තරුකේ ඇලෙක්සි නම්වු අන්තර්ජාල ආගම් බේධවාදියා විසින් මූණු පොතේ පිංතූරයකට ප්‍රතිචාරයක් දමා තිබුණා. මෙයාගේ Talk එක දිහා බලන මුස්ලිම් නොවන කෙනෙකුට හිතෙන්නේ මෙයා ඉස්ලාම් ධර්ම චක්‍රවර්තී කෙනෙක් වගෙයි. තමන් දන්නෙත් නැති මගුල් පන්ඩිතයන් වගේ කියන මේ වගේ අයගෙන් සමාජයට යහපතක් සිදුවේද? එම face book ප්‍රතිචාරය පහත දක්වා ඇත.
උපුටා ගැනීම
“Tharuke ALexi කුරාණෙ කියන්නෙ සත්තු මරණකොට ගිනි අගුරැ ගොඩක් උඩ ඉදල මරන්න කියල..ඒත් මේ තම්බ් හැත්ත කරන්නෙ ශේප් එකේ රතු රෙද්දක් උඩ ඉදල සත්තු මරණ එක..මරල HALAL කියල ඒක උඩින කොටල විකුණන එක..මුන් කුරාණෙ Remix කරල ද..පව්කාර හැත්ත….”
උපුටා ගැනීම අවසන්
මෙම මුණු පොත් ගිණුම්කරු පවසන පරිදි මුස්ලිම් වරයෙක් ආහාර පිණිස සතෙකු ඝාතනය කළ යුත්තේ ගිණි අඟුරු ගොඩක සිටලු. තවත් සමහරු පවසන්නේ රත්වු තැටියක සිටලු. මෙය ඇත්තක්ද? මීට පෙර ප්‍රසිද්ධ යතිවරයෙක් රූපවාහිණියෙන් පැවසු බණක් තුලදීද මෙවැනි ප්‍රකාශයක් කියනු මා අසා ඇත. ඉස්ලාම් ගැන පට්ටපල් බොරු දෙසාබාන මේ ෆේස් බුක් කාරයන්ගේ බස් කියවන පාඨකයන් සහ බොරු බණ කියන යතිවරුන්ගෙන් බණ අසන සැදැහැතියනට දෙවියන්ගේම පිහිටයි! මේ වගේ අය දෙරණ තුල සිටින තාක් ආගම්බේධ ඇති වීම ගැන අහන්නට දෙයක් නැත.
ඉස්ලාමය විසින් ආහාර පිණිස සත්ත්වයෙක් ඝාතණය කළ යුත්තේ කෙසේද? යන්න දාවාහ් කෝනර්. නෙට් වෙබ් අඩවියේ ලිපි මාලාවක සටහන් වී ඇත. ඔබගේ පහසුව පතා එහි කොටසක් සත්ත්ව ඝාතණය සිදුකළ යුතු ආකාරය පහත උපුටා දක්වමි.
පරිබෝජනය උදෙසා සත්ත්ව ඝාතනයෙහිලා ඉස්ලාමීය ක්‍රමවේදය
මස් පිණිස සතුන් කැපීමේදී අනුගමනය කළයුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ. ඒවා පිළිබදව අප මදක් විමසා බලමු.
1. සත්ත්වයාට හොඳින් ආහාර හා වතුර ලබා දීම.
2. කලබල කාරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.
3. පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබිය යුතුය.
4. කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය.
5. කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කලයුතුය. සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නාවූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.
6. කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කල යුතුය.
7. කැපීමෙන් ශ්වාස නාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යායුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.
8. එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.
9. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.
10. සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරු තාවයකින් නොසිටිය යුතුය.
11. කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යන්නට ඉඩ හැරිය යුතුය.
ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වන්නේය.
ඉස්ලාම් තුල සත්ත්ව ඝාතනයේලා මීට වඩා දී ඇති ක්‍රමවේදයක් නොමැත. එමෙන්ම රත්වු තැටියක කථාවක් හෝ ගිණි අඟුරු මත සිට මැරිය යුතු යැයි පැවසු කිසිම ස්ථානයක් ගැන කිසිදු ඉස්ලාමීය මුලාශ්‍රයක සඳහන් නොවන බව වගකීමෙන් පවසමි. කවුරුන් හෝ එසේ තිබේ යැයි පවසන්නේ නම් ඒ කුමණ ඉස්ලාම් මූලාශ්‍රයේ කුමණ වගන්තියේදැයි සඳහන් කරන ලෙස පෙන්නා දෙන ලෙස අභියෝග කරමි.

නිශ්ශංක says:
comment සදහා පින්තූර ද එකතු කිරිමේ හැකියව ලාබාදෙන්නේ නම් මැනවි.
මම ඝාතනය වීමට කැමති නැත. වේදනා විදීමට කැමති නැත. මා මෙන්ම අනික් සියළු සතුන් ද එසේමය. වෙදනාවකින් තොරව සතෙක් මැරිය හැකිද. සතුන් නිර්මාණය වී ඇත්තේ මිනිසාගේ අවශ්‍යතා සපුරාලන්නටද. 8 වසරදීම සත්ව ඝාතනය උගන්වන දහමක ඇති සරු බව කුමක්ද. ලොකොත්තර සැපයක් එහි තිබේද.
Anver Manatunga says:
http://www.dawahcorner.net හි ඉස්ලාම් සහ සත්ත්ව ඝාතනය ලිපි කියවන්න
asd says:
ඇසට පෙන කනට හැහෙන දේවල් වලින් තමා තීරණ ගන්නේ මිනිසුන් මෝඩ මිනිස්සු, ගස්වැල් වලටත් පන තියෙනවා ඒවා එච්චර පෙන්නේ නැ මිනිසාට, ඒ අනුව හෙහෙනන් ඒවත් ආහාරයට ගන්න බැහැ, වතුර තම බිල ඉන්න වෙන්නේ , බුදුහාමුදුරුවෝ මස් වැලදුවා නං ඉතින් තව වෙන මොන කතාද මෝඩයෝ එක්ක
eranga says:
@asd
ගස්වැල් යනු ජීවින් නොවේ.එය බුදු රජාණන් වහන්සේ විසින් දේශිතය.එමෙන්ම බුදු රජාණන් වහන්සේ මස් වැලඳු බව සැබෑය.නමුත් ප්‍රාණගාතය හා මස් වැළඳීම යනු දෙකකි.කිසියම් දෙයක් දෙස ගැඹුරින් නොබලන මතුපිටින් පමණක් බලනා මෝඩයන් විසින් මස් කෑමෙන් ප්‍රාණ ගාථ අකුසලයම වන බව කියති.බොදු දහම නිවැරදි දන්නා කෙනෙකු නම් ප්‍රානගත අකුසලයක් සිදු වන්නේ කෙස්ද කියා දනී.
Anver Manatunga says:
මෙය කන්න ගියහම කබරගොයා තලගොයා වනවා සේ කථාවකි. කන්න හොදය මරන්න හොද නැත.
isuru says:
@eranga ආගම ගැන නොදැන කථා කරන්ඩ එපා එරංග. බුදු හාමුදුරුවෝ කවදාවත් මස් කෑව කියලා කොහෙවත් නෑ . මම හිතන්නෙ ඔයා ඔයා කියන්නේ සුකර මද්දලය ගැන වෙන්ඩ ඕනේ . සුකර මද්දලය කියන්නේ මස් වලින් පිලියල කරන ලද දෙයක් නොවන බව හොදින් මතක තබා ගන්න . බුදු දහම හොදින් ඉගෙන ගෙන කථා කරන්ඩ . සුකර මද්දලය යනු හතු වර්ගයකින් හදන ලද කෑමක් බව බෞද්ධ පත පොත කියවා ඇත්නම් ඔබ දනී.
Anver Manatunga says:
ඉසුරු මෙය කියවා ඔබ මවිත වෙන්නට පුළුවන්. මෙහිදී එරන්ග පවසා ඇති දේ නිවැරදියි. සූකර මද්දව යනු තරුණ ඌරන්ගේ මාංශයයි. මේ ගැන අපගේ සහෝදරයෙක් වන ඉබ්නු මන්සුර් විසින් මාංශ අනුභවය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම් යන නමින් ලිපියක් පලකර තිබෙනවා. බලන්න http://www.ibnumansoor.com/meet-food-in-buddhism/ එහි සදහන් කරුණු මම පහත උපුටා දක්වමි.
උපුටා ගැනීම
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන්වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙළ කරන ලද්දක්ද?
“සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය, මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත්, ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙළ කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙළ කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පහළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංසය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංසය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංසයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා, සුකරමද්දවය මසින් පිළියෙළ කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංස නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”
“සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස. (බෞද්ධ ශබ්ද කෝෂය – 1644 වැනි පිටුව)
උපුටා ගැනීම අවසන්
ඔබ බෞද්ධ පොත පත කියවා තිබුණාට තවත් දැනගත යුතු බොහෝ දේ තිබෙන බව දැන් ඔබට වැටහෙනවා නොවේද? ඔබ තවදුරටත් මේ ගැන කරුණු හැදෑරීමට ඉබ්නු මන්සුර්ගේ ලිපිය කියවන්න. තවදුරටත් මාංශ ආහාර පිළිබදව බුදු දහමේ මතය දැන ගැනීමට දයාවංශ ජයකොඩි සමාගම මගින් පලකර ඇති කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි විසින් රචිත නිර්මාංශ ප්‍රශ්ණය නම් පොදත කියවන්න
Muhammad Rumaiz says:
This is a question-answer session with a medical practitioner on the benefits of the Islamic method of slaughtering animals.
- Question: Dr. John, if the veins that are in the front part of the neck of the animal are cut, what would happen to that animal?
- Dr. John: Scientifically speaking, when an animal or human has his veins that are found in the front part of the neck cut, he will faint immediately.
To clarify, he said that if someone was strangled, he would suffer extreme dizziness and lack of concentration because it is difficult for the blood to reach the brain, and if the duration of strangling was longer, he will lose sensation and faint.
- Question: So, cutting the veins that are in the front part of the neck of the slaughtered animal and letting the blood flow outside its body leads to unconsciousness?
- Dr. John: Yes, definitely.
- Question: Does the slaughtered animal feel any pain immediately after having its neck cut?
- Dr. John: Of course not, as it is totally unconscious.
- Question: Then, why does the animal do such spasmodic movements that give the feeling that it is in pain?
- Dr. John: This is because when the veins are cut without breaking the bones of the slaughtered animal’s neck, which is exactly the case in the Islamic way of slaughtering, the brain does not receive blood while the cerebrum is still alive and the neurological system that is at the back part of the neck is still linked to all the systems of the body. Thus, the neurological system sends signals to the heart, the muscles, the intestines and all the cells of the body to send blood to the cerebrum. This makes all the cells, intestines and muscles of the body make spasmodic movements to push the blood to the heart which sends the blood to the brain. However, the blood leaves the animal’s body instead of going to the brain because the veins of the neck are already cut. The neurological system continues to send signals and blood leaves the animal’s body until all the blood flows out. The widespread idea that animals suffer from pain when slaughtered by this method was scientifically proven to be wrong as animals faint and totally lose sensation as soon as the veins are cut.
- Question: Medically speaking, is it better to leave the blood inside the body of the animal or let the blood flow out of the body?
- Dr. John: Blood is one of the most fertile environments where germs grow and it also carries substances that are harmful for the human body. So, if the blood remained in the meat directly after the death of the animal, it will be a fertile environment for germs, in addition to the harmful substances that are present in it.
- Question: What do you think of the other ways of slaughtering animals especially the way that is used in most European countries which is hitting the animal on its head so that it would faint, then slaughtering it afterwards?
- Dr. John: This method has dangerous ramifications on the health of humans. This is because the animal dies slowly when it is hit in this method and this causes the membrane that lines the large intestines to lose its ability to retain the bacteria that is in the large intestines. Therefore, the bacteria penetrates the body of the animal, finds the blood and swims in it while interacting with it until it spreads throughout the entire body of the animal. The safest way of eating meat that is free from blood and bacteria is by getting rid of the blood of the animal and letting it flow out.
Praise be to Allaah for the blessing of Islam!
The Hadeeth (narration):
Abu Ya‘la, Shaddaad bin Aws narrated that the Prophet, , said: “Verily Allaah has enjoined goodness to everything; so when you kill, kill in a good way and when you slaughter, slaughter in a good way. Every one of you should sharpen his knife, and let the slaughtered animal die comfortably.” [Muslim]
For more benefit, I would like to quote a research that was conducted at Hanover College in Germany by a non-Muslim German professor and a Muslim Egyptian doctor. They reached the exact same results that are cited here. The details of this research were published on way2Allah website three years ago:
Al Shaddad bin Aws has quoted this tradition of the Holy Prophet : “Allaah calls for mercy in everything, so be merciful when you kill and when you slaughter, sharpen your blade to relieve its pain.”
Many allegations have been made that Islamic slaughter is not humane to animals. However, Professor Schultz and his colleague, Dr. Hazim, of the Hanover University, Germany, proved through an experiment, using an electroencephalograph (EEG) and electrocardiogram (ECG) that ‘Islamic slaughter is the most humane method of slaughter’ and captive bolt stunning that is commonly, practiced inby the Western method, causes severe pain to the animal.
The results surprised many.
Experimental Details:
1. Several electrodes were surgically implanted at various points of the skull of all animals, touching the surface of the brain.
2. The animals were allowed to recover for several weeks.
3. Some animals were slaughtered by making a swift, deep incision with a sharp knife on the neck cutting the jugular veins and carotid arteries of both sides; as well as the trachea and esophagus: Halal method.
4. Some animals were stunned using a captive bolt pistol that is considered a humane method of slaughter by the Western standard method..
5. During the experiment, EEG and ECG were recorded on all animals to record the condition of the brain and heart during the course of slaughter and stunning.
