ඊයේ දිනයේ මා විසින් ලියන ලද “දෙව්දත් නිකායේ අය හඳුනා ගනිමු” නම් වු ලිපියට ප්‍රතිචාරයක් වශයෙන් චමිත් සොහෝදරයා විසින් ඉතාමත්ම වැදගත් ලිපියක් එවා තිබුණා. ඒ ලිපියේ අන්තර්ගතය බෞද්ධ දර්ශනයේ මස් මාංශ අනුභවය ගැන පවසා තිබෙන දේ සම්බන්ධවයි. සමස්ථයක් ලෙස ගත්කළ එම ලිපියේ කරුණු ඉතාමත් හොඳින් පවසා තිබුණත් යම් යම් ස්ථානවල අපට ඇති ගැටළු සම්බන්ධව පුළුල් සංවාදයක් සඳහා මෙම ලිපිය ලියමි.
අපගේ පහසුව පිණිස එම ප්‍රතිචාර ලිපිය කොටස් කර එකී කොටසට පිළිතුර ඊට පහලින් මගේ අදහස් යනුවෙන් පලකරමු.
උපුටා ගැනීම
බෞද්ධ දර්ශනයේ මස් මාංශ අනුභවය පිළිබඳව සඳහන් වන්නේ කුමන ආකාරයටද? බුදුහාමුදුරුවෝ කියන්නේ සියලූ සත්ත්වයන්ට මෛත‍්‍රී කරපු කෙනෙක්. බෞද්ධ සාහිත්‍ය සඳහන් වන විදිහට උන්වහන්සේ ඉපදුණ වෙලාවේත් බුදුවුණ වෙලාවේත් මිනිස්සු සැනසුණා. අපායේ පවා ගිනි දැන් නිවුනා කියලා කියනවා. අපා ගත වූ මිනිස්සු එයින් මිදුනා. බිහිරන්ට කණ් ඇසුණා. ගොළුවන් කතා කළා. කොරුන් ඇවිද්දා. බුදුහාමුදුරුවෝ පහල වීමත් සමඟ සකල ලෝක සත්වයාට සැනසීම උදා වුණා. සෑම බුද්ධ දේශනාවක් තුළම මෛත‍්‍රීය කියන දෙය අන්තර්ගතයි. උන්වහන්සේ කිසිම ප‍්‍රාණියෙකුට හිංසාවක් කරන්න අනුබල දුන්නේ නෑ. බුද්ධ චරිතය තුළත් බුද්ධ දේශනය තුළත් ඇතුළත් වුණේ සියලූ සත්වයන්ට මෛත‍්‍රී කිරීම.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
බුදුරජාණන් වහන්සේ යනු ලොවපුරා බොදුනුවන්ගේ ශාස්තෘවරයාණන්ය. ලොව බිහිවු සියළුම ආගමික ශාස්තෘවරුන්ද මෙලොව දේශනා කරන ලද්දේ ක්ෂාන්තිය, සමාදානය සහ ප්‍රේමය වැනි උතුම් ගුණධර්මයන්. නමුත් එකිනෙක ආගමිකයන් විසින් සිය ශාස්තෘවරයාණන් අරබයා ඉතාමත් උසස් මට්ටමෙහිලා කථා කරනවා. මෙය සාමාන්‍ය දෙයක්.
උපුටා ගැනීම
අපි කොහොමද මෛත‍්‍රී කරන්නේ කියන එක කරණීයමෙත්ත සූත‍්‍රයෙන් තවත් පැහැදිලි කරනවා. ලොකු කුඩා සියලූ සතුන්ටත්, ළඟ සිටින සහ දුරසිටින සතුටන්ටත් සියලූම සත්වයෝ සුවපත් වේවා කියලා ඒ සූත‍්‍රය තුළ කියවෙනවා. ඒ අනුව බෞද්ධ දර්ශනයේ කොතනකවත් සත්ත්ව ඝාතනය, හිංසාව හෝ මංශ අනුභය අනුමත කරන්නේ නෑ.
බුදුහාමුදුරුවෝ අවසාන කාලයේදී මස් මාංශ වැළදූ බවට සමාජයේ මතයක් තියෙනවා. ඒ පිළිඳව ඔබ වහන්සේගේ අදහස පැහැදිලි කළොත්.
බුදුහාමුදුරුවන්ගේ අවසාන දානය සහ වැළඳුණු රෝගය පිළිබඳව සමාජය දැනුවත් නෑ. සුජාතා සිටු දියණිය මුලින්ම පුදපු කිරිපිඬු දානයත් මේ කියන අවසාන දානයත් සංසාරයේ පෙරුම් පුරලා දීපු දාන විදිහට තමයි බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ.
මේ උතුම් දාන වලදලා නෙවෙයි බුදුරජානම් වහන්සේ රෝගී වුණේ. උන්වහන්සේට මාස තුනකට කලින් කුසේ වේදනාවක් ඇතිවුණා. උන්වහන්සේ පිරිණිවන් පාන බව ඒ වනවිටත් අවබෝධ කොටගෙන හිටියේ. ඒ අවස්ථාවේදී උන්වහන්සේ ස්ථීර අධිෂ්ඨානයෙන් මේ කුසේ වේදනාව තව මාස තුනක් යන තුරු වැළඳී නොසිටීමට ප‍්‍රර්ථනා කළා. අවසාන දානය වැළදූ පසු ඊළඟ දින අර මාස තුන සම්පූර්ණ වුණා. ඒනිසා තමයි උන්වහන්සේ අසනීප වුණේ.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
සිදුහත් බෝධි සත්ත්වයන් ගිහි ගෙයින් නික්මෙන්නට ආසන්නතම සිදුවීම වුයේ සතර පෙරනිමිති දැකීමයි. එනම් ලෙඩෙක්, මහල්ලෙක්, මලකඳක් සහ පැවිදි රුවක් දැකීමයි. බෝධි සත්ත්වයන් සියල්ල අතහැර ගිහිගෙයින් නික්මුනේ මේ සියල්ලට පිළිතුරක් සොයා ගනු පිණිසය. බුද්ධත්වයට පත්වු පසුද බුදුරජාණන් වහන්සේ නැවත රෝගී වුවා නම් එයින් ගම්‍ය වන්නේ කුමක්ද?
උපුටා ගැනීම
කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේගේ අවසාන දානයට ‘‘සූකර මඤ්ඤව’’ එක්කර තිබුණා. සූකර මඤ්ඤව කියන්නේ ඌරන්ගේ මලපහ වේලූනු තැන්වල හැදෙන හතුවලට.
ස්වභාවික හතු හැදෙන්නේ සතුන්ගේ මලපහ වේලූණු තැන්වල මේ හතු හැදිලා තිබුණේ ඌරන්ගේ මලපහ වේලූනු තැනක. හතු මස්මාංස ගණයට අයිතිවෙන්නේ නෑ. කෙසේ වෙතත් සමාජයේ මතයක් තියෙනවා සූකර මඤ්ඤව කියන්නේ ඌරුමස්වලට කියලා. ඒක වැරදි මතයක්.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
මෙහිදී මෙතුමාණන් සූකර මද්දව ගැන පවසන දේ සම්බන්ධව කිසිදු මූලාශ්‍රයක් ගෙනහැර නොදක්වයි. නමුත් ඒ සඳහා අප දන්නාවු කරුණු මෙසේ ඉදිරිපත් කරමු.
පලමුව මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන්වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙළ කරන ලද්දක්ද?
“සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය, මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත්, ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙළ කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙළ කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පහළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංසය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංසය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංසයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා, සුකරමද්දවය මසින් පිළියෙළ කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංස නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”
දෙවැනි කරුණ සූකර මද්දවය පිළිබඳ බෞද්ධ විශ්වකෝෂයේ විවරණයයි.
“සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස. (බෞද්ධ ශබ්ද කෝෂය – 1644 වැනි පිටුව)
අප විසින් බුද්ධිමත් ඔබගෙන් විමසන්නේ මේ මත දෙකෙන් කුමක් පිළිගත හැකිද? යන්නයි.
උපුටා ගැනීම
දෙව්දත් හාමුදුරුවෝ එක තැනකදී අහනවා භික්ෂූන් වහන්සේ සෑම කාලයේදීම නිර්මාංශ විය යුතු බව. නමුත් බුදුරාජානන් වහන්සේ ඒක පිළිගත්තේ නෑ නේද ?
ඔව්. දෙව්දත් කියන්නේ ශාසනය බේද බින්න කරපු කෙනෙක්. දෙව්දත් හාමුදුරුවෝ එහිදී ශාසනය බේදකරන්න කරුණු පහක් ඉදිරිපත් කළා. සංඝයා වහන්සේ නිර්මාංශික විය යුතු බව එයින් එකක්. බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා මෙය ශාසනය බේදකිරීමට ගෙනා යෝජනාවක් බව.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
මා විසින් ඊයේ දිනයේ පලකරන ලද දෙව්දත් නිකායේ අය හඳුනා ගනිමු නම් ලිපියේ අදහස මෙමගින් සනාථ වේ.
උපුටා ගැනීම
ඒ වගේම බුදුරාජණන් වහන්සේගේ එක් අවස්ථාවකදී මස් මාංශ අනුභවයට අවසර දුන්නා. නමුත් ඒ ‘‘ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ’’අනුභවයට පමණයි.
ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ, යම් සතෙක් මැරුවා කියලා දැක්කෙත් නැති, මැරුවා කියලා ඇහුවෙත් නැති, මැරුවා කියලා හිතන්නත් බැරි මාංශයක්. ඒ කියන්නේ ඉබේ මැරුණ සතෙක්. ඒ මාංශය අනුභව කළාට සතාට හානියක් වෙන්නේ නෑ.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
මෙතැනදී පැවසෙන්නේ තවත් වැරදි මතයක් බව මගේ අදහසයි. එනම් ත්‍රිකෝටි පරිශුද්ධිය යනු ඉබේ මල සතෙකුගේ මාංශ නම් එය බුදුරජාණන් වහන්සේ විසින් වක්‍රාකාරව වදාරනු ඇතැයි මා නම් සිතන්නේ නැහැ. එමෙන්ම මේ විවරණය කරන්නාවු අය විසින් කිසිදු ත්‍රිපිටක පාඨයක් හෝ අටුවාවක කරුණු ගෙනහැර නොදැක් වීමෙන් අපට ඒ ගැන තවත් කුකුස වැඩිවේ.
උපුටා ගැනීම
උන්වහන්සේ ඒ මාංශයට පවා අවසරය දුන්නේ හේතුවක් ඇතිව. ඒ කාලයේ දඩයක්කරුවොත් බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගත්තා. ඒ සංඝයා වහන්සේලා පුරුදු වී සිටියේ මස් මාංශ අනුභවයට.
බුදුරජාණන් වහන්සේ ඔවුනට ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංශය වැලදීමට අවසර දුන්නා. එතනදිත් අපට පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේගේ සහනශීලීත්වය. එදා දෙව්දත් තෙරුන්ගේ යෝජනාවට එකඟවුණා නම් මෙකී සංඝයා වහන්සේලාට අසාධාරණයක් වෙන්න තිබුණා.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
බුදු දහමට අනුව කෙනෙකු මහණ දම් පිරීම යනු සියල්ල අතහැරීමට තෝරා ගැනීමක්. මෙසේ දඩයක්කරුවන් මහණ වු පසු තවදුරටත් මස් මාංශ වලට ඇලී ගැලී සිටිනවා යැයි පැවසීම පිළිගත නොහැක්කකි. පුද්ගලිකව අප මස් මාංශ අනුභව කරන්නන්ය. නමුත් ඕනෑම අවස්ථාවක අපට මස් මාංශ අනුභවය නැවැත්විය හැක. ඒ අපට ඒ අරබයා ඇබ්බැහි කමක් ඇති නොවන නිසා. දඩයක්කරුවන්ව සිට මහණ වු අයට සිදුවන අසාධාරණයක් නිසා දෙව්දත් තෙරුන්ගේ යෝජනාවට අකමැති වුවා යන්න අපට නම් පිළිගත නොහැක්කකි.
උපුටා ගැනීම
අද සමාජයේ බොහෝ දෙනෙක් මස් මාංශ අනුභවයේදී මාංශ වර්ග අතර තේරීමක් සිදු කරනවා. මස් මාංශ තේරූ පමණින් පවින් නිදහස් වෙන්න පුළුවන්ද?
බෞද්ධයෝ විදිහට අපි මස්මාංශ අනුභවය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂේප කරනවා. ඉස්ලාම් භක්තිකයෝ ඌරුමස් කන්නේ නෑ. ගවයා දෙවියන් වාහනයක් කොට සලකා හින්දු භක්තිකයෝ ගව මස් අනුභව කරන්නේ නෑ. බෞද්ධයෝ විදිහට අපි බොහෝ දෙනෙක් මේ දෙකම අනුභව නොකළත් කුකුල් මස් අනුභව කරනවා. හැම සතෙක්ම ජීවිතයට ආදරෙයි. ඒ නිසා කිසිම සතෙකුගේ මස් අනුභව කිරීම අනුමත කරන්නේ නෑ.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
මෙතුමාණන් මෙසේ පැවසුවද මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවේ සඳහන් වන කොටසින් මේ කොටස පමණක් උපුටා දක්වන්නට කැමැත්තෙමි.
“ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංසයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා, සුකරමද්දවය මසින් පිළියෙළ කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංස නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”
බුදුරජාණන් වහන්සේ පවා මාංශ වැලඳූ බව මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා නාහිමි පවසනවා නම් ඉහත උපුටා ගැනීමේ අන්තරගත අදහස නිෂේධ වනවා නොවේද?
උපුටා ගැනීම
වෛද්‍ය විද්‍යාවේදී පවසනවා සත්ව ප්‍රෝටීන ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් බව .සත්ත්ව ප්‍රෝටීන ශරීරයට ලැබෙන්නේ බාහිරින් ගනු ලබන මස් මාංශවලින් පමණයි. ඔබ වහන්සේ මෙය විග‍්‍රහ කරන්නේ කෙසේද?
වර්තමානයේ ඇතැම් වෛද්‍යවරු නිර්මාංශික වීම අගය කරනවා. තවත් සමහරු මස් මාංශ අවශ්‍ය බව පවසනවා. අද ලෝකයේ ඕන තරම් මස් මාංශ අනුභව නොකරන නිරෝගී පුද්ගලයන් ඉන්නවා. නිර්මාංශ වීම නිසා රෝගී වුණ පුද්ගලයන්ට වඩා මාංශ පරිභෝජකයින් රෝගී වන අවස්ථා බහුලයි.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
සිරුරේ ඇතිවන රෝග තත්වයන්ට මුලික හේතුව මස් මාංශ අනුභවය හෝ නිර්මාංශ අනුභවය නොව ආහාර ගැනීමේ අපිළිවෙලයි. නිසි පිළිවෙලකින් තොරව ආහාර ගන්නාවු අය නිර්මාංශ හෝ මාංශ ආහාර දෙවර්ගයෙන් කුමණ වර්ගය අනුභව කළද රෝගී වේ.
