Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

දෙගුරුන්ට සැලකීම සහ වැඳීම පටලවා ගැනීම

පාසැල් සිසුවා

පාසැල් සිසුවා

අපේ රටේ මුස්ලිම් සහ ක්‍රිස්තියානි දරුවන්ට අත්විඳින්න වෙන පොදු ගැටළුවක් නම් මුස්ලිම් හෝ කිතුණු නොවන පාසලකදී ගුරුවරුන් නමදින්නට සිදුවීමයි. බොහෝ ගුරුවරුන් මෙහිදී අන්‍යාගමික දරුවන්ට නම්‍යශීලී වන නමුදු තවත් සමහරුන් සිතන්නේ බොදුනු හෝ හින්දු පාසලකට අන්‍යාගමික දරුවෙක් ඇතුළු වන්නේද ඒ දරුවා එහිදී ගුරුවරුන් නැමදිය යුතු බවයි.

 

මෙහිදී අපට දක්නට ලැබෙන ප්‍රධාන කරුණක් ඇත. එනම් බොහෝ දෙනෙක් සිතන්නේ පුද්ගල වන්දනාව යනු දෙගුරුන් සැලකීමේ අංගයක් ලෙසයි. නමුත් මගේ අදහස නම් දෙගුරුන් සැලකීමට පුද්ගල වන්දනාවක් අවැසි නොවන බවයි. දෙගුරුන්ට සැලකීම, ඔවුන්ට ගරු කිරීම සහ ඔවුන්ට වැඳීම යනු කාරණා තුනකි. වැඳීමකින් තොරව ගරු කිරීමට සහ සැලකීමට හැකියාවක් ඇත. කෙසේ නමුත් මේ මාතෘකාවද මුස්ලිම් වරුන්ට එරෙහිව ඇති චෝදනාවක් නිසා මේ ලිපිය ලියමි.

 

කුඩා කල මම පාසලේදී කිතුණුවෙක් නිසා ගුරු දෙගුරුන් නොවඳිමියි කී කල ගුරුවරියක විසින් මා බලෙන්ම වන්දවා ගත් සැටි මට තවමත් මතකයි. ඒ දිනවල ඇයට එරෙහිව තර්ක කරන්නට තරම් මා වැඩී නොසිටියෙමි. නමුත් එතැන් පටන් මේ ප්‍රශ්නය කෙරෙහි මගේ අවධානය යොමු විය. ඇත්තටම දෙගුරුන්ට සැලකීමක් සහ ගරු කිරීමක් වශයෙන් ඔවුන්ට වැඳිය යුතුද? වඳින්නේ නැතිව ඔවුන්ට ගරු කරන්නට හෝ සලකන්නට නොහැකිද? අවශ්‍යතාවය වැඳීමද? ගරු කිරීමද? නමුත් කල්ගත වෙත්ම මම මෙහි යථාර්තය අවබෝධ කරගත්තෙමි. එනම් ගුරුවරුන්ට වඳින දරුවාත් ගුරුවරුන්ට නොවඳින දරුවාත් අතර ගුරු ගෞරවය වෙනසක් නොමැති බවයි.

 

මා සිටියේ බෞද්ධ බහුතරයක් සිටින පාසලකයි. පාසලේ බොදුනු සියළුම දරුවන් සිරිතක් වශයෙන් ගුරුවරුන් නමදින ලදී. නමුත් මේ අය අතර දඩබ්බර සිසුන්ද විය. අපේ පාසලේ ටිකක් සැර ගුරුවරයෙක්ගේ යතුරු පැදියේ තෙල් ටැංකියට නොහොබිනා සිසුන් කන්ඩායමක් විසින් ඇමරි කුඩු දැමු බව මා කුඩා කාලයේ ඇසු ප්‍රවෘත්තියකි. තවත් සිසුන් පිරිසක් අ.පො.ස සා/පෙල අවසන්ව ඉගැන්වු ගුරුවරයෙක්ට පහර දෙන්නට සිටින බවට ආරංචිවු අපි ඒ සඳහා මැදිහත්ව ගුරුවරුන්ට පහර දීම වැලැක්වුයෙමු. අද ඒ සිසුන්ගෙන් කෙනෙකු මත්කුඩු වලටද ඇබ්බැහිවු අයෙකි.  

 

දිනක් මගේ දරුවා ඔහු සිටි පාසලෙන් අස්කරගන්නට සිදුවිය. අස්වන දිනයේදී පංතියට ගොස් ගුරුතුමියට ආචාර කරන්නට ගිය විට ගුරුතුමිය නොවැන්ද නිසා, “වැඩිහිටියන්ටවත් සලකන්න දන්නැති ආගමක්!” යනුවෙන් ගුරුතුමිය මගේ ඉදිරිපිටම පවසන ලදී. මා ඇයට ප්‍රතිඋත්තර වශයෙන් පැනයක් නැගුවෙමි. “ඔබ කියන පරිදි අප හරියට වැඩිහිටියන්ට සලකන්න දන්නෙ නැති ආගමක්. අපේ සමාජයේ ලංකාවටම තිබෙන්නේ මහළු නිවාස එකයි. ඔබගේ සමාජයේ කීයක් තියෙනවාද?” මෙය ඇසු අපේ ගුරුතුමිය තෘෂ්ණිම්භූතව මා දෙස බලා සිටියා මිස ඉන් පසුව කිසිවක් නොපවසන ලදී. අපගේ දරුවන්ගෙන් සිදුවිය යුත්තේ ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට සැලකීම මිස වන්දනය නොවේ.

 

දෙගුරුන්ට සලකන්නේ නැති එහෙත් වඳින දරුවෙක්ගෙන් දෙගුරුන්ට වැඩක් නැත. නමුත් අපේ රටේ බොදුනු දරුවන් සිටින්නේ සංස්කෘතිමය සීමාවකයි. මා මෙහිදී ඔවුන් ඔවුන්ගේ සංස්කෘතික සීමාවන් පැන ආයුතු බව නොපවසමි. නමුත් අන්‍යාගමික දරුවන්ගේ දහම් වල ඔවුන්ගේ සංස්කෘතීන් වල දෙගුරුන්ට වැඳීමක් නොමැති නම් ඔවුන්ට ඒ සඳහා ඉඩ සලසා දිය යුතුය. මෙහිදී බොහෝ ගුරුවරුන් අන්‍යාගමික දරුවන් කෙරෙහි සහනශීලී වන නමුදු ඉතාමත් අඩු පිරිසක් එයට කිසිදු සහනයක් නොදක්වන බැව් පැවසිය යුතුමය. එසේ අන්‍යාගමික සිසුන් තමන් කෙරෙහි බලෙන් වන්දවා ගත් පමණින් ඒ දරුවන් තුල ඇති වන්නේ පිළිකුලක් මිස ගෞරවයක් නොවේ. 

 

  • Mawahib says:

    Shirk means partnership and it is the opposite of oneness (tawheed). Sharik means partner.
    The Quran calls people to accept the oneness of Allah and severely prohibits people from associating partners with His personality or attributes.
    The Quran states that shirk is a big sin and oppression that God Almighty will never forgive associating partners with him and that He will forgive the sins except shirk of the people He wishes.
    It is a grave sin and great oppression for man whom everything on the earth is appointed to serve and to whom the administration of everything is given to accept some beings that serve him as gods and to worship them instead of Allah.
    Shirk is a sin and oppression not only because it is transgression of the rights of Allah and that it includes slander and insult but also because it is a great insult and transgression of the rights of the universe and all of the creatures.
    • Types of Shirk
    Main types of shirk are as follows:
    1. To leave Allah and to adore and worship living and non-living things other than Him.
    2. To believe in Allah but to associate partners with Him, that is, to believe that some other beings have the attribute of divinity.
    The belief of trinity in Christianity is included in this part…
    3. To accept that there is a creator of this world but to worship non-living things like idols and sculptures in order to approach Him.
    Idolatry is included in this part.
    4. Another form of shirk is to accept some people as Lord, that is, to obey their orders and to avoid their prohibitions instead of the orders and prohibitions of Allah by believing them blindly. It is stated in the Quran that Jewish people accept their rabbis and Christians accept their clergymen as Lords.
    5. The most common type of shirk is the one in which man obeys his own passion and desires blindly and see his desires as a divinity.
    In the Quran, those kinds of people are condemned by this verse:
    “Seest thou such a one as taketh for his god his own passion (or impulse)?”
    6. There is another form of shirk: hidden shirk, that is riya (hypocrisy). That is, instead of praying and worshipping only for the sake of Allah, to pray and worship so that other people will see them and appreciate him. Worshipping like that is a kind of associating partners with Allah. Our Prophet defined it as hidden shirk.
    A believer must avoid all kinds of shirk; whether hidden or visible, whether open or covered. The real oneness can only be obtained like that.
    All kinds of shirk are rejected severely in the Quran; the real belief of oneness is preached to humanity.

    Parent’s rights
    Islam pays special attention to the family and encourages love and respect within it. The parents are the basis and foundation of the family, hence honoring one’s parents is one of the best deeds and one of the most beloved actions to Allah.
    Honoring one’s parents is achieved by obeying them, respecting them, being humble towards them, treating them kindly, spending on them, praying for them, upholding ties of kinship with those to whom one is related through them, and honoring their friends:
    “And your Lord has decreed that you worship none but Him. And that you be dutiful to your parents”[al-Israa’ 17:23]
    The rights of the mother in this regard are greater, because she is the one who bears the child, gives birth to him and breastfeeds him. A man came to the Prophet (peace and blessings of Allah be upon him) and said, “O Messenger of Allah, who is most deserving of my good companionship?” He said, “Your mother.” He said, “Then who?” He said, “Your mother.” He said, “Then who?” He said, “Your mother.” He said, “Then who?” He said, “Your father.”
    (Agreed upon. This version was narrated by al-Bukhaari, al-Adab, 78)
    The rights of one Muslim over another
    The believers are brothers and are an integrated nation, like a building parts of which support other parts. They treat one another with mercy and compassion, and love one another. In order to preserve this building and this brotherhood, Allah has prescribed rights which each Muslim has over his fellow Muslim. These include love, sincerity (naseehah), relieving his distress, concealing his mistakes, supporting him when he is in the right, respecting neighbors’ and honoring guests.
    These rights also include returning greetings of salaam, visiting the sick, accepting invitations, saying “yarhamuk Allah (may Allah have mercy on you) to a Muslim when he sneezes, and attending his funeral. The Prophet (peace and blessings of Allah be upon him) said: “The rights of one Muslim over another are five: returning the greeting of salaam, saying ‘yarhamuk Allah (may Allah have mercy on you)’ when he sneezes, accepting invitations, visiting the sick and attending funerals.” (Narrated by Muslim, 2625)
    Neighbors’ rights
    Islam pays attention to the issue of neighbors’, whether they are Muslim or not, because of the interests served by that in making the nation like one body. The Prophet (peace and blessings of Allah be upon him) said: ‘Jibreel kept on enjoining the good treatment of neighbors’ to the extent that I thought that he would include neighbors’ as heirs.” (Agreed upon. Narrated by Muslim, 2625)
    Among the rights of one neighbor over another as affirmed by Islam are the initiation of greetings, visiting him if he is sick, offering condolences if calamity befalls him, congratulating him at times of joy, overlooking his mistakes, concealing his faults, bearing his annoyance with patience, giving him gifts, lending him money if he needs it, lowering one’s gaze from looking at his womenfolk, and guiding him to that which will benefit him in his religious and worldly affairs. The Prophet (peace and blessings of Allah be upon him) said:
    “The best of companions with Allah is the one who is best to his companion, and the best of neighbors’ with Him is the one who is best to his neighbor.”(Narrated by al-Bukhaari in al-Adab al-Mufrad, 115)
    Concerning neighbors’ rights, Allah says (interpretation of the meaning):
    “Worship Allah and join none with Him (in worship); and do good to parents, kinsfolk, orphans, Al-Masaakeen (the poor), the neighbor who is near of kin, the neighbor who is a stranger, the companion by your side…”[al-Nisaa’ 4:36]
    Islam warns against annoying one’s neighbors’ or treating them badly. The Messenger (peace and blessings of Allah be upon him) explained that this would lead to being deprived of Paradise: “He will not enter Paradise from whose harm his neighbor is not safe.” (Agreed upon. Narrated by Muslim, 64).
    In order to achieve the common interest, Islam gives rights to the ruler over his subjects and to the subjects over their ruler and its gives the husband rights over his wife and the wife rights over her husband, and there are other just rights which Islam has enjoined.

    2012/07/18 at 12:21 PM
  • kaush says:

    hey dude worst of all go and check for the meaning of paying respect and worshipping….so let me get this straight…if u lives in muslim country u should respect their traditions but in a more free country u should not.. hypocrisy at its best!

    2012/07/18 at 2:00 PM
    • Anver Manatunga says:

      ලංකාවේ පාසල් වල දරුවන්ට ගුරුවරුන් වදින්න කියා චක්‍රලේඛ පනවා නැහැ. බොහෝ පාසල් වල ගුරුවරුන් අන්‍යාගමික සිසුන්ට සහනශීලීව කටයුතු කරනවා. ප්‍රශ්නය තිබෙන්නේ සුළුපිරිසකගේ පමණයි. මුස්ලිම් රටක නම් දරුවෙක්ට කිසිදු පුද්ගලයෙක්ට වදින්න සිදුවන්නේ නැහැ. මන්ද ඉස්ලා‍ම් මිනිසුන්ට වැදීම ප්‍රතික්ෂේප කරන නිසා. ඒ ඒ සංස්කෘතීන් අපගේ සීමාවන් උල්ලංඝනය නොකරන තාක් අප සංස්කෘතීන්ට ගරු කළ යුතුයි.

      2012/07/19 at 5:26 AM
  • Chamith says:

    “කුඩා කල මම පාසලේදී කිතුණුවෙක් නිසා ගුරු දෙගුරුන් නොවඳිමියි කී කල ගුරුවරියක විසින් මා බලෙන්ම වන්දවා ගත් සැටි මට තවමත් මතකයි”

    i remember earlier you told that u were buddhist and convert to christian and now you believe islam.

    here now you telling here, in childhood u were christian.

    it’s mean u have cheated earlier and u were not buddhist earlier ur life also.

    2012/07/18 at 2:38 PM
    • Anver Manatunga says:

      ඔබ මාව ඔබගේ ගානට දා සිතන්නට එපා. ඔබ කොම්පඤ්ඤවීදියෙන් පාදුක්කට ගිය හේතුව මුස්ලිම්වරු නිසා බවට වූ තර්කය මා බිද දැමුවා. ඒ ගැන ඔබට තරහක් ඇති. නමුත් පුද්ගලික තරහවල් කමෙන්ට්ස් වලට යොදන්න එපා.

      මම උපතින් බෞද්ධයෙක්. මගේ දෙමවිපියන් කිතු දහම වැලද ගත්තේ මට වයස අවුරුදු 10දී. ඒ වුනාට කිතුණුවෙක්ව සිටද ඉගෙන ගත්තේ බුදු දහමයි.ඒ බව මා වෙනත් ලිපි වල හෝ ප්‍රතිචාර වල ලියා ඇති බව මතකයි.

