මා විසින් ඊයේ දිනයේදී පලකරන ලද ලක්දිය බුදු දහම අභියස තිබෙන සැබෑ අවදානම පිළිබඳ අන්වර් මනතුංග ගේ විශේෂ හෙළිදරව්ව යන ලිපියට විවිධ ආකාරයේ ප්‍රතිචාර ලැබී තිබුනා. සමහරු පවසන්නේ මේ මිෂනාරීන් ක්‍රියාත්මක වුවද එය ලක්දිව ආගමික සංඛ්‍යාලේඛන වෙනස් කරන්නට තරම් බලපෑමක් නොවු බවය. නමුත් මා පවසන්නේ ලංකාවේ ආගමික ජනසංඛ්‍යා ලේඛන දත්ත වැරදි බවයි. නිවැරදි ආගමික ජන සංගණනයක් තබා එම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන ලෙස මම අභියෝග කරමි.
පසුගිය කාලයේ අප රටේ පැවැත්වුණු අසන්නතම ජන සංගණනයේද නිසි පරිදි ආගමික ජන සංඛ්‍යාව සටහන් වීම නොකෙරුණි. බොහෝ ග්‍රාමීය පෙදෙස් වල ජනතාවගෙන් තමන්ගේ දහම කුමක්ද? යන්න නොඅසා බෞද්ධ, හින්දු හෝ කතෝලික යැයි සටහන් කරගෙන ඇත. එයට ප්‍රධානතම හේතුව නම් එම ප්‍රදේශ වල ප්‍රාදේශීය ආගමික බල අධිකාරියන් දේශපාලනය හා බද්ධව තිබීමත්, සංගණන නිලධාරීන් අතර ආගමික අන්තවාදීන් සිටීමත්ය. අප විසින් විමසන ලද ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් පැවසුයේ ඔවුන්ගේ ආගම කුමක්දැයි නොඇසු බවයි. ඔවුන් විසින් වැරදි දත්ත සටහන් කරගෙන ආගමික ජන සංඛ්‍යාව පවත්වාගෙන යාමට උත්සාහ දරන මුත් ඉන් සිදුවන්නේ අන්‍යාගම් කරණයේ සැබෑ තතු ජනතාවට හෙළි නොවීම නොවේද? අනෙක් අතින් සංඛ්‍යා ලේඛන වලින් ආගමික ජන සංඛ්‍යාවන් වෙනස් වුවද රජයට එය හෙලි කිරීමට අපහසු වනු ඇත. මන්දයත් එය ආගමික අන්තවාදීන් අවුළුවන්නක් විය හැකි බැවිනි.
දැන් අපි මාතෘකාව දෙසට හැරෙමු. අපේ රට තුල තිස් වසරක කුරිරු ත්‍රස්තවාදී අරගලයක් තිබුණි. මේ ත්‍රස්තවාදී අරගලයට පෙර ලංකාවේ බහුතරය බොදුනුවන් ලෙසද ඊලඟ බහුතරය හින්දු වරුන් ලෙසද සිටියා ඔබට මතක ඇත. එනම් දකුණේ බහුතරය බොදුනුවන් ලෙසද උතුරේ බහුතරය හින්දු වරුන් ලෙසද පැවතුණි. යුද්ධයට පෙර අප උතුරට ගොස් තිබුනා නම් අප එහි දුටුයේ තැන තිබුණු හින්දු කෝවිල්ය. දැන් තිස් වසරක යුද්ධය අවසානයේ උතුරේ හින්දු දහමට සිදු වී තිබෙන්නේ කුමක්දැයි ඔබ දන්නවාද? අද යුද්ධයෙන් පසුව අප උතුර ගැන බලන කල උතුරේ හින්දු ජනගහණය සේදී ගොස් ඇත. එහි හැම තැනම ඉදිවන්නේ කිතුණු පල්ලිය. ඒ 9 මාර්ගයේ අද යන කෙනෙකුට පාර දෙපස කොපමණ කිතුණු පල්ලි ඉදි වී තිබෙනවා දැයි දැකගත හැකි වනු ඇත. එසේ නම් තිස් වසරක යුද්ධයෙන් වාසි සැලසී ඇත්තේ කාටද?