Results and Discussion:
I – Halal method
1. The first three seconds from the time of Islamic slaughter as recorded on the EEG did not show any change from the graph before slaughter. This indicates that the animal did not feel any pain during or immediately after the incision.
2. For the following 3 seconds, the EEG recorded a condition of deep sleep – unconsciousness. This is due to a large quantity of blood gushing out from the body.
3. After the above- mentioned 6 seconds, the EEG recorded zero level, showing no feeling of pain at all.
4. As the brain message (EEG) dropped to zero level, the heart was still pounding and the body was convulsing vigorously (a reflex action of the spinal cord) driving the maximum amount of blood from the body: resulting in hygienic meat for the consumer.
II -Western method performed by C.B.P. Stunning
1. The animals were apparently unconscious soon after being stunned.
2. EEG showed severe pain immediately after stunning.
3. The hearts of the animal that was stunned by C.B.P. stopped beating earlier as compared to the animals slaughtered according to the Halal method resulting in the retention of more blood in the meat. This in turn is unhygienic for the consumer.
නිශ්ශංක says:
පරිබෝජනය උදෙසා සත්ත්ව ඝාතනයෙහිලා ඉස්ලාමීය ක්‍රමවේදය මා කියවා ඇත්තේමි.. ඉහත අසා තිබෙන ගැටළු වලට පිලිතුරු ලබා දෙන්නේ නම් මැනවි. ඔබ කිසිවිටක ඝාතනය වීමට කැමති දැයි අසමි. මරණයේ වෙදනාව අත් විදීමට කැමතිද… තව දිනක් හෝ ජිවත් වීමට නොවෙද අප සියල්ලක්ම කැමති. එම කැමැත්ත මේ තිරිසනුන්ට නොමැතිද…(comment සදහා පින්තූර ද එකතු කිරිමේ හැකියව ලාබාදෙන්නේ නම් මැනවි)
Anver Manatunga says:
හිතවත් සොහෝදර නිශ්ශංක, ඔතරම් හැගුම්බර නොවන්න. ඔබ හුස්ම ගන්න විටද ප්‍රාණීන් විනාශ වේ. වතුර බොන විටද විනාශ වේ. වගාවන්හි කෘමිනාශක යොදන විටද විනාශ වේ. ආරක්ෂාවට මැසි මදුරුවන් මරන විටද විනාශ වේ. කොටින්ම පරපණ නොනසා විසුමක් නැත.
පිංතූර කමෙන්ට් ඉල්ලන හේතුව මා දන්නවා. පලමුව ඔබගේ සමාජයේ මස් මාංශ අනුභවය නැති කර පෙන්වන්න. භික්ෂූන්ගෙන් 90% ක් පමණ අඩුම ගානේ කරවල කෑල්ලක් හරි වලදනවා. පුළුවන්නම් මේවා නැති කර පෙන්වන්න.
නිශ්ශංක says:
චෙතනාවයි කරමය වන්නේ. හුස්ම ගන්නා විට සතුන් මැරේ යැයි සිතා හුස්ම නොගෙන සිටින්නද. බුදුන් මස් කන්න හෝ නොකන්න යැයි වදාලා නැත. පවසා ඇත්තේ තම බුද්ධියේන් විමසා කර්මය කරන ලෙසයි. කුමන දහමක් ඇදහුවද සිදුවිය යුත්තේ තමන් සිල්වත් වීමයි. කියන්නට කිසිවක් නැතිවිට අනෙකාට මෝඩයා යෙයි පවසන ඔබලගේ නුවණ්ක්කාර කම දුටුවෙමි. විසින් බුදුන් මස් වැලදුවා යැයි කියන්නේ කෙසෙද. කුමන සුත්‍ර දෙසනාවකද ඒ බව සදන් ව්න්නේ. ඔබ කියන එක සත්‍යක් ඇත.. ඔබලා මස් කන නිසා අපට පවු පිරේ. එසේම ඔබලා මේ කරන සත්ව ඝතනය දකින තරම් අප පෙරද පවු කර ඇත. මිත්යාදෘස්ඨිකයින් පෙරද සිටියා..අදද සිටි..අනගතයෙද සිටිනු ඇත.. එය වැලකිය නොහැක
Anver Manatunga says:
මිථ්‍යාව යනු බොරුවයි. දෘෂ්ටිය යනු දැක්මයි. අනෙක් දහම් මිථ්‍යා දෘෂ්ටීන් යැයි කියන්න ඔබ ඒ දහම් ගැන නිසි ලෙස දැනුවත්ද? ඔබ අනෙක් ආගම් ගැන හරි හැටි නොදැන ඔබගේ දහම සත්‍ය දෘෂ්යිට යැයි පවසන්නේ කෙසේද?
නිශ්ශංක says:
පරිබෝජනය උදෙසා සත්ත්ව ඝාතනයෙහිලා ඉස්ලාමීය ක්‍රමවේදය මා කියවා ඇත්තේමි.. ඉහත අසා තිබෙන ගැටළු වලට පිලිතුරු ලබා දෙන්නේ නම් මැනවි. ඔබ කිසිවිටක ඝාතනය වීමට කැමති දැයි අසමි. මරණයේ වෙදනාව අත් විදීමට කැමතිද… තව දිනක් හෝ ජිවත් වීමට නොවෙද අප සියල්ලක්ම කැමති. එම කැමැත්ත මේ තිරිසනුන්ට නොමැතිද…(පින්තූර ද එකතු කිරිමේ හැකියව ලාබාදෙන්නේ නම් මැනවි)
Anver Manatunga says:
හිතවත් සොහෝදර නිශ්ශංක, ඔතරම් හැගුම්බර නොවන්න. ඔබ හුස්ම ගන්න විටද ප්‍රාණීන් විනාශ වේ. වතුර බොන විටද විනාශ වේ. වගාවන්හි කෘමිනාශක යොදන විටද විනාශ වේ. ආරක්ෂාවට මැසි මදුරුවන් මරන විටද විනාශ වේ. කොටින්ම පරපණ නොනසා විසුමක් නැත.
පිංතූර කමෙන්ට් ඉල්ලන හේතුව මා දන්නවා. පලමුව ඔබගේ සමාජයේ මස් මාංශ අනුභවය නැති කර පෙන්වන්න. භික්ෂූන්ගෙන් 90% ක් පමණ අඩුම ගානේ කරවල කෑල්ලක් හරි වලදනවා. පුළුවන්නම් මේවා නැති කර පෙන්වන්න.
atheist non religon says:
සතර අපායෙහි අප්‍රමාණ දුක්විඳීමට සිදුවන කර්මයකි. ප්‍රාණඝාතය. සත්ත්වයකුගේ ජීවිතය කිසියම් උපක්‍රමයකින් පවතින්නට යුතු තරම් කාල පරිච්ඡේදයක් පවතින්නට ඉඩ නොතබා විනාශයට පත් කිරීම ප්‍රාණඝාත නම් වේ. මෙම ප්‍රාණඝාත කර්මය සිදුවීම කොටස් කිහිපයක් යටතේ බෙදී යයි. ඒ අතර ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාත කර්මය සිදුවීමට මූලිකාංග පහක් සම්පූර්ණ විය යුතු ය.
“පාණෝ භවේ පාණ සඤ්ඤි
වධක චිත්ත මුපක්කමො
තේන ජීවිතනාසොච
අංගා පඤ්ච වධස්සිමෙ”
01. පණ ඇති සතෙකු වීමය.
02. පණ ඇති සතෙකු බව දැන ගැනීමය.
03. මරණය සිදු කිරීමට කැමැති සිත.
04. මරන්නට උපක්‍රම යෙදීම.
05. එම උපක්‍රමය හේතුවෙන් මරණය සිදුවීමය.
යන මෙම අංග පස සම්පූර්ණ විය යුතු ය. මෙම අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. ඉහත අංග පස සම්පූර්ණ නොවී ප්‍රාණඝාතය සිදු නොවන අතර යාම් ඊම් ආදී ගමන් කිරීමෙන් ද ගොවිතැන් ආදී කටයුතු වලදී ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ.
“චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” යන බුදු වදනට අනුව සතුන් මැරේවා යන චේතනාවක් නොවන නිසා එහිදී කර්මය සිදු නොවේ. සතුන් මැරෙනවා යැයි සිතා යාම් ඊම් ගොවිතැන් කටයුතු කිරීම් ගිනිතැබීම් ආදී කටයුතුවලදි ඔහුට ප්‍රාණඝාත කර්මය වේ.
ප්‍රාණඝාතය සම්පූර්ණ වීමේ අංග පසට අමතරව ප්‍රාණඝාතයෙහි ප්‍රයෝග 06 කි. මෙහිදී ප්‍රයෝග යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රාණඝාතය සිදු කිරීමට කරනු ලබන්නා වූ උත්සාහයයි.
සත්වයාගේ දිවි තොර කිරීමේ ආකාරය අනුව මෙම වර්ග කිරීම සිදුවේ.
“සාහත්ථිකො ආනත්තිකො – නිස්සග්ගියොච තාවරො
විජ්ජාමයො ඉද්ධිමයො – පසොගා ඡබ්බිධා මතා”
01. ස්වාහස්තික ප්‍රයෝගය – (මරණු පිණිස ගැසීම්, කැපීම්, ඇනීම් ආදී සිය අතින්ම කරන්නා වූ උත්සාහය ස්වහස්තික ප්‍රයෝග නම් වේ.)
02. ආඥා ප්‍රයෝගය – (සිය අතින් නොමරා අනෙකකු ලවා මැරවීම ආඥා ප්‍රයෝග නම්)
03. නිස්සර්ගික ප්‍රයෝගය – (ගල් ගැසීම්, වෙඩි තැබීම්, ආයුධ දමා ගැසීම් ආදී තමා අතින් මුදා හැර යම් සත්ත්වයකුගේ දිවිතොර කිරීමට ගන්නා උත්සාහය නිස්සරගික ප්‍රයෝගය නම් වේ.)
04. ස්ථාවර ප්‍රයෝගය – (ස්ථාවර ප්‍රයෝග යනු වලවල් හාරා තැබීම්,(උගුල් ඇටවීම්) උල් සිටුවා තැබීම්, තුවක්කු බැඳීම් ආදියෙන් දිවිතොර කිරීමට ගන්නා උත්සාහයයි.
05. විද්‍යාමය ප්‍රයෝගය – (අංගම් පිඹීම්, සූනියම් කිරීම් ආදී විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම්)
06. සෘද්ධිමය ප්‍රයෝගය – (ඇතැම් සත්වයන්ට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන්ම පිහිටයි. බොහෝ සෙයින් එබඳු වූ සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. එබඳු ආකාරයෙන් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ.)
Anver Manatunga says:
සහෝදරයා, ප්‍රාණ ඝාතය ගැන බුදු දහමෙහි මතය ඉතාමත් අලංකාර අන්දමින් විස්තර කළාට ඔබට ස්තූතියි. බුදු වදනට අනුව ප්‍රාණ ඝාතය අකුසල කර්මයකි. එය අපිදු දනිමු. අප එයට අභියෝග නොකරන්නේ එය දහමක ඇති මුලධර්මයක් හෙයිනි.
අපට මෙතන ගැටළුව තිබෙන්නේ මාංශ ආහාර අනුභවය කෙරෙහිය. එහිදී බුදු වදන පවසන්නේ ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල නම් කෑ හැකි බවයි. අපගේ තර්කය නම් බොදුනුවන්ට මස් කෑමට හැකි නම් ඇයි මුස්ලිම් වරුන්ට එරෙහිව බොරුවට හඩ නගන්නේ? යනුයි.
අනෙක් අතින් නැගෙන තර්කය නම් මුස්ලිම් වරුන් සතුන් මරණවා යන්නයි. මුස්ලිම් හෝ කවුරුන් විසින් හෝ සතුන් මරන්නේ ඒවාට ගැණුම් කරුවන් සිටින නිසයි. කාට හෝ සතුන් මස් කිරීම වලක්වන්නට අවශ්‍ය නම් කළ යුත්තේ මස් කන අය දැනුවත් කොට ඔවුන් එයින් මුදවා ගැනීමයි.
ඉස්ලාම් ධර්මානුකූලව ආහාර පිණිස ප්‍රාණ ඝාතය අකුසල කර්මයක් නොවේ. අපට ප්‍රශ්නය වන්නේ ප්‍රාණ ඝාතය අකුසල කර්මයකි යැයි කියන අයම මාංශ බුදිමින් අපට පමණක් බණ දෙසීමයි.
sarji says:
අවුරුදු පහේදීම ගස් ගල් වලට වඳින්න පුරුදු කරන දහමකින් ලෝකෝත්තර සැපතක් තිබේද?
ගමරාල says:
ගස්ගල් වලට රාගය ද්වේශය මෝහය නුපදී. ගස් ගල් උපත, මරණය ගැන ශෝක නොවෙය්.කිසිවක් කෙරෙහි ආශාවන් උපදවා නොගනී. මනසින් තොර ගස්ගල් තම උපත මරණය නොදකී.කොටින්ම තමන් ජිවත්වන බව හෝ නොවන බව නොසිතය්.සන්සාර දුකින් නිදහස්ව සිටින ගස්ගල් වලට මාගේ වැදුම වේවා..!
Anver Manatunga says:
සාදු සාදු සාදු
Amda says:
සුෂුම්නාව nokapanna hethuwa kiyanu menawa?
Anver Manatunga says:
සුෂුම්නාවද කපනවා.
Malik says:
@Bro Anvar , just a correction. According to the islamic law you are not suppose to cut the spinal cord. only the Jugular veins using a sharp knife , done swiftly. this would keep all the organs in the animals body intact since any damage to them would cause the blood to clog in the veins and arteries.