      2012/07/18 at 2:52 PM
      • Chamith says:

        in age 10, you can not understand any religion. specially like complex religion like buddhist. then you don not have any proper idea about buddhist.

        tell me up to which grade u had studied buddhist.

        according to u post, in year 10 you were christian.

        what is feel, you are cheating to every body.

        please stop saying that u were buddhist.

        2012/07/18 at 3:24 PM
        • Anver Manatunga says:

          ඔබ මේ කමෙන්ට් එකෙන් උත්සාහ දරන්නේ මා බුදු දහම ගැන හරිහැටි නොදන්නා බවයි. මා හරි හැටි නොදන්නවා යැයි කියමු.එසේ නම් ඔබ මට වඩා බුදුදහම ගැන දන්නෙක්ය. එසේ නම් ඇයි ඔබ මා ලියු මාංශ අනුභවය සම්බන්ධව බෞද්ධ දර්ශනයේ පවසන්නේ කුමක්ද? යන ලිපියේදී මගේ තර්කයට මුහුණ දී ගත නොහැකිව පලා ගියේ?

          එහිදි ඔබට බෞද්ධ කෙනෙක්ම ප්‍රතිචාරයක් දුන්නා. එය මම පහත පල කරන්නම්.

          මාගේ මිත්‍ර චමිත් මා ඔබගේ උත්සාහය අගය කරන අතර එනමුදු මට ඔබට කීමට යමක් ඇත , ඔබ යමක් ගැන 100% නොදන්නේ නම් ඒ ගැන තර්ක කෙරීමට යාමෙන් ඔබ ඔබේ පරාජයේ පාර සැකස ගනී. එසේම ඔබ තර්ක කරනා කරණය ඔබත් නොදැනීම හැල්ලු කරයි . එමෙන්ම එයින් මෙම අන්‍යාගමික පුජකයන් අපගේ වචන වලින්ම අපගේ ආගමට පහර ගැසීමට පටන්ගනු ඇත. එබැවින් ඔබ බොහෝ ප්‍රවේසම් වියුතුය.
          මාංශ අනුභවය ගැන මට කීමට ඇත්තේ බුදුන් වහන්සේ කොතනකවත් මාංශ අනුභවයට නීති පනවා නොමැති බවයි . ත්‍රිකෝටික පාරිශුද්ධ මංසල, ප්‍රකාරව මාංශ වලදීය හැක. එසේම ඖෂධ පිණිස ද වැළදීමට අවසර දී ඇත , එමෙන්ම මිනිසා යනු සර්ව භක්ෂ සත්වයෙකු වන අතර අපහට ශාක මාංශ දෙවර්හයම ආහාරයට ගත හැක . එය බුදුන් නොදැන සිටීමට හැකියාව ක් නොමැත. එහෙත් නුතන මිනිසාට පහසුවෙන්ම මාංශ වලින් මිදීමට පහසු අතර මන්ද පහසුවෙන් විකල්ප අහර සොයා ගැනීමේ පහසුවයි. නමුත් යමෙකු සතෙකු මරා ආහාරයට ගන්නේ නම් එතන ප්‍රාණගාත අකුසල කර්මයක් සිදුවෙයි .

          2012/07/18 at 4:43 PM
      • Chamith says:

        “කිතුණුවෙක්ව සිටද ඉගෙන ගත්තේ බුදු දහම”

        if u were christian, u should studied christian. if u were not. u would have not christian.

        pls don not spread lie

        2012/07/18 at 3:26 PM
        • Anver Manatunga says:

          ලංකාවේ හැම පාසලකම හැම ආගමක්ම ඉගෙන ගන්න පහසුකම් තිබෙනවද?

          ඔබ තව දුරටත් මාව අපහසුවට ලක්කරන්නට උත්සාහ දරන්නේ ඔබට බුදු දහමේ මාංශ ප්‍රතිපත්තිය ඔප්පු කිරීමට නොහැකිවූ නිසාද?

          2012/07/18 at 4:31 PM
          • Chamith says:

            i proved with information. any body can check it.

            thing is u want to prove ur opinion even ur wrong . so i can not help on this. i do not want to waste my time.

            after reading my point about මාංශ ප්‍රතිපත්ති they can either reject or accept.

            every time you want that you are correct even u falls.

            what to do, it is depend on ur intelligence.

            2012/07/18 at 5:21 PM
          • Anver Manatunga says:

            සහෝදරයා ඔබ වැරදියි කියල කිව්වේ ඔබේම සමාජයේ තවත් කෙනෙක්. ඔබ එය පිළිගන්නේ නැත්නම් ඒක ඔබගේ දුර්වලකම විදහා දැක්මක්. ඔබ එම තර්කයෙන් දින්නා නම් ඇයි සති දෙකක කාලයක් ඉල්ලුවේ. කිසියම් කෙනෙක් ඔබ නොදන්නා දෙයක් පෙන්වා දුන්නා නම් පිළිගැනීමට පුරුදු වෙන්න. එවිට ඔබ යහපත් කෙනෙකු බව අන් අයට තේරෙනු ඇත.

            2012/07/18 at 5:42 PM
  • mohamed says:

    මටත් ඔය සිදුවීම වෙලා තියෙනවා සහෝදරයා.

    2012/07/18 at 3:26 PM
  • Rishad says:

    ඉස්ලාමය තුල කෙනෙකුට තවත් කෙනෙකු නමස්කාර කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත , අපගේ ආදරණීය මුහම්මද් නබි (සල් ) තුමාටද නමස්කාර කිරීමට ද ඉස්ලාම් දහමතුල අවසර නැත.නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවක් නැත.

    2012/07/18 at 3:41 PM
  • champika says:

    මට නම් හිතෙන්නෙ චමිත් සහෝදරයා ලංකාවේ ඉපදුනාට ඉස්කෝලෙ ගිහිල්ල තිබෙන්නෙ පිටරට වගෙයි. මොකද ලංකාවේ ඉස්කෝල ගැන එයා දන්නෙ නැහැ වගේ. බෞද්ධ පාසලක අන්‍යාගමික ළමයෙකුට හදාරන්නෙ වෙන්නෙ බෞද්ධාගමයි. මුස්ලිම් පාසලක අන්‍යාගමික ළමයෙකුට හදාරන්න වෙන්නෙ ඉස්ලාම් දහමයි. හින්දු පාසලක අන්‍යාගමික ළමයෙකුට හදාරන්න වෙන්නේ හින්දු දහමයි. බහුතරයක් පාසල් වල සිදුවන්නේ මෙයයි. අන්‍යාගමික පාසලක තමාගේ ආගම ඉගෙන ගන්නට හැකියාව ලැබෙන්නෙ අල්ප වශයෙනි.

    2012/07/18 at 5:28 PM
  • Nifras Deen says:

    “ඔබ කියන පරිදි අප හරියට වැඩිහිටියන්ට සලකන්න දන්නෙ නැති ආගමක්. අපේ සමාජයේ ලංකාවටම තිබෙන්නේ මහළු නිවාස එකයි. ඔබගේ සමාජයේ කීයක් තියෙනවාද?”
    ඇත්තටම හොඳ පිළිතුරක්. උපතේ සිට ඉස්ලාම් භක්තිකයන් වන අපට වඩා ඔබගේ තර්කානුකූල ඉස්ලාම් ධාර්මික ඥානය පිළිබඳව ඉතා සතුටු වන අතර ඔබ හට අල්ලාහු ත’ආලා තවත් ශක්තිය හා ධෛර්යය ලබා දෙත්වා. ආමීන්!

    2012/07/18 at 8:09 PM
  • Nimesh senanayaka. says:

    ela ela menna mekai ape anandetai nalandetai anyagamika un ganneththe…
    Ape sanskruthiya gena kathakaranda oya kauda??
    Ananda nalanda witharak neme.
    *Dharmaraja
    *maliyadeva
    *matara-rahula
    *vidyartha
    *ambalangda darmasoka
    *mahinda-galle.
    Me wage pradan bauddha pirimi pasal walata hambayo ganne…
    Ubala zahira palayallako. Itin

    2012/07/18 at 10:30 PM
    • Anver Manatunga says:

      අතීතයේ සහිරා විද්‍යාලයේ සිංහල දරුවන්ද සිටියා අද එහි නැහැ. මගේ අදහස නම් එය වැරදි බවයි. ලංකාවේ සෑම පාසලකටම සෑම ජනවර්ගයකම ළමුන් ගත යුතුයි. නමුත් ඒ ඒ ආගමික පාසල් වලට තමන්ගේ අනන්‍යතාවය රැක ගැනීම සදහා අන්‍යාගමික දරුවන් ප්‍රතිශතයක් වශයෙන් ගත්තාට ප්‍රශ්නයක් නැහැ. රටේ සහජීවනයක් ඇති වන්නේ එවිටයි.

      2012/07/19 at 5:35 AM
      • ඉෂාක් says:

        අතීතයෙන් නෙවෙයි සහෝදරයා සහිරා එකේ තවමත් සිංහල ළමයි ඉගෙන ගන්නවා හුඟක් අය සහිරා එකේ සිංහල ගුරුවරුන්ගේ ළමයි තමයි සහිරා එකේ ඉගෙන ගන්නේ .

        2012/07/20 at 2:20 AM
        • Anver Manatunga says:

          දැනුවත් කිරීම ගැන ස්තූතියි.

          2012/07/20 at 4:05 AM
  • Nimesh senanayaka. says:

    mr anver oya gava gathanaya gena kathakaranawa sadaraneekaranaya karala…
    Bududahama kyanne
    ‘panathipatha weramani’ e kyanne kisidu pana athi jiwiyek maranda epa kyala..
    Dewiyan saththu meuwe minisata onawelawata maran kandanam ai saththu maraneta biya ai un duwanne dagalanne,wedanawen ke gahanne deviyo meuwanam deviyo unwa mawannnema maraneta kepa karala ehenam unta ara vidiye hegeem athiwenda widiyak ne neda

    2012/07/18 at 10:36 PM
    • Anver Manatunga says:

      දැන් විද්‍යාඥයන් පවසන පරිදි එවැනි බිය හැගීම් එන්නේ සතුන්ට පමණක් නොවේ. ගස්වැල් වලටද එසේම යැයි විද්‍යාඥයන් පවසති. එසේ නම් ඔබගේ තර්කයට අනුව ගස්වැල් වලටත් බිය ඇති වනවා නම් ඒවාත් පවුද?

      2012/07/19 at 5:38 AM
      • charith says:

        ane anwar danna tarama tama gonagei shaka walai wenasa dannema nadda.ammata passe kiri dunne eladenada. nathnam otu denada tambi.

        2012/07/23 at 3:59 AM
        • Anver Manatunga says:

          ඔබට මා සමග තර්ක කළ නොහැකියාව නිසා මෙසේ අපහාස කරයි. මට මෙම කමෙන්ට් එක පලනොකර සිටින්නද හැකි වුවද ඔබගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමට මෙය පලකරමි. මට අපහාස කිරීමෙන් කිසිවක් කළ නොහැකි බවද දැනගන්න.

          2012/07/23 at 8:28 AM
  • Nimesh senanayaka. says:

    GAVAYA APE SANSKRUTHYATA BADDAI ISSARA WAGEMA TAMATH APE GAMWALA GAWAYATA ADAREN SALAKANAWA..API GOVITHEN KARAPU PARAPURAKIN PEWATHENNE EDA APE MUTHUN MITHTHO GAVAYA MAGIN KOLA MADAWALA ,PORU GALA TAMA GOVITHEN KALE API GAVAYATA GARU KARANNE EKAI.API GAVA GATHANAYATA WIRUDDA WENDA HETHUWATG EKAI.
    UBALA URA SAMBANDAWA WA WADAKARANA HETI BALANDA.EKA MUSLIM SANSKRUTHYATA ADALA DEYAK..E WAGEMA GAWAYA SINHALA BAUDDGA API GARUKARANA SATHEK…ME RATE MAHAJATIYA WAGEMA ME RATA GODA NEGUNE SINHALA BAUDDA SANSKRUTIYAK MATHA.UBALA EKATA GARUKARANDA ONA.

    2012/07/18 at 10:49 PM
    • Anver Manatunga says:

      ඔබ ඔය පවසන්නේ මී ගවයන් සම්බන්ධවයි. මී ගවයන් මැරීම රටේ නීතිය අනුව අපරාධයක්. ඒක එලගවයන්ට අදාල වන්නේ කොහොමද?

      අපි ඌරු මස් නොකන්නේ ඌ ස්වභාවයෙන්ම අපිරිසිදු සහ අපිරිසිදු දේ කන සතෙක් නිසයි.

      2012/07/19 at 5:41 AM
  • charith dz. says:

    සර්පයින්, මදුරැවන්, හෝ හපුටුවන්,
    ගෙම්බන්, මැස්සන්, කටුස්සන්, කිඹුලන්,
    පත්තෑයන් වැනි කරදරකාරී සතුන්ගෙන්
    ඇති ප්රයෝජනේ මොකක්ද?
    මේකට හම්බ මහත්වරැන්ගෙන් පිලිතුරක්
    නොලැබෙන බව දැන දැනත් මගේ කට
    කසනවාට ඇසුවෙමි
    HEHE DN KYAI PARIKSHAWATA KYALA….
    *MARA DEIYEKNE APE ALLAH DEIYO.

    2012/07/18 at 10:55 PM
    • Anver Manatunga says:

      මේ සියළු සත්වයන් දෙවියන්ගේ නිර්මාණයයි. සමහර සතුන් අනෙක් සතුන්ට ලෙඩරෝග ඇති කරනවා. ඒ නිසා ඒ සතුන් කරදරකාරී යැයි කියන්න බැහැ. ලෙඩ වීම මියයාම වැනි සියළුදේ මේ ජීවිතයට අදාල දේවල් මිනිසා තම ගමන යායුත්තේ මේ බාධක මැඩගෙනයි. බාධක නැත්නම් ජීවිතේ රසයකුත් නැහැ.

      2012/07/19 at 5:45 AM
  • දෙයියම්පා says:

    “නමුත් අන්‍යාගමික දරුවන්ගේ දහම් වල ඔවුන්ගේ සංස්කෘතීන් වල දෙගුරුන්ට වැඳීමක් නොමැති නම් ඔවුන්ට ඒ සඳහා ඉඩ සලසා දිය යුතුය.” ඔබ මෙසේ පවසයි නම් අරබිකරයට ගොස්

    “අන්‍යාගමික දරුවන්ගේ දහම් වල ඔවුන්ගේ සංස්කෘතීන් වල පිළිම වැඳීමක් ඇතිනම් ඔවුන්ට ඒ සඳහා ඉඩ සලසා දිය යුතුය” ලෙස පවසා සිටින්න. අනුන් නිවෙරදි කිරීමට පෙර තමන්ගේ සමාජය නිවැරදි දැයි බලන්න.

    2012/07/18 at 10:55 PM
    • Anver Manatunga says:

      මැදපෙරදිග රටවල සිටින බෞද්ධ දරුවන් බහුතරයක් සිටින පාසල් වල පන්සිල් ගන්නවා. ඒ දරුවන්ට තමන්ගේ දහම අදහන්න අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් පිළිම වන්දනාව බුදු දහමට අදාල දෙයක් නෙමෙයි නේද? ඒ රටවල අන්‍යාගමිකයන් බලෙන් ඉස්ලාම් ආගමේ වන්දනාවන්ට සහ වත්පිළිවෙත් වලට යොමු කරන්නේ නැහැ. එය ඉස්ලාම් දහම අනුවම වැරදි දෙයකි.

