මේ දවස් වල බොදුනු සමාජය තුල විවිධාකාරයේ අළුත් අළුත් මතවාදයන් රැගත් නිකායන් බිහි වෙමින් පවතියි. ඒ නිකායන් වලින් මෑතක බිහිවී ඇති අළුත්ම නිකාය නම් මුස්ලිම් පුරුෂයන් මෙන් තොප්පි දමා ගත් පුරුෂයන් සහ මුස්ලිම් කාන්තාවන් මෙන් හිස වසාගත් කාන්තාවන් සිටින බොදුනු නිකායකි. මේ නිකාය පැතිරවීමේ කොන්තරාත්තුව දරා සිටින්නේ “තම්බි අසිපතට එරෙහි සිංහ අසිපත” නම් තවත් මුණුපොත් ගිණුම් හිමි සිඟාලයෙකි. ඒ සිඟාලයා විසින් මූණු පොතේ ඡායාරූපයක් පලකර ඇත.
මේ නිකාය විසින් පවසන පරිදි මුස්ලිම් අයව බොදුනුවන් බවට පත්කර එම පුරුෂයන් තොප්පි දමාගෙනම සහ කාන්තාවන් හිස වසාගෙනම පංසල් වලට ගෙන යති. ගොසින් මල් පහන් පුදති. යති වරුන් නමදිති. ඉන් පසුව එම ඡායාරූප අන්තර්ජාලය තුලට මුදාහරිති. මේවා නරඹන අය ප්‍රතිචාර දක්වන්නේ බුද්ධාලම්භන ප්‍රීතියක්ද සමගින් සාදු සාදු සාදු! යනුවෙනි. මෙවැනි පට්ට කෙබර විශ්වාස කරන පාඨකයන් ලංකාවේ සිටිනවාද? යන්නද විශ්මය ජනකය. මොවුන් මේ රවටන්නේ තමන්ගේම සහෝදර ජනතාව නොවේද? තමන්ගේම ජනතාව අන්දන මේ අයගේ ඇත්ත ආගම කුමක් විය හැකිද?
මා විසින් මෙම ඡායාරූපයේ සිටින පිරිමි දෙදෙනා මුස්ලිම් වරුන් නොවන බවට ඡායාරූප සහිතවම ලිපියක් (http://www.anvermanatunga.com/2012/07/07/new-buddhist/) පල කළෙමි. එවිට මේ සිඟාලයන් කළේ එය එසේ නොවන බවට මොවුන්ගේ මුහුණු වලට සමාන තවත් මුස්ලිම් වරුන් දෙදෙනෙකුගේ ඡායාරූප දෙකක් අමුණා නැවත පලකිරීමයි. ඒ ඡායාරූප සහ පෙර ඡායාරූප එකිනෙකට නොගැලපෙන බව ඕනෑම පුද්ගලයෙක්ට වැටහෙන්නේය. ඔවුන්ගේ අසාර්ථක උත්සාහය අසුවු පසුවත් නොනැවතී තවත් එවැනිම දේ කරන්නේ ඔවුන්ට ලැජ්ජාවක් කියා නාමයක් වත් නැති නිසා නොවේද?
ඉන් පසුව කරළියට එන්නේ “තම්බි අසිපතට එරෙහි සිංහ අසිපත” නම්වු මුණුපොත් ගිණුම හිමි සිඟාලයාය. ඒ මෙම තරුණයන් දෙදෙනාගේ පවුලේ අයත් බුදු දහම වැලඳ ගෙන ඇති බැව් පවසමින් කාන්තාවන් දෙදෙනෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලයට මුදා හැරීමයි. මෙහි පවතින සුවිශේෂීතාවය නම් අර තරුණයන් දෙදෙනා බොදුනුවන් වු පසුත් මුස්ලිම් තොප්පි දමා සිටින්නාක් මෙන්ම මේ කාන්තාවන් දෙදෙනාම හිස වසාගෙනම බුදුන් වැඳීමයි. පසුගිය දිනක රුවන් වැලි මහාසෑය නරඹන්නට ගිය මුස්ලිම් තරුණියක් ඔළුව වසා සිටිනු දුටු බොදුනුවන් එයට විරුද්ධව ඉදිරියට පැමිනීම ගැනද මා කලින් ලිපියක් නංගියේ උඹට ඔව්වා හොද පාඩම් නමින් (http://www.anvermanatunga.com/2012/05/26/hijab/) ලිව්වා ඔබට මතක ඇති.
