ධර්ම ද්වීපය හෙවත් දහම් දිවයින යනු අතීතයේ අප රට හැඳින්වු විරුදාවලී නම් වලින් එකකි. එහෙත් අද තරම් දම් දෙසුම් වත්, විචිත්‍ර ධර්ම දේශකයන් වත්, විසිතුරු ආගමික ස්ථානවත් එදා නොතිබුණි. එක දම්දෙසුමක් රටපුරා සියල්ලන්ටම එකවර අසන්න තරම් තාක්ෂණයක් එදා නොතිබුණි. නමුත් එදා ධර්ම ද්වීපය ලෙස කටපුරා කියන්නට හැකියාවක් තිබුණද අද එසේ නැත.
එකල මේ රටේ කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට තනියම බයක් හැකක් නැතිව යන්න පුළුවන් කම තිබුණේලු. දැන්නම් එසේ බැරිය. දෙවුන්දර තුඩුවට ආසන්න එනම් තංගල්ල පැත්තේදීම දැරියක් පුද්ගලයින් රාශියක් විසින් කෙලෙසා ඇති බැව් වාර්තාවේ. තමන් විසින් කාමමිථ්‍යාචාරය කළ ස්ත්‍රීන් සංඛ්‍යාව ගණන් කර ඒ සමරා උත්සව තැබූ අය ගැනද දැන් දැන් වාර්තාවේ. එවැනි වරද කළද දැන් කිසිදු බියක් ඇතිකරගන්නට අවශ්‍යතාවයක් නැත. රජකාලේ මෙන් අද උල තැබීම් හෝ හිස ගසා දමන දඬුවම් අද නැත. අද තිබෙන්නේ සිරදඬුවම් විඳීමක් පමණි. ඕනෑ නම් දේශපාලන සමාවක්ද ගත හැක.
රොබට් නෝක්ස් නම්වු ඉංග්‍රීසි ජාතික නාවිකයා විසින් ලියන ලද, එදා හෙලදිව නම්වු සිංහලෙන් පරිවර්තනය වු පොතේ ලාංකික ගැමියාගේ අව්‍යාජත්වය මොනවට පැහැදිලි කර ඇත. එදා ලක්දිව සිටි ජනතාව සිංහල, දමිල සහ මුස්ලිම් සියළු දෙනාම එකම සහජීවනයකින් බැඳී එකිනෙකාට සහයෝගයෙන් කල්ගෙවා ඇත. දෙමළ කෙනෙක්ට කෝවිලක් තනා ගන්නටවත් මුස්ලිම් කෙනෙක්ට නැමදුම සඳහා පල්ලියක් තනා ගන්නටවත් එකල ප්‍රශ්ණයක් නොවීය. වෙලඳාමට පැමිණි මුස්ලිම් වරයෙක්ට තනිව සිටීම අපහසු නිසා විවාහයක් කරගැනීමට කාන්තාවක් ලබා ගැනීමද එකල ප්‍රශ්නයක් නොවීය. එසේ මුස්ලිමෙකු සමග විවාහ වු කාන්තාව එදා සමාජයෙන් කොන් කෙරුනේද නැත.
තමන් සමග ගනුදෙනු කරන විවාහයෙන්ද තමන්ගේම ඥාති බවට පත්වු මුස්ලිම් වරයාව සිංහල ජාතිකයන් ඇමතුයේ තම්බි (මල්ලි) හෝ නානා (අයියා) යනුවෙනි. ඒ අතීත ගැමියා තුල තිබුණු සහෝදරත්වය සහ බැඳියාවයි. නමුත් දැන් ඒ බැඳියාව සහ සහෝදරත්වය වියැකෙන්නට යන බවට අවධානමක් පවතියි. එය වඩාත්ම දරුණු තත්වයට පත්වුයේ අන්තර්ජාලයට කුණුහරප කරුවන් පැමිණි පසුය. දැන් අපි අන්තර්ජාලයෙන් දකින්නේ තම්බියා හෝ හම්බයා වැනි අශ්ලීල වදන්ය. මුස්ලිම් වරුන්ව පිටු දකින්න, මරන්න, කොටන්න වැනි වදන්ය. ඔවුන් එක පැත්තකින් ධර්මය ගැන නොයෙකුත් වදන් සහිත පෝස්ටර් පතුරවන අතර අනෙක් පැත්තෙන් මුස්ලිම් වරුන්ට එරෙහිව වෛරය සහ ක්‍රෝධය ජනිත කරවන දේ පලකරති.
මේ සියල්ල කනපිට හැරුණේ සහ මෙවැනි දේ සිද්ධ වෙන්නට ආරම්භය වුයේ අපේ රට බටහිර ජාතීන් විසින් ආක්‍රමණය කළ පසුය. ඔවුන් විසින් ඔවුන්ගේ පහසුව පිණිස ජනතාව බේධ කරන්නට විය. සිංහල ජනතාව බහුල පෙදෙසක මුස්ලිම් නායකයන් හෝ දමිල නායකයන් පත්කෙරුණි. එමෙන්ම සිංහල ජනතාව පෙලන්නට ඔවුන්ට අණ කෙරුණි. මේ නිසා ජාතීන් අතර වෛරය සහ කෝපය ජනිත විය. එතැන් පටන් ජාතීන් එකිනෙකා ඇනකොටා ගන්නට විය. ඒවා බේරුම් කර විසඳන්නේද සටන් ඇවිලවු බටහිර පාලකයන්මය.
මේ රටේ සිටින බොදුනු, හින්දු සහ මුස්ලිම් වරුන් විසින් මෙය අවබෝධ කරගත යුතුය. අපේ රටේ අතීතයේ තිබු තත්වය සිහිපත් කළ යුතුය. එදා තිබුණු ගුණදම් මෙනෙහි කළ යුතුය. අතීත ගුණදම් නැවත සිහිකරන වැඩසටහන් නිර්මාණය කළ යුතුය. එවැනි වැඩ සටහන් ලංකාව පුරා දියත් කළ යුතුය. රටතුල ජනතාව අතර සංහිඳියාවක් ඇති වන්නේත් ආගම් අතර සහජීවනයක් ඇති වන්නේත් මේ මගින් පමණි.
කලක් මාවනැල්ල ප්‍රදේශයේ බෞද්ධ මුස්ලිම් ගැටුමක් ඇති වුවා ඔබට මතක ඇති. එම ගැටුම් වලට පසුව ඊලඟ රමදාන් අවුරුදු සමයේ මුස්ලිම් වෙලඳුන් විසින් එහි සිටි බොදුනු ජනතාවට කෑම වේලකට ආරාධනා කර සහජීවනය උදෙසා වැඩසටහනක් කරන ලදී. එම වැඩසටහනට පැමිණි බොදුනු සහ හින්දු සියළු දෙනාම නැවත ගියේ ඉතාමත් ලංවු ලෙංගතු කමක්ද සහිතවයි. මෙසේ වැඩසටහන් දෙකකට පමණ පසුව බොදුනු අය විසින්ද සිය අවුරුදු සමයේ මුස්ලිම් අයට ආහාරයට කැඳවා සහජීවන වැඩ සටහනක් දියත් කරවීය. දැන් එම නගරයේ බෞද්ධ සහ මුස්ලිම් වරුන් සිටින්නේ ස්වකීය ආගම් සහ ජාතීන් දෙකොට්ඨාශය කෙරෙහිම මනා අවබෝධයකිනි. මෙවැනි වැඩසටහන් ලංකාව පුරා දියත් වෙනවා නම් කොපමණ අගනේද?
දිනක් අප විසින් පවත්වන ලද සහජීවන වැඩසටහනක් පුත්තලමේ පැවැත්වුණි. එයට ආරාධනා කළ අය අතර එවකට එම පලාතේ සිටි හමුදා ප්‍රධානියා සහ පොලිස් ස්ථානාධිපති වරයාද විය. අප ඔවුන්ටද එම වැඩ සටහන අමතා පොඩි කථාවන් කරන ලෙස ඉල්ලා සිටියෙමු. එහි පැමිණි පොලිස් ස්ථානාධිපති වරයා පැවසුවේ ඔහුගේ කුඩා කාලයේ ඔහු සිටි ගමට පැමිණි මුස්ලිම් මුදළාලි නතරවුයේ ඔහුගේ නිවසේ බවයි. එම මුදළාලි විසින් පිරිසිදු වී රෙද්දක් එලා ඒ මත දෙවිඳුන් නමදින විට කුඩා තමන්ද එය අනුකරණය කළ බව ඔහු මතක් කළේ චිත්තප්‍රීතියකිනි. අද මුස්ලිම් වරුන්ට නැමදුම් ස්ථානයක් සාදා ගන්නට ඉඩ නොදුන්නද එදා සිංහල ජනතාව තමන්ගේ නිවස තුලද මුස්ලිම් වරයාට සිය දෙවිඳුන් නමදින්නට ඉඩ දී තිබෙනවා නොවේද?
