Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

මුස්ලිම් ව්‍යාපාර සහ හලාල් නිශ්පාදන වර්ජනය

හලාල්

හලාල්

අහෝ මේ දෙව්දත්ලා කිසිදා නොදකිති මොක්පුර!

බුදුරජාණන් වහන්සේගේ කාලයේත් උන්වහන්සේට එරෙහි වු භික්ෂූන් සිට ඇත. දෙව්දත් ථෙර ඉන් ප්‍රමුඛ ස්ථානය ගනියි. ඒ නිසා අහෝ දෙව්දත් නොදුටි මොක්පුර! යැයි කියමනක්ද ඇත. මෙයින් ගම්‍ය වන සත්‍යය නම්, චීවරය දැරූ පමණින් මෝක්ෂය ලබා ගන්නට බැරි බවයි. කෙනෙකුට ලොවටම යහපතක් කරමි යැයි අරමුණු කරමින් චීවරය දරන්නට හැකි වා සේම තවත් කෙනෙක්ට ස්වකීය ආත්මාර්ථය ප්‍රමුඛ කරමින්ද චීවරය දැරිය හැක.

 

බුදුරජාණන් වහන්සේගේ යුගයේ දෙව්දත් ථෙර විසින් චීවරය දැරුවේ ආත්මාර්ථය උදෙසා බව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේගේ යුගයේම තත්වය එසේ නම් වත්මන කල ගැන කවර කථාද? මා පලමුවෙන් මේ හේතු පාඨය ඔබ වෙත ඉදිරිපත් කළේ වර්තමාන බොදුනුවන් පමණක් නොව මුළු රටම අයාලේ සහ විනාශයේ ලන නුදුරු අනාගතයේ සිදුවිය හැකි විපතක් ගැන ඔබගේ අවධානය යොමු කර වීමටයි. එනම් සියවස් ගණනාවක් එකට බැඳී ලක්මවගේ තුරුලේ විසු සිංහල මුස්ලිම් බැඳියාව සිඳලන්නට යතිවර පෙලක් පෙරටු කොටගත් ආගම්බේධවාදී රැළක් බිහිව තිබෙන නිසාවෙනි. මොවුන් එක් පැත්තකින් කියන්නේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරමු කියායි. අනෙක් පසින් කියන්නේ හලාල් සහතිකය ලත් නිපැයුම් වර්ජනය කළ යුතු බවයි.

 

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙස ඉල්ලන සටනට "සූ" ගාලා කීදෙනෙක් පැමිණ ඇත්දැයි බලන්න

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙස ඉල්ලන සටනට "සූ" ගාලා කීදෙනෙක් පැමිණ ඇත්දැයි බලන්න

 

මුස්ලිම් ව්‍යාපාර යනුද මෙරට ජනතාවට සෙත සලසන අපේම රටේ අභිමානය බව මේ දෙව්දත්ලාට නොපෙනෙන්නේ ඔවුන් කිසිදා ආර්ථික විද්‍යාව පිළිබඳ මෙලෝ හසරක් උගෙන නැති නිසා බව ඉතාම පැහැදිලිය. මන්ද ඔවුන්ගේ විෂය පථයේ වාණිජය විෂයයන් නොමැති බැවිණි. අපේ රටේ නිශ්පාදනයන් පිටරට වලට අපනයනය කරමින් රටට විශාල ලෙස විදේශ විනිමය සපයන මුස්ලිම් ව්‍යාපාර කොපමණ තිබෙනවාද? නිදසුනක් ලෙස අප රටේ ප්‍රධාන අපනයන භෝගය වන තේ අපනයනය කරන මෙරට ප්‍රධානතම සමාගම් දෙකක් වන අක්බාර් සහෝදරයෝ සහ අහමඩ් තේ යනු මුස්ලිම් ව්‍යාපාර නොවන්නේද? මේ සමාගම් දෙකට අමතරව තවත් මුස්ලිම් සුළු ව්‍යාපාරිකයන් රැසක්ද ඇත. එම ව්‍යාපාර වර්ජනය කර ලංකාවේ මුළු තේ අපනයනයම විනාශ කරගන්න තරම් මෝඩයෝ සිටිනවාද? එමගින් පවුල් කොපමණ සංඛ්‍යාවක ආදායම අහිමි වේදැයි මේ දෙව්දත්ලාට ගණන් තැබිය හැකිද? 