උපුටා ගැනීම
උදාහරණයක් විදිහට අද බ්‍රොයිලර් කුකුළන්ගේ මස් අනුභවය නිසා බොහෝ දෙනෙක් රෝගී වෙනවා. සාමාන්‍යයෙන් කුකුළෙකු වැඩෙන්නට අවුරුදු දෙකක් ගතවෙනවා. දින 40න් 45න් හැදෙන බ්‍රොයිලර් කුකුලන්ගේ තියෙන්නේ විකෘති ජාන. ගැහැණු දරුවන් වැඩිවියට පත්වීමට සාමාන්‍යයෙන් අවුරුදු 12ක් 13ක් යනවා. නමුත් අද කාලේ මේ විකෘති ජාන ශරීරගත වීම නිසා අවුරුදු හයෙන් හතෙන් ගැහැණු දරුවෝ වැඩිවියට පත්වෙනවා. ඔවුන්ගේ ශරීරය වැඞී තිබුණට නිරෝගී බවක් නෑ. අයුෂත් අඩුයි.
ඒ වගේම සත්ව මාංශ හරහා පසුගිය කාලේ බොහෝ රෝග ව්‍යාප්ත වුණා. කුරුළු උණ, සූකර උණ අපට උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
බ්‍රොයිලර් යනු නවීන තාක්ෂණයකින් නිපදවුනු සත්ත්ව විශේෂයක්. එවැනි තාක්ෂණික නිශ්පාදන වල ඇති යම් යම් විකෘතිතාවයන් මාංශ ආහාර අනුභවය වලකන්නට හේතුවක් වන්නේ නැහැ. ජාන තාක්ෂණයෙන් නිපදවන නිර්මාංශ ආහාර වලද ශරීරයට අහිතකරදේ තිබෙනවා කියා දැන් ජාන තාක්ෂණික ශාක ආහාර වර්ජනය කරන්න යැයි ඉල්ලන සංවිධානද තිබෙනවා.
උපුටා ගැනීම
ඒ වගේම සතෙක් මැරීමේදී ඒ සතා සමඟ සිටින අනික් සතුන්ගේ ලේ විෂ වෙනවා. දුක කෝපය ඊට හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. විෂ වූ ලෙයක් සහිත සතුන්ගේ මස් අනුභවය නිසා මිනිස්සු නිරෝගී වෙනවා යැයි කීම සත්‍යයක් වෙන්න බෑ. මේ ලොකේ මිනිස්සු මස් මාංශ හේතුවෙන් අසනීප වෙන අවස්ථා බොහෝ වන බව මෙමගින් පෙනී යනවා.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
සතෙකු මරණ විට ඒ ළඟ තවත් සතුන් තබා ගැනීම ඉස්ලාම් විසින් තහනම් කර ඇත. මේ ලොව මස් මාංශ අනුභවය නිසා පමණක් නොව නිර්මාංශ අනුභවය නිසාද බොහෝ අය රෝගී වේ. බොහෝ අයට කොලෙස්ටරෝල් අධික වන්නේ තෙල් වර්ග වැඩියෙන් ආහාරයට ගන්නා නිසයි. ඒ සියළුම තෙල් වර්ග ශාක සාර නොවේද?
උපුටා ගැනීම
මස් මාංශ අනුභවය වගේම සත්ත්ව කිරි ආහාරයට ගැනීමත් ප‍්‍රතික්ෂේප කරනවාද?
බුදුරජාණන් වහන්සේ පවා පස්ගෝරස වැලදුවා. එම දානය අනුමත කරා. ඒ වගේම ගවයන්ගේ කිරි මිනිසා පරිභෝජනය කිරීමේදී ගව පැටියන්ගේ කිරිත් පරිභෝජනයට ගැනීම නිසා පැටියට කිරි නැතිවෙන බවටත් එයින් පාපයක් සිදුවෙන බවටත් මතයක් තියෙනවා. නමුත් අපේ සමාජයේ කවුරුත් පැටියට කිරි නොදී කිරි ගත්තේ නෑ. අපි සතාට වැඳලා කිරි ගත්තේ. සතාගේ හිස අතගා ‘පුතේ පැටියට කිරි කොටහා තිබ්බා’’ කියලා. ගවයාගේ කිරිවලින් පෝෂණය ලැබීම පවක් කියලා කොහෙත්ම කියවුණේ නෑ.
උපුටා ගැනීම
මගේ අදහස
මෙහිදී මා විසින් කලින් පලකළ ලිපියක එළදෙනුන්ගේ කිරි මංකොල්ල කෑම ගැනවු අදහස නිෂේධ කිරීමට අසාර්ථක උත්සාහයක යෙදී සිටිනවා. මෙහිදී කිව යුත්තේ එළදෙනට වැන්දා කියා එළදෙන දන්නේ නැහැ. එමෙන්ම වාණිජවු නූතන සමාජයේ එළදෙනගෙන් කිරි ගන්නේ යන්ත්‍ර සූත්‍ර මගිනි.
උපුටා ගැනීම
බිත්තර අනුභවයත් පාපයක්ද?
බිත්තරය කියන්නේ ජීවියෙක්ගේ මුල්ම අවස්ථාව. අද මරණයයි ගබ්සාවයි කියන්නේ එකක්. බිත්තරයක් කැඞීම කියන්නේ ගබ්සා කිරීමක්. අද තියෙන බිත්තරවල ජීවී බවක් නෑ. ඒ ජීවී බව නැති කරන්නෙත් අපි විසින්මයි. බෞද්ධ දර්ශනයේ කියවෙනවා පවු පලදීම පිළිබඳව. සාමාන්‍යයෙන් ජීවී බව අහිමි කිරීමේ ප‍්‍රතිපලය වන්නේ මිනිසුන් වඳවබට පත්වීම. බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ හමුවීමට විවාහක යුවළක් පැමිණියා. ඔවුන්ට දරුවන් සිටියේ නෑ. මේ දුක බුදුරජාණන් වහන්සේට කියන අවස්ථාවේදී උන් වහන්සේ පවසා සිටියේ එය ඔවුන්ගේ පෙර ආත්මයක පවු පළදීමක් ලෙස ඔවුන් කැලයට ගොස් කිරිල්ලියකගේ බිත්තර කුඩුකර අනුභව කිරීම මේ ආත්මයේ මෙසේ වීමට හේතුව බව උන්වහන්සේ පෙන්වා දුන්නා.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
බිත්තර කෑමත් පවක් යැයි මෙතැනදී පෙන්වා දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේම මස් වැලඳූ බවට මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමියන් පවසද්දී බිත්තර කෑම පවක් වන්නේ කෙසේද? යන්න අපට විශාල ප්‍රශ්නයක් ඉතිරි කරනවා. සමහර බෞද්ධයන් ත්‍රිකොටි පරිශුද්ධියට අනුකූල නිසා බිත්තර අනුභව කළ හැකි බවත් පවසනවා.
උපුටා ගැනීම
වර්තමාන දන්සැල් වල මස් මාංශත් දන් දෙනවා. ඒ දානයෙන් පිනක් ලැබෙනවද ?
බුදුහාමුදුරුවෝ ඉපදුන දවස සහ බුදු වුණ දවස කියන්නේ සකල ලෝක සත්වයාට සැනසීම උදා කර දුන් දවසක්. එදාට දෙන්න පුළුවන් ලොකුම දානය තමයි අභය දානය. නමුත් අද අවාසනාවකට මෙන් දන්සැල්වල මස් මාංශ අනිවාර්ය දෙයක් බවට පත් වෙලා. මස් මාංශ නැති දන්සැල් ජනතාව ප‍්‍රතික්ෂේප කරන කාලයකුත් වෙලා. මේ දෙය බෞද්ධ දර්ශනයේ මූලික සංකල්පවලින් ඈත් වෙනවා. දන් සැලක් දෙන්නේ තවත් කෙනෙකුගේ කුසගිනි නිවන අර්ථයෙන්. විනෝදයට ආශාවට, ප‍්‍රදර්ශනයට සහ තරගයට දෙන දෙයක් නෙවෙයි. දන්සැල් දීමෙන් පිනක් කරගන්නවා විනා ඊට මස්මාංශ එක්කර තවත් පවක් සිදුකර ගැනීම යෝග්‍ය වෙන්නේ නෑ.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
දන්සැල් ගැන මා විසින් පලකළ ලිපියට (http://www.anvermanatunga.com/2012/06/06/dansal/) විරුද්ධව බොහෝ ප්‍රතිචාර ආවා නමුත් දැන් එහි මා පලකළ අදහස් නිවැරදි බව මෙයින් ඔප්පු වෙනවා. දන්සැල් සියල්ලම එකම දිනයක පැවැත්වෙන නිසා එහි යන අය යම් යම් විශේෂන බලාපොරොත්තු වෙනවා ඇති. එක් දිනයක් සමරමින් කරනවාට වඩා වසරේ අනෙක් දිනවලද දන්සැල් තිබුණා නම් මෙසේ වන්නේ නැහැ.
උපුටා ගැනීම
‘‘දන්සැල් වදිනවා’‘ කියන වචන භාවිතය සුදුසුද?
නැහැ. අපි වදින්නේ ත‍්‍රිවිධ රත්නය ඇතුළු දෙමාපිය වැඩිහිටියන්ට. දෙවියන්ටවත් වදින්නේ නෑ. දන්සැලකට ගිහින් කරන්නේ වදින එක නෙවෙයි කෑම කන එක.
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
මේ අදහසට මමද එකඟයි.
උපුටා ගැනීම
ඔබ වහන්සේ මේ උතුම් පෝය දිනයේදී ප‍්‍රාණඝාතය පිළිබඳව සමාජයට දෙන පණිවුඩය කුමක්ද?
‘‘පානාතිපාතා වේරමණී සික්කාපදන් සමාධියාමි’’ බුදුරජාණන් වහන්සේ පංච ශීලයේ මුලින්ම කියා දුන් පන්සිල් පදය . පන්සිල් රකිනවා කියන්නේ ඒ දෙයින් වැලකීම, ඊට අනුබල දීමෙන් වැළකීම සහ වැළකීමේ ගුණ කියා දීමයි. පළවෙනි සිල් පදය රකින්න නම් ප‍්‍රණඝාතයෙන් වැළකිලා මදි. ඊට අනුබල දී මෙනුත් වළකින්න ඕනේ. මේ උතුම් වෙසක් පෝ දිනයේ අපට ඒ දේ කරන්න පුළුවන් නම් ඔබ උතුම් පුණ්්‍යකර්මයක් කර ගන්නවා. එකපාරට එයින් වැළකුණේ නැතත් අපට එය පියවරෙන් පියවර කරන්න පුළුවන්. මාස හතක් යනකොට අපි මස් මාංශ භාවිතයෙන් සම්පූර්ණයෙන් වළකිනවා. එවිට අපි අභය දානමය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක අපේ ජීවිතයට ලොකු බලයක් පිටුවහලක් සහ ශක්තියක් බවට පත්වෙනවා. හැම දෙනාටම තෙරුවන් සරණ
උපුටා ගැනීම අවසන්
මගේ අදහස
බුදු දහමෙහි ප්‍රාණ ඝාතය අකුසල කර්මයක් නම් ඒ සඳහා අනුබල වන මස් මාංශ ආහාරයෙන්ද වැලකී සිටින එක හොඳ දෙයක්. මා නම් පවසන්නේ කිසියම් දහමක මස් මාංශ තහනම් කර ඇත්නම් එම ආගමිකයන් විසින් එය පිළිපැදිය යුතුයි. එසේ නොකර අපේ ආගමේ සත්තු මරන්න එපා කියා තියෙනවා. තොපේ ආගමේ එහෙම නැහැ කියමින් අන්‍ය ආගමිකයන්ට වැදි බණ පැවසීම කිසිදු අර්ථවත් ක්‍රියාවක් නොවේ.
පසුවදන
චමිත් සහෝදරයා විසින් මේ ලිපිය එව්වද ඔහු විසින් මේ ලිපිය කොහෙන් උපුටා ගත්තාදැයි සඳහන් කර තිබුණේ නැහැ. මේ ලිපිය දෙස බැලූ බැල්මට අපට පෙනෙන්නේ මෙය භික්ෂුන් වහන්සේ කෙනෙකු සමග තිබුණු සාකච්ඡාවක් බවයි. කෙසේ නමුදු අපට පෙනෙන්නට තිබෙන කරුණක් නම් මෙකී භික්ෂූන් වහන්සේ විසින් ධර්මයට තමන්ගේම අර්ථකතන දෙන බවයි. අප ඉල්ලා සිටින්නේ ආවේගශීලී නොවන අය පමණක් සංවාදයට පැමිණෙන ලෙසයි.

Chamith says:
Dear Anver, here i have shown below best explanation about Sukara madawa.
i don’t have proper sinhala font to paste here.
if you can paste that article here, it will be good article and can have good discussion.
Anver Manatunga says:
සහෝදරයා ඔබ කිසිවක් අමුණා නැහැ. කරුණාකර නැවත එවන්න.
kumara says:
Budun wahanse mas mansaanubahwa karai kiyaya api kewata kamak naa keemak bududahme naa. Budun wahanse kiyana de pigiganna kiyala desana kare naa. thamange buddhiyata gelapenawanam piligasnna kiyala witharai kiwe. Anver sahodaraya obath bududahame thenin thena keli allan argue karanawnabi eka nispala work ekak. eka war ekakata gihin nabi thuma gihin pipasaya denilala ramadan kale watar beela thiyenawa. eka follow kare naa kiyala anith ayata paw sidda unalu. nabi nayaka karana de okkoma karanna onada? nathnam pawda? budun wahanse uruwela kasappata kiwwe mokakda? oba budun saraya giyata kamak naa. obage pera sasthruwarunta selakili karanna kiyala. budun disscussion walata wena sasathru arama walatath wediya. Allah mokada kiyanne wena agam wala inne paw karayo. un islam karawanna. barinam Un maranna.
I like to argue with you.
Iraq wala Shiya sunni maraganne devinnege kemeththenda? Why muslim country is not coming front to stop these killing? Very pathetic situation there.
Budu saranai
Anver Manatunga says:
eka war ekakata gihin nabi thuma gihin pipasaya denilala ramadan kale watar beela thiyenawa. eka follow kare naa kiyala anith ayata paw sidda unalu.
කරුනාකර ඔබ මේ මුලාශ්‍රය ගත්තේ කොතැනින්දැයි මට දන්වන්න. එවිට මා මේ පිලිබදව සොයා බලා ඔබට විග්‍රහ කරන්නම්.
Allah mokada kiyanne wena agam wala inne paw karayo. un islam karawanna. barinam Un maranna.
මෙහිද මූලාශ්‍රය දමන්න.
ඉරාකයේ එවැනි අර්බුධයක් සදාම් යුගයේ තිබුණේ නැහැ. එය ඇතිකළේ ඇමරිකාවයි. තවමත් එහි තිබෙන්නේ ඇමරිකානු පාලනයක්. ලොව ෂියා සුන්නි දෙපිරිසම සිටින එකම රට ඉරාකය නොවේ. අන් රටවල ඔවුන් මරාගන්නේ නැත්නම් ඉරාකයේ පමණක් ඇයි?
Ravana says:
මාගේ මිත්‍ර චමිත් මා ඔබගේ උත්සාහය අගය කරන අතර එනමුදු මට ඔබට කීමට යමක් ඇත , ඔබ යමක් ගැන 100% නොදන්නේ නම් ඒ ගැන තර්ක කෙරීමට යාමෙන් ඔබ ඔබේ පරාජයේ පාර සැකස ගනී. එසේම ඔබ තර්ක කරනා කරණය ඔබත් නොදැනීම හැල්ලු කරයි . එමෙන්ම එයින් මෙම අන්‍යාගමික පුජකයන් අපගේ වචන වලින්ම අපගේ ආගමට පහර ගැසීමට පටන්ගනු ඇත . එබැවින් ඔබ බොහෝ ප්‍රවේසම් වියුතුය.
