Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

බස ගැන අනං මනං

දෙස බස රැස

දෙස බස රැස

සමහරු දේශය සහ ආගම කෙරෙහි දෙන ප්‍රමුඛතාවය භාෂාව ගැන නොදෙති. ඔවුන් කථා කරනවා නම් වැඩියෙන් කුණු හරපය. සමහරුන්ට සිංහලෙන් යතුරුලියනය Type කළ නොහැක. ඒ සඳහා උනන්දුවක්ද නැත. Google Sinhala Transliteration තුලින් සිංහල ඉංග්‍රීසියෙන් යතුරුලියනය කළ හැකි නමුත් එයටද උනන්දු නැත. නමුත් ඔවුන් අප සමග සටනට එන්නේ දේශය සහ ආගම රැක ගැනීමටයි. මොවුන් දේශයට සහ සමයට දක්වන ආදරය බසට නොදැක්වීම ගැන මට නම් ඇත්තේ මවිතයකි.

 

විවිධ ජාතීන්ගෙන් වර්ණ ගැන්වුණු ලොව කොපමණ අලංකාරද?

විවිධ ජාතීන්ගෙන් වර්ණ ගැන්වුණු ලොව කොපමණ අලංකාරද?

දිනක් විදෙස් ගතවන්නට ගුවන් තොටුපොලට ගොස් එහි ආගමන විගමන කවුන්ටරය අසල සිටියදී මට ඉදිරියෙන් සිටියේ විදෙස් ජාතික සංචාරකයෙකි. ඔහු කවුන්ටරයේ වැඩ අවසන් වු පසුව එහි නිලධාරියාට Thank you යැයි ඉංග්‍රීසියෙන්ද, පසුව ස්තූතියි යැයි සිංහලෙන්ද පවසන ලදී. මේ දුටු මට සිතුනේ අපේ අය අපේ බස කථා කරන්න මෙතරම් මැලි වෙන විට සමහර විදෙස් ජාතිකයන් මෙසේ කිසියම් හෝ උත්සාහයක් දැරීමම කෙතරම් අලංකාරද? අපේ අයට අපේ බස කථා කිරීම මදි කමකි. නමුත් සුද්දාට සිංහල කථා කිරීම සතුටකි.

 

අපේ සමහර මුස්ලිම් සහෝදර වරුන් මට පවසන්නේ “අන්වර් ඔබ ලියන දේ අපට තේරෙන්නේ නැහැ. කරුණාකරලා තේරෙන භාෂාවෙන් ලියන්න” කියායි. නමුත් ඒ අයට මා නිතරම කියන්නේ “ඔබට මගේ බස සුළුවෙන් හෝ තේරෙන නිසා දිගටම කියවන්න. එවිට ඔබට සිංහල බස ගැන මනා නිපුණත්වයක් ලැබෙන බවයි.” එසේ නොකර මා බස සරල කරන්නට ගියා නම් සිදුවන්නේ වැඩි දෙනෙක් අපහසුතාවයට පත් වීමයි. මාද එමගින් පත්වන්නේ දැඩි අපහසුවකටයි. අප හැකි තරම් කියවනවා නම් භාෂාවේ නිපුනත්වය වැඩි වේ. කෙසේ නමුත් මා බස හසුරුවන්නේ මගේම ආරකට මිස කිසිදු රීතියකට නොවන බවද පැවසිය යුතුමය.

 

මා ඉස්ලාම් දහම වැලඳ ගත් පසු සමහරුන් පැවසුයේ “දැන් දෙමළත් ඉගෙන ගන්න” කියායි. එවිට මා ඔවුන්ගෙන් ඇසුයේ දෙමළ යනු මුස්ලිම් භාෂාවද? කියායි. මා එසේ පැවසුයේ ද්‍රවිඩ බස කෙරෙහි මට පිළිකුලක් තිබෙන නිසා නොව ඔවුන්ට ඔවුන් වැරදි ආකාරයෙන් වටහාගෙන තිබෙන දෙයක් නිවැරදි කිරීමටයි. කෙසේ නමුත් මේ වන විට මා දෙමළ බස කෙරෙහිත් කිසියම් දැනුමක් ලබා තිබීම මට සතුටක් දනවන දෙයකි. කාලය පිළිබඳ ප්‍රශ්නයක් නිසා දෙමළ අක්ෂර ඉගෙනීමට නොහැකි වීම පිළිබඳව නම් ඇත්තේ කණගාටුවකි. කෙසේ නමුත් මුස්ලිම් වරුන්ටම අනන්‍ය භාෂාවක් වේ නම් එය අරාබි බස විය යුතු බවත්, අනෙක් සියළුම භාෂාවන් ඒ ඒ ප්‍රදේශයේ බස නිසා පමණක් අප භාවිතා කළ යුතුය.

 

කිසිකෙනෙක් තව කෙනෙකුට තමන්ගේ බස ඉගෙන ඒ බස කථා කල යුතු බවට බල නොකළ යුතුය. එය ඒ තැනැත්තාව ඉතාමත් අපහසු තත්වයකට පත් කිරීමක් වන බැවිනි. මා විදේශයක සිටියදී දිනක් ඉන්දියානු ජාතිකයෙක් මට හින්දි බසින් කථා කළා. මා ඔහුට කීවේ මා හින්දි නොදන්නා බවත් ඉංග්‍රීසියෙන් පවසන ලෙසත්ය. එවිට ඔහු උඩඟු ලෙස පැවසුයේ ඔබ මෙහි සිටිනවා නම් හින්දි බසත් ඉගෙන ගත යුතු බවයි. මා එවිට ඔහුව ගණන් නොගන්නා බව අඟවමින් පැවසුවේ මට එසේ කිරීමට කැමැත්තක් නොමැති බවයි. එවිට ඔහු පැවසුවේ “එසේ නම් ඔබ ඉංග්‍රීසි බස කථා කරන්නේ ඇයි?” කියායි. එවිට මා පැවසුවේ “ඒ ඔබ සිංහල නොදන්නා නිසා” බවයි. එතැනින්ම ඔහු නිරුත්තර විය.

