Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ශ්‍රී පාදයද?, ආදම්ගේ පාදයද? නැත්නම් සිවනෝලි පාදම්ද? 1 වන කොටස

ශ්‍රී පාදයමද?

ශ්‍රී පාදයමද?

අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹු මුල් අවස්ථාවේ එහි Main banner හෙවත් ප්‍රධාන රූපිත පටය කෙසේ විය යුතුදැයි මා එතරම් අවධානයක් දැක්වුයේ නැහැ. ඉන් මාස කිහිපයකට පසුව නැවත වෙනස්කම් කරන අවස්ථාවක මට එය කරදුන් සහෝදරයා විසින් මෙහි ප්‍රධාන රූපිත පටයට කුමණ ආකාරයේ ඡායාරූපයක් ගතයුතු දැයි ඇසුවා. මම සාමාන්‍යයෙන් කඳු වලට ආශාවක් දක්වන්නෙක් බැවින් කිසිත් නොසිතාම සමනොල කන්ද ගමු යැයි යෝජනා කළෙමි. නමුත් එහි බරපතල කම වැටහුනේ මාස කිහිපයකට පසුයි.

 

අන්වර් මනතුංග බ්ලොගයේ Main banner හෙවත් ප්‍රධාන රූපිත පටය

අන්වර් මනතුංග බ්ලොගයේ Main banner හෙවත් ප්‍රධාන රූපිත පටය

ආදම්ගේ පාදයද?

ආදම්ගේ පාදයද?

එනම් මා විසින් ශ්‍රීපාදස්ථානය මගේ වෙබ් අඩවියේ ප්‍රධාන ඡායාරූපය වශයෙන් යොදා ගැනීම බුදු දහමට අපහාසයක් බව සඳහන් කරමින් අන්තර්ජාලයේ ප්‍රචාරයන් දියත් වීමයි. මීට කලින්ද මා සිහල මුස්ලිම් වෙබ් අඩවිය වෙනුවෙන් සීගිරිය යොදා ගැනීම ගැන තවත් අයට ප්‍රශ්නයක් තිබුණි. ඔවුන්ට අනුව සීගිරියත් කලින් විහාරයක් තිබුණු ස්ථානයකි. ඒ නිසා මා විසින් වෙබ් අඩවියේ ප්‍රධාන රූපිත පටයේ ඡායාරූපයට සීගිරියේ ඡායාරූපයක් යොදා ගැනීමද ඔවුන්ට අනුව විශාල වරදකි. ඒ කන්දත් ඒ අයගේ මේ කන්දත් ඒ අයගේ කඳු යායම ඒ අයගේද? කෙන්ද කන්දක් කරගන්න අයට නම් මෙයත් ප්‍රශ්නයක් විය හැකි නමුත් මේ මොන්ටිසෝරි තර්ක වලින් මා වෙබ් අඩවියේ බැනරයට සමනොල කන්ද යොදා ගැනීම නැවැත්විය නොහැකි බව පලමුව දන්වමි.

 

සිවනෝලි පාදම්ද?

සිවනෝලි පාදම්ද?

නමුත් ඉහත කරුණ නිසා මම සමනොල කන්දේ සැබෑ ඉතිහාසය සෙවීමට තීරණය කළෙමි. මා විසින් කරන එම පර්යේෂන ලිපි මගින් ඔබවෙත ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තුවෙන් සිටිමි. එමෙන්ම සමනොල සිරස ගැන ඔබ දන්නා තොරතුරු වේ නම් ඒවාද මා වෙත එවන මෙන් ඉල්ලා සිටිමි. එහිදී ගොතපු කරුණු නොව සාක්ෂි සාධක සහිත කරුණු පමණක් එවන්නේ නම් කෘතඥ වෙමි. මා හට ඒවායින් ගතහැකි යමක් වේ නම් ඒ ඒ අයගේ නමින්ම පලකරන්නට බලාපොරොත්තු වෙමි. මෙහිදී සමනොල ගිර ගැන මට යම් අදහසක් තිබුණද විවෘත මනසකින් මේ ගවේෂනය කිරීමට බලාපොරොත්තු වෙමි. මා මෙම සංවාදයට ආරාධනා කරන්නේ ගවේෂනයට කැමති, ආවේගශීලී නොවන සහ විවෘත මනසක් ඇති අය හටයි.  

