Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ලක්දිව බුදු දහම අභියස ඇති සැබෑ අවධානම පිළිබඳව අන්වර් මනතුංග ගේ විශේෂ හෙළිදරව්ව

අන්ධව මග සෙවීම

අන්ධව මග සෙවීම

මුස්ලිම් වරුන් ඉතිහාසයේ කවරදාවත් මේ රට ආක්‍රමණය කර නැත. නමුත් අනාගතයේ එවැන්නක් සිදුවේ යැයි සිහිනෙන් බියවී සිටින කොටසක් දැන් ලංකාවේ ඇත. ඔවුන් පවසන්නේ නුදුරු අනාගතයේදීම මුස්ලිම් වරුන් බහුතරය වන බවත් ඉන්පසු ලංකාව මුස්ලිම් වරුන් විසින් ආක්‍රමණය කරනු ඇති බවත්ය. නමුත් මේ මෝඩ පුද්ගලයන්ට එක දෙයක් නොවැටහේ. එනම් මෙහි සැබෑ අනතුර මුස්ලිම් වරුන් නොව බොදුනුවන් අන්‍යාගම්කරණය වීම බවයි.

 

අද ලංකාව තුල බොහෝ කිතුණු මිෂනාරි ව්‍යාපාර ක්‍රියාත්මක වේ. මේ මිෂනාරි ව්‍යාපාර වල ස්වභාවය නම් ඉතාමත් කුඩා සභා‍ (House churches) ලෙස කිතුණු පල්ලි බිහිකිරීමයි. ලංකාවේ එවැනි කුඩා කිතුණු සභාවන් 2000කට අධික සංඛ්‍යාවක් ඇත. මේ අයගේ මුලික ක්‍රියාව නම් නැවත ඉපදුනු කිතුණුවන් Born again Christian නොවන සියළුම දෙනා කිතුණු දහමට හැරවීමට උත්සාහ දැරීමයි. ඔවුන්ට එහිදී බෞද්ධ, මුස්ලිම්, හින්දු, කතෝලික හෝ වෙනත් කුමණ දහමක් ඇදහු පිරිසක් වුවද කම් නැත. අතීතයේ මෙහි ක්‍රියාත්මක වුයේ විදේශීය මිෂනාරීන් වුවද අද මෙම කිතුණු මිෂනාරි සේවය තුල ක්‍රියාත්මක වන්නේ දේශීය මිෂනාරි වරුන්ය. එනම් කලින් බෞද්ධ, හින්දු හෝ කතෝලික වී සිටි අයයි.

 

ඔවුන් විසින් ගමන් දනව් සිසාරා යමින් මනුෂ්‍යයන්ට යේසුස් තුමාණන්ගේ හාස්කම් ගැන කියමින් ජනතාව ඒ හාස්කම් දෙසට ආකර්ශනය කරවන්නට යත්ත දරති. මෙහිදී කිසියම් පුද්ගලයෙක් ‍රෝගී, යම් කරදරයක වැටී හෝ ප්‍රශ්න ගැටළුවක සිටින්නේ නම් ඒ තැනැත්තා විසින් තමන් වැටී සිටින අසීරුවෙන් ගොඩ එන්නට මේ හාස්කම් පසුපස යන්නට සිතයි. එවැනි කෙනෙක් මේ කිතුණු සභාවකට ගියහොත් පලමුව ඔහු යේසුස් තුමා පිළිගෙන කිතුණුවෙක් විය යුතුය. ඔහුගේ ප්‍රශ්නය ගැටළුව හෝ රෝගයට යාච්ඥා කරන්නේ ඉන් පසුවය. ඉන්පසුව මේ පුද්ගලයාගේ ප්‍රශ්නය, ගැටළුව හෝ රෝගය යථාතත්වයට පත් නොවුවද එම සභාවේ ක්‍රියාදාමයේ ප්‍රථිඵලයක් ලෙස ඔහු කිතුණුවෙක් බවට පත් වී අවසානය.

 

මෙම නිකායේ ප්‍රධාන ලක්ෂණයක් නම් ඔවුන්ගේ ඇදහිලිවතුන්වම මෙම දහම ව්‍යාප්ත කිරීමට පෙලඹවීමයි. මේ නිසා කිසියම් කෙනෙකු කිතු දහම වැලඳ ගන්නේද ඔහු ඉන්පසුව අන් අයව ඒ වෙත  හරවන්නෙක් බවට පත්වේ. එතැන් පටන් ඔහුගේ මව්පියන්, සොහොයුරු සොයුරියන්, ඥාතීන්, මිතුරන් පමණක් නොව හමුවන සෑම කෙනෙක්ටම කිතුණු දහමේ හාස්කම් ගැන කියාදෙමින් ඔවුන්ව තමන්ගේ කිතුණු සභාවට ගෙනයාමට උත්සාහ දරති. බොහෝ විට එම අයටත් ප්‍රශ්නයක්, ගැටළුවක් හෝ රෝගයක් තිබෙන නිසා ඔවුන්ද එහි යන්නට පෙලඹෙති. එම පෙලඹීම තුල ඔවුන් එම කිතුණු සභාවට යන්නේ නම් එහි අවසන් ප්‍රථිඵලය නම් ඔහු හෝ ඇයද කිතුණුවෙක් බවට පත් වීමයි.

