
දෙහිවල ගල්වල පාරේ මුස්ලිම් දහම් පාසල සත්ත්ව ඝාතකාගාරයක්ද?
දෙහිවල සත්ත්වෝද්‍යානයට අයිනෙන් ගල්වල පාරට යන අතුරු මාර්ගයේ එනම් අතපත්තු පෙදෙසේ තිබෙන ඉස්ලාමීය දහම් පාසල සත්ත්ව ඝාතකාගාරයක් ලෙස නම් කරමින් දිවයින පුවත් පත විසින් පලකරන ලද සාවද්‍ය පුවතක් එම පුවතම උපුටා දක්වමින් දැන් අන්තර්ජාල වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස්ද පලකර තිබෙන බව දුටුවෙමි. Continue reading
යෝජිත මෙරට ඊශ්‍රායෙල් තානාපති කාර්යාල වැඩපිළිවෙල මුස්ලිම් ප්‍රජාව කෙලෙස පිළිගනු ඇතිද?
ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව තුල ඇමරිකාව විසින් යෝජනාවක් සම්මත කළ අවස්ථාවේ මුස්ලිම් ප්‍රජාවේ අතිමහත් බහුතරයක් ලංකාවට සහය පල කරන ලදී. ලක් රජයද මේ සම්බන්ධව සිය කෘතවේදීත්වය ප්‍රකාශ කළද ඉන් අනතුරුව ලංකාවේ සිටින මුස්ලිම් වරුන්ට නම් උදාවුයේ හොඳ කලදසාවක් නොවේ. එයට පලමු හේතුව නම් පසුව ඇතිවු දඹුල්ල මුස්ලිම් පල්ලියට එරෙහිව ආගම්වාදී අරගලය නිසාවෙනි. දෙවැන්න ලංකාව තුල ඊශ්‍රායෙල් තානාපති කාර්යාලයක් පිහිටුවන්නට කටයුතු කිරීමට උත්සාහ දැරීමක් ආරංචි වීමයි. Continue reading
නංගියේ උඹට ඔව්වා හොඳ පාඩම්
මුස්ලිම් නංගියෙක් විසින් සිංහල භාෂාව ගැන වැඩිදුර හදාරන්න විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා. එයාලාට භාෂාවේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමට බොහෝ මුලාශ්‍ර තිබෙන්නේ අනුරාධපුරය ආශ්‍රිතවයි. මේ නිසා සිංහල සිසු සිසුවියන් කන්ඩායමකට මැදිව මේ නංගිත් අනුරාධපුරයේ අධ්‍යාපනික ගවේෂනයකට ගිහිල්ලා. Continue reading
මන්නාරමේ රායප්පු ජෝශප් පියතුමා ඉනාමළුවේ සුමංගල හිමිට සමානද?
මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් පියතුමා දඹුල්ලේ මුස්ලිම් පල්ලි සිද්ධියට සම්බන්ධ වු ඉනාමළුවේ සුමංගල හිමි අතර සමානත්වයක් ඇතැයි ඇමති රිෂාද් බදියුදීන් මහතා විසින් කරන ලද කථාවක් සම්බන්ධව මාධ්‍ය වල විවිධ මතිමතාන්තර පලවෙමින් පවතියි. ප්‍රධාන වශයෙන් මෙම ප්‍රකාශයට විරුද්ධ වී ඇත්තේ සිරස මාධ්‍ය ජාලය බැව් පෙනේ. Continue reading
පත්තර වල සුරතලුන්ගේ පිටුව හෙවත් බලු පිටුව
අන්තර්ජාලය ජනතාවට සමීප වීමත් සමග මුද්‍රිත මාධ්‍යයන්ට විශාල තර්ජනයක් එල්ල වී ඇත. ජනතාව සෑම දේ සඳහාම අන්තර්ජාලය වෙත යෑමට පුරුදු පුහුණ වෙමින් පවතී. මේ නිසා නුදුරු අනාගතයේදී පුවත් පත් අභාවයට යනු ඇති බැව් අපට සිතිය හැක. ඒ මුද්‍රිත පුවත් පත් වලට ඇති අවකාශය අන්තර්ජාල පුවත් අඩවි සහ සමාජ ජාල විසින් අත්පත් කර ගැනීම නිසාය. Continue reading
හිරුණිකා පොල් ගැසුවාට කේස් එකක්!!!
