මුස්ලිම් වරුන්ට පහර ගැසීමට සැමවිටම පුලපුලා බලා සිටින ආගම්බේධ වාදීන් විසින් මේ දින වල රමදාන් උපවාසයද ඉලක්ක කර ඇති බැව් දක්නට ලැබේ. ඔවුන් මෙසේ දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කරන්නේ අනි කිසිදු හේතුවක් නිසා නොව ඊර්ෂ්‍යාව නිසා ඉතා පැහැදිලි කරුණකි. ඔවුන් රමදාන් මාසයත් වෙසක් පෝය දිනත් සංසන්ධනය කරන්නට හදන්නේ ඒ නිසයි. වෙසක් පොහොය යනු එක් දිනකි. රමදාන් යනු දින 30ක් හෝ 29 කි. මෙසේ දින 30 කට ආසන්න කාලයක් පවත්වා ගෙන යන උතුම් කර්තව්‍යයකට මඩ ප්‍රහාර එල්ල කිරීම නින්දිතය.
නමුත් මොවුන් මෙවැනි මඩ ප්‍රහාර එල්ල කිරීම මවිතය දනවන්නක් නොවේ. මෙය ඔවුන්ගේ ස්වභාවයයි. මොවුන් සිතා සිටින්නේ එමගින් බුදු දහම තවත් ශක්තිමත් වේ කියායි. නමුත් මෙමගින් සිදුවන්නේ දහමෙහි ප්‍රතිරූපය තව තවත් පරිහානියට පත් වීමයි. බුදු දහම ආරක්ෂා කර ගැනීමට නම් කළ යුත්තේ දහමෙහි ගුණාංග ඉගෙන, ඒවා තව තවත් තම ජීවිතයට උකහාගෙන, දැහැමි දිවි පෙවෙතක් ගත කරමින්, ඉන් තමන්ට ලැබෙන ආධ්‍යාත්මික ගුණයක් වේ නම් එය අන් අය සමග බෙදා ගැනීමයි. නමුත් අප මේ අයගේ ක්‍රියාවන් වලින්, ලියන භාෂා ශෛලියෙන් අපට දක්නට ලැබෙන්නේ අධ්‍යාත්මික ගුණයන් නොව නුගුණයන්මය. මෙවැනි අය දකිද්දී දහමක් කෙරෙහි අළුතෙන් කෙනෙක් කෙසේ ආකර්ශනය වන්නද?
රමදාන් යනු ඉස්ලාමීය කැලැන්ඩරයේ නමවැනි මාසයයි. ඉස්ලාමීය කැලැන්ඩරයේ අට වන මාසය එනම් ෂාබාන් මාසය අවසානයේ නව සඳ දැකීමෙන් රමදාන් මාසය ආරම්භ වේ. මුස්ලිම් වරුන්ට මේ මාසය ඉතාමත් වැදගත් වන්නේ අල්ලාහ් විසින් මිනිසා වෙත ශුද්ධවු අල්-කුර්ආනය පහල කිරීම අරඹා තිබෙන්නේ මේ මාසයේදී වීමයි. අනෙක් කාරණය නම් අල්ලාහ් විසින් මුස්ලිම් වරුන්ට නියම කරන ලද මූලික වත්පිළිවෙත් පහෙන් එකක් වන සව්ම් හෙවත් උපවාසය මේ මාසයට යෙදී තිබීමයි. ඒ නිසා මුස්ලිම් වරුන් විසින් මේ මාසය තුල උපවාසයේ යෙදෙති. එමෙන්ම මුස්ලිම් වරුන් විසින් මේ මාසය තුල අනෙකුත් සියළුම මාසයන්ට වඩා කුසල් කිරීමට ප්‍රමුඛතාවයක් දක්වති.
මේ මාසය ඇත්තටම මුස්ලිම් වරයෙක්ගේ ආධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කරන්නාවු මාසයක් ලෙසද හැඳින්විය හැක. මන්දයත් වසරකට වරක් මෙසේ දැහැමි කටයුතු වලට පූර්ණ අවධානය යොමු කරන මාසයක් තිබීමෙන්, දහම කෙරෙහි අපගේ අවධානය වඩ වඩාත් තියුණු වෙයි. මේ නිසා දහම කෙරෙහි භක්තිය, දෙවිඳුන් කෙරෙහි ලැදියාව දියුණු වීම නිරායාසයෙන්ම සිදුවන දෙයකි. අනෙක් අතට මේ මාසය ඒකාකාරීව ගලා යන්නාවු වසරේ අනික් මාස වලට නැවුම් අත්දැකීමක් ලබා දෙන මාසයක් ලෙසද කිව හැක. වසරකට වරක් ආධ්‍යාත්මය නැවුම් කර ගනිමින්, නව අධ්‍යාත්මික ඉලක්කයන් කරා යාමට රමදාන් මාසය මනා පිටුවහලක් වේ.
මුස්ලිම් වරයෙක් විසින් රමදාන් මාසයේ සෑම දිනකම ඉතා අළුයම අවදි වී, පිරිසිදු වීමෙන් පසුව අහර කිස අවසන් කරයි. රමදාන් කාල සටහන අනුව මේ දිනවල නම් සාමාන්‍යයෙන් අළුයම 4.30 පමණ වන විට එය අවසන් කළ යුතුය. ඉන් පසුව දිනයේ මුළු එලිය වැටී තිබෙන කාලය තුරාවටම ආහාර ගැනීම, පානයන් ගැනීම සහ විවාහ ලිංගික සම්බන්ධතාවන් වලින් වැලකී සිටිති. උපවාසය අවසන් කර නැවත ආහාර ගැනීම සිදු කරන්නේ ඉරු අවරට ගිය පසු කරන්නාවු මග්රිබ් හෙවත් සංධ්‍යාකාල නැමදුමට පසුවය. මේ දිනවල නම් සංධ්‍යාකාල නැමදුම පැමිණෙන්නේ සවස 6.30 පමණ කාලයේය. සංධ්‍යා කාල නැමදුමට පල්ලියේ අදාන් (කැඳවුම) කියන විටම මුස්ලිම් වරයා විසින් ඒ දිනයේ උපවාසය අවසන් කරති.