 

සාමාන්‍ය සක්‍රීය කුඩා කිතුණු සභාවක එක් ඉරිදාවකට එක්කෙනෙක්  හෝ ඊට වඩා ප්‍රමාණයක් අනිවාර්යයෙන් කිතු දහම වැලඳ ගනිති. ලංකාව තුල මෙවන් කුඩා කිතුණු සභාවන් 2000කට ආසන්න සංඛ්‍යාවක් තිබේ යැයි නිලනොවන සංඛ්‍යාලේඛන වලින් පැවසේ. එමෙන්ම මෙම කුඩා සභාවන් අතර මදක් විශාල ඒවාද, විශාලතම ඒවාද ඇත. මෙවැනි සභාවන් වල සතියකට බොහෝ ප්‍රමාණයක් කිතුණු දහම වැලඳ ගනිති. ලංකාව තුල මෙසේ කිතුණු දහම වැලඳ ගන්නන් ගෙන් බහුතරය බොදුනුවන්ය. අද බොහෝ ගම් නියම් ගම් වල මේ කිතුණුවන් ක්‍රියාත්මක වෙති. ඇත්තටම  බුදු දහම අභියස ඇති සැබෑ තර්ජනය මෙය නොවේද?

 

මේ වන විට කොලඹ දිස්ත්‍රික්කය තුල ඔවුන්ගේ බලය වැඩි කරගෙන අවසානය. මේ බව දැන සිටින විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔවුන්ට කොලඹ දිස්ත්‍රික්කය තුල පමණක් පාර්ලිමේන්තු අසුන් දෙකක් පිරිනමා ඇත. මෙහිදී ඡන්දයෙන් පත්වු රෝසි සේනානායාක මහත්මියට අසුනක් පිරිනැමුවා නොව ඇය විසින් ඡන්දයෙන් පත්වුණා යැයි ඔබ පවසනු ඇත. සත්‍ය තත්වය නම් ඇය විසින් ඡන්දයේදී තරඟ කරන්නට පත්කළේ එජාපය විසින් අනිවාර්යයෙන් දිනන ආසනයකි. එමෙන්ම ඇයට ඡන්දය ඉල්ලන්නට දී ඉරාන් වික්‍රමරත්න මහතාට ජාතික ලැයිස්තුවෙන් අසුනක් දුන්නේ රෝසි සේනානායක මහත්මියට මනාප වැඩි වන්නට ඉඩදීමටය.   

 

මේ වන විට මේ කිතුණු නිකාය විසින් දකුණු කොරියාවේ විශාල වශයෙන් බොදුනුවන් කිතුණු දහමට හරවා අවසන් අතර ලොව විශා‍ලතම කිතුණු සභාව තිබෙන්නේද දකුණු කොරියාවේ සෝල් නගරයේ (Pastor Paul Yongi Chaw’s Church) බව පැවසිය යුතුමය. එහි ඇදහිලිවතුන් සංඛ්‍යාව මිලියනය අභිබවා ඇති බැව් පැවසේ. මේ නිසා එහි පංසල් විශාල වශයෙන් විනාශ වෙමින් පවතියි. මැලේසියාවේ චීන සම්භවයක් ඇති බොදුනුවන්ගෙන් බහුතරය අද කිතුණුවන් වී හමාරය. සිංගප්පුරුවේද එලෙසමය. තායිලන්තය නුදුරු අනාගතයේදීම එසේ වනු ඇති බවට සලකුණු ඇති වී අවසානය. තවත් මෙවැනි රටවල් රැසකින් නිදසුන් ලබා දිය හැක.  

 

අන්‍යාගමිකයෙක්ව සහ මුස්ලිම් ධර්ම ප්‍රචාරකයෙක්ව සිටින අන්වර් මනතුංග මෙයට විරුද්ධව කථා කරන්නේ ඇයි? යනුවෙන් දැන් ඔබට පැනයක් නැගෙනු ඇත. ඇත්තටම මා කිසියම් කෙනෙකු අන්‍යාගමක් වැලඳ ගැනීම සම්බන්ධව ‍විරුද්ධ නොවෙමි. එසේ තමන් කැමති දහමක් වෙත යාම මුලික මිනිස් අයිතිවාසිකමකි. නමුත් එය සිදුවිය යුත්තේ හැඟීම් මත කටයුතු කිරීමෙන් නොව බුද්ධියෙන් කටයුතු කිරීමෙනි. මේ කිතුණු නිකායන් විසින් කරන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න, ගැටළු සහ රෝග දඩමීමා කරගෙන ඉන් ඔවුන් කිතුණු දහම වෙත බිලීබා ගැනීමයි. මෙය සදාචාර සම්පන්න නොවන දෙයකි.    

