එක්තරා අන්තවාදී යතිවරයෙක් විසින් සියළුම මුස්ලිම් වෙලඳසැල් වර්ජනය කළ යුතුයි යනුවෙන් සඳහන් කරමින් ලියන ලද ලිපියක කොටසක් face book හි පලවිය. එයට ලැබී තිබුණු ප්‍රතිචාරයක සඳහන් වු කරුණක් ගැන මගේ අවධානය යොමු විය. එනම් එක බෞද්ධ සහෝදරයෙක් ලියා තිබුණේ “බෞද්ධ රටක සිටින අපට අපේ රටේ සිටියදීම හලාල් කෑම ගැනීමට සිදුවීම ලැජ්ජාවක්” බවයි. මා මේ ලිපිය ලියන්නේ එම කරුණ අරබයායි.
මෙහිදී මා හලාල් සහ හරාම් පිළිබඳව ආගමික විග්‍රහයකට නොයන්නේ ආගමික විෂයන් අරබයා ලිවීම මෙම බ්ලොග් අඩවියේ කටයුත්තක් නොවන බැවිනි. හලාල් යන අරාබි වචනයේ කෙටි අරුත “අනුමත” එනම් අනුමත කරන ලද දේ යනුයි. හරාම් යන අරාබි වචනයෙහි අරුත “තහනම්” හෙවත් තහනම් කරන ලද දේ යනුයි. ඉස්ලාම් දහමට අනුව මුස්ලිම් භක්තිකයෙක්ට අනුමත දේ සහ තහනම් දේ යනුවෙන් කොටස් දෙකක් ඇත. පොදුවේ ගත් කල පෙනෙන්නට තිබෙන කරුණ නම් මේ සියළු සීමාවන් දෙවිඳුන් විසින් පනවා ඇත්තේ මිනිසාගේම යහපතට බවයි. මන්ද එයින් සුරැකෙන්නේ මිනිසාම වන හෙයිනි.
හලාල් සහ හරාම් බලපාන්නේ ආහාර වර්ග වලට පමණක් නොවේ. මුස්ලිම් වරයෙක්ගේ දෛනික ජීවිතයේ සිදුවන සෑම කටයුත්තකදීම හලාල් සහ හරාම් බලපායි. නිදසුනක් ලෙස මුස්ලිම් වරයෙක් සිය ජීවන වෘත්තිය ලෙස තෝරා ගත යුත්තේ හලාල් ආකාරයට ඉපයිය හැකි රැකියාවකි. මත්පැන් වැනි හරාම් – තහනම් දේ විකිණීමෙන් උපයන දේ හලාල් නොවේ. එසේ නම් කෙනෙක් මත්පැන් අලෙවි කිරීම සිය ජීවන වෘත්තිය කරගෙන සිටී නම් එය හරාම් වර්ගයේ රැකියාවකි. විවාහයකදීද එසේය. මුස්ලිම් විවාහයකදී විවාහ විය යුත්තේ සැමියා සහ බිරිඳ එකිනෙකාට හලාල් නම් පමණි. නිදසුනක් ලෙස එකම පියාගේ දරුවන්ට විවාහ වීම තහනම්ය. එසේ විවාහයක් සිදුවන්නේ නම් එය හරාම් විවාහයකි. මෙහිදී මෙම යතිවරයා සම්බන්ධ පුවතේ ප්‍රතිචාරය සම්බන්ධ වන්නේ ආහාර වර්ග වලට පමණක් හෙයින් මා තවදුරටත් අනෙක් කාරණා ගැන කථා නොකරමි.
ආහාර වර්ග හලාල් සහතිකය ගත යුත්තේ ඇයි? යනුවෙන් මෙහිදී ඔබට අතුරු ප්‍රශ්නයක් නැගෙන්නට ඉඩ ඇත. ආහාර වර්ග සැකසීමේදී ඒ සඳහා යොදන විවිධ ආකාරයේ රසකාරක, කල්තබා ගැනීමේ ක්‍රමවේද, යොදන්නාවු සුවඳ වර්ගයන් සහ නිශ්පාදන ක්‍රියාවලියන්හි මුස්ලිම් වරුන්ට තහනම් වන්නාවු දේ අඩංගු විය හැක. නිදසුනක් ලෙස යෝගට් නිශ්පාදනය දෙස බලමු. යෝගට් නිපදවීමේදී එම යෝගට් සාරය ඝණකම වීම සඳහා යොදාගන්නාවු ඝණකම් Hardener රසායන වර්ග කිහිපයක්ම ඇත. ඉන් පලමු වැන්න එළවළු සාරයෙන් සාදාගන්නා එකකි. මෙය අතිශය මිල අධික එකකි. මේ නිසා ලාංකික යෝගට් නිශ්පාදන කරුවන් විසින් එළවළු Hardener යොදා නොගනිති. ඔවුන් යොදා ගන්නේ මාංශ අනුසාරයෙන් නිපදවෙන Hardener ය. මාංශ අනුසාරයෙන් හදන මේ Hardener කොටස් දෙකක් ඇත. එනම් ඌරන්ගෙන් නිපදවන සහ ගවයන්ගෙන් නිපදවන යන කොටස් දෙකයි. මෙකී කොටස් දෙකෙන් ඉතාමත් ලාභදායි එක ඌරන්ගෙන් නිපදවන්නාවු එකයි. එමගින් නිපදවන යෝගට් මුස්ලිම් වරුන්ට හලාල් හෙවත් අනුමත නැත. මේ නිසා සමහර යෝගට් නිපදවන්නන් විසින් අපි හලාල් කියමින් ගවයන්ගේ අනුසාරයෙන් නිපදවන Hardener යොදා ගනිති.
නමුත් ඔවුන් එම ගවයන් අනුසාරයෙන් නිපදවන Hardener ගෙන්වන්නේ ඔස්ට්‍රේලියාව හෝ නවසීලන්තය වැනි රටවලිනි. එම රට වලින් ගෙන්වන ගවයන් අනුසාරයෙන් නිපදවන ලද Hardener වුවද සමහර විට ඒවා හලාල් ක්‍රමයට සැකසුණු ඒවා නොවේ. ඒ නිසා එම යෝගට් පරිබෝජනය මුස්ලිම් වරුන්ට තහනම්ය. මුස්ලිම් නොවන යෝගට් නිශ්පාදකයෙක් හලාල් සහතිකය ලබා ගන්නේ නම් මේ පිළිබඳව සොයා බැලෙන නිසා මුස්ලිම් වරුන්ට කිසිදු බියක් නොමැතිව එම මුස්ලිම් නොවන ව්‍යාපාරිකයාගේ යෝගට් මිලදී ගත හැක. මෙමගින් යෝගට් නිශ්පාදකයාගේ අලෙවියද වැඩි වනවා මිස අඩුවක් සිදු නොවේ.
ආහාර වර්ග වලට හලාල් ක්‍රමවේදය යෙදීමේදී ලංකාවේ සිදුවන්නේ සමස්ත ලංකා ජමියතුල් උලමා හෙවත් මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සම්මේලනය මගින් පත්කර ඇති කමිටුවක් Halal Committee වෙත තම ආහාර සකසන ආකාරය පෙන්වාදී හලාල් සහතිකය ලබා ගැනීමයි. බොහෝ මුස්ලිම් නොවන ව්‍යාපාරිකයන් මගෙන්ද මේ පිළිබඳව අසා තම ව්‍යාපාරයට හලාල් සහතිකය ලබා ගැනීමට උත්සුක වන්නේ එමගින් මුස්ලිම් වරුන් සමග විශ්වාසනීයත්වයෙන් සිය ව්‍යාපාරය කර ගැනීමට හැකි බව දන්නා නිසාය. මෙහිදී මුස්ලිම් වරයෙක්ට පුද්ගලිකව කිසිදු මුස්ලිම් නොවන ව්‍යාපාරයක් හා පුද්ගලික කෝන්තරයක් නැති අතර ඔවුන් හලාල් ක්‍රමවේදයේ කටයුතු කරන්නේ නම් මුස්ලිම් වරුන් ඔවුන් විශ්වාස කර භාන්ඩ සහ සේවා ලබා ගන්නේය.
දිනක් මා මුස්ලිම් නොවන ව්‍යාපාරිකයෙක්ගෙන් ඔබ හලාල් සහතිකය ලබා ගත්තේ ඇයි යන්නට ඔහු දුන් පිළිතුර නම් එමගින් තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව වැඩි වු බවයි. ඔහු අද අපනයන කරුවෙක්ද වෙයි. ඔහු තමන්ගේ නිශ්පාදනය පලමුවෙන් විදෙස් රටට අපනයනය කරන්නට ඔහුගෙන් විදෙස් සමාගම ඉල්ලා සිටි සහතික අතර හලාල් සහතිකයද වු බව මට පවසන ලදී. එමෙන්ම සෑම නැව්ගත කිරීමකදීම Consignment ඔවුන් හලාල් සහතිකය ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියා. එහිදී මා අතුරු පැනයක් නගමින් විමසා සිටියේ ඇයි මුස්ලිම් වරුන්ගේ මිලදී ගැනීම ඔබට අවශ්‍ය? යනුවෙනි. එවිට ඔහු පැවසුවේ මුස්ලිම් සමාජයේ මිලදී ගැනීමේ හැකියාව Buying power වැඩි බවයි.
මෙයින් ලාභය අත්වන්නේ කාටද? කිසියම් බෞද්ධ ව්‍යාපාරිකයෙක් හලාල් සහතිකයද සමග ව්‍යාපාර කරන්නේ නම් එයින් ඔහුගේ ව්‍යාපාරය මුස්ලිම් වරුන් අතරද පැතිරේ. නිදසුනක් ලෙස මැලිබන් බිස්කට් ව්‍යාපාරය දෙස බලමු. ඔවුන් හලාල් සහතිකය ලත් බිස්කට් ව්‍යාපාරික ආයතනයකි. මෙම ව්‍යාපාරයේ හිමිකාරීත්වය බොදුනුවන් අත වන අතර සේවකයන්ගෙනුත් අති බහුතරය බොදුනුවන්ය. නමුත් ඔවුන් හලාල් සහතිකය ලත් බිස්කට් සමාගමක් නිසා මුස්ලිම් වරුන් ඒ බිස්කට් මිලට ගනිති. මෙමගින් මැලිබන් ආයතනයේ ව්‍යාපාර ලාභය ඉහල යන්නේය. මැලිබන් ආයතනය විසින් බෞද්ධ පුන්‍ය කටයුතු වලට, ප්‍රසිද්ධ බොදුනු යතිවරුන්ට සහ බුදු දහම නගා සිටුවීමට විශාල ලෙස ආධාර කරන බව මා පුද්ගලිකවම දනිමි. ඒ ගැන මුස්ලිම් අපට ප්‍රශ්නයක් නැත. ඔවුන් අපට යහපත් ලෙස භාන්ඩ අලෙවි කර ඉන් ලබන ධාර්මික ඉපයීමෙන් ඔවුන්ගේ දහමේ උන්නතිය උදෙසා වැය කිරීම මුස්ලිම් අපට ප්‍රශ්නයක් නැත.
හලාල් ක්‍රමයට සැකසු භාන්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමෙන් බොදුනුවෙක්ට මදිපුංචි කමක් සිදුවේද? මගේ පුද්ගලික අදහස නම් එය එසේ නොවන බවයි. එසේ කිසිවෙක් සිතන්නේ නම් ඒ ඔහු තුල තිබෙන පුහු අහංකාරය සහ මමත්වය නිසාය. කිසියම් කෙනෙක් හලාල් සහතිකය ලත් භාන්ඩයක් හෝ සේවාවක් ලබා ගන්නේ නම් ඒ භාන්ඩය හෝ සේවාව සාමාන්‍ය තත්වයට අමතර තත්ව සහතිකයක් ලත් එකක් වීමේ ලාභයද අත්වන්නේ පාරිබෝගිකයාටයි.
මෙහිදී පැවසෙන තවත් මුසාවක් නම් මුස්ලිම් වරුන්ගේ හලාල් සහතිකය ගන්නට සිදුවන නිසා සිංහල ව්‍යාපාරිකයන්ට මුස්ලිම් වරුන්ට කප්පම් ගෙවීමක් සිදුවන බවයි. මෙය සත්‍යයක්ද? හලාල් කමිටුව යනු ඉතා විශාල මුදලක් අය කරන ආයතනයක් නොවේ. ඔවුන් තම උපදේශන සේවාවට අය කරන්නේ ඉතාමත් සාධාරණ සහ සුළු අයකිරීමකි. එමෙන්ම කිසිදු කෙනෙක්ට හලාල් සහතිකය ගැනීමට බලකිරීමක්ද නැත. එවිට සිදුවන එකම දෙය නම් හලාල් ගැන අවධානයෙන් සිටින මුස්ලිම් වරුන් සමග ගනුදෙනු සිදු නොවීමයි. එයින් එම ව්‍යාපාරිකයන්ට එතරම් ප්‍රශ්නයක් නොවන බව මගේ අදහසයි. මන්ද නිල සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ මුස්ලිම් වරුන් සිටින්නේ 8.5% පමණක් වන බැවිනි.



මම රවිදු ප්‍රවීන් says:
ප්‍රාණ ගාතය සිදු වන්නේ මරණ් පුද්ගලයාට මිස කන පුද්ගලයාට නොවේ.නමුත් අසවල් පුද්ගලයාට කෑම සදහා මරමියි සිතාගෙන මැරුවහොත් එම පුද්ගලයාටද එම පව සිදුවේ.මේ පිලිබද වැඩිදුර විස්තර බෞද්ධ පොත් පත් වලින් ඔබට දැන ගත හැක.කිසිම දෙයක් පිලිබද ගැබුරින් නොබලන ඔබ වැනි අයට නම් සමහර විට මෙම කාරණය තේරුම් ගැනීමට නොහැකි වනු ඇත.හලාල් ආහාර එපා කියන්නේ නිකම් අපිට කසනවාට නොවන බව ඔබ තේරුම් ගත යුතුය…….@Anvar manathunga ඔබගේ මස් හලාල් කර කන්න දෙනවා නම් මං කිසිම පැකිලීමක් නැතිව කනව……
ලොල්…..