 

මා මැලේසියාවට පලමු වරට ගොස් සිටියදී මවිතයට පත්වුයේ අපි නොදන්න ඉංගිරිසියක් ඔවුන්ගේ පුවරු වල සඳහන් වීමෙනි. පසුව විමසු විට දැනගන්න ලැබුනේ ඔවුන් ඔවුන්ගේ මැලේ භාෂාව ලියන්නේ ඉංග්‍රීසි අක්ෂර වලින් බවයි. එහිදී මා විද්වතෙකු ගෙන් ඒ ගැන විමසු කළ ඔහු පැවසුවේ ඔවුන්ගේ බසට ආවේනික අක්ෂර මාලාවක් තිබුණු බවත් අතීතයේ සිටි අය එය රැක ගැනීමට උනන්දු නොවීම නිසා අභාවයට ගොස් ඇති බවත්ය. නමුත් පසුව ආරංචි වුයේ ඒ අක්ෂර දන්නා අය තවම සිටින බවත් බහුතරයක් ඒ අක්ෂර මාලාව නොදන්නා නිසා භාවිතා කළ නොහැකි වී ඇති බවත්ය.

 

ජුදෙව් ජාතිකයන්ගේ භාෂාව හෙබ්‍රෙව් හෙවත් හීබෘය. ඔවුන් වසර දහස් ගණනක් වෙනත් රටවල විප්‍රවාසිකයන්ව සිටි නිසා ඔවුන්ගේ බස අභාවයට යන ලදී. නමුත් වසර 2000 කට පමණ පසුව ඔවුන් නැවත එම භාෂාව පනගන්වන ලදී. නමුත් ඔවුන්ගේ වත්මන් හීබෘ බස කෙතරම් අතීත බසට සමාන දැයි අප නොදනිමු. නමුත් ඔවුන් කෙසේ හෝ තමන්ගේ බස මල තත්වයෙන් නැවත උත්ථානය කිරීම කෙතරම් අලංකාර දෙයක්ද? කෙසේ වුවද මල හීබෘ බස යළිපන ගැන්වු එක අලංකාර වුවද ඔවුන්ගෙන් පිරිසක් පලස්තීන භූමියේ බලහත්කාර රාජ්‍යයක් බිහි කිරීම නම් අලංකාර නොවන ක්‍රියාවකි.    

 

කලින් ලිපියකද සඳහන් කළ පරිදි මා බොහෝ විට විදේශයකදී අපේ රටේ අයෙක් මුණ ගැසුනහොත් සිංහලෙන් කථා කරමි. නමුත් Mod හෙවත් නව්‍ය වී ඇති සමහරුන්ට මෙය දිරවන්නේ නැත. ඔවුන් සිතන්නේ මා ඔවුන්ව සිංහලෙන් ඇමතීම ඔවුන්ට කරන නිගරුවක් බවයි. ඇත්තෙන්ම අප විදෙස් රට වලදී අපගේ බස කථා කරන විට අන්‍ය ජාතීන්ට අපගේ අනන්‍යතාවය ‍පිළිබිඹු වේ. අපේ රට ගැන අපේ බස ගැන ඔවුන්ට යමක් දැනගත හැකි වන්නේ එවිටයි. එසේ නොවී අප ඉංග්‍රීසි බස පමණක් හසුරුවමින් සුද්දෝ වෙන්න තතනන කල බාහිර අප ගැන සිතන්නේ අප ඉන්දියානුවන් ලෙසයි. මන්ද ඉන්දියානු සහ අපගේ දේහ ලක්ෂන ඉතාමත් සමීප වන බැවිනි.

 

මිනිසුන් වන අපිට එකිනෙකාට අනන්‍යවු ජාතීන් සහ භාෂාවන් තිබෙන්නේ බෙදී වෙන් වී සිටීමට නොව එකිනෙකා හඳුණා ගැනීමටයි. ලොව ප්‍රධා‍න ආගම් කිසිදු එකක ජාතීන් හෝ භාෂාවන් නිසා මිනිසුන් උසස් හෝ පහත් බවක් ඇතිවන බව පෙන්වාදී නැත. නමුත් බොහෝ දෙනෙක් ජාතිය හෝ භාෂාව නිසා තමන් අන්අයට වඩා උසස් යැයි සිතති. අන් අයටද තමන්ගේ නැති උසස් බවක් පෙන්වති. එයට ප්‍රධාන හේතුව අන්කිසිවක් නොව තමන්ගේ දහමේ ශාස්තෘවරයා විසින් වදාල දහම හරි හැටි නොදැන සිටීමයි. නැත්නම් දැන දැනත් ඒවා තම ජීවිතයට පිළිනොගැනීමයි.   

 

භාෂාව ගැන සමහර භාෂා විශාරදයන් නම් කියන්නේ නිවැරදිව හෙළ බස සොයා එම වචන පමණක් භාවිතා කරන ලෙසයි. නමුත් මා නම් දරන්නේ වෙනත් අදහසකි. භාෂාව විශිෂ්ඨ වන්න කියා සමහර මහප්‍රාණ වචන වැඩ දමා අප බස හසුරුවන්න ගියහොත් සිදුවන්නේ එය සාමාන්‍ය ජනතාවට නොතේරීමයි. යෝනක ඉස්ලාමීය සංස්කෘතික සංගමය විසින් පලකර ඇති අල්-කුර්ආන සිංහල පරිවර්තනයද එසේමය. එහි තිබෙන සිංහල සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන එකකි. නමුත් ඒ පරිවර්තනය තුල අරාබි වදන් වලට ගැලපෙන හරි සිංහල වචනය බොහෝ විට තිබෙනු දුටුවෙමි. මේ පරිවර්තකයන් විසින් සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි ආකාරයට පරිවර්තනය සකසා තිබුණා නම් අද එහි ඉල්ලුම ඉතා ඉහල යන්නට තිබුණි.