      ලංකාවේ සියළුම පාසල් දරුවන්ට ගුරුවරුන් වැදිය යුතු යැයි චක්‍රලේඛ පනවා නැහැ. එසේ තිබියදී සංස්කෘතිය යැයි කියමින් අන්‍යාගමික දරුවන් පෙලීම වැරදියි.

      2012/07/19 at 5:51 AM
  • charith dz. says:

    hambayo mna hthanawada danne.apinam wedihtiyanata wedimen adahas karanne.owunta sheersha pranamaya pudakirima.
    Api ounge keem piliganna bawa.anver uba bauddha sanskruthya gena kyanda onane.thope mudukku sanskruthya api dannawa..

    2012/07/18 at 11:02 PM
    • Anver Manatunga says:

      ඔබ ඔය විදිහට මුඩුක්කු භාශාවෙන් කථා කරන්නේ මුඩුක්කු සංස්කෘතිය ගැන දන්න නිසා නොව ඔබ සිටින්නේ මුඩුක්කු සංස්කෘතියක නිසයි. ඔබලා වැඩිහිටියන්ට ශීර්ෂ ප්‍රණාම කරනවා නම් ඇයි මෙතරම් වැඩිහිටි නිවාස?

      ඇයි දරුවන් දෙමව්පියන්ගේ ඔළු පලන්නේ? වයස්ගත දෙමව්පියන් ගෙන ගොස් පාරේ අතරමං කරන්නේ? තවත් මෙවැනි බොහෝ උදාහරණ දිය හැකියි. දෙමව්පියන්ට වැන්දා කියා මේ රටේ විශේෂ යමක් වෙලා තියෙනවාද?

      2012/07/19 at 5:55 AM
      • charith says:

        machan anwar mama dubai inne.medawas wala upawase kalene.mama wada karanne smelter akaka. patta rasnei.pakko tamai wadiyen inne. meke watura bonnatiwa wadakarannama baha. ubalage set aka upawasenisa horata tamai wada. apiwa nikamma maranawa. ewa hoda wada nemei neda machan

        2012/07/23 at 4:10 AM
        • Anver Manatunga says:

          උපවාස කරන්නෙකු විසින් උපවාස කරන කල සිය දෛනික චර්යාවේ වගකීම් ඉටු නොකරයි නම් එය විශාල වැරැද්දකි. ඔවුන් මුස්ලිම් කියා මම ඔවුන්ගේ පක්ෂය නොගනිමි.

          2012/07/23 at 8:19 AM
    • lankan says:

      modayoth ekka api kathakaranda yanne ne.ethakota apith modayo wenawane

      2012/07/22 at 8:56 PM
  • Mr. Who-2 says:

    අපේ පංතියේ සිසුන් ගුරුවරයන්ට වැඳ වැඳ ඔවුන් පිටුපස කුණුහරුපෙන් බනින හැටි තවමත් මතකයි.

    2012/07/19 at 12:44 AM
  • Chamith says:

    සහෝදරයා ඔබ වැරදියි කියල කිව්වේ ඔබේම සමාජයේ තවත් කෙනෙක්.

    who is the සමාජයේ තවත් කෙනෙක්? i think it’s u. another muslim man that he want to distort buddhist.

    i published the artical about මාංශ අනුභව which written by අග්ගමහා පණ්ඩිත අතිපූජ්යබ කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ. he is professor for tripitakya.

    now you acting like load buddha, you say everything is correct. don’t act like foolish man.

    ඔබ එය පිළිගන්නේ නැත්නම් ඒක ඔබගේ දුර්වලකම විදහා දැක්මක්.

    i don’t want to accept ur comments who want to distort buddhist. u act like guru of Buddhism. if u say some thing about islam i would accept. bcoz, that is ur religion and u may know better than me.

    now whats happening here, even i show ur clear buddhist idea about මාංශ අනුභව. now ur saying accept ur things.

    this is absolutely bull shit.

    ඔබ එම තර්කයෙන් දින්නා නම් ඇයි සති දෙකක කාලයක් ඉල්ලුවේ.

    after two weeks, i also publish same my last comment about මාංශ අනුභව

    2012/07/19 at 8:35 AM
    • Anver Manatunga says:

      i think it’s u. another muslim man that he want to distort buddhist.
      ඒ මම බව කියා ඔබ ගැලවෙන්නටයි හදන්නේ. නමුත් ඒ තැනැත්තා ලියන ශෛලියෙන්ම ඒ මා නොවන බව දන්නා අය දන්නවා. එය මුස්ලිම් කෙනෙක්ගේ කමෙන්ට් එකක් නොවන බව හොදටම පේනවා.

      i published the artical about මාංශ අනුභව which written by අග්ගමහා පණ්ඩිත අතිපූජ්යබ කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් වහන්සේ. he is professor for tripitakya.
      ඒ හිමියන් ත්‍රිපිටකය පිළිබද මහාචාර්ය වුනත් සූකර මද්දව පිළිබදව සිය මතවාදය පලකලේ කිසිදු මුලාශ්‍රයකින් තොරවයි. අනෙක් කාරණය සංඝ සමාජයේ ඉහලින් පිළිගන්නේ මා විසින් කරුණු උපුටා ගත් රේරුකානේ චන්දවිමල හිමියන් බව උගත් අය දන්නවා. රේරුකානේ චන්දිවිමල හිමියන් පොත් පත් රැසක් පලකරමින් ශාසනයට සිදුකල සේවය අනෙක් අයගේ මහාචාර්ය පට්ටම් වලට ලඝු කරන්න බැහැ.

      now you acting like load buddha, you say everything is correct. don’t act like foolish man.
      මට බුදුරජාණන් වහන්සේ වගේ රගපාන්න ඕන නැහැ. මම හැමවිටම බුදු දහම ගැන කිසිවක් හෝ කියනවා නම් ඒ පදනමත් සහිත ඒවා පමණයි. ඔබ හැම විටම ඉංග්‍රීසි භාශාව භාවිතා කරනවා වගේම මේවගේ වචනත් භාවිතා කරනවා. ඔබ අහංකාරයෙන් මත්වෙච්ච සිංහලවත් ලියාගන්න බැරි පල් මෝඩයෙක්. ඔබට වැඩිය බොහෝ දෙනෙක් අද මෙහි සිංහලෙන් ලියනවා.

      i don’t want to accept ur comments who want to distort buddhist. u act like guru of Buddhism. if u say some thing about islam i would accept. bcoz, that is ur religion and u may know better than me.
      කවුරුන් හෝ ඇත්තක් පවනසනවා නම් එය පිලිගන්නට ඔහුගේ ආගම වැඩක් නැහැ. ඔබ බෞද්ධයෙක් නිසා ඔබ සිතා සිටින්නේ බුදු දහම ගැන සියල්ල දන්නේ ඔබ පමණයි කියායි.

      now whats happening here, even i show ur clear buddhist idea about මාංශ අනුභව. now ur saying accept ur things. this is absolutely bull shit.
      ඔබට ඔබ කැමති නැති හැම අදහසක්ම bull shit තමයි. ඕව කළු සුද්දන්ගේ අදහස්. මා විසින් මාංශ අනුභවය සම්බන්ධව කළ අදහස් නූතන යුගයේ උගත් භික්ෂූන්ගේ අදහස් වලට ඉතා සමීපයි. කිරිබත්ගේඩ ඥාණානන්ද හිමියන්ගේ නිර්මාංශ ප්‍රශ්නය නම්වු පොත ගෙන කියවා බලන්න.

      after two weeks, i also publish same my last comment about මාංශ අනුභව
      ඔබ කිසිදු පදනමක් ඇති තර්කයක් ගොනු කළේ නැහැ. තර්කයක් ගොනු කරනවා නම් එහි කිසියම් මූලාශ්‍රයක උපුටා ගැනීම් සිදුකළ යුතුයි.

      2012/07/20 at 3:33 AM
  • Mawahib says:

    Respect and worship is not only for Muslims. It is for all human. If you do not respect or worship that is up to you. I have written something common I did not force you to fallow.
    “In giving advice seek to help, not to please, your friend”

    2012/07/19 at 8:57 AM
  • hasan says:

    දෙමාපියන් ඉදිරියෙහි වැඳවැටීම, ඔවුන්ට ගෞරව කිරීම හා උපකාර කිරීම

    අන්ය ආගමකින් ඉස්ලාම් ආගම වෙනස් වන ප්රධාන පාඨය ‘ලාඉලාහ ඉල්ලල්ලාහ්‘ යන්නය.

    ‘ලාඉලාහ ඉල්ලල්ලාහ්‘ යන අරාබි කීමෙහි අර්ථය ‘අල්ලාහ් හැර නැමදුමට සුදුසු කෙනෙක් නොමැත‘ යන්නය.
    ඉස්ලාමයේ ඉගෙන්වීමට අනුව වැඳවැටීමද ‘නැමදුමකි‘

    එහෙයින් ඉස්ලාමයේ, පිළිරුවක් හමුවෙහි හෝ ආගමික නායකයෙකු හමුවෙහි හෝ දෙමාපියන් හමුවෙහි ‘වැඳවැටීම‘ තහනම් ක්රියාවකි.

    නබිවරයාට වැඳ වැටීමද ඉස්ලාමයේ තහනම් ක්රියාවකි. මෙම ‘වැඳවැටීමේ‘ ක්රියාව අල්ලාහ්ට සම කිරීමකි.

    එනම් අල්ලාහ්ට පමණක් කල යුතු කාර්යයක් තව කෙනෙකුටද ලබාදී, එම තැනැත්තාව අල්ලාහ්ගේ තත්ත්වයට උසස් කර, අල්ලාහ්ට සම කිරීමේ ක්රියාවක් සිදු වේ. මෙම ක්රියාව අරාබි බසින් ‘ෂිර්ක්‘ යන නමින් හැඳින්වේ.

    මෙම ක්රියාවට තමා කිසිසේත් සමාව නොදෙන බවද අල්ලාහ් පවසයි.

    නියතව අල්ලාහ් තමාට සම කරනු ලැබීම සමා නොකරන්නේමය. මෙය හැර අනෙක් ඒවාට ඔහු තමා සිතන්නන්ට සමා කරන්නේය. කවරෙක් අල්ලාහ්ට සම කරයිද නියතව ඔහු ඉතා දුර මං මුළාවෙහි ගොස් ඇත්තේය.(ශු.කු.4:116)

    කවරෙක් හෝ අල්ලාහ්ට සම කිරීමක් කරයි නම් ඔහුට සමාව නොදෙන බව අල්ලාහ් ඉහත වැකියෙන් පවසයි.

    මෙම සම කිරීමේ මහා පාපය කවරෙක් කළත් ඔහුගේ තත්ත්වය නොබලා දඞුවම් කරන බවද අල්ලාහ් පවසයි.

    ඔබ අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරයෙකුව ඇති නොකරන්න. එසේ වූයේ නම්, ඔබ නින්දාවට පත් කරනු ලැබූ කෙනෙකු ලෙසද අත් හැර දමනු ලැබූ කෙනෙකු ලෙසද වන්නෙහිය. (ශු.කු.17:22)

    ඉහත වැකියෙන්, අල්ලාහ් සමඟ තවත් දෙවිවරයෙකුව ඇති නොකරන මෙන් අල්ලාහ් තම නබිවරයාට පවසයි. එසේ කළේ නම් එතුමාද මරණයෙන් පසු නැගිට්ටුවනු ලබන දිනයේදී, නින්දාවට පත් කෙනනෙකු ලෙසද, අල්ලාහ්ගේ උදව්ව නොමැතිව අත හැර දමනු ලැබූ කෙනෙකු ලෙසද වන්නේය යන කාරණය පවසයි.

    මෙම සම කිරීමේ කාර්යය වටහා ගැනීමට ‘සිංහල රජ කාලයේ සිදුවීමක්‘ උදාහරණයට ගත හැකිය.

    එනම් රජතුමාට යැයි සිංහාසනයක් ඇත. තමාට කොපමණ විශ්වාසවන්ත ඇමති වරයෙක් වුවද තමාගේ සිංහාසනයේ හිඳගැනීම රජතුමා අනුමත නොකරයි. එසේ කෙනෙක් සිංහාසනයේ හිඳගත්තේ නම් රජතුමා ඔහුගේ හිස ගසා දමන්නේය.

    හේතුව තමාට පමණක් අයිතිය ඇති දෙයක තව කෙනෙක් අත පෙවීමය. මෙහිදී දැනගත යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් රජතුමා හා ඇමතිවරයා යන දෙදෙනාම මිනිසුන්ය. එනම් එකම වර්ගයට අයත්වූවන්ය. කෙනෙක් තමා සේ වැන්නෙකුට තමාගේ තනි අයිතියක අත පෙවීමට ඉඩ නොදෙන බවක් මෙයින් පැහැදිලි වේ.

    නමුත් අල්ලාහ්ව හා මිනිසාව ගත් කළ දෙදෙනාම එකම වර්ගයට අයත්වූවන් නොවෙති. අල්ලාහ් දෙවියාය. එනම් මැවුම්කරුවාය. මිනිසා ඔහුගේ මැවුමය. එනම් මිනිසා අල්ලාහ්ගේ ගැත්තාය. එහෙයින් අල්ලාහ්ට ඔහුගේ ගැත්තෙකුව සම කිරීම මහා අපරාධයකි.

    නමුත් අල්ලාහ් තමාට සම කිරීම ගැන සිංහල රජ කාලයේ රජු මෙන් එවෙලාවෙහිම දඞුවම් නොකරන්නේය. ඔහු අසීමිත කරුණාවන්තයාය. එහෙයින් මිනිසාට තමාගේ ජීවිතය හැඩගස්වාගැනීමට ඔහු කාල අවකාශයක් ලබා දී ඇත. එම අවකාශය මිනිසාගේ මරණයයි.

    ඉස්ලාම් ආගම දෙමාපියන්ට පවා ගෞරව කිරීමට බාධා කරන ආගමක් යැයි සමහරුන් චෝදනා එල්ල කරන බව පෙනේ.

    ඉස්ලාමය, ආගමික නායකයින්ට, ගුරුවරුන්ට, දෙමාපියන්ට ගරු කිරීම අනුමත කරන ආගමකි. නමුත් මෙම ගරු කිරීමේ සීමාවක් පෙන්වා ඇත.

    අල්ලාහ් මිනිසාව මවා, ඔහුට අවශ්ය සියලුම දේ කර දුන්නේය.

    අල්ලාහ් මෙසේ මිනිසාට කර ඇති උපකාර දෙස බැලූ විට එසේ උපකාර කළ කෙනෙක් මෙම ලෝකයේ කිසිවෙකු නැත. හේතුව ඔහු උදව් කරන්නන්ගෙන් ශ්රේෂ්ඨයාය.

