Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

Traffic රාළහාමිලාගේ සිංහල දඩ Target එක සහ මුස්ලිම් පගා Target එක

අල්ලස සහ දූෂනය

අල්ලස සහ දූෂනය

රථවාහන පොලිස් නිළධාරීන් දැන් ටික කාලෙක ඉඳලා සෑහෙන්න කාර්යක්ෂම වෙලා. පාරේ යනකොට මොනයම් හෝ වැරැද්දක් කරනවාද? කියලා එයාලා ඇහැ ගහ ගෙනමයි ඉන්නේ. මේ නිසා දැන් අපිත් පාරේ යන්නේ හරි පරිස්සමෙන්. ඒ ඇක්සිඩන්ට් වෙන එකෙන් බේරෙන්න නෙමෙයි. මේ පගා මස්ථාන්ලාට පගා දෙන්න සිදුවන එකෙන් බේරෙන්නයි.  

 

කවුරුත් දැක්කද දන්නැහැ

කවුරුත් දැක්කද දන්නැහැ

සාමාන්‍යයෙන් අපේ රටේ බොහෝ ට්‍රැෆික් රාළහාමිලා කටයුතු කරන්නේ ජාතීන් අනුව වර්ගීකරණයක් කරලයි. ඒ ගමන මෙයා මොකක්ද කියන්න යන හරුපේ? කියා දැන් ඔබලාත් කලබල වෙලා ඇති. මා එසේ පවසන්නේ මේ වන විට අපේ ට්‍රැෆික් රාළහාමිලාගෙන් බහුතරය පගා ගන්නට සුරක්ෂිතම ජනකොටස මුස්ලිම් අය කියා තේරුම් ගෙන ඇති බැවිනි. ඒ නිසා ඔවුන් මුස්ලිම් කෙනෙක් අසුවුවහොත් පගා ඉල්ලති. ඔවුන් සිංහල අයගෙන් අල්ලස් නොගන්නේ ඔවුන් අතර සිට අල්ලස් නිළධාරීන්ට අල්ලස් ගන්නාවු අය හඳුණාගත හැකි නිසාවෙනි. මට මේක හොඳටම මාට්ටු වුනේ මා මුස්ලිම් පෙනුමක් ඇති සිංහල කෙනෙක් නිසයි. මා හට මේ ගැන පුද්ගලික අත්දැකීම් රැසක් ඇත.

 

සාමාන්‍යයෙන් මේ රාළහාමිලාට සිංහල කෙනෙක් අසුවුවහොත්, එම සිංහල කෙනා බැගෑපත් වු විට නඩුවක් දමන වරදක් වුව එය දඩයකට පෙරලෙන්නට වරද ලියා පිටත් කර හරිති. නමුත් මුස්ලිම් කෙනෙක් අසුවුවහොත් වැඩේ බරපතලය. පලමුව, මේක නඩු දාන්න වරදක්! කියමින් ඒ මුස්ලිම් කෙනාව බය කරති. අනේ! අපේ මුස්ලිම් වරයාද කුමණ වරදට නඩු දාන්නේද? කුමණ වරදට දඩ ගසන්නේද? යැයි නොදනිති. දඩයක් ගෙවා බේරෙන්නට ඔහුද කැමති මුත් මේ රාළහාමි එයට නඩුවක්ම දාන්නට හදන බැවින් ඊලඟට ඔහු පින්සෙන්ඩු වෙන්නේ කීයක් හරි අරගෙන මෙය Shape කරදෙන ලෙසයි. අනේ ඊලඟට අපේ පොලිස් රාළහාමි කථා කරන්නේ හරිම මිත්‍ර ලීලාවෙනි. මුස්ලිම් වරයාගෙන් පගාව ගත්තාට පසුව “ඉස්සරහ තවත් පොලීසියෙන් ඉන්නවා. බලාගෙන යන්න” කියමින් ඔවදන්ද දෙති. බායි කියමින් අතද වනති.

 

මේ Signal එක මොකක්ද කියන්න පුළුවන්ද?

මේ Signal එක මොකක්ද කියන්න පුළුවන්ද?

