මුස්ලිම් තරුණ සංසදය විසින් පවත් වන්නට යෙදෙන “විවිධත්වය තුල එකමුතුව” නම් වු වැඩසටහන ඉතාමත් කාලීණ එකක් බව මගේ අදහසයි. මෙම වැඩසටහන පැවැත්වෙන්නේ මේ මස එනම් ජූනි 26 වෙනිදා (26-06-2012) සවස 4.30 සිට 6.00 දක්වා කොලඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ නොම්මර 201 නම් ස්ථානයේදීයි. මෙහි ප්‍රධාන දේශකයාණන් වන්නේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේය.
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් යනු රටේ බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි සහ හින්දු සියළුම පාර්ශවයන් පිළිගන්නා අපක්ෂපාතී සහ එඩිතර සමාජ චරිතයකි. විශේෂයෙන් උන්වහන්සේ පක්ෂ ආගම් බේධයකින් තොරව පීඩාවටපත් පාර්ශව වෙනුවෙන් කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව නොබියව පෙනී සිටින යතිවරයෙකි. මෙවැනි ගති ඇති උතුමන් අද සමාජයේ විරලය. මේ වැඩ සටහනට උන්වහන්සේ පෙරටු කරගැනීම අරබයා මුස්ලිම් තරුණ සංසදයට අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ ප්‍රණාමය පලකරමු. එමෙන්ම මෙවන් කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් ඉදිරිපත් වුණු ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ටද ප්‍රණාමය පල කරමු.
ජාතීන් සහ ආගම් අතර සහජීවනය ඉතාමත් අවශ්‍ය මොහොතක මුස්ලිම් තරුණ සංසදය විසින් පවත්වන මේ වැඩ සටහන මහඟු පිටිවහලක් වනු ඇත. අද අපට පෙනෙන්නට ඇති පරිදි ලංකාවේ ආගමික සහජීවනය සහ සාමය නැති කරන්නට බලවේග රැසක් ක්‍රියාත්මක වේ. මේ අය අන්තර්ජාලය තුල සහ ජාතික මාධ්‍ය තුලින් ගෙන යන අසත්‍ය ප්‍රචාර වලට ජනතාව රැවටෙන්නේ ඒවා අසත්‍යයන් බව ජනතාවට දැන ගන්නට අවස්ථාව නොලැබෙන බැවිනි. ඒ නිසා ජනතාව අමතන අයවළුන් සහ මාධ්‍ය වේදීන් මේ පිළිබඳව දැනුවත් කරමින් ඔවුන්ට මෙහිදී කළයුතු කාර්ය භාරය වටහා දීමද කළයුතු අත්‍යවශ්‍ය කාර්යයකි.
මෙම වැඩ සටහනට ජාති, ආගම් සහ කුලමල බේධයකින් තොරව සියළුම දෙනා සහභාගී වී එය සාර්ථක කරගැනීමට දායකත්වය ලබා දෙන්න.


Hafeel says:
මෙය අගය කළ යුතුය. මෙය සාර්තක වෙවා
Chamith says:
If Sobitha Hamaduruwo taliks about you guys, then good to u guys.
when other Hamadurwan who stand to protect this sinhala buddhist nation bad to you guys.
now you guys says mama jathwadiya kiyala
Anver Manatunga says:
බුදු දහම වෙනුවෙන් කිසියම් යතිවරයෙක් ඉදිරිපත් වනවා නම් එය අගය කළ යුත්තකි. නමුත් ඔහු විසින් ඒ සදහා අන් ආගමිකයන් සමග සහජීවනයට අකුල් හෙලනවා නම්, අන් ආගමිකයන්ට ගරහනවා නම් සහ පෙලනවා නම් එය පිළිකුල් කළ යුතුයි.
asd says:
@ චමිත්
ඔයාට තෙරණ බසවෙන්ම කිව්වොත් , ඔයාගේ අම්මා ගැන හොයලා විවේචනය කරනවානං , ඔබට එය කොහොම තියේවිද? , ඒවගේම ගුණ කියනවනම් ඔයාට කොහොම තියේවිද ?මොකද සේරම මනුෂයෝ, ඒ දෙකේ වෙනස අදුරගන්නව සේරටම කලින් , , මොනාටද අනුන්ගේ ල… හොයන්න ඔව්නේ හා ? තමන්ගේ දහම හරියට කරගෙන ඉන්නවනම් මොකුත් පරශ්න නැ , සේරටම කලින් බුද්දාගම අදහන කට්ටිය හදල ඉන්න , අනුන් ගැන විවේචනය කරන්න කලින් ? අනුන් ගැන හොයන එක පරම්පරික ඉතිහාසයක් එක්ක බෞද්දයන්ගේ ජාන වල තියන ප්‍රශ්නයක් එකට කියල අහක ඉන්න උන් පාලි නැ ,
sana says:
චමින්දල වගේ ජාතිවාදීන්ට, සොබිත හාමුදුරුවන්ගේ දෙසන යක්කුන්ට දුම්මල වගේ!
Shafraz Nizamdeen says:
චමිත් මල්ලි,
Subject matter එක තේරුම් ගන්න. සිංහලෙන් තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් කියවන්න… Unity in diversity – a timely need of the country.
මේක, කාලින අවශ්‍යතාවයක්. සිව්රු පොරවාගත් හැමකෙනාම යතිවරුත් නෙමේ, සිව්ර නැතුව ඉන්න හැම කෙනාම අරාජිතයොත් නෙමේ.
