Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ෆේස් බුක් හි පලවන මට විරුද්ධ අසත්‍ය ප්‍රචාර සම්බන්ධව

අන්වර් මනතුංග

අන්වර් මනතුංග

ලංකාව තුල ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රචාර දියත් වීම අතීතයේ බටහිර පාලකයන් මෙරට පාලනය කළ කාලයේ පටන් සිදුවිය. එහෙත් එය විශාල වශයෙන් වැඩි වුයේ අන්තර්ජාල භාවිතයත් සමගය. ‍ෆේස් බුක් භාවිතාව ආරම්භ වීමත් සමග ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම අතිශයින් තියුණු තත්වයකට පත් විය. අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹෙන්නේ මේ මඩ ප්‍රචාරයන්ගේ සැබෑ නිරුවත එළිදැක්වීමටයි.

 

ඉතාමත් සීමිත කාලයක් තුල පාඨකයන්ගේ ඉමහත් ජනාදරය දිනා ගනිමින් ඉහලට වැඩුණු අප බ්ලොග් අඩවිය හෙළිකළ කරුණු නිසා බොහෝ දෙනෙක් මවිත විය. තමන්ට මෙතෙක් පැමිණ තිබෙන්නේ වැරදි තොරතුරු බව ඔවුන්ට පසක් විය. නමුත් මෙමගින් සිත් රිදුනු කොටසක්ද ඇත. ඒ ආගම්බේධ වාදය වපුරමින් අන්තර්ජාලය තුල පහරමින් සිටි උදවියයි. ඔවුන් විසින් පලකරන ලද අසත්‍ය ප්‍රචාර වල බලපෑමට කණකොකා හඬන්නට වීම සහ සිංහල පාඨකයන්ගේ ඇස් ඇරීම ඔවුන් නොඉවසිලිමත් කරන්නට හේතු විය.  

 

ඔවුන් මෙතෙක් කරගෙන ගියේ කිසියම් පිංතූරයක් හෝ වදන් පෙලක් ග්‍රැෆික් මගින් මිනිසුන්ගේ හැඟීම් අවුළුවන ආකාරයෙන් අටවා අන්තර්ජාලය තුල ප්‍රචාරය කිරීමයි. මෙමගින් සිදුවුයේ මිනිසුන්ගේ බුද්ධිය අවදි කිරීමක් නොව අසත්‍ය තොරතුරු මගින් මිනිස් සිත් සතන් වල ජාති සහ ආගම්බේධවාදය පුබුදු වීමයි. නමුත් අපගේ ලිපි නිසා ඔවුන්‍ගේ උත්සාහයන් ලත් තැනම ලොප් විය. ඔවුන් බලාපොරොත්තු වු පරිදි කිසිවක් කරගත නොහැකි විය. එමෙන්ම මතුවටද ජනතාව මුලා කිරීමට ඇති හැකියාව අවම කරවන්නටද විය.

 

මේ නිසා දැන් ඔවුන් අළුත් වැඩ පිළිවෙලකට අතගසා තිබේ. එනම් මේ සියළු දේ පසුපස සිටින අයවළුන් ලුහු බැඳීමයි. දැන් ඔවුන් මට විරුද්ධව අසත්‍ය චෝදනා සහ මඩ ප්‍රහාර එල්ල කරන්නේ ඒ නිසයි. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මා නිහඬ කරවීමයි. මා නිහඬ කරවුවහොත් මේ සියළු කරදර අවසන් වී නැවතත් යෙහෙන් වැජඹිය හැකි බවට ඔවුන් සිතනවා විය හැක. ඒ නිසා මේ අවස්ථාවේ ඔවුන්ගේ පූර්ණ බලය මා‍ හට එරෙහිව යොමුකර ඇත. මැදහත් ජනතාව විසින් අප දෙපාර්ශවයේ ක්‍රියාකාරකම් ගැන සංසන්ධනය කර තීරණය කරත්වා යැයි මා පවසමි!