 

මේ ළඟදි මටත් හරි වැඩක් වුණා. මමත් තවත් මිතුරෙකුත් ඉතා දුර ගමනක් වාහනයෙන් ගොස් පැමිණෙන විට මා ටික දුරක් රථය පදවා ඊලඟට මාරුවට අනෙක් මිතුරාට දුන්නා. ඔහු රථය පදවන විට පාරේ සුදු ඉරි කපා ගෙන ගියේ නොදැනුවත් කමින්. මෙය දුටු ඉදිරියේ සිටි ට්‍රැෆික් රාළහාමිලා අපව නතර කළා. පරණ පුරුදු විදිහටම, මේක නඩුවක්! කියා අපව බය කළා. දැන් රාළහාමි පගාවක් ගන්නයි ලෑස්තිය. අපේ මිතුරාත් කරන්න දෙයක් නැති නිසා දෙන්නයි හැදුවේ. හිටපු ගමන් එයාට මා ගැන සැකයක් ඇති වුණා. මහත්තයා මුස්ලිම් වුණාට හොඳට සිංහල කථා කරනවා! යැයි ඔහු මගෙන් ප්‍රශ්නයක් ඇසුවා. එවිට මමද මා සිංහල කෙනෙක් බව පැවසුවා. ඔහුට එය අදහා ගන්නට බැරිව මගේ හැඳුනුම් පතද පරීක්ෂා කරා. දැන් ඔහුට මගේ මිතුරාගෙන් පගාව ගන්නට බිය විය. ඒ මා වෙස් වලාගත් අල්ලස් නිළධාරියෙක් දෝ ඇති සැකය නිසාවෙනි.

 

තාම තොප්පි දාගන්න දන්නැති කෙනෙක්

තාම තොප්පි දාගන්න දන්නැති කෙනෙක්

ඉන්පසුව මා ටිකක් එහෙට මෙහෙට වනකන් සිට මගේ මිතුරාට ලයිසන් පත පගාවක් නොගෙනම භාරදුන්නේ මට නම් අරයා ගැන සැකයි කියමිනි. පසුව මගේ මිතුරාට පවසා ඇත්තේ “මහත්තයාලා වගේ නෙමෙයි අපේ එවුන්. අපේ එවුන් තමයි අපිව පාවලා දෙන්නේ” යනුවෙන් පවසා රියදුරු බලපත දඩයක්වත් නොලියාම ලබාදී ඇත. මෙහිදී ඔහු විසින් නැවත දඩකොලයකට වත් මාරු නොවුණේ ඔහු අල්ලස් ගන්නට කථාකරගත් පසුව ඒ තරමට අප හා කුළුපග වුණු බැවිනි. උණු හින්දා බොන්නත් බැහැ කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයකට ඔහු පත්විය.

 

මෙයා නම් ට්‍රැෆික් නෙමෙයි.

මෙයා නම් ට්‍රැෆික් නෙමෙයි.

දැන් බොහෝ ට්‍රැෆික් රාළහාමිලා මැසිවිලි නගන්නේ ඉහල නිලධාරීන් විසින් ඔවුන්ට දිනකට දඩ සහ නඩු Target එකක් ලබා දී ඇති බවයි. බොහෝ අයට දිනකට නඩු හෝ දඩ 20 කට වඩා ඉලක්ක ලැබී ඇත. ඒ අය දිනකට ලියන නඩු හෝ දඩ ප්‍රමාණය 10 කට අඩු වුවහොත් එදාට ඉහල නිලධාරීන්ගෙන් කුණු බැණුම් අසන්නට සිදුවේලු. මේ නිසා ඔවුන් සිංහල කෙනෙක් අසුවුවහොත් දඩ ලියති. මුස්ලිම් කෙනෙක් අසුවුවහොත් අල්ලස් ඉල්ලති. එයින් ඔවුන්ගේ දිනකට දඩ හෝ නඩු ඉලක්කයත් සම්පූර්ණ වන ගමන් දවසට අවශ්‍ය ගතමනාව මුස්ලිම් වරුන්ගෙන් කඩා ගත හැක. දැන් ඉතිං දවසේ ගතමනාවත් හරි. මාසේ ගතමනාවත් හරි. කොහොමද ටිකිරි මොලේ?

 

මා අල්ලස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මුස්ලිම් කෙනෙක් ලෙස වෙස් වලාගෙන මුස්ලිම් කෙනෙක්ගේ හැඳුණුම් පතක් හෝ රියදුරු බලපත ඉල්ලාගෙන ගොස් මේ ගැන විපරම් කර බලන ලෙසය.

 

එමෙන්ම මේ වෙබ් අඩවිය බලන කෙනෙක්ගෙන් අප ඉල්ලා සිටින්නේ හැකි නම් නඩුවක් වෙනුවට දඩයක් සඳහා පොලීසියෙන් ලියන ලද කොලයේ ස්කෑන් පිටපතක් එවන්නේ නම් නඩු නැතිව දඩ ලැබිය හැකි වරදවල් කුමක්ද? යන්න දැන ගන්නා පිණිස එය අපට මේ වෙබ් අඩවියේ පලකල හැක.

