මේ ලිපිය මට ලියන්නට සිතුනේ ඉතාමත් සංවේදී කථාවක් අහන්න ලැබුණු නිසයි. ඒ මෑතකදී මියගිය නිමල් ලක්ෂපතිආරච්චි මහතාගේ ආදරණීය බිරිඳ විසින් ප්‍රකාශ කරන ලද්දක්. 2012 ජූලි 29 වෙනි ඉරිදා රිවිර පත්තරේ, රිවි සරසි අතිරේකයේ 8 වැනි පිටුවේ අභාවප්‍රාප්ත ජනමාධ්‍යවේදී නිමල් ලක්ෂපතිආරච්චි මහතා ගැන ලියැවුණු ලිපියක ඔහුගේ බිරිඳ වන රමණි ලක්ෂපතිආරච්චි මහත්මිය සිය සැමියා ගැන මෙසේ පවසා තිබුණා.
Monthly Archives: July 2012
වාණිජ අරමුණු මත අතරමංවු ක්‍රීඩාව
ක්‍රීඩාව යනු මිනිසාගේ ශාරීරික සුවතාවය සහ විනෝදය අරබයා බිහිවුවකි. ක්‍රීඩා කිරීම මානව ඉතිහාසය ආරම්භයේ සිට පැවත එන්නක් බව අපට කිව හැක්කේ සත්ත්වයන් පවා විවිධාකාරවු ක්‍රීඩා කිරීම් තුලින් වින්දනයක් ලබනු අප නිතර දකින බැවිණි. ක්‍රීඩාවේ අරමුණ කුමක්ද? වත්මන් සමාජය තුල ක්‍රීඩාව සිය අරමුණු ඉටුකරගන්නවාද? යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. Continue reading
ජපානය තුල ඉස්ලාම් දහම පිළිබඳ තොරතුරු විකෘති කර දැක්වීම
ආගම්බේධවාදීන් සිය මතවාද පතුරවන්නට විවිධ ආකාරයේ උපක්‍රම භාවිතා කරති. මා ළඟදී දුටු අන්තර්ජාල පෝස්ටරයක පලවුයේ ජපානයේ මුස්ලිම් වරුන්ට එරෙහිව තිබෙන ජපාන ප්‍රතිපත්තියක් ගැනයි. මෙය පලකර තිබුණේ සිංහ හඬ ලෙස පෙනී සිටින හිවල් හඬ විසිනි. මෙය ජනතාව මුලා කරන අසත්‍ය එකක් බව පෙනුනු නිසා මම ජනතාවට නිවැරදි තොරතුරු දැක්වීමට මේ ලිපිය ලිවීමට තීරණය කළෙමි. Continue reading
“මුහම්මද්” නමින් පලකළ මව්බිම ලිපිය අපහාසාත්මක සහ වැරදි සහගත එකකි.
මව්බිම පුවත්පත් සමාගම විසින් 2012 ජූලි 24 වන අඟහරුවාදා පලකළ පුවත් පතේ “Life 100” “ලෝකය Change කරන්න ඉවහල් වුණු මිනිස්සු” “මුහම්මද්” යන උදෘතයෙන් “රජී” නම් වු නැමැත්තෙකු විසින් පලකළ ලිපියෙන් සහ ඒ සමග පලකළ පිංතූරයෙන් ඉස්ලාමයේ මහාර්ඝ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ට විශාල අපහාසයක් වී ඇත. Continue reading
බස ගැන අනං මනං
සමහරු දේශය සහ ආගම කෙරෙහි දෙන ප්‍රමුඛතාවය භාෂාව ගැන නොදෙති. ඔවුන් කථා කරනවා නම් වැඩියෙන් කුණු හරපය. සමහරුන්ට සිංහලෙන් යතුරුලියනය Type කළ නොහැක. ඒ සඳහා උනන්දුවක්ද නැත. Google Sinhala Transliteration තුලින් සිංහල ඉංග්‍රීසියෙන් යතුරුලියනය කළ හැකි නමුත් එයටද උනන්දු නැත. නමුත් ඔවුන් අප සමග සටනට එන්නේ දේශය සහ ආගම රැක ගැනීමටයි. මොවුන් දේශයට සහ සමයට දක්වන ආදරය බසට නොදැක්වීම ගැන මට නම් ඇත්තේ මවිතයකි. Continue reading
මුස්ලිම් වරුන් රමදාන් මාසයේදී කරන්නේ කුමක්ද?
