Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

උපවාස කරනු ! නැත්නම් පිටුවහල් – සෞදි රජය මුස්ලිම් නොවන්නන්ටද අනතුරු අඟවයි – ලංකා චී නිව්ස් පුවත ඇත්තක්ද?

ව්‍යාජ පුවත්

ව්‍යාජ පුවත්

ඒ ගමන චී නිවුස් විසින් යැංකි මාධ්‍ය වල සිංහල ඒජන්ත භාවය ලබාගෙන ඇති සෙයකි. ඒ නිසා කලින් ක්‍රිස්තියානි ඒජන්තයන්ට කඩේ ගිය (http://www.anvermanatunga.com/2012/03/19/lanka-c-news-reply/) චී නිව්ස් මෙවර රෙදි ගලවාගෙන යැංකින්ටම කඩේ යන්නට පටන්ගෙන තිබේ. ඒ පුවත කුමක්දැයි ඔබගේ දැනගැන්ම පිණිස පහත පලකරමි. 

 

ලංකා චී නිව්ස් හි පලවු ආකාරය

ලංකා චී නිව්ස් හි පලවු ආකාරය

 

ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර මාධ්‍ය විසින් මුස්ලිම් රටවලට එරෙහිව ව්‍යාජ පුවත් නිර්මාණය කර පළකරන්නේ එමගින් බටහිර රටවල ජනතාවට මුස්ලිම් වරුන් කෙරෙහි ඉමහත් පිළිකුළක් ඇති කරවීම පිණිසයි. එයට ප්‍රධානතම හේතුව නම් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ දිනපතා බටහිර රටවල සෙබළුන් මිය යන නිසාය. තමන්ගේ පවුල් වල අය මෙසේ මිය යද්දී ඔවුන්ව එහි යැවු රජය කෙරෙහි ජනතාව කෝපයට පත්වේ. මේ නිසා බටහිර පාලකයන්ට අද සිය රටවැසියන් තුල යුධ මානසිකත්වයක් ගොඩ නැගිය යුතුව තිබේ. එයට හොඳම ක්‍රමය නම් පවුල් වල අයට සහ සමස්ථ බටහිර ජනතාවට මුස්ලිම් වරුන් කෙරෙහි වෛරයක් ජනිත කරවීමයි. අනෙක් කරුණ නම් ඉස්ලාමය වෙත පැහැදී එය වැලඳ ගන්නාවු ප්‍රමාණය අවම කර ගැනීමටයි.

 

වොෂින්ටන් පෝස්ට් පුවත් අඩවියේ පලවු ආකාරය

වොෂින්ටන් පෝස්ට් පුවත් අඩවියේ පලවු ආකාරය

 

නමුත් බටහිර රටවල ජනතාව දැන් මේ ගැන හොඳින් දනිති. ඒ නිසා කිසියම් පැහැදිලි මූලාශ්‍රයක් නොමැති පුවත් ඔවුන් විශ්වාස නොකරති. එම රටවල මාධ්‍ය නැටවෙන්නේ ධන කුවේරයන් සහ දේශපාලන බලය ඇති අය සුළු පිරිසක් අතයි. මාධ්‍යයෙහි පලවන පුවත් තුලින් බහුතරය ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නට සැකසුණු ඒවාය. සත්‍ය පුවත් අතර සත්‍ය ඒවා ලෙසින් ව්‍යාජ පුවත් අතේ පැලවෙන්නට පලකරන්න මොවුන් අති දක්ෂයන්ය. විශේෂයෙන් රුසියාවට/ චීනයට එරෙහිව සහ මුස්ලිම් සමාජයන්ට එරෙහිව පලවන පුවත් වලදී එහි තාරබර ඇර ලබා ගතයුතු බව බටහිර රටවල වැසියන් දනිති. මෙය අද බටහිර මාධ්‍ය මාෆියාවේ සැබෑ තත්වයයි.

 

ලංකාවට එරෙහිව චැනල් 4 නම් රූපවාහිණී නාලිකාව විසින් දියත් කරන ලද Sri Lankan Killing Field නම් වු නාටකයද එසේ අතේ පැලවෙන්නට සෑදු ව්‍යාජ එකක් බව අප දැන සිටියද බටහිර ජනතාව එයට රැවටුණේ එවැනි පුවත් අත්දැකීමක් ඔවුන්ට ඊට කලින් නොතිබුණු නිසාය. ඒ නිසා බොහෝ බටහිර වැසියන් එය බලා නිකට අතගසා ගන්නා ලදී. නමුත් පසුව එම නාටකයට විරුද්ධවද කරුණු ගොනුවන්නට පටන් ගත් කල ජනතාවට මෙය ගොතන ලද නාටකයක් බව දැනගන්නට ලැබුණි.

 

මේ පුවතෙහි මුලාශ්‍රය ලෙස පලකර තිබුණේ වොෂින්ටන් පෝස්ට් පුවත් වෙබ් අඩවියයි. එම ඉංග්‍රීසි පුවත තුලද එම පුවත සනාථ කළහැකි මුලාශ්‍රයක් නොමැතිව පලකර තිබුණි. චී නිව්ස් විසින් මූලාශ්‍ර කොටගෙන තිබුනේ එවැනි පුවතකි. චී නිව්ස් විසින් මීට පෙරද ක්‍රිස්තියානි එජන්තයන්ට කඩේ ගිය හැටි මම කලින් පෙන්වා දුන්නෙමි. ක්‍රිස්තියානි ඒජන්තයන්ට කඩේ ගිය චී නිව්ස්ට ඇමරිකාවත් කජ්ජක්ද?