By cutting only the jugular veins the blood flow to the nerves in the brain responsible for the pain would result in the animal not sensing the pain . this would take 10-20 seconds depending on the animal as per the experimental evidence .
keeping the spinal cord intact would result in the muscles continuing to contract and relax which would assist in the maximum amount of blood being expelled from the body. more blood expelled cleaner the meat because blood is considered unhealthy even in scientific terms. these movements dont affect the animal.it only causes ineasiness to the onlookers.
Anver Manatunga says:
නිවැරදි කිරීම ගැන ස්තූතියි!
ජයශ්‍රී says:
රත් වූ තැටි කතාව විශාල වශයෙන් ප්‍රචලිත මිථ්‍යාවක්.
kumara says:
මස් වර්ග විසේසයෙන් හරක් මස් කන්නේ මුස්ලිම් අය පමණක් නොවෙයි , ලෝකේ හා ලංකාවේ සියලු ජාතීන් මස් කනවා සමහරු හොරෙන් කනවා, මස් පිණිස බටහිර ජාතීන් තමයි වැඩියෙන්ම හරක් මරන්නේ. ත්‍රිපිටකය අනුව බුදුන් පවා එල හරක් මස් වළදා ඇත, සොරෙක් විසින් සොරකම් කරන ලද එල හරකෙකුගේ මස් උප්පලවන්නා බික්ෂුනියට ලබා දී ඇය එම මස් බුදුරජාණන් වෙනුවෙන් සකස්කළ බවටත් අරන්ගිය බවටත් එහි සදහන් වී ඇත. ලංකාවේද අදටත් වැඩියෙන්ම මස් කන්නේ බෝව්ද ඇය තමයි. බෝව්ද සෙබලු 90% වඩා සිටින හමුදාවට සිංහල බෝව්දයන් සිටින රජයෙන්ම තමයි මස් සපයන්නේ (කොන්ත්‍රාත් කරුවෝ හරහා), මස් කඩ සඳහා බලපත්‍ර නිකුත් කරනෙත් රජයෙන් තමයි. එසේ තිබියදී සමහර අඩු මාසේ ඉපදී තමන්ගේ ආගමික ග්‍රන්ථයවත් හරියට නොබලා තමන්ගේ ජාතිය මොනවද කන්නේ කියාවත් දැනීමක් නැතුව (සමහරවිට මේවා මොවුන්ට අපට වඩා දන්නවත් ඇති, දැනගන අනුන්ට ඇඟිල්ල දික් කරන මෝඩ පුරුද්ද ) අද පන්සල්වල දානෙට බික්ෂුන් විසින් දායකයන්ට දෙන ලිස්ට් එකවත් හරියට බලන්නේ නැතුව (මේ ඇත්තෝ හාමුදුරුවන්ට දානයක්වත් දීල නෙති අය) මොනවා හරි ජාති වාදී කමට ලියනවා. මස් සඳහා සතුන් මරන්නේ කොහමද මොනවද කන්නේ කියා සීමාවන් පනවා ඇත්තේ ඉස්ලාම් දර්මයේ පමණයි. සමහර බෝව්ද රටවල නයි, පොලංගු, සර්පයෝ, පනුවෝ, ගෙම්බෝ, මීයෝ වෙනි දේවල් පණපිටින් අමුවෙන් කනවා මේ අයට දන්නේ නැතුව වගේ අන් අයට ඇඟිල්ල දික් කරනවා. අපි මස් කන නිසා යම් අකුසලක්, පවක් සිදුවේනම් ඒ පව් අපිට මිසක් බෝව්දයින්ට නොවෙයි. එම නිසා මේ අය කළ යුත්තේ, බෝව්දයින් මස් කෑම ගැන තීරණයක් ගන්නයි.
amjad says:
well said kumara,
nice answer to නිශ්ශංක
amjad says:
ශාක භක්ශක සතුන් සදහා කොළ වර්ග කෑමට සුදුසු දත් පිහිටා ඇත.
මාංශ භක්ශක සතුන් සදහා මස් ඉරා කෑමට සුදුසු දත් පිහිටා ඇත.
සර්ව භක්ශක මිනිසාට දත් මවා ඇත්තේ කොළ වර්ග හා මස් වර්ග අනුභව කිරීමටය..
ගමරාල says:
එතකොට වයසට ගියාම දත් හැලෙන්නේ ඒකාලේ වෙනකොට කෑම විකල කන එක අගුණ නිසාද
Anver Manatunga says:
වයසට යන විට දත් හැලෙන්නේ දැන් ආශාවට සීමා තබන්න යැයි සංඥා කරමින්.
amjad says:
දන්සල් වලටත් මාලු උයනවා කියලා නොදන්නේද??දාන වලට මස් වර්ග උයනවා කියලා නොදන්නේද??
amjad says:
ගමක මුස්ලිම් පවුල් 100ක් ඉන්නවා කියමුකෝ.. ගමේ මස් කඩේ දවසකට හරකෙක් මරනවා කියමුකො..හරකා කිලෝ 300 කියමුකෝ…මුස්ලිම් පවුලක් දවසකට කිලෝ 1 ගන්නවා කියමුකො..එතකොට කිලෝ 100 නේද???ඉතිරි කිලෝ 200 කෝ?????
amjad says:
@ නිශ්ශංක අද ලංකාවේ දවසකට මීනි කීයක් නම් මරනවාද??අන්‍ය ආගම් වල ස්තුන් මරන විදිහ ගැන අධයනය කරන ගමන් ම මිනිසුන් ගැනත් සිතුවොත් දවසකට මිනිස් ජීවීත කීයක් නම් බේරාගන්ඩ පුලුවන් වේයි ද??
හරක් තරම් වත් මිනිසාට වට්නාකමක් නැද්ද??
Anver Manatunga says:
දරු උපත් ලබන්නට සුදුසු කළල දිනකට 1000ක් පමණ ගබ්සා කරනවා. වසරකට 365,000 කි. මෙයින් ලක්ෂ 3 කට වඩා බෞද්ධ කළලයි.
asd says:
අනිවා දියසේනයා ත් ඕකට දිය වෙලා යන්න ඇති ,
KHL says:
I want some points clarified please.
1. Does the islamic way of animal sacrifice causes no pain to the animal??
2. I have read that carnivorous animals are haram in islam. (not allowed to eat) If so why do they eat fish??? Also is all seafood allowed for consumption by islam??
3. What does islam state about the mentality (The psychological aspect)of animal slaughtering???
I am buddhist. And I accept that most buddhist’s do eat meat(including beef) But also it is mostly buddhists who are vegeterains or do not consume beef.
Anver Manatunga says:
කවුරු හරි මෙයාට උත්තර දෙන්න. මං හිතන්නේ ඕන කෙනෙකුට උත්තර දෙන්න අමාරු නැහැ.
erandi says:
myanmar hee siduwana de dakina wita anagataye lankawata wana daeth sita gatha hekiya.Mallila mallilawa maraddi anith mallilata wagak netha.Mallilata penne bauddayo marana ewa pamani.
sinhalayeni negitiyaw.Nethnam mun buddha dharmaye avihinsawadaya penwa ape rata hinsanayen alla ganna dawasa wedi athaka nowei.
asd says:
නිවටකම අවිහින්සවදයත් එක්ක පටලගන්න එපා හොදේ
Mawahib says:
I think All are became mental patients in Mother Lanka
bunanm says:
well said bro Kumara…
bunanm says:
ඇය් දෙය්යනේ ශ්‍රී ලංකාවේ 80% බෞද්දයෝනේ ,ඔබලා මස් නොකා හිටියොත් ඔය ගව ගාතනය ඉබේම නැතිවේවි, උරු මස්/මද්‍යසාර හා අපට අකැප දේවල් නොකරන්න කියල අපි ඔබලාට කියන්නේ නැහැනේද.ඒවගේම අනුන්ට ඇඟිලි දික්කරන එක නවතා ,ඔබලත් ඔබලාගේ ධර්මයේ ඉන්න එක ගැන හිතුවොත් මිටවැඩියා වැඩක් වෙය් නේද ?
Anver Manatunga says:
මම කියන්නෙත් ඔය ටිකමයි. ලංකාවේ කිසියම් දහමක හරක් මස් කන්න එපා කියලා තියෙනවා නම් අනේ කන්න එපා! එහෙම කට්ටිය මස් කන එක අඩු වෙනකොට හරක් මස් වල ඉල්ලුම demand අඩු වෙනවා. මිල පහල යනවා. එතකොට අපිට ලාබෙට හරක් මස් කන්න පුළුවන්.
මහඖෂධ says:
Well Said Anver
srilankan says:
@ erandi අය්යො කියලා වැඩක් නෑ හැමදාම අවදි කරවනවා විතරයි…..අවදි වෙලා කාලක් ගහලා අයෙත් දොයි නේද??ඔයාලාට පුලුවන් අනෙක් අයව අවදි කරවලා ආතල් ගන්ඩ විතරයි.ඔක්කොටම කලින් ඔයා අවදිවෙලා ඉන්ඩ,,
මන් හිතන්නේ දැන් ඔයා හීනයක් දකින්නේ..අවුරුදු 30 යුද්දේ තිබුනු වේලාවේ ඔයාලා වගේ අය ගෙවල් වලට වෙලා සෑහෙන වැඩ කොටසක් කලා කියලා අපි දන්නවා… ඔයා වගේ අය තව 10 හිටියොත් ලංකාව ඉක්මනින්ම දියුනු වෙයි
KHL says:
Mr. Anver Manatunga – You had said that my questions were easy to answer , but so far no one has answered them. If it is so easy why don’t you give me an answer yourself. I am particularly interested in the 3rd answer to my 3rd question “The psychological aspect of animal slaughtering”.
Anver Manatunga says:
ඉස්ලාමීය ක්‍රමයට සතෙකු ඝාතනය කරන විට සත්ත්වයාට වේදනාවක් දැනෙන්නේ නැහැ කියා අප කියා නැහැ. සිදුවන්නේ වේදනාව අවම කරලීමයි.
ජලයේ සිටින සෑම සතෙකුම හලාල් හෙවත් අනුමත ගනයට ලක්වන්නේ නැහැ. නිදසුනක් ලෙස දියෙහි සහ ගොඩෙහි දෙකෙහිම වෙසෙන උරගයන් පෙන්වා දිය හැකියි.
මිනිසෙක් විසින් ආහාර පිණිස සතුන් ඝාතනය කරන්නේ අවශ්‍යතාවය මත මිස සත්ත්වයා පිළිබඳ ද්වේශ සහගතව නොවේ. ඒ හැර සාමාන්‍ය ජීවිතයේ අපට සත්ත්වයන්ට කිසිදු හිංසාවක් කිරීමට අවශ්‍යතාවයක් නැත. එසේ හිංසා කිරීම ආගමානුකූලද නැත. නමුත් අපගේ විශ්වාසය මේ සියල්ල නිර්මාණය වී තිබෙන්නේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහාය යන්නයි.
මගේ අත්දැකීමට අනුව ලංකාවේ සිටින බොදුනුවන්ගෙන් නිර්මාංශ යැයි කිව හැක්කේ ඉතාමත්ම සුළුතරයකට පමණි. සමහරු අනික් සියළුම මස් කන නමුදු හරක් මස් නොකති. තවත් සමහරු තෝරාගත් මස් ජාති කිහිපයක් පමණක් කති. තවත් සමහරු මස් නොකති. එහෙත් මාළු අනුභව කරති. තවත් සමහරු මස් මාළු දෙකම නොකෑවත් බිත්තර කති. තවත් සමහරු මස් මාළු දෙකම නොකන නමුදු කරවල පමණක් කති.
බොහෝ දෙනෙකු මාංශ ආහාර වැරදි යැයි කියන නමුදු ප්‍රායෝගිකව ඔවුන්ටම එය කිරීමට නොහැකි වී ඇත.
ලංකාවේ සිටින බොදුනුවන්ගෙන් බොහෝ දෙනෙක් සිටින්නේ අර්ධ හින්දු මානසිකත්වයේය. එනම් ඔවුන් බුදුරජාණන් වහන්සේව නමදින ගමන්ම හින්දු දෙවිවරු අදහති. එම අර්ධ හින්දු මානසිකත්වය නිසා බොහෝ දෙනෙක් ගවයාට පමණක් අනුකම්පාව දක්වති. නමුත් ප්‍රායෝගිකව ගවමස් නොකා ජීවත් වන්නටද ඔවුන්ට අපහසුය.
asd says:
කට ඇරියොත් සිංහ පැටව්, හැබැය් කන්නේ කොළ, ඉතිහාසයේ සිංහල රජුරුවන් සින්හයෝවගේ වැඩ කරපු නිසා ඔව්න් යොදාගෙන තියෙන්නේ සිංහයව , දැන් නං කලේ හරි වගේ වෙන ලකුණක් යොදාගන්න ,එළුපටව් ,වගේ නම් හොදට ගැලපෙනවා , මොකද වෙජිටරිඅන් සිංහයෝ නැ නේ
srilankan says:
lole lol wel said asd
eranga says:
ඉස්ලාම් ආගම යනු කොතරම් කුරිරු දහමක්ද? ප්‍රාණගාතය කරන ආකාරය මේ තරම් සවිස්තරව පැහැදිලි කල පුද්ගලයා කොයිතරම් හොඳ කෙනෙකු වන්නට ඇත්ද කියා බුද්ධිය ඇති අයෙකුට නම් වැටහේ.. ප්‍රාණගාතය කිරීමට අනුබල දෙන දෙවි කෙනෙකු අපට කරුණාවක් දක්වාවිද? අන්වෙර් මනතුංග,සැබවින්ම ඔබ ගැන කනගාටු වෙමි.මීට පෙර ලිපියක බුදුරජාණන් වහන්සේ විසින් දේශිත කාලාම සුත්‍රය ඔබ කැමතිම සුත්‍රය බව සඳහන් කර තිබුනා.එයට අනුව ඔබේ බුද්ධියට ගෝචර වන ආකාරයෙන් යමක් පිළිගැනීම ඔබගේ සිරිතක් නම්, මෙවැනි සහාහාසික ආකාරයට සතුන් මැරීම ඔබගේ බුද්ධිය විසින් නිවැරදි යයි අනුමත කරනවාද?