 

ඇඟලුම් කර්මාන්තය යනු අප රටේ ප්‍රධානතම අපනයන නිශ්පාදන වලින් එකකි. මෙම ඇඟලුම් ක්ෂේස්ත්‍රය තුලද මුස්ලිම් වරුන් රැසක් සිය ඉමහත් දායකත්වය රටට ලබා දෙන්නේය. එමගින් අපේ රටේ ගම්බද යුවතියන්ට විශාල වශයෙන් රැකියා අවස්ථාවන් උදාවී ඇත. මේ යුවතියන්ට ඇඟලුම් ක්ෂේස්ත්‍රයේ රැකියාවන් නොවන්නට ඔවුනටද සිදුවන්නේ මැදපෙරදිග ගොස් සිය දිවියේ ජවය ශක්තිය වෙන රටකට පුදන්නටය. මේ ආගම්බේධ වාදීන්ගේ අදහස අනුව යමින් ඇඟළුම් ක්ෂේස්ත්‍රය තුලට මුස්ලිම් වරුන් දායක වී රටට ගෙන එන ආදායම පිළිකෙව් කර රටක් ඉදිරියට යා හැකිද? එමගින් කී දෙනෙක්ට රැකියා අහිමි වීමට ඉඩ තිබේද? මේ දෙව්දත්ලා ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්නා බව මා ඔබට මතක් කළේ එහෙයිනි.

 

මා විසින් මෙම ලිපියේ තවත් නම් සඳහන් නොකල අපේ රටට විදේශ විනිමය ගෙනෙන බොහෝ ව්‍යාපාර ක්ෂේස්ත්‍ර වලට මුස්ලිම් වරුන් සිය දායකත්වය ලබා දෙති. අතීතයේ අපේ රටේ සිටි සමහර රජවරුන් සිය රාජ්‍යයේ ව්‍යාපාර කටයුතු මුස්ලිම් වරුන්ට පවරා දුන් බව ඉතිහාසයේ දැක්වේ. එයට ප්‍රධානතම හේතුව නම් මුස්ලිම් වරුන් ව්‍යාපාර ක්ෂේස්ත්‍රය තුල දැක්වු සහජ දක්ෂතාවයයි. වර්තමානයේද බොහෝ මුස්ලිම් වරුන්ගේ ජාන තුල එය පිහිටා ඇත. මේ දක්ෂතාවය තුලින් සමහර අපේ රටේ මුස්ලිම් වරුන් පිටරටවලටද ගොස් ව්‍යාපාර කරමින් මෙරටට ආදායම ලබාගෙන එන බව ඔබ දන්නවාද? නිදසුනක් වශයෙන් අප්‍රිකානු රට වලට ගොස් එහි මැණික් මිලදී ගෙන ඒවා යුරෝපා රටවලට විකුණා ඉන් ලැබෙන ලාභය මෙරටට ගෙන එන දේශීය මුස්ලිම් ව්‍යාපාරිකයන් සිටින බව ඔබ දන්නවාද? ලංකාවේ ස්වර්ණාභරන නිශ්පාදනය කොට ඒවා ලංකාවට පැමිණෙන සංචාරකයන්ට අලෙවි කරන සහ පිටරටවල පවා ස්වර්ණාභරණ අලෙවි සැල් පවත්වමින් මෙරටට ආදායම ගෙන එන මුස්ලිම් ව්‍යාපාරිකයන් සිටිති.

 

මැලිබන් බිස්කට් සමාගමේ හලාල් සහතිකය

මැලිබන් බිස්කට් සමාගමේ හලාල් සහතිකය

 

අනෙක් අතින් හලාල් නිශ්පාදන වර්ජනය කරන්නට ගියහොත් කොපමණ බෞද්ධ වෙලඳාම් වර්ජනය කරන්නට සිදුවේද? නිදසුනක් ලෙස මැලිබන් බිස්කට් සමාගම හලාල් සහතිකය ලත් සිංහල ව්‍යාපාරයකි. ඔවුන් හලාල් සහතිකය ගැනීමට ප්‍රධාන හේතුන් දෙකකි. එනම් තම සමාගමේ නිශ්පාදන ලංකාවේ අලෙවිය වැඩි කර ගැනීමට සහ ඔවුන් විසින් එම බිස්කට් අපනයනය කරන මැදපෙරදිග රටවල විශ්වාසය දිනා ගැනීමටයි. මේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් නැති උදවිය කියන ආකාරයට ජනතාව හලාල් වර්ජනය කරන්න ගියහොත් සිංහල බෞද්ධයන් රැසක් සේවය කරන සහ ඔවුන්ගේම පාලනයේ තිබෙන මැලිබන් ආයතනයට කුමක් සිදුවේද?