 

සෞදි අරාබිය තුල මේ වන විටත් මිලියන අටක පමණ විදේශිකයන් සිටිති. ඔවුන් අතර මුස්ලිම් වරුන් සිටින්නේ 12% ක් පමණ වන බව ගණන් බලා තිබේ. එසේ නම් අති බහුතරයක්ව සිටින අන්‍යභක්තිකයන් මේ වන විට සෞදි අරාබියේ සිටින්නේ උපවාස කරමින්ද? සෞදි අරාබිය තුල ලංකාවේ පුරවැසියන් පමණක් 500,000ක් පමණ වෙති. ඔවුන්ගෙන්ද 400,000 කටත් වඩා සිටින්නේ මුස්ලිම් නොවන්නන්ය. ඔබ ඒ කෙනෙකුට පණිවිඩයක් තබා ඔබ මේ දිනවල නෝම්බි දැයි අසන්න. එවිට ඔබට ඇත්ත ඇති සැටියෙන් ඔබටම දැනගත හැකි වේ. 

 

  • Ajantha says:

    this news is 100% correct!!
    this is my 03rd year in Dammam – KSA & first time interioer ministry has issued a warning that if anybody break this rules in month of Ramadan, he will be punished & immdiatly deported to his country!
    And after above, first time in history water dispensors in our work place have been removed (last 02 years it was there in month of ramadan)& no any none-muslim are allow to at least drink water inside the office during this fasting perioed (this is enforced by law).

    I don’t have any issues with muslims or none muslims, but since you have mentioned in your article that”ඔබ ඒ කෙනෙකුට පණිවිඩයක් තබා ඔබ මේ දිනවල නෝම්බි දැයි අසන්න. එවිට ඔබට ඇත්ත ඇති සැටියෙන් ඔබටම දැනගත හැකි වේ” i thought of givining the correct info.
    tks/
    .

    2012/07/22 at 9:27 PM
    • Anver Manatunga says:

      අජන්ත සහෝදරයා, පට්ටපල් බොරු කියන්න එපා. පුළුවන් නම් එසේ නිකුත් කරන ලද නියෝගයේ පිටපතක් එවන්න. ඉස්ලාම්ට අනුව උපවාසය සදහා මුස්ලිම් නොවන්නන්ට බලකළ නොහැක. උපවාසය යනු මුස්ලිම් වරුන් උදෙසා පමණි.

      2012/07/23 at 3:56 AM
      • Jilbuwa says:

        අන්වර් ගජරාමෙය සවුදි අරාබිය සුද්ද කරනවා!

        2012/07/24 at 12:45 PM
        • Anver Manatunga says:

          සවුදිය කියන්නේ වර්තමානයේ ඒකාධිපතියෙක් පාලනය කරන මුස්ලිම් රටක්. ඒ නිසා සවුදිය සම්පූර්ණයෙන් සුද්දයි කියා මා කියන්නේ නැහැ. ඒ නමුත් ලංකාවට වඩා නම් සුද්දයි කියන්න පුළුවන්.

          2012/07/24 at 10:21 PM
          • Nip says:

            Palako ehaata . mehata wela gada gassa gassa inne nathuwa.. ape rata apita dilaa… oya apu dihaavatama yannako ane pls..

            2012/07/24 at 10:58 PM
          • Anver Manatunga says:

            ඔබලාට කියා රටක් ලියාදී නොමැත. ලංකාව අයිති ශ්‍රී ලාංකිකයින්ටයි. ශ්‍රී ලංකාවේ සිටින සෑම ජනකොටසකටම ලංකාව අයිතිය. ඔබ නිකම් බිරුවාට ලංකාව ගැන මෙසේ ප්‍රකාශ නිකුත් කිරීමට ඔබට කිසිදු අයිතියක් නැත.

            2012/07/25 at 2:42 PM
    • Mohammed says:

      my comment on Chee News was not published as usual.

      anyway, coming to your point of view,,,
      I am living in Middle East for more than 19 years. So I know what is happening here upside down.
      Before commencement of Ramadan a reminder/notification usually be published in local newspapers to avoid eating/dringking/smoking in public. This is true. Those who violate face charges. Anyway, it was seen in recent years that some organized groups breaking this rule in order to get arrested and draw int’l and human rights attention. Last year several incidents were reported in some ME countries.

      apart from that, there is no law by the MOI or government to force fasting (on non-muslims, nor muslims), those who dont fast or don’t want to fast can eat and drink privately. In my organization itself, a meeting room is allocated for non-muslim (we call it Ramadan room) with all necessary stuff to meet their needs. This is common in majority of workplaces. there can be a very few who don’t do this.
      Regarding your workplace, did you talk to the managment, that water dispensor might have been in a public place, make a simple (polite) request to allocate such in a closed place, your request may be responded in very positive way.

      2012/07/23 at 12:29 PM
  • ජලස්ති says:

    අස්සලාමු අලය්කුම්!!
    මාගේ ආදරණීය සොයුරා අන්වර් ඔබ ඉස්ලාමය කෙරෙහි කරන්නාහු සේවය අති විශාලය් ඔබගේ මෙම යහපත් ක්‍රියාව කිසිඳු බාධාවක් තොරව කරගෙන යන්නට අල්ලාහු තහාලාගෙන් දුහා කරන්නෙමි.

    මීට ඔබගේ සොයුරා,
    ජලස්ති

    2012/07/22 at 10:46 PM
  • මහා කළු සිංහලයා says:

    අන්තවාදී ඉස්ලාමයට එරෙහිව, ඇමරිකාව ප්‍රමුක බටහිර ජනතාව ගෙන යන වැඩපිළිවලට අපේ පූර්ණ සහය පළ කර සිටිමු !!!
    ඉස්ලාම් රාමලාන් උපවාස බොරුව ලොවටම හෙළි කරමු.

