බුදු දහමට අනුව ප්‍රාණ ඝාතය අකුසල කර්මයකි. ඒ නිසා ගව ඝාතණය කිරීමද අකුසල කර්මයක් වේ. ලංකාවේ බොදුනුවන් ගවයා සම්බන්ධව විශේෂත්වයක් දක්වන නිසා ලංකාවේ ගව ඝාතණයට එරෙහිව විරෝධතාවයන් එල්ල වේ. මෙම ගව ඝාතණ විරෝධීන් විසින් බොහෝ විට චෝදනා එල්ල කරන්නේ ලාංකික මුස්ලිම් වරුන්ටය. බොහෝ විට ඔවුන් මෙමගින් බොදුනු සහ මුස්ලිම් වරුන් අතර විශාල ආගම්බේධයකට මුල පුරති.
අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා අපට ගව ඝාතණය සම්බන්ධව විශාල ලිපි ප්‍රමාණයක් පලකරන්නට සිදුවුයේ එහෙයිනි. එහිදී අප හා තර්ක කළ අය බොහෝ දෙනෙක් ආවේගශීලීව සහ හැඟුම්බරව කටයුතු කළ අයයි. බුද්ධිමත් තර්ක ගෙන පෙරට ආවේ ඉතාමත් සුළුතරයකි. එම බුද්ධිමත් තර්ක වලින්ද අති බහුතරය ගෙන ආවේ ආගම්ක හේතූන්ය. මේ නිසා අපට ඔවුන්ගේ දහම තුලට එනම් බුදු දහම ගැන ගවේෂනය කරන්නට සිදුවිය. ඉන් පසුව අප විසින් මාංශ අනුභවය සම්බන්ධව බෞද්ධ දර්ශනයේ පවසන්නේ කුමක්ද? (http://www.anvermanatunga.com/2012/07/11/vegetarianism/) කියා ලිපියක් පල කළෙමි.
එම ලිපියට පාදක වුයේ මා හට පාඨකයෙක් ප්‍රතිචාරයක් වශයෙන් එවු කිසියම් තෙර නමක් හා කරන ලද සාකච්ඡාවකි. මා විසින් කළේ එම සාකච්ඡාව උපුටාගෙන එමගින් එහි තිබෙන කරුණු වලට බුදු දහමින්ම පිළිතුරු ලබා දීමයි. එහිදී බුදුරජාණන් වහන්සේ පැවසුයේ ත්‍රිකෝටි පරිශුද්ධියට අනුකූල මස් අනුභව කරන්න පමණක් බවත්, බුදුරජාණන් වහන්සේත් මාංශ වැලඳූ බවත් මා ලිව්වේ මහා පරිණිබ්බාන සූත්‍රයේ අඩංගු කරුණු සහිතවය. එය මා උපුටා ගන්නා ලද්දේ බොදුනු සමාජයේම ඉමහත් හරසරට පාත්‍රවු සහ බෞද්ධ දර්ශනය පිළිබඳව ග්‍රන්ථ රාශියක් ලියා ඇති මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානාහිමියන්ගේ ධර්ම විනිශ්චය නම් වු ග්‍රන්ථයෙනි.
එයට ප්‍රතිචාර වශයෙන් මට ලැබුණේ අග්ගමහා පන්ඩිත කොටුවේගොඩ ධම්මාවාස අනුනාහිමි විසින් රචනා කරන ලද පොතකින් උපුටා ගන්නා ලද සූකර මද්දව පිළිබඳව උන්වහන්සේගේ අර්ථ විවරණයකි. දැන් මෙහිදී සිදුවුයේ බොදුන සමාජය තුලම එක්තරා කරුණක් සම්බන්ධව මතබේධයක් නිර්මාණය වීමයි. එනම්
- එක් පිරිසක් පවසන්නේ සුකර මද්දව යනු ඌරු මස් බවයි.
- අනෙක් පිරිස කියන්නේ ඌරන්ගේ මලපහ වේළුනු පසුව හැදෙන හතු වර්ගයක් බවයි.
මෙහිදී තර්කයට ඉදිරිපත් නොවුවද සූකර මද්දව සම්බන්ධව තවත් අර්ථ විවරණයක්ද ඇති බව මා දනිමි. එනම් උණ ගස් වර්ගයක් සමග වැඩෙන තෘණ වර්ගයක් බවයි. කෙසේ වුවද අග්ගමහා පන්ඩිත කොටුවේගොඩ ධම්මාවාස අනුනාහිමියන්ට වඩා මහාචාර්ය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ අර්ථ විවරණයට වැඩි වාසි තිබෙන්නේ බෞද්ධ විශ්වකෝෂයද එම අර්ථයම සනාථ කරන බැවිණි. එමෙන්ම මෑත යුගයේ ඉතාමත් ජනප්‍රිය තෙන නමක් වන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් විසින් රචිත නිර්මාංශ ප්‍රශ්නය නම් වු පොතෙහිද සූකර මද්දව යනු ඌරු මස් බවට සනාථ කරයි.
නමුත් එහිදී මා එම ලිපියේ මුලින් කරුණු ඉදිරිපත් කළේ අවශ්‍ය නම් පසුව ඉදිරිපත් කිරීමට තවත් තර්කද සහිතවය. ඒ නිසා එයට පැමිණි ප්‍රතිචාරයට පිළිතුරු ප්‍රතිචාරයක් මා විසින්ම පලකරමින් පෙර බුදු වරුන්ද මස් මාංශ වලඳා ඇති බවත්, බුදුරජාණන් වහන්සේ ගව මාංශ වලඳා ඇති බවත් බෞද්ධ ග්‍රන්ථ පාදක කරගනිමින්ම නැවත කරුණු ගෙනහැර දැක් වුයෙමි. මා විසින් දැමු එම ප්‍රතිචාරයට යහපත් පිළිතුරක් ලබා දෙන්නට මගේ ප්‍රතිවාදීන්ට නොහැකි විය. නමුත් තවදුරටත් අන්තර්ජාලය තුල ගව ඝාතන විරෝධී ආගම්බේධවාදීන් විසින් බුද්ධියෙන් තොරව හැඟුම් මත එල්බෙමින් තව දුරටත් මුස්ලිම් වරුන්ට අපහාස කර තිබෙනු දකිමු.
මේ නිසා ලංකාවේ ගව ඝාතනය සම්බන්ධව තවත් කෝණයකින් බලන්නට මෙම ලිපිය තුලින් ක්‍රියා කරමි. මෙහිදී මා පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ගව ඝාතණය සම්බන්ධව මුස්ලිම් වරුන්ට චෝදනා කරමින් ආගම්බේධවාදය ඇති කිරීම විශාල අසාධාරණයක් බවයි. මන්ද අපට පැහැදිලිව පෙනෙන ආකාරයට ලංකාව තුල ගව ඝාතණය සඳහා සෘජුව හවුල් වන්නේ බොදුනු සමාජයේම අයවළුන්ය. මේ ලිපිය මගින් උත්සාහ කරන්නේ එසේ ගව ඝාතනයට සහය වන්නන් හඳුන්වා දීමටත්, ඔවුන් විසින් ගව ඝාතණයට සෘජුවම අනුබල දෙන්නේ කෙසේදැයි පෙන්වා දීමටත්ය.
මෑත කාලීණව ගවයින් නිදහස් කිරීමේ වැඩ පිළිවෙලවල් රැසක් ක්‍රියාත්මක වේ. ගම්බදව සිටින හෝ නාගරිකව සිටින ජනතාව වෙත ගොස් මරන්නට සිටින ගවයෙක් හෝ කිරි එලදෙනක් (මෙය අමුම අමු ප්‍රෝඩාවක් බව අප හෙලිකළෙමු. බලන්න http://www.anvermanatunga.com/2012/01/22/cattle-free/) බේරා ගන්න ඔබේ ආධාරය ලබා දෙන්නැයි ඉල්ලා සිටින විට “අනේ පව් අහිංසක සත්තු!” කියමින් තම හැකියාව අනුව මුදල් ලබා දෙති. මේ අනුව බොදුනුවන් පිංවන්තයන්ය. මුස්ලිම් වරුන් පව්කාරයන්ය. මෙය සත්‍යක්ද?
ලංකාවේ කිරිගොවි ව්‍යාපාරය රැකියාවක් වශයෙන් කරන බහුතර ආගමිකයන් කවුද? කියා අපි පලමුව බලමු. එයට ලැබෙන පිළිතුර නම් බෞද්ධ යනුයි. අපේ රටේ කිරිගොවි ව්‍යාපාරය කරන බහුතරය බොදුනුවන්ය. මේ ගොවීන් විසින් සිය ගවයන්ගෙන් ප්‍රයෝජන ගෙන අවසන්වු පසුව මසට විකුණති. ඇත්තටම මෙය කිරිගොවීන්ගේ ආදායම් මාර්ගයකි. (බලන්න http://www.anvermanatunga.com/2012/01/24/cattle/) අතීතයේදී මොවුන් කළේ එවැනි ගවයන් “පිං” යනුවෙන් හංවඩු ගසා ඉබාගාතේ යාමට නිදැල්ලේ හැරීමයි. නමුත් දැන් එලෙස ගවයන් නිදැල්ලේ හැරීම නීතියෙන් තහනම්ය. ඒ නිසා ගවයා මස් පිණිස නොදෙනවා නම් කිරිගොවියා විසින් ඌව මිය යනතෙක් බලාගත යුතුය. එවිට කිරිගොවියාගේ ආදායමින් සහ ශ්‍රමයෙන් කොටසක් ඒ ගවයා රැකබලා ගැනීම සඳහා වැයවන අතර මසට නොවිකුණන ලද නිසා ලැබිය හැකි ආදායමක්ද අහිමි වේ.
අද පවතින ආර්ථික තත්වයන් අනුව බොහෝ සේ අසීරුවෙන් තම දිවි සරිකරගන්නා කිරිගොවීන් මෙසේ තමන්ට තිබෙන ආදායමක් නැති කරගන්නට කැමති වන්නේ නැත. ඒ නිසා ඔවුන් කරන්නේ තැරැව් කරුවෙකුගේ මාර්ගයෙන් හෝ සෘජුවම එම සත්ත්වයන් මස් පිණිස විකිණීමයි. මෙහිදී ඔවුන් විසින් මෙම සත්ත්වයා විකුණනන්නේ වෙනත් කිසිදු ආර්ථික ප්‍රයෝජනයක් ගත නොහැකි නිසා වන බැවින් ඉඳුරාම මෙම ගැණුම්කරුවා විසින් එකී සත්ත්වයා මිලදී ගන්නේ මස් පිණිස බව ඔවුන් දනිති. මෙහිදී මෙම කිරිගොවීන් සත්ත්ව ඝාතණය සම්බන්ධව සෘජු හවුල් කරුවන් නොවන්නේද?
