මා අද කථා කරන්න යන්නේ අමුතු මාතෘකාවක් ගැනයි. එනම් Cattle first හෙවත් පලමුව ගවයා වැඩ පිලිවෙල ගැනයි. ඔබට මෙය උහතෝකෝටික මාතෘකාවක් වනු ඇත. නමුත් ඇත්ත තත්වය මෙයයි. ධර්ම දේශකයන් විසින් රටේ ජනතාව සුමගට ගැනීමෙහිලා ධර්මය දේශනා කළ යුතුය. අපරාධ මොනවාද? ඒ අපරාධ වල ආදීනව මොනවාදැයි පෙන්නා දිය යුතුය. නමුත් ඔවුන් මුල්තැන දී තිබෙන්නේ ඒ කිසිවකට නොව ගව ඝාතනය වැලැක්වීමටයි.
පාණාතිපාතා හෙවත් ප්‍රාණ ඝාතනය වැලැක් විය යුතු නම් පලමුව බැලිය යුත්තේ මිනිසා කෙරෙහිය. අපේ රටේ බිළිඳු කළල 1000 කට ආසන්න සංඛ්‍යාවක් දිනපතා නීති විරෝධීව විනාශ කරන බව සංඛ්‍යා ලේඛන පවසයි. මේ නීති විරෝධී ගබ්සා සායන වලට විරුද්ධව, ඒවා වටලා කළ එක උද්ඝෝෂණයක් පිළිබඳව ඔබ අසා ඇතිද? විනාශ කරන්නට යන කළලයක බිළිඳා බේරා ගන්නට තම ධනය වියදම් කළ එකද දානපතියෙක් ගැන අසා ඇතිද? කිසියම් ආකාරයකින් ගර්භනී වු කාන්තාවකට සිය කුසේ සිටින දරුවා මෙලොව එළිය දකින තුරු නැවතී සිට ප්‍රසූතයෙන් පසුව දරුවා බාරදෙන්නට හැකි ආයතනයක් ලංකාවේ ක්‍රියාත්මක වේද? මේවා කරන්නට කිසිවෙක් ඉදිරියට නොඑන්නේ මන්ද?
අනෙක් අතින් සත්ත්ව ප්‍රාණීන් ගැන නම් වැඩියෙන්ම ප්‍රාණ ඝාතය සිදුවන්නේ ධීවර කර්මාන්තයෙනි. මන්ද ඉස්සන් සහ කූණිස්සන් ප්‍රාණ ලක්ෂ සංඛ්‍යාතව වැනසේ. අනෙකුත් කුඩා මාළුන්ද එසේමය. නොයෙක් ධීවර ක්‍රමවේදයන් නිසා ගොඩට එන මසුන් මිය යන්නේද පැය 6 ක් හෝ 7 ක් ගතවීමෙන් පසුවය. මේ නිසා සත්ත්ව ඝාතණය නවත්වන්නන් එය ආරම්භ කළ යුත්තේ ධීවර කර්මාන්තයෙනි. මරන්නට සිටින හරකෙක්ගේ දිවි බේරනවාට වඩා මරන්නට ගොඩට ගෙනෙන මාළුන් මිලදී ගෙන නැවත මුහුදට දමනවා නම් වැඩි ප්‍රාණ සංඛ්‍යාවක් බේරා ගත හැක. මසුන් මරන්නට මුහුදු යන බෝට්ටුවකට බෝට්ටුවේ මුදල සහ වැඩකරන්නන්ගේ කුලිය දී නුඹලා අද බෝට්ටු රස්සාව කරන්න එපා යැයි කීවා නම් මිය යන්නට සිටින මාළුන් රැසක් බේරේ.
අදින්නාදානා හෙවත් හොරකම ගැන කථා කරනවා නම් මේ දවස්වල වැඩියෙන් ආරංචි වෙන්නේ නිධන් මංකොල්ල කෑම් ගැනය. මොවුන් විසින් මංකොල්ල කන්නේ පුරා වස්තූන්ය. මොවුන් මේවා කරන්නට චෛත්‍ය හාරති. පැරණි බුද්ධ ප්‍රථිමා වල ළය පලති. ළමුන් බිළිපූජා කරති. මේවා කරන්නන් ලෙස පුජකයන්ද අසුවී ඇත. මෙලෙස අසුවී නොමැති සොරකම් තව කොපමණ ඇත්ද? ඒවා කරන්නට හැකියාව හෙවත් possibility වැඩි පුරම ඇත්තේ කා හටද? ජනතාවට සොරකමේ ආදීනව ගැන කියාදෙන්නට පලමුව මේවා නැවැත්විය යුතුය. මේවාට විරුද්ධව සංවිධානය වී උද්ඝෝෂණය කළ යුතුය. එහෙම උද්ඝෝෂනයක් හෝ කරන සංවිධානයක් ගැන ඔබ අසා තිබෙනවාද?
කාමේ සුමිච්චාචාරා හෙවත් කාමයේ වරදවා හැසිරීම ගැන නම් අපේ රටේ ගණිකාවන් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටිති. ඒ අයගේ දෛනික ගනුදෙනු කරුවන් Customers එක්කෙනෙක්ට දෙන්නෙක් බැගින් තැබුවහොත් දිනකට 100,000 ක්ය. ස්ත්‍රී දුෂන අතින් නම් ලංකාව තුල සෑම විනාඩි 90 කටම එකක් බැගින් සිදුවන බව ගණන් බලා ඇත. මේවායේ ආදීනව අපට කියා දෙන්නට සිටින උතුමන් ළමා අපයෝජන වලට අසුවී නඩු වල පැටලෙති. (සැවොම එසේ යයි නොපවසමි) ඒ නිසා ඒ අයට ජනතාවට කාමේ සුමිච්චාචාරා ගැන කියාදෙන්නට විදිහක් නැත. වෙලාවකුත් නැත.
මුසාවාදා හෙවත් මුසාව ගැන කථා කරනවා නම් ගල් පැලෙන්න බොරු කියන්නේ දේශපාලකයන්ය. ඔවුන්ට ඇති තරම් සුදු හුණු ගාන්නේ පූජකයන්ය. එක්තරා දාමරික දේශපාලකයෙක්ට චෝදනා නැගෙන විට ඔහුව රැක ගැනීමට ඉදිරිපත් වු යතිවරයෙක් පැවසුයේ මේ දේශපාලකයා උදේ හවස වැඩ පටන් ගන්නේත් අවසන් කරන්නේත් භාවනා කර බවයි. ප්‍රසිද්ධ සල්ලාලයකු වන මේ දේශපාලකයා ගැන යතිවරයා දැන ගත්තේ දේශපාලකයාගේ ඇඹේනිය ගෙන්දැයි අසන්නට කිසිවෙකුත් ඉදිරිපත් නොවුණි. මොවුන් මාධ්‍ය ඉදිරියට විත් ගල් පැලෙන බොරු කියන විට ජනතාවට මුසාවේ ආදිනව කියා දෙන්නේ කව්ද?
සුරාමේරය ගැන කථා කරනවා නම් රට හැම තැනම කසිප්පු Spot ය. මේ කසිප්පු මුදළාලි කෙනෙක් මැරුණොත් එයා උපාසක මහතෙක්ය. තමන්ගේ ගමේ සිටින කසිප්පු වෙලෙන්දාට එරෙහිව නැගී සිටින ධර්ම දේශකයෙක් ගැන ඔබ අසා තිබෙනවාද? රටපුරා තිබෙන නීතිගත සුරා සැල් වසන්නට උද්ඝෝෂණය කරන හෝ සටන් කරන සංවිධානාත්මක වැඩ පිළිවෙලක් ගැන ඔබ අසා තිබෙනවාද? ස්කාගාර වසන්නැයි ඉල්ලා සිටින උද්ඝෝෂන එකක් වත් මෙරට තිබී ඇත්ද? අපට පෙනෙන්නට තිබෙන කරුණ නම් මොවුන්ට සුරාමේරයෙන් ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය තිබෙන්නේ ගවයා ගැනය. පලමුව ගවයාය. ඉන්පසුව අනෙක් දේවල්ය.
මේ ධර්ම දේශකයන්ට රට සුමගට ගැනීමට අවශ්‍යව ඇත. ඒ සඳහා ඔවුන් උත්සාහය ආරම්භ කරන්නේ ගව ඝාතනය නැවතීමට උත්සා දැරීම මතිනි. අනික් අතින් සමහරුන්ට අවශ්‍යව ඇත්තේ නිර්මාංශ වලට ජනයා පුරුදු කිරීමයි. ඒක පටන් ගන්නේත් ගවයා මුල් කරගෙනය. ඒ නිසා මම මේ සංකල්පයට Cattle first කියා දැමුවෙමි.


ජයශ්‍රී says:
බුදුන් වහන්සේ අද සිටියානම් නිසැකවම කියනවා මගේ ශ්‍රාවකයෝත් මුස්ලිම්වරු ආදර්ශයට ගතයුතුයි කියලා.උන් වහන්සේ කුරු රටට වැඩිය වෙලාවෙ කුරු රට වැසියන්ගේ ගුන ධර්ම දැකලා ආනන්ද මේ කුරුරටවැසියන් උතුම්ය කියලා තුන් විටක්ම කියා උදම් ඇනුවා.අද උන්වහන්සේ හිටියානම් මුස්ලිම් ආගමේ හුගක් දේවල් විනය පිටකයට ඇතුලත් කරනවා.මය මගේ පෞද්ගලික අදහසක් බවත් ප්‍රකාශ කරනවා
ජයශ්‍රී says:
බෞද්ධයන් විශාල පිරිසක් පන පිටි පුලුස්සා,වස විස වල තම්බා කකුල් අත් කඩා අවි වලින් ඇන මරා දමන්නේ උපදින්නටත් පෙරයි.බෞද්ධ මවුකුසවල උපදින්නේ පවු කල අයද?.ගබ්සා වලින් 90%ක්ම බෞද්ධ කලලයි.මේ ගැන කතා කරන්නේත් කතෝලික කාඩිනල් තුමායි.භික්ෂූන් වහන්සේලා දන් වලදමින් තෘෂ්නිම්භූතව සිටිනවා.අපේ රටට තියන ලොකුම ප්‍රශ්නේ ගව ඝාතනයලු.මීට හොද කතාවක් සුමනදාස සමරසිංහ මහතා කීවා.කළ යුත්තේ ගව ඝාතනය ගැන තැන් තැන් වල විලාප දීප නොවේ.ගවයන් සදහා තෘණ භූමි ඇති කිරීමය .එවිට ධර්මද්වීපය ගවයන්ට පවරා දීමට පුලුවන.අනෙක් අතට මිනිසුන් මැරීම ගැන පාතාලය මහජන මුදල් නාස්තිය හොරකම දූෂනය ගැන කිසිම කතාවක් නෑ.මම මේ ගැන ගමේ දන්පින් කරන කෙනෙකුගෙන් ඇහුවා එයා කීවේ ඒ මොනවා තිබුනත් කමක් නෑ ගව ඝාතනය එපාලු.මේ රටේ මිනිසුන්ගේ ගව මානසිකත්වය පාලකයන් දන්නවා .කුඩු විකුනන අයපවා ගව ඝාතනයට එරෙහි වන්නේ ඉන් කලු සල්ලි සුදුකරන ලෙසින් තම පවු සෝදා ගැනීමටයි.ප්‍රභාකරන් මෙතරම් අපරාධ කරලා ඉස්සරහට ඇවිත් කිව්වානම් මම මිනීමරනවා හැබැයි මට පෙන්නන්න බැරි ගව ඝාතනයයි කියලා.එහෙම වුනානම් මේරටේ ගවයො ප්‍රභාකරන්ට ජනධිපතිකමත් දෙනවා
sarji says:
dan kiyaiyda danne .ow.api gawangen thamai patanganne kiyala.