 

අනෙක් ලිපි

ජරා මස්ථාන්ලාගේ පගා ලන්තය

තුනට වැඩි නම් දඩ ඇයි?

අල්ලස දූෂණය නිසා සිදුවන නස්පැත්තිය

 

  • අම්මාර් says:

    මෙහිදී අප මුස්ලිම් වරුන්ද වරදක් කරන බව මට හිතෙනවා. දඩ බැරි නම් නඩුවක් හෝ දමන ලෙස කියා අල්ලස් දීමෙන් වැලකී සිටිය යුතුයි. මන්ද අල්ලස් දීම හා ගැනීම ඉස්ලාම් දහමට අනුව බරපතල වරදකි. පොලිස් නිලධාරියා අසාධාරණ ලෙස කටයුතු කලානම් ඒ ඔහුටය. අල්ලසෙන් වැලකී සිටියොත් අපිට හොඳය .
    “And eat up not one another’s property unjustly, nor give bribery to the rulers that you may knowingly eat up a part of the property of others sinfully.”

    (Aayah No. 188, Surah Al-Baqarah, Chapter No. 2, Holy Qur’an).

    අබ්දුල්ලා ඉබ්නු අමුර් (රලි) වාර්තා කරයි .

    මුහම්මද් නබි තුමා ( අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමන්ට හිමිවේවා ) පැවසුවා – අල්ලස් ලබාදෙන්නා හා අල්ලස් ලබාගන්නා යන දෙපාර්ශවයටම අල්ලාහ් ශාප කරයි .

    මුලාශ්‍ර – අහමද් , අබු දාවුද්, තිර්මිදී , ඉබ්නු මාජාහ් .

    අබ්දුල්ලා ඉබ්නු අමුර් (රලි) වාර්තා කරයි .

    මුහම්මද් නබි තුමා ( අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමන්ට හිමිවේවා ) අල්ලස් ලබාදෙන්නා හා අල්ලස් ලබාගන්නා යන දෙපාර්ශවයම ශාප කරා.

    මුලාශ්‍ර – තිර්මිදී, හදීස් අංක 1337

    2012/06/22 at 9:55 PM
    • Anver Manatunga says:

      ඔබ හරි ප්‍රශ්නය තිබෙන්නේ නඩු වලට උසාවි ගියහොත් සිදුවන කරදරයයි. විශේෂයෙන් කොලඹ කෙනෙක්ට දඹුල්ලේ උසාවියක නඩුවක් වැටුණොත් ඒක ගොඩක් අමාරුයි. බොහෝ දෙනෙක් එවැනි Option වලට යන්නේ ඒ නිසයි.

      2012/06/23 at 3:22 AM
  • Amda says:

    හේතුව ජාතිය නෙවි බබා.. මුස්ලිම් අල්ලස් නිලධාරීන් නැහැ..

    2012/06/23 at 10:18 AM
    • Anver Manatunga says:

      ඔව් ඔබ හරි වෙන්න පුළුවන්. අල්ලස් නිලධාරීන්ට මුස්ලිම් ලෙස වෙස් වලාගෙන මුස්ලිම් හැදුනුම්පත් රැගෙන එන්න කිව්වේ ඒ නිසයි.

      2012/06/23 at 11:13 AM
  • Malik says:

    when reading brother Anvar’s interesting article it reminded me of a funny encounter i had while travelling in my motorbike two weeks ago with the traffic police at Peralanda. i was stopped for overtaking a three wheeler at a bend. actually i was not overtaking at the bend only after the bend and also i didnt cross the white line either.
    When i insisted that i did not violate he said he has no option but to put this to courts. i said no problem if he wishes. Then he said if you admit you made a mistake i will not file any case. That was a very novel suggestion never heard from any traffic police before. anyway since he only wanted me to admit my mistake and he was going to let me go i agreed saying. ok if you are not pressing a case against me i dont have any problem admitting a traffic violation as you suggested. end of the story

    2012/06/23 at 12:38 PM
  • KHL says:

    As I see it the problem is not person’s religion or race. The problem is most drivers nowadays have no respect for road rules. Most of them drive like they alone own the road and therefore have all the right to do whatever they want & all others should give way to them.

    People from every religion is responsible for this. If you look at something biased from religious viewpoint you can find ample evidence of rule breaking from the other religions people.

    Mr.Anver Manatunga – Here it is you who tries to put in religion to every problem you encounter. I have know a Muslim guy who drives his vehicle like a maniac all over the road (in full accordance with the above criteria I have stated) and get’s caught a lot by police. What he does afterwards is the more interesting thing. After a little heckling with the officers he asks how much they want to let him go free and pays out the money at once (bribe){Incidently he is very rich}. He bribes the police officers totally on purpose not because he is an innocent victim.

