දීර්ඝ කාලයකට පසුව ඊජිප්තු දේශයේ ජනතාවට ඔවුන්ගේම කැමැත්තෙන් පාලකයෙක් බිහිවී ඇත. ඒ හැට එක් හැවිරිදි ආචාර්ය මුහම්මද් මුර්සි ඊසා අල්-අයාත් DR. Muhammad Morsi Isa al-Ayyat ය. මෙවර ඊජිප්තු ජනතාව විසින් තෝරාගත් ජනාධිපති වරයා උගතෙක්ද වෙති. ඔහු ඊජිප්තුවේ කයිරෝ විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හදාරා ඉන්පසුව දකුණු කැලිෆෝනියා සරසවියෙන් ඉංජිනේරු ශිල්පය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. කෙසේ වුවද මුර්සි මහතා ජයගත්තේ 51.73% ක ප්‍රතිශතයකිනි. එනම් ඔහුට 48.27% විරුද්ධ ඡන්දද තිබෙන බව අප අමතක නොකළ යුතුය.
බලයට පත්වු මුර්සි මහතා විසින් ඉතාමත් ඉක්මණින් ඉතිහාසය තුල මෙතෙක් ඊජිප්තු නායකයෙක් නොකළ වෙනස් කම් කිහිපයක් කරන ලදී. එනම්
- රටේ නායකත්වයට පත්වු විගසම තමන් විසින් මෙතෙක් දැරූ දේශපාලන සහ සංවිධාන තනතුරු වලින් ඉවත් වීම.
- රාජ්‍ය නායකයා වශයෙන් තමන්ගේ රුව රාජ්ය ආයතන වල, රෝහල් වල, පාසල් වල ඇතුළු සියළුම ස්ථාන වල ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලදී.
- තමන් ගමන් කරන විට යන පරිවාර රථ සංඛ්‍යාව හැකිතාක් අඩු කරන ලද අතර තමන්ගේ ගමන් උදෙසා පාරවල් වසා දැමීම තහනම් කරන ලදී.
- ජනපති මුර්සි බලයට පත්වු පසුව ඔහුට සුභ පැතු රාජ්ය නායකයන් අතර සිරියානු ජනපති බශර් අල්-අසාද් එක්කෙනෙකි. එයට පිළිතුරක් යවමින් ජනපති මුර්සි ප්‍රකාශ කළේ, සිරියානු ජනතාවගේ කැමැත්තෙන් පත්වු නායකයා ලෙස තමන් බශර් අල්-අසාද්ව පිලිනොගන්නා බවයි.
- ඊජිප්තුවේ නව විප්ලවයට දිවි පිදුවන්ගේ පවුල් වල අයට ඕනෑම අවස්තාවකදී තමන් හමුවීමට ඉඩ දෙන ලෙස ආරක්ෂකයන්ට නියෝග කිරීම.
- ඔහු ජනපති වු සැණින් ඒ විප්ලවයට දිවි පිදුවන්ගේ පවුල් වල අයවළුන් හමු විය.
අභිනව ඊජිප්තු ජනපති ආදරණීය බිරිඳ නග්ලා අලි මහ්මූද් Naglaa Ali Mahmoud සාම්ප්‍රදායික අරාබි චාරිත්‍ර අනුව වයස 17 දී ඔහු සමග විවාහ වී ඇත. පසුව සැමියාගේ අධ්‍යාපන කටයුතු නිසා ඇමරිකාව බලා පිටත්ව ඇත. එහිදී ඇය ඉංග්‍රීසි සහ අරාබි භාෂා පරිවර්තිකාවක වශයෙන්ද රැකියාවක යෙදී ඇත. ඇමරිකාවේදී ඇය එක් දියණියක සහ පුතුන් සිව්දෙනෙකුගේ මව වුවාය. නග්ලා මැතිණියද සිය සැමියා අනුව යමින් ඇය විසින්ද මෙතෙක් ඊජිප්තු පලමු කාන්තාවන් නොකළ දේ කළාය.