එහි පැමිණි හමුදා ප්‍රධානියා පැවසුයේ අතීතයේ අපේ ගම්වල බැංකු ක්‍රමයක් නොතිබුණු බවත්, ඔවුන්ගේ සීයා විසින් සිය මුදල් පරෙස්සමට තබා තිබුණේ මුස්ලිම් මුදළාලි ගාව බවත්ය. එමෙන්ම සිය සීයාට යම්කිසි ඉඩමක් කඩමක් මිලදී ගන්නට මුදල් අවශ්‍ය වුවහොත් ඒ සඳහා කිසිදු පොලියක් අය නොකොට මුදල් ලබා දුන්නේ මුස්ලිම් මුදළාලි බවද ඔහු සිහිපත් කළේය. අද මෙන් නොව එදා සියල්ල සිදුවුයේ කට වචනයෙන් බවත්, පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක්ට දුන් කට වචනයක් කඩ කිසිදා කඩ නොකරන්නට තරම් එදා ජනතාව අවංක අය වු බවද ඔහු සිහිපත් කරන ලදී. එදා පැවති ඒ විශ්වාසය අද වන විට දැවැන්ත අවිශ්වාසයක් දක්වා ගොඩනැගුනේ කෙසේද?
මා මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී එන රමදාන් මාසයේදී මෙවැනි වැඩසටහන් වැඩි වැඩියෙන් දියත් කිරීමට උත්සාහ දරන ලෙසයි. බොදුනු ඇතුළු අන්‍යාගමික සහෝදර සහෝදරියන්ගෙන්ද ඉල්ලා සිටින්නේ රට බේධ කරවන දේ නොකර රට එක්සත් සහ එක්සිත් කරන වැඩ සටහන් දියත් කරන ලෙසයි.
ලංකාව නැවත ධර්ම ද්වීපයක් වන්නේත්, ධර්ම ද්වීපයේ ඉරණම යහපත් වන්නේත් එවිටය.



Mawahib says:
Today in our country there are many problems. But these are not belongs to one nation or the religion. We can’t blame Buddhist, Hindus, Christians’ or the Muslims. Day by day raping cases are increasing like nothing. There is no proper security for the innocent children or Ladies. Most of the cases are done by the politicians and their people. Also there are no proper punishments. There is no proper law. The 14 year old girl who was rape by the father of 2 children in Nawalapitiya: Look at what happened? same as who fall down from the pot to the fire. When she went to complain to the Nawalapitiya Polish station what is the officer has done to her? Sex and the Drugs both are same. We should give them proper punishments. Law and the law makers all are with corruption people. Some of the brothers and sisters are writing against to Arab and Muslim law. If you did not activate the capital punishments do you like to watch your children are raping and killing daily?
Where are the Islamic leaders In Srilanka? At least if the Muslims voted for other religion people will not get any worries because they are non-Muslims. This is not leaders’ faults because they are selected by the uneducated shellfish people. How many Muslim leaders are in the parliament today and how many of them are practicing Islam? Dear brothers and sisters in Srilanka we done the mistake because we should not look at the outside appearance of the Person. Politician very clever in talk but not with their Action or behave. Proper Buddhist, Christian, Hindu or Muslim will not do this kind of communicable or religious violence except politicians, Arm sellers and Drug dealers, after the ethic war in mother lanka arm sellers are suffering much.
Dear brothers and the sisters of Nation of the pearl Please try to understand and do not be selfish be brave but not be foolish and do not allow to get any advantage to other subcontinent Nation because they are waiting.
Mawahib says:
Please open this link and See the Striving for Peace & Justice by Lauren Bhttp://www.youtube.com/watch?v=LBf-27wWf3A&feature=relatedooth
Shiraz says:
මගේ චන්දය අපේ එකමුතුකමට
Eshan Fernando says:
ඔයාගේ උපදෙසට මං ගරු කරනවා අන්වර් මාත් ඊයේ අපිට පුත්තලමේ උන සිද්දියක් දැම්මා ෆේස් බුක් එකේ එක මෙකෙත් දාන්නම්
Eshan Fernando says:
මේ කතාව ජාතිවාදයට උඩගෙඩි දෙන අයට වැදගත්
අපි ඊයේ විල්පත්තු කැලේ තියන සාන්ත අන්තෝනි මුනිතුමාගේ පල්ලියට ගියා..පුත්තලම පහු කරල යන්කොට වෑන් එකෙ ටයර් එක ගියා…ඉතින් අපි මග නැවතිලා හිටියා..මිනිස්සු යනවා එනවා එකෙක්වත් හැරිල බලන්නෙම නෑ
..අපිට එපා වෙල..අපි ගියෙ පල්ලියෙ මංගල්ලෙකට..ඉතින් අපි උදේ පුජාවට ඉන්න ඕනා නිසා පාරෙ යන වාහන නැවැත්තුවා එකෙක්වත් නැවැත්තුවේ නෑ..එයාලත් පල්ලි තමයි ගියේ ඕන් මට තේරුණ මුන් නමටයි ආගම අදහන්නේ අනික මේ ඔක්කෝම සිංහල මිනිස්සු නේද?අපිට වාහන නවත්තලා එපා වෙලා හිටියේ ඒ පැත්ත පාලුයි අඩු ගනේ ගරාජ් එකක්වත් නෑ..ඔහොම්ම ටික වෙලකින් මුස්ලිම් කෙනෙක් වාහනේ නැවත්තුවා අපෙන් අහුවා මොකක්ද?වෙන්න ඕනේ කියලා..අපි විස්තරේ කිව්වා..එයා පොඩි ගමනක් යන ගමන් කියලා කිව්වේ..එය ඉස්සරහට ගත්තු වාහනේ අපෙන් ඇහුවා කොහේද?යන්න ඕනි කියලා..අපි කිව්ව පල්ලියට යන්න ඕන එහෙට කියන්නෙ පල්ලකණ්ඩාල් කියලා එළුවන්කුලමටත් එහා යන්න ඕනේ..ඉරිදාට වාහන ගරාජ් වහලා..එයා අපේ ටයර් එක ඉල්ලගෙන ගියා එපේ ඩ්‍රයිවර් එක්ක පුත්තලමේ ටව්න් එකට..අපි නැවතිලා හිටිපු තැන උදේ කෑම ගන්න උනා..අපේ ගෑණු අයට ටොයිලට් යන්න ඕනානේ අපිට නම් කිසි අව්ලක් නෑ..ඒ කට්ටිය ගියා මේන් අම්මේ ගෙදර අයිතිකාඅරය අපිට බනිනවා කුණුහරපෙන් ඒ මදිවට ගෑණි..ලැජ්ජයි ඈ..සිංහල කොල්ලෙක් ඔහු බොදුනුවෙක් ඌ අපිට සාපත් කලා..එතකොට අපි නිහඬව හිටියා..අපේ ගමට ආපුවම අපි මිනිස්සුන්ට උදව් කරනවනේ මට මතකයි යාපනේ ඉදලා ආපු කට්ටියකට නාන්න පවා වතුර දුන්නා අන්තීමට එයාල කිව්ව අපිට යාපනේ ආපු වෙලාවක එන්න කියල ඇඩ්‍රස් එක පවා දුන්නා..හොද මිනිස්සු..අපි උන්ට බැන්නට උන් තමයි ලාංකිකයෝ අපි වගෙ තිරිසන් සංස්කෘතියක් නෑ උන්ට..ලංඅකා බෙල් ඇඩ්වර්ටිස්මන්ට් එකෙ දාන්නේ බොරු අපේ ගැමියෝ හරි සුහදයි කියලා..ඕක මහ බොරුවක්නෙ..අනුරාධපුරයෙත් අපිට ඔය වගේම වැඩක් උනා..අපි ඉවසුවා අපි හරියට ඉන්නවා මිසක් අනුන්ට කියලා දීලා පලක් නෑනේ…මගේ විශේෂ ස්තුතිය අපට උදව් කල මුස්ලිම් සහෝදරයාට මාත් ඔබලාට විරුද්ධව මෙතෙක් කල් ජාතිවාදි ප්‍රකාශ කලා..මට සමාවෙන්න මින් පසු මං ඔබලාට විරුද්ධව කිසි දෙයක් කියන්නේ නෑ..මුස්ලිම් මිනිස්සු කියන්නේ හිත හොඳ අයයි…අපේ මිනිස්සු ගැන මට නම් ලැජ්ජයි ..හම්බයන්ව එලවමු කියලා අයේ මං කව්දාවත් කියන්නේ නෑ..අපේ රටේ ඉන්න අසමජ්ජාතින්ව එලවමු..ඔබ කරපු උදව්ව අපිට කවදාවත් අමතක වෙන්නෙ නෑ
Anver Manatunga says:
මටත් සිද්ද වෙච්ච ඔය වැනි සිද්ධියක් කියන්නම්. යුද්ධ කාලේ මම සිංහල යාළුවොත් එක්ක මඩකලපුවේ ගියා. එහෙදී අපේ බෞද්ධ යාළුවන්ට වැසිකිලි යන්න ඕන වුණා. මම කිව්වා මේ ලග පන්සලක් තියෙනවා ඕගොල්ලන් ඒකට යන්න. මම මුස්ලිම් පල්ලියට යන්නම් කියලා. මම ගිහින් නැවත එනවිට ඒ අයගේ මුහුණු එච්චර හොද නැහැ. මම ඇහැව්වා වැඩේ කරගත්තේ නැද්ද? කියලා. ඒ අය කිව්වා නැහැ කියලා. මම ඇහැව්වා ඒ ඇයි කියලා. එවිට ඔවුන් කිව්වේ ඔවුන් පංසලට ගොස් වැසිකිලියට යන්න ඇහැව්වලු. එවිට එහි සිටි යතිවරයා කියලා තියෙන්නේ. ඔයගොල්ලන්ට වැසිකිලි යනකොට තමයි පංසල මතක් වෙන්නේ කියලයි. පස්සේ මම අදුණන මුස්ලිම් කඩයක වැසිකිලියකට ඒ අයව එක්කගෙන ගියා.