 

මා විසින් අසත්‍ය ලිපි ලියනවා නම් ඒවායේ හරි පැත්ත පෙන්නමින් ඔවුන්ට ලිපි ලියන්න බැරි ඇයි? අසභ්‍ය වචන ප්‍රතිචාර නොඑවා බුද්ධිමය සංවාදයකට එන්න බැරි ඇයි? ඔවුන් සිතන්නේ බුද්ධිමත් ජනතාව මට රැවටෙන බවද? මා සිතන්නේ ජාති, ආගම්, ප්‍රදේශ සහ කුල මල ලෙස බේධ වීමට එරෙහි සියළු ජනතාව දැන් එකට ඒකරාශී වෙන්නට වෙලාවයි මේ.    

 

අනෙක් ලිපි

  • dnote king says:

    welldone…anver..go ahead…

    2012/07/06 at 12:06 PM
  • hussain says:

    ජාතිවාදය අවුසන සෙට් එක වීරයෝ වගේ පෙන්නගෙන හිටියට හැමෝගෙම කොන්ද පන නෑඑකයි නිර්නාමිකව ඉන්නේ. ඒ අතර ඔබනම් අවංක පුද්ගලයෙක් කොන්ද පන තියෙන. සහෝදරයා ඔබ මේවට සැලෙන්න එපා ඔය බොරු වීරයෝ ඔක්කොම තමන් නිර්නාමිකව ජාති වාදය අවුස්සන එක විතරයි කරන්නේ. ඇත්ත කවදාවත් හංගන්න බෑ.

    2012/07/06 at 12:34 PM
  • sana says:

    අන්වර් සහෝදරයා කොහේ හිටයත් අපි ඔබ සමගයි.

    2012/07/06 at 12:58 PM
  • Eshan Fernando says:

    අන්වර් ඔයාට ලොකු මඩ වියාපාරයක් යනවා සොරිඩොට්.කොම් කියන ආගමික අන්තවාදි පේජයෙන්…අපි මේකට මොකක්ද? කරන්නේ

    2012/07/06 at 1:01 PM
    • Anver Manatunga says:

      ඒ ගොල්ලෝ මාව බය කරනවා. මම බය වෙන්නද?

      2012/07/06 at 3:04 PM
  • Chandima fernando says:

    Arrested for idol worship

    Date:2012-07-06 05:02:00

    A Sri Lankan youth employed as a domestic aid has been arrested in Saudi Arabia for worshiping a statue of the Buddha, which is considered an offence according to Shariah law.

    According to the Bodu Bala Senaa, the youth bearing passport no. 2353715 identified as Premanath Pereralage Thungasiri has been arrested by Umulmahami Police, which is a grave situation.

    The organisation states that information has been received regarding a plan that is underway to behead a Sri Lankan youth employed in domestic service in Saudi Arabia. Although a complaint has been lodged at the Foreign Employment Bureau, Battaramulla, under complaint no: CN/158/1205, so far no action has been taken.

    While the youth is a Buddhist, the charge levelled against him is that he paid obeisance to the Buddha at the house where he was employed.

    The Bodu Bala Senaa organisation further said those employed in Muslim countries are prevented from practicing their religious faiths, and if found to do so are punished severely. Recently a Sri Lankan woman was arrested for gazing at a child at a shopping complex, where she was accused of witchcraft, on the grounds that she had a black cord around her wrist.

    However, the organisation accused the Foreign Employment Bureau officials of not educating the Sri Lankan workers travelling to Saudi Arabia regarding the laws in those countries pertaining to religious rights. Therefore, many of our migrant workers in Saudi Arabia face these situations due to their ignorance of the prevailing laws of those countries.

    On prior occasions too many Sri Lankan female domestic workers were forced to embrace Islam, and wear the traditional attire, while so far four Sri Lankan youth have been beheaded in that country.

