මන්නාරම අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂනය කර අධිකරණයට ගල් ගැසීමේ සිද්ධිය ආගම්බේධවාදීන් විසින් තමන්ගේ තුරුම්පුවක් ලෙස භාවිතා කරන්නට පටන් ගෙන ඇත. මා මේ පිළිබඳව ලිපියක් ලියන්නට තීරණය කළේ ආගම්බේධවාදීන්ගේ මහදැනමුත්තා වන අසුචිරාළද මැදිහත් වී ඇති බව දුටු නිසාය. පලමුව අප මේ සිද්ධියේ පසුබිම විමසා බලමු.
මේ සිද්ධියට අදාල පසුබිම පසුගිය වර්ගවාදී යුද්ධ කාලය දක්වා දිවෙන එකකි. උතුරේ පැවති වර්ගවාදී යුද්ධය අවස්ථාවේ එහි සිටි මුස්ලිම් වැසියන් ඉතාමත් නිර්ධය ලෙස පැය 24 කින් දේපොල සියල්ල පැහැරගෙන ඇඳිවත පමණක් සහිතව පලවා හැරිණි. මෙහිදී මුස්ලිම් වරුන්ට අයත් ධනස්කන්ධය කොටි ත්‍රස්තවාදීන් විසින් පැහැර ගන්නා ලද අතර ගම්බිම් අවශේෂ ද්‍රවිඩ ජනතාව විසින් මංකොල්ල කන ලදී. අපට මෙහිදී කිව හැක්කේ මුස්ලිම් ගම්බිම් අල්ලා ගන්නා ලද දමිල වැසියන් විසින් එදා කළේද ත්‍රස්තවාදී ක්‍රියාවක්ම බවයි. එදා කොටි සංවිධානය විසින් කළ ඒ නිහීන ක්‍රියාව බටහිර රටවල් විසින් ඇස්කන් නෑසුනා සේ සිටින ලදී. නමුත් මෙදා මුස්ලිම් වැසියන් නැවත සිය ගම්බිම් වල අයිතිය කියන්නට පැමිණි විට බටහිර රටවල හඬ නැගෙන්නේ රජය විසින් ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ගන්නා බවයි.
මෙම සිද්ධියට අදාල මන්නාරම දිස්ත්‍රික්කයේ උප්පුකුලම වෙඩිතල්තිව් ධීවර ගම්මානය මීට වසර 25 කට පමණ පෙර මුස්ලිම් ගම්මානයකි. යුද්ධයට ප්‍රථම මන්නාරම ප්‍රදේශයේ මෙවැනි මුස්ලිම් ගම්මාන රාශියක් තිබුණි. රුදුරු ත්‍රස්තවාදීන් විසින් උතුරේ මුස්ලිම් වැසියන් පැය 24 පලවා හරින ලද අවස්ථාවේ මෙම ධීවර ගම්මානයේ මුස්ලිම් වැසියන්ද ඉතාමත් නිර්ධය ලෙස පලවා හැරිනි. මෙයින් වාසිය අත්වුයේ එම ප්‍රදේශය අවට සිටි ද්‍රවිඩ ජනතාවයි. මේ ද්‍රවිඩ ජනතාව විසින් මුස්ලිම් ප්‍රදේශ ආක්‍රමණය කරමින් එහි ඵල භුක්ති විඳිමින් එයින් කොටි සංවිධානයට කප්පම් ගෙවමින් කාලය ගත කරන්නට විය. ඔවුන් සිතුයේ කවදාවත් නැවත මුස්ලිම් වරුන්ට එහි අයිතිය කියන්නට අවස්ථාවක් නොමැති වනු ඇති බවයි.
නමුත් යුද්ධය අවසන්වු පසුව සියල්ල කනපිට හැරුණි. රජය විසින් උතුරේ සිටි මුස්ලිම් වැසියන්ට නැවතත් තම ගම්බිම් වලට යන ලෙස ඉල්ලීම් කෙරුණි. ඒ නිසා නැවතත් තමන්ගේ නිජ භූමි වෙත ගිය මන්නාරම් මුස්ලිම් වැසියන් දුටුයේ තමන්ගේ දේපල රිසිලෙස භුක්ති විඳින ද්‍රවිඩ වැසියන්ය. එතැන් පටන් ඔවුන් විසින් නැතිවු සිය ගම්බිම් නැවත ලබා ගන්නට සිය උත්සාහය යොදවන්නට විය. මෙහිදී මුස්ලිම් පාර්ශවයේ නායකත්වය ලැබුණේ එහි ජනප්‍රියම මුස්ලිම් දේශපාලනඥයා වන රිශාද් බදියුදීන් අමාත්‍ය වරයාටය. අනෙක් පාර්ශවයෙන් ඉස්මතු වුයේ මන්නාරම කතෝලික රදගුරු රායප්පු ජෝශප් පියතුමායි. මේ දෙපාර්ශවය පසුගිය කාලයේ ගැටුණු වාර රැසක් මාධ්‍ය මගින් අපට දිස්විය.