 

අසභ්‍ය කුණු වදන් වලින් බණිමින් ආගමක් රැක ගන්නට වලිකන අය

අසභ්‍ය කුණු වදන් වලින් බණිමින් ආගමක් රැක ගන්නට වලිකන අය

අප ඉතා අලංකාරව බස හසුරුවමින් යහපත් වචන භාවිතා කරනවා නම් ජනතාව ඔබ පවසන දේ අසනු ඇත. ඔවුන් ඔබව පිළිගන්න නම් පලමුව ඔබගේ අදහස් ඔවුන් තුලට කා වැදෙන්නට අවශ්‍යයි. එයට භාෂාව භාවිතා කරන අන්දම ඉතාමත් වැදගත්ය. කිසියම් කෙනෙකුට ඒ සම්බන්ධව අඩුවක් තිබෙනවා නම් කළ යුත්තේ සංයමයකින් ඒ සම්බන්ධව පුරුදු පුහුණු වීමයි. එසේ වුවහොත් ඔබටත් දිනක බසින් දස්කම් දැක්වීමට අවස්ථාවක් ලැබෙනු ඇත. 

 

  • shani says:

    oba hariyatama hari sahodaraya, subadawasak!

    2012/07/26 at 11:31 AM
  • shantha says:

    ඔබගේ දහම මෙතරම් සත්‍ය නම් ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනයා මෙතරම් දුක් විදීමට හේතුව කුමක්ද? අල්ලා ඔවුන් ඉන් මුදවන්නට අස්මත් ඇයි?

    2012/07/26 at 2:03 PM
    • Anver Manatunga says:

      ලොව පුරා මුස්ලිම් වරුන් බිලියන 1.7 ක් පමණ සිටිනවා. ඔවුන් සියළු දෙනාම දුක් විදිනවා කියන්න බැහැ. සත්‍යය යනු එකක් නම් සියළු අසත්‍යයෝ එක්වී සත්‍යයට පහර දෙන්නෝය. නමුත් අවසානයේ ජයගන්නේ සත්‍ය පමණි.

      මිනිසාට මේ ජීවිතය තුල දුක් කම්කටොළු මෙන්ම සතුටු දායක දේද තබා ඇත. මුස්ලිම් වරුන් පුරුදු වී සිටින්නේ දුක ගැන කථා කරකර ඉන්න නොව දුක් සහිත අවස්ථාවේදීද සිත ශක්තිමත් කරගෙන ඉදිරියට යාමටය. ප්‍රශ්න ගැටළු ආවා කියා දහම අතහැර පලායන්නේ නැත. මේ සියල්ල සදහා මිනිසා හට එකම ශක්තිය වන්නේ අල්ලාහ්ය.

      2012/07/26 at 3:01 PM
  • Mawahib says:

    I think Brother Hassan can give the very good answer with explanation for Mr.Shantha’s comment.

    2012/07/26 at 4:08 PM
  • ඩිලාන් says:

    niyamai.!
    ingrisi bhashawa igena ganna one..eka godak prayojanawath.. mokada api jeewath wenne hudakala ratak washayen newe..nithara wenath ratawal,jaathin samaga sambandha wenawa..a wagema eka antharjathika bashawane..a witharak newe basha hatharak pahak wunath kathakaranna puluwannam godak prayojanawath wenna puluwan.. ath api api kathakaranakota ingrisi awashya nane..mokada api ratak,jathiyak,agamak ,bashawak nethiwa ibe loketa kadagena wetunu minissu newene.. inika sri lankawe basha 20k 30k nane.. api api ape bhashawalin kathakarama harine.. rata jathiya bashawa gena hegeemak nethi minissu inna ratak kawadawath diyunu wenne ne.. apita ape dhewal gena hegeemak thiyenna one.. godak minissu ingrisiyen kathakaranne eka usas dheyak kiyala pennana..hariyata kiwoth thaman ‘porak’ kiyala pennanna.. thamanma thamange bhashawa pahath karagena.. api inne sri lankawe polowe kiyala eyalata therenne nedda..

    chinaya,koreawa,Japanaya wage ratawal walin ape ratata genwana bandayak diha balanna..godak ewage satahan wela thiyenne eyalage akuru..a ratawal monatharam diyunuda..eyala pradana thena dila thiyenne antharjathika bashawata newe..eyalage bashawata.. ahema kara kiyala eyalata kisima paduwak wela ne.. eyala weda karanna eyalage ananyathawaya loketa pena widiyata..ath api hadanne sudhdho wenna..mokakhari ayathanayakata gihin ingrisiyen kathakaroth thiyana piligenima kohomada..ewa hadagena thiyenne apimai.. eken penna apita thawama yatath wijitha manasikathwayen midimata noheki wee athi bawa nowedha..

    mama methana sinhala akuru pawichchi nokeruwata mage dhurakathanayata sinhala dhagena thiyenne.. thanin thana sinhala wachana thiyenne.. dhurakathana anka mama gabada(save) karala thiyenne sinhala akuru yodhagena..ithin mage yaluwo mulin ekata wihilu kara..opera mini patangaddi ‘petawemin’ kiyala dakiddi bada allagena hina wenawa..dhan eyalata eka ganak ne.. samaharu eyalage dhurakathana walatath dhan sinhala dhanna uthsaha karanawa.. ithin eyala mulin hinawune mama weraddak karalada?okkoma nirwasthrawa inna thanaka api witharak adhum adala hitiyoth ekath hasyata karunak wage dhanenawane..ekane swbawaya..

    2012/07/26 at 9:21 PM
  • hasan says:

    @shantha

    ///ඔබගේ දහම මෙතරම් සත්ය නම් ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනයා මෙතරම් දුක් විදීමට හේතුව කුමක්ද? අල්ලා ඔවුන් ඉන් මුදවන්නට අස්මත් ඇයි?///

    ඔබ ඉහතින් අසා ඇති ප්රශ්නයට පිළිතුර ලෙස පහත දැක්වෙන කොටස යවා ඇත්තෙමි. ඔබ එයින් සෑහීමට පත් නොවන්නේ නම් හෝ ගැටළු සහිත යමක් ඇත් නම්, ඒ බව පැහැදිලිව සඳහන් කරන්න!