මා විසින් ඉස්ලාම් වෙබ් අඩවි තුල පෙර පල කොමෙන්ටුද ඒවායේ ඇඩ්මින් වරු අනුමත කිරීමෙන් වැලකි සිට ඇත.ඕනෑම ගැටලුවකට පිළිතුරු ඔබේ ආගමේ ඇත්නම් ඒවා අනුමත නොකළේ මන්දැයි මම නොදනිමි.
Anver Manatunga says:
ඔබට එලෙස හැගෙන්නේ ඔබ සිටින්නාවු සංස්කෘතික රාමුව අනුවයි. ඔබ ඔබගේ සිතිවිලි රාමුවෙන් පිටතට ආපසු එවැනි දෙයක් නොසිතේ. ගොයම් මැස්සන්ට කෘමිනාශක ගසන කෙනාත්, ඩෙංගු වලකන්නට මදුරු නාශක ගසන කෙනාත්, ආහාර පිණිස සත්ත්ව ඝාතනය කරන කෙනාත් කරන්නේ එකම දෙයකි. ඕනෑ නම් මේ සියළුම ආකාරයෙන් සතුන් මැරෙන ආකාරය පිළිබද විස්තර කරන්නට පුළුවන. ඉස්ලාම් විසින් පෙන්වා දී තිබෙන්නේ ආහාර පිණිස සතුන් ඝාතනය කරනවා නම් ඒ කළ යුතු ආකාරයයි. එසේ නොමැතිව දෙවියන් උදෙසා කිසිදු බිළිපූජාවක් නැත.
මීට පෙර ලිපියක මම කැමතිම සූත්‍රය කාලාම සූත්‍රය යැයි සදහන් නොකලෙමි. කරුණාකර ලින්ක් එක දමන්න.
පාඨකය, අප සාහසික අයුරින් සතුන් ඝාතනය කරන එක ගැන කථා කරන්නට පෙර ඔබ ඔබගේ සමාජයේ වැරදි හදා ගතහොත් හොද නැද්ද? පලමුව ධීවර අමාත්‍යාංශය වසන්න. ඉන්පසුව අනෙකුත් සත්ත්ව සංහාරයන් සිදුවන අමාත්‍යාංශ වසන්න. ඔබගේ ජනතාව සම්පූර්ණයෙන් නිර්මාංශ වු පසු අන් ආගමිකයන් දෙසට ඇගිල්ල දිගු කරන්න. එසේ නොමැතිව ඔබලාටවත් ප්‍රායෝගික නොවන බණක් අපට දෙසන්නේ ඇයි?
ඔබගේ කමෙන්ට් පල නොකල වෙබ් අඩවි ගැන මා නම් නොදනිමි. මගේ වෙබ් අඩවියේ එසේ නොවු බව සටහන් කරමි
eranga says:
අන්වෙර් සහෝදරයා, ධීවර අමාත්‍යාංශයෙන් මසුන් මැරීම වැරදි ක්‍රියාවකි..බෞද්ධයෙකු ලෙස මම ඔවුන් වත් විවේචනය කරමි. බෞද්ධයෙකු ලෙස මම ඔවුන් විවේචනය කලත් ධීවර අමාත්‍යංශය තිබෙන්නේ බෞද්ධයින්ට මාළු කෑම සඳහා මසුන් මැරීමට නොවේ.ඔවුන් මසුන් මරන්නේ රටේ මාළු කන සියලු පුරවැසියන් සඳහාය.එසේ නම් ඒ පිළිබඳව වගකීම රටේ සියලු ජනතාව බාර ගත යුතුය. එතකොට “ඔබ ඔබගේ සමාජයේ වැරදි හදා ගතහොත් හොද නැද්ද?” කියා ඔබ කියන්නේ ඔබ ශ්‍රී ලාංකික සමාජයට අයත් නොවන නිසාද? ධීවර අමාත්‍යංශය යනු බෞද්ධයින්ට පමණක් අයිති ආයතනයක්ද?
//ඔබගේ ජනතාව සම්පූර්ණයෙන් නිර්මාංශ වු පසු අන් ආගමිකයන් දෙසට ඇගිල්ල දිගු කරන්න.//
අන්වෙර් සහෝදරයා, නිර්මාංශ වීම සහ ප්‍රාණගාතය යනු දෙකකි. මාංශ ආහාරය පාපකර්මයක් යයි බුදුන් වහන්සේ වදාළේ නැත.නමුත් ප්‍රාණගාතය විශාල පාප කර්මයකි . ඇතැමුන් මේ දෙකෙහි ඇති වෙනස වටහා ගැනීමට සමත් නොවෙති වෙති. “මෙය කන්න ගියහම කබරගොයා තලගොයා වනවා සේ කථාවකි. කන්න හොදය මරන්න හොද නැත. ” වැනි කතා කියන්නේ එවිටය. ප්‍රාණගාතය ක් සිදු වීමට කාරණා 5 ක් සම්පුර්ණ විය යුතුය. නමුත් මාංශ අනුභවයෙන් එම කාරණා සම්පුර්ණ නොවේ. ප්‍රාණගාතය සිදුවන්නේ මරණ පුද්ගලයාට මිසක් කන පුද්ගලයාට නොවේ. නමුත් අසවල් පුද්ගලයාට කෑම සඳහා මරමි යි සිතාගෙන මැරුවොත් එම කන පුද්ගලයාටද එම පව සිදුවේ. මේ පිලිබඳ ව වැඩිපුර විස්තර බෞද්ධ පොත් කියවීම තුලින් දැන ගත හැක.කිසිම දෙයක් දෙස ගැඹුරින් නොබලන ඔබ වැනි අයට නම් සමහර විට මෙම කාරණය තේරුම් ගැනීමට නොහැකි වනු ඇත.
//ඔබට එලෙස හැගෙන්නේ ඔබ සිටින්නාවු සංස්කෘතික රාමුව අනුවයි. ඔබ ඔබගේ සිතිවිලි රාමුවෙන් පිටතට ආපසු එවැනි දෙයක් නොසිතේ.//
මටත් ඔබට කීමට ඇත්තේ ඒ ටිකමය. සියලු සත්වයෝම මරණයට බිය වෙති.බුදුන් වහන්සේ වදාළේ තමන් උපමා කරගෙන යම් දෙයක් ගැන සිතන ලෙසය. හරකාගේ බෙල්ල කපන ආකාරයට දෙවියන්ට යදිමින් ඔබේ බෙල්ල කැපුවොත් ඔබට ඇතිවන ඇඟවීම මෙනෙහි කරන්න.. තමා මිනිසුන්ව මැවුවාට තමා මැවුවේ කවුද කියා වත් ඔබේ දෙවියන් වහන්සේ දන්නවාද?
Anver Manatunga says:
ප්‍රාණ ඝාතනයක් සිදුවීමට කාරණා පහක් සම්පූර්ණ විය යුතු බව සදහන් වන්නේ බුදු දහමෙහිය. ඔබගේ දහමේ තිබෙන ඉගැන්වීම් ඔබම තබා ගන්න. නමුත් ප්‍රායෝගිකව නිවැරදි මාද ඔබද යන්න ඔබටම දැන ගැනීමට ඔබට අභ්‍යාසයක් පවසන්නම්.
ඔබ ගොස් බෞද්ධ, ජෛන හෝ හින්දු නොවන කෙනෙක් ලගට ගොස් මෙසේ අසන්න.
අපේ දහමට අනුව ප්‍රාණ ඝාතය අකුසල කර්මයක්. ඒත් මාංශ ආහාරයට තහනමක් නැහැ. ඒ නිසා අපිට වෙන කෙනෙක් සතෙක් මැරුවහොත් ඒ මස් කන්න පුළුවන් අපේ දහමේ ශාස්තෘවරයාත් මාංශ අනුභව කර තිබෙනවා. ඔබ කියන්න අපේ දහම ප්‍රායෝගික සහ සාධාරණ දහමක්ද කියා?
eranga says:
// ඔබ ගොස් බෞද්ධ, ජෛන හෝ හින්දු නොවන කෙනෙක් ලගට ගොස් මෙසේ අසන්න.//
භේදය ඇත්තේ බෞද්ධ ද ජෛන ද හින්දු ද යන්න මත නොවේ.එම පිළිතුරු දෙන තැනැත්තාගේ බුද්ධි මට්ටම මතයි.ඔහු ගේ බුද්ධි මට්ටම අප මෛත්‍රී කරන්නේ ජීවත්ව ඉන්නා සතුන්ට පමණක් බවත්,සත්ව මලකදන් වලට අප මෛත්‍රී නොකරන බවත් තේරුම් ගත හැකි තත්වයක තිබිය යුතුයි..
Anver Manatunga says:
ඔබ කලින් ප්‍රතිචාරයේ අල්ලාහ්ට අපහාස වන ආකාරයට ලිව්වා. මට ඉතාමත් හොද අවස්ථාවක් ඇවිල්ලත් බුදුරජාණන් වහන්සේට අපහාස කළේ නැහැ. නමුත් ඔබ දිගින් දිගටම තර්ක කරනවා නම් මේ ටික දැනගන්න. බුදු දහමට අනුව ප්‍රාණ ඝාතය අකුසල කර්මයක් වුවද මාංශ ආහාර තහනම් කර නැත්තේ මාංශ ආහාර ගැන රුචි බවක් නිසයි කියාත් අපට කිව හැක. ප්‍රාණ ඝාතය අකුසල කර්මයක් නම් මස් තහනම් නොකර සිටින්නේ රුචි බව නිසා මිස අන් කුමකටද?
අද බොදුනුවන් ප්‍රාණ ඝාතය අකුසල කර්මයක් කියා දැන දැනත් එයට අනුබල දීමක් වන මාංශ මිලදී ගැනීම කරන්නේ ඇයි? කෑදරකම නිසා මිස අන් හේතුවක් නැත.
Brother says:
//ඉස්ලාම් විසින් පෙන්වා දී තිබෙන්නේ ආහාර පිණිස සතුන් ඝාතනය කරනවා නම් ඒ කළ යුතු ආකාරයයි//
ඔය තියෙන්නේ උත්තරේ. ඕකම ඇති නේ. මොනවාට උත්තර දෙන්න මහන්සි වුනාද දන්නේ නැහැ. කැමති නම් කාපන්. අකැමති නම් නිකා හිටපන්. හැබැයි කනවා නම් මේ විදියට කරපන්….Thats all…..
Nihad says:
Brother, u said well in a small sentence….. ALL IN ONE
eranga says:
//ප්‍රාණ ඝාතය අකුසල කර්මයක් වුවද මාංශ ආහාර තහනම් කර නැත්තේ මාංශ ආහාර ගැන රුචි බවක් නිසයි කියාත් අපට කිව හැක//
ඔබට කට තියනවානම් ඕනම දෙයක් කිව හැක..මස් කෑම ප්‍රානගාතයට දෙන අනුබලයකයි ඔබ කියන්නේ ඔබේ ඉතාමත් පටු ඉස්ලාම් රාමුව තුල ඉඳ ගෙනය.බුදු දහමේ හැටියට කෑදර කමින් මස් තියා ශාකමය ආහාරයක් ගත්තත් පව් සිදු වේ.එම නිසා යම් බෞද්ධයෙකු කෑදර කමින් මස් තියා මොන දේ මිලදිගත්තත් ඔහුට යම් අකුසලයක් සිදුවේ.
Anver Manatunga says:
මස් කඩේ මුදලාලි කරන්නේ ඉල්ලුමට හරියන්න සතුන් මරන එකයි. ගැනුම් කරුවන් නැත්නම් සතුන් මැරෙන්නේ නැත. ඔබගේ ශාස්තෘන් වහන්සේ එය තහනම් කළා නම් මේ දේ සිදුවන්නේ නැත. මෙහිදී මම රුචි බව යන වචනය භාවිතා කළේ වෙනත් වචන නැති නිසා නොවන බවද දැන ගන්න.
වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන්න.
eranga says:
ඔබ බුදු දහම ගැන නිවැරදිව නොදනියි.එමෙන්ම ඔබට බුදු දහම ගැන නිවැරදිව ඉගෙනීමට අවශ්‍යතාවයක්ද නැත..ප්‍රාණගාතය අකුසලයක් වන්නේත් මාංශ අනුභවයෙන් ප්‍රාණගාත අකුසලය සිදු නොවන්නේත් කෙසේද කියා බුදු දහම ඇසුරින් මට පහදා දීමට හැක.නමුත් බුද්ධ ධර්මය පිළිනොගන්නා ඔබට බුදු දහම ඇසුරින් යමක් පහදා දීම නිෂ්ඵලය..බුදු දහම ගැන මෙලෝ හසරක දැනීමක් නැති අයෙකුට ඔබට සිතුනාක් මෙන් මාංශ අනුභවයෙන් සිදු වන්නේ ප්‍රාණගාතයට අනුබල දීමක් නොවේදැයි සිතීම සාදාරණය..එමනිසා ඔබ සමග තවදුරටත් මාංශ අනුබවය ගැන වාද කිරීම කාලය කාදැමිමකි..බුදු දහමේ ඒ පිලිබඳ විග්‍රහය දැන ගැනීමට අවශ්‍ය නම් …………………………………………
ඔබට තෙරුවන් සරණයි!
asd says:
A / L s , වල පාඩමක් තියෙනවා ඉල්ලුම් සැපයුම් නියාය කියල එකක්, එක ඉගනගන්න සේරටම කලින් , එරංග ඔය ආට්ස් ද කරේ ? ඔයා කියය් චේතනාව සතා මැරීම නෙමි කියල, කටට රසට යමක් කැවට පව් නැ කියල කියය් ,
මට කියන්න සතාව කන නිසාද මරන්නේ? මරණ නිසාද කන්නේ ?