මෙහිදී කියන්නට තිබෙන තවත් කරුණක් නම් මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමා ගැනයි. පසුගිය යුධ කාලයේ කොටි සංවිධානය විසින් මන්නාරම මරඳ මඩු පුදබිමේ බංකර සාදාගෙන පුදබිමේ සිට රජයේ හමුදාවන්ට පහර දෙන විට රායප්පු ජෝෂප් පියතුමා කළේ මුණිවත රැකීමයි. එය මැඩගෙන රජයේ හමුදාවන් විසින් මඩු පුදබිම ආසන්නයට එත්ම රායප්පු ජෝශප් පියතුමා විසින් හඬ නැගුවේ හමුදාව විසින් වටකිරීම නිසා පුදබිම අනාරක්ෂිත වී ඇති බවයි. හමුදා විසින් මඩු පුදබිම කොටි ග්‍රහණයෙන් මුදවා ගත් පසුව සිට මේ දක්වා රායප්පු ජෝශප් පියතුමා ගයන්නේ අපේ හමුදාවන් මානව හිමිකම් කැඩීම පිළිබඳ එකම ගීතයකි. නමුත් ආශ්චර්ය නම් රායප්පු ජෝශප් පියතුමා විසින් මේ ගීතය කිසිදාක කොටින්ට එරෙහිව නොගැයීමයි.
රායප්පු ජෝශප් පියතුමා අවංක කතෝලික ආගමික නායකයෙක් නම් කළ යුත්තේ තම කතෝලික බැතිමතුන්ට අන්සතු දේ ගැනීම දහමට අනුකූල නොවන දෙයක් බව බයිබලයේ උපුටා ගැනීම්ද සහිතව වටහා දීමයි. නමුත් එතුමා විසින් එවැනි එකද දේශනයක් කළා යැයි අපට ආරංචි නැත. ඒ වෙනුවට එතුමා දෙසන්නේ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් රැකගැනීම සම්බන්ධ දේශනාවන්ය. ඒ නිසා අද මන්නාරම කතෝලික වැසියන් රායප්පු ජෝශප් පියතුමා සලකන්නේ ආගමික නායකයෙක් ලෙසට වඩා දේශපාලන නායකයෙක් ලෙසයි.
අපි මුස්ලිම් වුවද අමාත්‍ය රිශාද් බදියුඩීන් මහතා විසින් නීතියට එරෙහිව වරදක් කර ඇත්නම් අප එය අනුමත නොකරමු. මේ සිද්ධියට අදාල ජුඩ්සන් නැමති ද්‍රවිඩ ජාතික මහේස්ත්‍රාත් වරයා විසින් අමාත්‍ය රිශාද් බදියුදීන්ට චෝදනා නගන ලද බව අපට මාධ්‍ය තුලින් දිස්වේ. ඒ සියළුම චෝදනා එල්ල වන්නේ රජයට විරුද්ධ මාධ්‍ය මගින් නිසා තොරතුරු වල නිරවද්‍යතාවය පිළිබඳ කුකුසකි. එම සිද්ධිය පිළිබඳව අපට නිවැරදි තොරතුරු දැනගන්නට අධිකරණසේවා කොමිසම විසින් මාධ්‍යට වාර්තාවක් පලකරන තුරු දැනගන්නට නොහැක. අනෙක් අතින් රිෂාද් බදියුදීන් ඇමති වරයා ආන්ඩු පක්ෂයේ ප්‍රබලයා නිසා මෙවැනි චෝදනා එල්ල වන්නටද පුළුවන.