Anver Manatunga says:
මීට කලිනුත් කිහිප දෙනෙක් මගේ මස් ඉල්ලලා තියෙනවා. මම දන්නැහැ ඇයි මගේ මස් වලට මෙතරම් ඩිමාන්ඩ් කියලා. නමුත් මල්ලී කියන්න කණගාටුයි. මීනීමස් හරාම් අනික බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාල නොකෑ යුතු මස් වර්ග දසයේත් මිනීමස් අඩංගු වෙනවා. ඔබ මගේ මස් කෑවොත් දුකුලා අවැතක් සිදුවන බව ත්‍රිපිටකයේ පැවසෙනවා.
හලාල් සහතිකය ලත් නිශ්පාදන වල තිබෙන දේත් ඔබ උදෙසා මැරූ ඒවා නොවේ. ඒ නිසා ඔබට හලාල් ලෙස සහතික කළ දේද කෑ හැකිය. ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් කරගන්න එපා.
asd says:
@මම රවිදු ප්‍රවීන්
—මස් කැවට පව් නැ මස් සදහා සතුන් ගාතනය පව් —–\\
මේකට තොට තේරෙන බාසාවෙන්ම පිළිතුරු දෙනවනම්, දැන් උබලවගේ ජාතිබෙද අවුස්සන 5% කියන්නේ මුස්ලිම් කඩවල් වර්ජනය කරපල්ලා කියලනේ, මොකද හේතුව මුස්ලිම්උන්ට අදායම අඩුවෙන නිසාලු,,ඒවගේම වර්ජනය කරලා උබල ගව මස් නොකා ඊදපංකො , ගවගතනය අඩුවෙන්නේ නැද්ද කියලා බලන්න, දැනගනිව් පෙරේත කම , නිවට කම , අවිහිංසාවාදය කියන්නේ , තුනක් කියලා, තොපිලා කරන්නේ තොපිලාට ඔව්න වෙලාවට මේ තුන පටලවගන්න ඒක, එකට තමා කියන්නේ නිවටකම සමග පෙරේත කම පටල ගන්නවකියල කියලා , උබ දන්න මහලොකු ගැබුර , 1 වසර පොඩි එකෙට්ටත් තේරෙනවා තොගේ ගැබුර ,
Anver Manatunga says:
අපේ දහමේ හැටියට ආහාර පිණිස සතුන් මැරීම පවක් නැත. එමනිසා මස්කෑමද අපට ප්‍රශ්ණයක් නැත. නමුත් ඔබේ දහමේ හැටියට ප්‍රාණඝාතය අකුසල කර්මයකි. එසේ තිබියදී ඔබලා මස් කන එක මලපෙරේත කමකි. උද්වේගකාරි වන්නට එපා. අපි මේ කතාකරන්නේ තිරිසන් ප්‍රාණ ගැනය.
හරි, ප්‍රතිශතයක් වශයෙන් මුස්ලිම් අපි ගවමස් වැඩියෙන්ම කනව කියමුකො. එතකොට අනිත් මස් මාංශ වැඩියෙන්ම කන්නේ කවුද? මා අභියෝග කරනව ලංකාවේ වැඩියෙන්ම ප්‍රාණඝාතය කරන්නේ බෞද්ධයන් බවට. ඒ ජනගහනහය වැඩිම ප්‍රතිශතය ඔබලා නිසා. ලංකාවේ ධීවරයන්ගෙන් වැඩිම ප්‍රතිශතය බෞද්ධයන්ය. පලමුව ඔබලාගේ වැරදි හදාගන්න. දෙවනුව ඔබලා ගවමස් කන එක නවත්වන්න. ඉන්පසුව අපි සලකා බලන්නම්.
දැන් නිවටකම සහ ෙපරේතකම දෙකම තිබෙන්නේ ඔබට බව තේරෙනවාද?
ක්සැන්ඩර් | Xander says:
ඔබේ පළමු කමෙන්ටුවේ සඳහන් වූ පරිදි මම සිතුවේ ඔබ බුද්ධාගම ගැන දැනුමක් ඇති අයෙකු බවයි. එහෙත් දෙවැනි කමෙන්ටුවේ සඳහන් දේ දුටු පසු තේරුම් ගියේ වෙන දෙයකි. බුද්ධාගමේ කිසිම විටක මාංශ ආහාර ගැනීම කරන්න එපා යයි සඳහන් නොවේ. එය අපේ සමහර උදවිය විසින් පටලවා ගන්නා ලද්දකි. මිනි මස් පවා වැරදීමකින් (නොදැනුවත්ව) අනුභව කල භික්ෂුන් වහන්සේ නමකට එය දුකුලා ඇවතක් බව පැවසූ බුදුරදුන් එහිදී සිද්ධ කලේ නොකෑ යුතු මස් වර්ග නම් කිරීම පමණයි. ඒ ද ඒ මස් වර්ග කෑමෙන් භාවනා කරන භික්ෂුන්ට වන්නාවූ අනතුරු නැති කිරීමටයි.
ඉතින්, කරුණාකර මේ පෙරේත කමක් ගැන කියවෙන කමෙන්ටුව නිවැරදි කරන්න. බුද්ධිමත් ඔබ මේ ගැන සිතනු ඇති යයි මම අපේක්ෂා කරමි. ශ්‍රේෂ්ඨ අල්ලාහ් දෙවියන් පැවසුවේ මෙසේ ඇඟිලි දිගු කරගන්නට නොවේ නේද?
Anver Manatunga says:
බොදුනුවන් අතර මතවාද දෙකක් තිබෙන බව පෙනේ එකක් ඔබ කිව්වා සේ බුදුරජාණන් වහන්සේ මස් කන්නට තහනම් නොකල බව සිතන කොටසයි. ඇත්තටම බුදු දහම තුල මුලාශ්‍ර මගින් පෙන්වන සත්‍යයද එයයි. නමුත් තවත් කොටසක් පවසන්නේ බුදුරජාණන් වහන්සේ මස් වලදා නොමැති බවත් මස් කන්නට කිසිදා නොපැවසු බවත්ය.
මම පිළිතුරක් දුන්නේ එවැනි අදහසක් සහිත කෙනෙක්ගේ කමෙන්ට් එකකට. සාමාන්‍යයෙන් මා කරන්නේ ඔහු පිළිගන්නාවු දේ මත තර්ක ගොඩ නැගීමයි. ඔහු පලමුවෙන් අපට පෙරේතයන් යැයි පැවසුවා. මම තර්කයෙන් ඔහු මලපෙරේතයෙක් බව පෙන්නුවා.
ඔබ එවැනි මතවාදයක නොමැති නිසා එය ප්‍රශ්නයක් කරගත යුතු නැහැ.
ක්සැන්ඩර් | Xander says:
බොහොමත්ම ස්තුතියි. දහමේ නිසි ලෙස හැසිරෙන අපි, බුද්ධ දර්ශනය පදනම කරගත්තෝ වෙමු. සියලු ආගම් සමග සහයෝගයෙන් විසීම අපේ අරමුණයි. අප සමග සුහදව සිටින ඉස්ලාමය අදහන සහෝදරවරු ද සිටියි. ඒ ඔබේ ආගමයි. මේ අපේ ආගමයි. මේ ගැන භේද අනවශ්‍යයි. කෙසේ නමුත් ලිපිය ගැන කියනවා නම් හලාල් සම්බන්ධ හොඳ දැනුවත් කිරීමක්. භේද ඇතිවන කමෙන්ට් පල නොකලොත් මොකද? ගැටුම ඇතිවූ විට නවතනවාට වඩා ඇතිවීමට පෙර ඇවිලිය හැකි ස්ථාන අවම කිරීම හොඳයි නේද?
Anver Manatunga says:
ඔබ වැනි අයට අපි අපේ ආචාරය පල කරනවා. තව දුරටත් අපිත් සමග ඉදින්නට ඔබ සැමට ආරාධනා කරනවා.
අපි සංවාදයකදී හැමෝගෙම අදහස් වලට ඉඩ දෙනවා. පසුව ඒ ගැන ඔවුන් සමග තර්ක කරනවා. සමහර වෙලාවට කෙනෙකුගේ සිත පැහැදෙන වෙලාවට තව කෙනෙකුගේ හිත රිදෙන්නත් පුලුවන්. නමුත් අපි බලන්නේ රිදවීම අවම කර කරුණු පහදන්නයි. ආවේගශීලී සමහරුන්ට මමත් ආවේගාත්මක පිලිතුරු දෙනවා. නමුත් ඒ කරන්නේ නොකරම බැරි අවස්ථා වලදී පමනයි
Yaseer Arafath says:
…. moda vidihata hitanna eppa muslim apita kawadawath bsns aduwenne neha adath api thamai lankawe bsns valing ihalinma inne apigawa ……vanchawa horakama irisiyawa neha ….. mechara kiyanne ……. aanduva muslim ratavala gihilla hinga kaala salli hoyagena enda vitharak puluvanda?…… vediyenma wedakaranne arabi ratawala eheng hoyalane …… mehe gewal hadanawa vahana gannawa eka okkoma karagena muslims ta baninawa muslims nethang ….. hinga kannai wenne..ok
Anver Manatunga says:
සහෝදරයා, අඩෝ උඹ වැනි වචන භාවිතා කරලා මින් පස්සේ කමෙන්ට් නොකරන්න. මන්ද අපිට ආවේගශීලී වන්නට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මින් පස්සේ එවැනි කමෙන්ට් ආවොත් එඩිට් කරලා පලනොකරන බව කරුණාවෙන් සලකන්න.
මුස්ලිම් අපි අන් අයගේ හැසිරීම් අනුකරණය කරන්න අවශ්‍ය නැහැ.
Kaushalya says:
කරුණාකරලා පුළුවන් නම් පැහැදිලි කරනවද මුස්ලිම් වරුන්ට ඌරන් සම්භන්ධ දේ තහනම් කර ඇත්තේ ඇයි කියලා. මම ඇත්තටම මේ ගැන දැනගන්න කැමතියි.
ලිපියේ අන්තර්ගතය ගැන කියනවනම් මම නම් දන්නේ එක දෙයයි. සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් වේවා ජාතිවාදයට මම අකමැති බවයි.
Anver Manatunga says:
අප ඌරු මස් අනුභව නොකරන්නේ මුලිකව දෙවිදුන් එය තහනම් කොට ඇති නිසාය. දෙවිදුන් විසින් මෙලොව මවා ඇති සියල්ල නිමවා තිබෙන්නේ කිසියම් හේතුවක් ඇතිවය. ඌරා යනු පරිසරයේ කසල ශෝධනය පිණිස නිමවු සත්ත්වයෙකි. පරිසරය තුල මේ කාර්යභාරය කරන තවත් සතුන් ඇත. නිදසුනක් ලෙස කපුටා, කබරගොයා වැනි සතුන් පෙන්වා දිය හැක. ඇත්තටම මේ සතුන් යනු පරිසරයේ කුණු ඉවත් කරන සතුන්ය.
වර්තමානයේද අපේ රටේ ඌරන් ඇතිකරන අය කරන්නේ කුකුල් මස් කඩ වල ඉතිරිව තිබෙන අපද්‍රව්‍ය සහ හෝටල් වල තිබෙන පිළුණු කෑම ඉල්ලාගෙන ගොස් ඌරන් පෝෂණය කිරීමයි.
Mr. Who says:
What Sri Lankans should be ashamed of is not having a “Suitable for Vegetarians” label on food products. But I guess there is not enough demand for vegetarian food in the buddhist country.
ක්සැන්ඩර් | Xander says:
There is now “law” sort of thing in Buddhism in preventing people from eating meat products. Actually, what the Buddhism does is prevent killings by far. It will lessen the meat products eventually. So there will never be a demand on the Vegetarian foods even the whole country goes off with Buddhists, until the whole world turns in to a non-killing state, because the Buddhists will consume, even if they don’t kill animals them selves.
Mawahib says:
Why is the eating of pork forbidden in Islam?
Answer: The fact that consumption of pork is prohibited in Islam is well known. The following points explain various aspects of this prohibition:
1. Pork-prohibited in Qur’an
The Qur’an prohibits the consumption of pork in no less than 4 different places. Its prohibited in 2:173, 5:3, 6:145 and 16:115.
Forbidden to you (for food) are: dead meat, blood, the flesh of swine, and that on which hath been invoked a name other than that of Allah. [Al-Qur’an 5:3] The above verses of the Holy Qur’an are sufficient to satisfy a Muslim as to why pork is forbidden.
2. Pork prohibited in the Bible
The Christian is likely to be convinced by his religious scriptures. The Bible prohibits the consumption of pork, in the book of Leviticus and the swine, as he divideth the hoof, and be cloven footed, yet he cheweth not the cud; he is unclean to you. Of their flesh shall ye not eat, and their carcass shall ye not touch, they are unclean to you. Leviticus chapter 11 verse 7 and 8:
Pork is also prohibited in the book of Deuteronomy
And the swine, because it divideth the hoof, yet cheweth not the cud, it is unclean unto you. Ye shall not eat of their flesh, nor touch their dead carcass. Deuteronomy chapter 14 verse 8:
A similar prohibition is repeated in the book of Isaiah chapter 65 verse 2-5.
3. Consumption of pork causes several diseases
The other non-Muslims and atheists will agree only if convinced through reason, logic and science. Eating of pork can cause no less than seventy different types of diseases. A person can have various Helminthes, like roundworm, pinworm, hookworm, etc. One of the most dangerous is Taenia Solium, which in a layman’s terminology is called tapeworm. It harbours in the intestine and is very long. Its ova i.e. eggs, enter the blood stream and can reach almost all the organs of the body. If it enters the brain it can cause memory loss. If it enters the heart it can cause heart attack and if it enters the eye it can cause blindness. If it enters the liver it can cause liver damage. It can damage almost all the organs of the body.
Another dangerous helminthes is Taenia Tichurasis. A common misconception about pork is that if it is cooked well, these ova die. In a research project undertaken in America, it was found that out of twenty-four people suffering from
Taenia tichurasis, twenty two had cooked the pork very well. This indicates that the ovas present in the pork do not die under normal cooking temperature.
4. Pork has fat building material
Pork has very little muscle building material and contains excess of fat. This fat gets deposited in the vessels and can cause hypertension and heart attack. It is not surprising that over 50% of Americans suffer from hypertension.
5. Pig is one of the filthiest animals on earth
The pig is one of the filthiest animals on earth. It lives and thrives on muck, faeces and dirt. It is the best scavenger that I know that God has produced. In the villages they don’t have modern toilets and the villagers excrete in the open air. Very often excreta is cleared by pigs.