Brother says:
අන්තවාදය ඇවිස්සීමට නොව, අවබෝධ කර ගැනීම පිනිස ලියමි. ප්‍රාණ ඝාතනය හා මාංශ අනුභවය අතර ඇත්තේ වෙන් කල නොහැකි සම්බන්ධතාවයකි. කෙනෙකු ප්‍රාණ ඝාතනය හෙලා දැක මාංශ අනුභවය අනුමත කරයි නම් ඔහු කරන්නේද ප්‍රාණ ඝාතනය සඳහා වක්‍රාකාරව අනුබල දීමක් බව සාමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට පවා තෙරුම් ගත හැකි දෙයකි. අනික් අතට ‘චේතනාවෙන් තොර මරන ලද දෙයක් අනුභවයට ගත හැකි’ යනුවෙන තර්ක කෙරේ නම් එය හුදෙක්ම අදාල කර ගත්තේ මල සතුන්ගේ මස් සඳහා පමනි. මා දන්නා පරිදි මෙවන් මිනිසුන් ජිවත් වූයේ දඩයම් යුගයටත් පෙර අවධිවලය. මිනිසා ශිෂ්ටාචාරයන් පසු කරනවාත් සමගම මාංශ ආහාරයන් සඳහා විධිමත් ක්‍රම උපයෝගී කර ගත්හ. ඉස්ලාම් අවධාරණය කරන්නේ මෙය කොන්දේසි යටතේ සිදු විය යුතු බවයි. එය මේ ලිපියෙහි සඳහන් කර ඇත. අනික් කාරණාව නම් මාංශ අනුභවයහි ලා ඉස්ලාමය තුල කිසිඳු නෛතික වටිනාකමක් නැත. එය හුදෙක්ම රඳා පවතින්නේ පුද්ගල කැමැත්ත මතය.
asd says:
well said broo…
Malik says:
@eranga බෞද්ධාගම අනුව ලංකාවේ හමුදාවට LTTE සමග යුද්ද කරන්න පුළුවන් ද ?
srilankan says:
ane eranga oyata mas kanda berinam paduwe inda,,,
නිශාන් says:
කන්න ඕන වුනහම කබරගොයාත් තලගොයා කරනව කියන්නේ මේකට තමයි… වෙන වචන නැහැ. සත්ව ඝාතනය අනුමත කරන හා ඒ සදහා ක්‍රමවේද ඉදිරිපත් කරන ඉගැන්වීමක් අවිහිංසාවාදී එකක් නම් විය නොහැකියි. කෝ මෙතන සමානාත්මතාවයක්, මිනිසුන්, සත්වයන් ඇතුලු සියල්ලම සොබාදහම විසින් නිර්මාණය කරන ලද සොබාදහමේ කොටස්කරුවන්. මැවුම්වාදය මිත්‍යා සංකල්පයක් පමණයි.. කවුරු හරි කියනවනම් සතුන් සිටින්නේ මිනිසාගේ ආහාරය සදහා කියල. ඔහු මනුෂ්‍යයෙක්දැයි සැකයි. මිනිස් වෙසින් සිටින තිරිසනොක් මිසක්…….
Anver Manatunga says:
ප්‍රාණය තිබෙන්නේ සතුන්ට පමණක් නොවේ. ශාක වලටත් තිබෙනවා. ශාක වලටත් හැගීම් දැනීම් ඇති බව නූතන විද්‍යාව තුලින් සනාථ වී තිබෙනවා. ගස්වැලුත් සොබා දහමේ කොටස් කරුවන්. එතකොට ගස්වැලුත් තිබෙන්නේ මිනිසාගේ ප්‍රයෝජනයට නෙමෙයිද? එතකොට නිර්මාංශ ආහාර ගන්නාවු අයත් තිරිසනුන් නොවේද?
අනෙක් කාරණය නම් නිර්මාංශ ආහාර පමණක් ප්‍රායෝගිකව පරිබෝජනය කරන දහමක් අප විසින් ලොව දැක නැත. නිර්මාංශ වාදී ජෛන ආගමිකයන්ගෙන් බහුතරයක් පවා කුමණ හෝ මාංශයක් අනුබව කරති. බොදුනුවන් අතර නිර්මාංශිකයන් සොයා ගැනීම කළුනික සෙවීමටවත් වඩා අපහසු තත්වයකට පත්ව ඇත. එතකොට මේ සියල්ලන් තිරිසනුන්ද?
Malik says:
@Nishan , ඔබ පවසන ආකාරයත “මිනිසුන්, සත්වයන් ඇතුලු සියල්ලම සොබාදහම විසින් නිර්මාණය කරන ලද සොබාදහමේ කොටස්කරුවන්” ලෙස සැලකුවොත් කොටිය මුවාව අනුබවය සොබා දහමේ කොටසක් නිසා මිනිසා ද සත්ව කොට්ටාශයට කොටසක බැවින් මොකක්ද තියෙන ප්‍රශ්නය? අනික බෞද්ධ ප්‍රතිපත්ති අනුව ලංකා වේ බෞද්ධ බහුතරක් සහිත හමුදාව විසින් ප්‍රබාකරන් ව සහ අනිත් කොටි සාමාජිකයන් ව මරා දැමීම සදරනිකරන්න පුළුවන් ද ? what’s the basis ?
Also if you believe that if the universe is not created , you are not only illogical and it’s baseless assumption not supported by modern science . to call the universe being uncreated is foolishness.
ජයශ්‍රී says:
මම අන්වර් ගෙ සයිට් එකට කැමති එහි තාර්කික වාග් විලාශයට.ඇත්තටම රටේ බහුතරයක් අන්වර්ල වගේ නම් රට හරිම වාසනාවන්තයි.නියම බුද්ධාගමට අනුව යුද්ධ කරන්න බෑ.ඒ නිසා ඇතැම් විට යම් සංශෝධන කරගෙන තියනවා.බෞද්ධයො නියම බෞද්ධයො විදියට හිටියොත් බුද්ධාගම නැතිවෙලා යනවා.බුද්ධාගම ඉතිරිවෙලා තියෙන්නෙ මේ සංශෝධන නිසයි.පානදුර ඉදන් කිරින්ද වෙනකම් බෞද්ධ ධීවරයො ඉන්නවා.ඒත් බුද්ධාගම වෙන ආගම් වගේ නොවෙයි.ලොකු ආතතීන් දරන්න බෑ.අද චීනයේ බුද්ධාගමට වෙලා තියෙන්නෙ ඒකයි.චීනයේ ක්‍රිස්තියානි ආගම විශාල වශයෙන් ප්‍රචලිතයි.ලංකාවේත් බෞද්ධ උපත් විශාල වශ්යෙන් අඩුවෙනවා.බෞද්ධ ප්‍රතිශතය අඩු වෙනවා.මුස්ලිම් ආගම එහෙම නෙවෙයි.මුස්ලිම් ආගමේ ප්‍රායෝගික විදියට ජීවෙත් වෙන්න උගන්වලා තියනවා.මුස්ලිම්වරු නියම මුස්ලිම්වරු විදියට ඉන්නවා කියන්නෙ මුස්ලිම්වරු දියුණු වෙනවා.බෞද්ධයො කල්පනා කරන්න ඕන හරක් ප්‍රතිශතය ගැන නොවෙයි.බෞද්ධ ප්‍රතිශතය ගැන.මොකද මේ විදියට ගබ්සා කරන්න ගියොත් හරක් ගැන කතා කරන්න බෞද්ධයො ඉතුරු වෙන්නෙ නෑ.සමහරවිට එතකොට හරකුන්ට තමයි බෞද්ධයො ගැන කතා කරන වෙන්නෙ
ජයශ්‍රී says:
හරක්ට නම් බෙල්ල කපද්දි වැඩිම වුනොත් විනාඩි කීපයක් වේදනාව දැනෙයි.ඒත් බෞද්ධයො මරන්නෙ ඊට වඩා වේදනා විදල.කෑල්ලෙන් කෑල්ල අතපය කඩල.විශ ද්‍රාවන වල තම්බල.පන පිටින් පුච්චලා.මුස්ලිම් ආගමේ ගබ්සාව තහනම්.ඒ නිසා මුස්ලිම්කලල ගබ්සා වෙන්නෙ නෑ.ගබ්සා කරන්නෙ බෞද්ධ කලල.කතෝලික ආගමෙත් ගබ්සාව තහනම්නෙ.ඒ ආගම් සතුන්ට වඩා මිනිසුන්ට සැලකිල්ලක් දක්වනවා.මුස්ලිම්වරු දරුවො හැදුවට අනික් අයට මොකද?අපි දරුවො මරනවා මුස්ලිම් අය හරක් මරනවා.අපි වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්න හොද නෑ.හරක් මරන එක මුස්ලිම් චාරිත්‍රයක් කියමු.අපේ චාරිත්‍රය දරුවො මරන එකනෙ.අපේ චාරිත්‍ර මුස්ලිම් අය විවේචනය නොකරන නිසා අපිත් කට පියාගන ඉමුද
isuru says:
මේක ආගම් ප්‍රශ්නයක් විදිහට ගොඩක් comments දාල තියනවා . මගේ අදහස නම් සත්ව හිංසනය වරදක් එය කුමන ආකාරයෙන් කව්රු කරත් වරදක් .වරද වරදක් විදිහට දකින්ඩ .තමන් වරදක් කරනවනම් ඒක පිළිගන්ඩ පුරුදු වෙන්ඩ . වරදක් කරල ඒකෙන ගැලවෙන්න හේතු හොයන්න එපා. ඇත්ත තේරුම් ගන්ඩ ආගමික ඇදහීම් තියෙන්නේ අපේ මානසික සුවය පිණිස මිස කරන වැරදි සදාරණනය කිරීමට නොවේ. බෞද්ධ , මුස්ලීම් හෝ ක්‍රිස්තියානි වේවා වරදට එරෙහිව නැගී සිටින්ඩ. මේ මිහිතලය මත මට නිදහසේ ජීවත් වීමට ඇති අයතිය අනෙක් සියලු සත්වයන්ටද තිබිය යුතු නොවේද ?
Anver Manatunga says:
සහෝදරයා ප්‍රායෝගික මිනිසෙක් වන්න. ඔබට පරපණ නොනසා මෙලොව විසුමක් නැහැ. ඒක මම කලින් කමෙන්ට් එකකත් පෙන්නා දුන්නා. ඔබගේ අප්‍රායෝගික දර්ශනය ඔබම තබා ගන්න. ලංකාවේ වැඩි පුරම ප්‍රාණ ඝාතනය කරන්නෙත් බොදුනුවන්. එය ඔබට නැහැ කියා කිව හැකිද?
ගමරාල says:
යමක් පෝෂණීය වේනම් ආහාරයට ගුණ නම් එය මස්ද ශාකද කියා වෙන් කිරීම අවශ්ෂ නොවේ. තමන් මස් නොකා සිටීමෙන් හෙට දින ගාතනය වන සතකු අඩුවේ යැය් සිතිය හැකිද. තමාගේ දර්ශනය වෙනුවෙන් අන් අයට බලපෑම් කොට අනුන්ගේ මස් ආහාරය වැලැක්වීම බුදුදහම නොවේ. තමාගේ දර්ශනය වෙනුවෙන් අනුන්ට බලපෑම් කරනුයේ ඉස්ලාම් දහම නොවේද.අහරක් නොමැතිව කුසගින්නේ මියයාමට ආසන්නව සිටින කෙනෙක්ට තම ශරීරයෙන් මස් කැබෙල්ලක් ලබාදී ජිවත් කරවීමෙන් එය ආහාරයට ගත් කෙනාට පවක් සිදුවේද? නැත. ඇස් මස් ලේ දන් දීම බුදුදහමේ සදහන්. බටලුවගේ ලොම් ගැනීමට ඌව නොමරය් ඉන් පවක් සිදුනොවේ. ඇතාගෙන් දල ගැනීමට ඌව මරය් නම් එය පවකි.නොමරා නිර්වින්දනයකර ලබා ගැනීමටද පුළුවන්. බැටළු ලොම් පරිහරණය පවක් සිදු නොවනවා සේම ඇත්දළ පරිහරනයද පවක් නොවේ.
mohamad says:
obala dannavada ape agame ai uru mas kanna apa kiyala thiyanne…….
Anver Manatunga says:
මේ චාමර, මුස්ලිම් නමකින් පැමිණ කොන්ද පණ නැති වැඩ කරන්න එපා. නියම සිංහලයෙක් නම් තමන්ගේ නමින්ම පෙනී හිටලා ඇත්ත කථා කරන්න.
chamara says:
hoda prasnayak.mr anver madak sithanna.obata kanna kisima dayak nathi avasthavaka urak dakkoth oba kumak karanneda?
1.allage namayan urava mara gena kanvada?
2.nath nam bada gennan marenavada.? supurudu vagema panala yanna apa.mata uththarayak oneeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Anver Manatunga says:
ඉස්ලාම් යනු ඉතාමත් නම්‍යශීලී දහමකි. ඔබ කිසිදු ආහාරයක් නොමැති පාළු ප්‍රදේශයකදී ඌරෙකු පමණක් සිටී නම් ඔබගේ ජීවිතය රැකගැනීම පිණිස හරාම් හෙවත් තහනම් දෙයද එම අවස්ථාවේදී අනුමත එකක් වේ. ඒ නිසා ඒ අවස්ථාවට පමණක් එම සත්ත්වයා මරා ආහාර පිණිස ගැනීමට ඉස්ලාම් අනුමත කරයි.
abc says:
අන්වෙර් සහෝදරයා එතකොට යම් අවස්තාවක කිසිම සතෙකු නොමෙතිව මිනිසකු සිටියහොත් එම ස්ථානයේ එම මිනිසාව මර මස් අනුබව කරනවද?මෙය තමා බුදු දහමේ කියා තිබෙන්නේ එක කලෙක තමන් දකින දකින කෙනාව තියුණු ආයුද වලින් හානිකර ජීවිතක්ෂයට පත් කරවන යුගයක් අනාගතේ ඇතිවන බව.එය බුදු දහම නොමෙති කලෙක සිදුවෙයි.මක්නිසාදයත් බුදු දහම අදහන අය කිසිම ප්‍රාණ ගාතයක් සිදු කිරීමට විරුද්ද නිසා.
