Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

දෙව්දත් නිකායේ අය හඳුනා ගනිමු

සමගිය

සමගිය

මාංශ ආහාර අරබයා ගැටුම් ඇති කිරීමට බුදුරජාණන් වහන්සේගේ කාලයේද යම් යම් අය උත්සාහ කළා. විශේෂයෙන් ජෛන ආගමිකයන් මාංශ අනුභව නොකළ හෙයින් ඔවුන් එදා සමාජයේ විශාල ගාලගෝට්ටියක් ඇති කරන්නට උත්සාහ දැරුවා. නමුත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල මස් මාංශ අනුභව කළ හැකි බවයි.

 

ඒ විතරක් නෙමෙයි බුද්ධ ශාසනය තුලද මාංශ ආහාර අරබයා ව්‍යාකූලතා ඇති කරන්න දෙව්දත් තෙරුන් උත්සාහ දැරුවා. දෙව්දත් තෙරුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලු පංච වරයන් අතර අවම වශයෙන් භික්ෂූන්ට වත් මස් මාංශ තහනම් කරන ලෙස ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ මස් මාංශ තහනම් ඉල්ලීම්ද සමගම පංච වරයන් ප්‍රතික්ෂේප කළා. දෙව්දත් තෙර විසින් එවැනි ඉල්ලීමක් කළේ ශ්‍රද්ධාව අරබයා නම් නොවන බව පැහැදිලියි. ඒ ඉල්ලීම කළේ හුදෙක් සමාජය අතර අර්බුධයක් ඇති කරන්නයි. වර්තමානයේද එවන් සමාජ අර්බුධයන් ඇති කරන්න බොහෝ දෙනෙක් උත්සාහ දරමින් සිටිනවා. හැඟුම්බර නොවී බුද්ධියෙන් විමසමින් අප මේ දේවල් වටහා ගත යුතුයි.  

 

දෙව්දත් තෙර විසින් බුදුරජාණන් වහන්සේව ඝාතණය කිරීමට ගල් පෙරළුවේ, සුරා පොවමින් ඇතුන් එව්වේද චීවරය දරමින්මයි. ඒ නිසා චීවරය දැරුවද සුදෝ සුදු වතක් දැරුවද අප විසින් සොයා බැලිය යුත්තේ වස්තරේ දෙස නොව මේ තැනැත්තා විසින් දෙසන්නාවු දෙය තුලින් සමාජය ව්‍යාකූල වනවාද? නැද්ද? යන්න ගැනයි. එමෙන්ම ඒ අයගේ පුද්ගලික ජීවිතයේ චරිත ලක්ෂණද හඳුනා ගත යුතුයි. කලක් මා එක්තරා මුස්ලිම් ආගමික ස්ථානයක ඉගෙන ගන්නට යනවිට එක්තරා ආගමික ගුරුවරයෙක් දුම්පානය කරන්නෙක් බව දැක ගන්නට ලැබුණි. මෙය දැක මා ඔහුගෙන් ධර්මය ඉගෙනීම ප්‍රතික්ෂේප කලෙමි.

 

එවිට අනෙක් අය මා හට පැවසුවේ ඔහු ගැන නොබලන ලෙසත් ඔහු උගන්වන ධර්මය ගැන බලන ලෙසත්ය. නමුත් මා එය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ ඔහුගේ ජීවිතයේ නොමැති ඒ ධර්මය ඉගෙන ගැන්මට මට අවශ්‍යතාවයක් නොමැති බවයි. ඔහුද තමන් දිගටම දුම්පානය කරන බව පැවසුවේ මට සරදම් කරමිනි. නමුත් අද ඔහුට සියල්ල නැතිවී නිකමෙක් බවට පත්ව සිටිනවා. එහෙත් මා ධර්ම දේශකයෙක් වශයෙන් කටයුතු කරනවා. එදා ඔහු ඔහුගේ වරද හදාගත්තා නම් අද හොඳ තත්වයක සිටින්නාවු කෙනෙක් වන්නට තිබුණි. නමුත්  ආගමික දේශකයන් අතර මෙවැනි චරිතය අයහපත් අය කොපමණ සිටිනවාද?

 

එමෙන්ම මේ ධර්මදේශකයන්ගේ ප්‍රධාන ගෝලබාලයන්ගේ චරිතය හෙවත් ගමේ බාසාවෙන් කැරැට්ටුව ගැනත් අප විමසිලිමත් විය යුතුයි. මන්ද ගුරාගේ තරම දැනගත හැක්කේ ගෝලබාලයන්ගෙනි. ඉතිං ගෝලයන්ගේ නොසන්ඩාල කම් වලට ගුරා මොනවා කරන්නද? යැයි සමහර විට ඔබ මගෙන් අසන්නට පුළුවන්. ගුරාගේ තරම දන්නේ ඔහුගේ ළඟම ඉන්න ගෝල බාලයන්ට පමණයි. ගුරුවරයා අධාර්මික නම් ගෝලයන් කෙසේ හැදෙන්නද? පසුගිය දිනවල ගාල්ල ප්‍රදේශයේ ආගමික දේශණයක් හා සම්බන්ධ ගාලගෝට්ටියක රූප රාමු අපි රූපවාහිනියෙන් දැක්කා. ඒ ආන්දෝලනාත්මක දේශනාවට පැමිණි ධර්ම දේශකයා පැමිණියේ ආත්මාරක්ෂකයන් හෙවත් බොඩි ගාඩ්ලා සමගයි. ධර්මය දෙසන්නට යන අයටත් බොඩි ගාඩ්ලා අවශ්‍ය නම් එහි ඇති හරය කුමක්ද?

 

ආගමික සංවාදයක් තුලදී ආවේගශීලී වී ඉන්පසුව අසභ්‍ය වචනයෙන් බැන අඬගසා ගන්නා අය තුල ඇත්තේ කුමණාකාරයේ ආගමික හැඟීමක්ද? තමන්ගේ ප්‍රතිවිරුද්ධ සමයේ අය මරාදාන්න හිතෙන අයගේ හදවතේ ඇත්තේ කුමණාකාර ආගමික හැඟීමක්ද? අන්‍ය ආගමික ලේඛකයන්ට මරණ තර්ජනය කරන අයතුල ඇත්තේ කුමණාකාර ආගමික සංහිඳියාවක්ද? 

 

  • වීර පුරන් අප්පු says:

    අන්වර්….ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල මස් යනුවෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා දැනගෙන කතා කලොත් හොදයි නේද ?

    මා වෙනුවෙන් නොමරන ලද්දක වීය යුතුය
    මෙය පළමු නීතියයි………… ඒ අනුව අන්වර්…. market එකේ තියෙන මස් විකුනන්න තියෙන්නේ කව්රු වෙනුවෙන්ද ? පාරිබෝගිකයන් වෙනුවෙන් නේද ?
    එතකොට පාරිබෝගිකයන් කවද ? මේ අපිම නේද ?
    එහෙනම් එතැනින්ම මාංශ ආහාරය ප්‍රතික්ෂේප වීමක් වෙනවා නේද ?

    ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල මාංශය අනුව………. ආහාරයට ගත හැක්කේ ස්බාවිකව මැරුණු සතෙකුගේ මස් පමණයි………….

    දැන්වත් ඔය අදුරු ආගමෙන් එලියට එන්න අන්වර්…. ඔබට තව කල් තියෙනවා……….

    2012/07/10 at 10:28 AM
    • Anver Manatunga says:

      ත්‍රිකෝටි පරිශුද්ධිය ගැන තවදුරටත් උගත් භික්ෂුවකගෙන් කරුණු ඉගෙන ගන්න. ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල මැරුණු සතුන්ගේ මස් නම් බුදුරජාණන් වහන්සේ එය සෘජුවම පවසනවා.

      2012/07/11 at 4:51 AM
  • Chamith says:

    Dear Anver, Please publish this

    බෞද්ධ දර්ශනයේ මස් මාංශ අනුභවය පිළිබඳව සඳහන් වන්නේ කුමන ආකාරයටද?

    බුදුහාමුදුරුවෝ කියන්නේ සියලූ සත්ත්වයන්ට මෛත‍්‍රී කරපු කෙනෙක්. බෞද්ධ සාහිත්‍ය සඳහන් වන විදිහට උන්වහන්සේ ඉපදුණ වෙලාවේත් බුදුවුණ වෙලාවේත් මිනිස්සු සැනසුණා. අපායේ පවා ගිනි දැන් නිවුනා කියලා කියනවා. අපා ගත වූ මිනිස්සු එයින් මිදුනා. බිහිරන්ට කණ් ඇසුණා. ගොළුවන් කතා කළා. කොරුන් ඇවිද්දා. බුදුහාමුදුරුවෝ පහල වීමත් සමඟ සකල ලෝක සත්වයාට සැනසීම උදා වුණා. සෑම බුද්ධ දේශනාවක් තුළම මෛත‍්‍රීය කියන දෙය අන්තර්ගතයි. උන්වහන්සේ කිසිම ප‍්‍රාණියෙකුට හිංසාවක් කරන්න අනුබල දුන්නේ නෑ. බුද්ධ චරිතය තුළත් බුද්ධ දේශනය තුළත් ඇතුළත් වුණේ සියලූ සත්වයන්ට මෛත‍්‍රී කිරීම.

    අපි කොහොමද මෛත‍්‍රී කරන්නේ කියන එක කරණීයමෙත්ත සූත‍්‍රයෙන් තවත් පැහැදිලි කරනවා. ලොකු කුඩා සියලූ සතුන්ටත්, ළඟ සිටින සහ දුරසිටින සතුටන්ටත් සියලූම සත්වයෝ සුවපත් වේවා කියලා ඒ සූත‍්‍රය තුළ කියවෙනවා. ඒ අනුව බෞද්ධ දර්ශනයේ කොතනකවත් සත්ත්ව ඝාතනය, හිංසාව හෝ මංශ අනුභය අනුමත කරන්නේ නෑ.

    බුදුහාමුදුරුවෝ අවසාන කාලයේදී මස් මාංශ වැළදූ බවට සමාජයේ මතයක් තියෙනවා. ඒ පිළිඳව ඔබ වහන්සේගේ අදහස පැහැදිලි කළොත්.

    බුදුහාමුදුරුවන්ගේ අවසාන දානය සහ වැළඳුණු රෝගය පිළිබඳව සමාජය දැනුවත් නෑ. සුජාතා සිටු දියණිය මුලින්ම පුදපු කිරිපිඬු දානයත් මේ කියන අවසාන දානයත් සංසාරයේ පෙරුම් පුරලා දීපු දාන විදිහට තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ.

    මේ උතුම් දාන වලදලා නෙවෙයි බුදුරජානම් වහන්සේ රෝගී වුණේ. උන්වහන්සේට මාස තුනකට කලින් කුසේ වේදනාවක් ඇතිවුණා. උන්වහන්සේ පිරිණිවන් පාන බව ඒ වනවිටත් අවබෝධ කොටගෙන හිටියේ. ඒ අවස්ථාවේදී උන්වහන්සේ ස්ථීර අධිෂ්ඨානයෙන් මේ කුසේ වේදනාව තව මාස තුනක් යන තුරු වැළඳී නොසිටීමට ප‍්‍රර්ථනා කළා. අවසාන දානය වැළදූ පසු ඊළඟ දින අර මාස තුන සම්පූර්ණ වුණා. ඒනිසා තමයි උන්වහන්සේ අසනීප වුණේ.

    කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ අවසාන දානයට ‘‘සූකර මඤ්ඤව’’ එක්කර තිබුණා. සූකර මඤ්ඤව කියන්නේ ඌරන්ගේ මලපහ වේලූනු තැන්වල හැදෙන හතුවලට.

    ස්වභාවික හතු හැදෙන්නේ සතුන්ගේ මලපහ වේලූණු තැන්වල මේ හතු හැදිලා තිබුණේ ඌරන්ගේ මලපහ වේලූනු තැනක. හතු මස්මාංස ගණයට අයිතිවෙන්නේ නෑ. කෙසේ වෙතත් සමාජයේ මතයක් තියෙනවා සූකර මඤ්ඤව කියන්නේ ඌරුමස්වලට කියලා. ඒක වැරදි මතයක්.

    දෙව්දත් හාමුදුරුවෝ එක තැනකදී අහනවා භික්ෂූන් වහන්සේ සෑම කාලයේදීම නිර්මාංශ විය යුතු බව. නමුත් බුදුරාජානන් වහන්සේ ඒක පිළිගත්තේ නෑ නේද ?

    ඔව් .දෙව්දත් කියන්නේ ශාසනය බේද බින්න කරපු කෙනෙක්. දෙව්දත් හාමුදුරුවෝ එහිදී ශාසනය බේදකරන්න කරුණු පහක් ඉදිරිපත් කළා. සංඝයා වහන්සේ නිර්මාංශික විය යුතු බව එයින් එකක්. බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා මෙය ශාසනය බේදකිරීමට ගෙනා යෝජනාවක් බව.

    ඒ වගේම බුදුරාජණන් වහන්සේගේ එක් අවස්ථාවකදී මස් මාංශ අනුභවයට අවසර දුන්නා. නමුත් ඒ ‘‘ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ’’අනුභවයට පමණයි.

    ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ, යම් සතෙක් මැරුවා කියලා දැක්කෙත් නැති, මැරුවා කියලා ඇහුවෙත් නැති, මැරුවා කියලා හිතන්නත් බැරි මාංශයක්. ඒ කියන්නේ ඉබේ මැරුණ සතෙක්. ඒ මාංශය අනුභව කළාට සතාට හානියක් වෙන්නේ නෑ.

    උන්වහන්සේ ඒ මාංශයට පවා අවසරය දුන්නේ හේතුවක් ඇතිව. ඒ කාලයේ දඩයක්කරුවොත් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගත්තා. ඒ සංඝයා වහන්සේලා පුරුදු වී සිටියේ මස් මාංශ අනුභවයට.

    බුදුරජාණන් වහන්සේ ඔවුනට ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වැලදීමට අවසර දුන්නා. එතනදිත් අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සහනශීලීත්වය. එදා දෙව්දත් තෙරුන්ගේ යෝජනාවට එකඟවුණා නම් මෙකී සංඝයා වහන්සේලාට අසාධාරණයක් වෙන්න තිබුණා.