    ලෝකයේ මිනිසුන් කණ්ඩායම් වශයෙන් බෙදී සටන් කරගැනීම, මුහුදු ගොඩ ගැලීම (සුනාමිය), ඉඩෝරය ඇති වී වගාවන් විනාශයට පත්වීම, ජලගැලීම් ඇති වී දේපල හා ජීවිත විනාශයට පත්වීම, ගිනි කඳු පිපිරීම, කඳු නායයෑම් සිදුවීම, භූමි කම්පා ආදිය සිදුවීමට හේතුව කුමක්ද? එමෙන්ම මේවා කරන්නේ කවරෙක්ද?

    මෙම විශ්වය හා මිනිසාව මවා සියල්ල පාලන කරන්නේ අල්ලාහ්ය. සියල්ල ඔහුගේ අණසකට යටත්ය. ඔහුට නොදැනී ලොව කිසිවක් නොසිදුවන්නේය. අල්ලාහ්ගේ දැනුම එතරම් විශාලය. අල්ලාහ් සතු දැනුම දැනගන්න පහත වැකිය කියන්න!

    ඔහු හමුවෙහිම අද්රුශ්යමාන දේහි යතුරු ඇත. ඔහු හැර වෙන කවරහු හෝ ඒවා ගැන නොදන්නෝය. තවද, ගොඩ බිමෙහිද මුහුදෙහිද ඇති දේ ගැන ඔහු හොඳින් දනියි. කුමණ කොළයක් වුවද (එය) ඔහුට නොදැන නොවැටෙන්නේය. පොලොවෙහි අන්ධකාරයන්හි ඇති බීජය හෝ සාරවත්ව ඇති දේ හෝ වියලී ඇති දේ හෝ කුමක් වුවද පැහැදිලි ලේඛණයෙහි නොමැතිව නොවේ.(ශු.කු.6:59)

    ඉහත වැකියේ “කුමණ කොළයක් වුවද (එය) ඔහුට නොදැන නොවැටෙන්නේය. “ යන කොටස දෙස බලන්න!

    ලොව සිදුවන ඉතාම කුඩා දෙයක් වුවද ඔහුට නොදැනී සිදු නොවන්නේය. එම නිසා ලොව කවරාකාරයේ පීඩාවක් ඇති වුවද අල්ලාහ්ට නොදැනී සිදු නොවන්නේය.

    ලොව සිදුවන කවරාකාරයේ සිදුවීමක් වුවද අල්ලාහ්ගේ අනුමැතිය නොමැතිව සිදු නොවන්නේය. එය යහපතක් වීමටත් පිළිවන. අයහපතක් වීමටත් පිළිවන. දැන් මෙම වැකිය දෙස බලන්න!

    අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිම පීඩාවක් ඇති නොවේ. කවරෙක් අල්ලාහ්ව විශ්වාස කරයිද, (අල්ලාහ් වන) ඔහු ඔහුගේ හදවත යහමෙඟෙහි යවන්නේය. අල්ලාහ් සියල්ල ගැන හොඳින් දන්නාය.(ශු.කු.64:11)

    රටක යම් සටනක් ඇතිවූයේය යි උදාහරණයට ගනිමු. එමෙන්ම එම රටේ අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන්ද, අල්ලාහ්ව විශ්වාස කර, යහකම් කරන අයද, අල්ලාහ්ව නමින් විශ්වාස කර, පව් කරන අයද සිටින බවද ගනිමු.

    දැන් මෙවැනි රටකට යම් පීඩාවක් ඇතිවූයේ නම්, මෙම කොටස් තුනම පීඩාවට මුහුණ දෙන්නෝය.

    එයින්, අල්ලාහ්ව ප්රතික්ෂේප කරන අයට, මෙම ප්රතික්ෂේප කිරීමෙන් ඉවත් වී, තමාව පිළිගන්නා ලෙසට අල්ලාහ් මෙවැනි ක්රියා මගින් අනතුරු ඇඟවීමක් කර, අවවාද කරයි.

    එමෙන්ම අල්ලාහ්ව නමින් විශ්වාස කර, පව් කරමින් සිටිය අයට එම පව්වලින් ඉවත් වී යහකම් කරන ලෙසට අවවාද කරයි.

    අවවාද වනුයේ, මෙයට වඩා දැඩි දඞුවම් ඔබලාගේ මරණයෙන් පසු ඇත යන්නය. එමෙන්ම අල්ලාහ්ගේ දඞුවමින් බේරී සිටීමට හැකි නම්, තමා ලෝකයේ මෙවැනි සිදුවීම්වලින් ඇති කරන පීඩාවලින් බේරී සිටීමට හෝ ඒවා ඇති වීම වැළැක්වීමට උත්සාහ කර බලන්න! ඔබලාට මේවා වැළැක්වීමට කිසිසේත්ම නොහැකිය. මෙසේම මා එලොවේදී පිළියෙල කර ඇති දඞුවමින්ද බේරී සිටීමටද නොහැකිය යන්න අල්ලාහ්ගේ අවවාදය වේ.

    අල්ලාහ්ව විශ්වාස කර, යහකම් කරන අය: මෙම අයට මෙම සිදුවීම පරීක්ෂාවක් වන්නේය. පරීක්ෂාව යනු, ඔවුන්ගේ විශ්වාසය පරීක්ෂා කිරීමක් වේ. මෙම පීඩාව හේතුවෙන් අසතුටට පත් වී, අල්ලාහ්ට තුති නොකර අල්ලාහ්ගෙන් ඈත් වන්නේද, නැතිනම් එය ඉවසාගෙන, තව දුරටත් අල්ලාහ්ව විශ්වාස කර යහකම් කරන්නේද යන්න ඔවුනට ඇති පරීක්ෂාව වේ.

    විශ්වාසය කළ අයවද පීඩාවන් ඇති කිරීම මගින් තමා පරීක්ෂා කරන බව අල්ලාහ් කුර්ආනයෙහි පවසා ඇත.එම වැකිවලට අනුව මෙය විශ්වාස කළ අයට පරීක්ෂාවක් වේ. මෙවැනි අවස්ථාවන්හි අල්ලාහ්ව විශ්වාස කර, යහකම් කරන්නා කෙසේ ක්රියා කළ යුතුද යන්න ගැනද ඔහු උපදෙස් දී ඇත.