එයට ප්‍රතිචාර පලකරන්නට පැමිණි බොදුනුවන් පැවසුයේ පූජනීය ස්ථානයකදී හිස නොවසා සිටීම බෞද්ධ සංකෘතියට අයත් බොදුනු සිරිතක් බවයි. නමුත් මේ තරුණයන් දෙදෙනා පමණක් නොව අර කාන්තාවන් දෙදෙනාද එම බොදුනු සංස්කෘතිය ඉතාමත් නිර්ධය ලෙස බැහැර කර ඇති බව ඔබට දැන් වැටහී ඇති. ඔවුන් මුස්ලිම් තොප්පි දමා සහ කාන්තාවන් හිස වසාගෙන පංසල් යන්නේ එහෙයිනි. මොවුන් අළුත් බොදුනු නිකායක අයවළුන් බව මා කියන්නේ එහෙයිනි. මෙම නිකායේ අය විසින් මුස්ලිම් තොප්පි දමාගත් බෞද්ධ භික්ෂූන් සහ හිස වසාගත් මෙහෙණි වරියන්ගේ ඡායාරූප අන්තර්ජාලයට පලකළ හොත් ඒ ගැනද පුදුම නොවන්න. මන්ද ඔවුන් එසේ කරන්නේ ඔවුන් තුල ඇති කුජීත ස්වභාවය නිසාය.
මෙම ඡායාරූපය දකින විට තවත් දෙයක් මතක් වේ. එනම් මේ ඡායාරූපයේ එන කාන්තාව බුදුන් වැදීම නොකර මුස්ලිම් අය විසින් කරන්නාවු ආකාරයේ දුආ හෙවත් ප්‍රාර්ථනා යැදීමක් සිදුකරයි. ඔබ දන්නා පරිදි ලංකාවේ සිටින්නේ ථෙරවාදී බොදුනුවන්ය. ථෙරවාදීන් විශ්වාස කරන්නේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වානයට පත්වු බවයි. ඒ නිසා ඔවුන් බුදුන් වැන්දද බුදුන්ගෙන් අයදින්නේ නැත. බුදුන් වහන්සේ පරිනිර්වානයට පත් නොවී බෝධි සත්ත්වයෙක් ලෙස සුඛාවතියෙහි වැඩවසන්නේ යැයි විශ්වාස කරන්නේ මහායාන අයයි. නමුත් මෙම කාන්තාව අයදින නිසා අපට පෙනෙන්නේ ඇය පිළිගෙන ඇත්තේ මහායාන දහම බවයි. එම නිසා මෙම අභිනව නිකාය මහායාන එකක් ලෙසද හැදින්විය හැක.
රටේ බෞද්ධ ජනතාව මෙසේ රවටන්නේ ඔවුන් බෞද්ධ ජනතාව මෝඩයන් බවට සිතන නිසාද? ඔවුන්ව බොදුනුවන්ව ඕනෑම දෙයකින් රැවටිය හැකි බව සිතන නිසාද?






අම්මාර් says:
ඕනෑම කෙබරයක් ඉහටත් උඩින් පිළිගන්ඩ සුදානම් සමහර බොදුනු අය ගැන හිතනකොට ඇත්තටම හිතට දුකක් ඇතිවෙනවා. මේවා බලන මිනිස්සුත් සාදු සාදු සාදු කියල කොමෙන්ට් කරනවනේ. මිනිස්සුන්ව සත්‍යයෙන් ඈත කර සිහින ලෝකවල් වල අතරමන් කරන මෙවැනි අඩවි වලට එරෙහිව ප්‍රතිරෝධයක් බොදුනු සමාජය තුලින් ඇතිවෙන්ඩ ඕනේ. මොකද මුස්ලිම් අපි කොච්චර මේ ගැන කිව්වත් සමහර බොදුනුවන් අපි හා එකඟ වෙන්නේ නැ. අවාසනාවකට බොදුනු සමාජය තුලින් එවැනි විරෝධයක් නැති නිසා තමයි මේවගේ අඩවි හොඳින් ක්‍රියාත්මක වෙන්නේ.