 

අනෙක් පසින් මෙම හලාල් සහතිකය ලබා සිටින සිංහල ව්‍යාපාර විසින් ඔවුන්ගේ හලාල් සහතිකය ඉවත් කර ගතහොත් ඔවුන්ගේ නිශ්පාදන පිටරට වලට අපනයනය කිරීමේදී දැවැන්ත අර්බුධ වලට මුහුණ දෙනු නියතය. අද මුස්ලිම් නොවන රටවල් පවා හලාල් සහතිකය ලත් නිශ්පාදන වලට යොමු වන්නේ පාරිභෝගිකයන් ඒ කෙරෙහි දක්වන විශ්වාසය නිසාවෙනි. හලාල් සහතිකය නොමැතිව සිද්ධාලේප වෙද මහතාට සිය නිශ්පාදනය වන බාම් එකක් වත් විදේශ වෙලඳපොලට විකුණා ගැනීමටවත් අපහසු බව මේ අය නොදනී. සිද්ධාලේප වෙද මහතාද ස්වකීය නිශ්පාදන වලට හලාල් සහතිකය ලැබ සිටින්නේ ඒ නිසාය.

 

මේ දෙව්දත්ලාගේ ඒකායන අරමුණ කුමක්ද? රටට කුමක් වුවද ස්වකීය ආත්මාර්ථය මුදුන් පමුණුවා ගැනීම නොවේද? ඔවුන්ගේ ස්වාභිමතාර්ථය වනාහී රට තුල වර්ගවාදය රජ කරවීමයි. එමගින් ජනතාවටත් ව්‍යාපාරිකයන්ටත් සිදුවන කිසිදු පාඩුවක් ගැන ඔවුන්ට වගක් නැත. මන්ද ඔවුන් දෙව්දත්ලා වුවද චීවරධාරීන් නිසා සිව්පසයෙන් අඩුවක් නොමැති බැවිනි. මොවුන් සැබවින්ම ජනතාවට මිතුරු වෙසින් සිටින රටට වින කරන සතුරන් බව ජනතාව දැනගත යුතුය.

 

අහෝ! මේ දෙව්දත්ලා කිසිදා මොක්පුර නොදකින අතර රටත් නන්නත්තාර කරන්නට වලිකති.

 

  • අම්ජඩ් says:

    මුස්ලිම් ව්‍යාපාරිකයින් බහුතර ඇගලුම් විකුනන්නේ සිංහල බෞද්ධ අය ගේ ගෙවල් වලින් මසා නිම කල රෙදි පිලි බව මොවුන්ට අමතක වුනාද ?

    2012/06/21 at 12:21 PM
  • Marikkar says:

    What a beautiful and constructive thoughts. Jazakallah Kheir. May Allah bestow his choicest blessings upon you and your family and May your efforts continue to produce the required good results.

    2012/06/21 at 1:01 PM
  • ෆාතිමා ශ්‍රියානි says:

    ඒ පමණක් නොව, රටේ විනිමය ආදායමෙන් 30% ලැබෙන්නේ රටේ අහිංසක ගෑනු පිටරට මෙහෙකාරකම් කරලා හම්බ කරන තුට්ටු දෙක.
    ඒ ගෑනු, එහෙ නොයෙක් දුක් ගැහැට, අතවරවලට මුහුණ දෙනවා. මේ දුක් ගැහැට සිංහල, මුස්ලිම් කියල වෙනසක් නැහැ හැම කෙනාම එකවගේ මුහුණ දෙනවා.

    නමුත්, මෙහෙ ඉන්න මුස්ලිම් සහ සිංහල සහෝදරයින් මෙවැනි කරදරවලට මුහුණ දෙන අහිංසක සහෝදරයන්ට උදව් කරනවා. ඒ අය හිරේ ලගින්න සිදුවෙන අවස්ථා තියෙනවා.
    මෙවැනි සෑම අවස්ථාවකදීම අපි හැමෝම එකතුවෙලා ඒ දුකට පත්වුණු අහිංසකයන් බෙරගෙන් ලංකාවට එන්න උදව් කරනවා.