ඇති පූජ්‍ය සෝහිත හිමි කියන්නේ, ඔබලාගේ උගතෙක්, සෑම පුද්ගලයෙක්ම ගරුකරන බුද්දීමතෙක්.
ඇවිත් අහන්න, එය අමතන්නේ කාටද කියල. මේක අපි ඔක්කොම අහන්ඩ ඕන කතිකාවක්.
ඔබලාගේ අවශ්‍යතාවය සාමය නම් ඔබල මේක තේරුම් ගනී, එසේ නැත්නම් ඔබලාගේ බලාපොරෝත්ටුව ඉෂ්ට සිද්ද කරගන්න අවශ්‍ය නම්:
ඉක්මන් කරන්න, අර බැරල්, කාලතුවක්කු මලකඩ කන්න කලින් ඇවිත් අපිව විනාශ කරන්න.
නිරායුදව ඉන්න අපේ අහිංසක මිනිස්සුන්ව මරන්න අවරුදු තිහක් ඕනේ නැහැ. පය 3ක් හොඳටම ඇති.
මම මුස්ලිම් දෙමව්පියන්ගේ මුස්ලිම් නමින් පෙනී සිටින ආගමක් නොමත්තෙක්ව සිටියා, එහෙත් බෞද්ධ දර්මය ගැන හොඳ පහදීමක් තිබුන.
මං වගේ අයව නැවත ඉස්ලාමය කියව තේරුම් ගන්න උදව් කලේ ඔබලා. දැන් මම අලුතින් ඉස්ලාම් දර්මය කියව තේරුම් ගෙන ඉස්ලාම් දර්මය වැළඳ ගත කෙනෙක්. Born again Islamist.
මාගේ ඇස ඇරියට බෞද්ධයන් වන ඔබට ස්තුති.
Shafraz Nizamdeen says:
ලංකාවේ 99% මුස්ලිම්වරු, මම වගේ ඉස්ලාමය නමට විතරක් තියාගෙන, ඉස්ලාමයේ විරුධ්ධවදීන් වගේ ජීවත්වුන මිනිස්සු.
ඔබලාගේ මේ චර්යා කලාපය, මින් ඉදිරියට මුස්ලිම් හා මුස්ලිම් නොවන සෑම කෙනෙක්ගෙම අවධානය ඉස්ලාම් වෙත යොමු වෙනවාට සැකයක් නැහැ.
මෙයින් වෙන්නේ නිරායාසයෙන්ම ඉස්ලාමය පිලිබඳ මිනිස්සු සොයා බැලීමට වෑයම් කරය්, ඒ තුලින් ඉස්ලාමය වැළඳ ගැනීමේ ප්‍රතිශතය වැඩිවිමක් වෙන එක විතරය්.
ඇමෙරිකාවේ 9/11 ට පසු ඉස්ලාමය ගැන නොදැන සිටියා ගොඩක් දෙනෙක් ඉස්ලාමය කියව තේරුම් ගෙන කතුන් විතරක් මසකට 10,000 කට වැඩිය ඉස්ලාම් ආගම වැළඳ ගන්නවා.
එයට හේතුව, 9/11 ට පසු ඇමෙරිකාව තුල සිදුවුණු ක්‍රියාදාමයන්.
මේක නියමයක්, every action has a equal and opposite reaction.
even for negative propaganda its the same. you will make hatred and equal mount of love for Islam.
SLUSA says:
Shafraz Nizamdeen, ඇමෙරිකාවේ කතුන් විතරක් මසකට 10,000 කට වැඩිය ඉස්ලාම් ආගම වැළඳ ගන්නවා යි කියන්න ඔබ ඉදිරිපත් කරන විස්වාසනීය මුලාශ්‍ර මොනවද කියා කියනවද?
Zee says:
@SLUSA, These references are not collected from Islamic sources for the evaluation….Hope you might consider a conversion…
Bagby, I., Perl P. M, and Froehle, B. T., (2001) The Mosque in America: A National Portrait:A Report from the Mosque Study Project [online]. Washington: Council on American-Islamic Relations. [Accessed on 23 July 2012]. Available at: pp.21-22.
Smith T. W., (2001) Estimating the Muslim Population in the United States [online]. New York: The American Jewish Committee. [Accessed on 23 July 2012]. Available at: p-5.
Nieuwkerk K. V. (2006) Women Embracing Islam: Gender And Conversion in the West [online]. Austin: Uni of Texas press. [Accessed on 23 July 2012]. Available at:.
SLUSA says:
Zee, ඔබ ඉදිරිපත් කරන ලද මුලාශ්‍ර වලින් ඇමෙරිකාවේ කතුන් විතරක් “”මසකට 10,000″” කට වැඩිය ඉස්ලාම් ආගම වැළඳ ගන්නවා යි කියන මුලාශ්‍රය සහ එහි පිටුවත් සඳහන් කරනවද? මමත් කියවල බලන්නම්.
hirzan H says:
http://en.wikipedia.org/wiki/Islam_in_the_United_States
Anver Manatunga says:
සහෝදරයා ලින්ක් දාන්නේ නැතිව එහි තිබෙන කරුණු උපුටාගෙන පලකරන්න බලන්න.
hirzan H says:
pls watch full video
Anver Manatunga says:
සහෝදරයා ලින්ක් එක දාලා නැහැ.