Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

දෙහිවල ගල්වල පාරේ මුස්ලිම් දහම් පාසල සත්ත්ව ඝාතකාගාරයක්ද?

මාත් නමදින්නද?

මාත් නමදින්නද?

දෙහිවල සත්ත්වෝද්‍යානයට අයිනෙන් ගල්වල පාරට යන අතුරු මාර්ගයේ එනම් අතපත්තු පෙදෙසේ තිබෙන ඉස්ලාමීය දහම් පාසල සත්ත්ව ඝාතකාගාරයක් ලෙස නම් කරමින් දිවයින පුවත් පත විසින් පලකරන ලද සාවද්‍ය පුවතක් එම පුවතම උපුටා දක්වමින් දැන් අන්තර්ජාල වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස්ද පලකර තිබෙන බව දුටුවෙමි.

 

මෙම පුවත් දකින අපට පෙනෙන්නට තිබෙන කරුණක් නම් මුස්ලිම් සමාජයට විරුද්ධව ආගම්වාදී සාවද්‍ය පුවත් පලකිරීමේදී දිවයින පුවත් පතත් ලංකා සී නිවුස් වෙබ් අඩවියත් ඉතාමත් සහජීවනයෙන් කටයුතු කරන බවයි. සමහර විට මෙය දිවයින පුවත් පතේ හිමිකරුවන් නොදැන සේවකයන් කිහිප දෙනෙකු විසින් කරන්නාවු කුප්ප වැඩක්ද විය හැක. එය සැබවින්ම එසේ නම් සී නිවුස්ට අවැසි පුවත් දිවයින පුවත් පතේ ආගම්වාදීන් විසින් නිර්මාණය කර දෙනවාදැයි දිවයින පාලනාධිකාරිය විසින් සොයා බැලීමක් කළ යුතුය.

 

දිවයින පුවත සී නිවුස් හි පලවුයේ මෙසේය

දිවයින පුවත සී නිවුස් හි පලවුයේ මෙසේය

 

කථාබහට ලක්වී ඇති මෙම ඉස්ලාමීය දහම් පාසලේ සත්ත්ව ඝාතකාගාරයක් තිබෙද? යන්න අප විසින් සොයා බැලූ මුත්, එහි සත්ත්ව ඝාතකාගාරයක් තිබුණු බවට අපට කිසිදු සාධකයක් හමු නොවීය. එය ඇත්තටම දහම් පාසලකි. මෙම දහම් පාසලේ නම ලියාපදිංචි කර තිබෙන්නේ “සෙයිලාන් මුස්ලිම් තරුණ සංගමය” ලෙසයි. එසේ ලිංයාපදිංචි කර තිබෙන්නේ මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ 2002 වර්ෂයේදීය. මේ වන විට එම දහම් පාසල වසර 10 ක් සම්පූර්ණ කර ඇත. එමෙන්ම මෙම දහම් පාසල දෙහිවල ගල්කිස්ස නගර සභාවේද අනුමැතිය ලැබු එකකි.

 

මෙම ස්ථානයේ සත්ත්ව ඝාතකාගාරයක් පවත්වා ගෙන යන බවට සිත් වේදනාවක් ඇති වී සත්ත්ව කරුණාව දෝරේ ගලන කෙනෙක් ඉන්නවා නම් මා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ දෙහිවල ගල්කිස්ස මුහුද තීරයට උදේ පාන්දරට යන ලෙසයි. එහිදී හිමිදිරියේ මුහුද වෙරලට එන ධීවර බෝට්ටු ඇතුලත, ජීවිතය ඉල්ලා උඩ පනින මාළුන් ඔබට එහිදී දැකගත හැකි වනු ඇත. ඇත්තටම අපේ රට වටේටම තිබෙන්නේ මුහුදු තීරයකි. අපේ රටේ වටේටම සිටින ජනතාව එනම් ධීවර ජනතාව කරන්නේ මුහුදට ගොස් මසුන් මැරීමයි. එසේ නම් අපේ දිවයින වටේම තිබෙන්නේ එළිමහන් සත්ත්ව ඝාතකාගාරයකි.