 

Category: Uncategorized
  • hasan says:

    ජනයාව අන්යාගම්කරණය කිරීම

    අන්යාගම්කරණය යනු, ජනයාට යම් දෙයක් ලබාදී හෝ තමාගේ බලය පෙන්වා ආගමකට හැරවීමය. ඉස්ලාමය මෙම කටයුත්ත සම්පූර්ණව වළක්වා ඇත.

    එය පහත සඳහන් කුර්ආන් වැකිය පැහැදිලිව පවසයි.

    (ඉස්ලාමය වැළඳ ගැනීමේදී) මෙම ධර්මයෙහි කිසිදු බල කිරීමක් නැත. මං මුළාවෙහි සිට යහමඟ වඩාත් පැහැදිලි විය. කවරෙක් (නැමදුම් ලබන අල්ලාහ් නොවන්නන් වන) ‘තාගූත්’ව ප්රතික්ෂේප කර, අල්ලාහ්ව විශ්වාස කරයිද ඔහු නියතව නොකැඩෙන ශක්තිමත් කඹයක් තදින් අල්වාගත් කෙනා වේ. තවද අල්ලාහ් සියල්ලට සවන්දෙන්නාද හොඳින් දන්නාද වේ. (ශු.කු.2:256)

    ඉස්ලාමය වැළඳගන්නා ලෙසට බල කිරීම හෝ උපක්රම උපයෝගී කරගැනීම ඉස්ලාම් ධර්මය තහනම් කර ඇති ක්රියාවකි. නමුත් මං මුළාව කුමක්ද? යහමඟ කුමක්ද? යන්න ඉස්ලාමය පැහැදිලිව පෙන්වන්නේය.

    අල්ලාහ් තම නබිවරයාටද මෙයම නියෝග කළේය.

    පුස්තකය ඇත්තනි! ‘සුබාරංචි පවසන්නෙක් හෝ අවවාද කරන්නෙක් හෝ අප හමුවට නොපැමිණියේය’ යි ඔබලා පවසා නොසිටීම පිණිස දූතයින්ගේ සම්බන්ධතාවය නැවතී තිබුණ අවධියක (සත්යය) ඔබලාට පැහැදිලි කරන අපගේ දූතයා ඔබලා හමුවට පැමිණියේය. සුබාරංචි පවසන්නාද, අවවාද කරන්නාද නියතව ඔබලා හමුවට පැමිණියේය. අල්ලාහ් සියල්ල කෙරෙහිම ඉමහත් හැකියාව ඇත්තාය. (ශු.කු.5:19)

    සත්යය ජනයාට පැහැදිලි කිරීම දූතයාගේ කටයුත්ත බව ඉහත වැකිය පවසයි.

    ඕ: දූතයා! ඔබගේ ස්වාමියාගෙන් ඔබට පහළ කර ඇති දෙය සැළ කරන්න! ඔබ (එසේ) නොකළේ නම් ඔහුගේ දූත මෙහෙවර ඔබ සැළ කළ කෙනෙකු නොවන්නෙහිය. අල්ලාහ් ඔබව මිනිසුන්ගෙන් ආරක්ෂා කරන්නේය. නියතව අල්ලාහ් ප්රතික්ෂේප කරන සමූහයාව යහමඟෙහි නොයවන්නේය.(ශු.කු.5:67)

    දූත මෙහෙයේ අරමුණ තමාට පහළ වූ අල්ලාහ්ගේ පණිවුඩ ජනයාට සැළ කිරීම බව 5:67 වන වැකියද පවසයි.

    සැළ කිරීමම මෙම දූතයා කෙරෙහි ඇති වගකීම වේ. ඔබලා හෙළි කරන දේ ගැනද, සඟවාගෙන ඇති දේ ගැනද අල්ලාහ් හොඳින් දනියි.(ශු.කු.5:99)

    දූතයාගේ වගකීම සැළ කිරීම බව 5:99 වන වැකියද පවසයි. එමෙන්ම මෙම සත්යය තමන් හමුවට පැමිණි විට, එම සත්යය ප්රතික්ෂේප කරන්නන් තමන්ගේ සිත්හි සඟවාගෙන සිටිනුයේ කුමක්ද? ඔවුන් ඔවුන්ගේ මුවින් පවසන්නේ කුමක්ද? කියා තමා දන්නා බවද අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

    එහෙයින් අන්යාගමිකරණයක් ඉස්ලාමයේ නොමැත. සත්යය ජනයාට පැහිදිලිව පැවසීම පමණක් ඉස්ලාමය අණ කරයි. එය පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීම මිනිසාගේ කැමැත්තට අනුව තීරණය කළ හැක.

