පසුගිය දිනක පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායක මහතා විසින් සෞදියේදී අත්අඩංගුවට ගත් පී.පී. තුංගසිරි නැමැත්තා ගැන මාධ්‍යයට කරුණු දක්වා තිබුණා. අප ඒ ගැන පී.පී. තුංගසිරි සෞදියේදී පිළිම වන්දනාවකට අත්අඩංගුවට පත් වුයේ ඇයි? නම්වු ලිපියෙන් කරුණු දැක්වුවා. නමුත් ඒ මහතා විසින් කරන ලද එම ප්‍රකාශය විසින් වෙනත් මාධ්‍ය වලින් ප්‍රචාරය වුයේ තවත් කරුණුද සමගයි. එහිදී ඔහු විසින් චෝදනා කර ඇත්තේ සමහර හාම්පුතුන් විසින් අපගේ බෞද්ධ ශ්‍රමිකයන් බලහත් කාරයෙන් ඉස්ලාම් දහමට බඳවා ගන්නා බවයි. Continue reading
Monthly Archives: June 2012
ඊජිප්තුවේ වෙනස ඇරඹුණාද?
දීර්ඝ කාලයකට පසුව ඊජිප්තු දේශයේ ජනතාවට ඔවුන්ගේම කැමැත්තෙන් පාලකයෙක් බිහිවී ඇත. ඒ හැට එක් හැවිරිදි ආචාර්ය මුහම්මද් මුර්සි ඊසා අල්-අයාත් DR. Muhammad Morsi Isa al-Ayyat ය. මෙවර ඊජිප්තු ජනතාව විසින් තෝරාගත් ජනාධිපති වරයා උගතෙක්ද වෙති. ඔහු ඊජිප්තුවේ කයිරෝ විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඉන්පසුව දකුණු කැලිෆෝනියා සරසවියෙන් ඉංජිනේරු ශිල්පය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. කෙසේ වුවද මුර්සි මහතා ජයගත්තේ 51.73% ක ප්‍රතිශතයකිනි. එනම් ඔහුට 48.27% විරුද්ධ ඡන්දද තිබෙන බව අප අමතක නොකළ යුතුය. Continue reading
පී.පී. තුංගසිරි සෞදියේදී පිළිම වන්දනාවකට අත්අඩංගුවට පත් වුයේ ඇයි?
සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙක් වන ප්‍රේමනාත් පෙරේරාලාගේ තුංගසිරි නැමති අයව සෞදි අරාබියේ උමුල් හමාම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බුද්ධ ප්‍රථිමාවක්ද සමග නම් ඔහු අත්අඩංගුවට පත්වීම පිළිබඳව ඔහුගේ පවුලේ අයට අපගේ කණගාටුව ප්‍රකාශ කරමු. මේ ගැන පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායක මහතා විසින් ලංකාවේ මාධ්‍ය දැනුවත් කර ඇත. Continue reading
ශ්‍රී පාදයද? ආදම්ගේ පාදයද? නැත්නම් සිවනෝලි පාදම්ද? 2 වන කොටස
ඉහත ප්‍රස්තූතය යටතේ මා විසින් ලියන ලද පලමු ලිපියට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා. සමහරු මූණුපොතේ ආදම්ගේ පාදයද? කියමින් එකිනෙකා අතර බෙදා Share කරන්නේ සමන්තකූටය නැතිවෙයි කියන බයටද කොහෙද? නමුත් මා නම් මේ ගවේෂනය කරන්නේ සද්භාවයෙන්. එනම් එහි සැබෑ ඓතිහාසික තොරතුරු සොයා ගැනීමටයි. පහත සඳහන් වන්නේ රිවිර පුවත් පතෙහි 2011 නොවැම්බර් මස 06 වෙනි ඉරිදා පුවත් පතේ පලවු ලිපියකි. එහි කතුවරයා ලෙස සඳහන්ව තිබුණේ ර/ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ලලීන්ද්‍ර සන්නස්ගම මහතායි. Continue reading
