Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය

Anver Manatunga | අන්වර් මනතුංග බ්ලොග් අඩවිය -

ජපානය තුල ඉස්ලාම් දහම පිළිබඳ තොරතුරු විකෘති කර දැක්වීම

ජපාන මුස්ලිම් දැරියක්

ජපාන මුස්ලිම් දැරියක්

ආගම්බේධවාදීන් සිය මතවාද පතුරවන්නට විවිධ ආකාරයේ උපක්‍රම භාවිතා‍ කරති. මා ළඟදී දුටු ‍අන්තර්ජාල පෝස්ටරයක පලවුයේ ජපානයේ මුස්ලිම් වරුන්ට එරෙහිව තිබෙන ජපාන ප්‍රතිපත්තියක් ගැනයි. මෙය පලකර තිබුණේ සිංහ හඬ ලෙස පෙනී සිටින හිවල් හඬ විසිනි. මෙය ජනතාව මුලා කරන අසත්‍ය එකක් බව පෙනුනු නිසා මම ජනතාවට නිවැරදි තොරතුරු දැක්වීමට මේ ලිපිය ලිවීමට තීරණය ‍කළෙමි.

 

හිවල් හඩ පෝස්ටරය

හිවල් හඩ පෝස්ටරය

 

සුපුරුදු පරිදි සිංහල බොදුනු ජනතාව අතර ජාතිවාදය සහ ආගම්වාදය ඇවිල වීමට ඔවුන් විසින් යොදාගෙන තිබුනේ අසත්‍ය ප්‍රවෘත්තීන්ය. මෙය ඔවුන් උපුටා ගෙන ඇත්තේ තවත් අන්තවාදී බ්ලොග් අඩවියකිනි. ඔවුන්ගේ ලිපිය මම පහත උපුටා දක්වමි.

 

උපුටා ගැනීම

ඔබ කිසි දිනෙක මුස්ලිම් නායකයෙක් හෝ එම අගමැතියෙක් ජපාන සංචාරයක නිරතවූවා යැයි අසා ඇතිද? ඉරාන හෝ සෞදි රජුන් ජපානයට පා තැබූ බවක් අසා ඇතිද?

මෙන්න ඒ ස්වර්ණමය හේතු:

ජපානය මුස්ලමානු ජාතියට පුරවැසිභාවය නොදෙන ලොව ඇති එකම රටයි.

ජපානයේ ස්ථිර පදිංචිය මුස්ලිමුන්ට කිසිවිට ප්‍රදානය නොකරයි

ඉස්ලාම් ව්‍යාප්තිය වැළක්වීමට ජපානය ශක්තිමත් වාරණයන් යොදා ඇත

නින්දිත අරාබි භාෂාව හෝ ඉස්ලාමීය වෙනත් භාෂා කිසිවක් ජපන් විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නැත

පිළිකුල් සහගත අරාබියෙන් ලියූ කුරානය ජපානයට තහනම් ආනයන භාණ්ඩයකි

රජයේ වාර්ථා අනුව ලක්ෂ දෙකක් වූ ජපාන ඉස්ලාම් ජනතාවක් දරා සිටීමට තරම් ජපානය අවාසනාවන්ත වන නමුත් ඔවුන් සියල්ල සිය ආගමික කටයුතු හා ගෝත්‍රික ඇදහිලි ජපන් භාශාවෙන් පමණක් කරන ජපන් කථාකරන පහත් ජන කොටසකි.

නොගැනිය හැකි තරම් කුඩා තානාපති කාර්යාල සංඛ්‍යාවක් ඉස්ලාම් රටවල ඇති එකම රට ජපානයයි.

ශ්‍රේෂ්ඨ ජපන් ජාතිය ඉස්ලාමයට කෙසේවත් ආකර්ෂණය නොවේ
ජපානයේ සිටින ඉස්ලාමිකයන් විදෙස් ව්‍යාපාර වල සේවකයන්ය
විදේශ සමාගම් වලින් එවන ඉස්ලාම් දොස්තර, ඉංජිනේරු හෝ පරිපාලක කිසිවෙකුට අදටත් ජපානය වීසා නිකුත් නොකරයි.

බහුතරයක් ජපන් ව්‍යාපාර ස්ථාන වල නීති මාලාවෙන්ම ඉස්ලාමිකයන්ට රැකියා ඉල්ලීමට තහනම් කර තිබේ.

ජපන් රජය මුස්ලිමුන්ගේ අන්තවාදී බව නිවැරදිව දැකීමට තරම් වාසනාවන්ත වී ඇති අතර, කිසිම හේතුවක් නිසා සිය නීති වෙනස් නොකිරීමට තරම් බලවත් ජාතියක් වී සිටී.