Some may argue that in advanced countries like Australia, pigs are bred in very clean and hygienic conditions. Even in these hygienic conditions the pigs are kept together in sties. No matter how hard you try to keep them clean they are filthy by nature. They eat and enjoy their own as well as their neighbour’s excreta.
6. Pig is the most shameless animal
The pig is the most shameless animal on the face of the earth. It is the only animal that invites its friends to have sex with its mate. It feels no jealousy. And among people who consume pork, the practice of wife swapping and other forms of promiscuous behavior is common.
(The auther is the president of Islamic Research Foundation, Mumbai. Email: islam@irf.net, http://www.irf.net)
Sinhalayek says:
Habai prashne thiyenne tripitakaye newei kohewath kiyala naha kanna thahanan karapu mas kiyala wenama………….mokada budu hamuduruwo hemadama kiuwe kisima masak noka yuthu bawai………..mokada pranagathayak kiyanne pawak…………eka sidda wenne thawa kenekge badaginnak niwanna newei………..thawa kenekta rasak witharai………..kohoma karath Muslim minissu newei……..monama jathiyaka wath minihek maranawa kiynne yako hinsanayak…….prana gathayak…………..thamanta jeewath wenna aithiyak thiyanawa wagema anith minissunta, sattunta jeewath wennath aithiyak thiyanawa, ubala parawal aine sattu maranawa, muslim ekek wena jathiyaka ekekwa marry karoth gal gahala maranawa, yako okata kiyanne thirisan gathi kiyala………..monama dekatawath kalin humanity eka hadaganilla…………attama kathawa awilla, lokaye thirisanma, apirisduma jathiya muslim………wena onima jathiyakin ahala balapan………..anith eka Mr.Amarathnga………uba me blog eka hadanna hetuwa mama ahanna kamathi………..
Anver Manatunga says:
Habai prashne thiyenne tripitakaye newei kohewath kiyala naha kanna thahanan karapu mas kiyala wenama
ත්‍රිපිටකයේ තහනම් කරපු මස් කියලා එකක් නැද්ද එහෙනම් බලන්න විනය පිටකයේ මහාවග්ගපාලියේ (556-560 පිටු) ඔයාට ලේසි වෙන්න මම ඒ කොටසේ පරිවර්තනයක් දාන්නම්. මම ඒක උපුටා ගත්තේ ඉබ්නු මන්සුර් බ්ලොග් අඩවියෙන්
භික්ෂුන් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග දහයක්ද විනය පිටකයේ මහාවග්ගපාලියේ (556-560 පිටු) සඳහන් වෙයි. මෙම මස් වර්ග දහය භික්ෂුන්ට පිළිගැන්වූයේ ගිහි උපාසක උපාසිකාවන්ය. එම නොකෑ යුතු මස් වර්ග දහය මෙසේය.
1) මිනී මස්
2) ඇත් මස්
3) අශ්ව මස්
4) බලු මස්
5) සර්ප මස්
6) සිංහ මස්
7) ව්‍යාග්‍ර මස්
8) දිවි මස්
9) වලස් මස්
10)(තරස්)කරබානා වලස් මස්
මෙම මස් වර්ග දහය ද බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන්ට තහනම් කරන ලද්දේ සමාජයෙන් මතුවූ විරෝධතාවය නිසා හා වනසතුන්ගෙන් සිදු වූ හිරිහැර අනතුරු හේතු කර ගෙනය. මෙම මස් වර්ග ගිහියන්ට නොකෑ යුතු බවට බුදුරදුන් ශික්ෂාපද පනවා නැත.
http://www.ibnumansoor.com/meet-food-in-buddhism/
.mokada budu hamuduruwo hemadama kiuwe kisima masak noka yuthu bawai ……..mokada pranagathayak kiyanne pawak……
බුදු හාමුදුරුවෝ කිසිම මසක් නොකෑ යුතු බව ඔයා ඔය කියන ත්‍රිපිටකයේ කුමණ පොතේ කුමන පදයේද කියලා කියන්න පුළුවන්ද?
eka sidda wenne thawa kenekge badaginnak niwanna newei………..thawa kenekta rasak witharai……
මස් කෑවහම බඩගින්න නිවෙන්නේ නැද්ද? ඔයාගේ බොකුවල ප්‍රශ්ණයක් ඇති.
kohoma karath Muslim minissu newei……..monama jathiyaka wath minihek maranawa kiynne yako hinsanayak…….prana gathayak…………..thamanta jeewath wenna aithiyak thiyanawa wagema anith minissunta, sattunta jeewath wennath aithiyak thiyanawa,
ඔයා ඔයටික ගිහින් ධීවර ඇමති රාජිත සේනාරත්න මහත්තයට කියන්න. මොකද එයත් බෞද්ධ කෙනෙක්නේ. එතකොට එයා ඔයා කියන දේ අහලා ධීවර අමාත්‍යාංශය වහලා දායි. එහෙම වුනොත් අපිත් මස් නොකා ඉන්නම් එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ?
ubala parawal aine sattu maranawa,
පාරවල් ගානේ සත්තු මරන්න අපිට පිස්සු නැහැ. අපිට ඒව කරන්න ඕන තරම් ඉඩ තියෙනවා. ලියන කොට සාක්ෂිත් එක්ක ලියන්න.
muslim ekek wena jathiyaka ekekwa marry karoth gal gahala maranawa, yako okata kiyanne thirisan gathi kiyala………..
එහෙම වෙලා තියෙන්නේ කොහේද? පුළුවන්නම් ඔප්පු කරන්න. ගල් ගහලා මරපු කෙනෙක්.
monama dekatawath kalin humanity eka hadaganilla……
මට කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. මුළු ලෝකෙම කියන්නේ අපේ රටේ මානව හිමිකම් කඩනවළු.
attama kathawa awilla, lokaye thirisanma, apirisduma jathiya muslim……
අපිට පිරිසිදු කම කියලා දෙන්න ඔයගොල්ලෝ චූ කරලා හෝදනවද කියලා කලින් කියන්න?
anith eka Mr.Amarathnga………uba me blog eka hadanna hetuwa mama ahanna kamathi………..
මම මේ බ්ලොග් එක හදලා තියෙන්නේ ඔබලා වගේ අයට ඇත්ත පහදලා දෙන්න.
ජයශ්‍රී says:
මස් නොකෑ ජනකොටසක් ලෝකයේ නෑ.පුරා විද්‍යාත්මාක් සාක්ෂි අනුවත් සියලුම පැරණි ජන සමාජ මස් ප්‍රධාන අහාරාය් ලෙස ගෙන තිබෙනවා.බුදුන් වහන්සේ මස් වර්ග 10ක් පමනක් තහනම් කර තිබූ බව කිරිබත්ගොඩ හිමියන්ගේ නිර්මාංශ ආහාරාය් නමැති පොතෙන් දැන ගත හැකියි.එම පොත වෙළෙද සැල්වලින් ලබාගත හැකියි.එහෙම කිව්වේ පාලි පොත්වල කරුණු වැඩි දෙනෙකුට නොතේරෙන නිසයි.බුදුන් වහන්සේත් තමන් ඉදිරියට මිනීමස් කෑමේ ප්‍රශ්නය ආවිට පවා සියලුම මස් භික්ෂූන්ට තහනම් නොකිරීමෙන් උන් වහන්සේ එබදු තහනමක් ප්‍රායෝගික නැති බව දැන සිටියා.නියම බුද්ධාගම අනුව කිසිම මසක් ගිහියන්ට තහනම් නෑ.හැබැයි ඉස්ලාම් හා යුදෙව් වැනි ආගම් සමහර මස් වර්ග තහනම් කර තිබෙනවා
hasan says:
හලාල්, හරාම් ප්රශ්නය
‘හලාල්‘ යනු අනුමත යන්නය. ‘හරාම්‘ යන්න තහනම් යන්නය. ඉස්ලාමය මිනිසා ආහාර වශයෙන් ගතයුතු දේද ‘හරාම්‘ හා ‘හලාල්‘ එනම් තහනම් හා අනුමත යනාදී වශයෙන් කොටස් දෙකකට කර පෙන්වයි. මිනිසාගේ ශරීරයට අහිතකර ආහාර හරාම් වේ. එමෙන්ම මිනිසාගේ ශරීයට හිතකර ආහාර හලාල් වේ. එනම් මිනිසාගේ ශරීරයට හිතකර හා අහිතකර යන පදනම මත හලාල් හා හරාම් යන නීතිය ආහාරවලට නීතිය වශයෙන් පනවා ඇත.
කෙනෙකුට සත්වයෙකුගේ මසක් කෑමට ගැනීමට අවශ්ය වූ විටක පළමුව එම සතාව මැරිය යුතු තත්ත්වයක් ඇති වේ. ලෝකයේ විවිධ ජන කොටස් මෙම සතුන්ගේ මස් කිරීම පිණිස විවිධ අන්දමේ ක්රම භාවිතා කරති. උදාහරණයක් වශයෙන් සමහරු ඌරාව මැරීම පිණිස, මල්ලක දමා මෝල් ගස් වැනි පොලුවලින් පහර දෙති. ඉන් පසු මස් කරගනිති.
ඉස්ලාමය පවසන හලාල් ක්රමය
නමුත් ඉස්ලාම් ධර්මය කියා දෙන හලාල් ක්රමය එනම් අනුමත ක්රමය අල්ලාහ්ගේ නම පවසා, එම සතාගේ බෙල්ල තියුනු පිහියකින් කැපිය යුතු බවයි. මෙසේ බෙල්ල කැපීම හේතුවෙන් එම මස අනුභව කිරීමෙන් මිනිසාට සෞඛ්ය අතින් යහපතක් සිදු වේ.
ඕනෑම ප්රාණියෙකුට රෝගයක් ඇති වූයේ නම්, එහි විෂබීජ රුධිරය සමඟ මිශ්ර වේ. එහෙයින් මිනිසා ආහාරයට ගන්නා මෙම සතාගේ මස රෝගවලට සම්බන්ධ විෂබීජවලින් ඉවත් වූ පිරිසිදු මසක් විය යුතුය. එහෙයින් සතාගේ ශරීරයේ ඇති රුධිර සියල්ලම ඉවත් කිරීම සිදු කල යුතුය. සතෙකුගේ රුධිර සියල්ලම ඉවත් කළ හැකි එකම මඟ උගේ බෙල්ල කැපීමය.
අනෙක් කාරණාව සතෙකුගේ වේදනාව දැනීමේ නහරය බෙල්ල හරහා මොළය හා සම්බන්ධව පවතියි. සතෙකුගේ බෙල්ල කැපීමෙන් වන්නේ, එම සතාට දැනෙන වේදනාව පළමුව නැති කර දැමීමය. නමුත් මෝල් ගස්වලින් සතෙකුට පහරදීම එම සතාට කරන හිංසාවකි. මෙම හිංසාවට එරෙහිව, අවිහිංසාවාදී යැයි පවසාගන්නා බෞද්ධයින් පෙළපාලි නොයන්නේ ඇයි?
බෞද්ධයින් මුස්ලිම්වරුන්ට සදා ණයගැතියි
අද බෞද්ධයින් පිරිසිදු එනම් ශරීරයට හිතකර මස් කන්නේ මුස්ලිම්වරුන් නිසාය. මුස්ලිම්වරුන්ගේ හලාල් ක්රමයක් අද ලංකාවේ නැත්නම් බෞද්ධයින්ට කන්න වෙන්නේ රෝග විෂ බීජවලින් යුක්ත වූ මස්ය. එනිසා බෞද්ධයින් මුස්ලිම්වරුන්ට සදා ණය ගැතියි.
බෞද්ධයින් මස් කෑමෙන් වැළකී සිටීම මුස්ලිම්වරුන්ට කරන උපකාරයකි
අනෙක් කාරණය සිංහල මිනිසුන්ද මස් කෑමට පටන්ගත් හේතුව නිසා, කුකුළු මස් හා ගවමස්වල මිල ඉතා අධික විය. සිංහල මිනිසුන් මස් කෑම අඩු කරගන්නේ නම් හෝ නවත්වාගන්නේ නම් එය මුස්ලිම් මිනිසුන්ට කරන ලොකු උදව්වක් වේ. හේතුව මිල සීඝ්රයන් පහත වැටේ.
වැරදි ක්රියාවකට අතහිත දීමද වරදකි
වැරැද්දකට අනුබලදීමක්ද වැරැද්දක් බව ඉස්ලාම් ආගම පවසයි. ගව ඝාතනයට එරෙහිව පෙළපාලි යන පැවිදි අය හා අනෙක් අය සම්වලින් සෑදූ පාවහන් පළඳිති. ඉබේටම මළ සතෙකුගෙන් සම් ඉවත් කිරීමක් සිදු නොවේ. මස් පිණිස මරනු ලබන සතුන්ගෙන් පමණක් සම් නිපදවීම සිදු වේ. එහෙයින් ගව ඝාතනයට එරෙහිව පෙළපාලි යන්නෝ, නොදැනුවත්ව ගව ඝාතනයට අනුබල දෙති. එනම් ගවයින් මස් කිරීම පිණිස මරනු ලබන සතාගෙන්ම සම් ලබාගැනීම සිදු කෙරේ.
එහෙයින් විශේෂයෙන් පැවිදි අය ඇතුළු ගව ඝාතනයට එරෙහි වන්නන් පළමුව, සම් භාණ්ඩ උපයෝගී කිරීමෙන් ඉවත් විය යුතුය. නැතිනම් එය ගව ඝාතනයට රුකුලක් වේ. ඒ සමඟම සම්භාණ්ඩ පාවිච්චියෙන් ඈත් වී සිටින ලෙස ජනතාව දැනුවත් කළ යුතුය. තවද බෞද්ධ රටක සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලයක් ආණ්ඩුව විසින් පවත්වාගෙන යෑම ඔවුන්ගේ දර්ශණයට අනුව වැරදිය. එය වසා දැමිය යුතුය.
බෞද්ධාගම ගව ඝාතනය ගැන පවසයිද? නැතිනම් ප්රාණ ඝාතනය ගැන පවසයිද?