සාමාන්‍යයෙන් ඕනෑම රටක මුස්ලිම් වරයෙක් උපවාසය අවසන් කිරීම සඳහා යොදා ගන්නේ රට ඉඳි ස්වල්පයක් සමග වතුරයි. එය සුන්තයක් හෙවත් නබි ආදර්ශයක් බව පැවසේ. වෙනත් ආහාරයක් ගන්නේ ඉන් පසුවයි. රට ඉඳි සහ වතුර යනු උපවාසය අවසන් කිරීමට වඩාත් සුදුසුම මග බව නූතන වෛද්‍ය වරුන්ද පවසති. අප වැනි රට වලට පැමිණෙන රට ඉඳි පැණි සමග මිශ්‍රව තිබෙන බැවින් ඒවා රුධිරයේ සීනි අධික අය ආහාරයට ගැනීම නුසුදුසුය. නමුත් පැණි මිශ්‍ර නැති රට ඉඳි ස්වල්පයක් භාවිතා කිරීමෙන් ඔවුන්ටද හානියක් නැත. මැද පෙරදිග රටවල නම් නැවුම් රට ඉඳි Fresh Dates ඇත. එමෙන්ම මදක් ඉදී අමු රට ඉඳි ද ඇත. මේවා රසවත් මෙන්ම සෞඛ්‍යටද වඩාත් හිතකරය.
සාමාන්‍යයෙන් මෙහිදී මුස්ලිම් වරයෙක් විසින් බඩ පිරෙන්න ආහාර ගත්තේ නම් එතැන් පටන් ඒ දිනයේ අන් කිසිදු දෙයක් කළ නොහැකි තත්වයට පත්වේ. ඒ නිසා බොහෝ අය උපවාසය අවසන් කර ආහාර ගන්නේ ඉතා ස්වල්පයකි. ඉන් පසුව රාත්‍රී කාල නැමදුමත් රාත්‍රියේ නින්දට පෙර තරාවීහ් නමින් උපවාස කාලයට පමණක් සුවිශේෂී රාත්‍රී කාල නැමදුමක්ද ඇත. මේ නැමදුමටද පැය භාගයක් පමණ ගතවේ. උපවාසය කාලයේ මුස්ලිම් වරයෙකුගේ දිනය අවසන් වන්නේ එසේය. මීට අමතරව බොහෝ අය රාත්‍රී කාලයේ අවදිව සිටිමින් නොයෙකුත් වෛකල්පිත නැමදුම් සහ අල්-කුර්ආනය සජ්ජායනා කිරීම්ද කරනු ලබන නමුදු ඒවා අනිවාර්ය වත්පිළිවෙත් ගනයේලා සැලකෙන්නේ නැත.
මා අත්දැකීමෙන්ම දන්නා පරිදි මුස්ලිම් වරයෙක් උපවාස කාලය තුල ගන්නාවු ආහාර වේල් දෙකින් වැඩියෙන් අවධානය යොමු කරන්නේ අළුයම ගන්නාවු ආහාර වේලයි. මන්ද මුළු උපවාස කාලයම කුසගින්නේ සිටීමට සිදුවන බැවිනි. ඒ නිසා ලංකාවේ බොහෝ දෙනෙක් මෙම ආහාරයත් සමග මුදවපු කිරි වැනි පෝෂනීය යමක්ද එක් කිරීමට අමතක නොකරති. එමගින් උපවාස සමයේ වැඩි වන ශාරීරික උශ්නත්වයද සමනය වේ. මෙහිදී මා අත්දැකීමෙන්ම දන්නා විශේෂ දෙයක් නම් කිසියම් කෙනෙකු මට දවස පුරාම උපවාසයෙන් සිටිය යුතු නිසා යැයි සිතා කුස පිරෙන්න ආහාර ගත්තා නම් ඔහුට උපවාස කාලය ඉතා අපහසු වේ. මන්ද බර ආහාර වේලකට පසුව පිපාසය තදින් දැනෙන බැවිනි. මේ නිසා උපවාස කාලය තුල කුඩා ආහාර වේලක් ගැනීම සියළු දේටම යහපත්ය.
සාමාන්‍යයෙන් ලාංකික බොදුනු, හින්දු සහ කිතුණු සමාජයන්ට වඩා මුස්ලිම් වරුන් අතර මධ්‍යපාන ප්‍රතිශතය ඉතාමත් අඩු අගයක් ගනියි. මවිතය දනවන කරුණක් නම් මුස්ලිම් වරුන් අතර මධ්‍යපානය කරන්නන්ද උපවාස කාලය තුල එයින් වැලකී සිටීම දක්නට ලැබීමයි. දුම්පානය කරන්නන්ද එසේමය. නමුත් දුම්පානය සහ මධ්‍යපානය මුස්ලිම් වරුන්ට හරාම් හෙවත් සපුරා තහනම් කළ දෙයක් බවද මෙහිදී ඔබට පැවසිය යුතු කරුණකි. මේ නිසා උපවාස සමය යනු කිසියම් නරක පුරුද්දක් ඇති අයට එය අවසන් කිරීමටද මහෝපකාරී අවස්ථාවක් වේ. කෙනෙක්ට යහපත් වීමට සහ ගුණ දහම් සියදිවිය තුල වඩවා ගන්නට නම් උපවාසය යනු ඉතාමත් යහපත් අත්දැකීමක් බව මගේ අත්දැකීමයි.