    අද සමාජයේ බොහෝ දෙනෙක් මස් මාංශ අනුභවයේදී මාංශ වර්ග අතර තේරීමක් සිදු කරනවා. මස් මාංශ තේරූ පමණින් පවින් නිදහස් වෙන්න පුළුවන්ද?

    බෞද්ධයෝ විදිහට අපි මස්මාංශ අනුභවය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කරනවා. ඉස්ලාම් භක්තිකයෝ ඌරුමස් කන්නේ නෑ. ගවයා දෙවියන් වාහනයක් කොට සලකා හින්දු භක්තිකයෝ ගව මස් අනුභව කරන්නේ නෑ. බෞද්ධයෝ විදිහට අපි බොහෝ දෙනෙක් මේ දෙකම අනුභව නොකළත් කුකුල් මස් අනුභව කරනවා. හැම සතෙක්ම ජීවිතයට ආදරෙයි. ඒ නිසා කිසිම සතෙකුගේ මස් අනුභව කිරීම අනුමත කරන්නේ නෑ.

    වෛද්‍ය විද්‍යාවේදී පවසනවා සත්ව ප්‍රෝටීන ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් බව .සත්ත්ව ප්‍රෝටීන ශරීරයට ලැබෙන්නේ බාහිරින් ගනු ලබන මස් මාංශවලින් පමණයි. ඔබ වහන්සේ මෙය විග‍්‍රහ කරන්නේ කෙසේද?

    වර්තමානයේ ඇතැම් වෛද්‍යවරු නිර්මාංශික වීම අගය කරනවා. තවත් සමහරු මස් මාංශ අවශ්‍ය බව පවසනවා. අද ලෝකයේ ඕන තරම් මස් මාංශ අනුභව නොකරන නිරෝගී පුද්ගලයන් ඉන්නවා. නිර්මාංශ වීම නිසා රෝගී වුණ පුද්ගලයන්ට වඩා මාංශ පරිභෝජකයින් රෝගී වන අවස්ථා බහුලයි.

    උදාහරණයක් විදිහට අද බ්‍රොයිලර් කුකුළන්ගේ මස් අනුභවය නිසා බොහෝ දෙනෙක් රෝගී වෙනවා. සාමාන්‍යයෙන් කුකුළෙකු වැඩෙන්නට අවුරුදු දෙකක් ගතවෙනවා. දින 40න් 45න් හැදෙන බ්‍රොයිලර් කුකුලන්ගේ තියෙන්නේ විකෘති ජාන. ගැහැණු දරුවන් වැඩිවියට පත්වීමට සාමාන්‍යයෙන් අවුරුදු 12ක් 13ක් යනවා.
    නමුත් අද කාලේ මේ විකෘති ජාන ශරීරගත වීම නිසා අවුරුදු හයෙන් හතෙන් ගැහැණු දරුවෝ වැඩිවියට පත්වෙනවා. ඔවුන්ගේ ශරීරය වැඞී තිබුණට නිරෝගී බවක් නෑ. අයුෂත් අඩුයි.

    ඒ වගේම සත්ව මාංශ හරහා පසුගිය කාලේ බොහෝ රෝග ව්‍යාප්ත වුණා. කුරුළු උණ, සූකර උණ අපට උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්.

    ඒ වගේම සතෙක් මැරීමේදී ඒ සතා සමඟ සිටින අනික් සතුන්ගේ ලේ විෂ වෙනවා. දුක කෝපය ඊට හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. විෂ වූ ලෙයක් සහිත සතුන්ගේ මස් අනුභවය නිසා මිනිස්සු නිරෝගී වෙනවා යැයි කීම සත්‍යයක් වෙන්න බෑ. මේ ලොකේ මිනිස්සු මස් මාංශ හේතුවෙන් අසනීප වෙන අවස්ථා බොහෝ වන බව මෙමගින් පෙනී යනවා.

    මස් මාංශ අනුභවය වගේම සත්ත්ව කිරි ආහාරයට ගැනීමත් ප‍්‍රතික්ෂේප කරනවාද?

    බුදුරජාණන් වහන්සේ පවා පස්ගෝරස වැලදුවා. එම දානය අනුමත කරා. ඒ වගේම ගවයන්ගේ කිරි මිනිසා පරිභෝජනය කිරීමේදී ගව පැටියන්ගේ කිරිත් පරිභෝජනයට ගැනීම නිසා පැටියට කිරි නැතිවෙන බවටත් එයින් පාපයක් සිදුවෙන බවටත් මතයක් තියෙනවා. නමුත් අපේ සමාජයේ කවුරුත් පැටියට කිරි නොදී කිරි ගත්තේ නෑ. අපි සතාට වැඳලා කිරි ගත්තේ. සතාගේ හිස අතගා ‘පුතේ පැටියට කිරි කොටහා තිබ්බා’’ කියලා. ගවයාගේ කිරිවලින් පෝෂණය ලැබීම පවක් කියලා කොහෙත්ම කියවුණේ නෑ.

    බිත්තර අනුභවයත් පාපයක්ද?

    බිත්තරය කියන්නේ ජීවියෙක්ගේ මුල්ම අවස්ථාව. අද මරණයයි ගබ්සාවයි කියන්නේ එකක්. බිත්තරයක් කැඞීම කියන්නේ ගබ්සා කිරීමක්. අද තියෙන බිත්තරවල ජීවී බවක් නෑ. ඒ ජීවී බව නැති කරන්නෙත් අපි විසින්මයි. බෞද්ධ දර්ශනයේ කියවෙනවා පවු පලදීම පිළිබඳව. සාමාන්‍යයෙන් ජීවී බව අහිමි කිරීමේ ප‍්‍රතිපලය වන්නේ මිනිසුන් වඳවබට පත්වීම. බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ හමුවීමට විවාහක යුවළක් පැමිණියා. ඔවුන්ට දරුවන් සිටියේ නෑ. මේ දුක බුදුරජාණන් වහන්සේට කියන අවස්ථාවේදී උන් වහන්සේ පවසා සිටියේ එය ඔවුන්ගේ පෙර ආත්මයක පවු පළදීමක් ලෙස ඔවුන් කැලයට ගොස් කිරිල්ලියකගේ බිත්තර කුඩුකර අනුභව කිරීම මේ ආත්මයේ මෙසේ වීමට හේතුව බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

    වර්තමාන දන්සැල්වල මස් මාංශත් දන් දෙනවා. ඒ දානයෙන් පිනක් ලැබෙනවද ?

    බුදුහාමුදුරුවෝ ඉපදුන දවස සහ බුදු වුණ දවස කියන්නේ සකල ලෝක සත්වයාට සැනසීම උදා කර දුන් දවසක්. එදාට දෙන්න පුළුවන් ලොකුම දානය තමයි අභය දානය. නමුත් අද අවාසනාවකට මෙන් දන්සැල්වල මස් මාංශ අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මස් මාංශ නැති දන්සැල් ජනතාව ප‍්‍රතික්ෂේප කරන කාලයකුත් වෙලා. මේ දෙය බෞද්ධ දර්ශනයේ මූලික සංකල්පවලින් ඈත් වෙනවා. දන් සැලක් දෙන්නේ තවත් කෙනෙකුගේ කුසගිනි නිවන අර්ථයෙන්. විනෝදයට ආශාවට, ප‍්‍රදර්ශනයට සහ තරගයට දෙන දෙයක් නෙවෙයි. දන්සැල් දීමෙන් පිනක් කරගන්නවා විනා ඊට මස්මාංශ එක්කර තවත් පවක් සිදුකර ගැනීම යෝග්‍ය වෙන්නේ නෑ.

    ‘‘දන්සැල් වදිනවා’‘ කියන වචන භාවිතය සුදුසුද?

    නැහැ. අපි වදින්නේ ත‍්‍රිවිධ රත්නය ඇතුළු දෙමාපිය වැඩිහිටියන්ට. දෙවියන්ටවත් වදින්නේ නෑ. දන්සැලකට ගිහින් කරන්නේ වදින එක නෙවෙයි කෑම කන එක.

    ඔබ වහන්සේ මේ උතුම් පෝය දිනයේදී ප‍්‍රාණඝාතය පිළිබඳව සමාජයට දෙන පණිවුඩය කුමක්ද?

    ‘‘පානාතිපාතා වේරමණී සික්කාපදන් සමාධියාමි’’ බුදුරජාණන් වහන්සේ පංච ශීලයේ මුලින්ම කියා දුන් පන්සිල් පදය . පන්සිල් රකිනවා කියන්නේ ඒ දෙයින් වැලකීම, ඊට අනුබල දීමෙන් වැළකීම සහ වැළකීමේ ගුණ කියා දීමයි. පළවෙනි සිල් පදය රකින්න නම් ප‍්‍රණඝාතයෙන් වැළකිලා මදි. ඊට අනුබල දී මෙනුත් වළකින්න ඕනේ. මේ උතුම් වෙසක් පෝ දිනයේ අපට ඒ දේ කරන්න පුළුවන් නම් ඔබ උතුම් පුණ්්‍යකර්මයක් කර ගන්නවා. එකපාරට එයින් වැළකුණේ නැතත් අපට එය පියවරෙන් පියවර කරන්න පුළුවන්. මාස හතක් යනකොට අපි මස් මාංශ භාවිතයෙන් සම්පූර්ණයෙන් වළකිනවා. එවිට අපි අභය දානමය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක අපේ ජීවිතයට ලොකු බලයක් පිටුවහලක් සහ ශක්තියක් බවට පත්වෙනවා. හැම දෙනාටම තෙරුවන් සරණ

    2012/07/10 at 10:29 AM
    • Anver Manatunga says:

      මාංශ අනුභවය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම්

      දහම් අප කීර්තියට පත් කිරීම සඳහා වෛර චින්තනයේ නියුතු සුළු පිරිසක් මාංශ අනුභවය පිළිබඳව තම දහමේ මුලාශ්‍රයන්හි සඳහන්වී ඇත්තේ කුමක්ද යන්න ගැන නිවැරදි දැනුමකින් තොරව උද්වේගය පමණක් පදනම් කරගනිමින් විකෘත මත වාදයන් ඉදිරිපත් කරමින් සිටිති.

      ඒ නිසා මේ පිළිබඳව ඇති ආගමික මුලාශ්‍රයන්හි සඳහන් කරුණු හා ආගමික විද්වතුන්ගේ අදහස් මෙමගින් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

      ආගමික මුලාශ්‍රයන් පිරික්සීමේදී පෙනීගිය වැදගත් කරුණක් නම් කිසිම දහමක් මාංශ අනුභවය අනිවාර්ය කර නොමැති බවය. මාංශ අනුභවය පුද්ගලික කැමැත්ත හෝ අකමැත්ත පදනම් කරගත් චර්යාවකි. මේ අතර කිසිම ප්‍රධාන දහමක් මාංශ අනුභවය තහනම් කරද නොමැත. මෙම කරුණු දැනගත හැකි වන්නේ උද්වේග චින්තනය පසෙක ලා ආගමික මුලාශ්‍රයන් පරිශීලනය කර බැලීමෙන් පමණි. ආගමික විද්වතුන්ගේ මතද මේ සම්බන්ධව වැදගත් වන්නේය. ශ්‍රීලාංකීය සමාජය බහු ජන වාර්ගික හා බහු සංස්කෘතික එකක් වන අතර එක් එක් වාර්ගිකයන්ට හා සංස්කෘතීන්ට ආවේනික වූ සිරිත් විරිත් පැවතීම ස්වභාවික කරුණකි. ආහාරය, ඇඳුම, ආගමික විශ්වාසයන් හා නැමදුම් රටාව, විවාහ කටයුතු, අවමංගල කටයුතු යනාදිය මේ අතුරින් වැදගත් වන අතර, මේවා එක් එක් කොටසට ආවේනිකවූ සිරිත් විරිත් පිළිපදිමින් සිදු කිරීම ද ස්වභාවික දෙයකි. මගේ පිළිවෙත නුඹ ද අනුගමනය කලයුතු යැයි බල කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව රටේ ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කොට ඇති මුලික අයිතිවාසිකම් අනුව මෙන්ම අනෙකුත් සිවිල් හා දණ්ඩ නීති සංග්‍රහයෙන් ද සහතික කොට ඇත. ඉස්ලාමීය ඉගැන්වීම් මේ පිළිබඳව ඉතා පැහැදිළි ලෙස කරුණු ඉදිරිපත් කර ඇත.

      “දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලිව ඇත.” (අල්-කුර්ආන් 2: 256)

      “නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද?” (අල්-කුර්ආන් 10:99)

      ලොව සියළු දහම් මිනිසාගේ චින්තන නිදහස සහතික කොට ඇත. අංගුත්තර නිකායේ මහා වග්ගයේ එන කාලාම සුත්‍රයෙන් බුදුන් වහන්සේ දේශනා කලේද මෙයයි. එහි කෙටි අර්ථය ඔබගේ අවධානය පිණිස පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.

      බුදුන් වහන්සේ කොසොල් රට කේසපුත්ත නියම් ගමට වැඩිය අවස්ථාවේ එහි විසු කාලාමයෝ නම් වූ පිරිස උන්වහන්සේට ඉදිරිපත් කළේ ඉතා වැදගත් මෙන්ම බුද්ධිමය විමසුමකින් පැහැදිලි කලයුතු බැරෑරුම් ප්‍රශ්නයකි.

      “ස්වාමීනි! කේසපුත්තයට පැමිණෙන මහන බමුණෝ තම තමන්ගේ වාද අගයමින්, අනුන්ගේ වාද හෙළා දකිති. මොවුන්ගෙන් කවරෙක් ඇත්ත කියද්ද? කවරෙක් බොරු කියද්ද? කවරෙක් පිළිගත යුතු ද? කවරෙක් අත්හල යුතුද? යන විමතියෙන් අපි පසුවෙමු”. මෙය කාලාමයන් ඉදිරිපත් කල පැනයයි.

