Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

භික්ෂු ගුරුවරයෙක් අන් ආගමික සිසුවෙක්ට කන පැලෙන්න ගහලා

අමිල තරංග සිසුවා

අමිල තරංග සිසුවා

මට මෙම පුවත ලැබුණේ ලංකාවෙන් නොව අන්තර්ජාතික මානව හිමිකම් කොමිසමක වෙබ් අඩවියක (ASIAN HUMAN RIGHTS COMMISSION – AHRC) තිබී අපගේ මුස්ලිම් සහෝදරයෙක්‍ වෙතිනි. මෙය සිදුවී සති කිහිපයක් ගතවී ඇතත් මෙම පුවත මා ලංකාවේ ජාතික මාධ්‍ය වල නොදුටුවෙමි. කිසිවෙක් හෝ එය දැක්කෙහි නම් මා නිවැරදි කරන්න. නමුත් එම සිද්ධිය ජාත්‍යන්තර වෙබ් අඩවියේ පලවී තිබුණේ මෙසේය.

 

හිතවත් මිත්‍රවරුනි,

 

පී.ජී. අමිල තරංග තිලකරත්න (අවු:14) වසර 9A පාසල් සිසුවකු වන අතර නුවර ගැටඹේ මහනාම විද්‍යාලයේය. මොහුට ඔහුගේ ගුරුවරයෙකු වන භික්ෂුවක් වධ හිංසා  පැමිණවීම පිළිබදව ආසියානු මානව හිමිකම් කොමිසම වෙත තොරතුරු ලැබී ඇත. අමිල දරුවා ආගමික පරිසරයක, අන්‍යාගම් නොඉවසන තවත් පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්වී ගොදුරක් බවට පත් විය.

 

පී.ජී. තිලකරත්න පියා සහ පී.ජී. අමිල තරංග සිසුවා රෝහලේදී

පී.ජී. තිලකරත්න පියා සහ පී.ජී. අමිල තරංග සිසුවා රෝහලේදී

 

අමිල උපතින්ම කතෝලිකයෙකි.  ඔහු ඉගෙන ගන්නා පාසල බෞද්ධ සිසුන් බහුතරයක් ඇති පාසලක් වන අතර ඔවුන් බුද්ධාගම ඉගෙන ගනී. දිනක් අමිලගෙන් ඔහුගේ ගුරුවරයෙකු වන පුජ්‍ය රාහුල හිමියන් බෞද්ධ ඉතිහාසය පිළිබද ප්‍රශ්නයක් නැගීය. එවිට අමිල ඔහු ක්‍රිස්තියානි ආගම අදහන්නෙක් බව පැවසීමෙන් උරණ වු පුජ්‍ය රාහුල හිමි අමිලට තදබල ලෙස පහර දුන්හ.  අසාධ්‍ය තත්ත්වයට පත් ඔහු නුවර ශික්ෂණ රෝහලේ 18 වන වාට්ටුවට ප්‍රතිකාර සදහා ඇතුළත් කරන ලදී. ශාරීරික වධ හිංසා පැමිණ වීම වනාහී සියළුම පාසල්, සියළුම බන්ධනාගාර හා වැරදි කරන්නන් රඳවා සිටින රැඳවුම් මධ්‍යස්ථාන වල, ශ්‍රී ලංකාවේ නීතියෙන් සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති දෙයකි. අමිල තිලකරත්න සිසුවාට මේ සිදුකළ අමානුෂික වධ හිංසා පැමිණවීම බලවත් මානව  හිමිකම් උල්ලංඝනයක් බව පැහැදිළිය.

 

සම්පුර්ණ විස්තරය:-

 

ආසියානු මානව හිමිකම් කොමිසමට ලැබුණු තොරතුරු අනුව  වයස අවු: 14 ක් වන අමිල තරංග තිලකරත්න නුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ මහනාම විද්‍යාලයේ 9 වන වසරේ සිසුවෙකි. මොහු උපතින් ක්‍රිස්තියානි ආගමිකයෙකු වන නිසාම ඔහුගේ ගුරුවරයෙකු වන බෞද්ධ භික්ෂුවක විසින් මොහුට දරුණු ලෙස පහර දී වධ හිංසා පමුණුවා ඇත. අමිලගේ ලිපිනය වන්නේ නො 28/1 සරසවිගම මහකන්ද, හිඳගල, නුවර,  යන්නයි.