    I gave you a example of how Muslims does it and not an innocent victim. I am also sure anyone can find many examples like this from people from every religious background.

    Talking about bribes, we had a hard time in living in the city during university (In a foreign country. Those who were responsible were the Arabs who came to our university (saudi,iran,kuwait etc). These guys (for some reason there were almost no Arab women present) were very rich-they were paid between 500-1000$ monthly from their respective goverments. (we have to make do with less than 100$ per month) These Arabs had the habit of giving money to anyone who helps them whether laborer,shop attnedent,officials in hostels and university officers etc. The problem was they tend to give a huge amount of money to them (eg-giving 1000 currency of their money to a person who picked up his misplaced student card, which was less than 50$ but is a huge amount of money for the poor here). Overtime these people (the labourer’s etc) demand from us the same amount of money as they get from the Arabs for helping out. And we,other students and even poor Muslim students has to face a hard time. Once the (labourer’s etc) get to know that we don’t have much money they start cold shouldering us.
    Even our teacher’s say that this situation arose only after the Arabs started to come here.
    Also these rich Arabs who boast they are the best Muslims in the world and as having been to mecca several times are among the worst people here. They throw money at everything, doesn’t learn a thing, pay up huge amounts to pass exams, go to night clubs almost every day, go after prostitutes many times, indulge in heavy drinking and smoking etc But after doing all that they go to saudi for Haj and everything. I know that all Muslims are not like this. But these guys are from near 100% Muslim countries and most know the Quran very well. It just goes to show that while they strictly adhere to the Muslim code of conduct while they are in a Muslim country but once the are out of that boundaries their true self opens up. (Some have had the worst misconduct I have ever seen but they still get away because of the endless money they have)

    2012/06/23 at 1:24 PM
    • Anver Manatunga says:

      හැම දෙයකටම ආගම ගාගන්න මට අවශ්‍ය නැහැ. නමුත් කිසියම් දෙයක් එක්තරා ජනකොටසකට පමණක් සිදුවෙනවා නම් ඒ ගැන කවුරුන් හෝ හඩක් නැගිය යුතුයි. මා එල්.ටී.ටී.ඊ තමලිනී ගැන කථා කලා පමණක් නොව සක්කිලි මිනිසුන් ගැනද කථා කළා. ඒ බව මගේ පැරණි ලිපි ගෙන බලන්න. ඒ වගේම මම වැදි මිනිසුන් යනු ආදිවාසීන් නොවන බවද පැවසුවා.

      ඔබ සෙල්ලක්කාර මුස්ලිම් කෙනෙක් ගැන කිව්ව පරිදි අපිටද ඕනෑ තරම් ඔබගේ දහමේ අය හමු වෙනවා. සල්ලි තිබෙන ඉතාමත් සුළුතරයක් ඔහොම කරනවා ඇති. නමුත් සල්ලි නැති සාමාන්‍ය මිනිසුන් ඔය වගේ කටයුතු කරන්නේ නැහැ.

      ඔබ ඔබගේ විශ්වවිද්‍යාල අත්දැකීම් වල මැදපෙරදිග සිසුන් ගැන පවසන්නේ ද්වේෂ සහගතවයි. හැම මැදපෙරදිග සිසුන්ම එහෙම කරන්නේ නැහැ. ඒ බව මම වගකීමෙන් පවසනවා. ඔබලා කිසියම් කෙනෙක් දෙස ද්වේෂයෙන් බලන කල ඔබට ඔවුන් තුල පෙනෙන්නේම වැරදි පමණයි.

      මා මෙමගින් කිසිම ජනකොටසක් සුද්ද කිරීමට අදහස් කරන්නේ නැහැ. නමුත් අල්ලස පිළිබදව මා ඔබට මේ සරල නිදසුනක් පමණක් පවසන්නම්. අද වැඩිපුරම අල්ලස රජකරමින් තිබෙන්නේ ඉස්ලාම් දහම තිබෙන මැදපෙරදිග රට වලද නැත්නම් ථෙරවාදී නිර්මල බුදු දහම තිබෙන ලංකාවේද? හදවතට තට්ටු කර අවංකවම සිතන්න.

      සත්‍ය ඔබ දැන සිටියද ඔබගේ සිතේ පවතින නොනවතින ද්වේෂය නිසා සමහර විට ඔබ මෙසේ පවසනු ඇත. “ලංකාවේ තමයි හැබැයි එහෙම වෙලා තියෙන්නේ ලංකාවේ මුස්ලිම් අය නිසයි.”