    මෙම ශ්රේෂ්ඨයා කළ උදව්වට ගෞරව දැක්වීමත්, අනෙක් අය කළ උදව්වට ගෞරව දැක්වීමත් වෙනස් විය යුතුය.

    එහෙයින් ඉස්ලාමය දෙමාපියන්ට ගෞරව කිරීමේදී සීමාවක් ඇති කර ඇත. එනම් දෙමව්පියෙකුට අවනත වීම හා ඔවුනට උපකාර කිරීම දෙමාපියන්ට ගරු කිරීම වේ.

    අපි මිනිසාට ඔහුගේ දෙමාපියන් ගැන උපදෙස් දුනිමු. ඔහුගේ මව දුබලබවින් දුබලබව දරා ඔහුව ඉසුලුවාය. තවද, ඔහුගේ කිරි වැරීම අවුරුදු දෙකකදී වේ. ඔබ මටද ඔබගේ දෙමාපියන්ටද තුති කරන්න! ආපසු පැමිණීම මා හමුවටම ඇත.(ශු.කු.31:14)

    ඉහත කුර්ආන් වැකියේ “ඔබ මටද ඔබගේ දෙමාපියන්ටද තුති කරන්න!“ යන කොටස දෙස බලන්න!

    අල්ලාහ් තමාට එමෙන්ම දෙමාපියන්ටද තුති කරන ලෙස මිනිසාට පවසයි.

    අල්ලාහ් මිනිසාට නිමක් නැති දායාද ලබා දී ඇත. එහෙයින් තමාට තුති කරන ලෙස ඔහු පවසයි. අල්ලාහ්ට තුති කිරීම යනු ඔහුට අවනතවීම වේ.

    එසේම දෙමාපියන්ද තම දරුවන්ට උදව් කර ඇත. එනිසා දෙමාපියන්ටද තුති කරන ලෙස අල්ලාහ් පවසයි. දෙමාපියන්ට තුති කිරීම යනු, දෙමාපියන්ට අවනතවීම වේ.

    නමුත් බෞද්ධ සමාජයේ කෙනෙක් පැවිදි බවට පත්වූයේ නම්, එසේ පැවිදි වූ තම පුතාට දෙමාපියන් දෙදෙනා වැඳ වැටීමක් දක්නට ලැබේ.

    ඉස්ලාමයේ ඉගෙන්වීමට අනුව දෙමාපියන් දෙදෙනාව දෙමාපියන් තත්ත්වයේම තැබිය යුතුය. නමුත් ඉහත ක්රියාවෙන් එම දෙමාපියන් දෙදෙනාගේ තත්ත්වය පහත වැටීමක් දක්නට ලැබේ.

    දෙමාපියන් දෙදෙනාව තම අණසක යටතේ තබාගැනීමට හැකිද?

    සමහර නිවෙස්වල දෙමාපියන්ට කථා කරන්නවත් නිදහසක් නැත. මේ ගැන කුර්ආනය කුමක් පවසයිදැ? යි බලමු.

    ඔබගේ ස්වාමියා තමාට හැර (වෙන කිසිවෙකුටත්) ඔබලා නැමදුම් නොකළ යුතු යැයිද, දෙමාපියන්ට යහකම් කරන ලෙසද අණ කර ඇත්තේය. එම දෙදෙනාගෙන් කෙනෙක් හෝ නැතිනම් එම දෙදෙනාම හෝ ඔබ හමුවෙහි මහලු බවට පත්වූයේ නම්, ඔවුන් දෙස බලා, ‘උෆ්’ (චී) යැයි පැවසීම හෝ එම දෙදෙනාවම එළවීම හෝ නොකළ යුතුය. එම දෙදෙනාටම යහපත් වදනම පවසන්න! (ශු.කු.17:23)

    1.ඔබගේ ස්වාමියා තමාට හැර (වෙන කිසිවෙකුටත්) ඔබලා නැමදුම් නොකළ යුතු යැයිද,

    ඉහත වැකිය අනුව අල්ලාහ් හැර වෙන කිසිවෙකුටත් නැමදීම් නොකළ යුතුය.

    2. දෙමාපියන්ට යහකම් කරන ලෙසද අණ කර ඇත්තේය.

    දෙමාපියන්ට යහපත් දේ කිරීමෙන් උපකාර කරන ලෙස අල්ලාහ් පවසයි.

    3. එම දෙදෙනාගෙන් කෙනෙක් හෝ නැතිනම් එම දෙදෙනාම හෝ ඔබ හමුවෙහි මහලු බවට පත්වූයේ නම්, ඔවුන් දෙස බලා, ‘උෆ්’ (චී) යැයි පැවසීම හෝ එම දෙදෙනාවම එළවීම හෝ නොකළ යුතුය.

    අරාබියෙන් ‘උෆ්‘ යන්නෙන් අදහස් කරනුයේ ‘කට වහන්න‘ යැයි පැවසීමය. දෙමාපියන් දෙදෙනා මහලු භාවයට පත්වූයේ නම් ඔවුන්ව මට්ටු කරන ආකාරයේ වදන් නොපවසන ලෙසට අල්ලාහ් අණ කරයි.

    4. එම දෙදෙනාවම එළවීම හෝ නොකළ යුතුය.

    මහලු වයසට පත්වීමෙන් පසු එම දෙදෙනාවම එළවා නොදැමිය යුතු බවද පවසයි. විශේෂයෙන් සිංහල සමාජයේ සමහර දරුවෝ උසස් රැකියාවක් ලබා ධනවත් පවුලක විවාහ කරගත්තේ නම්, තම දෙමාපියන්ව මහලු මඩම්වලට භාරදීම ගැන අසන්නට ලැබේ. මෙය අශෝභන ක්රියාවකි.

    එමෙන්ම ඉස්ලාමයට අනුව මහා පාප ක්රියාවකි. මේ හේතුව නිසාම අරාබි රටවල මහලු නිවාස නොමැති තත්ත්වයක් දැකගන්නට ලැබේ.

    කුඩා කාලයේදී කොපමණ වැඳ වැටුනත්, මහලු වියේදී ඔවුන්ව රැක බලා උපකාර නොකළේ නම් එම පුතා හා දෙමාපියා යන නෑකමෙහි කිසිම අර්ථයක් නැත.

    ඉස්ලාමයේ මුල් තැනගන්නා යහ කාර්යවලින් දෙමාපියන්ට උපකාර කිරීමද එකකි. පහත‘හදීසය‘ බලන්න!

    අල්ලාහ්ට වඩාත් ප්රිය කාර්යය කුමක්දැ? යි නබි (සල්) තුමාගෙන් ඇසූ කල, ‘සලාතය එයට අයත් වේලාවෙහි ඉටු කිරීමය‘ යි පැවසුවේය. එයට පසුව කුමක්දැ? යි ඇසුවෙමි. ‘දෙමාපියන්ට යහ කාර්යයන් කිරීමය‘ යි පැවසුවේය. එයට පසුව කුමක්දැ? යි ඇසුවෙමි. ‘අල්ලාහ්ගේ මඟෙහි සටන් කිරීමය‘ යි පැවසුවේය. මේවා මට නබි (සල්) තුමා පැවසුවේය. (ප්රශ්න ඇසීම) මා අධික කර තිබුනේ නම් නබි (සල්) තුමාද තව දුරටත් පවසා තිබෙන්නේය.
    දැනුම් දෙන්නා – අබ්දුල්ලාහ් ඉබ්නු මස්වූද් (රලි), ග්රන්ථය: බුහාරි

    එමෙන්ම දෙමාපියන්ට හිංසා කිරීම, මහා පාප ක්රියාවන්ගෙන් එකකි.පහත ‘හදීසය‘ බලන්න!

    නබි (සල්) තුමාගෙන් මහා පාප ක්රියාවන් ගැන විමසනු ලැබිණ. නබි (සල්) තුමා, ‘අල්ලාහ්ට සම කිරීම, දෙමාපියන්ට හිරිහැර කිරීම, සිය දිවි හානි කරගැනීම, බොරු සාක්ෂි පැවසීම යනාදිය (මහා පාපයන් වේ)‘ යැයි පැවසුවේය.
    දැනුම් දෙන්නා – අනස් (රලි) , ග්රන්ථය: බුහාරි

    දෙමාපියන්ව තමන්ගේ නිවෙස්වල නොතබා, මහලු නිවාසවලට භාරදීමද ඔවුනට කරන හිරිහැරයකි.

    එහෙයින් ඉස්ලාම් ආගමේ දෙමාපියන්ට ගරු කරන ලෙසක් නැතැ යි කවරෙක් හෝ පවසයි නම් ඔහු, ඉස්ලාමයේ දෙමාපියන් ගැන කුමක් පවසා ඇත්තේදැ? යි නොදැන කථා කරන්නෙක් බව සිතා ගත හැකිය.

    2012/07/19 at 9:25 AM
  • charith dz. says:

    hehe deviyo marai ah somaliyawa,ithiopiawa,sudanaya,wage ratawal mawala hambayota patta widiyata salakanawa ah….
    Hatz off to mr.god….
    Anver may i knw whether that did god influence every day today issue?
    Yaph itis true killin any livelything is a sin..

    2012/07/19 at 11:07 AM
    • Anver Manatunga says:

      අපේ විෂයට අදාල නොවන දේවල් ඔබ පවසන්නේ විෂයෙන් පැවසෙන දේ වලින් ඔබ සිත රිදෙන නිසා වන්නට ඇති.

      ඔබ ඔය කියන රටවල මිනිසුන් ඉතාමත් අසීරුවෙන් දිවි ගැට ගසාගන්නා අය සිටින අතරම හොදින් දිවි ගෙවන අයද සිටිනවා. ඒ රටවල් ඒ තත්වයට පත්ව තිබෙන්නේ ඔවුන්ගේම වරදවල් නිසා මිස ආගමේ වරදක් නෙමෙයි. අද අපේ රටම ගෙන බලන්න. අපට වඩා කුඩා එමෙන්ම සම්පත් වලින් ඉතා අඩු මාලදිවයින අපට වඩා විශාල දියුණුවක් ලබා තිබෙන මුත් අපේ රට තවමත් සිටින්නේ ඉතාමත් පසුපසින්. ඒකට දෙවියන් හෝ ආගමක් පලිද?

      2012/07/20 at 3:43 AM
  • bunanm says:

    මෙතන මැදපෙරදිග ගැන කතාකරන්නේ එම රටවල්වල පුරවැසිබාවය හිමිවුන අයද?අනික එම රටවල්වල මිනිස්සු නොවෙය් ලාංකීය සමාජයෙන් සදාරණය පතන්නෙ.එහෙම උනානම් ඔයාලගේ පිළිතුරු සදාරනය් .සම්බන්දයක් නැති දේකට මැදපෙරදිග ආදේශ කිරීමෙන්ම ඔබලාගේ පිළිතුරු දීමේ නොහැකියාව පෙන්නුම් කරය්.අනික අනිවාර්යයෙන්ම එම රටවලට යායුතු නැහැ නේද?අපට එහි එන්න කියා පෙරැත්ත කරනවද?මම ඔවුන්ව සදාරනිකරණය කරනවා නෙවෙය් .අපිම එල්ලිලා ගිහින් බොරුවට අඬන්නේ මොකටද?මැදපෙරදිග අය ලංකාවේ වැඩට ආ දවසක එය් වගේ සලකන්න.

    2012/07/19 at 11:44 AM
  • Brother says:

    අපේ රටේ ජනතාව තවමත් ඉන්නේ පසුගාමී ආකල්පමය තත්වයක යැයි කියන්න මේක හොඳ උදාහරනයක්. යහපත් සාරධර්මයන්, සදාචාරයන් සමාජයෙන් තුරන් වී යා හැකියි බියෙන් නීතී පනවා හෝ බලෙන් රඳවා ගැනීමට යාම මෝඩකමක්. ‘නව ලිබරල්වාදයට’ එරෙහිව පැරණි අවි ආයුධ වලින් සටන් කල නොහැකි.

    2012/07/19 at 3:14 PM
  • fathima says:

    jathiwadaya nisa pasal walatath an agamikayan ganne ne gaththath wadinnei kiya karadara karanawa. ratak diunu wenne kohomada mehema??? pasal kaledima maha jathiya gana wairayak athi wenne.mau piyanta wedima pawa apita thahanam. eya aniwarya thahanamak… namuth pilima wandanawa budu dahame aniwarya deyak nowe. ownge aniwarya nowana deta own dakwana wadagathkama apita ape aniwaryen pilipadiya yuthu deyakata dakwana wita api weradi..demaupiyanta wadina nisa demaupiyanta hodata salakana jathiyak bihiwenawanam ada loke demaupiyanta salakana hodama jathiya sinhala jathiya wenna one…uru mas nokanne sanskruthiyak nisa newei Quranayen thahanam kara athi nisa.Quranaya ha nabi wadan walata wada apita ape sanskruthiyawath watinne neha.sanskruthiye thibba paliyata onema deyak piliganne neha api.Quranayata ha nabi wadanata erehi deyak sanskruthiyen bahara karannath,ewata anukulawa ape nathi hoda deyak athi karannath api pasubata wenne ne

    2012/07/19 at 7:42 PM
  • sana says:

    මේ මෝඩ ආගම්බේද වාදීන් හිතන්නේ තමන් කරන මෝඩකම අනුන්ද කළයුතුයි කියල මා සේවය කරන ආයතනයේ මනුස්සයෙක් ඉන්නව මිනිහ කරන්නේ උදේ පාන්දර ඇඳගෙන මුදල් පසුම්බියට වඳිනවා, වාහනේට නැඟල සුක්කානමට වඳිනවා. චර්ච් එක දැක්කම එකට වඳිනවා, බුද්ද රූපෙටත් පහන් පත්තු කරල වඳිනවා. නමුත් ඉන්දියාවෙන් පැමිණ සිටින හින්දු අය එසේ වඳින්නේ නෑ.

    2012/07/20 at 5:06 AM
  • දෙයියම්පා says:

    ඔව් බෞද්දයන්ට අරාබියේ පුරවැසිබාවය තහනම් ඇති. ලංකාවේ කවද හරි මුස්ලිම්ලා වැඩි උනොත් මෙහෙත් මැදපෙරදිග රටකට වඩා වෙනස් වෙන එකක් නැහැ. ඉතින් මුස්ලිම්ලා ගැන කතාකරනකොට අරාබි රටවල් ආදර්සේට ගත්තම මොකෝ. ඔහෙලා අනිවාර්ය නීති ගැන කතා කරනව. බැරිවෙලාවකවත් බුද්දහගමේ පිළිම වන්දනාව අනිවාර්ය උනානම් මොනවා වෙයිද එහෙනම් බව්ද්දයන්ටයි අරාබිකාරයන්ටයි කවදාවත් එකට ජිවත් වෙන්න බැරි වෙනවා. එහෙම උනානම් තමන් කාපු බීපු වලන් පිගන් ටිකවත් හෝදගන්න බැරුව ඔවුන් අසරණ වෙයි. අනිවාර්ය නීති සහිත ආගම් ත්‍රස්තවාදය,බේදය ඇතිකරන බව පැහැදිලි නේද. මැදපෙරදිගින් ලංකාවේ වැඩට අවේ ගොඩක් ඉස්සර ඉදන් එදා ඉදන් තමයි මේ කරදර පටන්ගත්තේ අපේ අනිවාර්ය නීති නැති නිසා.

