මේ දිනවල මැදපෙරදිග රටවල යන ප්‍රචාරයක් නම් ලංකාවේ සේවක සේවිකාවන් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන බවයි. ඇත්තටම යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් සහ හදි හූණියම් බුදු දහමට අනුකූල එකක් නොවන බව අප දනිමු. මෙය ඇත්තටම පැමිණ ඇත්තේ හින්දු වරුන්ගේ ආභාශයෙනි. නමුත් අද බොහෝ දෙනෙක් මේ කෙරෙහි ආකර්ශනය වී මෙතුලින් තමන්ට රිසි දේ කරගැනීමට උත්සාහ දරති.
අද පත්තර වල මෙන්ම නොයෙකුත් මාධ්‍ය වලින් අපට දැකගන්නට ලැබෙන්නේ විවිධාකාරයේ ගුරුකම් කරන අයවළුන් විසින් දමා තිබෙන ආකර්ශණීය පුවත්පත් දැන්වීම්ය. මොවුන් විසින් කරන්නේ යහපතක්ද? අයහපතක්ද? යන්න ගැන මාධ්‍ය නොතකති. මාධ්‍ය වලට අවශ්‍ය දැන්වීම් තුලින් මුදල්ය. ඔවුන් දෙන ඕනෑම කසිකබල් දැන්වීමක් දමති. මේ නිසා අප රටේ බොහෝ දෙනෙක් මෙම මාධ්‍ය දැන්වීම් වලට රැවටෙති. මා පලමුව ඉල්ලා සිටින්නේ වගකිව යුත්තන් මේ ගැන අවධානය යොමුකර මෙවැනි දැන්වීම් මාධ්‍ය මගින් පලකිරීම තහනම් කළ යුතු බවයි.
මේ දැන්වීම් දමන සමහරු රොඩී දැහැණින් වැඩ ගන්නා අයයි. තවත් සමහරු මාතර, මලයාලි හෝ අරාබි ගුරුකම් කියමින් ජනතාවගෙන් මුදල් කඩා ගන්නා අයයි. මෙවැනි දේ කරන සමහරු සිටින්නේ යතිවර වේශයෙනි. තවත් සමහරු තමන් මෑණිවරු ලෙසින්ද තවත් අය මන්ත්‍රාචාර්ය වරුන් බවද කියති. මේ කවුරුන් කෙසේ කීවද කරන්නේ ජනතාවගේ මුදල් කඩාගෙන ඔවුන්ට මොනයම් හෝ ගුරුකමක් කරවා දීමයි. මොවුන් සාමාන්‍යයෙන් පවසන්නේ තමන් කිසිවෙකුට හානියක් වන ගුරුකම් නොකරන බවයි. නමුත් කවුරුන් හෝ වැඩියෙන්ම මුදලක් දී බැගෑපත් වන විට ඔවුන් ඕනෑම ආකාරයේ විනාශකාරී ගුරුකමක් කිරීමට වුවද මැලි නොවෙති.
වර්තමානයේ මේ කෛරාටික අයට අසුවන ප්‍රධානතම සමාජ ස්ථරය නම් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන්ය. මේ මන්ත්‍රාචාර්ය තුමන්ලා, මෑණිවරු සහ යතිවරු විසින් මැදපෙරදිග සිටින කාන්තාවන්ට ගුරුකම් කර දෙන්නේ තැපෑලෙන්ය (Courier Service). ඔවුන් ඒ සඳහා ගුරුකම් ගාස්තු සහ තැපැල් ගාස්තු ලෙස විශාල මුදලක් අයකරති. නමුත් අපේ මැදපෙරදිග සේවිකාවන් ඕනෑම මුදලක් ගෙවා තමන්ට අවශ්‍යදේ කරවා ගන්නේ ඒ ගුරුකම් පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති නිසාවෙනි. මෙය ඇත්තටම ජනතාව තුල ධර්මය කෙරෙහි අල්ප දැනුම සහ දැන උගත්කම අඩුවීම නිසාවෙන් සිදුවන දෙයකි.