    2012/07/13 at 12:09 PM
  • Muusalaya says:

    I know in USA and UK a lot of MALAYSIAN CHINESE AND SINHALES BUDDHIST CONVERTED TO CHRISTIANITY PEOPLE THINK THIS IS JUST A TREND AND SOME PEOPLE WHO COME FROM RURAL AREAS FROM SRILANKA THEY WANTED TO ENTER TO POSH COMMUNITY SO THATS THE REASON THEY CONVERTED IN TO CHRISTIANITY.SOME TO GET LEGAL RIGHTS IN THESE SORT OF COUNTRIES BECAUSE CHURCH ARRANGE PERSON TO GET MARRIED….

    2012/07/13 at 12:13 PM
  • arshad says:

    ක්‍රිස්තියානි වෙනවට වඩා කවදහරි මුස්ලිම් නායකත්වයකින් ලන්කාව පාලනය විම හොදයි

    2012/07/13 at 3:44 PM
    • KAPILA says:

      PALAYAN BAN YNNA. MUSLIM NAYAKATHWAYA HODA WENNE KOHOMADA? THOPI OKKOMA EKAI. “SINHALA BAUDDHA RATE” NAYAKAYA WENNA ONE ANIWARYAYENMA “SINHALA BAUDDHAYEKMAI”.

      2012/07/22 at 2:12 PM
  • Shaytan says:

    අහෝ ! අසරණ අන්වර් දැන් ගිලෙන්න යන ඔබ එල්ලෙන්නට පිඳුරු ගස් හොයනව වගේ නේද? ඔබගේ අරමුණ පැහැදිළියි ඔබ බළාපොරොත්තු වූයේ සිංහල බෞද්ධයන් හට සිංහලෙන්ම අමතා බුදු දහම, ඉස්ලාමය සමඟ සන්සන්දනය කර ඊට පසු ඉස්ලාමය ඊට වඩා ශොක් යැයි ව්‍යංගාර්ථයෙන් කිවූ විට බෞද්ධයන් බුදු දහම අතරහැර පෝලිමේ ඉස්ලාමයට එයි කියල නේද? ඔය ගැට ඉස්ලාමිකයෝ බටහිර රටවලදි ක්‍රිස්තියානින් අරබයා අනුගමනය කරල යම් ප්‍රමාණයකට සාර්තක වුනේ ඉස්ලාම් කුරාණය යුදෙව් බයිබලය වන ටෝරා ග්‍රන්ථයට යම් වෙනස් කම් සිදු කර මුහම්මද් නැමැත්තා නිර්මාණය කර ගත් අළුත් ආගමක් නිසා.

    ඒත් සිංහල බෞද්ධයෝ සම්බන්ධයෙන් ඔබ සම්පූර්ණයෙන් අසමත් වුනේ බෞද්ධයෝ එකම දෙවියන් සහ මැවුම් වාදය සම්පූණයෙන්ම ප්‍රතික්ෂේප කරන නිසා. අන්තිමේදී ඔබගේ ක්‍රියාව නිසා වුනේ මුලදී ඉස්ලාමිකයන්ගේ සට කපට කම් ගැන මෙලෝ දෙයක් නොදැන සිටි බහුතර සිංහල බෞද්ධයන් ඒ ගැන දැනුවත් වීම පමනයි. ඇත්තටම අපි ඒ ගැන ඔබට ස්තූති වන්ත වෙන්න ඕනි මොකද මීට ‍වසර කීපයකට පෙර සිංහල බෞද්ධයන් දැනගෙන හිටියේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ගැන විතරයි ඒත් දැන් බහුතර සිංහල බෞද්ධයෝ දන්නව ඉස්ලාමය කියන්නේ අනිකුත් ආගම් සහ මතවාද පිළිකෙව් කරන නූගත් ගෝත්‍රිකයන් පිරිසකගේ මිත්‍යා ඇදහිල්ලක් විතරයි කියන එක, ඒ වගේම ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් විතරක් නෙවෙයි ඉස්ලාමිකයන්ගෙනුත් ඔවුන්ට තර්ජනයක් තියෙනව කියන එක.

    දැන් සිංහල බෞද්ධයන්ට ඉස්ලාමිකයන්ගේ කූට සැලසුම් අනාවරණය වෙලා ඉවරයි. බලන්න ඔබ කොච්චර බංකොලොත්ද කියනව නම් සිංහල ටිකක් ඉගෙන ගත්ත මුස්ලිම් සහ සිංහල නම් වලින් පෙනී සිටින ඔබ වැනිම කූට න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන ඉස්ලාමිකයන් කීප දෙනෙක් හැර එක සිංහල බෞද්ධයෙක් ඔබ ගොඩ නගන අසාර්තක තර්ක නිවැරදියි කියල මෙතන කමෙන්ට් එකක්වත් දානවද? නෑ නේ? ඒ වෙනුවට ඔබ ඇතුළු ඉස්ලාමිකයන් බහුතර සිංහල බෞද්ධයන් අතර කොච්චර අප්‍රසාදයට ලක්වෙලාද?

