Dharma jala නම් කෙනෙක් විසින් මූණු පොතේ දමා තිබුණු පිංතුරයක හරක් මස් ගැන ඇත්ත කථාවක් යනුවෙන් සටහනක් තිබුණා. ඇත්තටම හරක් මස් ගැන දැන් අපි ඕනෑවටත් වඩා කථා කරලා ඉවරයි. එයට එරෙහිව තිබුණු සියළුම තර්ක බිඳලත් අවසානයි. නමුත් මේ සටහන තුල ජනතාව නොමග යැවීමක් පෙනෙන්නට තිබුණු බැවින් එයට පිළිතුරු දෙන්නට සිතුවෙමි. ඔබට දැක ගැනීමට එම පිංතුරය පහත දක්වමි.
මෙම පිංතුරයේ තිබෙන සටහන උපුටා ගෙන තිබෙන්නේ 2011 සැප්තැම්බර් මස 11 වන ඉරිදා ලංකාදීප පුවත් පතේ පලවු ලිපියකිනි. ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආහාර සුරක්ෂිත තාවය පිළිබඳ ආචාර්ය විද්‍යාපති කේ.ජී.අයි. අමරසිංහ මහතා බවද සඳහන් වේ. දැන් අප එම සටහනේ තිබුණු ඡේද දෙක ගැන වෙන වෙනම බලමු.
පලවන ඡේදය උපුටා ගැනීම
හරක් මස් වල ඇති සිටිරියක් අම්ලය දිග දාම සහිත මේද අම්ලයකි. ඒ හෙයින් හරක් මස් ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් අධික වීමට අමතරව රුධිර කැටි ගැසීම නිසා ඇති වන හෘදයාබාධ අවධානම වැඩි කරයි.
උපුටා ගැනීම අවසන්
මෙම ඡේදයේ සඳහන් සිටිරියක් අම්ලය ගැන අන්තර්ජාලය තුල සෙවු නමුදු එවැනි අම්ලයක් ගැන කිසිදු විස්තරයක් හමු නොවුණි. කෙසේ නමුදු හරක් මස් වල මේද තිබෙන බවත් ඒ මේද තුලින් අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් උපදවන බවත් යන දෙකම සත්‍යයකි. නමුත් අප ගන්නාවු ආහාර වල කොලෙස්ටරෝල් නිපදවන එකම මුලාශ්‍රය හරක් මස් නොවේ. වෛද්‍යවරු පවසන්නේ අපගේ ආහාර වල ඇති අධික මේදය නිසා කොලෙස්ටරෝල් වර්ධනය වන බවයි. ඇත්තටම අපගේ ආහාර වල කොලෙස්ටරෝල් නිපදවන්නට ප්‍රධාන දායකත්වයක් දෙන්නේ අප විසින් ආහාරයට ගන්නා තෙල් වර්ගයි. මේ තෙල් නිපදවන්නේ බොහෝ විට පොල්, සුරියකාන්ත, සෝයා, එළවළු වැනි ශාකසාර වලිනි. එසේ නම් අප විසින් බිය විය යුත්තේ හරක් මස් කෑමට වඩා මෙම ශාකමය තෙල් අනුභව කිරීම නොවේද? ඕනෑම දෙයක් වැඩිපුර හොඳ නැත. අප අන්තවාදී නොවී මධ්‍යස්ථව සිතිය යුතුය.
දෙවන ඡේදය උපුටා ගැනීම
එසේම ගවයෙකු මරණයට පත් කිරීමට පෙර එම සතා මරණයට පත් කිරීමට සුදානම් වන බව ගවයාට දැනීම සිදුවේ. එහිදී ඊට ප්‍රතික්‍රියා වශයෙන් එම සත්ත්වයාගේ ශරීරය තුල විශ ද්‍රව්‍යයක් (TOXIN) නිපදවයි. එහෙයින් ගව මසින් වැලකීම හැම අතින්ම නුවණැති ක්‍රියාවකි.