 

මේ ගරු ස්වාමීන් වහන්සේලා ඇතුළු ආගම් ප්‍රේමී විරෝධතා කරුවන් පලමුව මුහුදු වෙරළට ගොස් එහි එලි මහනේම සතුන් මරන ධීවර ප්‍රජාව වෙත පලමුව විරෝධතාවය ගොනු කළා නම් වඩා හොඳ බව මගේ අදහසයි. එවිට එක්කෝ මේ ආගම් ප්‍රේමීන්ට භයවී ධීවරයන් සතුන් මරන එකෙන් ඉවත් වනු ඇත. නැත්නම් මේ මොන පිස්සෝද? කියා අල්ලා මුහුදට විසි කර දමනු ඇත.

 

අතීතයේ සිටි දෙහිවල දේශපාලක තුමෙක් ගැන මට අපේ තාත්තා විසින් කියු කථාවකින් මම අවසන් කරමි. ඒ දේශපාලක තුමන්ලාගේ පක්ෂය එවකට තිබුණු පාලනය බිද දමා දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලදී. ඉන් අනතුරුව බලයට පත් නව නායකයා විසින් තම ඇමති මන්ඩලය නම් කරන ලදී. එම ඇමති නාමාවලිය දෙස බැලු අපේ අර හිටපු දෙහිවල දේශපාලක තුමාට හීන් දාඩිය දැම්මේය. ඒ කිසිදා මස් මාංශ නොකෑ ඔහුට ලබාදී තිබුණු ඇමති ධූරය ධීවර අමාත්‍ය ධූරය හෙයිනි. ඒ නිසා ඔහු ගොස් නායකතුමා හමු විය.

 

සර්! සර් මට දීලා තියෙන්නේ ධීවර ඇමකි කමයි.

 

ඔව් ඇයි…….? මොකක්ද ප්‍රශ්නය?

 

සර් මම කවදාවත් මස් මාළු නොකන කෙනෙක් නේ?

 

ඉතිං…..! ඔයාට කෘෂි කර්මාන්ත ඇමති කම දෙන්න බැහැ. එවිට කෘමිනාශක, වල් නාශක ගහන්න වෙනවා. සෞඛ්‍ය ඇමති කම දෙන්නත් බැහැ මැස්සෝ මදුරුවෝ මරන්න වෙනවා. ඉතිං……! කියන්න මම ඔයාට මොකක්ද දෙන ඇමතිකම?

 

මේ නිසා කිසිදා මස් මාංශ අනුභව නොකල එම දේශපාලක තුමාට ධීවර ඇමති ධූරයේ කටයුතු කරමින් සැනසෙන්නට සිදුවිය. 

 

 

  • risan says:

    kisima sakshiyak nathuwa jaathiwadiya adina divayaina puwath pathata erahiwa naduwak pawarranna one

    2012/05/27 at 10:23 AM
  • asd says:

    ආහාරය පිණිස සතුන් මරනවා එක ඇත්ත,
    හරක මරනකොට කියනවා උව් කිරිදෙනවා, ගොම,තව නොයෙකුත් දේවල් දෙනවා කියල කළගුණ සැලකීමක් වශයෙන් උව් ව මරන එක අම්මව මරණ එකට සමාන කරලා තියෙනවා සමහර ගොබ්බයො ,
    එතකොට මුහුදේ ඉන්න මාළු උව් මුකුත් දෙන්නේ නැ, කුකුලන් මුකුත් දෙන්නේ නැ ,වෙන සත්තු මුකුත් දෙන්නේ නැ ඒ හින්ද මැරුවාට එච්චර පව් සිද්ද වෙන්නේ නැ කියලද කියන්නේ ? හෙහෙම බැලුවොත් දීවර කර්මාන්තයක් වත් තියෙන්න බෑ, දීවර අමාත්‍යංශ මොකටද ඒවාට මුලින් විරුද්ද වෙන්න ඔව්නේ ,( මොකද ඒ සතා මුහුදේ ඉන්නේ ඒ හින්ද ගානක් නැ මොකද සතත් පොඩි ) ඒකෙන් තේරෙනවා නිවට කම අවිහිංසාවාදය කියල කියාගන්න හදනවා කියල,

    දන්නවද ගස්කොලන් මේ සොබාදහමේ ජිවත් වෙන ජීවෙන් කියල ? සැම මනුෂ ජිවිතයක් වගේම ගස්කෝලන් හුස්ම ගන්නවා , ගස් වලට ගැහැව්වම අඩනවා කියල දන්නවද ? එක සාමාන්‍ය මනුස්යෙක්ට ඇහෙන්නේ නැ මොකද මෙගාහඩ්ස් ප්‍රශ්නය නිසා , එක ඔප්පු කරලා ඉවරි කල්ෆොනිය විශ්ෂ විද්‍යාලයේ සුනකයන් යොදාගෙන, ඔව්නේ නං google surch එකක් දාන්න, මිනිසාට සෙන්ස් 7 සතුන්ට 6 ගස්කෝලන් 5,