      2012/06/23 at 5:55 PM
    • Muzain says:

      likewise we will give hell a lot of examples for NIRMALA Buddhists as well machang don’t judge a race by a person or just because of a group. if you do so we have no choice but to call you guys as rapists or smuggler or etc etc coz majority in prison are Buddhists.

      Correct me if i’m wrong

      2012/06/24 at 12:36 PM
  • MALIK says:

    @KHL your problem was you didnt have much money like the arabs to bribe those fellows sufficiently. :)

    2012/06/24 at 11:39 PM
  • KHL says:

    @Malik – True, I am not a rich person (in money) but I am against bribing.

    @Muzain – I accept that what you say is true. But it isn’t because there is a problem with Buddhism. It is because they are what you call “Label Buddhists” as I am sure there are those like that too in other religions too including among Muslims.

    @Mr. Anver Manatunga – I have no animosity towards Arabs or people from other religions. I have helped all of them in many ways. I told you what actually happened. There were about 150 Arabs in our university and all of them did those things that I have mentioned above and yet does the ramasan fast and going to mecca and all those things. Certainly the Muslims from Sri Lanka were much better than those Arabs comparatively.

    I know what you are saying is true. That Sri Lanka is more corrupted than Arabian countries. But this is not because there is a problem in Buddhism , it is because there is a problem in the people and their distancing from Buddhism.

    Arab countries are governed according to sharia law isn’t it?? It’s a iron clad law and punishment’s given out at once. I do not know if there is a sharia law for Muslims in Sri Lanka, but there are iron clad rules to follow if you are a Muslim isn’t it??? unlike Buddhism where there are no iron clad rules to follow only rules to follow on your discretion.

    It is human nature to wanting to break hard and fast rules. Break the shackles so as to speak. When humans are kept under control by bonds from iron clad rules there will come a time when these humans start thinking about breaking free. This is specially true if those people have not learnt mind control, have not understood what the mind is. Therefore those who crave to break free of these bonds will do so when an opportunity presents itself. I believe it is this same thing which has happened with those Arabs in my university.

    eg;- This was told by a person I know personally who has been working in Saudi for a long time. The bosses of his company who are all Arab Muslims takes a short leave, about a week,[under the guise of a business trip) every year or so. (They all follow Muslim religious customs well while they are in Saudi) They go to a nearby country who has less restrictions (like Baharain) or a distant European country. They take care to take with them only those they trust and no family members.

    They then indulge in drinking (sometimes binge drinking), prostitution and so forth. They take many precautions in that their family members doesn’t get wind of it. Therefore nobody mistrusts them.
    The person I know of became a trustworthy fellow of their company because of his longtime hard working service. And also because he was no stranger to drinking they took him along with them in several such expeditions , after threatening him about speaking about what really happened to anyone in Saudi. (this person revealed about this only after he retired and came back to Sri Lanka).
    He had asked his bosses why they do this sort of thing while presenting a respectful face in their country. They had answered that because of the strict rules in their country they cannot enjoy life even though they had money. And because of all these rules they feel they have to break free time after time. And as they can’t do so in their country and because they have to maintain their status in their country they go out of the country and do what they want discretely. They have told him that it is not only them but many Saudi’s does the same thing (especially men) discretely.

    I have written above not to show that Muslims drink alcohol more than Buddhists (In fact I believe when you take Sri Lanka a much higher percentage of Buddhists are alcoholics when compared to Muslims). But my objective was to show you that without mind development and understanding how the mind behaves no matter how many rules and regulations you have the mind craves a path to freely roam and by that pushes people to do things at least discretely.

    That is why Lord Buddha has said the most important thing is controlling your mind and understanding the way it behaves. The mind travels faster than light and no amount of rules you are under in the physical world will slow it down unless you understand what it is. No god can control the wandering of the mind , only you can do it yourself through recognition, understanding and training.

    2012/06/25 at 8:53 PM
  • Ahmed Salik says:

    @KHL

    Hail Brother, you nicely answered to these muslim show offs who try to degrade other religious keeping sludge in their pockets.

    2012/06/26 at 10:05 AM
  • Chamith says:

    After reading this article what feel is, that Anver wants to condemn Buddhist and make conflict between us.

    Please stop these bad things and don not spread Jathiwadiya.

    if you continue like this we have to take immediate action.

    As i said earlier my home town is slave island and majority are muslims.
    they do a lot of dirty things, that is why my parents came to the Padukka.

    they insult buddhist monks when they walking on the road. they smugglers.

    they lent money poor peoples at higher interest rate.

    i have to a lot.
    Please be good man,

    2012/06/26 at 12:57 PM
    • Anver Manatunga says:

      මගේ ලිපි වල විවිධ මාතෘකා තිබෙනවා. සමහර විට එකක් හෝ දෙකක් බැලු පමණින් මා ගැන කියන්න බැහැ. ඔබවගේ බොහෝ දෙනෙක් මට තර්ජනය කර තිබෙනවා. නමුත් මම මගේ ගමන සෘජුව ගියා. සමහරු දැන් අවබෝධ කරගෙන ඇති මම ඔවුන් සිතා සිටියා මෙන් නොවන බව. ඔබත් අනාගතයේ එය ඉගෙන ගනු ඇත.