 

අමිල තරංගට වැඩිමහල් සොයුරන් පස්දෙනක් හා බාල සො‍යුරියක් සිටී. පියා ගොඩනැගිලි කර්මාන්තයේ නියුතු මේසන්වරයෙකු වන අතර මව ගෘහනියකි. අමිල තරංග මහානාම විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ 1 වන වසරේ සිටයි. ඔහුගේ සොයුරන් ද‍ මේ පාසලේ සිසුන් වේ. මෙම පාසල බෞද්ධ පාසලක් වන අතර බුද්ධාගම පමණක් උගන්වයි.

 

අධ්‍යාපන අමාත්‍යාශය චක්‍රලේඛයක් මගින් (Circular 2009/10) තහවුරු කර ඇත්තේ අන්‍යාගමික සිසුන්ට ඔවුනොවුන්ගේ ආගම පාසල්වල ඉගෙන ගැනීමේ අයිතියක් ඇති බවත්, පාසල් විභාග සදහා පෙනී සිටීමේ  අයිතියක් ඇති බවයි. ක්‍රිස්තියානි / කතෝලික සිසුන්ගේ මේ අයිතිවාසිකම් නිතරම උල්ලංඝනය වන අතර ඔවුන්ට බලහත්කාරයෙන් බුද්ධාගම ඉගෙන ගැනීමට  බල කෙරේ. අමිලට හා ඔහුගේ සොයුරු ගෙෂාන්ට බලවත් අසාධාරණයක් වී ඇත්තේ ඔවුන් බෞද්ධ නොවන නිසයි.

 

ජුනි මස 12 දින (2012 වසර) පුජ්‍ය  රාහුල හිමි අමිලගේ පංතියට පැමිණියේ  බුද්ධාගම  ඉගැන්වීමටය. එම අවස්ථාවේ එකම බෞද්ධ නොවන සිසුවා අමිල නිසා ඔහු පංතියේ පසුපස ආසනයකට යන ලදී. නමුත් රාහුල හිමි ඔහුට ඉදිරිපස පෙළේ වාඩීවීමට බලකරමින් බුදුරජාණන් වහන්සේගේ මව්පියන්ගේ නම් ප්‍රකාශ කිරීමට අණ කළහ. එවිට අමිල ප්‍රකාශ කළේ ඔහු කතෝලික අයෙකු බවයි. එවිට රාහුල හිමි ඔහු කතෝලක වුවත් ඔහු බුද්ධාගම ඉගෙන ගත යුතු බව පවසා අමිලට තදබල ලෙස පහර දුන්හ. මේ හේතුවෙන් අමිලගේ වම් කනින් ලේ ගලන්නට විය. රාහුල හිමි තවත් ගුරුවරියක වන කෝකිලා මැතිණියට මේ සිද්ධිය කිසිවෙකුට නොපවසන ‍ලෙස අමිලට බල කලහ.

 

එදින ඉතිරි පාසල් කාලය අමිල ගතකලේ ඉතාමත්  වේදනාකාරී ලෙසය. ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවක් ලබා නොදිනි. මේ සිද්ධිය ආරංචි වු අමිලගේ සොහොයුරු ගෙෂාන් අමිලගේ පංති කාමරය වෙත ගියේය. ඔහුව දුටු රාහුල හිමි පංති කාමරයට ඇතුල් නොවන ලෙස  අණ කර ඇතුළු වුවහොත් දඬුවම් කරන බවට තර්ජනය කළහ.

 

පාසල් අවසන් වී නිවසට ගිය අමිල සිද්ධිය කිසිවෙකුට කීමට බියෙන් නිදාගත්තේය. රාත්‍රී 7.00 පමණ ඔහු වමනය දැමීය.  පසුව සිද්ධිය පියා වන පී.ජී. තිලකරත්න මහතාට සැල කළ සිටියේය. පසුදින උදෑසන අමිලගේ පියා ඔහුව රෝහලට රැගෙන ගොස්  නේවාසික ප්‍රතිකාර සදහා ඇතුළත් කරන ලදී. තිලකරත්න මහතා පවසන පරිදි  රාහුල හිමි ඔහුට තර්ජනය  කර ඇත්තේ  මේ සිද්ධිය ගැන ඉහළ තැන්වලට පැමිණිලි කළහොත් ඉතාමත් කළහාකාරී  තත්ත්වයක් ඇති කරන බවටය.