ඉස්ලාම්ට අනුව ගුරුකම් තහනම් දෙයකි. මුස්ලිම් සමාජය තුල ගුරුකම් විශ්වාස කර ඒවායෙහි යෙදෙන්නෙක් සිටී නම් ඔහු මුස්ලිම් වරයෙක් ලෙස සිය මුලික විශ්වාසයන් කඩකරගෙන මුස්ලිම් බව අහෝසි කරගත්තෙක් බවට පත්වේ. මේ නිසා මුස්ලිම් වරුන් යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වලට නොයන්නේ අල්ලාහ්ට තිබෙන දැඩි භක්තිය නිසාය. එසේ නම් අරාබි ගුරුකම් යනු මොනවාද? දැන් ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇති. අරාබි ගුරුකම් යනු මුහම්මද් නබි තුමාණන්ට පෙර කාලයේ සිට අරාබි වරුන් අත පැවති මිථ්‍යා විශ්වාසයන්ය. වර්තමානයේදී මේවා මැදපෙරදිගින් අතුගෑවී ගොස් තිබෙන නමුදු සමහර ඉන්දියානු සහ වෙනත් දකුණු ආසියාතික රටවල අරාබි ගුරුකම් කියා කොටසක් තවම පවතියි. ඇත්තටම මේවා මුස්ලිම් අය විසින් නොව මුස්ලිම් නොවන්නන් විසින් පවත්වාගෙන යන ඒවාය.
මැදපෙරදිග වසන අරාබි වරුන් මෙම යන්ත්‍රමන්ත්‍ර, ගුරුකම් වල නොයෙදෙන නමුදු ඒවායින් තමන්ට යම් බලපෑමක් සිදුවිය හැකි බව දැන සිටිති. මේ නිසා කිසියම් කෙනෙක් තමන්ට ගුරුකමක් කර ඇති බව සැක කෙරුණු විට හෝ දැනගත් විට ඒ පිළිබඳව ක්‍රියාත්මක වීම අරුමයක් නොවේ. කිසියම් කෙනෙකු මෙවැනි ගුරුකමක් කර අසුවු විට එමගින් අපකිර්තියට පත්වන්නේ එම තැනැත්තා පමණක් නොව ඒ තැනැත්තා නියෝජනය කරන රටයි. එතැන් පටන් ඒ රටේ පුද්ගලයෙක් විසින් කරන්නාවු ඉතා කුඩා දෙයක් පිළිබඳව වුවද සැකයෙන් බලන්නට ඔවුන් පුරුදු වේ. සුළු පිරිසක් විසින් කරන්නාවු මෙවැනි නිහීන ක්‍රියාවන් නිසා සියළුම දෙනා සැකයට පාත්‍රවීම අවාසනාවන්ත තත්වයකි.
රජය මගින් මේ පිළිබඳව විමසා බලා මාධ්‍ය මගින් මේ මන්ත්‍රකාරයන්ට ලබා දෙන මාධ්‍ය ප්‍රචාර තහනම් කරන්නේ නම් එය මැදපෙරදිග පමණක් නොව ලක්වැසි ජනතාවටත් විශාල සෙතක් වනු ඇත. එමෙන්ම මැදපෙරදිග යන ගෘහ සේවිකාවන්ටද මෙමගින් ඔවුන්ට මැදපෙරදිගදී සිදුවිය හැකි ප්‍රශ්න පෙන්වාදී ඔවුන්ව දැනුවත් කිරීමද කළයුතු සමාජ කර්තව්‍යයකි.




Chamith says:
there is a ගුරුකම් place in dawson street col 02, next to the mosque.
he is a muslim person and comes a lot of muslim people to there.
Anver Manatunga says:
මෙවැනි තැන් එකක් හෝ දෙකක් ඔබට පෙන්විය හැකියි. ලංකාවේ සම්පුර්ණ මුස්ලිම් ජනගහණය අනුව එය ඉතාමත් අල්ප ප්‍රමාණයක්. කෙසේ වුවද ලංකාව තුල කේන්ද්‍ර පලාඵල බැලීම අවම සහ හූණියම් යන්ත්‍ර මන්ත්‍ර වල යෙදෙන්නන් අවම ජනකොටස මුස්ලිම්ය.
අම්මාර් says:
යම් පණිවුඩයක හොඳ පැත්ත බලන පුරුද්දක්ම නැද්ද ? අපි රස කේක් ගෙඩියක් දුන්නොත් ඔබ ඒක කාලා කියයි එහි තිබ්බ චෙරි ගෙඩිය රහ නැ කියල.