    2012/07/20 at 1:05 PM
    • Anver Manatunga says:

      බුදු දහමේ පිළිම වන්දනාව අනිවාර්ය වෙන්න. බුදු දහම තුල පිළිම වන්දනාව තියෙන්න එපායැ. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් ලියු බුද්ධ ප්‍රථිමා සම්බන්ධ ග්‍රන්ථයේ සදහන් වන්නේ පලවෙනි බුද්ධ ප්‍රථිමාව නිර්මාණය වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේට වසර පන්සීයකට පමණ පසුව බවයි.

      2012/07/21 at 7:02 AM
      • දෙයියම්පා says:

        බුදුන් වහන්සේ සිටියදී පිළිම මොකටද බුදුන්වහන්සේ නැති කාලෙකයි පිළිම ඕන වෙන්නේ. විමලරතන හිමියන් අදහස් දක්වා ඇත්තේ අතීතයේ ඉතිරිව ඇති සාක්ෂිවලට අනුවයි. ඊට පෙර බුදුපිළිම නොතිබුනා යයි කිසිවෙකුට ස්ථිරව කියන්න පුලුවන්ද. උන්වහන්සේ කිසිම විටක පිළිම ප්‍රතික්ෂේප කරලා නැහැ.බුදුපිලිමයකට වන්දනා කලයුතුවන්නේ කාරණා දෙකක් නිසය් එකක් පිළිමයට නිර්වාණයට පත්වෙච්ච කෙනෙක්ගේ ලක්ෂණ පවතින නිසයි. පිළිමයකට සංසාර දුක ඇතිනොවේ,උපතක් මරණයක් නැත,ලොබ ද්වේශ නැත,අටලොදහමෙන් කම්පා නොවේ. මේවා මනුස්සයන්ට ලබාගැනීමට අපහසු වන්දනීය ගුණාංග. දෙවැනි කාරණය බුදුපිළිමයක් යනු බුදුන්ගේ අනුරුවක් මේ කාරණා දෙකම නිසා බුදුපිළිමයක් වැදීමට සුදුසුයි.බව්ද්දයන් නමස්කාර කරන්නේ වන්දනීය ගුණාංග සහිත බුදුන්ගේ අනුරුවකට.

        නමුත් මුස්ලිම්ලා අහස දෙස බලාගෙන නොපෙනෙන දෙවියන් වන්දනා කරයි. දවසකට පස් හය වතාවක් වැන්දත්,දෙවියන් ශේෂ්ට යැයි යටිගිරියෙන් කෑගැහුවත් ඔය නොපෙනෙන දෙවිය ඔබල වෙනුවෙන් දක්වා ඇති විශේෂය මොකද්ද?

        2012/07/21 at 11:27 AM
        • Anver Manatunga says:

          හරි බුදු පිළිම අවශ්‍ය වන්නේ බුදුන් වහන්සේ නැති කාලෙට යැයි කියමු. එසේ නම් බුදු රජාණන් වහන්සේට තිබුණා උන්වහන්සේ ජීවමාන කාලයේදීම මම නැතිදාක වන්දනා කරන්න යැයි කියා ප්‍රථිමා තනවන්න. එහෙනම් අද තිබෙන බුද්ධ ප්‍රථිමාවේ ස්වරූපය සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේගේ බව අපට පැවසිය හැක. ඒත් එසේ නොවු නිසා අද පවතින බුද්ධ ප්‍රථිමා ස්වරූපය සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේගේ ස්වරූපය බව විශ්වාස කරන්නේ කෙසේද?

          අපගේ නොපෙනෙන දෙවිදුන් විසින් අපට දක්වා ඇති ප්‍රධාන සුවිශේෂතාවය නම් කිසිදු ‍භෞතික දේකට අපට නමදින්නට නොසැලැස්වීමයි. මෙලොව සිටින මුස්ලිම් වරුන් නමදින්නේ අල්ලාහ් පමණි. උන්වහන්සේට දෙවැනි කිසිවක් නැමදීමෙන් අල්ලාහ් අපව වලක්වා ඇත.

          2012/07/21 at 3:23 PM
          • charith says:

            habai puto ubage wada nisa lagadima jatiwadi prshna ati wenawa wage penawa.ayeth ati unothnam aparade wadiyenma marenna wenne ahinsaka muslim set akata

            2012/07/23 at 4:23 AM
          • Anver Manatunga says:

            මා වැඩ කරන්නේ බහුතර ජනතාව දැනුවත් කිරීමටයි. මේ වන විටත් එය බොහෝ සේ සිදුවී ඇත. මේවාට තරහ යන්නේ ආගම්බේධවාදීන්ටය. ආගම්බේධවාදීන් නම් දත්මිටි කති.

            2012/07/23 at 8:20 AM
          • දෙයියම්පා says:

            දෙවියන් වදින කෝණයෙන් බුදුන් වැදීම නොදකියයුතුයි. මිනිසුන් ලවා වන්දවාගැනීමේ අල්ලාහ්ගේ අරමුණ බුදුන්ට නැහැ. ජීවමානව සිටියදී කිසිවෙකුට තමාවෙත වන්දනා කරන ලෙස පවසා නැති බුදුන් වහන්සේ තමා නැති කාලෙක පිළිම වන්දනා කරන්න කියයිද. පිළිමය ගෞතම බුදුන් වහන්සේගේ අනුරුවක් උනත් නැතත් වදින කෙනාට එකෙන් බලපෑමක් නැත, මොකද වැදීම කරන්නේ දර්මය පිළිබද ශද්දාව ඇතිකරගැනීමට මිස ලාබ අපේක්ෂාවෙන් හෝ ස්වර්ග සැප අපේක්ෂාවෙන් නොවේ. බුදුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ දර්මය දැකීම යනු බුදුන් දැකීම වන බවයි.
            ඔබ පෙන්වා තිබෙන්නේ මුස්ලිම්ලා දෙවියන් කෙරෙහි දක්වන සුවිශේෂතාවය මිසක් දෙවියන් ඔබල කෙරෙහි දක්වන විශේෂයක් ගැන නොවේ. ඇත්තටම, නැති දෙවියෙක් කුමක් දක්වන්නද!

            2012/07/24 at 11:20 PM
          • Anver Manatunga says:

            ඔබ බුදු දහම ගැන පවසන දේ අපට වත්මන් බොදුනුවන් තුලින් දක්නට නැත. ඔවුන් බුදුන්ට වදිනවා පමණක් නොව හැම කෙනෙකුටම වදිති. තවද අන්‍යාගමිකයන්ටත් එසේ කරන්නට බලකරති. මේ ලිපිය ලිව්වේ ඒ නිසාය.

            අප විසින් අල්ලාහ් නමදින්නේ අල්ලාහ් සිටින බව විශ්වාස කරමිනි. නොමැති බුදුරජාණන්ට සිටිනවාක් මෙන් ප්‍රථිමාවන් නමදින්නේ ඔබලාය. මෙසේ කරමින් මුස්ලිම් සමාජයට චෝදනා කිරීම වැරදි සහගතය.

            2012/07/25 at 3:38 PM
        • ඉෂාක් says:

          උස්සල පොලවේ ගැහුවම කැඩෙන්නේ නැද්ද …එතකොට නිධන් හොරු කොහොමද බුදු පිළිමවල ඔලුව හාරන්නේ

          2012/07/21 at 3:46 PM
        • sarji says:

          puluwannam meyage kathawata abiyaoga karanna,

          “The most beautiful and most profound emotion we can experience is the sensation of the mystical. It is the sower of all true science. He to whom this emotion is a stranger, who can no longer stand rapt in awe, is as good as dead. That deeply emotional conviction of the presence of a superior Reasoning Power, which is revealed in the incomprehensible Universe, forms my idea of God.” (Albert Einstein, as cited in Libby Anfinsen 1995).

          2012/07/23 at 9:19 PM
  • දෙයියම්පා says:

    ෆාතිමා සහ බුනන්ම් ට
    ඔව් බෞද්දයන්ට අරාබියේ පුරවැසිබාවය තහනම් ඇති. ලංකාවේ කවද හරි මුස්ලිම්ලා වැඩි උනොත් මෙහෙත් මැදපෙරදිග රටකට වඩා වෙනස් වෙන එකක් නැහැ. ඉතින් මුස්ලිම්ලා ගැන කතාකරනකොට අරාබි රටවල් ආදර්සේට ගත්තම මොකෝ. ඔහෙලා අනිවාර්ය නීති ගැන කතා කරනව. බැරිවෙලාවකවත් බුද්දහගමේ පිළිම වන්දනාව අනිවාර්ය උනානම් මොනවා වෙයිද එහෙනම් බව්ද්දයන්ටයි අරාබිකාරයන්ටයි කවදාවත් එකට ජිවත් වෙන්න බැරි වෙනවා. එහෙම උනානම් තමන් කාපු බීපු වලන් පිගන් ටිකවත් හෝදගන්න බැරුව ඔවුන් අසරණ වෙයි. අනිවාර්ය නීති සහිත ආගම් ත්‍රස්තවාදය,බේදය ඇතිකරන බව පැහැදිලි නේද. මැදපෙරදිගින් ලංකාවේ වැඩට අවේ ගොඩක් ඉස්සර ඉදන් එදා ඉදන් තමයි මේ කරදර පටන්ගත්තේ අපේ අනිවාර්ය නීති නැති නිසා.

    2012/07/20 at 1:10 PM
  • hasan says:

    දඹර අමිල හිමි වැනි භික්ෂූන් වහන්සේලා රෑපවාහිනී සංවාදවලදී පිළිම වන්දනාව වැරදියි, පිළිමයට කිසිදු බලයක් නැහැ යන කාරණය ප්රසිද්ධියේ පවසනවා.

    2012/07/21 at 9:15 AM
    • Amila says:

      Dambara Amila Himi yanu Alajjika Bikshuwak bawa karunawen awadharanaya kara ganna.

      2012/07/21 at 12:39 PM
      • Anver Manatunga says:

        කරුණාකර Alajjika අලජ්ජික යන්න විස්තර කරන්න. එය මේ අඩවිය කියවන බෞද්ධ නොවන අයට වටහා ගැනීමට පහසුවක් වනු ඇත.

        2012/07/21 at 3:26 PM
        • Jilbuwa says:

          අලජ්ජික – ලජ්ජා නැති – ලැජ්ජ තිබ්බ නම් දේශපාලනේ කරන්නනේ නෑ

          2012/07/25 at 10:42 AM
          • Anver Manatunga says:

            මා මේ ගැන නම් ඇසුවේත් අදයි. එතකොට ඔබ කියන්නේ ජාතික හෙළ උරුමයේ සිටින භික්ෂූන් වහන්සේලාත් අලජ්ජික හෙවත් ලැජ්ජා නැති අය බවද?

            2012/07/25 at 3:24 PM
  • hasan says:

    සමහර රටවලට දුෂ්කරතා පැමිණෙන්නේ මන්ද?

    සමහර රටවල මුස්ලිම්වරුන්ට අක්රමිතා සිදුවන බව සමහරු පවසති. දුෂ්කරතා මුස්ලිම් ජනයාට වැඩි වශයෙන් බලපා ඇති බවද සමහරු පෙන්වා දෙති.

    පළමුව මුස්ලිම් යන්නන් කවුරුන්දැ? යි දැනගැනීම වැදගත්ය. මුස්ලිම් යනු, අල්ලාහ් සිටින බව විශ්වාස කර, අල්ලාහ්ට අවනත වී ක්රියා කරන්නාය.

    එහෙයින් කෙනෙක් අල්ලාහ් සිටින බව විශ්වාස කළේ නම්, ඔහු තමාගේ විශ්වාසය ක්රියාවෙන් පෙන්විය යුතුය.

    එනම් තමන්ගේ විශ්වාසය, තමන්ගේ ක්රියාවෙන් පෙන්නුම් කළ යුතුය. එය ක්රියාවෙන් පෙන්නුම් කිරීම, අල්ලාහ්ට අවනත වී ජීවත්වීම වේ.

    එසේ නොමැතිව තමන්ගේ මනෝ ඉච්ඡාවට අනුව ජීවත්වන සමූහයක්, තමන්ගේ විශ්වාසය සැබෑ කළ සමූහයක් නොවන්නෝය. එවැනි අය බොරු කළ සමූහයක ඝනයට ඇතුළුවන්නෝය.

    අද මුස්ලිම් ජනයින් සෑහෙන කොටසක් රටේ පාලකයින්ගෙන්, බහුතර අන්ය ජාතිකයින්ගෙන් ආදී වශයෙන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටිති. මෙයට හේතුව කුමක්ද?හේතුව ඔවුන් ඉස්ලාමය තමන්ගේ ජීවනය ක්රියාවලිය ලෙස නොගෙන සිටීමයි.

    එමෙන්ම මෙම දුෂ්කරතා මුස්ලිම්වරුන්ට පමණක් නොව, අන්ය ආගමිකයින්ටද සිදුවේ. එයට හේතුව ඔවුන් ඉස්ලාමය ප්රතික්ෂේප කර, එයට පටහැනි වෙනත් ජීවන මාර්ගයක් තෝරාගැනීමය. පහත දැක්වෙන කුර්ආන් වැකිය බලන්න!

    අල්ලාහ් ආරක්ෂාකාරීවද සැණසීමෙන්ද සිටි ග්රායමයක් උදාහරණය ලෙස දක්වයි. එයට නියමිත ආහාර සියලු ස්ථානවලින්ම බහුලව එය දෙසට පැමිණෙමින් තිබුණේය. පසුව එය අල්ලාහ්ගේ දායාද ප්ර්තික්ෂේප කළේය. එහෙයින්, (එම ගම්වැසියන් වූ) ඔවුන් කරමින් සිටි දේ හේතුවෙන් අල්ලාහ් එයට කුසගින්න, බිය නැමති වස්ත්රය විඳිමට සැලැස්වූයේය. (ශු.කු.16:112)

    කිසිදු බියකින් තොරව ආරක්ෂාකාරීව තිබූ ග්රාමයක්, බිය හා අගහිඟකම ඇති තත්ත්වයට පත්වීමක් ගැන අල්ලාහ් මෙහි පවසයි. එම ගම්වැසියන් අල්ලාහ්ගේ දායාදවලට තුති නොකළ හෙයින් මෙම තත්ත්වය ඇති වූ බව අල්ලාහ් මෙහි පවසයි.

    මෙම කුර්ආන් වැකිය හා සම්බන්ධ කර ලංකාව සසඳා බලන්න!

    අවුරුදු 40 කට පෙර ලංකාව කෙසේ තිබුනේද? කිසිදු යුධ බියක්, හෝ බෝම්බ බියක් ලංකාවේ නොතිබුනි. නමුත් ලංකාවට සිදුවූයේ කුමක්ද? ඉතාම කුරීරු යුද්ධයක් පැවතුනි. කොතැනකට ගියත් බෝම්බයක් පිපිරේවිදෝ කියා අති භයානක තත්ත්වයක්.

    මෙම භිතීයට බෞද්ධ, ක්රිස්තියානි, මුස්ලිම්වරු සියල්ලෝම මුහුණ දුන්හ. අල්ලාහ් මෙම තත්ත්වය ඇති කළේ ඇයි?