භික්ෂු ගුරුවරයෙක් අන් ආගමික සිසුවෙක්ට කන පැලෙන්න ගහලා
මට මෙම පුවත ලැබුණේ ලංකාවෙන් නොව අන්තර්ජාතික මානව හිමිකම් කොමිසමක වෙබ් අඩවියක (ASIAN HUMAN RIGHTS COMMISSION – AHRC) තිබී අපගේ මුස්ලිම් සහෝදරයෙක් වෙතිනි. මෙය සිදුවී සති කිහිපයක් ගතවී ඇතත් මෙම පුවත මා ලංකාවේ ජාතික මාධ්‍ය වල නොදුටුවෙමි. කිසිවෙක් හෝ එය දැක්කෙහි නම් මා නිවැරදි කරන්න. නමුත් එම සිද්ධිය ජාත්‍යන්තර වෙබ් අඩවියේ පලවී තිබුණේ මෙසේය. Continue reading
කුණු හරප සහ අසභ්‍ය ප්‍රතිචාර සම්බන්ධව
මේ වන විට අන්වර් මනතුංග බ්ලොගයට ලැබෙන ප්‍රතිචාර අතරින් කුණු හරප සහ අසභ්‍ය වචන ප්‍රතිචාරයන්ගෙන් අඩුවක් නැහැ. මා කරන්නේ ඒ සියළුම ප්‍රතිචාරයන් මකා දැමීමයි. මේ අය බොහෝ විට මා හට වෛර කරන නිසා එවුවද ඔවුන් විසින් එවන දේ මා පලනොකරන නිසා තවත් ඔවුන්ගේ වෛරය වැඩි වන්නට පුළුවන. එමගින් ඒ පුද්ගලයාට සිදුවන්නේ දැඩි හානියකි. වෛරයේ ප්‍රථිඵලය අසහනයයි. අසහනයේ ප්‍රථිඵලය පුද්ගල විනාශයකි. තමන් තුල දැඩි ප්‍රතිපත්ති නිසා තමන් තමන්වම විනාශ කරගන්නේ ඇයි? Continue reading
මක්කාහ් නුවර තිබෙන්නේ බුදුන්ගේ සිරිපතුලද?
බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් සෞදි අරාබියෙහි මක්කාහ් නුවර තිබෙන බවට මතවාදයක් තිබෙන්නේ දැනට වසර ගණනාවකට පෙර සිටයි. බෞද්ධ සමාජය තුල මේ ගැන විවිධ මත පලවුවද මුස්ලිම් සමාජය තුලින් එයට නිසි පිළිතුරක් මෙතෙක් නොලැබුණේ මුස්ලිම් වරුන් අතර සිංහල මාධ්‍ය භාවිතය අඩු නිසයි. ඇත්තටම මක්කාහ් වේ සිරිපතුලක් තිබෙනවාද? එය බුදුරජාණන් වහන්සේගේද යන්න විමසා බලන්නට මෙම ලිපිය ලියමි.
ශ්‍රී පාදයද?, ආදම්ගේ පාදයද? නැත්නම් සිවනෝලි පාදම්ද? 1 වන කොටස
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹු මුල් අවස්ථාවේ එහි Main banner හෙවත් ප්‍රධාන රූපිත පටය කෙසේ විය යුතුදැයි මා එතරම් අවධානයක් දැක්වුයේ නැහැ. ඉන් මාස කිහිපයකට පසුව නැවත වෙනස්කම් කරන අවස්ථාවක මට එය කරදුන් සහෝදරයා විසින් මෙහි ප්‍රධාන රූපිත පටයට කුමණ ආකාරයේ ඡායාරූපයක් ගතයුතු දැයි ඇසුවා. මම සාමාන්‍යයෙන් කඳු වලට ආශාවක් දක්වන්නෙක් බැවින් කිසිත් නොසිතාම සමනොල කන්ද ගමු යැයි යෝජනා කළෙමි. නමුත් එහි බරපතල කම වැටහුනේ මාස කිහිපයකට පසුයි. Continue reading
හරක් මස් ගැන ඇත්ත කථාව පට්ටපල් බොරුවක්ද?