අන්වර් , රාවනා ගැනත් යමක් ලිව්වොත් නරකද ? මොකද එකත් අදකාලේ නියෙමෙට විකිනෙන මාතෘකාවක් නේ .
Anver Manatunga says:
සිංහල සමාජයෙන් යම් යම් කොටස් විසින් ප්‍රතිවිරෝධ දක්වනවා. නමුත් ඒ හඩ ප්‍රබලව නැගෙන්නේ නැහැ. ප්‍රශ්නය ඒකයි. අප මෙසේ මතවාදීව ආගම්බේධවාදීන් පරාජය කරන කල ඔවුන් සත්‍ය තහවුරු කරගනු ඇත. මේ ආගම්බේධවාදීන්ට ප්‍රතිවිරෝධයක් නුදුරු අනාගතයේදී බෞද්ධ සමාජයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්.
මේ දවස් වල සිංහල සමාජයේ එවැනි හිට් වෙන මාතෘකා රැසක් තිබෙනවා. නමුත් මම ඒවාට අත ගසන්නේ එමගින් යම් ජනකොටසකට හානියක් සිදුවේ නම් පමණි. රාවණා ගැන අතේ පැල වෙන ඒවා දකින කොට හිනාත් යනවා. ඒ වගේමයි විජය කුවේනි ගැන.
mohamed says:
මේවා දකින කොට පස්සෙන් හිනා යනවා. මේ අන්තවාදීන්ට වෙන කරන්න කිසිම වැඩක් නැති නිසා මේ වගේ නපුන්සක වැඩකරනවා දැක්කම ඔවුන් ගැන දුකත් හිතෙනවා.මේ බෞද්ද අන්තවාදීන් ජාතිවාදය අවුස්සන්න ඕනෑම පාහර වැඩක් කරන්න ලෑස්ති බව පේනවා. මට හොරණ යාලුවෙක් කිව්ව විදියට දැන් බොදුබල සේනාවේ අලුත්ම සෙල්ලම තමයි මුස්ලිම් අය වගේ පෙනුම වෙනස්කරගෙන වැරදි කරලා මිනිස්සුන්ට මුස්ලිම් අයව එපා කරවන එක.
hasan says:
ඉස්ලාම් ආගම පැතිරීමට එරෙහිව කුමන්ත්රණ කිරීම
ඉස්ලාමයට එරෙහිවූවෝ ඉස්ලාමය පැතිරීමට එරෙහිව ඉතා ඈත අතීතයේ පටන් යම් යම් කුමන්තරණවල ක්රියාත්මක වූ බව කුර්ආනය පැහිදිලිව පවසයි.
නබිවරයාගේ කාලයේ සිටි යුදෙව්වරු හා ක්රිස්තියාවරුද ඉස්ලාමයේ පැතිරීමට එරෙහිව යම් යම් උපාය මාර්ගවල යෙදුනහ.
මෙවැනි උපක්රමයක් ගැන පහත වැකිය පවසයි.
පුස්තකය ඇත්තන්ගෙන් පිරිසක් ‘විශ්වාස කළවුන් කෙරෙහි පහළ කරනු ලැබූ දෙය (වන පුස්තකය) පෙරවරුවෙහි පිළිගෙන පස්වරුවෙහි ප්රතික්ෂේප කර දමන්න. (මෙමගින්) ඔවුන්ද (ධර්මයෙන්) ආපසු හැරීමට පිළිවනැ’ යි පවසති. (ශු.කු.3:72)
උදය කාලයේදී ඉස්ලාමය පිළිගෙන එය සුදුසු නොමැති ආගමක්ය යන හේතුව මත සවස් කාලයේදී නැවත එම ආගම ප්රතික්ෂේප කර, අපගේ පළමු ආගමට නැවත හැරෙමු යි කියා කොටසක් උපායක යෙදීමට තීරණය කළහ.