      උන් වහන්සේ එදා කාලාමයන්ට තේරුම් කර දුන් එම පර්යේෂණය කාලාමයන්ට ඉන් පසුවත් සැක විමති ඇති අවස්ථාවලදී ද බොහෝ ප්‍රයෝජනවත් වන්නට ඇත. එය කාලාමයන්ට පමණක් නොව සකලවිධ මුලාවීම්, රැවටීම්, අන්ධකාරවල ගිලීම් ආදියෙන් මිදී සත්‍යය අසත්‍යය වටහා ගැනීමට ඉවහල් වන අගනා පර්යේෂණයකි.

      එම පර්යේෂණය පහත දැක්වේ.

      කාලාමයෙනි, යමක ගැන සැකයක් විමතියක් ඇති වීම ස්වභාවිකය. සැකයක් ඇතිවන්නේ ද සැක කටයුතු දෙයක් ගැනමය. එවැනි සැක දුරු කරගෙන ඒ දෙය පිළිගත යුත්තේද පිළිනොගත යුත්තේ දැයි තීරණය කර ගැනීම ඉතා වැදගත්ය.

      එවැනි තීරණයක් ගැනීමේදී:

      එය බොහෝ අවස්ථාවල අසා ඇත්තේය,
      එය අපගේ ඉපැරණි පරම්පරාගත සම්ප්‍රදාය වන්නේය,
      එය දුෂමාන ආරන්චියක්ව පැවැත්තේය,
      එය ලියකියවිලිවල සඳහන්ව ඇත්තේය,
      එය අප උගත් ශාස්ත්‍රයට සරිලන්නේය,
      එය එසේ යැයි අනුමාන වශයෙන් සිතෙන්නේය,
      එය අපගේ ගුරුවරයාගේ මතයද වන්නේය,
      එය අපගේ දෘෂ්ටියට ගැලපේ,
      එය තර්කානුකුලව බලන කල මැනවයි සිතේ,
      එය ඉදිරිපත් කරන්නා ගරු කටයුත්තෙක් මෙන් පෙනේ,
      වැනි කරුණු මත පිහිටා එය පිළිගැනීමට තීරණය කල යුතු නොවේ.

      “යම් දෙයක් යහපත්ය, කුසල්ය, හා නිවැරදිය යනුවෙන් ඔබටම වැටහේද, එය උතුමන් විසින් මැනවයි සම්භාවිකද, එය බොහෝ දෙනාගේ යහපත පිණිස වන්නේද, එවිට එය පිළිගෙන පිළිපදිනු. යම් දෙයක් අයහපත්ය අකුසලය හා වරදය යනු ඔබටම වැටහේද ඒ දෙය උතුමන් විසින් ද නොමැනවයි පිළිකෙව් කරන ලදද එවිට එය නොපිළිගනු.”

      අද අප වෛර හා ක්‍රෝධ චින්තනය මත පදනම් වී අන් අය වෙත දමා ගසන්නාවූ චෝදනා, මැසිවිලි, හා උද්ඝෝෂණ කෙතරම් දුරට ඉහත බුද්ධ භාෂිත දේශනය සමග සැසඳේදැයි සොයා බැලිය යුතු නොවන්නේද?

      මේ පිළිබඳව ඉස්ලාමීය කෝණයෙන් කරුණු විමසා බලමු.

      ‘නුඹලා දැනගෙන සිටින තත්වයේ අසත්‍යය සමඟ සත්‍යය නුඹලා නොපටලවවු. තවද නුඹලා සත්‍යය නොසඟවවු. (අල්-කුර්ආන් 2:42)

      බුහාරි හා මුස්ලිම් යන හදීස් ග්‍රන්ථයන්හි සඳහන් නබි වදන උපුටා පහතින් දක්වා ඇත්තෙමු.

      ‘සත්‍යය නියතවශයෙන්ම යහපත කරා මඟ පෙන්වයි. යහපත ස්වර්ගය කරා මඟ පෙන්වයි. නියතවශයෙන්ම සත්‍යය වාදියෙක් ලෙස අල්ලාහ් විසින් මිනිසෙකු ලියාගනු ලබන තෙක් ඔහු සත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි. නියතවශයෙන්ම අසත්‍යය අයහපත කරා මඟ පෙන්වයි. අයහපත නිරය කරා මඟ පෙන්වයි. නියතවශයෙන්ම මිනිසෙකු බොරුකාරයෙකු ලෙස අල්ලාහ් විසින් ලියාගනු ලබන තෙක් ඔහු අසත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි.’

      ආගමික බහුත්වය හා ආගමික නිදහස පිළිබඳව වූ ඉස්ලාමීය ඉගැන්වීම් කෙරෙහිද අපගේ අවධානය යොමු කරමු. අන් දහම් වලට අපහාස නොකරණ ලෙසද ඉස්ලාමය ඉතා පැහැදිලිව උගන්වන්නේය.

      “අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් නමදින්නේද එයට නුඹලා අපහාස නොකරව්” (අල් කුර්ආන් 6:108)

      “(නබිවරයාණනි,) නුඹ මෙසේ පවසවු. මනුෂ්‍යයිනි, සැබැවින්ම නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය (අල්-කුර්ආනය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු (එය අනුගමනය කර) යහමඟ (තෝරා) ගන්නේ ද එහි යහ ඔහුටමය. යමෙක් නොමඟ (තෝරා) ගන්නේ ද එහි අයහ ඔහුටමය. තවද මම ඔබව (බලකර) පාලනය කිරීමට බලයක් ඇත්තෙකු නොවන්නෙමි.” (අල්-කුර්ආන් 10:108)

      “සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරයාණනි,) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා, කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා” (අල්-කුර්ආන් 18:29)

      ඉස්ලාමීය සමාජ චර්යාවන් පිලිබඳව ඇති ඉගැන්වීම් වලින් බිඳක් කෙරෙහි ද අපගේ අවධානය යොමු කරමු.

      “(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක්වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබාගත යුතු යැයි ඔහු(අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල්-කුර්ආන් 16:90)

      “(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බියවවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල්-කුර්ආන් 5:8)

      “විශ්වාසවන්තයිනි, කිසිම පිරිමියෙකුට අන් කිසිම පිරිමියෙකු සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුන්ට වඩා උසස් විය හැකිය. (එසේම) කිසිම ස්ත්‍රියක් අන් කිසිම ස්ත්‍රියකට සමච්චල් නොකළ යුතුය. ඔවුන් මොවුන්ට වඩා උසස් විය හැකිය. ඔබගෙන් අයෙකු අන් අයෙකුට අපහාස නොකළ යුතුය. (නපුරු) නම් පටබැඳීම් නොකළ යුතුය. විශ්වාස කළ පසු නපුරු නම් පටබැඳීම අති මහත් පාපයකි. කව්රුන් හෝ (මෙයින්) ඈත් නොවුවහොත් ඔවුන් (සීමාව ඉක්මවූ) අපරාධ කරුවන් වන්නෝය. (අල් කුර්ආන් 49:11)

      පහත සඳහන් ශුද්ධවූ බයිබල් වාක්‍යය ද අපට පවසන්නේ සත්‍යයේ වැදගත් කමය.

      ‘ඔබ සත්‍යය අවබෝධ කරගන්නහුය. සත්‍යය ඔබ නිදහස් කරන්නේය.’

      (ශුද්ධවර ජොහන් 8:32)

      හින්දු දහමේ උගන්වන්නේ ද සත්‍යය එකක් බවය.

      ‘ඒකම් සත්ත්’ (රිග්වේදය) අර්ථය: සත්‍යය එකකි.

      එනිසා අපි සත්‍යය අවබෝධ කරගනිමු. දැනුවත්වෙමු, වෛරය, ක්‍රෝධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු. ඉදිරි පරපුරට සාමකාමී හා සෞභාග්‍යයෙන් යුත් රටක් ගොඩනගන්නට අවශ්‍ය අඩිතාලම දමන්නට අදම අධිෂ්ටාන කර ගනිමු.

      මාංශ අනුභවය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම්

      පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි විශේෂවේදී උපාධිදාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද “නිර්මාංශ ආහාරය පිලිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්‍රන්ථයට එම විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශාධිපති ආචාර්ය මුවඇටගම ඤාණානන්ද හිමි විසින් ලියන ලද පෙරවදනින් පහත සඳහන් කොටස උපුටා ඉදිරිපත් කොට ඇත්තෙමු.

      “ලෝකයේ සියලු ජීවීහු ආහාරය මත යැපෙති. එය සර්ව සාධාරණ ලෝක නියාමයකි. මෙම කාරණය බුද්ධ දේශනාවෙහි “සබ්බේ සත්තා ආහාරට්ඨ්තිකා” යනුවෙන් කෙටියෙන් සඳහන්වේ. ආහාරය හෝ ආහාර රටාව පාරිසරික සාධක මත බෙහෙවින් රඳා පවතියි. ඒ ඒ පරිසර පද්ධතීන්හි ඊටම ආවේනික සත්ත්වයන් මෙන්ම විවිධ ගහ කොලද ඇත්තේය. මිනිසා සෙසු සත්ත්වයන්ගෙන් වෙනස් වන කාරනා අතර ප්‍රධාන සාධකයක් නම් ඔහු සතු විචාර බුද්ධිය පදනම් කරගෙන ක්‍රියා කිරීමේ හැකියාවයි. අහාර විෂයෙහි දී මිනිසා සම්බන්ධයෙන් පාරිසරික සාධක වලට අමතරව මානසික සාධකයද වැදගත් වන බව ප්‍රකටව පෙනෙන කරුණකි. මනුෂ්‍යයා තම ආහාර සකස් කර ගන්නේ ඔහුගේ ආශාව හා රුචිය ද පදනම් කරගෙනයි. එබැවින් ඔහු පාරිසරික සාධකවලට අමතරව තම සිතැඟි අනුව විවිධ දෑ ආහාරයට එක්කර ගැනීමට හුරු පුරුදු වී සිටී. ආහාරය පිළිබඳව ආගමික මග පෙන්වීමද මේ සම්බන්දව තීන්දු තීරණ ගැනීමේදී ඉතා බලවත් ලෙස බලපාන බව අප දැක ඇත්තෙමු.

      ආහාර චතුර්විධ බව බුද්ධ දේශනාවයි. ඒවා නම් ඵස්සාහාර, වීඤ්ඤාණාහාර, මනෝසඤ්චේතනාහාර, හා කබලිංකාර ආහාර වශයෙනි. මේ අතර අප ආහාර වශයෙන් සාමාන්‍යයෙන් සලකනු ලබන්නේ කබලිංකාර ආහාරයයි. එම ආහාරය නිර්මාංශ වුවක් හෙවත් මසින් තොර වුවක් විය යුතු බව ඇතැම්හු සිතති. එය බොහෝ දෙනාගේ සාකච්ඡා සම්මන්ත්‍රණවලට බඳුන් වන මාතෘකාවක් බවද පෙනේ.”

      මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන්වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙළ කරන ලද්දක්ද?

      “සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය, මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත්, ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙළ කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙළ කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පහළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංසය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංසය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංසයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා, සුකරමද්දවය මසින් පිළියෙළ කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංස නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”

      “සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස. (බෞද්ධ ශබ්ද කෝෂය – 1644 වැනි පිටුව)

      ත්‍රිපිටකයේ, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ කොටසද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

      “කැමති තාක් භෝග නගරයෙහි විසු භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්ද පාවා නුවරට යමු’ යි, බොහෝ භික්ෂුන් සමග පාවා නුවරට වැඩ චුන්දකර්මාර පුත්‍රයාගේ අඹ උයනෙහි වසන සේක. ‘භාග්‍යවතුන් වහන්සේ තම අඹ උයනෙහි වසති’ යි අසා චුන්දකර්මාර පුත්‍ර බුදුරදුන් වෙත ගොස් වැඳ පසෙක හිඳ ගත්තේය. උන්වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද සතුටු කර වුහ. සතුටට පත් චුන්ද භික්ෂුසංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේට පසුදින දානය සඳහා ආරාධනා කළේය. උන්වහන්සේ නිහඬව එය පිළිගත් සේක. චුන්ද ඒ බව දැන වැඳ පැදකුණු කොට ගියේය. රෑ ගතවූ පසු චුන්ද සිය නිවසෙහි බොහෝ සුකරමද්දවත් ප්‍රණීත ආහාර පානත් පිළියෙළ කරවා කල් දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරවූ සිවුරු පාසිවුරු ගෙන චුන්දකර්මාර පුත්‍රගේ ගෙට වැඩමවා පැනවූ අසුනෙහි වැඩහුන් සේක.

      භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබ පිළියෙළ කළ සුකර මද්දවයෙන් මා වළඳවන්න. පිළියෙළ කළ අනිත් කෑම් බීම් වලින් භික්ෂු සංඝයා වළඳ වන්න’

      ‘එහෙමයි, ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාර පුත්‍ර ඒ අන්දමින් වැළඳ වීය.

      භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න. චුන්ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙන කිසිවෙකුත් නොදකිමි’.

      එය පිළිගත් චුන්ද ඉතිරි සුකර මද්දව වළ දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය. භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද පහදවා නැගී සිටිසේක. චුන්දගේ දානය වැළඳු භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇති විය. මාරාන්තික දරුණු වේදනා පවතී. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණින් පීඩා නොගෙන ඉවසූ සේක. භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්ද, කුසිනාරාවට යමු’ යි වදාළහ. ‘එසේය, ස්වාමීනි’ යි ආනන්ද තෙර පිළිතුරු දුන්නේය.

      චුන්ද කර්මාර පුත්‍රයාගේ දානය වළඳා බුදුරජානන් වහන්සේ ට දරුණු මාරාන්තික රෝගයක් ඇති විය කියා මා විසින් අසන ලදී. සුකරමද්දවය වැළඳු බුදුරජානන් වහන්සේට දරුණු රෝගාබාධයක් හට ගත්තේය. විරේචන ඇතිව භාග්‍යවතුන් වහන්සේ ‘මම කුසිනාරාවට යන්නෙමි’ යි වදාළහ.”