උපවාසය යනු ශරීරයටද ඉතාමත් හිතකර එකක් වේ. ගැස්ට්‍රයිටීස් වැනි රෝග තිබෙන අය උපවාස සමයේ ඉතා අළුයම ආහාර ගන්නා බැවින් ඔවුන් උපවාස කළද ඉන් යහපතක් මිස හානියක් නොවේ. එමෙන්ම ඔවුන්ට මෙහිදී ආබාධයක් ඇති නොවීමද මවිතය දනවන සුළුය. අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් ඇති අය උපවාස සමයේදී ආහාර ගැනීම සීමා කරන්නට සිදුවන නිසා ඔවුන්ටද උපවාසයෙන් සිදුවන්නේ ඉතා යහපතකි. මන්ද එයින් ඔවුන්ගේ සිරුරට කොලෙස්ටරෝල් ඇති වීම අවම වන බැවිනි. නිරෝගී කෙනෙකුට වුවද වසරකට වරක් මෙසේ උපවාස කරන විට ශරීරයට නැවුම් අත්දැකීමක් ලැබේ. දිනෙන් දින ස්ථූල වන අයට උපවාස සමයේ ස්ථූල බව අඩුකර ගැනීමට අවස්ථාවක්ද ලැබේ. එමෙන්ම මෙමගින් ආහාර ජීර්ණ පද්ධතියටද විරාමයක් ලැබෙන අවස්ථාවක් ඇති වේ.
උපවාස සමයේ ඇති අනෙක් සුවිශේෂී තාවය නම් දන් දීමට ඇති ප්‍රවණතාවයයි. මුස්ලිම් වරයෙක් වශයෙන් දන් දීම තුල කුසල් හිමි වන බව ඉස්ලාමයේ පැවසේ. එමෙන්ම රමදාන් මාසයේදී දන්දීමෙන් ලැබෙන කුසල ඊටත් අධික බවද නබි වදන්හි පැවසේ. මේ නිසා මුස්ලිම් වරුන් රමදාන් මාසයේදී අනෙක් මාස වලටත් වඩා දානමය පුන්‍ය කර්මයන්හි නිරත වේ. රමදාන් මාසය යනු දිළිඳුන්ට දන් දෙන මාසයක් නිසා මේ කාලයේ මුස්ලිම් සමාජයේ දිළිඳු අයටද ඉතාමත් ප්‍රීතිමත් කාලයකි. එමෙන්ම ධනවත් මුස්ලිම් වරුන්ට අනිවාර්ය වගකීමක් වන සකාත් (හෙවත් දිළිඳු සහ දුගී මගී අයට දිය යුතු) බද්ද ද දිළිඳුන්ට දීමට බොහෝ මුස්ලිම් වරුන් යොදා ගන්නේ රමදාන් මාසයයි. මේ නිසා රමදාන් මාසය යනු දිලිඳු මුස්ලිම් පවුල් අතත් මුදල් යහමින් ගැවසෙන මාසයකි.
රමදාන් මාසය අවසන් වන මුස්ලිම් වරයෙක් විසින් කළ යුතු තවත් පිළිවෙතක් ඇත. එනම් ෆිත්ත්‍රා දානයයි. ෆිත්ත්‍රා දානයේදී කරන්නේ පවුලේ සාමාජිකයන් ගණන අනුව එක්කෙනෙක් වෙනුවෙන් ධාන්‍ය කිලෝ 2.5 පමණ වන පරිදි දිළිඳුන්ට ලබා දීමයි. සාමාන්‍යයෙන් පවුලේ සිව් දෙනෙක් සිටිනවා නම් ධාන්‍ය කිලෝ 10 දිය යුතුය. මෙයට නිශ්චිත ධාන්‍යයක් නම් කර නැති නිසා ලංකාවේ මුස්ලිම් වරුන් දන් දෙන්නේ ලංකාවේ ප්‍රධාන ධාන්‍ය වර්ගය වන සහල්ය. වර්තමාන මුස්ලිම් සමාජයේ අති බහුතරයක් විසින් මෙම පුණ්‍ය කර්මය ඉටු කරන නිසා දිළිඳු මුස්ලිම් ගෙවල් වල මේ දින වලදී හාල් කිලෝ හැට හැත්තෑවක් තිබීම සාමාන්‍ය දෙයකි. සමහර දිළිඳු අය එම සහල්ද විකුණා තම අවශ්‍යතාවන් සපුරා ගනිති. එයට දහමින් බලපෑමක් නැත.
රමදාන් උපවාසය තුලින් ධනවත් පුද්ගලයාටද දිලින්දාගේ කුසගින්නේ ස්වභාවය අවබෝධ වේ. ඒ නිසා දිළිදුන්ටහද පත්ලෙන්ම උපකාර කිරීමට ධනවතාට හැකිවේ. එමෙන්ම අප කිසි දිනක අප දුක් විද ඇතිමුත් අපේ දරුවන්ව කුස ගින්නේ නොතබමු. ඒ නිසා දරුවන්ට කුසගින්නේ වේදනාව දැනෙන්නට අවස්ථාවක් නැත. නමුත් රමදාන් උපවාස ශීලයෙන් දරුවන්ටද කුස ගින්න දරා ගැනීම සදහා ජීවිතයට පන්නරයක් ලැබේ. ඔවුන්ද දිළින්දාගේ වේදනාව හදුනා ගණිති.
රමදාන් මාසයේ දින 29 හෝ 30 අවසන් වු පසුව ඊලඟට එළඹෙන මාසයේ පලමුවන දින මුස්ලිම් වරුන්ට ඊද් නම් උත්සවය උදාවේ. ඊද් යනු මුස්ලිම් වරයෙක්ට වසරේ ඉතා ප්‍රීතිමත්ම දිනයකි. මේ දිනයේ උදෑසනම අවදි වන මුස්ලිම් වරයා විසින් අළුයම නැමදුම අවසන් වු පසුව නිවසට පැමිණ නැවත අළුත් වස්ත්‍රයක් හැඳ ඊද් නම් වු විශේෂ නැමදුම ඉටු කිරීමට සාමුහික නැමදුම් කරන ස්ථානයකට යති. එසේ ඊද් නැමදුම අවසන් කළ පසුව එකිනෙකා සුභපතා ගනිති. ඉන් අනතුරුව නිවසට ගොස් රස කැවිලි අනුභව කිරීම් සහ ආහාර ගැනීම් සිදු කරති.