    නමුත්, මේ අතවරවලට ලක්වුණු අය ගැන ලංකාවේ ප්‍රචාරයවෙන්නේ, ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිහ තමය් මේකට පලි කියලා. යකෝ, ලංකාවේ තමා මුසිල්ම් සිංහල කියලා වෙනසක් තියෙන්නේ.
    පිටරටකට ගිහිල්ල බැලුවොත් තෙරෙය්, අපි ඔක්කොම මෙහෙ ඉන්නේ ලාංකිකයෝ හැටියට.

    අපි මෙහෙ දුක් මහන්සි වෙලා රටට විදේශ විනිමය යවනවා. ලකාවේ ඉන්න උන් එහෙ ගහ මරාගන්නවා.
    දාඩිය මහන්සියෙන් හම්බකරලා පණපිටින් හිටියොත් දවසක ලංකාවට ඇවිල්ල නිදහසේ ජීවත් වෙලා මැරෙන්න හිතාන ලංකාවට එනකොට මුන් ඔක්කොම ලංකාව විනාස කරලා ඉවරි.

    අපේ ගෑනු කන්ඩ නැතුව මැරුණත් කමක් නැහැ, උඹල ඔක්කොම තම්බින් ලට … නොදී මෙහෙට වරෙල්ල කියලා ප්‍රචාරය කරනවා.

    මේ ප්‍රචාරය කරන්නේ පැය විසි හතරක් ඉන්ටෙර්නෙට් එකේ බ්ලොග් ලියන, ෆේස්බූක් වල ගල් පොල් ගහන පින්තුර දාන, සල්ලි කාර අම්මලාගේ පුත්තු. මුන්ට තේරෙන්නේ නැහැ අහිංසක දුක්පත් අම්මලාගේ දුක.

    යකෝ, උඹලගේ අම්මත්, දුක්පතාගේ අම්මත්, ඔක්කොම අම්මල. උඹලට කොම්පුටර් තියෙනවා වගේම, ඉන්ටෙර්නෙට් තියෙනවා වගේම, ඒ අම්මලත් කැමති ඒ අයගේ දරුවෝ හොඳින් ජීවත් වෙනවා දකින්න.

    අනේ මේවා බලන්ඩ අපි මොකටද තවමත් ජීවත් වෙලා ඉන්නේ?

    2012/06/21 at 3:03 PM
    • Kumara says:

      ane me kiyanna epa thope para thambiyo gana apita..thopi yako arabi ratakata giyama thiyena lokukama balanna one..sinhala koolek ayathanayaka hitiyoth ude idan ra wenakan lokkanta kelam kiyala komahari uwa elawala danawa…ane thope manussakam…

      2012/06/22 at 6:40 PM
      • Anver Manatunga says:

        මෙයා අරාබි ගිය කෙනෙක් වෙන්න ඇති. ඔබට මොකක් හරි සිදුවුනු පුද්ගලික අත්දැකීමකට මුළු සමාජයක්ම එසේ යැයි කිව නොහැකියි.

        සහෝදරයා ඔබ ලිපි කිහිපයකම කමෙන්ට් කරලා තියෙන බව දැක්කා. නමුත් සමහර ඒවා කපන්න සිද්ධ වුණේ ඔබ අසභ්‍ය වචන භාවිතා කර තිබුණු නිසයි. කරුණාකර ශිෂ්ඨ වචන භාවිතා කරන්න එසේ නොවුවහොත් අවමන් සිදුවන්නේ ඔබගේ මුළු සමාජයටමයි.

        2012/06/22 at 7:50 PM
  • Amda says:

    මහත්මයා, මේ දැනුවත් කිරීම දිගටම කරන්න. ඒත් සමහර විට කරා වගේ, වෙනත් ආගම වලට ගරහන කමෙන්ට් පල නොකරන්න. අපේ ගෙදර පිට බල්ලෙක් ජරා කලොත්, මේ පිට එකෙක් ගේ ගූ ය, අපේ නොවෙයි කියල බෝඩ් ගහල තියෙන්න අරින සිරිතක් නැහැ නොවැ..:)

    2012/06/21 at 3:58 PM
    • Anver Manatunga says:

      ඔබේ දැනමුතු කමට ස්තූතියි. මමත් පුළුවන් තරම් ඒ ගැන හිතනවා.

      2012/06/21 at 4:53 PM
  • hasan says:

    වර්තමානයේදීද දෙව්දත්ලා සිටිති

    දෙව්දත් නැමති චීවරධාරියා ලෞකික හේතු මත චීවරය පොරවාගත් පුද්ගලයෙකු බව බෞද්ධ කථාවල සඳහන් වේ.