ජපාන කුළී නිවසක් ලබා ගන්නවා තබා සිතීමටවත් මුස්ලිමුන්ට නොහැකිය.

යමෙක් සිය අසල්වැසියා මුස්ලිම් බව දැනගතහොත් මුළු ප්‍රදේශයේම ජනතාව ඔවුන්ගැන අවධානයෙන් සිටීමට තරම් දේශප්‍රේමී වේ.

ජපානය තුල අරාබි හෝ ඉස්ලාමීය මදර්ස (පාසැල්) විවෘත කිරීමට තරම් ජගතෙක් නැත.

ජපානය තුල, ලංකාවේ යෝනක නීතිය මෙන් පුද්ගලික නීති වර්ග නැත.

ජපන් කාන්තාවක් මුසල්මානුවෙක් හා විවාහ වීම ඇයගේ වරිගය නසා ගැනීමකි, ඇයව සමාජයෙන් ප්‍රතික්ෂේප වේ.

ටෝකියෝ විශ්ව විද්‍යාලයේ අධිපති කොමිකෝ යාගි මහතාට අනුව ජපානයේ පිළිගැනීම නම් ඉස්ලාමය පටු අදහස් ඇති ලබ්ධියක් බවත් සියල්ලෝම එයින් ප්‍රවේශම් විය යුතු බවත්ය.

නිදහස් ඉස්ලාම් ලේඛක මොහොමඩ් ජුබර් 9/11 ඉස්ලාම් ප්‍රහාරයෙන් පසු බොහෝ ඉස්ලාම් රටවලට ගියේය. ජපානයට පවා ගියේය. ඔහුගේ සොයාගැනීම වූයේ අන්තවාදීන්ට ජපානය තුල කලහැකි කිසිවක් නැතිබව ජපනුන්ට සහතික බවයි.

මේ නීති අපේ රටටත් ගෙනාවනම් මේ රට මීට වඩා ලස්සන කරන්න අපිට පුලුවන්…

උපුටා ගැනීම අවසන්

 

මේ පෝස්ටරයේ සහන් වුයේ ජපානයට මුස්ලිම් රටවල නායකයන් නොයන බවයි. පලමුව එය වැරදි බව සනාථ කිරීමට අරාබි ලොව ප්‍රබලම රටවල් දෙකක තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම ඇති යැයි සිතමි.

 

සෞදි අරාබිය

සෞදි අරාබි ඔටුන්න හිමි සුල්තාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් කුමරා 2006 දී ජපාන සංචාරයක යෙදී ඇති අතර 2007 වසරේදී ජපාන අගමැති ශින්සෝ අබේ සෞදි අරාබි රාජ්‍යයේ සංචාරය කර ඇත්තේ සෞදි රජ අබ්දුල්ලාගේ ආරාධනයකිනි. (මේ ගැන බලන්න http://www.mofa.go.jp/region/middle_e/saudi/)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ඩුබායි

2011 මැයි මස 29 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති සහ ඩුබායි හි පාලක වන ශේක් මොහොමඩ් බින් රාශිද් අල් මක්තූම් ජපානයේ සංචාරය කර ඇත. (බලන්න http://japanracing.jp/_news2011/110530-02.html)

 

ගිෆු මුස්ලිම් පල්ලිය

ගිෆු මුස්ලිම් පල්ලිය

 

ජපානයේ වත්මන් ජනගහනය 127,000,000 (එක්කෝටි විසි හත් ලක්ෂයක්) වන අතර එයින් ජපාන මුස්ලිම් ජනගහනය 100,000 ක් පමණ වේ. ඔවුන්ගෙන් බහුතරය ජපන් නොවන ජාතිකයන්ය. ජපාන ජාතික මුස්ලිම් වරුන් 10,000 ක් පමණ වන බව ගණන් බලා ඇත. ජපාන ජාතික ඉමාම් වරු 5 දෙනෙක් සිටිති. මේ වන විට ජපානය තුල මුස්ලිම් පල්ලි 50 ක් පමණ වන බව ගණන් බලා ඇත. ඒවා විවිධාකාරවු මුස්ලිම් සංස්කෘතික ශෛලි වලට අනුව නිමවා තිබීමද සුවිශේෂී කරුණකි.