මාංශ අනුභවය ගැන මට කීමට ඇත්තේ බුදුන් වහන්සේ කොතනකවත් මාංශ අනුභවයට නීති පනවා නොමැති බවයි . ත්‍රිකෝටික පාරිශුද්ධ මංසල, ප්‍රකාරව මාංශ වලදීය හැක. එසේම ඖෂධ පිණිස ද වැළදීමට අවසර දී ඇත , එමෙන්ම මිනිසා යනු සර්ව භක්ෂ සත්වයෙකු වන අතර අපහට ශාක මාංශ දෙවර්හයම ආහාරයට ගත හැක . එය බුදුන් නොදැන සිටීමට හැකියාව ක් නොමැත. එහෙත් නුතන මිනිසාට පහසුවෙන්ම මාංශ වලින් මිදීමට පහසු අතර මන්ද පහසුවෙන් විකල්ප අහර සොයා ගැනීමේ පහසුවයි. නමුත් යමෙකු සතෙකු මරා ආහාරයට ගන්නේ නම් එතන ප්‍රාණගාත අකුසල කර්මයක් සිදුවෙයි .
Mahesh Wijayamanna says:
(sorry I will write this in English because it is faster to type).
There are a lot of questions raised, I will answer some of them.
1. Could Lord Buddha have got illnesses even after attaining the Buddha state?
Yes he could. Attaining Buddha state (As some refer to Nirvana as something attained at the death, I am making this differentiation. See the rest of this answer for why) is a mental state which makes a person not commit anymore karma. As per Buddhism, the karma’s that you commit (good or bad) causes you to move to another “life”. However what a certain person goes through is not necessarily all due to karma. Buddhism states that there could be five reasons why certain things happen Karma is only one of them (please see Niyama Dhamma. Three of the Niyama Dhammas are interelated). A person falling ill is also due to that. That does not mean that a person cannot fall ill due to Karma. E.g. There is a constant alchoholic who later develop Sirohsis. This is not due to Karma as per-se but is a direct result of what they did. A medical worker works in a contagious disease camp; Although he is doing a good deed, he can fall ill if he is not careful. Lord Buddha falling ill is therefore not a controversial or a contradiction.
2. Sukara Maddava
Since none of us have been around at the time to decipher the actual meaning of the word, there are only speculations. One is that it is made out of meat and that is a possibility. See Dharma Sangrahaya from Narada thero (the author goes just by the first name I do not know if the book is in print still, the author was an editor for the Buddhist Encyclopedia), which explains that there are three (if I can remember) different interpretations of what it was.
3. Thrikotika Parishudhdha
Thrikotika parishudhdha does not have the literal meaning “I have not seen” etc. Nor does it directly mean that it is due to a natural death. One good example is as follows: You go to a house and the hosts say thatto prepare a meal for you, they will kill an animal from their farm. At this point, the meat is not thrikotika parishudhdha, as you are aware that it is being killed for YOU. However let’s say on the other hand the animal was already killed and you go to the house while they are having the meal. They offer you meat and at this point it IS thrikotika parishudhdha as the killing was not meant for you.
The same argument is brought around and about by non-vegetarian buddhists, that the meat in the shops are not specifically killed for them. For me it is not a matter of logic, it is a matter of principal, therefore I am a lacto-ovo-vegetarian (see my self-justification in the next answer). I prefer not to be a cause (i.e. a demand) of an action that could harm someone.
4. Eggs and Milk
At the time of the Buddha there was no concept of commercial egg farms. What you ate was what you could find in various nests or what the hen laid in your garden. These eggs are fertilized or have a high chance of being fertilized. Which means there is life there. Breaking this egg apart is same as an abortion. At present, eggs farms are a commercial activity. As you know hens lay eggs each day regardless of whether there is a rooster or not. This is similar to releasing of an egg by a human female every 28 days (56 if you count the proper cycle). Egg farms mass produce eggs from this. If you keep a normal egg you find in the market for however long you like with appropriate conditions (i.e. an incubator) still there would be no chicken born from them. Therefore some (including my self) take that this is not a bad deed.
Milk of course is not as controversial and I have not read your previous article, but I agree, although no animal is killed for milk, they do under go horrible conditions. Therefore by my own argument one cannot say that “I have clean hands”.
Anver Manatunga says:
ඔබ දී ඇති පිළිතුරු ගැන පොදුවේ අප හට කිව හැක්කේ බොදුනුවන් අතර මේ කරුණු අරබයා එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතවාද තිබෙන බවයි. පලමුව සිදුවිය යුත්තේ මේ ගැන සංඝ සමාජය විසින් පොදු එක මතයකට පැමිණීමයි. අන්‍ය ආගමිකයන් මස් මාංශ වැලදීම වැලැක්වීම ඊට පසුව කළයුතු දෙයක්. නමුත් අපි අන්තර්ජාලයේ දකින්නේ වෙනත් දෙයක්. එනම් බහුතර බොදුනුවන් මස් මාංශ අනුභව කරමින් එමෙන්ම මස් මාංශ අනුභවය පිළිබදව ඔවුන් මතවාදයන් දෙකක සිට අන්‍යාගමික අප විසින් මාංශ අනුභව කිරීම සම්බන්ධව ගැටළු ඇති කරන බවයි.
Mahesh Wijayamanna says:
Yes but the monks are not required to bring in a unified set of beliefs as such. Like mentioned in a reply below, Buddhism does not require anyone to impose a set of beliefs to say “this is how you should be doing it”.
However, the actions of some people (it could be a majority or a minority, I haven’t really bothered to take a poll) who affiliate with Buddhism, do not really agree with this. That also I agree.
As for being hypocrites, yes, correct it is just being hypocrites. I am sure you would find them anywhere
hasan says:
“දෙව්දත් නිකායේ අය හඳුනාගනිමු” යැයි අන්වර් සහෝදරයා විසින් පළ කළ ලිපියට චමිත් සොහෝදරයා විසින් ප්රතිචාරයක් දක්වා තිබුණා.මෙහිදී චමිත් සහෝදරයා තමා දන්නා දේ ආශ්රයෙන් ලිපියක් ලියා තිබුණා. චමිත් සහෝදරයා අනෙක් බෞද්ධයින්ටද ආදර්ශ කෙනෙකි. එයට හේතුව ඔහු දන්නා දේ, සදාචාරත්මකව ඉදිරිපත් කර තිබුණේය.
තව කෙනෙකුට බැණ වැද හෝ ඇනුම්පද නොකියා තමාගේ කරුණ පමණක් ඉදිරිපත් කර තිබේ. මෙය සංවාදයක ආචාරශිලී බව රැකීමකි. අපි එම සහෝදරයාට එසේ ක්රියා කිරීම ගැන ස්තුතිය පුද කරමු.
එම සහෝදරයාගේ ලිපියේ එක කරුණක් පමණක් මම උපුටා දැක්වීමට කැමැත්තෙමි. එය පහත වේ.
///බුදුහාමුදුරුවෝ කියන්නේ සියලූ සත්ත්වයන්ට මෛතරී කරපු කෙනෙක්.///
ඉහත කොටසෙන් බුදුන් වහන්සේ සියලු සත්ත්වයින්ට කරුණාව පෙන්වූ බවද, එනිසා මිනිස්සු වන අපද කරුණාව පෙන්විය යුතු බවද එම සහෝදරයාගේ අදහසයි.
1.ලංකාවේ මෑත අතීතයේදී දරුණු යුද්ධයක් පැවතුනේය. එහිදී හමුදාවේ සෙබළු, සිංහල ජනයා, දෙමළ ජනයා, මුස්ලිම් ජනයා, එමෙන්ම එල්.ටී.ටී. ඊ. සාමාජිකයින් දහස් ගණනක් මරුමුවට පත්වූහ.
ඉස්ලාම් ආගමේ ඉගෙන්වීමට අනුව අල්ලාහ් මවා ඇති ප්රාණයන්ගෙන් මිනිසා වැදගත් තැනක් ගන්නා ප්රාණයකි.
මිනිසෙකුව අසාධාරණව මැරීම ගැන කුර්ආනය පහත අන්දමට පවසයි.
අල්ලාහ් තහනම් කළ කවර ජීවයක් වුවද අයිතියක් නොමැතිව ඝාතනය නොකරන්න. කවරෙක් අසාධාරණ ලෙස ඝාතනය කරනු ලබයිද ඔහුගේ භාරකාරයාට (ඝාතනය කිරීමේ නැතිනම් සමාව දීමේ) බලය නියතව අපි ලබා දී ඇත්තෙමු. එහෙයින්, ඔහු ඝාතනය කිරීමේ කාරණයෙහි සීමාව ඉක්මවා නොයායුතුය. නියතව ඔහු උදව්කරනු ලැබූ කෙනෙකු ලෙස සිටියි.(ශු.කු.17:33)
මිනිසෙකුව අසාධාරණව ඝාතනය කිරීම අනුමත නොකළ කාර්යයක් බව පවසන කුර්ආනය යම් යම් හේතු මත මැරීමටද අනුමැතිය ලබා දෙයි. එයින් එකක් ඉහත වැකියෙන්ම පැවසේ. එනම් කෙනෙක් තව කෙනෙකුව ඝාතනය කළේ නම් එම ඝාතකයාව මැරීමට ඉස්ලාමය අවසර දී ඇත. මෙසේ මැරීම අධිකරණයක් මගින් එම සිද්ධිය විභාග කර එය සනාථ වූ පසු, එම රටේ පාලකයා විසින් සිදු කරන කාර්යයකි.
මෙසේ ඝාතකයාගෙන් පළිගැනීමට හේතුවද අල්ලාහ් පවසයි.
බුද්ධිමතුනි! පළියට පළිය ගැනීමේදී ඔබලාට ජීවිතය ඇත. (මෙමගින්) ඔබලාට ඔබලාව ආරක්ෂා කරගත හැකිය.(ශු.කු.2:179)
පළියට පළිගැනීමේදී මිනිසාට ජීවිතය ඇති බව කුර්ආනය පවසයි. එනම් පළියට පළිය ගන්නෝය යන නීතියක් ඇති විට, ඝාතකයා තමාටද එවැනි ඉරණමක් ඇති වන්නේය යන හේතුව මත ඝාතකයා තව කෙනෙකුව මැරීමට පසුබට වන්නේය. ඝාතකයාට ඇති වන මෙම බිය හේතුවෙන් ඝාතනයට ලක්වන්නට සිටි පුද්ගලයා තමාගේ ජීවිතය රැකගන්නේය. මෙසේ තම ජීවිතය රැකගත් පුද්ගලයාට, ජීවිතයක් ඇති බව පවසයි. එනම් ඔහු ජීවත්වීමේ අවස්ථාවක් උදාකරගත් බව පවසයි.
මෙම හේතුව නිසාම අද වර්තමානයේ මිනී මැරුම්වලින් අඩුම සංඛ්යාව පෙන්වන රටවල් අරාබි රටවල් බවට පත් වී තිබේ.
මිනී මැරුම අනුමත නොවූ කාරණාවක් වුවද සමහර අවස්ථාවලදී එනම් මිනිසාගේ ජීවිතයට තර්ජන ඇති වන අවස්ථාවලදී එය අනුමත කර ඇති බවක් ඉස්ලාමය පවසන බව ඉහත කුර්ආන් වැකිවලින් වටහාගත හැකිය.
මෛත්රිය පෙන්වනවා යැයි කියා සෑම අවස්ථාවකදීම මෛත්රීය පෙන්වන්න ගියහොත් මිනිසාගේ ජීවිතයට බාධක ඇති වේ. මේ ගැන බුදුන් වහන්සේ යමක් දේශනා කර ඇත්තේදැ? යි මම චමිත් සහෝදරයාගෙන් දැනගන්න කැමති වෙමි.
බුද්ධ ධර්මයේ කොතරම් මෛත්රිය කථා කළත්, ඉස්ලාම් ධර්මයට අනුවම බෞද්ධයින් ක්රියා කරන බව සමහර සාක්ෂීන් ගෙන හැර පෙන්විය හැකිය.
1.අවුරුදු ගණනාවකට පෙර පැවති යුද්ධයේදී, රජය එල්.ටී.ටී ඊයට මෛත්රිය පෙන්වා තිබුණේ නම් අද ලංකාවේ තත්ත්වය කුමක් වේද? රජය ත්රස්තවාදීන්ට වෙඩිතැබීමට අණ කළේය. මෙසේ අණ නොකර මෛත්රීය පෙන්වා තිබුණේ නම් රටේ ජන ජීවිතයට කුමක් වන්නේද?
2. මදුරුවාගෙන් මිනිසාට රෝග ඇති වේ. එනිසා රජය විසින් ඩෙංගු මර්දන ව්යාපාරයක් ආරම්භ කර ඇත. හේතුව මෙම මදුරුවාගෙන් ජන ජීවිතයට තර්ජන එල්ලවීමය. මදුරුවා සත්ත්වයෙකි. එයට මෛත්රිය පෙන්විය යුතුය යන න්යාය ක්රියාත්මක කරන්නේ නම් ජන ජීවිතයට කුමක් සිදු වේද?
3. පිස්සු සුනඛයින්ව අල්ලා මැරීමද ලංකාවේ රජය අනුමත කළ දෙයකි. හේතුව උන්ගෙන් ජන ජීවිතයට බලපෑම් එල්ලවීමය.
4. ලංකාවේ ගොවියෝ ගොවිතැන් කිරීමේදීද කෘමි නාශක භාවිතා කරති. මෙයද ප්රාණ ඝාතනයකි. මෙහිදී මෛත්රිය පෙන්වුවහොත් මිනිසාට බඩගින්නෙහි සිටීමට සිදුවේ.
එහෙයින් ඉහත සියළු කාරණාවන් මිනිසාගේ පැවැත්ම උදෙසා මිනිසා විසින් කරනු ලබන කාර්යයන්ය. මිනිසා ඇතුළු සතුන්ට කරුණාව පෙන්විය යුතුය යන්න ඉස්ලාමයේද ස්ථාවරයි. නමුත් මෙම මිනිසාගෙන් හෝ සතුන්ගෙන් මිනිසාගේ ජීවිතයට තර්ජන ඇතිවන්නේ නම්, ඔවුන්ව ඝාතනය කළ යුතු යන්නද ඉස්ලාමයේ ස්ථාවරයයි.
නමුත් සතුන්ට මෛත්රිය පෙන්වන ලෙසට පවසන බෞද්ධ දර්ශනය මෙම සතුන්ගෙන් මිනිසාගේ ජීවිතයට තර්ජන ඇතිවන අවස්ථාවන්හි කෙසේ ක්රියා කළ යුතු යන්න පැහැදිලි නොකරයි.
Mahesh Wijayamanna says:
Since my previous comment is not approved yet, I do not know if this one would either but let me answer this
The true answer to your questions is that in any circumstance you are responsible for your actions. Buddhism is not a religion as per se, therefore the argument that Quran has stated so and so does not necessarily stand. It is a valid statement for the Quran as Islam is a religion which teaches that there is a single god who is the creator and is above all. The god himself has the right to decide what is right and what is not and his teachings (of how humans should conduct) are in the Quran.