      (ඉහතින් මහා පරිනිබ්බාන සුත්‍රයෙන් උපුටා දක්වන ලද කොටසින් එක් වැදගත් කරුණක් පැහැදිළි වන්නේය. ශ්‍රේෂ්ඨ චර්යාවන්ගෙන් හෙබි බුදුන් වහන්සේ තමන් වහන්සේ වෙත යහ සිතින් පිළිගන්වනු ලැබූ කිසිවක් ප්‍රතික්ෂේප කිරීම නොකළ අතර මේ අනුව සුකරමද්දවය පිළිගත්තද එය අන් කිසිවෙකුට සුදුසු අහරක් නොවන බව පවසමින් ඉතිරි සුකරමද්දවය වළදමන්නට උපදෙස් දීමෙන් අදහස් වන්නේ කුමක්ද? මෙය පැහැදිළිවම සියළු බෞද්ධයිනටම අදාළවූ උපදෙසක් නොවන්නේද?)

      පාතකඩ භික්ෂු අභ්‍යාස විද්‍යාලාධිපතිව වැඩ විසු රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤානසීහ මහා නාහිමි පාදයන් ගේ “ගැටළු තැන්” ග්‍රන්ථයේ 85 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

      “කෘෂිකර්මයට, මස් පිණිස සතුන් ඇති කිරීම හා බිත්තර සුලභ කිරීම ද අයත් වන බව අපි දනිමු. එසේ ම වගාව රැක ගැනීම පිණිස ගොවියාට කරන්නට සිදු වන කුඩා සතුන් විනාශ කර දැමීමේ ප්‍රාණ ඝාතය ගැන ද අපි දනිමු. ධීවර කර්මාන්තය එක්තරා ධනොපාර්ජන ක්‍රමයක් බව ද දනිමු. මේ සියල්ලම බාහිර හැඩහුරුවෙන් තරමක වෙනසක් ඇති වුවත් එදත් අදත් මිනිසාගේ ජීවනෝපාය සලසාදීමේ මාර්ග හැටියට සැලකුණු හම්බ කිරීමේ මාර්ගයන්ය. අප එකිනෙකාගේ ප්‍රතිපත්ති පිරීම සඳහා මේ එකද ව්‍යාපාරයක් බාධකයක් හැටියට සැලකිය නොහැක. බුදුන් දවස සතුන් මරන්නෝ මිනිසුන්ට මස් සැපයුහ. මහජනයා ඒ මස් මිලදී ගෙන තම තමන් පරිභෝග කළා පමණක් නොව බුදුන් ඇතුළු මහසඟනට ඒ මස් සහිත ව දානයද පිරිනැමුහ. මගේ මේ මතය ප්‍රතික්ෂේප කරන සමහර පුද්ගලයන් සිටිය හැකිය. නමුත් මේ මගේ පිළිගැනීමයි. ඔවුන් දක්වන හේතු ප්‍රත්‍යය ක්‍රමය උඩ ප්‍රාණඝාතයෙන් තොර ව වතුර ටිකක් බීමට වත් නොහැකියැයි මට අදහස් වෙයි. එය එක පැත්තක තිබේවා. මිනී මැරිලි නතර කර ගත නොහැකි තැනක මස් කෑම නතර කරන්නට බණ කියන්නට තරම් පිස්සුවක් මට වැළඳී නැත.”

      ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1” නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටාගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු.

      22 – ප්‍රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොලෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද?

      පිළිතුර:- “අපේ ධර්ම ග්‍රන්ථයන්හි පස් පව්, දශ අකුශල් යැයි අත්හලයුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත.

      ජීවත්වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතුවන දෑ විකිණීම,
      ජීවත්වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීම,
      ජීවත්වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වස විෂ වර්ග විකිණීම,
      ජීවත්වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීම,
      ජීවත්වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම).
      යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පළතුරු එළවලු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයි නම් සිදුවන්නේද සිත කිලිටිවීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන අකුශල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතජ්ජනයෙකුට දවස පුරාම ඇතිවනුයේ අකුශල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොලෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රමවලින් සේවකයින් තලා පෙලා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වස විෂ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබාගත් අස්වැන්නකි අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවලු පළතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදුපතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද වියහැක. නමුත් මේ ආහාර මිලයට ගන්නා කිසිවෙකුට ප්‍රාණඝාත අකුශලයක් හෝ සත්ව හිංසාවට අනුබලදීමක් සිදුනොවේ. මන්ද? අපතුළ කිසිසේත් එවන් චේතනාවන් කැලැම නැති හෙයිනි. යම හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත්වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ.

      අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක්‌ අනුභව කිරීමේදී ඇතිවේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අතිබහුතරයක් එළවළු පළතුරු කන අයට සිදුවේ. මෙය මැදිහත්ව සිතා බලන්න.

      බුදුන් වදාළ පෙළ දහම තුල සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අප නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුන්ටය. දෙව්දත්ගේ පඤ්ඡ වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පැවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිලිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද?

      හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැතිවේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත්විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇතිකරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක්කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කලයුතු කාර්යයන් කොපමණ තිබේද? තමා ධාර්මිකව ජීවත් වෙමින් පන්සිල් රකිමින් වෙළඳපලෙන් ගත් හෝ ගෙනවිත් දුන් හෝ කවර මාංශයක් වැළඳුවත් (භික්ෂුනට අකැපයයි දේශිත මාංශ හැර) එය ස්වර්ග සැපයට හෝ මොක්ෂයට බාධාවක් නොවන බවයි මගේ අදහස.”

      ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ති ධම්මික හිමි (කැළණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙහි ශාස්ත්‍රපති උපාධිධාරී) විසින් ලියන ලද “Good Questions, Good Answers” නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වූ “දහම් ගැටළු” නම් පොතේ 66-67 වැනි පිටු වලින් උපුටා ගත් තොරතුරු පහතින් දක්වා ඇත්තෙමු. (පරිවර්තක: ශාස්ත්‍ර විශාරද විමලසේන විතාන පතිරණ).

      ප්‍රශ්නය: බෞද්ධයන් අවශ්‍යයෙන්ම නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නොවන්නේද?

      පිළිතුර:- “බෞද්ධයන් අවශ්‍යයෙන්ම ශාක භක්ෂකයන් නොහොත් නිර්මාංශ ආහාර බුදින්නන් විය යුතු නැත. බුදුන් වහන්සේ නිර්මාංශ ආහාර පමණක් වැළඳු අයෙකු නොවූ සේක. උන්වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ටද ශාක භක්ෂක ආහාරයක්‌ පමණක් වළඳන්න යැයි දේශනා නොකළ සේක. යහපත් බෞද්ධයන් බොහෝ දෙනෙක් අද පවා මස් මාළු සහිත ආහාර බුදිති.

      ප්‍රශ්නය: ඔබ මස් ආහාරයට ගන්නේ නම් එමගින් සතෙකුගේ මරණයට අනියම් වශයෙන් වගකිව යුතුවේ. එය පළමු ශික්ෂා පදය කඩ කිරීමක් නොවන්නේද?

      පිළිතුර:- ඔබ මාංශ ආහාරයක්‌ ගත්විට, සත්වයෙකුගේ මරණය ගැන ඔබ අනියම් හා අල්ප වශයෙන් වගකිව යුතු බව සත්‍යයකි. එහෙත් ඔබ එළවළු ආහාරයට ගන්නා විටද තත්වය මෙබඳුය. ඔබේ ආහාරයට ගන්නා එළවළු කෘමි සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඒවාට කෘමි නාශක සහ විෂ යෙදීමට ගොවියාට සිදු වේ. ඒවා ඔබේ ආහාරයට නිසි වන අයුරු බේරා ගන්නේ ඒ අන්දමින් කෘමිනාශක යෙදීමෙනි. ඔබේ බඳ පටියට හෝ අත් බෑගයට හෝ බෙරයට හම් ලබා ගැනීමටත් ඔබ පාවිච්චි කරන සබන් සඳහා තෙල් ලබා ගැනීමටත් මේ හැරුණු විට තවත් දහසකුත් එකක් නිෂ්පාදන සඳහා දළ ද්‍රව්‍යය ලබා ගැනීමටත් සතුන් මැරීමට සිදුවේ. වෙනත් ප්‍රාණියෙකුගේ මරණය සඳහා අනියම් වශයෙන් හේතු කාරක නොවී ජීවිතය ගෙන යාමට අපහසුය. ඔබ පළමු වැනි ශික්ෂා පදය සමාදන් වීමෙන් ප්‍රතිඥා දෙන්නේ කෙලින්ම ප්‍රාණ ඝාතය කිරීමේ වගකීමෙන් ඔබ මිදෙන බවටය.

      ප්‍රශ්නය: මහායාන බෞද්ධයන් ආහාර පිණිස මස් ගන්නේ නැහැ නොවේද?

      පිළිතුර:- එය නිවැරදි තත්වය නොවේ. චීනයෙහි පවතින මහායාන බුද්ධාගම නිර්මාංශ ආහාරය පිළිබඳව වැඩි වැදගත් කමක් දක්වයි. එහෙත් ජපානයෙහි හා තිබ්බතයෙහි මහායාන භික්ෂුන් මෙන්ම ගිහියෝද සාමාන්‍යයෙන් මාංශ ආහාරයට ගනිති.

      ප්‍රශ්නය: එහෙත් බෞද්ධයා නිර්මාංශ ආහාරයට ගැනීම යෝග්‍යයයි මම කල්පනා කරමි.

      පිළිතුර:- නිර්මාංශ ආහාර ගැනීමේ පුරුද්දක් දැඩි ලෙසම අනුගමනය කරන මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. ඔහු ගති ගුණ වශයෙන් ආත්මාර්ථකාමී වංක පහත් පැවැතුම් ඇති තැනැත්තෙකි. එසේම නිර්මාංශ ආහාර නොගන්නා එහෙත් පරාර්ථකාමී අවංක ත්‍යාගශීලී ගති ඇති කරුණාවන්ත මනුෂ්‍යයෙකු සිටිතැයි සිතමු. මේ දෙදනා අතරින් වඩා යහපත් බෞද්ධයා කවරෙක්ද? අවංක හා කරුණාවන්ත පුද්ගලයාම වඩා යහපත් බෞද්ධයා වේ. ඇයි? මක්නිසාද යත් ඔහු හිතක් ඇති මනුෂ්‍යයෙකු හෙයිනි. නිර්මාංශ ආහාරයට පුරුදුව සිටින තැනැත්තෙකු අපිරිසිදු හදවතක් ඇත්තෙකු විය හැකි සේම, මාංශ ආහාරයට ගන්නා තැනැත්තෙකු පිරිසිදු හදවත් ඇත්තෙකු විය හැකිය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව වැදගත් වන්නේ, ඔබේ සිතිවිල්ලෙහි පාරිශුද්ධ භාවය විනා ඔබේ ආහාරයෙහි අඩංගු දේ නොවේ. බොහෝ බෞද්ධයෝ මත්ස්‍ය මාංශ ආහාර කොට නොගැනීමට බොහෝ සෙයින් පරීක්ෂාකාරී වෙති. එහෙත් ඔවුහු ආත්මාර්ථකාමය, වංක බව, කෘරත්වය හෝ ද්වේෂය මැඩ පැවැත්වීමට ඒ අන්දමින් පරීක්ෂාකාරී නොවෙති. පහසු කටයුත්තක් වන ආහාරය වෙනස් කිරීමට ඔවුහු පෙළඹෙතත්, අපහසු කටයුත්තක් වන ඔවුන්ගේ සිත වෙනස් කර ගැනීමට ඔවුහු උත්සාහ නොකරති.”

      ඩී. ඒ. එන්. සේනාරත්න මහතා විසින් ලියන ලද “බුදුන් නොවදාළ ධර්ම” යන ග්‍රන්ථයේ 77 වැනි පිටුවේ සිට උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත්තෙමු.දෙහිවල ඇන්ඩර්සන් පාරේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තැන්පත් පුජ්‍ය කිරම විමලජෝති හිමියන් හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් මෙය අගනා බෞද්ධ ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දී තිබේ.

      “යමෙක් ප්‍රාණඝාත අකුසලය කිරීමේදී ඝාතනය කරන ලද ජීවියා විශාල සිරුරක් ඇත්තෙක්ද, කුඩා සිරුරක් ඇත්තෙක්ද, ගොඩ වසන්නෙක්ද, දිය වසනෙක්ද, එසේත් නැති නම් පාදවලින් ගමන් කරන්නෙක්ද, බඩ ගා යන්නෙක්ද වැනි භේදවලට අනුව ප්‍රාණඝාත අකුසල කර්මයෙහි අඩු වැඩි වීමක් ඇතැයි නොසිතමි. එහෙත් විනාශ කරන ලද ජීවියාගෙන් සමාජයට සිදුවෙමින් පැවතියාවුත් අනාගතයේදී සිදුවීමට තිබුනාවුත් සේවාවනට අනුව එම ජීවියා ඇගයෙන මට්ටමේ උස් පහත්කමට අනුව අකුසල කර්මයේ බරපතලකම අඩු වැඩි විය හැක. වෙනත් වචන වලින් කියතොත් විනාශකරන ලද ජීවියාගේ විනාශය නිසා සමාජයට සිදුවන පාඩුවේ ප්‍රමාණය වැඩිවෙත්ම අකුසල කර්මය ද බරපතල වනු ඇත.

      සත්ව මාංශ අනුභව කිරීම, සත්ව ඝාතනයට හේතුවන හෙයින් එය ප්‍රාණඝාතයට අනියම් මගින් අනුබල දීමක් බව ද ඒ නිසාම සත්ව මාංශ අනුභව කරන්නාට ප්‍රාණඝාත අකුසලයේ කොටස් කාරයෙකු වන්නට සිදුවන බව ද බෞද්ධයෝ විශ්වාස කරති. එම විශ්වාසය තර්කානුකුලය. එහෙත් සත්ව මාංශ අනුභවයට අදාළ, බෞද්ධයන්ගේ ජන සම්මත විශ්වාස බොහොමයක් තර්කානුකුල නොවේ.