මුස්ලිම් වරුන්ට පහර ගැසීමට සැමවිටම පුලපුලා බලා සිටින ආගම්බේධ වාදීන් විසින් මේ දින වල රමදාන් උපවාසයද ඉලක්ක කර ඇති බැව් දක්නට ලැබේ. ඔවුන් මෙසේ දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කරන්නේ අනි කිසිදු හේතුවක් නිසා නොව ඊර්ෂ්‍යාව නිසා ඉතා පැහැදිලි කරුණකි. ඔවුන් රමදාන් මාසයත් වෙසක් පෝය දිනත් සංසන්ධනය කරන්නට හදන්නේ ඒ නිසයි. වෙසක් පොහොය යනු එක් දිනකි. රමදාන් යනු දින 30ක් හෝ 29 කි. මෙසේ දින 30 කට ආසන්න කාලයක් පවත්වා ගෙන යන උතුම් කර්තව්‍යයකට මඩ ප්‍රහාර එල්ල කිරීම නින්දිතය. Continue reading
ගව ඝාතණයේ ඇතුල් පැත්ත
බුදු දහමට අනුව ප්‍රාණ ඝාතය අකුසල කර්මයකි. ඒ නිසා ගව ඝාතණය කිරීමද අකුසල කර්මයක් වේ. ලංකාවේ බොදුනුවන් ගවයා සම්බන්ධව විශේෂත්වයක් දක්වන නිසා ලංකාවේ ගව ඝාතණයට එරෙහිව විරෝධතාවයන් එල්ල වේ. මෙම ගව ඝාතණ විරෝධීන් විසින් බොහෝ විට චෝදනා එල්ල කරන්නේ ලාංකික මුස්ලිම් වරුන්ටය. බොහෝ විට ඔවුන් මෙමගින් බොදුනු සහ මුස්ලිම් වරුන් අතර විශාල ආගම්බේධයකට මුල පුරති. Continue reading
උපවාස කරනු ! නැත්නම් පිටුවහල් – සෞදි රජය මුස්ලිම් නොවන්නන්ටද අනතුරු අඟවයි – ලංකා චී නිව්ස් පුවත ඇත්තක්ද?
ඒ ගමන චී නිවුස් විසින් යැංකි මාධ්‍ය වල සිංහල ඒජන්ත භාවය ලබාගෙන ඇති සෙයකි. ඒ නිසා කලින් ක්‍රිස්තියානි ඒජන්තයන්ට කඩේ ගිය (http://www.anvermanatunga.com/2012/03/19/lanka-c-news-reply/) චී නිව්ස් මෙවර රෙදි ගලවාගෙන යැංකින්ටම කඩේ යන්නට පටන්ගෙන තිබේ. ඒ පුවත කුමක්දැයි ඔබගේ දැනගැන්ම පිණිස පහත පලකරමි. Continue reading
මන්නාරම සිද්ධිය ආගම්බේධවාදයට හැරවීම
මන්නාරම අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂනය කර අධිකරණයට ගල් ගැසීමේ සිද්ධිය ආගම්බේධවාදීන් විසින් තමන්ගේ තුරුම්පුවක් ලෙස භාවිතා කරන්නට පටන් ගෙන ඇත. මා මේ පිළිබඳව ලිපියක් ලියන්නට තීරණය කළේ ආගම්බේධවාදීන්ගේ මහදැනමුත්තා වන අසුචිරාළද මැදිහත් වී ඇති බව දුටු නිසාය. පලමුව අප මේ සිද්ධියේ පසුබිම විමසා බලමු. Continue reading
අන්වර් මනතුංගට වීර පුරන් අප්පුගෙන් පිළිතුරු ලිපියක්!!!???
මේ දිනවල අන්වර් මනතුංගට වීර පුරන් අප්පුගෙන් පිළිතුරු ලිපියක් යන මැයෙන් අන්තර්ජාලයේ විවිධ ආගම්බේධවාදී වෙබ් අඩවි වල පලවේ. අපගේ පාඨකයන් විසින් එහි පසුබිම කුමක්ද? සහ ඒ ගැන මගේ ස්ථාවරය කුමක්ද? යන්න දැන ගැනීම සඳහා මේ ලිපිය ලියමි. කෙසේ නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් මා විසින් එවැනි ලිපි වලට පිළිතුරු ලිවීම නොකරන බව පලමුවෙන් කිව යුතුය. Continue reading
ඔබ සැමට කුසලින් පිරි රමදාන් මාසයක්!