අප රටේ පසුගිය තිස් වසරක යුද්ධ කාලයේදී වරින් වර ලංකාවට ඉන්දියාවෙන් සහ බටහිර රට වලින් විශාල වශයෙන් කිතුණු මිෂනාරීන් පැමිණුනි. ඔවුන් විසින් ලංකාවේ නොයෙකුත් ස්ථාන වලදී දේශයේ සාමයට යැයි කියමින් (බහුල වශයෙන් උතුරු නැගෙනහිර) එළිමහන් රැස්වීම් Crusades පවත්වමින් ලක්දිව බොදුනුවන් සහ හින්දු වරුන් කිතුණු දහමට හරවල ලදී. මෙහිදී බොදුනුවන්ද හැරවුණු නමුදු විශාලතම බලපෑම සිදුවුයේ හින්දු දහමටයි. මෙහිදී සිදුවන අනර්ථය කොටි නායක ප්‍රභාකරන් දැන සිටියද ඔහුට කළ හැකි කිසිවක් නොවීය. මන්ද ඔහු එයට එරෙහි වුවහොත් බටහිර රටවල් ඔහුට එරෙහි වනු ඇත. එමෙන්ම කැනඩාව වැනි රටවල මෙම මිෂනාරි ව්‍යාපාරයන් ඉතාමත් ප්‍රබලය. එම රටවල කොටි ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමට නම් මේ මිෂනාරි වරුන් සමග ප්‍රශ්න ඇති කරගැනීම ඔහුට හිතකර වුයේ නැත.
දැන් මා මෙවැනි සියළු විස්තර ඔබ හමුවේ තබන්නේ ඇයි? එයට හේතුව නම් අපේ රටට පැමිණෙන්නට හදන ඊලඟ කුමන්ත්‍රණය ඔබට පෙන්වා දීමටයි. ඔවුන්ගේ ඊලඟ ඉලක්කය නම් ලංකාව තුල බෞද්ධ මුස්ලිම් අරගලයක් ඇති කිරීමයි. මෙවැන්නක් ඇති වී බෞද්ධයන් සහ මුස්ලිම් වරුන් මරා ගන්නා කල ඔවුන් “සාමය සාමය” යැයි කියමින් ජනතාව අන්‍යාගම් කරණයට ලක්කරනු ඇත. මෙහිදී මුස්ලිම් වරුන් අන්‍යාගම්කරණයට අපහසු නිසා සිදුවනු ඇත්තේ බොදුනුවන් අන්‍යාගම් කරණයට ලක් වීමයි. යුද්ධයක් නිසා ජනතාවටද එය එතරම් නොතේරෙනු ඇත. අවසානයේ එවැනි යුද්ධයකින් ජය ලබන්නේද මේ මිෂනාරි වරුන් නොවේද?
ලක්දිව බොදුනු ජනතාව අතර සිටිමින් ඔවුන් අතර ආගම්බේධය ඇති කරවන පිළිලයන් හඳුනා නොගත්තේ නම් මෙම අවධානම අප අභියස ඇත. අප අතර යුද්ධ ඇතිකර බටහිර පාලකයන් අපට ආයුධ විකුනා තමන් තරවෙමින් ලක්දිව තිබෙන ආගම්ද අතුගා දමනු ඇත. ඒ සඳහා බටහිර ඔත්තු සේවාවන් විසින් ඕනෑ තරම් මුදල් යොදවනු ඇත. මේ ඔත්තු සේවා වල අතකොළු වෙමින් ජනතාව අතර ආගම්බේධ වාදය පතුරවන අය දේශද්‍රෝහීන්ය. ඔවුන් අන්තර්ජාලයේ සිංහයන්ගේ පිංතුර දමාගෙන සිටින හිවළුන්ය. අප ජනතාවගෙන් ඉල්ලන්නේ සිංහයන් වෙස් ගෙන සිටින මේ සිවළුන්ට අසු නොවී සැබෑ දේශහිතෛෂීන් වන ලෙසයි.
වෙනත් ලිපි
ලක්දිව බුදු දහම අභියස ඇති සැබෑ අවධානම පිළිබඳව අන්වර් මනතුංග ගේ විශේෂ හෙළිදරව්ව

Mr. Who-2 says:
//එයට හේතුව නම් අපේ රටට පැමිණෙන්නට හදන ඊලඟ කුමන්ත්‍රණය ඔබට පෙන්වා දීමටයි. ඔවුන්ගේ ඊලඟ ඉලක්කය නම් ලංකාව තුල බෞද්ධ මුස්ලිම් අරගලයක් ඇති කිරීමයි.//
although you claim a conspiracy is coming from Christians, overwhelming majority of the hate towards muslims are coming from extremist Buddhists. Even if I don’t mention the names of these extremist groups, we know who they are and who the leaders are – and all of them are Buddhists who hate not only muslims but also western/christian influence. Therefore your theory doesn’t make sense.
also thanks for details about biased census.