      යම්කිසි පෙදෙසක ජනයාගේ සත්ව මාංශ ආහාරයට ගන්නා වාර ගණන වැඩිවීම නිසා හෝ සත්ව මාංශ ආහාරයට ගන්නා ජන සංඛ්‍යාව වැඩිවීමෙන් හෝ එම පෙදෙසේ සත්ව මාංශ අලෙවිය දෙගුණ වුයේ යැයි සිතමු. එසේ දෙගුණ වන ඉල්ලුම පියවරෙන් පියවර ආපසු ගොස් සත්ව ඝාතකයා දක්වාම යා යුතුය. එවිට සත්ව ඝාතකයා එම අතිරේක ඉල්ලුම සැපයීම සඳහාත් තම ව්‍යාපාරය වඩාත් දියුණු කර ගැනීම සඳහාත් අතිරේකව සත්ව ප්‍රමාණයක් ඝාතනය කරනු ඇත. එම අතිරේක සත්ව ප්‍රමාණය ඝාතනය වන්නේ යට කී පෙදෙසේ සත්ව මාංශ අලෙවිය දෙගුණ වීමට හේතුවූ ජනතා කොටස්වල ක්‍රියාකාරිත්වය නිසාය. එවිට එම අතිරේක ප්‍රාණවල ඝාතන කර්මයේ වගකීම එක්තරා ප්‍රමාණයකට හෝ එම ජනතා කොටස් මත ද පැවරෙනු ඇත.

      මේ අනුව සත්ව මාංශ අනුභව කිරීම, සත්ව ඝාතනයට කෙලින්ම අනුබල දීමක් වන හෙයින්, එය ප්‍රාණඝාත අකුසල කර්මයේ කොටස් කරුවෙකු වීමටද හේතුවන බවට ඇති විශ්වාසය තර්කානුකුල වුවද, එයටම සම්බන්ධව ජනතාව තුල පවත්නා වැරදි විශ්වාසයක් ද වේ. එනම් මාළු, කරවල, ජාඩි, වැනි ජලජ සතුන්ගේ මාංශ අනුභව කිරීම ගව, එළු, ඌරු වැනි ගොඩබිම වසන සිව්පා සතුන්ගේ මාංශ අනුභව කිරීම තරම් බරපතල පාප කර්මයක් නොවන බවට ඇති විශ්වාසයයි.

      සමහර උග්‍ර බෞද්ධ උපාසක උපාසිකාවෝ බොහෝ අවස්ථා වලදී “අපි නම් අපේ ගෙවල්වලට කවදාවත් මසක් ගේන්නෙවත් නෑ. ඔය ඉඳ හිටලා එහෙමත් වෙලාවක මුදු මාළු ටිකක්, කරෝල ටිකක් ගත්තොත් මිසක”, කියනු අප කොතෙකුත් අසා ඇත. මෙවැනි ප්‍රකාශවලට හේතු වී ඇත්තේ “ගව ඝාතන විරෝධී ව්‍යාපාර”, “ගව පෙරහැරවල්”, “මරණයට කැපවූ ගවයින් මුදා හැරීම” යනාදීන් ඔස්සේ ප්‍රාණඝාතය සිදුවන්නේ ගවයා ප්‍රමුඛ සිවුපා සතුන් ඝාතනය කිරීමෙන් ය යන මතය ඔවුන් තුලට කාවැදී තිබීම විය යුතුය. හින්දු භක්තිකයින් ශුද්ධවූ සත්වයෙකු ලෙස සලකන්නා වුද, සිංහල ගැමියාට ගොවිතැනට, කරත්තයට, හා කිරට බෙහෙවින් පිහිට වන්නා වූද ගවයා අනෙකුත් සිව්පා සතුනට වඩා විශේෂ ස්ථානයක ලා සැලකීම සාධාරණ වුවත්, සිවුපාවුන් හා මත්ස්‍යයින් අතර ජීවිත අගයේ වෙනසක් ඇතැයි සැළකීමට හේතු නොපෙනේ.

      සංඛ්‍යාත්මකව සැලකීමේදී, මත්ස්‍යයකුගේ මරණය නොව සිව්පාවෙකුගේ මරණය නම් අඩු ලංසුවෙන් සැලකීමේ සාධාරණත්වයක් ඇත. ගවයෙක්, එළුවෙක්, ඌරෙක්, ගෝනෙක්, මුවෙක්, වැනි සත්වයෙකුගේ ශරීරයේ මස් කි.ග්‍රෑ. 100ක් ඇතැයි සිතමු. එවිට මස් ග්‍රෑම් පන්සියයක් මිළදී ගෙන යන්නා, ගෙන යන්නේ සතාගෙන් 1/200න් කොටසක් පමණි. ඔහුගේ වගකීම ඒ සතාගේ ප්‍රාණයෙන් 200න් එක් කොටසකට පමණි. ඔහු ගෙදර ගෙන යන මස් ග්‍රෑම් පන්සියය සකස් කොට ගෙදර දහ දෙනෙක් එය ආහාරයට ගන්නේ යැයි සිතමු. එවිට ඒ එක්කෙනෙකුගේ වගකීම අර සතාගේ ප්‍රාණයෙන් 1/200න් 1/10 කට පමණි. හෙවත් 1/2000න් කොටසකට පමණි. ඒ අනුව සම්පුර්ණ ප්‍රාණයක වගකීම පැවරෙන්නේ එවන් අයෙකු ආහාර වේල් 2000ක් සඳහා මස් ආහාරයට ගත් පසුවය.

      මාළු කුරියකුගේ බර කිලෝ පහක් යැයි සිතමු. එවිට එම මාළුවාගෙන් ග්‍රෑම් පන්සියයක් ගෙන යන්නා ගෙන යන්නේ සතාගෙන් 1/10න්කොටසක් පමණි. ඔහු ගෙදර ගෙන යන මාළු ග්‍රෑම් පන්සියය සකස් කොට ගෙදර දහ දෙනෙක් එය ආහාරයට ගත්තේ යැයි සිතමු. එවිට ඒ එක් එක්කෙනාගේ වගකීම අර සතාගේ ප්‍රාණයෙන් 1/10න් 1/10 කොටසක් එනම් 1/100න් කොටසක් සඳහා පමණි. සම්පුර්ණ ප්‍රාණයක වගකීම පැවරෙන්නේ එවන් අයෙකු මාළු සහිතව ආහාර වේල් සියයක් ගත් පසුවය. ආහාරය සඳහා වියළි හෝ අමු හාල් මැස්සන් ග්‍රෑම් 500ක් ගෙදර ගෙන ගොස් එය පිළියෙළ කොට පවුලේ සෑමදෙනා එක්ව එය ආහාරයට ගන්නේ යැයි සිතමු. එක් අයෙකුගේ කොටස වශයෙන් හාල් මැස්සන් 10 දෙනෙකු ලැබුනේ නම් ඔහුට එම ආහාර වේල නිසා ප්‍රාණ 10 ක වගකීම පැවරේ. තවත් අයෙක් ආහාරය සඳහා කුනිස්සන් ග්‍රෑම් 500ක් ගෙන ගොස් එයින් කුනිස්සන් සම්බෝලයක් සකස් කොට පවුලේ සියළු දෙනා එකතුව එය ආහාරයට ගත්තේ යැයි සිතමු. එක් අයෙකුගේ ආහාර කොටස සඳහා කුනිස්සන් 100ක් ලැබුනේ නම් ඔහුට එම ආහාර වේල නිසා ප්‍රාණ සියයක වගකීම පැවරේ.

      2012/07/10 at 5:20 PM
      • Anver Manatunga says:

        ආහාර වර්ගය ආහාර වේලක් නිසා වනසන ප්රා්ණ සංඛ්යා්ව
        1. කුනිස්සන් 100 යි
        1. හාල්මැස්සන් 10 යි
        1. මුහුදු මාළු 1/100 යි
        1. මස් 1/2000 යි
        ඉහත සංඛ්යා්වලට අනුව, ප්රා‍ණඝාතය අංශයෙන් සලකා බලන විට ආහාරයට මස් වර්ගයක් අනුභව කිරීමට වඩා කුනිස්සන් අනුභව කිරීම දෙලක්ෂ වාරයක පාපයකි. හාල් මැස්සන් අනුභව කිරීම විසි දහස වාරයක පාපයකි. මුහුදු මාළු අනුභව කිරීම 20 වාරයකි.
        එහෙත් පන්සිල් රකින, ප්රා ණ ඝාතයට බියක් දක්වන ඒ නිසාම කිසිම වර්ගයක දඩමසක් ගෙය තුළට වත් නොගන්නා අපේ ශ්රකද්ධා සම්පන්න උපාසක උපාසිකාවෝ වගක් නැතිව හාල් මැස්සෝ ඉස්සෝ කුනිස්සෝ උයති, පිහති, වළඳීති.”
        “නුතන බෞද්ධ මතවාද හා ශාසනික අර්බුද” නම් බන්දුල අත්තනායක මහතා ලියු කෘතියෙන් 35 වැනි පිටුවේ සිට පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත්තෙමු.
        “ධර්ම සාකච්චාවලදී අපෙන් නිතර අසන තවත් ප්රතශ්නයකි මේ මස්-මාළු කෑම සුදුසුද? නුසුදුසුද? කියන කාරණය. අපේ ත්රිනපිටකයට අයිති බණ පොත්වල මේ පිළිබඳව දකින්නට ඇති දේ කෙටියෙන් මෙසේ දක්වමු. මජ්ජිම නිකායේ මජ්ජිම පන්නාසකයේ ජීවක සුත්රඅයේ සරල සිංහල තේරුමයි මේ.
        “එක් කලෙක භාග්ය්වතුන් වහන්සේ ජීවකයන්ගේ අඹ උයනෙහි කරවන ලද විහාරයෙහි වාසය කරන කල්හි දිනක් ජීවක තෙමේ බුදුරජානන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණ මෙසේ ඇසීය. “ස්වාමීනි, මෙවැනි කතාවක් මා විසින් අසන ලදී. කුමක්ද යත්, ශ්රෙමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා මරණ ලද සතුන්ගේ මස් උන්වහන්සේ වලඳිති” යි යන කතාවය.
        “මේ කතාව ඇත්තක්ද? නැතහොත් ඔබ වහන්සේට නැගු අභූත චෝදනාවක්ද?” එවිට භාග්යමවතුන් වහන්සේ පිළිතුරු දෙමින් “ජීවකය, මෙය මා විසින් කියන ලද්දක නොවේ. ඔවුහු මට බොරුවෙන් චෝදනා කරනු පිණිස මෙය කියති. ජීවකය, මම දැක්ක හෝ ඇසු හෝ සැක සිතූ මස් අනුභවය නොකළ යුතු යැයි කියමි. මේ කාරනා තුනෙන් යුක්ත නොවූ මාංශය පමණක් වැළඳිය යුතු යැයි කියමි. හෙවත්, නොදක්නා ලද, නොඅසනා ලද, සැක නොකළ මාංශය පමණක් වැළඳිය යුතු යැයි කියමි.