- තමන්ට පලමු කාන්තාව ලෙස අමතන්නේ නැතිව ඊජිප්තු ජනපති බිරිය ලෙස අමතන ලෙස පැවසීම.
- එසේත් නැත්නම් උම්මු අහමද් ලෙස අමතන්නට යැයි පැවසීම. (උම්මු අහමද් යනු අහමද්ගේ මව යන අරුතයි. අහමද් යනු ඇගේ කුළුඳුල් දරුවාය.
- තමන්ව අමතන්නට තනතුරක් අවශ්යම නම් පලමු සේවිකාව “the first servant” යනුවෙන් අමතන ලෙස ඇය පවසා ඇත.
- මෙතෙක් ජනපති බිරියන් වස්ත්‍ර ඇන්ද විලාසිතාවන් අනුකරණය නොකර ඉස්ලාමීය වස්ත්‍රය වන අබායා හැඳ චාම් බවක් ගැනීම.
- ඇය කිසිදු රූපලාවන්‍යයක් හෝ ඇඟිලි පාට කිරීමක් වැනි කිසිවක් නොකරයි.
මේ සියල්ල ඉතා මනරම් වුවද ඊජිප්තු ජනතාව බලාපොරොත්තු වන්නේ වෙනස් පරිපාලනයකි. ජනපති මුර්සි ඉදිරියේ ඇති අභියෝගය එයයි.




raashid sudin says:
I believe these may prove to be fatal…if he has forbidden the close of roads for his sake, there is a chance of high security threats as u have clearly stated 48% didn’t vote for him and from that ratio there is bound to be radicals too….
A leader is as good as he only stays alive so security detail these days is imperative…Everything else is commendable although a true demonstration of his abilities as a true leader to the egyptian people will be tested through his deeds, results and not what he professes.
omer says:
ඊජිප්තුවේ අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති මුර්ෂිද් මහතා, හදිසියේම ඇති කළ වෙනස්වීම් කිහිපයක් ගැන අසන්නට ලැබේ.
කෙනෙක් රටක් තුළ වෙනස්වීමක් ඇති කරන්නට පෙර තමා තුළ වෙනස්කමක් ඇති කරන්නට වෑයමක් දැරීම ඔහු රටට යම් යහපතක් කරන්නට අදිටන් කළේය යන සුබාරංචිය දැන්වීමකි.
1.රටේ නායකත්වයට පත්වු විගසම තමන් විසින් මෙතෙක් දැරූ දේශපාලන සහ සංවිධාන තනතුරු වලින් ඉවත් වීම.
මෙවැනි ක්රියාවකින්, ඔහුට නිදහසේ තීරණ ගැනීමේ අවස්ථාවක් ඇති වේ. එපමණක් නොව, තමන් දරූ තනතුරුවලින් ඉවත්වීමෙන් තමා වැනි කෙනෙකුට තමාගේ තත්ත්වයට ඒමට මඟ පාදා දීමක් වේ. අද බොහෝ තැන්වල වන්නේ කුමක්ද? රෝද පුටුවක හිඳගත්තත් තමාගේ නිලය අත්හැරීමට කැමැත්තක් දක්වන බවක් නොපෙනේ.
2.රාජ්‍ය නායකයා වශයෙන් තමන්ගේ රුව රාජ්ය ආයතන වල, රෝහල් වල, පාසල් වල ඇතුළු සියළුම ස්ථාන වල ප්ර දර්ශනය කිරීම තහනම් කරන ලදී.
ඔහු පෞද්ගලික ප්රසිද්ධියක් දැරීමට උත්සාහ කරන්නෙකු නොවන බව මෙයින් පෙනේ. මෙම අශෝභන සිද්ධිය ලංකාව ඇතුළු අරාබි රටවල පවා දක්නට ලැබේ.
3.තමන් ගමන් කරන විට යන පරිවාර රථ සංඛ්යාරව හැකිතාක් අඩු කරන ලද අතර තමන්ගේ ගමන් උදෙසා පාරවල් වසා දැමීම තහනම් කරන ලදී.