දෙවැනි කරුණ නම් අද මස් කඩ පවත්වාගෙන යාමට බලපත්‍රයක් අවශ්‍යය. මෙය ලබා දෙන්නේ අදාල ප්‍රදේශයේ නගර සභාව හෝ ප්‍රාදේශීය සභාවන් විසිනි. අතීතයේ සෘජුවම මස් කඩ හිමි කරුවන් විසින් තමන්ම අයදුම් කර බලපත්‍ර ලබා ගනිති. නමුත් දැන් එසේ නොමැත. දැන් බලපත්‍ර ලබා දීමද ප්‍රාදේශීය දේශපාලකයන්ගේ සහ පාතාල මැරයන්ගේ අමතර ආදායම් මාර්ගයක් වී ඇත. ඒ නිසා ඔවුන් කරන්නේ මස්කඩ බලපත්‍ර ටෙන්ඩරය වෙන කෙනෙකුට ඉල්ලන්නට අවස්ථාව ලබා නොදී එය අඩු මුදලකට මිලදී ගෙන නැවත විශාල වැඩි මුදලකට මස්කඩ බලපත්‍රය මස්කඩය කරන්නාට විකිණීමයි.
මේ නිසා අද ලංකාවේ විවිධ පලාත් වල තිබෙන, විශේෂයෙන් බොදුනුවන් බහුතරය ලෙස සිටින ප්‍රදේශ වල මස්කඩ බලපත්‍ර වලින් අති බහුතරය තිබෙන්නේ ප්‍රාදේශීය දේශපාලකයන්ගේ අතවැසියන් සහ පාතාල මැරයන් නමිනි. මේ සියල්ලන්ගෙන් අති බහුතරය බොදුනුවන්ය. ඔවුන් මිය යන විට සත්ගුණවත් උපාසක මහතුන්ය. ඔවුන්ට අනිච්චාවත සංඛාරා හෝ වයධම්මා සංඛාරා යනුවෙන් බැනර් සහ පෝස්ටර් වදින්නේ අනෙකුත් උපාසක මහතුන්ටද වඩා බලවත්වය. මේ අයත් සත්ත්ව ඝාතනයට සම්බන්ධ වන බොදුනුවන් කොටසක් නොවේද?
අවසාන කරුණ නම් මෙතරම් ගවමස් ප්‍රමාණයක් අනුභව කරන්නේ කවුද? යන කරුණයි. ලංකාවේ ජනගහණයෙන් බහුතරය බොදුනුවන්ය. බොදුනු සමාජය තුල ගවමස් විරෝධී සංවිධාන කොපමණ ක්‍රියාත්මක වුවද තවමත් ගව මස් අනුභව කරන්නන් බොදුනු සමාජය තුල බහුතරයයි. ජනගහණය වැඩි නිසා ලංකාවේ ගව මස් පරිබෝජනයෙන් වැඩිම ප්‍රමාණය යන්නේද බොදුනුවන්ටමය. ලංකාවේ ගව මස් නිශ්පාදනයෙන් වැඩිම ප්‍රමාණයක් බොදුනුවන්ම බුදිද්දී ආගම්බේධවාදීන් විසින් තවදුරටත් මුස්ලිම් වරුන්ට චෝදනා කරන්නේ කුමණ පදනමකින්ද? මා අභියෝග කරන්නේ බොදුනුවන්ට ගව මස් අකැප නම් පලමුව බොදුනු සමාජය තුල ගවමස් කෑම තහනම් කරන ලෙසයි. අද ගවමස් මිල විශාල වශයෙන් ඉහල ගොස් තිබෙන්නේ බහුතර බොදුනු ජනතාව ගවමස් කන නිසාවෙනි. බොදුනුවන්ට ගවමස් තහනම් කරන්නේ නම් එය අන්‍යාගමික අපටද ඉතාමත් සහනයක් වන්නේ එමගින් ගවමස් මිල අඩුවන හෙයිනි.
මාංශ ආහාර සම්බන්ධ මගේ අනෙක් ලිපි
මාංශ අනුභවය සම්බන්ධව බෞද්ධ දර්ශනයේ පවසන්නේ කුමක්ද?
දෙව්දත් නිකායේ අය හඳුනා ගනිමු
හරක් මස් ගැන ඇත්ත කථාව පට්ටපල් බොරුවක්ද?
අල්-කුර්ආනය සතුන් මරන්න කියා, පවසා තිබෙන්නේ රත්වු තැටියක් උඩ සිටද?
හජ් වතාවත් වෙනුවෙන් කිරි අම්මලා ඝාතණය කරනවාද?
Cattle first හෙවත් ගවයාගෙන් පටන් ගැනීම
හලාල් ආහාර මිලදී ගැනීම බෞද්ධයන්ට මදිකමක්ද?
මස් මාළු ගෙදර ගෙනයාම නරකද?
ගව ඝාතනය වැළකීමේ පනත ඡන්ද විමසීමට නොගෙන ඉවත දැමීම ජනතා ජයග්‍රහණයක්
පෝය දවසට බිත්තර විකුණන්නේ නැත්තේ ඇයි?
කුකුළා ෂුවර් නැති නිසා වුණු කුකුල් සංහාරයක්
මරන්නට සිටින කිරි එළදෙනුන් බේරා ගැනීමේ ප්‍රෝඩාව
රහසින්වත් වස්සෙක් විකුණමුද?

hasan says:
බුදු දහම පවසන ප්රාණ ඝාතනය, සත්ව ඝාතනය, හා සත්ව කරුණාව
ප්රශ්නය: අංක 1.
බුදු දහම අනුව ප්රාණ ඝාතනය අනුමත නොකළ ක්රියාවක් බව සමහරු පවසති. මෙහිදී මෙම මතය පිළිගැනීම සම්බන්ධව ගැටළු රාශියක් මතු වේ.
හැකි නම් ඕනෑම බෞද්ධයෙක් අප ඉදිරිපත් කරන ගැටළුවලට විසඳුම් ලබාදෙන්න!
ඔබලා මෙම ගැටළුවලට බුදු දහම තුළින් විසඳුම් ලබා නොදෙන්නේ නම්, බුදු දහම සමහර කරුණු ගැන කිසිවක් නොපවසන බව ඔබලාට පිළිගැනීමට සිදු වේ. එනම් බුදු දහම අසම්පූර්ණ මඟ පෙන්වීමක් බව ඔබලාම පිළිගැනීමේ තත්ත්වයක් උදා වේ.
1.පානාතිපාතා වේරමනි සික්කා — යන ගාථාව සෑම බෞද්ධයෙක්ම කියවන ගාථාවකි.
ප්රාණ ඝාතනයෙන් වැළකී සිටිය යුතු බව එම ගාථාව පවසයි.
රජයේ හමුදාවේ බෞද්ධයින් බහුතරය ලෙස සිටිති. ගතවූ අවුරුදු 40 ක් පමණ කාලයක් තුළදී රජයේ හමුදා දෙමළ ත්රස්තවාදීන්ට එරෙහිව ප්රහාර එල්ල කළේය.
රජයේ හමුදාවන්ගේ මෙම ප්රහාරය නිසා, ජීවිත දහස් ගණනාවක් නැති විය. එනම් මෙම ප්රහාරයන් එල්ල කළේම සමහර මිනිසුන්ව ඝාතනය කිරීම උදෙසාමය.
එනම් බෞද්ධ භාෂාවෙන් පවසන්නේ නම්, විශාල අන්දමින් ප්රාණ ඝාතනයක් සිදු විය.
ඉහත මා පෙන්නුම් කළ ඔබලාගේ ගාථාවට අනුව, මෙසේ ප්රාණ ඝාතනය අනුමත ක්රියාවක්ද?
එය අනුමත ක්රියාවක් බව බුදු දහමේ පාඨයන් තුළින් ගෙන හැර දක්වන්න!
උදාහරණ හෝ ගෙතුම් කථා අපට අවශ්ය නැහැ. අපට ඕනෑ බුද්ධ ධර්ම පාඨයන්ය.
ඔබලා එසේ නොකළේ නම්, ඔබලා වැදි බණ පවසන වැද්දන්ගේ ඝණයට ඇතුළුවන්නෙහුය.
එසේ නැතිව පාඨයක් ගෙන හැර පෙන්වූයේ නම්, ඔබලා එම කාර්යයෙහි සත්ය පැවසූවන් වන්නෙහුය.
(මෙම පැනයට පිළිතුරු දීමෙන් පසුව තව තවත් ප්රශ්න ඉදිරියට පැමිණේ)
suban says:
That is panathi paatha weramai.
Sabbe saththa bawanthu sukithaththa- May all beings attain happiness and be free from suffering.
What do you want to know eles?
jahns tikkah says:
is way getting happy through killing people? according to your teaching it should be preaching bana to solve the problom rather doing those things.
ඉෂාක් says:
බීෆ් ඩෙවල් එකක් සොසේජස් එකක් කෑවට පවු නැහැ හැබැයි තම්බි හරක් මස් කන්න බැහැ
Abu Amna says:
අන්වර් සහෝදරයා, මස් කඩයක් ඉදිරියේ සංගණනයක් එහෙම කලොත් නරකද?
එතකොට කියයි සුපුරුදු වාක්‍ය ටික මෙහෙම,
“තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු,
තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු,
තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති මාංශ”
මේ සතා මරල තියෙන්නේ තමා වෙනුවෙන් නොව තම්බිලා වෙනුවෙන්,
ඒ නිසා කෑවට වරදක් නැහැ.
අනේ අනිච්චන් !!!!!!
MALA MUUSALAYA says:
මියන්මාර් බෞද්ධයින් මිනී මරන්නේ බල්ලො ගානට මුං මේ ගව
ඝාතන ගැන කුණුහරුප දොඩවනවා
vimukthi says:
//බුදුරජාණන් වහන්සේ ගව මාංශ වලඳා ඇති බවත් බෞද්ධ ග්‍රන්ථ පාදක කරගනිමින්ම නැවත කරුණු ගෙනහැර දැක් වුයෙමි. //
oppu karanna thiripitakayen
Anver Manatunga says:
මහාවග්ගපාළියේ භේසඡ්ඡඛන්ධකයේ ද බුදුරදුන් මස් වැළඳු බවට තොරතුරු සඳහන් වෙයි. සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වාසය කරන කාලයක ලීච්ඡවීහු සන්ථාගාර (රැස්වීම්) ශාලාවෙහි රැස්වී බුදුරදුන්ගේ ගුණ කියත්, භික්ෂු සංඝයාගේ ගුණ කියත්, එම අවස්ථාවේ රැස්වීම් ශාලාවේ සිටි නිගණ්ඨ ශ්රාෂවකයෙකු වූ සිංහ නම් සේනාපතියෙක් බුදුරදුන් කෙරෙහි පැහැදී උන්වහන්සේ දැකීමට යාමට කැමතිවෙයි. ඒ බව නිගණ්ඨනාථ පුත්තයන් වෙත දැනුම් දුන් විට ඔහු මෙසේ කීවේය. “ශ්ර්මණ ගෞතමයන් වහන්සේ අකිරියවාදියෙකි. එයින් ම උන්වහන්සේ ශ්රාමවකයන් හික්මවති. ඔබ කුමක් හෙයින් බුදුරදුන් හමුවීමට යන්නෙහිද?” නිගණ්ඨනාථ පුත්තයන් එසේ කීවිට සිංහ සේනාපතියන්ගේ බුදුරජාණන් වහන්සේ දැකීමේ අදහස නැතිවී ගියේය. එහෙත් දෙවන තුන්වන වර ද ලීච්ඡවීන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළ විට ඔහුට බුදුන් දැකීමේ අදහස යලිත් ඇතිවිය. එම අදහස නිගණ්ඨනාථ පුත්රකයන්ට දැනුම් දුන් පසු ඔහු දෙවන තෙවන වර ද සිංහ සේනාපතියන් වළක්වනු ලැබීය. පසුව සිංහ සේනාපතියන් නිගණ්ඨනාථ පුත්ර යන්ට නොදන්වා රථ පන්සියයක් සහිතව දහවල් කාලයේ බුදුරජාණන් වහන්සේ දැකීමට ගියේය. බුදුරදුන් හමුවූ සීහ සේනාපතියන් උපාසකයෙකු බවට පත්වීය.