අප අධිකරණ සේවා කොමිසමෙන් මෙවැනි සිද්ධීන් සම්බන්ධව ඉල්ලා සිටින්නේ මුස්ලිම් සහ දමිල ප්‍රජාව අතර මධ්‍යස්ථ විශ්වාසයක් ඇති විය හැකි විනිසුරුවරයන් පත්කරන ලෙසයි. එවිට ජනතාවට අධිකරණය කෙරෙහි වඩ වඩාත් විශ්වාසය වැඩි වනු ඇති බව අපේ අදහසයි. මේ සිද්ධියේදී පොලිස් ස්ථානාධිපති වරයා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්ද තුවාල ලබා ඇත. මෙම සිද්ධියට අදාල උසාවි නියෝගයෙන් කියවුනේ සති තුනක් තුළ දෙමළ ධීවරයන්ට පදිංචිය පිණිස සුදුසු භූමියක් දී මුස්‌ලිම් ජනයාට ධීවර ගම ආපසු දෙන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි. නමුත් මුස්ලිම් ජනතාව ප්‍රකෝප වී ඇත්තේ ඉදිරියේදී උපවාස සමයද ආරම්භ වන නිසා සති තුනක කාලයක් යනු උපවාස සමය දක්වාම දිවෙන කාලයක් වන බැවිනි. නමුත් කිසිදු ජනතාවකට නීතිය අතට ගැනීමට එය හේතුවක් නොවන බව අපගේ අදහසයි.
අනෙක් අතින් ජනතාව අධිකරණයට එරෙහිව උද්ඝෝෂනය කළ පලමු වතාව මෙය නොවේ. එමෙන්ම ලංකාවේ අධිකරණ තීන්දුවකට එරෙහිව වීදි බැසි මුල්ම ජනකොටස මුස්ලිම් වරුන්ද නොවේ. නමුත් ආගම්බේධවාදීන් උත්සාහ ගන්නේ මෙය ජිහාදයක් ලෙසට අර්ථ ගන්වා ආගම්බේධයකට මුලපුරන්නටය. අප රජයෙන් ඉල්ලා සිටින්නේ මේ සිද්ධියට අදාල කිසියම් පුද්ගලයෙක් වේ නම් ඒ පිළිබඳව සොයා බලා තරතිරම නොබලා දඬුවම් කරන ලෙසයි. අනෙක් පැත්තෙන් මන්නාරම මුස්ලිම් වරුන්ගේ අයිතිය ලබා දීමට තවදුරටත් සහය ලබා දෙන ලෙසයි.



True Story says:
ඔබතුමා මෙතනදි අමාත්‍යවරයගේ වැඩේ සාධාරණී කරනය කරන එක මම අනුමත කරන්නේ නැ , මුස්ලිම්ද සිංහලද බේදයක් නැතුව මෙතන වෙන්නේ නීතිය අතට ගන්න දේශපාලකයින් කටයුතු කරන එක , අධිකරණයේ තීන්දුව වැරදි නම් ශේෂඨාදි කරනයට යනව මිසක් අධිකරනයට ගල් ගහන්න අයිතියක් කාටවත් නෑ , ඒක මුස්ලිම් ඇමතිටත් සිංහල ඇමතිටත් වගේ විපක්ෂ මන්ත්‍රිටත් පොදුයි
Anver Manatunga says:
මෙතැනදී ඇමති රිෂාද් බදියුදීන් සැක කරුවෙකි. ඔහු විසින් තර්ජනය කළා යැයි පවසන්නේ මහේස්ත්‍රාත් තුමාය. චෝදනාවක් ඇත. සැකකරුවෙකුත් ඇත. නමුත් චෝදනාව ඔප්පු කළ යුතුය. අප කියන්නේ කවුරුන් වැරදි කලද තරාතිරම නොබලා දඩුවම් කළ යුතුය. නමුත් මුස්ලිම් වරුන්ට සිදුවී ඇති ඓතිහාසික අසාධාරණය නිවැරදි කළ යුතුය.
mohamed says:
මුස්ලිම් වරුන් අතින් පොඩි වැරද්දක් උනත් එක ලොකුවට පෙන්නන එක මේ රටේ අලුත්ම විලාසිතාවක් වෙලා තියෙන්නේ.තායිලන්තයේ බුරුමයේ මුස්ලිම් අයව අන්තවාදී බවුද්දයන් එකතු වෙලා මරණ එක මේ රටේ මාධ්‍ය වල පළකරන්නේ අනිත් පැත්තට.මේකම වෙන සිංහල ඇමති කෙනෙක් කලොත් සද්දේ නැතුව ඉදියි ගැණු වගේ.යුද හමුදපති තුමාට අසාදාරනයක් වෙනකොට සද්දේ නැතුව හිටපු ජනතාවක් නේ.
kaush says:
just because tamils did a bad thing is not an excuse to do a similar bad thing by the muslims..specially the way the minister has behaved…. this is the ugly face of the tribal communal politics of both the muslims and tamils which lead to most of the current problems since 1920s when ponnambalans and chelvanayagams started this type of tribalism..