මේ පුරුද්ද මුස්ලිම් අය සම්බන්දයෙන් විතරයි කියල මම හිතනවා.
asd says:
එකට තමා කියනේ සංසාරෙන් එතර වෙන්න කලින් රටෙන් එතරවෙලා බලන්න කියල
lankan says:
ඔබ හරි අන්වර් සහෝ
වීර පුරන් අප්පු says:
මේ ලින්ක් එකට යන්න අන්වර්………. ටිකක් බලන්න
ඉස්ලාමය තිරිසන් බලු ආගමක් නේද ?
ඔබ තවමත් ප්‍රමාද නැහැ අන්වර්……… දැන්වත් ඔය අදුරු බලු ආගමෙන් එලියට එන්න
http://www.dailymail.co.uk/news/article-2170503/Caught-middle-Taliban-love-triangle-The-moment-helpless-Afghan-woman-22-gunned-fighters-decide-her.html#ixzz206Q7vRms
Anver Manatunga says:
ඔබ වීර පුරන් අප්පුගේ නමටත් ගරහන පට්ට බූරුවෙක්. ඉස්ලාම් බලු ආගමක් කියන්න ඔබට ඇති අයිතිය කුමක්ද? නැවත මෙවැනි කමෙන්ට් කලොත් ඒවා මකා දානවා. ගාල්ලේ සංඝනායක කෙනෙක් පාතාලය මෙහෙයවා තිබෙනවා. කොරියාවේ සහ චීනයේ සමහර බෞද්ධයන් බලු මස් කනවා. එයට ඔබ කියන්නේ කුමක්ද? මේවා දහමේ වැරදිද? ඔබ පටු ආගම්බේධවාදියෙක් කියා මෙයින්ම පේනවා.
මේ පුවත් වෙබ් අඩවිය එංගලන්තයේ එකක්. එංගලන්තය තලේබාන්ලා සමග සටන් කරන රටක්. ඒ අය තලේබාන්ලා ගැන හොද දේවල් ලියයිද? ඔවුන්ට අවශ්‍ය ඔවුන් තලේබාන්ලා සමග කරන සටන සාධාරණය කරන්නයි.
mohamed shaffy says:
මෙපුරන්අප්පු ඉස්ලාම් ආගම බළුආගමක් නෙවෙයි තමුසෙගාවතමයි බළුකමතියෙන්නෙ ඒකනෙ බළු කමෙන්ට් දාන්නෙ
sana says:
චමිත් උන්නෙහෙ කොළොඹ 2 න් තැනක් හොයාගෙන. පොඩ්ඩක් හැරිලා බලන්න පිටේ තියෙන පරාල සයිස් කුණු ගොඩවල්. මේ කතිකාව ඇතිවෙලා තියන්නේ අරාබි රටවලට ගිහිල්ල ගෑනිට හූනියම් කරලා මිනිහව බාගන්න අපේ රටේ කාන්තාවන් කරන වැඩ නිසා. පත්තරවල හා රූපවාහිනී නාලිකාවල විශේෂයෙන් මැදපෙරදිග රටවල විකාශය වන සිංහල නාළිකාවල්. සිවුර ඇඳගත්තු හූනියම් කාරයෝ පෙන්වනවා. මේවට බෝව්දයින් විදිහට ඔබලා විරුද්ද විය යුතුයි. කළයුත්තේ මුස්ලිම් අයගේ ගුරුකම් කරන තැන් හොයන එක නවත්තල ඒවා නවත්වන්න අරගල කරන්න. සව්දිවල යම්කිසි කෙනෙකුට වැටුප ලැබුනේ නැත්තම් ඒ ගෙන පැමිණිලිකරන්න ආයතන තිබෙනවා. තවද, තානාපති කාර්යාලයේ නිලදාරීන් හා නීතින්ජවරු පවා ඉන්නවා. කොහෙවත් වැටුප ලබාගන්න හූනියම් කරන සුර බදින සිස්ටම් නෑ. එහෙම කළා කියල පඩි ලැබෙන්නෙත් නෑ. මේක රන්ජන් නළුවාගේ ගොතාපු පචයක්. වැටුපක් පවා නොලැබෙන නිදහසක් නැති කාන්තාවක් සව්දි වගේ රටක කොහොමද ප්‍රසිද්ද ස්ථානයක පිරිමියෙක් හමුවෙන්නේ. ඔය සුරේ විකුණු කතාව ඇත්තනම් අනිවාරයෙන්ම තුන්ගසිරි කියන තැනෙත්තා කට්ටඩි වැඩ කලයුතුයි, නිවසක රියදුරෙක් වසයෙන් ගිය කෙනා මොකටද කට්ටඩි වැඩ කරන්නේ. ඔවුන් පවසන අන්දමට පඩිය නොලැබුණු කාන්තාව කරදරයක් වුනු කෙනෙක්. ඇයට රියාල් 2000 කට සුරේ වික්කලු. මෙම මුදල් ප්‍රමාණය සව්දියේ ගෘහ සේවිකාවකගේ මාස 2 ක පඩියටත් වඩා ලොකු මුදලක්, ලංකාවේ මුදලින් රුපියල් 65000 ක් පමණ වෙනවා.( සාමාන්යෙන් පඩිය රියාල් 600 සිට 800 දක්වා) ඇත්තටම එම කාන්තාව අසරනනම් කොහොමද ලොකු මුදලක් දී සුර ගන්නේ. අසරණ වූ කාන්තාවකට ඉතා ලොකු මුදලක් අරගෙන උදව් කිරීමක් ද කරන්නේ. මේකත් අර රන්ජන්ලවගේ අසාර ලංකාවේ කාන්තාවන්ගේ හම්බකරන තුට්ටු ටිකට කෙළින කරලා තියෙන්නේ. රන්ජන් මේ කරලා තියෙන්නේ අන්තවාදී සිංහලයන්ට බයිට් එකක් හදල දීල.