 

මීට අමතරව කලින් නිවාස වශයෙන් තිබුණු ස්ථාන 15 ක්ද නැමදුම් ස්ථාන වශයෙන් වෙනස් කර භාවිතා කරන්නේ ඒ ප්‍රදේශ වල මුස්ලිම් පල්ලි නොමැති නිසාවෙනි. ඉංග්‍රීසි විකිපීඩියාව පවසන්නේ මෙවැනි නැමදුම් ස්ථාන 100 ක් පමණ ජපානයේ තිබෙන බවයි. බලන්න http://en.wikipedia.org/wiki/Islam_in_Japan#cite_note-12

 

ජපානයේ අරාබි පන්ති

ජපානයේ අරාබි පන්ති

අරාබි බස ගැන කථා කරනවා නම් ජපානය තුල මුස්ලිම් වරුන්ට පමණක් නොව නොවන්නන්ටද අරාබි බස ඉගෙනීමට ජපානයේ ඉඩ පහසුකම් සලසා ඇත. 1987 වසරේදී අකිරා හිනෝකි Akira Hinoki විසින් මෙය ආරම්භ කර ඇත. වර්තමානයේ මෙය සෞදි රජයේ අනුග්‍රහයෙන් දියත් කරන්නාවු වැඩසටහනකි.

 

ජපාන මුස්ලිම් ජනගහනය අඩු නිසා ජපානය තුල හලාල් අවන් හල් සුළු වශ‍යෙන් දක්නට තිබෙන අතර හලාල් ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට මුස්ලිම් පල්ලි අසල කඩසාප්පු දැකගත හැක. සයිටමා සහ ටෝකියේ යන නගර දෙකෙහි හලාල් සත්ත්ව ඝාතකාගාර දෙකක් ඇති අතර ඊට අමතර ආහාර අවශ්‍යතාවන් වලට විදෙස් මගින් හලාල් නිශ්පාදන ආනයනය කරති.  

 

හලාල් අලෙවිසැලක්

හලාල් අලෙවිසැලක්

ජපාන මුස්ලිම් සංගමය විසින් කරවන ලද ජපාන බසින් අල්-කුර්ආන පරිවර්තනයක්ද තිබේ. එය පරිවර්තනය කර තිබුණේ උමර් මිටා Umar Mita නම් වු අයෙකු විසිනි. ඔහු ඉස්ලාම් වැලඳගෙන තිබෙන්නේ චීනයෙනි. ඔහු විසින් ලියන ලද අනෙකුත් කෘති අතර මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගේ චරිතාපදානයද සුවිශේෂය.

 

ජපානය ෂින්ටෝ සහ බුදු දහම අදහන අය බහුතරයක් සිටින රටක් වුවද ඔවුන් අතර ආගමික විශ්වාසයන් ඉතාමත් අඩුය. බොහෝ දෙනෙකු උපතින් ආගමිකයන් වුවද ඔවුන් සිටින්නේ ආගමක් නොමැති අය මෙනි. එනිසා ජපාන ජනතාව අතර අන්‍යාගමිකයන් ගැන වෛරී අදහස් ඉතාමත් අඩුය. ඔවුන් අනෙක් ආගම් අදහන අය ඔවුන්ගේ පාඩුවේ තම දහම ඇදහීම ගැන සොයා නොබලති. ජපානය දියණු රටක් නිසා එහි ජනතාව අනෙක් ජනවර්ග කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොබලති.‍ ඒ නිසා ඔවුන් අතර ආගම් බේධය සහ ජාති බේධය නොමැති තරම්ය.   

 

හිවල් හඬ වැනි අන්තවාදීන් විසින් සිංහල බෞද්ධ ජනතාව අතර ආගම්වාදය වැපිරවීම සඳහා නොයෙකුත් ආකාරයේ බොරු තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව අප විසින් බොහෝ වර ජනතාව දැනුවත් කර ඇත. නමුත් තවදුරටත් ඔවුන් මෙවැනි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ තවදුරටත් ඉන් ජනතාව මුලාවන බව ඔවුන් සිතන නිසා විය යුතුය. කෙසේ නමුත් ඉස්ලාම්ට එරෙහිව අසත්‍ය ‍තොරතුරු ඉදිරිපත් කරන විට අප එයට එරෙහිව නැගී සිටීම ඉදිරියේදීද සිදුවනු ඇත.

 

වැඩිදුර විස්තර සඳහා බලන්න  http://www.muslimpopulation.com/asia/Japan/Muslims%20in%20Japan.php , http://islamicmonitor.blogspot.com/2011/05/islam-and-muslims-in-japan.html

  • faizal says:

    පුන්නක්කු බලකායේ කී බෝඩ් විරුවෙනි ‘ෆයර්’ ‘ෆයර්’ ‘ෆයර්’

    2012/07/29 at 11:35 AM
  • Mohammed says:

    Weldone Anvar bro, keep the good work up

    2012/07/29 at 12:22 PM
  • asd says:

    ලිදේ ඉදගේන මුන් ජපානයක් ගැන කතා කරනවා, මෝඩයන් චුන් කරන්න මෝඩ අතල් , ඉදිරියට අසද දන්නේ නැ බුදුහාම්දුර්වෝ නමින් පේජ් එකක මේවගේ ෆොටෝස් පළවෙනවට , ඊටපස්සේ අඩලා කියන්න එපා හිවල් කොල්ලෝ මේවා තම ජාතිබේද කියල

    2012/07/29 at 12:23 PM
  • uzipunk says:

    for an example: http://www.youtube.com/watch?v=BPa4OPuYQs0

    2012/07/29 at 1:26 PM
  • rikaz says:

    Dear Anver,
    these guys are born mutts. there is no doubt about it. they dont realize as muslim we dont insult thier religion,leader, or anything.. however see how they talk, behave & insult islam. this point is enough to show how low grade, low life, and mentally retarted they are.