බෞද්ධාගම ගව ඝාතනය ගැන පවසයිද? නැතිනම් ප්රාණ ඝාතනය ගැන පවසයිද? ප්රාණ ඝාතනය බෞද්ධාගමේ අනුමත ක්රියාවක්ද? මසුන් ඇල්ලීමද ප්රාණ ඝාතනයකි. එහි වැඩි වශයෙන් නියැලී සිටින්නේද මුස්ලිම් නොවන්නන්ය. මුස්ලිම්වරුන් දවසකට ගවයින් 1000 ක් පමණ මරන විට බෞද්ධයෝ ඇතුළු මුස්ලිම් නොවන්නෝ ලක්ෂ සංඛ්යාත මසුන් මරති. එනම් ප්රාණ ඝාතනයට බුදු දහම ඉඩ දී තිබේද? බෞද්ධ දර්ශනය අනුව ප්රාණ ඝාතනය වැරදි නම් රජය පළමුව ධීවර සංස්ථාව වසා දැමිය යුතුය.
මේවායෙහි නයැලී සිටින්නන්ගෙන් රක්ෂාව අහිමිවන්නන්ට හාමුදුරුවරු රක්ෂා ලබාදිය යුතුය
මෙසේ වසාදැමීමෙන් මේවායෙහි නියැලී සිටින්නන්ට අහිමි වන රක්ෂාවට වෙනත් රක්ෂාවක් සොයාගන්නා තෙක් පන්සල්වල සිටින හාමුදුරුවරුන් ඔවුන්ට කෑම සැපයිය යුතුය. හාමුදුරුවරුන්ට ප්රශ්නයක් නැත. ඔවුන්ට අන් අයගෙන් දාන ලැබේ. හාමුදුරුවරුන් අනුන්ගෙන් යැපෙන්නන්ය. බඩට වදින්නේ නැති බැරි මිනිසාටය. මෝඩ කමේත් සීමාවක් තිබිය යුතුය.
hasan says:
ඌරාගේ මස හා ඉස්ලාමය
මිනිසාගේ ශරීරයට හිත කර ආහාර ඉස්ලාමය අනුමත කරයි. එනම් එය හලාල් බව පවසයි. එසේම අහිතකර ආහාර තහනම් ආහාර වේ. එනම් හරාම් ආහාර වේ.
ඌරාගේ මස්වල ඇසට නොපෙනෙන පනු වර්ගයක් ඇත. මෙම පනු වර්ගයා සෙ. අංශක 100 ක් දක්වා රත් කළද මරණයට පත් නොවේ. එනම් මෙම මස ආහාරයට ගැනීම පිණිස ඉවීමේදී, එම පනුවා මරණයට පත් නොවේ. එහෙයින් ඌරු මස ආහාරයට ගන්නා මිනිසා එම පනුවාත් ආහාරයට ගනියි. මෙය ඔහුගේ ශරීරයට අහිතකර දෙයක් වේ. මෙහි ඇත්ත නැත්ත විද්යාවට සම්බන්ධ අයගෙන් දැනගන්න.
අනෙක පිරිමි ඌරා තම ගැහැණු ඌරාව තවත් පිරිමි ඌරෙකුට එක් කර දීමේ ගුණයකින් පැවත එන සතෙකි. ඌරු මස් කෑමෙන් මෙම ගුණය එම මිනිසාටද ඇති වේ. බටහිර රටවල මුස්ලිම් නොවන අය තමාගේ ගැහැණිව අනුන්ට එක්කර දීම සාමාන්යෙන් සිදුවන ක්රියාවකි. එනම් තමන්ගේ බිරියන්ව කිසිදු පැකිලීමක් නැතිව හුවමාරු කරගනිති
srilankan says:
well said anver,
@රවිදු ප්‍රවීන්,Sinhalayek
අපිට ඔනිනම් අපි මස් කනවා, ඒක අපේ කැමත්ත, ඔබලා හරියට කතාකරන්නේ උම්බලකඩ කෑල්ලක් වත් කන්නේ නැති අය වගෙනේ. දවසකට ගබ්සා 1000 ක් වෙනවා. ඔහොම ගබ්සා කරහම ඔබලාගේ ජනගහනය වැඩිවෙයිද? හැමතැනම අද බාර් තියෙනවා, (කැළණියෙ පවා) ගණිකා මඩම්, ඌරු කොටු, කසිප්පු තිප්පොලවල්, මාළු කඩවල්, පුලුවන්නම් එවා නවත්තන්න, ඊට පස්සේ ඇවිත් මෙවා නවත්වන්ඩ,බෙර හදන්ඩ ගන්නෙත් සත්ව හම් නෙද? ඔබලාට කේක් වත් කන්ඩ බෑ. කේක් හදන්නෙත් බ්ත්තර වලින්නේ.
ඔබලාත් හරක් නිසා ඔබලාට පේන්නේත් හරක් ව්තරද??
Yaseer Arafath says:
….. pottayawage kathakaranna eppa ….. onenag ….. onedeyak kapang api kanna eppa kiwwe neha ….. un thamai hemavitama apita parasnayak karanawa maskanawa kiyala …… pork kanna kiyala budu hamaduruvo kiyala thiyanawada?.issaraha eka kiyapalla..
Anver Manatunga says:
සහෝදරයා, අඩෝ උඹ වැනි වචන භාවිතා කරලා මින් පස්සේ කමෙන්ට් නොකරන්න. මන්ද අපිට ආවේගශීලී වන්නට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. මින් පස්සේ එවැනි කමෙන්ට් ආවොත් එඩිට් කරලා පලනොකරන බව කරුණාවෙන් සලකන්න.
මුස්ලිම් අපි අන් අයගේ හැසිරීම් අනුකරණය කරන්න අවශ්‍ය නැහැ
umair says:
Salam,
Dear brother i really appreciate ur work,its grate Allah may help u more and more, i studied in a buddist national school in Negombo, its a sinhala medium school, from my child hood i faced lot of problem because of there bad comments and all, in my class we where only 3 Muslim brothers,,from my experience budist are realy misunderstand about islam even i dont have a knowlage to explain all, but from ur work i hope most of people will get to know whats islam, it may help for our next genaration, Alah da kawal for u
Anver Manatunga says:
ඔබට දහම නිසා විදින්නට සිදුවන අපහාස ගැන කිසිවිට සැලෙන්න එපා. ඔබ ඒවා විදින කල ඔබට දෙවිදුන්ගෙන් එයට කුසල හිමි වනු ඇත. නමුත් ඔවුන් කියන දේවල් වල හරය ගැන මදක් විමසා දහමින් ඒ සදහා ඇති පිළිතුරු සොයන්න. එවිට ඔබට අනාගතයේ ඒ සියළුම දේට පිළිතුරු දීමට හැකි වනු ඇත. එමෙන්ම ඔබගේ විශ්වාසය (ඊමාන්ද) වර්ධනය වනු ඇත.
ඔබට සුභ අනාගතයක් පතමි!
අම්මාර් says:
මමත් මීගමුවේ පාසලකින් අපු කෙනෙක් . සමහර විට අපි දෙන්නම එකම පාසලෙන් වෙන්ඩත් පුළුවන්. මම ඉගන ගන්නකොටත් සමහර ගුරුවරු පන්තියට ඇවිත් ඉස්ලාමය හා මුස්ලිම් වරුන්ට ගැන වැරදි අදහසක් මැවෙන විදියට පන්තියේ කතාකරල තියනවා. ඉන් මා 3 වෙනි වසරේ ඉගනුම ලබන විට සිදුවූ සිදුවීමකට පස්සේ පන්තියේ ළමයි අපට චෝක් කැලි වලින් පවා පහර දෙන්ඩ උත්සහ කරා. මේක සුළු සිදුවීමක් වගේ පෙනුනට මෙහි ප්‍රතිපල ඉතා භයානක වෙන්ඩ පුළුවන්. ඒ හැම එකකටම ඉහත ගුරුවරුන් වගකියන්ඩ ඕනේ. ළමයින්ගේ මනස තුලට ජාතිවාදී විෂබීජ ඇතුල්කරන අයට ගුරුවරුන් කියල කියන්ඩ පුලුවන්ද. මේක රටේ අනිත් පාසල්වලටත් පොදුවූ කරුණක් .
නමුත් අපි සෑමවිටම ඉවසීමෙන් මෙන්ම බුද්ධිමත්ව කටයුතු කරන්ඩ ඕනේ සහෝදරයා. සර්වබලධාරී අල්ලාහ් ශුධවූ කුරානයේ කියනවා ,
” ඉවසීමෙන් කටයුතු කරන්ඩ, නියත වශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයන් සමග සිටියි ” සුරාහ් අල් අන්ෆාල් 8:46 .
Anver Manatunga says:
අපට සිදුවන සමහර දේවල් වලත් යහපතක් තිබෙනවා. බොදුනු පවුලක ඉපදුනත් මගේ දෙමව්පියන් වයස 10 දී පමණ ක්‍රිස්තියානි වුණා. මම දිගටම බුදු දහම පාසල් විෂය කරගෙන ගියත් පාසලේදී බුදුන් වදින්න එපා කියා අම්මා උපදෙස් දුන්නා. නමුත් එකල බොහෝ විට ගුරුවරුන් උදෑසන පන්සිල් දෙන්න මා ඉදිරියට යවනවා. මා ක්‍රිස්තියානි වී ඇති බව ඔවුන් දැන දැනත් මට ටොකු අනිමින් ඉස්සරහට යැව්වා. එපමණක් නොව මගේ නව දහමට අපහාසද කළා. මට ඔවුන් ඒ කලදෙයින් පසුව ජීවිතය ගැන වෙනස්ව හිතන්න පටන් ගත්තා. එතැන් පටන් මා ගුරුවරුන් කියන දේවල් අන්ධානුකරණයෙන් විශ්වාස කිරීම නැවැත්වුවා. ඔවුන් කියන දේ වැරදි යැයි සිතුනු විට ඔවුන් සමග තර්ක කළා.
දැඩි ලෙස පොත පත කියවීමට ඇබ්බැහි වු නිසා බාහිර පොව පිළිබද මගේ දැනුම මගේ වයසේ ළමුන්ට වඩා ඉතා ඉදිරියෙන් තිබුණා. මේ නිසා මම වැඩිහිටියන් සමගද තර්ක කළා. පසුකාලීණව ජීවිතය ගැන වෙනස්ම ආකාරයකට සොයන්නට පටන් ගත්තා. අද ඔබලා දකින්නේ එහි ප්‍රථිඵලයි.
අම්මාර් says:
ඔබ සමග එකඟවෙනවා. සමහර විට අපට ලොකු ප්‍රශ්නයක් , ගැටලුවක් ලෙස තිබුන දෙයකින් අපගේ මුළු ජීවිතයම නව මාර්ගය යොමුකර ගැනීමටත් , ඉන් මෙලොව හා පරලොව සාර්ථකත්වය අත් කරගැනීමටත් අපට හැකියාව ලැබනවා. අපිට අවශ්‍ය වන්නේ ඉවසීම, තර්කනුකුලාව සිතාබැලීමේ හැකියාව හා සත්‍යට මුහුණදීමේ ගුණය වගේ ගුණාංග කිහිපයක් පමණයි . අපි හැමෝටම මේවගේ අවස්ථා ලැබෙනවා . නමුත් ඉන් ප්‍රයෝජනය ලබන්නේ කිහිප දෙනෙකු පමණයි.
ඔබට නිවැරදි මග පෙන්වූ සර්වබලධාරී අල්ලාහ්ට ස්තුතිවන්ත වෙමි. යමෙකු බුධිමත්ව,තර්කනුකුලාව හා මධ්‍යස්තව ඉස්ලාමය දෙස බලනවනම් ඔහුට පහසුවෙන් සත්‍ය තේරුම් ගත හැකි වනු ඇත.
Rizvi says:
i too have same experience. you are doing a great job bro.. My Prayer For You be as brave and strong as you can be.
hasan says:
මිනිසාව මැවූ මිනිසාගේ ස්වාමියා වූ අල්ලාහ් කුර්ආනයේ ස්ථාන කිහිපයකම ඌරාගේ මස අනුභව නොකළ යුතු බවද, එය අපිරිසිදු බවද සඳහන් කර ඇත. දැනගැනීම පිණිස එම කුර්ආන් වැකි පහත දක්වා ඇත.
2:172. විශ්වාස කළවුනි! අප ඔබලාට පිරිනැමූ දෙයින් පිරිසිදු දේම අනුභව කරන්න. තවද, ඔබලා අල්ලාහ්ටම නැමදුම් කරන්නන් වේ නම් ඔහුටම තුති කරන්න.
2:173. ස්වාභාවිකව මළ දේ, රුධිරය, ඌරාගේ මස, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් බෙලි කපනු ලැබූ දේ යනාදිය ඔහු ඔබලාට තහනම් කර ඇත්තේය. පව් කරන චේතනාව නැතිවද, සීමාව නොඉක්මවාද කවරෙක් හෝ (අනුභව කිරීමට) බල කරනු ලැබුවේ නම් ඔහු කෙරෙහි වරදක් නැත. නියතව අල්ලාහ් අධිකව සමාකරන්නාය; අසම දයාවන්තයාය.
5:3. ඉබේටම මළ දේද, රුධිරයද, ඌරාගේ මසද, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් බෙලි කපනු ලැබූ ඒවාද ඔබලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දේ, ගැටීමෙන් මළ දේ, උස් තැනක සිට වැටීමෙන් මළ දේ, අඟින් අනිනු ලැබීමෙන් මළ දේ, කැලෑ සතුන් සැපීමෙන් මළ දේ යනාදියද (තහනම් කර ඇත. මේවායින් පණ පිටින් සිටිනු දැක) ක්‍රමානුකූලව ඔබලා බෙලි කැපූ දේ හැරය. තවද, (නැමදීම සඳහා) සිටවනු ලැබු දේ වෙනුවෙන් බෙලි කපනු ලැබූ දේද, ඔබලා ඊතල විදීමෙන් නිමිති බැලීමද (තහනම් කරනු ලැබීය.) මේවා පාපයන් වේ. ප්‍රතික්ෂේප කළවුන් අද දිනයෙහි (ඔබලාව) ඔබලාගේ ආගම (කෙරෙන් හැරවිය හැක යන්න) ගැන වූ විශ්වාසය අත් හැරියහ. එහෙයින්, ඔබලා ඔවුනට බිය නොවී මටම බිය වන්න. ‘අද දිනයෙහි මම ඔබලාගේ ආගම ඔබලාට සම්පූර්ණ කර ඇත්තෙමි. මාගේ දායාදයද ඔබලා කෙරෙහි සම්පූර්ණ කර ඇත්තෙමි. තවද මම ඉස්ලාමය ඔබලාට ආගම ලෙස පිළිගතිමි. කවරෙකු හෝ පාපය කිරීමේ අදහසක් නැතිව, බඩගින්න හේතුවෙන් (තහනම් කරනු ලැබූ දේ අනුභව කිරීමට) බල කරනු ලැබුවේ නම් (ඔහු කෙරෙහි වරදක් නොවේ.) මක්නිසාද යත්, නියතව අල්ලාහ් අධිකව සමාකරන්නාද අසම දයාවන්තයාද වේ.