Anver Manatunga says:
මා දන්නා පරිදි යම් යම් දහම් වල කථා වල මිනීමස් කාපු කථාත් තියෙනවා. බුදු දහමට අනුව නොකෑ යුතු මස් වර්ග දහයක් තිබෙනවා. එයට මිනී මසුත් ඇතුලත් නමුත් ඒ භික්ෂූන්ට පමණක් නේද? නමුත් ඉස්ලාමයට අනුව මිනීමස් හරාම් හෙවත් තහනම්.
fathima says:
මිනිසා මිහිතලයේ භාරකාරයෙකුලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියළු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු. උදාහරණයක් ගෙන සාකච්චා කළහොත් මෙය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපගේ අදහසයි. සත්ව වර්ගයාගෙන් 500 ක් හා මිනිසුන්ගෙන් 500 ක් තෝරා ගෙන මෙයට පෙර ජනාවාස නොවූ ප්‍රදේශ දෙකක වෙන් වශයෙන් පදිංචිකොට ඉන් අවුරුදු 5 ක් හෝ 10 ක් වැනි කාලසීමාවකට පසු එම ප්‍රදේශ දෙක නිරීක්ෂණය කරන්නට ගියහොත් දැකිය හැකි තත්වය ගැන ඔබට සිතා බැලිය හැකි වන්නේද? සතුන් ගෙන හැර දැමු ප්‍රදේශයේ දැනෙන ආකාරයේ කිසිම වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයි අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. තම ජීවිතය ගෙන යෑමට පමණක් අවශ්‍යවන ප්‍රමාණයේ අවම පරිහරණයකින් යුක්තව පරිසරය උපයෝගී කරගෙන තිබෙන ආකාරය අපට දකින්නට හැකිවනු ඇත. සතුන්ගේ හැකියාව හා පරිසරය පිළිබඳව කටයුතු කළහැකි ප්‍රමාණයේ සීමාව එයයි. නමුත් මිනිසුන් පදිංචි කල ප්‍රදේශය නිරීක්ෂණය කරන්නට පෙරම ඔබගේ මනස තුල මතුවන්නේ කුමන ආකාරයේ චිත්ත රුපද? සැබැවින්ම ආරම්භයේ එම ප්‍රදේශය දුටුවෙකු මවිතයට පත්කළ හැකි අයුරින් හා මිනිසුන් පදිංචි කළේ මෙම ප්‍රදේශයේද කියා සිතෙන තරමට අදහාගත නොහැකි අයුරින් එම ප්‍රදේශය සහමුලින්ම වෙනස් කොට ඇති ආකාරය නියත වශයෙන්ම ඔබට දැකිය හැකි වනු ඇත. මෙයින් පැහැදිලිවන්නේ සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස්වූ එකක් බවය. මිහිතලය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බවද එහි පාලකයා හා භාරකාරයා ලෙසද ඔහු ක්‍රියා කරන බවද මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුනානම් මිහිතලය මත සිදුවී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස්වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුරානය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.
“ඔහුමය (අල්ලාමය) ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත්කෙරුවේ.” (35:39)
මෙයින් පැහැදිලිවන්නේ පරිසරය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගැනීමට හැකියාව හා අයිතිය ඔහුට ලැබී තිබෙන බවය. නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත්හි දරාගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය අනුමැතිය දී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය. මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේව) පැවසු බව බුහාරි හදීස් ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්‍රන්ථයෙහි (3:1392) දක්වා ඇති පරිදි:
“සියළු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.”
සියළු සත්වයින් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ වැදගත්ම ඉගැන්වීමක් වන්නේය. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් හදීස් ග්‍රන්ථයන්හි සඳහන් මුහම්මද් නබිතුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේව) ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“මෙයට පෙර ජීවත්වූ නබිවරයෙක්ව කුහුඹියෙකු දෂ්ට කිරීමෙන් ඇතිවූ කෝපය හේතුවෙන් සියළු කුහුඹි තුඹස් පුළුස්සා විනාශ කරන්නට එම නබිවරයා උපදෙස් දීම හේතුවෙන් දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත්වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටිය මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”. (බුහාරි – 3072)
ඉහත කරුණු වලින් පැහැදිලිවන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසාට හිමිවී තිබුනද එය ඔහු විසින් යුක්තිය හා සාධාරනය මත පදනම්වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව ඉටු කලයුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් විස්තර කරන්නට මෙවන් කුඩා ලිපියක් කොහෙත්ම ප්‍රමාණවත් නොවන්නේය. සතුන් සම්බන්ධව හිංසනය, කෘරත්වය හා දැඩි භාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහරදීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නාවූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිටමත නිකරුනේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුළු කුඩු වලින් පැටවුන් අරගැනීම වැනි මවගෙන් පැටවුන් ඈත්කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත. සතුන්ට කරන්නාවූ හිංසනයන් දුටුවිට එතුමානන් එම සතුන්ගේ අයිතිකරුවන් හමුවී “සතුන්ට යහ අයුරින් සලකන්න. උන්ට කරන්නාවූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව සහිහ් මුස්ලිම් හදීස් ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන්කොට ඇත. සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහණය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් විදීමද වෙඩි තැබීමද තහනම්කොට ඇත. සතුන්ට උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන්නාවූ කර ඇඹීමද ඉස්ලාමය තහනම් කර ඇත.
සතුන්ට කරුණාව දැක්වීමේ යහ ආනිශංසද ඉස්ලාමීය ඉගැන්වීම්තුල විශාල වශයෙන් අපට දක්නට හැකිය. එක් උදාහරණයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“පිපාසයෙන් පීඩිතව මියයන්නට ආසන්නව සිටි බල්ලෙකු සම්බන්ධව එක් පව්කාර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ලිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියළු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබාදුන් බව නබිතුමාණන් පවසා ඇත.” (බුහාරි හදීස් ග්‍රන්ථය 3208)
එලෙසම සතුන්ට කරන්නාවූ හිංසනයන්ට දුන්නාවූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළකී ජීවත්වීම සඳහාවූ අවවාදයක් ලෙසිනි.
“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසාතබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර ලබාගන්නටද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදුවූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය” (බුහාරි 4:54:535).
මෙලෙස ඉතා අලංකාර ලෙස සතුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ හා උන්ට කරුණාව දැක්වීමට දිරිගන්වන දහමක් මාංශ අනුභවය අනුමත කර ඇත්තේ කෙලෙසද කියා යමෙකුට නියත වශයෙන්ම සිතෙන්නට ඉඩ ඇත. පොදුවේ ගත්කල බහුතරයකගේ මතය බවට පත්ව ඇත්තේ මාංශ අනුභවය අනුමත ඉස්ලාමීය ඉගැන්වීම් තුල පමණක් බවය. සත්‍යවශයෙන්ම ලොව ප්‍රධාන දහම් සියල්ලම මාංශ අනුභවය අනුමතකොට ඇත. මෙම මාතෘකාව සාකච්චා කිරීමේදී අප උද්වේගයට හා නොඉවසිලිවන්තභාවයට පත් නොවී තම හෘදසාක්ෂියට එකඟව බුද්ධියෙන්, විචාරයෙන් හා විද්‍යාත්මක පදනමකින් යුක්තව විමසුක යෙදෙන්නේනම් සත්‍යය කුමක්ද කියා දැනගැනීමට කොහෙත්ම අපහසුතාවයක් ඇති නොවනු ඇත.
මාංශ අනුභවය ලොව සියළු ප්‍රධාන දහම් අනුමත කර ඇතිබව එම සියළු දහම්හි පිළිගත් මුලාශ්‍රයන්ගෙන් උපුටාගත් සාධක ගෙන හැර දක්වා කිසිම සැකයකින් තොරව සනාථ කළ හැකි බව සහතික වන්නට කැමැත්තෙමු. එම කරුණු මෙම ලිපියට ඇතුලත් නොකළේ එහි ඇති සංවේදී තාවය සැලකිල්ලට ගෙනය. මාංශ අනුභවය අනුමත කර ඇත්නම් එය කළහැක්කේ සතුන් කැපීම තුලින් එනම් ජීවිතක්ෂයට පත්කිරීමෙන් පමණක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද? මේ පිළිබඳව මත පරස්පරයක් කිසිවෙකුටවත් තිබිය හැකි වන්නේද? අන් දහම්හි කරුණු ඉදිරිපත් නොකොට තර්කයට, විචාරයට හා බුද්ධියට පිළිගත හැකි අයුරින් මේ පිළිබඳවවු ඉස්ලාමීය සංකල්පය සකස්වී ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීම අපගේ පරමාර්ථයයි. සතුන් කැපීම පිලිබඳව ඉස්ලාමය ගැන ඇති වැරදි මතයන් ඉවත්කොට සත්‍යය තත්වය පැහැදිළි කිරීම අපගේ වගකීමක් ලෙසද සළකන්නෙමු එමනිසා මෙම සුහද සාකච්චාවට අප හා එක්වන ලෙස ගෞරවයෙන් හා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ආචාර්ය විලියම් ටී. ජාර්විස්, විද්‍යාව හා සෞඛ්‍ය පිළිබඳවවූ ඇමරිකානු සභාවේ (American Council of Science and Health) උපදේශක වරයෙකි. හෙතෙම මහජන සෞඛ්‍ය හා නිවාරක වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලෝටා ලින්ඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දුරයද දරන්නේය. ආචාර්ය ජාර්විස් නිර්මාංශ අනුභව කරන්නන්ව ඔවුන්ගේ හැසිරීම් රටාව අනුව පුළුල් කොටස් දෙකකට බෙදයි.
1. ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්.
2. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්.
ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව ප්‍රායෝගික සෞඛ්‍ය හේතුන් මත රඳා පවතී.ඔහු උද්වේගකාරී නොවී යථාර්තවාදීව මෙම විෂය පිළිබඳව අවධානය යොමු කරයි. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව මතවාදයන් මත පිහිටා ඇති අතර ඔහු යථාර්තයෙන් සිතනවාට වඩා උද්වේගකාරීව මෙම විෂය පිළිබඳව කටයුතු කරයි. මිනිසුන් තම ආහාරය තෝරා ගැනීමේදී විවිධ හේතුන් පිළිබඳව අවධානය යොමුකරවන අතර එයින් ප්‍රධාන කරුණු පහතින් දක්වා ඇත්තෙමු.
1. ආගමික හේතු
2. භූගෝලීය හේතු
3. පුද්ගලික කැමැත්ත
4. මානව දයාව
5. පාරම්පරිකව පැවත එන හා පුද්ගලික චර්යාවන්
6. පාරසරික හා ආර්ථික හේතු
7. පෝෂණය
ඉහත කරුණු වලින් මිනිසුන්ගෙන් බහුතරය වඩාත් උද්වේගකාරී වන්නේ මාංශ අනුභවය පිළිබඳව ආගමික පදනමකින් යුක්තව කරුණු සාකච්චා කිරීමේදී බව අප අත්දැක ඇති සත්‍යයකි. ඉස්ලාමය මිහිතලය මත ජීවත්වන සියළු ජනයාට කිසිදු බාධාවකින් තොරව එකසේ අනුගමනය කළහැකි ඉගැන්වීම් අඩංගු විශ්ව දහමකි. එය එක් රටකට, එක් ප්‍රදේශයකට, එක් ජනකොට්ඨාශයකට, එක් යුගයකට, එක් ශිෂ්ටාචාරයකට, හෝ එක් සංස්කෘතියකට පමණක් සීමාවූ දහමක් නොවේ. දිය හිඟයෙන් යුත් කාන්තාරයේ කටුක දිවියක් ගෙවන කාන්තාර වැසියාට මෙන්ම වර්ෂයේ දින 365 ම හිම මත ජීවත්වන එස්කිමෝවරුන්ටද එකසේ පිළිපැදිය හැකි ඉගැන්වීම් එහි අඩන්ගුවී ඇත. බෝග වගාවට පහසුකම් නොමැති කාන්තාර වැසියාගේ ආහාරය සැපයෙන්නේ රට ඉඳි, කිරි, මාංශ, හා ඉතාමත් සීමිත බෝග වර්ගයන්ගෙනි. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ජීවත්වන එස්කිමෝවරු හා එයට ආසන්න රටවල්වල ජීවත්වන ජනයාට මාංශ අනුභවයෙන් තොර ජීවිතයක් ගැන සිතාබැලීමටවත් නොහැක. මාංශ අනුභවය හා එයට සම්බන්ධ ආහාරයට ගන්නා සතුන් කැපීම තහනම් කර තිබේනම් මෙම ප්‍රදේශයන්හි ජනයාට එම මතය නියත වශයෙන්ම වලංගු නැති සංකල්පයක් වනු නොඅනුමානය. ඉස්ලාමීය ඉගැන්වීම් මෙම ලෝක යථාර්තයට අනුකුල වනසේ සකස්වී ඇත්තේ සැබැවින්ම එය විශ්ව දහමක් වන හෙයිනි. ඉස්ලාමයට එරෙහි චෝදනා පමණක්ම නිවැරදිව අවබෝධකර ගත්විට එම දහමේ අන්තර්ගත ගැඹුරු සත්‍යය ලෝකයාට හඬනගා කියන්න්නක් බවට පත්වන ආකාරය මෙම කරුණු වලින් හෙළි නොවන්නේද?