      ඔබට මුස්ලිම් අයගෙන් නරක අත්දැකීම් ලැබුණා කියා කියනවා. වෙනත් අයට බෞද්ධයන්ගෙනුත් එසේම වෙනවා. කතෝලිකයන්ගෙනුත් එසේම වෙනවා. එය ආගමක් නිසා සිදුවන දෙයක් නෙමෙයි.

      2012/06/26 at 2:50 PM
      • Chamith says:

        “මම මගේ ගමන සෘජුව ගියා”

        Yes can go, bcoz this is ur web site no one insult you even you spread Jathwadya.

        you can do again and again. nobody will insult you.bcoz this is sri lanka.

        there are thousans of dirty things of muslims. first you correct them and point out us.

        what u do is hiding those things and shows us.

        2012/06/26 at 4:13 PM
        • Anver Manatunga says:

          මා මේ අවබ් අඩවිය පටන් ගත්තේ සිංහල මාධ්‍ය තුල මුස්ලිම් වරුන්ට දැඩි අසාධාරණයක් තිබෙන තත්වයක් තුලයි. තවම එය පහවෙලා නැහැ. නමුත් ඉස්ලාම්ට විරුද්ධ බොහෝ දුර්මත වලට මම ප්‍රහාර එල්ල කළා. ඒවායින් ඔබ වැනි අයට රිදෙන්නත් ඇති. මා මේ කරන මෙහෙය තුල සැමගේම හිත පිනවා කටයුතු කරන්න බැහැ. ආගම්බේධ වාදී අදහස් ඇති සහ තමන්ගේ සමය පිළිබදව පුහුමාන්නය තිබෙන අයට රිදෙන්න පුළුවන්.

          2012/06/26 at 5:40 PM
  • Chamith says:

    you find a lot of topics to condemn.

    you such a looser.

    how much pay for you to spread these Jathwadya.

    you may be a USA agent.

    2012/06/26 at 1:00 PM
    • Anver Manatunga says:

      මා අසන දකින හැමදේම ලියනවා. මම හැම දේකම ලියන්න දෙයක් දකිනවා. සමාජයේ ඉතාම සියුම් දේවල් පවා ලේඛකයන්ට පෙනෙනවා. ඒවා සාමාන්‍ය අයට පේන්න නැති වෙන්න පුළුවන්. මට ජාතිවාදියෙක් කියන්න ඔබ ජාතිබේධ වාදියෙක් විය යුතුයි. නමුත් ඔබට මම එසේ කියන්නේ නැහැ. නමුත් ඔබ දිගටම ප්‍රතිචාර දක්වන කෙනෙක් නිසා මම ඔබ ගැන යම් ආකාරයක වැටහීමක් ඇති කෙනෙක්. ඔබගේ සමහර ප්‍රතිචාර වලින් මම ජාතිබේධය හොදින්ම දැක්කා.

      මා ඇමරිකානු ඒජන්තයෙක් කියන ඔබද එසේ දැයි නොදනිමි. මා ඇමරිකානු ඒජන්තයෙක් වීමට වඩා ඉහල රැකියාවක් කරන්නෙක්මි.

      2012/06/26 at 2:57 PM
      • Chamith says:

        i said you may be USA agent. why i said like this is, posting this kind of article. spread jathwadya.

        u wanted to say sinhala police forcefully taking money from muslims. what happen here rise the angry of muslim population and will target innocents.

        pls stop these things.

        2012/06/26 at 4:18 PM
        • Anver Manatunga says:

          ඔබ පලමුව ගිහිල්ලා පගාව ගන්නා රාළහාමිලාට කථා කරන්න. ඇයි අප සමග වාද කරන්නේ? අපට සිදුවන අසාධාරණ කම් ගැන කථා කරන්න අපට අයිතියක් නැද්ද? ඔබට එය අසාධාරණයක් ලෙස නොපෙනෙන්නේ ඔබ එයින් බැට නොකන නිසයි. වේදනාව දන්නේ තුවාලය ඇති අය පමණයි.

          2012/06/26 at 5:43 PM
          • Chamith says:

            it is good taking about Asadaranaya.

            thing is you pointed out some community.
            i am said do not do that. talk broadly.