මම මත්සයෙක් මි, says:
අනේ පින්වත, ඔබට බොහොම පින්.
මෙන්න වටිනා අදහස්, එහෙත් කොමෙන්ට් කරන්න කිසිවෙක් ඉදිරිපත් නොවෙති.
ඔවුන් මෙය දකිති, නමුත් දැක්මක් නොමත්තාසේය.
ඔවුන් මෙය අසති, එනමුත් ඇසීමක් නොමත්තාසේය.
මාගේ සහෝදරියන් වන ඉස්සන්, කූනිස්සන්, කකුළුවන්, පොකිරිස්සන්, බෙල්ලන් … මෙකි නොකී සිල්ලෝම කොමෙන්ට් එකක් දාන්න හිතුවත් බැරියෝ.
මොකද ඔවුන් දැනටමත් දහවල් කෑමට ගෙනගොස්ය, සමහරෙක් තවම දියඹේ ටෝලර් බෝට්ටුවල ඇති අධිශිතකරන තුලය, සමහරක් පැලියගොඩය, ලොරිතුල.
මම මත්සයෙක් උනත් මටත් හිතක් පපුවක් තියෙනවා, මාගේ ගොඩබිම ජීවත් වෙන සහෝදර එළුවන්, බැටළුවන්, මීහරකුන්, ගෝනන්, ඌරන්, වල්ඌරන් සහ මිනිසුන් වැනි මෙකි නොකී සියල්ලෝම මස් වෙනවාටත් පොඩ්ඩක් කවුරුත් කතාකලොත් නොහොඳද?
අන්වර් සහෝදරයාහට පින්,
මත්සෆ්රාස්.
Marikkar says:
A must-read article by all, irrespective of different religious faiths. I felt that If a factum is incorporated on gambling, punting and homicide, this would have been a comprehensive one. However, you deserve the maximum tribute in view of your usual expertise.
Malik says:
මෙතන ප්‍රශ්නය ගවයන් මැරීම පොව් කියල සලකන පිරිස මිනිස්සු මරන්න පැකිලෙන්නේ නැහැ. මේවට තම කියන්නේ හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස්” කියල.
Amda says:
Hmm Yes. And one more thing, we are donating to Slaughterers, 4 cattle cost by releasing one cattle.
අම්මාර් says:
නියම ලිපියක් අන්වර්.
බුද්ධියක් තියන අයනම් දැන්වත් ගවයන්ව ඔලුව උඩ තියාගෙන නටන එක නවත්වයි. ගවයන්ට ආදරය කරන්ඩ එපා කියල කියන්නේ නැ සහෝදරවරුනි, කවුරු හරි විනෝදයට ගවයන් මරනවානම් මුස්ලිම් අපිත් විරුද්දයි .හැබැයි ඊට වඩා මිනිස්සුන්ට ආදරය කරන්ඩ.ගව ඝාතනයට වඩා බරපතල ප්‍රශ්න අද අපේ සමජෙයේ තියනවා .මුලින්ම ඒවා විසඳලා ඉඳ බලන්ඩ.
Mr. Who says:
ඔවුන් ගවයන්ට මුල් තැන ලබා දෙන්නේ ගවයන්ට ඇති ආදරයට වඩා මුස්ලිම් අය කෙරෙහි තියන වෛරය නිසාය. එම වෛරය නිසාවෙන් ඔවුන්ගේ සිතුවිලි රටාව වෙනස් වී ඇත්තේ ඕනෑම ප්‍රශ්නයකට නිරායාසයෙන්ම මුස්ලිම්(හෝ “අනෙක් කන්ඩායමේ” ) අයට ඇඟිල්ල දිගු කෙරෙන ආකාරයටය.
වෛරයෙන් බුද්ධිය යට ගැසී ඇති ඔවුන්ට මෙම ලිපිය තේරුම් ගැනීමට ඇතැම්විට නොහැකි වනු ඇත. නමුත් ඔවුන්ගේ නිරුවත අනෙක් සියල්ලන්ට පැහැදිලි වනු ඇත.
අනර්ඝ ලිපියකි.
sana says:
මොවුන් කරන්නේ මෝඩකම කියා මොවුන්ම දන්නවා, එත් නවත්තගන්න බෑ. උප්පත්තියෙන්ම මෝඩකම නිසා බෙහෙතකුත් නෑ.කාට කියන්නද. ලොවේ මස් කන්නේ කවුද, බුදුහාමුදුරුවෝ මොනවද කෑවේ, කියා මොවුන් දන්නවා.මොලේ අවුල් කමට ඔහේ කෑ කගහනවා..
ලංකාවේ වැඩියෙන්ම කාමයේ වරදවා හැසිරෙන්නේ ඔය සිංහල බෝව්දයෝය, බොරු කියන්නේත් ඔවුන්මය, මිනි මරන්නෙත් ඔවුන්මය, සූදුකෙලින්නේත් ඔවුන්මය , හොරකමත් ඔවුන්ගේමය, මත්පෙන් බොන්නේ, නිෂ්පාදනය කරන්නේ, විකුනන්නේ ඔවුන්මය.
මේ සියලුදේට දර්මාරජ්යේ අනුග්‍රහයද ඇත, ආගමට අමාතයන්සයක්ද ඇත, ආගම වෙනුවෙන් පක්සයක්ද ඇත, පක්ෂයෙන් ඇමතිද ඇත. චීවරදාරි මන්ත්රීලාද ඇත.
නමුත් අද ආගම බේරාගැනීමට හරකාගේ පිහිට පතා ඇත. කාට කියන්නද.
Sampath says:
ඉතාමත් හොද ලිපියක් මහත්මය. මම ඔබගේ post මෑතක ඉදල කියවන්නේ. මේ මාගේ පළමු comment එකයි. මම ඔබට බොහොම ස්තුති වන්ත වනවා අපේ සිංහල ඇත්තන්ට මෙය මතක් කර දුන්නට. මම මේ comment එක දමන්නේ සැබෑම බෝඋද්දයෙක් හැටියටයි. මම ඔබගේ post එකට 100% එකයි. ඒ වගේම මෙම ලිපියට “මත් පන් හා මත් ද්‍රව්‍යය බාවිතයෙන් වැලකීම” නම් වු ශික්ෂාපදයත් එසේමයි. කෙනෙක් සිංහල කතා කලොත් එයාට කියනවා සිංහලය කියල. ඒයා බෞද්ධ අගම “අදහනවනන්” එයාට කියන්න පුළුවන් සිංහල බෞද්ධය කියල. එත් අවාසනාවකට මෙන් දැන් සිංහල බෞද්ධ අය 5% ක් වත් නැති තරන්. ඒ නිසා දැන් ගොඩක් සිංහලයට සිංහල බෞද්ධය කියල කියන්න බෑ.
Sampath says:
ඉතාමත් හොද ලිපියක් මහත්මය. මම ඔබගේ post මෑතක ඉදල කියවන්නේ. මේ මාගේ පළමු comment එකයි. මම ඔබට බොහොම ස්තුති වන්ත වනවා අපේ සිංහල ඇත්තන්ට මෙය මතක් කර දුන්නට. මම මේ comment එක දමන්නේ සැබෑම බෝඋද්දයෙක් හැටියටයි. මම ඔබගේ post එකට 100% එකයි. කෙනෙක් සිංහල කතා කලොත් එයාට කියනවා සිංහලය කියල. ඒයා බෞද්ධ අගම “අදහනවනන්” එයාට කියන්න පුළුවන් සිංහල බෞද්ධය කියල. එත් අවාසනාවකට මෙන් දැන් සිංහල බෞද්ධ අය 5% ක් වත් නැති තරන්. ඒ නිසා දැන් ගොඩක් සිංහලයට සිංහල බෞද්ධය කියල කියන්න බෑ.
ගඩාෆි says:
දෙමටගොඩ ගුවන් පාලම යටින් තියෙනවා බාර් එකක්, එකේ ඉස්සරහ බෝඩ් කෑල්ලක් ගහල තියෙනවා ‘ ලබන වෙසක් පෝය වෙනුවෙන් මරන්න සිටින ගවයෙක් බේරා ගන්න ඔබත් දායක වන්න’ කියල කැටයකුත් තියල තියෙනවා , සුරාමේරය මජ්ජපමා….. සීලය කඩලා ඒකෙන් පානාතිපාතා වේරමණී….. ශික්ෂාපදය රකින්ඩ ලු
Anver Manatunga says:
ගඩාෆි කොළුවෝ පුළුවන්නම් ඒකේ ෆොටෝ එකක් එවන්න. එතකොට ඇස්ගෙඩි තියෙන ඈයින්ට බලාගන්නත් පුළුවන්.
hasan says:
ගව ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වීමේ සැඟවුන රහස කුමක්ද?
ගව ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ කරන පිරිසක් ගැන අසන්නට ලැබේ. මෙම උද්ඝෝෂණය කාලයක සිට පැවත එන උද්ඝෝෂණයකි. මෙම පිරිස අතර, දේශපාලකයින්, චීවරධාරීන්, හා සාමාන්ය ජනතාවද සිටිති.
ඉන්දියාවේද සමහර අවස්ථාවල හින්දු ජනයා මෙම ගව ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ පවත්වා ඇත. ඔවුන් එසේ ගවයාව තෝරාගැනීමට හේතුවක් ඇත. හින්දු ජනයා ගවයාවට වැඳුම් පිදුම් කර, ගවයාට ගරු කරන ජන කොටසකි. තමන් ගෞරවයෙන් සළකන සතෙකුව මොවුහු මරති යන හේතුව මත ඔවුහු විරෝධතා පවත්වති.
බෞද්ධ ජනතාවට හින්දුවරුන් මෙන් මෙම ගවයා සම්බන්ධව ආගමික සම්බන්ධයක් තිබේද? නැත්තටම නැත. එසේ නම් මොවුන් මෙසේ උද්ඝෝෂණ පවත්වන්නේ ඇයි.