පලමුව අන්වර් මනතුංග බ්ලොග් අඩවිය කියවන මුස්ලිම් නොවන සහ මුස්ලිම් ඔබ සැමට මගේ ප්‍රණාමය පලකිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. බාධක වැටකඩොළු මැද ඔබ මා සමග සිටිමින් මා දිරිමත් කිරීම, විවේචනය කිරීම සහ ගොඩ නැගීම ගැන නිහතමානීව ස්තූතිවන්ත වෙමි. මට එරෙහිව විශාල මඩ ප්‍රචාරයක් දියත් වීමට පෙර face book හි මට කැමැත්ත පලකර තිබුනේ දෙසිය අනූ ගණනකි. නමුත් දැන් එය එක්දහස් දෙසීයද ඉක්මවා ඇත. ඒ සඳහා දායකවු සැමට මගේ ස්තූතිය! ඉදිරියටත් ඔබගේ නිරන්තර සහය අපේක්ෂා කරමි. Continue reading
ආගම්බේධවාදීන්ට එරෙහිව අපේ පිළිවෙත විය යුත්තේ කුමක්ද?
ආගම්බේධවාදීන් විසින් අන්තර්ජාලය තුල කරන්නාවු හොරිකඩ සහ මඩ පිළිවෙත අනුකරණය කරමින් දැන් අපේ කිහිප දෙනෙක්ද එසේ කරන බව අපට පෙනෙන්නට තිබේ. මේ ලිපිය ලියන්නට අදහස් කළේ ඔවුන්ට සත්‍ය වටහා දීමටයි. පලමුව වටහා ගත යුතු කරුණක් නම් බල්ලන් අපව සපා කෑවද අපට බල්ලන් සපා කන්නට නොහැකි බවයි. ඒ නිසා අප විසින් ශිෂ්ඨ අන්දමින් එයට පිළියමක් සෙවිය යුතුයි. Continue reading
දෙගුරුන්ට සැලකීම සහ වැඳීම පටලවා ගැනීම
අපේ රටේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි දරුවන්ට අත්විඳින්න වෙන පොදු ගැටළුවක් නම් මුස්ලිම් හෝ කිතුණු නොවන පාසලකදී ගුරුවරුන් නමදින්නට සිදුවීමයි. බොහෝ ගුරුවරුන් මෙහිදී අන්‍යාගමික දරුවන්ට නම්‍යශීලී වන නමුදු තවත් සමහරුන් සිතන්නේ බොදුනු හෝ හින්දු පාසලකට අන්‍යාගමික දරුවෙක් ඇතුළු වන්නේද ඒ දරුවා එහිදී ගුරුවරුන් නැමදිය යුතු බවයි. Continue reading
විවාහ/ප්‍රේම සම්බන්ධතා තුලින් සිදුවන අන්‍යාගම්කරණය සදාචාරාත්මකද?
විවාහ හෝ ප්‍රේම සම්බන්ධතාවයකදී ස්වකීය කාලත්‍රයාව තමන්ගේ දහමට හරවා ගැනීම බොහෝ විට සිදුවන දෙයකි. නමුත් මෙහිදී සිදුවන ක්‍රියාදාමය සදාචාර සම්පන්නද? එසේ නැත්නම් සදාචාරාත්මක විධිය කුමක්ද? යන්න පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. මෙය බොහෝ දෙනෙක් අතර විවාදාත්මක මාතෘකාවක් නිසා මේ පිළිබඳ ගැටළු ඇති අය සෘජු සංවාදයකට පැමිණීම තැන තැන කසුකුසු ගෑමට වඩා යහපත් බව මගේ අදහසයි. Continue reading
ධර්ම ද්වීපයේ ඉරණම කුමක් වේද?
ධර්ම ද්වීපය හෙවත් දහම් දිවයින යනු අතීතයේ අප රට හැඳින්වු විරුදාවලී නම් වලින් එකකි. එහෙත් අද තරම් දම් දෙසුම් වත්, විචිත්‍ර ධර්ම දේශකයන් වත්, විසිතුරු ආගමික ස්ථානවත් එදා නොතිබුණි. එක දම්දෙසුමක් රටපුරා සියල්ලන්ටම එකවර අසන්න තරම් තාක්ෂණයක් එදා නොතිබුණි. නමුත් එදා ධර්ම ද්වීපය ලෙස කටපුරා කියන්නට හැකියාවක් තිබුණද අද එසේ නැත. Continue reading
මුස්ලිම් තොප්පි දාන පිරිමි සහ කාන්තාවන් ඔළුව වහන අළුත් බොදුනු නිකායක්???!!!