    අපේ අවිහිංසාවාදීන් කියල කියන නිවටයෝ හිතගෙන ඉන්නේ , චලනය වෙන්නැති , කතාකරන්නැති, දේවල් වලට හැගීම් දැනීම් නැ කියල ,

    ජිවත් වීමට ඔක්සිජන් දෙන , පෘතුවියේ උෂ්ණත්වය අඩුකරන , වැස්ස ඇතිකරවන , කොටින්ම කිව්වොත් මේ ස්වාබහදහම සමතුලිත කරන ගස් කෝලන් , ක්රෝමිනෂ්ක දමා කොටියක විතර ඇසට පෙන්නේ නැති සතුන් මරා, ආහාරයට ගැනීම ගැන කිසිම දෙයක් සිතන්නට නොහැකි අය නිවටයෝ කියනේ නැතිව අවිහිංසාවදී ලු …….හික්ස් , තව එක්කෙනෙක් කියනවා ගස් වලට සිතන්න බැරි ලු ආහාරයට ගත්තට පව් සිද්දවෙන්නේ නැ ලු , එහෙම නම් එක සමාන කරන්න පුළුවන්, සීතා තීරණයක් ගතනොහැකි මන්දබුද්දික මනුස්සයෙක් මැරීමට ( මන්ද බුද්දික යනු සෙන්ස් 5), එසේ මරා උසාවියේ පපොච්ච්රනය් කරන්න පුළුවන් ස්වාමිනි එය මන්ද බුද්දික සීතා වැඩක් කල නොහැකි , එමනිසා මරා දැම්ම, මට ප්රෝයෝජනය්කුත් නැ කියල ,

    ජිවත් වීමට ඔක්සිජන් දෙන , පෘතුවියේ උෂ්ණත්වය අඩුකරන , වැස්ස ඇතිකරවන , කොටින්ම කිව්වොත් මේ ස්වාබහදහම සමතුලිත කරන ගස් කෝලන් , (හරකාත් අහරයටගන්න) මරාගෙන කනවා කියන්නේ අම්මව මරාගෙන කනවට වඩා හපන් නේ , නිවටයන්ගේ සිතුවිල්ලෙන් කිවොත්

    එතකොට අපිට කුබුරු කොටන්න පුලුවන්ද ?
    එක ගොයම් ගසකට පවා හැගීම් දැනීම් තියෙනවා ? එතොකට ඒ ගොයම් ගස් කතා කරන එක , ජිවත් වෙන එක ,මනිස ගේ පුංචි මොලේ ට තරෙන්න සොබා දර්මය විසින් මවල නැ, එතකොට ඒවා මරාගෙන කන එක පුංචි මොලේට තේරෙන්නේ නැ , සාමන්යෙන් අපේ මනුස්සයන් පුරුදු වෙලා තියෙන්නේ , ඇසට පෙන දේවල් කනට ඇහෙන දේවල් බලල තීරණ දේන්න සහ තීරණ ගන්න , බුදුහමදුරුවෝ දේශනා කරලා තියනවා ඇස නිවටයා කරය් කියල එකට

    2012/05/27 at 11:21 AM
  • ෆස්ලි - බලපිටිය. says:

    මෙහම දිගින් දිගටම අසත්‍ය ප්‍රවති පල කරන ලංකා සී නිව්ස් සහ දිවයිනට එරහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකිද?

    2012/05/27 at 11:51 AM
    • Anver Manatunga says:

      මේ අය මේ පුවත් පල කරන්නේ මාධ්‍ය තුල ඇති නීති හිදැස් සහ දේශපාලන බලපුළුවන්කාරකම් නිසාය.

      2012/05/27 at 12:05 PM
      • ෆස්ලි - බලපිටිය. says:

        ළඟදී පාතාල ජිහාඩ් එකතුව යන අසත්‍ය ප්‍රව්තියට රටේ වෙඩගත් රාජ්‍ය ආයතනයක් වන හමුදා බුද්ධි අංශය සම්බන්ද කරපු එක ගෙන හමුදාව හෝ රජය ඔවුනට එරහිව නීතිමය ක්‍රියා මාර්ග නොගන්නේ ඔවුන්ද මෙහි පිටුපස සිටින නිසා විය හැකිද?