6:145. ඉබේට මළ දේ, ගැලීමට සැලැස් වූ ලේ, අපිරිසිදුම වූ ඌරාගේ මස, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් බෙලි කපනු ලැබූ දේ (ආදිය) පව් හැර වෙන කිසිවක් අනුභව කරන්නා කෙරෙහි, එය අනුභව කිරීමට වළක්වනු ලැබූ දෙයක් ලෙස මට වහී ලෙස දන්වනු ලැබූ දේහි මා දුටුවේ නැතැ යි (නබි) ඔබ පවසන්න! කවරෙක් හෝ පාපය කරන අදහසක් නැතිවද සීමාව නොඉක්මවාද (මේවා අනුභව කිරීමට) බල කරවනු ලබයිද නියතව ඔබගේ ස්වාමියා අධිකව සමාකරන්නාද අසම දයාවන්තයාද වේ.
16:115. ඉබේටම මළ දේ, රුධිරය, ඌරාගේ මස, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් කපනු ලැබූ දේ යනාදිය ඔහු ඔබලාට වළක්වා ඇත්තේය. පව් කරන චේතනාවක් නැතිවද, සීමාව නොඉක්මවාද කවරෙක් හෝ (අනුභව කිරීමට) බල කරනු ලැබුවේ නම් (ඔහු කෙරෙහි වරදක් නැත.) නියතව අල්ලාහ් අධිකව සමාකරන්නාය; අසම දයාවන්තයාය.
KHL says:
Just because a meat product is halal (animal slaughtered according to Islamic way) it does not become a “clean” or “safe” meat. You can get diseases from both halal and non-halal meat.
Letting out the animal’s blood will not cause the meat to become disinfected. Microorganisms or any causative agent of disease may be present in the body of an animal in any place (in the muscles{meat}/in the bones etc) Therefore even if you drain the animal dry (from blood) disease causing agents will still exist in the animal’s body and might cause disease in man.
It is true pigs carry many disease causing agents on them and consumption it’s meat may well cause disease. But that does not mean that other meat products do not cause disease. And also fat found in any animal meat is bad for the health and you find fat in almost every animal not only in pigs. But one can take many actions to safeguard from these many diseases and it holds true to any meat including swine, you just have to be careful. Also it is better to avoid certain meat products if one has certain health risks. Such as avoiding swine meat and any fat portions other meats if you have high risk of cardiovascular diseases / avoiding red meat (like beef) for gastrointestinal cancer and liver diseases(better to control the consumption of any meat) etc.
In the end some people will get some diseases by even small amount of consumption of meat and some will not get disease even on massive amount of meat consumption because there is a genetic factor too that nust be taken into consideration.
Lastly it is not only from meat you can get diseases. You can get many diseases from fish,vegetables,fruits,water etc. Again there is many safety measures you can take to guard from these.
But there is more interesting aspects relating to this. There is the so called “Hygiene theory of Disease”. The more safeguards you take, the more picky you become, the more clean and hygienic you become in every aspect of life including foods the higher the chance you can get disease. This is due to lack of exposure to different disease causing agents. The more exposed one becomes to nature the more better ones immunity becomes.
Therefore just because you brand certain foods halal does not mean it is clean and will not cause disease. If the necessary conditions come together you will get disease even if it is halal. Therefore as I see it there is no difference between halal meat and non-halal meat of the same animal, the only difference is mental-the sight of halal sign appeases to the mind of the Muslim which again conforms that the “Chethanava” is the one taking precedence.
buddhist people say says:
ane ane anver mahaththayo oyata giya kala mona vinaya pitakayeda buduhamuduruwo noka yuthu mas warga kiyala aneth mas wara kawata kamakna kiyala thiyenne mama hithanne muslim aya maithi buddhun kiyana allage all kurane vinaya pitakaye wennathi neda Buddha in the Quran – Dr. Israr Ahmed & Dr. Zakir Naik http://www.youtube.com/watch?v=kKoedH9TT20&feature=related ane ane anver uba kiynne baudda apata me saththu widina duka dukak newei kiyalada?. Eat Halal Meat.http://www.youtube.com/watch?v=xXkq3nAW3lk&feature=related
Anver Manatunga says:
දහම් අප කීර්තියට පත් කිරීම සඳහා වෛර චින්තනයේ නියුතු සුළු පිරිසක් මාංශ අනුභවය පිළිබඳව තම දහමේ මුලාශ්‍රයන්හි සඳහන්වී ඇත්තේ කුමක්ද යන්න ගැන නිවැරදි දැනුමකින් තොරව උද්වේගය පමණක් පදනම් කරගනිමින් විකෘත මත වාදයන් ඉදිරිපත් කරමින් සිටිති.
ඒ නිසා මේ පිළිබඳව ඇති ආගමික මුලාශ්‍රයන්හි සඳහන් කරුණු හා ආගමික විද්වතුන්ගේ අදහස් මෙමගින් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.
ආගමික මුලාශ්‍රයන් පිරික්සීමේදී පෙනීගිය වැදගත් කරුණක් නම් කිසිම දහමක් මාංශ අනුභවය අනිවාර්ය කර නොමැති බවය. මාංශ අනුභවය පුද්ගලික කැමැත්ත හෝ අකමැත්ත පදනම් කරගත් චර්යාවකි. මේ අතර කිසිම ප්‍රධාන දහමක් මාංශ අනුභවය තහනම් කරද නොමැත. මෙම කරුණු දැනගත හැකි වන්නේ උද්වේග චින්තනය පසෙක ලා ආගමික මුලාශ්‍රයන් පරිශීලනය කර බැලීමෙන් පමණි. ආගමික විද්වතුන්ගේ මතද මේ සම්බන්ධව වැදගත් වන්නේය. ශ්‍රීලාංකීය සමාජය බහු ජන වාර්ගික හා බහු සංස්කෘතික එකක් වන අතර එක් එක් වාර්ගිකයන්ට හා සංස්කෘතීන්ට ආවේනික වූ සිරිත් විරිත් පැවතීම ස්වභාවික කරුණකි. ආහාරය, ඇඳුම, ආගමික විශ්වාසයන් හා නැමදුම් රටාව, විවාහ කටයුතු, අවමංගල කටයුතු යනාදිය මේ අතුරින් වැදගත් වන අතර, මේවා එක් එක් කොටසට ආවේනිකවූ සිරිත් විරිත් පිළිපදිමින් සිදු කිරීම ද ස්වභාවික දෙයකි. මගේ පිළිවෙත නුඹ ද අනුගමනය කලයුතු යැයි බල කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව රටේ ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කොට ඇති මුලික අයිතිවාසිකම් අනුව මෙන්ම අනෙකුත් සිවිල් හා දණ්ඩ නීති සංග්‍රහයෙන් ද සහතික කොට ඇත. ඉස්ලාමීය ඉගැන්වීම් මේ පිළිබඳව ඉතා පැහැදිළි ලෙස කරුණු ඉදිරිපත් කර ඇත.
“දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256)
“නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10:99)
ලොව සියළු දහම් මිනිසාගේ චින්තන නිදහස සහතික කොට ඇත. අංගුත්තර නිකායේ මහා වග්ගයේ එන කාලාම සුත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කලේද මෙයයි. එහි කෙටි අර්ථය ඔබගේ අවධානය පිණිස පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
බුදුන් වහන්සේ කොසොල් රට කේසපුත්ත නියම් ගමට වැඩිය අවස්ථාවේ එහි විසු කාලාමයෝ නම් වූ පිරිස උන්වහන්සේට ඉදිරිපත් කළේ ඉතා වැදගත් මෙන්ම බුද්ධිමය විමසුමකින් පැහැදිලි කලයුතු බැරෑරුම් ප්‍රශ්නයකි.
“ස්වාමීනි! කේසපුත්තයට පැමිණෙන මහන බමුණෝ තම තමන්ගේ වාද අගයමින්, අනුන්ගේ වාද හෙළා දකිති. මොවුන්ගෙන් කවරෙක් ඇත්ත කියද්ද? කවරෙක් බොරු කියද්ද? කවරෙක් පිළිගත යුතු ද? කවරෙක් අත්හල යුතුද? යන විමතියෙන් අපි පසුවෙමු”. මෙය කාලාමයන් ඉදිරිපත් කල පැනයයි.
උන් වහන්සේ එදා කාලාමයන්ට තේරුම් කර දුන් එම පර්යේෂණය කාලාමයන්ට ඉන් පසුවත් සැක විමති ඇති අවස්ථාවලදී ද බොහෝ ප්‍රයෝජනවත් වන්නට ඇත. එය කාලාමයන්ට පමණක් නොව සකලවිධ මුලාවීම්, රැවටීම්, අන්ධකාරවල ගිලීම් ආදියෙන් මිදී සත්‍යය අසත්‍යය වටහා ගැනීමට ඉවහල් වන අගනා පර්යේෂණයකි.
එම පර්යේෂණය පහත දැක්වේ.
කාලාමයෙනි, යමක ගැන සැකයක් විමතියක් ඇති වීම ස්වභාවිකය. සැකයක් ඇතිවන්නේ ද සැක කටයුතු දෙයක් ගැනමය. එවැනි සැක දුරු කරගෙන ඒ දෙය පිළිගත යුත්තේද පිළිනොගත යුත්තේ දැයි තීරණය කර ගැනීම ඉතා වැදගත්ය.
එවැනි තීරණයක් ගැනීමේදී:
එය බොහෝ අවස්ථාවල අසා ඇත්තේය,
එය අපගේ ඉපැරණි පරම්පරාගත සම්ප්‍රදාය වන්නේය,
එය දුෂමාන ආරන්චියක්ව පැවැත්තේය,
එය ලියකියවිලිවල සඳහන්ව ඇත්තේය,
එය අප උගත් ශාස්ත්‍රයට සරිලන්නේය,
එය එසේ යැයි අනුමාන වශයෙන් සිතෙන්නේය,
එය අපගේ ගුරුවරයාගේ මතයද වන්නේය,
එය අපගේ දෘෂ්ටියට ගැලපේ,
එය තර්කානුකුලව බලන කල මැනවයි සිතේ,
එය ඉදිරිපත් කරන්නා ගරු කටයුත්තෙක් මෙන් පෙනේ,
වැනි කරුණු මත පිහිටා එය පිළිගැනීමට තීරණය කල යුතු නොවේ.
“යම් දෙයක් යහපත්ය, කුසල්ය, හා නිවැරදිය යනුවෙන් ඔබටම වැටහේද, එය උතුමන් විසින් මැනවයි සම්භාවිකද, එය බොහෝ දෙනාගේ යහපත පිණිස වන්නේද, එවිට එය පිළිගෙන පිළිපදිනු. යම් දෙයක් අයහපත්ය අකුසලය හා වරදය යනු ඔබටම වැටහේද ඒ දෙය උතුමන් විසින් ද නොමැනවයි පිළිකෙව් කරන ලදද එවිට එය නොපිළිගනු.”
අද අප වෛර හා ක්‍රෝධ චින්තනය මත පදනම් වී අන් අය වෙත දමා ගසන්නාවූ චෝදනා, මැසිවිලි, හා උද්ඝෝෂණ කෙතරම් දුරට ඉහත බුද්ධ භාෂිත දේශනය සමග සැසඳේදැයි සොයා බැලිය යුතු නොවන්නේද?
මේ පිළිබඳව ඉස්ලාමීය කෝණයෙන් කරුණු විමසා බලමු.
‘නුඹලා දැනගෙන සිටින තත්වයේ අසත්‍යය සමඟ සත්‍යය නුඹලා නොපටලවවු. තවද නුඹලා සත්‍යය නොසඟවවු. (අල්-කුර්ආන් 2:42)
බුහාරි හා මුස්ලිම් යන හදීස් ග්‍රන්ථයන්හි සඳහන් නබි වදන උපුටා පහතින් දක්වා ඇත්තෙමු.
‘සත්‍යය නියතවශයෙන්ම යහපත කරා මඟ පෙන්වයි. යහපත ස්වර්ගය කරා මඟ පෙන්වයි. නියතවශයෙන්ම සත්‍යය වාදියෙක් ලෙස අල්ලාහ් විසින් මිනිසෙකු ලියාගනු ලබන තෙක් ඔහු සත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි. නියතවශයෙන්ම අසත්‍යය අයහපත කරා මඟ පෙන්වයි. අයහපත නිරය කරා මඟ පෙන්වයි. නියතවශයෙන්ම මිනිසෙකු බොරුකාරයෙකු ලෙස අල්ලාහ් විසින් ලියාගනු ලබන තෙක් ඔහු අසත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි.’
ආගමික බහුත්වය හා ආගමික නිදහස පිළිබඳව වූ ඉස්ලාමීය ඉගැන්වීම් කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. අන් දහම් වලට අපහාස නොකරණ ලෙසද ඉස්ලාමය ඉතා පැහැදිලිව උගන්වන්නේය.
“අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් නමදින්නේද එයට නුඹලා අපහාස නොකරව්” (අල් කුර්ආන් 6:108)
“(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසවු. මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි.” (අල්-කුර්ආන් 10:108)
“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18:29)
ඉස්ලාමීය සමාජ චර්යාවන් පිලිබඳව ඇති ඉගැන්වීම් වලින් බිඳක් කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.