    ඔවුහු කවුරුන්ද යත්, තමන්ට කිසියම් විපතක් ඇතිවන විට ‘ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්’ (නියතව අප අල්ලාහ්ටම අයත් වූවන්ය. තවද, අප ඔහු හමුවටම ආපසු යන්නන්) යැයි පවසන්නෝය. (ශු.කු.2:156)

    ‘ඉන්නා ලිල්ලාහි වඉන්නා ඉලයිහි රාජිඌන්’ (නියතව අප අල්ලාහ්ටම අයත් වූවන්ය. තවද, අප ඔහු හමුවටම ආපසු යන්නන්) යැයි පවසන්නෝය. (ශු.කු.2:156) යන කොටස දෙස බලන්න!

    මෙහි අර්ථය: අප අල්ලාහ් වෙනුවෙන්ම ජීවත්වන්නන්මය. එමෙන්ම අප දවසක අල්ලාහ් හමුවටම යන්නන්ය. එනම් සියලුම සිදුවීම් අල්ලාහ්ගේ අනුමැතිය අනුවම සිදු වේ. එහෙයින් අපි මෙය අල්ලාහ්ගෙන් කුලිය අපේක්ෂා කර, ඉවසා සිටිමු. මෙසේ මුස්ලිම්වරයෙක් ක්රියා කරන කල, අල්ලාහ් ඔහුට එය වෙනුවෙන් කුසල සටහන් කරන්නේය. එමෙන්ම ඔහුව තව තවත් යහමඟෙහි යවන්නේය. එනිසා පීඩාවක් සත්ය මුස්ලිම්වරයාව තව දුරටත් අල්ලාහ් දෙසට ළං කරන්නේය. එවැනි පසුතලයක ඔහු ප්රායෝගිකව පුහුණු ලැබ සිටියි.

    දැන් නැවතත් .(ශු.කු.64:11) වන වැකිය දෙස බලන්න!
    අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිම පීඩාවක් ඇති නොවේ. කවරෙක් අල්ලාහ්ව විශ්වාස කරයිද, (අල්ලාහ් වන) ඔහු ඔහුගේ හදවත යහමෙඟෙහි යවන්නේය. අල්ලාහ් සියල්ල ගැන හොඳින් දන්නාය.(ශු.කු.64:11)

    දැන් ඉහත වැකිය තේරුම් ගැනීම ඉතා පහසුය.

    1..අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිම පීඩාවක් ඇති නොවේ: එනම් සියලුම පීඩා අල්ලාහ්ගේ අනුමැතිය ඇතිවම සිදු වේ.

    2. කවරෙක් අල්ලාහ්ව විශ්වාස කරයිද, (අල්ලාහ් වන) ඔහු ඔහුගේ හදවත යහමෙඟෙහි යවන්නේය:
    කවරෙක් මෙම පීඩාව අල්ලාහ්ගෙන් කුලිය අපේක්ෂා කර, ඉවසා සිටියිද, අල්ලාහ් එවැනි යහකම් කරන විශ්වාසවන්තයින්ව තව දුරටත් යහමඟෙහි යවන්නේය.

    3. අල්ලාහ් සියල්ල ගැන හොඳින් දන්නාය:
    මිනිසුන් මෙවැනි අවස්ථාවන්හි කෙසේ ක්රියා කරන්නෝද යන්න ගැන අල්ලාහ් හොඳින් දන්නාය.

    මෙම විපත් ගැන තව දුරටත් දැනගනිමු.

    සේනාවන් දෙකම (උහද්හි) මුණගැසුන දවසෙහි ඔබලාට (හානි) ඇති වූයේ අල්ලාහ්ගේ අනුමැතිය පරිදිද ඔහු විශ්වාසවන්තයින්ව දැනගැනීම පිණිසද වේ.(ශු.කු.3:166)

    අල්ලාහ්ගේ දූතයාගේ කාලයේදී ඇති වූ සටනක් ගැන මෙහි කියවේ. ප්රතික්ෂේප කරන්නන් සමඟ ඇති වූ සමහර සටන්වලදී, විශ්වාස කළ අයට හානි සිදු විය. එය ගැන අල්ලාහ් මෙහි පවසයි.

    විශ්වාසවන්තයින්ව දැනගැනීම පිණිස වේ යන්නෙහි අර්ථය: ඔවුන්ගේ විශ්වාසය පරීක්ෂා කිරීමය යන්නය.

    අල්ලාහ්ට මෙතරම් බලයක් තිබේ නම්, සටනක් ඇති නොකර ප්රතික්ෂේප කරන්නන්ව භූමි කම්පාවක් මගින් විනාශ කළ හැකි නේද? කියා සමහරෙකුට සිතීමට ඉඩ ඇත. එයට කාරණා කීපයක් ඇත.

    1.එවැනි විනාශයක් මගින් අල්ලාහ් විනාශ කළේ නම්, විශ්වාසවන්තයින්ව පරීක්ෂා කිරීමක් ඇති නොවන්නේය. කෙනෙක් අල්ලාහ්ව විශ්වාසය කළේය යන හේතුව මත අල්ලාහ් ඔහු සත්ය පැවසුවේද බොරු පැවසුවේද කියා පරීක්ෂා නොකර අතහරින්නේ නැත.

    2. එවැනි විනාශයක් මගින් අල්ලාහ් විනාශ කළේ නම්, විශ්වාසවන්තයින්ට ඇති වන මහා කුලිය නොලැබෙන්නේය. එනම් කෙනෙක් සටනකට සහභාගී වූයේ නම්, අන් අයට වඩා ඉමහත් කුලියක් අල්ලාහ්ගෙන් ඔහුට ලැබෙන්නේය.

    ඔබට යම්කිසි යහපතක් ඇති වූයේ නම් එය අල්ලාහ්ගෙන්ය. ඔබට යම්කිසි විපතක් ඇති වූයේ නම් එය ඔබ නිසාම ඇති වූයේය. (නබි) අපි ඔබව මිනිසුන්ට දූතයා ලෙස යවා ඇත්තෙමු. සාක්ෂි දැරීමට අල්ලාහ් ප්රාමාණවත්ය. (ශු.කු.4:79)

    අල්ලාහ් මෙම වැකියෙන් කෙනෙකුට යම් දුක් කරදරයක් ඇතිවීමේ පොදු නියාය පහදා දෙයි.