Anver Manatunga says:
බොහෝ දෙනෙක් සිතන්නේ මෙම ප්‍රශ්නය ඇති කරන්නේ ආගම්බේධවාදීන්/බොදුනු අන්තවාදීන් කියායි. එහි යම් දුරකට සත්‍යයක් තිබේ. නමුත් එය පසුව මහා විනාශයක් දක්වා ගෙන යන්නේ සහ එයට ආයුධ දෙන්නේ බටහිර කුමන්ත්‍රණ කරුවන්ය. අප විසින් එය වටහා ගත යුතුය. අරාබි වසන්තය ඇතිවු රටවලද සිදුවුයේ මෙයයි.
අපි නිදසුනක් බලමු. උතුරේ යුද්ධය අවසන්වී ඊලග මැතිවරණයට විපක්ෂයේ නියෝජිතයා වුයේ සරත් ෆොන්සේකා මහතාය. නමුත් ඔහුව විදෙස් අතකොළුවක් කරගනිමින් බටහිර රටවල් කරන්නට හැදූ උපක්‍රමය ගැන ඔහුවත් නොදැන සිටින්නට ඇත. නමුත් පසුව එය ව්‍යර්ථ වී ඔහු පැරදුනි. සරත් ෆොන්සේකා මහතා සිරගත විය. ඇමරිකාව සෘජුවම ලංකා රජයට මානව හිමිකම් චෝදනා එල්ල කරන්නට පටන් ගන්නා ලදී. ලංකාව නැවත ඇමරිකාව සමග ඇයිහොදයිකම් පවත්වන්නට පලමුව කළේ කුමක්ද? සරත් ෆොන්සේකා මහතාව නිදහස් කිරීම නේද? එයට බලපෑම් කළේ කවුද? නමුත් බටහිර කුමන්ත්‍රණ කරුවන් විසින් සරත් ෆොන්සේකා මහතාව සිය අතකොළුවක් කරගන්නට උත්සාහ දැරූ බව ඔහු අදටත් විශ්වාස නොකරනු ඇත.
ලංකාවේ ආගම්බේධවාදී ප්‍රශ්නය ඇති කරන්නට මුලික වුයේ බොදුනු සමාජයේ සිටින අන්තවාදීන් වුවද ඔවුන්ව විදෙස් හස්තයන් විසින් රූකඩ ලෙස පාලනය කරන විට එය ඔවුන්වත් නොදනී.
Mr. Who-2 says:
//නමුත් එය පසුව මහා විනාශයක් දක්වා ගෙන යන්නේ සහ එයට ආයුධ දෙන්නේ බටහිර කුමන්ත්‍රණ කරුවන්ය//
ඇතැම් බටහිර රටවල නායකයන් අධිරාජ්‍යවාදී ක්‍රියා පිලිවෙත් ගෙනයන බව සැබෑය. එම ක්‍රියා පිලිවෙත්වල බලපෑම දේශපාලන සහ ආර්ථික වේදිකාවල දැක ගත හැක.
නමුත් ඔබ පවසන පරිදි, බෙදුම්වාදී බෞද්ධයන් නටවන්නේ විදේශ බලවේග බව පිලිගැනීමට සාක්ෂියක් නොපෙනේ. බටහිර ප්‍රවෘති මගින් මුස්ලිම් අය ගැන ඔවුන් තුල විවිධ අදහස් ඇතිවී තිබෙන නමුත්, ඔවුන්ගේ වෛරයට ප්‍රධාන හේතුව වී ඇත්තේ බටහිර මාධ්‍ය වල පල නොවන විකෘතී අදහස් නිසාය. උදාහරන ලෙස අරාබියේ රහතුන් ඝාතන මිත්‍යාවත් , දබුල්ලේ නීති විරෝධී යැයි කියූ පල්ලිය පෙන්විය හැක. මෙවැනි අදහස් බිහිවන්නේ රට තුලින් මිසක් බාහිරින් නොවේ.
එසේ නම් බෙදුම් වාදීන්ව නටවන්නේ විදෙස් හස්තයක් යැයි කිව හැක්කේ කෙසේද?
Anver Manatunga says:
ඕනෑම රටක ප්‍රශ්නයක මුල හට ගන්නේ එම රටේ ජනතාව අතරයි. නමුත් ඒ ගැන ජාත්‍යන්තරයට ආරංචි වු පසුව එයින් ප්‍රයෝජන ගැනීමට ඔවුන් කටයුතු කරති. නිදසුනක් ලෙස කොටි ප්‍රශ්නය ඇරඹුනේ ලංකාව තුලමය. නමුත් පසුව ඒ සටන්කාමීන්ට පුහුණුව ලැබුණේ ඉන්දියාවෙනි. ඔවුන්ට මුදල් ආධාර ලැබුනේ බටහිර රටවලිනි. පවතින රජයන් විසින් කොටි විනාශ කිරීමට කටයුතු කළ සෑම අවස්ථාවකදීම ඉන්දියාව සහ බටහිර රටවල් එයට විරුද්ධව බලපෑම් කළා.