 

අන්වර් මනතුංග විසින් මේ කරන ගවේෂනය ගැන කිසිවෙක් කලබල වීමට හේතුවක් නොමැත. මන්ද මෙමගින් මා කිසියම් ආගමකට අයත් සිද්ධස්ථානයක් ගැන අයිතිවාසිකම් කියන්නට බලාපොරොත්තු නොවන බැවිනි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය බවක් සම්බන්ධව කිසිදු පුරා විද්‍යාත්මක සාධකයක් නොමැති බවට මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් පැවසු පසුව එතුමාට පාරේ බැහැලා යන්නට බැරි තත්වයක් ඇති වුණාසේ තත්වයක් කිසිසේත්ම බලාපොරොත්තු නොවෙමි. මගේ ප්‍රයාමය සමනොල ගිර සම්බන්ධව වැලලී තිබෙන ඉතිහාසය නැවත ගොඩ ගැනීමයි. එමගින් සිදුවන්නේ සැමගේ චින්තනය පුළුල් වීමකි.

 

සමනොල සිරස යනු අපේ රටේ ප්‍රධාන ආගම් තුන වන බෞද්ධ, හින්දු සහ මුස්ලිම් යන තුන්වර්ගයම ගමන් කරන්නාවු ස්ථානයකි. බෞද්ධයන් සිතන්නේ එය බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබු ස්ථානයක් බවයි. හින්දු අයවළුන් සිතන්නේ රාවණා යුගයේදී සිව දෙවියන්ගේ පාදස්පර්ශය ලැබු ස්ථානයක් ලෙසයි. මේ කරා යන මුස්ලිම් වරුන් සිතන්නේ මිනිසාගේ ආදිම මුල් මව්පියන් යුගලය වන ආදම් සහ හව්වා යුවල මෙලොවට නෙරපා හැරි අවස්ථාවේ ආදම් තුමා විසින් පාද ස්පර්ශය තැබු ස්ථානයක් බවයි. ලංකාවට පෘතුගීසීන් පැමිණිය පසුව මේ ස්ථානය කිතුණු උරුමයක්ද ඇතිකළ නමුදු එය ඉතාමත් මෑතක සිදුවීමක් නිසා එතරම් ප්‍රශ්නයක් කරගත යුතු නැත. මේ සියල්ල ඒ ඒ ආගමිකයන් විසින් විශ්වාස කරන සංකල්පයන් වන නමුදු මේ සියල්ලට විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මක පදනමක් නොමැති බව පලමුව අප සැලකිල්ලට ගතයුතු කරුණකි.

 

එක දෙයක් නම් පැහැදිලිවම කිව හැක. එනම් අතීතයේදී මේ සියළුම ජාතීන් සහ ආගමිකයන් ඉතාමත් සහජීවනයෙන් සමනොල ගිර තරණය කර ඇති බවයි. එකල සිටි ජනතාව මෙය තමන්ගේ ආගමට අයත් යැයි අනෙක් ආගමිකයන් සමග තර්ක කරන්නට හෝ බැන අඬගසා ගන්නට ගියේ නැත. කිසිදු ආගමක ජනකොටසක් මෙය තනියෙන් භුක්ති විඳින්නට කටයුතු කළේද නැත. සමනොල ගිර අරබයා මට අයිතිවාසිකම් කිව හැක්කේ මා ශ්‍රී ලාංකිකයෙක් වන බැවිනි.  මා පුද්ගලිකව මේ ස්ථානයට යන්ට කැමති අන් කිසිදු කාරණයක් නිසා නොව සමනොල ගිර තරණයේදී දක්නට ලැබෙන ස්වභාව සෞන්දර්යයේ පහස විඳීමටයි.

 

ඉබ්නු බතූතාගේ දේශාටනය

ඉබ්නු බතූතාගේ දේශාටනය

සමනොල ගිර සම්බන්ධව විදෙස් පුරාවෘත්ත වලද යම් යම් කරුණු දැනගන්නට ලැබේ. විශේෂයෙන් මුස්ලිම් දේශාටකයෙක් වන ඉබ්නු බතුතා (ඉබන් බතුතා) සමනොල ගිර ගැන සටහන් තබා ඇත. එමෙන්ම මා හිතවත් ඉංග්‍රීසි ලේඛකයෙක්ට සමනොල ගිර ගැන අපට මෙතෙක් අනාවරණය නොවු අරාබි ඓතිහාසික තොරතුරු රැසක් හමුවී ඇත. අතීතයේ මෙරට පැමිණි ජාවක හෙවත් වත්මන් මැලේසියානු සහ ඉන්දුනීසියානු ජනකොටස්ද සමනොල ගිර තරණය කර ඇති බව ඔවුන්ගේ මුලාශ්‍ර වල දක්නට ලැබේ. මේ සියළු තොරතුරු අප මතු ලිපි වලින් එළිදක්වන්නට අදහස් කරමු.