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අධිකරණය ඉදිරියේ පොල් ගැසීම නිසා දැන් පොල් කේස් එකක් වැටෙන්න ආසන්නය. ඒ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරන බවට ප්‍රකාශ කිරීම නිසාය. ඇත්තටම කියන පරිදිම මේ පොල් කේස් එක වැටුනොත් හිරුණිකාට එලොව පොල් පේන්නත් බැරි නැත. Continue reading
දුර්මත වලට පිළිතුරු
මම අන්වර් මනතුංග බ්ලොග් අඩවිය කියවන්නට එන ප්‍රමාණය දිනපතා බලන අතරේ ඒ අය එන්නේ කුමන මුලයක් Source හරහා දැයිද සොයා බලමි. ඒ මෙම බ්ලොග් අඩවිය ගැන අන්අය පලකරන මතවාදය කුමක්දැයි සොයා බලනු පිණිසය. පෙරේදා දින එසේ බලන විට එක්තරා අන්තවාදී ආගමික වෙබ් අඩවියක් හරහා කිහිපදෙනෙක් පැමිණ ඇති බැව් පෙනුනි. එවිට මම එසේ පැමිනුණු අය පැමිණි URL එකෙන් එම වෙබ් අඩවියේ පලකර ඇති ලිපියට ගියෙමි. එම ලිපියේ මා ගැන පලකර තිබුනේ අභූත චෝදනාවන් නිසා මෙහිදී පිළිතුරු දෙන්නට සිතුවෙමි. Continue reading
මීටර් නිසා චාටර් වුන ත්‍රීවීල් කාරයන්ගේ නූල් සූත්තර
කාලයක් ලංකාව තුල ත්‍රිරෝධ රථ කුලී රිය සේවාව තුල මාෆියාවක් දක්නට ලැබුණි. විශේෂයෙන් වැසි සහිත කාල වලදී සහ රාත්‍රී කාලයේදී ත්‍රිරෝධ රථ රියදුරන් හිතූ හිතූ ගණන් අය කිරීම නිසා මගීන් ලක්වුයේ දැඩි අපහසුතාවයන්ටය. නමුත් පසුගිය කාලයේ ත්‍රිරෝධ රථ සංඛ්‍යාව වැඩි වීම නිසා සහ ත්‍රිරෝධ රථ වලට මීටර් ක්‍රමයක් ඇති වීම නිසාත් තත්වය සම්පුර්ණයෙන් උඩු යටිකුරු කරවීමට සමත්ව ඇත. Continue reading
දිවයින සහ සීනිවුස් ජනපතිගේ ඉල්ලීමට එරෙහි වේ
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය මැයි 15 වැනිදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා ඉල්ලීමක් කරන ලදී. එනම් “ජාතිවාදය අවුළුවන ආකාරයේ මාධ්‍ය හැසිරවීමෙන් වලකින ලෙසයි. එමෙන්ම අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය වන ආකාරයේ පුවත් පලකිරීම වැදගත් බවත්” එතුමා එහිදී අවධාරණය කර ඇත. ඒ පණිවිඩය අඩංගු ලිපිය කියවීමට පහත යොමුව ඔබන්න. Continue reading
ටීචර්ගේ නියපොතු
අප විසින් දරුවන්ට අවවාද අනුශාසනා කරනවා සේම අපේ ජීවිතයෙන්ද ඔවුන්ට ආදර්ශමත් වීම ඉතා වැදගත්. නැත්නම් එම උත්සාහය කකුළුවා උගේ පැටවුන්ට කෙළින් යන්න උගන් වන්නාසේ විය හැකියි. පහත සඳහන් වන සත්‍ය කථාවද එයට මනා නිදසුනක් බැව් මට සිතුණු බැවින් ඔබට ඉදිරිපත් කරමි. Continue reading
ඉන්දියාව සහ පකිස්ථානය බෙදා වෙන්කළේ කාගේ උවමනාවටද?
