මේ වන විට අන්වර් මනතුංග බ්ලොගයට ලැබෙන ප්‍රතිචාර අතරින් කුණු හරප සහ අසභ්‍ය වචන ප්‍රතිචාරයන්ගෙන් අඩුවක් නැහැ. මා කරන්නේ ඒ සියළුම ප්‍රතිචාරයන් මකා දැමීමයි. මේ අය බොහෝ විට මා හට වෛර කරන නිසා එවුවද ඔවුන් විසින් එවන දේ මා පලනොකරන නිසා තවත් ඔවුන්ගේ වෛරය වැඩි වන්නට පුළුවන. එමගින් ඒ පුද්ගලයාට සිදුවන්නේ දැඩි හානියකි. වෛරයේ ප්‍රථිඵලය අසහනයයි. අසහනයේ ප්‍රථිඵලය පුද්ගල විනාශයකි. තමන් තුල දැඩි ප්‍රතිපත්ති නිසා තමන් තමන්වම විනාශ කරගන්නේ ඇයි?
බොහෝ විට මෙම ප්‍රතිචාර මා වෙත එන්නේ ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ලියමින් හෝ Google transliteration වලින් යතුරුලියනය කළ ඒවා ලෙසය. මෙයින් අදහස් වන්නේ මේ ප්‍රතිචාර එවන අය සිංහල බසින් මෙතෙක් තමන්ගේ අදහස් හරි හැටි ප්‍රකාශ කරගැනීමට නොහැකි වු අයයි. පොඩ්ඩක් ඉවසීමෙන් සභ්‍ය වචනයෙන් ප්‍රතිචාර එවන්නේ නම් එමගින් ඔබගේ ලේඛන කලාව දියුණු කරගැනීමට කොපමණ ඉවහල් වේද? එයින් ගොඩ නැගෙන්නේ අන්වර් මනතුංගද? නැත්නම් ඔබද?
සමහර කුණුහරප ප්‍රතිචාර දක්වන්නන් අතර වැදගත් අදහස්ද දක්නට ලැබෙනවා. ඒවා සංවාදයට ගැනීමට හොඳ මාතෘකාවන්. නමුත් ඒ සමග කුණුහරපද මිශ්‍රව තිබෙන බැවින් අපට කිසිවක් කළ නොහැකි වී ඇත. මන්ද ඔවුන්ගේ ප්‍රතිචාර කපාකොටා පලකිරීමේදී ඔවුන්ගේ අදහස එහි පිළිබිඹු නොවන්නටද ඉඩ ඇති බැවිනි. එමෙන්ම තනි පුද්ගලයෙක් වන මා හට එසේ ප්‍රතිචාර කපා කොටා දැමීමට තරම් වෙලාවක්ද නොමැත.
මා ඉල්ලා සිටින්නේ ඔබගේ ප්‍රතිචාර ඉතා සංයමයකින් ලියා අප වෙත එවන ලෙසයි. එමගින් අපට යහපත් සහ පුළුල් කතිකාවතක් ගොඩ නැගිය හැක. එම කතිකාවත මුළු සමාජයේම උන්නතිය පිණිස වනු ඇති.


hasan says:
සහෝදරවරුනි! ඔවුන් කොපමණ පහත් විදිහට අපට කථා කළත්, අප ඔවුනට එසේ කථා නොකළ යුතුය. අපි ඔවුනට ලක්ෂණ වදන්වලින්ම කථා කරමු.
විශ්වාස කළවුනි! ඔබලා ඉවසිලිමත්ව සිටින්න. (සතුරන්ව අභිභවන තරමට) ඉවසීමෙන් ක්රියා කරන්න. තවද ස්ථාවරව සිටින්න. ඔබලා ජය ලැබීම පිණිස අල්ලාහ්ට බියවන්න. (ශු.කු.3:200)
නමුත්, කවරහු ඉවසිලිමත්ව සිට, යහකම් කරත්ද, ඔවුනට සමාවද, ඉමහත් කුලියද ඇත. (ශු.කු.11:1)
Muzain says:
ඔබ සිතනවාද ඔය කුනුහරුප කියන එවුන් එහෙම ලියලා එවයි කියලා උන්ට දන්නෙ මොකක් හරි අල්ලගෙන බොරුවට අනුන්ට බැන බැන ඉන්ඩ විතරයි තරකයක් ඉදිරිපත් කරන්ඩවත් කාගෙවත් තර්කයක් බිදින්ඩවත් ඔය හිවලුන්ට බෑ…..හැබැයි හිතාගෙන ඉන්නෙ මෙහෙම කුනුහරුප කියුවාම සින්හ ගොරනාඩුවට මුවො බයවෙලා දුවනවා වගෙ අපිත් බයවෙයි කියලා… සින්හ හම පොරවාගත්තු හිවලුන්ට මතක නෑ සින්හ හම පෙරෙව්වාට තමන් හිවලුන් කියා… ගොරනාඩු කලාට එන්නෙ හූ හඩ කියලා…
Mawahib says:
Respect your efforts, respect yourself. Self-respect leads to self-discipline. When you have both firmly under your belt, that’s real power, Self-respect cannot be hunted. It cannot be purchased. It is never for sale. It cannot be fabricated out of public relations. It comes to us when we are alone, in quiet moments, in quiet places, when e suddenly realizes that, knowing the good, we have done it; knowing the beautiful, we have served it; knowing the truth we have spoken it.
Self-respect is the fruit of discipline
faizal says:
අනේ මෙයාලට හිවලුන් කියන්න එපා ‘සූකරයන්’ කියන්න.
srilankan says:
silence is the best reply to a fool