Buddhism on the other hand says if you do this then this is the result. The question as to what would happen if your life is at risk is not a relevant question, because it is your intention that matters. Even to save your own life if you kill someone/something it is still bad. However the time you spend contemplating to kill someone may be lesser in an act of self defence (this does not apply to a war) whereas if you were trying to kill someone out of hatred, you would spend more time and effort in to figuring out how to kill. That would carry a larger sin.
Mr. Who-2 says:
// Buddhism is not a religion //
This have been repeated so often in SL, that people are actually starting to believe in it. Actually I have heard similar statements regarding all other major religions. i.e., “Islam is not a religion, it is a way of life”.
However is it really true that Buddhism is not a religion? While there is no one-God in Buddism, there are plenty of super-natural beings. There is Buddhist version of life after death. There is hell. While there is no mention of how the world and its system came to be, there is a moral system of law in place affecting everyone. There is a final objective desired by all Buddhists.
All this constitutes in believing in a system of super-natural entities and a system of law. This my friend is exactly religion!
Mahesh Wijayamanna says:
Yes and then again no.
I agree, it does have a set of beliefs which the philosophy is built on. The “supernatural” beings are acknowledged but they are not an important entity/entities. Why I say it is not a religion but is a philosophy is due to the following:
In a traditional theistic religion (mono or poly) there is a set of laws laid down by another supernatural being(s) who is all powerful. The humans are meant to follow it. However Buddhism does not require it. It does not even require one to follow what is commonly known as the ‘pansil’. The abidhamma part of Buddhism (which is akin to ‘Theology’) does not mention any ‘sil pada’ (or rules/laws) one must follow. It simply lists down an analysis of the human mind. The rules/laws etc. are brought in to the religion to later institutionalise the religion. This is not to say it is bad or good. It allows someone who cannot understand what exactly is Nirvana to lead a normal fruitful life. But as far as that argument is concerned so do all other religions.
The end goal of Buddhism is to end one’s own existence. Where as in a theistic religion it is mostly to be forever in god’s grace. So whether Buddhism is a religion or not would be based on how someone defines it. I mean if it is by the definition of “a set of beliefs”, yes then Buddhism is a religion. It is just a label, I used it to contrast the difference in the end goal. Where as a theistic religion requires the approval of a god, Buddhism does not require, nor cares of anyone’s approval.
Mr. Who-2 says:
Differences between Buddhism and theistic religions doesn’t mean Buddhism is exempted from being a religion in real sense.
Also, although layman are not required to follow the guidelines in Buddhism, they still reap the consequences of their actions according to karmic laws. Not to mention the buddhist priests are required to follow certain laws outlined by Buddha. In this regard, Buddhism is not too different from other religions. In either case, there are laws, which if broken you face consequences.
Bottom line is, Buddhism is not that different after all. It is very much a religion (not just in label) with its own system of spiritual beliefs.
Chamith says:
සූකර මද්දව නැමති අවසාන බුද්ධ පූජාව ඌරු මස් ද ?
අග්ගමහා පණ්ඩිත අතිපූජ්යබ කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිතයි
අන්තිම බුද්ධ පූජාව
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
බුදුරජාණන් වහන්සේට අන්තිම බුද්ධ පූජාව කළෝ පාවා නුවරවාසී චුන්දකර්මාර පුත්රවයාණෝ ය. ඔහු රන් – රිදී, මුතු – මැණික් ව්යාවපාරිකයෙකි. මහා බූදල් කාරයෙකි. මේ චුන්ද කර්මාන්ත කරුවාණන් යටතේ සේවය කිරීමෙන්, යැපුණු ගම්මාන දෙතිසක් පැවති බව දැත්වේ. ඔහු රන් රිදී ආභරණයන් මුතු මැණික් ඔබ්බවා තනයි. එය ඉතා උසස් අයුරින් කළ නිසා ඔහුගෙන් අගනා ආභරණ ගෙන යාමට දඹදිව්හි දුර බැහැර දේශයන්ගෙන් ද බොහෝ දෙනා පැමිණිය හ. මෙ තෙමේ බෙහෙවින් ම අවංක ව්යානපාරිකයෙකු වශයෙන් එදා දඹදිව ප්රබචලිත නමක් ලබා සිටියේ ය. චුන්ද ව්යාකපාරිකයා තම සේවක – කාරකාදීන්ට ද නිසි පරිදි සැළකූ, කාටත් උදව් – උපකාර කළ ජනප්රහසාදයට පත් සැදැහැවත් බෞද්ධයකු වශයෙන් ද නම්දරා සිටියේ ය. එයට හේතුව එතුමා සෝවාන් ඵලයට පත් වූ කෙනෙකු වීමයි.
තථාගතයන් වහන්සේ පුරා හතළිස් පස් වසරක් ලෝක සත්වයා වෙත මහත් කරුණාවෙන් යුතුව දම් දෙසා අවසාන අවස්ථාවේ දී පිරිනිවන් පෑමට වැඩම කළ සේක්, කුසිනාරා නුවර මල්ලව රජ දරුවන්ගේ උපවර්ථන සාල වනෝද්යාිනයට ය. බුද්ධත්වයෙන් පන්සාළිස් වසරෙහි නවම් මස පෝදා අදින් තුන් මසක් ගෙවීගිය දින – වෙසක් පොහෝ දා මාගේ පිරිනිවීම සිදුවන්නේයැ’යි ප්ර තිඥා දුන් උන්වහන්සේ, පසුදා විසාලාවෙන් පිටත් ව, දීර්ඝ ගමනක් වූ අම්බගාම – ජම්බුගාම – හස්ථි ගාමාදිය සහ ප්ර සිද්ධ නගරයන් වූ භෝග නුවර ද පසු කොට, රජගහ නුවර හරහා පිරිනිවන් පෑමට නියමිත දිනට කලින් දා පාවා නුවරට භික්ෂු සංඝයා වහන්සේත් සමග පැමිනි සේක.
එදින දවල් නගරාසන්න ගමක සැදෑහැවතුන් පිළිගැන් වූ දානය වළඳා ඉර අවරට යත්ම පාවා නුවර පිහිටි, ඉහත කී චුන්ද ව්යානපාරිකයාගේ සුවිසල් අඹවත්තට වැඩම කළ හ..මේ, අක්කර හත අටක් පමණ විශාල වූ චුන්ද දානපතියාට අයත් අඹ ගසින් පිරීගිය දැකුම්කළු උද්යාැනයකි.මෙය චුන්දකර්මාර ප්රතභූවරයාගේ පෞද්ගලික විවේකය පිණිස සකස්කරන ලද්දකි.
බුදුරජාණන් වහන්සේ මහ සඟ පිරිසත් සමග වැඩම කරවනු දුටු උද්යාින පාලක තැන ඉදිරියට පැමිණ උන්වහන්සේ ගෞරවයෙන් පිළිගෙන උයන තුළට වැඩමවා, උයන මැද පිහිටි විවේක ශාලාවෙහි වඩා හිඳුවා, මහා සංඝයාට ද පහසු පරිදි ගස් යට තැනින් තැන පිහිටි කුඩා කූටාගාරයන්හි හිඳීමට පිළියෙල කරවා, තම සහයක කම්කරුවන්ට මෙසේ කීයේ ය. “සහයකයිනි, මේ පැමිණියේ හෙට පිරිනිවන් පාන බවට රට වැසියා අතර කට කතා පැතිර ගොස් ඇති – ශාක්යය සිංහවූ බුදුරජාණන් වහන්සේ ය. චුන්ද කර්මාර පුත්රප තුමන්ගේ ත්, අපගේත් ශාස්තෘන් වහන්සේ ය. මා වහා චුන්ද කර්මාර තුමන් වෙත ගොස් මුන්වහන්සේ ගේ පැමිණීම දැනුම් දී එනතුරු ඔබ කවුරුත් අවශ්යය සිසිල් පැන් ආදිය පිළියෙල කරදිය යුතු යැ’ යි” පවරා, උසීර උයන් පාලකයා වහා චුන්ද තුමන්ගේ ව්යාකපාරිකස්ථානයට ගියේ ය.
“චුන්ද කර්මාර පුත්රතයාණෙනි, හෙට කුසිනාරාවේදී පිරිනිවන් පානා බවට මහජනයා අතර මහා ආන්දෝලනයක් පැතිර පවත්නා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් ඔබ තුමන්ගේ උද්යාටනයට සඟ පිරිසත් සමඟ වැඩම කළා! උන්වහන්සේ පැමිණි බව දන්වීමට පැමිණියෙමි” උසීර ඔබ ගෙනාවේ අගය කළ නොහැකි පුවතක්! ඔබ දැන්ම ම , මේ කීප දෙනෙකුත් සමග මගේ නිවසට යන්න..මේ ප්ර වෘත්තිය සැදැහැවත් මගේ බිරිඳට ද දන්වන්න. නොබෝ වේලාවකින්,, අඹ – දඹ – මිදී සිසිල් ගිලන්පසක් ඒ වැඩම කළ පන්සිය නමට ම සෑහෙන පරිදි ගෙනෙන ලෙස ඇයට මගේ වචනයෙන් කියන්න. මගේ දරුවන්ට ද මව් සමඟ ගිලන් පස රැගෙන එන ලෙස දන්වා, ඔබ වහාම පළමුව බුදු රදුන්ට පමණක් සෑහෙන තරම් මුද්රිඹක හා උගුරැස්ස (වෝච) පැනක් සකස් කරගෙන එන්න. මම දැන් සැනෙකින් බුදු රදුන් වෙත යන්නෙමි’ යි චුන්ද තුමා අඹ උයනට පිටත්විය.
දුටු විගස, භාග්ය වතුන් වහන්සේගේ සිරි පතුල් බදාගෙන හඬමින් වැළපෙමින් “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ හෙට දවසෙහි පිරිනිවන් පාන්නෙහි ය’ යන ආරංචිය දැනට තෙමසකට කලින් අපට දැන ගන්නට ලැබුනා! ඒ අසුභ ආරංචිය දැනගත් සෑම කෙනෙක් ම හඬන්නට වැළපෙන්නට පටන් ගත්තා! ලෝකයෙහි සෑම දෙයක් ම අනිත්යහය’ යන ඔබ වහන්සේගේ ඉගැන්වීම අපි දන්නවා! එසේ වුනත් බුදු පියාණනි, මේ දුක අපට දරාගන්නට බැහැ. මට වඩා – බලවත් රාජකීයයෝ ද – ධනවත් අය ද මේ පාවා නුවර සිටිනවා! කොතනකටවත් නොගොස් අන්තිම දිනයේ මා වෙත පැමිණීම මට මහා සැනසිල්ලක්! ඒ ටිකයි මට ඇති එකම සහනය! නැත්නම් මා අද දුකින් රෝගාතුර වෙනවාට කිසිම සැකයක් නැහැ” මෙසේ චුන්දකුමාර දුක් අඳෝනා බස් කියන්නට විය.
මේ අතර උසිර උයන් පාලකයා ගෙනෙන ලද මිදි යුෂ බුදු රජාණන් වහන්සේට පිලින්නවා, ඉන් අනතුරුව බිරිඳ හා දරුවන් සේවක පිරිසත් සමඟ රැගෙන ආ ගිලන්පස වලින් මහා සංඝයා ද පිදූහ. සියල්ලන්ටම, බුදුරජාණන් වහන්සේ යෝග්යස අනුශාසනයක් කළ සේක. නැවතත් තථාගතයන් වහන්සේට ආරාධනාවක් කරන චුන්දකර්මාර පුත්ර් තුමා “බුදු පියාණනි, ඔබ වහන්සේට මා හෙට උදේට විශේෂ බෙහෙත් කැඳක් – යාගුවක් පිළියෙල කරවමි. හෙට දවාලට මේ දහසකට ආසන්න මහා සංඝයාටත් දානය පිළියෙල කරවමි.
භාග්යකවතුන් වහන්ස, දැන් ඔබ වහන්සේ ශාරීරික වශයෙන් දුර්වල බව පේනවා! දැනට මාස ගනනකට පෙර කුසේ අමාරුවකින් පෙළුන බවත් දැනගන්නට ලැබුනා! බේළුව ගමේ දී මාස නවයකට පෙර ඒ වැළඳුන අසාධ්යම කුසේ අමාරුවෙන් පසු ඔබ වහන්සේ ආහාරයෙන් ප්රරවේශම් වූ බවත් මම දනිමි. හෙට පිරිනිවන් පාන දිනය බැවින්, මගේ පෙර පිනක මහිමය නිසා ලද මේ අනගි අවස්ථාවෙන් මා ප්රතයෝජන ගතයුතුම යි’ එනිසා බුදු පියාණෙනි, හෙට දවාලට මා විසින් වෛද්යි උපදෙස් ඇතිව විශේෂ ඖෂධීය ආහාරයක් පිළියෙල කරමි. මට පින් පිණිස මේ ආරාධනය පිළිගනු මැනවි.
“මේ පාවා නුවර සිට කුසිනාරා නුවරට ඇත්තේ ස්වල්ප දුරකි. (සැතපුම් හයකි) හෙට දවල් දානයෙන් පසු ටික වේලාවක් විවේක ගෙන සිසිල් ගිලන් පසක් වළඳා ඉර බසින වේලාව වනවිට කුසිනාරාවට වැඩම කළ හැකි ය. කුසිනාරා නුවර උපවර්තන උයනට වඩින බව මම අද ම දන්නවා යව මි. මටත් මගේ දූ දරුවන්ටත් චිරකල් හිත සුව පිණිස හෙට මාගේ ඖෂධීය දානය ඉවසා වදාරණු මැනවැ’ යි කඳුළු සලමින් නැවත නැවත ද ඇයද සිටියේ ය.
බුදුරජාණන් වහන්සේ ඔහුගේ පුරාකෘත කුසල බලය ද දිව නුවණින්දැක දානය ඉවසා වදාළ සේක. බුදු පියාණන් පාවා නුවරට වැඩම කළ බව ඇසූ මහා ජනයා, වැලනොකැඩී ගලා එන්නට වූයෙන්, රාත්රීැ බොහෝ වේලා යන තුරු උන්වහන්සේ ඔවුනට අනුශාසනා කළහ. පසුදා උදෑසනින් ම දැහැටි – උනු පැන් සහ බෙහෙත් යාගුවක් පිළියෙල කරණ ලදහ. මහා සංඝයා වහන්සේට ද විවිධ ධාන්යද වර්ග වලින් පිසින ලද කැඳ පිළිගැන්වූහ.
රාජපූජිත අතුල වෛද්යිවරයාණන්ද කලින්දා කැඳවා එතුමාගේ උපදෙස් පරිදි චුන්දකර්මාර පුත්ර තෙමේ භාග්යජවතුන් වහන්සේ උදෙසා ප්රකණීත වූ සූකර මද්දව ආහාරය පිළියෙල කළ ආකාරය.” අථ කෝ චුන්දකර්මාර පුත්තො තස්සා රත්තියා අච්චයේන සකෙ නිසෙනෙ පනීතං බාදනීයං භෝජනීයනං පටියාදාපෙත්වා පහුතං ච සුකර මද්දවං භගවතෝ කාලං ආරොචාපෙසී, කාලො භන්තේ නිට්ඨිතං භත්තන්ති.” මේ කියැවෙන සූකර මද්දවනය ගැන එදා පටන්මේ දක්වා විවිද මතිමතාන්තර ඇත.