ඔහු නිවසට ගොස් සේවකයෙකු අමතා වෙළඳ පොලට ගොස් මස් ගෙනෙන්නට නියම කළේය.
“ගච්ඡ භණේ පවත්ත මංසං ජානාහී තී” (මහාවග්ගපාලි – 592 පිටුව)
පසුදා සීහ සේනාපතියා බුදුරදුන් ප්ර මුඛ මහා භික්ෂු සංඝයා වහන්සේට මස් සහිත ප්රනණීත භෝජනයෙන් සංග්රපහ කෙළේය. සීහ සේනාපතියා උපාසකයෙකු බවට පත්වූ පුවත හා ඔහු බුදුරදුන්ට මස් සහිත දානයක් දුන් පුවත දැනගත් නිගණ්ඨයෝ විසාලා මහනුවර වීදිවල ‘අද සීහ සේනාපතියා තරබාරු සිවුපාවෙකු මරා ශ්රඨමණ ගෞතමයන්ට බත් කරන ලද්දේය. ශ්රපමණ ගෞතමයන් තමන් උදෙසා කළ මාංශය වැළඳු වේ යැයි “අජ්ජ සීහේන සේනාපතිනා ථුල්ලං පසුං වධිත්වා සමණස්ස ගෝතමස්ස භත්තං කතං. සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභූඤ්ජතී’ති පටිචචකම්මන්ති” යි ඝෝෂා කළහ.
මෙම කතා පුවතින්ද බුදුරජානන් වහන්සේ මස් වැළඳු බව තහවුරු වෙයි. සීහ සේනාපතියා ‘පවත්ත මාංශය’ ගෙනෙන්නට කීමෙන් නිගණ්ඨයන් ද ‘පවත්ත මාංශය’ අනුභව කරන්නට ඇති බව සිතිය හැකිය. ඔවුන් බුදුරදුන්ට චෝදනා කෙළේ උදෙසා කළ (උද්දිස්සකටං) මසක් වළඳන බවටයි. එනිසා පවත්ත මාංශය හෙවත් ත්රි’කෝටි පාරිශුද්ධ මාංශය ජෛනයන් හා වෙනත් ශ්රමමනයන් ද වළඳන්නට ඇත. එනිසා බුදුරදුන් ද ත්රිදකෝටි පාරිශුද්ධ මාංශය වැළඳු බවට මේ කතා පුවතින් ඉදිරිපත් කර ඇත.
මීට අමතරව පාරාජිකාපාලි විවරපටිග්ගහන ශික්ෂා පදයේ ද බුදුරදුන් මස් වැළඳු බවට කතා පුවතක් සඳහන් වෙයි. එහි සඳහන් පරිදි උප්පලවන්නාමෙහෙණිය පෙරවරු කාලයේ පිණ්ඩපාතයෙන් පසුව අන්ද වනයට වැඩමකරවා ගසක් මුල දිවාවිහරණය පිණිස වැඩ සිටියාය. ඒ වේලාවෙහි සොරු ගව දෙනක් මරා අන්ද වනයට පිවිසුණහ. සොර නායකයා ගසක් මුල වැඩ සිටින උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ දැක මාගේ දරුමල්හු මේ මෙහෙන දක්නාහු නම් වෙහෙසෙන්නාහයි (කරදර කරන්නේ යැයි) වෙන මගකින් ගියේය. අනතුරුව ඒ සොර නායකයා මස් පැසුණු විට හොඳ මස් ටිකක් ගෙන කොළ ආදියෙන් ඔතා බැඳ උප්පලවන්නා මෙහෙණීන් වහන්සේට ළඟ තැනක “යම් මහණ බමුණෙක් මෙය දකිත් නම් එය ගනිත්වා” යැයි කියා ගසක එල්ලුවේය. උප්පලවන්නා මෙහෙණීන් වහන්සේ සමාධියෙන් නැගී සිට සොර නායකයාගේ වචනය අසා ඒ මස් ගෙන මෙහෙණවරට ගියාය. පසුදා එම මස් පිළියෙළ කර උතුරු සිවුරෙහි ඔතාගෙන බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමට ජේතවනාරාමයට ගියාය. මෙම කතා පුවතින් ද බුදුරදුන් මස් වැළඳු බව තහවුරු වෙයි. මෙහි සඳහන් වැදගත්ම කාරණය නම් “ගාවිං වධිත්වා” යන්නයි. මෙයින් බුදුරජානන් වහන්සේ ද ගව මාංශ වැළඳු බව කියවෙයි.
Jilbuwa says:
//ගාවිං වධිත්වා – බොරු කියන්න එබා. ගවයාට පාලියෙන් කියන්නේ “ගෝ” කියල. ඔය කියන්නේ ගවයා කියල පාලි – සිංහල ශබ්ද කෝෂෙන් අපිට ඔප්පු කරල පෙන්නන්න
Anver Manatunga says:
ඔබලා පාලි භාෂාව එක එක විදිහට පෙරලනවා කියා අපි දන්නවා. මේ ගැන ඔබට නිවැරදිව දැනගන්න. කළුන්දෑවේ කමලසිරි හිමියන් විසින් රචිත “නිර්මාංශ ආහාරය පිළිබද බෞද්ධ ස්ථාවරය” නම් වු පොත කියවන්න.
Jilbuwa says:
අන්වර්, ඔයා කරන්නේ මම අහන එකෙන් පැනල යන එක. මම කිව්වේ ගාවිං වධිත්වා කියන එක හරක් මස් කියල ඔප්පු කරල පෙන්නන්න කියල විතරයි. ඔයා මට කියන්නේ පොතක් කියවන්න කියල. ඒ පොත ඔයා ගාව ඇතිනේ? මේ කියපු දේ සනාථ කරන තැනක් ඒකෙන් එහෙනම් පෙන්නන්න
Anver Manatunga says:
අප පලකර තිබෙන්නේ අප විසින් අතින් දාපු කරුණු නොව එහිමියන් විසින් සිය පොතෙහි අඩංගු කළ කරුණුය. සූකර මද්දව යන්නටද ඔබලා ඔබලාගේ අර්ථ විවරණයක් සාදාගෙන ඇත. තවත් පාර්ශවයක් එයට වෙනත් අදහසක් දක්වති. බුදු දහමෙහි ඇති මෙවැනි පරස්පරතාවයන් අපට අවශ්ය නැහැ. අපට අවශ්‍ය කරන්නේ මාංශ අනුභවය සම්බන්ධ බෞද්ධ මතය ගැන පමණයි. අනෙක් කරුණ ඔබ මෙතන මා සමග තර්ක කරන්න උත්සාහ ගන්නේ ගවමස් නොවේ කියායි. එසේ නම් ඔබ විසින් එය අනෙක් මසක් කියා පිළිගන්නවා නේද? බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වැලදුවොත් දුකුලා අවැතක් වනවා යැයි වදාල නොකෑ යුතු මස් වර්ග දසයටත් ගවමස් නැහැ නේද?
Jilbuwa says:
MALAMOOSALAYA ගැන කියවෙන කොටස කපන්නේ ඇයි?
Anver Manatunga says:
මම එහෙම කපලා නැහැ. සමහර විට ඔබ එවු එම කොටස මට පැමිණුනේ නැතිව වෙන්න පුළුවන්. කරුණාකර එය නැවත එවන්න. එහෙම කරන්න මට කිසිදු හේතුවක් නැහැ.
Ravana says:
Anwer mama Buddhist oyage lipi harima hodhai , mama siyalu agam darshanavalata garu karana manussayek, mama kamathi gaveshana lipi valata , obata gaveshana lipi liyanna hakiyava labeva …Bauddha kiyanne pilima valata vadina aya nevei nauddha vachana arthaya buddhimathva gavasehana karanna yannai- ape hamudurvo oya vage vunoth hodai – Pansal samagha sambandha venna api lankave Muslim + Sinhala samagiyak hadamu.
Anver Manatunga says:
ගවේෂනාත්මක ලිපි කිහිපයක් ලියන්න අදහස් ගොඩක් තියෙනවා. ඒත් මට කාලවේලාව අඩුයි. ඉදිරියේදී කෙසේ හෝ එකක් දෙකක් පලකරන්න අදහස් කරමි.
suban says:
Buddha and sangha depend on what laymen offers. They accept the food given by food for their survival. Budhha has dispelled the greed for taste when he became arahath, or buddhahood.
Here, the question is whether we are allowed to kill animals? If we follow Buddhist path we can’t. Eating flesh is not a sin, but killing is.
So, as layment we can decide what we buy and prepare for food. There, as buddhists we better to avoid from eating flesh.
For Muslims let, they can practise killing and eating animals. Because, according to Quran, no barrier fro them to kill non- believers. so what about animals. They have made assumputions to kill because they want to eat flesh.
Anyway life is the most important for any living being. NO GOD can give justifications for any killing.
Anver Manatunga says:
මෙහිදී ඔබ හිතින් මවා ගෙන තිබෙන රාමුවක සිට කථා කරයි. පලමුව සිතන්න බුදු දහමේ මාංශ අනුභවය තහනම් නැත. එහෙත් බුදු දහමට අනුව සතුන් මැරීම පාපයකි. ඒ නිසා බොදුනුවන් මස් අනුභව කරති. එසේ මස් අනුභව කිරීම නිසා සතුන් විශාල සංඛ්‍යාවක් මැරෙති. එබැවින් අපට පෙනෙන්නේ බුදු දහමේ මාංශ ආහාර පිළිබදව ඇති ප්‍රතිපත්තියේ යම් අප්‍රායෝගික බවකි. ඔබ දහමේ සිතුම් රාමුවේ සිටින නිසා ඔබට මෙය නොපෙනෙන්නටද ඉඩ ඇත. එයට අපට කළ හැකි දෙයක් නැත. ඔබට රාමුවෙන් පිටතට විත් බැළුවහොත් අප්‍රායෝගිකත්වය පෙනෙනු ඇත.
අල්-කුර්ආනය විසින් නොඇදහිලිවන්තයන් මරන්නට පවසා නැත. ඉස්ලාම් පවසන්නේ සිය පාලන වපසරිය තුල සිටින නොඇදහිලිකාරයන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇත්තේද මුස්ලිම් වරුන්ට බවයි. සත්ත්ව ඝාතණය සාධාරණීයකරණය කරන්නට දෙවිදුන්ට අවශ්‍යතාවයක් නැත. දෙවිදුන් එය අනුමත කර තිබෙන්නේ මිනිසාගේ අවශ්‍යතාවය මතයි. මිනිසාගේ අවශ්‍යතාවය මත කරන්නාවු සත්ත්ව ඝාතණයට ඉස්ලාමය විසින් සීමාවන් පමණක් පනවා ඇත. මුස්ලිම් වරුන් ඒ සීමාවන් අනුගමනය කරති.