    2012/07/22 at 11:32 PM
  • sana says:

    ලංකා චී නිව්ස් කියන්නේ, අපි දන්නා විදිහට වෙසිකිලි පෝච්චියක් මෙන් කටක් තිබෙන ඇමති වරයකුගේ වෙබ් මාද්යක්. ඔහු බටහිරයට පලු යන්න බනින්නේ මෝඩයින් චූන් කරවන්න හැර වෙන මොකටවත් නෙවෙයි. ඔහු හා ඔහුගේ පව්ලේ අය නිතර ඇමෙරිකානු බාන්ඩවලට බටහිර ජීවන ක්‍රමයට කැමැත්තෙන් සිටියි. නිවාඩුව ගතකරන්න යන්නේද ඇමෙරිකාවය. නමුත් මෝඩයන් රවටන්න දේශීය ඇඳුමක් මාට්ටුකරගන්නවා.පිටරටවල සංචාරය කරනවිට බටහිරයන්ගේ කෝට් එකක් ඇඳගන්නවා. ඔහුගේ කතා හා ප්‍රකාශ නිතරම මෝඩ පහේ මිනිස්සුන් චූන් කරන සුළුය. එම වෙබ් අඩවියේ අද මෝඩයින් චූන් කරවන ජාතියේ ප්‍රවුර්ති දෙකක් පළකර ඇත. ඔවුන් විසින් මේවා උපුටාගන්නේද උදේ, හවස බඩගෝස්තරය රැකගන්න බණින බටහිර මාද්යවලින්ය, එකක් නම් සව්දියේ මුස්ලිම් නොවන අය රාමසාන් මාසයේ කෑම කෑවනම් පිටුවහල් කරනු. මෙය අලුත් දෙයක් නොවේය. අවුරුදු 50 කට වඩා පැරණි නීතියක්. මෙය මුස්ලිම් අයටද අදාලයි. අනෙක එරටේ වෙසියන්ටද මෙම නීතියමය. මෙම නීතිය සව්දියේ පමණක් නෙවෙයි අනෙක් මැදපෙරදිග රටවලද එසේමය. අනෙක රාමසාන් මාසය හැර අනෙක් මාසවලද මෙම රටවල පාරවල් ගානේ ආහාර නොගනියි. තමන්ගේ නිවසේ, කාමරයේ, වැඩපලේ තිබෙන ආහාරගනීමට වෙන්කර තිබෙන ස්ථානවල ආහාර ගැනීමට කිසි තහනමක් නැත. තත්වේ මෙසේ තිබියදී මෙම රටවලට එන මුස්ලිම් නොවන අයගෙන් කිසිම අඩුවක් නෑ. අපේ රටෙන් මද පෙරදිග රටවල සේවය කරන ජනතාවගෙන් වැඩිම ප්‍රතිශතය බෝව්දයෝය. ඔවුන්ටද කිසිම ගැටළුවක් නැත. ඇතිනම් ඔවුන් මෙම රටවලට නොයයි. කෙසේ වෙතත් මොවුන් තුන් වෙලාම ලංකාවේ ගන්නවට වඩා හොඳ කෑම වේලක් ලබාගන්න එකනම් ඇත්තය. නැතිනම් ඔවුන් දවසක් වත් මෙහි සිටින එකක් නෑ. මේ නීතිය ලංකාවේ පෝය දවසට, වෙසක් පෝයට සුමානයක්, පොසන් පෝයට සුමානයක්, සිංහල අවුරුද්දට සුමානයක් මස් කඩ වහනවා වගේ. මෙහිදී කිසිම අන්‍යාගමිකයින් මෙය අන්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථකථනය දෙන්න යන්නේ නැත. මස් කෑම බෝව්දාගමික ඉගැන්වීම්වල කෙසේ වෙතත් අපි මෙයට ගරුකරන්නෙමු. මෙහිදී බෝව්දයින් නොවන හා මස් කන බෝව්දයින්ගේ අයිතීන් ගැන කවුරුත් කතාකරන්නේ නෑ. තවද පෝය දවස්වලට, අන්තවාදීන් විසින් අත්‍යවස්ය බඩු බාන්ඩ අලවි කරන වෙළඳ පවා වසනමෙන් බලකරමින් බලහත් කාරකම් කරන හාමුදුරුවන් ප්‍රමුක අය ගෙන පලකිරීමට චී නිව්ස් එකට බෑ. හේතුව මොවුන් රොත්තම අර අසූචි සෙට් එකේ ඉන්න හින්ද. මෙහිදී සව්දි වල නීති වෙනස් කරන්න අපට බෑ, අවස්යත් නෑ, ගත යුතු හොඳම පියවර නම් නොයා සිටීමයි. අදාළ ඇමති වරයාට පුළුවන් මුස්ලිම් රටවලට රැකියාවට හෝ අනෙක් වුවමනාවකට අපේ අය යාම නීතියක් සකසා තහනම් කිරීමයි. පුලුවන්නම් ආර්ථික තහන්චියක් පැනවීමයි. නමුත් අපි පසුගිය මාසයෙත් දැක්ක ඔහු මුස්ලිම් රටවල රවුම් ගහනවා.

    2012/07/23 at 12:16 AM
  • fairoze ghouse matara says:

    Assalamu Alaikum W W
    Let me please thank you for the untiring effort in presenting the true picture of Islam to people, specially in an era where teachings of Islam are distorted by the Western Media. As pointed out by ‘SANA SAYS’ in his comment, this is just similar to banning of slaughtering of animal during the Buddhist Religious days of Wesak Poson etc.
    Now in this era of modern techniques everything has become possible and enemies of Islam and, have left no stone unturned to tarnish the image of the Muslims in a global level having obtained the control of the Media. As for the exploitation of truth by the western media let me present an article published by the veteran media strong man, John Swinton on his retirement which is a really eye opener for those who wish to seek the truth Sincerely.