උපුටා ගැනීම අවසන්
මෙම ඡේදයේ සඳහන් වන්නේ අප ගවයා මරන්නට යන බව ගවයාට දැනෙන විට TOXIN නිපදවෙන බවයි. ඇත්තටම TOXIN යන්නෙහි අර්ථය විෂයි. එසේ නම් ගවයා මරන කළ උපදවන විෂ වර්ගය කුමක්ද? එම විෂ වර්ගය මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර වී කිසියම් අයෙකු රෝගාතුරවී තිබෙනවාද? ඒ ගැන මුලාශ්‍ර මොනවාද? විද්‍යාවෙන් මේ ගැන පර්යේෂන කර තිබෙනවාද? යන්න ජනතාව දැනුවත් කළ යුතුය. එසේ නොමැතිව කැලෑ පත්තර ගසන ක්‍රමවේදයට මෙවැනි පිංතූර පලකිරීම ඇත්තෙන්ම ජනතාව නොමග යැවීමකි.
අප දන්නා පරිදි හෘදයාබාධ ඇති වන අයගෙන් බහුතරයට එය ඇති වී තිබෙන්නේ තෙල් භාවිතයෙනි. එමෙන්ම ගව මස් විස වී කිසියම් ව්‍යසනයක් ඇති වු බවට අපට ලොව කොතැනකින් වත් වාර්තා වී නොමැත.


Malik says:
ස්තෙඅරික් අම්ලය රූදිරයේ චෝලේස්ටේරෝල් වැඩි කරන ව කියන එක විද්‍යාත්මක පට්ට පල බොරුවක්. එය පැවසු ශ්‍රී ජයවර්දනපුර විශ්ව විද්‍යාලයේ ආචාර තුමා ට නුතන විද්‍යාව පිළිබඳව කිසිම දැනුමක් නැති බව ප්‍රත්යක්ෂි. මන්ද මෙම සංකල්පය 1954 දශක වල තිබු මතයක් වන නිසා.
ස්තෙඅරික් අම්ලය රූදිරයේ චෝලේස්ටේරෝල් වැඩි කරන ව කියන එක විද්‍යාත්මක පට්ට පල බොරුවක්. එය පැවසු ශ්‍රී ජයවර්දනපුර විශ්ව විද්‍යාලයේ ආචාර තුමා ට නුතන විද්‍යාව පිළිබඳව කිසිම දැනුමක් නැති බව ප්‍රත්යක්ෂි. මන්ද මෙම සංකල්පය 1954 දශක වල තිබු මතයක් වන නිසා.
නුතන සොයා ගැනීම ස්තිඅරික් අම්ලය අන් දිගු දාම සන්ත්රුප්ට මේද දාම මෙන් රුදිරයේ චෝලේස්ටේරෝල් සහ LDL ( Bad චෝලේස්ටේරෝල්) වැඩි නොකරන බවට ඔප්පු කර ඇති නිසා. ස්තෙඅරික් අම්ලය චෝචොලටේ වල ද බහුලව තියෙනවා. කවුරු හරි කෙනෙක් මෙම ආචාර තුමාට නුතන සොයා ගැනීම් පිළිබඳව දනුවට් කලොත් හොන්ඩ ඊ නේද ?
http://www.ncbi.nlm.nih.gov/pubmed/3362176
Chanuka D says:
ඔය මොනවා කිවුවත් අහින්සක සත්තු මරාගෙන කන එක නම් හොඳ වැඩක් නෙවෙයි……මෙතන තියෙන ප්‍රශ්නෙ කොලෙස්ටරෝල් ගැනවත් වස ගැනවත් නෙවෙයි….ගවමස් කන එක නවත්තන්න කියන අදහස තමා ඕකෙන් කියවෙන්නේ….කොලෙස්ටරෝ සහ වස නොතිබුනත් අහින්සක තිරිසන් සත්තු මරාගෙන කන එක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ……
Anver Manatunga says:
සහෝදරයා මම ඉතසිතින් එකගවෙනවා ඔබ සමග. පලමුව ඔබ ඔබගේ සමාජය හදාගන්න. හරක් පමණක් නොව එලුවන් කුකුලන් ඌරන් බල්ලන් සහ මාලුන් මේ හැමෝම ප්‍රාණයි. ඔබ ඔබගේ සමාජයේ මාංශ ආහාර සියයට සියයක් තුරන් කරොත් මම එකග වෙන්නම් මුස්ලිම් සමාජයටද ඒ ගැන පෙන්වා ඔවුන්වත් ඒ මාර්ගයට ගන්න.