    හේතුව බහුතරය වන සිංහල ජනයා අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම එක කාරණාවක් වේ.

    අනෙක් කාරණය අල්ලාහ්ව විශ්වාස කර සිටින මුස්ලිම්වරුන්ගෙන් බහුතරයද අල්ලාහ්ට අවනත නොවී පාප ක්රියාවල යෙදීමය.

    එහෙයින්, අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමද ඔහුට තුති නොකිරීමකි. මෙයට සිංහල ජනයාව උදාහරණ වශයෙන් කිව හැකිය.

    එමෙන්ම අල්ලාහ්ව පිළිගෙන යහකම් නොකර, පව් කිරීමෙන් අල්ලාහ්ට අවනත නොවී සිටීමක් ගැන බහුතර මුස්ලිම් ජනයාව උදාහරණ වශයෙන් පෙන්විය හැකිය.

    අල්ලාහ්ව විශ්වාස කර, යහකම් කරමින් සිටියේ නම් අල්ලාහ් එම රටට විපත් ඇති නොකරන්නේය. එය පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පැවසේ.

    ඔබලා තුති කර, විශ්වාසද කළේ නම් ඔබලාට දඬුවම් කිරීම මගින් අල්ලාහ් කුමක් කරන්නේද? අල්ලාහ් කෘතවේදියා ලෙසද, හොඳින් දන්නා ලෙසද සිටියි. (ශු.කු.4:147)

    තමාව විශ්වාස කර, යහකම් කිරීම මගින් තමන්ට තුති කරන සමූහයකට අල්ලාහ් විපත් ඇති නොකරන බව ඉහත වැකියෙන් පවසයි.

    2012/07/21 at 10:34 AM
  • දෙයියම්පා says:

    //මුස්ලිම් යනු, අල්ලාහ් සිටින බව විශ්වාස කර//

    සිටිනවා යනු ස්ථානය හගවන පදයකි.අල්ලාහ් සිටි නම් ඒ කොහේද ?

    //සමහර රටවලට දුෂ්කරතා පැමිණෙන්නේ මන්ද?//

    ලෝකයේ වඩාත් දුෂ්කරම බූමි තියෙන්නේ අරාබිකරයේනේ උහුලන්න බැරි රස්නේ. වැහි පොදක් නැහැ.

    ඉස්ලාම්ලා වැඩිපුර ඉන්න ඉරාකේ, ඇෆ්ගනිස්තානේ,පලස්තිනේ යුද්ද වලින් කොච්චර දුෂ්කර රටවල්ද? ඒවායේ වැඩිපුර ඉන්නේ බොරු මුස්ලිම්ලා හින්ද ඔව්න්ට අල්ලාහ් දඩුවම් දීලද?

    අල්ලාව තුට්ටුවකට මායිම් කරන්නේ නැති බටහිර රටවල් සැපවත් ජිවිත ගතකරන්නේ කොහොමද?

    අඩුගානේ තමන්ට ලැබිල තියන තෙල් සම්පතින්වත් තමන්ට ඕන විදියට ප්‍රයෝජන ගන්න බටහිර රටවල් ඉඩදීලා තියනවද? දෙවියන්ට යටත් මිනිස්සු බටහිරටත් යටත් වෙලා. ඔබ කියන විදියට කුරානෙට අනුව අල්ලාහ් ඇගිලි ගහල තියෙන්නේ ලංකාවට විතරයි. කුරානේ බොරු ලියල තියන බව තාමත් තේරෙන්නේ නැද්ද?

    2012/07/21 at 12:41 PM
    • Anver Manatunga says:

      ඔබගේ පැනය
      //මුස්ලිම් යනු, අල්ලාහ් සිටින බව විශ්වාස කර//

      සිටිනවා යනු ස්ථානය හගවන පදයකි.අල්ලාහ් සිටි නම් ඒ කොහේද ?

      මගේ පිළිතුර
      අල්ලාහ් සිටින්නේ අර්ෂ් නම් ස්ථානයේ බව නබි වදන්හි සටහන් වේ. එය මෙම විශ්වයේම හෝ ඉන් පරිබාහිර ස්ථානයක් විය හැක.

      ඔබගේ පැනය
      //සමහර රටවලට දුෂ්කරතා පැමිණෙන්නේ මන්ද?//

      ලෝකයේ වඩාත් දුෂ්කරම බූමි තියෙන්නේ අරාබිකරයේනේ උහුලන්න බැරි රස්නේ. වැහි පොදක් නැහැ.

      මගේ පිළිතුර
      ලොව දුෂ්කරම ප්‍රදේශය අරාබිය යැයි ඔබ පවසයි. අල්ලාහ් ඒ නිසා ඔවුන්ගේ දුෂ්කරතාවය ලෙහෙසි කර ඇත. ඔවුන්ට තෙල් සම්පත ලබාදී තිබෙන නිසා විශාල ධනස්කන්ධයක් ලැබේ. මේ නිසා ඔවුන් ලොවතුල සුපිරිතම ජීවිතයක් ගත කරති. අද යුරෝපයේ අය පවා රැකියා නැති නිසා පැමිණ අරාබිකරයේ සේවය කරති. අපේ රටේ අයට මෙතරම් හොද කාලගුණයක් ලැබිලත් අරාබියට ගොස් කුලියට වලං හෝදති.

      ඔබගේ පැනය
      ඉස්ලාම්ලා වැඩිපුර ඉන්න ඉරාකේ, ඇෆ්ගනිස්තානේ,පලස්තිනේ යුද්ද වලින් කොච්චර දුෂ්කර රටවල්ද? ඒවායේ වැඩිපුර ඉන්නේ බොරු මුස්ලිම්ලා හින්ද ඔව්න්ට අල්ලාහ් දඩුවම් දීලද?

      මගේ පිළිතුර
      ඉරාකේ, ඇෆ්ගනිස්ථානයේ සහ පලස්තීනයේ භූමියේ වටිනාකම දන්නා යුරෝපීයයන් එය අල්ලා ගැනීමට උත්සාහ දරනවා. මුස්ලිම් වරුන් සටන් කරන්නේ තම උරුමය රැක ගන්නයි.

      ඔබගේ පැනය
      අල්ලාව තුට්ටුවකට මායිම් කරන්නේ නැති බටහිර රටවල් සැපවත් ජිවිත ගතකරන්නේ කොහොමද?

      මගේ පිළිතුර
      බටහිර රටවල අද වේගයෙන්ම පැතිරෙන දහම ඉස්ලාමයයි.

      ඔබගේ පැනය
      අඩුගානේ තමන්ට ලැබිල තියන තෙල් සම්පතින්වත් තමන්ට ඕන විදියට ප්‍රයෝජන ගන්න බටහිර රටවල් ඉඩදීලා තියනවද? දෙවියන්ට යටත් මිනිස්සු බටහිරටත් යටත් වෙලා. ඔබ කියන විදියට කුරානෙට අනුව අල්ලාහ් ඇගිලි ගහල තියෙන්නේ ලංකාවට විතරයි. කුරානේ බොරු ලියල තියන බව තාමත් තේරෙන්නේ නැද්ද?

      මගේ පිළිතුර
      කිසියම් දෙයක සැබෑ වටිනාකමක් එන්නේ එයට විරුද්ධතාවයන්ද එන විටයි. අද බටහිර රටවල් භය එකම ජනවර්ගයත් මුස්ලිම් පමණයි. කවදා හෝ බටහිර පරාජය කළ හැක්කේද අරාබි වරුන්ට පමණයි. අද අපේ ලංකාව පත්ව තිබෙන්නේ නිවටව ඇමරිකාවේ සෙරෙප්පු ලෙවකන තත්වයක්.
      අපට අල්-කුර්ආනය හෝ තිබෙනවා. ඔබලාට එසේවත් පිළිගත හැකි විශ්වාසනීය ග්‍රන්ථයක් නොමැති බව ඔබ දන්නවාද?

      2012/07/21 at 3:42 PM
  • bunanm says:

    දෙය්යම්පා @ , ලංකාවෙන් පිගන් හෝදන්න නොගියා කියල ඔවුන් ට එවකරන්නට සේවකයෝ නොලබෙඉ කියලද හිතන්නේ?ඔවුන්ලග මුදල් ඇතිනිසා වෙනත් බොහොරටවලින් අරගනීවි,මැදපෙරදිග ඇත්තේ යම් ඉස්ලාමීය නීති කොටස් ද සහිත අරාබි රාජාණ්ඩු නීතිය මිසක් ඉස්ලාමිය සම්පුර්ණ නීතිය නොවන බව වටහාගන්න.අනික බවුද්ධයන්ට පමණක් නොව ශ්‍රීලාංකික මුස්ලිමානුවන් වූ අපටද එහි පුරවැසිබාවය තහනම් බවද මතක් කරදීමට කැමැත්තෙමි.මෙතැනදී මතුවන්නේ ආගම නොව රට යන සංකල්පය බව හදුනාගන්නේනම් මැනවි.හේතුව ඔවුන් අප සියල්ලන්වම මනින්නේ/සලකන්නේ විදේශික සේවකයින් යන මිනුම්දණ්ඩෙන් ය.රාජාණ්ඩු වීම නිසාවෙන් අපට ඔවුන්ගේ රාජනීති වලට අභියෝග කිරීමටද නොහැක.මෙය එමරටවලට යන සියලුම විදේශිකයන්ට පොදු වූ දෙයක් මිස ඔවුන් අපගේ ආගම් ගැන සැලකිලිමත් නොවනබව වටහාගන්න.කරුණු මෙසේ තිබියදී අපව ඔවුන්ට ආදේශ කරන්නේ කිනම් පදනක සිටද?

    2012/07/21 at 1:36 PM
  • bunanm says:

    මෙතන ට මෙටිකත් එකතු කරන්න කැමතිය් .මෙය සමස්ත පාසල් පද්දතියේම නොව ඉතා සුළු පාසල් සංක්‍යාවක සිදුවන බව. මා ගිය පාසලේදිනම් කිසිදාක මට මෙහෙම වෙලා නැත ,මගේ ගුරුවරු මට වඳින්න බලකරල නෑ .මාගිය පාසලේ සිකුරාදා සලාතය සදහාද එම විදුහලේ සිටි පිරිමි සිසුන් දෙදෙනාටම ප ව 12.00 ට යාමට අනුමත කළහ.එවන් හොද ගුරුවරුද නැතුව නොවේ.අදත් මගේ ගුරුවරු මාගැන ඉතා ඉහලින් කතා කරනබව මිතුරන් ට හමුවුවිට මාගැනද ආදරයෙන් මතක් කරන බවත් කියති . මාත් ඔවුන්ට ඉතා ඉහලින් අදටත් ගරු කරනවා.අපි නොවැන්දය් කියල අපගේ විනයෙහි කිසිම පිරිහීමක් තිබුනේ නැහැනේ?

    2012/07/21 at 2:17 PM
    • Anver Manatunga says:

      එහෙම ගුරුවරුන් රැසක් සිටිනවා.

      2012/07/21 at 3:43 PM
  • hasan says:

    අල්ලාහ් සිටිනවා නම් කොහි සිටින්නේද?

    අල්ලාහ් අර්ෂයෙහි සිටියි.

    අල්ලාහ් අර්ෂයෙහි සිටින බව පවසන කුර්ආන් වැකි ස්වල්පයක් ඔබගේ දැනගැනීම පිණිස:

    නියතව ඔබලාගේ ස්වාමියා වූ අල්ලාහ්ම අහස් හා පොලොව දවස් සයකදී මවා, පසුව (තම තත්ත්වයට සුදුසු පරිදි) අර්ෂය මත වූයේය. ඔහු රාත්රිය දවාලෙන් වසයි. එය (රාත්රිය වූ) එය වේගයෙන් ලුහුබඳියි. සූර්යයාවද චන්ද්ර්යාවද තාරකාවන්වද තම අණයට වසඟ කරනු ලැබූ දේ ලෙස (මවා ඇත්තේය.) දැනගන්න! මැවීමද, අණ කිරීමද ඔහුටම අයත් ඒවා වේ. සකල ලෝවැසියන්ගේ ස්වාමියා වූ අල්ලාහ් භාග්ය ඇත්තා වූයේය.(ශු.කු.7:54)

    නියතව ඔබලාගේ ස්වාමියා වන අල්ලාහ්ම අහස් හා පොලොව දවස් සයකදී මවා, පසුව (තමාගේ තත්ත්වයට සුදුසු පරිදි) අර්ෂ් මත හිඳ, සියලු කාර්යයන් පාලනය කරයි. ඔහුගේ අනුමැතියට පසුව මිස (ඔහු හමුවෙහි) මැදිහත්වන්නෙකු කිසිවෙකු නොමැත. ඔබලාගේ ස්වාමියා අල්ලාහ්මය. එහෙයින්, ඔහුටම නැමදුම් කරන්න. ඔබලා උපදෙස් නොලබන්නෙහුද? (ශු.කු.10:3)

    අල්ලාහ්ම ඔබලාට බැලිය හැකි (තත්ත්වයෙහි) කුළුණු නැතිව අහස් ඔසවා, පසුව අර්ෂය මත (තම තත්ත්වයට සුදුසු පරිදි) හිඳගත්තේය. තවද, සූර්යයාවද, චන්ද්රයාවද ඔහුම වසඟ කළේය. ඒවා එකිනෙක නියමිත කාල සීමාව තෙක් ගමන් කරමින් සිටියි. ඔහුම කාර්යයන් සියල්ලම පාලනය කරයි. ඔබලාගේ ස්වාමියාගේ හමුවීම ඔබලා ස්ථීරව විශ්වාස කරනු පිණිස ඔහු මෙම සාක්ෂීන් ගැන විස්තර කරයි. (ශු.කු.13:2)

    සැබෑ රජු වූ අල්ලාහ් උතුම්කෙනා වූයේය. (සැබැවින්ම) නැමදුම් ලැබීමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙකු නොමැත. (ඔහු) කීර්තිමත් අර්ෂයෙහි ස්වාමියාය. (ශු.කු.23:116)

    ඔහුම අහස් හා පොලොව දවස් සයකදී මවා, පසුව (තම තත්ත්වයට සුදුසු පරිදි) අර්ෂය මත හිඳගත්තේය. ඔහු පොලොව තුළට ඇතුළු වන දේ ගැනද එහි සිට පිට වෙන දේ ගැනද, අහසින් පහළ වන දේ ගැනද, එහි නැග යන දේ ගැනද හොඳින් දනියි. (ශු.කු.57:4)

    2012/07/21 at 4:46 PM
    • දෙයියම්පා says:

      සියල්ල මවන්නේ අල්ලාහ් නම් අර්ශයද ඔහුගේම මැවීමක් වියයුතුයි. එසේනම් අර්ශය මැවීමට පෙර ඔහු සිටියේ කොහෙද? එයද තවත් ආකාරයක අර්ශයක් නම් එහිද මැවුම් කරුවා ඔහුම වන බැවින් ඊට පෙර සිට ඇත්තේ කොහෙද ? එඅකාරයේ තවත් අර්ශයකද මේ ආකාරයට ඔහු අර්ශයෙන් අර්ෂයට පනිමින් යන ගෙම්බෙක්ද?