    “Quote.
    John Swinton, the doyen of the New York press corps, upon his retirement, made the following speech:
    There is no such thing, at this stage of the worlds history in America, as an independent press. You know it and I know it. There is not one of you who dare write your honest opinions, and if you did, you know beforehand that it would never appear in print. I am paid weekly for keeping my honest opinions out of the paper I am connected with. Others of you are paid similar salaries for similar things, and any of you who would be foolish as to write honest opinions would be out on the streets looking for another job. If I allowed my honest opinions to appear in one issue of my papers, before twenty four hours, my occupation would be gone. The business of the journalist is to destroy the truth, to lie outright, to pervert, to vilify, fawn at the feet of Mammon, and to sell his country and his race for his daily bread. You know it and I know it, and what folly is this toasting of an independent press? We are the jumping jacks, they pull the strings and we dance. Our talents, our possibilities and our lives are all the property of other men. We are intellectual prostitutes. I do understand that you have to eat like all of us and therefore must keep your mouth shut. You are Jewish and so am I. (Sephardic).
    For the sake of truth, I will give you here another side to the Libyan story. Just imagine a country where there is no electricity bill. Electricity is free to all its citizens. There is no interest on loans; banks were state owned and loans given at zero percent interest by law. Having a home was considered a human right. All newlyweds received US$ 50 000 from the govt to buy their first apartment and to help them start a family. Education and medical treatments were free. Before Gaddafi, 25% of the population were literate. Today this figure is 83 percent. Should Libyans want to take up farming, they would receive land, a farmhouse, equipments, seeds and livestock to kick start their operation, absolutely free of charge. If citizens could not find the education or medical facilities they needed, the govt would fund them to go abroad, free of charge, and would get some US$2,300 per month for accommodation and car allowance. Cars were government subsidised to the tune of 50%. Fuel prices were $0.14 per litter. The country had no external debt and its reserves amounted to some $170 billion, now frozen globally plus some 27 tons of gold, which the new regime found safely in the National Bank. Any graduate unable to find a job would get the average salary for the profession, as if he/she was employed, until employment found. A portion of oil sales were credited once a year to every citizen bank account. A mother who gave birth, immediately got some $5000. Forty loaves of bread cost $0.15. 25% of citizens have a university degree. An immense project bringing water from aquifers in the south made it available all over the country, free of charge.
    That is what that tyrant Gaddafi gave to his people. There are some 150 tribes in Libya and a strong hand was necessary if the country was to remain in one piece. Every citizen was in possession of a military weapon. Gaddafi was not frightened of his own people. The so called rebels, who took over, so we are told, would not have lasted a few days without Nato air power, British and French commandos and thousands of mercenaries. Those are the winners.
    Now another Karzai has been installed in Tripoli, and the country can be plundered at the victors whim and fancy. It takes $1 to extract a barrel of Libyan oil and todays price is over $100. Total the French company has already grabbed some 30% of the Libyan state oil company. BP is starting exploration. And of course massive contracts for the reconstruction of Libya will be handed over to US and European companies. Of the sovereign fund, only some 1.2 billion have been released out of the $170 billion. With the state of the European economy, I doubt very much if Libya will see the rest any time soon. Now Libyans are free as you say, but as Janice Joplin used to say freedom is just another word for nothing else to lose, as Libyan queuing for funds at their banks door are finding out. Gaddafi is gone and so are the perks. What will be left is a terrible civil war. The price of democracy
    It is the joyous jiggling dance Americans do USA USA- when their government slaughters someone illegally. It is primitive, but it is positively Libyan. Wrong. It is positively American Just saw a movie on the training of the US Army before going to Iraq. Soldiers running and singing:Kill the women Kill the children Then we are shown the results when civilians are gunned down in the streets by those braves. All on film. When they come back home, realising what they have done, they just commit suicide These are ordinary Sunday soldiers with families.
    We can hide the truth with prison sentences, but the truth eventually come through, and unfortunately for us we cannot plug the dyke any longer

    2012/07/23 at 7:53 AM
  • bunanm says:

    මොකක් හරි නැට්ටක් අල්ලාගෙන දඟලනෙවුන්ට නම් මේක ෆුල් චූන් ,සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ නීතිය උපවාස කාලය තුල ප්‍රසිද්දියේ අහාර අනුභවයෙන් වලකින්න යන්නය්.එක ඔවුන්ගේ රටේ නීතය,උපවාසය අවසන් කිරීම සඳහා එම රජයෙන් රට පුරා තනා ඇති විශාල කුටි (ටෙන්ඩ් ) වල වැඩිපුරම කන්නේ අපගේ බවුද්ධ සහෝදරයින් බව දන්නේ කීදෙනෛද?එතැනදී ජාතිය ආගම ගැන විමසල නොවෙය් සංග්‍රහ කරන්නේ.ඕනෑම කෙනෙකුට ගිහින් කන්න පුළුවන්,(රට ඉන්න කට්ටියගෙන් විමසා දැනගන්න)අපි ළඟ ඕන තරම් සාක්කි තියෙනවා.