Dharma jala නම් කෙනෙක් විසින් මූණු පොතේ දමා තිබුණු පිංතුරයක හරක් මස් ගැන ඇත්ත කථාවක් යනුවෙන් සටහනක් තිබුණා. ඇත්තටම හරක් මස් ගැන දැන් අපි ඕනෑවටත් වඩා කථා කරලා ඉවරයි. එයට එරෙහිව තිබුණු සියළුම තර්ක බිඳලත් අවසානයි. නමුත් මේ සටහන තුල ජනතාව නොමග යැවීමක් පෙනෙන්නට තිබුණු බැවින් එයට පිළිතුරු දෙන්නට සිතුවෙමි. ඔබට දැක ගැනීමට එම පිංතුරය පහත දක්වමි. Continue reading
හොරි ඩොට් කොම් ආරක්ෂක ලේකම්ට මුවාවී ජාතිබේධය පතුරන්න හදයි
අන්වර් මනතුංග face book ආදා සිට ආගම්බේධ වාදය පතුරවන්නන්ට අපල කාලයක් උදා වුණි. කාලයක් අන්තර්ජාල වීරයින් සේ සිටි ඔවුන් ජාතිවාදී සහ ආගම් වාදීන් ලෙස සමාජයේ පට්ට ගැසී හමාරයි. මේ නිසා දැන් සමහරුන්ගේ දතකට පූට්ටු වෙලා අනේ අපි ජාතිවාදීන් නොවන බව ඒ ගොල්ලන්ම කටින් කියනවා. මේ අතරේ සමහරු අළුත් අළුත් දේවල් අත්හදා බලන්නත් පටන් අරන්. ඒ තමයි තව කෙනෙක්ගේ පානෙන් එළිය බලා ගැනීමට උත්සාහ දැරීමයි. Continue reading
හජ් වතාවත් වෙනුවෙන් කිරි අම්මලා ඝාතණය කරනවාද?
මා මෙම ලිපිය ලියන්නට හේතු වුණේ face book හි පලවු ඡායාරූපයක වදන් කිහිපයක් දැකීමෙනි. එනම් හජ් වතාවත් වෙනුවෙන් කිරි එළදෙනුන් මරා ඇති බවට පලවු වැරදි සටහනක් දැකීමෙනි. මෙවන් ඡායාරූප සහ සටහන් මුණු පොතේ පලවන්නේ හුදෙක් ගව ඝාතනය වැලැක්වීම උදෙසා නොව තමන්ගේ අන්තර්ජාලය තුල පොරක් වනු දැකීමේ මන්ද මානසික අභිලාශය ඇති අය නිසා බව අපට වැටහී තිබෙන කරුණකි. නමුත් මේ තුලින් සමාජයට යන්නේ වැරදි අදහසකි. Continue reading
Traffic රාළහාමිලාගේ සිංහල දඩ Target එක සහ මුස්ලිම් පගා Target එක
රථවාහන පොලිස් නිළධාරීන් දැන් ටික කාලෙක ඉඳලා සෑහෙන්න කාර්යක්ෂම වෙලා. පාරේ යනකොට මොනයම් හෝ වැරැද්දක් කරනවාද? කියලා එයාලා ඇහැ ගහ ගෙනමයි ඉන්නේ. මේ නිසා දැන් අපිත් පාරේ යන්නේ හරි පරිස්සමෙන්. ඒ ඇක්සිඩන්ට් වෙන එකෙන් බේරෙන්න නෙමෙයි. මේ පගා මස්ථාන්ලාට පගා දෙන්න සිදුවන එකෙන් බේරෙන්නයි. Continue reading
විවිධත්වය තුල එකමුතුව වැඩසටහන කාලීන අවශ්‍යතාවයක්
මුස්ලිම් තරුණ සංසදය විසින් පවත් වන්නට යෙදෙන “විවිධත්වය තුල එකමුතුව” නම් වු වැඩසටහන ඉතාමත් කාලීණ එකක් බව මගේ අදහසයි. මෙම වැඩසටහන පැවැත්වෙන්නේ මේ මස එනම් ජූනි 26 වෙනිදා (26-06-2012) සවස 4.30 සිට 6.00 දක්වා කොලඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ නොම්මර 201 නම් ස්ථානයේදීයි. මෙහි ප්‍රධාන දේශකයාණන් වන්නේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේය. Continue reading
මුස්ලිම් ව්‍යාපාර සහ හලාල් නිශ්පාදන වර්ජනය
අහෝ මේ දෙව්දත්ලා කිසිදා නොදකිති මොක්පුර!