    2012/07/29 at 2:06 PM
    • jalasthi says:

      brotha rikaz assalamo alykum,

      since we are muslim we have to treat and cure their illness through proper medication like the way how our beloved bro anwar does.

      barakallah feek,

      2012/07/29 at 3:55 PM
  • Mr. Who-2 says:

    අනේ මෝඩ හිවලුන්.

    ජපානේ මුස්ලිම් අය දස දහස් ගනනක් සිටින අතර, එතැන මුස්ලිම් පල්ලි බිහිවීම සිදුවනේ එක්දහස් නමසිය තිස් ගනන් සිටය.
    http://en.wikipedia.org/wiki/Islam_in_Japan

    2012/07/29 at 3:10 PM
  • අම්මාර් says:

    අන්වර්ගෙන් හිවල් හඬට තවත් කනේ පහරක් !!! ලැජ්ජාවක් , කොන්දක් තියෙන උන් නම් අදම ඔය නපුන්සක වැඩේ නවත්තගනීවී.

    2012/07/29 at 3:18 PM
  • bunanm says:

    එල ලිපිය bro අන්වර් ….. හිවල් හඬේ මෝඩ ආතල්…..හිකිස් …

    2012/07/29 at 3:18 PM
  • kiyas says:

    පච කෙල කෙල ඉන්න හිවල් හඞට මුස්ලිම් හඞෙන් පිළිතුරක්!

    පච හඞෙන්: {ඔබ කිසි දිනෙක මුස්ලිම් නායකයෙක් හෝ එම අගමැතියෙක් ජපාන සංචාරයක නිරතවූවා යැයි අසා ඇතිද? ඉරාන හෝ සෞදි රජුන් ජපානයට පා තැබූ බවක් අසා ඇතිද?}

    මුස්ලිම් හඞෙන්: අපිනං ගිය බව අසා තිබේ. පච කෙලින ඔයාලා දන්නේ නැත්නම් දන්න කෙනෙකුගෙන් අහගන්න!

    පච හඞෙන්: {මෙන්න ඒ ස්වර්ණමය හේතු}

    මුස්ලිම් හඞෙන්: මේවා ස්වර්ණමය හේතූන් නොවේ. ලොකු ලොකු බේගල්ය.

    පච හඞෙන්: {ජපානය මුස්ලමානු ජාතියට පුරවැසිභාවය නොදෙන ලොව ඇති එකම රටයි.}

    මුස්ලිම් හඞෙන්: ජපානය ලංකාවේ මුස්ලිම්රුන්ටත් පුරවැසිභාවය දී තියෙනවා! හැබැයි ලොකේම ලොකු පච කෙලින අය ඉන්නේ ලංකාවේය. ඒක අපි පිළිගන්නවා!

    පච හඞෙන්: {ජපානයේ ස්ථිර පදිංචිය මුස්ලිමුන්ට කිසිවිට ප්ර දානය නොකරයි}

    මුස්ලිම් හඞෙන්: ස්ථීර පදිංචිය කියන්නෙත්, පුරවැසිභාවය කියන්නේත් මොකක්ද කියලා සිංහල දන්න අයගෙන් අහලා දැනගන්න!

    පච හඞෙන්: {ඉස්ලාම් ව්යාිප්තිය වැළක්වීමට ජපානය ශක්තිමත් වාරණයන් යොදා ඇත.}

    මුස්ලිම් හඞෙන්: මෙය බොරුවකි. ලංකාවේත් එහෙම නීති දමලා නැහැ. හැබැයි බේගල් හලන අන්තවාදී පිරිසකට එසේ දැමිය යුතු ඕනෑකමක් ඇති වී තියනවා!

    පච හඞෙන්: {නින්දිත අරාබි භාෂාව හෝ ඉස්ලාමීය වෙනත් භාෂා කිසිවක් ජපන් විශ්වවිද්යාතල වල උගන්වන්නේ නැත}

    මුස්ලිම් හඞෙන්: භාෂාවන් අතර නින්දිත භාෂාවක් කියලා ලෝකයේ නැහැ. හැබැයි නොහික්මුණු සමහර අන්තවාදීන් නින්දිත භාෂාවලින් මුස්ලිම්වරුන්ට බැණ වදිනවා! මේක භාෂාවේ වැරැද්දක් නෙමේ. භාෂාව උපයෝගී කරන්නාගේ නැහැදිච්ච කමයි.