    2012/07/23 at 11:54 AM
  • bunanm says:

    මහකළු ගොන් සිංහලයා @ ..හා..හා…එහෙමනම් අපෙත් සහයෝගය බටහිරට.ළඟදීම එය් කිලින්ග් ෆීල්ඩ් අරගෙන එතකොටත් මෙටිකම කියපල්ලා.ගියමාසේත් අපේරටේ මිලියන 2000 ක් ආයෝජනය කලේ කව්ද කියල දන්නේ නැත්නම් හොයල බලපන්.පුළුවන් නම් රජයට ඕනෑම බලපෑමක් කරලා මැදපෙරදිගට විරුද්දව වචනයක් කියන්න කියපන් “මෙන්න කැට”..එක්සත් ජාතීන්ගේ සමුළුවේදී දුන් සහයෝගයට ස්තුති කියල පෝස්ටර් ගහපුවා අමතක ඇති .කෙලෙහිගුණ නොදත් කළුසුද්දා.ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා යකෝ.

    2012/07/23 at 12:08 PM
  • Chamith says:

    i called one of my friends via email. news is true.

    2012/07/23 at 2:20 PM
    • Anver Manatunga says:

      එය නිවැරදි නොවේ. මේ පුවත දුටු ගමන් මා සවුදියේ පලාත් කිහිපයකටම කථා කොට මේ පිළිබදව විමසුවෙමි.

      2012/07/23 at 4:05 PM
  • Brother says:

    මේ ප්‍රවෘත්තිය අසත්‍ය නම් කිසිඳු ගැටලුවක් නැත. නමුත් සත්‍ය නම් මාගේ පුද්ගලික මතය අනුව සෞදි බලධාරීන් විසින් (කරනවා නම්) කල යුත්තේ පිටුවහල් කිරීම නොව අදාල පාර්ශවයන්ට (වැරදිකරුවා මෙන්ම වරදට උදව් කල ආයතනයන්, අවන්හල් හා කඩවලට) එරෙහිව දඩ ගැසීම වේ. මෙය පිටුවහල් කරනවාට වඩා තර්කානුකූල මෙන්ම සාර්ථක දඬුවමකි. නැත්හොත් වනුයේ සෞදි අරබියාවේ ‘කීර්ති නාමය’ නැවත වරක් මානව හිමිකම් චෝදනාව ඉදිරියේ ගර්භාවයට ලක් වීමයි.

    2012/07/23 at 4:58 PM
  • mohamed says:

    එතොකොට ලංකාවේ පෝය දවසේ මස් කඩ වහන්නේ. ඒ වගේ තමයි උන්ගේ රටේ උන්ට ඕන නීති දානවා. උන් කියන්නේ ප්‍රසිද්දියේ කෑම කන්න එපා කියල විතරයි. නෝම්බි අල්ලන්න කියල මුස්ලිම් නොවන කෙනෙක්ට බලකරන්න මුස්ලිම් වරයෙකුට බැහැ. ලංකා C NEWS කියන්නේ උරු කොටුවක්නේ. අනිත් එක නෝම්බි කාලේ ලංකාවේ මැදපෙරදිග ඉන්න සෙට් එක කරන්නේ බෝනස් ගන්න වැඩ කරන එකයි. නෝම්බි අරින්න තියෙන තැන් වලට වැඩියෙන්ම යන්නේ අපේ ලංකාවේ සෙට් එකම තමයි.ගිහිල්ල හොඳට කාලා හිතින් තම්බියා කිය කිය බැන බැන එන එක තමයි කරන්නේ.

    2012/07/23 at 5:13 PM
  • lankan says:

    මෙය පට්ටපල් බොරුවකි.කට තිබෙන පලියට ඕනෑම දෙයක් කිවහැක.

    2012/07/23 at 5:33 PM
  • ඉෂාක් says:

    මේකෙන් කියන්නේ මහජනයා වැඩියෙන් ගැවසෙන ප්‍රසිද්ද ස්ථානවල නොන්බි කාලසීමාවේදී අහර ගැනීමෙන් වලකින්න කියල මිසක් බලෙන් නොන්බි අල්ලන්න කිආන්නේ නැහැ, අනිත් එක ඔය කොට්චර නීති දැම්මත් අපේ ලංකාවේ අය ඕනෑතරම් කසිප්පු පෙරන්නේ රූම් එක ඇතුලේ ඉදන් ඒ වගේම ඔය ලංකාවෙත් පෝය දවස් වලට මස් කඩ වගේම ලදී පොලොන්නරුව පැත්තේ හාමුදුරු කෙනෙක් පෝය දවස්වල සාමාන්‍ය කඩවල් පවා වහන්න කියල නියෝග කරලා තිබ්බේ

    2012/07/23 at 8:00 PM
  • dilan says:

    hi all i was in dubai for 12 years i cant even think abt this ,how come the saudi authorty say so,,becos in my 12 year service no one force me to fast or do other things ,its prohibited eating and drinking in public places thats true but we can carry take away and have in the room somple i didnt feel that i am non muslim while ramadan becos my muslim friends take me to the ifthar every day belive me this news might contains poison by so called jaathiwadaya group,,,

    2012/07/23 at 10:24 PM
  • Mawahib says:

    I do not think any of the educated people are working with this Jathiwadaya Group

    2012/07/24 at 11:37 AM
  • bunanm says:

    දැන් මේ ජාතිවාදීන්ට ඇත්තේ පැවැත්ම පිලිබඳ ප්‍රස්නයක්.අලුතෙන් මාතෘකා නැතිවුණාම මුන්ට පිස්සු වගේ.අතට ලැබුන දෙයක් ඉස්සරහට දාගෙන ඇවිත් නිකන් කිච වෙනවා.පිළිම වැන්ද තුන්ගසිරි/පන්සල් ගිය නවක බවුද්දයන්/ඉඩම් ආක්‍රමණය කරපු පල්ලිය මේ ඔක්කෝගෙන්ම අනාගෙන නාගත්තා.මේකත් තවත් නෑමක් තමය්.සබැ බවුද්දයින් කව්රුවත් මේ ගොන් හැත්තගෙ පිටිපස්සේ නැහැ .මෝඩ ,නපුන්සක ,තමන්ගේ සත්‍ය නම කියල තමන් බවුද්දයෙක් කියල කියන්න තරම්වත් කොන්ද පණනැති, බොරු දේශප්‍රේමයක් මවාපාමින් කොටින්ට කඩේයන මේ දේශද්‍රෝහීන් දැනටමත් ජනතාවගෙන් කොන්වෙලා ඉවරය්.දැන් ඔය පිදුරුගස්වලත් එල්ලෙන්නේ එකය් .සත්‍ය කවදාහෝ ජයගනිය් කිව්වේ කට කහනවටයැ?