බුදුරජාණන් වහන්සේගේ කාලයේත් උන්වහන්සේට එරෙහි වු භික්ෂූන් සිට ඇත. දෙව්දත් ථෙර ඉන් ප්‍රමුඛ ස්ථානය ගනියි. ඒ නිසා අහෝ දෙව්දත් නොදුටි මොක්පුර! යැයි කියමනක්ද ඇත. මෙයින් ගම්‍ය වන සත්‍යය නම්, චීවරය දැරූ පමණින් මෝක්ෂය ලබා ගන්නට බැරි බවයි. කෙනෙකුට ලොවටම යහපතක් කරමි යැයි අරමුණු කරමින් චීවරය දරන්නට හැකි වා සේම තවත් කෙනෙක්ට ස්වකීය ආත්මාර්ථය ප්‍රමුඛ කරමින්ද චීවරය දැරිය හැක. Continue reading
මෙන්න! අරුම පුදුම හිවල් නිව්ස්!
අන්වර් මනතුංග මාස කිහිපයකට පෙර face book එකට ආවේ එහි ආගම්බේධවාදී හිවලුන් එහි රජකරමින් සිටින බව ආරංචි වු නිසයි. එහිදී අන්වර් මනතුංග බ්ලොගයේ දැවැන්ත පහර වලට හසුවු සමහර හිවල් අඩවි තම වැඩ ටිකක් අඩු කරගෙන. ඒත් හිවල් හඬ නම් තවම නවත්වා නැහැ. මොකද සුකරයාට අසුචි කනවා හැර වෙන Job එකක් නැත්තාසේ මේ හිවලාටද අනුන්ගේ මගුල් ඇදගෙන නානවා හැර වෙන මොනවා කොරන්නද? Continue reading
තමලිනී පුනරුත්ථාපනය කිරීමට ගත් තීරණය යහපත්
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ කාන්තා නායිකාව ලෙස කටයුතු කළ සුබ‍්‍රමානියම් සිවගාමි නොහොත් තමලිනීගේ අකමැත්තක් නොමැතිනම් ඇය පුනරුත්ථාපනය කළ හැකි බව නීතිපතිවරයා විසින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හට ඊයේ (19 දා) දන්වා සිටි බව මාධ්‍ය මගින් වාර්තා විය. මෙය මා විසින් දකින්නේ රජය මගින් ගන්නා ලද ඉතාමත් යහපත් තීරණයක් ලෙසටයි. Continue reading
Cattle first හෙවත් ගවයාගෙන් පටන් ගැනීම
මා අද කථා කරන්න යන්නේ අමුතු මාතෘකාවක් ගැනයි. එනම් Cattle first හෙවත් පලමුව ගවයා වැඩ පිලිවෙල ගැනයි. ඔබට මෙය උහතෝකෝටික මාතෘකාවක් වනු ඇත. නමුත් ඇත්ත තත්වය මෙයයි. ධර්ම දේශකයන් විසින් රටේ ජනතාව සුමගට ගැනීමෙහිලා ධර්මය දේශනා කළ යුතුය. අපරාධ මොනවාද? ඒ අපරාධ වල ආදීනව මොනවාදැයි පෙන්නා දිය යුතුය. නමුත් ඔවුන් මුල්තැන දී තිබෙන්නේ ඒ කිසිවකට නොව ගව ඝාතනය වැලැක්වීමටයි. Continue reading
හලාල් ආහාර මිලදී ගැනීම බෞද්ධයන්ට මදිකමක්ද?