අඩුම තරමින් පන්සිල් ගැනීමේ පදවලවත් මෙම ගවයා ගැන සඳහන් කිරීමක් තිබේද? එහිද නැත. එසේ නම් මෙහි පසුබිම කුමක්ද?
මෑතකදී දඹුල්ලේ මුස්ලිම් පල්ලිය හා සම්බන්ධව අර්බුධයක් ඇති කළ, ඉනාමළුවේ චීවරධාරි සමඟ ‘සන්ඩේ ලීඩර්‘ වාර්තාකාරිනිය පැවැත්වූ සාකච්ඡාවක් කියවන්නට ලැබුනි.
මෙම ඉනාමළුවේ චීවරධාරි අන්යාගමිකයින්ට එනම් බෞද්ධයින් නොවන්නන්ට කෙසේ කථා කළ යුතු යන්නවත් දැනගෙන නොමැති කෙනෙකුය. මෙවැනි අයට හිමිවරු හෝ භික්ෂූන් වහන්සේලා යන වචනය භාවිතා කිරීමද භාෂාවට කරන නිග්රහයකි. මොහු බෞද්ධයන් නොවන්නන්ට “උඹලා, තම්බිලා“ වැනි පහත් වචන උපයොගී කරගනියි.
‘හොරාට ඉස්සර කෙහෙල් කැන පනිනවා‘ කියලා ගමේ කථාවක් තිබේ. මේ වගේ සිද්ධියක් එහිදී සිදු විය. එනම් එම පුවත්පත් සාකච්ඡාවේදී වැදගත් කරුණක් හෙළි විය.
‘ඇයි ඔබ දන්නේ නැද්ද? ලෝකයේ අද වැඩියෙන්ම පැතිරෙන ආගම ඉස්ලාම් නේද?‘ යි ප්රශ්නයක් එම චීවරධාරියා වාර්තාකාරිනියගෙන් ඇසුවේය.
මොවුන් මෙම ප්රශ්න ඇවිස්සීමේ පසු බිම ‘ඉස්ලාම් ආගම පැතිරීම වැළැක්වීමය‘ යන්න සක් සුදක් සේ මෙම කථාවෙන් මනාව පැහැදිලි වේ.
එතකොට සමහරෙකුට මොවුන් මෙම ගව ඝාතන ප්රශ්නය ගැන කථාකරන්නේ කුමකටද? යි සිතීමට ඉඩ තිබේ. ගව ඝාතනය ගැන බෞද්ධයින් අතර පැවසීමෙන් ‘ඉස්ලාම් ආගම ගැන පිළිකුල් බවක් ඇති කිරීම‘ මොවුන්ගේ අරමුණ වේ. එසේ පිළිකුල් බවක් ඇති කළේ නම් කිසිම බෞද්ධයෙක් ඉස්ලාමයට යන්නේ නැත යන්න ඔවුන්ගේ අපේක්ෂාව වේ.
අල්හම්දුලිල්ලාහ්, ලංකාවේත් ඉස්ලාමය වැළඳගන්නා බෞද්ධයින්ගේ සංඛ්යාවද වැඩිවෙමින් පවතියි.
හරක් මස් අනුභව නොකරන අය අද ලංකාවේ සිටින බෞද්ධයින්ගෙන් 5% ක් වත් නොමැත. එහෙයින් මොවුන්ගේ කුමන්ත්රණය අසාර්ථක කුමන්ත්රණයක් බව පෙනේ.
මුස්ලිම් පල්ලි ඉදිවීම සීමා කිරීම යන්න මෙම වැඩපිළිවෙළෙහි දෙවන අදියර වශයෙන් පැහැදිලිව පෙනේ.
මුස්ලිම් සහෝදරවරුනි! නබිවරුන් ඉස්ලාමය පැවසූ සෑම අවස්ථාවකම පාහේ මෙවැනි කුමන්ත්රණකරුවෝ ඉස්ලාමය ව්යාප්තවීමට එරෙහිව කුමන්ත්රණ කළහ.
එහෙයින් මුස්ලිම් සහෝදරවරුනි! අල්ලාහ්ගෙන් උදව්ව ලැබෙන්නේ නම්, අල්ලාහ් මෙම කුමන්ත්රණ පරාජය කරන්නේය. ඔහු කුමන්ත්රණ කරන්නන්ගෙන් වඩාත් ශ්රේෂ්ඨ කුමන්ත්රණකරුවාය. අල්ලාහ් කුර්ආනයේ එය මෙසේ පවසයි.
(ඊසාව ප්රතික්ෂේප කළවුන් ඔහුව ඝාතනය කිරීමට) කුමන්ත්‍රණ කළහ. (එයට එරෙහිව) අල්ලාහ්ද කුමන්ත්‍රණ කළේය. අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් වඩාත් ශ්රේෂ්ඨයා වේ. (ශු.කු. 3:54)
නමුත් සහෝදරවරුනි! අල්ලාහ්ගෙන් උදව්ව ලබාගැනීමට අප, අප අතර වෙනසක් පෙන්විය යුතුය. එය මෙසේ කුර්ආනය මෙසේ සඳහන් කරයි.
කවර සමාජයක් වුවද තමන් හමුවෙහි ඇති දෙය වෙනස් කරගන්නා තෙක් නියතව අල්ලාහ් ඔවුන් හමුවෙහි ඇති දෙය වෙනස් නොකරන්නේය. අල්ලාහ් සමාජයකට අයහපතක් අදහස් කළේ නම් කිසිවෙකුටත් එය වැළැක්වීමට නොහැකිය. ඔහු හැර ඔවුනට කිසිදු ආරක්ෂකයෙකුද නොමැත. (ශු.කු. 13:11.)
මෙම කුර්ආනයේ වැකියෙන් පවසන්නේ කුමක්ද? සමාජයක් තමන් සිටින තත්ත්වයෙහි සිට පව් අධික කිරීමට පටන්ගත්තේ නම් අල්ලාහ්ද ඒ අනුව ඔවුනට දුක් කරදරවලින් පිරි වටපිටාවක් ඇති කරන්නේය. එමෙන්ම සමාජයක් තමන් කරමින් සිටින පව්වලින් ඈත් වී තමන්ව නිවැරදි කරගන්නා විට, අල්ලාහ්ද ඔවුනට දුක් කරදර අඩු කර හොඳ වාතාවරණයක් ඇති කරන්නේය.
එහෙයින් මුස්ලිම් සහෝදරවරුනි! තමන් කරමින් සිටින පව්වලින් ඈත් වී තමන්ව නිවැරදි කරගන්න උත්සාහ කරන්න. එවිට මෙවැනි කුමන්ත්රණකරුවන්ගේ කුමන්ත්රණය අල්ලාහ් පරාජය කරන්නේය. අල්ලාහ් උදව් කරන්නන්ගෙන් වඩාත් ශ්රේෂ්ඨයාය. ආරක්ෂා කරන්නන්ගෙන් වඩාත් හොඳ ආරක්ෂකයාය.
Abu Amna says:
මම දන්නා පුද්ගලයෙක් අටපිරිකර මිලදී ගැනීමට පන්සල් වලට යාම වසර ගණනාවක් තිස්සේ කරගෙන යනවා. ඔහු මා සමග පැවසුවේ රසවත් කතාවක්. මම එය අන්වර් මනතුංග බ්ලොග් එකෙන් share කරමි. (ප්‍රදේශය පල නොකරමි.)
දිනක් නායක හාමදුරුවෝ මගේ යහළුවාට කොත්තුවක් අරන් එන ලෙස පවසා ඇත. මොහු “හාමදුරුවනේ බිත්තර කොත්තුවක්ද? මාළු කොත්තුවක්ද?
ඕනේ යි” අසා ඇත. “හරක් මස් කොත්තුවක් අරන් එන්න. හාමදුරුවනේ හරක් මස් !!!” “බුද්ධාගමට අනුව කිසිම මසක් ගිහියන්ට තහනම් නෑ.” එසේනම් මෙය කියන්නේ නැත්තේ ඇයි? ඕව කිව්වොත් අපිට පන්සලේ ඉන්ඩ වෙන එකක් නැහැ”.
අන්වර් සහෝදරයා මගේ පුද්ගලික අදහස නම් ගව මස් කන්න සල්ලි තියෙන කට්ටිය ගව මස් කනවා. නැති කට්ටිය වර්ජනය කරනවා. නොමිලේ ගව මස් 500g බෙදුවොත් නොකන මිනිහත් ගව මස් අනිවාර්යෙන් කනවා.
“ගව මස් නම් මුස්ලිම්” හරියට “Terrorist නම් ඉස්ලාම්” වගේ. එතකොට ඔය “Pussella Meat Shop” කරන්නේ කව්ද? මහා පරිමාණයෙන් සතුන් මරන මස් කඩ කොළොඹ විතරක් ශාකා කීයක් තියෙනවද? (Nugegoda, Borella, Biyagama, Kiribathgoda, Battaramulla, Athurugiriya, Wattala, Thimbirigasyaya, Talangama, Pelawatta, Kaduwela, Malabe, Thalawathugoda, Moratuwa, IDH, Moratuwa, Nawala , Pepiliyana, Nugegoda /Delkanda.)
ගමරාල says:
හින්දුන්ට මෙන් බෞද්දයන්ට ගවයා කෙරෙහි විශේෂ ආගමික සම්බන්දයක් නැත. ගවයාගෙන් මිනිසාට වන සේවය අතිමහත්ය.කිරි ලබා දීම,ගොවිතැනට සහය,පොහොර ලබාදීම,ගමන් බිමන් කරගැනීම මින් කොටසක් පමණි.මේ උපකාර වෙනුවෙන් ගවයා කිසිදු වාසියක් බලාපොරොත්තු නොවේ.එබැවින් මනුස්සයටත් වඩා ගුණවත් සතෙක් බව හැගුනත් වරදක් නැත. මෙතරම් මනුස්සයට සේවය සලසන සතෙක් ගාතනය කිරීම කළගුණ අගයන දහමක් වන බුදුදහම කොහෙත්ම අනුමත නොකරය්.නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කිරීමට වඩා ගවයාට වැදීම උතුම්ය.මිනිසා දෙවියන්ව නිර්මාණය කරතිබෙන්නේ දෙවියන් තමන් වෙනුවෙන් සතුන් මෙව්වබව කියමිනි. සතුන්ද කෙදිනකහෝ එවෙනි දෙවියෙක් නිර්මාණය කර තමන්ගේ ප්‍රයෝජනයට මිනිසාව මෙව්වබව තර්ක කලොත්………?
Anver Manatunga says:
ඔබගේ තර්කයට අනුව ගවයාට වැදීම උතුම්ය. දිගටම වැදගෙන ඉන්න. හැබැයි අන්‍ය ආගමිකයන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙන්න.
Fish says:
@Gamahami!
මල්ලි ඔයාගේ සෙන්ටිමෙන්ට් එකට අපි ගරුකරනවා.