මෙහිදී ආගම් දෙකෙහි බැතිමතුන් දෙස බලන කල මුස්ලිම් වරුන් සිටින්නේ ඉදිරියෙනි. එයට හේතුව ඔවුන් දහමින් පනවා ඇති සීමාවේ සිටීමයි. නමුත් බොදුනුවන් එසේ නැත. ඔවුන්ගේ දහමට අනුව සතුන් මැරීම පාපයකි. නමුත් ඔවුන් මාංශ ආහාර අනුභව කරන නිසා සත්ත්වයන් විශාල සංඛ්‍යාවක් මැරෙති. අපට ඔබලාගේ දහම පවසන දෙයින් වැඩක් නැත. කවුරු කොහොම කිව්වද ඒ සතුන් මිය යාමේ වගකීම එම මාංශ අනුභව කරන තැනැත්තන්ටමය. මන්ද සැපයුම ඇතිවන්නේ ඉල්ලුම අනුවය.
මේ නිසා බොදුනුවන් විසින් කළ යුත්තේ අන්‍ය භක්තික මුස්ලිම් වරුන්ට ඇගිල්ල දිගු කිරීමවත් ඉස්ලාමයට මඩ ගැසීමවත් නොව තමන්ගේ දහමේ මාංශ ආහාර පිලිබද ප්‍රතිපත්තිය නිසියාකාරව සකසාගෙන ඒ අනුව බැතිමතුන් ඒ කිරීමට පෙලඹවීමයි.
අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. ඔබලා ආදර්ශමත් වන්නේ නම් මුස්ලිම් අපට යමක් හැගෙනු ඇත. එසේ නොමැතිව අපට බණ දෙසමින් ඔබලාම එය කඩන්නේ නම් අපට එය විහිළුවක් වේ. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට!
Mawahib says:
The hypocrite’s crime is that he bears false witness against himself. What makes it so plausible to assume that hypocrisy is the voice of vices is that integrity can indeed exist under the cover of all other vices except this one. Only crime and the criminal, it is true, confront us with the perplexity of radical evil; but only the hypocrite is really rotten to the core. And God has given you one face, and you make yourself another.
Jealousy is simply and clearly the fear that you do not have value. Jealousy scans for evidence to prove the point – that others will be preferred and rewarded more than you. There is only one alternative – self-value. If you cannot love yourself, you will not believe that you are loved. You will always think it’s a mistake or luck. Take your eyes off others and turn the scanner within. Find the seeds of your jealousy, clear the old voices and experiences. Put all the energy into building your personal and emotional security. Then you will be the one others envy, and you can remember the pain and reach out to them
So brother how much we explain the truth hypocrites and Jealousy Nation will not understand the fact.
suban says:
How do you say that the god created everything?
Pls explain.
what is the Islam doctrine?
M F Rasheed says:
Muslims prefer to eat dates because it was eaten by prophet Mohamed (sal) as expression of love and respect. But unfortunately some so called Buddhist (not everyone) wants to teach to Buddhu Hamudhuruwo what he did was wrong that he eat meat. It is so pity that people are fooled by these so called Buddhist although they knew very well that it was Devedatta who was pretending as a Buddhist but tried to Kill Buddha. In the modern world there are so many Devedattas who want to cremate teachings of Buddha because they could not find Buddha to Kill. Since the general public has no interest in learning Buddhism from its original source the Tripitaka they just listen to Devedattas and think it is teachings of Budhu Hamudhuru. What to do.
Ravana says:
Malli api Bauddha minissunta kiyamu niyama buauddha darshanaya hadaranna kiyala nedha ?
sana says:
අභය දානය දෙන්න කියා මසට ගවයෝ අදී
2012 ජුලි 26
ලක්බිම
sana says:
විදුහල්පති බොක්කේ දඩමස්
2012 ජූලි මස 27 09:55:47 | සනත් ගමගේ
lankadeepa
වන සතුනට ආදරය කරුණාව දැක්වීමේ සම්මන්ත‍්‍රණ පවා පැවැත්වූ තිස්සමහාරාමයේ යාල සමීපයේ ඔසුවින්න පාසලේ විදුහල්පති නිල නිවසේ අධි ශීතකරණයේ මුව මස් කිලෝ අටක් සමග විදුහල්පතිද මස් රැගෙන ආ අයකුද සැකපිට අත්අඩංගුවට ගත් බව යාල වනජීවී නිලධරයෝ කියති. මුව මස් කිලෝවක් රුපියල් 600ක් පමණ වෙයි.
fathima says:
මිනිසා මිහිතලයේ භාරකාරයෙකුලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියළු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු. උදාහරණයක් ගෙන සාකච්චා කළහොත් මෙය වඩාත් පැහැදිලි වනු ඇතැයි අපගේ අදහසයි. සත්ව වර්ගයාගෙන් 500 ක් හා මිනිසුන්ගෙන් 500 ක් තෝරා ගෙන මෙයට පෙර ජනාවාස නොවූ ප්‍රදේශ දෙකක වෙන් වශයෙන් පදිංචිකොට ඉන් අවුරුදු 5 ක් හෝ 10 ක් වැනි කාලසීමාවකට පසු එම ප්‍රදේශ දෙක නිරීක්ෂණය කරන්නට ගියහොත් දැකිය හැකි තත්වය ගැන ඔබට සිතා බැලිය හැකි වන්නේද? සතුන් ගෙන හැර දැමු ප්‍රදේශයේ දැනෙන ආකාරයේ කිසිම වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයි අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. තම ජීවිතය ගෙන යෑමට පමණක් අවශ්‍යවන ප්‍රමාණයේ අවම පරිහරණයකින් යුක්තව පරිසරය උපයෝගී කරගෙන තිබෙන ආකාරය අපට දකින්නට හැකිවනු ඇත. සතුන්ගේ හැකියාව හා පරිසරය පිළිබඳව කටයුතු කළහැකි ප්‍රමාණයේ සීමාව එයයි. නමුත් මිනිසුන් පදිංචි කල ප්‍රදේශය නිරීක්ෂණය කරන්නට පෙරම ඔබගේ මනස තුල මතුවන්නේ කුමන ආකාරයේ චිත්ත රුපද? සැබැවින්ම ආරම්භයේ එම ප්‍රදේශය දුටුවෙකු මවිතයට පත්කළ හැකි අයුරින් හා මිනිසුන් පදිංචි කළේ මෙම ප්‍රදේශයේද කියා සිතෙන තරමට අදහාගත නොහැකි අයුරින් එම ප්‍රදේශය සහමුලින්ම වෙනස් කොට ඇති ආකාරය නියත වශයෙන්ම ඔබට දැකිය හැකි වනු ඇත. මෙයින් පැහැදිලිවන්නේ සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස්වූ එකක් බවය. මිහිතලය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බවද එහි පාලකයා හා භාරකාරයා ලෙසද ඔහු ක්‍රියා කරන බවද මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුනානම් මිහිතලය මත සිදුවී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස්වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුරානය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.
“ඔහුමය (අල්ලාමය) ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත්කෙරුවේ.” (35:39)
මෙයින් පැහැදිලිවන්නේ පරිසරය හා එහි අඩංගු සියළු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගැනීමට හැකියාව හා අයිතිය ඔහුට ලැබී තිබෙන බවය. නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත්හි දරාගෙන පරිසර විනාශයකට තුඩු දෙන කිසිම ආකාරයේ කිසිම ක්‍රියාවකට ඉස්ලාමය අනුමැතිය දී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය. මුහම්මද් නබිතුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේව) පැවසු බව බුහාරි හදීස් ග්‍රන්ථයෙන් උපුටා මිෂ්කාත් අල් මසාබිහ් ග්‍රන්ථයෙහි (3:1392) දක්වා ඇති පරිදි:
“සියළු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.”
සියළු සත්වයින් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ වැදගත්ම ඉගැන්වීමක් වන්නේය. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් හදීස් ග්‍රන්ථයන්හි සඳහන් මුහම්මද් නබිතුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේව) ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“මෙයට පෙර ජීවත්වූ නබිවරයෙක්ව කුහුඹියෙකු දෂ්ට කිරීමෙන් ඇතිවූ කෝපය හේතුවෙන් සියළු කුහුඹි තුඹස් පුළුස්සා විනාශ කරන්නට එම නබිවරයා උපදෙස් දීම හේතුවෙන් දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත්වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටිය මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”. (බුහාරි – 3072)
ඉහත කරුණු වලින් පැහැදිලිවන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසාට හිමිවී තිබුනද එය ඔහු විසින් යුක්තිය හා සාධාරනය මත පදනම්වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව ඉටු කලයුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් විස්තර කරන්නට මෙවන් කුඩා ලිපියක් කොහෙත්ම ප්‍රමාණවත් නොවන්නේය. සතුන් සම්බන්ධව හිංසනය, කෘරත්වය හා දැඩි භාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහරදීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නාවූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිටමත නිකරුනේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුළු කුඩු වලින් පැටවුන් අරගැනීම වැනි මවගෙන් පැටවුන් ඈත්කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත. සතුන්ට කරන්නාවූ හිංසනයන් දුටුවිට එතුමානන් එම සතුන්ගේ අයිතිකරුවන් හමුවී “සතුන්ට යහ අයුරින් සලකන්න. උන්ට කරන්නාවූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව සහිහ් මුස්ලිම් හදීස් ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන්කොට ඇත. සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහණය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් විදීමද වෙඩි තැබීමද තහනම්කොට ඇත. සතුන්ට උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන්නාවූ කර ඇඹීමද ඉස්ලාමය තහනම් කර ඇත.
සතුන්ට කරුණාව දැක්වීමේ යහ ආනිශංසද ඉස්ලාමීය ඉගැන්වීම්තුල විශාල වශයෙන් අපට දක්නට හැකිය. එක් උදාහරණයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“පිපාසයෙන් පීඩිතව මියයන්නට ආසන්නව සිටි බල්ලෙකු සම්බන්ධව එක් පව්කාර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ලිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියළු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබාදුන් බව නබිතුමාණන් පවසා ඇත.” (බුහාරි හදීස් ග්‍රන්ථය 3208)
එලෙසම සතුන්ට කරන්නාවූ හිංසනයන්ට දුන්නාවූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළකී ජීවත්වීම සඳහාවූ අවවාදයක් ලෙසිනි.
“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසාතබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර ලබාගන්නටද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදුවූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය” (බුහාරි 4:54:535).
මෙලෙස ඉතා අලංකාර ලෙස සතුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ හා උන්ට කරුණාව දැක්වීමට දිරිගන්වන දහමක් මාංශ අනුභවය අනුමත කර ඇත්තේ කෙලෙසද කියා යමෙකුට නියත වශයෙන්ම සිතෙන්නට ඉඩ ඇත. පොදුවේ ගත්කල බහුතරයකගේ මතය බවට පත්ව ඇත්තේ මාංශ අනුභවය අනුමත ඉස්ලාමීය ඉගැන්වීම් තුල පමණක් බවය. සත්‍යවශයෙන්ම ලොව ප්‍රධාන දහම් සියල්ලම මාංශ අනුභවය අනුමතකොට ඇත. මෙම මාතෘකාව සාකච්චා කිරීමේදී අප උද්වේගයට හා නොඉවසිලිවන්තභාවයට පත් නොවී තම හෘදසාක්ෂියට එකඟව බුද්ධියෙන්, විචාරයෙන් හා විද්‍යාත්මක පදනමකින් යුක්තව විමසුක යෙදෙන්නේනම් සත්‍යය කුමක්ද කියා දැනගැනීමට කොහෙත්ම අපහසුතාවයක් ඇති නොවනු ඇත.