මෑතකදී මම මාධ්‍ය වලින් දැක්කා ඒ යතිවරයා මඩකලපුවේ සිංහලයන්ගේ අයිතිය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් කරනවා. නමුත් මම එකක් කියන්න ඕන මේ අය කරන දේවල් වලට බුදු දහම පලි නැහැ. මම තවමත් දුරබැහැර ගිය වෙලාවලට ඉන්න තැනක් නැත්නම් පංසල් වල නතර වෙනවා. ජාතිය, ආගම බලන්නේ නැතිව මනුස්සකම විතරක් බලන යතිවරුන් ඕන තරම් ඉන්නවා. ඒ අයට අපගේ ප්‍රණාමය පලකළ යුතුයි.
තවමත් අපේ ගම්වල හොද මිනිස්සු ඉන්නවා. ඒ අය ලග හොද මනුස්ස ගතිගුණ තිබෙනවා. ලංකාබෙල් ඇඩ් එකේ කියන්නේ ඒ මිනිස්සු ගැනයි. මෙහිදී කියන්න කැමතියි. මුස්ලිම් අය අතරත් ආත්මාර්ථකාමීන් සිටිය හැකියි. නමුත් එයට ආගම වැරදි නැහැ.
Eshan Fernando says:
anwar hama kenama eka wage na eka ekkena wenas apita udaw kara eya apiwa apita palliyata yanna sallassuwa apita banna sinhala miniha kiwwe ubalata palliyata yannama hoda na kiyala..eth dhewiyan wahansege karunawa apita labuna muslim ,catholika kiyala wenas na dhewiyan wahanse samata ekai..ekama dhewiyan muslim kenek thulin awith apita pihita una..
asd says:
හැම අගමේම හොද මිනිස්සු නරක මින්ස්සු ඉන්නවා , එක ආගමේ ප්‍රශ්නයක් නෙමි මිනිසුන්ගේ ප්‍රශ්නයක්, ආගමේ කියල තියෙන්නේ මිනිස්සුන්ට් උදව් කරන්න කියල , සමහර විට ඔබට සිද්ද වෙච්ච සිදු වීමේ අනිත් පැත්ත උනානම් මුළු මුස්ලිම් ජාතියට එකේ ප්‍රතිව්පකේ අත්වෙන්න තිබුන , එතකොට මේක සම්පුර්ණ වෙනස් කතවක් , මිනිසාගේ ගතිගුණ තීරණය වෙන්නේ දැන්කලේ මිනිසාගේ ආගම අනුව නෙමි මිනිසාගේ බුද්දි මට්ටම සමාජ වට පිටාව, පවුල් පසුබිම ect ………………………………………….. , මොකද දැන් කලේ මිනිසුන් තමන්ගේ ආගම හර්යට පිලිපද්න් නැති නිසා , සෑම ආගමකම හොදමිනිස්සු ඉන්නව නරක මිනිස්සු ඉන්නව , මිනිසගේ ආගම අනුව අපට තව කෙනෙක් ව පරික්ෂා කරන්න බැහැ , මොකද අපි දන්නේ නැහැ ඔවුන් තමන්ගේ ආගම හරියට පිළිපදිනවද කියල , තමන්ගේ ආගම හරියට පිළිපදින කෙනා කවදාවත් අනුගේ දුකක දී අහක බලාගෙන යන්නේ නැහැ
bunanm says:
thanks a lot bro Eshan..
Eshan Fernando says:
yaluwa api athara mokatada?thankz api ekama le thiyana minissune man oyalage sahodarayek kiyala hithanna..
Eshan Fernando says:
අන්වර් ඔය ස්ටෙටස් එක ෆේස් බුක් එකේ දාලා මන් ගොඩාක් බැනුම් ඇහ්ව මේ දැන්..මරදානේ මාලුකාන්ති කියලා ෆේක් අකවුන්ට් එකේ ඉන්නෙ හාමුදුරු කෙනෙක්ලු දෙහිවල දයාරත්න හාමුදුරුවෝ..මං අදහන්නේ කතෝලික අපේ පියතුමන්ලා ෆේස්බුක් එන්නේ නෑ ඒක තහනම්..මුස්ලිම් පුජකවරු පවා එන්නෙ නෑ..මට බැන්න පල්ලියෙ කටු කන පරයා කියලා..ඒත් සමහරක් අය මට හොද කිව්වා අපි එකට ඉන්න ඕනා මිසක් රණ්ඩු කරන්න ඕනෙ නෑ කියලා..මං දකින විදිහට මේක එන්,ජි,ඕ කුමන්ත්‍රණයක් තියනවා මුස්ලිමුන්ට පිටුපසින්..මාත් දැන් සිංහ හඬ සොරි .කොම් වල්ට විරුද්දයි
Eshan Fernando says:
තව එකක් අන්වර් මෙකේ ඉතුරු ටික මන් බොදුන්වන්ට බැන්නා නෙවේ අපි පුත්තලමේ විල්පත්තුවට ගිහිල්ල නෑ..මුස්ලිම් සහෝදරයා ඔහුගේ වැන් රථයෙන් අපේ රියදුරු එක්ක පුත්තලමේ ටවුන් එකට ගියා අපි හිටියේ පාලු ගමක..කොහොම හරි එතනට ආවා බස් එකක් එකේ හිටියේ රියදුරා බොදුනුවෙක් කොන්දොස්තර මුස්ලිම් තරුණයෙක් ඒ බස් එක ගියේ එලුවන්කුලම දක්වායි..අපිට යන්න ඔනේ පල්ලකණ්ඩාල් වලට එලුවන් කුලමට ඇවිත් අපිට කිව්වා කමක් නෑ මට හයර් පාඩු උනත් අපි යමු පල්ලකණ්ඩාල් කියලා ඔහු අපිව එක්කන් ගියා දෙවියන් වහන්සෙ ඔහුව හිස් අතින් එව්වේ නෑ ඔහුට ආපසු එන්න පුත්තලමට එන්න බස් හයර් එකක් හම්බ උනා..ඒ බස් එකත් මං විශේෂයෙන්ම මතක් කරනවා.(පුත්තලම එළුවන්කුලම ප්‍රවට් බස් එක මං සිහි කරන්නේ විශේශයෙන්ම ) හැම මින්හම එක වගේ නෑ වෙනස්
Sinhalaya says:
Harak marana eka wadi wena kota Sri lankaawa dharmadveepayek wenne keseda….?