    ඉස්ලාමීය භාෂාව කියලා ලෝකයේ භාෂාවක් නැහැ. ලෝකයේ හැම භාෂාවෙන්ම මුස්ලිම්වරුන් කථා කරනවා!

    පච හඞෙන්: {පිළිකුල් සහගත අරාබියෙන් ලියූ කුරානය ජපානයට තහනම් ආනයන භාණ්ඩයකි}

    මුස්ලිම් හඞෙන්: ජපානයේ ඕනෑ තරම් කුර්ආනය තියනනවා!

    පච හඞෙන්: {රජයේ වාර්ථා අනුව ලක්ෂ දෙකක් වූ ජපාන ඉස්ලාම් ජනතාවක් දරා සිටීමට තරම් ජපානය අවාසනාවන්ත වන නමුත් ඔවුන් සියල්ල සිය ආගමික කටයුතු හා ගෝත්රි ක ඇදහිලි ජපන් භාශාවෙන් පමණක් කරන ජපන් කථාකරන පහත් ජන කොටසකි.}

    මුස්ලිම් හඞෙන්: සිංහලයින් අතර වාගේ මුස්ලිම්වරුන් අතර කුල භේද නැහැ. අඩු කුලය, හොඳ කුලය, රොඩී කුලය ඔය ඔක්කොම තියෙන්නේ ඔයගොල්ලා ගාව!

    පච හඞෙන්: {ශ්රේලෂ්ඨ ජපන් ජාතිය ඉස්ලාමයට කෙසේවත් ආකර්ෂණය නොවේ}

    මුස්ලිම් හඞෙන්: ඒකටත් වාසනාවක් තියෙන්න ඕනෑ. කරුමෙ තමයි ඵල දෙන්නේ! ඒකට අපි මොනව කරන්නද?

    පච හඞෙන්: {ජපානයේ සිටින ඉස්ලාමිකයන් විදෙස් ව්යා.පාර වල සේවකයන්ය}

    මුස්ලිම් හඞෙන්: ජපානයේ සිටින ශ්රීලාංකික බෞද්ධයින් ඒ ව්යාපාරවල අයිතිකරුවන්ද?

    පච හඞෙන්: {විදේශ සමාගම් වලින් එවන ඉස්ලාම් දොස්තර, ඉංජිනේරු හෝ පරිපාලක කිසිවෙකුට අදටත් ජපානය වීසා නිකුත් නොකරයි.}

    මුස්ලිම් හඞෙන්: ඔයා වීසා කවුන්ටරයට ගිහිං බලන් හිටියද?

    පච හඞෙන්: {බහුතරයක් ජපන් ව්යාටපාර ස්ථාන වල නීති මාලාවෙන්ම ඉස්ලාමිකයන්ට රැකියා ඉල්ලීමට තහනම් කර තිබේ.}

    මුස්ලිම් හඞෙන්: එහෙම තත්ත්වයක් ලංකාවේ ඇති කිරීමට ඔයාලට ඕනෑවී තිබේ.

    පච හඞෙන්: {ජපන් රජය මුස්ලිමුන්ගේ අන්තවාදී බව නිවැරදිව දැකීමට තරම් වාසනාවන්ත වී ඇති අතර, කිසිම හේතුවක් නිසා සිය නීති වෙනස් නොකිරීමට තරම් බලවත් ජාතියක් වී සිටී.}

    මුස්ලිම් හඞෙන්: එහෙනං ඔයගොල්ල අවසානාවන්තයෝද?

    පච හඞෙන්: {ජපාන කුළී නිවසක් ලබා ගන්නවා තබා සිතීමටවත් මුස්ලිමුන්ට නොහැකිය}.

    මුස්ලිම් හඞෙන්: මෙහෙම නීතියක් ලංකාවේ දාගත්තොත් මරුයි නේද?

    පච හඞෙන්: {යමෙක් සිය අසල්වැසියා මුස්ලිම් බව දැනගතහොත් මුළු ප්ර්දේශයේම ජනතාව ඔවුන්ගැන අවධානයෙන් සිටීමට තරම් දේශප්රේ මී වේ.}

    මුස්ලිම් හඞෙන්: ගෙවල් කුලියට ලැබෙන්නේ නැත්නම් අසල්වැසියෙක් කොහොමද මුස්ලිම් වෙන්නේ? බොරු කියලා මාට්ටු වුනානේද?

    පච හඞෙන්: {ජපානය තුල අරාබි හෝ ඉස්ලාමීය මදර්ස (පාසැල්) විවෘත කිරීමට තරම් ජගතෙක් නැත.}

    මුස්ලිම් හඞෙන්: අවශ්යතාවයන් ඇති වන විට නිකම්ම වේවි!