තමාගේ ගමනට යන අනවශ්ය වියදම් කපාහැරීමක් මෙයින් සිදු කළ හැකිය. එමෙන්ම තමාගේ ගමන සාමාන්ය ජනතාවට බාධාවක් නොවිය යුතු යන ස්ථාවරයෙහි එම මහතා සිටියි. අගය කළ යුතු ක්රියාවකි.
4.ජනපති මුර්සි බලයට පත්වු පසුව ඔහුට සුභ පැතු රාජ්ය නායකයන් අතර සිරියානු ජනපති බශර් අල්-අසාද් එක්කෙනෙකි. එයට පිළිතුරක් යවමින් ජනපති මුර්සි ප්ර්කාශ කළේ, සිරියානු ජනතාවගේ කැමැත්තෙන් පත්වු නායකයා ලෙස තමන් බශර් අල්-අසාද්ව පිලිනොගන්නා බවයි.
මෙය අරුම පුදුම සිද්ධියකි. රටක නායකයෙක් කොතරම් ධාමරිකකම් කළත්, තවත් රටක නායකයෙක් එය නොදකියි. ඔවුහු අන්ධයින් සේ සිටිති.
සිරියානු ජනාධිපති, ජනතාව අමු අමුවේ මරණ නමින් මුස්ලිම්වරයෙකි.
මෙම සිද්ධිය සිරියානු ජනාධිපති වැනි ධාමරික කම් කරන ජනාධිපතිවරුන්ට තමන් කරන ධාමරිකම් ගැන මඳක් සිතා බැලිය යුතු තත්ත්වයක් උදා කරයි.
5.ඊජිප්තුවේ නව විප්ලවයට දිවි පිදුවන්ගේ පවුල් වල අයට ඕනෑම අවස්තාවකදී තමන් හමුවීමට ඉඩ දෙන ලෙස ආරක්ෂකයන්ට නියෝග කිරීම.
කෙනෙකුගේ දිවියක් පිදීම යනු, මිනිසා වශයෙන් කෙනෙක් පරිත්යාග කරන ඉතාම වටිනාකමෙන් අධික වූ පරිත්යාගයක් වේ. එයට වඩා උසස් පරිත්යාගයක් මෙලොවෙහි නොමැත. ඉස්ලාම් ධර්මයේ පවා අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ කෙනෙකුට ලැබෙන ස්වර්ගයේ සම්පත් මෙන් අන් අයට නොලැබේ.
6..ඔහු ජනපති වු සැණින් ඒ විප්ලවයට දිවි පිදුවන්ගේ පවුල් වල අයවළුන් හමු විය.
මෙයද අගය කල යුතු කාර්යයකි.
ඊජිප්තුවේ ජනාධිපතිවරයාගේ බිරිඳ ගත් සමහර තීරණ පහත දැක්වේ.
1.තමන්ට පලමු කාන්තාව ලෙස අමතන්නේ නැතිව ඊජිප්තු ජනපති බිරිය ලෙස අමතන ලෙස පැවසීම.
මෙයින් ඇයගේ නිහතමානිත්වය පිළිබිඹු වේ.
2.එසේත් නැත්නම් උම්මු අහමද් ලෙස අමතන්නට යැයි පැවසීම. (උම්මු අහමද් යනු අහමද්ගේ මව යන අරුතයි. අහමද් යනු ඇගේ කුළුඳුල් දරුවාය.
දරුවෙකුගේ නම සම්බන්ධ කර, අසවලාගේ මව යැයි ප්රකාශ කිරීම නබි තුමාගේ කාලයේ පටන් අරාබීන් අතර පැවත එන චාරිත්රයෙකි.
3.තමන්ව අමතන්නට තනතුරක් අවශ්යම නම් පලමු සේවිකාව “the first servant” යනුවෙන් අමතන ලෙස ඇය පවසා ඇත.
මෙය ලෝකයේ සිටින අනෙක් ජනාධිපතිවරුන්ගේ බිරියන්ට කදිම ආදර්ශයකි.