Anver Manatunga says:
හරක් මරණකොට ධර්ම ද්වීපයක් වෙන්නේ නැද්ද? එතකොට කුකුලන්? එළුවන්? මාළුන්? බිත්තර කරවල ජාති? ඒව පව් නැද්ද? අනෙක් අතින් කෘමිනාශක? වල් නාශක? මී නාශක? භාවිතය පව් නැද්ද?
හරක් පෙරට දමා රටේ සහජීවනය බල්ලට ගියත් කමක් නැද්ද?
සහෝදරයා says:
එහෙනම් යාලු මෙන්න මේකට පිලිතුරක් දෙන්න,,
දැන් රටේ පවතින තත්වය අනෙක් පැත්තට තිබුනොත්,,, ඒ කීවේ බෞද්ධයන් ටිකයි,මුස්ලිම්ල දැන් ඉන්න බෞද්ධයන් ගණනට සමානයි,,අන්න එදාට අවමයක් ඉන්න බෞද්ධාගමේ පිරිසට ඔබලා දැන් අපි කරන්නාක් මෙන් සහයෝගයෙන් සිටීවිද,,සහෝදරකම් කතා කරාවිද,ආගමික සහජීවනය පතාවිද කොහෙත්ම නෑනේ සහෝදරයා,,
ඒවට උදාහරණ ඇෆ්ගනිස්තානය බංගලාදේශය වගේ රටවලින්ම පෙනෙනවගේ ඒවා අතීතයේ බහුතරය බෞද්ධ අද කීපදෙනයි,දැන් ඒ රටේ බහුතරය වන මුස්ලිම් සහෝදරයෝ ඒ ඉතිරි බෞද්ධ අයට පාන සහෝදරකම් අපිට දැන් ටීවී වලින්ම පේනවනේ සහෝදරයා,,ඉතින් කෙසේනම් විශ්වාසය ගොඩනගම්ද අධික සහෝදරකම් ගැන,,,
Anver Manatunga says:
ඇයි ඔබ ඇෆ්ගනිස්ථානය සහ බංගලිදේශය පමණක් ගන්නේ. මැලේසියාවත් ගමු. එහි බොදුනුවන් නැද්ද? එහෙ සහජීවනයක් නැද්ද?
සහෝදරයා says:
හරි අපි මැලේසියාව ගමු,, ඒත් අපි ඉන්නේ දකුණු ආසියාවේ රටක අපේ කලාපයේ තියෙන්නේ වෙනස් සංස්කෘතියක්,, ඒ කියන්නේ පොදුවේ ප්‍රචන්ඩත්වයට බර එකක්,,ඇෆ්ගන් ,බන්ග්ලා වගේ උදාහරණයන් තමා අපේ රට වලට පූර්වාදර්ශවෙන්නේ,මැලේසියාව නැගෙනහිර ආසියානු රටක් වගේම දියුණු ගනයේ රටක් එවැනි රටක ආගමික ගට්ටනයන්ට ප්‍රචන්ඩත්වය භාවිතය අල්පයි,මූල්‍ය බලය මගින් ප්‍රචන්ඩත්වයෙන් කරන දෑම කර ගැනීමයි එවැනි රටවල ස්භාවය,, අපේ වගේ දියුණු වෙමින් පවතින රටවල අනිවා ඇතිවෙන්නෙ ප්‍රචන්ඩත්වය,සිංහල බෞද්ධ සංස්කෘතිය තුල සහජීවනය තිබුනට සහෝ යම් දිනක එය යටගිය දවසක් වෙතොත් (එනම් බෞද්ධයන් මෙරට සුළු පිරිසක් වුවහොත්) එදාට මේ රටේ ආගමික ප්‍රචන්ඩත්වය කෙසේවේදැයි ගැන කාට වුවත් වැටහෙනවා,
Anver Manatunga says:
අපි හැමවිටම ඉලක්ක තැබිය යුත්තේ ඉහල අතටයි. මැලේසියාව දියුණු නම් එහි සහජීවනයක් ඇත්නම් ඇයි අපට බැරි. පවතින රජයන් විසින් ඒ සදහා මග හෙලිපෙහෙලි කළ යුතුයි.
asd says:
@ සහෝදරයා … සහෝදරයා බුද්දිමත් ව සිතන්න T V බලා ඔබ තීරණය ගන්න පුද්ගලයෙක් නම් , එකේ අනිත් පැත්තත් සිතන්න , උදහරන්න්යක් ලෙස , විදේශිකයෙක් ගෙන් හහන්න ලංකාව ගැන මොනාද දන්නේ කියල , ඔහු කියය්, සිවිල් යුද්දය , ච්නල් 4 කියය් ,L T T E කියය් ,දුෂිත පාලනයක් තියෙන රටක් කියය් , සුනාමි කියය් , යුද අපරාද කියය් , ත්‍රස්තවාදය කියය් , බෝම්බ පිපිරෙනවා කියය්( අවුරුදු දෙකකට කලින්) , මොකද හේතුව ඔබ දන්නවද ? ඔබ වගේම t v බලලා තීරණ ගන්න හින්ද , t v එකේ මිස්සු අහන්න කැමති hot නිව්ස් නිසා ඒවගේ පුවත් තමා ප්‍රචාරය කරන්නේ, එත් ඇත්ත මොකද්ද කියල ඔබ දන්නවා ඇති ,, නැත්තන් විනාඩි දෙක තුනකින් රට ගැනම කියන්න බැහැනේ , …එම විදේශිකයා ලංකවේ මාසයක් විතර නිවාඩුවක් ගත කරට පස්සේ අහන්න පැහැදිලි ලෙසම වෙනස් පිළිතුරක් ලබෙය් , ඔබට මොකද හෙතුව්ව කියලත් හිතාගන්න පුළුවන් බුද්දියක් තියෙය් කියල හිතනවා …නරකද සංසාරෙන් එතර වෙන්න කලින් ලංකාවෙන් එතර වෙලා බැලුවනම් , …..
sarji says:
@ sahodaraya
what about Myanmar.its a Buddhist country.their killing thousands of muslims.
Mr. Who-2 says:
මේ හිවලුන් එක අතකින් නැති මුස්ලිම් ප්‍රශ්නයක් බදාගෙන බයවී සිටිති. අනෙක් අතෙන් Athur C Clerk ගේ බෞද්ධයන් පමණක් සිටින ලොවක් ගැන අනාවැකියක් අදහති.
Eshan Fernando says:
ඇත්තටම යාලුවා මස් කන එක වැරදි ඒත් අපිට මස් ඕනා අපේ එදිනෙදා ආහාරයට එලවලු කෑවා කියලා හරියන්නේ නෑ..මාත් මස් වලට විරුද්ධයි මස් විකුණනේ මුස්ලිම් අය විතරක් නෙවේ සිංහලයනුත් ඉන්නවා..යුරෝපයේ හරක් මරණ වික සාධාරණයිද?නෑනේ මුස්ලිම් වරුන්ට හරක් හොරු කියන්න එපා අපි හැමෝම හරක් හොරු බව මතක තියාගන්න
Eshan Fernando says:
මේ එකෙක්ගෙ දෙන්නෙක්ගේ වැඩක් නිසා සමස්ත මුස්ලිම් ජනතාවට බනිනවා ඒක වැරදි අපි හැමෝම හොද මිනිස්සු නෙවේ අපි පව් කාරයෝ හොද මිනිස්සු නම් අපිව සාන්තුවරයට ඔසවන්න තිබ්බනේ..
hasan says:
මිනිසා හා මිනිසාගේ ජීවිතය
වර්තමාන ලංකාවේ ජනයා අතර දක්නට ලැබෙන නොමනා වැඩ එමෙන්ම අක්රමිකතා හා මිනීමැරුම් ගෙන බොහෝ සහෝදරයින් අදහස් පළ කර ඇත. මෙම සියලු අදහස්වලින් කරුණක් ඉතාමත් පැහැදිලිය. එනම් අද මානව වර්ගයා (එනම් බෞද්ධ, ක්රිස්තියානි, මුස්ලිම්, හින්දුවරුන්) ගෙන් වැඩිදෙනා සදාචාරාත්මක බවෙන් ඈතට වේගයෙන් ගමන් කරමින් සිටින බව පෙනේ. එහි ප්රතිඵලය අද සැමදෙනාම බුක්ති විඳිති.
මිනිසා කවරාකාර තත්ත්වයේ මවනු ලැබ සිටියිද?
මෙහිදී මිනිසා තමා කවරාකාරයේ මවනු ලැබ සිටියිද යන්න තේරුම් ගත යුතුය.