මාළුවෝත් බලං ඉන්නවා ඔය මුහුදේ කරත්තයක් පදිනකොට උදව්කරන්න.
අනේ අපේ වල්ගෙන් අල්ලලා හරි කිරි ටිකක් දොවාගෙන අපිවත් ගෙදර යව්වනම් කොච්චර හොඳද?
කුකුලෝ, ඌරෝ, වල ඌරෝ පව් මොනවා හිතනවද මන්දා!
මල්ලියා, හරක කරත්තේ බැඳලා, හපුතලේ කන්ද නැගපන් කියල පාර දීල ටිකටික මරනවට අනෙක් මිනිස්සු කියන්නේ ටෝචර් කරනවා කියල.
එතකොට ගවය හිටනවා ඇති, අනේ මමත් දවසක මේ පරයව කරත්තේ ගැටගහල ගෙනියනවා එවරස්ට් කන්ද උඩට.
Fish says:
මරන හින්ද පව් නෙමේ, ගවය හින්ද පව්.
සහෝදරවරුනි,
අහලතියෙනවද පොළොන්නරු යුගය,
අන්න, ඊට කලින් කාලේදී සඳකඩපහන් වල අස්වයෝ, ….. හරක් ඔක්කොම හිටියලු.
එතකොට පොළොන්නරු යුගයේදී ඔන්න බොලේ ගවය නැහැලු!
ඔන් බලන් ගිහාම, ඉතිහාසයේ, එක එක යුගවල හින්දු සහ බෝද්ධ රජවරු මාරුවෙන් මාරුවට රට පාලනය කරලා තියෙනවා.
ඔන්න ඒ අතරතුර, කතාව හැටියට හින්දු සංස්කෘතිය ඔබ්බටම එබිච්ච නුතන බුදු දහම ලංකාවේ මතුවෙන්න පටන් ගත්තලු.
ඔන්න ඔහොමය් දරුවනේ ලංකාවේ බුදු දහම වැඩිදියුණු උනේ.
මමත් කැස්බාවෙක්ගෙන් අහල දැනගත්තේ. උට අවරුදු 2320 ත් වඩා වැඩිලු. තවම කොල්ල වගේ අනේ. ලස්සනේ බැහැ.
මෙන්න පොලොන්නරුව හින්දු ඉන්ෆ්ලුඑන්සා එකේ සාක්කි http://salaroo.wordpress.com/nataraj/
Fish says:
onna mage illima wedakarala
https://www.facebook.com/sinhala.buddhist
Dan, gawayo witharak nemei, eluwo, kukulo, kakuluwo and onna pith innawa list eke. maru…
Ela anwar ayye.
Anver Manatunga says:
මේක අහල මුහුදේ මාළු අපිට පින්දෙනවා ඇති. ලංකාවේ මුස්ලිම් අයට පින්සිද්ධ වෙන්න අපිට සමතැන ලැබුණා කියලා.
sana says:
ගමරාල උන්නේහැ, ගවයාගෙන් පුළුවන් තරම් කිරිත් අරගෙන, වැඩත් අරගෙන ප්‍රයෝජනයක් නැතිවෙනකොට මසට විකුණන බෝව්ඩයෝ ලඟට ගිහිල්ල විකුනන්න නොදී අරගෙන ඔහෙලගෙ ගෙදර ඒ ගවය මැරෙනකම් තියාගන්න පුළුවන්නේ. මස්කඩේටම ගිහිල්ල ඉතා ලොකුමුදලක් දීලා මොකටද කරදර වෙන්නේ. අයිතිකාරයාගෙන් හරක නිකන් ඉල්ලන්න ගියාම ගුටි කන්නයි වෙන්නේ. අනෙක ගවයාගේ පිට දාල මුදල් එකතු කරන්නත් බැරිවෙනවා. කඩකාරයත් ගවයෙක් අහුවොනොත් ඔයවගේ මෝඩයෝ එනකම් බලාගෙන ඉන්නවා මස්කරලා විකුණුවාට වැඩියෙන් ලාබයක් ගන්න. කිරි දුන්න කියල හරකට ඔච්චර ආදරේ කරන්නේ , ඔබ දන්නවද අද ලංකාවේ මව්වරු කීදෙනෙක් තමන්ගේ ළමයින් විසින් ගාතනය වෙනවද කියල? පාරට එලවල දානවද කියල? අද ලංකාවේ වැඩියෙන්ම මහලු නිවාස තිබෙන්නේ කාවෙනුවෙන්ද කියල? ඒ නිවෙස්වල 99% ඉන්නේ බෝව්ද අම්මලා කිව්වොත් බොරුද? ඔයාලගේ ඔය හරක කෙරෙහි තිබෙන කරුණාව මනුස්සයනින්ට, තමන් හදා වඩාගත් දෙමව්පියන්ට නැත්තේ මොකද? හරකාට හා බෝව්දයාට ලංකාවේ ජීවත් වෙන්න තිබෙන සම අයිතිය දෙමල, මුස්ලිම් හා ක්රිස්ත්යානි අයට නෑ කියලද ඔබලා කියන්නට එන්නේ. දෙනවත් ඔය මෝඩ නාඩගම් නවත්වලා දාල බෝව්දාගම තේරුම් අරගෙන බෝව්දයෙක් හැටියට ජීවත්වෙන්න බලන්න.
Anver Manatunga says:
වයසට යන ගවයා විකිණීම ගව හිමියාගේ ආදායමක්. http://www.anvermanatunga.com/2012/01/24/cattle/ ගවහිමියෙක්ගේ ආදායම අහිමි නොකර ඒ ගව හිමියාට මුදල් දී වයසක ගවයන් ගෙදර ගෙනයනවා නම් ප්‍රශ්නේ ඉවරයි.
M N Mohammed says:
if you can please provide the sources where you taken those numeral data
i.e ” අපේ රටේ ගණිකාවන් 50,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටිති. ඒ අයගේ දෛනික ගනුදෙනු කරුවන් Customers එක්කෙනෙක්ට දෙන්නෙක් බැගින් තැබුවහොත් දිනකට 100,000 ක්ය. ස්ත්‍රී දුෂන අතින් නම් ලංකාව තුල සෑම විනාඩි 90 කටම එකක් බැගින් සිදුවන බව ගණන් බලා ඇත. “
Anver Manatunga says:
එහෙම නිල සංඛ්‍යාලේඛන නැහැ. පොලිස් සහ අධිකරණ වාර්තා වලට අනුව ගණිකාවන් 50,000 ක් පමණ සිටිනවා. මේ එක්කෙනෙක්ට දිනකට ගැනුම් කරුවන් දෙදෙනෙක් (සාමාන්‍ය ගණිකාවකගේ නම් දෙදෙනෙකුට වැඩිය) ලෙස ගණන් බැළුවහොත් 100,000ක් වෙනවා. දිනකට ස්ත්‍රී දුෂණ 15 ක් වන බව වාර්තා වෙනවා. එසේ නම් විනාඩි 90කට එකයි.
Shafraz Nizamdeen says:
බොහොම හොඳය් සහෝදරවරුනි,
සහෝදරවරු, මස් කන එක නවත්වන එක බොහොම හොඳ වැඩක්. එහෙත් මස් කන එක නවත්වන්න පුලුවන්ද?
මුලින්ම පටන් ගන්න තමන්ගේ පව්ලෙන්, ඉන් පස්සේ තමන්ගේ ජාතිය, අආගම, සමාජය, රට.
ඔන්න ඔය රට කියන කෑල්ලට තමය් අපි (අනෙකුත් ජාතින්) අයිති වෙන්නේ. ඔයගොල්ලෝ ඔක්කම නැවත්තුවට පස්සේ අපි කන එකත් නවත්වනවා අනිවාර්යය්.
මොකද එතකොටතමය් අපිටත් හැඟෙන්නේ අපි ජීවත් වෙන්නේ බෞද්ධ සමාජයක කියල. ඔයගොල්ලෝ, ගවය හැරෙන්න අනෙක් ඔක්කොම කුණු කාල ගවය මරන් කන එකාගේ මස් කන්ඩ හදන එක හරි නැහැ.
ඔයගොල්ලන්ගේ ආගමේ කියන දේ පිළිපැදල අනික් මිනිස්සුන්ට ආදර්ශයක් උනාම, එය හොඳ ආදර්ශයක් වෙනකොට අනෙක් මිනිස්සු ඉබේම ඒ දේවල් පිළිපදින්න පටන් ගනී.
ඒ හැරුනුකොට, අනුන්ගේ දේවල් විතරක් නවත්තන්න හදන එක හරි බෞද්ධක්ගේ වැඩක් නෙමේ, මම දන්නා බෞද්ධයා කොන්ද පන තියෙන විරුවෙක්. බෞද්ධයා පහනක් වගේ, එක පහනකින් තවත් පහනක් දල්වන්න පුළුවන්. එහෙත් නිවිච්ච පහනකින් තවත් පහනක් දල්වන්න බැහැ.
sana says:
අනේ හරකාට දෙන වධ, මේ ගොල්ලෝ කියන්නේ උදේ පාන්දර මේ ගොල්ලෝ නැගිටින්නත් ඉස්සර හරක නැගිටලා වැඩ කරන්න ලෑස්තිවෙලා ඉන්නවවගේ. ඌව මඩුවෙන් එලියට ගන්නෙම හොඳට කොටුවකින් දීල, කිරිටිකත් ඌම දෝලා දෙනවා වගේ කතාව, උගේ පැටවට එරෙන කිරිටික පැටව ( අනේ පව්) පන්නල දාල හරකව රවට්ටලා දොගන්නවා. කුඹුරට අරන්ගිහිල්ල ඌට මහන්සිය වැඩිවෙලා වැඩකරන්න බැරිවෙනකොට හොඳටම තඩිබාලා තෝව “නයාකාපියෝව්” කියා සාපාකරනවා. කරත්ත ගොනාගේ කතාව ඊට හපන්.වදේ ඉවසන්න බැරුව ඌ පැනල යයි කියල නහය කම්ම්බි කූරකින් හිල් කරලා ලනුවක් දාල ජීවිත කාලය පුරාම වද දෙනවා ඒ මදිවට, පිටේ ගිනිහන් කරපුකූරෙන් ලියනවා. හරක ජීවිතේ පටන්ගත්තු දවස ඉඳල දුකෙන්. පොඩිකාලේ ඌට හිමි කිරිටිකවත් ඌට බොන්න නොදී උදුරාගැන විකුනනවා. මැරෙන දවස වෙනකන් දුකෙන් ජීවත්වෙන්නේ. මෙච්චර කාලයක් නොතිබුණු කරුණාව අන්න, මුස්ලිම් මිනිහගේ කඩේට ගියහම පහළවෙනවා. ක්රිස්ත්යානි නැත්නම් බෝව්ද කඩකාරයෙකුට අහුවුනොත් ඒ කරුණාවත් නෑ.මේක තමයි කිරිඅම්මටයි තාත්තටයි සලකන ආකාරය. මෙන්න අන්තවාදීන්ගේ හරක්කරුනාව. තමන්ට ප්‍රයෝජනයක් තිබේනම් පව් ඌට පන තියන සතා කියනවා. එළුවෝ, කුකුලෝ, ඌරෝ, මාළුවෝ බලෙන් වැඩගන්න බැරිනිසා ඔවුන්ට පන තිබුනට කමක් නෑ මරුවාට පවුත් නෑ. පුදුමයි එත්, ඇත්තයි.