MALA MUUSALAYA says:
සිරස මාධ්‍ය ජාලය උද්ඝෝෂණයට සහභාගීවු පුරවැසියන්ගේ අනන්‍යතා
වය සොයමින් සිටී.ඔවුන් රවුම් කොට අංක කර ඔවුන් හඳුනා ගැනීම
ට ජනතා සහය පතයි. ජනතාව අධිකරණයට එරෙහිව උද්ඝෝෂනය කළ පලමු වතාව මෙය නොවේ. එමෙන්ම ලංකාවේ අධිකරණ තීන්දුවකට එරෙහිව වීදි බැසි මුල්ම අවස්ථාවද මෙය නොවේ.
පසුගිය කාලවකවානුවේ සංඝයන් සහ බෞද්ධ සැදහවතුන් කිහිප වතාවකදීම නීතිය අතට ගත් හැටි අපි දුටවෙමු
ඒ කිසිදු අවස්ථාවක ඔවුන් රවුම් කොට අනන්‍යතාවය සොයාගැනීමට සිරස උත්සුක නොවුයේ ඔවුන් ජාතිවාදින් නිසා නොවේද?
ඉෂාක් says:
මේකට කොහෙත්ම ආගම සම්බන්දකරගතයුතු නැහැ … ඇමැතිතුමාත් විනිසුරුවරයාට තර්ජනය කර තියීනවානම් එයට නීතිය මගින් පියවර ගත යුතුයි අධිකරණයේ තීන්දු වලට විරුද්ද නම් ඉහල අධිකරණයක පිහිට පැතිය හැකි.
මීට මාස කිහිපයකට පෙර බෞද්ද බික්ෂුවක් නිතිහද්නයෙක් ට බුලත් කෙල පාරකින් සංග්‍ර කරලා තිබ්බ …එකට ඔහුන් උද්ගෝෂණයක් කරා නේ
Jilbuwa says:
අන්වර්, දැන් මේ දෙමළ කට්ටියට සති තුනකින් යන්න කියලනෙ තීන්දුව දීල තියෙන්නෙ. මෙතන ඔයාට තප්පු ලන්ට තරමේ මුස්ලිම් විරෝධී තීන්දුවක් දීල නෑ. ඔයා කියන්නේ ප්‍රබාකරන් මුස්ලිම් අය පැය 24න් එලෙව්වා වගේ, මේ අයත් පැය 24න් එළවන්න කියලද? කොටින්ම ඒ අය ගෙවල් හදා ගෙන අයින් වෙනකම් සති 3ක් ඉවසන්න බැරි ඇයි?
අනික ලංකාවෙම කට්ටිය දෙමළ අවතැන කට්ටිය ගැන කතා කරද්දී මුස්ලිම් අවතැන් අය ගැන කතා කළේ ………… විතරයි. දැන් නරක් බුණාය මුස්ලිම් කට්ටිය එතකොට එයාට හුරේ දැම්ම.
Anver Manatunga says:
මා විසින් ආගම්බේධ ඇති කරන අසූචි කාරයන්ගේ නම් පලකරන්නේ නැහැ. ඒ නිසා එය කපන්න සිදු වුණා. මුස්ලිම් වරුන් සති තුනක් නොව වසර තුනකටත් වඩා ඉවසා සිටියා. ඔවුන් බලාපොරොත්තු වුණේ උපවාස සමයට පෙර එය සිදුවේය කියායි.
Nip says:
Ubala ithin ohmane.. mona rateda niithiyak thyenne ubalage… ape ratath ehma kranna hadanava athi… Ubala den karanneth eda LTTE eka karapu dema thamaa .. sinhala Urumaya.. Muhudu maha viharaya. Kuragala.. and so many.. apith ubala vage hasi rila … ubalava elewwoth kohomata thyeida…
Anver Manatunga says:
අප කියන්නේ ඕනෑම කෙනෙක් නීතිය අතට ගැනීම වැරදි බවයි. වැරදි කරන ඇමතිවරයෙක්ට රජය දඩුවම් කරන්නේ නැත්නම් එය රජයේ වරදකි. එයට මුස්ලිවරු පලිද? එසේ නම් භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියේදී සිදුවුයේ කුමක්ද?
Jilbuwa says:
ඔබේ උත්තරේ කොහොමටවත් පිළිගන්න බෑ. ආරක්ෂක හමුදා වලින් අල්ල ගත්තු ඉඩම් නිසා දෙමළ අය ඔයිට වඩා කාලයක් බලා ගෙන ඉන්නවා. කවුරුවත් ගල් ගහන්න ගියේ නෑ. අනික් එක උපවාස සමය මුස්ලිම් අයට විශේෂ වුණාට දෙමළ අයට එහෙම නෑ. ඒ නිසා ඒක ලොකු හේතුවක් කර ගන්නත් බෑ.