ඔබලා අතරින් ලක්ෂණ ක්රියාව ඇත්තා කවරෙකුදැ යි ඔබලාව සෝදිසි කිරීම පිණිස ඔහුම මරණය හා ජීවනය මැව්වේය. ඔහු සියල්ල අභිභවූ කෙනාය; අධිකව සමා කරන්නාය.(ශු.කු.67:2)
මිනිසාගෙන් කවරෙක් ලස්සන ක්රියාව ඇත්තාදැ? යි සෝදිසි කිරීම පිණිස, මිනිසාට ජීවත්වීමේ අවස්ථාවක් ලබා දී ඇති බව කුර්ආනය පවසයි. එමෙන්ම මරණයෙන් පසුව දවසක මිනිසුන් සියල්ලන්වම නැගිට්ටුවා ඔවුන් තමන්ගේ ජීවිතයේදී කළ ක්රියාකාරකම් ගැන ප්රශ්න ඇසීමක් සිදු කෙරේ. එහිදී අල්ලාහ් සිටින බවට විශ්වාස කර, සදාචාරාත්මකව තමන්ගේ ජීවිතය ගෙවූ කෙනාට ස්වර්ගය පිරිනැමේ. එයට පටහැනිව ක්රියා කළ අයට නිරයේ වේදනාවට මුහුණ දීමට සිදු වේ.
මිනිසුන් අතර තරඟකාරිත්වයක් ඇතිවීමට හේතුව කුමක්ද?
අද ලෝකයේ නොසන්සුන්තාවයක් ඇති වීමට ප්රධාන හේතුව, මානව වර්ගයා තුළ දක්නට ලැබෙන තරඟකාරිත්වයයි. මෙම තරඟකාරිත්වය ඇතිවීමට හේතුව කුමක්ද?
මෙලෝ ජීවිතය යන්න විනෝදයක්ද, නිෂ්ඵල දෙයක්ද, අලංකාරයද, ඔබලා අතර අහංකාරකම පෙන්වාගැනීමද, සම්පත් හා දරුවන්ව අධික කරගැනීමද වේ යැයි දැනගන්න.(ශු.කු.57:20)
සදාචාරාත්මක ක්රියා පැත්තකට දමා, තමන්ට සිතන පරිදි තම ජීවිතය සකසා ගන්නෝ, මෙලෝ ජීවිතය නිෂ්ඵල දෙයක් ලෙස සිතති. එමෙන්ම විනෝදයක් ලෙසද සිතති. එමෙන්ම එකිනෙකා අනෙකාට තම තත්ත්වය පෙන්වා තම අහංකාරකම පෙන්වති. එමෙන්ම සම්පත් අධික කරගැනීමට වෙහෙස දරති. එමෙන්ම දරුවන් හදාගෙන එමගින් සතුටුවීමටද අහංකාරකම් පෙන්වීමටද උත්සාහ දරති.
මිනිසාව යහ මඟෙහි යන්නට නොදී වළක්වන හැකියාවක් මෙලෝ ජීවිතයට තිබේද? එය ගැන කුර්ආනය කුමක් පවසයිද?
මිනිසුනි! අල්ලාහ්ගේ ප්ර්තිඥාව සත්ය වේ. එහෙයින්, මෙලෝ ජීවිතය ඔබලාව නොරැවටිය යුතුය. රවටන්නාද අල්ලාහ්ගේ විෂයෙහි ඔබලාව නොරැවටිය යුතුය.(ශු.කු.35:5)
ඉහත කුර්ආනයේ වැකියෙන් කාරණා කීපයක් කියවේ.
1.අල්ලාහ් “මිනිසුනි!“ යැයි මුළු මානව වර්ගයාවම අමතා පවසයි. එනම් මෙම උපදෙස මුළු මානව වර්ගයාටමය.
2. අල්ලාහ්ගේ ප්රතිඥාව සත්ය වේ.. යන්නෙහි අර්ථය කුමක්ද?
දවසක මෙලොව අල්ලාහ් විසින් විනාශ කරනු ලබන්නේය. එහිදී මිනිසා ඇතුළු සියලුම ජීවීන් මරණයට පත් වේ. පසුව සියලුම මිනිස්සු පණ දී නැගිට්ටුවන ලබන්නෝය. ඉන් පසුව ලොවේදී ඔවුන් කළ ක්රියා ගැන ප්රශ්න කිරීමක් සිදුවේ. එහිදී අල්ලාහ්ව විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගය ප්රදානය කෙරේ. එසේ ක්රියා නොකළ අයව නිරයෙහි දමා දඞුවම්දීමක් සිදු කෙරේ.
එහෙයින් මිනිසාව නැගිට්ටුවා ප්රශ්න කිරීමෙන් අනතුරුව මිනිසා ස්වර්ගයට ඇතුළු කරනු ලබන්නේය නැතිනම් නිරයෙහි ඇතුළු කරනු ලබන්නේය යන අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යක් බව අල්ලාහ් පවසයි.
3. එහෙයින්, මෙලෝ ජීවිතය ඔබලාව නොරැවටිය යුතුය.
මෙලෝ ජීවිතය මිනිසාව රවටන සුළු දෙයක් බව අල්ලාහ් මානව වර්ගයාට උපදෙස් දෙයි.
රැවටීම යනු කුමක්ද? එනම් යහ මාර්ගයේ ගමන් කළේ නම් ස්වර්ගය ලැබෙන්නේය යැයි අල්ලාහ් පවසයි. මෙසේ යහ මාර්ගයේ යන්නට නොදී, එලොව යන්න බොරුවකි. එය මිත්යාවකි. මෙලෝ ජීවිතය හැර වෙන ජීවිතයක් නොමැත යනාදී වශයෙන් එලොව ගැන සිතන්නට ඉඩ නොදී, මෙලෝ ජීවිතය ගැන මිනිසාට දැඩි ඇල්මක් ඇති කර යහ මාර්ගයේ යන්නට නොදී වෙනත් මාර්ගයක යැවීමට මිනිසාගේ සිත තුළ හැඟීම් ඇති කිරීම මිනිසාව රැවටීම වේ.
මානව වර්ගයාගෙන් වැඩිදෙනෙක් මෙම රැවටීමට හසුවී හමාරය.
4. රවටන්නාද අල්ලාහ්ගේ විෂයෙහි ඔබලාව නොරැවටිය යුතුය.
රවටන්නා යනු කවරෙක්ද?
අල්ලාහ් මිනිසාව මැව්වා සේම තවත් ජීවීන්වද මවා ඇත. ජින් නැමති සමූහයක්ද මවා ඇත. ඔවුන් අපගේ ඇස්වලට නොපෙනේ. මිනිසා මෙන් මෙම ජින්වරුන් අතරද අල්ලාහ්ව විශ්වාස කරන්නෝද සිටිති. එමෙන්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නෝද සිටිති.
මෙසේ අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නෝ ෂෛතාන් යන නමින් හැඳින්වේ. ෂෛතාන් මිනිසාගේ සතුරාය. කෙසේ හෝ මිනිසාව නිරයට යැවිය යුතුයි යන අරමුණෙන් ඔවුහු ක්රියා කරති.
අල්ලාහ් මෙම ජින්වරුන්ට විශේෂ හැකියාවක් ලබා දී තිබේ. එනම් මෙම ෂෛතාන්වරුන්ට මිනිසාගේ සිත තුළ හැඟීම් ඇති කිරීමේ හැකියාවක් ඇත. මිනිසා කරන සියලුම අක්රමිකතාවලට පෙළඹවීම් කරනුයේ මෙම ෂෛතාන්ය.
එනිසා මෙම ෂෛතාන් මිනිසාට අල්ලාහ් පවසන මාර්ගයේ යන්න නොදී, වැරදි මාර්ගයක යැවීම පිණිස ඔහුට මෙලෝ ජීවිතය අලංකාරවත් කර පෙන්වා ඔහුව රවටයි.
එහෙයින් මෙලෝ ජීවිතය හා මිනිසා කවර පරිසරයක ජීවත්වෙයිද යන්න නිසියාකාරව වටහාගෙන තමාගේ ජීවිතය හැඩගස්වාගන්නා බුද්ධිමතෙකි.
sarji says:
HOns Mervin silva’s view abt Mulim women’s hijab.published in lcn.
මුස්ලිම් කාන්තාවන් සිය ශරීර අංග වසාගෙන සිටින බැවින් පිරිමි පක්‍ෂයට ආශාවක් ඇති නොවන බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
අනිත් තරුණියන් බාගෙට කාලෙට ඇඳගෙන පාරෙ යනකොට බලහත්කාරකම් කරන් හිතෙන බවත් අමාත්‍යවරයා පැවසුවේ මඩකලපුව රිදීතැන්න ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
අමාත්‍යවරයා මෙසේද කීය.