Kapila Kahapola says:
Dear Anver,
If you say Arabs these days do not do black magics, its a lie & you are a liar !!! I travel very often to almost every Arab country & as a fact I know it does still happens in whole Arab world !!!
Anver Manatunga says:
මොහොමද් නබි තුමාණන්ට පෙර කාලයේ තිබුන යන්ත්රත මන්ත්රම ගුරුකම් අද අරාබියේ දක්නට නැත. තිුබෙනවා නම් එයද ඉතා සුලු ප්ර තිශතයක් විය යුතුය. මමද බොහෝ සංචාරය කර ඇත්තෙක්මි. මම බොරුකාරයෙක් නම් ඔබ එය ඔප්පු කර පෙන්වන්න.
Kapila Kahapola says:
Have you ever been to countries like Egypt, Jordan, Sudan, Tunisia, Yemen or Morocco for that matter ??? These are the countries you get to see black magic as it happens larger scale in a country like India !!! When you say black magic exist very rarely in Arab world its a lie & the person who says this is a liar !!!
Anver Manatunga says:
සහෝදරයා දැන් ඔබ ඔය කියූ රටවල් අතරින් භූවිෂමතාවය අනුව අරාබි එනම් මැද පෙරදිග රටවල් සහ මැදපෙරදිග නොවන රටවල් බෙදා වෙන්කරන්න. එවිට කවුද බොරු කාරයා කියල ඔබට තේරෙනවා ඇති. තව දෙයක් ඔබ මේ සදහන් කරන රටවල් අතුරින් අපේ රටේ ගෘහසේවිකාවන් සේවයට යන රටවල් මොනවාද? අපේ රටේ ගෘහසේවිකාවන්ගෙන් බහුතරයක් සිටින සෙදි අරාබියාව, එක්සත් අරාබි එමීර් රාජ්ය , බහරේන්, කුවේට්, ඕමාන් , කටාර් යන රටවල් ගැන ඔබ කතා නොකරන්නේ ඇයි?
Kapila Kahapola says:
All above countries are predominantly Muslim ones & you had been saying after the Prophet Mohamed (PBUH) practice of black magic vanished away which is an utter lie… To add to the list Oman, Bahrain & Kuwait are another places where you get to see still people practice black magic at larger scale… People of UAE & Qatar are somewhat different from Others as most of them are well educated…
Anver Manatunga says:
ඔබ ඔය කියන රටවල එවැනි දේ ඉතා විරල බව මම වගකීමෙන් කියනවා. මුහම්මද් නබිතුමාණන් විසුයේ වත්මන් සෞදි අරාබි දේශය තිබෙන ස්ථානයේයි. එහි ඒවා තිබෙන බවට ඔබට කිසිසේත්ම කිව නොහැකියි. ඊට ආසන්න රට වලින් ඔබට පැවසිය හැක්කේ ජොර්දාන් සහ යේමන් පමණයි. නමුත් එයද ඉතා සුළු වශයෙන්. නමුත් අපගේ ගෘහ සේවිකාවන් බහුතරයක් සිටින එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේට්, කටාර් සහ බහරෙන් වල ඒවා නැත.