    2012/07/13 at 6:59 PM
    • Anver Manatunga says:

      මේ බ්ලොග් අඩවිය අසරණ වෙලාද? බංකොලොත් වෙලාද යන්න නිවැරදිව දන්නේ මා පමණයි. දැනට මේ වෙබ් අඩවිය දිනකට පිටු 2000කට ආසන්න සංඛ්‍යාවක් බලනවා. ෆේස් බුක් එකේ 1000 කට වඩා කැමැත්ත පලකර තිබෙනවා. මේ බ්ලොග් අඩවිය ආරම්භ කළ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා බැලු සම්පුර්ණ පිටු ගණන 125000ක් පමණ වෙනවා. දිනකට කමෙන්ට 15 ත් 20 ත් අතර එනවා. දැන් ඔබට කියන්න තිබෙන්නේ කුමක්ද?

      ඔබ වැනි ආගම්බේධ වාදීන් මේ රටට එරෙහි කුමන්ත්‍රණ කරුවන්. සැබෑ අවධානම පසෙකලා මුස්ලිම් වරුන් ගැන ජනතාව අතර වෛරයක් ගොඩ නැගීම ඔබලාගේ පටු අරමුණයි. එයින් බෞද්ධ මුස්ලිම් යුද්ධයක් ඇතිකර ඉන් මිනිසුන් මරා ගනිද්දී කිතුණු මිෂනාරීන් විසින් එට ගිලගනු ඇත. ඔබලා කුමන්ත්‍රණය කරන්නේ එයටයි.

      නමුත් අප සිටින තාක්කල් ඔබලා වැනි කුමන්ත්‍රණ කාරීන්ට එය කිරීමට ඉඩ නොදෙමු. අප මේ වන විටත් බහුතර සිංහල ජනතාව දැනුවත් කර අවසානයි. ආගම්බේධවාදීන්ගේ නිරුවත හෙළිකර අවසානයි.

      2012/07/13 at 7:42 PM
  • mohamed says:

    සහෝදරයා ඔවුන් ඔවුන්ගේ වැඩක් බලා ගත්තු දෙන් අපි අපේ වැඩක් බලාගම්මු ඔවුන් අන්‍යාගමික කරණය උනාට අපි එහෙම වෙන්නේ නෑනේ. එම නිසා අපි අපේ වැඩක් බලාගම්මු.අන්ත වාදී බවුද්දයන්ට වැඩිය කතෝලිකයන් හොඳයි ඔබට එය පෙනෙන්නේ නැද්ද?

    2012/07/13 at 7:58 PM
    • Anver Manatunga says:

      මෙතන ප්‍රශ්නය තිබෙන්නේ කතෝලිකයන් සමගවත් ප්‍රොතෙස්තන්ත කිතුණුවන් සමගවත් නෙමෙයි. ආක්‍රමණකාරී ඇමරිකානු ගැති මිෂනාරි ව්‍යාපාරයන් සමගයි. මේ මිෂනාරි ව්‍යාපාරයන් විසින් කතෝලිකයන් සහ පොතෙස්තන්ත නිකායන් වල අයත් ගිල ගන්නවා. මේ වන විට ලංකාවේ ප්‍රොතෙස්තන්ත කිතුණුවන් සිටින්නේ ඉතාමත් සුළුතරයක්.

      2012/07/14 at 5:22 AM
  • Mr. Who-2 says:

    I would like to see statistics on conversion rate and decline of Buddhist people. Without numbers, these kinds of claims are just claims and guesses.

    Even if this were to be true, people convert because they want to convert. Reasons behind the conversion could be intelligence, faith, emotions or economy, but they do convert because they want to. So what? Your (Anver) opinion is that conversion should be motivated by intelligent choice, but why should others be held on this standard?

    2012/07/13 at 8:24 PM
    • Anver Manatunga says:

      මේ කිතුණු නිකාය වලට කොපමණ ජනතාව එක් වෙනවාද? කියා සංඛ්‍යාලේඛන වලට හසු වන්නේ නැහැ. එය හරියටම දැන්ගන්න නම් මුළු ලංකාවේම ආගමික වශයෙන් වෙනම සංගණනයක් ගත යුතුයි. පොදු සංගණන වලදී මේ සංඛ්‍යාලේඛන අසු නොවේ.