විසි වෙනි සියවසේදී බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීමට මහත්මා ගාන්ධි ප්‍රමුඛ ඉන්දීය නිදහස් සටන් නායකයන්ට අවැසි විය. ඒ සඳහා ඔවුන් දැඩි කැපවීමෙන් කටයුතු කරන ලදී. මෙසේ ඉන්දීය නිදහස් සටන් නායකයින් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කරන ලද අරගලය නුදුරේදීම මල්ඵල ගැන්වෙන බවට ඔවුන්ට ඉතාමත් විශ්වාස වන්ත ආරංචි මාර්ග වලින් තොරතුරු ලැබුණි. නමුත් හිටි අඩියේ ඔවුන්ගේ සතුට දුකට පෙරලෙන ආරංචියක් පැමිණුනි. එනම් ඉන්දියාවේ මුස්ලිම් බහුතරයක් සිටි පලාත් වෙනම පාලනයක් ඉල්ලා සිටින බවයි. Continue reading
සුමනදාස අබේගුණවර්ධන මහතාට ප්‍රණාමය!
ජාතික ඉතිරි කිරීමේ බැංකුව සී/ස ද ෆිනෑන්ස් පී.එල්.සී සමාගමේ කොටස් මිලදී ගැනීමට යාමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවය සම්බනව අන්වර් මනතුංග බ්ලොග් අඩවිය විසින් “හොරාගේ අම්මාගෙන් පේන අසමුද?” යන මාතෘකාවෙන් ලිපියක් පලකළා. Continue reading
තුනට වැඩි නම් දඩ ඇයි?
ත්‍රීරෝධ රථ වල පසුපස ආසනයේ තිදෙනෙකුට වඩා ගෙනයාම තහනම් කරමින් නීතියක් පනවා ඇත. පහත් තැනින් යයි ගලා ජලේ කියන්නාසේ මෙයද හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටීමක් යැයි කිව යුතුමය. අද කාලේ සාමාන්‍ය ජනතාවට ගමනක් බිමනක් යාමට කුළී ත්‍රිරෝධ රථය අත්‍යවශ්‍යම එකකි. ත්‍රීරෝධ රථයෙන් ගමන් බිමන් යන්නේ ධනවතුන් නොවේ. ඇත්ත වශයෙන්ම ත්‍රිරෝධ රථය යනු දුප්පතාගේ වාහනයකි. එහෙත් මොකක්දෝ අවාසනාවකට දාන තරමක් නීති දාන්නේ ත්‍රීරෝධ රථ වලට එරෙහිවය. Continue reading
විජයග්‍රහණය සැමරිය යුත්තේ කෙසේද?
රට ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීම නිමිත්තෙන් අද දින විජයග්‍රහණය සමරන දිනයයි. අද පැවැත්වෙන සැමරුම් උත්සවය වෙනුවෙන් වසා දැමෙන කොලඹ පාරවල් සංඛ්‍යාවද මේ වන විට මාධ්‍ය වලින් දක්වා හමාරය. මෙවර සැමරුම ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කෙරෙන්නට නියමිතය. නමුත් අප විසින් කළයුත්තේ මෙයද? නැත්නම් අප විසින් කළයුතුම දේ අපට අමතක වුවාද? මේ ලිපිය ඒ ගැනයි. Continue reading
සරත් ෆොන්සේකාට සමාව දීමත් සමග මතුවන ගැටළුව
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සමාවක් ලැබීමට ඉතාමත් ආසන්න බව මාධ්‍ය මගින් දැන ගන්නට ලැබේ. විපක්ෂය මේ ගැන කියන්නේ ජාත්‍යන්තර බලවේග වලට බයේ රජය විසින් මේ කරන බවයි. නමුත් රජය පවසන්නේ ඒ එසේ නොවන බවයි. මේ දෙගොල්ලන්ගෙන් කවුද හරි යන්න වටහා ගැනීම ජනතාවට දේශපාලකයා යනු කුමණ ආකාරයේ සත්ත්වයෙක්ද යන්න වටහා ගැනීමට රුකුලක් වනු නියතය. Continue reading
හරියට කළොත් දුරකථනේ වැරැද්දුවොත් මරකථනේ
මේ අද දින මා හට ලැබුණු ඇමතුමක සිදුවු සංවාදයයි. මට කථා කළේ කාන්තාවකි. මා හට මෙවැනි දුරකථන ඇමතුම් මාසයකට එකක් හෝ දෙකක් වරදින්නේ නැත. සමහර විට මෙයට හේතුව මගේ දුරකථන අංකය මාධ්‍ය වල නිතර නිතර පලවෙන එකක් නිසා විය හැක. සංවාදය කියවන්න. Continue reading
විද්‍යාව ආගමක්ද?