        ජීවකය, මේ ශාසනයෙහි, යම් භික්ෂුවක් යම් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කරයි. හෙතෙම මෛත්රීක සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. දෙවන, තුන්වන, සතරවන, උඩ-යට-සරස දිසාවන් පතුරුවා වාසය කරයි. ඒ භික්ෂුව වෙත දායකයෙක් පැමිණ හෙට දවසට දනට ආරාධනා කරයි. භික්ෂුව එය පිළිගනියි. පසු දින දායකයාගේ ගෙදරට වැඩ දානය වළඳයි. මෙසේ වළඳන භික්ෂුවට මම ප්රිණීත පිණ්ඩපාතයක් වළඳන්නෙමි යන සිතක් පහළ නොවෙයි. එහි නොඇලී, නොගැටී, සිහි නුවණින් එය වළඳයි.
        ජීවකය, එය ඒ භික්ෂුවට හෝ අන්යගයන්ට දුක් පිණිස වන්නේ යැයි සිතන්නෙහිද?”
        “නැත ස්වාමීනි, මට එසේ නොසිතෙයි”, යනුවෙන් ජීවක පිළිතුරු දුන්නේය.
        “ජීවක, ඒ භික්ෂුව නිවැරදිවු ම ආහාරය ගත්තේ නොවේද?”
        “එසේය ස්වාමීනි. බ්රිහ්ම තෙම මෛත්රීො විහරණ ඇත්තේයැයි මා විසින් අසන ලදී. ඔබ වහන්සේද මහා බ්රකහ්මයා මෙන් මෛත්රීව විහරණ ඇති බව මා විසින් ඇසින්ම දක්නා ලද්දේයැ”යි ජීවක කීය.
        ජීවක සුත්රීයේ බුද්ධ ශ්රාවවකයින් වහන්සේලාට දානය සඳහා මස් පිදීම පිළිබඳව පැහැදිලි නිරවුල් අදහස ගැබ්වී ඇත.
        ඛුද්දක නිකායට අයත් අපදාන අතරවූ “දේවරතනිය” ථේරාපදානයේ පෙර භවයක එම භික්ෂුව “මහ වනයෙහි මුව වැද්දෙක් වූ මම පුජාර්හ වූ බුදු රජුන් (පුරාණ බුදු රජාණන් වහන්සේ නමකි) දිටිමි. එම විපස්සි බුදු රජුන් වෙත මස් කැබැල්ලක් පිදු පිනෙන් ලෝකයට ප්ර්ධානියෙක් වූවෙමි. මේ මස් දානය නිසා මට කාය චිත්ත සම්පත් දෙක ලැබිණ. එය නිවන් ලැබීමට උපකාර විය. මම සියලු සම්පත් විඳිමි. මස් දානය නිසා මගේ ශරීරයද මෘදුය. සියුම් ප්රබඥාව ද ලබමි” යි ප්රිකාශ කොට ඇත.
        මෙබඳුම අවස්ථාවක් මේ ථේරගාථා අත‍ර “සුචින්තික” ථේරාපදානය තුළද දක්නට ඇත.
        “කෙසර සිංහයෙකු මෙන් නිර්භීත මම මහා වනයෙහි හැසිරෙන වැද්දෙක්ව සතුන් මරා ජීවත්වීමි. මට වැඩ කැමති අත්ථදස්සි බුදුරද මා සොයා පර්වතයට වැඩියේය. තිත් මුවෙකු මරා කෑමට සුදානම් වනවිට බුදු රජාණන් වහන්සේ පිඬු සිඟමින් එහි වැඩිසේක. උතුම් මස ගෙන මම උන්වහන්සේට පිදීමි. උන්වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කළසේක. මම එයින් සතුටුව පර්වතයට ගොස් පසුව එහිදී මිය ගියෙමි. මස් දානයෙහි පිනෙන් හා සතුටු සිතින් එක්දහස් පන්සීය කපක් දෙව්ලොව උපන්නෙමි”
        විනය පිටකයට අයත් නිස්සග්ගිය පාචිත්ති අතර පස්වැන්නට අදාළ නිදාන කතාවේදී මෙබඳු කොටසක් දක්නට ලැබේ.
        “තථාගත බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙක උප්පලවන්නා භික්ෂුණිය පෙරවරු කල්හි සැවතෙහි පිඬු පිණිස හැසිර පිඬු වළඳා සවස් කලැ දිවා විහරණය පිණිස අන්ධ වනයට ගොස් ගසක් මුල හිඳ සමවත් සුවෙන් පසු වුවාය. මේ වේලාවෙහි සොර මුලක් සොරකම් කොට බඩු හා අහර පිණිස මස්ද රැගෙන අන්ධ වනයට පිවිසියාහුය. සොරදෙටු තෙමේ දුරදීම තෙරණිය දැක මාගේ පුත්රාසදීහු මැයට පීඩා කරතියි සිතා ඇය මඟ හැර වෙන මගකින් ගියේය. එසේ ගොස් කිසියම් ස්ථානයක සිට ගෙන ගිය මස් ආදිය පිස එයින් අගනා කොටසින් මස් මුලක් බැඳ තෙරණිය සමීපයෙහි ගසෙක එම මස් මුල එල්වා මෙය දක්නා ශ්රපමණයෙක් හෝ බ්රා හ්මණයෙක් හෝ රැගෙන යේවායි කියා සොර දෙටු තෙම යන්නට ගියේය.
        සමවතින් නැගී සිටි තෙරණිය එම මස් මුල ගෙන සවස් කලැ තම අසපුවට ගොස් පසු දින මස් මුල තථාගතයන් වහන්සේට පිලිගන්වමියි සිතා අන්තරවාසකයෙහි එය පොදියක් කොට බැඳ අහසට පැන නැඟී වේළුවනාරාමයට ගියාය. එවිට තථාගතයන් වහන්සේ පිඬු පිණිස ගොස් සිටි සේක. තෙරණිය එම මස් මුල තථාගතයන් වහන්සේට පිළිගන්වනු මැනවැයි පවසා උදායි තෙරුනට දුන්නාය. උදායි තෙරණුවෝ ඇයගේ අන්තරවාසකය ඉල්ලා සිටියහ….” (විනය නීතිය පැනවීමට මුල්වී ඇත්තේ එසේ රෙදිකඩ ඉල්ලීමය.)”
        විනය පිටකයට අනුව ඇවැත් සිදුවන පාචිත්තී අනු දෙක අතර භෝජන වර්ගයේ නවවන වගන්තිය මෙසේය.
        “ගිතෙල්, වෙඬරු, තලතෙල්, මී, උක් හකුරු, දිය මස්, ගොඩ මස්, කිරි, දී යන මේවා මිහිරි බෝජුන්ය. යම් කිසි නොගිලන් භික්ෂුවක් මෙම මිහිරි බොජුන් තමා සඳහා ඉල්ලා ගෙන වළඳන්නේ නම් පචිතිවේ.”
        එබඳු තවත් රසවත් කතාවක් විනය පිටකයේ මහාවර්ගයේ භේසජ්ජඛන්ධයේ දක්නට ලැබේ. එහි කෙටි සිංහල පරිවර්තනය මෙසේය:
        “එකල්හි එක්තරා භික්ෂුවකට අමනුෂ්යයයෙකු විසින් කරන ලද රෝගයක් විය. ආචාර්ය උපාධ්යාවයවරු ඒ භික්ෂුවට උපස්ථාන කරන්නේ රෝගය නැති කරන්නට නොහැකි විය. ඒ අමනුෂ්යාිවේස වූ මහන තෙමේ ඌරු මස් ලොඹුවට ගොස් අමු මාංශ ද කෑයේය. අමු ලේ ද පානය කළේය. ඔහුගේ ඒ අමනුෂ්යම බාධය සංසිඳුනේය.”
        පේරාදෙණිය විශ්ව විද්යාුලයේ පාලි විශේෂවේදී උපාධිදාරී කළුන්දෑවේ කමලසිරි හිමි විසින් ලියන ලද “නිර්මාංශ ආහාරය පිලිබඳ බෞද්ධ ස්ථාවරය” නමැති ග්රුන්ථයෙන් උපුටා ගත් කොටස් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
        (පිටු අංක 50- )
        “මාංශ ආහාර සදාචාරාත්මක ද යන්න පිළිබඳව නොයෙක් මතවාද මතුවෙමින් පවතී.සමහරු මාංශ අනුභවය සදාචාර විරෝධීය යන පදනම මත පිහිටා නොයෙක් සමිති සමාගම් මුල්කරගෙන නිර්මාංශී සමාජයක් ගොඩනැගීමෙහි ලා නිරතවෙති. සත්ත්ව ඝාතනයේ කුරිරු බව, ජීවත් වීමේ අයිතිය මෙන්ම මාංශ ආහාරයෙන් මනුෂ්යීයාට සිදුවන අභ්ය.න්තර හා බාහිර පරිහාණිය ඔවුන්ගේ ප්රීධාන මාතෘකා බවට පත්වී ඇත. එමෙන්ම නිර්මාංශ ආහාර ක්රසමයේ ආරක්ෂියත භාවය සහ යෝග්යිතාව පිළිබඳව විවිධ පොත් පත් ද පළකර ඇත. එසේ වුවත් මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලන විට එය සාධාරණීකරණය වීමටද නොයෙක් හේතු සාධක ඉවහල් වන බව දක්නට ලැබෙයි. ඒ අතර:-
         පාරසරික බලපෑම
         ආගමික බලපෑම්
         සංස්කෘතික බලපෑම්
         වෛද්යෘ විද්යා ත්මක බලපෑම්
        යනාදිය ප්රතධාන වශයෙන්ම මාංශ අනුභවයට ඉවහල් වන බව පැහැදිලිවෙයි. මිනිසාගේ ආගම, සංස්කෘතිය, භූගෝලීය පරිසරය යනාදිය තුලින් මිනිසා මාංශ ආහාර වලට හුරුකර ඇත. එය නිරායාසයෙන් සිදුවන්නකි.
        පාරිසරික බලපෑම්
        මාංශ ආහාරය සාධාරණීකරණය වීමට බලපෑ ප්රුධාන ම සාධකයක් වශයෙන් පාරිසරික බලපෑම පෙන්වාදිය හැකිය. මිනිසා ඇතුළුව සමස්ත ජීවී වර්ගයා ම තම ආහාරය සකස් කර ගනු ලබන්නේ තමා ජීවත්වන වටපිටාව (පරිසරය) අනුවය. පරිසරයේ ඇති ආහාරය කෙරෙහි සත්ත්වයා නිරායාසයෙන්ම යොමු වෙයි. එය ආහාරය සම්බන්ධයෙන් සාමාන්ය නියමයයි. භූගෝලීය සාධක අනුව උත්තර හා දක්ෂිණ ධ්රැ ව ආශ්රි තව ඇති රටවල දීර්ඝ කාලයක් හිම පතනය සිදුවන නිසා ශීත සෘතුව පවතී. එවැනි රටවල කෘෂිකර්මාන්තයට ඉඩක් නැත. ඉඩක් තිබුනේ වේ නම් එය ඉතා අල්ප වශයෙනි. එසේ ම කෘෂි නිෂ්පාදනයන් බොහෝ කාලයකට තැන්පත් කර තබා ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. මේ අනුව ජීවත්වන ප්රනදේශය හා සලකා බලනවිට සතුන් මැරීම හා මාංශ අනුභවය නිහතමානීව ඉවසිය යුතු වන්නේය. ඒ අන්කිසිවක් නිසා නොව ඒ ඒ පරිසර පද්ධතීන්හි මාංශ හැර වෙනත් යමක් ආහාරය සඳහා නොමැති නිසාය. “තමා වෙසෙන පරිසරය හා ජීවත්වීම සඳහා එක්සිමොවරුන්ට හා ලාප්ලන්ත වරුන්ට දඩයම් කිරීම හැර වෙන විකල්පයක් නොමැත” (කප්ලිව්, ෆිලිප් “සියළු ප්රාේණීන් රැක ගනිමු” 103-104 පිටු). එක්සිමෝවරු, ලාප්ලන්තවරු ජීවත් වන්නේ දැඩි හිම පතනයක් සහිත දේශගුණයකය. ඒ නිසාම ඔවුන්ට ශාඛ ආහාර සොයා ගැනීම අපහසුය. ඔවුන්ගේ ප්ර ධාන ම ජීවනෝපාය මාර්ගය වන්නේ මාළු ඇල්ලීමයි. ඊට අමතරව හිමයේ ජීවත්වන සතුන් දඩයම් කිරීමෙන් ද ඔවුන්ගේ ආහාරය සපයාගනී. දැඩි හිම සහිත ප්රඛදේශවල මෙන් ම කාන්තාරවල ද ප්ර්ධාන ආහාරය බවට පත්වන්නේ මාංශ ආහාරයයි. ඔටු මස් කාන්තාර වාසීන්ගේ ප්රවධාන ආහාරය වන්නේය. මේ හේතු නිසා නිර්මාංශ ආහාරය සෑම තැන්හි ම සාධාරණ නොවන බව පැහැදිලි වෙයි. සෙසු සාධක සියල්ල බැහැර කල ද පාරිසරික සාධකය මාංශ ආහාරය සම්බන්ධයෙන් ඉතාමත් ම ඉහලින් බලපාන බව මේ අනුව පැහැදිලි ය. ඒ නිසා සියළු දෙනාම බුද්ධිමත්ව සිතා බලා සතුන් මැරීම හා මාංශ අනුභවය ඉවසිය යුතුව ඇත.
        සංස්කෘතික බලපෑම්
        බොහෝ පිරිසකගේ එකතුවක් සමාජය ලෙස හඳුන්වයි. සමාජය නිර්මාණය වන්නේ එක් අයෙකුට වැඩි පිරිසක් එක්වීමෙනි. එම පිරිසෙහි අනන්යව වූ භාෂාව, අනන්යඑ වූ විශ්වාස පද්ධතිය, පදනම් කරගෙන ඔවුනොවුන්ගේ හැසිරීම් රටාවෙහි ස්වභාවය සංස්කෘතිය ලෙස හඳුන්වයි. සංස්කෘතියක් බොහෝ සෙයින් ආගමික සබැඳියාවකින් පෝෂණය වී ඇති වගක් දක්නට ලැබෙයි. සංස්කෘතිය සාමාන්යඑයෙන් හඳුන්වනු ලබන්නේ ආගමික මුල පදයක් හා සම්බන්ධ කරගෙනය. ඒ බව ජන ව්යජවහාරය තුළින් මනාව දක්නට ලැබෙයි.
        බෞද්ධ සංස්කෘතිය
        ක්රිධස්තියානි සංස්කෘතිය
        ඉස්ලාම් සංස්කෘතිය
        හින්දු සංස්කෘතිය
        ආදී වශයෙන් සමාජයේ සංස්කෘතිය ආගමික මුහුණුවරකින් හඳුන්වනු පෙනෙයි. එයට ප්රදධාන ම හේතු සාධකය වන්නේ සංස්කෘතියක් හුදෙක් ම ආගම හා සම්බන්ධ වීමයි. යම් විශ්වාස පද්ධතියකින් තොර සංස්කෘතියක් නැත.
        බෞද්ධ සංස්කෘතිය
        සංස්කෘතිය බොහෝ සෙයින් ම සකස් වී ඇත්තේ ආගමක් සම්බන්ධව බව අපි දකිමු. සිංහල සංස්කෘතිය ගත්තද එය බුදු සමය හා එක්වී ඇත. ඒ නිසා සිංහල සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය වශයෙන් හැඳින්වීමට තරම් බෞද්ධාගමික මුහුණුවරක් ගෙන ඇත. බෞද්ධ සංස්කෘතික සමාජයට අනුව සමාජය කොටස් හතරකි. භික්ෂු-භික්ෂුනී, උපාසක-උපාසිකා වශයෙනි. ඉන් පැවිදි පිරිස භික්ෂු-භික්ෂුනී ලෙස ද ගිහි පිරිස උපාසක-උපාසිකා ලෙස ද සකස් වී ඇත. මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලනවිට උපාසක-උපාසිකාවන්ට සතුන් මැරීම තහනම් වුවත් මස් කෑම තහනම් කර නැත. ඒ නිසා තමන් විසින් නොමරණ ලද, තමන් අනිකෙකු ලවා නොමරවන ලද, සතුන් මරන්නට අනුබල නොදෙන ලද යන අවස්ථාවන්ගෙන් යුක්තව මසක් කෑම වරදක් නොවේ. වෙළඳ පොලෙන් රැගෙන එන මස් බොහෝ දෙනා භාවිතා කරති. සිංහල සංස්කෘතියට අනුව වැඩිවියට පත්වීම, විවාහය, ගෙට ගෙවැදීම, අලුත් අවුරුදු උත්සව ආදී නොයෙක් උත්සව දක්නට ලැබෙයි. මේ සෑම අවස්තාවකදී ම ආහාර වේලක් ලබා දෙනු ලබයි.
        ආගමික පදනම
        නිර්මාංශ ආහාරය පමණක් ම සාධාරණීකරණය කිරීමට ආගමික සාධකයන් ඉවහල් කරගත නොහැකිය. ලංකාවේ භාවිතවන බෞද්ධ, ඉස්ලාම්, ක්රිධස්තියානි හා හින්දු යන ආගමික ඉගැන්වීම් අධ්යැයනයෙන් ඒ බව පැහැදිලි වෙයි. මෙම කිසිදු ආගමක මාංශ ආහාරය තහනම් කර නැත. නිර්මාංශ ආහාරය ද තහනම් කර නැත. කැමති අයෙකුට මාංශ ආහාර ගැනීමේ හැකියාව ද කැමති අයෙකුට නිර්මාංශ ආහාර ගැනීමේ හැකියාවද ඇත. ඒ සඳහා ආගම්වලින් පුර්ණ නිදහසක් අනුගාමිකයන්ට ලබාදී ඇත. මාංශ ආහාර කිසිදු ආගමක තහනම් කර නොතිබුණ ද ආගම් සියල්ලෙහි ම කෑ යුතු නොකෑ යුතු මස් වර්ග සඳහන් කර ඇත. බුදුසමයෙහි සඳහන් ආකාරයට තුන් ආකාරයකින් පිරිසිදු වූ මාංශය හෙවත් ත්රිඳකෝටි පාරිශුද්ධි මාංශය භික්ෂුන්ට අනුමත කර ඇත. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ:
        “අනුජානාමී භික්ඛවේ ත්රි කෝටිපරිසුද්ධං මච්ඡමංසං: අදිට්ඨං අසුතං අපරිසඬ්කිතන්ති” (මහාවග්ගපාලි II 594 වැනි පිටුව).
        යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට නොදක්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට නොදන්නා ලද්දේ වේ ද, යම් මාංශයක් තමා උදෙසා මරණ ලද බවට සැක නොකරන ලද්දේ වේ ද මේ තුන් ආකාරයෙන් පිරිසිදුවූ මාංශය වැළඳීමට සුදුසු බවයි. මෙම පැනවීම ගිහි බෞද්ධ උපාසකයන් සඳහා පනවා ඇති බවක් දක්නට නැත. ත්රිුකෝටි පාරිශුද්ධ මාංශයක් බුදුරදුන් අනුදැන වදාළේ භික්ෂුන් වහන්සේලා සඳහා පමණි. උපාසක උපාසිකාවන්ට ප්රාරණඝාතයෙන් වැළකිය යුතු බව පමණක් ද්ශනා කළ බුදුරජාණන් වහන්සේ ඔවුනට මස් කෑම සම්බන්ධයෙන් නීති නොපැනවූ සේක. භික්ෂුන් වෙනුවෙන් නොකෑ යුතු මස් වර්ග දහයක්ද විනය පිටකයේ මහාවග්ගපාලියේ (556-560 පිටු) සඳහන් වෙයි. මෙම මස් වර්ග දහය භික්ෂුන්ට පිළිගැන්වූයේ ගිහි උපාසක උපාසිකාවන්ය. එම නොකෑ යුතු මස් වර්ග දහය මෙසේය.