        2012/05/27 at 12:23 PM
        • Anver Manatunga says:

          මේ වෙබ් අඩවිය සහ පුවත්පත රජයේ පාර්ශවයේ අයට අයිති ඒවා.

          2012/05/27 at 2:32 PM
  • ජයශ්‍රී says:

    දිවයින පත්තරේ හැමදාම අවුල් ඇති කරපු පත්තරයක් .පත්තරයක් කිව්වාට පත්තර කඩමල්ලක්.ඒ අයගෙ අදහස් වල කිසිම සංගත බවක් නෑ.ඒ අය මුස්ලිම් අයට ,කතෝලිකයන්ට,ද්‍රවිඩයන්ට විරුද්ධයි.එතනදි ඒ අය සිංහල බෞද්ධ.හැබැයි ගබ්සාවට පක්ෂයි.එහෙම නම් සිංහලයන් වඳවෙන එකට පක්ෂයි.
    ඔබ දන්නවද මතකද කලුතරදි අම්මා කෙනෙක් පොඩි ළමයෙක් ගඟට විසිකළා.මේක හදවත් ඇති හැමෝම හෙළා දකිද්දි දිවයින ඒක කතුවැකියෙන් හා ලිපිවලින් සාධාරණීකරනය කළා.දිවයින තරම් ස්වෝන්මාදයෙන් පෙලෙන වෙනත් මාධ්‍යක් නැති තරම්.දිවයිනේ නඩු ඇසීමත් අසාධාරනයි.එක කාලයක් එක දිගට එල්ලුම් ගස් ලිපි පළ කළා.මම හොදට හොයලා තියනවා ගෑනු කෙනෙක් මොනවාහරි අපරාධයක් කළාමත් දිවයින ඒක සාධාරනීකරනය කරනවා.ඒ අතින් දිවයින සිංහල බෞද්ධ කාන්තාව තම තෝරාගත් සෙනඟ ලෙස සලකනවා.
    ඔබ කියපු සමහර දේවල් වලට එකඟ වෙන්න බෑ.දිවයිනේ වැඩ කරපු අය වෙන තැන් වලට ගියාම ඒ අය තුල අන්තවාදය නෑ.රිවිරට බැදුනු අය බලන්න.දිවයිනේ කතුවැකිවල භාෂා විලාසය බලන්න .සක්කිලි කතා විලාසයක් තියෙන්නෙ.ඉස්සරහට ඩිජිටල් තාක්ෂනය ජනප්‍රිය වෙද්දි ඔය මාධ්‍ය බමුනන්ට වැඩ වරදියි.
    http://jayavasana.blogspot.com/

    2012/05/27 at 4:49 PM
  • erandi says:

    mallila lankawa halal karanna neda hadanne.wisen wisa nesiya yuthuya.neth nam bangladesh wage wei.thawa masa hayak innako halal haraam koranna.

    2012/05/27 at 5:09 PM
    • Anver Manatunga says:

      එරන්දි සහෝදරිය, පලමුව කථා කරන්නේ කුමක්දැයි වටහා ගන්න. හලාල් යන්නෙහි තේරුම අනුමත කරන ලද යනුයි.

      විසෙන් විස නැසිය යුතුයි කියා බුදු බනේ පවසා තිබෙනවාද? මොකක්ද? ඔයාගේ ආගම? අදහන්නේ දේවදත්තද? අංගුලිමාලද? බුදු බනේ පවසනදේ මම කියලා දෙන්නම්. කැමති නම් පිළිගන්න.

      “පුත දීඝායු ලග නොබලන්න. දුර බලන්න. වෛරයෙන් වෛරය නොසන් සිදේ. අවෛරයෙන් වෛරය සන්සිදෙන්නේමය.”

      2012/05/27 at 6:29 PM
    • john says:

      me wana vita bangalagesh neme ithiyopia vela athi, araabi ratawal tika nathnam……

      2012/05/28 at 6:55 AM
  • risvi says:

    apita meka hamdama mehema balan inn bae. mekata monahari koranna one neethimeya margen.