මෙහිදී මා හට පෙර දහම් දෙකකම අත්දැකීම් අනුව දන්නා කරුණක් නම් දුප්පත් පොහොසත් සියළු දෙනාම ඉතාමත්ම සතුටින් අවුරුදු සැමරීම යහමින් සිදුවන්නේ මුස්ලිම් සමාජයේ බවයි. බොදුනු සමාජය තුල නව වසරේදී දිළිඳුන්ගේ අතමිට සරුවන මගක් නොමැති නිසා ඔවුන්ට බොහෝ විට නව වසර සමරන්නට සිදුවන්නේ ණය වීමෙනි. කිතුණු සමාජයේද තත්වය මෙසේමය. ඔවුන් නත්තල් දින දේව මෙහෙයට ගොස් අවසන දිළිඳු අයටද “සුභ නත්තලක්!” යැයි සුභ පැතුවද ඔවුන් කෙසේ අවුරුදු සමරන්නේදැයි කිසිදු අවධානයක් යොමු නොකරති.
ලංකාවේ අනෙකුත් ජන සමාජ වලට වඩා මුස්ලිම් වරුන් අතර මා දුටු ඉතාමත්ම සුවිශේෂී කරුණ නම් ගිණිකෙලි වැනි අනවශ්‍ය දේට කරන වියදම් ඉතාමත් අවම වීමයි. එමෙන්ම මත්පැන් සාද වැනි දේද ඉතාමත්ම අඩු අගයක් ගනියි. මේ නිසා අපේ රටේ හදිසි අනතුරු වාර්තා වලට අනුව මුස්ලිම් වරුන්ගේ ඊද් උත්සව දිනයේ සිදුවන හදිසි අනතුරු සංඛ්‍යාව සිංහල හා හින්දු අළුත් අවුරුද්දටත්, කිතුණු නත්තල් දිනයටත්, හින්දු තෛපොන්ගල් දිනයටත් වඩා හදිසි අනතුරු සංඛ්‍යාව ඉතාමත්ම අවම අගයක් ගනියි.
මා ඉහත කී කරුණු දෙක අරබයා නම් ආගම්බේධවාදීන්ට තරහා යනු නොඅනුමානය. නමුත් බහුතර යහපත් බොදුනු, කිතුණු සහ හින්දු ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මුස්ලිම් වරුන් විසින් කරන්නාවු මෙවැනි යහපත් දේ ගැන විමසා බලා ඒවා ඔබගේ සමාජයේද ඇති කර ගැනීමට උනන්දු වන ලෙසයි. මෙසේ නොකර ද්වේශ සහගතව වෛරයෙන් තවදුරටත් මුස්ලිම් වරුන්ගේ නුගුණම සෙවීමෙන් සිදුවන්නේ තමන්ගේ සමාජයේ පරිහානිය තව තවත් වේගවත් කර ගැනීමයි.



Mawahib says:
Fasting is a Scientific Miracle – I
Allaah The Almighty Says (what means): {O you who have believed, decreed upon you is fasting as it was decreed upon those before you that you may become righteous.} [Quran 2:183] In this Noble Quranic verse, Allaah The Almighty tells us that He has ordained fasting and made it an established norm common to all generations of human beings. History books report that the Persians, Romans, Indians, Greeks, Babylonians and ancient Egyptians would fast and consider that a good deed. Jews and Christians also used to fast – and still do – even though it is done in different forms that they have innovated, thereby deviating from its true meaning.
All living beings except man were made by Allaah The Almighty to live according to a balanced law to obtain their needs of food and nothing more. An animal’s appetite for food is always related to its real need for it, or the purpose for which it has been subdued. For example, an animal may abstain from having food for a long time, as shown when some animals hibernate, or obtain food at far intervals, as shown in some kinds of snakes, or refrain from food during periods of disease, injury or fracture, as is the case with horses, dogs, cats or so on, or at the time of journeying, emigration or procreation as is the case with salmon, some birds and mammals.
But man is different. He has been endowed with will and freedom of choice. Thus, his appetite for food may not be connected with his real need for it. He gets of it what is beyond his need, especially when it is available in various forms and kinds. Man in this age – as stated by one scientist – does not eat because he is hungry but rather to satisfy his appetite for food. The surplus food then accumulates in his body and leads to severe troubles in its different components, and the poisons of nutrients are stored in its tissues, resulting in imbalance, diseases and defects.
The dangers and risks resulting from consuming food in great quantities irregularly and without criterion have become an indisputable fact. According to one scientist, “It is certain that getting different kinds of food in succession, that is, to have one kind of food straight after another, overburdens the body’s metabolism. Getting rid of this habit will, necessarily, reduce the secretions of the digestive system hormones and insulin in great quantities, which preserves the health of the body and maintains for man a longer and better life. Research confirms that lab rats which eat every other day live 63 weeks longer than those allowed to eat whenever they want, and they are more active during the final weeks of life.”
With the beginning of the age of scientific renaissance in Europe, scientists began to call upon people not to consume excessive amounts of food, nor to excessively indulge in pleasures, and rather suggested fasting in order to reduce this. One of them addressed his people saying, “O poor miserable Italy! Do you not see that gluttony leads to the death of your citizens more than any spreading epidemic or sweeping war does? Such shameful banquets (photos of feasts and people who eat greedily) as are widespread these days are as harmful and detrimental as the most ferocious military war. For this reason, it is due upon us to eat only as much as is necessary to sustain our bodies properly; and any increase in the quantity of food only gratifies us temporarily. But in the end, we have to endure the results of this in the form of diseases, and even death in some cases.”
This is, indeed, a clear testimony to the truthfulness of the scientific miraculous nature of the Prophetic Hadeeth of the Messenger of Allaah : “Man fills no vessel worse than his stomach, even though it is sufficient for mankind to have only small morsels to sustain him. However, if it is necessary for him to do so (i.e. to fill his stomach), then let him assign one-third to his food, one-third to his drink, and one-third for his breath.” [At-Tirmithi, Ibn Maajah & Al-Haakim] Can we see how these non-Muslim scientists testify, with their words and research, to the Prophetic Hadeeth of the Messenger of Allaah given that they do not even know him and their beliefs are quite different from his?