      2012/07/24 at 11:36 PM
      • Anver Manatunga says:

        ඔබ මේ ලියු ප්‍රතිචාරය නිසා ඔබවද තහනම් කරන බව කරුණාවෙන් සලකන්න. මේ වෙබ් අඩවිය විවෘත දහමකට අපහාස නොකර විවෘත සංවාදයේ යෙදෙන අයටයි.

        අල්ලාහ් සිටින බවට විශ්වාස කරන සහ එය ජීවිතයෙන්ම අත්දකින මුස්ලිම් වරයෙක්ට අර්ෂය ගැන ප්‍රශ්නයක් නැත.

        2012/07/25 at 3:41 PM
        • Brother says:

          අන්වර්, එහෙම කරන්න එපා. ඒකෙන් හැඟෙන්නේ අපි උත්තර නැතුව බයේ දුවනවා කියලා. ඔබට අවශ්‍යම නම් මුලින්ම ඔවුන්හට අවවාදයක් දෙන්න. ඇත්තටම මෙවැනි ප්‍රතිචාරයන්ට පිලිතුරු දීමට තරම් හොඳ මුස්ලිම් පාඨක සංඛ්‍යාවක් දැන් දැන් මේ අඩවිය වටා එකතු වෙමින් පවතිනවා. ඔබ බියවෙන්න එපා හසන් සහෝ. ඒක බලා ගනීවී.

          2012/07/25 at 4:30 PM
        • Brother says:

          ඔහුගේ කමෙන්ට් කරුනාකරලා අනුමත කරන්න. ඔහුගේ තර්කවල යම් පදනමක් තියෙනවා එකම ගැටලුව ඉවසිය නොහැකි වීම. ඔහුට පුලුවන් තරම් පැහැදිලි කරමු. අනික ආවේගාත්මක කමෙන්ට් පල කරන එකෙන් මුස්ලිම් පාඨකයන්ටත් පොඩි උපදෙසක් දෙන්න.

          2012/07/25 at 4:35 PM
          • Anver Manatunga says:

            සමහර අපේ අයත් කියන දේ අහන්නේ නැහැ. ඒ අය ආවේගශීලීව දාන කමෙන්ට් පල නොකළාම මටත් බැනලා එවනවා.

            2012/07/26 at 4:32 AM
          • Brother says:

            ඒකට කරන්න තියෙන්නේ ආගමට අදාල ලිපි එක දිගට පල නොකර ඉන්න එක. අතරින් පතර ආගමෙන් බැහැර වෙච්ච වෙනත් කාලීන මතෘකාත් සාකච්චාවට ගන්න එක. එතකොට ඒගොල්ලන්ගේ ආවේගය අඩුවෙලා ‘කූල්’ වෙන්න පටන් ගනි. කොහොම වුනත් ඒගොල්ලන්ටත් ‘රෙස්ට්’ එකක් දෙන්න එපායැ. අනික තමයි ඔබ දිගටම ආගමික ලිපි පල කරද්දී ඔබටත් ‘ආගම්වාදී’ ලේබලය වදින්න පටන් ගන්න එක. මං නම් හිතන්නේ සමාජ මෙහෙවරක යෙදිලා සිටින්නවුන් ස්වාධීන වගේම සමබර වී සිටිය යුතුයි කියලා.

            2012/07/26 at 2:51 PM
          • Anver Manatunga says:

            කාලීණ මාතෘකාවන් ලිව්වාට ඒ අය කූල් වෙන්නේ නැහැ. ඔවුන් දන්නවා වෙලාව පැමිණි ගමන් මම රිදෙන්න දෙනවා කියා. අනෙක ඒ අයට තිබෙන ලොකුම තරහා මේ බ්ලොග් අඩවිය දවසින් දවස ජනප්‍රිය වෙන එකයි.

            2012/07/26 at 3:12 PM
          • Brother says:

            අන්තවාදීන් ක්‍රියාත්මක වන්නේ පැහැදිලි අරමුණක් එක්ක. ඒකට අපි පිලිතුරු දුන්නත් නොදුන්නත් කිසි වෙනසක් වන්නේ නැහැ. මා කතා කලේ බහුතර සිංහල දෘෂ්ටි කෝණයෙන්. මං මෙතන දැකපු දෙයක් තමයි හොඳ යහපත් සිංහල පිරිස් ඔවුන්ට සැබැවින්ම උවමනාවක් තියෙනවා සංවාදයට එන්න. නමුත් දිගට හරහට පලවන ලිපි නිසා ‘අන්වර් යනු ආගම්වාදියෙක්, මුස්ලිම්වරුන් කියන්නේ මෝඩ ජාතියක් ඔවුන් එක්ක තර්ක කරන එක තේරුමක් නැහැ’ කියලා ඔවුන් ඉවත් වෙලා යනවා (ඒක හරිද වැරදිද යන්න වෙනම කතාවක්). මගේ මතය මේ අඩවිය තව තවත් ජනප්‍රිය වන්නේ ඔවුන් නිසා. ඔවුන් අපට ශක්තියක්. ඒ නිසා ඔවුන් උපායශිලීව අපි රඳවා ගත යුතුයි. අනිත් කාරනාව නං මං ඔය ‘කූල්’ කතාව කිව්වේ මුස්ලිම් පාඨකයින්ට.

            2012/07/26 at 4:07 PM
        • දෙයියම්පා says:

          ගෙම්බෙක් ගැන කිව්වේ පැනීමේ ගුණය සහිත උපමාවක් වශයෙන් මිස අපහස කිරීමේ අරමුණකින් නොවන බව කරුණාවෙන් සලකන්න. බුදුන් වහන්සේද පෙර බවයන් වල සතුන් වශයෙන් ඉපදී තිබේ. අපටද එවැන්නක් සිදුවිය හැක.අපගේ දහම සත්වයින් පහත්කොට නොසලකයි එබැවින් අපගේ චින්තනයතුල සත්වයින්ට උපමා කිරීම අපහාසාත්මක දෙයක් ලෙස නොදකියි. කිසිදු ජිවිත වටිනාකමක් නැති මස්ගුලි ලෙස සත්වයින්ව දකින ඉස්ලාම්ලට ඉහත කමෙන්ටුව වාවාගත නොහැකි වීම ගැන කනගාටු වෙමි.

          2012/07/31 at 10:03 PM
          • Anver Manatunga says:

            එතකොට ඔබට මී හරකා කිව්වට කමක් නැද්ද?

            2012/08/01 at 1:43 AM
          • දෙයියම්පා says:

            උපමා දියයුතු වන්නේ හේතු සහිතවයි. බුද්දියෙන් අඩු පුත්ගලයන්ව එවැනි සතුන්ට උපමා කල හැක්කේ සතාටද එම ලක්ෂණය පවතින නිසා. මිනිසාගේ බුද්දිමත් බාවය ගැන ස්ථිර අර්ථ දැක්වීමක් නැතිනිසා ( කෙනෙක්ගේ බුද්දිමත් ක්‍රියාවක් තවත් කෙනෙක්ට මෝඩ ක්‍රියාවක් වියහැක) එවැනි උපමා සුදුසු නොවේ.ඉබ්බෙක් මෙන් සෙමින් යාම, ගෙම්බෙක් මෙන් පැන පැන යාම සාදාරන උපමායි. අර්ශ්යෙන් අර්ශය පැනයට තවමත් නිසි පිළිතුරක් නැත. මැව්ම් කරුවෙක් නොමැතිව ලෝකය හටගැනීම මෝඩ අදහසක් නම් කිසිවක් නොමැතිව මැව්ම්කරුවාව හට ගැනීම බුද්දිමත් අදහසක්ද ?

            2012/08/01 at 10:53 AM
          • Brother says:

            @ දෙයියම්පා,

            මිත්‍රයා, මෙතන එක දිගට ‘අර්ෂ්’ කතාව ඇඳා ගත්තේ ඔබයි. හසන් සහෝ. කිසි තැනකවත් කලින් ‘අර්ෂ’ යක් ගැන සඳහන් කරලා නැහැ. ඒ නිසා ඔතන නැති එකක් ගැන කරපු අපහාසයේ වගකීම බාර ගත යුත්තෙත් ඔබ විසින්මයි.

            මිත්‍රයා, ඔබ අල්ලාහ්ට අපහාස කරලා මුස්ලිම් මිනිස්සුන් ‘බයිට්’ එකට ගන්න හිතනවා නම් ඒක මෝඩකමක්. අල්ලාහ්ට අපහසු කරපු මිනිස්සුන් ඔයිට කලිනුත් හිටියා. ඔවුන්ට අත්වෙච්ච ඉරණමත් කුරානයේ සඳහන් වෙනවා. ඒක හින්දා කරුණාකර බුද්ධිමත්ව හා ඉවසීමෙන් සංවාදයට දායකවෙන්න උත්සහ ගන්න. මං අන්වර්ගෙනුත් ඉල්ලා සිටියේ මුස්ලිම් පාඨකයන්ටත් මේ සම්බන්ධයෙන් අවවාදයක් දෙන්න කියලයි.

            2012/08/01 at 5:27 PM
  • fathima says:

    deyyampa, lankawen pigan hodanna nogiyoth wena ratakin eyala gennai a gana duk wenna epa. ow thahanam nithiya nathi nisa thamai ada lankawa athule aparada adu wela thiyanne..oyala nithiyai thrasthawadayai patalawagena. thamange ratata kauruhari ringanna enawanam ohe balagena inna kiya islam kiyala neha.ehenam oyalatath prabata kallak dila balan inna thibunane… me loke prashna diha balala islam boruwak yai kiyanawanam kiyanna modayek. loke prashna walin midichcha pudgalayek innawanam penna puluwanda katahari??? batahira ayage jivithe lassanata penne salli kadara minissunta witarai.. eyalage jivithe harayak thiyenawada??? lagadi man paththareka dakka thamange thaththage daruwa bade thiyan inna ganiyek gana warnana karala dala. arabiye nam a ganita gal gahala marawi….buddiyak thiyena kenek ta therum ganna puluwan seba sadacharawath dahama mokakda kiyala.

    2012/07/21 at 7:03 PM
  • kalane malka says:

    diyampage panaya
    alla labadipu thel sampatha ada palanaya karanne uropayane.
    oba ayata akagai neda mr anvar.
    athakota alla diviyange kamaththata lokuma paharak vnavaneda?
    alla diviyanta barida aya navathvanna.
    atha kota madapara digata thal dunne alla daviyan nam us valata thal dunne.
    atha kota ethali valata ridi raththaran dunne kavda?own siyalloma muslim novi.

    2012/07/23 at 7:40 PM
    • Anver Manatunga says:

      බටහිර රටවල් විසින් මැදපෙරදිග රූකඩ පාලකයන්ට ආධාර කරමින් ඔවුන්ට රිසි පාලනයක් ගෙන ගියද දහම සම්බන්ධව අත තැබීමට බැරිය. එසේ වු දාට ඒ පාලනයේ අවසානය බව ඔවුන් දනිති. කෙසේ වුවත් දැන් දැන් රටවල අර්බුධ මතුවෙමින් ඒකාධිපතියන් ඉවත් වෙමින් ජනතාවාදී පාලනයන් බිහිවෙමින් පවතියි. අප විශ්වාස කරන්නේ එය දෙවිදුන්ගේ ක්‍රියාවක් බවයි.

      ඉතාලි වල පමණක් නොව සවුදි අරාබියාවේද රන් සම්පත හොදින් ඇත. නමුත් තවම ඔවුන් එයට අතවත් තබා නැත. මන්ද ඔවුන්ට තෙල් සම්පතින් විශාල ආදායමක් ලැබෙන බැවිනි.

      2012/07/23 at 9:44 PM
  • fathima says:

    මේ ලෝකේ ලැබෙන වස්තු දිහා බලලා දෙවියන්ව මනින්ඩ හදනවා ඒගමන. ඕවා ප්‍රථමික ප්‍රශ්න.මේලෝකේ මිනිස්සුන්ට පෙන්න හාස්කම් කරලා තමන්ගැන විශ්වාසය ඇති කරන්න තරම් දෙවියෙක් බොලද නැහැ. ඔගොල්ලු කර්මය විශ්වාස කරනවා නේද??? ඇමෙරිකාව අද රජ සැප විදිනවා කියමුකෝ එකියන්නේ එයාලද ලෝකේ ඉන්න හොදම ගුණ යහපත් ජනයා??? එනිසාද එයාලට සල්ලි තියෙන්නේ ??? ලොඋකික සම්පත් නිසා මිනිස්සු සතුටු වෙනවනම් අද බටහිර රටවල් වල සියදිවි නසාගැනීම් අඩු වෙන්න ඕනි. එලියට පේන නිදහස එයාලගේ මනසේ නැහැ.අලියෙක්ගේ ඇගක් තිබුනට කුබියෙක්ගේ හිතක් තියෙන්නේ .ළමයෙක් දෙමුපියෙක් කියන දෙයක් අහන්නේ නැහැ.දෙමුපියෝ වයසට ගියාම තනිවෙනවා.පෞල් ජිවිතයක් කියල තියෙන්නේ කියෙන් කිදෙනටද?? ඔය වගේ හිස් ජිවිතයක් එයාල ගත කරන්නේ.මේවගේ ජිවිතයක් ලැබෙන්නේ වාසනාවටද??

    2012/07/24 at 9:17 PM
  • sana says:

    අනේ දෙයියම්පා ඕයාල ඕනේ දේකට, ඕනේ තැනකට, ඕනේ විදිහට වැඳගන්න අපට කිසි ප්‍රස්නයක් නෑ. අපේ දවියන් වහන්සේව අපි වැඳගන්නම්. ඒවාට ඔයාලට ප්‍රස්නයක් නෑ නොවේද? අනෙක නම් අනිත් මෝඩයෝ වගේම ඔයත් අරාබියේ පුරවෙසි බාවය ඕනේ කියනවා වගේ ඔයාගේ කොමන්ට් එකේ ලියල තිබුන. ඒවාට ඔයාට අඩුම තරමේ සව්දි තානාපති කාර්යාලයටවත් ගිහිල්ල කතාකරන්න වෙනවා. මොකද මුස්ලිම් අපටවත් ලැබෙන්නේ නැති නිසා අපෙන් ඕව බලාපොරුත්තුවෙලා හරියන්නේ නම් නෑ. ඔයාල වගේ සව්දි පුරවෙසි බාවය ඉල්ලන ගොඩක් අය ඉන්නවා ඒ අතර ඔයාලගේ යාලුවොත් ඇති. ඒ අයටත් කියන්න. එක දෙයක් කියන්න කැමතියි. ලැබුනොත් මේ වගේ එහෙ ගිහිල්ල මෙහෙ වගේ වැඩකරන්න එපා. මම ළඟදී පත්තරේක දැක්ක හාමුදුරු නමක් කියල තියනවා ලංකාවේ තරම් බණ කියන රටක් ලෝකෙම නෑ කියල. ඒ අහලත් අපරාදවල අඩුවක් නෙහෙල්ලු. ඉතින් මෙච්චර බණ අහලත් ඔයාල හැදෙන්නේ නැත්තම් එහෙ ගිහිල්ල ඒ රටත් විනාස කරන්න එපා කරුණාකරලා. එහෙ පාරවල් හන්දිවල් ගානේ පිළිම නෑ. ඔයාල ගිහිල්ල හන්දියක් ගානේ හා අනුන්ගේ ඉඩම්වල බෝව්දයින් නැති තැන්වල පිළිම හදල ලොකු කාලගෝට්ටියක් කරන්නම් එපා දෙයියම්පා. ඒ මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න. දැනටමත් මැදපෙරදිග රටවල ලක්ෂ 8 කටත් වැඩිය සිංහල බෝව්දයින් වැඩකරන නිසා ඔවුන්ගේ හා ඔවුන්ගේ පවුලේ අයගේ ඔලුවලත්පස් ගොඩක් දාන්නනම් එපා දෙයියම්පා. මේවට ලිය ලියා කාලේ නාස්ති කරන්නේ නැතුව සව්දි පුරවෙසි කම ගන්න වැඩ කරානම් හොඳයිනේ දෙයියම්පා .