ඒ පිළිබඳව විමසා බැලීම මේ ධර්ම ලිපියේ ප්රමමුඛ අදහස යි. මෙතෙක් දැක් වූ කරුණු අනුව, තථාගතයන් වහන්සේගේ වයස දුර්වලතාව සහ තරමක රෝගී බව යන මේ සියලු කරුණු චුන්දකර්මාර පුත්රත තුමා චන සිටි බව එතුමාගේ කථාවෙන් ම පැහැදිළිව පෙනෙයි. එසේ නම් මසක් ආහාරයට පූජාකරත්යැ’යි කිසිසේත් සිතීමට ඉඩක් නැත. තවද උන්වහන්සේ එදින ම රාත්රී පිරිනිවන් පාන බව ද ඔහු හොඳාකාර දනී. එයද අප විසින් සැලකිල්ලට ගත යුතු තවත් කරුණකි.
අටුවාචාරීන් වහන්සේලාගේ විවිධ මත නිසා ප්ර.ශ්නය අවුලක් බවට පත් වී ඇත. “සූකර මද්දවං ති නාති තරුණස්ස නාති පිණ්ණස්ස එක ජෙට්ඨක සූකරස්ස පවත්ත මංසං, තං කිර මදු ද්වේව සනි_ං ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචාපෙත්වා ‘ති අත්ථො.” මෙසේ සූකර මද්දවය යනු ලාබාල නොවූ මහළු නොවූ ඌරකුගේ මස්යැ ‘යි තෝරා නැවත සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ ම තවත් අදහස් කීපයක් දක්වා ඇත.
”එකෙ හනන්ති සූකර මද්දවං පන මුදු ඔදනස්ස පඤචගොරස යූසපාවතවිධානස්ස නාම මෙතංති……කෙචි හනන්ති සූකර මද්දවං නාම රසායන විධි, තං පන රසායන සත්තෙ ආගච්ඡති” සූකර මද්දවය යනු පස්ගෝරස යෙදු සිනිඳු බතක් යැයි ද, රසායන ආහාරයක් යැයිද, අටුවාවේ ම දක්වා තිබේ. ඉහත සඳහන් අදහස් ආහාරයට යැයිද, අටුවාවේ ම දක්වා තිබේ.
ඉහත සඳහන්අදහස් මු_ඝෝෂාචාරීන් දක්වන අතර, උදාන අටුවාවේ දී ධර්මපාලචාරීන් වහන්සේ කියා සිටින්නේ විකිණීමට තැබූ මෘදු ඌරු මසක් යනුවෙනි. තවද, එහි මැ ඌරන් පාගන ලද උන කිළිල යැයිද ඌරන් මඩකළ තැන හටගත් හතු යැයිද කියති.මේ සියලු මත පසු කලෙක ඇති කරන ලද අදහස් වෙති.
සූකර මද්දව – අජ මද්දව – ගෝමද්දව සහ බේලුව මද්දව යනුවෙන් දැනුදුනේපාල දේශයෙහිත්, නේපාලයට ආසන්න – ඉන්දියාවේ ගොරක්පූර් දේශයෙහිත් මිනිසුන් ආහාරයට ගන්නා හතු වර්ග තිබේ. සූකර මද්දව යනු ඌරන් මඩකරන ලද තැන්වල ඔවුන්ගේ මලමුත්රය සමග මිශ්රයවුන මඩෙහි, පෑයීම පටන්ගෙන මාසයක් හමාරක් ගතවන විට හටගන්නා හතු ය. දැනුදු ඒ පළාත්වල සිය ගනනින් සෑදුනු එළු රංචු ගමන් ගන්නා තැන්වල ඔවුන්ගේඅප ද්රනව්යඔ සමග පෑගී යන මඩෙහි හටගත් හතු වර්ගයක් තිබේ.
අජ මද්දව යනු ඊට භාවිත නාමයයි. ගෝමද්දව යනුවෙන් කියැවෙන්නේ, ගව රංචුවලට පෑගුණු ගොම සහිත මඩෙහි හටගන්නා හතුවලට ය. මේ හතුවර්ග දැනුදු ව්යිචඤ්ජනවලට ගනිති. බේලුව මද්දව යනු උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හට ගන්නා හතු වර්ගයකි.බුදුරජාණන් වහන්සේ ගේ අන්තිම දවල් දානය ගැන ඒ රටවල වැඩිහිටියන්ගෙනුත්, උගතුන්ගෙනුත්,වයෝවෘ_ මහතෙර වරුන්ගෙනුත් විමසා බැලීමට අපටද අවස්ථාව ලැබී ඇත.කුසිනාරා නුවර දී බ්රාුහ්මණ ජාතික අච්චුතානන්ද මහතෙරුන් හා බු_මිත්ත මහතෛරුන් ඇතුළු දැන උගත් අය සමග සාකච්ඡා කොට දැනගත් තොරතුරු මෙසේය.
පාවා නුවර – කුසිනාරා නුවර දැන් අයත් වන්නේ ගොරක්පූර් දිස්ත්රි ක්කයට යි. ඒ ප්රෛදේශවල සූකර් බන් නමින් හඳුන්වනු ලබන කුඩා ඉන්නල අල තරම් ප්ර්මාණයේ කැලෑ පෙදෙස්වල හැදෙන අල වර්ගයක් ඇත. මේවා පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා අල විශේෂයකි. මෙකී අල දැනුදු බඩේ අමාරු ඇති අයට ආහ වශයෙන් දෙන බව දැන ගන්නට ලැබුණි’ නේපාල රටේ “සූකර මද්දව“ කියා දැනුදු බඩේ අමාරු ඇති අයට සාදා දෙනු ලබන මාදු ආහාරයක් ඇත. “සූකර් ආලු” කියන්නේ කලාදුරු අලවලට යි.
ඒ කලාඳුරු අල යොදා සාදන රසායනික ආහාරය සූකර මද්දවයැ යි කියනු ලැබේ’ මේ සෑම කාරණයකින් පෙනෙන්නේ ඒ ඒ රරටවල අල – හතු වර්ග කීපයකට සූකර හතු සූකර අල – යන නම් භාවිතා කරණ බවයි. මේවා යොදා පිළියෙල කරණු ලබන ආහාරවලට සූකර මද්දයැ යි කියනු ලැබේ. මද්දව යන තනි වචනයෙහි තේරුම “පුඩිම” යන්න යි. ඒ රටවල ඇල් හාල් පවුලට අයත් හාල් වර්ග දහ අටකි. එයින් තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් සූකර මද්දවය පිසීමට ගනිති.
දැන් අපි අනෙක් අංශයෙන් ද මේ කාරණය ගැන සලකා බැලිය යුතු ය. බුද්ධ කාලයේ මාංශ අනුභවය ඉන්දීය සමාජය පිළිකුල් කළ දෙයකි. හින්දු ආගම හා ජෛන ආගම එදා බුදු දහම ආරම්භ වීමට කලින් දඹදිව පැවති ආගම් දෙකයි. ඒ ආගම් දෙකෙන් ම අහිංසාව ඉතා ඉහළම මට්ටමින් උගන්වති. සිසිල් දිය පවා “ඒක ප්රා ණීය” යන විශ්වාසයෙන් පූජ්යං පක්ෂය උණුදිය පමණක් පරිහරණය කරති.
බුදුරජාණන් වහන්සේ ත්රිකකෝටි පාරිශුද්ධ මාංශයක් අනුමත කරණ සේක. “අනුඤඤාතං ත්රි්කෝටි පාරිසුද්ධං මච්ඡජමංසං අදිට්ඨං අසුතං අපරිසංකිතං” තමා උදෙසා මරණ ලදැයි නුදුටු තමා වෙනුවෙන් මරණ ලදැ’යි නොඇසූ, තමාවෙනුවෙන් මැරූ බවට සැකයක් නැති මාංසයක් ලදහොත් කැමති නම් වැළඳිය හැකි බව දක්වා තිබේ. වනගත භික්ෂූන් වහන්සේලාට ගිජු ලිහිණි ආදීන් මරා කා බිම හෙලන ලද ඇට කටු තම්බා වතුර බීමට අනුදත් බව විනය පිටකයෙහි සඳහන් වෙයි. එහෙත් උන්වහන්සේ නිර්මාංසාහාරය පැසසූ සේක.
එදා දඹදිව, ක්ෂත්රිටය – බ්රා හ්මණ – වෛශ්යස – ශුද්රර යැයි ප්රඅධාන කුල සතරකි. ක්ෂෙත්රි㓍යෝ රට රැකීම – රට පාලනය – රටේ සාමය රැකීමට බැඳුනු කුලය යි. බ්රාමහ්මණයෝ ශබ්ද ශාස්ත්ර දියුණු කිරීම ඉගැන්වීම – නක්ෂයත්ර -වෛද්යු – ගොවිතැන කළ යුත්තෝ ය. වෛශ්යරයන්ට පැවරී තිබුනේ වෙළඳාම ප්රමධාන වශයෙනුත් අමතරව ගොවිතැනත් ය. ශුද්රුයෝ කුලී වැඩ කළ යුතු – සමාජයේ පහත් ම පන්තිය වූහ. මොවුනතුරෙන් වහල් සේවයට කැපව සමාජයේ තාඩන පීඩනවලට භාජනය වූවෝ ද ඔවුහු ම ය. අර උසස් කුල තුනට අයත් ඇත්තෝ සූකර මාංශ නො කෑහ. දැනුදු දඹදිව ඒ සිරිත එසේම පවතියි. බුදුරදුන් අයත් ක්ෂත්රිූය වංසිකයින් කෙසේවත් සූකර මාංශ අනුභව නො කෙරෙති. සම්මතයක් වශයෙන් ගව මස් කෑමක් එදත් අදත් කා අතරත් නැත.
බුදුරජාණන් වහන්සේ අනුමත කළ සේක්, ප්රවණීත වශයෙන් පස්ගෝරසයයි. ධාන්යත – පළතුරු – අල බතල – එලවළු – පලා – පළතුරු මේවා ආහාරයට අනුමත කොට ඇත. පළතුරු ඉර අවරට ගියායින් පසු මිරිකා පානය කිරීමට අනුදැන වදාරා තිබේ. චුන්දකර්මාර පුත්රහ උසස් කුලවතෙකි. එනිසාත් ඔහු පහත් සතෙකු වූ ඌරුමස් ආහාරයකට ගන්නේවත් ආහාරයට දෙන්නේවත් නැත. ඔහු බුදුරදුන් පිළිගනිමින් කළ කථාව අනුව උන්වහන්සේගේ ශාරීරික දුබලතාවයන් හා කුසේ අමාරුවක් පවති බව දැන සිටි බව පැහැදිලි ය. එනිසා මේ සූකර මද්දව නිර්මාංශය වූ රසායනික දානයකැ’යි නිගමනය කළ හැකිය. සූකර මද්දව දානය වළඳා නිමකළ බුදුරජාණන් වහන්සේ චුන්දකර්මාර තුමාට මෙසේ වදාළහ.
යං තෙ චුන්ද සූකර මද්දවං පටියත්තං තෙන මං පරිවිස, යං පන අඤඤං ඛාදනීයං භෙභීජනීයං පටියත්තං නෙත භික්ඛු සංඝං පරිවිසාති ඒවං භන්තේති බෝ චුන්දොකම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටයත්තං තෙන නගවන්තං පරිවිසි යං පනචඤඤං ඛාදනීයනං භෝජනීයං පටියත්තං, තෙන භික්ඛු සංඝං පරිවිසි, (පරිනිබ්බාන සූත්රංය) චුන්ද ඔබ විසින් මා වෙනුවෙන් ම පිළියෙළ කරණ ලද සූකර මද්දව ඖෂධීය ආහාරය මට පමණක් පිළිගන්වන්න. සූදානම් කළ’ අනික් ආහාර – පාන භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වන්න. වදාළ පරිදිම චුන්දකර්මාර පුත්ර යා සූකර මද්දවය බුදු රදුන්ට පිළිගන්වා සෙසු බොජුනෙන් භික්ෂු පිරිස වැළඳ වූයේ ය. බුදු පියාණන් වහන්සේට එදා පිළිගන්වන ලද්දේ ඖෂධීය ආහාරයක් බටව මෙය ද කදිම නිදසුනකි.
චුන්දගේ දානය මංශයක් වී නම් එය අනෙක් භික්ෂූන් වහන්සේලාට පිළිගන්වන්නට එපා යයි කීමේ තේරුමක් නැත. බුදු රදුන්ගේ අසනීප තත්ත්වයට පිරිමසින ලෙස සකස් කළ දානයක් බැවින් එය අන් අයට වැළඳවීම යෝග්යම නොවීම පුදුමයට කරුණක් ද නොවේ. බුදු පියාණන් වහන්සේගේ අන්තිම දානයට දෙවියන් විසින් දිව්යය ඕජස් යෙදූ බව සඳහන් වෙයි.
ඌරු මසකට දෙවිවරු දිව්යන ඕජස් යොදනු ඇත යන්න කිසිසේත් පිළිගත නොහැක්කකි. අනෙක් කාරණය නම් ‘මාගේ මේ ඖෂධීය ආහාරය වැළඳීමෙන් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදු නොවේවා’ යන පැතුමෙන් යුතුව, චුන්දකර්මාර පුත්රු තුමා “සූකර මද්දව“ දානය පිළියෙල කළ බවද සඳහන් වීමෙන් පෙනී යන්නේ, මෙය කිසිසේත් කවර ආකාරයක හෝ මාංශයක් නො විය හැකි බව ය. ඉපැරණි ටිබෙට් විනය පොත්වල සවිස්තරාත්මකව සඳහන් වන්නේ “සූකර මද්දවය” යනු ඖෂධීය ප්රවණීත ආහාරයක් බව ය. ආචාර්්යස රොක්හිල් පඬිතුමා ඒ කියමනඅනුමත කරමින් බොහෝ කරුණු දක්වා ඇත.
එදා අද මෙන් ගමන් – බිමන් පහසුකම් නොවීය. බොහෝ දේ ලියන ලද්දේ – කියන ලද්දේ ආරංචි මාත්රදයෙනි. රටකින් රටකට ගිය කෙනෙක් වුවද ආපසු පැමිණීයේ ද අවුරුදු ගණනාවකට පසුව ය. යන – එන ගමන්වල දී හොර, හතුරු බිය – දේශගුණය විපරියාස – සමුද්රන – ගංගා තරණය කිරීමේ දී සිදු වන පළිබෝධාදිය නිසා දේශාටනයේදී රැස්කර ගත් කරුණු ද අමතක වූහ. සටහන් කර ගත් දේ ද නැති නාස්ති විය. මෙනිසා අටුවාචාරීන් වහන්සේලා දක්වන කරුණු ද පසරස්පර විරෝධී වෙති. එසේ ම දැනට අපට ඉතිරි වී තිබෙන අටුවා බු_ පරිනිර්වාණයෙන් සියවස් හතරකට පසුව ලියැවුනු ඒවා ය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන දින දවල් දානය වැළඳුයේ තනියම නොවේ.