මේ දවස් වල බොදුනු සමාජය තුල විවිධාකාරයේ අළුත් අළුත් මතවාදයන් රැගත් නිකායන් බිහි වෙමින් පවතියි. ඒ නිකායන් වලින් මෑතක බිහිවී ඇති අළුත්ම නිකාය නම් මුස්ලිම් පුරුෂයන් මෙන් තොප්පි දමා ගත් පුරුෂයන් සහ මුස්ලිම් කාන්තාවන් මෙන් හිස වසාගත් කාන්තාවන් සිටින බොදුනු නිකායකි. මේ නිකාය පැතිරවීමේ කොන්තරාත්තුව දරා සිටින්නේ “තම්බි අසිපතට එරෙහි සිංහ අසිපත” නම් තවත් මුණුපොත් ගිණුම් හිමි සිඟාලයෙකි. ඒ සිඟාලයා විසින් මූණු පොතේ ඡායාරූපයක් පලකර ඇත. Continue reading
උතුරේ යුද්ධය තිස් වසරක අතරතුර සිදුවුයේ කුමක්ද?
මා විසින් ඊයේ දිනයේදී පලකරන ලද ලක්දිය බුදු දහම අභියස තිබෙන සැබෑ අවදානම පිළිබඳ අන්වර් මනතුංග ගේ විශේෂ හෙළිදරව්ව යන ලිපියට විවිධ ආකාරයේ ප්‍රතිචාර ලැබී තිබුනා. සමහරු පවසන්නේ මේ මිෂනාරීන් ක්‍රියාත්මක වුවද එය ලක්දිව ආගමික සංඛ්‍යාලේඛන වෙනස් කරන්නට තරම් බලපෑමක් නොවු බවය. නමුත් මා පවසන්නේ ලංකාවේ ආගමික ජනසංඛ්‍යා ලේඛන දත්ත වැරදි බවයි. නිවැරදි ආගමික ජන සංගණනයක් තබා එම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන ලෙස මම අභියෝග කරමි. Continue reading
ලක්දිව බුදු දහම අභියස ඇති සැබෑ අවධානම පිළිබඳව අන්වර් මනතුංග ගේ විශේෂ හෙළිදරව්ව
මුස්ලිම් වරුන් ඉතිහාසයේ කවරදාවත් මේ රට ආක්‍රමණය කර නැත. නමුත් අනාගතයේ එවැන්නක් සිදුවේ යැයි සිහිනෙන් බියවී සිටින කොටසක් දැන් ලංකාවේ ඇත. ඔවුන් පවසන්නේ නුදුරු අනාගතයේදීම මුස්ලිම් වරුන් බහුතරය වන බවත් ඉන්පසු ලංකාව මුස්ලිම් වරුන් විසින් ආක්‍රමණය කරනු ඇති බවත්ය. නමුත් මේ මෝඩ පුද්ගලයන්ට එක දෙයක් නොවැටහේ. එනම් මෙහි සැබෑ අනතුර මුස්ලිම් වරුන් නොව බොදුනුවන් අන්‍යාගම්කරණය වීම බවයි. Continue reading
ලාංකික සේවිකාවන් හූනියම් කාරියන් බවට අරාබියේ පැතිරෙන මිථ්‍යාව
මේ දිනවල මැදපෙරදිග රටවල යන ප්‍රචාරයක් නම් ලංකාවේ සේවක සේවිකාවන් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන බවයි. ඇත්තටම යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් සහ හදි හූණියම් බුදු දහමට අනුකූල එකක් නොවන බව අප දනිමු. මෙය ඇත්තටම පැමිණ ඇත්තේ හින්දු වරුන්ගේ ආභාශයෙනි. නමුත් අද බොහෝ දෙනෙක් මේ කෙරෙහි ආකර්ශනය වී මෙතුලින් තමන්ට රිසි දේ කරගැනීමට උත්සාහ දරති. Continue reading
මාංශ අනුභවය සම්බන්ධව බෞද්ධ දර්ශනයේ පවසන්නේ කුමක්ද?