        1) මිනී මස්
        2) ඇත් මස්
        3) අශ්ව මස්
        4) බලු මස්
        5) සර්ප මස්
        6) සිංහ මස්
        7) ව්යා ග්රම මස්
        8) දිවි මස්
        9) වලස් මස්
        10)(තරස්)කරබානා වලස් මස්
        මෙම මස් වර්ග දහය ද බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන්ට තහනම් කරන ලද්දේ සමාජයෙන් මතුවූ විරෝධතාවය නිසා හා වනසතුන්ගෙන් සිදු වූ හිරිහැර අනතුරු හේතු කර ගෙනය. මෙම මස් වර්ග ගිහියන්ට නොකෑ යුතු බවට බුදුරදුන් ශික්ෂාපද පනවා නැත. ඒනිසා බුදුරජාණන් වහන්සේ ගිහියන්ගේ ආහාරය සම්බන්ධයෙන් විශේෂ පැනවීම් පනවා නැති බවත්, උන්වහන්සේ අගය කළේ ධාර්මික දිවි පැවැත්ම හා නිර්වාණගාමී ප්රේතිපදාව බවත් පැහැදිලිය. උන්වහන්සේ බාහිර සමාජයේ ආචාර සමාචාර දිවි පැවැත්ම ආහාරපානාදිය වෙනස් කිරීමට උත්සාහ නොගත් සේක. මේ නිසා න්ර්මාංශ ආහාරය ම සාධාරණීකරණය කිරීමට බුදුදහම එකඟ නොවන බව පෙනීයයි.
        බුදුන් වහන්සේ මස් වැළඳුවේ ද?
        බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සුත්ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. එම අවස්තාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදායි සුත්රොය, මජ්ඣිම නිකායේ ජීවක සුත්ර ය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්රවය, මහාවග්ගපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂාපදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්රනයේ සඳහන් චුන්දකර්මාර පුත්රයයාගේ සුකරමද්දව දානය ආදිය පෙන්වාදිය හැකිය. මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි සපයයි.
        මජ්ඣිම නිකායේ ජීවක සුත්ර යේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්යමවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්යහවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී.
        “සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති”
        “ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්යඤවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්රිශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්රුමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්රේමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වළඳත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්යසයෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.
        එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභව කරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:
        1. අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු,
        2. අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු,
        3. අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති මාංශයයි.
        “ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්රුය). එසේම සමාජයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති, උන්වහන්සේ එම මස් දැන දැන වළඳත් යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන නිසා බවද මෙයින් පැහැදිලි වෙයි. මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැත.
        මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේ ද බුදුරදුන් මස් වැළඳු බවට තොරතුරු සඳහන් වෙයි. සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලයක ලීච්ඡවීහු සන්ථාගාර (රැස්වීම්) ශාලාවෙහි රැස්වී බුදුරදුන්ගේ ගුණ කියත්, භික්ෂු සංඝයාගේ ගුණ කියත්, එම අවස්ථාවේ රැස්වීම් ශාලාවේ සිටි නිගණ්ඨ ශ්රාරවකයෙකු වූ සිංහ නම් සේනාපතියෙක් බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ දැකීමට යාමට කැමතිවෙයි. ඒ බව නිගණ්ඨනාථ පුත්තයන් වෙත දැනුම් දුන් විට ඔහු මෙසේ කීවේය. “ශ්ර්මණ ගෞතමයන් වහන්සේ අකිරියවාදියෙකි. එයින් ම උන්වහන්සේ ශ්රා වකයන් හික්මවති. ඔබ කුමක් හෙයින් බුදුරදුන් හමුවීමට යන්නෙහිද?” නිගණ්ඨනාථ පුත්තයන් එසේ කීවිට සිංහ සේනාපතියන්ගේ බුදුරජාණන් වහන්සේ දැකීමේ අදහස නැතිවී ගියේය. එහෙත් දෙවන තුන්වන වර ද ලීච්ඡවීන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ විට ඔහුට බුදුන් දැකීමේ අදහස යලිත් ඇතිවිය. එම අදහස නිගණ්ඨනාථ පුත්ර යන්ට දැනුම් දුන් පසු ඔහු දෙවන තෙවන වර ද සිංහ සේනාපතියන් වළක්වනු ලැබීය. පසුව සිංහ සේනාපතියන් නිගණ්ඨනාථ පුත්රනයන්ට නොදන්වා රථ පන්සියයක් සහිතව දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ දැකීමට ගියේය. බුදුරදුන් හමුවූ සීහ සේනාපතියන් උපාසකයෙකු බවට පත්වීය.
        ඔහු නිවසට ගොස් සේවකයෙකු අමතා වෙළඳ පොලට ගොස් මස් ගෙනෙන්නට නියම කළේය.
        “ගච්ඡ භණේ පවත්ත මංසං ජානාහී තී” (මහාවග්ගපාලි – 592 පිටුව)
        පසුදා සීහ සේනාපතියා බුදුරදුන් ප්ර මුඛ මහා භික්ෂු සංඝයා වහන්සේට මස් සහිත ප්රුණීත භෝජනයෙන් සංග්රනහ කෙළේය. සීහ සේනාපතියා උපාසකයෙකු බවට පත්වූ පුවත හා ඔහු බුදුරදුන්ට මස් සහිත දානයක් දුන් පුවත දැනගත් නිගණ්ඨයෝ විසාලා මහනුවර වීදිවල ‘අද සීහ සේනාපතියා තරබාරු සිවුපාවෙකු මරා ශ්රකමණ ගෞතමයන්ට බත් කරන ලද්දේය. ශ්ර මණ ගෞතමයන් තමන් උදෙසා කළ මාංශය වැළඳු වේ යැයි “අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගෝතමස්ස භත්තං කතං. සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභූඤ්ජතී’ති පටිචචකම්මන්ති” යි ඝෝෂා කළහ.
        මෙම කතා පුවතින්ද බුදුරජානන් වහන්සේ මස් වැළඳු බව තහවුරු වෙයි. සීහ සේනාපතියා ‘පවත්ත මාංශය’ ගෙනෙන්නට කීමෙන් නිගණ්ඨයන් ද ‘පවත්ත මාංශය’ අනුභව කරන්නට ඇති බව සිතිය හැකිය. ඔවුන් බුදුරදුන්ට චෝදනා කෙළේ උදෙසා කළ (උද්දිස්සකටං) මසක් වළඳන බවටයි. එනිසා පවත්ත මාංශය හෙවත් ත්රිරකෝටි පාරිශුද්ධ මාංශය ජෛනයන් හා වෙනත් ශ්රයමනයන් ද වළඳන්නට ඇත. එනිසා බුදුරදුන් ද ත්රි්කෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බවට මේ කතා පුවතින් ඉදිරිපත් කර ඇත.
        මීට අමතරව පාරාජිකාපාලි විවරපටිග්ගහන ශික්ෂා පදයේ ද බුදුරදුන් මස් වැළඳු බවට කතා පුවතක් සඳහන් වෙයි. එහි සඳහන් පරිදි උප්පලවන්නාමෙහෙණිය පෙරවරු කාලයේ පිණ්ඩපාතයෙන් පසුව අන්ද වනයට වැඩමකරවා ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩ සිටියාය. ඒ වේලාවෙහි සොරු ගව දෙනක් මරා අන්ද වනයට පිවිසුණහ. සොර නායකයා ගසක් මුල වැඩ සිටින උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ දැක මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නාහයි (කරදර කරන්නේ යැයි) වෙන මගකින් ගියේය. අනතුරුව ඒ සොර නායකයා මස් පැසුණු විට හොඳ මස් ටිකක් ගෙන කොළ ආදියෙන් ඔතා බැඳ උප්පලවන්නා මෙහෙණීන් වහන්සේට ළඟ තැනක “යම් මහණ බමුණෙක් මෙය දකිත් නම් එය ගනිත්වා” යැයි කියා ගසක එල්ලුවේය. උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සමාධියෙන් නැගී සිට සොර නායකයාගේ වචනය අසා ඒ මස් ගෙන මෙහෙණවරට ගියාය. පසුදා එම මස් පිළියෙළ කර උතුරු සිවුරෙහි ඔතාගෙන බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමට ජේතවනාරාමයට ගියාය. මෙම කතා පුවතින් ද බුදුරදුන් මස් වැළඳු බව තහවුරු වෙයි. මෙහි සඳහන් වැදගත්ම කාරණය නම් “ගාවිං වධිත්වා” යන්නයි. මෙයින් බුදුරජානන් වහන්සේ ද ගව මාංශ වැළඳු බව කියවෙයි.
        අංගුත්තර නිකායේ මනාපදායි සුත්ර යේ බුදුරජානන් වහන්සේ ඌරු මස් වැළඳු කතා පුවතක් සඳහන් වෙයි. බුදුරජානන් වහන්සේ විශාලා මහනුවර කුටාගාර ශාලාවෙහි වැඩවසන සමයක සෝවාන් ඵලයට පැමිණි උග්ග නම් උපාසකයෙක් බුදුරජානන් වහන්සේ උදෙසා අපුරු ආකාරයක දානයක් පිළියෙළ කෙළේය. උග්ග ගෘහපතියා බුදුරජානන් වහන්සේට එම දානය පිළිගැන්වූයේ උන්වහන්සේ විසින් දේශනා කරණ ලද බණ පදයක්ද සිහිගන්වමිනි. “ස්වාමීනී, මා විසින් භාග්යනවතුන් වහන්සේ ඉදිරියෙහිදී මෙසේ අසන ලදී. එනම් මනාප දේ දන් දෙන තැනැත්තා කැමති දෙයක් ම ලබන්නේය” යන බණ පදයයි. භාග්යවවතුන් වහන්ස මා ඩෙබරඵල මුසු කළ ඌරු මස්වලට ඉතා මනාපය. එනිසා භාග්යබවතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවාගෙන මාගේ ඩෙබරඵල මුසු මේ ඌරු මස පිළිගන්වා සේක්වා. උග්ග ගෘහපතියා මෙසේ ප්රමකාශ කර බුදුරජානන් වහන්සේ වෙත ඌරු මස් පිළිගැන්වූ විට උන්වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. මේ ප්ර වෘතියෙන් ද බුදුරජානන් වහන්සේ මාංශ වැළඳු බව සනාථ වෙයි.
        සුත්තනිපාතයේ ආමගන්ධ සුත්රනයේ පෙර බුදුවරු පවා ත්රිැකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව සඳහන් වෙයි. එය මාංශ ආහාරය සම්බන්ධයෙන් බුදුවරු එකම ආකල්පයක් දරන බවට සාධකයෙකි. එහි සඳහන් ආකාරයට එම කතා පුවත කාශ්යබප බුදුරජානන් වහන්සේගේ කාලයට සම්බන්ධ වෙයි. බ්රා හ්මණ වංශික තිස්ස නම් තාපසයෙක් පිරිවර තාපසයන් සහිතව මාංශ ආහාරවලටත්, මාංශ ආහාර අනුභව කරන අයටත් අපහාස කරමින්, බැනවදිමින් සිටියේය. තිස්ස තාපසයා ප්රමකාශ කෙළේ, මිනේරි, අමු ඇට, තල කොළ, දළු, අල, මුල් පලතුරු ආදී දැහැමින් ලබන දේ වළඳන දැහැමින් සැනසෙන අය කාමය නොපතන, බොරු නොකියන අය බවයි.
        දිනක් කාශ්ය්ප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සහිත ඇල් හාලේ බතක් දානය වශයෙන් ලැබ එය වළඳනු දුටු තිස්ස තාපසයා කාශ්යේප බුදුරජානන් වහන්සේගෙන් මෙසේ විචාළේය. “ඔබ වහන්සේ කලින් පැවසුවේ, පිළී ගඳ තමාට කැප නැති බවය. එහෙත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වළඳති”. කාශ්යපප සමිඳුනි, ඔබ වහන්සේ පිළී ගඳ වශයෙන් සඳහන් කලේ කුමක්ද? තාපසයා විසින් අසන ලද ප්රතශ්නයට පිළිතුරු වශයෙන් කාශ්යනප බුදුන් වහන්සේ ප්රා ණඝාතය, වධදීම, අත්පය සිඳීම, සතුන් සිරකොට තැබීම, සොරකම, බොරුකීම, වංචා කිරීම, ක්රෝලධයෙන් කල්ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම, මෙලොව පරලොව නොපිළිගැනීම, පින් පව් නොපිලිපැදීම ආදී අයහපත් දේ සිදු කිරීම ආමගන්ධය වන බවත්, මාංශ ආහාරය ආමගන්ධය නොවන බවත් (ඒසාමගන්ධෝ නහි මාංශ භෝජනං) දේශනා කළහ. මෙම සුත්ර දේශනාවෙන් පෙර බුදුවරු පවා මාංශ භෝජනය වැළඳු බව කියවෙයි. බුදුරජානන් වහන්සේ දැහැමින් ලැබුණු ත්රිාකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව ඉහතින් ඉදිරිපත් කරන ලද පිටකාගත තොරතුරු වලින් මනාව සනාථ වන්නේය. ඒ බවට අංගුත්තර නිකායේ මනාපදායි සුත්රපය, මහා පරිනිබ්බාන සුත්රනයේ චුන්දකර්මාර පුත්රායාගේ දානය, පාරාජිකා පාලියේ චීවර පටිග්ගහන ශික්ෂා පදයේ එන විස්තරය, මහා වග්ග පාලියේ සීහ සේනාපතියාගේ කතාව, යනාදිය උදාහරණ වේ. මේ නිසා මාංශ ආහාරය බුදුසමයේ සඳහන් මග ඵල අවබෝධයට බාධාවක් නොවන බව දේවදත්ත තෙරුන් විසින් පංච වරයක් ඉදිරිපත් කරන ලදුව බුදුරජානන් වහන්සේ එය ප්රකතික්ෂේප කිරීමෙන් පැහැදිළි වන්නේය. මෙම පංච වරයේ එක් කාරණයක් නම් “භික්ෂුන් දිවි ඇති තෙක් මස්-මාළු වැළඳීමෙන් වැළකිය යුතුය” යන්නය.
        (යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං යෝ මච්ඡමංසං ඛාදෙය්ය වඡ්ඡං නං ඵුසෙය්යාති – චුල්ලවග්ග පාලි II). මෙයට පිළිතුරු වශයෙන් බුදුරදුන් දේශනා කළේ “මයා දේවදත්ත අනුඤ්ඤාතං තිකොටිං පාරිශුද්ධං මච්ඡමංසං අදිට්ඨං, අසුතං, අපරිසංකිතන්ති” (චුල්ලවග්ග පාලි II). එනම්, තමන් වහන්සේ විසින් ත්රි්කෝටි පාරිශුද්ධ මාංශය භික්ෂුන්ට අනුමත කර ඇති බවයි. මෙයින් බුදුදහමින් මාංශ ආහාරය තහනම් කරනැති බවත්, බුදු දහමේ ලැබිය හැකි මාර්ග ඵලයන්ට පත්වීමට මාංශ ආහාරය කිසිදු බාධාවක් වශයෙන් බුදුරදුන් නොසැලකු බවත් පැහැදිලිවේ.”
        එනිසා අපි සත්ය්ය අවබෝධ කරගනිමු. දැනුවත්වෙමු, වෛරය, ක්රෝ ධය තුරන් කරමු. සාමකාමී, හා සමගියෙන් බැඳුනු මව්බිමක් ගොඩනගමු. ඉදිරි පරපුරට සාමකාමී හා සෞභාග්යයයෙන් යුත් රටක් ගොඩනගන්නට අවශ්යි අඩිතාලම දමන්නට අදම අධිෂ්ටාන කර ගනිමු.