අනික මා විසින් ආගම්බේධ ඇති කරන අසූචි කාරයන්ගේ නම් පලකරන්නේ නැහැ කියන එක මහා විහිළු කතාවක්. July 22, 2012 at 2:50 pm පිළිතුර දම තියෙන MALA MUUSALAYA ගේ නම, ගම සහ බ්ලොගයට යන පාරත් හොඳට පැහැදිලිව තියලා ඔය කතාව කියන එකෙන් උපහාසයට ලක්වෙන්නේ ඔබමයි
Anver Manatunga says:
ඇත්තටම ඒක ලොකු හේතුවක් කරගන්න බැහැ. නමුත් මා පෙන්නා දුන්නේ ඔවුන්ගේ අදහසයි. මන්නාරම ප්‍රශ්නය ගැන එහි මුස්ලිම් කට්ටියක් කොලඹ ඇවිත් උද්ඝෝෂනයක් කරන්න හැදුවා. එය නවත්වා දැමුවෙත් කොලඹ සිටින මුස්ලිම් වරුන්ම තමයි.
ඔය කියන ආගම්බේධවාදීන් විසින් සෘජුවම මෙහි පැමිණ දහමක ශාස්තෘ වරයෙක්ට විරුද්ධව සෘජුවම මඩ ප්‍රහාර ගසා තිබෙනවා. මල මුසලයාද එසේ කිසියම් දහමක ශාස්තෘ වරයෙක්ට මෙම බ්ලොග් අඩවියේ ප්‍රතිචාර දැමීමෙන් ප්‍රහාර එල්ල කරන්නේද මම ඔහුවද නවතා දමන්නට පසුබට නොවෙමි. එමෙන්ම මා මල මුසලයාටද කරුණු පහදා දී නිවැරදි මාවතට ගන්න උත්සාහ දැරුවා ඔබ දකින්නට ඇති.
නුවන් සුබසිංහ says:
අධිකරණ තීන්දුවකට විරුද්ධව කෑ ගහපු එක වැරදියි කියල කෙලින්ම කියන්නේ නැත්තේ බය නිසාද? මන්නාරමේ මුස්ලිම් වරු කරපු වැඩේ අනුමත කරන්නේ නැතිනම් “ඔවුන් බලාපොරොත්තු වුණේ උපවාස සමයට පෙර එය සිදුවේය කියායි” වගේ බොරු හේතු දාල සැර බාල කරන්නේ නැතුව කෙලින්ම වැරදියි කියන්න.
Anver Manatunga says:
මා විසින් මුස්ලිම් වරුන් ක්‍රියාකළ ආකාරය වැරදි බව පවසනවා සේම මහේස්ත්‍රාත්තුමා අධිකරණයෙන් පිටතට විත් කළ අණ කිරීමද අනුමත නොකරමි.
නුවන් සුබසිංහ says:
මන්නාරමේ මුස්ලිම් වරු ක්‍රියා කල ආකාරය වැරදියි යයි කෙලින්ම පැවසු නිසා ඔබට මගේ තුති පුද කරමි. කාගේ වුනත් වැරැද්ද වැරද්දක් ලෙස දකින්නට හැකි වීම උසස් ගුණයකි.
Anver Manatunga says:
මන්නාරම පමණක් නොව කූරගල සම්බන්ධවද මම මගේ ස්ථාවරය නොබියව පැවසුවෙමි. දඹුල්ල පල්ලියට විරුද්ධව දවටගහ පල්ලිය ඉදිරිපිට කළ උද්ඝෝෂනයද විවේචනය කළෙමි. මා පමණක් නොව ලංකාවේ මුස්ලිම් සමාජයද එසේමය. මෑතකදී මන්නාරම සිද්ධිය අළලා එහි සිටින මුස්ලිම් වරුන් කොටසක් කොලඹ මරදානට පැමිණ සිකුරාදා ජුම්මා වෙලාවට පසුව උද්ඝෝෂනයක් කරන්න උත්සාහ දැරුවා. එය නතර කර මන්නාරමේ දේවල් එහි බලාගන්න කියා ඔවුන්ව එතැනින් පිටත් කළේ මරදානේ එදා පල්ලියට පැමිණි මුස්ලිම් බැතිමතුන්ය.