ගමරාල says:
බුදුදහමට අනුව මනසක් සහිත ජීවයක් ගාතනය පවක්.ඔබ විස්තර කර ඇත්තේ මුස්ලිම් සමාජය ගවයාගෙන් වැඩගන්න ආකාරයි. බෞද්දයා තමාට උපකාරවන ගවයාට දක්වන කරුණාව ඔබලා නොදනී. මිනිසාට සතුරුවන මදුරුවා පවා ගාතනය කිරීම පවකි. ගාතන සිදු නොකර සිටීමට අපහසු පවින් බරව් මෙලොව අප්‍රමාදීව ජයගෙන නිවන කරා යායුතුවේ. බුදුදහම දර්ශනයක් බැවින් පින් පව් වල හොද නරක පෙන්වාදීම සිදුකලත් ඒසදහා නීති රීති නොදමය්. නීති පැනවීම කල යුතුවන්නේ සමාජයි. බෞද්ද සමාජය ගොඩනැගෙන්නේ බෞද්ද දර්ශනය මතය්. එවෙනි සමාජයක ගාතනය අවමවේ. අරාබි රටවල අන් ආගම් ප්‍රචාරය තහනම් වන්නේ යම් සේද එඅකාරයෙන් බෞද්ද සමාජය තුල ගව ගාතනය තහනම් කිරීම සදාරනිකරණය කලහැකිබව මගේ මතයය්.
Anver Manatunga says:
ඔබගේ සමාජයේ ගවයන් ඇති කරන එළදෙන කිරි දෙන්නේ ස්වේච්ඡාවෙන්ද? ලාඩම් නොගසන්නේද? හංවඩු නොගසන්නේද? බර වැඩ නොගන්නේද? සතුන්ට නොගසන්නේද? අවසානයේ මහළු වු ගවයා මුස්ලිම් මුදලාලිට දෙන්නේ කවුද? ඒ දෙන්නෙත් මුදල් වලට නොවේද?
ඔබ කාවද රවටන්නේ?
ගමරාල says:
මුස්ලිම් සමාජය ගවයව දකින්නේ දෙවියන් විසින් තම ප්‍රයෝජනයට මැව්ව මස් ගුලියක් ලෙසින් නේද. නමුත් නියම බෞද්දයා ගවයව තමා වැනිම ජීවියෙක් ලෙස දකී. පව්කම් සිදුකිරීමෙන් මිනිසුන්ද මරණින් පසු ගවයන් ලෙස ඉපදිය හැකිබව විස්වාස කරය්.මිනිසුන් බලෙන් නියම බව්ද්දයන් බවට පත්කළ නොහැක බුදුදහම ගිහියන්ට නීති පනවා නැත. දෙමුපියන් තම දරුවන්ට තරවටු කරන ලෙසින් නියම බෞද්දයා ගවයා පාලනය කරය් ලාඩම් ගසන්නේ උගේම හොදටය්.හංවඩු ගැසීම බරවැඩ ගැනීම නියම බව්ද්දයන් නොකරය්.
Anver Manatunga says:
ඔය කියන නියම බෞද්ධයන් ඉන්නේ කොහේද? මම දශක කිහිපයක් ලංකාවේ කරක් ගසා තියෙනවා. බොරු දෙසන්නේ නැතිව ඇත්ත කථා කරන්න පුරුදු වෙන්න.
එතකොට ඇයි කිරි මංකොල්ල කන විදිහ ගැන කථා නොකරන්නේ?
Shafraz Nizamdeen says:
නියම බෞද්ධයන් නොකර්ය්,
ලේසි නේද, ප්‍රශ්නයෙන් පැනලයන්න?
මුලින්ම ගොහින්, නොනියම බෞද්ධයෝ හොයල හංවඩු ගහල බරවැඩ දෙන්න හදන උන්ගෙන් ගවය බෙර ගන්න, නොනියම බෞද්ධයෝ ඉන්නකොට කොහොමද මුස්ලිම් මිනිහට බෞද්ධයා වෙන්න කියන්නේ.
බෞද්ධ ගිහියන්ට නීති නැතිකොට, බෞද්ධ දර්මය කොම්හොමද මුස්ලිම් මිනිහට නීති දාන්නේ?
මස් ගුලියක් වේවා, කටු ගොඩක් වේවා, අපිට පව් නැත්තම් ඔබලාට මොකටද ඒ ගැන ප්‍රශ්න?
ගමරාල says:
නියම බෞද්දයෙක් වීම අපහසු කරුණක් බව දැන් ඔබට වෙටහෙනවා නේද? කරවිල ගුණය් නමුත් තිත්තය් කියනවා වගේ වේගයෙන් ප්‍රචාරයවන ජනප්‍රිය ආගම් වලට වඩා හරවත් සත්‍ය පවතින දහම ගැබුරුය් දුර්ලබය් වටහා ගැනීම අපහසුඉ. නොදරුවෙක්ට කරවිලත් සීනිත් දිගුකලවිට ගුණය නොදන්නා රසයට ප්‍රිය නොදරුවා සිනි ලබාගන්නාසේම බහුතර ජනයා නියම බෞද්දයන් නොවී ජනප්‍රිය ආගම් දෙසට තල්ලු විම හෝ ලේබල් බෞද්දයන් බවට පත්වීම සාමාන්‍ය කරුණක්.
ගවය මැරීමේදී ඌව කබවලින් ගැටගසා හෝ කිහිපදෙනෙක් විසින් අල්ලාගැනීම සිදුවන්නේ ඌ ඊට අකමැති නිසා නේද ! කිරි දොවනවිට එහෙම දෙයක් සිදුවේද. අකමැත්තෙන් තොරව ලබාගන්නා දෙය මන්කොල්ලකෙමක් වන්නේ කෙසේද නියම බෞද්ද සමාජය තුල අවශ්ෂ තරම් කිරි නොලබා වසුපැටවන් මියගිය බවක් අසා තිබේද
Anver Manatunga says:
ඔබගේ කරවිල කතාව හතරබීරි කතාවකි. ඒක ඔයගොල්ලන් බෞද්ධ අයටම කියා ගන්න. මොකද බුදු දහම අදහන්නෙ නැත්තෙත් බෞද්ධයෝම කියල කියනවනේ?
මෙතැන කැමැත්තෙන් දෙනව කියන්නෙ එලදෙන කිරි ගන්න කියල දීගෙන ඉන්නවද? ගමරාල සහෝදරයා ගොන් කතා කියන්න එපා. ඔබගේ කතාවෙන් කිරිදොවන ආකාරය නොදැක්ක කෙනෙක් බව වැටහේ. කරුණාකර ගොස් කිරිදොවන ආකාරය හෙවත් කිරි මංකොල්ල කන ආකාරය බලාගන්න.
Shafraz Nizamdeen says:
පලමු චේදයේ තිබෙන නියම බෞද්ධ වීමේ අපහසුතාවයට දෙවන චේදයේ නියම බෞද්ධ සමාජය කොහෙන් ගලපන්නද මන්ද!
මල්ලි මෙන්න මේක තේරුම ගන්න. කියමනක් තියෙනවා.
මිනිසාගේ බුද්දියට තේරෙන තෙක්මාණයට කියන්නේ සිද්දාන්තය කියල, ඒ සිද්දාන්තය නොතෙරෙනකොට එයට කියන්නේ වේදාන්තය ( ඒ කියන්නේ මිනිස්සුන්ට නොතේරෙන ආගම ) කියල.
තේරෙනවද, ඔය ෆිලොසොපි කියාගන්නේ මොකකටද කියල. මනස්ගාත කියන ඒවාටත් සමහරු වේදාන්තය කියලත් කියනවා. ඉස්සර කාලේ සන්‍යාසින් කියන කතාත් ඔයවගේ කාටවත් තේරෙන්නේ නැහැලු.
තේරෙන දෙයක්නම් එක මනුස්සයට. නොතේරෙන දෙයක්නම් එක බුතයන්ට
Shafraz Nizamdeen says:
@ගමරාල
මනස? ඒ කියන්නේ මොකක්ද?
ගවය ගේ මනස ගැන විස්තර කරන්න පුලුවන්ද?
ගස්වැල් වලටත් මනසක් තියෙනවා කියලා අහල තියෙනවද?
මනසක් නැත්නම්, මරල කන්න පුලුවන්ද?
ඔබලා කන මනසක් නොමැති සතෙක් ගැන කියන්න.
ගමරාල says:
කෙටියෙන් කිව්වොත් ඉන්ද්‍රියන් තුලින් අරමුණු ගෙන ඒවා දුක සැප ආදී වේදනා බවට පත්කරගෙන බාහිර ලෝකයක් තනා ගන්නේ මනසය්
ගවයද තම ඉන්ද්‍රියන් ආදාරයෙන් බාහිර ලෝකයක් තනා ගනී.
ඉන්ද්‍රියන්ගෙන් තොරව මනස නොපවතී. එබැවින් ගස්වලට මනසක් ඇතිබව අප පිලි නොගනී.
එනිසා ගස් වැල් මරා කෑමට පුළුවන්.
මැරුණු සතෙක්ට මනස නොපවතී.ආහාරයට සුදුසුවේ.
Anver Manatunga says:
උපුටා ගැනීම
ඉන්ද්‍රියන්ගෙන් තොරව මනස නොපවතී. එබැවින් ගස්වලට මනසක් ඇතිබව අප පිලි නොගනී.
උපුටා ගැනීම අවසන්
නමුත් ගස් වැල් වලටත් ඉන්ද්‍රියන් තිබෙන බව දැන් විද්‍යාව පවසයි. ඔබලා එය පිළි නොගන්නේ විද්‍යානුකූල නිසාද?
Shafraz Nizamdeen says:
ගරුතර ගමරාල,
මට හිතෙන හැටියට ඔබ තවදුරටත් වැඩිදුර සොයබලල හොඳට තවත් කල්පනාකරලා පිළිතුරු දුන්නොත් හොඳය්.
විකිපීඩියා එකේ පොඩ්ඩක් සරි සරල බලන්න (Perception, Sense) ගැන.
මිනිසාට, senses 6ක් තිබෙනවා. ගවයාට 5ය්, එතකොට ගස්වැල්වලට 3ය්.
තර්කානුකුලව, Senses 3 ක් තිබෙන ගස්වැල් මරල කන්න පුළුවන්.!!!