      මිනිසුන් දහමක් වැලද ගන්නේ ඔවුන් කැමති නිසා. එය සත්‍යයක්. බොහෝ විට මෙසේ අන්‍යාගම්කරණයට ලක්වන්නේ මුස්ලිම් නොවන අයයි. ඒ නිසා අපට ඒ ගැන වදවිය යුතු නැහැ කියන ඔබගේ තර්කයත් ඇත්තක්. නමුත් වර්තමාන ලංකාවේ බොදුනුවන් කුමන්ත්‍රනකාරී ආගම්බේධවාදීන් විසින් මුස්ලිම් අයව ගෝණි බිල්ලන් මෙන් ජනතාවට පෙන්නුම් කරන්න උත්සාහ දරනවා. අප ඔවුන්ට සැබෑ ගෝනි බිල්ලන් කවුද? යන්න පෙන්නා දිය යුතුයි. එවිට මේ කුමන්ත්‍රණකාරීන් කාගේ හස්තයක්ද? කියා ජනතාව තීරණය කරනු ඇති.

      2012/07/14 at 5:31 AM
      • Mr. Who-2 says:

        @Anver,
        the regular census takes religion in to account, so there is no reason why these conversions are not detected with census- unless you know a reason why.

        2012/07/14 at 7:59 AM
        • Anver Manatunga says:

          එයට පිළිතුරු ඊලග ලිපි වලින් බලන්න.

          2012/07/14 at 8:06 AM
      • mohamed says:

        මුලින්ම දෙමළ අයට විරුද්දව ප්‍රචණ්ඩත්වය මුදාහැරිය ඊළගට මුස්ලිම් අයට විරුද්දව අවසානයට කතෝලික අයට විරුද්දව එකයි මේ අන්තවාදීන්ට උවමනා රටේ නැවත ජාතිවාදී යුද්දයකට ගෙනියන්න. ඒක තේරුම් ගන්න.එම නිසා අනුන්ගේ සීනි කිරන්න යන්න එපා. ඔබ දැන් හොන්ධ හිතකින් කියපුදෙවල් වලට ඔවුන් දාන කොමෙන්ට් දැක්ක නේ.

        2012/07/14 at 5:07 PM
        • Anver Manatunga says:

          සහෝදරයා, අපගේ ව්‍යායාමය විය යුත්තේ ඔවුන් අභියස තිබෙන තිමිර මායා පටලය බිද දමා නැවත ඔවුන් සිතන්නට පෙලඹවීමයි. එය ඉතා ලෙහෙසි දෙයක් නොවේ. නමුත් අසීරු වුවද එය කළ යුතුය. ඔවුන් සත්‍ය අවබෝධ කරගත් දාට ඔවුන්ව කිසිවෙකුට රැවටිය නොහැකි වනු ඇත.

          2012/07/14 at 7:02 PM
  • fathima says:

    wiwida loukika wasi nisa agam wenas karaganna aya ithin mona agame hitayath wedak neha. agama therum gena inna kenektai a agama alokamath karanna apuluwan. anith aya hitiyath nathath wedak neha. sathya agama ithuru wewi anith ewa nasi yawi. ekata maragatha yuthu naha. ratak akramanaya karanawa wage deyak nemei na meka. hoda buddiyak thiyena kenekta thamange dahama unath sathyada asathyada kiyala therum ganna puluwan enisa thama thaman thamange agamikayanwa thamange agama gana danuwath kalanam iwarai maraganne nathiwa.

    2012/07/13 at 10:28 PM
  • නසීර් එම්.එන්.එම් says:

    මෙය විෂබීජය පතුරුවන්නන්ට වහ කදුරු වැනි හෙලිදරව්වක් වනවාට කිසිම සැකයක් නැත. ඇත්ත තිත්ත බව කවුරුත් දන්නා කාරණයක් වුවත් අන්වර් මනතුංග යන නම දිරවන් නැති පුද්ගලයන්ට ඇත්ත නැත්ත කෙසේ වෙතත් මෙවැනි හෙලිදරව්වන්ට පහර ගැසීම් හා මඩ ගැසීම් තරම් සැපක් නොමැතිබව අපට පෙනෙන්නට ඇති කරුණකි.
    බොහෝ දෙනාට නොදැනුනාට මෙය මා‍ෆියාවක් ලෙස ලොව පුර ව්‍යාප්තව ඇති බව නොරහසකි.
    ෂයොනිට් වාදීන් විසින් ඉන්දුනීසියාව 2013 මුල වන්විට 50% කිස්තියානි කිරීමට මිෂනාරී දුතයන් දැනටමත් යවා ඇති බවට තොරතුරු නිකුත් වී ඇත..
    මූල්‍යමය වශයෙන් ඔවුන් ස්ඵාවර බවක් පෙන්වන අතර ආර්ඵික වශයෙන් හග හිගකම් ඇති පුද්ගලයන්ගේ අසරණකම් වලින් ප්‍රයෝජන ගැනීමට ඔවුන් ඉතා දක්ෂයය..
    මෙයයි ශ්‍රී ලාංකිකයන් හැටියට තර්ජණයක් ලෙස ගත යුත්තේ…..