‘බලන්න කාන්තා පක්‍ෂය, ඔළුව වහගෙන.. ඇඟත් වහගෙන. සමහර ඉස්ලාමීය කාන්තාවන් මූණත් වහගෙන. ඇයි ඒ… තමන්ගේ සංස්කෘතිය රැුකෙනකොට පිරිමි පක්‍ෂයට ආශාවක් ඇතිවෙන්නෙ නැහැ. අපේ තරුණියන්… එක්කො ඇඳුම කොටයි. එක්කො අත් නෑ. එක්කො කර නෑ. නොපෙනෙන දේවල් උස්සල පෙන්නගෙන යනව. බෞද්ධයෙක් හැටියට අත වනනකොට කවුද අහක බලන්නෙ. අත වනනකොට යන්න හිතෙනව. ගියාම අකමැතිනම් පොරබදන්න හිතෙනව. අන්න පොලීසියෙ නඩුව බලහත්කාරකමක් කිරීම. බලහත්කාරකම් කරන්න පෙළඹුවෙ කවුද? අර බාගෙට කාලට ඇඳගගෙන සමාජගතවෙච්ච ඒ තරුණියන්’
Rashid says:
very well written article brother Manatunga. These people are talking about killing cows and I ask the SINAHALAYA the following: In Sri Lanka, if the Cows are not killed and eaten, do we have Cows or People? How many cows may be roaming around the cities? We have around 2500 cities in Sri Lanka and if 2 cows are slaughtered for meat in each city every that is 5000 cows a day. If we multiply that by 300 days (leaving poya days) ther will be 1,5 Million cows killed per year. Just imagine no body ate cows and will Mr. SINAHALAYA have a place to STAND on the ground? All cows will be roaming around. Think Mr. Sinahalya, people like you only will destroy this country.
shafik says:
කව්රු මොනදේ කීවත් කලත් දුරදිග බලා සජීවනයෙන් යුතුව කටයුතු කිරීම බොහෝ වටී.
lankan says:
good post anver bro
Hafeel says:
අන්වර් සහෝදරයාට ගොඩාක් ස්තුතියි මෙවෙනි කාලෝචිත සටහනක් දැමිම ගැන.දැන් අපේ රටේ සාමය පවතිනවා සහජීවනය තමා අවශය වන්නෙ.මෙ සදහා අප කවුරුත් එක්වී කටයුතු කළ යුතුයි.එසේ උනානම් අපේ මෙ පුංචි රට කොතරම් සුන්දර රටක් වේවිද.
Eshan says:
සහෝදරයා අන්වර් කරන දේ හරි මේ මෝඩ සිංහලයන්ට ඔය දේවල් තේරෙන්නේ නෑ..මාත් සිංහල භාශාව කතා කරන කතෝලිකයෙක් මා ගාව නෑ ජාති භේද එහෙම හිතුවානම් මෙ රට සුන්දරයි මහා වංශය පිලිගෙන ඔවුන්ගේ සිංහල රට කියලා කෑ ගැහුවට ලංකාවේ ඉතිහාසය ගැන තිබුනේ යාපනයේ ගිනිතැබු පුස්තකාලේ සිංහලයෝ බිය උනා ඔවුන්ගේ මනස්ගාත ආගමික පුස්තකයට ඇත්ත ඉතිහාස පොතෙන් පහර වදිවී කියලා..ඒකයි පුස්තකාලෙට ගිනි තියල තියෙන්නෙ…අද රට ගන්න බැරි තරමට වලකට වැටිල ඉන්නේ මේ ජාතිවාදය නිසා
Anver Manatunga says:
සහෝදරයා සිංහලයන් මෝඩ නැහැ. මමත් සිංහලයෙක්. අප අතර කපටි ආගම්බේධවාදීන් ටිකක් ඉන්නවා. ඒ අයට රැවටෙන මෝඩ සුළු පිරිසක්ද ඉන්නවා. නමුත් බහුතරය බුද්ධිමත්. ඒ අය මේ ආගම්බේධවාදීන්ට රැවටෙන්නේ නැහැ.
asd says:
@ Eshanvery true brother… gd comment , මුන් උඩ පැන්නට , ඒවා හංගන්න බෑ
mohamed says:
සිංහලය මෝඩ නෑ සහෝදරයා එහෙම කියන්න එපා හොඳ අය ගොඩක් ඉන්නවා. මේ අන්තවාදී එවුන් ඉන්නේ පොඩි ප්‍රමාණයයි උන් තමයි එක එක නමින් ඇවිල්ල බොරුවට අන්තර්ජාලයේ කොමන්ට් කරන්නේ.යාපනය පුස්තකාලයට ගිනිතිබ්බේ නම් දෙමල අය ඉගෙනගන්න එකට ඉර්ෂියාවට එක මුළු ලෝකෙම දන්නවා. මේ අන්තවාදීන්ගේ අරමුණ දෙමළ අයට පහරදීලා ඉවර නිසා දැන් මුස්ලිම් අයට පහර දෙන්න ඊළගට කතෝලිකයට එකයි ඇත්ත.
විශාක says:
අන්වර් මහතාණෙනි!මම ඔබතුමාගේ අදහස්වලට ගරු කරනවා.මම ඉස්ලාම් ආගම ඉගෙනගන්න කෙනෙක්.නමුත් මට ඉස්ලාම් ධර්මයේ ඇතැම් කරුණු වටහාගන්න බෑ.ඔබතුමා කැමතිනම් මම ඔබතුමා සමඟ කතා කරන්න කැමතියි.හැකිනම් ඔබතුමාව සම්බන්ද කරගන්න ක්‍රමයක් කියන්න.මම විශාක.
Anver Manatunga says:
මේක ඉස්ලාම් ආගමික වෙබ් අඩවියක් නෙමෙයි. කරුණාකර ඉස්ලාම් වෙබ් අඩවියක් අමතන්න.
hasan says:
@විශාක
///අන්වර් මහතාණෙනි!මම ඔබතුමාගේ අදහස්වලට ගරු කරනවා.මම ඉස්ලාම් ආගම ඉගෙනගන්න කෙනෙක්.නමුත් මට ඉස්ලාම් ධර්මයේ ඇතැම් කරුණු වටහාගන්න බෑ.ඔබතුමා කැමතිනම් මම ඔබතුමා සමඟ කතා කරන්න කැමතියි.හැකිනම් ඔබතුමාව සම්බන්ද කරගන්න ක්රයමයක් කියන්න.මම විශාක.///
සහෝදරයා! ඔබට ඉස්ලාමය ගැන දැනගන්න ඕනෑ නම් මාගේ ‘ඊමේල්‘ එකට ඔබගේ ප්රශ්නය යොමු කරන්න! මට හැකි පමණින් ඉන්ෂා අල්ලාහ් මම උදව් කරන්නෙමි
sathyaislaamaya@gmail.com
kalane malka says:
halo
anvar oba kathakarana sahayogithvaya aththatama muslim varu athara na.hodama udaharanaya katavath karadarayak nathi afgan bamiyan budu pilema vahansava kaduve mona hithakinda?ko ane oba kiyana sahayagethvaya.
Anver Manatunga says:
ඇෆ්ගනිස්ථානයේ සිටි පාලකයන් සහ බටහිර රටවල් අතර තිබුණු ප්‍රශ්නයකට බාමියන් ප්‍රථිමා විනාශ කල එකට සමස්ථ ලෝක මුස්ලිම් ප්‍රජාවම පලිද? ලොව විශාලතම බුද්ධ ප්‍රථිමාව වන බොරෝ බුදුර් පිහිටා තිබෙන්නේ කොහේද? ලොව විශාලතම බෝසතාණන් දුශ්කරක්‍රියා කරන පිළිරුව පිහිටා තිබෙන්නේ කොහේද? මුස්ලිම් රටවල නොවේද?
ඒවා අද පෞරාණික වස්තු ලෙස ආරක්ෂා කරන්නේ කවුද? මුස්ලිම් වරුන් නොවේද? එසේ නම් සමස්ථ මුස්ලිම් ප්‍රජාවට ඔබ නගන දොස් සාධාරණද?
Nimesh senanayaka. says:
HAMBAYO EKKA MONA SAHAYOGADA BN?