එහෙමනම්, හිතන්න ඔයාට සහෝදරයෙක් ඉන්නවා එයාට ඇහෙන්නේ නැහැ, කතාකරන්න බැහැ, පෙනෙන්නේ නැහැ.
දැන් හිතන්න ඔහුට ඉතුරුවෙලා තියෙන්නේ Senses 3ය්!
ඔයාගේ සහෝදරයව මරාගෙන් කන්න පුලුවන්ද?
මල්ලි ඔයාට මේවා විසඳ ගන්න අපි මාර්ගයක් කියල දෙන්නම්. එන්න අපිත් එක්ක ඇවිත් කතාකරන්න.
Shafraz Nizamdeen says:
ගමරාල,
ඔයාගේ අන්තිම පේලිය ගැන මට වෙනම තර්කයක් කොළ 100 ක පොතක් ලියන්න පුළුවන්.
කෙටියෙන්, මැරිලා දවස 2 ක් යන්න දීල කාල බලන්න. දෙව්ලොව යන්න පුළුවන්.
අපි දැනුවත්ව ගෙලෙහි ප්‍රදාන ලේ මාර්ගය විවුර්ත කොට ඇගේ තිබෙන ලේ සියල්ල ඉවත්වූ පසු, ඒම සතාගේ ඉක්මනට කුණුවෙන්න පුළුවන් අවයව ඇගෙන් ඉවත් කර, කඩිනමින් එම සතාගේ මස් ශිතකරණයේ දම ආරක්ෂා කෙරෙනවා.
අරාබි රටවල් මේ දේවල් කඩිනමින් කරන්න අවශ්‍ය නැහැ. මොකද අදික රස්නය නිසා ශුද්‍රයන්ට ක්‍රියාත්මක වීමේ ඉඩප්‍රස්ථාව අඩු නිසා.
ඔබට තව ගවය ගැන විස්තර ඕනේ නම එන්න අපිත් සමග කතාකරන්න.
දැන් දැන් අපේ සමාජයත් සතුන් මරනවට කැමති නැහැ. ඒ වගේම අපිත් හිතනවා සතුන් මරණ එක නවත්වන්න ඕනේ කියල. නමුත් අපි කියන්නේ. මේක මාළු වලින් පටන් ගමු කියල මොකද මාළු තරම් මරනේදී දුක්විදින සතෙක් මේ ලොව නැති තරම්.
මාළු මරණ එක නතරකරපු දවසට අපි ඔක්කොම එනවා ඔයාල එක්ක මස් කඩ වසන්න කියල උද්ගොෂණ කරන්න.
එකඟද?
Shafraz Nizamdeen says:
@ reply for sinhala buddist comments.
ඉල්ලුම සැපයුමට මේක පටලගන්න එපා.
අප බුදුන් වහන්සේ මේ ගැන කිව්වේ ඉල්ල්මුය් සැපයුමි සසඳලා නෙමෙය්.
භාවනා කරන්න, සිත එක්තැන් කරන්න පුරුදුවෙන්න.
එතකොට ඔය හිතේ මසට තියෙන ගිජු බව බොහෝදුරට නැති කරගන්න පුළුවන්.
ඉල්ලුම සැපයුම නම්, පහත බලන්න.
ආර්ථික විද්‍යාව කියන්නේ ඉල්ලුම සපහුම කියල විතරක් හිතන්න එපා, රටේ ජාතික ආදායම, විරැකියාව, ආනයන, අපනයන, දල දේශීය නිෂ්පාදන,
විදේශ විනිමය … මෙකි නොකී බොහෝ කරුණු ආර්ථිකයට බලපානවා.
බොහෝ දුරට මිනිස්සු මස් කන්නේ, බය්ට් එකට.
එතකොට සුරාවට ඉල්ලුම තියෙනකන් මසටත් ඉල්ලුම තියෙය්.
සුරාවට අත නොතබන්න, සුරා සල් වහන්න මස් වල අවශ්‍යතාව 1/2 ක් අඩු කරගන්න පුළුවන්.
මාළු වලට නම් අනේ මන්ද, පැලියගොඩ මාර්කට් එක වැහුවොත් මාළු වෙළඳාම නතරකරන්න පුළුවන්.
තව ධිවර බෝට්ටු වලට දෙන සහනාදාර කපාහරින්න ඕනේ. ධිවරයන්න සපත්තු මහණන් කියා දෙමු.
කුකුලෝ, නම් ලේසි පහසු දෙයක් නෙමේ, ප්‍රීමා, බය්රහ, කීල්ස්, අනේ අම්මප ලොකු වියාපාර. රජයෙන් මුන්ගෙන් ලොකු tax ගහන්න ඕනේ.
පොඩි කුකුල් වියාපාර ලොකු උන් ගන්නේ නැත්නම් නිකම්ම වහල දමාවි.
හරක් මස්, ඌරු මස් : මිට්ෂොප්, පුස්සැල්ල මීට්ෂොප්, කීල්ස්, කාර්ගිල්ස් මේවා මහා පරිමානයේ කරන කට්ටිය, ඉට අමතරව පොඩි පෙට්ටි කඩ.
කලින් කිව වගේ මහා එවුන්ට tax ගහල පොඩි එවුන්ට පහත දැක්වෙන ආකාරයට.
කිරි ගවයින් මසට විකුනන්නේ, කිරිගොවියෝමය්, ඉතින් කිරිගොවියගේ පාඩුව කපාහරින්න කිරිගවයට සල්ලි දීල ගවය අරන් කැලේ ගෙනිත් දාන්න.
ටව්මේ අතහරින්න එපා, පාරේ ජරාකළ මිනිස්සුන්ට ඒවා පිරිසිදුකරන්න අමතර ආදායමක් ඕන වෙය්. මොකද tax ගහලනේ පාර පිරිසිදු කරන උන්ට ගෙවන්නේ.
මුස්ලිම් මිනිහට ඉස්ලාම් ආගම අදහන්න මස් කන්න අනිවාර නැහැ, මස් මාළු නොකා මුස්ලිම් මිනිහට ඉස්ලාම් ආගම හොඳින් අදහන්න පුළුවන්.
රටේ මොන මසක්වත් නැත්නම් මැරෙන්නද, එළවලු කාල හරි ජීවත් වෙන්න පුළුවන්.
එහෙත් බය්ට් එකට මස් කන මිනිහට මස් නැතුව ටිකක් අමාරු වෙය්.
සිත එක්තැන් කරන්න, සුරාවෙන් ඈත්වෙන්න, මස්, මාළු, බිත්තර, බොකු, බාබත්, ඩෙවල් දාල කන එක ගැන හිතන්න එපා.
ඉස්සෝ කකුළුවෝ, පොකිරිස්සෝ , කැරපොත්තෝ, පොඩි මාළු, ලොකු මාළු, මුහුදු මාළු, වැව මාළු මේවා බය්ට් එකට කන්න හිතෙන ගිජු බව අතහරින්න.
ඌරු තෙල් තොලේ ගාන ගෑනුන්ට පොඩ්ඩක් අපි තරවටු කලොත් නිකන්ම තොල් රතු වෙය්.
හම් බාන්ඩ නිෂ්පාදනය කරන උදවියට, ටිකක් රෙක්සින් බාවිතා කරලා විතරක් මහන්න කියමු, විදේශ රටවලට යවන කට්ටියට කියමු පිටරට ගැනුම්කරුට කියන්න කියලා තාය්වාන් වලින් ගන්න කියලා.
හා, ඉන්දියාවේත් තියෙනවාලු.
තව මොනවද!
රබන් පාළුව අයින් කරලා අපි දාමු x – ray .
bunanm says:
@ Shafraz
Patta………………
sana says:
ගරු ගමරාල තුමනි! සිංහල බෝව්ද සමාජය තුල හරකට සලකන ආකාරයතමයි ඔය කිව්වේ, මමනම් හිතෙන්නේ නම ගමරාල වුනාට ඉන්නේ කොල්ලුපිටියේ වෙන්න ඇති. ගම්වල පොඩි රෝව්මක් ගහල බලන්න හරක පණපිටින් සිටයදී ගාතයක් කපාගෙන යන මස් හොරු ගැන දැනගන්න පුළුවන්. අනෙක සුවෙච්චාවෙන් කිරිදන, වැඩකරලදෙන ජාතියේ හරක් අපේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මඟින්ම මුළු ලොවටම හඳුන්නල දුන්නනම් හොන්දය්නේ. අනෙක ඔයාලට අරාබි රටවල ඔය ලංකාවේ කරනවා වගේ හන්දියක් හන්දියක් ගානේ පිළිම තියාගෙන, කප්පම් අරගෙන දන්සල් දෙන්න, බීල තිරිසන් වගේ නටන්න වගේ දේවල්වලට( දර්ම ප්‍රචාර) ඉඩ දෙන්නේ නෑ කියල කිව්වා. ඒවා අපි දන්නේ නෑ. මොකද අපි ලංකාවේ නිසා. ඒ ගැන පොඩ්ඩක්, මාසෙකට පාරක් විතර අරාබි රටවල කරක් ගහන රටකරන අයට මතක් කලානම් හොඳයි. මා දන්නා තරමට ලෝකේ ලොකු අය්යා වන හා අරාබි රටවල යහළුවා වන ඇමෙරිකාවටවත් තාම එවෙනි අයිතීන් ලැබිලා නෑ. ඒ නිසා ණය ගන්නයි, කොලක්ටින්ග් ( එකතුකිරීමට) වලට යන අපේ අයට ඔය ඉහත කී ප්‍රචාර වැඩේටනම් ටිකක් අමාරුවෙනවා ( ටිකක් නෙවෙයි හොඳටම අමාරුවෙනවා) ඒ කියන්නේ ඔයාල ඔයාලගේ ආගම ඔයාලගේ රටේම පිළිපදින හැටි එයාල හොඳටම දන්නා නිසා. එහෙ ඉන්න අයටම පෙළපාලි යන්න බැරි නිසා ඔයාලටත් පෙරහැරවල් එහෙම ප්‍රශ්නයක් වෙනවා. ඔයාලගේ රටේම පන්සල්වලට මිනිස්සු යන්නේ නැති නිසා, එහෙ පන්සල් හැදුවොත් එකටත් බංගලිදේශ, පිලිපීන වෙනි රටවල ඉඳල සල්ලි දීල, විසා දීල, පඩිදීල වඳින්න මිනිස්සු ගෙන්න වෙනවා.පන්සලේ සම්මාදම් වැඩවල ලංකාවෙන්ම කසිප්පු මුදලාලිලා ගෙන්න වෙනවා, එහෙ ඉන්න මිනිසුන්ගේ ඇඳුමට පවා ඔයාල පාච්චල් කරන නිසා,එහෙ යන හාමුදුරුවරුන්ටත් සිවුර වෙනුවට වෙන ඇඳුමක් හොයාගන්නවෙනවා මෙ සේරටම ඉස්සර , ණය ගන්න එක නතරකරන්න වෙනවා. පිනට ඉල්ලන එක නතරකරන්න වෙනවා. අපේ අයවැඩට යන එක නවත්තල ඒ ගොල්ලො සමග සම තත්වෙට ඔයාල එන්න වෙනවා. අපෝ කචල් ගොඩයි. තව ගොඩක් තියනවා ඕනෙනම් පස්සේ ලියන්නම්.