 

අමිලට ප්‍රතිකාර සදහා වාට්ටු අංක 10ට ඇතුළත් කරන ලදී. නමුත් පසුදින ඔහුට වාට්ටු කරන ලදී. නමුත් පසුදින වාට්ටු අංක 18 වෙත මාරු කර යවා ඇත.  රෝහල් පොළිස් මුරපොලේ නිළධාරීන් අමිලගෙන් 13 වැනිදා කට උත්තරයක්  ලබාගෙන නැත. අමිලගේ පියා තිලකරත්න මහතා නුවර පොලිසියේ පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් කර ඇත. පැමිණිලි අංක (wc1b1/84/16) නමුත් මේ දක්වා පොලිසිය කිසිම පරික්ෂණයක් පවත්වා නොමැත.

 

තිලකරත්න මහතා ඉතාමත් කනස්සල්ලට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුන්ට තමන් කරන සියළු ම අකටයුතුකම් හා කලහකාරී ක්‍රියාවලියන් වලින් බිදී යාමට අවස්ථා ලබා දී ඇති බැවින් තම පුතුට වු අසාධාරණය ද එසේම අභාවයට පත්වනු ඇතියි කියාය. ඔහුගේ හද සසල කරන අනිත් කරුණ නම් අමිලගේ කන් ඇසීම අනාගතයේදී නැතිවිය හැකි බවත් තමා පොලිසියට පැමිණිලි කළ නිසා තම පුතුට පාසලෙන් නෙරපීමට හැකියාවක් ඇති බවත්ය.

 

තිලකරත්න මහතා තම පුතුට වු අසාධාරණයට නීතියේ සාධාරණක්වය පතන අතර තම පුතුට තමාගේ කැමැත්ත පරිදි ආගම ඇදහීමේ  නිදහස පතයි. එසේම පුජ්‍ය අඩතේට්ටම් වලින් තම පුතුට හා සාක්ෂිකරුවනට නීතියේ ආරක්ෂාව ලබා දෙන මෙන් ඉල්ලා සිටියේය.

 

මෙම පුවත ගැන විස්තර දැනගන්න පහත යොමුව ඔබන්න.

 

http://www.humanrights.asia/news/urgent-appeals/AHRC-UAC-102-2012

 

මෙම ලිපිය පරිවර්තනය කර අපවෙත එවු අහමද් සිදිකි සහෝදරයාට ස්තූතිය පලකරමි!

 

  • Muzain says:

    මේ දේ මුස්ලිම් පුද්ගලයෙක් හො ක්‍රිස්තියානි පුද්ගලයෙක් බෞද්ධ සිසුවෙකුට කලොත්නම් පත්තර පිටු ගනන් නිව්ස් වැටෙයි

    2012/06/27 at 10:46 AM
  • Rashod de Silva says:

    මම ශ්‍රී ලාංකික කතෝලිකයෙක් මමත් ඉඟෙන ගත්තේ බෞද්ධ පාසලක ඒත් ඔය කියනව වගේ ගැටළු අපිට නම් ඇති වෙලා නෑ එහෙම වෙනව කියල අහලත් නෑ. මේක ලංකාවේ බෞද්ධයන් සහ කතෝලිකයන් අතර ගැටුමක් ඇති කරන්න ගොතපු කතාවක් වගේ පේන්නේ, අනික ඉස්ලාම් අන්තවාදයට නැබුරු බ්ලොග් අඩවියක පලවීමෙන් එය වඩාත් තහවුරු වෙනවා. දැන් කාලේ නීතිය බොහොම තදයි කියල දන්නවනේ. ගුරුවරයෙකුට විනය සම්බන්ධ කටයුත්තකදීවත් ළමයෙකුට පහර දෙන්න බෑ.