මෙසේ සැමදා කීප දෙනෙක් කරන කල, ඉස්ලාමයට අලුතින් පැමිණෙන අයද ඉස්ලාමය වැළඳගැනීමේදී කලබලයට පත්වන්නෝය. එමෙන්ම මෙය දැක ඉස්ලාමයට ගිය අයද කලබලයට පත් වී ආපසු තම ආගමට පැමිණෙන්නෝය යන උපායක් ඔවුහු දියත් කළහ.
වර්තමානයේ ඉස්ලාමයට ගරහන්නන් මෙම උපාය ගැන නොදන්නා සේ පෙනේ.
kiyas says:
මෙවැනි රඟපෑම් ඉතා මෑතක සිට ලංකාවේ දේශපාලන වේදිකාවල ‘පක්ෂ මාරුවීම‘ යන මාත්රුකාව යටතේ කෙරීගෙන එන්නක්.
එම බොළඳ ක්රියාව මෙම අන්තවාදී සුළු පිරිසද ක්රියාත්මක කරන බව පෙනේ.
ඇත්තටම මෙවැනි ක්රියා මාර්ගයක් පක්ෂයක් අනුගමණය කරයි නම් ඔවුන්ට ඔවුන්ගේ ප්රතිපත්ති මාලාවේ ජනයාට දැන්විය යුතු අලුත් දෙයක් කීමට නොමැතිවීම එයට හේතුව වේ.
මෙසේම මෙම අන්තවාදී සුළු පිරිසද තමන්ගේ පසුබැස්ම දැක කරකියාගන්නට දෙයක් නැතිව මෙවැනි උපායක යෙදෙති.
Mawahib says:
Why this people are insulting their own religion? Srilanka is a Multi religious country. Buddhism is a main. so why not government punishes them. In Islam insulting any of other religion is a big sin
jimmymishal says:
Truth is hard to gulp. Falsehood is prevalent. You see Buddha never told people to worship him, but they are venerating him. Buddha is not responsible to this,but the people who do statues and sell. Buddha is not at fault. you see how foolish our folks are. in the name of buddhism many are making big money thats what count. As for Islam, I admit that they are in right path as they worship only the Sharva Baladhari Deviyan Wahansey.
sana says:
අනේ හොඳයි, බෝව්දයින් දැන් මුස්ලිම් අපේ ඇඳුම පිළි අරගෙන අඳින්න පටන් අරන් තිබෙනවා. ඉන්ෂා අල්ලාහ් ළඟදී ඉස්ලාම් ආගමත් ඔවුන් විසින් පිලිගන්නවා.
mohamed shaffy says:
අනේ මුන්ටපිස්සු හිස්වැසුම්දාගෙන පන්සලක් ඇතුලටයන්න පුළුවන්ද? මොළයක් තියෙන්නෙ කල්පනාකරන්න
Hafeel says:
මට හිතෙන විදිහට බහුතර බෞද්ධ අය මෙවැනි දේවල් පිළිකුල් සහගතව හෙලා දකී කියලා.එය එසේ විය යුතුය.
dnote king says:
ane..mun wage gonnun..nodakin..thuk..
mohamed says:
මේගොල්ලන් මේ බොරු කරපු ඒවා එලි වෙනකොට කොමන්ට් කරන්න එන්නේ නෑ. එකයි අන්තවාදී සෙට් එක මේකට කොමන්ට් කරන්න එන්නේ නැත්තේ? මේ ගොල්ලන් තව බොරුවට පත්තර වල මුස්ලිම් අය පවුල් පිටින් බුද්ධාගමට ගියා කියලා දැන්වීම් දානවා ඒ ගැනත් අන්වර් සහෝදරයා හොයල බලන්න. මේ අන්ත වාදීන් තව මුස්ලිම් අය කොමන්ට් කරනවා වගේ බොරුවට කොමන්ට් කරනවා ජාති වාදය අවුස්සන්න ගොස්සිප් 9 එකේ ඒ වගේ බලු වැඩ හොඳට කරනවා.