 

මා කුඩා කල පාසලේදී උගත්තේ සමනොල ගිර ඓතිහාසික ස්ථානයක් වශයෙන් තිබී පසුව ජනශූන්‍යව වල්බිහිව තිබී නැවත සොයාගත් බවකි. මේ නිසා මෙම ගවේෂනය අවසානයේ සමනොල ගිර යනු කිසිදු ආගමකට අයත් එකක් නොවන බවට ඔප්පු වීමටද ඉඩ ඇත. කෙසේ වුවත් අපට මේ සියල්ල ගැන තීරණයකට එළඹීමට තවම කල් වැඩිය. 

 

  • යෝධයා says:

    මක්කම අයිති බෞද්ධයන්ට ඒකෙ බෞද්ධයො ඔක්කොම සමූල ඝාතනය කල පාපතර කාලකන්නි ඉස්ලාම් බල්ලො ඒක ලේ විලක් කරලා ඒක අත්පත් කරගත්තා.

    2012/06/25 at 11:37 AM
    • Anver Manatunga says:

      අහා! ඔයා බලන් හිටියද?

      2012/06/25 at 7:58 PM
    • asd says:

      @ යෝධයා
      මල්ලි ඔක කිව්වේ අනාගලිකයද? නිකන් නොදන්න මගුල් කතාකරන්නේ නැතුව ඉන්න. ඔබ හිතුව්වද අපිත් සිමෙන්ති ගල් වැලි වලට වදින්නවා කියල? ඔබලාට බෝ ගහක් පෙන්න බෑ එතන මොකක් හරි මගුලක්, හදල පින් කැටයක්, හිගන දෙවියෝ නේ ඔබලාට ඉන්නේ, හොද වෙලාවට බුදුහමදුරුවෝ බෝඕ ගහක් යට , නිකන් හරි ඔක උනා නං අබ ගහක් යට මල කෙලියය්, එහෙනම් අඹ කන්නෙත් නැ, මෝඩ හරක් ……

      2012/06/26 at 2:04 AM
  • Shafraz Nizamdeen says:

    ඔබහේ ප්‍රයත්නයට අප හිතසිතින් ප්‍රර්ථනා කරනවා.

    කිසියම් ගවේෂණයක මුලිකම කරුණු කිහිපයක් තියෙනවා.

    1. කිසිම බාහිර බලපෑමකින් තොරව, පිවිතුරු සිතින් මෙම ප්‍රයත්නයට යෙදිම.
    2. ප්‍රයත්නය මුලදීම තීරනයකට කොටු නොවිම.
    3. තමන්ගේ කන්නාඩිය ගලවා තවකෙකුදේ කන්නාඩියෙන් තමන් සිතනද්දේ දිහත් බලිම.
    4. ඇති තරම් ශාක්ෂි ලැබෙනතුරු අවසාන තීරණයකට නොපැමිණීම.
    5. තමන් ලබාගන්න මුලාශ්‍ර යටිඅරමුණක් ඇතුව ලියා ඇතිදය් සොයාබැලීම.

    මෙකි නොකී සියලු දී ඔබට උපකාරී වෙවාය් පතමි.

    සහෝදර,

    සෆ්රාස්

    2012/06/25 at 12:17 PM
    • Shafraz Nizamdeen says:

      මෙම ගවේෂණයේ ප්‍රතිපලය කුමක් වුවත් මුස්ලිම් වන අපි එය නිහතමානිව බාරගැනීමට සූදානම්ය.

      2012/06/25 at 3:27 PM
  • KHL says:

    It will be good if you do this with an open mind (as you say). But I highly doubt it.

    2012/06/25 at 1:22 PM
  • srilankan says:

    dear anver bro,puluwannam comment walata thumbs up systm ekak hadanda

    2012/06/25 at 2:28 PM
    • Anver Manatunga says:

      මට මේ වෙබ් එකේ කළයුතු නව්‍යකරණයන් රාශියක් ඇත. ඒවා කරගැනීමට පහසු වේවා යැයි පතන්න.