මාංශ අනුභවයට අනුමැතිය පමණක් ඉස්ලාමය තුල ඇති අතර එය කොහෙත්ම අනිවාර්යය ක්‍රියාවක් ලෙස හෝ එයට කිසිදු දිරිගැන්වීමක් හෝ එම ඉගැන්වීම් තුල නොමැත. යහ මුස්ලිමයෙකු වීමට මාංශ අනුභවය කොහෙත්ම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. නමුත් පටු චින්තනයක් තුල කොටුවී ලෝක යථාර්තය පිලිබඳව අවබෝධයකින් තොරව බොහෝවිට තම හෘදසාක්ෂියට එකඟ නැති අයුරින් කටයුතු කිරීමෙහි ඇති හරය කුමක්ද?
එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ (Food and Agriculture Organization – FAO/UN) 2010 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික ලෝක ඒක පුද්ගල මාංශ පරිභෝජනය (per capita consumption of meat) කි. ග්‍රෑ. 46.6 ක් වන අතර මත්ස්‍ය පරිභෝජනය කි. ග්‍රෑ. 17 ක් ලෙස දක්වා ඇත. බිලියන 6.9 ක් වූ ලෝක ජනගහනයෙන් මෙම පරිභෝජන දත්තයන් වැඩි කිරීමෙන් 2010 වර්ෂය සඳහාවූ මාංශ හා මත්ස්‍ය පරිභෝජන ප්‍රමාණයන් ලබාගත හැක.
මාංශ පරිභෝජනය = 6.9 X 46.6 = කි. ග්‍රෑ. බිලියන 321.54
මත්ස්‍ය පරිභෝජනය = 6.9 X 17.0 = කි. ග්‍රෑ. බිලියන 117.30
මෙම දත්තයන් අපට හඬනගා කියන්නේ කුමක්ද? මෙවන් විශාල මාංශ හා මත්ස්‍ය පරිභෝජනයක් වෙනුවට කෘෂි නිෂ්පාදන ආදේශ කරන්නට යෑමෙන් සිදුවන අතුරු අනිසි විපාක පිළිබඳව බුද්ධිමත් යමෙකුට සිතාබලන්නටවත් හැකියාවක් තිබේද? ඉතා පටු චින්තන රාමුවක් තුල කොටුවී දුර දක්නා දැනුමකින් තොරව ආවේගශීලීව කටයුතු කිරීම ලෝක යථාර්තයට සහමුලින්ම එකඟ නැති ක්‍රියාවක් බව ඕනෑම අයෙකුට පෙනී යායුතු සත්‍යයකි. සමස්තයක් වශයෙන් ලෝක යථාර්තය දෙස බලනවිට මාංශ හා මත්ස්‍ය අනුභවයෙන් තොර තත්වයක් අපේක්ෂා කිරීම පැහැදිලි මුලාවක් බව අපට ඉහත දත්තයන් හඬ නගා පවසයි.
කුහුඹියෙකුවත් අසාධාරණ ලෙස මරා දමන්නට ඉස්ලාමය තුල ඉඩක් නැත. එහෙත් සත්ව ඝාතනයෙන් තොර තත්වයක් අපේක්ෂාකිරීම යථාර්තවාදී, බුද්ධිමත් හා ප්‍රායෝගික සංකල්පයක් බව අපට නුතන තත්වයන් දෙස විමසුම් ඇසින් බලන විට පිළිගත හැකි වන්නේද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන් කර පමණක් ජීවත්වන්නට අප තීරණය කර ගත්තා යැයි මොහොතකට සිතමු. සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද කිරීමට අපට ඉඩකඩ තිබේද? තම ගෙවත්තේ ඉතා සුළු පරිමාණයේ ගොවි තැනක් පලිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහරවිට තිබිය හැක. මෙයත් අපගේ අත්දැකීම් අනුව සැමවිටම සත්‍යය වන තත්වයක් නොවේ. නමුත් මහා පරිමාණ කෘෂි ගොවිතැන සඳහා අනිවාර්යයෙන්ම පලිබෝධ නාශක යොදා ගැනීමේ අවශ්‍යතාවය අපි දැක ඇත්තෙමු. ගොවිතැනට හානි කරන කෘමීන් ගොවියා විසින් හඳුනාගැනීම පළමුව සිදුවේ. උන්ට ජීවයක් ඇති බව ගොවියා ඉතා හොඳින් දනී. උන්ගෙන් ගොවිතැනට සිදුවන හානිය අවබෝධ කරගන්නා ගොවියා උන්ව මරා දමන්නට චේතනාවක් ඇති කර ගනී. මේ සඳහා විවිධ උපක්‍රමයන් ගොවියා උපයෝගීකර ගනී. මෙම උපක්‍රමයන් මගින් කෘමීන් මරා දමා ඔහුගේ ගොවිතැන රැක ගන්නට ගොවියා ක්‍රියාකරයි. මෙයින් පැහැදිලිවන්නේ කුමක්ද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද සාර්ථක අන්දමින් කරගැනීමට අපට හැකියාවක් නොමැති බව නොවේද? මෙම ලෝක යථාර්තය ප්‍රතික්ෂේප කලහැක්කේ කවරෙකුටද?
අප රට විවිධ වසංගත රෝගයන්ට මුහුණ පා ඇත. 19 වන සියවසේ ආරම්භයේ ඇතිවූ මැලේරියා වසංගතයෙන් ජනගහනයෙන් කොටසක් මියගිය අතර රටවැසියන් මෙයින් ඉතා දුෂ්කර තත්වයකට පත්වූයේය. දැනට අප මුහුණපාමින් සිටින්නේ තවත් වසංගත රෝග රැල්ලකටය. ඩෙංගු හා චිකුන්ගුන්යා මුළු රටටම ඉතා විශාල අභියෝගයක් බවට පත්ව ඇත. ඩෙංගු වසංගතයෙන් මියයන සංඛ්‍යාව දිනපතා පුවත්පත් මගින් කියවනවිට අප පත්වන්නේ ඉතාමත් කම්පනීය තත්වයකටය. මෙම වසංගත රෝග බෝකරන විෂබීජ මිනිසාගේ ශරීරයට ඇතුලත් වන්නේ මදුරුවන් මාර්ගයෙනි. මෙම රෝගකාරක විෂබීජ ශරීරගත කරන මදුරුවන් මරා දමන්නට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විවිධ වැඩ සටහන් රටේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මදුරුවන් මරාදමන්නට අප ඉදිරිපත් නොවුනානම් සිදුවන විනාශකාරී තත්වය යමෙකුට සිතාබලන්නට බැරි තරම් බරතල හා භයානක එකක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. මෙයිනුදු සනාථවන ලෝක යථාර්තය කුමක්ද? සත්ව ඝාතනයෙන් තොර ජීවිතයක් හෝ පැවැත්මක් මිනිසාට මිහිතලය මත නොමැති බව නොවේද? ඉස්ලාමයේ ඉගැන්වීම් විශ්ව යථාර්තය අනුව සකස්වී ඇති බව මෙයින් පැහැදිලිව සනාථවන සත්‍යයක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද?
නියුමෝනියාව, ක්‍ෂය රෝගය වැනි ආසාධනයන් ඇතිවූ විට අපට ප්‍රති ජීවක (Antibiotic) බෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා. මෙම ප්‍රති ජීවක බෙහෙත් මගින් සිදු වන්නේ ශරීර ගතවී ඇති කෝටි ගණන් රෝගකාරක විෂබීජ නසා දමා අපට දිවි රැක ගැනීමට උපකාරීවීමයි. පරාණ ඝාතනය සැම තැන්හිම තහනම් හෝ වැරදියි යන අතාත්වික හා බුද්ධියට එකඟ නැති නිගමනයේ අප පිහිටා සිටියේ නම් කෝටි ගණන් ජීව නසා දමා අපගේ එක් ජීවිතයක් රැකගැනීමට කටයුතු කිරීම වැරදියි යන තත්වයට අපට පත්වන්නට සිදුවෙනවා නොවේද? කරුණාකර ආවේගශීලී නොවී විචාර බුද්ධිය මෙහෙයවා මෙම කරුණු ගැන සිතා බලන්න.
මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. ජීරණ පධ්දතියද මිනිසාගේ සකස්වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර ජීරණය කළහැකි වන අයුරිනි. මෙයිනුත් පෙනීයන්නේ ස්වභාවයෙන්ම මිනිසා සර්ව භක්ෂක සතෙක් බව නොවේද? සිංහ කොටි වැනි මාංශ භක්ෂක සතුන්ට තෘණ වර්ග ආහාරයට ගැනීමට හෝ එය ජීරණය කරන්නට හැකියාවක් නොමැත. එළුවන් ගවයින් බැටළුවන් වැනි තෘණ භක්ෂක සතුන්ට මාංශ අනුභව කොට එය ජීරණය කළහැකි ටත්වයක් නොමැත. ආහාර අනුභවය පිලිබඳව මිනිසාට ඇති සුවිශේෂී හැකියාව මෙයින් අපට අවබෝධ කරගන්නට හැකි වන්නේය.
මිනිසාගේ යහපත පිණිස විවිධ පර්යේෂණ වල යෙදෙමින් වෛද්‍ය විද්‍යාව උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග සිදුවී තිබේ. පරාණ ඝාතනය සම්පුර්ණයෙන්ම වැරදියි යන මතයේ අප එල්බ ගෙන සිටියේනම් වෛද්‍ය විද්‍යාව අදත් ප්‍රාග් ඵෙතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන්කළ නොහැකි තත්වයේ අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත.
සත්ව ඝාතනය පිලිබඳව අප සාකච්චා කිරීමේදී බොහෝවිට එයට විරුද්ධව අදහස් දක්වන්නන් කතාකරනුයේ ගවයින් කැපීමට එරෙහිවය. මෙයට හේතුව බොහෝවිට ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග ගවයා පිළිබඳව ඇති සම්බන්ධතාවය වියහැක. කුඹුරු ගොවිතැන, ප්‍රවාහන කටයුතු, සහ විශේෂයෙන්ම කිරි ලබාගැනීමේ ප්‍රධාන මගක් ලෙස පාරම්පරිකව උපකාරීවූ මෙම සතා ගැන බැඳීමක් ඇතිවීමද එක අතකින් සත්‍යයකි. බෙරයද ජාතික සංස්කෘතියේ කොටසකි. එයට සම් ලබාගන්නා එක් මගක් ලෙසද ගවයා දැක්විය හැක. මේවා හැරෙන්නට වෙනත් ආගමික හෝ සංස්කෘතික හේතුවක් නිසා මෙම මතය ගොඩනැගී ඇති බව කීමට කිසිම සාක්ෂියක් හෝ සාධකයක් නොමැත. ඒ අතරම මත්ස්‍ය හා අනෙකුත් මාංශ පිළිබඳව ඇති නිහැඬියාවද සැබැවින්ම මවිතකරය. ගවයින් එක්තරා වයසක් පසුකලවිට ගොවිතැන, ප්‍රවාහනය හෝ කිරිලබාගැනීම වැනි කටයුතු වලට ගත නොහැකි තත්වයක් උදාවන්නේය. මෙවන් තත්වයක් තුල බොහෝ විට සිදුවන්නේ ආර්ථික වශයෙන් තමන්ට බරක් බවට පත්වන මෙම ගවයින්ට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව ඉතා සියුම් ලෙස ඉවත්කර ගනිමින් “පින් ගොනා” යන නාමය මෙම ගවයින්ට ලබාදී ප්‍රදේශයේ සැමටම කරදරයක් වන අයුරින් ලිහා ඇරීමය. ඉන්දියාවේ එක් ප්‍රාන්තයක ගවයින් කැපීම සම්පුර්ණයෙන් තහනම් කොට වයෝවෘධ ගවයින් රැක බලාගැනීමේ වගකීම ප්‍රාන්ත රජය විසින් භාරගන්න ලදී. ඉතාම කෙටි කාලයක් තුලදී තමන්ගේ තීරණයේ වැරදි භාවය හා ප්‍රායෝගික නොමැතිකම තෙරුම්කරගත් ප්‍රාන්ත රජයේ වගකිව යුත්තන් තම ව්‍යාපෘතිය ඇත හැර දමන්නට තීරණය කළහ. තමන්ගේ අවශ්‍යතාවයට වඩා බෝවීම සිදුවන අවස්ථාවේදී අතිරික්ත ගවයින් සැබැවින්ම අයිතිකරුට ආර්ථික වශයෙන් විශාල බරක් බවට පත්වන බව අප සැම දන්නා කරුණකි.