sana says:
දැන් අලුතෙන් පිරිසක් අහන්න පටන් ගැන තියනවා, හැම දෑකටම රාබි රටවල්වල ප්‍රසන ලංකාවේ මුස්ලිම් මිනිස්සු උඩ දාන්න. සමහර සිංහල උගත් හා නුගත් දෙගොල්ලම අහනවා අපට අරාබියේ පන්සල් හදන්න දෙනවද? අපි ඔයාලට පල්ලි හදන්න නිදහස දීල තියනවා කියල. ඉස්ලාම් ආගම අදහන ශ්‍රීලාංකිකයන් වන අපට ලංකාවේ ඔයාලට පන්සල් හදන්න තියන නිදහස වගේම අපටත් විවස්තාව අනුකුලව තිබෙනවා. ඒවුනාට ශ්‍රීලාංකික මුස්ලිම් වන අපට අපේ කැමතත අනුව අරාබිකරේ පල්ලි හදන්නත් බෑ, ඔයාලටත් පන්සල හදන්න බෑ. එහෙම දැඩි වුවමනාවක් තිබෙනවානම් ඒ අය තමන් පන්සල් හදන්න කැමති රටේ නිලදාරින්ගෙන් අසා බැලිය යුතුයි. ඒ ප්‍රශ්නේ අපෙන් අහල වැඩක් නෑ. නමුත් අපි දන්නා තරමට අරාබි රටවල ලංකාවේ අපේ තානාපති කාර්යාලවලට අපේම කියා ගොඩනැගිල්ලක්වත් නෑ කියන එකයි. තානාපති කාර්යාල හා නිලනිවාස කුලිපදනම මත අරගත්තු ගොඩනැගිලිවල තමයි පවත්වාගන යන්නේ. ඉතින් පන්සල් හදන්න ඉද්රිපත්වන ශ්‍රීලාංකික බෝව්ද දානපතියෝ ඉන්නවනම්, මුල් පියවර හැටියට අපට කියා තානාපති කාර්යාලයක් හදාගන්න එක තමයි හොඳම දේ. අපේ රජයටත් කුලී වසයෙන් ගෙවන ලොකු මුදලක් ඉතුරුකරගන්න පුළුවන් වෙනවා. ලාංකික මුස්ලිම් ජනයා වසයෙන් අපටත් සුළු මුදලොක් හෝ ඒ වෙනුවෙන් පරිත්තියාග කරන්න පුළුවන්. අපි කියනේ සත්‍යද කියා විදෙස් අමාත්යන්සයෙන් පවා අසා දැනගන්න පුළුවන්. හැබෙයි ඒ රටවල පර්චස් 10 ක් වගේ ඉඩම් කෑල්ලක් ගන්න දඹුල්ල ප්‍රදෙසයම වගේ ප්‍රදේශයක් විකුණුවත් මදි වෙයි.
ගමරාල says:
ඔබ ලංකාවේ මත්පැන් හා අපරාද ගැන සදහන් කරන්නේ කුමන පදනමක සිටද? ලෝක සෞක්ක්‍ය සංවිදානයේ 2005 මත්පැන් පරිබෝජනය පිළිබද වාර්තාවට අනුව ලංකාව ඇත්තේ රටවල් 150 කටත් වඩා අඩු තැනක. ජනගහනයෙන් 80%ටත් වඩා මුස්ලිම් සිටින රටවල් විශාල ප්‍රමාණයක් ලංකාවට වඩා බොහෝ ඉහලින් මත්පැන් පරිබෝජනය සිදුකරන බව එහි සදහන්වේ.
P.E.W research ආයතනය 2011.1.27 සමීක්ෂණ වාර්තාව හා එක්සත් ජාතීන්ගේ අපරාද රැල්ල පිළිබද 2002 සමීක්ෂණයට අනුව අපරාද බහුල රටවල් ලෛස්තුව තුල ලංකාව පලවෙනි 180 තුළවත් නැත.අරාබි රටවල ඉහල අගයක් පවතී. සෞදි අරාබිය මුස්ලිම් 97.1% අපරාද 84599 මරණ දඩුවම 143 දෙනෙකුට.තුර්කිය මුස්ලිම් 99.8% අපරාද 286482.මොරොක්කෝව මුස්ලිම් 99.9% අපරාද 283482. මෙම සමීක්ෂණයට ගෙන තිබෙන්නේ එම වසරතුල ළමා අපචාර ,මිනීමැරුම්, මංකොල්ලකෑම්, සොරකම් වැනි මහාපරිමාණ අපරාද පමණි.
මානව හිමිකම් සංවිදානයට අනුව 2007-2010 වර්ෂ අතර සෞදි අරාබිය තුල හිස කැපීමෙන් පමණක් 345 දෙනෙකුට මරණ දඩුවම හිමිව තිබේ.ලංකාව තුල වසර දහයක් ගියත් නාමිකව මරණ දඩුවම හිමිවන්නේ ඉතා අතලොස්සකට පමණි. අරාබිය හා ලංකාව අතර ජන සංක්යාව අතර ලොකු වෙනසක් නැතත් අපරාද අතින් අරාබිය ඉහලින් සිටින බව පැහැදිලි නේද.!
ඔබ ආගම් ප්‍රචාරය ගැනද අදහස් දක්වා ඇත්තේ කරුණු හරිහැටි නොදැනය්. අරාබි රටවල් තුල අන් ආගම් ප්‍රචාරය තහනම් වන්නේ තමන්ගේම අන්ද දෘෂ්ටිය නිසා බව ඔබලගේම ප්‍රසිද්ද දේශක සකිර් නය්ක් අංක ගණිතය යොදාගෙන 2වසර ළමයටත් තේරෙන සරල ආකාරයෙන් පැහැදිලිකරන විදිය http://www.youtube.com/watch?v=rHpd2T7mi5c කිලික් කර බලාගන්න.
Anver Manatunga says:
මත්පැන් පරිභෝජන වාර්තා බැලීමේදී Total Alcohol Consumption බැලීම සාධාරණ නැහැ. මන්ද එහිදී බියර් සහ වයින් වැනි ඇල්කොහොල් ප්‍රතිශතය අඩු ඒවාත් ඒ සමග ගණනය වන නිසා. කෙසේ වුවත් මුළු ගණනයේදීද ලංකාවට ඉහලින් සිටින්නේ මුස්ලිම් රටවල් දෙකක් තුනක් පමණි.
අරාබි රටවල අපරාධ අගය ඉහල වාර්තාවක් පෙන්නුම් කරන්නේ කෙසේද?
නිදසුනක් ලෙස ඔබ සදහන් කරන පරිදි සෞදි අරාබියම ගනිමු. සවුදියේ වාර්තාවන අපරාධ කරුවන්ගේ මුළු සංඛ්‍යාවම සවුදි ජාතිකයන්ද? නැත. එයින් භාගයකටම වඩා රටේ සේවය කරන අනෙකුත් රටවල අයයි. නිදසුනක් ලෙස පවසනවා නම් එහි හිර ගෙවල ලංකාවේ අයද බොහෝ සිටිති. මා එම රටේදී ඒ අය මුණ ගැසීද ඇත්තෙමි.
අපේ රටේ මරණ දඩුවම ඉතා කලාතුරකින් ක්‍රියාත්මක වන්නේ ඇයි අපේ රටේ අපරාධ අඩුද?
Shafraz Nizamdeen says:
ගමහාමි,
හරි, අපි නරක මිනිස්සු.
ඔයගොල්ලෝ හොඳ මිනිස්සු.
ගවය මරණ එක නතරකරන්න ඕනේ, අපි නරක මිනිස්සු හින්දා?
මාලු මාරුවට කමක් නැහැ, ඔයගොල්ලෝ හොඳ මිනිස්සු හින්දා?
සුරා සැල් වල මත්පැන් විකුනුවට කමක් නැහැ ඔයගොල්ලෝ හොඳ මිනිස්සු හින්දා?
අපේ ව්‍යාපාර වර්ජනය කරන්න ඕනේ අපි නරක මිනිස්සු හින්දා?
අපේ පල්ලි කැඩෙන්න ඕනේ අපි නරක මිනිස්සු හින්දා?
අනෙක් සත්තු කව්රු මැරුවත් කමක් නැහැ, ඔයගොල්ලෝ හොඳ මිනිස්සු හින්දා?
ගබ්සා කරන, මෙලොව එලියවත් නොදැකපු දරුවෝ මරන්නේ, ඔයගොල්ලෝ හොඳ මිනිස්සු හින්දා?
මහලු මඩම් පවත්වාගෙන යන්න ඕනේ, ඔයගොල්ලෝ දැන් හොඳ මිනිස්සු එහෙත් වයසට ගිහාම නරක් වෙන හින්දා?
බෞද්ධ පාසල් වලට අපේ දරුවෝ 1% ගන්නේ, අපේ දරුවෝ නරක ලමය් හින්දා?
දරුවෝ හම්බවෙන්න රජයේ රෝහලට ගිහාම, “ඔයා මිනිහත් එක්ක විතරද නිදාගන්නේ!” කියල ඔයාලගේ දොස්තරලා එහෙම අහන්නේ ඒගොල්ලෝ හොඳ මිනිස්සු හින්ද?
…
අපි ඔක්කොම නරක මිනිස්සු.
ඇය් ඉතින් මැරිලා නරකාදියට යන්න හදන අපිව නවත්තනං හදන්නේ?