එක්තරා අන්තවාදී යතිවරයෙක් විසින් සියළුම මුස්ලිම් වෙලඳසැල් වර්ජනය කළ යුතුයි යනුවෙන් සඳහන් කරමින් ලියන ලද ලිපියක කොටසක් face book හි පලවිය. එයට ලැබී තිබුණු ප්‍රතිචාරයක සඳහන් වු කරුණක් ගැන මගේ අවධානය යොමු විය. එනම් එක බෞද්ධ සහෝදරයෙක් ලියා තිබුණේ “බෞද්ධ රටක සිටින අපට අපේ රටේ සිටියදීම හලාල් කෑම ගැනීමට සිදුවීම ලැජ්ජාවක්” බවයි. මා මේ ලිපිය ලියන්නේ එම කරුණ අරබයායි. Continue reading
මියන්මාරයේ (බුරුමයේ) පවතින වත්මන් තත්වය කුමක්ද?
මේ දිනවල බුරුමය තුල විශාල ආගමික ගැටුමක් ඇති වී තිබෙන බව මාධ්‍ය මගින් වාර්තාවේ. එමෙන්ම සිංහල මාධ්‍ය අන්තර්ජාලය තුල මියන්මාරයේ බොදුනුවන්ට පහරදුන් ඡායාරූප විශාල වශයෙන් සැරි සරන්නේ එමගින් සිංහල සහ මුස්ලිම් සමාජ දෙක අතර වෛරයක් ජනිත කරවන ආකාරයටයි. මේ ඡායාරූප ප්‍රචාරයද භාරගෙන තිබෙන්නේ ආගමික අන්තවාදී කල්ලි විසිනි. නමුත් මෙහි සැබෑ තතු කුමක්ද? යන්න ජනතාවට හෙලි කිරීම මෙම ලිපියේ අරමුණයි. Continue reading
ක්‍රිකට් ක්‍රීඩාවේදී අප චියර් කළ යුත්තේ කාටද?
සමහරුන් අතර පොදු මතයක් තියෙනවා මුස්ලිම් වරුන් ක්‍රිකට් මැච් එකකදී සපෝර්ට් කරන්නේ ලංකාවට නොව මුස්ලිම් රටවල් වලට බවයි. විශේෂයෙන් ලංකාව සහ පකිස්ථානය අතර තරඟයක් පැවැත්වෙන විට මේ දේ සිදුවන බව ඔවුන්ගේ අදහසයි. මෙතුලින් මුස්ලිම් අය ලංකාවට ද්‍රෝහි වන බවට චෝදනා කිරීම සමහරුන්ගේ අරමුණයි. Continue reading
මුහම්මද් නබි තුමාණන් විසින් බෞද්ධ රහතන් වහන්සේලා ඝාතනය කළේද?
මේ දිනවල face book තුල කඩු දෙකක් සහිත ඡායාරූපයක් පලකරමින් ඉතාමත් සාහසික ලෙස මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන පරිදි පුවතක් පලකරමින් පවතියි. මේ පුවතේ ඇත්ත නැත්ත කුමක්දැයි අසා බොහෝ දෙනෙක් මගෙන් අසා එවා ඇත. මේ ඡායාරූපයේ පලවන කඩු දෙක ගැන මා සොයා බැලු විට දැනගන්නට ලැබුණේ මේ කඩු දෙක මුහම්මද් නබි තුමාණන්ට අයත්ව තිබුණු අල්-මාතුර් Al Ma’thur සහ අල්-රාසුබ් Al Rasub නම් වු කඩු දෙකයි. Continue reading
දුම්වැටි අලෙවිය ධාර්මික ඉපැයීමක්ද?