“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක්වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබාගත යුතු යැයි ඔහු(අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල්-කුර්ආන් 16:90)
“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බියවවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල්-කුර්ආන් 5:8)
“විශ්වාසවන්තයිනි, කිසිම පිරිමියෙකුට අන් කිසිම පිරිමියෙකු සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුන්ට වඩා උසස් විය හැකිය. (එසේම) කිසිම ස්ත්‍රියක් අන් කිසිම ස්ත්‍රියකට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුන්ට වඩා උසස් විය හැකිය. ඔබගෙන් අයෙකු අන් අයෙකුට අපහාස නොකළ යුතුය. (නපුරු) නම් පටබැඳීම් නොකළ යුතුය. විශ්වාස කළ පසු නපුරු නම් පටබැඳීම අති මහත් පාපයකි. කව්රුන් හෝ (මෙයින්) ඈත් නොවුවහොත් ඔවුන් (සීමාව ඉක්මවූ) අපරාධ කරුවන් වන්නෝය. (අල් කුර්ආන් 49:11)
පහත සඳහන් ශුද්ධවූ බයිබල් වාක්‍යය ද අපට පවසන්නේ සත්‍යයේ වැදගත් කමය.
‘ඔබ සත්‍යය අවබෝධ කරගන්නහුය. සත්‍යය ඔබ නිදහස් කරන්නේය.’
(ශුද්ධවර ජොහන් 8:32)
හින්දු දහමේ උගන්වන්නේ ද සත්‍යය එකක් බවය.
‘ඒකම් සත්ත්’ (රිග්වේදය) අර්ථය: සත්‍යය එකකි.
එනිසා අපි සත්‍යය අවබෝධ කරගනිමු. දැනුවත්වෙමු, වෛරය, ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු. ඉදිරි පරපුරට සාමකාමී හා සෞභාග්‍යයෙන් යුත් රටක් ගොඩනගන්නට අවශ්‍ය අඩිතාලම දමන්නට අදම අධිෂ්ටාන කර ගනිමු.
මාංශ අනුභවය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම්
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි විශේෂවේදී උපාධිදාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද “නිර්මාංශ ආහාරය පිලිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්‍රන්ථයට එම විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශාධිපති ආචාර්ය මුවඇටගම ඤාණානන්ද හිමි විසින් ලියන ලද පෙරවදනින් පහත සඳහන් කොටස උපුටා ඉදිරිපත් කොට ඇත්තෙමු.
“ලෝකයේ සියලු ජීවීහු ආහාරය මත යැපෙති. එය සර්ව සාධාරණ ලෝක නියාමයකි. මෙම කාරණය බුද්ධ දේශනාවෙහි “සබ්බේ සත්තා ආහාරට්ඨ්තිකා” යනුවෙන් කෙටියෙන් සඳහන්වේ. ආහාරය හෝ ආහාර රටාව පාරිසරික සාධක මත බෙහෙවින් රඳා පවතියි. ඒ ඒ පරිසර පද්ධතීන්හි ඊටම ආවේනික සත්ත්වයන් මෙන්ම විවිධ ගහ කොලද ඇත්තේය. මිනිසා සෙසු සත්ත්වයන්ගෙන් වෙනස් වන කාරනා අතර ප්‍රධාන සාධකයක් නම් ඔහු සතු විචාර බුද්ධිය පදනම් කරගෙන ක්‍රියා කිරීමේ හැකියාවයි. අහාර විෂයෙහි දී මිනිසා සම්බන්ධයෙන් පාරිසරික සාධක වලට අමතරව මානසික සාධකයද වැදගත් වන බව ප්‍රකටව පෙනෙන කරුණකි. මනුෂ්‍යයා තම ආහාර සකස් කර ගන්නේ ඔහුගේ ආශාව හා රුචිය ද පදනම් කරගෙනයි. එබැවින් ඔහු පාරිසරික සාධකවලට අමතරව තම සිතැඟි අනුව විවිධ දෑ ආහාරයට එක්කර ගැනීමට හුරු පුරුදු වී සිටී. ආහාරය පිළිබඳව ආගමික මග පෙන්වීමද මේ සම්බන්දව තීන්දු තීරණ ගැනීමේදී ඉතා බලවත් ලෙස බලපාන බව අප දැක ඇත්තෙමු.
ආහාර චතුර්විධ බව බුද්ධ දේශනාවයි. ඒවා නම් ඵස්සාහාර, වීඤ්ඤාණාහාර, මනෝසඤ්චේතනාහාර, හා කබලිංකාර ආහාර වශයෙනි. මේ අතර අප ආහාර වශයෙන් සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ කබලිංකාර ආහාරයයි. එම ආහාරය නිර්මාංශ වුවක් හෙවත් මසින් තොර වුවක් විය යුතු බව ඇතැම්හු සිතති. එය බොහෝ දෙනාගේ සාකච්ඡා සම්මන්ත්‍රණවලට බඳුන් වන මාතෘකාවක් බවද පෙනේ.”
මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන්වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙළ කරන ලද්දක්ද?
“සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය, මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත්, ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙළ කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙළ කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පහළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංසය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංසය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංසයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා, සුකරමද්දවය මසින් පිළියෙළ කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංස නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”
“සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස. (බෞද්ධ ශබ්ද කෝෂය – 1644 වැනි පිටුව)
ත්‍රිපිටකයේ, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ කොටසද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“කැමති තාක් භෝග නගරයෙහි විසු භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්ද පාවා නුවරට යමු’ යි, බොහෝ භික්ෂුන් සමග පාවා නුවරට වැඩ චුන්දකර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වසන සේක. ‘භාග්‍යවතුන් වහන්සේ තම අඹ උයනෙහි වසති’ යි අසා චුන්දකර්මාර පුත්‍ර බුදුරදුන් වෙත ගොස් වැඳ පසෙක හිඳ ගත්තේය. උන්වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද සතුටු කර වුහ. සතුටට පත් චුන්ද භික්ෂුසංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට පසුදින දානය සඳහා ආරාධනා කළේය. උන්වහන්සේ නිහඬව එය පිළිගත් සේක. චුන්ද ඒ බව දැන වැඳ පැදකුණු කොට ගියේය. රෑ ගතවූ පසු චුන්ද සිය නිවසෙහි බොහෝ සුකරමද්දවත් ප්‍රණීත ආහාර පානත් පිළියෙළ කරවා කල් දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරවූ සිවුරු පාසිවුරු ගෙන චුන්දකර්මාර පුත්‍රගේ ගෙට වැඩමවා පැනවූ අසුනෙහි වැඩහුන් සේක.
භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබ පිළියෙළ කළ සුකර මද්දවයෙන් මා වළඳවන්න. පිළියෙළ කළ අනිත් කෑම් බීම් වලින් භික්ෂු සංඝයා වළඳ වන්න’
‘එහෙමයි, ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාර පුත්‍ර ඒ අන්දමින් වැළඳ වීය.
භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න. චුන්ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙන කිසිවෙකුත් නොදකිමි’.
එය පිළිගත් චුන්ද ඉතිරි සුකර මද්දව වළ දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය. භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද පහදවා නැගී සිටිසේක. චුන්දගේ දානය වැළඳු භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇති විය. මාරාන්තික දරුණු වේදනා පවතී. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණින් පීඩා නොගෙන ඉවසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්ද, කුසිනාරාවට යමු’ යි වදාළහ. ‘එසේය, ස්වාමීනි’ යි ආනන්ද තෙර පිළිතුරු දුන්නේය.
චුන්ද කර්මාර පුත්‍රයාගේ දානය වළඳා බුදුරජානන් වහන්සේ ට දරුණු මාරාන්තික රෝගයක් ඇති විය කියා මා විසින් අසන ලදී. සුකරමද්දවය වැළඳු බුදුරජානන් වහන්සේට දරුණු රෝගාබාධයක් හට ගත්තේය. විරේචන ඇතිව භාග්‍යවතුන් වහන්සේ ‘මම කුසිනාරාවට යන්නෙමි’ යි වදාළහ.”
(ඉහතින් මහා පරිනිබ්බාන සුත්‍රයෙන් උපුටා දක්වන ලද කොටසින් එක් වැදගත් කරුණක් පැහැදිළි වන්නේය. ශ්‍රේෂ්ඨ චර්යාවන්ගෙන් හෙබි බුදුන් වහන්සේ තමන් වහන්සේ වෙත යහ සිතින් පිළිගන්වනු ලැබූ කිසිවක් ප්‍රතික්ෂේප කිරීම නොකළ අතර මේ අනුව සුකරමද්දවය පිළිගත්තද එය අන් කිසිවෙකුට සුදුසු අහරක් නොවන බව පවසමින් ඉතිරි සුකරමද්දවය වළදමන්නට උපදෙස් දීමෙන් අදහස් වන්නේ කුමක්ද? මෙය පැහැදිළිවම සියළු බෞද්ධයිනටම අදාළවූ උපදෙසක් නොවන්නේද?)
පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලාධිපතිව වැඩ විසු රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤානසීහ මහා නාහිමි පාදයන් ගේ “ගැටළු තැන්” ග්‍රන්ථයේ 85 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“කෘෂිකර්මයට, මස් පිණිස සතුන් ඇති කිරීම හා බිත්තර සුලභ කිරීම ද අයත් වන බව අපි දනිමු. එසේ ම වගාව රැක ගැනීම පිණිස ගොවියාට කරන්නට සිදු වන කුඩා සතුන් විනාශ කර දැමීමේ ප්‍රාණ ඝාතය ගැන ද අපි දනිමු. ධීවර කර්මාන්තය එක්තරා ධනොපාර්ජන ක්‍රමයක් බව ද දනිමු. මේ සියල්ලම බාහිර හැඩහුරුවෙන් තරමක වෙනසක් ඇති වුවත් එදත් අදත් මිනිසාගේ ජීවනෝපාය සලසාදීමේ මාර්ග හැටියට සැලකුණු හම්බ කිරීමේ මාර්ගයන්ය. අප එකිනෙකාගේ ප්‍රතිපත්ති පිරීම සඳහා මේ එකද ව්‍යාපාරයක් බාධකයක් හැටියට සැලකිය නොහැක. බුදුන් දවස සතුන් මරන්නෝ මිනිසුන්ට මස් සැපයුහ. මහජනයා ඒ මස් මිලදී ගෙන තම තමන් පරිභෝග කළා පමණක් නොව බුදුන් ඇතුළු මහසඟනට ඒ මස් සහිත ව දානයද පිරිනැමුහ. මගේ මේ මතය ප්‍රතික්ෂේප කරන සමහර පුද්ගලයන් සිටිය හැකිය. නමුත් මේ මගේ පිළිගැනීමයි. ඔවුන් දක්වන හේතු ප්‍රත්‍යය ක්‍රමය උඩ ප්‍රාණඝාතයෙන් තොර ව වතුර ටිකක් බීමට වත් නොහැකියැයි මට අදහස් වෙයි. එය එක පැත්තක තිබේවා. මිනී මැරිලි නතර කර ගත නොහැකි තැනක මස් කෑම නතර කරන්නට බණ කියන්නට තරම් පිස්සුවක් මට වැළඳී නැත.”
ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1” නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටාගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු.
22 – ප්‍රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොලෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද?
පිළිතුර:- “අපේ ධර්ම ග්‍රන්ථයන්හි පස් පව්, දශ අකුශල් යැයි අත්හලයුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත.
ජීවත්වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතුවන දෑ විකිණීම,
ජීවත්වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීම,
ජීවත්වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වස විෂ වර්ග විකිණීම,
ජීවත්වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීම,
ජීවත්වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම).
යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පළතුරු එළවලු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයි නම් සිදුවන්නේද සිත කිලිටිවීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන අකුශල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතජ්ජනයෙකුට දවස පුරාම ඇතිවනුයේ අකුශල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොලෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රමවලින් සේවකයින් තලා පෙලා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වස විෂ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබාගත් අස්වැන්නකි අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවලු පළතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදුපතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද වියහැක. නමුත් මේ ආහාර මිලයට ගන්නා කිසිවෙකුට ප්‍රාණඝාත අකුශලයක් හෝ සත්ව හිංසාවට අනුබලදීමක් සිදුනොවේ. මන්ද? අපතුළ කිසිසේත් එවන් චේතනාවන් කැලැම නැති හෙයිනි. යම හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත්වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ.
අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක් අනුභව කිරීමේදී ඇතිවන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක් අනුභව කිරීමේදී ඇතිවේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අතිබහුතරයක් එළවළු පළතුරු කන අයට සිදුවේ. මෙය මැදිහත්ව සිතා බලන්න.
බුදුන් වදාළ පෙළ දහම තුල සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අප නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුන්ටය. දෙව්දත්ගේ පඤ්ඡ වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පැවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිලිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද?
හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැතිවේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත්විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇතිකරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක්කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කලයුතු කාර්යයන් කොපමණ තිබේද? තමා ධාර්මිකව ජීවත් වෙමින් පන්සිල් රකිමින් වෙළඳපලෙන් ගත් හෝ ගෙනවිත් දුන් හෝ කවර මාංශයක් වැළඳුවත් (භික්ෂුනට අකැපයයි දේශිත මාංශ හැර) එය ස්වර්ග සැපයට හෝ මොක්ෂයට බාධාවක් නොවන බවයි මගේ අදහස.”
ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැළණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු වලින් උපුටා ගත් තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු. (පරිවර්තක: ශාස්ත්‍ර විශාරද විමලසේන විතාන පතිරණ).
ප්‍රශ්නය: බෞද්ධයන් අවශ්‍යයෙන්ම නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නොවන්නේද?
පිළිතුර:- “බෞද්ධයන් අවශ්‍යයෙන්ම ශාක භක්ෂකයන් නොහොත් නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නැත. බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටද ශාක භක්ෂක ආහාරයක් පමණක් වළඳන්න යැයි දේශනා නොකළ සේක. යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.
ප්‍රශ්නය: ඔබ මස් ආහාරයට ගන්නේ නම් එමගින් සතෙකුගේ මරණයට අනියම් වශයෙන් වගකිව යුතුවේ. එය පළමු ශික්ෂා පදය කඩ කිරීමක් නොවන්නේද?
පිළිතුර:- ඔබ මාංශ ආහාරයක් ගත්විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරණය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය. ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙලින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.
ප්‍රශ්නය: මහායාන බෞද්ධයන් ආහාර පිණිස මස් ගන්නේ නැහැ නොවේද?
පිළිතුර:- එය නිවැරදි තත්වය නොවේ. චීනයෙහි පවතින මහායාන බුද්ධාගම නිර්මාංශ ආහාරය පිළිබඳව වැඩි වැදගත් කමක් දක්වයි. එහෙත් ජපානයෙහි හා තිබ්බතයෙහි මහායාන භික්ෂුන් මෙන්ම ගිහියෝද සාමාන්‍යයෙන් මාංශ ආහාරයට ගනිති.