මාංශ අනුභවය ලොව සියළු ප්‍රධාන දහම් අනුමත කර ඇතිබව එම සියළු දහම්හි පිළිගත් මුලාශ්‍රයන්ගෙන් උපුටාගත් සාධක ගෙන හැර දක්වා කිසිම සැකයකින් තොරව සනාථ කළ හැකි බව සහතික වන්නට කැමැත්තෙමු. එම කරුණු මෙම ලිපියට ඇතුලත් නොකළේ එහි ඇති සංවේදී තාවය සැලකිල්ලට ගෙනය. මාංශ අනුභවය අනුමත කර ඇත්නම් එය කළහැක්කේ සතුන් කැපීම තුලින් එනම් ජීවිතක්ෂයට පත්කිරීමෙන් පමණක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද? මේ පිළිබඳව මත පරස්පරයක් කිසිවෙකුටවත් තිබිය හැකි වන්නේද? අන් දහම්හි කරුණු ඉදිරිපත් නොකොට තර්කයට, විචාරයට හා බුද්ධියට පිළිගත හැකි අයුරින් මේ පිළිබඳවවු ඉස්ලාමීය සංකල්පය සකස්වී ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කිරීම අපගේ පරමාර්ථයයි. සතුන් කැපීම පිලිබඳව ඉස්ලාමය ගැන ඇති වැරදි මතයන් ඉවත්කොට සත්‍යය තත්වය පැහැදිළි කිරීම අපගේ වගකීමක් ලෙසද සළකන්නෙමු එමනිසා මෙම සුහද සාකච්චාවට අප හා එක්වන ලෙස ගෞරවයෙන් හා ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ආචාර්ය විලියම් ටී. ජාර්විස්, විද්‍යාව හා සෞඛ්‍ය පිළිබඳවවූ ඇමරිකානු සභාවේ (American Council of Science and Health) උපදේශක වරයෙකි. හෙතෙම මහජන සෞඛ්‍ය හා නිවාරක වෛද්‍ය විද්‍යාව පිළිබඳව ලෝටා ලින්ඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දුරයද දරන්නේය. ආචාර්ය ජාර්විස් නිර්මාංශ අනුභව කරන්නන්ව ඔවුන්ගේ හැසිරීම් රටාව අනුව පුළුල් කොටස් දෙකකට බෙදයි.
1. ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්.
2. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්.
ප්‍රායෝගික නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව ප්‍රායෝගික සෞඛ්‍ය හේතුන් මත රඳා පවතී.ඔහු උද්වේගකාරී නොවී යථාර්තවාදීව මෙම විෂය පිළිබඳව අවධානය යොමු කරයි. මතවාදී නිර්මාංශ අනුභව කරන්නන්ගේ ආහාර ගැනීමේ රටාව මතවාදයන් මත පිහිටා ඇති අතර ඔහු යථාර්තයෙන් සිතනවාට වඩා උද්වේගකාරීව මෙම විෂය පිළිබඳව කටයුතු කරයි. මිනිසුන් තම ආහාරය තෝරා ගැනීමේදී විවිධ හේතුන් පිළිබඳව අවධානය යොමුකරවන අතර එයින් ප්‍රධාන කරුණු පහතින් දක්වා ඇත්තෙමු.
1. ආගමික හේතු
2. භූගෝලීය හේතු
3. පුද්ගලික කැමැත්ත
4. මානව දයාව
5. පාරම්පරිකව පැවත එන හා පුද්ගලික චර්යාවන්
6. පාරසරික හා ආර්ථික හේතු
7. පෝෂණය
ඉහත කරුණු වලින් මිනිසුන්ගෙන් බහුතරය වඩාත් උද්වේගකාරී වන්නේ මාංශ අනුභවය පිළිබඳව ආගමික පදනමකින් යුක්තව කරුණු සාකච්චා කිරීමේදී බව අප අත්දැක ඇති සත්‍යයකි. ඉස්ලාමය මිහිතලය මත ජීවත්වන සියළු ජනයාට කිසිදු බාධාවකින් තොරව එකසේ අනුගමනය කළහැකි ඉගැන්වීම් අඩංගු විශ්ව දහමකි. එය එක් රටකට, එක් ප්‍රදේශයකට, එක් ජනකොට්ඨාශයකට, එක් යුගයකට, එක් ශිෂ්ටාචාරයකට, හෝ එක් සංස්කෘතියකට පමණක් සීමාවූ දහමක් නොවේ. දිය හිඟයෙන් යුත් කාන්තාරයේ කටුක දිවියක් ගෙවන කාන්තාර වැසියාට මෙන්ම වර්ෂයේ දින 365 ම හිම මත ජීවත්වන එස්කිමෝවරුන්ටද එකසේ පිළිපැදිය හැකි ඉගැන්වීම් එහි අඩන්ගුවී ඇත. බෝග වගාවට පහසුකම් නොමැති කාන්තාර වැසියාගේ ආහාරය සැපයෙන්නේ රට ඉඳි, කිරි, මාංශ, හා ඉතාමත් සීමිත බෝග වර්ගයන්ගෙනි. උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශ්‍රිතව ජීවත්වන එස්කිමෝවරු හා එයට ආසන්න රටවල්වල ජීවත්වන ජනයාට මාංශ අනුභවයෙන් තොර ජීවිතයක් ගැන සිතාබැලීමටවත් නොහැක. මාංශ අනුභවය හා එයට සම්බන්ධ ආහාරයට ගන්නා සතුන් කැපීම තහනම් කර තිබේනම් මෙම ප්‍රදේශයන්හි ජනයාට එම මතය නියත වශයෙන්ම වලංගු නැති සංකල්පයක් වනු නොඅනුමානය. ඉස්ලාමීය ඉගැන්වීම් මෙම ලෝක යථාර්තයට අනුකුල වනසේ සකස්වී ඇත්තේ සැබැවින්ම එය විශ්ව දහමක් වන හෙයිනි. ඉස්ලාමයට එරෙහි චෝදනා පමණක්ම නිවැරදිව අවබෝධකර ගත්විට එම දහමේ අන්තර්ගත ගැඹුරු සත්‍යය ලෝකයාට හඬනගා කියන්න්නක් බවට පත්වන ආකාරය මෙම කරුණු වලින් හෙළි නොවන්නේද?
මාංශ අනුභවයට අනුමැතිය පමණක් ඉස්ලාමය තුල ඇති අතර එය කොහෙත්ම අනිවාර්යය ක්‍රියාවක් ලෙස හෝ එයට කිසිදු දිරිගැන්වීමක් හෝ එම ඉගැන්වීම් තුල නොමැත. යහ මුස්ලිමයෙකු වීමට මාංශ අනුභවය කොහෙත්ම අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. නමුත් පටු චින්තනයක් තුල කොටුවී ලෝක යථාර්තය පිලිබඳව අවබෝධයකින් තොරව බොහෝවිට තම හෘදසාක්ෂියට එකඟ නැති අයුරින් කටයුතු කිරීමෙහි ඇති හරය කුමක්ද?
එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ (Food and Agriculture Organization – FAO/UN) 2010 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික ලෝක ඒක පුද්ගල මාංශ පරිභෝජනය (per capita consumption of meat) කි. ග්‍රෑ. 46.6 ක් වන අතර මත්ස්‍ය පරිභෝජනය කි. ග්‍රෑ. 17 ක් ලෙස දක්වා ඇත. බිලියන 6.9 ක් වූ ලෝක ජනගහනයෙන් මෙම පරිභෝජන දත්තයන් වැඩි කිරීමෙන් 2010 වර්ෂය සඳහාවූ මාංශ හා මත්ස්‍ය පරිභෝජන ප්‍රමාණයන් ලබාගත හැක.
මාංශ පරිභෝජනය = 6.9 X 46.6 = කි. ග්‍රෑ. බිලියන 321.54
මත්ස්‍ය පරිභෝජනය = 6.9 X 17.0 = කි. ග්‍රෑ. බිලියන 117.30
මෙම දත්තයන් අපට හඬනගා කියන්නේ කුමක්ද? මෙවන් විශාල මාංශ හා මත්ස්‍ය පරිභෝජනයක් වෙනුවට කෘෂි නිෂ්පාදන ආදේශ කරන්නට යෑමෙන් සිදුවන අතුරු අනිසි විපාක පිළිබඳව බුද්ධිමත් යමෙකුට සිතාබලන්නටවත් හැකියාවක් තිබේද? ඉතා පටු චින්තන රාමුවක් තුල කොටුවී දුර දක්නා දැනුමකින් තොරව ආවේගශීලීව කටයුතු කිරීම ලෝක යථාර්තයට සහමුලින්ම එකඟ නැති ක්‍රියාවක් බව ඕනෑම අයෙකුට පෙනී යායුතු සත්‍යයකි. සමස්තයක් වශයෙන් ලෝක යථාර්තය දෙස බලනවිට මාංශ හා මත්ස්‍ය අනුභවයෙන් තොර තත්වයක් අපේක්ෂා කිරීම පැහැදිලි මුලාවක් බව අපට ඉහත දත්තයන් හඬ නගා පවසයි.
කුහුඹියෙකුවත් අසාධාරණ ලෙස මරා දමන්නට ඉස්ලාමය තුල ඉඩක් නැත. එහෙත් සත්ව ඝාතනයෙන් තොර තත්වයක් අපේක්ෂාකිරීම යථාර්තවාදී, බුද්ධිමත් හා ප්‍රායෝගික සංකල්පයක් බව අපට නුතන තත්වයන් දෙස විමසුම් ඇසින් බලන විට පිළිගත හැකි වන්නේද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන් කර පමණක් ජීවත්වන්නට අප තීරණය කර ගත්තා යැයි මොහොතකට සිතමු. සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද කිරීමට අපට ඉඩකඩ තිබේද? තම ගෙවත්තේ ඉතා සුළු පරිමාණයේ ගොවි තැනක් පලිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහරවිට තිබිය හැක. මෙයත් අපගේ අත්දැකීම් අනුව සැමවිටම සත්‍යය වන තත්වයක් නොවේ. නමුත් මහා පරිමාණ කෘෂි ගොවිතැන සඳහා අනිවාර්යයෙන්ම පලිබෝධ නාශක යොදා ගැනීමේ අවශ්‍යතාවය අපි දැක ඇත්තෙමු. ගොවිතැනට හානි කරන කෘමීන් ගොවියා විසින් හඳුනාගැනීම පළමුව සිදුවේ. උන්ට ජීවයක් ඇති බව ගොවියා ඉතා හොඳින් දනී. උන්ගෙන් ගොවිතැනට සිදුවන හානිය අවබෝධ කරගන්නා ගොවියා උන්ව මරා දමන්නට චේතනාවක් ඇති කර ගනී. මේ සඳහා විවිධ උපක්‍රමයන් ගොවියා උපයෝගීකර ගනී. මෙම උපක්‍රමයන් මගින් කෘමීන් මරා දමා ඔහුගේ ගොවිතැන රැක ගන්නට ගොවියා ක්‍රියාකරයි. මෙයින් පැහැදිලිවන්නේ කුමක්ද? සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද සාර්ථක අන්දමින් කරගැනීමට අපට හැකියාවක් නොමැති බව නොවේද? මෙම ලෝක යථාර්තය ප්‍රතික්ෂේප කලහැක්කේ කවරෙකුටද?