    2012/05/27 at 5:54 PM
    • Anver Manatunga says:

      සිංහල සහෝදර සහෝදරියන් අතර බහුතරය ජාතිවාදී හෝ ආගම් වාදී නැහැ. මේ හොරිකඩ අමන ආගම්වාදී රැළ විසින් මිනිසුන් නොමග යවලා. අපි ඒ පිරිස සුමගට ගත යුතුයි. එය කළ යුත්තේ නීතියෙන් නොව අවබෝධයෙන් සහ සම්මුතියෙන්. අපගේ මේ ව්‍යායාමය දුරවබෝධය නැති කිරීමයි.

      2012/05/27 at 6:32 PM
  • Mr. Who says:

    I noticed some thing interesting while reading the “news” piece on දිවයින and c-news. Namely their use of phrase ‘ඉස්‌ලාම් මූලධර්මවාදීන්’. This is shockingly similar to how some mainstream western news media always choose to use the word Islam along with the word fundamentalist. Frequent usage of these two words together over a decade has now made an connection between these two words in the psyche of the people in those countries.

    Now I don’t know if author of දිවයින, එස්‌. පී. ආරියරත්න is a victim of such indoctrination. Maybe he is. Or maybe he simply wants to do similar propaganda in Sri Lanka, by carefully choosing words. Either way, there is only one way muslims can counter this propaganda. i.e., by voicing out there is an alternative to what they say. This includes writing articles such as you (Anver) do, and also taking legal steps. Even if legal steps does not result in punishment, it does help to show the general public there is another side to the story. Simply staying quiet is not an option. You can see that c-news people even chose to publish a false picture just to raise emotions. The unsuspecting readers will get angry just by seeing the headline and the photo – and a small seed of grudge will be born in the hearts. Unfortunately c-news is not the only website publishing false photos along with their articles written to create hatred. A popular extremist sinhala buddist website also uses such tactics.

    Finally, I would like to ask if there is any truth whatsoever to this report? Has any form of slaughter taken place in this madrasa? If so, the authorities of the madrasa need to wise-up.

    2012/05/27 at 8:33 PM
  • dilan says:

    if we are aware of what diwaina news paper doing ,we shoud boycott upali products’ simple they will lay down ,,,,,,,just think of this idea,,feedom of speech,,,,x,,,,freedom of buy,,,

    2012/05/27 at 11:32 PM
    • Anver Manatunga says:

      දිවයිනේ ආගම්වාදී කැනහිලුන් දෙතුන් දෙනෙක් හිටියාට ඒකේ වැඩකරන සමස්ථ ජනතාව කුමක් කරන්නද? කොහොමත් අන්වර් මනතුංග ඔය භාන්ඩ හා සේවා වර්ජන වලට විරුද්ධයි. එයින් නරක කෙනාට මෙන්ම හොද අයටත් පහර වදිනවා. එයින් සිදුවන්නේ ඉන්න විරුද්ධකාරයන් ගොඩට තවත් අය වැඩි වීමක්.

      2012/05/28 at 4:20 AM
  • dilan says:

    simply i can say most of my fellow sinhalees never accept such act against a community ,some enguage in this type of activity for some benefits ,,they fail in dambulla so they turn the attenction of the public towards dehiwala

    2012/05/27 at 11:38 PM
    • Anver Manatunga says:

      මේක දැන් රැල්ලක් වෙලා. තව බොහෝ දේ සිදුවිය හැකියි. මේ ආගම් බේධවාදීන් හදන්නේ කෙසේ හෝ ජය ගන්නයි. නමුත් මේතාක් ඔවුන්ට ජයගන්න හැකි වුනේ නැහැ. සිදුවුනු සිදුවීම් සියල්ලෙන්ම වුනේ ඔවුන් තුල ඇති වෛරය තවත් දෙගුන තෙගුන වීමයි. ඔවුන් තව බොහෝ දේ කරන්න බලාපොරොත්තු වෙනවා ඇති.

      ඔවුන්ගේ වෛරය තුලින්ම ඔවුන් විනාශ වනතුරු අපට මේක තව ටික කාලයක් අල්ලගෙන ඉන්න වෙයි. අපට තිබෙන්නේ බහුතර ජනතාව සත්‍යයෙන් සන්නද්ධ කිරීමයි.

      2012/05/28 at 4:29 AM
  • riyazi says:

    oyage site ekata aawoth hema welema crash wela restart wenawa.theme eka upset wage.
    maarukaranna

    2012/05/28 at 6:28 AM
    • Anver Manatunga says:

      ඔයාගේ වින්ඩොස් වර්ෂන් එක මොකක්ද? පාවිච්චි කරන සර්වර් එක මොකක්ද? කියලා එව්වොත් හොයලා බලන්නම්.