        උපුටා ගැනීම ඉබ්නු මන්සූර් වෙබ් අඩවිය

        http://www.ibnumansoor.com/meet-food-in-buddhism/

        2012/07/10 at 5:39 PM
        • දෙයියම්පා says:

          ඕකෙ සාරාන්ශේ අර ආගමේත් කනවා මේ ආගමේත් කනවා ඉතින් අපි කෑවම මොකෝ කියල පෙන්නලා අනිත් අවිහිංසාවාදී ආගම් ගොඩට ඉස්ලාම් වත් එකතුකරන්නද ? කෑව හෝ නොකෑව හෝ විනෝදයට හැරෙන්න සත්තු මරණ එක උගන්නන, බෙලි කැපීම පිළිබද විසේසජ්නයන් සිටින ආගමත් ඉස්ලාම් නේද ? සතෙක්ව මරණ(අමු අමුවේ ) ක්‍රියා පිළිවෙලක් කුරානේ පෙන්නලා දීල තියනවනේ ඉතින් අපි වැදගෙන අහගෙන ඉන්නම් අපට සත්තු මරණ විදිය ගැන බන දේශනාවක් කරන්නකෝ අන්වර් ඔයාට පින්සිද්දවෙනවා !

          2012/07/11 at 10:36 PM
          • Anver Manatunga says:

            මුස්ලිම් අප විසින් මස් අනුභව කරන්නේ දහම විසින් එය අපට අනුමත කර ඇති නිසයි. දැන් ඔබලාගේ දහමේ මස් මාංශ අනුමත කර නැත්නම් ඇයි කන්නේ? ඉස්සෙල්ලා තමන්ගේ වැරදි හදාගන්න ඊට පස්සේ අනුන්ට බණ කියන්න.

            2012/07/12 at 4:06 AM
          • දෙයියම්පා says:

            අන්වර්! කෙනෙක් කුසගින්නේ මියයන්න හදන කෙනෙක්ට කැමැත්තෙන් තමන්ගේ ශරීරයෙන් මස් කැබැල්ලක් කඩා ආහාරයට දුන්නොත් බුදුදහමට අනුව එය ආහාරයට ගත් කෙනාට පවක් සිදුවෙය්ද? මස් ආහාරයත් මසට සතුන් මැරීමත් අතර සම්බන්දයක් තිබිය යුතුමද ? බුදුදහම තුල මස් ආහාරයත් සතුන් මැරීමත් එකට පටලවා නොමැත. මස් කෑම බුදුදහම අනුමත කරය්.

            2012/07/12 at 12:22 PM
          • Anver Manatunga says:

            මස් කෑම බුදු දහම අනුමත කරයි නම් ප්‍රශ්ණයක් නැත. ප්‍රශ්නය වන්නේ ඔබගේ සමාජයේ හැමෝම එය පිළිනොගන්න එකයි.

            අනෙක මස් ආහාරයත් මසට සතුන් මැරීමත් අතර ඉතා ළග සම්බන්ධයක් ඇත. ඒ මසට සතුන් මරන්නේ මස් ආහාරයට වන නිසයි.

            2012/07/12 at 9:11 PM
  • අක්බාර් says:

    අහෝ අන්වර් නොදිටි මොක්පුර,මම දවසක් මුස්ලිම් පූජකයෙක් ලඟට ගියා ඉස්ලාම දර්මයෙ අවසාන ඉලක්කය ගැන දැනගන්න,මම මුලින් හිතන් හිටියේ මුස්ලිම් කියන්නෙත් අයෙවාන් වගේ ගැඹුරු දහමක් කියලා හිතාගෙන.ඉතින් මම එයා ලඟට ගිහින් කිව්ව මම බෞද්ධයෙක්,බුදුදහමේ අවසානය තමයි අන්වාන් එහෙම නැතිනම් නිවන කියන්නේ.ඔයාගේ ධර්මයේ අවසාන ඉලක්කය මොකක්ද කියලා.එයා කියනවා එයාගේ ධර්මයේ අවසානය අවසානය ස්වර්ගයට පත්වීම කියලා,නමුත් එයාම කියනවා එතනින් නැවතිලා ඉන්නේ නැතිව නිවන් කියන තැනටත් ගමන් කරන්න ඕනේ කියලා.එතකොට එයා කියන විදියට ඉස්ලාම් ආගමේ අවසානය තමයි නිවන.හරි පුදුමයි.අල්ලපු රටට ජයවේවා!

    2012/07/10 at 11:44 AM
    • Anver Manatunga says:

      ඉස්ලාම් දහමෙහි අවසානයක් නැහැ. ස්වර්ගය උරුම කර ගැනීම නව ජීවිතයක ආරම්භයක්.

      2012/07/11 at 4:31 AM
  • shani says:

    sahathika aththa. Anwar mage hithawath soura, boho minisun rata,agama hadanna kathakaranawa chuti viwechanayak iwasanna baha bohoma naraka bashawen bana wadinawa, ithin ehema aygen kumana yahapathak balaporoththu wennada ? obata subadawasak

    2012/07/10 at 12:13 PM
  • Chamith says:

    You take long time to post my comments.

    my suggestion is, approve and post after you reading, but you can write answer for that letter. from that, readers have reasonable time to think.

    2012/07/10 at 2:27 PM
    • Anver Manatunga says:

      සහෝදරයා මම මේ බ්ලොග් එක කරන්නේ තනිවමයි. කමෙන්ට් දාන පරක්කුවෙන් අනුමත කරන්න බැරි මම අධික කාර්යබහුල කෙනෙක් නිසයි. ඔබට ඇතිවු අපහසුතාවයට සමාව ඉල්ලමි.

      2012/07/11 at 4:35 AM
  • ඩිලාන් says:

    hodha lipiyak..
    @Chamith hoda comment ekak..

    2012/07/10 at 8:01 PM
  • sana says:

    අක්බර්, ඔයාට නිවන් දකින්න මුස්ලිම් පූජකයා ලඟට ගිහිල්ල හරියන්නේ නෑ. ඉස්ලාම් ආගමේ පූජවරු නෑ. අනෙක අනුන්ගේ දේවල් හොයා හොයා අනුන්ට බැන වදිමින් තර්ජනය කරමින් ඔයාගේ ලේ රත්කරගෙන නිවන්දකින්න බෑ කියල බුද්දාගමේම පවසා තියනවා. ඒ නිසා නිවන් දකින්න ඕනෙනම් හොඳ ඇත්ත කියන හාමුදුරු නමක් ගාවට ගිහිල්ල බණ අහල හොඳ බෝව්දයෙක් වෙන්න.

    2012/07/12 at 12:48 AM
  • kalane malka says:

    anvar oba harima savthu minehak.makada buddaga vikurthikarana nesa.

    budda desanave kothanakavath maskanna kiyalavath buduhamuduruwo mas kalavath natha.namuth baudda vechacha bahutharayak mas anubava karanava kiyala buddadagamata apahasa karanna apa.
    hamoma varadi kala paliyata budu hamadurovo pali natha. athuma nivaradi margaya apata kiyala dila atha.a margaya yana aka nathi aka oba apa siyallangama thani kamaththa.anvar oba bauddayanta vitharak varadikima asadaranai.
    1.muslim siyaloma varadinokaraida.
    2.alla diviyan giya margaye giya aya ki danek siteda? pls ansr me

    2012/07/17 at 11:50 PM
  • kalane malka says:

    anvar ai oya mata pilethura nodi boru kiyala panala yanne. katath balaganne mata uththarayak denna.hanganna dayak nane.

    2012/07/19 at 12:40 AM
    • Anver Manatunga says:

      ඔබ මා බුදු දහම විකෘති කරනවා යැයි පවසා තිබුණා. නමුත් ඔබ කියා තිබුණා බුදු දහමේ කෙතැනකවත් මස්කන්න කියලාවත්, බුදු හාමුදුරුවෝ මස් කාලාවත් නැහැ කියලා. නමුත් ඒක පට්ටපල් බොරු කථාවක්. ඒ නිසයි මම එයට පිළිතුර http://www.anvermanatunga.com/2012/07/11/vegetarianism/ ලිපියෙන් දැම්මේ.

      ඔබගේ අනෙක් ප්‍රශ්න දෙක ඉතාමත් බොලද ඒවා. ඒවාට පිළිතුරු

      1. muslim siyaloma varadinokaraida. නැත. මුස්ලිම් අයද වැරදි කරති. වැරදි කිරීම මනුස්ස ස්වභාවයයි. නමුත් වැරදි හදුනාගෙන එය නිවැරදි කරගත යුතුය.

      2. alla diviyan giya margaye giya aya ki danek siteda? මුස්ලිම් සියළුම දෙනා අල්ලාහ් පෙන්වා දුන් මාර්ගයේ යන්නන්ය. නමුත් සියළු දෙනාම එක මට්ටමේ නැත. එක එක්කෙනා තම තමන්ගේ රිසි ප්‍රමාණයට අල්ලාහ් පෙන්වා දුන් මාර්ගයේ යති.

      2012/07/19 at 6:09 AM
  • kalane malka says:

    mr anvar athakota oba pligannava siyallanma nivaradi nathibava.
    ahanam ai oba bahutharayak mansha anubava karanava kiyala samastha buddayantama nigraha karanne .dan oba kiyavi mama kothanakavath buddagamata ho buddayanta nigrahakale na kiyala.ahama kiyala uththara nodi yanna apa.

    2012/07/23 at 5:23 PM
    • Anver Manatunga says:

      ඇත්තටම මම බුදු දහමට නිගරු කරලා නැහැ. මා කරන්නේ අපට එරෙහිව එල්ල කරන චෝදනා වලට පිළිතුරු දීම පමණයි. මා ඒවාට බුදු දහම සහ බොදුනුවන්ගේ චර්යාවන්ද උපුටා ගන්නවා. ඒවා නවතන්න පෙර අපට බොරු චෝදනා එල්ල කිරීම නවතන්න.

      2012/07/23 at 8:47 PM

Your email address will not be published. Required fields are marked *

*