ප්‍රශ්නය: එහෙත් බෞද්ධයා නිර්මාංශ ආහාරයට ගැනීම යෝග්‍යයයි මම කල්පනා කරමි.
පිළිතුර:- නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි. එසේම නිර්මාංශ ආහාර නොගන්නා එහෙත් පරාර්ථකාමී අවංක ත්‍යාගශීලී ගති ඇති කරුණාවන්ත මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. මේ දෙදනා අතරින් වඩා යහපත් බෞද්ධයා කවරෙක්ද? අවංක හා කරුණාවන්ත පුද්ගලයාම වඩා යහපත් බෞද්ධයා වේ. ඇයි? මක්නිසාද යත් ඔහු හිතක් ඇති මනුෂ්‍යයෙකු හෙයිනි. නිර්මාංශ ආහාරයට පුරුදුව සිටින තැනැත්තෙකු අපිරිසිදු හදවතක් ඇත්තෙකු විය හැකි සේම, මාංශ ආහාරයට ගන්නා තැනැත්තෙකු පිරිසිදු හදවත් ඇත්තෙකු විය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ, ඔබේ සිතිවිල්ලෙහි පාරිශුද්ධ භාවය විනා ඔබේ ආහාරයෙහි අඩංගු දේ නොවේ. බොහෝ බෞද්ධයෝ මත්ස්‍ය මාංශ ආහාර කොට නොගැනීමට බොහෝ සෙයින් පරීක්ෂාකාරී වෙති. එහෙත් ඔවුහු ආත්මාර්ථකාමය, වංක බව, කෘරත්වය හෝ ද්වේෂය මැඩ පැවැත්වීමට ඒ අන්දමින් පරීක්ෂාකාරී නොවෙති. පහසු කටයුත්තක් වන ආහාරය වෙනස් කිරීමට ඔවුහු පෙළඹෙතත්, අපහසු කටයුත්තක් වන ඔවුන්ගේ සිත වෙනස් කර ගැනීමට ඔවුහු උත්සාහ නොකරති.”
ඩී. ඒ. එන්. සේනාරත්න මහතා විසින් ලියන ලද “බුදුන් නොවදාළ ධර්ම” යන ග්‍රන්ථයේ 77 වැනි පිටුවේ සිට උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත්තෙමු.දෙහිවල ඇන්ඩර්සන් පාරේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තැන්පත් පුජ්‍ය කිරම විමලජෝති හිමියන් හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් මෙය අගනා බෞද්ධ ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දී තිබේ.
“යමෙක් ප්‍රාණඝාත අකුසලය කිරීමේදී ඝාතනය කරන ලද ජීවියා විශාල සිරුරක් ඇත්තෙක්ද, කුඩා සිරුරක් ඇත්තෙක්ද, ගොඩ වසන්නෙක්ද, දිය වසනෙක්ද, එසේත් නැති නම් පාදවලින් ගමන් කරන්නෙක්ද, බඩ ගා යන්නෙක්ද වැනි භේදවලට අනුව ප්‍රාණඝාත අකුසල කර්මයෙහි අඩු වැඩි වීමක් ඇතැයි නොසිතමි. එහෙත් විනාශ කරන ලද ජීවියාගෙන් සමාජයට සිදුවෙමින් පැවතියාවුත් අනාගතයේදී සිදුවීමට තිබුනාවුත් සේවාවනට අනුව එම ජීවියා ඇගයෙන මට්ටමේ උස් පහත්කමට අනුව අකුසල කර්මයේ බරපතලකම අඩු වැඩි විය හැක. වෙනත් වචන වලින් කියතොත් විනාශකරන ලද ජීවියාගේ විනාශය නිසා සමාජයට සිදුවන පාඩුවේ ප්‍රමාණය වැඩිවෙත්ම අකුසල කර්මය ද බරපතල වනු ඇත.
සත්ව මාංශ අනුභව කිරීම, සත්ව ඝාතනයට හේතුවන හෙයින් එය ප්‍රාණඝාතයට අනියම් මගින් අනුබල දීමක් බව ද ඒ නිසාම සත්ව මාංශ අනුභව කරන්නාට ප්‍රාණඝාත අකුසලයේ කොටස් කාරයෙකු වන්නට සිදුවන බව ද බෞද්ධයෝ විශ්වාස කරති. එම විශ්වාසය තර්කානුකුලය. එහෙත් සත්ව මාංශ අනුභවයට අදාළ, බෞද්ධයන්ගේ ජන සම්මත විශ්වාස බොහොමයක් තර්කානුකුල නොවේ.
යම්කිසි පෙදෙසක ජනයාගේ සත්ව මාංශ ආහාරයට ගන්නා වාර ගණන වැඩිවීම නිසා හෝ සත්ව මාංශ ආහාරයට ගන්නා ජන සංඛ්‍යාව වැඩිවීමෙන් හෝ එම පෙදෙසේ සත්ව මාංශ අලෙවිය දෙගුණ වුයේ යැයි සිතමු. එසේ දෙගුණ වන ඉල්ලුම පියවරෙන් පියවර ආපසු ගොස් සත්ව ඝාතකයා දක්වාම යා යුතුය. එවිට සත්ව ඝාතකයා එම අතිරේක ඉල්ලුම සැපයීම සඳහාත් තම ව්‍යාපාරය වඩාත් දියුණු කර ගැනීම සඳහාත් අතිරේකව සත්ව ප්‍රමාණයක් ඝාතනය කරනු ඇත. එම අතිරේක සත්ව ප්‍රමාණය ඝාතනය වන්නේ යට කී පෙදෙසේ සත්ව මාංශ අලෙවිය දෙගුණ වීමට හේතුවූ ජනතා කොටස්වල ක්‍රියාකාරිත්වය නිසාය. එවිට එම අතිරේක ප්‍රාණවල ඝාතන කර්මයේ වගකීම එක්තරා ප්‍රමාණයකට හෝ එම ජනතා කොටස් මත ද පැවරෙනු ඇත.
මේ අනුව සත්ව මාංශ අනුභව කිරීම, සත්ව ඝාතනයට කෙලින්ම අනුබල දීමක් වන හෙයින්, එය ප්‍රාණඝාත අකුසල කර්මයේ කොටස් කරුවෙකු වීමටද හේතුවන බවට ඇති විශ්වාසය තර්කානුකුල වුවද, එයටම සම්බන්ධව ජනතාව තුල පවත්නා වැරදි විශ්වාසයක් ද වේ. එනම් මාළු, කරවල, ජාඩි, වැනි ජලජ සතුන්ගේ මාංශ අනුභව කිරීම ගව, එළු, ඌරු වැනි ගොඩබිම වසන සිව්පා සතුන්ගේ මාංශ අනුභව කිරීම තරම් බරපතල පාප කර්මයක් නොවන බවට ඇති විශ්වාසයයි.
සමහර උග්‍ර බෞද්ධ උපාසක උපාසිකාවෝ බොහෝ අවස්ථා වලදී “අපි නම් අපේ ගෙවල්වලට කවදාවත් මසක් ගේන්නෙවත් නෑ. ඔය ඉඳ හිටලා එහෙමත් වෙලාවක මුදු මාළු ටිකක්, කරෝල ටිකක් ගත්තොත් මිසක”, කියනු අප කොතෙකුත් අසා ඇත. මෙවැනි ප්‍රකාශවලට හේතු වී ඇත්තේ “ගව ඝාතන විරෝධී ව්‍යාපාර”, “ගව පෙරහැරවල්”, “මරණයට කැපවූ ගවයින් මුදා හැරීම” යනාදීන් ඔස්සේ ප්‍රාණඝාතය සිදුවන්නේ ගවයා ප්‍රමුඛ සිවුපා සතුන් ඝාතනය කිරීමෙන් ය යන මතය ඔවුන් තුලට කාවැදී තිබීම විය යුතුය. හින්දු භක්තිකයින් ශුද්ධවූ සත්වයෙකු ලෙස සලකන්නා වුද, සිංහල ගැමියාට ගොවිතැනට, කරත්තයට, හා කිරට බෙහෙවින් පිහිට වන්නා වූද ගවයා අනෙකුත් සිව්පා සතුනට වඩා විශේෂ ස්ථානයක ලා සැලකීම සාධාරණ වුවත්, සිවුපාවුන් හා මත්ස්‍යයින් අතර ජීවිත අගයේ වෙනසක් ඇතැයි සැළකීමට හේතු නොපෙනේ.
සංඛ්‍යාත්මකව සැලකීමේදී, මත්ස්‍යයකුගේ මරණය නොව සිව්පාවෙකුගේ මරණය නම් අඩු ලංසුවෙන් සැලකීමේ සාධාරණත්වයක් ඇත. ගවයෙක්, එළුවෙක්, ඌරෙක්, ගෝනෙක්, මුවෙක්, වැනි සත්වයෙකුගේ ශරීරයේ මස් කි.ග්‍රෑ. 100ක් ඇතැයි සිතමු. එවිට මස් ග්‍රෑම් පන්සියයක් මිළදී ගෙන යන්නා, ගෙන යන්නේ සතාගෙන් 1/200න් කොටසක් පමණි. ඔහුගේ වගකීම ඒ සතාගේ ප්‍රාණයෙන් 200න් එක් කොටසකට පමණි. ඔහු ගෙදර ගෙන යන මස් ග්‍රෑම් පන්සියය සකස් කොට ගෙදර දහ දෙනෙක් එය ආහාරයට ගන්නේ යැයි සිතමු. එවිට ඒ එක්කෙනෙකුගේ වගකීම අර සතාගේ ප්‍රාණයෙන් 1/200න් 1/10 කට පමණි. හෙවත් 1/2000න් කොටසකට පමණි. ඒ අනුව සම්පුර්ණ ප්‍රාණයක වගකීම පැවරෙන්නේ එවන් අයෙකු ආහාර වේල් 2000ක් සඳහා මස් ආහාරයට ගත් පසුවය.
මාළු කුරියකුගේ බර කිලෝ පහක් යැයි සිතමු. එවිට එම මාළුවාගෙන් ග්‍රෑම් පන්සියයක් ගෙන යන්නා ගෙන යන්නේ සතාගෙන් 1/10න්කොටසක් පමණි. ඔහු ගෙදර ගෙන යන මාළු ග්‍රෑම් පන්සියය සකස් කොට ගෙදර දහ දෙනෙක් එය ආහාරයට ගත්තේ යැයි සිතමු. එවිට ඒ එක් එක්කෙනාගේ වගකීම අර සතාගේ ප්‍රාණයෙන් 1/10න් 1/10 කොටසක් එනම් 1/100න් කොටසක් සඳහා පමණි. සම්පුර්ණ ප්‍රාණයක වගකීම පැවරෙන්නේ එවන් අයෙකු මාළු සහිතව ආහාර වේල් සියයක් ගත් පසුවය. ආහාරය සඳහා වියළි හෝ අමු හාල් මැස්සන් ග්‍රෑම් 500ක් ගෙදර ගෙන ගොස් එය පිළියෙළ කොට පවුලේ සෑමදෙනා එක්ව එය ආහාරයට ගන්නේ යැයි සිතමු. එක් අයෙකුගේ කොටස වශයෙන් හාල් මැස්සන් 10 දෙනෙකු ලැබුනේ නම් ඔහුට එම ආහාර වේල නිසා ප්‍රාණ 10 ක වගකීම පැවරේ. තවත් අයෙක් ආහාරය සඳහා කුනිස්සන් ග්‍රෑම් 500ක් ගෙන ගොස් එයින් කුනිස්සන් සම්බෝලයක් සකස් කොට පවුලේ සියළු දෙනා එකතුව එය ආහාරයට ගත්තේ යැයි සිතමු. එක් අයෙකුගේ ආහාර කොටස සඳහා කුනිස්සන් 100ක් ලැබුනේ නම් ඔහුට එම ආහාර වේල නිසා ප්‍රාණ සියයක වගකීම පැවරේ.
ආහාර වර්ගය
ආහාර වේලක් නිසා වනසන ප්‍රාණ සංඛ්‍යාව
කුනිස්සන්
100 යි
හාල්මැස්සන්
10 යි
මුහුදු මාළු
1/100 යි
මස්
1/2000 යි
ඉහත සංඛ්‍යාවලට අනුව, ප්‍රාණඝාතය අංශයෙන් සලකා බලන විට ආහාරයට මස් වර්ගයක් අනුභව කිරීමට වඩා කුනිස්සන් අනුභව කිරීම දෙලක්ෂ වාරයක පාපයකි. හාල් මැස්සන් අනුභව කිරීම විසි දහස වාරයක පාපයකි. මුහුදු මාළු අනුභව කිරීම 20 වාරයකි.
එහෙත් පන්සිල් රකින, ප්‍රාණ ඝාතයට බියක් දක්වන ඒ නිසාම කිසිම වර්ගයක දඩමසක් ගෙය තුළට වත් නොගන්නා අපේ ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකාවෝ වගක් නැතිව හාල් මැස්සෝ ඉස්සෝ කුනිස්සෝ උයති, පිහති, වළඳීති.”
“නුතන බෞද්ධ මතවාද හා ශාසනික අර්බුද” නම් බන්දුල අත්තනායක මහතා ලියු කෘතියෙන් 35 වැනි පිටුවේ සිට පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත්තෙමු.
“ධර්ම සාකච්චාවලදී අපෙන් නිතර අසන තවත් ප්‍රශ්නයකි මේ මස්-මාළු කෑම සුදුසුද? නුසුදුසුද? කියන කාරණය. අපේ ත්‍රිපිටකයට අයිති බණ පොත්වල මේ පිළිබඳව දකින්නට ඇති දේ කෙටියෙන් මෙසේ දක්වමු. මජ්ජිම නිකායේ මජ්ජිම පන්නාසකයේ ජීවක සුත්‍රයේ සරල සිංහල තේරුමයි මේ.
“එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ජීවකයන්ගේ අඹ උයනෙහි කරවන ලද විහාරයෙහි වාසය කරන කල්හි දිනක් ජීවක තෙමේ බුදුරජානන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ මෙසේ ඇසීය. “ස්වාමීනි, මෙවැනි කතාවක් මා විසින් අසන ලදී. කුමක්ද යත්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා මරණ ලද සතුන්ගේ මස් උන්වහන්සේ වලඳිති” යි යන කතාවය.