ගමරාල says:
හොද මිනිස්සු හෝ නරක මිනිස්සු වෙන්නේ තමන් කරන ක්‍රියාවට අනුවය්. එම ක්‍රියාවේ හොද නරක බව තීරණය වෙන්නේ තමන්ගේ ආගමට අනුවය්. උදාහරණයකින් කියනවනම් ගුවනේ යන පක්ෂියෙකුගේ දිශාව සලකමු බසයක යන මගියෙක් තමාට පෙනෙන ආකාරයට ඌ දකුණට යන බව පවසය්. පදිකයෙක් තමාට පෙනෙන ආකාරයට ඌ උතුරට යන බව පවසය්.දෙදෙනාම කියනදෙය පෙනෙන ආකාරයට සත්‍යවේ. එසේනම් පක්ෂියා කුමන දිශාවකට යය්ද? සැබවින්ම ඇත්තේ සාපේක්ෂ දිශා පමණි ස්ථිරව් නිරපෙක්ෂව් දිශාවක් කොහෙවත් නැත.නුඹලා විසින් නිර්මාණය කල දෙවියත්,ක්‍රිස්තියානින් විසින් නිර්මාණය කල දෙවියත්,හින්දුන් නිර්මාණය කල දෙවියත් තම තමන්ගේ ආගමික ග්‍රන්ථ හරහා එකිනෙකාට පරස්පර කරුණු පවසය්(හින්දුන් ගවයාට නමස්කාරකරය් නමුත් මුස්ලිම්වරු ….) තම ආගම පමණක් නිවැරදි බව පවසමින්( http://www.youtube.com/watch?v=rHpd2T7mi5c ) සාපෙක්ෂතාවයෙන් ඔබ්බට මුස්ලිම්වරුන් යාම නිසා අද ලෝකගේ ආගමික ගැටළු රාශියක් උත්ගතවී ඇත. ඌරු මස් කෑමෙන් වලකින්න යැයි කුරානයේ සදහන් කල ලෙසම මේ දහම අරාබිකරයට පමණක් යැයි සදහන් කලා නම් ලෝකය වඩාත් සාමකාමී වීමට තිබුන.නරකාදියට යන්න සිටින අය ඉක්මනින්ම පරලොව යවන්නේ ඉස්ලාම් දහමය්,නරකාදියට යන්න සිටින අය කෙරෙහි මෛත්‍රී කොට ඔව්න් ඉන් මුදවා ගැනීම අපේ දහමය්.
Anver Manatunga says:
ඔබගේ දහමේ අය මෛත්‍රී කරන හැටි අපට බලන්න වෙන රටවල් වලට යන්න ඕන නැහැ. මේ රටේදීම පේන්න තියෙනවා. අන්තර්ජාලයේ ලියන කියන දේ වලින්ම පේනවා. නිකං බොරුවට කටමැත දොඩන්නේ නැතිව තමන්ගේ සමාජය හදා ගන්න උත්සාහ ගන්න.
nirosh says:
අංගුත්තර නිකාය, චතුක්ක නිපාතය,7 කම්මපත පෙයියාල වර්ගය.
පානාතිපාත සුත්‍රය.
1 මහණෙනි යම් කරුණු තුනකින් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් නිරයේ උපදී. කවර තුනකින්ද?
තමාම සතුන් මරන්නේ වේ.
අන් අයවද සතුන් මැරීමේ යොදවන්නේ වේ.
සතුන් මැරීමේ ගුණ කියන්නෙත් වේ.
කරුණු තුනකින් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් නිරයේ උපදී.
2කරුණු තුනකින් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් ස්වර්ගයේ උපදී.
තමාම සතුන් මැරීමෙන් වළකින්නේ වේ.
අනුන්ද සතුන් නොමරීමේ යොදවන්නේ වේ.
සතුන් නොමරීමේ ගුණ කියන්නේත් වේ.
මේ කරුණු තුනකින් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙලුවාක් මෙන් ස්වර්ගයේ උපදී
Anver Manatunga says:
ඔබගේ තොරතුරු මම අගය කරමි. එහි සදහන් වන්නේ “අන් අයවද සතුන් මැරීමේ යොදවන්නේ වේ” නම් නිරයේ උපදින බවක් නේද? එසේ නම් මසුන් මරන්නන්, මස් පිණිස සත්ත්ව ඝාතනයේ යෙදෙන්නන් ඒ සදහා යොදවන්නේ ඒවා මිලදී ගන්නා අයයි. ඒ නිසා පලමුව ඔබලා විසින් බොදුනු සමාජය මෙයින් වලක්වා ගත්තා නම් එය මේ රටේ අනෙකුත් ආගමිකයන්ටද ආදර්ශයක් වනු ඇත.
nirosh says:
කවර ආගමක පුද්ගලයෙක් උවද යහපත් දේ කරයි නම් එය වටින්නේය. අයහපත් දේ කරයි නම් එය නොවටින්නේය. මසුන් මරන්නාටද අකුසල කාර්ම රැස්වේ. නුවනින් නොවිමසා අහාර ගැනීමේ අර්ථය නොදැන රස තණ්හාවෙන් කවර හෝ ආහාරයක් ගැනීමෙන්ද අකුසල කර්ම රැස්වේ. මිලදී ගන්නේ අහාරයක්ය. කෙනෙකු මසුන් මරා අකුසල කර්ම රැස් කරගෙන ඇත. එය සිදුවී අවසානය. මැරුණු සතකුගේ ශරීරය තව සතකුට අහාරයකි. එය තවදුරටත් ප්‍රාණියෙක් නොවේ. මනුෂ්‍ය ශරිරයද තව සතුකුට සාපේක්ෂව ආහාරයක් මිස වටිනා වස්තුවක් නොවේ. සතුන් මැරීම නිසා මෙම අහාරය ලැබුනේ යයි සිතමින් එම පව තමාද අනුමෝදන් වෙමින් සතුන් මැරීමේ ගුණ කියමින් අහාරය මිලදී ගැනීම අහාර අනුබවය අනුවන කමකි. උපාය දන්නෝ අපායේ නොවැටෙති යයි පැරණි කියමන් ඇත්තේ මෙවන් කරුණු නිසා විය යුතුය.
Anver Manatunga says:
බුදු දහමට අනුව තිබෙන්නේ විශ්ව ධර්මතාවයකි. එනම් කිසිදු පුද්ගලයෙකු නොමැතිව සිදුවන ක්‍රියාවලියකි. මේ ක්‍රියා වලිය තුල සතුන් මැරීම අකුසලයක් නම් එයට සහභාගී වන සැවොම අකුසලයට හිමි කරුවෝ විය යුතුය. මසුන් මරන්නා සතුන් මරන්නේ තමන්ට නොවේ. එය පාරිබෝගිකයන් සදහාය. එයට ඔබලා කුමණ කෙස් පැලෙන තර්ක ගෙනාවත් වැඩක් නැත.
nirosh says:
සතුන් මැරීමේ විපාකය යහපත් වූ මිහිරි සහගත එකක් නොවේ. අල්ප ආයුෂ, ලෙඩ රෝග, හදිසි විපත්, ශරීර බිදීම්, දරුණු දඩුවම්, ආදී වූ දුක්කිත දේවලය. අප කරන ලද කර්මය අපම ගෙවා අවසන් කල යුතුය. කවර ආගමක වුවද කම් නැත සතුන්ට හිංසා කිරීමෙන් වලකින්න. සතුන් මර පවු රස්කරගන්න්ට දෙලොවම සැනසීමක් නැත. අනෙකුත් අකුසල කර්මද එසේය. 10 අකුසල්. මේවා නොහොබිනා දේ බව කවුරුත් දන්නා දේවල්ය. නොදන්නා දේ නම් ඒවායේ විපාකයයි. එය බාවනාවෙන් සිත දියුණු කරන ලද උත්තමයෙකුට හැර වෙනත් දෙවියෙකුට බ්‍රහ්මයෙකුට කිව නොහැක. මක්නිසාද යත් ඔවුන්ටද මේ බවය හිමිව ඇත්තේ අවිද්‍යාව හා තණ්හාව(කැමති දේ ගැනීම, අකමැති දේ ඉවත් කිරීම/ රුප තණ්හා ශබ්ද තණ්හා, ගඳ තණ්හා, රස තන්හ, පොට්ටබ්බ තණ්හා, දම්ම තණ්හා) නිසාය. නුවණැත්තෝ අකුසලයෙන් මිදෙති, අන් අයද මුදව්ති, අකුසලය වර්ණනා නොකරති, යමෙක් 10 කුසල් ද, කුල මුලද, 10 අකුසලද, අකුසල මුලද දකිත් නම් ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් නොව, සම්මා දිට්ටි ඇති පුද්ගලයෙක් යයි දර්මයේ විස්තර වේ. මෙය දුර්ලබ අවස්ථාවක් බව වටහා ගත යුතුය, අද ලෝක ජනගහනයෙන් 5% ක් පමණ පිරිසක් බුද්දාගම ඇත.එයිනුත් වැඩි පිරිසක් මහායානය. එය පිරිසිදු බුද්ද වචනය නොවේ. බුදු දහම අතුරු දැන් වීම දර්මයේම විස්තර කර ඇත. රටවල් කීපයක් පමණක් ථේරවාදය ඇත, අපටද එම වාසනාව උදාවී ඇත. මෙම අවස්ථාව මග හැර ගන්න එක අනුවන කමකි.
fathima says:
‘උපාය දන්නෝ අපායේ නොවැටෙති ‘කෞරු හෝ කෙනෙකු මුදල් සොරකම් කර එඉන් යම් පුණ්‍ය කටයුත්තක් කරනවා අපි හිතමු කීප දෙනෙක්ට කන්න දෙනවා කියල.ඒවා කන අය මේවා හොරකම් කරපු මුදල් වලින් බව දැන දැන කනවනම් උපාය දන්නෝ වෙති කිමද සමහරු සතුන් මැරීම පවක් යෛ සිතුවද මැරුණු සතා අනුබව කරන්නේ ඔය උපයෙන්මය.මෙතන තියෙන්නේ පවක් බව දැන දැන කිරීම. කන කොට මේ සතා ගැන තියෙන අනුකම්පාව කොහෙද ගියේ කියනඑක ප්‍රශ්නයක්.මිනී මස් උනත් තහනම් පුජකයන්ට පමණි.එනිසා මැරුණු මිනිසෙකු උනත් ඔය උපායම දාල කත හැකි. මෙයට හේතුව අසීමිත ආශාව.තව ටික කලක් යනකොට කියෛ බාර් තියෙන නිසා බොනවා කියලා.තමන්ගේ ආශාවන් පාලනය කරගන්න බැරි මිනිසුන් විසින් මවපු මත මේවා කියලෛ කියන්න තින්නේ .’ මේවා නොහොබිනා දේ බව කවුරුත් දන්නා දේවල්ය. නොදන්නා දේ නම් ඒවායේ විපාකයයි’කපටි උපායවල් දාල මිනිස්සු රැවට්ටුවට අපයෙන්නම් බේරෙන්න පුළුවන් කමක් නැහැ
Gamini says:
නියම බවුධ්දයා කිසිම සතෙක් නොමරන බව අන්වර් හොඳාකාරව දැනගෙනත් මේ කරන විකාරය කුමක්ද? තම ආගම පාවා නොදී බුධ්දගමේ හරය ගැන කතා කලොත් නරකද?
Anver Manatunga says:
නියම බොදුනුවා සත්තු මැරුවත් නොමැරුවත් අපට වැඩක් නැහැ. බොදුනුවන්ට මස් කන එක හොද නැතිනම් එය ඔවුන්ට පමණක් සීමා විය යුතුයි. අනෙක් අයටත් මස්නොකවන්න හදන එකයි ප්‍රශ්නේ. ඒකත් පලවෙනියට හරකා. ඒකයි මම Cattle first හෙවත් ගවයාගෙන් පටන් ගැනීම ගැන ලිව්වේ.