      2012/05/28 at 7:39 PM
  • Marikkar says:

    Br. Manatunga,
    It is great to see such a daring response, bringing some basic facts into light. However, your ending lines sound too harsh, which may hurt the feelings of peace loving Buddhists. It is always appreciable to handle delicate matters of this kind with utmost diplomacy. We shouldn’t keep any room to saw hatred feelings towards Muslims. A simple argument is that if banning of animal / bird slaughter is fully practiced, there will not be any harm to Muslims, in terms of performing their religious rites. However, this will definitely be a hard hit to country’s economy. Thousands who are involved in this industry, most of them are non-Muslims will lose their jobs, which will put further burden on the government. One should understand that about 30% of our population is depended on livestock (Cattles, Birds, Fish) industry. The senses department’s statics indicates that Muslims represent 8% of the population. This will give a clear idea to our Buddhist brethren who promote a meaningless hatred towards Muslims, considering the animal slaughter issue. Islam’s message is very clear, which is a complete code of life. Neither, it has mandated the consumption of meat to become a Muslim nor made an animal sacrifice a condition to fulfill a religious rite. However, by allowing the consumption of meat it has proved to be a Universal religion, rather than regional or periodical. Eskimos who live in south and north poles, Bushmen who live in thickest African Jungles, Aborigines who live in Australia will find a practical way to live under Islam. Australia, New Zealand, UK, USA and rest of the developed nations in EU are the leading countries in the meat industry. We need to understand that Non Islamic states are leading in meat production.

    Latest available data on world’s meat production is given hereunder:

    Rank Countries Amount
    1 China: 53,747 thousand metric tons
    2 United States: 35,085 thousand metric tons
    3 Brazil: 12,184 thousand metric tons
    4 France: 6,533 thousand metric tons
    5 Germany: 6,069 thousand metric tons
    6 Russia: 4,953 thousand metric tons
    7 India: 4,604 thousand metric tons
    8 Spain: 4,355 thousand metric tons
    9 Italy: 4,061 thousand metric tons
    10 Mexico: 3,911 thousand metric tons
    11 UK: 3,658 thousand metric tons
    12 Argentina: 3,643 thousand metric tons
    13 Australia: 3,335 thousand metric tons
    14 Canada: 3,320 thousand metric tons
    15 Japan: 3,081 thousand metric tons
    16 Poland: 2,904 thousand metric tons
    17 Netherlands: 2,864 thousand metric tons

    The aforesaid data shows that Muslim countries will not have any negative impact, if a total ban on meat production is put into practice worldwide as well.

    2012/05/28 at 12:04 PM
  • ජයශ්‍රී says:

    මේක පැහැදිලිවම ඉතා සුළුපිරිසක් නගන ඝෝෂාවක්.පිරිස සුළුවනත් ලොකු කලබලයක් කරන්න පුළුවන්.කලබලය කිව්වාට නිකම් පුස් වෙඩිල්ලක් විතරයි.බ්ලොග් අඩවි වලින් මේ තත්වය සමනය කරගන්න පුළුවන් වැඩිකලක් යන්න පෙරම
    http://jayavasana.blogspot.com/

    2012/05/28 at 8:02 PM
  • rev:Hokandara sudinna mahanin wahansa says:

    තම තමන් නොකා

    2013/03/30 at 7:48 AM
  • rev:Hokandara sudinna mahanin wahansa says:

    තම තමන් නොකා හිටියම ඉබේම සත්තු මරන එක නවතිනව කන අය ඉන්න හින්දනේ මරන්නේ. අපි ආදර්ශ මත් වෙමු. මිල මුදල් තිබුනට සත්ව හින්සාවලට අනුබල දෙන අයට නිතරම තැවි තැවී දැවි දැවී දුක්වෙන අය මෙලොව දීත් දුක් විද විද ඉදල මැරිල ගිහින් ඒ ඒ සතුවෙලා ඒ හින් සාවට කෝටි වාර ගානක් ගොදුරු වෙන බව තමයි ඇත්ත. සෑම රස යක් පසු පසම දුකක් තියෙනව ඒ නොදන්න එක තමයි දුකට මුල.

    2013/03/30 at 8:00 AM

Your email address will not be published. Required fields are marked *

*