    අනික ඔය මානව හිමිකම් වෙබ් අඩවි වලට ඕන කෙනෙකුට ඕන බොරුවක් ලියල යවන්න පුළුවන්. ඕක ඇත්තක් නම් ඉස්සර වෙලාම පලවෙන්නේ ලංකාවේ පුවත් පතක.

    මම මේ මුස්ලිම් අයගෙන් අහන්න කැමතියි මුස්ලිම් බහුතර රටවල ඉස්කොලෙකට යන ක්‍රිස්තියානි හෝ කතෝලික ළමයෙකුගේ ආගම ඉඟෙනීමේ අයිතිය තහවුරු වෙනවද? කියල, එතකොට ක්‍රිස්තියානි පල්ලි වලට පහර දෙන්නේ කුරාණයේ කුමන ඉගැන්වීමකට අනුවද? කියල.

    2012/06/27 at 1:42 PM
    • Anver Manatunga says:

      රශෝඩ් ඩි සිල්වා කියන්නේ කතෝලිකයෙක් නම් වෙන්න බැහැ. එහෙම නැත්නම් එයා මේ රටේ කෙනෙක් වෙන්න බැහැ. මේ සිද්ධිය දැන් ඉතාමත්ම වේගයෙන් කතෝලික සමාජයේ පැතිරෙනවා. මේක අපි ගොතපු බොරුවක් නම් මේ වෙබ් අඩවියේ පලවන්නේ කෙසේද? http://www.archdioceseofcolombo.com/inner.php?news_id=69

      ඔබ මෙහෙම ප්‍රශ්නයක් අහලා තිබුණා.
      “මම මේ මුස්ලිම් අයගෙන් අහන්න කැමතියි මුස්ලිම් බහුතර රටවල ඉස්කොලෙකට යන ක්‍රිස්තියානි හෝ කතෝලික ළමයෙකුගේ ආගම ඉඟෙනීමේ අයිතිය තහවුරු වෙනවද?”
      මම ඒක කතෝලික ඔබලාගෙන්ම අහන්න කැමතියි. කතෝලික පාසල් වලදී මුස්ලිම් වරුන්ට සිදුවන අසාධාරණ බෞද්ධ පාසල් වලට සමානයි. පුළුවන් නම් නැහැ කියන්න/

      2012/06/27 at 7:56 PM
    • Abu Arshad says:

      Great talk man

      2012/07/02 at 11:38 AM
      • Anver Manatunga says:

        කාලකන්නි සතුටක් ලබනවද?

        2012/07/02 at 1:23 PM
  • Mawahib says:

    This is the old story brother. It was published in the lanka tv.net. But I also can’t remember the date. But we all know everything from the daily media. Nothing can be hiding. But for all this wrong and corruption what will be the reaction? Even in the hospital nurse and some of the doctors also behaving with a same action if won we can send videos to you. These are 100% true. Holly month of Ramadan is coming Insha Allah our Du’a is for All the Muslim and other nation of Srilanka. Allah who created the mankind and other he whose knows better that’s all

    2012/06/27 at 4:20 PM
  • srilankan says:

    @rashod
    මේක ගොතපු එකක් නෙවේ දන්නේ නැත්නම් බුරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්ඩ.

    2012/06/27 at 11:25 PM
  • Shafraz Nizamdeen says:

    මෙම කතාව බොරු කියන, ක්‍රිස්තියානි නමෙන් පෙනී සිටිං පුද්ගලයා බැලුවත් නැතත් අනෙක් මිනිස්සුන්ට පෙනය් මේකේ ඇත්ත තත්වය.

    Colombo Telegraph: කියන්නේ ස්වාද්දීන මත දරන සෑම පුවතක්ම පලකරන විවිදත්වයෙන් යුත් මාධ්යවෙදීන්ගේ එකතුවක්.
    http://www.colombotelegraph.com/index.php/a-14-years-old-student-is-tortured-by-a-buddhist-monk-for-refusing-to-learn-buddhism/

    මේක ඉස්ලාම් අන්තවාදී බ්ලොග් එකකුත් නෙමෙය්, අන්තවාදී පිළිවෙත අනුගමනයකරන එවුන්ගේ බලපෑම වලට බයේ හරි ප්‍රවුර්ති අකුලාගෙන ඉන්නෙත් නැහැ.