    2012/07/13 at 10:50 PM
  • පුරවැසියා says:

    අන්වර් මනතුංග සහෝදරයා..
    පොඩි නෝට් එකක් දමන්න මෙම බ්ලොග් අඩවියේ සිටින සෑම දෙනෙකුටම පෙනෙන්න , එය නම් කවුරුන් හෝ සංවාදයකට එකතු වී කතිකාවන් ගොඩනගනවානම් මාතෘකාවට අදාලව හරියටම කරුණු ඉදිරිපත් කරන ලෙසට..
    කිහිප දෙනෙක් හැරෙන්නට වැඩි පිරිසක් ” කොහේද යන්නේ මල්ලේ පොල්….”

    2012/07/13 at 11:04 PM
    • Anver Manatunga says:

      ඔව් එය මම ඉක්මණින්ම කරන්න බලාපොරොත්තු වෙනවා.

      2012/07/14 at 5:56 AM
  • sana says:

    අර්සඩ් ගේ ප්‍රතිපත්තියට ජය වේවා! තමන් මකබෑවුනාට කමක් නෑ. විරුද්දවාදියාත් නැතිවෙන්න ඕනේ. ඔයාලවගේ අය තව තවත් මේ ලක් පොලවට අවශ්‍යයි. මේකට තමයි කියන්නේ මෝඩකමේ උච්චම අවස්තාව කියාලා.

    2012/07/14 at 2:48 AM
  • sana says:

    shaytan (ශ්ය්තාන්) ඔබේ නමටම ගැලපෙන මොලේ තියෙන කෙනෙක්. අසාර්ථක, පරාජය, ලජ්ජානත්කම කාටද? එකද තොප්පි දාගෙන ඔලු මාරුකරගෙන හාමුදුරුවොන්ට වඳින ෆොටෝ අරන් අන්තර්ජාලයේ දාගෙන, හරක් වලිගෙ එල්ලීගෙන මැරෙන්න හදන්නේ? අපි දන්නා තරමට ශය්ටන් දුස්ටයෙක් මිස මෝඩයෙක් නොවෙයි. ඔයා නම් අන්ත පල් මෝඩයෙක්.

    2012/07/14 at 3:05 AM
  • Gentoo5555 says:

    අන්වර් සහොදරයා මම කිසිවිටක මුස්ලිම් ආගම හෙල නොදකිමි. ලොව කිසිදු අගමක් සමජයට විශමදෙ කරන ලෙස ම දන්න තරමින් පවස නැත. බුද්ද දර්ශනය පිලිබදව ඔබ ඔබට ගැටලු සහිත විය හැක. ඔබට තර්ක ඉදිරි පත් කල  හැක . නමුත් මා මෙය ලියන්නෙ ඔබ සමග සන්වදයට පමිනිමට නොව. මක් නිසද ඔබ මුස්ලිම් ආගම තුලම සිට ජිවිතය හො ලොකය දෙස බලන්නෙක් බවින් මා මොන දෙ පවසුවත් එය ඔබට නොපෙනෙනු ඇත . හිතවත් සහොදරය මා මුස්ලිම් අගම අගය කරමි.  මා හට මුස්ලින් මෙන්ම දමිල මිතුරන් ද ඇත. මා කිසිවිටකත් තවකෙනෙකුන් අදහන දර්මයක පහත් කොට මොසිතමි. මුස්ලිම් අගම තුල පවතින්නා වු සහොදරත්වය මා ඉතා එහ්ළින් අගය කරමි. බුදු දහම  පිලිගන්නා මා දර්මය කර පින්නා ගෙන යනෙකු නොවෙ. මා දර්මය ඔරුවක් ලෙස ගෙන ජිවිත ගමන යන්නෙමි. මගෙ හැගිමට අනුව නිවරිදි දර්ම අවබොද්යක් ඇති පුද්ගලයින් ආවෙගකාරිද නොවෙ. කෙසෙ හොවෙවා මා අවසන වශයෙන් පවසන්නෙ අගම් බෙද ජතිබෙද වලින් තොරව අප ජිවත් විය යුතු බවයි.
    මුස්ලිම් ජතිකයෙක්වු මොහොදින් බෙග් මහතා ගයනා කල බොදු ගී සැම වෙසක් උත්සවකදිම අසෙවා. සුබ දවසක්.

    2012/07/14 at 5:22 PM
  • වීර පුරන් අප්පු says:

    අපේ සටන වෙනත් පැත්තකට යොමු කරන්න හදන්න එපා අන්වර්
    අපි ඕවට අහු වෙන්නේ නැ……….. තේරුනාද

    2012/07/14 at 10:02 PM
    • Anver Manatunga says:

      එදා වීර පුරන් අප්පුලා රටට විරුද්ධව සිටින විදේශීය බලවේගයන් හදුනාගෙන එයට විරුද්ධව සටන් කළා. නමුත් දැං සිටින ගොං පුරන් අප්පුලාට ඒක තේරෙන්නේ නැත. ඒ දැන් අපේ රටේ අය බොන්නේ නවසීලන්තයේ සාරවත් තනබිම් වල තන බුදින දෙනුන්ගෙන් එන කිරි වලින් නිසාය. ඔවුන් සාරය බී රොඩ්ඩ මෙහි එවති. අපේ අය ඒ රොඩ්ඩ බී එලදෙනට කිරි අම්මා කියා වදිති.