    නහී වේරාන වේරානි කිවේ අපට වෙන්නැති ? හිකිස් ….

    2012/07/24 at 12:20 PM
  • fathima says:

    shariah නීතියට අනුකුල දෙයක් නොවන්නේ නම් මන් දකින්නේ මෙය අනවශ්‍ය දෙයක් ලෙසෛ.අනිත් අය කෑවම අපිට මොකෝ ???? සොඋදියේ නීති හැමවිටම shariah අනුකුලව වෙනවනම් මිට වඩා හොදෛ.අපි උපවාස කරනකොට අපි ඉදිරියේ කෞරුහරි කනකොට බොනකොට අපිට malaika (angels) වරු dua (ප්‍රර්ථනා) කරන බව මා අසා තිබෙනවා. මුස්ලිම් රටවල් වල සමහර නීති නිසා ඉස්ලාමයට කැළලක් වෙනවට මන් අකමැති.හබෙඉ සොඋදිය මේ නිතිය දන්නා ප්‍රබල හේතුවක් තිබුනද දන්නේ නැහැ.මොකද බටහිර ජාතින් බලන්නෙම ඉස්ලාමය විකුර්ති කරන්න නේ .

    2012/07/24 at 8:49 PM
  • sana says:

    ජිල්බුවා සහ අජන්තලා සහ අනෙකුත් මෝඩයින්ට, සව්දියට හෝ අනෙකුත් මැදපෙරදිග හෝ ඉස්ලාමිය රටකට කිසිවිටක ලංකාවේ බෝව්ද අය්යලාට අම්මලාට අක්කලාට නංගිලාට එන්න කියල බලකරන්නේ නෑ.රතුපලස දාල පිළිගන්නෙත් නෑ. කාලෙන් කාලෙට ඇමති වරු හා නායකයෝ ගිහිල්ල අනේ අපේ අයට වැඩියෙන් රැකියා දෙන්න කියා කන්නලව් කරනවා. ඔයාලගේ අය තමයි, එජෙන්සි හොයාගෙන ගිහිල්ල පෝලිමේ ඉඳල හොඳින් බැරිනම් හොර පාස්පෝර්ට් එකක් හරි මුස්ලිම් නමකින් හදාගෙන, හොර වෛද්‍ය සහතික හදාගෙන, විදෙස සේවා කාර්යන්ස්යටත් ගානක් ගෙවල දනින් වැටිලා හරි ගිහිල්ල හේත්තු වෙන්නේ. එහෙ පැලපෙදියම් වෙන්න බලාගෙන එහි හාම්පුතුන්ටත් හූනියම් කරනවා. මදිවට ආරාබියේ පුරවෙසි බාවය දෙන්නේ නෑ බුදු පිළිම හදන්න දෙන්නේ නෑ කියාගෙන දොස් කියනවා. අම්ම ගියා නම් පුතත් ගෙන්න ගන්නවා, මිනිහ ගියානම් ගෑනිවත් ගෙන්නගන්නවා, වැඩි පිරිසක් ගෑනු ලංකාවේ මිනිහවයි ළමයින්වයි. අමතක කරලා තව මිනිහෙක් අල්ලාගෙන රටයි ආගමයි මිනිහවයි ළමයින්වයි පාවාදීල පවුල් කනවා. ඔයාල තරම් කාපු පතේ ජරාකරන ගුණ මකුවොන් ලෝකේ නැති තරම්. මෙහි රටවල ලංකාවට වඩා සියගුනයක් වැඩියෙන් ඉන්දියන් අය වැඩ කරනවා. තව පිලිපීනෙ, තායිවනේ, තායිලන්තේ,බුටානේ, නෙපාලේ වෙනි මුස්ලිම් නොවන රටවලින් ඇවිත් වැඩ කරනවා. ඔයාලට තිබෙන ප්‍රශ්න කිසිවක් එයාලට නෑ. ශිව දෙවියන්ගේ පිළිමේ හදන්න දෙන්නේ නෑ, සරස්වාතිදෙවිගේ පිළිමේ හදන්න දෙන්නේ නෑ ජේසුතුමාගේ පිළිමේ හදන්න දෙන්නේ නෑ කියල කියන්නේ නෑ, ඔයාලවගේ හූනියම් කරන්නෙත් නෑ. ඇණ ගිලින්නේත් නෑ. ඔයාලට වඩා දහමින් ජීවත් වෙනවා. ඔයාලට චාන්ස් එකක් ලැබුණු ගමන් කසිප්පු පෙරන්න තමයි මුල්තැන දෙන්නේ. බුදුපිළිම හා බුද්දාගම ගැන කතාකරන්නේ හරියට ලංකාවේ දහමෙන් පිරිලා උතුරනවා ඒවා අරාබියටත් බෙදාහරින්න වගේ. පත්තරපිටුවක් බලනකොට පෙනෙනවා. දහමේ පැටිකිරිය. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ළමා අපචාර, මංකොල්ල කෑම, බුදු පිළිමේ ඔලුව කඩ මංකොල්ල ගහල, දේපලට තාත්තව එල්ලලා හා අම්මව කපාකොටා මරල. මත්වෙලා දුවගේ ඇඳුම් ගලවල තව. IRC හාමුදුරුවෝ තව කෝටියක් දේවල්. මේ අස්සේ අරාබියට ගිහිල්ල බුදුපිළිම හදන්න. මොන පිස්සුද මන්දා. මේවා අපි ලියන්නේ අරාබි රටවලට ගති හින්ද නෙවෙයි. ඔය නීතිය ෂරියා නීතියත් නෙවෙයි. ඒ රටේ නීතියක්, එපා නම් නොගිහින්න් ඉන්නයි තියන්නේ. ඒවා මුල්කරගෙන ආගමට නින්දා කරන හින්දයි. එහි සිද්ද වෙන දේට ලංකාවේ ඉන්න මුස්ලිම් වරුන්ට අත දික් කරන හින්දයි. මේවා ලියන්න සිද්ද වෙන්නේ. මෙයින් ජාතිවාදී,අන්තවාදී, ආගම්බෙදවාදී නොවන සිංහල බෝව්ද සහෝදරවරු සිත රිදවා ගත යුතු නැත. මා ලිව්වේ සත්‍ය නිසා සමාව ද ගත යුතු නැහෙයි කියා සිතමි.