තව පන්සිය නමකටත් වඩා මහ රහත්හු ම ඒ දානයට චුන්දකර්මාර පුත්රැගේ නිවසට බුදු රදුන් සමග වැඩම කළහ. එසේම චුන්දකර්මාර පුත්ර තුමාගේ අති සම්භාවනීය ඥාති මිත්රි පිරිසක් ද මේ උත්කෘෂ්ට දානයට සහභාගි වී සිටි බව සැලකිය යුතු ය. ඒ ගිහි පැවිදි බොහෝ දෙනෙක් තථාගත පරිනිර්වාණයෙන් අවුරුදු පනහක් – හැටක් යනතුරු නැත්නම් ඊටත් වැඩි කලක් ජීවත් වූ බව නො රහසකි. චුන්ද එදා බුදු පියාණන්ට පිළියෙල කළේ කුමන දෙයක් ද යන්න ඒ පිරිස දැන නොසිටීමට කිසිම හේතුවක් නැත. ප්රවථම ධර්ම සංගායනාව සිදුවූයේ බුදු රදුන් පිරිනිවීමෙන් තුන් මසකට පසුව යි. එදා සූකර මද්දවය ගැන කථා කිරීමට තරම්වත් එය වැදගත් කමක් නොවූ ප්රවශ්නයක් බව පෙනේ.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා සියවස් දෙක – තුනක් ඉක්ම ගිය පසු ධර්මාශෝක යුගයෙන් අනතුරුව බමුණු බලය – හිංදු බලය තදින් හිස ඔසවන ලදහ. බමුණෝ ප්රුචාරය කරන ලද්දේ ශාක්යු පුත්ර බුදු රදුන් රටවැසියා පිළිකුල් කරනු ලබන පහත් ම සතකු වූ ඌරෙකු ගේ මස් කෑමෙන් බරපතල ලෙස රෝගාතුරව මරණයට පත්වූ බව ය. ලංකාව වැනි රටවල අයට මෙය එතරම් වැදගත් කරුණක් නො වුවද දඹදිවින් බුද්ධාගම පලවා හරින්නට හේතු වූ මූලික කරුණු තුන – හතරෙන් මේ ඌරුමස් බවට හරවා ගැමි ජනතාව අතර පරිහාසයට ලක්කරමින් ප්ර චාරය කළ කථාව ද එකකි. මේ නිසාත් , නූගත් – දුප්පත් ජනතාව බුදු දහම අතහැර හිංදු ආගමට හැරුනේ දහස් ගණනින් නොව ලක්ෂ ගණනිනි. ඌරුමස් කතාව අදත් දඹදිව – නේපාල රටවල මහා පිළිකුලට භාජනය වූ ප්රනවෘත්තිය කි.
මෙය තවත් රස ගන්වමින් සිවුරු පෙරවා ගත් බමුණු වේශධාරීහු බුදු රදුන් ඌරුමස් කෑමෙන් ලේ අතීසාරය වැළඳී කාගේවත් පිහිටක් නො ලැබ මග දිගට පස් විසිපලක මළ පහකරමින් කුසිණාරාවට ගොස් මළහ’ යි කියන්නට වූහ. ලියන්නට වූහ. භික්ෂූ වේශධාරී බ්රාරහ්මණ බලය කෙතෙක් බල සම්පන්න වීද? යත් පරිනිබ්බාන සූත්ර.යට ද මෙය ඇතුළත් කිරීමට තරම් ඔවුහු සමත් වූ බව පෙනේ. මස් මාංශ වලට කෑදර භික්ෂූහු ද, තමන්ටත් මස් මාංශ කෑමට මෙය කදිම මාර්ගයක් සේ දැන – බුදු රදුන් වැළඳුයේ ඌරුමස් ම යැ’ යි ලියා තැබූහ. එසේ නැත්නම්, “තරුණ ඌරකුගේ මස්ය – මරා විකිණීමට තිබූ ඌරකුගේ මස්ය. ඌරන් මඩකළ තැන හටගත් හතුය. උණ ගොබය, ඖෂධීය ආහාරයක්ය, ඌරන් හාරණ අල සහිතව පිළියෙල කළ ආහාරයකැ’යි යනුවෙන් විවිධ මත පළ කිරීමට කිසිදු හේතුවක් නැත.”
චුන්දගේ අතිශයින් ම සිනිඳු වූ ඖෂධීය දානය වැළඳීම නිසා අධිෂ්ඨාන බලයෙන් යටපත් කොට තිබූ රෝගය බොහෝ සෙයින් ලිහිල් ව මතුවූ බව අටුවාවන් හිමැ දැක්වේ. එදා සවස ආලාරකාලාම පුත්රබගේ ගෝලයකු වූ පුක්කුස තුමා, බුදු රදුන් මගදී හමුවී බෙහෙවින් සතුටට පත්ව අගනා වස්ත්ර් යුගයක් ද උන්වහන්සේට පිදූහ.
එයින් සැරසුණු බුදුපියාණන් වහන්සේ බුදුවන දා වගේ ම අතිශයින් ම බබලන්නට වූ බවද සඳන් වෙයි. ඔය කියන තරම් අසාධ්යද තත්ත්වයක් ඇතිවුනි නම්, බුදු සිරුරෙහි එබඳු දීප්තියක් ඇතිවිය නොහැකි ය. එදා හැන්දෑවේ ම භභාග්යුවතුන් වහන්සේ කුකුත්ථා නදියෙන් ජලස්නායනය කළ බව ද දැත්වෙයි. පස් විසි වතාවක් මළ පහවූ බව සැබෑවක් නම්, කවදාවත් කෙනෙකුට කෙලින් – කටින් සිටගත නො හැකි ය. ජලස්නානය කළ නො හැකි ය. ඒ ඇරත් උන්වහන්සේ අසූ වයස් කෙනෙකි. එය ද අමතක නො කළ යුතු කරුණකි.
මේවා පසු කාලවල බුදු රදුන් කෙළෙසනු පිණිස – නිග්ර හයට පත් කරුණු පිණිස ගෙතූ කථා ය. ඇතැම් අටුවාචාරීහු ද බමුණන්ගේ උගුලට අසුවී, අනිත්යග ස්වභාවය පෙන්වීමට බුදුරජාණන් වහන්සේ පාවා නුවර සිට කුසිනාරා නුවරට සෘÿයෙන් වැඩම නො කොට පා ගමනින් ම වැඩිය බව කීහ. චීවරධාරීන් වශයෙන් සිවුරු පොරවාගෙන ධර්මය අධර්මය කළ බමුණෝ ද දස දහස් ගණනින් ව්යාඩප්තව සිටියහ. ධර්මාශෝක මහරජුට දෙවන ධර්ම සංගායනාව කිරීමට සිදු වූයේ ද මේ බමුණු අරගලය නිසාය. මෙකී කරුණු එකිනෙක ගෙන සසඳා බලනවිට පැහැදිලිව ම පෙනී යන්නේ චුන්දකර්මාර පුත්රුයාණන් විසින් තථාගතයන් වහන්සේට පුදන ලද අන්තිම බු_ පූජාමය දානය ඖෂධීය නිර්මාංශාහාරයක් බව යි. එහෙත් පෙන්වා ඇත්තේ වෙනත් පින්තූරයකි.
සුජාතා සිටු දියණියගේ ප්‍රථම දානයත්, චුන්දකර්මාර පුත්ර යාණන් ගේ මේ අන්තිම බු_ පූජාවත්, සමාන අනුසස් ගෙන දෙන මහානිශංසදායී දාන දෙකක් යැ’යි බුදු රජාණන් වහන්සේ ම වදාළ සේක. මෙනයින් සලකා බැලීමේ දී බුදු වන දා පිදූ සුජාතාවගේ අනඝිතම කිරිපිඬු දානයත් – මේ චුන්ද තුමන්ගේ ඖෂධීය සූකර මද්දව දානයත් ඔවුන් සසරදී පතාගෙන ආ පරිදි ම පුදන ලද බු_ පූජාවන් දෙකක් බව සැළකිය යුතුය. මේ මුල – අග දාන දෙක ම නිර්මාංශාහාර දානයෝ ම ය.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
Read more: http://sinhalabuddhist.com/2012/03/sukara-maddava/#ixzz20JSgEtkh
Under Creative Commons License: Attribution
Anver Manatunga says:
සූකර මද්දව යනු ඌරන්ගේ මාංශ නොවන බව අග්ගමහා පණ්ඩිත අතිපූජ්යබ කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ විසින් රචිත ලිපියක් මගින් අසාර්ථක උත්සාහයක යෙදී ඇති බව මගේ අදහසයි. මෙහිදී විශේෂත්වය නම් මහාචාර්ය රේරැකානේ චන්දවිමල හිමියන් විසින් අටුවාචාරීන් උපුටා ගන්නා විට කොටුවේගොඩ ධම්මාවාස හිමියන් තමන්ගේම අදහස් ඉදිරිපත් කිරීමයි. අනෙක් පසින් අප ඉදිරිපත් කළ බෞද්ධ විශ්වකෝෂයේ සූකර මද්දව ගැන තිබෙන අරුතයි.
දැන් අපට මාංශ ආහාර අනුභවය සම්බන්ධව සංඝසමාජය තුල අදහස් දෙකක් ඇති බව පෙනේ. එක කොටසක් කියන්නේ බුදුරජාණන් වහන්සේ මස් මාංශ නොවැලදු බවත්, අනෙක් කොටස කියන්නේ බුදුරජාණන් වහන්සේ මස් මාංශ නොවැලදු බවත්ය.
අප මේ ගැන මදක් විමසා බලමු.
බුදුන් වහන්සේ මස් වැළඳුවේ ද?
බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සුත්රග පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. එම අවස්තාවන් වශයෙන් අංගුත්තර නිකායේ මනාපදායි සුත්ර ය, මජ්ඣිම නිකායේ ජීවක සුත්රතය, සුත්තනිපාතයේ ආමගන්ධ සුත්රනය, මහාවග්ගපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත, පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂාපදය, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්රපයේ සඳහන් චුන්දකර්මාර පුත්රඡයාගේ සුකරමද්දව දානය ආදිය පෙන්වාදිය හැකිය. මෙම අවස්ථා බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට සාක්ෂි සපයයි.
මජ්ඣිම නිකායේ ජීවක සුත්රළයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්යුවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්යඳවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී.
“සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති”
“ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්යපවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්ර්ශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්රපමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්ර මණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වළඳත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්ය යෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.
එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභව කරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:
1. අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු,
2. අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු,
3. අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති මාංශයයි.
“ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්රශය). එසේම සමාජයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති, උන්වහන්සේ එම මස් දැන දැන වළඳත් යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන නිසා බවද මෙයින් පැහැදිලි වෙයි. මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැත.
මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේ ද බුදුරදුන් මස් වැළඳු බවට තොරතුරු සඳහන් වෙයි. සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලයක ලීච්ඡවීහු සන්ථාගාර (රැස්වීම්) ශාලාවෙහි රැස්වී බුදුරදුන්ගේ ගුණ කියත්, භික්ෂු සංඝයාගේ ගුණ කියත්, එම අවස්ථාවේ රැස්වීම් ශාලාවේ සිටි නිගණ්ඨ ශ්රාෂවකයෙකු වූ සිංහ නම් සේනාපතියෙක් බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ දැකීමට යාමට කැමතිවෙයි. ඒ බව නිගණ්ඨනාථ පුත්තයන් වෙත දැනුම් දුන් විට ඔහු මෙසේ කීවේය. “ශ්ර්මණ ගෞතමයන් වහන්සේ අකිරියවාදියෙකි. එයින් ම උන්වහන්සේ ශ්රාමවකයන් හික්මවති. ඔබ කුමක් හෙයින් බුදුරදුන් හමුවීමට යන්නෙහිද?” නිගණ්ඨනාථ පුත්තයන් එසේ කීවිට සිංහ සේනාපතියන්ගේ බුදුරජාණන් වහන්සේ දැකීමේ අදහස නැතිවී ගියේය. එහෙත් දෙවන තුන්වන වර ද ලීච්ඡවීන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ විට ඔහුට බුදුන් දැකීමේ අදහස යලිත් ඇතිවිය. එම අදහස නිගණ්ඨනාථ පුත්රකයන්ට දැනුම් දුන් පසු ඔහු දෙවන තෙවන වර ද සිංහ සේනාපතියන් වළක්වනු ලැබීය. පසුව සිංහ සේනාපතියන් නිගණ්ඨනාථ පුත්ර යන්ට නොදන්වා රථ පන්සියයක් සහිතව දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ දැකීමට ගියේය. බුදුරදුන් හමුවූ සීහ සේනාපතියන් උපාසකයෙකු බවට පත්වීය.
ඔහු නිවසට ගොස් සේවකයෙකු අමතා වෙළඳ පොලට ගොස් මස් ගෙනෙන්නට නියම කළේය.
“ගච්ඡ භණේ පවත්ත මංසං ජානාහී තී” (මහාවග්ගපාලි – 592 පිටුව)
පසුදා සීහ සේනාපතියා බුදුරදුන් ප්ර මුඛ මහා භික්ෂු සංඝයා වහන්සේට මස් සහිත ප්රනණීත භෝජනයෙන් සංග්රපහ කෙළේය. සීහ සේනාපතියා උපාසකයෙකු බවට පත්වූ පුවත හා ඔහු බුදුරදුන්ට මස් සහිත දානයක් දුන් පුවත දැනගත් නිගණ්ඨයෝ විසාලා මහනුවර වීදිවල ‘අද සීහ සේනාපතියා තරබාරු සිවුපාවෙකු මරා ශ්රඨමණ ගෞතමයන්ට බත් කරන ලද්දේය. ශ්රපමණ ගෞතමයන් තමන් උදෙසා කළ මාංශය වැළඳු වේ යැයි “අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගෝතමස්ස භත්තං කතං. සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභූඤ්ජතී’ති පටිචචකම්මන්ති” යි ඝෝෂා කළහ.
මෙම කතා පුවතින්ද බුදුරජානන් වහන්සේ මස් වැළඳු බව තහවුරු වෙයි. සීහ සේනාපතියා ‘පවත්ත මාංශය’ ගෙනෙන්නට කීමෙන් නිගණ්ඨයන් ද ‘පවත්ත මාංශය’ අනුභව කරන්නට ඇති බව සිතිය හැකිය. ඔවුන් බුදුරදුන්ට චෝදනා කෙළේ උදෙසා කළ (උද්දිස්සකටං) මසක් වළඳන බවටයි. එනිසා පවත්ත මාංශය හෙවත් ත්රි’කෝටි පාරිශුද්ධ මාංශය ජෛනයන් හා වෙනත් ශ්රමමනයන් ද වළඳන්නට ඇත. එනිසා බුදුරදුන් ද ත්රිදකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බවට මේ කතා පුවතින් ඉදිරිපත් කර ඇත.
මීට අමතරව පාරාජිකාපාලි විවරපටිග්ගහන ශික්ෂා පදයේ ද බුදුරදුන් මස් වැළඳු බවට කතා පුවතක් සඳහන් වෙයි. එහි සඳහන් පරිදි උප්පලවන්නාමෙහෙණිය පෙරවරු කාලයේ පිණ්ඩපාතයෙන් පසුව අන්ද වනයට වැඩමකරවා ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩ සිටියාය. ඒ වේලාවෙහි සොරු ගව දෙනක් මරා අන්ද වනයට පිවිසුණහ. සොර නායකයා ගසක් මුල වැඩ සිටින උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ දැක මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නාහයි (කරදර කරන්නේ යැයි) වෙන මගකින් ගියේය. අනතුරුව ඒ සොර නායකයා මස් පැසුණු විට හොඳ මස් ටිකක් ගෙන කොළ ආදියෙන් ඔතා බැඳ උප්පලවන්නා මෙහෙණීන් වහන්සේට ළඟ තැනක “යම් මහණ බමුණෙක් මෙය දකිත් නම් එය ගනිත්වා” යැයි කියා ගසක එල්ලුවේය. උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සමාධියෙන් නැගී සිට සොර නායකයාගේ වචනය අසා ඒ මස් ගෙන මෙහෙණවරට ගියාය. පසුදා එම මස් පිළියෙළ කර උතුරු සිවුරෙහි ඔතාගෙන බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමට ජේතවනාරාමයට ගියාය. මෙම කතා පුවතින් ද බුදුරදුන් මස් වැළඳු බව තහවුරු වෙයි. මෙහි සඳහන් වැදගත්ම කාරණය නම් “ගාවිං වධිත්වා” යන්නයි. මෙයින් බුදුරජානන් වහන්සේ ද ගව මාංශ වැළඳු බව කියවෙයි.