නිකං හරක් මස් වලට විතරක් බොරු ප්‍රචාර යවා අනෙක් මාංශ සියල්ල අනුභව කරමින් පඩිවදන් දෙඩවිම මා නම් අනුමත කරන්නේ නැහැ
Shafraz Nizamdeen says:
චානුක මල්ලි!
පොඩි ප්‍රශ්නයක්:
1. හරකා නිසා පව්ද?
2. කිරි ගවයා නිසා පව්ද?
3. මරන නිසා පව්ද?
4. මුස්ලිම් කරණ නිසා පව්ද?
පිරිසිදු බුදු දහමට හින්දු බලපෑම් නිසා ඇතිවුණු නූතනවාදී සංකල්ප, ඔබල පිලිගත්තට අපට ප්‍රශ්නයක් නැහැ.
ඔයගොල්ලගේ ආගමට පුළුවන් නම ඔයගොල්ලන්ගේ මිනිස්සුන්ගේ මසට තියෙන ගිජු බව නතරකරන්න මුලින් ඒක කරන්න. ඔයගොල්ලෝ 100% නොකනවානම් අපිත් කන්නේ නැහැ. නමුත් මුලින් ඔයගොල්ලන්ගේ වැරදි හදාගෙන අනෙක් මිනිසුන් ගැන කල්පනා කරන්න.
මේක මුස්ලිම් මිනිහගේ ප්‍රශ්නයක් නෙමේ, ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක්, කන්න බැරිනම් නොකා ඉන්න.
කන මිනිහ කවද හරි ඇවිල්ල ඔයගොල්ලො කෑවෙ නැතිනම් මරනවා කිව්වද?
කොලොස්ට්‍රටෝල්, හරි වස හරි, ඒ අපේ ඇඟටනේ! ඔය තර්ක අපිත් හොඳින් ඉන්න ඕනේ හින්ද කියන දේවල් නෙමෙය්නේ! අපේ ව්‍යාපාර වර්ජනය කරන්න ඕනේ කියන කට්ටිය අපේ හොඳට තමය් එහෙම කියනවා ඇත්තේ නේද?
asd says:
@ Chanuka D
දැන් බුද්ධාගමේ කියනවා වගේ මිනිස් ආත්මයක් ලබන්න පින් කරලා පෙරුම් පුරන්න ඔව්නෙලු කාලාන්තරයක් , ඒ එක්කම කියනවා මුස්ලිම් උන් ලු වැඩිපුර ඉපදෙන්නේ, සහ බුද්දහගමේ උන් වද වෙනවලු , එක මාර logic එකක්, හරි අපි සත්තුමරලා පව් පුරවා ගන්නම් , ඔබලා මරණ සතුන් නරියෝ වගේ කළා සිංහ පැටව් කියාගෙන නිර්වනේ ට යන්න, lOL
malli says:
බීෆ් කොත්තු
ගවමස් නිසා සමහරු දොස් තියනවා
ගවමස් නොකෑ උතුරට වෙඩි තියනවා
පන්සල පැත්තේ බෙරපදයක් ඇසෙනවා
ගව හම් වලින් ගැටබෙර තව හදනවා
පෙලපොත් වලත් ගව ගාතක් අදිනවා
ප්රෝොටීන් ගොඩයි කාපන් යැයි පොවනවා
බදපටි සපත්තුත් හොද එක සොයනවා
ගව හම් නෙවෙයි හොද මදි යැයි කියනවා
වැදු මව අපිම හිත් නැතුවා මරනවා
සුදු දුව පියා පිහිතලයෙන් ඉරනවා
දවසට හරක් ගානට මිනි මැරෙනවා
බුදුරුව බිදා මුතු මැණිකුත් හොයනවා
සියදස් ගණන් අපි ඔහෙ විසි කරනවා
තම දුපුතුන් ඉල්ලන දේ මවනවා
කිරිමව අරන් දෙන්නට මම යදිනවා
ගවමස් නොකන පිරිසක් හෙට හැදෙනවා
http://www.facebook.com/photo.php?fbid=330119723732577&set=a.330119720399244.84002.213414335403117&type=1&theater
Shafraz Nizamdeen says:
@මල්ලි, එල!!!