ඉදිරිපත්කරන ලද සියළු කරුණු ඉතා සාවධානව හා උද්වේගයට පත්නොවී හෘද සාක්ෂියට එකඟව සිතා බැලීමේදී මාංශ අනුභවය ලෝක යථාර්තයක් බවට පත්වී ඇති බව තර්කයෙන් තොරව අපට පිළිගැනීමට සිදුවෙනවා නොවේද? මාංශ අනුභව නොකර සිටින්නට ඕනෑම අයෙකුට අයිතියක් ඇත. නමුත් කිසිම තර්කයකට එකඟ නැති, පදනම් විරහිත අයුරින් මෙය සටන් පාඨයක් කරගෙන කරන්නාවූ හිස් ක්‍රියාවන් කිසිම යහ පුරවැසියෙකු අනුමත කරණ ක්‍රියාවක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලොව අද පවතින සියළු ප්‍රධාන දහම් මාංශ අනුභවය අනුමත කරීමට ප්‍රධාන හේතුව මෙය ලෝක යථාර්තයක් බව පිළිගෙන ඇති නිසා බව වියහැක. මෙම සත්‍යය තත්වයට ඉස්ලාමය ඉදිරිපත් කරන නුතන විද්‍යාවට එකඟ තාවයක් ඇති මෙන්ම හිංසනයෙන් තොරවූ ක්‍රියා පිළිවෙත පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. මේ සඳහා ජර්මනියේ පළවන සත්ව පාලකයින් හා විද්‍යාඥයින් අතර ජනප්‍රිය “German Veterinary Weekly” යන සඟරාවේ 85 වන වෙළුමේ 62-66 යන පිටුවල සඳහන් දීර්ග විස්තරයෙන් උපුටා ගත් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ජර්මානු සත්ව සුභ සාධන පනත (Animal Welfare Act of 24th July 1972) අනුව සතුන් පිළිබඳව ක්‍රියා කිරීමේදී උද්වේගයට වඩා විද්‍යාත්මක සාධක මත පදනම්වී කටයුතු කලයුතු බව සඳහන්වී ඇත. මෙම පනත අනුව හිංසනයෙන් තොරව සතුන් කැපීමේ විද්‍යාත්මක ක්‍රම වේදයක අවශ්‍යතාවය මතුකොට තිබිණ. මේ අනුව මහාචාර්ය W. ෂුල්ට්ස්, H. ෂුල්ට්ස්, A.S. හාසිම්, හා R. ග්‍රොස් යන විද්‍යාඥයින් විසින් ජර්මනියේ හැනොවර් විශ්ව විද්‍යාලයේදී විද්‍යාත්මක පර්යේෂණයක් පවත්වන ලදී. බටහිර දැනට භාවිතයේ ඇති සියළු ක්‍රමවේදයන් පිළිබඳව ඔවුන් විසින් පර්යේෂණ පවත්වා එමගින් මරණයට පත්වීමට පෙර සතාට විඳින්නට සිදුවන වේදනාවන් පිළිබඳව විද්‍යානුකුල තක්සේරුවක් කරගන්නා ලදී. මෙම ක්‍රමය තුලින් සනාථවූ ප්‍රධාන සාධක නම්, සතුන් විසාල ලෙස කලබලයට පත්වීම, විද්යුත් මෂ්තිස්ක රේඛය (Electro Encephalogram – EEG) අනුව සතුන් දැඩි වේදනාවකට පත්වීම හා හෘද ස්පන්දනය සැනින් නතරවී යෑම හේතුවෙන් ශරීරයෙන් රුධිරය ඉවත්වීම අවමවීම යන කරුණුය. මෙම කරුණු වලින් පෙනීයන්නේ සතාට දැඩි වේදනාවක් මෙන්ම සතාගේ ශරීරයෙන් රුධිරය පිටවීම අවම වීම හේතුවෙන් එම මාංශය සෞඛ්‍යට එතරම් හිතකර එකක් නොවන බවය.
මෙම පර්යේෂණයට විද්යුත් මෂ්තිස්ක රේඛය (Electro Encephalogram – EEG), විද්යුත් කන්තු රේඛය (Electro Cardiogram-ECG), රුධිර පීඩන මාපකය ආදිය ඇතුළුව තවත් සංකීර්ණ උපකරණ උපයෝගී කරගන්නා ලදී. විශේෂයෙන්ම EEG මගින් වේදනාවක් ඇතිවනවිට මොලයේ ක්‍රියාකාරිත්වයේ වෙනස මැනීමට හැකියාවක් තිබිණ. මෙම පර්යේෂණය ඉතා සංකීර්ණ තාක්ෂණික විස්තරයන්ගෙන් යුක්ත වුවක් වන අතර එමගින් සොයාගත් කරුණු පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. ඉස්ලාමීය පිළිවෙත අනුව සතුන් කැපීමේදී හලිවු කරුණු අනුව:-
1. ඉතා මුවහත්වූ පිහියකින් කැපීමේදී කැපීමට පෙර හා පසු EEG මානයේ එක සමාන කියවුම් දක්නට ලැබිණ. කැපීමේ කාලයේදී දක්නට තිබු සුළු ප්‍රතික්‍රියාව පහත සඳහන් අයුරින් විය. එළුවන් බැටළුවන් වැනි සතුන් සඳහා තත්පර 4 සිට 6 දක්වාද ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 10 ට වැඩි නොවන අයුරින් එම ප්‍රතික්‍රියා කාලය විය.
2. ශුන්‍ය රේඛානයක් EEG මානයේ එළුවන් හා බැටළුවන් සඳහා තත්පර 13 කට පසුවද, ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 23 කට පසුවද දක්නට ලැබිණ.
3. තාප වේදනා උත්තේජකයේ (Thermal Pain Stimuli) කිසිදු වෙනසක් දක්නට නොතිබිණ.
4. ගවයින් වැනි ලොකු සතුන් කැපීමෙන් තත්පර 40 කට පසු හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 240 දක්වාත් එළුවන් බැටළුවන් වැනි සතුන්ගේ හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 280 දක්වාත් වැඩිවිය. මෙසේ හෘදස්පන්දනය වැඩි වන්නේ සතාට ජීවය ඇති නිසා හෝ වේදනාව දැනෙන නිසා හෝ නොවන බව සොයා ගන්නාලදී. මෙයට හේතුව පහතින් දක්වා ඇත්තෙමු.
ඉහත නිරීක්ෂණයන් පදනම් කරගෙන පහත සඳහන් නිගමනයන්ට එලැඹීමට ජර්මන් විද්‍යාඥයින්ට හැකිවූ බව සඳහන් කොට තිබිණ.
1. ඉහත සාධකයන් අනුව නියමිත ආකාරයට කැපීම සිදුකළහොත් පිහිය තබා කපන තත්පර කිහිපයක ප්‍රතික්‍රියාව හැර අන් කිසිම වේදනාවක් දැරීමට සිදු නොවන බව විද්‍යාත්මකව ඔප්පුවිය. මෙසේ කිරීමේදී මොළයට රුධිරය සපයන ප්‍රධාන නාලයන් විසන්ධිවන හෙයින් මොළය අක්‍රිය තත්වයට පත්වන්නේය. ශරීරයෙන් මොළයට පණිවිඩ ගෙනයන නාල සියල්ල විසන්ධි වීම හේතුවෙන් සතාට වේදනාව දැනීමේ හැකියාව නැතිවී යන්නේය. ස්වාස නාලයද විසන්ධි වන හෙයින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාමෙන් සතා නිර්වින්දන තත්වයකට පත්වන්නේය.
2. කැපීමෙන් පසු හෘදස්පන්දනය ඉහළ යෑමට හේතුව මොළයේ ක්‍රියාකාරිත්වයකින් තොරව සිදුවන්නාවූ මාංශ පෙශීන්ගේ ප්‍රතීක (Reflex) ක්‍රියාකාරිත්වයක් බව සොයා ගන්නා ලදී. මේ හේතුවෙන් ශරීරය තුල ඇති රුධිරයෙන් ඇති විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට හැකියාව ඇතිවී තිබෙන්නේය.
3. අධික රුධිරය අඩංගු මාංශය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර නොවන හෙයින් රුධිරය බැහැර කිරීමේ ක්‍රියා වලියෙන් ඒ අයහපතද ඉවත්කර ගන්නට හැකියාව ඇතිවී තිබේ.
ඉහත විද්‍යාත්මක පර්යේෂණයෙන් සොයාගත් කරුණු වලින් ඉතා මැනවින් ඔප්පුවන්නේ ඉස්ලාමීය අනුමත ක්‍රමය හිංසනයෙන් තොරවූ හොඳම ක්‍රමය බවය. මේ අනුව අප විසින් නැවත වරක් අවධාරණය කළයුතු වැදගත් කරුණු කිහිපයක් ඇත්තේය.
1. ඉස්ලාමය මාංශ අනුභවය අනුමත කර ඇතත් එය අනිවාර්ය කාර්යයක් නොවන්නේය. මාංශ අනුභවයෙන් තොරව යහ මුස්ලිමයෙකු වීමට කිසිම බාධාවක් නොමැත.
2. සත්ව ඝාතනයෙන් තොරව මිහිතලය මත මිනිස් පරපුරක පැවැත්ම කොහෙත්ම සිදුවිය නොහැක්ක යන්න ලෝක යථාර්තයක් බවට පත්ව තිබේ. හෘදසාක්ෂියට එකඟව බුද්ධිය හා විචාරය මෙහෙයවා කරුණු විමසන්නෙකුට මෙම සත්‍යය අවබෝධ කර ගැනීමට කොහෙත්ම අපහසු තාවයක් නොමැත්තේය. නමුත් අන්ධ භක්තියෙන් කටයුතු කරන අයෙකුට නම් මෙය දුෂ්කර විය හැක.
3. සතුන් කැපීම අවශ්‍ය වූ විටක එය හිංසනයෙන් තොරව කිරීමට ඇති හොඳම ක්‍රමය ඉස්ලාමය අනුමත කොට ඇති පිළිවෙත බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.
සතුන් කැපීමේදී අනුගමනය කළයුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ.
1. සත්වයාට හොඳින් ආහාර හා වතුර ලබා දීම.
2. කලබල කරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.
3. පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබිය යුතුය.
4. කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය.
5. කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කලයුතුය. සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නාවූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.
6. කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කල යුතුය.
7. කැපීමෙන් ශ්වාස නාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යායුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.
8. එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.
9. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.
10. සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරු තාවයකින් නොසිටිය යුතුය.
11. කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යන්නට ඉඩ හැරිය යුතුය.
ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වන්නේය.
උලුහිය්යා
ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස් වන මාසය දුල් හිජ්ජා මාසයයි. හජ් නැමදුම ඉටුකරන්නේ මෙම මාසයේ ආරම්භක දින කිහිපය තුළය. මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය සනිටුහන් වන්නේ මෙම කාල වක වානුවේදීය. ඉබ්‍රාහිම් නබි තුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පෙන්වා දුන් මෙම අති ශ්‍රේෂ්ට පූර්වාදර්ශය සිහිපත් කරමින් දෙවිඳුන්ගේ අණට කීකරුවීමේ වැදගත්කම සිත්හි දරාගෙන දානමය ක්‍රියාවක මුස්ලිම්වරු මෙම මාසයේදී නිරත වෙති. සතෙකු කපා අසරණ හා දුගී ජනයාට මෙන්ම අසල්වැසි හා හිතවතුන්ට දානයක් ලෙස පිරිනැමීම උලුහිය්යා නම් ක්‍රියාව ලෙස සැලකේ. මෙය අල්තාරයක් හෝ පිළිරුවක් ඉදිරියේ කරන්නාවූ බිලි පුජාවක් හෝ බිලි දීමක් නොවන්නේය. ඉතාමත් පිරිසිදු චේතනාවෙන් දෙවිඳුන්ගේ නාමයෙන් පෙර පවසුවාක් මෙන් දුගීන්ට, අසරණයින්ට, යාචකයින්ට, අසල්වැසියන්ට හා නෑ හිතවතුන්ට ආහාරය පිණිස කරන්නාවූ දානමය ක්‍රියාවකි.
ඉස්ලාමයේ සියළු ක්‍රියාවන් මිනිසාගේ යහපත පදනම කරගෙන යහ චේතනාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නාවූ ක්‍රියාවන් වන අතර එහි අන්තර්ගතයේ විද්‍යාත්මක හා යථාර්තවාදී පදනමක් නිරන්තරයෙන් දක්නට ඇත්තේය. ඉහත කරුණු වලින් පැහැදිලිවන තවත් සත්‍යයක් නම් ඉස්ලාමය තවත් දහමක් නොව එය සැබැවින්ම සියළු මනුෂ්‍ය අවශ්‍යතාවයන්ට නිසි මග පෙන්වන පරිපුර්ණ ජීවන සැලැස්මක් බවය.
ඉහතින් ඉදිරිපත්කල සියළු කරුණු සමස්තයක් වශයෙන් සමාලෝචනය කර බැලීමේදී ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳව මතුවී තිබු වැරදි අවබෝධයන් ඉවත්කොට එකිනෙකා අවබෝධ කරගෙන ජීවත්විය හැකි සාමකාමී හා සුහදත්වයෙන් යුත් සමාජයක් බිහිකිරීමට අප සැමට හැකිවේ යැයි ඉතා අවධාරණයෙන් යුක්තව විශ්වාස කරන්නෙමු. බහු සංස්කෘතික හා බහු ආගමික සමාජයක එකිනෙකාගේ විශ්වාසයන් හා මතයන්ට ගරු කරමින් තමාට යහ යැයි අවබෝධවන විශ්වාසයෙහි හා මතයෙහි පිහිටා ක්‍රියා කිරීමට ඇති නිදහස හා අයිතිය අත්‍යවශ්‍ය කරුණකි. අනවබෝධය හේතුවෙන් අප අන් අයගේ විස්වාශයන් හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කරන්නට හෝ විවේචනය කරන්නට හෝ යෑමෙන් සිදුවන්නේ කාලාන්තාරයක් තිස්සේ පැවත ආ සුහදත්වය පළුදුවී එකිනෙකාගෙන් ඈත්වූ සමාජයක් ඇතිවීමය. මෙය රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට හිතකර පරිසරයක් ලෙස කොහෙත්ම සැලකිය නොහැක. අනවබෝධය හා ඉන් මතුවන අනර්ථකාරී වෛරය ඉවත්කොට සැමට සතුටින් එකට අත්වැල් බැඳගෙන සුහදත්වය හා මිනිසත්කම පදනම් කරගත් සමාජයක් ගොඩ නැගීමට අධිෂ්ඨානශීලීව එකට අත්වැල් බැඳ ගනිමු.
Lasith says:
ඉතා වැදගත් කරුණු.ඉස්ලාම් දහමට අනුව ආහාරයට සතව
ඝාතනය පවක් නෙවේ.බුද්ධධරමය අනුව කුමන හේතුවක් මත
පරපණ නැසීම පවක්. විශ්වාස දෙකක්, එකිනෙකා ඉවසීම වැදගත්,
කරුණාවෙන් අනෙක් ජාතීන් දෙස බලමු.
sanketh says:
Anver Manatunga says:
යහපත් සංවාදයට සුදුසු ප්‍රතිචාර පමණක් පලකරමු.