බොහෝ ආපන ශාලා හිමිකරුවන් පවසන්නේ තමන් දුම්වැටි අලෙවි කරන්නේ එසේ නොකළ හොත් පාරිබෝගිකයන් වෙනත් ආපන ශාලා වලට යාම නිසා බවයි. සමහරු පවසන්නේ දුම්වැටි නොබී එය අළෙවි කළාට පවක් නොමැති බවයි. තවත් සමහරු පවසන්නේ දුම්වැටි ගැන ගැන තහනමක් සෘජුව කිසිදු දහමකින් පනවා නොමැති තත්වයක් තුල දුම්වැටි විකිණීම වරදක් නොවන බවයි. මේ ගැන කථා කරන විට මට සිදුවු එක් අත්දැකීමක්ද මතක් වුණා. Continue reading
පාර්ලිමේන්තු මංත්‍රී ඉරාන් වික්‍රමරත්න කිතුණු පාස්ටර් කෙනෙක්ද?
පාර්ලිමේන්තු මංත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය පක්ෂයට දේශපාලනය තහනම් කිරීමට පුද්ගලික මංත්‍රී යෝජනාවක් ගෙන එන බවට මහත් ආන්දෝලනයක් පැතිර තිබුණා. විවිධ පුද්ගලයන් මේ ගැන තර්ක කරන අතරේ ඩිලාන් පෙරේරා ඇමතිතුමා විසින් අළුත්ම තර්කයක් ගෙනත් තිබුණා. ඒ පාර්ලිමේන්තු මංත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කිතුණු පාස්ටර් වරයෙක් බවයි. Continue reading
අල්-කායිදා “මරාගෙන මැරෙන්න අයදුම්පත් කැඳවයි” පුවත සත්‍යයක්ද?
මේ දිනවල face book හිවල් හඬ විසින් තවත් ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහැර ඇත. ඒ කිසියම් කාන්තාවක් කුඩා දරුවෙක්ට මරාගෙන මැරෙන බෝම්බයක් පලඳන ආකාරයේ එකකි. ඔවුන් මේ ඡායාරූපය සහ පුවත උපුටා ගෙන තිබෙන්නේ ලංකා චී නිවුස් වෙබ් අඩවියෙනි. එහි මාතෘකාව වශයෙන් සටහන්ව තිබුණේ මරාගෙන මැරෙන්න අයදුම්පත් කැඳවයි යනුවෙනි. මෙම ලිපිය ඒ පුවත සහ ඡායාරූපය සම්බන්ධවයි. Continue reading
අඩු වයස් විවාහය ළමා අපචාරයක්ද?
ආයිෂා රළියල්ලාහු අන්හා තුමිය වයස අවුරුදු 9 දී මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් සමග විවාහ වීම පිළිබඳ ප්‍රශ්නයට අප පිළිතුරු දීමත් සමග බොහෝ දෙනෙක් ඇවිස්සිලා. දැන් ඒ අයත් පිළිතුරු දෙන්න පටන් අරගෙන. මන්ද ඉස්ලාම් පිළිබඳව ඔවුන් විසින් ප්‍රචාරය කළ මඩ සියල්ලටම අප විසින් පිළිතුරු දෙමින් ඉදිරියට පැමිණ ඇත. කාලයක් වසාදමා තිබුණු මඩ බ්ලොග් අඩවිත් (මඩ කරත්ත) දැන් ආයිත් වැඩ පටන් අරන්. Continue reading
අන්‍යාගම්කරණය වැලැක්විය හැක්කේ කෙසේද?
අන්‍යාගම්කරණය යනු ලොව සෑම දහමකටම තිබෙන ප්‍රශ්ණයකි. කිසියම් දහමකට එම ප්‍රශ්ණය නැහැ කියනවා නම් එය මිනිසුන් විසින් අදහන දහමක් නොවිය යුතුය. ලොව වැඩිම වර්ධන වේගය සහිත දහම ලෙස සලකන ඉස්ලාම් දහමටද මෙය පොදු ප්‍රශ්ණයකි. නිදසුන් වශයෙන් ලොව විශාලතම මුස්ලිම් රට වන ඉන්දුනීසියාව තුල මෑත කාලීණව ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් විශාල ලෙස මුදල් ආයෝජනය කරමින් අන්‍යාගම්කරණය සිදු කිරීම පෙන්වා දිය හැක. Continue reading
මැදපෙරදිග හාම්පුතුන් වැඩියෙන්ම කැමති අපේ රටේ කාන්තාවන්ට ද?