    2012/07/06 at 1:13 PM
  • අම්මාර් says:

    ඔබේ සෑම ලිපියකම පාහේ වැදගත් පණිවුඩයක් තියනවා. ඔබ යම් චෝදනාවක් නැගුවොත් එය සාක්ෂි ඇතිවයි කරන්නේ. අසභ්‍ය වදන් වලට ඉඩ නොදීම මගින් ඔබ මෙම බ්ලොග් එකේ ගුණාත්මක බාවය ආරක්ෂා කරලා තියෙනවා. ඔය කවදාවත් අන්‍ය ආගම්වලට අබුත චෝදනා , අපහස එල්ල කරන්නේ නැ. මේ බ්ලොග් එකෙන් ජාතික සමගියට රුකුලක් ලැබෙනවා. එනිසා බුද්ධිමත් සිංහල , මුස්ලිම් ජනතාව ඔබ සමග ඉන්නවා . අන්න එනිසයි Facebook අන්තවාදී රැල ඔබ හා ඉරිසියාවෙන් පෙළෙන්නේ. මෙයට වඩා තර්ජන , අවලාද ආවත් නොනැවතී ඉදිරියටම යන්ඩ ඔබට සර්වබලධාරී අල්ලාහ් ඔබට උදව් කරත්වා.

    2012/07/06 at 2:10 PM
  • fathima says:

    paw eyala bayawela athi minissunta aththa therum yai kiyala. ethakota page eke hits aduwei ne….minissu manda buddikada thawa kenek kiyanekak ehenpitinma wishwasa karanna.

    2012/07/06 at 2:54 PM
  • risan says:

    අන්වෙර් මහත්යා . ඔය ගෝරි.COM බය වුණා ඔයාගේ පිළිතුරු ලිපිවලට . ඒ හින්දයි ඔහොම කරන්නේ . බයවෙන්න දෙයක් නැත . ඔයාගේ වැඩ ටික ඔය ලස්සනට කරගන යන්න .

    2012/07/06 at 6:03 PM
  • Eshan Fernando says:

    අන්වර් මාත් කෙලින්ම ජාතිවාදයට විරුද්ද්යි කතෝලික,මුස්ලිම්,යුදෙව් කියන්නේ එකම දෙවියන්ගේ දරුවෝ…දෙවියනි ඔබ ශ්‍රේශ්ටයි..වෙන සත්‍ය්යක් නැත..අන්වර් අපි ඔයා එක්ක..ඔයා මඩ ගැහුවත් බයවෙන්න එපා..එයාලට දැන් ඔනාවෙලා තියෙන්නේ තනි රටක්…ඒත් අපිට ඕනේ හැම ජාතියක්ම සතුටින් ඉන්න රටක් අපි ඒ වෙනුවෙන් සටන් කරමු…

    2012/07/06 at 8:30 PM
    • Anver Manatunga says:

      ඔබට ස්තූතියි අප සමග එක්වීම ගැන.

      2012/07/06 at 8:49 PM
  • හමීඩ් says:

    ඔය එලවලු කන එඋන්ට පුලුවන් කමක් නෑ මේ රටෙ මුස්ලිම් ජාතිකයන්ගෙ අයිතිය නෑති කරන්න.අපි මෙ රටෙ ඉපදුනනම් මෙ රට අපිටත් අනිත් අය වගෙ මෙ රටෙ අයිතිය තියනවා.

    2012/07/06 at 9:02 PM
  • hasan says:

    11:1. නමුත්, කවරහු ඉවසිලිමත්ව සිට, යහකම් කරත්ද, ඔවුනට සමාවද, ඉමහත් කුලියද ඇත.

    2012/07/06 at 10:27 PM
  • ඩිලාන් says:

    sinhala muslim bedhayakin thorawa adviyata lebena manampa pramanaya dinen dine wedi wenaheti dakinkota obe agama jathiya kumak wuwath haride karanna uthsaha karanneth,sarthaka wela thiyenneth kawda kiyala therenawa..

    2012/07/06 at 11:51 PM
  • වීර පුරන් අප්පු says:

    මොකද උනේ අන්වර් ? වැඩේ කෙලවුනා නේද ?
    මම කිව්වනේ internet එකේ හැප්පිලා බලමු කියලා…….
    දැන් වත් ඔය අදුරු ආගමෙන් එලියට එන්න……….. ඔයා තාම late නැහැ.

    2012/07/07 at 12:19 AM
    • Anver Manatunga says:

      මාව බය කරන්න හදනවද? මම බය වෙන්නද?