To be continued …
Mawahib says:
Fasting is a Scientific Miracle – II
… Continued
Dr. Chin, an English physician who lived in the 18th century, said, “I do not know what people do in other countries, but we Protestants do not regard excess in consuming food as harmful or detrimental, to the extent that people look down upon their friends who do not eat their fill at every meal.”
One of the latest remedies for obesity is to fix a balloon-type device in the intestine as big as one-third its size, in order to determine the quantity of food and drink and forcibly leave one-third empty (for air). The result of treating obesity in this way is amazing. Allaah The Almighty certainly tells the truth when He says about His Prophet (what means): {Nor does he speak from [his own] inclination. It is not but a revelation revealed.} [Quran 53:3-4]
Thus, Allaah The Almighty has ordained fasting thereby to purify man’s soul, discipline his behavior, and be a means of prevention and treatment for whatever diseases and ailments may afflict his body because of his relentlessly eating food in great quantities. In confirmation of that, He The Almighty Says (what means): {But to fast is best for you, if you only knew.} [Quran 2:184] That is, if only you knew the superiority and benefits of fasting. These benefits seem evident in our time for those upon whom Allaah has made fasting due and those who have concessions but can endure it.
These benefits include:
1- There is a relationship between fasting and the immune system: the functional index of lymphocytes improves ten times greater with fasting people. These are the blood cells that defend the body against the micro-organisms and foreign bodies that attack it. Furthermore, the ratio of the qualitative immune cells drastically increases in number. These are a particular kind of lymphocytes called T-cells. Some types of antibodies also increase, whose function is to destroy any organisms invading the body.
2- There is a relationship between fasting and prevention from obesity as well as a treatment of its dangers. Obesity may result from imbalance of metabolism, or from environmental, psychological and social pressures. The Islamic fasting is the preventive barrier to all of these causes, due to the mental and psychological stability brought about by fasting, which results from the spiritual atmosphere surrounding the fasting person; much worship, remembrance and mentioning of Allaah, recitation of the Quran, remoteness from excitement and tension, adjustment of motives and desires, and useful constructive utilization of psychological and physical energies. Fasting also treats the diseases resulting from obesity like arteriosclerosis, high blood-pressure and several types of heart disease.
3- Physicians believed and still believe that fasting has a negative effect on patients suffering from genitourinary tract diseases, especially those who are more susceptible to kidney stones or renal failure, and are, therefore, advised by physicians to not fast and drink a large quantity of liquids, although some scientific research has proven otherwise, according to which, while fasting, the rate of sodium rises in the blood, which impedes the crystallization of calcium salts and the urea increases in the blood and contributes in preventing sedimentation of uric salts which form stones of the genitourinary tract.
Fasting also has no negative effect upon those suffering from renal failure who need repeated dialysis, given that it is one of the most dangerous diseases that afflict the urinary system. It is also proven that fasting does not put to risk most diabetics: on the contrary, it is beneficial for a lot of them. It also poses no risk to breastfeeding and pregnant women, especially during the first six months of pregnancy.
4- Fasting protects the body from the toxins accumulated in its cells and between its tissues which result from eating food – especially canned and manufactured food, intake of medicines, and breathing in air polluted with such toxins.
5- Man receives benefit from the thirst he experiences while fasting. It helps to provide the body with energy, enhance the capability of learning, and strengthen the memory.
6- Fasting enhances the fertility of both men and women, and to fast often alleviates and placates the sexual desire of youth. In this way, it prevents psychological and physical disturbances and behavioral deviance. This is a confirmation of the scientific miracle of the Prophetic Hadeeth of the Messenger of Allaah where he said: “O community of youth, whoever among you has the ability to marry, let him marry; and whoever cannot, then let him adhere to fasting as it diminishes his sexual desire.” The male hormone testosterone falls notably with continuous fasting for many days, after which it rises remarkably. This may indicate that observing the Islamic fast often and reducing one’s intake of food during it, like continuous fasting, could curb sexual desire and then enhance it after the breaking of the fast.
7- Weak and sick cells collapse when deconstruction prevails over construction during fasting; and the body cells are renewed in the process of construction.
8- Many people think that fasting has a negative effect on their health, and see their bodies as if they are lifeless machines that work only by means of fuel. They seem to agree on the idea that the failure to have three meals daily poses great risks and produces harmful outcomes. This causes them to spend the whole night of Ramadhaan trying to compensate this missing meal by consuming great quantities of food and drink, and they spend most of the day fast asleep. Thereupon work stops, productivity decreases, and the rate of food and drink consumption increases!
To be continued …
Mawahib says:
Fasting is a Scientific Miracle – III…
Continued
The following are the decisive scientific proofs for the falsehood of this belief and conduct:
Verified scientific studies in physiology indicate the fact that the Islamic fast is very easy, during which the body is not exposed to any negative effects: on the contrary, the body receives many benefits which could not be gained without fasting. Islamic fasting is very easy upon the body. In confirmation of this, Allaah The Almighty Says (what means): {Allaah intends for you ease and does not intend for you hardship.} [Quran 2:185] According to Ar-Raazi “No doubt, Allaah The Almighty enjoins fasting in an easy and light manner, and for just a few days in the year. Moreover, He did not enjoin this short period of fasting upon the sick or the traveler.”
This ease is apparent in the fact that it provides the body with all its nutritious needs. In this fasting, man abstains from food and drink for a limited time during the day, exactly from the break of dawn to the setting of the sun, and at night, he has the freedom to eat and drink. Thus, what fasting does is change the times in which one may consume food and drink, and not much more.
Allaah The Almighty has deposited in man stored energies which suffice him, in case of abstention from food, from one to three months during which he may consume no food at all. Based on this, many international sanatoriums were founded to treat a lot of diseases by what is called medical fasting, during which the sick or medically fasting person is deprived of all kinds of food and drink except pure water.