“මේ කතාව ඇත්තක්ද? නැතහොත් ඔබ වහන්සේට නැගු අභූත චෝදනාවක්ද?” එවිට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙමින් “ජීවකය, මෙය මා විසින් කියන ලද්දක නොවේ. ඔවුහු මට බොරුවෙන් චෝදනා කරනු පිණිස මෙය කියති. ජීවකය, මම දැක්ක හෝ ඇසු හෝ සැක සිතූ මස් අනුභවය නොකළ යුතු යැයි කියමි. මේ කාරනා තුනෙන් යුක්ත නොවූ මාංශය පමණක් වැළඳිය යුතු යැයි කියමි. හෙවත්,
Ibnu Mansoor says:
There is a great deal of misunderstanding about the Halal and Haram concept. Many think that it is purely an Islamic concept. If anyone is broad enough in one’s thinking they will find these concepts are common to all religions. These are Arabic words and simply mean Permissible (Halal) and Impermissible (Haram). The criteria for permissible and impermissible may vary from religion to religion. If anyone could show that the Islamic criteria for permissible (Halal) and impermissible (Haram) are not appropriate or good for human beings with scientific evidence, we are willing to engage in a meaningful dialogue. Please do not express words to condemn anything of Islam, without any scientific or logical reasoning.
It is common knowledge that consumption of food by all living beings is necessary to sustain life. ලෝකයේ සියලු ජීවීහු ආහාරය මත යැපෙති. එය සර්ව සාධාරණ ලෝක නියාමයකි. මෙම කාරණය බුද්ධ දේශනාවෙහි “සබ්බේ සත්තා ආහාරට්ඨ්තිකා” යනුවෙන් කෙටියෙන් සඳහන්වේ.
From time immemorial human beings have encountered many good as well as ill effects of food consumed by them. It was observed that certain food items have caused physical, emotional as well as spiritual debilities. Some food items have become the causative factor in producing diseases like digestive disorders, allergies and food sensitivities, cancer, diabetes, weight and obesity, liver ailments like cirrhosis and blood circulatory disorders etc. As a result human beings have been compelled by necessity to have a criterion between good (Permissible – Halal) and bad (Impermissible-Haram) food and other items needed for human usage. All Religions have contributed sufficiently in providing guidelines in this regard for the physical and mental wellbeing and protection of mankind.
Religious Viewpoint
I will begin by summarizing the importance of The Buddha’s instructions for the “Five Contemplations While Eating. It is the first step in questioning what food is, why we eat it, where it comes from, and when and how we should eat it. One must:
“Think about where the food came from and the amount of work necessary to grow the food, transport it, prepare and cook it and bring it to the table.” (Dr. Ron Epstein, Buddhism A-Z)
The above criteria provide a basic guideline in deciding the permissibility (Halal) and impermissibility (Haram of food that we consume, according to Buddhist teachings. In Mahavaggapali of the Vinaya Pitaka, Buddha has made the flesh of ten animals as not permissible (Haram) for human consumption. The Vinaya Pitaka, the first division of the Tipitaka, is the textual framework upon which the monastic community (Sangha) is built. In Pancha Sila (The Five Moral Precepts) binding on all Buddhists, the fifth precept very clearly stress on the abstinence from intoxicating drinks (such as alcohol), which has made all intoxicating material being not permissible (Haram). It is worthy to note how the ill effects of intoxicating material have been explained in Singalovada Sutta of Deega Nikaya of the Sutta Pitaka.
“The partaking of intoxicating and inebriating drinks brings six fold misfortunes: it leads to the loss of one’s property, to quarrels, is a source of sickness, creates a bad reputation, destroys the sense of moral shame and weakens the intelligence.”
From a Buddhist point of view, the facts explained above adequately justify for the need to have a criteria for permissible (Halal) and not permissible (Haram) food and other items needed for human usage.
Next, we may examine the Christian teachings to have an understanding about their views on this subject.
“7 And the swine, though he divide the hoof, and be cloven footed, yet he cheweth not the cud; he is unclean to you. 8 Of their flesh shall ye not eat, and their carcass shall ye not touch; they are unclean to you”. (Holy Bible – Lev 11:7-8 (KJV)
“12 Therefore I said unto the children of Israel, No soul of you shall eat blood; neither shall any stranger that sojourneth among you eat blood”. . (Holy Bible-Lev 17:12 (KJV)
Chemical analysis of blood shows that it contains an abundance of uric acid, a chemical substance which can be injurious to human health. Regarding the consumption of products made out of pig/swine, medical science finds that there is a high risk for various diseases as the pig is found to be a host for many parasites and potential diseases in addition Pork meat also contains high levels of cholesterol and lipids. It has been scientifically proven that these significant amounts of antibodies, hormones, cholesterol and lipids in pork represent a serious threat to human health. Even apart from that, as we talked about uric acid content in the blood, it is important to note that the pig’s biochemistry excretes only 2% of its total uric acid content, the remaining 98% remains as an integral part of the body.
The above facts very vividly demonstrate that major religions have given a guideline to choose between permissible and not permissible food items. When one comes across the Arabic words “HALAL AND HARAM” the mental picture that he or she gets is that it is exclusively an Islamic concept and not having any similar view in any of the major Religions in the world. It is purely a misconception and all religious teachings share these views to different degrees as explained above. Islamic concept of Halal (permissible) and Haram (not permissible) is very comprehensive and applied to a very broader spectrum of human activities.
Halal is a Qur’anic term meaning ‘permitted, allowed or lawful’. Halal when used in relation to food and other consumer goods means “permissible for consumption and used by Muslims and other human beings’. Haram is the opposite of Halal. In other words, which is permissible is termed Halal and that which is not permissible is termed Haram and it is the Quran and the traditions of the Prophet Mohammed (Peace be upon Him) which draws the distinction between the two.
“O ye people! Eat of what is on earth, Halal and good; and do not follow the footsteps of the Evil One, for he is to you an avowed enemy.” (Holy Quran-Verse 2:168)
“Forbidden unto you (for food) are: carrion, and blood, and swine flesh, and that which hath been dedicated unto any other than Allah, and the strangled, and the dead through beating, and the dead through falling from a height, and that hath been killed by the gorging of horns, and the devoured of wild beasts saving that which ye make lawful and that which hath been immolated to idols, and that ye swear by the diving arrows” [2:172]
“O ye who believe! Strong drinks and games of chance, and idols and divining arrows are only an infamy of Satan’s handiwork; leave it aside in order that ye may succeed” [3:90]
“O ye who believe! Forbid not the good thing which Allah hath made Halal for you, and transgress not. Lo Allah loveth not transgressors. Eat of that which Allah hath bestowed on you as food Halal and Good, and keep your duty to Allah in Whom ye are believers.” (Holy Quran-Verses 5: 87 –88)
Prophet Mohammed (peace be upon him) said:
“Halal is clear and Haram is clear; in between these two is certain things that are shubhah (suspected). Many people may not know whether those items are Halal or Haram. Whosoever leaves them, he is innocent towards his religion and his conscience. He is, therefore, safe. Anyone who gets involved in any of these suspected items, he may fall into the unlawful and the prohibition. This case is similar to the one who wishes to raise his animals next to a restricted area, he may step into it. Indeed for every landlord there is a restricted area. Indeed the restrictions of Allah are the unlawful (Haram).” (Reported in Bukhari and Muslim)
If one scrutinizes carefully it is abundantly evident that the above teachings as well as the process involved in ascertaining a product being Halal or not, only assures the whole of mankind that it is only certifies a healthy and a non-injurious product for human consumption. This must be one of the major reasons that locally as well as globally many of the non-Muslim customers are attracted towards the Halal certified products.
A particular food or other consumer product becomes halal or haram only when it is considered so through any one of the above mentioned sources (Holy Qu’ran and the traditions of the Prophet Mohammed-peace be upon him) or religious rulings issued by competent Islamic Authorities. Ensuring food and other consumer products authentically halal is obligatory for every Muslim. Hence, certification and verification of every item for halal compliance by competent Islamic Authorities, such as All Ceylon Jammiyathul Ulama, is extremely important.
රාහුල says:
ලංකාව ඇවිල්ලා සිංහල අපේ රට! උඹලට ලංකාවේ ඉන්න ඕන නම් සිංහල විදියට හිටපන් නැත්තන් …………… පලයන්! උඹල …………. හරක් මරන විදියට අපායෙවත් සත්තුන්ට වද දෙන්නෙ නෑ! හැම හම්බයම මැරුනම යන්නේ අපායේ මිස දිව්ය ලෝකේ නෙමේ!
Anver Manatunga says:
මෙයාගේ කමෙන්ට් එකෙත් අසභ්‍ය වචන තිබුණා. මුල් වරට ආ කෙනෙක් නිසා ඒවා කපලා පලකළා. මෙයාට මලපැනලා තියෙන්නේ ගවයා නිසයි. සෑහෙන්න කැක්කුමක් තියෙන බව පේනවා. ගවයා ළගම ඥාතියෙක් බව පේනවා.
මට ආසයි දැනගන්න සිංහල විදිහ මොකක්ද? කියලා.
KHL says:
@Anver Manatunga
In regards to the long letter you have published. Nicely written. But if you look closely only at the Buddhist teachings you have written in it one can see that it all comes down to “Chethanava”. Any Buddhist can eat meat and still protect the 5 precepts Because it all comes down to “Chethanava” in the end regardless of which way you look at it.
The problem with animal slaughter done by Islamists (as Buddhists see it) is done for unnecessary reasons (to commemorate an event in the name of god/to celebrate a marriage,child birth,starting new work etc) . As I have mentioned before Muslims kill animals not only for consumption purposes , they do it for many reasons and events in which they do not need that much amount of meat for consumption.
Anver Manatunga says:
මෙතැනදී අප මේ දෙස බැලිය යුත්තේ මේ ආකාරයටයි. බොදුනුවන්ගේ කෝණයෙන් ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූලව මස් අනුභව කළ හැක. මුස්ලිම් කෝණයෙන් මිනිසාගේ ප්‍රයෝජනය පිණිස සත්ත්වයා මවා තිබෙන නිසා මාංශ අනුභව කළ හැකිය. ආගමික කෝණ දෙකකින් බැළුවද අවසානයේ සිදුවන්නේ මස් අනුභව කරන එකය. ඒ නිසා බොදුනුවන් මුස්ලිම් කෙනාටත් මුස්ලිම් කෙනා බොදුනුවාටත් චෝදනා කර ගැනීම ඵල රහිතය.
මුස්ලිම් අය ආගමික කරුණු අරබයා සත්ත්ව ඝාතණය සිදුකරතියි. ඔබ චෝදනා කරයි. එහි සත්‍යය නම් මෙයයි. අරාබි වරුන්ගේ සිරිත වුයේ හැම සතුටු දායක අවස්ථාවකදීම සත්ත්ව මාංශ බෙදා ගැනීමයි. මේ සිරිත ඉස්ලාම් තුලද දක්නට ලැබේ. මුස්ලිම් වරුන් මෙය සිදු කරන්නේ.
1. දරුවෙක් ඉපදුනු පසුව
2. කිසියම් දෙයක් ආරම්භ කිරීමේදී, සාර්ථක හෝ ඉටු වු පසුව
3. හජ් මංගල්‍යය අවස්ථාවේදී
මේ සියළුම අවස්ථාවන් හිදී සිදුවන්නේ සත්ත්වයන් මරා ඒ මාංශ අන් අය සමග බෙදා ගැනීමයි. මෙහිදී අවශ්‍යතාවයට මැරීමක් සිදු නොවුවද එදිනට ඔවුන් වෙනත් මස් මිලදී ගැනීම සිදු නොකරන නිසා නාස්තියක් සිදු නොවේ. නිදසුනක් ලෙස හජ් දිනවල මුස්ලිම් වරුන්ට මස් තිබෙන නිසා මස් කඩවල මස් තිබෙන්නේ අන්‍යආගමිකයන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණි.
හජ් මංගල්‍යයට සෞදි අරාබියේ විශාල ලෙස සත්ත්වයන් ඝාතනය සිදුවේ. ඒ සත්ත්වයන්ගේ මාංශ ටින් වල අසුරා දුප්පත් මුස්ලිම් රටවලට යැවෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මේ නිසා දිළිදු මුස්ලිම් රටවල සිටින ජනතාවට නොමිලේ මාංශ ලැබේ.
නාස්තිය වනාහී ඉස්ලාම් විසින් පිළිකුල් කරන දෙයකි.
bunanm says:
රාහුල ගොය්යෝ , අප ආගමෙන් ඉස්ලාම් උනාට අපිත් ඔබ කියන ඔය සිංහල අම්මගේ දරුවන්,මොන ඉතිහාසෙක වත් තියෙනවද ගැහැණු රුවල් ඔරුවල නැග ලංකාවට ආබව? ඉතිහාසයේ විජය ආසේ අපගේ පියවරුද වෙළදාම පිණිස සෙරන්දිබ් වෙත ආවග ඔබගේ ටිකිරි මොලයට නොතේරේද? අප යායුතු නම් ඔබලද කේරලය (මලය රට) බල යන්න ලෑස්ති වෙමුකෝ? ඔබ විජයගේ පරපුරෙන් බවට DNA අනවශ්‍යය.
sana says:
මා දන්නා විදිහට විජයලා ලංකාවට ආවේ වර්තමාන බංගලිදේශ ප්‍රදේශයේ ඉඳලා. අදටත් බන්ගලිදෙස මිනිසුන්ග්ගේ සිරිත් විරිත්(අදටත් බංගලිදේශ සමහර මුස්ලිම් අය සුරිය මංගල්ලය සමරති), ගතිගුණ හා ලංකාවේ අය ළඟ ඇත. මුහුණුවරද ටිකක් සමානය. සිංහල බාසාවේ බංගලි වචන ඇත(බත්, කුල්ල, අත්තුඩි වැනි වචන).
Mohamed says:
මේ video එක ක්‍රිස්තියානි කෙනෙකුගෙන්. ඌරුමස් අනුභව නොකලයුත්තේ ඇයි කියන එක විද්යාත්මකව පැහැදිලි කරනවා.
hirzan H says:
PLZ post this comment brother
Why Pork Haram
Anver Manatunga says:
ඔබ ලින්ක් එක දමා නැහැ.