      2012/07/07 at 4:26 AM
    • asd says:

      @වීර පුරන් අප්පු

      ඔව් වෙසක් වලට හරි එලියය් ඔබලාගේ අගම

      2012/07/08 at 10:19 AM
  • අම්මාර් says:

    මෙතන කොමෙන්ට්ස් ලියන , සිංහල භාෂාව මන ලෙස හසුරවන්ඩ පුළුවන් සිංහල ,මුස්ලිම් සහෝදරයන්ගේ මම ඉල්ලීමක් කරනවා. ඔබලාත් අන්තවාදයට , ජාතිවාදයට විරුද්ද නම් එන්න බ්ලොග් අවකාශයට. ඔබලාත් බ්ලොග් ලියන්ඩ පටන් ගන්ඩ. අපිට කාටවත් අපහස කරන්ඩ ඕනේ නැ. එත් අපි ඔවුන්ගේ නිරුවත් රටට හෙළි කල යුතුයි. සත්‍ය පහදා දිය යුතයි. අපි සියලු දෙන්ඩ එක් වුනොත් මේ ජාතිවාදී බලවේග වලට යන එන මන් නැතිවේවි. අන්වර් ගෙනයන වැඩපිළිවලට අපිත් හැකි අයුරෙන් උදව් කරන්ඩ ඕනේ . දෙවියන්ගේ කැමැත්ත තිබුණහොත් මමත් ළඟදීම බ්ලොග් එකක් ලියන්ඩ පටන් ගන්නවා. රටේ ජාතින් අතර සහජීවනය, සාමය , විශ්වාසය ඇති කරන්ඩ අපි හැකි අයුරින් කටයුතු කරන්ඩ ඕනේ.

    2012/07/07 at 1:24 AM
  • Eshan Fernando says:

    අනිවාර්යෙන්ම අම්මාර් සහෝදරා..සිංහලයකු වන මං දන්නවා සිංහලයන්ගේ හැටි..පම්පෝරි ගොඩායි….ලැජ්ජයි…මේ ලොකෙට දෙවියෙක් ඉන්නවා..අප අදහන්නේ මිත්යා දෙවියෙකුට නෙවි අබ්‍රාහම්ගේ දෙවියන් ඔහු පමණයි මේ ලොකෙට ඉන්න එකම දෙවියන්..අප අදහන්නේ අදුරු ආගමක් නෙවේ..ආගමෙන් පලක් නෑ අපට දැන් අප මිතුරාට විරුද්ධව පල වන බොරු ප්‍රචාර වලට විරුද්ධයි..ඔවුන් අන්තවාදි අදහස් දරාගෙන අප සහෝදර මුස්ලිම් ආගමට මඩ ගහන එක මටත් දුකක්..මොකද?මා විශ්වාස කරන්නේ එකම දෙවියන්වයි..දෙවියන් ඔවුන්ට දඩුවම දේවි සොබාදහම ඔවුන්ට ප්‍රතිචාර දෙයි

    2012/07/07 at 7:34 AM
  • Eshan Fernando says:

    https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/599730_120931481383024_1969118319_n.jpg Face book eke yana photo ekak me kawda?kiyala hoyala balanna..sinhala rawaya kiyana eke thibbe

    2012/07/07 at 9:27 AM
  • bunanm says:

    Bro anvar api oba samagai…….

    2012/07/07 at 1:37 PM
  • bunanm says:

    අන්වර් ඔබයේ ශක්තිය සතුරාගේ කුලප්පුව තුලින් දැකගත හැක.ඔබ සත්‍ය මගෙහි සිටිනබවට තවත් සාධක අනවශ්‍යයි .ඒ මෙතෙක් ඔබ ආ මගෙහි ඔබගේ විජයගග්‍රහනයය්,සර්වබලධාරී අල්ලාහ් දෙවියන්ගේ ආශීර්වාදය හා ආරක්ෂාව සැමදා ඔබට/අපට හිමිය්.

    2012/07/07 at 4:06 PM
    • Anver Manatunga says:

      දිරිමත් කිරීම ගැන ස්තූතියි සහෝ!