අංගුත්තර නිකායේ මනාපදායි සුත්රෙයේ බුදුරජානන් වහන්සේ ඌරු මස් වැළඳු කතා පුවතක් සඳහන් වෙයි. බුදුරජානන් වහන්සේ විශාලා මහනුවර කුටාගාර ශාලාවෙහි වැඩවසන සමයක සෝවාන් ඵලයට පැමිණි උග්ග නම් උපාසකයෙක් බුදුරජානන් වහන්සේ උදෙසා අපුරු ආකාරයක දානයක් පිළියෙළ කෙළේය. උග්ග ගෘහපතියා බුදුරජානන් වහන්සේට එම දානය පිළිගැන්වූයේ උන්වහන්සේ විසින් දේශනා කරණ ලද බණ පදයක්ද සිහිගන්වමිනි. “ස්වාමීනී, මා විසින් භාග්යුවතුන් වහන්සේ ඉදිරියෙහිදී මෙසේ අසන ලදී. එනම් මනාප දේ දන් දෙන තැනැත්තා කැමති දෙයක් ම ලබන්නේය” යන බණ පදයයි. භාග්යතවතුන් වහන්ස මා ඩෙබරඵල මුසු කළ ඌරු මස්වලට ඉතා මනාපය. එනිසා භාග්ය්වතුන් වහන්සේ මා කෙරෙහි අනුකම්පා උපදවාගෙන මාගේ ඩෙබරඵල මුසු මේ ඌරු මස පිළිගන්වා සේක්වා. උග්ග ගෘහපතියා මෙසේ ප්රමකාශ කර බුදුරජානන් වහන්සේ වෙත ඌරු මස් පිළිගැන්වූ විට උන්වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. මේ ප්රවවෘතියෙන් ද බුදුරජානන් වහන්සේ මාංශ වැළඳු බව සනාථ වෙයි.
සුත්තනිපාතයේ ආමගන්ධ සුත්රුයේ පෙර බුදුවරු පවා ත්රිසකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව සඳහන් වෙයි. එය මාංශ ආහාරය සම්බන්ධයෙන් බුදුවරු එකම ආකල්පයක් දරන බවට සාධකයෙකි. එහි සඳහන් ආකාරයට එම කතා පුවත කාශ්යඑප බුදුරජානන් වහන්සේගේ කාලයට සම්බන්ධ වෙයි. බ්රාකහ්මණ වංශික තිස්ස නම් තාපසයෙක් පිරිවර තාපසයන් සහිතව මාංශ ආහාරවලටත්, මාංශ ආහාර අනුභව කරන අයටත් අපහාස කරමින්, බැනවදිමින් සිටියේය. තිස්ස තාපසයා ප්රතකාශ කෙළේ, මිනේරි, අමු ඇට, තල කොළ, දළු, අල, මුල් පලතුරු ආදී දැහැමින් ලබන දේ වළඳන දැහැමින් සැනසෙන අය කාමය නොපතන, බොරු නොකියන අය බවයි.
දිනක් කාශ්යතප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සහිත ඇල් හාලේ බතක් දානය වශයෙන් ලැබ එය වළඳනු දුටු තිස්ස තාපසයා කාශ්ය ප බුදුරජානන් වහන්සේගෙන් මෙසේ විචාළේය. “ඔබ වහන්සේ කලින් පැවසුවේ, පිළී ගඳ තමාට කැප නැති බවය. එහෙත් දැන් ඔබ වහන්සේ මනාව පිසින ලද ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වළඳති”. කාශ්යමප සමිඳුනි, ඔබ වහන්සේ පිළී ගඳ වශයෙන් සඳහන් කලේ කුමක්ද? තාපසයා විසින් අසන ලද ප්රශ්නයට පිළිතුරු වශයෙන් කාශ්යේප බුදුන් වහන්සේ ප්රායණඝාතය, වධදීම, අත්පය සිඳීම, සතුන් සිරකොට තැබීම, සොරකම, බොරුකීම, වංචා කිරීම, ක්රෝධයෙන් කල්ගෙවීම, අනුන්ගේ භාර්යාවන් ඇසුරු කිරීම, මෙලොව පරලොව නොපිළිගැනීම, පින් පව් නොපිලිපැදීම ආදී අයහපත් දේ සිදු කිරීම ආමගන්ධය වන බවත්, මාංශ ආහාරය ආමගන්ධය නොවන බවත් (ඒසාමගන්ධෝ නහි මාංශ භෝජනං) දේශනා කළහ. මෙම සුත්ර දේශනාවෙන් පෙර බුදුවරු පවා මාංශ භෝජනය වැළඳු බව කියවෙයි. බුදුරජානන් වහන්සේ දැහැමින් ලැබුණු ත්රි්කෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බව ඉහතින් ඉදිරිපත් කරන ලද පිටකාගත තොරතුරු වලින් මනාව සනාථ වන්නේය. ඒ බවට අංගුත්තර නිකායේ මනාපදායි සුත්රොය, මහා පරිනිබ්බාන සුත්රවයේ චුන්දකර්මාර පුත්රකයාගේ දානය, පාරාජිකා පාලියේ චීවර පටිග්ගහන ශික්ෂා පදයේ එන විස්තරය, මහා වග්ග පාලියේ සීහ සේනාපතියාගේ කතාව, යනාදිය උදාහරණ වේ. මේ නිසා මාංශ ආහාරය බුදුසමයේ සඳහන් මග ඵල අවබෝධයට බාධාවක් නොවන බව දේවදත්ත තෙරුන් විසින් පංච වරයක් ඉදිරිපත් කරන ලදුව බුදුරජානන් වහන්සේ එය ප්රෙතික්ෂේප කිරීමෙන් පැහැදිළි වන්නේය. මෙම පංච වරයේ එක් කාරණයක් නම් “භික්ෂුන් දිවි ඇති තෙක් මස්-මාළු වැළඳීමෙන් වැළකිය යුතුය” යන්නය.
(යාවජීවං මච්ඡමංසං න ඛාදෙය්යුං යෝ මච්ඡමංසං ඛාදෙය්ය වඡ්ඡං නං ඵුසෙය්යාති – චුල්ලවග්ග පාලි II). මෙයට පිළිතුරු වශයෙන් බුදුරදුන් දේශනා කළේ “මයා දේවදත්ත අනුඤ්ඤාතං තිකොටිං පාරිශුද්ධං මච්ඡමංසං අදිට්ඨං, අසුතං, අපරිසංකිතන්ති” (චුල්ලවග්ග පාලි II). එනම්, තමන් වහන්සේ විසින් ත්රිවකෝටි පාරිශුද්ධ මාංශය භික්ෂුන්ට අනුමත කර ඇති බවයි. මෙයින් බුදුදහමින් මාංශ ආහාරය තහනම් කරනැති බවත්, බුදු දහමේ ලැබිය හැකි මාර්ග ඵලයන්ට පත්වීමට මාංශ ආහාරය කිසිදු බාධාවක් වශයෙන් බුදුරදුන් නොසැලකු බවත් පැහැදිලිවේ.”
උපුටා ගන්නා ලද්දේ ඉබ්නු මන්සූර් වෙබ් අඩවියෙනි.
subashini says:
සතෙක් මැරීමේදී ඒ සතා සමඟ සිටින අනික් සතුන්ගේ ලේ විෂවී ඒ මස්ද විස වෙනවා නම් කිරි දොවන එක බලා සිටින අනෙකුත් සතුන්ගේද ලේ විස විය හැකි නිසා කිරිද විස විය හැකියි නේද?
asd says:
ඉස්ලාම් ආගමට අනුව සතෙක්ව ආහාරය සදහා මරන්නේ නම් නීති මාලාවක් ඇත,එම නීති දැමීමට හේතුව video එක බැලීමෙන්, තේරුම් ගත http://www.youtube.com/watch?v=SNB0kb1N-pU
Chamith says:
Buddhism – Major differences from other Religions.
1. There is no almighty God in Buddhism. There is no one to hand out rewards or punishments on a supposedly Judgement Day.
2. Buddhism is strictly not a religion in the context of being a faith and worship owing allegiance to a supernatural being.
3. No saviour concept in Buddhism. A Buddha is not a saviour who saves others by his personal salvation. Although a Buddhist seeks refuge in the Buddha as his incomparable guide who indicates the path of purity, he makes no servile surrender. A Buddhist does not think that he can gain purity merely by seeking refuge in the Buddha or by mere faith in Him. It is not within the power of a Buddha to wash away the impurities of others
4. A Buddha is not an incarnation of a god/God (as claimed by some Hindu followers). The relationship between a Buddha and his disciples and followers is that of a teacher and student.
5. The liberation of self is the responsibility of one’s own self. Buddhism does not call for an unquestionable blind faith by all Buddhist followers. It places heavy emphasis on self-reliance, self discipline and individual striving.
6. Taking refuge in The Triple Gems i.e. the Buddha, the Dharma and the Sangha; does not mean self-surrender or total reliance on an external force or third party for help or salvation.
7. Dharma (the teachings in Buddhism) exists regardless whether there is a Buddha. Sakyamuni Buddha (as the historical Buddha) discovered and shared the teachings/ universal truths with all sentient beings. He is neither the creator of such teachings nor the prophet of an almighty God to transmit such teachings to others.
8. Especially emphasized in Mahayana Buddhism, all sentient beings have Buddha Nature/ Essence. One can become a Buddha (a supreme enlightened being) in due course if one practises diligently and attains purity of mind (ie absolutely no delusions or afflictions).
9. In Buddhism, the ultimate objective of followers/practitioners is enlightenment and/or liberation from Samsara; rather than to go to a Heaven (or a deva realm in the context of Buddhist cosmology).
10. Karma and Karma Force are cornerstones in Buddhist doctrines. They are expounded very thoroughly in Buddhism. Karma refers to an important metaphysical concept concerned with action and its consequences. This law of karma explains the problem of sufferings, the mystery of the so-called fate and predestination of some religions, and above all the apparent inequality of mankind.
11. Rebirth is another key doctrine in Buddhism and it goes hand in hand with karma. There is a subtle difference between rebirth and reincarnation as expounded in Hinduism. Buddhism rejects the theory of a transmigrating permanent soul, whether created by a god or emanating from a divine essence.
12. Maitri or Metta in Pali (Loving Kindness) and Karuna (Compassion) to all living beings including animals. Buddhism strictly forbids animal sacrifice for whatever reason. Vegetarianism is recommended but not compulsory.
13. The importance of Non-attachment. Buddhism goes beyond doing good and being good. One must not be attached to good deeds or the idea of doing good; otherwise it is just another form of craving.
14. In Buddhism, there is consideration for all sentient beings (versus human beings, as in other religions). Buddhists acknowledge/accept the existence of animals and beings in other realms in Samsara.
15. No holy war concept in Buddhism. Killing is breaking a key moral precept in Buddhism. One is strictly forbidden to kill another person in the name of religion, a religious leader or whatsoever religious pretext or worldly excuse.
16. Suffering is another cornerstone in Buddhism. It is the first of the Four Noble Truths. Sufferings are very well analysed and explained in Buddhism.
17. The idea of sin or original sin has no place in Buddhism. Also, sin should not be equated to suffering.
18. Buddhist teachings expound no beginning and no end to one’s existence or life. There is virtually no recognition of a first cause — e.g. how does human existence first come about?
19. The Dharma provides a very detailed explanation of the doctrine of anatman {anatta in Pali} or soullessness , i.e. there is no soul entity (whether in one life of many lives).
20. The Buddha is omniscient but he is not omnipotent. He is capable of innumerable feats but there are three things he cannot do. Also, a Buddha does not claim to be a creator of lives or the Universe.
Anver Manatunga says:
චමිත් සහෝදරයා ඔබ ලියා තිබෙන දේවල ගැටළු සහගත තැන් ගොඩක් තිබෙනවා. ඒ සියල්ල ගැන ලිව්වොත් ඔබ ගොඩක් අපහසුතාවයට පත්වනු ඇත. නමුත් අපගේ සාකච්ඡාව මාංශ අනුභවය පිලිබදව බෞද්ධ දර්ශනය පවසන්නේ කුමක්ද? යනුයි. ඒ ගැන කථා කිරීමේදී ඔබ විසින් සූකර මද්දව ගැන උපුටා ගැනීමක් පලකළා. මා එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ මාංශ අනුභව කළ බවත් උපුටා දැක්වුවා. මාංශ ආහාර වලට බොදුනු යතිවරුන් අතර දෙබිඩි පිළිවෙතක් පෙනෙන්නට තිබෙනවා.
කොටසක් කියනවා මස් කන එක හොද නැහැ. බුදුරජාණන් වහන්සේ වැලදුවෙත් නැහැ කියා. තවත් කොටසක් කියනවා ත්‍රිකෝටිපරිශුද්ධියට අනුකූල මස් කෑ හැකි බවත් බුදුරජාණන් වහන්සේද වැලදු බවත්. මේ ප්‍රශ්ණයට ත්‍රිපිටකානුසාරයෙන් පැහැදිලි පිළිතුරක් දිය යුතුයි නේද?
Chamith says:
yes,i will give explanation ත්‍රිපිටකානුසාරයෙන්. but i need some time for that. i comments while working in a company and have limited time to access. withing one week i will do that.
when I argue about Islam fact using different web sites which describe islam religion as u do (u use different book ). You say ,do not use those web pages use only holy quran. Now you doing same thing. so please use only
Tripitakya when u want to say some thing.
Anver Manatunga says:
මා මුලින්ම උපුටා ගත්දේ ත්‍රිපිටකානුසාරයෙන් සහ ත්‍රිපිටක අටුවානුසාරයෙන් උපුටා ගන්නා ලද්දක්. නමුත් ඔබ ඉදිරිපත් කළේ නූතන යතිවරයෙක්ගේ පුද්ගලික මතයක්.
mohamad says:
ubalata maskanna kiyala kive kaveda.loke kisema agamaka saththu maranna kiyala naaaaaaaaaaa.musslim agame kothanada kiyala thiyanne………..
Anver Manatunga says:
ඔබ අනෙක් ආගම් ගැන දන්නේ නැත්නම් සද්ද නැතිව ඉන්න. නැත්නම් ඔබගේ නොදැනීම හැමෝම දැන ගනීවි.
sanketh gamage says:
Mr anver mata mekata kiyanna muslim agame kiyala thiyenne harakek maraddi rathupata venakal rath karapu yakadayak uda nagala agama sihi karala harakava maruvoth paw na kiyala neda.eth ada karanne rathu paint ekak gapu yakadayak uda nagala marana eka neda me gena mokakda kiyanne
Anver Manatunga says:
කියවන්න http://www.anvermanatunga.com/2012/06/09/animal-slaughter/ අල්-කුර්ආනය සතුන් මරන්න කියා, පවසා තිබෙන්නේ රත්වු තැටියක් උඩ සිටද?
hasan says:
@ Mahesh Wijayamanna!