    2012/07/25 at 2:00 AM
  • bunanm says:

    සනා @ ඇත්තටම නිදි අය ඇහැරවිය හැකිය,නමුත් නිදිවගේ රඟපාන අය ඇහැරවිය නොහැකිය,මන්දයත් ඔවුන් නොනින්දේය.ඒවගේ මොවුන්ට (ජාතිවාදීන්ට)නොතේරෙනවා නොවෙය්.ඒ වගේ රඟපානවා.එය ඔවුන්ගේ පැවැත්ම පිලිබඳ ප්‍රස්නයක් ය .

    2012/07/26 at 1:26 PM
  • kalane malka says:

    mr sana savdiye hire inna risana gana obage adahasa danganimata kamthi.

    2012/07/28 at 11:01 PM
    • Anver Manatunga says:

      මං හිතන්නේ සනා බැදපු කෙනෙක් රිසානාට අදහසක් දෙන්න එයාට වයිෆ් ඉඩ දෙන එකක් නැහැ.

      2012/07/28 at 11:35 PM
  • kalane malka says:

    mr anvar sanage bireda obada?ai panala denni.mata penne me okkama anvar ge comaent vage.vile lajjaine.

    2012/07/29 at 9:50 PM
    • Anver Manatunga says:

      ඔබට කථා කරගන්න බැරි නිසා මෙහෙම ලියනවා. මම සනා නමිනුත් ලියනවා නම් මගේ නමින් කමෙන්ට් දාන්න අවශ්‍ය නැහැ. ඔබව ඒ නමින්ම ෆ්ලැට් කරනවා. නමුත් මම මගේ නමින්ම කමෙන්ට් කළේ මා එවැනි දේවල් නොකරන නිසයි. ඔබගේ සමාජයේ සිටින සමහර සිවළුන් එසේ කරති.

      2012/07/30 at 12:39 AM
  • sana says:

    හා හා කලබල එපා, මම ඉන්නවා, මම ටිකක් කාර්ය බහුලයි. අන්වෙර් සහෝදරයා කියපු එක හරි, මම බැඳලා, මට කිසි කෙනෙකුට අදහස් දෙන්න බෑ දැන්. ඔබට මගෙත් එක්ක තියෙන ප්‍රශ්නේ කිව්වනම් පැහෙදිලි කලානම් මගේ දැනුම අනුව උත්තරයක් දෙන්න පුලුවන්නම් දෙන්නම්. සව්දිවල මා හඳුනන රිසාන කියල කෙනෙක් නෑ.

    2012/07/30 at 1:05 AM
  • kalane malka says:

    mr.sana
    maha lokuvata jathiya gana udam ananava.ath savdi hiragadara inna resanava danne naha.ane paw.obalata alla deviyange pihita kasenam labavida?

    2012/07/30 at 9:06 PM
  • sana says:

    මම ශ්‍රී ලාංකිකයෙක් නිසා මට ලේ වලම මගේ ජාතික කෙක්කුම තියනවා. පිළිගත්තු ඔබට මගේ ප්‍රණාමය.
    සව්දි හිරගෙදර ඉන්න රිසානා ගැන මාද්යවලින් දැනගන්න ලැබුනා ඒ වුනාට එයාව පුද්ගලිකවා අඳුනන්නේ නෑ.

    2012/07/31 at 3:37 AM
  • sana says:

    //මුස්ලිම් ප්‍රහාරයකට බියෙන් ඉන්දියානු ජාතිකයෝ ඊසානදිග නගරවලින් පලා යති

    August 18, 2012 at 1:45 pm | Lanka C News.

    මුස්ලිම්වරුන්ගෙන් ප්‍රහාරයක් එල්ල වේය යන බියෙන් ඊසාන දිග ඉන්දියාවේ නගරවලින් ඉන්දීය ජාතිකයන් දහස් ගණනින් පලා යන බව වාර්තා වේ. පසුගියදා උත්සන්නවු වාර්ගික ගැටුම් මිට හේතුවි තිබේ.

    බැංගලෝර් සිට ඇසෑම් ප්‍රාන්තයට දුම්රියෙන් යාමට පොරකන විශාල මගි සංඛ්‍යාව හේතුවෙන් අතිරේක දුම්රිය ගමන්වාර සංවිධානය කළ බව දුම්රිය බලධාරී හු පවසති.