    සිදුහත් කුමරා රජ පවුලකට අයත් කුමාරයෙකි. එම කුමරා තමන් බුක්ති විඳින සැප සම්පත් සත්ය මාර්ගයේ යාමට බාධාවක් බව දකියි. එහෙයින් එම කුමාරයා තම විඳිමින් තිබූ රජ සැප අතහැර මාළිගාවෙන් නික්ම ගිය බවක් පැවසේ.
    එහෙත් අද සිටින දෙව්දත්ලා ලෞකික මාර්ගයේ ගැලී සිටීමෙන් සත්ය මාර්ගයට නව පණක් දිය හැකි බව වටහාගෙන සිටිති.

    අලුතින් දේශපාලන චීවරධාරීන් කිහිප දෙනෙක් බිහි වී සිටිති. මේ අය පාර්ලිමේන්තුවට ගියේ බණ කියන්නද? මේ දක්වා එක බණක්වත් කියල තියෙනවද?

    සීයට සියයක්ම ලෞකික හේතු මතම ගොස් සිටිති. සිදුහත් කුමරා රජ පාලනය, රජ සැප අතහැර දමා මාළිගාවෙන් නික්ම ගියේය. මෙම දේශ පාලු චීවරධාරීන් රජ පාලනය හා රජ සැප විඳීමීට එහි ගොස් සිටිති. මෙම දේශ පාලු චීවරයින් අනුගමණය කරන බුද්ධාගම නවීකරණය කරන ලද බුද්ධාගමක්ය.

    2012/06/21 at 4:02 PM
  • asd says:

    ඔය වගේ අදහස් ඉදිරිපත් කරන්නේ කිසිම දෙයකින් තෘප්තිමත් වෙන්නැති මානසික රෝගීන්, ඔව්න් ගේ පවුල් පසුබිම දිහා බැලුවොත් අසාමන්‍ය ජිවිතයක් ගතකරන උදවිය, ඔව්න් ලෝකය දිහා බලන්නේ තමන් සාදාගත් කන්නාඩියෙන්, උවුන් කියන්න හදන්නේ එම කන්නාඩියෙන් අනිත් යටත් බලන්න කියල

    2012/06/21 at 4:42 PM
  • Mr. Who says:

    I think it is more useful to look at the reason behind their action and speech. These people who call for boycott on muslim products, do so because they believe muslims pose a certain danger. Regardless of the reason why they are led to hold this belief, I think most of them genuinely believe that muslims are dangerous. Calling for a boycott is just one symptom of this belief.

    I think it would be more useful to expose the invalidity of this belief, rather than trying to show why a boycott would be harmful to the economy.

    Imagine that you are a buddhist who is not familiar with Islam or Muslims. On the one hand you see fellow buddhists and monks warning you about “invasion” of muslims. If there really is an invasion, short term economical sacrifices would be justified to save your religion and country in the long run. On the other hand, you see a muslim guy calling monks “දෙව්දත්”, and trying to explain some economical consequences of the boycott.
    Who would you listen to?

    2012/06/22 at 12:05 AM
  • sana says:

    අනේ පව්, මොවුන් හිතාගෙන ඉන්නවා ඇති මුස්ලිම් කඩවලින් බඩු ගත්තේ නැත්තම් තමන්ගේ ආගමේ අයට නිවන් දකින්න පුළුවන් කියල, දැන් තිබෙන ප්‍රස්නාවල හැටියට ඔහොමවත් නිවන් දකින්න පුලුවන්නම් ලොකු දෙයක්. මුස්ලිම් රටවලින් තෙල් ගන්නේ එක නවත්තල, ඒ රටවලට ලංකාවේ තේ විකුනන්නතුව නවත්තල, මැදපෙරදිග සේවයකරන අපේ ය ටික ගෙන්වාගත්තනම් ලංකාවේ ඉන්න සියලුම අයට එකපාරටම නිවන් දකින්න පුළුවන්. මෙන්න මේ අදහස් ගැන හාමුදුරුවෝ ටික අවදානය යොමුකලොත් වඩාත් කාලෝචිතයි.

    2012/06/22 at 2:15 AM
    • amila says:

      me para avruddata balapalla venade.. thope podi redi busness karayanta dan kannath ne.. business nethuwa…. moda rela….

      2013/03/14 at 12:32 PM
      • Anver Manatunga says:

        ඒ කට්ටිය එකතුවෙලා අවුරුදු කාලේ ඕගොල්ලන්ගේ ගෙවල් පැත්තේ ඇවිත් හිගා කන්නයි බලාපොරොත්තුව. මෝඩ චූන්!