ADATH API GEHUWA MARADANA ZAHIRA EKE THAMBIYEKTA NALANDE MALLI KENEKTA TALK DENDA AWITH
Anver Manatunga says:
එතකොට ලංකාව ධර්ම ද්වීපයක් වෙයි.
අම්මාර් says:
ඉතාමත්ම වැදගත් කරුණු කිහිපයක්ම තියෙන හොඳ ලිපියක්.
සමාජයේ සහජීවනය නැවත ගොඩනගන්ඩ නම් වෙනස්කම් කිහිපයක්ම සිදුවෙන්ඩ ඕනේ. මුල්ම වෙනස සිදුවිය යුත්තේ අපගේ සිත් තුලයි. අනෙකුත් ජාතින් , ආගම් ගැන අප සිත්තුල ගෞරවයක් ඇතිවිය යුතයි. අනෙකුත් ආගම් , ජාතින් ගැන අප සිත්තුල අපි වෛරය , ක්‍රෝධය නැති කරගත යුතයි. තම්බියා , හම්බයා , දෙමළා, වැනි අපහාසාත්මක වදන් දුරලලා අනිත් ජාතීන්ට ගෞරවයෙන් අමතන දාට තමයි සැබෑම සහජීවනය ඇති වෙන්නේ .
අනික් කරුණ නම් අපේ සැවොම අනිත් ආගම් ගැන සුළු දැනුමක් ලබාගැනීමට උත්සහ කලයුතුයි . අප එම දැනුම අප ලබාගත් යුත්තේ අදාල ආගමේ පිළිගත් මුලාශ්‍ර වලින් පමණි. අවාසනාවකට අද සමාජයේ එම තත්වය නැති නිසා අන්තවාදී වෙබ් අඩවි හා Facebook කරුවන් එම අඩුවෙන ප්‍රයෝජන ලබති. ඔවුන් අනිත් ආගම් වල නැති කරුණු ඇති ලෙසද ,ඇති කරුණු නැති ලෙසද පෙන්වා එම ආගම් ගැන වැරදි චිත්‍රයක් මවාපෑමට උත්සහ කරයි. අද මෙයට වැඩියෙන්ම මොවුන්ගේ ගොදුරු වී ඇත්තේ ඉස්ලාම් දහමයි. අනෙකුත් ආගම්ද මොවුන්ගේ ගොදුරු බවට පත්වීමට කලින් අප ඔවුන්ව නැවත විය යුතුයි . එසේ නැතිව අපට සහජීවනය ඇත කරගත නොහැක .
අනිත් කරුණ නම් මිනිසුන් කරන වැරදි වලට ඔවුන්ගේ ආගම පටලවා ගැනීමයි. සිංහල ජාතිකයන් කරන වැරදි වලට බුදුදහම පලි නැත . මුස්ලිම් ජාතිකයන් කරන වැරදි වලට ඉස්ලාම් ආගම පලි නැත. එම නිසා මිනිසුන් කරන වැරදි නිසා අපි අනිත් ආගම් ගැන වෛරයක් ඇති නොකර ගත යුතය.
kalane malka says:
bamiyan budu pilemaya kaduvata mulu muslim prajavama paleda?
anvar.atha kota bauddayan bahutharayak mansha anubava karata buduhamuduruvo paleda?
obage katha siyallama praspara kthaya.oba thanekarama karanne muslim antha vadaya vapiremai.obata maranen pasuvath sanasimak labena akak na anvar.obata aithi apaya misa svargaya nove.
Anver Manatunga says:
බොදුනුවන් බහුතරයක් මාංශ අනුබව කළාට බුදුරජාණන් වහන්සේ පලි යැයි මා කොතැනකවත් සදහන් කර නැත්තෙමි. බුදුරජාණන් වහන්සේද මාංශ අනුබව කර ඇති බව පමණක් පවසා ඇත්තෙමි. බලන්න http://www.anvermanatunga.com/2012/07/11/vegetarianism/
මගේ පරස්පර කථා තිබෙනවා නම් ඉදිරිපත් කරන්න.
මට නියම අපාය කියන්නේ ඔබ යම රජ්ජුරුවන්ගේ දුව බැදපු කෙනාද? මගේ ඉරණම ගැන කථා කරන්න කලින් ඔබ ඔබගේ ඉරනම කුමක්දැයි අනෙක් ආගම්ද ඉගෙන ගෙන බලන්න.
kalane malka says:
anvar obata gahanu piremi aduragannavath bavage.mata penne oba amuthuma olmadayakin inna kenek.essara vela gahanunta katha karanna eganaganna.
buduhamuduruvo koheddeda halo mas anubava kale.modayak vage danne nathideval katha karala pau puravaganna apa.sukara mandava kiyanni uru mas nevi .aya hathu jathiyak.moda kamata behethak thavama hoya gena na.hoya gaththama kiyannam.ok
Anver Manatunga says:
anvar obata gahanu piremi aduragannavath bavage.mata penne oba amuthuma olmadayakin inna kenek.essara vela gahanunta katha karanna eganaganna.
ඔබගේ නම සදහන්ව තිබෙන්නේ kalane malka යනුවෙන් එය සැබෑ නමක් යැයි පෙනෙන්නට නැහැ. ඒ නමින් ඔබ ගැහැණුද පිරිමිද කියා මට අදුනාගන්න බැහැ. මා සිතුවේ ඔබ පිරිමි කෙනෙක් කියලයි.
buduhamuduruvo koheddeda halo mas anubava kale.modayak vage danne nathideval katha karala pau puravaganna apa.sukara mandava kiyanni uru mas nevi .aya hathu jathiyak.moda kamata behethak thavama hoya gena na.hoya gaththama kiyannam.ok
බුදුරජාණන් වහන්සේ මාංශ අනුභව කල බව මා උපුටා දැක්වුයේ රේරුකානේ චන්දිවිමල නාහිමිගේ වදනින්. උන්වහන්සේ එය උපුටාගෙන තිබුනේ ත්‍රිපිටකයෙන්. ඊට වඩා බුද්ධිමත් මතයක් පලකරන්න ඔබ කවුද? අනෙක එවැනි මතයක් ඔබ පවසනවා නම් මූලාශ්‍ර සහිතව සදහන් කරන්න. ඔබගේ කටවදනෙන් පවසන දේ පිළිගන්න අපි ලෑස්ති නැහැ.
kalane malka says:
mr anvar obata mage namin mava gahanuda /primida kiyala vath aduraganna bari oba kasenam gaburu uth nermalauth budda darmaya aduna ganivida? asanam oba kase budda darmaya gan tharka ediripath karannehida?
oba kagehari namak yodagena a hamuduruvo kiva ho liva buduhamuduruvo uru mas kavakiyala liyanava.harima saralai oyavage moda tharka onama modayekuta unath edirupath karanna puluvan.
ex.1825 de rachana kara nufr ikbal kiyana vidvatha liyapu gavesantahmaka kruthiya kiyanava alla diviyan ak avasthavaka uru mas anubava kara kiyala . ase nam muslim aya ai uru mas nokanne.
Anver Manatunga says:
mr anvar obata mage namin mava gahanuda /primida kiyala vath aduraganna bari oba kasenam gaburu uth nermalauth budda darmaya aduna ganivida? asanam oba kase budda darmaya gan tharka ediripath karannehida?
ඔබ මෙතරම් මෝඩ තර්ක ඉදිරිපත් කරයි කියා මා සිතුවේ නැහැ. ඔබ ලියන හැටි බලන්න. ඔබ සිංහල ලියන්නේ ඉංග්‍රීසියෙනි. එය කියවා වටහා ගැනීමටද අසීරුය. ඔබ විසින් ලියා ඇති නම සිංහලෙන් කියවෙන්නේ. කැලනේ මැල්කා යනුවෙනි. එය ගැහැනුද පිරිමිද හෝ සිංහලද කියාවත් තේරුම් ගත නොහැක. ඔබ බුදු දහම උපමා කරන්නේද? ඔබ ලියා ඇති අපබ්‍රංස ශෛලියටද?
oba kagehari namak yodagena a hamuduruvo kiva ho liva buduhamuduruvo uru mas kavakiyala liyanava.harima saralai oyavage moda tharka onama modayekuta unath edirupath karanna puluvan.