    බදාදා සිට 6000 කට අධික පිරිසක් මෙසේ දුම්රියෙන් ඇසෑම් ප්‍රාන්තයට පලා ගොස් ඇතැයි සඳහන් වේ. වැඩිවශයෙන් පලායන්නේ හයිද්‍රබාද් සහ කේරල ප්‍රාන්තවලිනි.

    බොරු ආරංවි පැතිරයාම නිසා ජනතාව මෙසේ පලා යන බව සඳහන් කරන බැංගලෝර් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ‍මේ සම්බන්ධ විමර්ශන අරඹා ඇතැයි පවසයි. ඇසැම් ප්‍රාන්තයේ සති තුනක් පුරා බොඩෝ ගෝත්‍රිකයන් සහ මුස්ලිම් ජාතිකයන් අතර පැවති ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 80 කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

    මේ අතර අවතැන් වු සංඛ්‍යාව 400 000 කට අධික බව වාර්තා වේ. ඇසෑම් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මධ්‍යම රජය සහ අනික් ප්‍රාන්ත රජයන් සමඟ කටයුතු කරන බව ඇසෑම් ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති ටරුන් ගොගෝයි පවසයි.//

    මෙන්න, තවත් ලංකා චී නිව්ස් සිංහල ජාතීන් මෝඩයාට ඇන්දවීමේ පචයක්.

    ඉන්දියානු ජාතිකයින් මුස්ලිම් වරුන්ට බයේ පැනල යනවාලු.

    අසාම් කියන්නේ උතුරුනැගෙනහිර ප්‍රාන්තයක් ( මුස්ලිම් නොවන ජනතාව 60% පමණ). බංගලූර් කියන්නේ කර්ණාටක( දකුණ) වල අගනගරයයි( මුස්ලිම් නොවන ජනතාව 88%), හය්ද්රාබාත්(දකුණ) කියන්නේ ආන්ද්රාවල අගනගරයයි (මුස්ලිම් නොවන ජනතාව 91%). කේරලකියන්නේ (දකුණ හා මුස්ලිම් නොවන ජනතාව, 75%) තවත් ප්‍රාන්තයක්. ඔවුන් පලා යන්නේ අසාම් වලටලු.

    ප්‍රස්නේ තිබුනේ අසාම් වල මුස්ලිම්වරුන්ට විරුද්දව.

    අනාථ කඳවුරුවල ඉන්නේද මුස්ලිම්වරුය.

    ගාතනය වුනේද මුස්ලිම්වරුය.

    මොවුන් පලා යන්නේද අසාම් walataya.
    චී නිව්ස් පච ප්‍රවුර්තියට අනුව, අසාම් වල මුස්ලිම් වරු පහර දුන්නානම් මොකටද අසාම්වලට පලා යන්නේ?

    අනෙක, කොටි 125 තරම් විසාල janakaayak ඉන්න ඉන්දියාවේ ලොවේ විසාලම හමුදාවක් ඉන්න ඉන්දියාවේ, චීනයට හා පකිස්තානයට හමුදාමය වස් පිළිතුරු දෙන්න පුළුවන් ඉන්දියාවේ 86.5% වඩා හින්දුවරු නෙකුත් ජාතීන් ඉන්න ඉන්දියාවේ, හින්දුවරු බහුතරයින් වාසය කරන ප්‍රාන්ත තුනක අගනුවරවල ඉඳල ආරක්ෂාව අතින් දුර්වල නක්ෂල් වාදීන් හා මාඕ වාදීන් සහ අනෙකුත් ත්‍රස්ත කණ්ඩායම් බහුලව ඉන්න අනාරක්ෂිත අසාම්වලට40% ක් පමණ පලා යනවාලු විස්වාස කරන්න පුලුවන්ද

    90% පමණ ඉස්ලාම් නොවන ජනතාව වෙසෙන ප්‍රාන්තවල ඉඳල ඉන්දියානුවෝ 60% පමණ ඉස්ලාම් නොවන ජනතාව වෙසෙන ප්‍රාන්තයකට පලා යනවලු විස්වාස කරන්න පුලුවන්ද ?

    මම මෙහි සේවය කරන ඉන්දියානු ජාතික එම ප්‍රාන්තවල පෙරකී නගරවල වෙසන මිතුරන්ගෙන් අසා බැලුව මෙය ඇත්තද කියා. ඔවුන් පුදුමයට පත්වෙනවා මෙහෙමත් ලියනවද කියා. මේ දවස්වල දුම්රිය තදබදයක් තියනවා හේතුව රාමසාන් උත්සවය නිසා, මොකද අසාම් වල සිට මෙමප්‍රාන්තවලට රැකියා සඳහා පැමිණි අසාම් වැසියන් සිය ගම් නගර බලා පිටත්වෙන නිසා කියලා.

    මේ ප්‍රබල ඇමතිවරයෙකුට අයිති ( ඔහු පසුගිය දවස්වල නෝම්බි අරිමින් පල්ලියක ජාතික සමගිය වෙනුවෙන් කතාවක්ද කළ බවට මාද්යවල චායා රූප සමග පළවුනා ) වෙබ් අඩවියක හිතාමතාම බොරු ප්‍රවුර්තියක් පළකර එයට ජාතිවාදී හා අආගම්වාදීන්ගේ ප්‍රතිචාර කරන්නන් හට අවස්තාව ලබාදී කාලකන්නි වින්දනයක් ලබාගැනීමේ මේ කිරියාව ජාතික සමගිය අගය කරන්නෙක් කෙසේ දකියිද?

    2012/08/19 at 12:31 AM

Your email address will not be published. Required fields are marked *

*