      2012/06/25 at 8:44 PM
      • usmanali says:

        me website eka xp ayata balanna be crash wenawa
        mama mage system eka maaru kala den ok
        me theme eka mage yaaluwek use keruwa uutath me problem aawa

        2012/06/25 at 10:16 PM
        • Anver Manatunga says:

          මෙම ප්‍රශ්නය තියෙන බව මම දන්නවා. ඉදිරියට (දේව කැමැත්ත පරිදි) කෙසේ හෝ එය නිවැරදි කරන්නම්.

          2012/06/26 at 4:44 AM
  • Mahasona says:

    මේ වෙබ් එක දන්නා බෙරිද මක්කම ගැන ගවේෂනාත්මක ලිපියක් ? එකත් අනිත් ආගම වල යට එත්යි නේද? ඒ ගැනත් දානවද ? මේ comment එක publish කරන්න මකන්නේ නැතුව වැදගත් විදිහට

    2012/06/25 at 8:05 PM
    • Anver Manatunga says:

      හෙට අනිද්දාම (දේව කැමැත්ත ඇත්නම්) ලියවෙයි. එතකොට පුළුවනි.

      2012/06/25 at 8:48 PM
  • Mahasona says:

    දේව කැමැත්තද එතකොට සිරි පතුලට මුස්ලිම් ඓතිවාසිකම් කියන්නේ?
    දෙවියෝ කැමති නැතුවද එයා ගැන ගවේෂණය කරන්න? අල්ලාහ් ඇති උන ආකාරය වගේ දේවල් ?
    නලන්නදවට ගිනි තියල බික්ෂුන් සමුල ගාතනය කරපු දේවල් ගැන එහම?

    2012/06/25 at 8:59 PM
    • Anver Manatunga says:

      අපට සමනොලගිර අයිති කරගන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අප කරන්නේ එහි සැබෑ ඉතිහාසය සොයා බැලීමයි.

      2012/06/26 at 4:40 AM
      • බිම්සර says:

        මුස්ලිම් පර බල්ලනෙ…තොපි වහෙන් ඔරො අපෙ ආගම ව්නාශ කරනවද යකුනෙ? මොකද්ද අපි තොපිට කරලා තියෙන වරද?

        2012/07/03 at 2:09 PM
        • Anver Manatunga says:

          ඔබ ලියන භාෂා ශෛලියෙන් ඔබගේ දහම කුමක්දැයි ‍නොතේරේ කරුණාකර ඔබගේ ආගම කුමක්දැයි සදහන් කරන්න. අනෙක මුස්ලිම් අයට පහර දෙන එකට පිළිතුරු දීම තවත් ආගමක් විනාශ කිරීමක්ද?

          2012/07/03 at 3:16 PM
  • True Sri Lankan says:

    ඈ යෝධයෝ, උඹ් හෙට අනිද්දම කියයි වතිකානුවත් බෞද්ධයන්ගේ, පාප්තුමා බෞද්ධයෝ සමූල ඝාතනය කරල අත්පත් කරගත්තා කියලා..නිකන් මේ ලිඳ ලඟ ගෑනු කතා කරන ඒවා අහං ඉඳලා මෙතන ඇවිත් හත් පොලේ ගාගන්න එපා..බුදු දහම නැති කරන්නේ මේ වගේ යෝධයෝ තමයි.පටන් ගන්නේම බොරුවක් ගොතලා පන්සිල් කඩලා..

    2012/06/25 at 11:59 PM
    • Anver Manatunga says:

      මුලාශ්‍ර පදනම් නැති කිසිදු දෙයක් පලකරන්න බලාපොරොත්තුවක් නැහැ. බලමු කවුද පන්සිල් කඩන්නේ කියලා.

      2012/06/26 at 4:46 AM
    • බිම්සර says:

      ඈ බොල වල් බුරුවො, තොපි අපිට බයින එක නවත්තන්නෙ neddha?