දැන් මේ ආගම්බේධ වාදීන් සිටින්නේ එම තත්වයේම ප්‍රාථමික අවස්ථාවේයි. ඔවුන්ට මුස්ලිම් වරුන් කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් සහ ඊර්ෂ්‍යාවක් ඇත. නමුත් ඔවුන් ඒ සදහා කටයුතු කිරීමට ක්‍රමවේදය නොදනී. ඒ නිසා ඔවුන් බටහිර ආදර්ශයට ගනිති. ඔවුන්ගේ මුස්ලිම් විරෝධී වෙබ් අඩවි දෙස බලන්න. ඔවුන් ඉස්ලාම්ට විරුද්ධව ගෙනෙන විකෘති මත සියල්ලම ඉංග්‍රීසි වෙබ් අඩවි වලින් කොපි කරන ලද ඒවාය. අන්තර්ජාලය තුල මෙම මතවාදයන් වපුරා දැමුවේ කවුරුන් විසින්ද?
ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුදු පිළිම වසර දහස් ගණනක් එම රටේ පැවතුණි. නමුත් තලේබාන් පාලන යුගයේ එය සංරක්ෂණයට යැයි ප්‍රශ්නයක් ඇති කරමින් එම බුදු පිළිම තලේබාන් වරුන් අතින් පුපුරුවා දැමීමට පුධාන දායකත්වය දුන්නේ යුනෙස්කෝ සංවිධානයයි. මෙමගින් ඔවුන් උත්සාහ දැරුවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව බෞද්ධ රටවල ජනතාව තුල වෛරයක් සහ ක්‍රෝධයක් ජනිත කරවීමයි. ඔවුන් විසින් මෙවැනි ක්‍රියා රාශියක්ම සිදුකර ඇත.
අද තායිලන්තයේ, බුරුමයේ සහ ලංකාවේ මුස්ලිම් වරුන්ට එරෙහිව බලවේග රැස්වන්නේ එකම ආකාරයකටය. ඉන්දියාවේ හින්දු අන්තවාදීන්ද එසේමය. මෙහිදී මුස්ලිම් වරුන්ට සිදුවන අකටයුතු කම් ගැන ජාත්‍යන්තරය විසින් හඩක් නොනගති. අද බුරුමයේ රෝහින්ග්‍යා මුස්ලිම් වරුන්ව ඝාතණය කරමින් කරන විනාශය ගැන කථා කරන මානව හිමිකම් සංවිධාන ඉතාමත් අල්පයකි. නමුත් මුස්ලිම් වරුන් විසින් අකටයුත්තක් කළේ නම් එය වහා ප්‍රසිද්ධ කරති.
අනෙක් අතින් අපේ රටේ ආගම්බේධවාදීන් දැන් බටහිර රටවල් සමග අත්වැල් බැදගෙන ඇති බව ඔබ දන්නවාද? ඒ පරිසරය සුරකින මුවාවෙනි. පරිසරය සුරකින සංවිධානයන් අප රට තුල අතීතයේ පටන්ම පැවතුණි. නමුත් ඔවුන්ට ජාත්‍යන්තර පිළිගැනීමක් නොතිබුණි. නමුත් දැන් අප රටේ කොටසකට ඒ පිළිගැනීම ලැබී ඇත. ඒ ආගම්බේධ වාදීන්ටය. ඔවුන පිටරට වල පරිසර සමුළු වලට විදෙස් ශිෂ්‍යත්ව වලට රිසි පරිදි යති. ලංකාවේ මිහිකත හෝරාවල් පැවැත්වුයේ කවුද?
Brother says:
//…..තලේබාන් වරුන් අතින් පුපුරුවා දැමීමට පුධාන දායකත්වය දුන්නේ යුනෙස්කෝ සංවිධානයයි//
මේ සම්බන්ධව ඔබ සතු මූලාශ්‍රයන් ඇත්නම් මා හට ඉදිරිපත් කල හැකි වේද?