Kapila Kahapola says:
Anver You’ve No idea what you are talking about… I Live here & Every day Deal with Thousands of them… Let me tell you also I’ve found them million times better Muslims than ones we have back in SL…
They are friendly & do not try to pretend that they are the Best in the world like you guys !!!
Well don’t even think about people in Kingdom… They are rascals specially the younger generation !!!
Anver Manatunga says:
මා මැදපෙරදිග රටවල් කිහිපයකම සිට ඇත. ඔබ ඔය කියන්නේ පට්ටපල් බොරුය. ඔබට අභියෝගයක් කරමි. පුළුවන්නම් සෞදි, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, කටාර් සහ ඕමාන් යන අපේ ගෘහසේවිකාවන් වැඩියෙන්ම සිටින රටවල අරාබි බහුතරය යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වල යෙදෙන්නන් බව ඔප්පු කර පෙන්වන්න.
sana says:
කපිල සහෝදරයා, ලෝක වටේ ගියාට ලංකාව වටේ ගිහිල්ල නෑ වගේ. ඔය කියන රටවල ගුරුකම් කරන අය ඉන්න පුළුවන් ඉතා සුළු වසයෙන්. හොරෙන් කරගෙන අය ඉන්න පුළුවන්, නමුත් ලංකාවේ වගේ ප්‍රස්සිද්දව මුල්තෙන දීගෙන සිදුවෙන්නේ නෑ. ලංකාවේ ප්‍රබල දේසපාලන චරිතවල් චන්ද දිනන්න, විරුද්ද වාදියා විනාස කරන්න වැනි දේවලට ඉන්දියාවෙන් පවා කට්ටඩියෝ ගෙන්නාගෙන හූනියම් වැනි දේවල් කරනවා. එහෙමනම් සාමාන්‍ය ජනයා කොහොම කරයිද. අනෙක ඔයා නිතරම රටවල්වලට යන බව කිව්වා. ඔයා පසුව හරි ලංකාවේ රූපවාහිනී නාලිකා හා අනෙක් රටවල විසේසයෙන් යන්ත්‍ර මින්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ද ඉන්දියාවේ රූපවාහිනී හා පත්තර වනිදේවල් බලන්න, වෙනෙස වටහාගන්න. ඉන්දියාවේ රූපවාහිනී නාලිකා සියගණන් මැදපෙරදිග වෙසෙන ඉන්දියානු ජනතාව වනුවෙන්ම විකාශය වෙනවා. කිසිම නාලිකාවල අරාබි වැසියන් වසී කරගන්න හූනියම් කරන්න දැන්වීම් පළකරන්නේ නෑ. නමුත් සිංහල නාලිකාවල ප්‍රසිද්දියේ, හාම්පුතුන්ව නම්මවා ගන්න කියල ගුරුකම් කරන චීවරදාරීන් ඇතුළු පුද්ගලයන්ගේ වෙළඳ දැන්වීම් පළකරනවා. මේවා ලංකාවටම අපකීර්තියක්. අපි කලයුත්තේ වැරැද්ද පෙන්වා දීපු කෙනාට බැනවදිනවා නොවෙයි. වැරැද්ද හදාගැනීමයි. අපි දන්නා විදිහට බුද්දාගමේත් මෙවෙනි දේවලට ඉඩ නෑ. අපි මේ කට්ටඩියනේ හා ඔවුන් පස්සේ යන මෝඩ මිනිස්සුන් ගැන කීව හැර බෝව්දාගමේ වැරද්දක් කීවේ නෑ. මේ වැනි වැඩ කරන මුස්ලිම් හෝ වේවා බෝව්ද හෝ වේවා වැරැද්ද වැරද්දමයි. මෙතෙන ප්‍රස්නේ තියන්නේ ලංකාවෙන් ගිය හා යන සමහර සේවක, සේවිකාවන් නිසා මුළු ලංකාවේ අයටම ජාති ආගම් බේදයකින් තොරව එකම පාටෙන් සායම් වදිනවා. මෙතනදී අන්වර් සහෝදරයා මේ ලිපියෙන් කිව්වේ කිසිම ආගමකට හෝ ජාතියකට නොවෙයි කියන එක තේරුම් ගත යුතුයි. නමුත් ඔබ පෙරලා අන්වර් සහෝදරයා නියෝජනය කරන ආගම තියන රටවල තියනවෙයි කියන දේවල්වලට ඇගිල්ල දික් කරලා ප්‍රසන අහන්න පටන් ගන්නවා. මේකෙන්ම පේනවා හිතේ කොයි තරම් වෛරයෙන්ද ක්‍රියා කරන්නේ කියල.