      2012/07/15 at 6:21 AM
      • ආශික් says:

        මගේ අදහස නම්,ක්‍රිස්තියානි මිෂනාරි වරුන් මේ වනවිට නැගෙනහිර සහ උතුරේ සිටින හින්දු ජන සමාජය තමන්ගේ ග්‍රහනයට ගෙන අවසන්ය. මේ ප්‍රදේශ වල සිටින බොහෝ හින්දුන් තැන කතෝලිකයන් වී අවසන්ය…….ඔවුන්ගේ කුමන්ත්‍රණයේ 2 වන අධියර ශ්‍රී ලංකික බෞද්ධ ප්‍රජාව අරබයා දියත් වෙමින්පවති,

        නමුත් අපට නොදැනී සිදුවන තවත් දෙයක් ඇත, එනම් සිංහලයින් සේ සිටිමින් සිංහල බෞද්ධ හා කතෝලික යන සමාජ 2 අතර සිදුවන විවාහයන්……මෙහිදී විවාහ වන්නා ස්ත්‍රිය වුවද පුරුෂයා වුවද, ඔවුන් කිසි විටෙක බුදු දහම වැලද නොගනිති……සිදු වන දෙය නම් 75% ක්‍රිස්තියානීන් වීම හා 25% තම තමන්ගේ ආගම ඇදහීමයි….මෙම 25% අතර ඉපදින දරුවන් බොහොමයක් කතෝලිකයන් බවට පත වෙති…..මෙමෙ කතෝලිකයන්ට මුස්ටීම් අපට නැති හොද ආයුදයක් ඇත, එය නම් අපි සිංහල යන්නයි…

        අවසාන වශයෙන් කීමට ඇත්තේ සිංහල නමැති වෙස් මුහුණ පැළද ගත් කතෝලිකයින් විසින් බෝද්ධයන්ගේ අගේ සිට කණ කන බවයි…..

        2012/07/15 at 12:42 PM
  • Mawahib says:

    Perhaps those who disbelieve will wish that they had been Muslims
    Let them eat and enjoy themselves and be diverted by [false] hope, for they are going to know.
    And we did not destroy any city but that for it was a known decree
    No nation will precede its term, nor will they remain thereafter.
    And they say,”O you upon whom the message has been sent down, indeed you are mad.
    Why do you not bring us the angels, if you should be among the truthful?”
    We do not send down the angels except with truth; and the disbelievers would not then be reprieved.
    Indeed, it is we who sent down the Qur’an and indeed, we will be its guardian.
    Al Qura’n

    2012/07/15 at 4:25 PM
  • Chamith says:

    what ever anver says here, i am 95% agreed. there is a threaten muslim population increase, but they have right to do this. without scolding them buddhsit people should increase birth rate. what our people do, scolding others do not practice.

    2012/07/16 at 8:35 AM
  • Nip says:

    It is ok , Cz . both religion( Buddhism and Christian) saying about peace.. and we ppl can live together , There is no large difference in the cultures, But Muslim?? No we cant, Cz some day they will implement Sharia , So our mothers sisters will have to wear hijab… ? we dont want that.. In any christian country we can follow buddhism, But any muslim country ? Can we? No

    2012/07/24 at 11:12 PM
    • Anver Manatunga says:

      ඉස්ලාම් යන නම සෑදී ඇත්තේ සලාම් යන වදනයෙනි. එහි අරුත සාමයයි. අප විසින් අස්සලාමු අලෛකුම් යනුවෙන් පවසන විට එහි අරුත නම් ඔබට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා යනුවෙනි. ඉස්ලාම් විසින්ද ‍‍පෙන්වා දුන්නේ සාමයට මගකි.

      ඔබ කිතුණු දහම ගැන කියා තිබෙන දේ කියා ඇත්තේ නොදැනුවත් කමින් බව පෙනේ. බයිබලයේ 1 කොරින්ති 11 පරිච්ඡේදයේ 6 වන පදයේ කියවෙන්නේ කාන්තාවක සිය හිස වසා නොගන්නවා නම් තට්ටය ගාන ලෙසයි. ඒ බයිබල් පදයේ අරුත සිංහල බයිබලයකින් ඔබට පෙන්වා දෙන්නට මට අවස්ථාවක් නැත්තේ මා දැන් සිටින තැන සිංහල බයිබලයක් නොමැති බැවිනි. සිංහල බයිබලයක් ගෙන මේ පාඨය කියවා බලන්න.

      2012/07/25 at 3:35 PM

Your email address will not be published. Required fields are marked *

*