අප රට විවිධ වසංගත රෝගයන්ට මුහුණ පා ඇත. 19 වන සියවසේ ආරම්භයේ ඇතිවූ මැලේරියා වසංගතයෙන් ජනගහනයෙන් කොටසක් මියගිය අතර රටවැසියන් මෙයින් ඉතා දුෂ්කර තත්වයකට පත්වූයේය. දැනට අප මුහුණපාමින් සිටින්නේ තවත් වසංගත රෝග රැල්ලකටය. ඩෙංගු හා චිකුන්ගුන්යා මුළු රටටම ඉතා විශාල අභියෝගයක් බවට පත්ව ඇත. ඩෙංගු වසංගතයෙන් මියයන සංඛ්‍යාව දිනපතා පුවත්පත් මගින් කියවනවිට අප පත්වන්නේ ඉතාමත් කම්පනීය තත්වයකටය. මෙම වසංගත රෝග බෝකරන විෂබීජ මිනිසාගේ ශරීරයට ඇතුලත් වන්නේ මදුරුවන් මාර්ගයෙනි. මෙම රෝගකාරක විෂබීජ ශරීරගත කරන මදුරුවන් මරා දමන්නට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විවිධ වැඩ සටහන් රටේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මදුරුවන් මරාදමන්නට අප ඉදිරිපත් නොවුනානම් සිදුවන විනාශකාරී තත්වය යමෙකුට සිතාබලන්නට බැරි තරම් බරතල හා භයානක එකක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත. මෙයිනුදු සනාථවන ලෝක යථාර්තය කුමක්ද? සත්ව ඝාතනයෙන් තොර ජීවිතයක් හෝ පැවැත්මක් මිනිසාට මිහිතලය මත නොමැති බව නොවේද? ඉස්ලාමයේ ඉගැන්වීම් විශ්ව යථාර්තය අනුව සකස්වී ඇති බව මෙයින් පැහැදිලිව සනාථවන සත්‍යයක් බව අපට පිළිගන්නට සිදුවෙනවා නොවේද?
නියුමෝනියාව, ක්‍ෂය රෝගය වැනි ආසාධනයන් ඇතිවූ විට අපට ප්‍රති ජීවක (Antibiotic) බෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවෙනවා. මෙම ප්‍රති ජීවක බෙහෙත් මගින් සිදු වන්නේ ශරීර ගතවී ඇති කෝටි ගණන් රෝගකාරක විෂබීජ නසා දමා අපට දිවි රැක ගැනීමට උපකාරීවීමයි. පරාණ ඝාතනය සැම තැන්හිම තහනම් හෝ වැරදියි යන අතාත්වික හා බුද්ධියට එකඟ නැති නිගමනයේ අප පිහිටා සිටියේ නම් කෝටි ගණන් ජීව නසා දමා අපගේ එක් ජීවිතයක් රැකගැනීමට කටයුතු කිරීම වැරදියි යන තත්වයට අපට පත්වන්නට සිදුවෙනවා නොවේද? කරුණාකර ආවේගශීලී නොවී විචාර බුද්ධිය මෙහෙයවා මෙම කරුණු ගැන සිතා බලන්න.
මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් මෙන්ම කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත්ද මිනිසාට තිබේ. ජීරණ පධ්දතියද මිනිසාගේ සකස්වී ඇත්තේ මාංශ මෙන්ම කෘෂි ආහාර ජීරණය කළහැකි වන අයුරිනි. මෙයිනුත් පෙනීයන්නේ ස්වභාවයෙන්ම මිනිසා සර්ව භක්ෂක සතෙක් බව නොවේද? සිංහ කොටි වැනි මාංශ භක්ෂක සතුන්ට තෘණ වර්ග ආහාරයට ගැනීමට හෝ එය ජීරණය කරන්නට හැකියාවක් නොමැත. එළුවන් ගවයින් බැටළුවන් වැනි තෘණ භක්ෂක සතුන්ට මාංශ අනුභව කොට එය ජීරණය කළහැකි ටත්වයක් නොමැත. ආහාර අනුභවය පිලිබඳව මිනිසාට ඇති සුවිශේෂී හැකියාව මෙයින් අපට අවබෝධ කරගන්නට හැකි වන්නේය.
මිනිසාගේ යහපත පිණිස විවිධ පර්යේෂණ වල යෙදෙමින් වෛද්‍ය විද්‍යාව උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග සිදුවී තිබේ. පරාණ ඝාතනය සම්පුර්ණයෙන්ම වැරදියි යන මතයේ අප එල්බ ගෙන සිටියේනම් වෛද්‍ය විද්‍යාව අදත් ප්‍රාග් ඵෙතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන්කළ නොහැකි තත්වයේ අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත.
සත්ව ඝාතනය පිලිබඳව අප සාකච්චා කිරීමේදී බොහෝවිට එයට විරුද්ධව අදහස් දක්වන්නන් කතාකරනුයේ ගවයින් කැපීමට එරෙහිවය. මෙයට හේතුව බොහෝවිට ශ්‍රී ලාංකික සංස්කෘතිය සමග ගවයා පිළිබඳව ඇති සම්බන්ධතාවය වියහැක. කුඹුරු ගොවිතැන, ප්‍රවාහන කටයුතු, සහ විශේෂයෙන්ම කිරි ලබාගැනීමේ ප්‍රධාන මගක් ලෙස පාරම්පරිකව උපකාරීවූ මෙම සතා ගැන බැඳීමක් ඇතිවීමද එක අතකින් සත්‍යයකි. බෙරයද ජාතික සංස්කෘතියේ කොටසකි. එයට සම් ලබාගන්නා එක් මගක් ලෙසද ගවයා දැක්විය හැක. මේවා හැරෙන්නට වෙනත් ආගමික හෝ සංස්කෘතික හේතුවක් නිසා මෙම මතය ගොඩනැගී ඇති බව කීමට කිසිම සාක්ෂියක් හෝ සාධකයක් නොමැත. ඒ අතරම මත්ස්‍ය හා අනෙකුත් මාංශ පිළිබඳව ඇති නිහැඬියාවද සැබැවින්ම මවිතකරය. ගවයින් එක්තරා වයසක් පසුකලවිට ගොවිතැන, ප්‍රවාහනය හෝ කිරිලබාගැනීම වැනි කටයුතු වලට ගත නොහැකි තත්වයක් උදාවන්නේය. මෙවන් තත්වයක් තුල බොහෝ විට සිදුවන්නේ ආර්ථික වශයෙන් තමන්ට බරක් බවට පත්වන මෙම ගවයින්ට ආහාර ලබාදීම හා අනෙකුත් වගකීම් වලින් තමන්ව ඉතා සියුම් ලෙස ඉවත්කර ගනිමින් “පින් ගොනා” යන නාමය මෙම ගවයින්ට ලබාදී ප්‍රදේශයේ සැමටම කරදරයක් වන අයුරින් ලිහා ඇරීමය. ඉන්දියාවේ එක් ප්‍රාන්තයක ගවයින් කැපීම සම්පුර්ණයෙන් තහනම් කොට වයෝවෘධ ගවයින් රැක බලාගැනීමේ වගකීම ප්‍රාන්ත රජය විසින් භාරගන්න ලදී. ඉතාම කෙටි කාලයක් තුලදී තමන්ගේ තීරණයේ වැරදි භාවය හා ප්‍රායෝගික නොමැතිකම තෙරුම්කරගත් ප්‍රාන්ත රජයේ වගකිව යුත්තන් තම ව්‍යාපෘතිය ඇත හැර දමන්නට තීරණය කළහ. තමන්ගේ අවශ්‍යතාවයට වඩා බෝවීම සිදුවන අවස්ථාවේදී අතිරික්ත ගවයින් සැබැවින්ම අයිතිකරුට ආර්ථික වශයෙන් විශාල බරක් බවට පත්වන බව අප සැම දන්නා කරුණකි.
ඉදිරිපත්කරන ලද සියළු කරුණු ඉතා සාවධානව හා උද්වේගයට පත්නොවී හෘද සාක්ෂියට එකඟව සිතා බැලීමේදී මාංශ අනුභවය ලෝක යථාර්තයක් බවට පත්වී ඇති බව තර්කයෙන් තොරව අපට පිළිගැනීමට සිදුවෙනවා නොවේද? මාංශ අනුභව නොකර සිටින්නට ඕනෑම අයෙකුට අයිතියක් ඇත. නමුත් කිසිම තර්කයකට එකඟ නැති, පදනම් විරහිත අයුරින් මෙය සටන් පාඨයක් කරගෙන කරන්නාවූ හිස් ක්‍රියාවන් කිසිම යහ පුරවැසියෙකු අනුමත කරණ ක්‍රියාවක් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ලොව අද පවතින සියළු ප්‍රධාන දහම් මාංශ අනුභවය අනුමත කරීමට ප්‍රධාන හේතුව මෙය ලෝක යථාර්තයක් බව පිළිගෙන ඇති නිසා බව වියහැක. මෙම සත්‍යය තත්වයට ඉස්ලාමය ඉදිරිපත් කරන නුතන විද්‍යාවට එකඟ තාවයක් ඇති මෙන්ම හිංසනයෙන් තොරවූ ක්‍රියා පිළිවෙත පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු. මේ සඳහා ජර්මනියේ පළවන සත්ව පාලකයින් හා විද්‍යාඥයින් අතර ජනප්‍රිය “German Veterinary Weekly” යන සඟරාවේ 85 වන වෙළුමේ 62-66 යන පිටුවල සඳහන් දීර්ග විස්තරයෙන් උපුටා ගත් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ජර්මානු සත්ව සුභ සාධන පනත (Animal Welfare Act of 24th July 1972) අනුව සතුන් පිළිබඳව ක්‍රියා කිරීමේදී උද්වේගයට වඩා විද්‍යාත්මක සාධක මත පදනම්වී කටයුතු කලයුතු බව සඳහන්වී ඇත. මෙම පනත අනුව හිංසනයෙන් තොරව සතුන් කැපීමේ විද්‍යාත්මක ක්‍රම වේදයක අවශ්‍යතාවය මතුකොට තිබිණ. මේ අනුව මහාචාර්ය W. ෂුල්ට්ස්, H. ෂුල්ට්ස්, A.S. හාසිම්, හා R. ග්‍රොස් යන විද්‍යාඥයින් විසින් ජර්මනියේ හැනොවර් විශ්ව විද්‍යාලයේදී විද්‍යාත්මක පර්යේෂණයක් පවත්වන ලදී. බටහිර දැනට භාවිතයේ ඇති සියළු ක්‍රමවේදයන් පිළිබඳව ඔවුන් විසින් පර්යේෂණ පවත්වා එමගින් මරණයට පත්වීමට පෙර සතාට විඳින්නට සිදුවන වේදනාවන් පිළිබඳව විද්‍යානුකුල තක්සේරුවක් කරගන්නා ලදී. මෙම ක්‍රමය තුලින් සනාථවූ ප්‍රධාන සාධක නම්, සතුන් විසාල ලෙස කලබලයට පත්වීම, විද්යුත් මෂ්තිස්ක රේඛය (Electro Encephalogram – EEG) අනුව සතුන් දැඩි වේදනාවකට පත්වීම හා හෘද ස්පන්දනය සැනින් නතරවී යෑම හේතුවෙන් ශරීරයෙන් රුධිරය ඉවත්වීම අවමවීම යන කරුණුය. මෙම කරුණු වලින් පෙනීයන්නේ සතාට දැඩි වේදනාවක් මෙන්ම සතාගේ ශරීරයෙන් රුධිරය පිටවීම අවම වීම හේතුවෙන් එම මාංශය සෞඛ්‍යට එතරම් හිතකර එකක් නොවන බවය.