මා විසින් ඌරු මස් අනුභවය සම්බන්ධව උපුටා ගැනීම ඉදිරිපත් කර ඇත්තේ රචනා කරන ලද හිමි නම, පොතේ නම, සහ පිටු අංකද සමගිනි. ඔබට අවශ්‍ය නම් ඒ පොත සොයාගෙන කියවා ඇත්ත නැත්ත බේරුම් කරගත හැක. කෙසේ වුවද මා විසින් නගන ලද තර්කය නිසා බොහෝ දෙනෙකුට රිදී ඇති බවත් කරකියා ගැනීමට කිසිදෙයක් නැති නිසා ලත වෙන බවත් දනිමි.
ex.1825 de rachana kara nufr ikbal kiyana vidvatha liyapu gavesantahmaka kruthiya kiyanava alla diviyan ak avasthavaka uru mas anubava kara kiyala . ase nam muslim aya ai uru mas nokanne.
අල්ලාහ් යනු ආහාර අවශ්‍ය නොවන කිසිවකින් යැපෙන්නේ නැති දෙවිදුන්ය. ඔබ ඔය කියන විද්වතා හිටියේ කොහේද? ලිව්ව පොතෙහි නම කුමක්ද? ඒ පොත දැන් බැලිය හැක්කේ කොහේද? පුළුවන්නම් ඉදිරිපත් කරන්න. මා එකක් දනිමි. ඔබ මේ ලිව්වේ පට්ටපල් බොරුවකි. ඔබගේ දහම සම්බන්ධව මා ඉදිරිපත් කරන ලද තර්ක බිදීමට දැන් ඔබට සත්‍ය මුලාශ්‍ර නැත. ඔබ ඒ නිසා ව්‍යාජ ඒවා ඉදිරිපත් කරයි. ඔබ කොපමණ බංකොලොත් වෙලාද?
kalane malka says:
uputa ganema ;;;;obage nama sadahan vi thibune kalane malka yanuvine aya sabanamak yai panannata naha.
1.KALANE MALKA
2.ANVAR MANATHUNGA
me nam dekin oblata kavda gahanu kavda prime kiyala hadunaganimata hakida?
me na dakin kumana nama sabanamak da kiyala obalata adunaganemata hakida?
MAMA VEB ADAVEYA KIYAVANA PATAKAYAN SADAHA PAMANI.
Anver Manatunga says:
ඔබගේ නම ඉංග්‍රීසියෙන් කියවෙන්නේ
කැලනේ මැල්කා යනුවෙනි. එය පුරුෂද? ස්ත්‍රීද? යන්න මා තෝරා ගන්නේ කෙසේද? එය සැබෑ නමක් ලෙස පෙනෙන්නේ කෙසේද?
Shiraz says:
කාලකන්නි මල්ක වෙත, කරුණාකරලා ධර්ම ද්වීපයේ ඉරණම කුමක් වේදයි පවසන්න
Anver Manatunga says:
ශිරාස්, ඇය අපට එරෙහි වුවාට අප සමග යහපත් සංවාදයක යෙදෙන්නට උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා අප මෙවැනි වදන් නොපවසා ඉමු.
Shiraz says:
මා පැවසුවේ ඇත්ත… ඇය කාලය ක දමයි ඇයගේ නම නිසා…
kalane malka says:
mr anvar
mata oba gana harima dukai.(ex) kiyana ake tharuma kumakda kiyalavath danna nadda?mama (ex)(udaharanayak) kiyala lewvi boruvak bava aththa.aka mama (ex)udaharanayak vidiyata gaththi oba liyapu hamuduruvo kiva kiyala liyapu amu patatapal boruva gana penvadimatai.
saralava kivoth matath puluvan aravidiyata leyanna.oba kiyanava a hamuduruvo leva pothak gana.kavda halo oya kiyana potha kiyavanna yanne.puluvannam mama kiyana pothath kiyavala balanna. oya vidiyata tharka karana aka harama vihiluvak.api school yana kaladith oya vagi moda tharka ediri pathkara.
2.kalane malka oba kiyanava mage nama varadi kiyala.a kiyanne mage uppanyath varadi.
#.mata mage nama hariyata liyala avanna.pls
Anver Manatunga says:
ඔබ ඉස්කෝලෙ යනකාලේ ඔය වගේ මෝඩ තර්ක කළාද? ඒ කියන්නේ ඔබගේ ඉස්කෝලේ ඉදලා තියෙන්නේ ගල් මැට්ටෝ ඔබලා කියන දේ ඒ ආකාරයෙන්ම පිළිගන්න. නමුත් අපිත් එහෙම පාසල් කාලේ තර්ක කළා. අපි ඔබලා වගේ බොරු කිව්වේ නැහැ. එහෙම කිව්වා නම් ප්‍රතිවාදී පිලේ අය අප සමග තර්ක කරනවා. මන්ද ඒ අය ඔබලා වගේ ගල් මැට්ටන් නොවන නිසා.
ඔබගේ නම කුමක්ද? කියා තවම මට හරියට කියවන්න අපහසුයි. ඔබගේ නම ඔබම දෙවිදිහකට ලියන බව පේනවා. ඔබ මෙහි නම ලියා ඇත්තේ kalane malka කියායි. නමුත් ඔබේ ඊමේල් ලිපිනයේ සදහන් වන්නේ kalanimalka කියායි. එක තැනක “I” අනෙක් තැන “E” මේ දෙකෙන් හරි මොකක්ද?
sana says:
ඇත්තටම මේ කාලකන්නි මල්කා නම් මෝඩයන්ගේ ඉස්කෝලෙකට ගිහිල්ල තියන්නේ, එයාගේ නම ගැන තර්ක කරන්නම හය මාසයක් විතර ගන්නවා. ලියන විදිහනම් මාළු කඩකාරයන්ගේ බාෂාවෙන්. sms සින්ගිරීසියෙන්, සිංහල නම් එන්නකෝ හොඳ සින්හලවලින්. තව 1800 ගණන්වල පොතක් ගෙන කියල තියනවා, අනේ අපිටත් අර පොත කියවන්න ඕනේ පොතේ නම හා කොහෙන්ද ලබාගන්න පුළුවන් කියල ලිව්වනම් ලොකු දෙයක්.
Anver Manatunga says:
නම විකෘති කරලා ලියන්න එපා. අප පුළුවන් තරම් යහපත් ආකාරයටම සංවාදයේ යෙදෙමු. එයා කියන ආකාරයට එයා පැමිණිලා තියෙන්නේ සැබෑ නමින්මයි. අප ඒකට ගරු කරමු.
kalane malka says:
mr sana
oyalagi agame gahanunta mulu agama vahagana yanna kiyala nabithuma kiyala thibunata gahanunta kathakarana vidiyavath ugannala navage.
sana kiyala boru nama dagena inne bayatada nathnam oyatath kondak nadda?
sana says:
malka@,
ඔබ ලියන සෛලය අනුව මම හිතුවේ පිරිමියෙක් කියල, ඔබ කාන්තාවක් නම් මගේ වචනවලින් ඔබේ හිත රිදුනානම් සමාවන්න. නමුත් මා අඳුනන ගොඩක් සිංහල බෝව්ද උගත් හා නුගත් කාන්තාවෝ ඉන්නවා, ඒ අය කිසිවිටක පිටස්තර කෙනෙකුට විසේසයෙන් මාද්‍ය හරහා තර්ක වාද කිරීමේදී හලෝ කියන වචනය පාවිච්චි කරන්නේ නෑ. අනෙක ඔයාලගේ අය අමු තිත්ත කුණුහරුපෙන් කොමන්ට් කරලා තියනවා ඒ අයගේ සදාචාරය ගැන ඔබගේ බුදුහාමුදුරුවන්ගේ වදන්වලින් මොනවද කියල තියන්නේ?
sana says:
sana කියන්නේ මගේ උප්පැන්නේ නම නෙවෙයි. නමුත් මා පොඩි කාලේ සිට අනිත් අය මට කතා කරපු පෙට් නමක්, මේ නමින් තමයි මට මා හඳුනන තැන්වල කතා කරන්නේ, මම කිසිවිටක බයවෙන්න කිසි වැරද්දක් කරලා නෑ. ඔයාට මගේ නමින් ප්‍රස්නයක් නෑ කියල හිතනවා. අනෙක මගේ පිට කොන්දේ හයිය ගෙන අහලා තියනවා එක දැනගෙන ඔයා මොනවා කරන්නද? මම කිසි ප්‍රශ්නයකින් පැනල ගියේ නෑ. ඔයා ගැහෙනියෙක් කියා අපට කියල ගරු කිරීම් බලාපොරුත්තු වෙනවා ඒ වගේම කාන්තාවක් පිරිමියෙකුට ආමන්ත්‍රණය ක්රීමේදීද මෙයට (හලෝ වැනි) වඩා හොඳ වච්චන සිංහල බාෂාවේ තිබෙනවා.