        2013/03/14 at 1:18 PM
  • Kumara says:

    ape sihala ratata eka thambiyekkewath dewal one na…thopi thope dewal aragena palayaw ubalage arabikarayata..ai anek minissunge dewal mankolla kanne ..mankolla kana ekada ubalage agama…anunge ratakata ayithiwasikam kiyanna epa yakune…me rata sinhalayange…wena eka jathiyakawath nemei..sri kiyanne sinhala kiyana eka…e kiyanne sinhalayange lankawa….therenawanam oya para awajathaka agama akulagena palayaw………

    2012/06/22 at 6:47 PM
    • Anver Manatunga says:

      මෙයාගේ නම කුමාර වුණාට කථා කරන්නේ රස්තියාදු කාරයෙක් වගෙයි. මොනවද කියන්නේ? මෙයා කියන විදිහට මේගොල්ලන්ගේ රට දාලා අපි යමුද?

      2012/06/22 at 7:57 PM
      • අම්මාර් says:

        කුමාරලා වගේ බුද්ධිමත් (මන්ද කැල්ලක් ඉස්සරහට එන ඕනේ) ඉන්න බොහොම සුළු පිරිසක් කියලයි මම හිතන්නේ. බහුතර සිංහලයන් එහෙම හිතන එකෙක් නැ කියල මම හිතනවා .

        මේගොල්ල කියන නිසාම අපි සේරම දවසකට හරි ලංකාව අතහැරලා යන්ඩ ඕනේ බලන්ඩ . ඊළඟ දවස වෙනකොට මෙගොල්ලෝම අපහු එන්ඩ කියල පින්සිඩු වෙයි .
        තම්බින් නරකයි හැබැයි තම්බින්ගෙන් මෙරටට වුන සේවාවන් හොඳයි.අනේ මෙහෙමත් ගුණමකුවෝ . ලංකික මුස්ලිම් වරයෙකු වශයෙන් , මුස්ලිම් වරුගෙන් රටට සිදුවූ සේවාවන් එකින් එක ලියන එක නොසුදුසු යැයි සිතන නිසා ලියන්නේ නැ .

        2012/06/22 at 9:22 PM
    • අම්මාර් says:

      ශා ඔය ලස්සනට කතා කරනවනේ ! ඔයාට ඔහොම ප්‍රිය වචන භාවිත කරන්ඩ ඉගැන්නුවේ කොයි පන්සලෙන්ද ? ඔයා බුදුන් පෙන්වදුම් මාර්ගයේ යනවද නැත්නම් දෙව්දත් අනුගමනය කරනවද ? කතා කරන විලාසයෙන් නම් අපිට හිතාගන්ඩ පුළුවන් .

      2012/06/22 at 8:57 PM
  • sana says:

    ආ කුමාර, විජය සීයා නැවේ ලංකාවත් පටවාගෙනද ආවේ. කරපු කුපාඩිකම හා තිරිසන්කම ඉවසාගන්නබැරුව, බාගෙට තිරිසන් වූ සීයාගේ තාත්තම තමයි සීයට බාගෙට තට්ටේ ගහල නැවට උස්සල දැම්මේ. පාස්පෝට් නැතුව ලංකාවට හේත්තුවුනේ ඔහෙලා මිසක් අපි නොවෙයි. අපි මේ ලක්පොලාවේ පළමු මිනිසාවූ ආදම්ගෙන්(අලයි) පරම්පරාවෙන් උපන් අය. යායුත්තේ ඔයාල තමයි.

    2012/06/22 at 10:54 PM
    • Anver Manatunga says:

      සනාගේ කමෙන්ට් එක ටිකක් තද වැඩියි. කුමාර වගේ එක්කෙනෙක් දෙන්නෙක් හිටියට බහුතරයක් සිංහල ජනතාව ඉතාමත් ගුණයහපත් අය. මේ රට අප ඉපදුනු අප සැමට අයිතියි. මෙය අප සියල්ලන්ගේම රටයි. ඉතිහාසයේ යම් යම් විකෘති කිරීම් නිසා අද බොහෝ දෙනෙක් අයාලේ ගිහිල්ලා. එමෙන්ම වෙනත් රටවල මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ආර්ය සංකල්පයට සමාන සංකල්පයක් මෙරට බිහිවී ඇති නිසා තත්වය තවත් දරුණුවට ගිහිල්ලා. මෙවැනි ගිනි වලට අප විසින් පිදුරු නොදැමිය යුතුයි.