srilankan says:
@ chanuka
එතකොට ඌරව මරනකොට ඔය toxin නැද්ද??
Anver Manatunga says:
මං හිතන්නේ ඌරව මරන්නේ මුස්ලිම් අය නොවෙන නිසා toxin නැතිව ඇති. මේ අයගේ හිත්වල toxin ඇති වන්නේ මුස්ලිම් අය සත්තු මරණ විට පමණයි.
hasan says:
@Chanuka D
//ඔය මොනවා කිවුවත් අහින්සක සත්තු මරාගෙන කන එක නම් හොඳ වැඩක් නෙවෙයි//
මහත්මයෝ! මුහුදේ ජීවත් වන මත්සයා ඇතළු අනෙක්වා අහිංසක සත්තු නොවේද? උන් හිංසාකාරී සත්තුද? නැතිනම් අප්රාණික දේද?
M.H.M අසාද් says:
මට පොඩි ගැටළුවක් තියෙනවා. මම අහලා තියෙනවා මුස්ලිම් අපි මැරෙනකොට “කලිමා” කියලා කැ ගහගෙන මැරෙන්න ඕන කියලා. ඒක ඇත්තද ?
පහදා දෙන්න
Anver Manatunga says:
මේ ප්‍රශ්නය අසන ඔබ මුස්ලිම් දැයි මට සැකයක් උපදිනවා. ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මේක ආගමික වෙබ් අඩවියකුත් නෙමෙයි. කරුණාකර ඊලග සලාතයට පල්ලියට ගිය පසු පල්ලියේ මවුලවිගෙන් මේ ප්‍රශ්නය අසන්න. මේ ප්‍රශ්නය මුස්ලිම් නොවන කෙනෙක් ඇසුවා නම් මම පිළිතුරු දෙනවා. මන්ද ඔවුන්ට මේ කරුනු දැගන්නට අවස්ථාවක් නැති නිසා.
Shafraz Nizamdeen says:
මෙතන උප්පරවැට්ටිය තේරෙනවද?
M.H.M: කියන්නේ M.H.M Ashraf {නාදුනන ත්‍රස්තයින් විසින් ක්රූර ලෙස මරාදැම්ම, එල ටී ටී එක කරා කියල පස්සේ අතරබීරි තර්කයකින් ඇග බේරාගත්තා}
අසාත්: කියන්නේ අසාත් සාලි. අසත් සාලිටත් මෙවැනිම මරණ තර්ජන පොඋද්ගලිකව සහ මුහුණු පොතේ පිටුවල තිබෙන කොම්මෙන්ට් සහ පින්තූර වලින් දැනෙන්න ලබී තිබෙනවා.
මේ සැරේ, මිනි මරල එල ටී ටී එකේ නමෙන් බේරෙන්න බැරි වෙය්.
ඒ පමණක් නොවේ, මෙමෙ කොමෙන්ට් එකත් මරණය ගැන. මට සැකය් ඉක්මනට ලොකු විනාශයක් වෙය් කියල.
KHL says:
The stearic acid is not the issue here. As Mr.Anver Manatunga himself had said the cholesterol is the issue.