    පච හඞෙන්: {ජපානය තුල, ලංකාවේ යෝනක නීතිය මෙන් පුද්ගලික නීති වර්ග නැත.}

    මුස්ලිම් හඞෙන්: පුද්ගලික නීති තියෙන්නේ තමන්ගේ ගෙවල්වල. ලංකාවේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමත වූ නීතිය. මේවා ගැන දැනගන්න, නිකං ඉන්න වේලාවක ඉස්කෝලේ පැත්තට ගිහිල්ල එන්ඩ.

    පච හඞෙන්: {ජපන් කාන්තාවක් මුසල්මානුවෙක් හා විවාහ වීම ඇයගේ වරිගය නසා ගැනීමකි, ඇයව සමාජයෙන් ප්ර:තික්ෂේප වේ.}

    මුස්ලිම් හඞෙන්: මුස්ලිම් නොවන කාන්තාවක් විවාහ කරගැනීම ඉස්ලාමය තහනම් කරලා තියනවා!

    පච හඞෙන්: {ටෝකියෝ විශ්ව විද්යාාලයේ අධිපති කොමිකෝ යාගි මහතාට අනුව ජපානයේ පිළිගැනීම නම් ඉස්ලාමය පටු අදහස් ඇති ලබ්ධියක් බවත් සියල්ලෝම එයින් ප්රඅවේශම් විය යුතු බවත්ය.}

    මුස්ලිම් හඞෙන්: කරුමෙ ඔලුව උඩ කැරකෙන කොට කාටවත් වළක්වන්න බැහැ.

    පච හඞෙන්: {නිදහස් ඉස්ලාම් ලේඛක මොහොමඩ් ජුබර් 9/11 ඉස්ලාම් ප්රනහාරයෙන් පසු බොහෝ ඉස්ලාම් රටවලට ගියේය. ජපානයට පවා ගියේය. ඔහුගේ සොයාගැනීම වූයේ අන්තවාදීන්ට ජපානය තුල කලහැකි කිසිවක් නැතිබව ජපනුන්ට සහතික බවයි.}

    මුස්ලිම් හඞෙන්: අන්තවාදීන්ට කිසිවක් කල නොහැකිව, ලංකාව තුළ පච කෙල කෙල ඉන්න පුළුවන් කියලා හොඳටම තේරෙනවා!

    පච හඞෙන්: {මේ නීති අපේ රටටත් ගෙනාවනම් මේ රට මීට වඩා ලස්සන කරන්න අපිට පුලුවන්…}

    මුස්ලිම් හඞෙන්: ඔය නිති ජපානයට අරංගියා නං, ජපානයත් ලංකාව වගේ ලස්සන රටක් වේවි!

    වැදගත් කරුණක්! ලංකාවේ තියෙන බුදු දහම ගැනයි ජපානයේ තියෙන බුදු දහම ගැනයි ඇයි කථා නැත්තේ?

    ලංකාවේ බුදු දහම: බුදුන් වහන්සේ සසර කල කිරිල, තමාගේ බිරියවයි දරුවයි දමා සත්ය සොයන්න කැලෑ ගියා කියලා බෞද්ධ කථා පවසනවා! ඒකට අනුව දැන් ඉන්න හාමුදුරුවරු කැලේ යන්න නැතිව, පන්සල්වලට වෙලා ඉන්නවා. විවාහ නොකර ඉන්නවා. අනුන් ගෙනත් දේ හොඳට කාලා ඉන්නවා.

    ජපානයේ බුදු දහම: මෙහෙම අතහැරලා දාලා යන එක හොඳ වැඩක් නෙවෙයි කියලා ජපන්නු තේරුම් ගත්තා. ඒ හින්ද ඒගොල්ලන්ගේ හාමුදුරුවරු කසාද බඳිනවා. ළමයි ඉන්නවා. රක්ෂා කරනවා. මහන්සියෙන් හම්බ කරලා කනවා.

    රටවල් දෙකේ තියෙන බුද්ධාගම දෙපාරක යන ගමනක්. මේ හින්දම ජපානයේ හාමුදුරුවරු අනුන් අවුස්සන වැඩවල් කරන්නේ නැහැ. හේතුව ඔයවගේ වැඩවල යෙදිල කාලය නාස්ති කරන්න ඒ ගොල්ලන්ට වේලාවක්නැහැ.

    ලංකාවේ හාමුදුරුවරුන්ට කන්ට නිකං හම්බවෙනවා. ඒ හින්ද කාලා නිකං ඉන්ඩ බැරුවට අනික් මිනිසුන්ව උසි ගන්වනවා. මං හිතනවා ලංකාවයි ජපානයයි අතර ඇති වෙනස දැන් තේරිලා ඇති වගේ.