    2012/07/25 at 2:38 AM
  • sana says:

    අනේ දෙයියම්පා ඔයාලගේ අය අරාබියට වලන් හෝදන්න ගිහිල්ල තියන්නේ අරාබි අය ගැන පව් කියල හිතිලා. මම නම් මේ ගැන සිංහල පත්තරේකින්වත් දැකල නෑ.

    2012/07/25 at 2:44 AM
  • දෙයියම්පා says:

    //ඔගොල්ලු කර්මය විශ්වාස කරනවා නේද??? ඇමෙරිකාව අද රජ සැප විදිනවා කියමුකෝ එකියන්නේ එයාලද ලෝකේ ඉන්න හොදම ගුණ යහපත් ජනයා??? //

    පෙර බවයන්වල හොද කරපු අය ඊලග බව වලදීත් ඒවිදියටම හැසිරෙන්නේ නැහැ, හැම දෙයක්ම වෙනස්වනසුළු නිසා.

    හොදදෙයක් උනාම දෙයියෝ කරන දේවල්ය නරකදෙයක් උනාම මිනිස්සු කරගත්ත දේවල්ය කියල බොලද තර්ක දාන එක තමන්ට කියන්න දෙයක් නැති උනාම මුස්ලිම්ලා ඉස්ලාම් බේරගන්න කරන වැඩක්. රාජ්ජ අනුග්‍රහයෙන් අනුන්ගේ දිවිනසන අරාබියේ හොද පේන්නෙත් යුරෝපේ සියදිවි නසාගැනීම් වල වැරදි පේන්නෙත් දෙවියන්ව බේරගන්න ඕන නිසා නේද?. ජපන්නුත් ඉස්ලාම්ලා උනානම් කියයි රටේ බෞතික සම්පත් නැතුවත් දියුණු වෙන්න පුළුවන් උනේ අල්ලට වදින නිසා කියල. යුරෝපෙටත් වැඩිය වේගයෙන් ඉස්ලාම් පැතිරෙන අප්‍රිකාවේ කන්න බොන්න නැතුවත් මිනිස්සු මැරෙනවා. දෙයියෝ තමන් සිටින බවට මිනිස්සුන්ට පෙන්නලා තියන සාක්ෂි මේවද? ඉතින් කොහොමද විබහගේ පාස් කරන්නේ !!

    2012/07/25 at 8:43 AM
    • Anver Manatunga says:

      හොද දෙයක් දෙවියන්ගෙන් නරක දෙයක් මිනිසුන්ගෙන් කියා ඉස්ලාම් පවසා නැහැ. ඉස්ලාම් පෙන්වාදී තිබෙන්නේ අල්ලාහ් විසින් හොද සහ නරක දෙකම අප වෙත තබා තිබෙන බවත් මේ දෙකම තෝරා ගන්නේ අප විසින් බවත්ය. අප ඇති පරීක්ෂණය නම් අපට තිබෙන සම්පත් වලින් දෙවිදුන්ට උපරිම විශ්වාසදායී ලෙස දිවිපවත්වාගෙන යෑමයි. කිසියම් කෙනෙකු අවම පහසුකම් යටතේ එය සිදු කරන්නේ නම් වැඩි කුසල් ප්‍රමාණයක් ඉන් හිමිවනු ඇත.

      2012/07/25 at 3:12 PM
  • hasan says:

    o @දෙයියම්පා says:

    ///සියල්ල මවන්නේ අල්ලාහ් නම් අර්ශයද ඔහුගේම මැවීමක් වියයුතුයි. එසේනම් අර්ශය මැවීමට පෙර ඔහු සිටියේ කොහෙද? එයද තවත් ආකාරයක අර්ශයක් නම් එහිද මැවුම් කරුවා ඔහුම වන බැවින් ඊට පෙර සිට ඇත්තේ කොහෙද ? එඅකාරයේ තවත් අර්ශයකද මේ ආකාරයට ඔහු අර්ශයෙන් අර්ෂයට පනිමින් යන ගෙම්බෙක්ද?///

    ඔබ ආගමක් ගැන දැනගන්න විලාශයෙන් නොව සමච්චල් කරන විලාශයෙන් මෙමප්රශ්නය අසා ඇත. එහෙයින් ඔබ අසන විලාශයට අනුව පිළිතුරක් දීමට ඇත. එනම් ඔබ දවසක මරණයට පත්වන්නේය. එසේ ඔබ මරණයට පත්වන වේලාවේදී මෙහි ඇත්ත නැත්ත ඔබ දැනගන්නෙහිය.

    2012/07/25 at 4:40 PM
  • fathima says:

    ඔයා කියන විදිහට ලංකාවේ අය පෙර බවයේදී පව් කරලා එකනේ හැමදාමත් දුක් විදින්නේ. නමුත් බෝඋදයෙක් වෙලා ඉපදෙන්න මොකක්හෝ පිනක් කරලා.අප්‍රිකාවේ සිය දිවි හානි කරගන්නේ නැහැ කන්න නැහැ කියල එක තමෛ අද්යාත්මික දිඋනුව.ඉස්ලාමයෙන් උගන්වන්නේ මෙයෛ.අල්ලහ්ව වන්දේ නැහැ කියන එකම හේතුව නිසා මේ ලෝකේ දුක් දෙනවා කියල quranaye නැහැ.අල්ලහ්ව වන්ද කියල කිසිම දුකක් ඇතිවෙන්නේ නැහැ කියලත් නැහැ.දෙවියන්ව සාක්ෂි ඇතුව දැනේවි අනිත් දර්මයන් හා ඉස්ලාමය හොදින් ඉගෙන ගත්ත නම්.අපෝ ජපානයේ අද්යාත්මයක් තියෙනවද ??? මිනිස්සු කොඉ තරම් දක්ෂ උනත් කරන්න බැරි දේවල් තියෙනවා tsunamiya නැති කරන්න ජපනුන්ටවත් හපනුන්ටවත් බැහැ.රාජ්‍ය අනුග්‍රහයෙන් හැමතැනම දිවි නසනවනේ අරාබියේ විතරද ??මිනිස්සු කරනදේ හැමවිටම ඉස්ලාමය නොවෙඉ .

    2012/07/25 at 8:35 PM
  • fathima says:

    මෙතැනදී තව දෙයක් කියන්න කැමති ,දෙවියන් මේලෝකේ සැප සම්පත් දෙන්නේ මුස්ලිම් අයට පමනෛ කියා කෞරුරුහරි කිවනම් එය වැරදි .මුස්ලිම් වරයෙකු මෙලොව හා පරලොව සාර්ථක කරගත යුතු මාර්ගයක් ඇත . අල්ලාහ් විශ්වාස කර පසුවෛ ඔහු එම මාර්ගයේ යන්නේ . මුස්ලිම් වරයෙකු ඉස්ලාමය ගැන හොදින් දැනගත් පසු කරන වැරදි හා නොදන්නා කෙනෙකු කරන පව් අල්ලාහ් බලන්නේ එකම විදිහකින් නොවේ . පව් කරනවිට මුස්ලිම් නොවන කෙනෙකුට හා මුස්ලිම් කෙනෙකුට කියා අල්ලාහ් වෙන වෙනම සලකන්නේ නැහැ.අපි කරන පෞ පින් අනුව ජීවිතයේදී ප්‍රශ්න එන්න පුළුවන් නමුත් එය එකම හේතුවක් නොවේ.මේලෝකේ සැප සම්පත් වලින් පිරි ඉතිරි ගියත් කෑමට බීමට දෙයක් නැතුව ගියත් දේව විශ්වාසය නැතිවෙන්නේ නැහැ මොකද දේව විශ්වාසය ඔහේ කෞරුවත් කියන්නම් වාලේ කියපු ගමන් ඇතිවෙන දෙයක් නෙමේ.

    2012/07/25 at 11:53 PM
  • fathima says:

    ඒවගේම සංසාර ගත පුරුදු නැතිවෙලා ඇති එහෙනම් බටහිර ජාතීන්ට.අනුන්ව මරලා තමන් වැජබෙන , හැදියාව යකාට දෙන පුරුදු නේ එයාලට තියෙන්නේ.අනේ මන්ද මොන පින් කරාද මන්ද අනුන්ගේ දේවල් හොරකම් කරලා වැජබෙන්න හදන ආත්මයක් ලබන්න

    2012/07/26 at 12:07 AM
  • kalane malka says:

    mr avar
    oba kiyana vidiyata madaperadiga pibidima alla diviyangi kamaththta siduveya kiyala.dan gadapigi palanaya avasanya.(gadapi yanu us vala hathureki)ath oba kiyana diviyange kamaththa sidunada?dan thathvaya libiyave oba dannava athai mama sithami..dan kopamana muslim minisun madaperadiga (siriyave)pakisthanaye,afganvala marenavada?diviyan balanne nadda.

    2012/07/26 at 9:10 PM
    • Anver Manatunga says:

      මිනිසුන් විසින් කරගන්නා දේවලට දෙවිදුන් පලි නැත. අද බොහෝ මුස්ලිම් බහුතරයන් සිටින රටවල ප්‍රශ්න ඇති වී තිබෙන්නේ ඉස්ලාමයට අනුව ඒ රටවල පාලනය නොමැති වීමයි. ඉස්ලාම්ට අනුව සියල්ල සිදුවන්නේ නම් මුස්ලිම් වරුන් එකිනෙකා මරා ගන්නේ නැත. නමුත් මේ සියල්ල අද සිදුවන්නේ බටහිර රටවල බලපෑමෙනි. බටහිර රටවල් එසේ බලපෑම් කරන්නේ ඒ රටවල ඇති ආර්ථිකමය වටිනාකම් නිසාය. ලංකාවට ඒ වගේ අර්බුධ නැත්තේ ඇමරිකාවට ලංකාව තුලින් ඇති ආර්ථිකමය වටිනාකම් අඩු නිසාය.

      2012/07/28 at 12:58 PM
  • fathima says:

    මෙලොව ජීවිතය පරීක්ෂණයක් පමණක් නිසා මෙලොව විදින දුක් ඉවසීමෙන් මුහුණ දෙන්නාට සදාතනික සතුට සහිත ස්වර්ගය අත්වේ. ඉස්ලාමය පහල වූ දා පටන් එයට එරෙහි වුවන් ගෙන් මුස්ලිම් වරුන්ට අපමණ දුක් ගැහැට විදින්නට සිදු විය.නමුත් හැම අවස්ථාවකදීම ඉස්ලාමය තව තවත් ශක්තිමත් විය..quranaye මෙවැනි අවස්ථා බොහොමයක් විස්තර කර ඇත.ලෝක විනාශයකට පෙර මුස්ලිම් වරුන්ට එරෙහිව අනිකුත් ජනය එක්රැස්වී පහර දෙන බවද එහි සදහන්.අවසානයේදී සත්‍ය ජයගන්නා බවද සදහන්….

    2012/07/28 at 9:06 PM
  • kalane malka says:

    mr anvar obage pahadile kirima nisa mata thava prasnayak obagen danganimata kamthi.karuna karala ma danuvath karanna .
    oba kiyana vidiyata alla diviyantath vada uropa (us) balagathuda?

    2012/07/28 at 11:21 PM
    • Anver Manatunga says:

      අල්ලාහ්ට වඩා යුරෝපය බලවත්ද යන්න ‍යුරෝපයේ මිනිසුන් දනිති. අද යුරෝපයේ වැඩියෙන්ම පැතිරෙන දහම ඉස්ලාම් බවට පත්ව තිබෙන්නේ ඒ නිසාය.

      2012/07/28 at 11:39 PM
  • kalane malka says:

    mr anvar mama ahapu deta uththaraya okanemei.mama ahanne uropayada alla diviyannda balavath.
    1.uropayada .
    2.alla diviyannda?

    kelinma uththarayak denna

    2012/07/29 at 9:58 PM
    • Anver Manatunga says:

      මම කෙලින්ම උත්තර දීලයි තියෙන්නේ. අල්ලාහ් බලවත් නිසයි යුරෝපයේ අය අද වැඩියෙන් ඉස්ලාම් වැලද ගන්නේ. 9/11 ප්‍රහාරයෙන් පසුව යුරෝපයේ වේගයෙන්ම අල්-කුර්ආනය අලෙවි වෙන්න පටන් ගත්තා. දැන් බටහිර රටවල් ඉස්ලාමය පහතට දමන්න නොයෙකුත් දේවල් කරනවා. නමුත් ඒ සියල්ල අවසානයේ ඔවුන් ඔවුන්ගේ රටවල් දෙස බලන විට වැඩියෙන් මුස්ලිම් අය සිටිනු දකිනු ඇත.

      2012/07/30 at 12:43 AM
  • kalane malka says:

    mr uropaye vadiyanma patherana agama muslim nam ayata oba kiyana videyata daththa ediripath karanna.

    2012/07/30 at 8:56 PM
  • kalane malka says:

    mr anvar
    mama ahaiva uk ,usa ,canadin ayagin(dubi valdi)ayala kiyanne uropaye kisivek muslim agama valada ganne na kiyala.oun kiyanne buddagama valada ganima vadivashayan siduvina bavai.(mokada budda darshanaye athi yatharthayata a aya kamathi bavai)muslim agami athe daradadu nithivalata a aya akamathilu.

    2012/07/31 at 3:03 PM
  • mohamed nasir says:

    @ Mr.kalane malka
    මෙන්න මේ ටික ඇති කියල මම හිතනවා.ඔබට තවත් දත්ත අවශ්‍යනම් කියන්න.ඕනෑතරම් මේ ගැන විස්තර සපයන්න පුලුවම්.
    http://www.religioustolerance.org/worldrel.htm/
    01.queenie padilla Actor
    02.(england past prime minister tony blair)බ්‍රිතානයේ හිටපු අගමැති tony blair ගේ සහෝදරයෙක් වන (Lauren Booth) ලාරන් බූත්
    03.ස්විට්සෙර්ලන්තේ ජනතා පක්ෂය නියෝජනය කරපු Daniel Streich
    04.American actress Sara Bokker

    ගැන විස්තර ටිකක් හොයල බලන්න

    2012/07/31 at 4:35 PM

Your email address will not be published. Required fields are marked *

*