Cholesterol production in the body is increased when consuming meat than when consuming vegetables. As more fatty acids needed for cholesterol synthesis comes from meat. (Cocconut oil does not induce cholesterol production, this was shown in a research done by a group of Sri Lankan doctors several years ago)
When regarding meat consumption, there is a high risk for those who eat meat rich in fat or eat mostly the fatty portions of meat (available in almost every meat) or an unusually high consumption of any meat. (Lack of exercise is also a main risk factor regardless of what you eat)
Pork is rich in fat, therefore generally eating pork increases the risk. (But you can get pork meat with the fatty portions removed but you are left with almost nothing). Fatty goose liver is also high in fat.
Beef,chicken and any other meat also have fatty parts in their meat (but compared to pork it is less). You can get a significant amount of meat after removing those fatty portions from these. Average consumption of such meat does not significantly increase the risk of cholesterol formation provided that the person eats sufficient vegetables and fruits / has adequate exercise / doesn’t have a genetically increased risk for cholesterol formation.
If someone does not eat adequate vegetables and fruits / does not get adequate exercise or has a genetical predisposition for cholesterol production then such persons are at a high risk for cholesterol production even if they have very little meat consumption.
Also if a person eats mostly the fatty parts of beef,chicken etc then also he has a high risk for cholesterol.
In the end it is proven that a vegetarian diet is more healthier (the argument about not getting all 8 essential amino acids through one food source [meat] is countered if one eats a balanced diet of vegetables [as several vegetables in combination can give you all the 8 amino acids or by a single vegetable such as soya or grains]
But as there are many other factors apart from food that affects one’s health even a vegetarian may fall ill the same way as a high meat consumer and vice versa a high meat consumer may remain as healthy as a vegetarian.
Anver Manatunga says:
පොල් තෙල් වලින් කොලෙස්ටරෝල් නිපදවෙන්නේ නැහැ කියා වෛද්‍ය වරුන් පවසා නැහැ. ඔවුන් පවසන්නේ අපේ රටේ පොල්තෙල් වලින් වැඩියෙන් කොලෙස්ටරෝල් නිපදවෙනවා කියන එක මිථ්‍යාවක් පමණක් බවයි. ඒ කියන්නේ එයින් කොලෙස්ටරෝල් නිපදවෙන්නේ නැහැ කියන එක නෙවෙයි.
මිනිසෙකු එක් වරකට කන්නේ හරක් මස් කැබැල්ලක්. එයින් ඔක්කොම කොලෙස්ටරෝල් නිපදවෙනවා කියන එක අමුලික බොරුවක්. ඕනෑම දෙයක් ඕනවට වැඩිය හොද නැහැ. මෙතනදී මා පෙන්නන්න උත්සාහ කළේ අන්තවාදයට යාම වැරදි බවයි.
Shafraz Nizamdeen says:
Dear muslim brothers and sisters,
KHL and all the buddhis brothers love us, they don’t want us to eat Beef because we will get HDL, high blood pressure, sugar and all other related illnesses. Ultimately, they don’t want us to die, eating Beef.
But KHL, we also love you guys, we don’t want you guys drink alcohol and die. So, we all will not stop eating Beef till you loving brothers stop drinking. We want all the bars shut-down. Until you brothers do so we will eat Beef and die fast. මාරාන්තික උපවාසයක.
එකත් එක්කම අපේ කඩේටත් ගොඩවෙලා බඩු ටිකක් සල්ලි දීලා අරන් යන්න!
Loving,
Brother-in-love
samuk says:
අන්වර් මහත්මය පුංචි ගැටළුවක් තියනවා
පොල් සහ සූරිය කාන්ත තෙල් වලින් කොලෙස්ටරෝල් සීදීම ගෙන
එය බොරුවක් කියල විද්‍යාවම ඔප්පු කරලා තියනවා කරුණාකර එය නිවෙරදි කරන්න
Anver Manatunga says:
පොල් සහ සුරියකාන්ත තෙල් වල කොලෙස්ටරෝල් හැදෙන්නේ නැහැ කියලා නැහැ. අනෙක්වාට සාපේක්ෂව අඩුයි පමණක් කියා ඇත.