Anver Manatunga says:
තලේබාන් රටවැසියන්ගේ පෝෂන සහ අධ්‍යාපනය නැංවීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ආධාර ඉල්ලද්දී ඔවුන් කළේ යුනෙස්කෝව හරහා බුද්ධ ප්‍රථිමා සංරක්ෂනය සදහා කෝටි ගණනක මුදලක් වෙන් කිරීමයි. තලේබාන් ප්‍රකෝප කිරීමට හේතුව මෙයයි. නමුත් මම මෙයින් තලේබාන් වරුන් කළ විනාශය සාධාරණය කරන්නේ නැහැ.
mohamed says:
සහෝදරයා මම හිතුවේ ඔබ බුද්ධිමත් කියලයි. ඔබට තේරෙන්නේ නැද්ද?මොවුන් දෙමළ මිනිසුන්ට පහර දීගෙන හිටපු නිසයි අපිට ඒ කාලයේ කරදරයක් උනේ නැත්තේ.දැන් උද්දේ ඉවර උන නිසා මුස්ලිම් අයට පහර දෙන්නයි හදන්නේ.දෙමළ තරුණියන් දුෂණය කලා වගේ මුස්ලිම් තරුණියනුත් දුෂණය කරලා මරල දැම්මට පස්සේ තමයි ඔබට මේක තේරෙන්නේ.මුස්ලිම් මිනිස්සුන්ගේ දේපල මංකොල්ල කන්න හදන අලුත්ම ප්ලෑනක් තමයි මේක බොරුවට බොදුබල සේනාව ‘සිංහල රාවය වගේ නම් ගෙන හිටියට ඒගොල්ලන් කරන්න හදන්නේ එක තමයි.ඒ ගොල්ලන් කවදාවත් පාලකයෝ කරන වැරදි දේවල් වලට මොකුත්ම කියන්නේ නෑ නේද? ඒක්ම තේරෙන්නේ නැද්ද මොවුන්ගේ යටි අරමුණ. ලංකාවේ මෙච්චර ළමා අපචාර වෙනවා ඒ ගැන වචනයක් වත් කියන්නේ නෑ. මොකද වැඩිපුරම පන්සල් වල ඒවා වෙන නිසා.රටේ කැසිනෝ පනත වගේ දේවල් වලට හෙළ උරුමේ ඇත උස්සල පස්සේ බොරුවට් ජාති වාදය විකුණගෙන කනවා.
Anver Manatunga says:
ලංකාව තුල බොදුනු සහ මුස්ලිම් වරුන් අතර ප්‍රශ්න ඇතිවු මුල් යුගය කුමක්ද? ඒ බටහිර පාලකයන් විසින් අපේ රට පාලනය කළ යුගයයි. ඊට ප්‍රථම අපේ රටේ සිංහල මුස්ලිම් කෝලාහල හෝ ගැටුම් ගැන වාර්තා වෙන්නේ නැහැ. ජනතාව ජාතීන් වශයෙන් බෙදා බේධකොට පාලනය කිරීමෙන් ඇතිවන වාසි දුටු බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ඒ මත ජනතාව අතර ඇති කළා. අධිරාජ්‍යවාදීන්ගේ ලණු ගිල්ල එකල සිටි සමහර අපේ දේශීය නායකයන් විසින් ජාති සහ ආගම්බේධවාදී අදහස් පලකරන්න පටන් ගත්තා. එදා එවැනි අය කියු වදන් තාමත් අපේ සමහර බෞද්ධ අය අතර සිටින අන්තවාදීන් උපුටා ගන්නවා.
අපේ රටේ දැන් ඇතිවී තිබෙන ආගම්බේධවාදී රැල්ල දේශීයව නැගුන එකක් එය මමද පිළිගනිමි. නමුත් ඒ දඩමීමා කරගෙන විදෙස් බලවේග විසින් රට අරාජික කිරීමට යත්ත දරති.
Mr. Who-2 says:
//අපේ රටේ දැන් ඇතිවී තිබෙන ආගම්බේධවාදී රැල්ල දේශීයව නැගුන එකක් එය මමද පිළිගනිමි. නමුත් ඒ දඩමීමා කරගෙන විදෙස් බලවේග විසින් රට අරාජික කිරීමට යත්ත දරති.//
I could agree with this.
the main motivation would be money (from arms sale) and power (from destabilization).
muja says:
අපේ රටේ මුස්ලිම් නායකයන්ට කොන්දක් නැත. ඔවුන්ට පුළුවන් ජාතිවාදයට අනුබලදෙන වෙබ් අඩවි වලට නඩු දමන්න. ලංකාවේ FACE BOOK තහනම් කල යුතුය.
Anver Manatunga says:
මා සිටින්නේ ඊට වෙනස් මතයකයි. කිසිවක් තහනම් කළ යුතු නැත. කළයුත්තේ මිනිසුන් බේධ කරන අයට එරෙහිව කටයුතු කිරීමට නීති තද කිරීමයි. ඒ සදහා නීති ආයතන ස්ථාපනය කිරීමයි. ලොව බොහෝ රටවල් එසේ කර ඇත.