    2012/06/27 at 11:59 PM
  • srilankan says:

    මේ පාසල පිහිටා තිබෙන්නේ අපේ නිවස අසලමයි.එම නිසා මෙම සිද්දිය ගැන මම දන්නාවා.

    2012/06/28 at 10:01 AM
  • Ishak says:

    කන පලාගෙන බේරුනා ඇති …දැන් ඉන්න සමහර භික්ෂු පාර්ශවය කුඩා ළමයින් ට කරන දේවල් බැලුවම මේක ඉතාමත් සුළු දෙයක්

    2012/07/04 at 8:13 PM
  • fathima says:

    samajayaka onama agamaka mewani anthawadi aya innata haki. eya mulu samajayema waradak nowe. warada thiyenne nisi daduwan nodimai. waradi kala wita jathi agam nobala daduwan kala yuthui menma sudussata sudusu thana dimedida beda nosalakiya yuthui ethakotai ratak diunu wenne

    2012/07/07 at 7:44 PM
  • Yasas says:

    මේකෙ තියෙන ඇතැම් කරුනු ගැන එකග වෙන්න බැහැ. එකක් තමා මේ රටේ ඉතිහාසය ඉගෙන ගැනීම මේ රටේ ජීවත් වන හැම කෙනෙකුම සිංහල,දෙමල,මුස්ලිම් බේදයක් නැතුව කල යුතු දෙයක්. ඒක කිසිම චක්‍රලේකනයකින් නවත්වලවත් නවත්වන්නවත් බැහැ. ඊලගට අපිත් පොඩි කාලේ අපේ පාසලේ හාමුදුරුවන්ගෙන් කනේ පාරවල් කාලා තියෙනව (මම ගහපු එක හරි කියනව නෙවෙයි ) එත් මේ ලමයත් ඒ විදිහට යම් වැරැද්දකට දඩුවම් ලැබු අයෙකු විය යුතුයි. මේ අවස්තාවෙ මේ ලමය කතොලිකයකු වීම නිසා තමා මේ සිද්දිය මෙහෙම වුනෙ. අනෙක් අතට මේ ලමය තමන් කතොලිකයකු බව කියා ඉතිහාසය ඉගෙන නොගැනීම කොහෙත්ම අනුමත කරන්න බැහැ. අද වුනත් ඇමරිකාව,කැනඩාව වගේ දියුනුයයි සම්මත රටවල් වලට පවා පුරවැසිබාවය ලබාදීමේදි ඉතිහාසය දැන සිටිම අනිවාර්යය් ඒකට ආගම ජාතිය වැදගත් නැහැ. හැම පුරවැසියෙක්ම තමන් ජීවත් වන රටේ අතීතය දැන සිටිය යුතුයි. මේ ලමයට හෝ වෙනත් ලමයෙක්ට ශාරිරිකව දඩුවම් කිරීම වැරදියි. එය සමාජයිය ඇසකින් දැකිය යුතු වන්නක් මිසක් ආගමික ඇසකින් නොබැලිය යුතුයි.

    2012/07/09 at 4:31 PM
    • Anver Manatunga says:

      මා සිටින්නේ සෑම ළමයෙක්ටම සෑම ආගමක්ම ඉගැන්විය යුතු බවට වන මතයේයි. ඒ ගැන මා ලිපියක් ලිව්වේ අද ඊයෙක නොවේ. බලන්න http://www.anvermanatunga.com/2012/04/13/singapore-masjid-sultan/ නමුත් එය විෂය නිර්දේශයෙන් පැමිණිය යුතුයි. මේ භික්ෂු ගුරුවරයා විසින් පහර දී ඇත්තේ අත්තනොමතිකව බව කථාව කියවන මධ්‍යස්ථ ඕනම කෙනෙකුට වැටහෙනවා.

      2012/07/09 at 6:39 PM
  • fathima says:

    ow hama dahamakma igena gaththama thamai thamange dahama boruwakda eththakda kiya tharkikawa hithanna puluwan wagema thama dahame agaya therenne.. nathnam ara moda aya wage ehen mehen holy books wala kali hoyagena kupitha wela mada gahaneka thamai karaganne..

    2012/07/10 at 3:30 AM

Your email address will not be published. Required fields are marked *

*