අපේ විමල් ඇමති තුමා මොන්ටිසෝරි කතා කියන්න හරි දස්සයි. ලංකා සී නිවුස් වෙබ් එක ඒවගේ කතා පලකරන්නත් හරි දස්සයි. මම ඇමති තුමාගේ කතා මේ බ්ලොග් එකේ කීප වතාවක්ම විවේචනය කරලා තියෙනවා. විමල් ඇමති තුමා මේ සැරේ මොන්ටිසෝරි ප්‍රකාශය කරලා තියෙන්නෙත් මොන්ටිසෝරි වලට බඩු බෙදන උත්සවයක ප්‍රධාන අමුත්තා වෙලයි. ඒ කතාවේ උපුටා ගැනීම මෙසේය. Continue reading
අල්-කුර්ආනය සතුන් මරන්න කියා, පවසා තිබෙන්නේ රත්වු තැටියක් උඩ සිටද?
තරුකේ ඇලෙක්සි නම්වු අන්තර්ජාල ආගම් බේධවාදියා විසින් මූණු පොතේ පිංතූරයකට ප්‍රතිචාරයක් දමා තිබුණා. මෙයාගේ Talk එක දිහා බලන මුස්ලිම් නොවන කෙනෙකුට හිතෙන්නේ මෙයා ඉස්ලාම් ධර්ම චක්‍රවර්තී කෙනෙක් වගෙයි. තමන් දන්නෙත් නැති මගුල් පන්ඩිතයන් වගේ කියන මේ වගේ අයගෙන් සමාජයට යහපතක් සිදුවේද? එම face book ප්‍රතිචාරය පහත දක්වා ඇත. Continue reading
මුහම්මද් නබි තුමන් වයස 53 දී අවුරුදු 9 ක ආයිෂා සමග විවාහ වුයේ ඇයි?
ඉස්ලාමයට පහර ගසන්නන් විසින් එල්ල කරන ප්‍රධානතම පහර අපේ මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන් විසින් එවකට කුඩා දැරියකව සිටි ආයිෂා (අල්ලාහ්ගේ තෘප්තිය එතුමියට අත්වේවා) තුමිය සමග විවාහ වීම පිළිබඳ ප්‍රශ්ණයයි. ඇත්තටම බොහෝ දෙනෙක්ට ඉස්ලාමය පිළිබඳ වෙන ප්‍රශ්ණයක් නැතිලු. ප්‍රශ්ණය මෙයලු. මේ අද මේ ප්‍රශ්නය නිරාකරණය වන නිසා බොහෝ දෙනෙක් ඉස්ලාමය වැලඳ ගනු ඇත්ද? නැත. Continue reading
දන්පින් කළ යුත්තේ කෙසේද?
දහම් පානදුර නම් අයෙක් මුණු පොත හෙවත් face book එකේ බෙදා share ගෙන තිබු පෝස්ටරයක් මම දැක්කා. ඒකේ තිබුණේ දන්සලක දානේ බෙදන මුස්ලිම් වරයින් සිටින දර්ශනයක්. එහි පහලින් මෙසේ ලියා තිබුණා. “බෙදන බත් පතේ ආගම් ජාති බේධයක් නැතිව කුස පිරෙනවා. ඔබේ දෑතට දීම හුරුකළ බෞද්ධ අපට ලොකු ආඩම්බරයක් තියෙනවා. අපි හැමදාම මෙහෙම සතුටින් ඉමු.” Continue reading





