The Islamic 12 to16-hour fast, a part of which, as long as 5 hours lies within the absorption period just after eating, and most of which, as long as 12-14 hours, after absorption, is very safe by all scientific measures. During this period, all mechanisms of absorption are activated, and metabolism is balanced, giving way to the creation of a mechanism by which glycogen is dissolved and fats are oxidized and dissolved, and protein is dissolved and new glucose is formed from it. The body suffers no imbalance in any of its functions. Fats are not oxidized so much as to procreate harmful cationic bodies, nor is there any negative nitrogen imbalance that could affect the metabolism of protein. The brain cells, red blood cells and nervous system depend only on glucose to obtain energy.
Medical starvation or medical fasting, therefore, goes beyond the activation of these mechanisms and may go as far as to lead to imbalance in the functions of some physical organs. This is why the Messenger of Allaah forbade continuous fasting in order to be easy and to facilitate fasting for his Ummah (nation). Thus, the body cells work naturally while fasting, and obtain all their needs from the huge reserve in the body. The nutrition processes never stop. It is only the processes of digestion and absorption which stop.
Islamic fasting is considered a unique metabolism as it includes both stages of construction and deconstruction. After both meals of Iftaar (fast-breaking) and Suhoor (pre-dawn), the construction of the important complexes starts in the cells, and the reserved substances are renewed, which have been consumed to produce energy; and after the absorption of the Suhoor meal, the deconstruction starts, and the nutritious reserve of glycogen and fat is dissolved in order to provide the body with the necessary energy during movement and activity throughout the day of fasting. This is why the Messenger of Allaah confirmed and exhorted us to take the Suhoor meal, in order to provide the body with constructive substances. This is also why he exhorted us to delay Suhoor and hasten to break the fast, in order to reduce the period of fasting so that it would not exceed the post absorption time as much as possible. Consequently, the Islamic fasting does not lead to difficulty nor harm the body, under any circumstances. On the contrary, fasting enhances the endurance of physical effort, and the competence of muscular performance.
Experiments have been conducted by a scientist in this respect, who said, in reference to the results, that the competence of muscular performance of people who are fasting in this interesting experiment improved by 20% with 30% of the subjects, and by 7% with 40%; and the heart rate has improved by 6%; and the product of multiplying the blood pressure by the pulse speed improved by 12%; and the feeling of shortness of breath by 9%; and the feeling of leg strain by 11%. This wonderful experiment renders false the concept that seems to be held by a lot people that fasting weakens physical effort and negatively affects activity and movement; thereupon they adhere to rest and stillness, and spend the greatest part of the day of fasting in sleep and idleness.
Who was it that told Muhammad about those facts about fasting? Who told him that in fasting there is prevention from psychological and physical diseases? Who informed him about the fact that fasting diminishes a lot of sexual desires and alleviates its urge, especially among the youth? Who told him that in fasting there are benefits and advantages to be received by the healthy and those who could fast from among the sick and legally excused? Who told him that fasting is very easy and causes no harm to the body and does not put one to difficulty, given that he was brought up in an environment in which the kind of fasting that was revealed to him was neither known nor practiced?
The one who informed him of all this was none other than Allaah The Almighty who Says to His Messenger (what means): {But Allaah bears witness to that which He has revealed to you. He has sent it down with His knowledge.} [Quran 4:166]
Thus, scientists in this age see that which was brought by Muhammad as the truth revealed from Allaah The Almighty; Allaah The Almighty Says (what means): {And those who have been given knowledge see that what is revealed to you from your Lord is the truth, and it guides to the path of the Exalted in Might, the Praiseworthy.} [Quran 34:6]
bunanm says:
කාලෝචිත මාතෘකාවක් හා පැහැදිලිකිරීමක්.
kalane malka says:
mr anvar oba hareyatama hari.mokada aneth agam vala siyalum daval varadey.muslem agame vitharak okkama hari.
oyala okkama agamvadin vath anthavadinvath novi.api(sinhala)thamai agam vadin.thx anvar.
Anver Manatunga says:
මම සිංහලයන් අන්තවාදීන් සහ ආගම්වාදීන් යැයි පවසා නොමැත. මමද සිංහලයෙක් තමයි. නමුත් ආගම් බේධ ඇති කරන අන්තවාදීන්ද අප අතර ඇත. එය අප පිළිගත යුතුය. ඔබද කැමැත්තෙන් ඒ ගොඩට වැටෙනවා නම් එය ඔබේ ප්‍රශ්නයකි.
mohamed says:
ලංකාවේ වැඩියෙන්ම අරක්කු ,මස් විකිනෙන්නේ සිංහල අවුරුදු දවස් වල. ඒ වුනාට මොවුන් මොකටද ? මෙච්චර මුස්ලිම් වරුන්ට සහ කතෝලිකයන්ට බනින්නේ. වෙන කිසිවක් නෙවෙයි තමන්ගේ ආගම ගැන තමන්ට තියෙන හීන මානය නිසයි. මෙම අන්තවාදීන්ට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පෙන්නේ නෑ නමුත් අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද නම් හොයනවා.
ඉෂාක් says:
@ Mawahib සහෝදරයා ඔබගේ ලිපිය සාරාංශ කර කෙටියෙන් සිංහලෙන් ලිවුවනම් මීටවඩා පලදායි වෙන්න තිබුන කියල මම හිතනවා ..අනිත් එක මෙම බ්ලොග් එක අන්වර් සහෝදරයා ලියන්නේ සිංහලෙන් සහ කියවන බොහෝදෙනා සිංහල කියවන අය එම නිසා අපිත් අපගේ අදහස් සිංහලෙන් ලියනවනම් හොදයි
Mr. Who-2 says:
@mawahib:
මම මේ අදහස අනුමත කරනවා. කලින් සැකසූ ලිපි ගෙඩි පිටින් කොපි-පේස්ට් කිරීම පිලිතුරු සැපයීමක් නොවෙයි. අවශ්‍යමනම් ලින්ක් එකක් දැම්මනම් ඇති.
charith dz. says:
hehe kona kapa gatha un hambayo.sinhala nemei.ponz
Anver Manatunga says:
ඔබ එසේ අපහාස කරන්නේ හීන මානය නිසයි. ඔබ වැනි සමහර අය කිහිප දෙනෙක් මුස්ලිම් පිරිමි ලිංගිකව අපිටත් වඩා ශක්තිමත් කියලා හිතනවා. ඒ වගේ අය මෙහෙම අපහාස කරලා හදන්නේ තමන්ගේ නොහැකියාව වසා ගන්නයි.