Brother says:
මුස්ලිම් නායකයන්ගේ කිසි දෙයක් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. බලාපොරොත්තු වෙන්න හොඳ නායකත්වයකුත් නැහැ. ඔය පෙන්නේ නැද්ද? නැගෙනහිර මහ ඇමති කමට පොර බඳින එක. අන්තිමට වෙන්නේ ජේ.ආර් කියපු විදිහට තමන්ගේ ආරක්ෂාව තමන්ටම සලසා ගන්න එක විතරයි.
මොකක් වුනත් වෙබ් අඩවි තහනම් කිරීමට උත්සහ ගන්න එක බොරු වැඩක්. ඒකෙන් වෙන්නේ ඔවුන් තව තව ප්‍රසිද්ධ වෙන එක. කලයුත්තේ ඔවුන් අන්තර්ජාලය තුලටම සීමා කිරීමට නීතී ගෙන ඒම. අන්වර්ගේ මතයට මාත් මෙතන එකඟවෙනවා.
kiyas says:
ඊශ්රායල් තානාපති කාර්යාලයක් විවෘත කරන්න යනව කියලා කසු කුසුවක් තියනවා!
ඊශ්රායල්වරුන් අවුරුදු ගණනාවක සිට පලස්තීනයේ ජීවත්වන මුස්ලිම් ජනතාවට අමානුෂික ලෙස වදහිංසා පමුණුවන ජාතියකි.
මේ හේතුව නිසා ඊශ්රායලය, ලොව ජීවත්වන සියළුම මුස්ලිම්වරුන්ගේ පිළිකුලට ලක් වී තිබේ.
කලකට පෙර ශ්රීලංකා පලස්තීන මිත්රත්ව සංගමයේ සභාපති වූයේද මහින්දය. එදා පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහින්ද කථා කළා.
අද ඒ මහින්දම ඊශ්රායලය ගෙන්වන්නට තීරණය කර තිබෙනවා. එදා මුස්ලිම්වරුන්ගේ ඡන්දය බලාපොරොත්තුවෙන් මහින්ද රඟපෑමක් කළා. මං හිතන විදියට මිනිහට දැන් මුස්ලිම්වරුන්ගේ ඡන්දය අවශ්ය නැතුව වගේ.
මීට පෙර වතාවක ඊශ්රායල් හමුදාව ලංකාවේ හිටපු කාලයේදී, එකම ස්ථානයකදී උදේට එල්.ටී.ටී.ඊ. එකටයි හැන්දෑවේ රජයේ හමුදාවන්ටයි පුහුණු දුන්න කියන කථාව කවුරුත් දන්නා කරුණකි.
ඊශ්රායලය අමෙරිකාව නැමති ත්රස්තවාදියාගේ චණ්ඩි කොල්ලාය. මෙම චන්ඩි කොල්ලා ලංකාවට ඇවිත් ඩබල් ගේම් ගහපු එක ගැන අපේ ලොක්කට මතක නැතුව වගේ.
රටක ජනතාවක් සාමයෙන් ජීවත්වෙනවා නම්, මෙම ඇමරිකාවට හා ඊශ්රායලයට නින්ද යන්නේ නෑ. හේතුව ආයුධ නොවිකිණීමය. මොවුන්ගේ කුමන්ත්රණය බොහෝ දුරට අරාබි රටවලට බලපෑ හමාරය.
ලංකාවට ඊශ්රායලය ගෙන්වා ගැනීම පාරේ යන සර්පයෙකුව ඔඩොක්කුවේ දාගන්නා ක්රියාවට සමානය. හරි මොනවාද වෙන්නේ කියා ඉවසීමෙන් බලමු.