            2012/06/27 at 8:05 AM
          • Anver Manatunga says:

            දැනටත් මා පුළුල්ව කථා කරනවා. නමුත් විවිධ විෂයන් අරබයා ලියන්න මා තුල කැමැත්තක් තිබුණත් කාලය මදකම ප්‍රශ්නයක් වී තිබෙනවා. මම වැදගත් දෙයක් ලියන්න හිතන විට කොහේදෝ හිවලෙක් ඉස්ලාමයට විරුද්ධව යමක් ලියනවා. එවිට මට මගේ කාර්යය පසෙක දමා එයට පිළිතුරු ලියන්න සිදුවෙනවා.

            2012/06/27 at 8:15 PM
  • Brother says:

    It seems chamith has a problem with Anver upon his way of writing. This is the same feeling muslims have with Sinhala Ravaya, Sinhala Buddhist etc. I wonder why these people like chamith can not voice against that? if they truly calling themselves as a ‘Buddhist’. Be fair! stop spreading ‘Goebbels Theory’. No extremism emerges with out another one, even LTTE arised because of this ‘Sinhala Buddhist’ extremism. Call for ‘rule of law’ where all the extremist ideologies can put for death and protect all the communities’ rights and dignities.

    2012/06/26 at 4:00 PM
    • Anver Manatunga says:

      සිංහල රාවය ලිපියක් මගේ ලිපියක් හා සසදා බලන්න. ලිවීමේදී මා අනුගමනය කරන්නේ එවැනි ශෛලියක් නොවේ.

      2012/06/26 at 5:35 PM
      • Brother says:

        සමාවෙන්න ඕනේ. මා පැවසුවේ චමිත් වැන්නවුන්ට පෙනෙන ආකාරය මිස මට පෙනෙන ආකාරය අනුව නොවේ.

        2012/06/26 at 7:46 PM
        • Anver Manatunga says:

          සහෝදරයා, මා දන්නවා ඔබ එසේ පැවසුවේ මට නොවේ කියා. මම එහෙම දෙයක් සිතුවේ නැහැ.

          2012/06/26 at 8:47 PM
  • subashini says:

    චමිත් සහෝදරයා, ඔයා කොම්පඤ්ඤ වීදියේ සිට පාදුක්කට ගියේ මුස්ලිම් අය නිසා යන කියමන පිළිගත නොහැක. මන්ද පාදුක්කෙත් මුස්ලිම් අය සිටිති. එහෙමනම් ඔයා යන්නට තිබුනේ පාදුක්කට නොව ඊට මෙහා තිබෙන නුගේගොඩ, මහරගම, හෝමාගම යන ප්රහදේශ වලටයි.

    2012/06/27 at 10:03 AM
    • Chamith says:

      Padukka Muslim population is very small. they do not behavior like in slave island.

      2012/06/27 at 5:14 PM
      • Anver Manatunga says:

        සුබාශිනී කිව්වට පස්සේ තමයි මටත් හිතුනේ. ඇත්තටම නුගේගොඩට යන්න තිබුණනේ?

        2012/06/27 at 8:00 PM
        • Chamith says:

          Paddukka landa are cheap. in nugegoda one purchase cost may be Rs. 1mn.

          2012/06/28 at 7:38 AM
          • Anver Manatunga says:

            එමගින් මා හිතූ දෙය ඇත්තක් වුනා. ඔබ කොම්පඤ්ඤවීදිය හැරදා ගොස් තිබෙන්නේ මුස්ලිම් අයගේ ප්‍රශ්ණයක් නිසා නොව එහි ජීවත් වීමට තරම් ආර්ථික තත්වයක් නොමැති නිසාය. එම කරුණ පෙන්වා දීම පිළිබදව සුභාෂිනීටද ස්තූතිය පල කරමි.

            2012/06/28 at 8:47 AM
  • Chamith says:

    your an idiot!

    to build home need at least 8 purchase and cost is LKR 8 mn ( LKR 80 Laks)
    it is huge amount. i dont think in sri lanka, there are no more 25,000 people who can offered this.

    i slave island cost of living is less. no travelling expenses to my office place. now i have to spend 40,000.

    2012/06/28 at 10:22 AM
    • Anver Manatunga says:

      ඔබ කලින් කිව්වේ කොම්පඤ්ඤ වීදියේ සිට යන්නට වුණේ මුස්ලිම් අය නිසයි කියලා. ඔබ එහි සිටියේ තමන්ගේම නිවසක නම් එය විකුණලා ඔබට නුගේගොඩින් ගෙයක් ගන්න තිබුණා. මා ඔබ ආර්ථික අපහසුතාවන් නිසා පාදුක්ක ගියා කියන්න හේතුව ඔබට නුගේගොඩින් ගෙයක් ගන්න මුලික පිරිවැය නැති නිසා.