    2012/07/29 at 4:02 PM
  • mohamed shaffy says:

    එළකිරි සහෝදරයා දේශදෞහි හිවලුන්ට කටඋත්තරනැහැ .

    2012/07/29 at 7:20 PM
  • kalane malka says:

    danata samakami japanaya muslim aya giyath japanayeda apachara,maragena marena bomba karuvan vane muslim anthavadivada siduvevi.pls a menissuntavath ounge paduve enna denna.

    2012/07/29 at 9:29 PM
    • Anver Manatunga says:

      එහෙ ප්‍රශ්න ඇති වන්නේ මුස්ලිම් වරුන් සිටියොත් නෙමේ. ඔබලා වගේ අනුන්ගේ දියුණුව ඉවසන්න බැරි ඉරිසියා කාරයෝ සිටියොතින්ය. අද ලංකාවේ සිදුවන්නේද එයයි. මුස්ලිම් වරුන්ගේ ජනගහනය වැඩි වීමයි ඔවුන් ආර්ථිකව ශක්තිමත් වීම වැනි දේ ගැන ඉරිසියා කරමින් පුපුර පුපුර ඉන්නවාට වඩා දෙයක් නොකරති.

      2012/07/30 at 12:31 AM
  • fathima says:

    ඔහොම බොරු කියල ප්‍රචාරය කලාම බුදු දහම අනුව ලබන ආත්මේ මොකෙක් වෙලා ඉපදෙඉද ???

    2012/07/29 at 10:04 PM
    • asd says:

      අය්ත් අහන්න දෙයක් ද එකෙන්ම හරක් වෙලා නේ ඉපදෙන්නේ එකනේ මුන් ඔච්චර හරක් ගැන විතරක් කැක්කුමක් තියෙන්නේ hiks

      2012/07/30 at 5:08 AM
  • sana says:

    බලු හඬ කියන මූණු පොතේ මාත් දැක්ක මේ පෝස්ටර් එක. ඔවුන් අපේ කොමන්ට්ස් කපල දානවා. කෙසේ වෙතත් සමහර බුද්දිමත් උගත් සිංහල බෝව්දයන් විසින්ම මේවා ඒ මූණු පොතේම හෙළා දැක තිබුනා. මේක හා මව්බිම පත්තරයේ පළකර තිබුණු මොහම්මද් නබි (සල්) තුමා සම්බන්ද ලිපියෙන්ද එලියට එන්නේ ඔවුන්ගේ පහත්, අන්තවාදී, වෛරී අදහස් පමණක් නෙවෙයි ඔවුන්ගේ දෙනුමේ තරමද මෙයින් දැකගන්නට පුළුවන්. මොවුන්ගේ වැඩ හරියට මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ. මේ මෝඩ හරක් මුත්තල ටික ඔවුන් දන්නා හා ඔවුන් විසින් හදාගන්නා කතා වස්තු ටික ගෝලයෝ රෝත්තන්ට කියව කියව සෙට් එකම චූන් වෙනවා. මේවා උපතින්ම ලබාගත්තු මානසික රෝග නිසා මේවට බෙහෙතුත් නෑ. අර සමහර පිස්සෝ අනුන්ට හිරිහෙර කරලා ගල්වලින් ගහල කරදර කරනවා වගේ මුනුත් මැරෙනකම් ඔයවගේ දේවල් කරලා ඔවුන්ගේ ආගම අනුව නිවන් දකිනවා ඇති.

    2012/07/29 at 11:36 PM
  • Mohamed says:

    Mashaallah your doing a great job, do this for sake of Allah then only you will get reward also their will be a change. Otherwise it will be like a Soda bottle no point on this effort.

    Let Allah shows us the right path!

    2012/07/30 at 9:05 AM
  • ajward says:

    welldone, your work is an eyeopener to the ignorant masses.

    2012/07/30 at 10:45 AM
  • hirzan H says:

    mage brother citizen ship eakath thiyenawa

    2012/07/30 at 11:33 AM
  • bunanm says:

    අනේ හිවලුනේ ,ජපන්නුන්ට කෙලියේ බවුද්ධ අන්තවාදීන් බව ඔවුන් හොඳටම දන්නවා,විෂවායු ප්‍රහාර , න්‍යෂ්ටික ප්‍රහාර මගින් දහස් සංක්යාත අහිංසක මිනිසුන්ව මැරුවේ කව්ද?ඒ නරුමයටත් මේ හිවලුන්ගෙන් කොටසක් වැන්දනේ බුදුන් කියල.(දැන් අමතක වුනු තාලෙට ඔය ඉන්නේ හරි අගේට),හැරත් ජපානයේ කාසිදමන පදික දුරකතනවලින් කතාකළ නොහැකි ලොවේ එකම රාජ්‍යය ශ්‍රී ලංකාවය්.ඉතින් ඒ ආඩම්බරකමත් මෙයාලම අරගත්තුදෙන්……හිකිස්…..