    1.ඔබට යම්කිසි යහපතක් ඇති වූයේ නම් එය අල්ලාහ්ගෙන්ය:
    සියලුම යහපත් දේ ඇතිවන්නේ අල්ලාහ්ගෙන් බව පවසයි.

    2. ඔබට යම්කිසි විපතක් ඇති වූයේ නම් එය ඔබ නිසාම ඇති වූයේය:
    කෙනෙකුට යම් විපතක් ඇතිවන්නේ නම් ඔහු කළ පවම එයට හේතුව වේ.

    3. (නබි) අපි ඔබව මිනිසුන්ට දූතයා ලෙස යවා ඇත්තෙමු:
    අල්ලාහ් මිනිසුන්ට යහමඟ හා මංමුළාව වෙන් කර, පැහැදිලිව පැවසීමට නබි (සල්) තුමාව දූතයා ලෙස යැවූ බව පවසයි.

    4. සාක්ෂි දැරීමට අල්ලාහ් ප්රමාණවත්ය:
    මෙසේ සත්ය පවසන අවස්ථාවලදී සිදුවන කාර්යයන් සියල්ල, අල්ලාහ් නිරීක්ෂණය කරමින් සිටියි. ඔහු සියලු සිදුවීම් සටහන් කරයි. එහෙයින් මිනිසුන් කරන ක්රියාවන් ගැන සාක්ෂි පැවසීමට අල්ලාහ් ප්රමාණවත් බව ඔහු පවසයි.

    දැන් තවත් වැකියක් බලන්න!

    ඔබලාට යම් පීඩාවක් ඇතිවූයේ නම්, එය ඔබලාගේ අත් උපයාගත් දේ හේතුවෙන්මය. තවද, ඔහු අධික දේවලට සමාව දෙයි. (ශු.කු.42:30)

    1.ඔබලාට යම් පීඩාවක් ඇතිවූයේ නම්, එය ඔබලාගේ අත් උපයාගත් දේ හේතුවෙන්මය:
    එනම් මිනිසාට යම් පීඩාවක් ඇතිවන්නේ නම් ඔහුගේ ක්රියාවම එයට හේතුව වේ.

    2. තවද, ඔහු අධික දේවලට සමාව දෙයි:
    නමුත් අල්ලාහ් මිනිසුන් කරන අයකම්වලින් බොහෝමයකට දඞුවම් නොකර සමාව දෙයි. එයට හේතුව ඔහු අසීමිත කරුණාවන්තයාය.

    2012/07/27 at 12:11 AM
  • fathima says:

    ලෝකේ පුරා මුස්ලිම් මිනිස්සු විදවන බව ඔබ දැක්කේ බටහිර මද්‍යෙන්.ලංකාව කිලින්ග් ෆීල්ඩ් එකක් කීවෙත් එයාලම තමෛ. මුස්ලිම් මිනිස්සුන්ව වේදනාවෙන් පරීක්ෂණ වලින් තොර ලොවක අල්ලාහ ට මවන්න උවමනාවක් නැහැ .හැමෝටම වගේ එයාලටත් ප්‍රශ්න එනවා.නමුත් දේව විශ්වාසය හා අද්යාත්මික දිඋනුව නිසා පොළොවේ පය තියල ජිවත් වෙනවා .මෙලොව ජීවිතය ඇත්තටම පරීක්ෂණයක් පමණි.සදාකල් ජිවත් වන්නේ ස්වර්ගයේ හෝ නරකාදියේ…මුස්ලිම් උනත් තමන් කරපු පව් වලට සමහර වෙලාවට මෙලොවදී ම දඩුවම් විදින්න සිද්ද වෙනවා.තමන්ගේ වැරදි හදාගෙන ජිවත් වෙන්න ජීවිතයේදී එන ප්‍රශ්න වෙලාවකට දායක වෙනවා .මුස්ලිම් වෙලා ඉපදීම නෙමෙඉ සුවිශේෂ වන්නේ මුස්ලිම් වෙලා මරණයට පත්වීම .

    2012/07/27 at 4:16 AM
  • Vishali says:

    අන්වර් මහතාණෙනි,ඔබ වැලඳ ගන්නා විට දෙමාපියන් කුමක් කීවේද?මම සිංහල,බැරිවෙලාවත් මම ඉස්ලාම් වුනොත් සමාජය කුමක් කියාවිද?ඔබගේ දෙමාපියනුත් ඉස්ලාමය වැළඳගත්තේද?

    2012/07/27 at 7:53 AM
    • Anver Manatunga says:

      මා මගේ පුද්ගලික කරුණු කියන්න කැමැත්තක් නැහැ. එය මට සහ පවුලේ අයට ප්‍රශ්නයක් විය හැකියි. කිසියම් කෙනෙකු තමන් අදහන දහම ගැන තීරණයක් ගතයුත්තේ අන්අය කෙසේ තමන් දිහා බලයිද? යන දේ ගැන සිතමින් නොවේ. අප දිනෙක මරණයට පත්වන්නේ තනිවමය. මරණින් මතු දිවියට අප මුහුණ දෙන්නේද තනිවමය. ඒ නිසා දහම ගැන තීරණය කළ යුත්තේද තනිවමය.