ඊයේ දිනයේ මා විසින් ලියන ලද “දෙව්දත් නිකායේ අය හඳුනා ගනිමු” නම් වු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් චමිත් සොහෝදරයා විසින් ඉතාමත්ම වැදගත් ලිපියක් එවා තිබුණා. ඒ ලිපියේ අන්තර්ගතය බෞද්ධ දර්ශනයේ මස් මාංශ අනුභවය ගැන පවසා තිබෙන දේ සම්බන්ධවයි. සමස්ථයක් ලෙස ගත්කළ එම ලිපියේ කරුණු ඉතාමත් හොඳින් පවසා තිබුණත් යම් යම් ස්ථානවල අපට ඇති ගැටළු සම්බන්ධව පුළුල් සංවාදයක් සඳහා මෙම ලිපිය ලියමි. Continue reading
දෙව්දත් නිකායේ අය හඳුනා ගනිමු
මාංශ ආහාර අරබයා ගැටුම් ඇති කිරීමට බුදුරජාණන් වහන්සේගේ කාලයේද යම් යම් අය උත්සාහ කළා. විශේෂයෙන් ජෛන ආගමිකයන් මාංශ අනුභව නොකළ හෙයින් ඔවුන් එදා සමාජයේ විශාල ගාලගෝට්ටියක් ඇති කරන්නට උත්සාහ දැරුවා. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල මස් මාංශ අනුභව කළ හැකි බවයි. Continue reading
ව්‍යාජ නම් (Fake name) වලින් අපහාස කරන්නේ කොන්දක් නැති නිසාද?
ආගම්බේධවාදී කැණහිළුන් විසින් විවිධාකාරයේ අසත්‍ය ප්‍රචාර ගෙනෙමින් මා යන ගමන නවතන්නට උත්සාහ දැරූමුත් ඒ සියල්ල ව්‍යර්ථ විය. දැන් ඔවුන්ගේ ඊලඟ ඉලක්කය මගේ නමට සමාන ආකාරයෙන් ව්‍යාජ නම් (Fake name) සාදාගෙන ඉන් මා ලියන දේ වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමයි. ඔවුන් බංකොලොත් බව ප්‍රකාශ කරන මේ ක්‍රියාවලියද නවතින්නේ පරාජයකින් බව ඉඳුරාම පැවසිය හැක්කේ සත්‍ය කෙදිනක හෝ ජයගන්නා නිසාය. Continue reading
බුද්ධ ප්‍රථිමා වැඳ අත්අඩංගුවට පත්වු සිද්ධියද බොරුවක් වේ
ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරි නැමති අය බුදු පිළිමයකට වැඳීම නිසා සවුදි පොලීසියේ අත් අඩංගුවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායක මහතා විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශයද අවසානයේ බොරුවක් බවට පත්වී ඇත. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එවන් සිද්ධියකට නොව ඔහු විසින් වෙනත් නිවසක ලාංකික ගෘහ සේවිකාවක් හමුවීමට ගොස් එහි ඇතිවු සිද්ධියක් මත බව වාර්තා වේ. http://www.arabnews.com/lankan-mission-slams-false-report-jailed-maid Continue reading
පෝයට කදුරුවෙල නගරයේ කඩ වැසීම සම්බන්ධ අවුල කුමක්ද?
කිසියම් කන්ඩායමක් විසින් පසුගිය ඇසල පෝය දින කදුරුවෙල නගරයේ කඩ වැසීමට අණ කළ බවක් සහ තර්ජණය කිරීමක් ගැන ෆේස් බුක් තුලින් වාර්තා විය. ඒ ගැන කරුණු සොයා බැලූ මට මෙම ලිපිය ලිවීමට සිත්විය. ඒ පිළිබඳව ෆේස් බුක්හි තොරතුරු පලකළේ කදුරුවෙල තරුණ ව්‍යාපාරිකයෙක් වන රංජිත් රත්නායක නැමති අයයි. ඔහු විසින් සිය ෆේස් බුක් ගිණුම තුල පලකර තිබුණු විස්තරය පහත දක්වමි. Continue reading
නවක බොදුනුවන් දෙදෙනාගේ පටිරෝල් ජවනිකාව
දිනක් මා බසයකින් ගමන් ගනිමින් සිටියදී ගුවන් විදුලි නාලිකාවක විනෝදාත්මක වැඩ සටහනක් විකාශය විය. එය නමින් පටිරෝල්ය. එහිදී කරන්නේ ජවනිකාවට සම්බන්ධ දෙදෙනා විසින් කරන්නේ තමන්ගේ පටිරෝල් කර ගැනීමයි. එමගින් අසන්නාට රසවින්දනයක් ලැබේ. මෙවැනි පටිරෝල් ජවනිකාවක් ෆේස්බුක් තුලින්ද මා දුටුවෙමි. එනම් මුස්ලිම් ලෙස හැඳපැලඳගත් තරුණයන් දෙදෙනෙක් පංසල් ගොස් පහන් පුදන සහ යතිවර වඳින ආකාරයේ ඡායාරූපයකි. Continue reading
ෆේස් බුක් හි පලවන මට විරුද්ධ අසත්‍ය ප්‍රචාර සම්බන්ධව
ලංකාව තුල ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රචාර දියත් වීම අතීතයේ බටහිර පාලකයන් මෙරට පාලනය කළ කාලයේ පටන් සිදුවිය. එහෙත් එය විශාල වශයෙන් වැඩි වුයේ අන්තර්ජාල භාවිතයත් සමගය. ෆේස් බුක් භාවිතාව ආරම්භ වීමත් සමග ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම අතිශයින් තියුණු තත්වයකට පත් විය. අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹෙන්නේ මේ මඩ ප්‍රචාරයන්ගේ සැබෑ නිරුවත එළිදැක්වීමටයි. Continue reading
හිටපු කොටි සාමාජිකයන්ට තිබෙන අයිතියවත් හැරගිය හමුදා සෙබළුන්ට නැද්ද?