Mr. Who-2 says:
කුනු හරුප කොමන්ට් වලට අමතරව මේ වගේ තේරුමක් නැතිව අපහාසයට ලියන කොමන්ට් පලකිරීම නතර කිරීම ගැන සලකා බැලුවොත් නරකද? මේ සයිට් එක වඩා ප්‍රියමනාප තැනක් වේවි.
Anver Manatunga says:
ඔබ පලකළ අදහසත් ඉතා හොදයි. මම ඒ ගැනත් සලකා බලන්නම්.
M F Rasheed says:
A study shows this way. Animals get angry when they are hungry but man gets angry when he is full (had a good diet). The reason animals get angry because it helps it to found out its food. For example a snake when bits at the time of hungry is more severe than when it had a diet already. Same is with other carnivorous animals i.e lion, tiger etc. These animals feel calm when they are full.
But man when starves he feels humble. This feeling of humbleness is very important in defining human attitude. In contrary the man who has enough to eat will look for satisfying his other needs. Marslow’s need highrachi pyramid explains it well which is avoided to shorten this post.
This way fasting helps a man to develop good qualities, morals and discipline. In addition to that as it is explained in Mawahib’s long lecture there are physical changes occur during fasting. One of it is the hormone function which helps human memory. This memory function influence deep into human attitude that whatever he does during the time of fasting going to be saved well in his mind and change his attitude. This function not only helps to develop good attitude and morals but also to get away kinds of editions i.e. smoking. Those who fast mostly keep away from smoking but soon after break-fast they cover up the balance of the day. This is a mere self-cheating act. If those people can control little more, it will help them to forget smoking very easily because everything is controlled by brain and memory.
In summary fasting is a great opportunity, a miraculous mechanism to change human attitude and build up morals and good attitudes. In this way Islam provide an un-preceded method to discipline the human society. Those who are intelligent enough, get use of these few days of fasting to read good things, see good things, listen to good things and think of good things which is going to affect in deep and make him/her a wonderful man/woman.
Oh, I forgot to say one thing. Just forget about those who criticize fasting.
Mawahib says:
Brother Eshan I respect your comment. Please excuse me I also like to read and write in Sinhala. But my problem is I can Read Sinhala but can’t write. Hope you all will understand me and excuse me.
ishak says:
try to write sinhala from here
http://www.google.com/transliterate/sinhalese
Mohamed Raslan says:
මා මෙහි අඩංගු කරුණු ස්වල්පයක් උපුටහනිමට බලාපොරොත්තු වෙනවා..උපවාසය යනු කුමක්දැයි නිරතුරු මගෙන් අසන මිතුරන්හට දැනගැනීම පිණිස..
ඉස්තුතියි ඔබට
Anver Manatunga says:
කිසි ප්‍රශ්ණයක් නැහැ. දාලා තිබෙන්නේ උපුටා ගන්නයි. ඔබ වෙනම බ්ලොග් අඩවියක් කරනවා නම් උපුටා ගත්තේ කොහෙන්දැයි සදහන් කරන්න. එසේ නොකළත් මා ඒ ගැන සොයන්නේ නැහැ.
fathima says:
බුදු දහම සුරකිමු කියන පිටුවේ ‘රාමදාන් හෙළුව ‘ කියල කෑම කාපු සහන්(ලොකු පිරිසියක් ) එකක් ලග ජුබ්බාහ්( ඉස්ලාමිය පිරිමි ඇදුමක් ) ඇදගත් කෙනෙක් නිදා සිටන පින්තුරයක් දාලා.මන් හිතන්නේ පිටුවේ නම ‘අනිත් ආගම් ගරහා බුදු දහම සුරකිමු ‘ යනුවෙන් මාරු කලානම් හොදට ගැලපෙනවා. මන් හිතන්නේ එම පිටුව කරන කෙනා නොනගතය වෙලාවට හොරෙන් කන කෙනෙක් වෙන්න ඇති.
kalane malka says:
mr anvar mama kamathi naha oba thava duratath sinhalayek yai hadunvaganimata.karunakarala niyama pirime yak vage hasiranna.
Anver Manatunga says:
ඔබ එහෙනම් ගැහැණියෙකුත් නෙමෙයිද? ඔබට මගේ සිංහල කම නැති කරන්න බැහැ. අනෙකුත් කොන්දක් නැති හිවලුන්ටත් බැහැ.
subashini says:
මෙය ඉතාමත්ම අගනා ලිපියක්. ඉස්ලාම් දහම හරිම practical නේද? මෙම බ්ලොග් එක කියවන මට ඉස්ලාම දහම කෙරෙහි ගොඩක් පැහැදීමක් ඇති වෙලා තිබෙනවා. මේ වගේ මං හිතනව තවත් බොහෝ දෙනෙක්ට ඉස්ලාම දහම පිළිබදව ආකර්ශණය වෙලා ඇති කියල. ඔබ ඉතා අලංකාර ආකාරයකින් මෙම බ්ලොග් එක කරගෙන යනවා. කුණුහරුප කාරයන්ට ඉඩ නැහැ. නමුත් මට පේනවා සමහරෙක් ඇවිත් කුණු හරුප කමෙන්ට් දමනවා. ඒවා පල නොකර සිටියොත් හොදයි නේද? එහෙනම් මේ බ්ලොග් එක තවත් ලස්සනයි. ඔබට සුභ පැතුම්.
kalane malka says:
mr anvar oya danmuslim neda?ahinam oba thavaduratath sinhal yai kima hival vadak neda.