මෙම පර්යේෂණයට විද්යුත් මෂ්තිස්ක රේඛය (Electro Encephalogram – EEG), විද්යුත් කන්තු රේඛය (Electro Cardiogram-ECG), රුධිර පීඩන මාපකය ආදිය ඇතුළුව තවත් සංකීර්ණ උපකරණ උපයෝගී කරගන්නා ලදී. විශේෂයෙන්ම EEG මගින් වේදනාවක් ඇතිවනවිට මොලයේ ක්‍රියාකාරිත්වයේ වෙනස මැනීමට හැකියාවක් තිබිණ. මෙම පර්යේෂණය ඉතා සංකීර්ණ තාක්ෂණික විස්තරයන්ගෙන් යුක්ත වුවක් වන අතර එමගින් සොයාගත් කරුණු පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. ඉස්ලාමීය පිළිවෙත අනුව සතුන් කැපීමේදී හලිවු කරුණු අනුව:-
1. ඉතා මුවහත්වූ පිහියකින් කැපීමේදී කැපීමට පෙර හා පසු EEG මානයේ එක සමාන කියවුම් දක්නට ලැබිණ. කැපීමේ කාලයේදී දක්නට තිබු සුළු ප්‍රතික්‍රියාව පහත සඳහන් අයුරින් විය. එළුවන් බැටළුවන් වැනි සතුන් සඳහා තත්පර 4 සිට 6 දක්වාද ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 10 ට වැඩි නොවන අයුරින් එම ප්‍රතික්‍රියා කාලය විය.
2. ශුන්‍ය රේඛානයක් EEG මානයේ එළුවන් හා බැටළුවන් සඳහා තත්පර 13 කට පසුවද, ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 23 කට පසුවද දක්නට ලැබිණ.
3. තාප වේදනා උත්තේජකයේ (Thermal Pain Stimuli) කිසිදු වෙනසක් දක්නට නොතිබිණ.
4. ගවයින් වැනි ලොකු සතුන් කැපීමෙන් තත්පර 40 කට පසු හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 240 දක්වාත් එළුවන් බැටළුවන් වැනි සතුන්ගේ හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 280 දක්වාත් වැඩිවිය. මෙසේ හෘදස්පන්දනය වැඩි වන්නේ සතාට ජීවය ඇති නිසා හෝ වේදනාව දැනෙන නිසා හෝ නොවන බව සොයා ගන්නාලදී. මෙයට හේතුව පහතින් දක්වා ඇත්තෙමු.
ඉහත නිරීක්ෂණයන් පදනම් කරගෙන පහත සඳහන් නිගමනයන්ට එලැඹීමට ජර්මන් විද්‍යාඥයින්ට හැකිවූ බව සඳහන් කොට තිබිණ.
1. ඉහත සාධකයන් අනුව නියමිත ආකාරයට කැපීම සිදුකළහොත් පිහිය තබා කපන තත්පර කිහිපයක ප්‍රතික්‍රියාව හැර අන් කිසිම වේදනාවක් දැරීමට සිදු නොවන බව විද්‍යාත්මකව ඔප්පුවිය. මෙසේ කිරීමේදී මොළයට රුධිරය සපයන ප්‍රධාන නාලයන් විසන්ධිවන හෙයින් මොළය අක්‍රිය තත්වයට පත්වන්නේය. ශරීරයෙන් මොළයට පණිවිඩ ගෙනයන නාල සියල්ල විසන්ධි වීම හේතුවෙන් සතාට වේදනාව දැනීමේ හැකියාව නැතිවී යන්නේය. ස්වාස නාලයද විසන්ධි වන හෙයින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාමෙන් සතා නිර්වින්දන තත්වයකට පත්වන්නේය.
2. කැපීමෙන් පසු හෘදස්පන්දනය ඉහළ යෑමට හේතුව මොළයේ ක්‍රියාකාරිත්වයකින් තොරව සිදුවන්නාවූ මාංශ පෙශීන්ගේ ප්‍රතීක (Reflex) ක්‍රියාකාරිත්වයක් බව සොයා ගන්නා ලදී. මේ හේතුවෙන් ශරීරය තුල ඇති රුධිරයෙන් ඇති විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට හැකියාව ඇතිවී තිබෙන්නේය.
3. අධික රුධිරය අඩංගු මාංශය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර නොවන හෙයින් රුධිරය බැහැර කිරීමේ ක්‍රියා වලියෙන් ඒ අයහපතද ඉවත්කර ගන්නට හැකියාව ඇතිවී තිබේ.
ඉහත විද්‍යාත්මක පර්යේෂණයෙන් සොයාගත් කරුණු වලින් ඉතා මැනවින් ඔප්පුවන්නේ ඉස්ලාමීය අනුමත ක්‍රමය හිංසනයෙන් තොරවූ හොඳම ක්‍රමය බවය. මේ අනුව අප විසින් නැවත වරක් අවධාරණය කළයුතු වැදගත් කරුණු කිහිපයක් ඇත්තේය.
1. ඉස්ලාමය මාංශ අනුභවය අනුමත කර ඇතත් එය අනිවාර්ය කාර්යයක් නොවන්නේය. මාංශ අනුභවයෙන් තොරව යහ මුස්ලිමයෙකු වීමට කිසිම බාධාවක් නොමැත.
2. සත්ව ඝාතනයෙන් තොරව මිහිතලය මත මිනිස් පරපුරක පැවැත්ම කොහෙත්ම සිදුවිය නොහැක්ක යන්න ලෝක යථාර්තයක් බවට පත්ව තිබේ. හෘදසාක්ෂියට එකඟව බුද්ධිය හා විචාරය මෙහෙයවා කරුණු විමසන්නෙකුට මෙම සත්‍යය අවබෝධ කර ගැනීමට කොහෙත්ම අපහසු තාවයක් නොමැත්තේය. නමුත් අන්ධ භක්තියෙන් කටයුතු කරන අයෙකුට නම් මෙය දුෂ්කර විය හැක.
3. සතුන් කැපීම අවශ්‍ය වූ විටක එය හිංසනයෙන් තොරව කිරීමට ඇති හොඳම ක්‍රමය ඉස්ලාමය අනුමත කොට ඇති පිළිවෙත බව විද්‍යාත්මකව ඔප්පු කර තිබේ.
සතුන් කැපීමේදී අනුගමනය කළයුතු තවත් වැදගත් චර්යාවන් පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ.
1. සත්වයාට හොඳින් ආහාර හා වතුර ලබා දීම.
2. කලබල කරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම.
3. පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබිය යුතුය.
4. කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු විය යුතුය.
5. කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කලයුතුය. සියළු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නාවූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.
6. කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කල යුතුය.
7. කැපීමෙන් ශ්වාස නාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යායුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.
8. එක් සතෙකු ඉදිරියේ තව සතෙකු නොකැපිය යුතුය.
9. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.
10. සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරු තාවයකින් නොසිටිය යුතුය.
11. කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යන්නට ඉඩ හැරිය යුතුය.
ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වන්නේය.
උලුහිය්යා
ඉස්ලාමීය දින දර්ශනයේ දොළොස් වන මාසය දුල් හිජ්ජා මාසයයි. හජ් නැමදුම ඉටුකරන්නේ මෙම මාසයේ ආරම්භක දින කිහිපය තුළය. මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය සනිටුහන් වන්නේ මෙම කාල වක වානුවේදීය. ඉබ්‍රාහිම් නබි තුමා (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) පෙන්වා දුන් මෙම අති ශ්‍රේෂ්ට පූර්වාදර්ශය සිහිපත් කරමින් දෙවිඳුන්ගේ අණට කීකරුවීමේ වැදගත්කම සිත්හි දරාගෙන දානමය ක්‍රියාවක මුස්ලිම්වරු මෙම මාසයේදී නිරත වෙති. සතෙකු කපා අසරණ හා දුගී ජනයාට මෙන්ම අසල්වැසි හා හිතවතුන්ට දානයක් ලෙස පිරිනැමීම උලුහිය්යා නම් ක්‍රියාව ලෙස සැලකේ. මෙය අල්තාරයක් හෝ පිළිරුවක් ඉදිරියේ කරන්නාවූ බිලි පුජාවක් හෝ බිලි දීමක් නොවන්නේය. ඉතාමත් පිරිසිදු චේතනාවෙන් දෙවිඳුන්ගේ නාමයෙන් පෙර පවසුවාක් මෙන් දුගීන්ට, අසරණයින්ට, යාචකයින්ට, අසල්වැසියන්ට හා නෑ හිතවතුන්ට ආහාරය පිණිස කරන්නාවූ දානමය ක්‍රියාවකි.
ඉස්ලාමයේ සියළු ක්‍රියාවන් මිනිසාගේ යහපත පදනම කරගෙන යහ චේතනාවෙන් දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා කරන්නාවූ ක්‍රියාවන් වන අතර එහි අන්තර්ගතයේ විද්‍යාත්මක හා යථාර්තවාදී පදනමක් නිරන්තරයෙන් දක්නට ඇත්තේය. ඉහත කරුණු වලින් පැහැදිලිවන තවත් සත්‍යයක් නම් ඉස්ලාමය තවත් දහමක් නොව එය සැබැවින්ම සියළු මනුෂ්‍ය අවශ්‍යතාවයන්ට නිසි මග පෙන්වන පරිපුර්ණ ජීවන සැලැස්මක් බවය.
ඉහතින් ඉදිරිපත්කල සියළු කරුණු සමස්තයක් වශයෙන් සමාලෝචනය කර බැලීමේදී ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳව මතුවී තිබු වැරදි අවබෝධයන් ඉවත්කොට එකිනෙකා අවබෝධ කරගෙන ජීවත්විය හැකි සාමකාමී හා සුහදත්වයෙන් යුත් සමාජයක් බිහිකිරීමට අප සැමට හැකිවේ යැයි ඉතා අවධාරණයෙන් යුක්තව විශ්වාස කරන්නෙමු. බහු සංස්කෘතික හා බහු ආගමික සමාජයක එකිනෙකාගේ විශ්වාසයන් හා මතයන්ට ගරු කරමින් තමාට යහ යැයි අවබෝධවන විශ්වාසයෙහි හා මතයෙහි පිහිටා ක්‍රියා කිරීමට ඇති නිදහස හා අයිතිය අත්‍යවශ්‍ය කරුණකි. අනවබෝධය හේතුවෙන් අප අන් අයගේ විස්වාශයන් හා ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑම් කරන්නට හෝ විවේචනය කරන්නට හෝ යෑමෙන් සිදුවන්නේ කාලාන්තාරයක් තිස්සේ පැවත ආ සුහදත්වය පළුදුවී එකිනෙකාගෙන් ඈත්වූ සමාජයක් ඇතිවීමය. මෙය රටේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට හිතකර පරිසරයක් ලෙස කොහෙත්ම සැලකිය නොහැක. අනවබෝධය හා ඉන් මතුවන අනර්ථකාරී වෛරය ඉවත්කොට සැමට සතුටින් එකට අත්වැල් බැඳගෙන සුහදත්වය හා මිනිසත්කම පදනම් කරගත් සමාජයක් ගොඩ නැගීමට අධිෂ්ඨානශීලීව එකට අත්වැල් බැඳ ගනිමු.
suban says:
Do you like to die if anybody follows the above steps to cut your neck.