    2012/07/30 at 11:41 AM
  • shafik says:

    මේ හඩින් උත්සහා කර ඇත්තේ ජපානේ මෙවැනි දෙයක් සිද්දවෙන නිසා ලංකාවත් එය අනුගමනය කල යුත්තක් වෙනිය. නමුත් මෙය විශාල මුසාවක්.
    ජපානේ ඉස්ලාම් ඉතිහාසය 19 වෙනි සතවර්ශයටත් පෙර සිදුවීම් අහන්නට ලැබේ. ජපන් රටත් සමග කොඉතරම් සබදතාවයක් තියෙනවද කියලා මැදපෙරදිග ඉන්න ශ්‍රී ලංකික ජනතාව දන්නවා.
    එක්සත් එමිර්ල් රජ්ජයේ මමද ජපානයට අයත් ප්‍රදාන පෙලේ ආයතනයක සේවය කලා එවැනි ආකල්ප ඔඋන් අතර නැහැ. ඒ වගේම ජපානය තුලත් අරාබි බස ඉගනගැනීමට පහසුකම් ඇති වගට සාදක තිබේ. ඒ රට ගැන සොයා බැලුවොත් කොඉතරම් ඉස්ලාම් නෙමදුන්ස්ථාන තියෙනවද කියා ඕනෑම කෙනකුට පෙනෙඉ. සැලකිය යුතු ස්ථිර පදිංචි ජනග්‍රහනයක් නොමැතිව එවැනි ස්ථාන බිහිවෙන්නේ නැහැ.

    2012/07/30 at 12:17 PM
  • kalane malka says:

    mr anvar athakota pkisthanaye afganvala inne anunta erisiya karana unnda .?

    2012/07/30 at 9:25 PM
    • Anver Manatunga says:

      ඔබ එම ප්‍රශ්නය අහන්න හේතුව කුමක්ද?

      2012/07/30 at 11:43 PM
  • sana says:

    “ජපන්වල කාසි දාල කතාකරන්න බැරි එකම රට ලංකාව”
    මං හිතන්නේ සිංහයන්ගේ වැඩ නිසා වෙන්න ඇති!
    පසු ගිය යුද්දේ කාලවල ජපන් නියෝජිතයා නිතරම ලංකාවට ඇවිත් තරවට්ටු කරලා ගියා මේ බලු හඬ කාරයින්ට මතක නෑ වගේ.
    මොවුන්ව තුට්ටුවකට ගණන් ගන්නේ නෑ ජපන්නු.

    2012/07/31 at 3:12 AM
  • sana says:

    ලබන ආත්මේ හරක් වෙලා ඉපදුනාම බෙල්ල ගහල යයි කියල තමයි දැන්මම හරක් මරණ එකට විරුද්ද වෙන්නේ. එකෙත් සාදාරණයක් තියනවා. මේ බය වැඩියෙන්ම තියෙන්නේ ආගම් බේදවාදීන්ට අන්තවාදීන්ට හා ජාතිවාදීන්ට. වැඩේ ඇත්ත වෙන්න පුළුවන්.

    2012/07/31 at 3:22 AM
  • kalane malka says:

    mr anvar
    oba mata essaravela dipu pelithura kiyavanna atha kota mama kiyapu ake theruma vatahive.

    2012/07/31 at 2:33 PM
    • Anver Manatunga says:

      ඔබ වහෙන් ඔරෝ නැතිව කෙලින්ම ප්‍රශ්නය කියන්න. ඇයි ඔබ බයද?

      2012/07/31 at 3:34 PM
  • Ashfa says:

    keep it up mr:Anver…. may alm8y ALLAH grant u mor n mor illm 2 clear da troubles of non muslims ….Aameen!!!!!!!!!!

    2012/08/01 at 12:01 AM
  • Rafel says:

    This is going too far.
    I think as Muslims you follow the peacful path of Quran. If any one deviate from the teachings it is misleading.
    So shall we stop arguing with extremists way to avoid any violent status
    Today there are extremist groups roaming in and around peaceful praying areas asking to stop practicing religion of others. These groups are so called religious people but not practicing their own religion nor understand the teachings of lord Buddha. They only spread jealousy on others. That their business. Some INGOs may be funding. Your may answer the questions but keep your temper and forgiving them is the best way to counter. We pray for all. We have no jealousy of others.We return to ALLAH. We have to answer to him on the day of judgment.

    2012/08/02 at 10:31 AM
  • Azlam Saleem says:

    You are Perfectly correct.

    2012/08/04 at 11:54 AM

Your email address will not be published. Required fields are marked *

*