Anver Manatunga says:
ඔබ වැනි හිවළියන්ට අනුව මම සිංහලයෙක් නොවන්නට පුළුවන. නමුත් රටේ පවතින නීතිය අනුව මම සිංහලයෙක්මි.
sana says:
මොවුන්ගේ සමහරක් අය අන් ආගම් වලට ගැරහීම තමයි බුද්දාගම කියල හිතාගෙන ඉන්නේ. ඉතින් ගරහපු තරමට බුද්දාගම රැකෙනවා කියල තරඟෙට ගරහනවා.
subashini says:
බොහෝ දුරට මේ වෙබ් අඩවියේ මා දකින දෙයක් තමයි අන්වර් සහෝදරයාගේ ජාතියයි නමයි ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්ණ කිරීම. යම් පුද්ගලයෙකුගේ හරි දැක්ම වනුයේ නමයි ජාතියයි සොයන එක නොවේ. සත්‍ය මොකක්ද දැයි සොයන එකයි. මම නම් හිතන්නේ අන්වර් මහතාගේ නමයි ජාතියයි ආගම යන දේවල් සොයන එක පුහු වැඩක් බවයි. හොද කොතැනද තිබෙන්නේ අපි ඒ හොද දෙය ගත යුතු අතර නරක දෙයක් වේනම් එය පැත්තකින් තබන්න පුරුදු වීම හොද ගුනයකි. අපි සැම කෙනෙකුටම හොද සහ නරක යන ගුණාංග දෙකම ඇත.
kalane malka says:
mr …………………
mama danna akarayata kisiyam pudgalayek muslim uvita ohu thavaduratath vena jathikayeknovi(meya mage adahasak nowa muslim ayagi arabinge adahasaki)asenam anvar thavaduratath sinhalayai kima ohuge napunsaka gathiyak novida?
thava aluth namakin anvar kinek goda bahala(subasine)
subashine oyath sinhala vela edala muslim unada?obagi jathiya kumakda?
Anver Manatunga says:
ඔබ ලියු දෙය නැවත කියවා බලන්න.
ඔබ පලමුව කියන්නේ mama danna akarayata kisiyam pudgalayek muslim uvita ohu thavaduratath vena jathikayeknovi ඔබ මෙතන කියන්නේ ඔබ දන්න ආකාරයට කියායි. නමුත් පසුව කියන්නේ (meya mage adahasak nowa muslim ayagi arabinge adahasaki) මෙය මගේ අදහසක් නොව අරාබි අයගේ අදහසකි කියායි. මේ දෙකෙන් ඇත්ත මොකක්ද? නැත්නම් දෙකම ඇත්තද?
asenam anvar thavaduratath sinhalayai kima ohuge napunsaka gathiyak novida? මට නම් හෝ මගේ අවට කිසිවෙකුට නපුංසක ගතියක් නොපෙනේ. නමුත් ඔබ අරාබි අය ගැන කියන විට වෛශ්‍යා ගතියක් නම් පෙනේ.
kalane malka says:
mr anvar
oba hamadama karanne ahana prasnayata pilithura venuvata lissala yana akani.
Anver Manatunga says:
ඔබ සෘජුව අහන්න මම සෘජුව පිළිතුරු දෙන්නම්.
subashini says:
මල්කා සොයුරිය, අලුත් නමකින් අන්වර් කෙනෙක් ගොඩ බැහැල නැහැ. මම මේ බ්ලොග් අඩවිය නිතර කියවන කෙනෙක් සහ කමෙන්ට් දමන කෙනෙක්. ඔයා මගෙන් අසනවා මමත් සිංහල වෙලා ඉදල ඉස්ලාම් වුනාද, මගේ ජාතිය කුමක්ද කියල? සොයුරිය මේ වගේ මෝඩ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න මම බැදී නැහැ. ඔයාට අයිතියකුත් නැහැ මෙවැනි ප්‍රශ්ණ මගෙන් අසන්න. යමෙකු විසින් කොතරම් හොද ලීවත් ඒක අස්සෙ මොකක්ද තියෙන නරක දෙය කියලයි ඔයා බලන්නේ. මම නම් ඕනම කෙනෙක්ගේ හොද දෙය ගන්නා කෙනෙක් අතර නරක දෙය අයින් කරන කෙනෙකි. එහෙම කරන මා පිළිබදව ඔයා වැරදි ආකාරයෙන් බලන එක මීට පස්සෙවත් නවත්වන්න. මම නිතරම බලන්නේ මගේ ජීවිතය ජීවත් වෙලා ඉන්නකල් අර්ථවත් සහ නිවරදිව ගෙන යාමටයි. ඔයාගෙත් වැරදි හදාගෙන හරිවිදියට ජීවත් විමට මගෙන් සුභ පැතුම්.
subashini says:
මල්කා සොයුරිය
ඔබ ලියු දෙය නැවත කියවා බලන්න.
ඔබ පලමුව කියන්නේ mama danna akarayata kisiyam pudgalayek muslim uvita ohu thavaduratath vena jathikayeknovi ඔබ මෙතන කියන්නේ ඔබ දන්න ආකාරයට කියායි. නමුත් පසුව කියන්නේ (meya mage adahasak nowa muslim ayagi arabinge adahasaki) මෙය මගේ අදහසක් නොව අරාබි අයගේ අදහසකි කියායි. මේ දෙකෙන් ඇත්ත මොකක්ද? නැත්නම් දෙකම ඇත්තද?
jiff0777 says:
mama sinhala font install karala nehe. me article eka mama read kale nehe. ey kiwwoth eke thiyenaa dewal mama almost dannawa. meke daala thibunu comment read kala. comment balanakotama therenawa kochchara jaathibeda thiyenawada, eka kochchara durata gihilla thiyenawada and non-muslims ta islam gena kohoma adahasak thiyenawada kiyala.
ewunata, meke daana heme comment ekama publish karanna.. comment karana minissunge comment style balanakotama, egollo kochchara ugathda, thamange aagama gena kochchara durata dannawara kiyena dewal pehedili wenawa.
oba, honda comment naraka comment kiya wenaasak dakinne nethuwa, ekata seelaachaara widihaata reply karana style ekata mama hari kemathi.. continue karanna.. eththa anith aagam sahodarayantath helidaraw karanna.. Buddha aagame Mohammed (pbuh) gena kiyala thiyena dewalgena liyanna…