      එක්කෝ ඔබ කොම්පඤ්ඤ වීදියේ හිටියේ කුලියට සිටි නිසා තමන්ගේම නිවසක සිහිනය සැබෑ කරගන්න පාදුක්කට යන්න ඇති. නැත්නම් Shared house එකක සිටි නිසා තමන්ගේම නිවසකට යන්න හිතන්න ඇති. මේ කරුණු දෙකෙහිදීම ඔබට නුගේගොඩින් ගෙයක් ගන්න මූලික පිරිවැය තිබුනේ නැහැ.

      දැන් ඔබ පාදුක්කේ සිට එන නිසා මසකට රුපියල් 40,000 ක වියදමක් යනවා ඇති. මං අහන්නේ කොම්පඤ්ඤ වීදියේ ගෙයක් තිබුණා නම් කෝ ඒ සල්ලි? කොම්පඤ්ඤ වීදියේ ඉඩම් වටිනාකම නුගේගොඩට වඩා අඩුද?

      තරහා ගන්න දෙයක් නැහැ. මා ඔබ කිවුදේ ඇත්ත නැත්ත සොයා බැළුවා පමණි. අන්වර් මනතුංග සියල්ල ගැන සිතන්නේ කිරල මැනලයි.

      2012/06/28 at 1:55 PM
  • Brother says:

    so…then chamith simply accepts that all the muslims are not same where as he indicating Slave Island is much uneducated than Padukka. This what we try to say since the begining do not take muslims as an example for islam and not measure others with few.

    2012/06/28 at 3:07 PM
  • Chamith says:

    “ඔබට නුගේගොඩින් ගෙයක් ගන්න මුලික පිරිවැය නැති නිසා”

    In slave isalnd i was lived in Flat it do not worth LKR 2.0 mn even now. ( i think you don’t have any idea about wakanda, slave island).
    keep it mind, only the richer man can buy house in nugegoda past and present

    u can argue why u could not buy colombo 7 instead of nugegoda.

    we bought big land in padukaa including paddy field.

    as i said earlier we left slave island 1997 year ( after 15 year lived there). you can not compare my financial ability against those days.

    “තරහා ගන්න දෙයක් නැහැ. මා ඔබ කිවුදේ ඇත්ත නැත්ත සොයා බැළුවා පමණි”

    how did you find it. with pointless facts and comments.

    “අන්වර් මනතුංග සියල්ල ගැන සිතන්නේ කිරල මැනලයි.”

    Anver means selfish lier. just he needs win. to do that he do what ever lies.

    you want spread Jathwadya among muslims community. you cheat your brothers.

    2012/06/28 at 3:20 PM
    • Anver Manatunga says:

      මම මේ කථාව දිග්ගස්සන්න කැමති වුනේ නැහැ. නමුත් ඇදගෙන නෑවේ ඔබයි. දැන් ඔන්න බළලා මල්ලෙන් එළියට පැන තිබෙනවා. වෑකන්ද පාරේ ෆ්ලැට් නිවසක විසු ඔබගේ මව්පියන් සිය නිවස විකුණා වඩා ඉඩකඩ ඇති තැනකට යන්න තීරණය කර ඇති. ඇත්ත ඒකයි.

      ෆ්ලැට් ගෙයක නම් කාමර තිබෙන්නේ 2 යි. ඒවාත් ඉතා කුඩයි. ඒවා හුන්ඩු වගෙයි. එදා ඔබේ දෙමව්පියන් දුරදක්නා නුවණින් කටයුතු කර තිබෙනවා. අද එය ඔබ යටගසා මුස්ලිම් වරුන්ට එරෙහිව චෝදනා කරනවා.

      ඔබලාට එකලද නුගේගොඩින් නිවසක් ගතහැකිව තිබුණා. නමුත් එහි නිවසක් ගන්නවා නම් ගන්න වෙන්නේ කුඩා එකක්. මහරගමින් ඊට වඩා එකක් ගන්න තිබුණා. කොට්ටාව සහ හෝමාගම ඊටත් වඩා පුළුවන්. දැන් ඇත්ත කියන්නේ කව්ද?

      ආත්මාර්ථකාමී බොරුකාරයා ඔබ බව දැන් හෙලිවී හමාරයි. එමෙන්ම බොරුවට ජාතිවාදය පතුරවන්නන් ක්‍රියා කරන්නෙත් මෙසේ බව නිශ්චය වී හමාරයි.

      2012/06/28 at 3:34 PM

Your email address will not be published. Required fields are marked *

*