වර්තමානය තුල හමුදාව හැරගිය සෙබළුන් විශාල ප්‍රශ්නයක් වී හමාරයි. ඔවුන් විසින් හමුදාව හැරගොස් විවිධ අපරාධයන්ට සම්බන්ධ වී බන්ධනාගාර ගත වෙනවා. සමහර පාතාල සාමාජිකයන්ද හමුදාවෙන් පැන අය ලෙස වාර්තා වෙනවා. මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. Continue reading
ෆේස් බුක්හි පලවුන මගේ ඡායාරූපය සම්බන්ධව
ෆේස්බුක් හි පලවු මගේ ඡායාරූපය සම්බන්ධව අන්තර්ජාලය තුල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් වනවා දුටිමි. ඒ නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමි. එහිදී මා විසින් කිසිදු දහමකට අපහාස කරන අරමුණකින් එය නොකලෙමි. එය වුයේ කෙසේදැයි පහත දක්වමි. කෙසේ නමුදු මා විසින් එම ඡායාරූපය ඉවත් කලෙමි. ඒ අනවශ්‍ය ප්‍රශනයක් දමා ගැනීමට මා තුල ඇති නොකැමැත්ත නිසාය. Continue reading
PC House ආයතනය සම්බන්ධව අන්තර්ජාලයේ පලවන ප්‍රචාර සම්බන්ධව
මේ වන විට PC House ආයතනය සම්බන්ධව අන්තර්ජාලය තුල මාධ්‍ය ආයතනයක් මගින් නිපදවු වැඩසටහනක් ප්‍රචාරය වේ. වෙලඳ ආයතනයක් සම්බන්ධව එවැනි ප්‍රචාරයක් දියත් කිරීම සදාචාරාත්මකද? සහ මෙම ප්‍රචාර වල පදනම සහ අරමුණ කුමක්ද යන්න ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. Continue reading
මෛත්‍රී බුද්ධ සංකල්පය සහ මුහම්මද් නබි තුමාණන්
දැන් හැමතැනම මෛත්‍රී බුදුවරුන් පහල වීමට පටන් ගෙන ඇත. ගාල්ල පැත්තේ බිහිවු එවැනි බුදු කෙනෙක්ට විරෝධය දක්වන්න ගිය යතිවරයෙක්ගේ සිරුර හූරන තරමටත් මෛත්‍රී කර තිබුණා. දැන් රත්නපුරෙත් තව තුන්දෙනෙක් බිහි වෙලාලු. මාකඳුර පැත්තේ තවත් කෙනෙක්ලු. බුදුන් වහන්සේටත් වඩා මහා පුරුෂ ලක්ෂණ තිබෙන කෙනෙකුත් ඉන්නවලු. අංගොඩ මානසික රෝහලේද රෝගීන් 17 දෙනෙක් තමන් බුදු වරු බව පවසනවා යැයි උදය ගම්මන්පිල මහතා මාධ්‍යයට පවසා තිබුණි. ඒ අයට නම් ප්‍රථිකාර ලැබෙන නිසා ප්‍රශ්නයක් නැත. Continue reading




