සහෝදරයාගේ ලිපිය කියවීමෙන් මට සමහර කරුණු ගැන වඩාත් පැහැදිලිතාවයක් වුවමනා වී ඇත. ඔබ පිළිගෙන තිබෙන, කර්මය පළදීම, හේතු පළ වාදය, ඊළඟ ආත්මය යනාදී ඇසුරෙන් මා ඔබ හමුවෙහි තබන ගැටළුවලට විසඳුම් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.
1.මෑතකදී අරන්තලාවේදී එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්රහාරයකින් භික්ෂූන් වහන්සේලා විශාල ගණනක් ජීවිත්ක්ෂයට පත් වූහ. මෙය කර්මය පළදීමක්ද? මෙය කර්මය පළදීමක් නම් ඒ අය කළ වැරුද්ද කුමක්ද? එම වැරැද්ද ගැන කියන්න බැහැ කියලා ඔයා කියනවා නම්, මෙම සිද්ධියෙන් ගත යුතු පාඩමක් නොමැත යන්න මාගේ අදහසයි. එනම් කෙනෙක් යම් වැරැද්දක් කර එය ඔහුට බලපාන්නේ නම් එම වැරැද්ද කුමක්ද කියා වර්තමානයේ මිනිසා දැනගත යුතුය. එසේ මිනිසා දැනගත්තේ නම් ඔහුට එම ක්රියාවෙන් මිදී ජීවත්විය හැකිය. එවිට හේතු පල වාදයෙන් මිනිසාට ප්රයෝජනයක් ඇති බව පිළිගැනීමට පිළිවන. එසේ හේතුව කියන්න බැරි නම්, හේතු පල වාදය මිනිසාගේ ජීවිතය හැඩගස්වාගැනීමට උපකාරී නොවන, හුදෙක් වාදයක් පමණක් බව මාගේ විශ්වාසයයි.
2.කුඩා දරුවෙක් උඩු මහලේ සිට වැටීම – මෙයට කර්මය බලපා ඇත්තේ නම් එය කෙසේ බලපා ඇත්තේද?
3. මිනිසුන් අනධයින්, අබ්බාගතයින් ලෙස ඉපදිති. හේතු පළ වාදයෙන් මෙයට විස්තරයක් දෙන්න.
4. සුනාමියට හසු වී බාල, මහළු එමෙන්ම කුඩා දරුවෝද ජීවිතක්ෂයට පත් වූහ. කර්මය මෙම අයට කෙසේ බලපා ඇත්තේද?
5. කෙනෙක් ඔහුගේ කර්මය හේතුකොටගෙන සුනඛයෙකු ලෙස ඉපදුනේ නම් ඔහුට නැවතත් මිනිසෙකු බවට පත්විය හැක්කේ කෙසේද?
Chamith says:
did u read tripitikaya.
here ur sources,
මෙතුමාණන් මෙසේ පැවසුවද මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවේ සඳහන් වන කොටසින් මේ කොටස පමණක් උපුටා දක්වන්නට කැමැත්තෙමි.
is this tripitikaya. u also said යතිවරයෙක්ගේ පුද්ගලික මතයක්.
අග්ගමහා පණ්ඩිත අතිපූජ්යබ කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ is one of tripitakaya teacher and professor for tripitikaya.
he’s explanation is million time better than my my explanation and billion better than your expalnation.
Anver Manatunga says:
සහෝදරයා, රේරුකානේ චන්දවිමල හිමියන් සෘජුවම ත්‍රිපිටකය සහ අටුවාවන් උපුටා ගත්තා.
““සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටිද නොවූ ඉතා තරුණද නොවූ තනිව වාසය කල සුකරයකුගේ මෘදුවූ ද, සිනිඳුවූ ද මසින් පිළියෙළ කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ කියා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි.”
නමුත් කොටුවේගොඩ ධම්මාවාස හිමියන් විසින් කළේ තමන්ගේ පැහැදිලි කිරීමක්. මෙතැනදී අපට වත්මන් යතිවරුන්ගේ උගත්කම අදාල වන්නේ නැහැ. අපට අවශ්‍ය මුලාශ්‍ර උපුටා ගැනීමයි. මන්ද වත්මන් උගතුන් විසින් අපව දහමෙන් ඈතට ගෙනයාමටද පුළුවන.
කෙසේ වුවද බෞද්ධ උගතුන් අතර මහාචාර්ය රේරුකානේ චන්දවිමල හිමියන්ට තිබෙන ස්ථානය ඔබ සදහන් කළ අයට වඩා වැඩියි.
වීර පුරන් අප්පු says:
මේ ලින්ක් එකට යන්න අන්වර්………. ටිකක් බලන්න
ඉස්ලාමය තිරිසන් බලු ආගමක් නේද ?
ඔබ තවමත් ප්‍රමාද නැහැ අන්වර්……… දැන්වත් ඔය අදුරු බලු ආගමෙන් එලියට එන්න
http://www.dailymail.co.uk/news/article-2170503/Caught-middle-Taliban-love-triangle-The-moment-helpless-Afghan-woman-22-gunned-fighters-decide-her.html#ixzz206Q7vRms
Anver Manatunga says:
ඔබ වීර පුරන් අප්පුගේ නමටත් ගරහන පට්ට බූරුවෙක්. ඉස්ලාම් බලු ආගමක් කියන්න ඔබට ඇති අයිතිය කුමක්ද? නැවත මෙවැනි කමෙන්ට් කලොත් ඒවා මකා දානවා. ගාල්ලේ සංඝනායක කෙනෙක් පාතාලය මෙහෙයවා තිබෙනවා. කොරියාවේ සහ චීනයේ සමහර බෞද්ධයන් බලු මස් කනවා. එයට ඔබ කියන්නේ කුමක්ද? මේවා දහමේ වැරදිද? ඔබ පටු ආගම්බේධවාදියෙක් කියා මෙයින්ම පේනවා.
මේ පුවත් වෙබ් අඩවිය එංගලන්තයේ එකක්. එංගලන්තය තලේබාන්ලා සමග සටන් කරන රටක්. ඒ අය තලේබාන්ලා ගැන හොද දේවල් ලියයිද? ඔවුන්ට අවශ්‍ය ඔවුන් තලේබාන්ලා සමග කරන සටන සාධාරණය කරන්නයි.
sarji says:
වීරපුරන් අප්පු කොමෙන්ට් දාන්නේ ෆන් එකට නැත්නම් අන්වර් සහෝදරයාව බය්ට් එකට ගන්න වගේ.පට්ට මෝඩයෙක්.පුරන් අප්පුට කියන්න තියෙන්නේ ”වීරයෝ මැරිලා ”වේදිකා නාට්‍ය බලලවත් වීරයෙක් වෙන්න.
hasan says:
@වීර පුරන් අප්පු!
හලෝ! ඔයා ආගමයි, මිනිසුනුයි පටලවාගන්න එපා! ඉස්ලාමය කියන්නේ කුර්ආනයයි, හදීසයයි. ඉස්ලාම් ආගම විවේචනය කරනවා නම්, කුර්ආනයේ හා හදීස්වල සඳහන් ඒවා ගැන විවේචනය කරන්න.
මුස්ලිම් නැමති වර්ගයා කුර්ආනයට හෝ හදීසයට පටහැනිව ක්රියා කළේ නම් එය එම මිනිසා කරන වැරද්දකි. එයට ඔහුට පිළිතුරු දෙන්න සිදු වේවි!
මාගේ ස්වාමියාට මා වෙනස් කම් කළේ නම් ඉමහත් දිනයෙහි දඬුවම ගැන නියතව මම බිය වෙමි යි පවසන්න! (ශු.කු.6:15)
ඉහත කුර්ආන් වැකිය දෙස බලන්න! අල්ලාහ්ට තමා වෙනස්කම් කළේ නම් විනිශ්චය දිනයේදී අල්ලාහ්ගෙන් ලැබෙන දඞුවමට තමා බිය බව ජනයාට පවසන ලෙසට අල්ලාහ් තම නබිවරයාට නියෝග කරයි.
එහෙයින් කවර මුස්ලිම්වරයෙක් හෝ වේවා හෝ තලිබාන් හෝ වේවා අල්ලාහ්ට වෙනස්කම් කළේ නම් ඔහු ඒ ගැන පිළිතුරු දීමට බැඳී සිටියි.
sanketh gamage says:
anver eye delete kare mama methana dapu cmnt eka mama ahuve oyalata harakek maranna kiyala oyalage agame kiyala thiyenne rathupata venakal giniyam una yakada thatiyak uda nagala agamath sihi karala neda maranava nam ehema neda karanna kiyala thiyenne eth ada venne red color eken paint kala thatiyak uda nagala agama sihi karala marana eka neda???? oya karanne haraka ravatana ekada nathnam allah ravatana ekada?????????????????????????????????????????????????????????????????????????????????????????????????
Anver Manatunga says:
මේ ප්‍රශ්නයට මම කලිනුත් පිළිතුරු දුන්නා. ඔබට කමෙන්ට් කරපු ලිපිය මතක නැතිව ඇති. කෙසේ නමුත් මම නැවතත් ලියන්නම්. මේ පහත ලින්ක් එක බලන්න. මම ඒ ගැන ලියපු ලිපියක්ම එහි තිබෙනවා.
http://www.anvermanatunga.com/2012/06/09/animal-slaughter/ අල්-කුර්ආනය සතුන් මරන්න කියා, පවසා තිබෙන්නේ රත්වු තැටියක් උඩ සිටද?
Dinusha says:
oya islam kenek welath metharam Buddhist gana hoyane ?
Anver Manatunga says:
මා බුදු දහම සොයන්නේ නැහැ. නමුත් ඉස්ලාම්ට විරුද්ධව එන බලවේග වලට බුදු දහමින්ද උපුටා ගැනීම් කරමින් පිළිතුරු දෙනවා. එයට හේතුව ඔවුන් බෞද්ධයන් නිසයි.
mohamad says:
ai? anver panala yanna. ahapu prasnayata uttara danna.pana yanna apa.
man hitana vidiyata oba apa agama ganawth hariyata danna.khomada oya anith agam walata apasa karanna.kuranaya kotanada kiyala tiyanna satthu maran kanna kiyala. mata makata nam piliturak ona…panala yanna apa………………………………………………………………….
Anver Manatunga says:
අල්-කුර්ආනයේ ඕන තරම් තිබෙනවා. මෙන්න පද කිහිපයක්.
“විශ්වාස කළවුනි, ගිවිසුම් ඉටු කරවූ. නුඹලාට (පසු) පාරයනා කරනු ලබන දෑ හැර, ගොවිපල සත්වයින් නුඹලාට අනුමත කරනු ලැබීය….” (අල් කුර්ආන් 5:1)
“මළ සතුන් ද රුධිරය ද සුකර මාංශ ද අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා (ඒවායෙහි නාමයෙන්) භාර කරනු ලැබූ දෑ ද ගෙල මිරිකා මරණ ලද සතුන් ද පහලට වැටී මරණයට පත් සතුන් ද ඇනීමෙන් මරණයට පත් සතුන් ද තවද නුඹලා (ඉස්ලාමීය) අනුමත ක්‍රමයට අනුව කැපීමෙන් මිස තිරිසන් සතුන් ආහාරයට ගත් දෑ ද පිළිම වෙනුවෙන් කපනු ලැබූ දෑ ද ඊතල මගින් පංගු තීන්දු කිරීම ද නුඹලාට තහනම් කරනු ලැබ ඇත….” (අල් කුර්ආන් 5:3)
“නුඹලා සඳහා ගොවිපල සත්වයින් නිර්මාණය කලේ උන්වහන්සේමය (අල්ලාහ්). එහි උණුසුම් (ඇඳුම්)ද (අනේකවිධ) ප්‍රයෝජනද ඇත. තවද එහි බුදින්නට ආහාරද ඇත.” (අල් කුර්ආන් 16:5)
“තවද ඔබට මෘදු මාංශ (මත්ස්‍යයින්) එයින් අනුභව කිරීමටද, ආභරණ වශයෙන් පැළඳිය හැකි දැය ලබා ගැනීමටද සාගරය ඔබට වසඟ කර දුන්නේ උන්වහන්සේමය (අල්ලාහ්). (අල් කුර්ආන් 16:14)
chamara says:
miyan marayae minessu marana aka bauddayange thirisan vadak?habai afganes thanayi ho pakisthanaye minessu amuamuve gathanaya kirima ta muslim agama gavanna apa lu.obala katha karanne divanda nathnam p…………..da…………..
Anver Manatunga says:
ඔබලා මියන්මාරයේ සිදුවන සංහාරය සාධාරණීකරණය කරන්නේ අතීතයේ ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්ථානයේ සිදුවුවා කියන ඝාතණ පෙන්වලාද? මොකක්ද ඔබලාගේ ආගම?
Nip says:
Mr. Anver do not compare our religion with yours, cz it make us laugh . The things that arguing and the way that you are trying to make your religion correct… Really making us laugh.. There is a thing which saying. “Modayan ekka tharka karala vedak nh” …. Think from your heart… We all are animals , only difference is brain… So if we are killing animals to eat there is no important from a brain… So that’s mean you people are no difference with beasts….Just think man .. before making laughy posts…
Nip says:
Myanmar is Buddhist country , so they are asking to .. leave them alone… They are trying to protect their people.. who have long right with them….
Anver Manatunga says:
කිසියම් රටක යම්කිසි ජනකොටසක් පාරම්පරිකව සිටී නම් ඔවුන්ටද එම රට හිමිය. තමන්ට අයිති ගම්බිම් වතුපිටි දමා වෙනත් රටකට යන්න යැයි ලොව කිසි කෙනෙකුට පැවසිය නොහැක.
Anver Manatunga says:
මා මෙම ලිපිය තුලින් බුදු දහම සහ ඉස්ලාම් සසදන්නට කිසිදු ලෙසකින් ඉදිරිපත් නොවුනෙමි. කළේ බුදු දහමෙහි ඇති මාංශ ප්‍රතිපත්තිය ගැන අප දන්නාවු කරුණු ඔබ වෙත ඉදිරිපත් කිරීමක් පමණි. මන්ද අප දන්නා සැබෑ කරුණ වලින් ආගමික අතින් බොදුනු සහ මුස්ලිම් වරුන් අතර සහජීවනයක් ගොඩ නැගීමට හැකි කරුණු ඇතැයි අපට පෙනෙන්නට තිබුණු බැවිනි.
sana says:
මියන්මාරය බෝව්දයින්ගේ රටක් එම නිසා බෝව්දයින් පමණක් සිටිය යුතුයි. යම් කිසි කෙනෙක් වෙන ආගමක් වලන්දගත්තනම් රටින් පිඅවී යා යුතුයි. ලංකාවෙත් බෝව්ද අන්තවාදියෝ කියන්නේ එකයි. සිහලයින්ට හා බෝව්දාගමටත් වඩා පැරණි දෙමල හින්දු වරු ලංකාවෙන් පිටවී යා යුතුයි. නැත්නම් මරනවා. මේක තමයි බෝව්ද තියරිය.