4.මෙතෙක් ජනපති බිරියන් වස්ත්රි ඇන්ද විලාසිතාවන් අනුකරණය නොකර ඉස්ලාමීය වස්ත්ර ය වන අබායා හැඳ චාම් බවක් ගැනීම.
වර්තමානයේ සමහර අරාබි රටවල නායකයින්ගේ බිරියෝ බටහිර ඇඳුම් අඳිති. මෙය ඉස්ලාමය වැළැක්වූ කාර්යයකි. නමුත් මෙම කාන්තාව තමා මුස්ලිම් කාන්තාවක් බව ක්රියාවෙන් පෙන්නුම් කරන කාන්තාවකි.
5.ඇය කිසිදු රූපලාවන්යායක් හෝ ඇඟිලි පාට කිරීමක් වැනි කිසිවක් නොකරයි.
අගය කළ යුතු කාර්යයකි. ඇඟිලි පාට කර සිටින තැනැත්තියක් සලාතය සඳහා ‘වුලූ‘ කරන විට ඇයගේ ඇඟිලි තුඩු වලට ජලය ස්පර්ෂ නොවේ.
ඉහත සිද්ධීන් ගැන බලන විට මට කුර්ආනයේ පාඨයක් සිහි වේ.
‘ඕ: අල්ලාහ්! පාලනයෙහි අධිපතියාණෙනි! ඔබ සිතන්නන්ට පාලනය පිරිනමහිය. ඔබ සිතන්නන්ගෙන් පාලනය පැහැර ගනිහිය. තවද ඔබ සිතන්නන්ව ගෞරවයට පත් කරහිය. තවද, ඔබ සිතන්නන්ව නින්දාවට පත් කරහිය. ‘යහපත් දේ සියල්ල ඔබ අතෙහිම ඇත’ නියතව ඔබ සියල්ල කෙරෙහි ඉමහත් හැකියාව ඇත්තා’ යැයි (නබි! ) ඔබ පවසන්න!(ශු.කු. 3:26)
ධාමරික කම් කළ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් සිර කූඩුවේ ලෙඩ ඇඳක වැතිර සිටියි. මෙය ඔහුට ඇති වූ නින්දාවකි.
මුර්ෂිද් ජනාධරය දිනාගෙන ජනතාව අතර ගෞරවයට පත්වෙමින් සිටියි.
සියලු ප්රජසංශා, සකල ලෝකයම මවා පාලනය කරන්නා වූ අල්ලාහ්ටමය. (ශු.කු. 1:1)
Mawahib says:
Umar bin `Abdil-`Azeez wrote to the Syrian army as follows
As-salaamu ‘alaikum wa rahmatullaah. Now then, whoever contemplates death frequently speaks little, while he who knows that death is certain is satisfied with a little. Farewell.
A Ruler usually appoints people to watch over their subjects. I appoint you a watcher over me and my behaviour. If you find me at fault in word or action guide me and stop me from doing it.
There are five things which if a judge missed any of them, it will be a blemish on him: A judge should be discerning, deliberate, chaste, resolute, knowledgeable and inquisitive.
Al-Taqwa (piety) does not mean spending the night in prayers and observing fast in the day, but it does mean: to perform Divine obligations and to avoid prohibitions; and if one acts upon additional good deeds, this will be light upon light.
Ibn ‘Asakir recorded that ‘Umar ibn ‘Abdul-’Aziz wrote to ‘Adiy ibnu ‘Adiy
Belief includes obligations, doctrines, boundaries, and preferred ways. Whoever fulfills all of them has perfected his belief, and whoever does not fulfill them has not perfected his belief. If I live, I will make them clear to you so that you can act on them. If I die, however, I am not eager for your company.
Whoever of you does good action then let him praise Allah. Whoever does wrong action, let him seek Allah’s forgiveness and turn in tawbah, because for some people there is no avoiding doing actions which Allah appointed as their destinies and which He decreed for them.
None can reach the state of taqwa until he possesses neither actions nor words that can be exposed to his embarrassment, either in this World or the Hereafter.