      2012/07/28 at 1:20 PM
  • adhahasak says:

    තමුසේ කවදාවත් පන්සලකට ගිහින් තියෙනවද?බනක් අහලා තියෙනවද?අටුවාවක්,ටීකාවක්,ටිප්පනියක් කියවලා තියෙනවද?නිකම් පොතක් දෙකක් කියවලා බුදු දහම ඔක්කොම දන්නවා කියලා හිතන්න එපා ඕයි.බුදු හාමුදුරුවෝ මස් වළඳුවා තමයි,එකට ඔහේ පෙන්නලා තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය විතරයි.පුලුවන්නම් කියවලා බලනවා සංයුක්ත නිකායේ මනාපදායි කියන සූත්‍රය.බුදු හාමුදුරුවෝ මස් විතරක් නෙවෙයි,පිළුණු වෙච්ච පිට්ටුත් වළඳලා තියෙනවා.එක වෙලාවක ආවික කියන බමුණා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ඔබ සතුන් මරන්න එපා කියලා මස් මාංශ අනුභවය අනුමත කරලා තියෙන්නේ ඇයි කියලා.ඒ වෙලාවේ බුදු හාමුදුරුවෝ දේශනා කරනවා,ඔබට නිවීමක් අවශ්‍ය නම් ඔබ ජීවිතය පවත්වාගෙන යා යුතුයි.එසේ නම් ඔබ ශරීරයට අහිතක් නොවන සහ කිසිවෙකුට හිරිහැරයක් නොවන පරිදි ආහාර ලබා ගත යුතුයි.ඔබ හැමවිටම සිතිය යුත්තේ මාර්ගඵල ලබා ගැනීමටයි.එනිසා ශරීරයට අහිතක් නොවන දෙයක් ලබාගෙන භාවනාවට සිත යොමු කරන්න.
    අනික තමයි ක්‍රිස්තියානි ආගමයි මුස්ලිම් ආගමයි එක්ක බුදු දහම සන්සන්දනය කරන්න යන්න එපා.ඒක නිකම් ඇතෙක් එක්ක කුරුමිණියෙක් සම කරනවා වගේයි,මුස්ලිම් ආගමේ අවාසානය කුමක්ද?ස්වර්ගය විතරයි නේද?ඉතින් බුදු හාමුදුරුවෝ ස්වර්ගය පෙන්නනවා,ඒක තියෙන්නේ නිවනින් පියවර 100 කට විතර කලින්.එහෙනම් ඔයාගේ ආගමේ ඉහලින්ම (අවසානයේ)පෙන්නන දෙය අපි දකින්නේ අපේ ආගමේ පහලින්ම තියෙන දෙයක් විදියට.ඉතින් අන්වර් ඔයාගේ ඔය බොලඳ තර්ක පොඩි ලමයින්ටයි,හරියට බුදු දහම නොදන්න අයටයි හොඳයි.මේ බ්ලොග් එකේ හරියට බුදු දහම දන්න කෙනෙක් අදහස් දක්වලා නෑ.බුදු හාමුදුරුවෝ මේ බ්ලොග් එක දැක්කානම් උන්වහන්සේ දේශනා කරන්නේ මොහුට(අන්වර්ට) හොඳ බුද්ධියක් තිබෙනවා කියලා විතරයි,මොකද ඔබ කිතුනුවෙක් ලෙස ඉඳලා එයට වඩා යම් පියවරක් ඉදිරියට ඇවිත් තියෙනවා.ඒත් ඔතන නතර වෙලා ඉන්න එපා.ඔයා බුදු දහමට වඩා ඉස්ලාමය හොඳයි කියලා ලෝකයටම කියන්න හදනවනම් ඒක ඉස්ලාමයට හොඳයි,ඊට වඩා දෙයක් නෑ.ඔයා දන්නවද?නබි තුමා භාවනාවක් වගේ දෙයක් මාස 3ක පමන කාලයක් වර්ධනය කලා කියලා?නමුත් එතුමාගේ මූලික අදහස එතනින් එලියට ගියේ නෑ කියලත් දන්නවද?

    2012/07/27 at 8:50 AM
    • Anver Manatunga says:

      මා බුදුරජාණන් වහන්සේ‍ මාංශ වලදා ඇති බව උපුටා දැක්වුයේ බොදුනුවන් විසින් එසේ නැති බව පවසා තිබුණ නිසා. මට පෙනෙන ආකාරයට මට වඩා බුදු දහම ගැන දැනුම නොමැත්තේ ඔබලා‍ගේම අයටයි. බැරිද ඒ අයටත් බුද්ධාගම උගන්වන්න පංතියක් දැම්මොත්.

      කිසිකෙනෙකුට දුක්සහිත දේවල් ආහාරයට නොගෙන ජීවත් වෙනවා නම් ඔබට ඉන්න වෙන්නේ බඩගින්නේ. වතුර උගුරක්වත් බොන්න බැහැ. මොකද ඒකෙත් ජීවීන් සිටින නිසා. දැන් විද්‍යාඥයන් සොයා ගෙන ඇති පරිදි ගස්වැල් වලටත් හැගීම් දැනීම් තියෙනවා. ඒ නිසා ගස්වැල් වලටත් දුක ඇති වෙනවා.

      ඔබලා නිවන අවසානය බවට විශ්වාස කරනවා. අපි ස්වර්ගය අවසාන බවට විශ්වාස කරනවා. ඔබලා නිවන ස්වර්ගයට පහලින් කියා සිතනවා. අප නිවන යනු අතිශයෝක්තියක් කියා විශ්වාස කරනවා. ඒවා ආගම් ඇතුලත තිබෙන වෙනස්කම්.

      මට තවත් ඉදිරියට එන්න කියන්න ඔබ ඉදිරියට ඇවිත් තිබෙනවාද? ඔබ ඉස්ලාම් ගැන දන්නවාද? ඔබ කිතුණු දහම ගැන දන්නවාද? ඔබ බුදු දහම ඔබේ දහම බවට තීරණය කළේ අන්දහම් දැනගෙන ඒවාත් සමග සසදලාද?

      නබි තුමාණන් භාවනාවක් මාස 3ක් පමණ වර්ධනය කළ බවට සදහන් වන්නේ කොහේද? කරුණාකර එය සදහන් කරන්න. එවිට අපි ඒ ගැන කථා කරමු.

      2012/07/28 at 5:37 PM
  • kalane malka says:

    mr anvar
    uputaganima..dan viddyanayan soyagena thiyanava gasval valatath hagim danim athibava.

    habai viddyanayan soyagaththa parinama vadaya me lokaya upatha vani da muslim agame saha kristhiyani agame pilegannena ( diviyange mavim vashayan own hadunvanava.)me gana obagen dana ganimata kamathi.