Malik says:
@KHL , You are attacking a straw man. Have a look once again at the false propagandda. It claims that the stearic acid in the beef is causing the increase in the cholesterol level which is blatantly wrong scientifically.
Rest of the points made is irrelevant to the original subject matter.
Mr. Who says:
quote—
Approximately one-third of the total SFAs in beef is stearic
acid. When this is taken into account, the amount of potentially hypercholesterolemic fatty acids is similar for
beef, chicken, and fish. Beef’s relatively high content
of stearic acid may help to explain research findings
indicating that lean beef is just as effective as chicken or
fish in reducing blood total and LDL cholesterol levels in
adults fed low fat diets
—–end quote
from http://www.beefnutrition.org/CMDocs/BeefNutrition/StearicAcid.pdf
conclusion:
Modern findings show that Stearic acid in beef is actually beneficial.
ඩිලාන් says:
onna ohoma moda comments dana minissunta uththara dunnanam aye oya wage prashna noaha idiwi..mamath saththumaranawatawath maskanawatawath kemaththak ne..ath oya harak maranawa kiyala banina harakthamai karanna thiyana okkoma jara weda karanne..budu hamuduruwo katawath maskema thahanam karala ne..thamanta kemathi deyak karanna unwahanse nidahasa dheela thiyenne..a wagema awagen hambawena pala wipaka genath kiyala dhela thiyenne.. anunge weradi hoyanne nethiwa thaman hedunanam iwarai..boruwata jathiwada athi karanna a minissunta benala thawa madiwata kiyanawa api me jathiwada athikaranna karana uthsahayak newe meka kiyala.. :j anika oyala oya islam nayakawaru kiyapu dhewal genai kuranaye kiyala thiyana ewagena ujaruwen prashna karuwa aduma tharame ape damma pada kiyala thiyana deyakwath jeewithayata ekathu karagena thiyanawada kiyala hithanna.. samaharawita jathaka kathapothakwath damma padhayawath dhekalawath thiyanawada kiyalawath hithala balanna..hemotama newe kiyanne ahema ayata.. prashnayak athi karagena kunuharupa kiyana eka,chandikam dana eka weerakamak newe..mulin api hedila imu..
podi says:
ai tamunnansela agamak gene oye taram wadee wnne kane kenk kanne nokene kena noka enna. taman adehne boudounwht allha wat apehsekarnne ai…
Prasanna Athukorala says:
ඔය ගෙරි මස් කන එකට වැඩිය පව් නේද මල්ලි හාල්මැස්සෝ කන එක , හාල් මැස්සෝ කී දෙනෙක්ගේ ජීවිත ගිල දානවද…ඒක වේලට … අපේ රටේ තියෙන්නේ බොරුව …දැන් කියා වී අපි එල දෙනගේ කිරි බොනවා කියල ….යකුනේ ඉස්සෙල්ල ඒක නවතාපල්ලා …. එල දෙනට කිරි එරෙන්නේ උගේ පැටියට…කොහෙවත් ඉන්න මිනිසුන්ට නොවෙඉ … ගෑනුන්ට කිරි එරෙන්නේ මිනිස් පැටියලට බොන්න ( තා ත් තා ජුන්ඩක් බොන ඒක වෙනම කතාවක් ) …මොකද ඉපදෙනකොට දත් නොමැති නිසා හපල කන්න බැරි නිසා …හරක් පැටියට බොන්න එරෙන කිරිටික උට බොන්න දීපල්ලා …හාල් මැස්සෝ කන ඒකාල,සැමන් ටින් ගිලින ඒකාල….දානෙට කරෝල , චිකෙන්, ෆිෂ් ගිලදන ඒකාල , ගෙරි මස් කෑම පව් කියන්න හේතුව එල දෙන පල්ල …සහෝදර කමද …?