      ශත වර්ෂ ගණනාවක් මෙරට බෞද්ධ සහ මුස්ලිම් ජනතාව ඉතාමත් සහජීවනයෙන් සිටියා. තවම අපේ ගම් වල ඒ සහජීවනය තිබෙනවා. බොහෝ විට ආගම්බේධය ඇති කරන්නේ ගම් වලට පසුව පිටින් ආපු අයයි. මෙන්න මේ කරුණ බෞද්ධ සහ මුස්ලිම් ජනතාව හදුනා ගන්නවා නම් ප්‍රශ්ණයක් වන එකක් නැහැ.

      2012/06/23 at 3:31 AM
    • sinhalaputha says:

      අන්වර් මනතුංග කියල බොරුවට සිංහල කෑල්ලයි මුස්ලිම් කෑල්ලයි නමට දාගත්තු ඔබගේ ස්වරූපය බොහොම පැහැදිලිය. මේවා මෙවැනි blog අඩවියක සංවාදය කරනවට වඩා මම කැමතියි ප්‍රසිද්දියේ විවාදයකට එනවා නම්. ලංකාවේ තේ ව්‍යාපාරය ඉතාම සාර්ථකව තිබුන අවස්ථාවක ඔබ ඔය කියන මහා ලොකු මුස්ලිම් ව්‍යාපාරිකයෝ ටික එකතු වෙලා ලංකාවෙන් ගෙනියපු අනර්ඝ තේ වලට නැවෙදී කෙන්යාවෙන් සහ ඉන්දියාවෙන් ගෙනාපු බාල තේ මිශ්‍ර කරලා ලෝකයේ ඉතාම හොඳ නමක් තියාගෙන හිටපු අපේ තේ ව්‍යාපාරයට කළු ලකුණක් එකතු කරා. මුසල්මානුවන්ගේ ව්‍යාපාර සියල්ලම හොර ඒවා බව ඔප්පු කර පෙන්වීමට සාධාරණ සාධක බොහොමයි. නමුත් ඔබ බෞද්ධයන්ට පහර ගහන්න බුද්ධාගම ටිකක් ඉගෙනගෙන තියන නිසා මේකත් දන්නවා ඇති නේ. බල්ලෙක් අපිව හැපුව පලියට අපි පෙරලා බල්ලව හපන්න නොයන විත්තිය?

      2012/10/13 at 6:51 AM
      • Anver Manatunga says:

        මාත් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණ පොරක් වීමට ඔබ ඉතා කැමැත්තෙන් පසුවන බව පැහැදිලියි. නමුත් ඔබත් සමග ප්‍රසිද්ධියේ විවාදයකට එන්න තරම් සුදුසු කෙනෙකු නොවන බව ප්‍රතිචාර වලින්ම පැහැදිලි වෙනවා.

        මා විසින් ‍නම් සදහන් කළාවු ප්‍රධාන තේ අපනයන කරුවන් විසින් එලෙස කළු ලකුණක් එල්ල කළා නම් ‍එය සාධක සහිතව පෙන්වන ලෙස අභියෝග කරමි. තේ අපනයන කරුවන් අතර සිටිමින් බාල වැඩ කරන අය අතර සිටින්නේ මුස්ලිම් අය පමණක් නොවේ. අපනයනය කරන හොද වර්ගයේ තේ වලට කසල තේ එකතු කර අසුවු අය අතර බහුතරය සිංහලයන් නොවේද? මුස්ලිම් වරුන්ට පමණක් දොස් පවරන්නේ ඇයි?

        2012/10/13 at 1:43 PM
    • daraya says:

      මචං අපි ෙහ්ත්තු වුනාට රටවල් අල්ලන්න හැදුෙව නෑ අෙප් පන්සල් වලින් විස ෙපවිෙව නෑ

      2013/03/08 at 10:50 AM
  • Sri Lankan says:

    අනේ කුමාර​, ඔයා හැදුනේ මරදානෙ මුඩුක්කුවකද​?ඔයාගේ කථාවෙන්ම පේනවා ඔයාගෙ හැදියාව​.ඔයා මහා ලොකුවට මෙතන සද්දේ දැම්මට අන්න ඔයාලගෙ නායකයෝ අරාබි රටවලට ගිහින් ආධාර ඉල්ලනවා.ජාත‍‍න්තර ප්‍රශ්න එන කොට නැගී සිටින්නෙත් ලංකාවේ මුස්ලිම් වරුනිකන් මෙතන තමුන්ගේ මන්ද මානසිකත්වය රටටම පෙන්නන්නේ නැතුව වැඩක් බලාගන්න.තෙල් අඩුවට ණයට දෙන්න කියල අරාබි රටවලින් දනින් වැටිල ඉල්ලනවා. ලංකාවේ තේ වැඩියෙන්ම ගන්නෙත් අරාබි රටවල්. පොයා වගේ තුට්ටු දෙකේ ජාතිවාදීන් කියන ඒවා ඇහුවනම් ලංකාවාත් සෝමාලියාවක් බවට පත්වෙයි. අනිත් කාරණය, අනේ මෝඩ මිනිහෝ, ලංකාවේ ඉතිහාසය දන්න මිනිහෙක් ඔයාවගේ විකෘති මානසිකත්වයක් ඇති කෙනෙක්ගේ කතාව ඇහුවනම් එල්ලිලා මැරෙනවා.මුස්ලිම්වරු අරාබියටයි, දෙමළුන් තමිල් නාඩුවටයි යවනවනම්, සිංහලුන්ටත් වෙන්නේ ඉන්දියාවට යන්න​. එතකොට ලංකාවේ ඉන්න අයිතිය තියෙන්නේ යක්ශ ගෝත්‍රිකයින්ටයි නාග ගෝත්‍රිකයින්ටයි විතරයි. ඒ නිසා මීට පස්සේ ගොන් කථා කියාගෙන බුද්ධිමත් සංවාංද වලට එන්න එපා. නිකන් කුනු හරප කිය කිය තමුන්ගේ මවුපියන්ට නිග්‍රහ කරන්නත් එපා.

    2012/06/23 at 12:23 AM
  • හෙළයන් ගේ මිතුරා says:

    කුමාර නැමති වැන්නවුන් ලිඳේ ඉන්නා ගෙම්බන් වැනිය, ඔවුන් ලිඳෙන් එපිට දැක නැත, අනිත් උන් කියනා දෙයක් වැරදි හෝ නිවැරැදි හෝ වේවා කිසිවක් සොයා නොබලා කියූ ලෙසම විශ්වාස කරනා වර්ගයේ පුද්ගලයෙකි, මොවුන්ට විචාර බුද්ධියක් නොමැත, නමුත් මෙවැනි ජෝකර්ලා සිටින්නේ අතලොස්සකි, මනා විචාර බුද්ධියකින් මේ වගේ දෙවල් බලනා සිහළුන් අතරේ මොහු රූකඩයෙකි, මොහු ගැන ලත නොවන්න.

    2012/06/23 at 1:37 PM
  • Tharanga says:

    සුනාමි ආපු වෙලාවෙ, නැගෙනහිර,
    මුහුදු මහා විහාරයෙ රැකවරණය දුන්න
    මුස්ලිමුන්ට. අද ඒ අයම, ඒ පන්සල
    ආක්රමණය කරල. බෝධීන්
    වහන්සේ රැකගෙන තියෙන්නේ විදුලි
    වැටක් ඇදල. පසුගිය දිනයක උන් පන්සල
    ඩෝසර් කරන්නත් ආව
    mewwata kawuda waga kiyanne?

    2012/07/19 at 8:25 AM
    • Anver Manatunga says:

      මුහුදු මහා විහාරයේ කලින් සිටි පාලනාධිකාරිය නෙමෙයි අද තිබෙන්නේ. කලින් සිටි හාමුදුරුවන් මුස්ලිම් වරුන් සමග සිටියේ ඉතාමත් සමගි සම්පන්නවයි. නමුත් දැන් සිටින පාලනාධිකාරිය මුස්ලිම් වරුන් සමග සිටින්නේ කැත්තට පොල්ල වගෙයි. ඔය මුහුදු මහා විහාරය ගැන මාධ්‍ය මගින් පවසන සියල්ල සත්‍යය නොවේ. ඒකත් හරියට දීගවාපිය ඩෝසර් කරන්න යනවා කියලා මාධ්‍ය මගින් පලවු අසත්‍ය පුවත වගේමයි.

      2012/07/20 at 3:16 AM
  • amila randika says:

    hahal warjana karanna one ae kiyala me lipiya dapu modaya danne.. ekata oluwak ne vedidura hithanna

    2013/02/28 at 2:47 PM

Your email address will not be published. Required fields are marked *

*