Fathima… You say everything on asssumptions. Have you ever seen your god?
Have you ever seen he was writting this book quran?
Just because it was in your religious book do not believe. You need only your common sense to understand that nobody likes to die.
Your god should have to find another way to provide you food without killing and giving sane justifications. We know muslims follow the same steps to kill non- believers. But return you will get for killing and that’s nature. not a hidden power.
jahns tikkah says:
yes follow your ideas which forms you. according to your buddism human cannot live a singl minute. next minute he would have to die. because when we breath in, thousands of bacterias died instantly because of our body temperature. listen to sweet words but can any one follow? even you can’t do it.i think evryones attention on cow can be a copy from india which hidus regards as god, but for buddist its instigation from anagarika darmapal who braught this idea copied from hindus for the fame.
mumeeth mohamed says:
මාශා අල්ලා මෙවැනි ලිපි ලියන්න දෙයිර්ය ලැබේවා
romafour says:
@Suban,
Please read quran Sinhala translation and get to understand about islam . Do not raise silly argument like seeing god , quran written by god ,It seems you have no idea about Quran.
I can also same like yours
HAVE YOU SEEN BUDDHA
HAVE YOU SEEN HE IS GETTING NIRVANA
HAVE YOU SEEN HIS ENLIGHMNET
CAN YOU TELL WHAT DEED CAUSED TO MAKE YOU HUMAN AGAIN,IF YOU CANNOT THEN HOW DO YOU BELIEVE ETC , ETC
We can ask ton of question, but its not sense.
When you study Tripitaka the fundamental aspect of Buddhism not giving enough evidence prove its ideology , But Islam giving strong evidence for its ideology
STUDY RELIGION ITS SOURCE BOOK YOU WILL FIND THE TRUTH
prabath pathirana says:
ප්‍රාණ ඝාතය අකුසලයක් වන්නේ එම සත්වයා ප්‍රාණියෙක් බව දැන ද්වේශ සහගත සිතින්, මැරීම සඳහා උපක්‍රම යොදා ඝාතනය සිදුකිරීමෙනි. උදාහරණ ලෙස ඔබ ඇවිද යන විට ඔබ නොදැනීම කූඹියෙකු පෑගී මිය යාම ප්‍රාණ ඝාතය නොවේ. නමුත් ආහාර පිණිස හෝ ආරක්ෂාව පිණිස හෝ දැන දැන සතුන් මැරීම අකුශලයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කිනම් හේතුවකට හෝ දැන දැන සතුන් මැරීම අකුශලයක් බවයි.
මෙහිදී මාංශ අනුභවය මීට අදාළ වන්නේ එම සත්වයා තමා පිණිසම ඝාතනය කලේනම් පමණි. එසේ නොමැති විට මියගිය සත්වයෙකුගේ මාංශ යනු හුදු කුණු ගොඩක් මිස තව දුරටත් ප්‍රාණියෙකු නොවේ.
ඔබ ගියත් නැතත් මස් හෝ මාළු විකුණන වෙළඳ සැලකින් මිලදී ගැනීමෙන් ඔබ ප්‍රාණඝාතයට අසු නොවේ. නමුත් එම සතා මරපු පුද්ගලයා අනිවාර්යයෙන්ම එම අකුශලය රැස් කර ගනියි. ඔහු සතා මරන්නේ හොඳින්ම දැනගෙන ද්වේශ සිතින් මුදල් ඉපයීම වෙනුවෙනි. ඔහු බෞද්ධ හෝ මුස්ලිම් හෝ වෙනයම් කෙනෙකු කියා නැත.
දෙවන කරුණ නම් පන්සිල් ගත් පමණින් අකුසල් දුරු නොවේ. මෙය මුස්ලිම් වැනි ආගම් වල ඇති පව් සමා කිරීම වැනි දෙයක් නොවේ. ඔබ ශීලයේ පිහිටියේ නම් ඔබ එය ආරක්ෂා කලොත් කුසල් ඇති වේ. නැති නම් නැති වේ. එක් අයෙක් ඉතාම බොළඳ ලෙස ද්වේශ සිතින් තර්ක ඉදිරිපත් කර තිබුනා හමුදාවන් සම්බන්ධව. එහිදීත් කීමට ඇත්තේ ඔවුන් කුමන අරමුණෙන් එම ඝාතන කලද අකුසල් සිදුවන බවයි. එක් අකුසලයකින් දෙව් ලොවද අපායද යන්න තීරණය කරන ප්‍රාථමික ඉගැන්වීම් සහිත වූවක් නොව බුදු දහම.
ඔබ ප්‍රශ්න කරන්නේ අවංකවම දැන ගැනීමේ වුවමනාවෙන් නම් කියව ඉගෙන ගන්න. බුදු දහම “ඒහි පස්සික” වෙයි. එනම් දැන ගන්න දැන ගන්න ප්‍රත්‍යක්ෂ වෙයි.
නමුත් ඔබේ වුවමනාව තර්ක කිරීමෙන් බෞද්ධයාට ප්‍රහාරයක් එල්ල කිරීම නම් එය එතරම් ප්‍රොයෝජන නොවනු ඇත. කෙසේ වෙතත් ඔබට සිතෙයි නම් බුද්ධ දර්ශනයේ අඩුපාඩු ඇත, බෞද්ධයන්ට ඒවාට පිළිතුරු දිය නොහැක කියා, එසේ වන්නේ දර්ශනයේ අඩුපාඩුවක් නිසා නොව දර්ශනය ගැන දැනුම ඔබට මෙන්ම බෞද්ධ හුඟ දෙනෙකුට අඩු නිසාය. ඉස්ලාම් ක්‍රිස්තියානි වැනි දර්ශන සියල්ල එකතු කලත් තිබෙන අන්තර්ගතය (content) මෙන් සියගුනයක් බෞද්ධ ධර්ම කොටස් පවතී.
ඔබ කෙරේ අනුකම්පාවෙන්,
ප්‍රභාත්
Anver Manatunga says:
උපුටා ගැනීම
ඔබ ගියත් නැතත් මස් හෝ මාළු විකුණන වෙළඳ සැලකින් මිලදී ගැනීමෙන් ඔබ ප්‍රාණඝාතයට අසු නොවේ. නමුත් එම සතා මරපු පුද්ගලයා අනිවාර්යයෙන්ම එම අකුශලය රැස් කර ගනියි. ඔහු සතා මරන්නේ හොඳින්ම දැනගෙන ද්වේශ සිතින් මුදල් ඉපයීම වෙනුවෙනි. ඔහු බෞද්ධ හෝ මුස්ලිම් හෝ වෙනයම් කෙනෙකු කියා නැත.
උපුටා ගැනීම අවසන්
මස් කඩේ හෝ මාළු කඩේ මුදලාලි වෙලදාම කරන්‍නේ ගැණුම්කරුවන් සිටින බැවිනි. ඔවුන් සතුන් මරන්නේ ගැණුම්කරුවන් උදෙසාය. ගැණුම්කරුවන් නොමැති නම් මස්/මාළු මරන්නන්ට සතුන් මරන්න පිස්සුවක් නැත. ඔවුන් කරන්නේ රැකියාවකි.
ඔබගේ දහමින් මස් මාළු විකුණන තැනකින් ඒවා ගත්තාට පව් නැහැ කිව් පමණින් එය ප්‍රායෝගික වන්නේ නැත. වෙලදපොලේ ඉල්ලුමක් නැත්නම් සැපයුමක් ඇති වන්නේ නැත. සතුන් මැරෙන්නේද නැත.
අපට ඔබලා සමග තර්ක කර කර ඉන්න කිසිදු අවශ්‍යතාවයක් නැත. නමුත් ඔබලා අතර සිටින ආගම්බේධවාදී කැණහිළුන් නිතරම මාංශ ප්‍රශ්නය ඇදගෙන අන්‍යආගමිකයන්ට පහර ගසති. එවිට අපිට පිළිතුරු දීමට සිදුවේ. මාංශ ප්‍රතිපත්තියෙහි දහමෙහි ඇති අප්‍රායෝගිකත්වය පෙන්නා දුන්නේ ඒ නිසයි.
mumeeth mohamed says:
අන්වර් මත්මයානනී..මානොදන්නා කමට අසමි මේ අන්ය ආගමික උදව්ය සමග ඔබ සාදාරන තර්ක ඉදිරි පත්කරති…මෙයට සාදාරන සුගතියක් තිබේද
Anver Manatunga says:
අන්තවාදීන් විසින් ඔවුන් තුල වපුරවන නිශ්ඵල තර්ක වලට මෙහිදී අප විසින් පිළිතුරු දෙන්නෙමු. මේ නිසා ආගම්බේධවාදීන්ගේ අරමුණු වලට ප්‍රතිරෝධයක් එල්ල වේ. නමුත් මෙම ප්‍රතිරෝධය පමණක් නොසෑහේ. තව අය බිහිවී මෙම කටයුත්තට දායක විය යුතුය.
Gamini says:
මේ කතාව මමද අනුමත කරමි…..නියම බවුධ්දයා මස් මාළු පරිබෝජනය නොකරයි!
Gamini says:
අන්වර් මහතා බවුද්දයෙක් ලෙස උපන් නිසා, බොදු පිළිවෙත් ගැන අමුතුවෙන් කිව යුතු නැත……..නියම බොදු ගොවියා කිසිම විටෙක හරකෙකු මසට නොවිකුනයි…..වයස් ගතවන ගවයාට දෙමාපියනට මෙන් සලකයි……මගේ පියාණන් විසින් මිය යන ගවයන් සුදු වස්ත්‍රයක් සහිතව ගවුරවයෙන් යුක්තව ආගමනුකුලව භුම දානය කරන අයුරු මගේ සියසින් දැක ඇත……අන්වර් මහතාණෙනි, මුස්ලිම් ආගමානුකුලව මත්පැන් බොන මිතුරන් මට බොහෝ සිටින්නා වගේම ගව මස් කන බවුධ්දයන් ද සිටි…..නමුත් මා මෙන් මස් මාංස නොකා බොදුනුවෙක් ලෙස ජිවත් වන ය අනන්තය…..
Anver Manatunga says:
ඔබ ගවමස් නොකන කෙනෙක් බව ඇසීම සතුටුයි. නමුත් ගවමස් පමණක් කන්න එපා කියන එක බුදු දහම නෙමෙයි. අනික බුදුරජාණන් වහන්සේ පවා ගවමස් වලදා ඇති බව මා විසින් සාධක සහිතව මෙම අඩවියේ පලකර ඇත. ඔබ ගවමස් නොකන්නේ බුදුරජාණන් වහන්සේට වඩා හොද වන්නටදැයි නොදනිමු. නමුත් මුහම්මද් නබිතුමාණන් නම් ගවමස් අනුභව කර නැත.