මෑතකදී මා සමග අන්තර්ජාල සංවාදයකට පැමිණි පුද්ගලයෙක්ගෙන් ඔහුගේ අනන්‍යතාවය ගැන ප්‍රශ්න කරන විට තමන්ගේ දහම විද්‍යාව බව ප්‍රකාශ කරන ලදී. ඔහු තම දහම විද්‍යාව ලෙස සඳහන් කර තිබුණද ඔහුගේ ප්‍රතිචාරයන් සම්පූර්ණයෙන් බරව තිබුණේ බුදු දහම දෙසටයි. Continue reading
ජනපතිගෙන් මාධ්‍යයට ඔවදන්
ඊයේ (මැයි 15 දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවක් ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසා ඇත්තේ ජාතිවාදය අවුළුවන ආකාරයේ මාධ්‍ය හැසිරවීමෙන් වලකින ලෙසයි. එමෙන්ම අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය වන ආකාරයේ පුවත් පලකිරීම වැදගත් බවත් එතුමා අවධාරණය කර ඇත. Continue reading
ණය ගන්නට පෙර සිතා බලන්න
මෙවර විදෙස් ගතව සිටි කාලය තුල මට එහි ලංකාවට ඒමට බැරිව සිරවී සිටින කෙනෙක් හමු විය. ඔහු ලංකාවේ සිට ඉසුරු සොයා එම රටට ගොස් ඇති අතර එහිදී ඔහු ලද රැකියාව අනුව හොඳ ආර්ථික මට්ටමකද සිට ඇත. නමුත් ලොව පුරා හමා ගිය ආර්ථික අර්බුදය Economy Crisis හමුවේ ඔහු වැඩ කල ආයතනයත් වසා දැමුණේ ඔහුගේ ආයතන හිමිකරුවාද සිරගත කරමිණි. Continue reading
නයිට් ක්ලබ් එකේ කෝපි බීම සහ ජීවිතයේ අරමුණු අමතක වීම
විදෙස් ගත මිතුරන් තිදෙනෙක් අනතුරක් සිදුවී මියගිය බව පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා වුණා. මේ පිළිබඳව තොරතුරු විමසු මට වාර්තා වුණේ එම තිදෙනා රාත්‍රී සමාජශාලාවක සාදයකට සහභාගී වී සිටියදී ගින්නකට අසුවී ඇති බවයි. Continue reading
හොරාගේ අම්මාගෙන් පේන අසමුද?
හොරාගේ අම්මාගෙන් පේන බැලුවා වගේ යනු අපේ සමාජයේ තිබෙන ප්‍රස්තාව පිරුළකි. සිදුවු හොරකමක් පිළිබඳව එම හොරාගේම අම්මාගෙන් පේනයක් බැලීමට යාමක් වැනි වැඩක් සිදුවු විට මෙම උපහාසාත්මක වැකිය පැවසේ. Continue reading
කොරියාවේ එහෙම වුනත් – ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!!
පසුගිය දිනක කොරියාවේ චීවරධාරීන් (මම මෙහෙම චීවරධාරීන් කියා ලිව්වේ එසේ නොවුවහොත් ධර්මධර විනයධර භික්ෂූන්ට අපහාසයක් වන්නට ඉඩ ඇති නිසයි) පිරිසක් මත්පැන් සහ දුම්පානය කරමින්, සූදුවේ නිරතව සිටිනු දක්නට ලැබෙන වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව, දකුණු කොරියාවේ බලවත්ම බෞද්ධ නිකායේ මහා නායක හිමියන්ට ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින්නට සිදුවුණා. මේ සිද්ධියට සම්බන්ධ ජෝග්යේ නිකාය යනු, දකුණු කොරියාවේ ලක්ෂ ගණනක් අනුගාමිකයන් සහිත ප්‍රධාන බෞද්ධ නිකායයි. Continue reading




