sana says:
සහෝදරයා, ලංකාවේ ආගමික යුද්දයක් පටන්ගත්තොත් සතුටුවන පලවෙනි කොටස් හැටියට සියෝනිස්ට් වරු හා බටහිර රටවල් කියන එක ඇත්ත. නමුත් එවෙනි තත්වයකට මුලපුරන්නේද මෙහි සිටින සිංහල බෝව්ද අන්තවාදී කොටස් නොවෙයිද. මෑත කාලයේ මෙරට මුස්ලිම් වරුන්ට හා ආගමික මද්යස්තානවලට විරුද්දව කරපු ක්‍රියාවලියන් වල ඉදිරයේ හා පිටුපස සිටියේ හා සිටින්නේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන හෙළ උරමය නොවෙයිද. දඹුල්ල, දෙහිවල, කුරගල, අනුරාදපුර,කුරුණෑගල වෙනි ප්‍රදේශවල සිද්දීන් වල හෙළ උරුමයට අයත් ඇය මුල් තැන ගත්තේ නැද්ද? මෙහි සිද්දීන් උදය ගම්මන්පිල හා අනෙක් අය විසින් සාදාරනීය කළේ නැද්ද? ඔබ, රනිල් විසින් කොළඹ කිරිස්ත්යානි නිකායකට අයත් දෙදෙනෙකුට ආසන පිරිනැමීම ගැන නිතර ලිපිවල සඳහන් කරනවා. නමුත් ලංකාවේ මුස්ලිම් වරුන්ගේ ආගම ඇඳහීම අයිතිය අබියෝගයට ලක්කරන ආණ්ඩුවේ කොටස්කරුවන්ගේ ක්‍රියාකාරකම් රජයේ ඉහලම කොටස් විසින් නිස්සබ්දව අනුමත කිරීම් ගැන සඳහන් කරන්නේ නෑ. කෙසේ වෙතත් ලංකාවේ පසුගිය රජයන්ට වඩා මෙ රජය බලයේ සිටින කාලයේ තමයි මුස්ලිම් ජනතාව වැඩිම ප්‍රශ්නවලට මුහුණ දුන්නයි කියන එක පිළිගන්න ඕනේ. ලක්බිම, මව්බිම, දිවයින වැනි රජයට පක්ෂපාති මාද්‍ය හරහා තවමත් අපට නිරන්තරයෙන්ම බොරු ප්‍රචාර, සුළු සිද්දීන් ලොකුවට මවා පෙන්වමින් මුස්ලිම් අපට පහර ගහනවා. දිවයින පත්තරේට ලෝකේ කොච්චර ප්‍රශ්න තිබුනත් මුස්ලිම් ත්‍රස්තවාදී සන්ග්විදානයක් ගෙන ලියන්නේ නැතුව නින්ද යන්නේ නෑ. මව්බිමටත් ඒ වගේ තමයි. විමල්ගේ චී නිව්ස් එක ඊට හපන් ඔබම කිහිප වතාවක් චී නිව්ස් ගැන ලියල තියනවා. ආගම් වාදය පතුරවන වෙබ් අඩවි නිදහසේ වඩා කරගෙන යනවා. නමුත් ආණ්ඩුව විවේචනය කරන ඒවා තහනම් කරනවා. මේවා ඉදිරයේ විරුද්ද පක්ෂයට පමණක් ඇඟිල්ල දිගු කරන එක අසාදාරණයි කියන එකයි මගේ මතය.
Anver Manatunga says:
ආගම්බේධය ඉහල පටන් පහලටම තියෙනවා. කාගෙත් ඉතිහාසය හදාරා බැලුවොත් එය පැහැදිලි වෙනවා. මම ඒවාට වක්‍රාකාරව පහර ගසලත් තිබෙනවා. නමුත් සෘජුව නොගසන්නේ එමගින් අපගේ ව්‍යායාමය ලත් තැනම ලොප් විය හැකි නිසයි. ඒ නිසා මා කරන්නේ රජය තුල සිටින ආගම්බේධවාදීන් සොයා ඔවුන්ට පහර දීමයි.
sana says:
මොවුන් විසින් මේ කරගෙන යන ආගම් බේදවාදී ක්‍රියාවන් ඔවුන් විසින් නොදැනුවත්ව කරගෙන දෙයක් නොවෙයි. ඔවුන් හොඳාකාරවම දන්නවා මෙවැනි දේ වලින් මොවුන්ම තමයි විනාස වෙන්නේ කියා. නමුත් ඔවුන් හිතේ තිබෙන වෛරය නිසා අපි විනාස වුනාට කමක් නෑ මොවුන්වත් විනාසකරගෙන කියා අදිස්ටානයෙන් ඉන්න අය. හරියට මරාගෙන මැරෙන කොටි වගේ. මස් කෑම ගෙන කොමන්ට්ස් ලියනවා, ඒවාට ඔවුන්ගේ ආගමික ග්‍රන්ථ උපුටා දක්වමින් පිළිතුරු දුන්විට පහුවදාට ඒ නැවතත් ආයේ පටන්ගන්නවා.
Brother says:
කාරණේ පැහැදිලි නේද? මේ ටික අද, ඊයේ හදිස්සියේ පටන් ගත්තක් නොව කාලාන්තරයක් තිස්සේ සැලසුම් කරලා පටන් ගත්ත එකක්. මට මතකේ හැටියට එක්තරා වෙබ් අඩවියක මා දුටුවා අන්තවාදීන්ගේ ප්‍රකාශයක්. ඒක කරලා තිබ්බේ යුධ කාලයේදී. ‘මුලින්ම දෙමලූ ඊට පස්සේ තම්බීන්’ කියලා. ඉතින් එහෙව් උන් එක්ක කොහොම සංවාදයක් බලාපොරොත්තු වෙන්නද? මොවුන් ක්‍රියාත්මක වන්නේ පැහැදිලි අරමුණක් එක්ක. මොවුන්ට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා.
kiyas says:
නුවර තිබෙන මීරාමක්කම් පල්ලිය අස්ගිරි විහාරයට අයත් භූමියේ තබෙන බව ළඟදී අපේ ජනාධිපතිවරයා කියලා තිබුණා.