      2012/07/08 at 3:27 AM
  • sarji says:

    මා පොව්ද්ගලිකව ඔබ වැනි අයෙක් මෙවැනි බ්ලොග් පිටුවක් කරනවට කැමති නැහේ.එත් අප රටේ සිටින ආගම්වාදී ජාතිවාදී කුහකයන්ගෙන් මේ රට බේරාගත යුථුඉ.
    ඒ නිසා වෙන විකල්පයකුත් නැහේ වගේම කොව්රුත් ඉදිරිපත්වෙන්නෙත් නැහේ.ඔබ වැනි අයෙකු මෙවැනි බ්ලොග් පිටුවක් කරනවට මා අකමැති වීමට හේතුව තමඊ
    ඔබ කරන සමාජ මෙහෙවර මේ බ්ලොග් පිටුවට වඩා ඇති විශාල වීම.එය මා ඔබව පොව්ද්ගලිකව හඳුනන නිසා හොඳාකාරව දනිමි.ඇත්තටම ඔබ වැනි කාර්ය බහුල අයෙකු
    දිනකට කිහිප සැරයක් යාවත් කාලීන වන වෙබ් පිටුවක් කිරීමට කාලය කළමනාකරණය කරන්නේ කෙසේදඊ හිතන කොටත් පුදුම හිතනවා.අප ඔබ සමගය්.ඒ වගේම අල්ලාහු
    සුබහාන තආලා ඔබට මෙය ඉදිරියත් කරහෙන යෙමට ආශිර්වාද කරත්වා යඊ ප්‍රාර්ථනා කරමි.

    2012/07/07 at 5:43 PM
  • Mohamed says:

    අම්මාර්ගේ කතාව හරියට හරි, සිංහල පුලුවන් අපි පුලුවන් තරම් උත්සහ කරමු ඇත්ත ප්‍රචාරය කරන්න. සෙමින් නමුත් ස්තීරව. අන්වර් සහොදරයාට අල්ලා දෙවි පිහිටයි.

    2012/07/08 at 10:39 AM
  • ෆස්ලි says:

    අන්වර් ඔබ ලියන සෑම ලිපියක්ම දෙවරක් සිතා ලියන්න. ඔබව කෙසේහෝ අලුත් නීතියක් මගින් සිරගත කිරීමට අවකාස වැඩිය. තවද ඔබගේ ගමන් බිමන් ද ආරක්ෂා ලෙස කරන්න. ඔබට අල්ලාහ් ගේ පිහිතයි.

    2012/07/08 at 2:11 PM
    • Anver Manatunga says:

      පවතින නීති මගින් නම් බැහැ. මොකද මම කිසිදු නීතියකට පිටින් යමක් ලියන්නේ නැහැ.

      2012/07/09 at 3:03 AM
  • Bawantha says:

    anvar kona kapapu ponnaya nam dan jeewath wuna hondatama athi muwa halal widihata iwarayak karanna ona ahala pahala bahala yaddi prewesamen palyan allhgem(=wallage) pihitayi

    2012/07/08 at 6:51 PM
    • Anver Manatunga says:

      කුණු හරපයකුත් තිබුණාට පලකළේ මෙයාගේ දහම හදුනා ගන්නයි. මෙයා දේවදත්ත නිකායේ කෙනෙක්ද?

      2012/07/09 at 7:22 AM
  • Hafeel says:

    අන්වර් සහෝදරයා ඔබට අල්ලා‍හ්ගෙ රැක වරනය සැමදා සතුයී . මම දන්නවා ඔබ සේලෙන්නේ නැහැ කියා ඔබ‍ට අල්ලාහ්ගේ පිහිටෙන් තව තවත් ශක්තිය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

    2012/07/08 at 10:31 PM
  • Eshan Fernando says:

    ඒකනේ එයාලා අන්වර්ට බයවෙලා බොරුවට කෑ ගහනවා..හු කියන්න වටිනවා

    2012/07/09 at 9:45 AM
  • fathima says:

    lankawe manawa himikam wajabena handai prasiddiyema mewage dewal kiyanne harak…. ehenam ithin mulinma boru karayanwa hire yawala inda one mokada eyalai anith agam walata katha lesa apahasa karanne. boru nam walin hitiyama hoya ganna beha kiya hithanna athi. mathana katawath apahasa karanne nehene eththane kiyanne ay eyalata kenthi yanne???

    2012/07/10 at 3:42 AM

Your email address will not be published. Required fields are marked *

*