      2012/07/03 at 2:14 PM
  • sana says:

    මට හිතෙන හැටියනම්, ශ්‍රීපාද කන්දද, සිවනොලිපාතම්ද,නබි ආදම්ගේ(අලයි) පාදම්ද කියන ප්‍රශ්නය මුස්ලිම් අපට අනවශ්‍ය දෙයක් කියල. මන්ද නබි ආදම්තුමාගේ(අලයි) පා සලකුණට හෝ වෙනයම් නබිවරුන්ගේ පාසලකුනකට වන්දනාමාන කලයුතුයි කියා අපේ ආගමේ නැති බැවින්. එම පා සලකුණ නබි ආදම්( අලයි) තුමාගේ පා සලකුණ තමයි කියා තීරණයකට ආවත් අපට එයින් එලක් නැත. මන්ද අපට එයට වන්දනා මාන කරන්න බෑ. නමුත් මා අසා ඇති විදිහට බෝව්දයින් වන්දනා මාන කරන්න කලින් සමනොළ කන්දට එට රටවලින් පැමිණි මුස්ලිම් අය සංචාරය කර ඇති බවයි. එය කෙසේ වෙතත් තවත් නොබෝ දිනකින් මුස්ලිම් වරුන්ට එහි යාමට බාදා අන්තවාදීන්ගෙන් ඇතිවිය හැකිය.

    2012/06/26 at 12:32 AM
    • Anver Manatunga says:

      මේ තුලින් මගේ අරමුණ එහි සැබෑ ඉතිහාසය හෙලිකර ගැනීමයි. එවිට එතැනට සියළුම අයට යන්නට හැකි ස්ථානයක් වනු ඇත.

      2012/06/26 at 4:49 AM
      • Mr. Who says:

        I remember when I was small, minorities were able to visit the peak. Is the situation different now?

        2012/06/27 at 6:15 AM
        • Anver Manatunga says:

          මේ ආගම්බේධ වාදීන්ගේ අදහස් බලන කල එය නුදුරේදීම වෙනස් විය හැකි බව පෙනේ. නිදසුනක් ලෙස අද අපට සමනොල ගිර පිංතූරයක් හෝ භාවිතා කළ නොහැකි තත්වයක් උත්ගත වී ඇත.

          2012/06/27 at 6:34 AM
  • Mawahib says:

    Hi this one of allahs servant plz. continue this work of spreading the knowledge of islam to the prophet (pbuh) ummah, allah hafiz please pray to ALLAH for Ummah,

    2012/06/26 at 11:53 AM
  • KHL says:

    While you researching about “Samanala kanda” what about doing some more research about some other things. Such as
    1.The bulldozing of ancient Buddhist relics around the Deeghawapiya area, started by former minister Ashroff and exposed by Ven.Gangodawila Soma thero.
    or
    2.What is happening at “muhudu maha viharaya”
    or
    3.Kuragala.
    etc.

    I think they will also be highly interesting.

    2012/06/26 at 2:06 PM
    • Anver Manatunga says:

      මා ගවේශනය කරන්නේ අවශ්‍යතාවය ප්‍රමුඛව තිබෙන පිළිවෙලටයි. ඉදිරියේදී ඔය කියන මාතෘකා වලටත් යයි. නමුත් කූරගල ගැන නම් මීට පෙර ලිපියක් ලියා ඇත.

      කූරගල මුස්ලිම් පුදබිමක්ද? යන ලිපිය බලන්න.

      2012/06/26 at 3:08 PM
  • Brother says:

    ඔය මහාචාර්යවරයා සම්බන්ධ වූ කතාව මාත් අහලා තිබ්බා. අන්තිමට ඔහුගෙන් ඉල්ලීමක් කරල තිබ්බලූ ඒක ප්‍රසිද්ධ නොකරන්න. ඒක ඇත්තක්ද?

    2012/06/26 at 3:15 PM
    • Anver Manatunga says:

      ඒක ගැන ඒ කාලේ පත්තර වලත් ලියවිලා තියෙනවා.

      2012/06/26 at 3:28 PM
  • KHL says:

    And what is the meaning of “God willing”???

    Are you writing these letters Mr.Anver Manatunga or does god write them???

    As far as I am aware when someone writes something he or she processes the facts in his or her mind and writes them according to their decisions what they think. So it is also the mind and thoughts that matter here. What has god has to do with this?????

    2012/06/26 at 5:09 PM
    • Anver Manatunga says:

      මා දේව කැමැත්ත වේ නම් කියා යොදන්නේ අරාබි බසින් ඉන්ෂා අල්ලාහ් යන වදනට සමරූපීවයි. මා සිංහල බ්ලොග් අඩවියක් කරමින් එහි ඔබට නොතේරෙන අරාබි වචන දැමීම වැරදි නිසයි එසේ කරන්නේ. මුස්ලිම් කෙනෙක් කිසියම් දෙයක් කරනවා යැයි කියන්නට ප්‍රථම ඉන්ෂා අල්ලාහ් යැයි පවසන්නේ දේව කැමැත්ත පරිදි යනුයි. හෙට මම යමක් කරන්නම් යැයි කීවද හෙට මට ඒ දෙය කළ හැක්කේ මා ජීවතුන් අතර සහ සුවයෙන් සිටිය හොත් පමණි. මුස්ලිම් අප විශ්වාස කරන්නේ අපගේ ජීවිතයේ ඉරණම ඇත්තේ දෙවිදුන් අත බවයි. ඒ නිසා මුස්ලිම් වරයෙක් විසින් කිසියම් දෙයක් කරන්නට පොරොන්දු වන්නට ප්‍රථම ඉන්ෂා අල්ලාහ්! යැයි පවසමු. දේව කැමැත්ත වේ නම් යනු එහි සිංහල අරුතයි.

      2012/06/26 at 5:56 PM
  • sana says:

    කිව්වා වගේ මොවුන් නිතරම ගේන්නේ ලිඳ ළඟ තර්ක තමයි, බැරිවෙනකොට ගහගන්න එනවා.

    2012/06/26 at 11:40 PM
  • හබරණ ආතා says:

    ඔබ තමුන්නැගේලගේ ක්‍රමේ තමයි අයුබොන්ඩ අනිත් අයට අයිති දේවල් පැහැරගේන හරි තමන්ගේ බලය වර්ධනය කරගන්න එක සාකිර් නායික් උන්නැහේ කියනව බුදුන් මහා මෛත්‍රි බුදුන් කියල කිවුමේ මුහමිමද්තුමටලු මේ අයට බුදුන් කියපු අනිත් හැම දේම බොරැ ඒක විතරක් ඇත්ත 3 වෙනි ධර්ම සංගායනාව කරනකොට වැඩිපුරම රහතන්වහන්සෙලා පැමිනයේ ග්‍රිසියෙන්(සුනාපරන්ත දේශය)ඉරානයෙන් හා ඇෆ්ගනිස්ථානයයෙන් (සුප්පාරක දේශය) මේ කලාපයේ බුදුදහම එකාලයේ ව්‍යප්තවෙලා තිබිබ කියන් සාක්ශයි ඔනතරමි තියෙනව
    ඒකාල‍ේ වෙනකොට ස්ලාමි ආගමි තිබිවෙබව්ත් නැ අපේ මිනිස්සු සිරිපිවන්දනා කොරන්නෙ අදක ඊයෙක නොවේ ආයුබෝවන්ඩ මක්කාව‍තෙියෙන්නෙ බුදුසිරිපතුල එතන ඉස්සර තිබුනේ මකුලකාරාමය එතනා හිටපු භික්ශන් වහන්සේලා ඔක්කෙමල ගාතනය කරල එතන එක් කන්ඩායමක් අයිති කරගත්ත එතන ඉදන් එක ආදමි උන්නැහේගේ‍ ගේ උනා ඔක්කෙමත් හරි ලංකාවේ තියෙන සමනල කන්දට ඔන කෙනෙක් යන්න පුලුව්න හැබියි අපි මක්කාවට ගියොත් හලාල් පැක් එක්ක දාල එවන්නෙ

    2012/06/30 at 12:05 PM
    • Anver Manatunga says:

      ඔබ ඉන්ටර්නෙට් පුරා විජ්ජා චක්කර වර්තී ලගේ ලණු හොදටම ගිල්ල අයෙක් පාටයි. මම මගේ http://www.anvermanatunga.com/2012/06/26/footprint/ ලිපියෙන් ඔබ කියන කරුණු ගැන පිළිතුරු දී තිබෙනවා. හැකි නම් බොරු කියා ඔප්පු කරන්න.

      2012/06/30 at 5:58 PM
    • sarji says:

      සමනල කන්දට බොදුනුවන් නමසකාර කරන්න ගත්තේ පොලන්නරු යුගයේ 1 වෙනි නිශ්ශංක මල්ල රජ කාලයේ සිටය්.

      2012/06/30 at 10:28 PM
  • NIp says:

    Buddhism was/is destroy/destroying by Muslim , In the past , Nalanda University, recent years Bamian Statues, Why is these happening, because they want to force people and say, Muslim should be the only religion in the world. If they can exist with Buddhism’s logical arguments, they know they cant survive, So they destroy everything, kill everyone, In the past present and future thats the reality.
    And they promoting their religion only by birth.. making hell lot of children, and get marry 4 or 6 women … It proves in France and many countries,..

    2012/07/03 at 11:52 AM

Your email address will not be published. Required fields are marked *

*