මෙම කීමේ පිටු පස තිබෙන ඇත්තක්ද සෑම දේශපාලකයෙකුම දැනගත යුතුව ඇත. එනම් මෑත කාලයේදී, සිංහල රජවරු තමන්ගේ පූජනීය ප්රදේශයකට අයත් ප්රදේශවල පවා මුස්ලිම් පල්ලි ඉදිකිරීමට ඉඩ දී ඇති බව පෙනේ.
සිංහල රජවරු මෙමගින් සිංහල මුස්ලිම් සහජීවනයක් අපේක්ෂා කර ඇත. එමෙන්ම මුස්ලිම් වර්ගයා ගැන යම් පැහැදීමක් තමන්ට තිබූ බව ඉහත ක්රියාවලින් පෙන්වා ඇත.
නමුත් වර්තමානයේදී තමන්ට අයත් ප්රදේශවල පවා තමන්ගේ පල්ලි පවත්වාගෙන යාමට වත්මන් පාලනය වක්රාකාරව වැට බඳියි.
සිංහල රජ පාලනයේ තිබූ රාජ්ය උපායක්වත් වර්තමානයේ දේශපාලකයින් සතුව නොමැත.
මෙතැනදී අප බැලිය යුත්තේ රණිල් හෝ මහින්ද කියා නොවේ. කවර පුද්ගලයෙක් වැරැද්දක් කළත් එය පෙන්වා දිය යුතුය.
මුස්ලිම්වරුන්ගෙන් වැඩි දෙනෙක් මෑතකදී තිබූ ඡන්දයේදී සරත් ෆොන්සේකාට සහයෝගය පළ කළහ.
නමුත් මෙම සරත් ෆොන්සේකා, “මුස්ලිම්වරුන් කියන්නේ ව්යාපාරයට ආපු සංචාරක කට්ට්යක්. බිස්නස් එක ඉවර නං ආපසු යන ඒකයි තියෙන්නේ “ කියලා කථාවක් කියලා තිබුනා.
මුස්ලිම්වරුන් වන අපට පක්ෂවලින් වැඩක් නෑ. මේ සියල්ලටම වඩා අපි ආගමට ආදරය කළ යුතුයි.
සරත් ෆොන්සේකා සමඟ, කලක් නීති අංශයේ ඉහළ තලයේ හිටපු සිල්වා කියලා කෙනෙක් සම්බන්ධකම් පවත්වනවා. මෙයත් තදබල මුස්ලිම් විරෝධියෙක්.
ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේත් ලොකු ලොක්කෝ කීප දෙනෙක්ම මුස්ලිම්වරුන්ට විරුද්ධව වක්රාකාරව ක්රියා කරනවා. එනිසා පක්ෂය පැත්තකට දමා පුද්ගලයින්ව හඳුනාගන්න උත්සාහ කරන්න.
Shiraz says:
ඉහත Commentsවලින් පෙනී යන්නේ හුඟක් කට්ටිය බෞද්දයන් සහ මුස්ලිම්වරු රණ්ඩුවෙනකන් බලන් ඉන්නව කියල…
තවද මෙයින් පෙනී යන්නේ බෞද්දයන්ගේ සහ මුස්ලිම්වරුන්ගේ නම්වලින් පෙනී සිටින්නේ මුස්ලිම්වරුන්ද බෞද්දයන්ද නොවන බවයි…
Anver Manatunga says:
සැබෑ බෞද්ධයන්ද සැබෑ මුස්ලිම් වරුන්ද නොවන බවයි.
Mawahib says:
Please do not call any religion or nation as dogs. If Japan Buddhist or Thailand Buddhist eats Dead Babies Can we think Srilankan Buddhist as same as them. I do not know why our people are looking east west north and the south. You all like to make between the religion problem and communicable violence? Do you all like to kill our innocent children and destroy their education and the bright future? Do you all like to rape your own sisters and mothers? Why? After 30 years war still you all did not learn the lesson. Today in front of the international community what is the value we got for our country? As a Arabs & the Muslim Pakistan and Middle Eastern countries not stand with you all? If So why we behave as split less Nation?