Kapila Kahapola says:
Anver & Other Chap,
If you live in total denial all I have to say is god bless you!!! Black Magic is haram in your religion so as listning to music & watching movies, guys come over here & see how music & Cinema thriving here…
Anver Manatunga says:
ඔව් ඉස්ලාමයට අනුව ගුරුකම්, සංගීතය සහ චිත්රපටි තහනම්ය. ඒවා නැතිව මිනිසෙක්ට ජීවත් වෙන්න නොහැකිද? ගුරුකම් වලින් ජනතාව නැතිබංගස්ථාන වෙද්දී මන්ත්‍රාචාර්ය වරු සහ මෑණිවරු යෙහෙන් වැජඹේ. චිත්‍රපටි නිශ්පාදකවරු සහ සංගීත අධ්‍යක්ෂවරු ජනතාව සෙලුලොයිඩ් සිහින වල අතරමං කර පික්පොකට් ගසති.
miltan says:
උනව මරනවනෙ අන්වර් සමි
Anver Manatunga says:
හූණියම් කළ පමණින් විදේශිකයෙකු මරන්නේ නැත.
ඩිලාන් says:
@Kapila Kahapola
muslim minissuth sinhala bhashawa bawitha karadhdhi oya engrisi yodhaganne sinhala nodhanna kamatada nethnam sinhala bawitha karanna thiyana lejjawatada…ingrisi dhannethi wunata lejja wenna dheyak ne..ath sinhala kathakaranna berinam api lejja wenna one..mama dhuk wenawa sinhala akuru pawichchi karanna beriwima gena..karume kiyanne dhen apita ingrisi nethiwa sinhala kathakarannawath beri thathwayak thiyenne…mata samawenna..me lipiyata adhala dheyak newe thamai..ath ape ratata mehema wela thiyenne ape dhewal apita age nethikama nisa..
wedhagath lipiyak..hamudhuruwaru karanna one gurukam yanthra manthra karana eka newe..sil rakimin janathawata dhaham dheshana karana ekai..
@ anver
“ඔව් ඉස්ලාමයට අනුව ගුරුකම්, සංගීතය සහ චිත්රපටි තහනම්ය. ඒවා නැතිව මිනිසෙක්ට ජීවත් වෙන්න නොහැකිද”
a kiyanne muslim aya kawruth chithrapati balanne,geetha ahanne nedhdha?
Anver Manatunga says:
මුස්ලිම් යන වචනයෙහි තේරුම අවනතවන්නා යනුයි. එක එක්කෙනා අවනත වන්නේ තමන්ගේ රුචිකත්වය අනුවයි. ඉස්ලාම් විසින් අනුමත නොකළ දේවල් මුස්ලිම් අයගෙනුත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඔවුන් දෙවිදුන්ට අවනත වන ප්‍රමාණයයි. පොදුවේ ගත්කළ මුස්ලිම් වරුන්ගෙන් බහුතරයක් චිත්‍රපටි නොබලති. අනවශ්‍ය අරුත් සුන් ගීත නොඅසති. නමුත් සියල්ලෝම එසේ නොවෙති.
Fayaz says:
the biggest problem in the Islamic world is that the muslims are not practicing Islam in their lives. as muslims we have to admit that. being arab by it self does not mean that the person follows Islamic teachings. the person might be a muslim by default but might not even pray. when people try to direct allegations against Islam, they should know the teachings of Islam. they cant judge Islam by the act of few muslims who does not practice Islam. in Sri Lanaka there are Buddhists who raped their own mothers. does that mean i can criticize Buddhism for that purpose? committing adultery is forbidden in Buddhism. so who ever wants to discriminate or direct allegations against some other religion they better gather a bit more knowledge about what the religion has to say about it.