    2012/07/28 at 10:38 PM
    • Anver Manatunga says:

      සහෝදරීය ඔබට දැන් මට විද්‍යාව පාඩමත් උගන්නන්න වෙලා. කමක් නැහැ. විද්‍යාවේ තියෙනවා සිද්ධාන්ත සහ උපකල්පන කියා දෙකක්. කිසියම් දෙයක් ගැන විද්‍යාඥයන් පරීක්ෂණ පවත්වලා එහි අවසාන නිගමනයට එළඹුන විට සිද්ධාන්තයක් හමුවේ. නමුත් කිසියම් දෙයක් අරබයා විද්‍යාඥයන් මේ වන තෙක් පරීක්ෂණ පවත්වා අවසන්ව නැති එසේ පරීක්ෂන කිරීමට තවම අපහසු දේ සම්බන්ධව නොයෙකුත් විද්‍යාඥයන් උපකල්පන පවසති. ඒවා සත්‍ය විය හැකි යැයි සිතුවද කල්පිතයන්ය. පරිණාමවාදයත් තවම කල්පිතයකි.

      ගස්වැල් ගැන මම කිව්වේ විද්‍යාඥයන්ගේ මතයක් නොව සොයා ගැනීමකි.

      2012/07/28 at 11:33 PM
  • kalane malka says:

    mr anvar mata oya viddyava padam ugannana apa.mama a/leval walata viddyavathamai kale.
    gas val gana soyaganima kage vadakda? obageda?

    2012/07/29 at 9:40 PM
    • Anver Manatunga says:

      ඔබට අමතකවු දෙයක් මම මතක් කර දුන්නා. අපේ රටේ බොහෝ දෙනෙක්ට ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙනකොටම ඉගෙන ගත්ත දේවල් අමතක වෙනවා. කෙසේ වුවත් මට ඔබට විද්‍යාව පාඩම කරන්න වුනේ ඔබට පරිණාමවාදය උපකල්පනයක් බව පෙන්නා දෙන්නයි. මොකද ඒ වෙනකන් ඔබ පරිනාමවාදය උපකල්පනයක් බව දැනගෙන හිටියේ නැහැ. ඒකනේ ඒ වගේ මෝඩ ප්‍රශ්නයක් ඇහුවේ?

      gas val gana soyaganima kage vadakda? obageda? මේකත් අදාල නැති මෝඩ ප්‍රශ්නයකි.

      2012/07/30 at 12:36 AM
  • Tsunami says:

    Yes. Indian Scientist Dr. Jagadishchandra Bose invented a instrument named crescograph & did many experiments on plants.
    The great biologist, who showed those plants, too can feel in their own way. He saved money:he bought a small laboratory and built his equipment; and scientists in Europe and America wondered at his discoveries. A true patriot and a great man.
    Suppose there is a lush green plant and its leaves are a sparkling green in the shining sunlight. We feel like pulling out a leaf to feel it. But we do not think of what goes on inside the plant. May be, we feel that the plant does not suffer like us. But the plant does suffer. In fact the pulsation of the plant stops where the leaf was plucked. In a short time the pulsation again begins at the spot, but this time very slowly. And then it completely stops. That spot is as good as dead for the plant.

    It was Jagadishchandra Bose, an eminent Indian scientist, who explained that plants also suffer pain like us. Though he wored in other fields of science, he is best know for his research into the life of plants.

    He forwarded a theory for the ascent of sap in plants in 1927, his theory contributed to the vital theory of ascent of sap. According to his theory the pumping action of the living cells in the endodermis junction were responsible for the ascent of sap in plants.

    He was skeptical about the the-then most popular theory in ascent of sap, the tension-cohesion theory of Dixon and Joly, first proposed in 1894. His skepticism on the same turned true when Canny proposed the most successful ‘The CP theory’ backed by strong experimental evidence. Canny experimentally demonstrated the sort of pumping in the living cells in the junction of the endodermis, which JC Bose demonstrated 60 years earlier.

    His research in plant stimuli were pioneering, he showed with the help of his newly invented crescograph that plants responded to various stimuli as if they had nervous systems like that of animals. He therefore found a parallelism between animal and plant tissues.

    His experiments showed that plants grow faster in pleasant music and its growth retards in noise or harsh sound. This was experimentally verified later on. His major contribution in the field of biophysics was the demonstration of the electrical nature of the conduction of various stimuli (wounds, chemical agents) in plants, which were earlier thought to be of chemical in nature. These claims were experimentally proved by *Wildon et al (Nature, 1992, 360, 62–65). He also studied for the first time action of microwaves in plant tissues and corresponding changes in the cell membrane potential, mechanism of effect of seasons in plants, effect of chemical inhibitor on plant stimuli, effect of temperature etc,. And all studies were pioneering. He claimed that plants can “feel pain, understand affection etc,” from the analysis of the nature of variation of the cell membrane potential of plants, under different circumstances. According to him a plant treated with care and affection gives out a different vibration compared to a plant subjected to torture.
    Jagadish Chandra Bose (1858-1937), physicist, plant physiologist, and founder of the Bose Research Institute in Calcutta. He was one of the first to find a link between botanical and physical sciences. His Crescograph could detect plant growth of one-millionth of a millimetre of a second. In 1899, he invented the Coherer, an early radio receiver that was the model for Marconi’s wireless of 1901.

    Dr. Bose expounded on the ‘nervous mechanism’ of plants – the ability of plants to recognize and react to the individual who has committed an act of violence (particularly toward a plant) in their ‘presence’. He studied other plant topics, including photosynthesis.

    From yahoo answers

    2012/07/30 at 5:24 PM
  • ඩිලාන් says:

    කොහෙද යන්නෙ, මල්ලෙ පොල් :)

    2012/07/30 at 11:04 PM
  • kalane malka says:

    mr anvar mama moda prasna ahawvina.oba yam kisedeyak ediripath karanvanam aya harihati pahadadima oba sathu vagakimak.aya etu karanna.
    mama navathath ahane oba kumana padanamakinda kiyanne gas val valata hagim danim athibava.aya pahadili nokara apita modayanyai kima miharak vadak.

    2012/07/31 at 2:41 PM

Your email address will not be published. Required fields are marked *

*