Arfath says:
http://www.facebook.com/photo.php?v=136848196453569 “Mongal Amanathunga” meka real sean ekak.. ubalata ithin wena monawa kiyannada neda? thawath sean godak thiyenawa.. happila balamu ehenam neda? mei aluth nikaaya “Muslim-Buddhist” Nikayaa…
Anver Manatunga says:
චතුර මදුශංක සහෝදරයා, ඔබ ආගමක් ප්‍රචාරය කරන්නේ හරි හැටි කථාකරන්නවත් නොදැනයි. බුදු දහම වැලදගත් මුස්ලිම් අය ඕන තරම් ඉන්නවා. ඉස්ලාම් වැලදගත් බෞද්ධයනුත් ඕන තරම් ඉන්නවා. නමුත් ඔබලා මේ දාලා තියෙන වීඩියෝව හාස්‍ය ජනකයි. මම ඒ ගැන මේ ලිපියෙන් http://www.anvermanatunga.com/2012/07/15/muslim-cap-hijab/ පෙන්නා දුන්නා.
අපට මෙවැනි වීඩියෝ ඕන තරම් කරන්න පුළුවන්. නමුත් අපිට එහෙම පිස්සුවක් නැහැ.
SHAFRAS says:
meka real kiyala oyala kiyanawanam oppu karala penwanna. sathya agama buddhagama kiyala obathumata oppu laranna puluwan unoth mama a mohothema buddhagama walanda gannawa.
Rafel says:
BROTHER– OYAGE WATCHANA SERA WEDIY ANITH AYAWA MATTU KARANNA APATA BALAYAK NEHE. EKA ALLAH TA WITHARIY PULUWAN. APATA THIYENNE KARU KARANA WATAHALA DENNA SAMAKAMEE WIDIYATA. ALL MANKIND IS CREATED BY ALLAH AND HE IS LOOKING EVERYTHING. APATA BEHE ALLAH GE GUIDE EKA QURAN WALING PITATA YANNA.
ANTHAWADEE KIYANNE AGAMAK ADHANA SAHA EA ANUWA JEEWATHWENA AYATA NEWEY. AGAMWALATA PAHARA GAHANA AGAM CHARITHRANUKULAWA JEEWATHWEEMATA BADA KARANAWUNTI.
Fayaz says:
meeke comment ekak daanna eka sinhalayek nathi unane…!
pasan says:
buddahagama adahana muslim aya innawa.muslim kiyanne jathiyak,jathiyata agamak naha.agamak adahanna jathiya gataluwak naha….kawada hari aththa de ithiri wei…
Anver Manatunga says:
සහෝදරයා ලංකාවේ මුස්ලිම් කියා ජාතියක් නැත. ලංකාවේ කිසිදු කෙනෙකුගේ උප්පැන්න සහතිකයෙහි මුස්ලිම් කියා ජාතිය සටහන්ව නොමැත. තිබෙන්නේ ලංකා මරක්කල, යෝනක, මැලේ, බෝරා හෝ වෙනත් ජාතියක නාමයකි. සිංහල කෙනෙකු ඉස්ලාම් වැලද ගත්තද ඔහු මුස්ලිම් කෙනෙකි. නමුත් ඔහුගේ ජාතිය සිංහලයි. ඕනෑම කෙනෙකුට තමන්ගේ ආගම වෙනස් කළ හැකි වුවද ජාතිය වෙනස් කළ නොහැක. ඒ සදහා කිසිදු නීති ප්‍රතිපාදනයක් ලංකාවේ හෝ වෙන කිසිදු රටක මා අසා නැත.
Rafel says:
AGAMAK SAHA DARSHANAYAK ATHARA WENASAK ETHA. EKA WATAHAGATTOTH OBE OYA EERSIYAWA CHINTHANAYA NETHIWEWI
Ahmed says:
Congratulation. Continue continue. We also with you.
shehan says:
pasan sahodaraya kiwwa wage kawadahari aththa darshanaya me wishwaye ithiri wenawa.. ethakan mithyawa passe yana aya gana kanagatu weema pamanai apita karanna wenne..kuudalla mette uda thiwwata wadak na wagema pawata pin dennath ba…
:)
Anver Manatunga says:
එහෙම කියලා සිත සනසා ගන්න. මා නම් දන්නා තරමට මේ වන විට බුද්ධ දර්ශනය සොයාගත නොහැකි වන්නටම අභාවයට ගිහින්. ඒ නිසා ඔබලා බලාපොරොත්තු වෙන්නේ වෙනත් දර්ශනයක් ගැන වෙන්න ඇති.